﻿1
00:01:22,576 --> 00:01:42,576
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:02:24,600 --> 00:02:28,840
බයිබලය, කුරානය වගේම භගවත් ගීතාව
දේශනා කරන්නේ එකම පණිවිඩයක්.

3
00:02:29,080 --> 00:02:33,520
කවුරුහරි අපිට රිදෙව්වොත්,
අපි පෙරළා ආදරය කරන්න ඕනේ.

4
00:02:33,640 --> 00:02:36,080
කවුරුහරි දකුණු කම්මුලට ගැහුවොත්,
අනිත් කම්මුලත් හරවන්න ඕනේ.

5
00:02:36,200 --> 00:02:40,360
මම දන්නවා මේ ඉගැන්වීම
මේ ගමට ගැලපෙන්නේ නැතිවෙයි කියලා.

6
00:02:40,879 --> 00:02:43,439
මම අදහස් කළේ මේකයි.
තමන්ගේ සතුරට සමාව දෙන්න බැරිනම්,...

7
00:02:43,560 --> 00:02:46,720
...අඩුම තරමේ තමන්ගේ පවුලට,
නෑදෑයින්ට, යාළුවන්ටවත්...

8
00:02:46,840 --> 00:02:48,840
...පුළුවන් තරම් ආදරය කරන්න.

9
00:02:48,960 --> 00:02:52,560
ආදරය කොච්චර ලස්සනද කියලා
ඔයාලට කවදාහරි දැනිලා තියෙනවද?

10
00:02:52,680 --> 00:02:57,840
අපි කාටහරි ආදරය කරනකොට,
ඒ අයට අපි ගැන පුදුමාකාර හැඟීමක් දැනෙනවා.

11
00:02:58,320 --> 00:03:01,240
ජේසුස් වහන්සේ,
තමන්ව පාවා දුන්න කෙනාටත්...

12
00:03:01,360 --> 00:03:02,960
...තමන්ව කුරුසියේ තියලා ඇණ ගැහුව කෙනාටත්
ආදරය කළා.

13
00:03:03,080 --> 00:03:07,800
පාවාදීම් සහ ප්‍රචණ්ඩත්වය
මිනිස් ස්වභාවයේම කොටසක් වුණත්,...

14
00:03:07,920 --> 00:03:11,400
...ඒ අයට පෙරළා ආදරය කරන්නේ කොහොමද කියලා
දෙවියන් වහන්සේගේ පුත්‍රයා දන්නවා.

15
00:03:12,520 --> 00:03:16,560
උන්වහන්සේ නැවත නැවතත් වැඩියත්,
උන්වහන්සේගේ පැමිණීම වෙනුවෙන් අපි යාච්ඤා කරනවා.

16
00:03:18,120 --> 00:03:21,520
අනුන්ට රිදවන අය දිගටම එහෙමම ඉඳීවි කියලා
මම විශ්වාස කරනවා,...

17
00:03:21,640 --> 00:03:23,480
...උන්වහන්සේගේ ඉගැන්වීම්
අනුගමනය කළේ නැත්නම්.

18
00:03:23,640 --> 00:03:27,560
අපි මෙහෙ ඉන්නේ උන්වහන්සේගේ වැඩ කරන්න.

19
00:03:28,240 --> 00:03:31,360
අනුන්ට සමාව දෙන එකයි,
තමන් ආදරය කරන අය වෙනුවෙන්...

20
00:03:31,480 --> 00:03:35,120
...ජීවිතය දෙන එකයි තමයි ලොකුම පරිත්‍යාගය කියලා
බයිබලයේ උගන්වනවා.

21
00:03:35,640 --> 00:03:37,720
අපි ආදරය කරන අයත් එක්ක...

22
00:03:37,840 --> 00:03:40,920
...අපි යම් කාලයක්,
යම් හේතුවකට ගමන් කරනවා.

23
00:03:41,320 --> 00:03:45,600
ආදරය නැත්නම්,
ඒ ගමනේ කිසි තේරුමක් නෑ.

24
00:03:46,440 --> 00:03:48,840
අපි විශ්වාසවන්ත එඬේරුන් නම්,...

25
00:03:48,960 --> 00:03:54,440
...දෙවියන් වහන්සේ ආයෙත් මේ ලෝකෙට
නොඑන්න තීරණය කරයි.

26
00:04:10,960 --> 00:04:13,160
මදන්!
- ෆාදර්?

27
00:04:22,360 --> 00:04:23,800
ඇයි ෆාදර්?

28
00:04:23,920 --> 00:04:26,760
ඇයි පූජාවට ආවේ නැත්තේ?
- ෆාදර්, මගේ ළමයාට සනීප නෑ...

29
00:04:26,880 --> 00:04:28,360
...ඉතින් මගේ නෝනා ළමයත් එක්ක
ඉස්පිරිතාලෙට ගියා.

30
00:04:28,480 --> 00:04:30,120
ඒකයි මම ඉක්මනට
එයාව බලන්න ගියේ.

31
00:04:32,040 --> 00:04:34,400
එහෙනම් එයාව බලාගන්න.
ආපහු ආවම මාව හම්බවෙන්න එන්න.

32
00:04:34,520 --> 00:04:36,560
හරි ෆාදර්.

33
00:04:51,840 --> 00:04:53,880
ඇන්තනී.

34
00:05:03,440 --> 00:05:05,240
මට එන්න කිව්වද ෆාදර්?

35
00:05:05,760 --> 00:05:08,480
මළගෙදර දානෙට හැමෝම
ඇවිත්ද කියලා බලන්න.

36
00:05:08,600 --> 00:05:10,040
හරි ෆාදර්.

37
00:06:48,440 --> 00:06:51,760
අද මාළු අහුවුණාද?
- කිලෝ 2ක් විතර අහුවුණා.

38
00:06:54,520 --> 00:06:57,680
එයා නිදිද?
- ඔයා නැතුව එයා නිදාගන්නවද?

39
00:06:59,880 --> 00:07:05,200
බ්‍රහස්පතින්දා, සිකුරාදා,
සෙනසුරාදා වගේම ඉරිදා.

40
00:07:10,720 --> 00:07:12,160
අම්මේ!

41
00:07:12,520 --> 00:07:14,760
තාත්තා කෝ?
- තාත්තා එයි.

42
00:07:29,320 --> 00:07:31,240
නිදාගත්තද මගේ පැටියෝ?

43
00:07:34,080 --> 00:07:36,560
අම්මේ, එයාට හොඳටම නින්ද ගිහින් ඇති.

44
00:07:36,960 --> 00:07:39,800
හරි එහෙනම්,...

45
00:07:39,920 --> 00:07:41,800
...මම මාළු අල්ලන්න ගිහින්
ඉක්මනට එන්නම්.

46
00:07:41,920 --> 00:07:44,440
හරි තාත්තේ.
තේ එකක් බීලම යන්න.

47
00:07:44,640 --> 00:07:48,560
තාත්තේ, ඉන්න.
මාත් එනවා ඔයත් එක්ක.

48
00:07:49,120 --> 00:07:51,960
අනේ මාවත් එක්කන් යන්නකෝ.
- එන්නකෝ තාත්තා ළඟට.

49
00:08:02,800 --> 00:08:08,440
තාත්තේ, ටීචර් අද මට
තරු පහක්ම දුන්නා.

50
00:08:08,920 --> 00:08:10,560
මගේ දක්ෂ දූ!

51
00:08:10,680 --> 00:08:12,760
මට 'වෙරි ගුඩ්' එකකුත් දුන්නා.

52
00:08:13,040 --> 00:08:15,000
පන්තියේ හැමෝම
මට අත්පුඩි ගැහුවා.

53
00:08:15,200 --> 00:08:17,520
කට අරින්නකො.

54
00:08:19,640 --> 00:08:21,520
අම්මා තමයි මට ඉංග්‍රීසි ඉගැන්නුවේ.

55
00:08:21,640 --> 00:08:25,920
ඉතින්, මම මගේ තරු තුනක්ම අම්මට දුන්නා.
- එතකොට මට?

56
00:08:35,120 --> 00:08:39,000
තාත්තේ, ඇයි අම්මත් ඔයාට
'තාත්තා' කියලම කතා කරන්නේ?

57
00:08:39,640 --> 00:08:43,680
ඔයා මගේ විතරයිනේ තාත්තා?
- මම ඔයාට කොහොමද කතා කරන්නේ?

58
00:08:43,800 --> 00:08:46,200
ඔයා මට 'අම්මා' කියලනේ කතා කරන්නේ.
- එතකොට මම ඔයාගේ අම්මට කොහොමද කතා කරන්නේ?

59
00:08:46,320 --> 00:08:48,800
ඔයා එයාට 'අම්මා' කියනවා.

60
00:09:33,920 --> 00:09:37,280
අශෝක්, කටාර් ඉඳලා ආවට පස්සෙත්,...

61
00:09:37,400 --> 00:09:41,160
...උඹට තාම රස්සාව මතකයිනේ.
ඉස්සර වගේම තාමත් මාළු අල්ලනවා.

62
00:09:56,120 --> 00:09:58,200
මෙහෙට වරෙන්.

63
00:10:03,760 --> 00:10:06,840
දැල අල්ලපන්.
- නැංගුරම උස්සපන්.

64
00:10:06,960 --> 00:10:10,599
උඩට අදින්න.
- මගේ කරට.

65
00:10:12,000 --> 00:10:15,479
මාමේ, අද මාළු අහුවුණාද?

66
00:10:15,640 --> 00:10:17,520
වැඩිය නෑ, කිලෝ 200ක් විතර ඇති.

67
00:10:17,640 --> 00:10:20,720
ඒයි මෝඩයා!
තොට කිලෝ 200 මදිද?

68
00:10:23,479 --> 00:10:25,920
කලින් කිලෝ 2000ක් අල්ලනවා කිව්වේ
බොරුද එතකොට?

69
00:10:26,040 --> 00:10:28,479
මේක ඊට වඩා අඩුයිනේ.

70
00:10:28,760 --> 00:10:30,680
කවුද කිව්වේ වැඩිය අහුවුණේ නෑ කියලා?

71
00:10:31,280 --> 00:10:34,760
අපිට ඉස්සර වගේ
දැන් මාළු අල්ලන්න බෑ.

72
00:10:36,320 --> 00:10:38,800
අඟල් දෙකේ දැල් හතළිහකුයි,
අඟල් දෙකහමාරේ දැල් හතළිහකුයි තියෙනවා.

73
00:10:38,920 --> 00:10:40,640
අපිට මුළු මුහුදම වහන්න පුළුවන්.

74
00:10:40,760 --> 00:10:43,280
ලබන සතියෙදී,
ඔය කියපු ගාන අපි අල්ලමු.

75
00:10:43,440 --> 00:10:46,280
උඹේ ඔය තරහ ඔක්කොම මාළු අල්ලන්න පාවිච්චි කරපන්.
පලයන් යන්න!

76
00:10:46,400 --> 00:10:48,520
උලක්කා, මම උඹේ මාළු ටික
මෙතනට දැම්මා.

77
00:10:48,840 --> 00:10:51,320
මටයි අශෝක්ටයි ටිකක් ගත්තා.
අයියටත් ටිකක් දීපන්.

78
00:10:51,440 --> 00:10:53,960
හරි.
- මේ අවුරුද්ද වෙනකොට,...

79
00:10:54,080 --> 00:10:56,599
...අර නාකි මිනිස්සුන්ට වඩා
එක මාළුවෙක් හරි වැඩියෙන් අල්ලනවාමයි.

80
00:10:57,400 --> 00:10:59,920
දැලෙන්වත් බෝට්ටුවෙන්වත් වැඩක් නෑ.

81
00:11:00,960 --> 00:11:02,640
මාළු අල්ලන කෙනා තමයි වැදගත්.

82
00:11:02,760 --> 00:11:04,240
මේක ගනින්.

83
00:11:04,359 --> 00:11:07,200
නැන්දට කියපන්
මේක සැරට හදන්න කියලා.

84
00:11:07,320 --> 00:11:08,840
ඊටපස්සේ උඹේ ඔය කතා ඔක්කොම කියපන්.

85
00:11:10,280 --> 00:11:12,599
ඇත්ත තිත්ත වෙන්න පුළුවන් කොල්ලෝ.

86
00:11:12,720 --> 00:11:15,760
මම නැන්දට කියන්නම් හොද්දට
සැරත් එක්ක වස ටිකකුත් කලවම් කරන්න කියලා.

87
00:11:15,880 --> 00:11:21,080
උඹේ නැන්දාගේ හොද්දට වඩා
වහ කෑවා නම් රහයි. පලයන් යන්න!

88
00:11:24,720 --> 00:11:26,800
මචං, වරෙන්.

89
00:11:27,080 --> 00:11:28,479
ඒයි, බෝලේ මට පාස් කරපන්.

90
00:11:29,400 --> 00:11:31,599
නික්සන්, වරෙන්, බෝලෙට ගහපන්.

91
00:11:31,720 --> 00:11:34,040
දීපන් මට බෝලේ.

92
00:11:39,560 --> 00:11:43,479
දැලෙන්වත් බෝට්ටුවෙන්වත් වැඩක් නෑ,
මාළු අල්ලන කෙනා තමයි වැදගත්.

93
00:12:02,080 --> 00:12:05,040
අම්මේ ඉක්මන් කරන්න,
මට මාර්කට් එකට යන්න ඕනේ.

94
00:12:06,080 --> 00:12:08,000
මම ඉවරයි. යන්න.

95
00:12:20,040 --> 00:12:21,800
එනකොට ළූණු ටිකක් ගේන්න
අමතක කරන්න එපා.

96
00:12:21,920 --> 00:12:24,599
හරි.
- හරි කෙල්ලේ, අපි යනවා.

97
00:12:24,720 --> 00:12:26,360
රහට මොනවාහරි උයන්න
අමතක කරන්න එපා.

98
00:12:26,480 --> 00:12:28,680
මම නම් තොට ගහනවා.

99
00:12:41,680 --> 00:12:43,400
ඉස්කෝලේ ඇරුණම
මම ඔයාව ගන්න එන්නම්.

100
00:12:43,880 --> 00:12:45,760
බායි.

101
00:13:44,920 --> 00:13:47,360
තීබන්, ගාන ගොඩක් අඩු නම්
අපි මොකද කරන්නේ?

102
00:13:47,480 --> 00:13:50,160
යමන්, අපි යමු.
අපි බලමු මොකද වෙන්නේ කියලා.

103
00:13:52,880 --> 00:13:54,320
අශෝක්, තේ එකේ
සීනි ඇතිද බලපන්.

104
00:13:54,440 --> 00:13:55,920
උඹ හිතුවද මටත් උඹේ මිනිහට වගේ
දියවැඩියාව තියෙනවා කියලා?

105
00:13:56,040 --> 00:13:57,960
තව සීනි දාපන්.
- මම තෝව මරනවා.

106
00:13:59,880 --> 00:14:02,400
ඇයි? අද මාළු
ගොඩක් අඩුවෙන් අහුවෙලා වගේ.

107
00:14:04,560 --> 00:14:07,720
නැගෙනහිර පැත්තේ නම් හොඳයි.

108
00:14:07,960 --> 00:14:10,360
හැම මුදලාලිම ඉන්නේ එහේ.
ඒ වගේම ලාබයි.

109
00:14:12,800 --> 00:14:15,600
දේවා මාළු ටික හොඳ ගානකට ගත්තා.

110
00:14:17,520 --> 00:14:21,360
තීබන්ගේ මාළු ටික නම් ගොඩක් හොඳයි.
ඒත් එයාගේ මාළු වලට ගාන අඩු වුණා.

111
00:14:21,480 --> 00:14:25,400
මට එයා ගැන පව් හිතුණා.
එයා මාළු ටික වික්කේ කුණුකොල්ලෙට.

112
00:14:26,160 --> 00:14:28,560
මාළු අල්ලපු නැති එක
ඊට වඩා හොඳයි.

113
00:14:40,600 --> 00:14:43,320
ඇන්තනී, තේ එකක් බොනවද?
- එපා අක්කේ.

114
00:14:43,720 --> 00:14:45,160
හරි, මම යනවා.

115
00:14:45,280 --> 00:14:47,640
මං අහලා තියෙනවා මෝසම් කාලෙට
දැල්ලෝ අල්ලන්න ලේසියි කියලා.

116
00:14:49,120 --> 00:14:51,880
අපි අල්ලන්නේ අපිට පුළුවන් දේවල් විතරයි.

117
00:14:56,080 --> 00:14:58,120
සම්මතී, ඔයාගේ බෝට්ටුව
නිකන් දෙනවට වඩා,...

118
00:14:58,240 --> 00:15:02,240
...ඇයි ඒක මාසෙකට කුලියට දෙන්නේ නැත්තේ?
අපිට තව සල්ලි හොයන්න පුළුවන්.

119
00:15:02,480 --> 00:15:05,680
එයාගේ පංගුව මට දෙන එකයි,
මගේ බෝට්ටුව එයාට දෙන එකයි...

120
00:15:05,800 --> 00:15:07,800
...සල්ලි බලාගෙන කරන දෙයක් නෙවෙයි.

121
00:15:08,920 --> 00:15:11,120
ඒක අපේ බැඳීම.

122
00:15:13,240 --> 00:15:17,800
මම නිකමට ඇහුවේ.
උලක්කා, පරක්කු වෙනවා.

123
00:15:17,920 --> 00:15:19,320
සල්ලි ටික ගන්න.
- මම පස්සේ ගන්නම්.

124
00:15:19,440 --> 00:15:21,200
උලක්කා, යමු.

125
00:15:21,320 --> 00:15:23,840
උලක්කා, උඹ කෝල් එකක් එනකම්
බලන් ඉන්නවා වගේ.

126
00:15:23,960 --> 00:15:25,840
අක්කේ, අපි යනවා.
- සම්මතී, අපි පස්සේ එන්නම්.

127
00:15:26,400 --> 00:15:28,440
අම්මේ!

128
00:15:28,560 --> 00:15:31,520
අම්මේ!
- තාත්තේ, මම මෙහේ!

129
00:15:58,520 --> 00:16:02,880
අම්මේ, සබන් ඉවරයි.
- සබන් කෑල්ල ගල යට තිබුණා.

130
00:16:03,440 --> 00:16:05,720
අක්කේ, ඊයේ රෑ වුණ දේ
හිතාගන්නවත් පුළුවන්ද?

131
00:16:05,840 --> 00:16:08,080
මොකක්ද?
- මට හොඳටම නින්ද ගිහින් හිටියේ.

132
00:16:08,720 --> 00:16:12,160
මම ඇහැරෙනකොට
ජනේලේ ඇරලා තිබුණේ.

133
00:16:12,760 --> 00:16:14,480
ෆ්‍රිජ් එක උඩ
සෙවණැල්ලක් වැටිලා තිබුණා.

134
00:16:14,600 --> 00:16:16,280
එකපාරටම ඒක මේසේ උඩට පැන්නා.

135
00:16:16,400 --> 00:16:19,560
ඔයා දන්නවනේ මගේ ලොකු ටීවී එකක් තියෙනවා කියලා.
ඒක ඒකෙ පිටිපස්සට ගියා.

136
00:16:21,800 --> 00:16:26,720
ඊටපස්සේ ඒක මගේ අලුත් සෝෆා සෙට් එක ගාවට දුවලා
ඒකට පැන්නා.

137
00:16:26,840 --> 00:16:29,640
අනිත් පැත්තේ තියෙන්නේ
මගේ කෑම කන මේසේ.

138
00:16:29,760 --> 00:16:31,840
ඒක මේසේ යටට ගියා.

139
00:16:31,960 --> 00:16:33,760
මම හොඳටම බය වුණා,
මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවුණා.

140
00:16:33,880 --> 00:16:35,840
ඊටපස්සේ මම ලයිට් එක දැම්මා.

141
00:16:35,960 --> 00:16:37,720
ඒ පූසෙක් විතරයි.
- පූසෙක්?

142
00:16:37,840 --> 00:16:39,640
ඔව්, මම ඒකට හොඳටම බය වුණා.

143
00:16:40,560 --> 00:16:43,520
ඒයි රාණි!
ඕපදූප කියන්න නම් වරදින්නේ නෑ නේද!

144
00:16:43,640 --> 00:16:46,320
එයා කතා කරනවා.
මම හවසට එන්නම්.

145
00:16:47,080 --> 00:16:50,320
ඔව්, මම එනවා.
මේ මිනිහට වෙන වැඩක් ඇත්තෙම නෑ.

146
00:16:51,920 --> 00:16:54,000
අයියේ, බායි.

147
00:16:57,520 --> 00:16:59,320
ඒ පූසෙක් කියලා එයාට
එකපාරටම කියන්න තිබුණා.

148
00:16:59,440 --> 00:17:03,080
එයා ඒ වටින් ගොඩින් කිව්වේ
ගෙදර ගොඩක් බඩු තියෙනවා කියලයි.

149
00:17:03,640 --> 00:17:06,960
එයා අලුත් සෝෆා සෙට් එකක් ගත්තා කියලත්
ඒ අස්සේ කිව්වා.

150
00:17:08,919 --> 00:17:11,000
මහ මෝඩ ගෑණියෙක්!

151
00:17:12,440 --> 00:17:15,960
අම්මේ, මට සල්ලි ටිකක් ඕනේ.
- කෝ උඹේ පඩිය?

152
00:17:16,159 --> 00:17:18,600
මම ඒක හවසට ගන්න ඕනේ.

153
00:17:18,720 --> 00:17:20,399
මට සල්ලි ටිකක් දෙන්න අම්මේ.
මට යන්න ඕනේ.

154
00:17:20,520 --> 00:17:22,760
අර ප්ලාස්ටික් පෙට්ටියේ ඇති.
ගිහින් ගනින්.

155
00:17:34,560 --> 00:17:36,480
බාස්කර් කවදා උඹව මරයිද දන්නේ නෑ.

156
00:17:36,600 --> 00:17:38,800
සද්ද නැතුව ඉන්න තාත්තේ.
- මෙහෙමද උඹ ළමයි හදන්නේ?

157
00:17:38,919 --> 00:17:40,800
උඹේ පුතත් හරියටම උඹ වගේ වෙයි.

158
00:17:40,919 --> 00:17:43,040
මගේ තාත්තාගෙන් කවදාවත් ගුටි කාලා නෑ කියලා
කියන්න බලන්න?

159
00:17:43,240 --> 00:17:46,080
මම උඹව බැන්දේ පව් කියලා හිතලා.

160
00:17:46,200 --> 00:17:48,960
දැන් එයාට මගේ පුතා ගැන
පැමිණිලි කරන්නත් කට තියෙනවා.

161
00:17:49,080 --> 00:17:51,120
නැත්තම් උඹට කමල් හසන්ව තමයි
බඳින්න වෙන්නේ.

162
00:17:51,240 --> 00:17:53,680
මොකක්ද?
- මුකුත් නෑ සුදූ.

163
00:17:53,800 --> 00:17:56,440
නෑවා නේද?
- පලයන් යන්න!

164
00:18:14,280 --> 00:18:17,320
අශෝක්, වරෙන්.
- ඒයි, කෝ එයා?

165
00:18:18,000 --> 00:18:21,000
ඔයා බාස්කර් මාමාවද හොයන්නේ?
- කාටද එයාව ඕනේ?

166
00:18:21,200 --> 00:18:24,320
එහෙනම්, ඔයා ලොකු අයියාවද අහන්නේ?
- උඹේ අයියාව නෙවෙයි, අක්කව.

167
00:18:24,680 --> 00:18:27,040
හරි, එහෙනම් මට පැණිරස ටිකක් අරන් දෙන්න.
- මොනවා?

168
00:18:27,159 --> 00:18:30,960
එහෙනම් ඔයාම ගිහින් හොයාගන්නකෝ.
- පොඩ්ඩක් ඉඳපන්!

169
00:18:31,159 --> 00:18:33,880
අක්කේ, මට පැණිරස කෑලි දෙකක් දෙන්න.
- හරි.

170
00:18:38,240 --> 00:18:40,880
මෙන්න.
දැන් කියපන්, එයා කොහෙද?

171
00:18:41,040 --> 00:18:44,280
හරි, මගේ කකුල අල්ලලා වඳින්න.
- උඹ පැණිරස කෑලි ඉල්ලුවා නේද?

172
00:18:44,399 --> 00:18:47,000
කකුල අල්ලලා වැඳපන් මෝඩයා!

173
00:18:47,120 --> 00:18:49,000
දැන්වත් කියපන්කෝ.

174
00:18:49,120 --> 00:18:52,240
එයා දැන් උලක්කාගේ අක්කත් එක්ක
එහෙට ගියා.

175
00:18:52,360 --> 00:18:53,960
දැන්මද ගියේ?
- ඔව්.

176
00:18:54,440 --> 00:18:56,080
මගේ පැටියෝ!

177
00:18:56,200 --> 00:18:57,600
මගේ පොඩි බෙල් බෝයි!
- මගේ බෙල් එක අල්ලන්න එපා.

178
00:18:57,720 --> 00:19:00,200
මෙතනින් පලයන්,
ආයෙත් කවදාවත් එන්න එපා.

179
00:19:00,320 --> 00:19:03,360
මූවයි මූගේ බයික් එකයි දැක්කම.

180
00:19:05,399 --> 00:19:07,680
උලක්කා!
- අයියේ?

181
00:19:07,919 --> 00:19:09,760
උලක්කා!
- ඇයි?

182
00:19:09,919 --> 00:19:12,760
ඉක්මන් කරපන්. මට යන්න ඕනේ.
- එනවා.

183
00:19:12,919 --> 00:19:16,680
අම්මේ, මගේ ෂර්ට් එක දෙන්න.
මම පස්සේ කන්නම්.

184
00:19:17,159 --> 00:19:19,399
අපි කොහෙද යන්නේ?
- කතා නැතුව බයික් එකට නැගපන්.

185
00:19:35,760 --> 00:19:37,360
කැරොලයින්?
- ඔව්.

186
00:19:38,320 --> 00:19:40,399
එයා අතන ඉන්නවා.

187
00:19:52,800 --> 00:19:54,840
මගේ පෙනුම හොඳයි නේද?

188
00:19:56,800 --> 00:19:59,600
වෙලාව හරි.
එයා දැන් මෙහෙට එයි.

189
00:20:01,280 --> 00:20:04,040
උඹ ඕක කියන්න අරන් දැන්
අවුරුදු පහක් වෙනවා.

190
00:20:07,280 --> 00:20:08,880
අනේ මං වෙනුවෙන්.

191
00:20:11,399 --> 00:20:14,440
එහෙනම් වෙලාව හරි,
එයා දැන් එයි කියලා කියපන්.

192
00:20:15,000 --> 00:20:18,320
වෙලාව හරි.
උඹේ කෙල්ල දැන් මෙහෙට එයි.

193
00:20:18,800 --> 00:20:21,840
එයා උඹ දිහා බලයි,
උඹත් එයා දිහා බලයි.

194
00:20:22,880 --> 00:20:25,440
ඊටපස්සේ?

195
00:20:29,480 --> 00:20:32,760
ඊටපස්සේ මොකද? එයා උඹ දිහා බලයි,
උඹ එයා දිහා බලයි.

196
00:20:33,960 --> 00:20:36,480
එයා රවනකොට,
උඹ යන්න යයි.

197
00:20:37,159 --> 00:20:40,760
හැමදාම වෙන්නේ ඕකනේ.
- දියන් ඕක මට!

198
00:20:42,600 --> 00:20:44,600
මගේ සෙල්වි ඊට වඩා හොඳයි.

199
00:21:05,600 --> 00:21:07,640
පලයන් යන්න ඕයි!

200
00:21:16,680 --> 00:21:19,640
කැරොලයින්!

201
00:21:46,800 --> 00:21:50,840
මගේ අයියලා ඔයාව දැක්කොත්,
ඔයාවයි ඔය බයික් එකයි දෙකම කුඩු කරයි.

202
00:21:52,200 --> 00:21:54,159
පව් කියලා හිතලා තමයි
මම මුකුත් නොකියා හිටියේ.

203
00:21:54,280 --> 00:21:56,520
යනවා! යන්න මෙතනින්!

204
00:21:57,720 --> 00:21:59,560
උලක්කා, මේක උඹටත් එක්කමයි.

205
00:22:02,760 --> 00:22:04,399
අපි ගුටි කන්නද යන්නේ?

206
00:22:07,600 --> 00:22:11,120
එයාට මං ගැන පව් හිතුණා කියලනේ කිව්වේ.
උඹට ඒකෙන් මොකක්ද තේරුණේ?

207
00:22:13,360 --> 00:22:16,000
අපිට එයාගේ අයියලාගෙන්
ගුටි කන්නයි වෙන්නේ.

208
00:22:16,200 --> 00:22:18,720
කටවහපන්!
ඕක තමයි මම උඹත් එක්ක එන්නේ නැත්තේ.

209
00:22:18,840 --> 00:22:21,399
උඹේ සෙල්වි කොල්ලෝ හතර දෙනෙක්ටම
ආදරය කරන එක පුදුමයක් නෙවෙයි.

210
00:22:28,360 --> 00:22:30,360
තාත්තේ!

211
00:22:30,480 --> 00:22:32,480
තාත්තේ!
- ඇයි මගේ පැටියෝ.

212
00:22:32,600 --> 00:22:35,320
අද මමත් ඔයත් එක්ක එන්නද?

213
00:22:35,840 --> 00:22:38,200
බෑ සුදූ.
ඔයාට ඉස්කෝලේ යන්න තියෙනවනේ.

214
00:22:38,720 --> 00:22:42,320
ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න.
- මම දන්නවා ඔයා ඕක කියනවා කියලා.

215
00:22:42,600 --> 00:22:44,680
මට හෙට ඉස්කෝලේ නෑ.

216
00:22:45,720 --> 00:22:48,440
මට මුහුද දිහා බලාගෙන
චිත්‍ර අඳින්න ඕනේ.

217
00:22:49,919 --> 00:22:51,640
තාත්තේ!
- ඇයි පැටියෝ?

218
00:22:51,960 --> 00:22:54,840
මේ බලන්න.
මම ගොඩක් හොඳට ඉගෙන ගන්නවා.

219
00:22:54,960 --> 00:22:57,520
අනේ මාවත් එක්කන් යන්නකෝ.

220
00:23:06,960 --> 00:23:09,440
හරි, මම ඔයාවත් එක්කන් යන්නම්.
- ඇත්තමද?

221
00:23:09,560 --> 00:23:13,399
ඔව්.
- මම තාත්තත් එක්ක යනවා.

222
00:23:14,640 --> 00:23:16,600
හරි, අපි යමුද?

223
00:23:20,000 --> 00:23:22,600
හරි, හබල ගන්න.

224
00:23:24,480 --> 00:23:26,840
හරි, අපි දැන් යමු.

225
00:23:36,640 --> 00:23:38,440
දැන් ඔයාගේ ඇස් දෙක වහගන්න.
- ඇයි තාත්තේ?

226
00:23:38,560 --> 00:23:41,560
ඒක සප්‍රයිස් එකක්. ඇස් දෙක වහගන්නකෝ.
- හරි.

227
00:23:43,399 --> 00:23:45,440
ඒයි!

228
00:23:47,720 --> 00:23:50,560
මම කියනකම්
ඇස් දෙක අරින්න එපා.

229
00:24:03,840 --> 00:24:06,200
නිලා, දැන් ඇස් දෙක අරින්න.

230
00:24:11,880 --> 00:24:13,880
ඒක හරිම ලස්සනයි නේද තාත්තේ?

231
00:24:15,280 --> 00:24:18,840
අපි අම්මවත් එක්කන් එන්න තිබුණේ.
- මමත් ඒකට කැමතියි.

232
00:24:18,960 --> 00:24:22,360
ඒත් අම්මා එන්න කැමති නෑ.
- ඇයි තාත්තේ?

233
00:24:23,080 --> 00:24:25,000
මුකුත් නෑ සුදූ.

234
00:24:26,000 --> 00:24:30,240
ඔයාගේ අම්මයි මගේ අම්මයි අතරේ
පොඩි ගනුදෙනුවක් තියෙනවා.

235
00:24:30,680 --> 00:24:33,520
තාත්තේ, ඔයා කියන දේ
මට තේරෙන්නේ නෑනේ.

236
00:24:35,600 --> 00:24:38,080
තාත්තේ, මුහුද ගොඩක් විශාලයි.

237
00:24:38,200 --> 00:24:42,280
හුළඟත් සැරයි, කරුවලයි.
ඔයාට බය හිතෙන්නේ නැද්ද?

238
00:24:45,600 --> 00:24:49,080
මේ මගේ අම්මා.
එයාගේ ආදරය මේ රැළි වගේ.

239
00:24:52,960 --> 00:24:55,600
මට ඕනේ ඕනම දෙයක්
මට එයාගෙන් ඉල්ලන්න පුළුවන්.

240
00:24:58,800 --> 00:25:02,840
මට මගේ අම්මව මතක් වෙන හැම වෙලාවෙම,
මම මෙහෙට එනවා.

241
00:25:14,160 --> 00:25:16,120
මම මගේ බෝට්ටුවේ නිදාගන්නකොට,...

242
00:25:16,240 --> 00:25:18,800
...මේ හැම රැල්ලකින්ම දැනෙන්නේ මගේ අම්මා
මාව නලවනවා වගේ.

243
00:25:22,840 --> 00:25:27,040
මගේ තියෙන දුක් කරදර ඔක්කොම
නැතිවෙලා යනවා.

244
00:25:31,320 --> 00:25:34,000
ඔයාගේ අම්මා මගේ ජීවිතේට
එන්න කලින්,...

245
00:25:34,120 --> 00:25:36,840
...මම සතියේ හැමදාම
මෙහෙට ආවා.

246
00:25:37,120 --> 00:25:41,360
මාළු ඔක්කොම එකතු කරගන්න
බෝට්ටුවක් එන්න වුණා.

247
00:25:43,640 --> 00:25:47,840
අපි මොන රස්සාව කළත්,
ඒකට අපේ අම්මට වගේ සලකනවා නම්,...

248
00:25:47,960 --> 00:25:52,080
...ඕනම දුකකට හිනාවෙලා
මූණ දෙන්න අපිට පුළුවන්.

249
00:25:53,000 --> 00:25:55,720
ඔයාගේ අම්මා මගේ ජීවිතේට
ආවට පස්සේ,...

250
00:25:55,840 --> 00:25:57,800
...ගෙදරදීත් මට සතුට ලැබුණා.

251
00:25:58,520 --> 00:26:01,480
අවුරුදු ගාණකට පස්සේ,...

252
00:26:01,600 --> 00:26:05,360
...දෙවියන්ගේ ආශිර්වාදයෙන්,
ඔයා අපේ ජීවිත වලට ආවා.

253
00:26:06,160 --> 00:26:09,840
මම ඔයා වෙනුවෙන් හම්බ කරන්න පටන් ගත්තා.

254
00:26:10,360 --> 00:26:12,760
ඒ ඔක්කොටම පස්සෙත්,...

255
00:26:12,880 --> 00:26:15,080
...මගේ අම්මා දිගටම මට උදව් කළා.

256
00:26:18,240 --> 00:26:20,640
අම්මා කෙනෙක්ට තමන්ගේ ළමයින්ගේ
දුක තේරෙන්නේ නැද්ද?

257
00:26:22,680 --> 00:26:26,840
තාත්තේ, මුහුදේ ලස්සනට වඩා,...

258
00:26:26,960 --> 00:26:29,200
...එහි ගොඩක් අනතුරු තියෙනවා කියලා
මගේ ටීචර් කිව්වා.

259
00:26:30,240 --> 00:26:33,120
මෙහේ කිසි අනතුරක් නෑ,
තියෙන්නේ එයාගේ ආදරය විතරයි.

260
00:26:33,800 --> 00:26:37,240
අම්මා එයාට ඕනේ දේවල්
තනියම ලබාගන්නවා.

261
00:26:38,880 --> 00:26:41,280
මම ආයෙත් ඔයාට කියනවා,...

262
00:26:41,400 --> 00:26:44,280
...අපේ රස්සාවට අපි
අම්මා කෙනෙක්ට වගේ සැලකුවොත්,...

263
00:26:44,400 --> 00:26:48,640
...ඕනම වේදනාවකට අපිට මුහුණ දෙන්න පුළුවන්.

264
00:26:50,520 --> 00:26:52,280
ඉගෙනගන්නකොට වුණත් එහෙමයි.

265
00:27:01,640 --> 00:27:04,200
අර බලන්න,
ඔයාගේ අම්මා බලන් ඉන්නවා.

266
00:27:04,800 --> 00:27:07,360
හැමදාම මම එන වෙලාවට
එයා ඔතනට වෙලා බලන් ඉන්නවා.

267
00:27:16,360 --> 00:27:20,720
තාත්තේ, ඔයා ආදරේ
අම්මටද නැත්නම් මටද?

268
00:27:21,160 --> 00:27:23,800
ඇයි ඔයා එහෙම අහන්නේ?
- කියන්නකෝ තාත්තේ.

269
00:27:25,080 --> 00:27:29,280
මම ආදරෙයි...

270
00:27:31,040 --> 00:27:32,560
...ඔයාටයි ගොඩක්.

271
00:27:34,960 --> 00:27:37,360
අත ගන්න අම්මේ.
තාත්තා ගොඩක් ආදරේ මටයි.

272
00:27:37,480 --> 00:27:40,680
මට අම්මා ගැන පව් හිතෙනවා.
- ඔයා එයාව හුරතල් කරනවා වැඩියි.

273
00:27:40,800 --> 00:27:42,920
ඔයාගේ ලකුණු අඩු වුණොත්
බලාගමුකො.

274
00:27:43,040 --> 00:27:47,640
තාත්තේ කිසි දේකට බයවෙන්න එපා,
මම දවසක ඩොක්ටර් කෙනෙක් වෙනවා.

275
00:27:48,360 --> 00:27:49,800
අපි බලමුකෝ.

276
00:27:49,920 --> 00:27:52,240
බලන් ඉන්නකෝ,
මම මගේ පළවෙනි ඉන්ජෙක්ෂන් එක ගහන්නේ ඔයාට.

277
00:28:05,000 --> 00:28:08,640
අර දේවදූතයෝ හතරදෙනාගේ කතාව.
ඔයාට මතකද?

278
00:28:08,760 --> 00:28:10,640
ඔව්, මතකයි.

279
00:28:12,200 --> 00:28:15,200
මොකක්ද?
- උඹ පලයන්.

280
00:28:15,600 --> 00:28:17,840
පලයන්, මම ඒක බලාගන්නම්.

281
00:28:17,960 --> 00:28:19,960
කුම්බා!
- මොකක්ද?

282
00:28:20,080 --> 00:28:22,320
මොකක්ද ප්‍රශ්නේ?

283
00:28:22,440 --> 00:28:25,680
ඇයි උඹේ නංගි හැම පූජාවකටම
රතු පාට ඇඳුමක් අඳින්නේ?

284
00:28:26,560 --> 00:28:29,000
මගේ තාත්තා භයානක කෙනෙක් කියලා
පෙන්නන්න තමයි.

285
00:28:29,920 --> 00:28:32,080
උඹ පූජකයෙක් වෙන්න
හිතුවේ නැද්ද?

286
00:28:32,200 --> 00:28:34,880
එතකොට, උඹේ නංගිට ජීවිතයක් දෙන්නේ කවුද?

287
00:28:36,760 --> 00:28:39,840
ඒකත් ඇත්ත.
මම ඇයි එහෙම ඇහුවේ දන්නවද?

288
00:28:55,120 --> 00:28:56,920
ෆාදර් දැන් එයි.
මට යන්න දෙන්න.

289
00:28:58,880 --> 00:29:01,840
මට ටිකක් වෙලා දෙන්න.
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.

290
00:29:01,960 --> 00:29:06,240
මෙතනදි බෑ. මෝඩයෝ!
මේක පල්ලියක්.

291
00:29:07,040 --> 00:29:08,880
ඔයා ගෙදරින් එළියට බහින්නේ නෑනේ.

292
00:29:09,000 --> 00:29:10,600
එළියට බහින හැම වෙලාවෙම,
ඔයාගේ අයියලා එතන ඉන්නවා.

293
00:29:11,280 --> 00:29:14,040
ඉතින් මට මේකට වඩා
වෙන හොඳ තැනක් නෑ.

294
00:29:14,560 --> 00:29:17,720
මම වැරදි දෙයක් කියන්නේ නෑනේ.
- මට යන්න දෙනවද නැද්ද?

295
00:29:18,280 --> 00:29:22,320
ඔයා හැමතිස්සෙම මට කෑගහනවා.
අද මම කතා කරනවා. ඔයා අහගෙන ඉන්න.

296
00:29:23,560 --> 00:29:25,360
හරි, කියන්නකො.

297
00:29:26,720 --> 00:29:28,840
නැත්තම් ඔයා මට යන්න දෙන එකක් නෑ.

298
00:29:30,440 --> 00:29:34,200
ජේසුස් වහන්සේ ආවේ
මිනිස්සුන්ව බේරගන්නනේ, හරිද?

299
00:29:35,560 --> 00:29:39,680
උන්වහන්සේ එනකොට,
දේවදූතයෝ හතරදෙනෙකුත් ආවා.

300
00:29:41,560 --> 00:29:43,880
උන්වහන්සේ ආයෙත්
උත්ථාන වුණාම,...

301
00:29:44,000 --> 00:29:45,720
...තුන්දෙනෙක් විතරයි උන්වහන්සේ එක්ක
ආපහු ගියේ.

302
00:29:46,920 --> 00:29:49,720
අනිත් දේවදූතයා මෙතන හිටියා.

303
00:29:49,840 --> 00:29:52,040
කොහෙද?
- මගේ ඉස්සරහා.

304
00:29:52,520 --> 00:29:56,480
අහෝ මගේ ජේසුනි!
- ඇයි? ඒක ඒ තරම් නරකද?

305
00:29:58,760 --> 00:30:00,720
ඉන්න.
මම තව එකක් කියන්නම්.

306
00:30:01,160 --> 00:30:04,160
ඇයි ඔයා මෝඩයෙක් වගේ හැසිරෙන්නේ?

307
00:30:04,480 --> 00:30:08,080
ආදරේ දිනාගන්න නම් මේ වගේ
කතා කරන්න ඕනේ කියලයි එයාලා කිව්වේ.

308
00:30:08,200 --> 00:30:10,760
එතකොට ඔයා මට ආදරේ කරයිලු.
- මට ඔයා ගැන තරහ යනවා විතරයි.

309
00:30:10,880 --> 00:30:13,320
ඔයා දිගටම මේ වගේ මෝඩ වැඩ කළොත්,...

310
00:30:13,440 --> 00:30:17,240
.....මගේ අයියලා ඔයාට ගහයි.
එයාලා ඔයා ගැන දැනගත්තොත්.....

311
00:30:17,600 --> 00:30:19,160
එයාලා කියන්නේ සැබෑ ආදරේ ලැබෙන්නේ
ගුටි කීපයක් එක්ක කියලයි.

312
00:30:19,280 --> 00:30:21,960
පේදුරු තමයි එහෙම කිව්වේ.
- පේදුරු?

313
00:30:22,440 --> 00:30:24,520
ඔව්, මගේ තාත්තගේ අයියා.

314
00:30:24,640 --> 00:30:26,880
හරි, දැන් යන්න.

315
00:30:27,000 --> 00:30:28,520
ෆාදර් ඔයාව දැක්කොත්
මට ප්‍රශ්නයක් වෙයි.

316
00:30:32,840 --> 00:30:36,440
ඇත්තමයි, මට මේ ප්‍රශ්න තනියම
විසඳගන්න බෑ.

317
00:30:37,800 --> 00:30:42,560
සයිකල් කඩේ සෙල්වාගේ ඉඳලා,
අඹ විකුණන මනිමා වෙනකම්,...

318
00:30:42,680 --> 00:30:44,400
...හැමෝම දන්නවා මම හැමදාම
ඔයාගේ පස්සෙන් එනවා කියලා.

319
00:30:44,520 --> 00:30:46,280
අපේ සම්බන්දෙට
එයාලගේ කිසි අවුලක් නෑ.

320
00:30:46,400 --> 00:30:48,160
ඒත් ඔයා.....

321
00:30:50,160 --> 00:30:53,560
මම කවදාවත් මගේ තාත්තාගේ කැමැත්තට විරුද්ධව
කිසි දෙයක් කරන්නේ නෑ.

322
00:30:53,680 --> 00:30:55,520
ඒත් අපි අපේ ළමයිව
ඒ විදිහට හදන්න හොඳ නෑ.

323
00:30:56,120 --> 00:30:58,440
එයාලට කැමති දෙයක් කරන්න දෙමු.

324
00:31:01,240 --> 00:31:04,560
අපේ ළමයි? හිතන්නවත් එපා!

325
00:31:05,160 --> 00:31:07,760
මේ වගේ මෝඩ හීන
ඔයාගේ හදවතට හොඳ නෑ.

326
00:31:07,880 --> 00:31:09,600
පරිස්සමෙන්

327
00:31:13,400 --> 00:31:16,840
මේ අහන්න, මේක හීනයක් නෙවෙයි.

328
00:31:16,960 --> 00:31:20,520
අපි බඳින්නේ මේ පල්ලියේදී.

329
00:31:21,640 --> 00:31:23,400
ඔයාට A අකුර තියෙන පෙන්ඩන්ට් එකකුයි,...

330
00:31:23,520 --> 00:31:26,640
...මට K අකුර තියෙන පෙන්ඩන්ට් එකකුයි.

331
00:31:26,760 --> 00:31:29,400
ඔයාගේ අයියලා තමයි දෙවෙනි මනමාලයෝ වෙන්නේ.

332
00:31:29,520 --> 00:31:35,200
ඔයාගේ තාත්තාගේ ආශිර්වාදය එක්ක,
ඔයයි මමයි කසාද බඳිනවා.

333
00:31:35,320 --> 00:31:39,680
අපි කොහොමහරි බඳිනවා.
මම ජේසුස් වහන්සේ පල්ලා දිවුරනවා.

334
00:32:06,440 --> 00:32:09,200
මොකක්ද මේ?
ඔයා අමුතු විදිහට හිනාවෙනවා.

335
00:32:10,840 --> 00:32:12,240
ඒ අර දේවදූතයෝ හතරදෙනාගේ කතාවද?

336
00:32:12,360 --> 00:32:14,560
කොහොමද ඔයා ඒක දන්නේ?

337
00:32:14,680 --> 00:32:17,560
ගිය ඉරිදා, එයා ඔයාගේ නංගිටත්
ඔය කතාවම කිව්වා.

338
00:32:34,640 --> 00:32:38,600
පේන විදිහට උඹ බාස්කරන්ගේ දුවගේ හිත
දිනාගෙන වගේ.

339
00:33:05,000 --> 00:33:08,520
අම්මේ, බලන්න නිලා කරපු දේ.

340
00:33:12,840 --> 00:33:15,320
කෑලි දෙකක් අරන් බදින්න.
ඒවා ගොඩක් රහයි.

341
00:33:17,440 --> 00:33:20,600
ඔයාටද නැත්නම් දුවටද?

342
00:33:20,840 --> 00:33:25,160
මේවා අපි තුන්දෙනාටමයි.
එයා ඉස්කෝලේ ඉඳන් එන්නේ මහන්සි වෙලා.

343
00:33:26,360 --> 00:33:27,880
අපි බලමුකෝ.

344
00:33:29,080 --> 00:33:31,120
එයා වෙන ගෙදරකට ගියාට පස්සෙත්,...

345
00:33:31,240 --> 00:33:33,480
...ඔයා ඔය වගේ දුවගෙන ගිහින්
එයාට මාළු බැදලා දෙයිද?

346
00:33:34,920 --> 00:33:39,120
එයා තාත්තාගේ කුමාරි,
එයා කවදාවත් තාත්තාව දාලා යන්නේ නෑ.

347
00:33:58,680 --> 00:34:01,240
අම්මේ!

348
00:34:04,520 --> 00:34:06,640
ඇයි?

349
00:34:08,720 --> 00:34:11,120
ඒයි, බයවෙන්න එපා.

350
00:34:11,240 --> 00:34:13,960
ගෙදරදි ළමයා හම්බවෙනකොටත්
එයා ගොඩක් ශක්තිමත්ව හිටියා.

351
00:34:14,080 --> 00:34:17,800
ඔක්කොම සුබ ආරංචි තමයි.
එයාව බලාගන්න.

352
00:34:45,800 --> 00:34:48,920
පුංචි පැලේ බබළන පහන ඔබයි...

353
00:34:49,039 --> 00:34:51,600
මුතු කැටයක් වගේ දීප්තිමත්,
මැණිකක් වගේ එළියක්...

354
00:34:51,760 --> 00:34:54,680
මගේ පුංචි කුරුල්ලෝ, ඔයා මාව තුරුළු කරගත්තා...

355
00:34:54,800 --> 00:34:57,960
උදෑසන පිණි බිඳුව...

356
00:34:58,080 --> 00:35:01,200
ඔයාගේ හිනාවෙන්, සතුටු බිඳු වැටෙනවා...

357
00:35:01,320 --> 00:35:04,280
කොරල් පබළු වගේ...

358
00:35:04,400 --> 00:35:07,160
මේ පුංචි පැලම, දැන් මාලිගාවක් වගේ...

359
00:35:07,280 --> 00:35:10,280
උතුම් පරපුරක දියණිය ඔබයි...

360
00:35:10,400 --> 00:35:13,240
ඔයා ආවේ ආශිර්වාදයක් විදිහට...

361
00:35:13,360 --> 00:35:16,519
කරුණාවෙන් සහ දේවත්වයෙන් යුතුව...

362
00:35:16,640 --> 00:35:19,640
පුංචි පැලේ බබළන පහන ඔබයි...

363
00:35:19,760 --> 00:35:22,720
මුතු කැටයක් වගේ දීප්තිමත්,
මැණිකක් වගේ එළියක්...

364
00:35:22,880 --> 00:35:26,120
පුංචි පැලේ බබළන පහන ඔබයි...

365
00:35:50,880 --> 00:35:53,800
ඔයාව ලබාගන්න කරපු ඒ තපස...

366
00:35:53,920 --> 00:35:56,920
මුළු ගමම ඒ ගැන දන්නවා...

367
00:35:57,039 --> 00:35:59,960
උපවාස කරලා කරපු ඒ යාච්ඤාවන් ගැන...

368
00:36:00,080 --> 00:36:02,840
මුළු ගමත් ලෝකයත් ඒ ගැන දන්නවා...

369
00:36:02,960 --> 00:36:05,680
දුප්පත් අපිට...

370
00:36:05,800 --> 00:36:08,720
ඔයා ආවේ පූජනීය දියණියක් විදිහට...

371
00:36:09,440 --> 00:36:14,600
ප්‍රශ්න ඇතිකරන හැමෝගෙන්ම ඔයා ඈත් වෙලා හිටියා...

372
00:36:15,039 --> 00:36:17,600
අපේ මුළු සම්පතම...

373
00:36:17,720 --> 00:36:21,080
ඒ ඔක්කොම ඔයා නිසා...

374
00:36:21,200 --> 00:36:24,039
ඔයා නැත්නම්,
අපිට වෙන රැකවරණයක් නෑ...

375
00:36:24,160 --> 00:36:27,200
අපේ මේ වීදිත්
අනාථ වෙලා...

376
00:36:27,320 --> 00:36:30,160
පුංචි පැලේ බබළන පහන ඔබයි...

377
00:36:30,280 --> 00:36:33,720
මුතු කැටයක් වගේ දීප්තිමත්,
මැණිකක් වගේ එළියක්...

378
00:36:58,720 --> 00:37:01,360
තරඟකාරීත්වයයි ඉරිසියාවයි...

379
00:37:01,480 --> 00:37:04,480
මේ කුණුගොඩවල් අස්සෙත්...

380
00:37:04,600 --> 00:37:10,039
ඔයා අපිව හොයාගෙන ආවා,
ඔයාව අපිට හම්බවෙන්න ඉඩ දුන්නා...

381
00:37:10,160 --> 00:37:13,320
අපි හිටියේ අනාථයෝ වගේ තනියම...

382
00:37:13,440 --> 00:37:16,360
මේ පුංචි පැලේ...

383
00:37:16,480 --> 00:37:20,920
ඔයා අපිව හොයාගෙන ආවා,
මගේ පූජනීය දියණිය...

384
00:37:21,039 --> 00:37:22,560
අපි වෙන මොනවා කියන්නද...

385
00:37:22,680 --> 00:37:25,039
ඔයා ඉස්කෝලේ ගියාම...

386
00:37:25,160 --> 00:37:28,680
අපිට පේන්නේ
මේ හිස් පැල විතරයි...

387
00:37:28,800 --> 00:37:31,680
වැල්ලේ තියෙන මේ පුංචි පැල...

388
00:37:31,800 --> 00:37:34,320
ඔයා එනකම් බලාගෙන ඉන්නවා...

389
00:37:34,720 --> 00:37:37,960
පුංචි පැලේ බබළන පහන ඔබයි...

390
00:37:38,080 --> 00:37:40,640
මුතු කැටයක් වගේ දීප්තිමත්,
මැණිකක් වගේ එළියක්...

391
00:37:40,760 --> 00:37:43,640
මගේ පුංචි කුරුල්ලෝ, ඔයා මාව තුරුළු කරගත්තා...

392
00:37:43,760 --> 00:37:46,920
උදෑසන පිණි බිඳුව...

393
00:37:47,039 --> 00:37:50,080
ඔයාගේ හිනාවෙන්, සතුටු බිඳු වැටෙනවා...

394
00:37:50,200 --> 00:37:53,160
කොරල් පබළු වගේ...

395
00:37:53,280 --> 00:37:55,880
මේ පුංචි පැලම, දැන් මාලිගාවක් වගේ...

396
00:37:55,999 --> 00:37:59,280
උතුම් පරපුරක දියණිය ඔබයි...

397
00:37:59,400 --> 00:38:02,200
ඔයා ආවේ ආශිර්වාදයක් විදිහට...

398
00:38:02,320 --> 00:38:05,320
කරුණාවෙන් සහ දේවත්වයෙන් යුතුව...

399
00:38:05,440 --> 00:38:08,519
පුංචි පැලේ බබළන පහන ඔබයි...

400
00:38:08,640 --> 00:38:11,640
මුතු කැටයක් වගේ දීප්තිමත්,
මැණිකක් වගේ එළියක්...

401
00:38:11,760 --> 00:38:14,840
පුංචි පැලේ බබළන පහන ඔබයි...

402
00:38:20,480 --> 00:38:23,920
ඒයි, ඇන්තනී!
- රාජු, එන්න ඇතුළට.

403
00:38:25,880 --> 00:38:30,400
විමල්, උඹ කවදද ආවේ?
- මම ඊයේ ආවේ.

404
00:38:30,519 --> 00:38:34,320
කොහොමද ඉතින්?
- ඔව්, මම හොඳින් ඉන්නවා.

405
00:38:34,840 --> 00:38:37,880
ඇයි මේ පැත්තේ?
- මම හොඳින් ඉන්නවා.

406
00:38:37,999 --> 00:38:39,560
මූ දිහා බලපන්.

407
00:38:39,680 --> 00:38:41,640
ඒ කාලේ මූට හරියට චූ කරගන්නවත්
තේරුමක් තිබුණේ නෑ,...

408
00:38:41,760 --> 00:38:43,680
...දැන් මූ ඉන්නේ පරිගණක සමාගමක.

409
00:38:46,880 --> 00:38:49,480
අක්කේ, අපිට තේ හදන්න ඕනේ නෑ.

410
00:38:49,600 --> 00:38:52,160
අපි සේගර්ගේ ගෙදරින්
තේ බීලයි ආවේ.

411
00:38:52,840 --> 00:38:54,800
අක්කේ, මගේ පුතාගේ උපන්දින පාටියක් තියෙනවා.

412
00:38:54,920 --> 00:38:57,400
මට ඕනේ ඔයාලා හැමෝම එනවට.
- හරි.

413
00:38:59,519 --> 00:39:01,039
අපි යමු.

414
00:39:01,160 --> 00:39:02,600
මෙන්න.

415
00:39:38,080 --> 00:39:43,280
අම්මේ, මම ඉපදුණු දවස
ඔයාට මතකද?

416
00:39:44,039 --> 00:39:46,760
ඔව්, මට ඒක කොහොම අමතක වෙන්නද?

417
00:39:47,120 --> 00:39:49,920
මට ඒක හොඳට මතකයි.

418
00:39:50,039 --> 00:39:53,400
මම එළියට ආවේ
ඔයාගේ බඩ උඩින්ද?

419
00:39:54,080 --> 00:39:56,120
නෑ සුදූ.

420
00:39:56,400 --> 00:40:00,600
ඔයා ඇයි හිනාවෙන්නේ?
කියන්නකෝ අම්මේ.

421
00:40:08,680 --> 00:40:12,440
මට දැනුණේ මිනිස්සු දහදෙනෙක් විතර
මගේ බඩට ගහනවා වගේ.

422
00:40:12,560 --> 00:40:16,480
මගේ මුළු ඇඟම රිදුණා.

423
00:40:16,600 --> 00:40:19,840
ඒත් මට ඕනවුණේ ඔයාව දකින්නයි.

424
00:40:20,960 --> 00:40:25,999
ඒත් ආච්චි කිව්වා ඔයා මගේ බඩ ඇතුළේ
ඉන්නේ වැරදි විදිහට කියලා.

425
00:40:29,600 --> 00:40:33,080
මට ඔයාව නැතිවෙයි කියලා මම බය වුණා.

426
00:40:33,200 --> 00:40:35,840
ඔයා කවදාවත් මට අම්මා කියලා
කතා කරන එකක් නෑ කියලා මම හිතුවා.

427
00:40:37,800 --> 00:40:42,360
මම වේදනාවෙන් කෑගහනකොට
දෙන්නෙක් මගේ අත් දෙක අල්ලගෙන හිටියා.

428
00:40:47,880 --> 00:40:52,240
එදා තමයි මම ජීවිතේ පළවෙනි වතාවට,...

429
00:40:52,360 --> 00:40:53,840
...ඔයාගේ තාත්තා අඬනවා දැක්කේ.

430
00:41:11,800 --> 00:41:13,960
ඒයි, සද්දේ ටිකක් වැඩි කරපන්.

431
00:44:16,440 --> 00:44:20,200
අවුරුදු ගාණකට පස්සේ, අපි තුන්දෙනා
මෙහෙම එකට ඉන්නවා.

432
00:44:23,200 --> 00:44:26,039
මේ, මේ තරම් සල්ලි වියදම් කරන්න
ඕනෙමද?

433
00:44:35,760 --> 00:44:39,600
අපි ගිහින් ඇත්තටම
මෙච්චර කල් වුණාද?

434
00:44:43,320 --> 00:44:45,360
අව්ව තියෙන දවස්, සීතල දවස්,...

435
00:44:45,480 --> 00:44:49,320
...අලුත් වැඩ, අලුත් භාෂාව.

436
00:44:50,280 --> 00:44:53,480
ඒවා පැත්තකින් තියමුකෝ.

437
00:44:53,600 --> 00:44:56,240
අපි රස්සා කීපයක්ම කළා.

438
00:44:58,720 --> 00:45:01,960
මම ගෙදර එනකොට
එයා ගෙදර නෑ.

439
00:45:03,440 --> 00:45:07,160
එයා ගෙදර එනකොට
මම ගෙදරින් ගිහින්.

440
00:45:07,480 --> 00:45:10,960
අපි ගෙදර එනකොට
ළමයිනුත් ගෙදර හිටියේ නෑ.

441
00:45:12,560 --> 00:45:14,560
වියදමද?

442
00:45:16,800 --> 00:45:19,840
අවුරුදු ගාණකට පස්සේ,
සතුටින් පිරුණු දවසක්...

443
00:45:19,960 --> 00:45:23,519
...හැමෝම එකම වහලක් යටට
එකතු වෙලා,...

444
00:45:23,640 --> 00:45:26,720
...කතා කර කර හිනාවෙලා ඉන්නවා...

445
00:45:26,840 --> 00:45:29,360
...අපි කොහොමද ඒකට මිලක් නියම කරන්නේ?

446
00:45:31,560 --> 00:45:35,840
එහේදී, මට දැනුණේ මගේ ඇඟට දැනුණු
සීතල විතරයි.

447
00:45:35,960 --> 00:45:39,800
දැන්, මට මගේ හිතටත්
උණුසුමක් දැනෙනවා.

448
00:45:47,760 --> 00:45:49,800
මේ ඔක්කොම මේ කාඩ් එක නිසා.

449
00:45:49,920 --> 00:45:53,840
ඔයා මේකෙන් වියදම් කරන හැම දේකටම,
එහේදී මම ගෙවන්න ඕනේ.

450
00:45:56,600 --> 00:46:00,960
ඉස්සරහට එන අවුරුදු ටිකත්
මේ සතුටින්ම පිරිලා තියෙයි.

451
00:46:02,120 --> 00:46:04,840
ඔයා දැක්කනේ හැමෝම
කොච්චර සතුටින් හිටියද කියලා.

452
00:46:15,440 --> 00:46:18,360
ඇන්තනීට එන්න කිව්වද?
- ඔව්, මම එයාට එන්න කිව්වා.

453
00:46:18,600 --> 00:46:21,440
එයා මොකටද එන්නේ?

454
00:46:28,720 --> 00:46:30,480
මේ දවස්වල කිසිම බෝට්ටුවකට
වැඩක් නෑ.

455
00:46:30,600 --> 00:46:34,200
සතියක් තිස්සේ, අපි නිකන්
සල්ලි නාස්ති කරනවා විතරයි.

456
00:46:35,080 --> 00:46:38,080
ඇයි කියලා බලන්න පුළුවන්ද?
- බෑ අයියේ.

457
00:46:38,480 --> 00:46:40,240
දැල් උස්සන වෙලාවට
අපි බැලුවා.

458
00:46:40,360 --> 00:46:42,960
ඔක්කොම අලුත් දැල්,
වතුර මට්ටමත් හොඳට තියෙනවා.

459
00:46:43,360 --> 00:46:46,360
ඒත් එක මාළුවෙක්වත් අහුවෙන්නේ නෑ.

460
00:46:46,480 --> 00:46:49,360
අපි හිතුවා බෝට්ටුවේ ප්‍රශ්නයක් කියලා,
ඒකත් බැලුවා.

461
00:46:49,480 --> 00:46:51,760
ඒත් මුකුත් අවුලක් නෑ.

462
00:46:51,880 --> 00:46:53,920
ඔයා ඒක ගැන
ටිකක් හොයලා බලන්න ඕනේ.

463
00:46:55,920 --> 00:46:57,920
එයාලට කියන්න බෝට්ටුව
අනිත් පැත්ත හරවන්න කියලා.

464
00:47:04,640 --> 00:47:06,120
එයා මොනවා දන්නවද?

465
00:47:18,160 --> 00:47:19,640
බෝලේ අල්ලපන්.

466
00:47:19,760 --> 00:47:21,760
ඒයි, උලක්කා!

467
00:47:25,720 --> 00:47:28,680
උඹ මොකක්ද මේ කළේ උලක්කා?
- වැඩක් නෑ බං!

468
00:47:29,080 --> 00:47:30,640
මුන් දන්නේ බීඩි බොන්න විතරයි.

469
00:47:30,760 --> 00:47:33,680
සීයෙ, ඔයා ෆුට්බෝල් ගහන්න දන්නවද?

470
00:47:33,800 --> 00:47:36,360
ඔව්.
- ඔයා ටීම් එකට සෙල්ලම් කළාද?

471
00:47:37,920 --> 00:47:41,999
අන්තිම විනාඩි 5 ඇතුළත මගේ කණ්ඩායම
මුළු තරඟයම කණපිට ගැහුවා.

472
00:47:43,320 --> 00:47:47,240
අපි ගහපු හැම ගෝල් එකක්ම
අපේ ගමේ අභිමානය වෙනුවෙන්.

473
00:47:48,400 --> 00:47:51,880
දැන් බලපන්කො, කෝච් වෙදනායගම්...

474
00:47:51,999 --> 00:47:56,600
...සිගරට් බොන, අරක්කු බොන කොල්ලන්ට
පිරන්ඩයි කෝටුවෙන් ගහනවා.

475
00:47:57,600 --> 00:48:02,480
අපේ ගමේ, අපි පෙරළා පහර දෙන්නේ නැති
එකම තැන...

476
00:48:02,600 --> 00:48:04,200
...සෙල්ලම් පිටිය විතරයි.

477
00:48:04,800 --> 00:48:06,200
මොකක්ද පිරන්ඩයි කෝටුවක් කියන්නේ?
(දියබත් කෝටුව)

478
00:48:06,480 --> 00:48:08,680
වැඩක් හරියට කළේ නැත්නම්,...

479
00:48:08,800 --> 00:48:11,960
...ඒක තමයි ධීවරයාගේ
අන්තිම පියවර.

480
00:48:13,960 --> 00:48:15,800
අශෝක්!

481
00:48:15,920 --> 00:48:17,320
සම්මතී උඹට ඉක්මනට එන්න කිව්වා.
යමන්.

482
00:48:17,440 --> 00:48:19,800
වරෙන් යන්න!
- පරක්කු වෙනවා, ඉක්මන් කරපන්.

483
00:48:19,920 --> 00:48:22,160
ඉක්මන් කරපන්.

484
00:48:33,280 --> 00:48:37,680
පරිස්සමෙන්!
- පරිස්සමෙන්!

485
00:48:37,800 --> 00:48:42,440
හිමීට.

486
00:48:47,760 --> 00:48:50,240
බෝට්ටුවක් පෙරළන්න
මෙච්චර සෙනඟක්?

487
00:48:54,960 --> 00:48:57,920
දෙවියනේ!

488
00:51:31,360 --> 00:51:33,160
උඹ කොහෙද ගියේ?

489
00:51:33,400 --> 00:51:35,920
සම්මතී කිව්වා එයාගේ බෝට්ටු වලට
වැඩිය මාළු අහුවෙන්නේ නෑ කියලා.

490
00:51:36,360 --> 00:51:37,840
මම ඒක බලන්න ගියා.

491
00:51:59,760 --> 00:52:01,280
අද හොඳට මාළු අහුවුණා.
- පෙට්ටි අටක්.

492
00:52:01,400 --> 00:52:04,880
ඇතුළට තල්ලු කරපන්.
- අයින් වෙයන්. නැගපන්.

493
00:52:06,720 --> 00:52:10,360
ඔයා යනවද?
- අයියේ, වාහනේ ස්ටාර්ට් කරන්න.

494
00:52:23,000 --> 00:52:25,400
මම යනවා කොල්ලනේ.
- අයියේ, ඇයි මේ පැත්තේ?

495
00:52:25,680 --> 00:52:28,120
හවසට සමිතියේ රැස්වීමක් තියෙනවා.
ඔයත් එන්න.

496
00:52:28,240 --> 00:52:29,640
හරි.

497
00:52:37,960 --> 00:52:41,600
අද හැම බෝට්ටුවකටම හොඳට මාළු අහුවුණා.
ඔයාට මේක තියාගන්න පුළුවන්.

498
00:52:46,120 --> 00:52:49,560
ඔයා කවදාවත් මං කියන දේ අහන්නේ නෑ.
- එයා මොකද කරලා තියෙන්නේ?

499
00:52:50,560 --> 00:52:54,800
කරෙයියූර් ධීවරයෝ නොගිය
මුහුදේ එකම තැනක්වත් නෑ...

500
00:52:56,080 --> 00:52:58,360
...ඒ වගේම ඇන්තනී පදවපු නැති
එක බෝට්ටුවක්වත් නෑ.

501
00:53:12,720 --> 00:53:15,800
දැන් 4:30යි. අපි පටන් ගමු.
- එයාලා අපිට 4ට එන්න කිව්වේ.

502
00:53:16,720 --> 00:53:19,400
රාසු, ඔයාගේ බෝට්ටුව
නැතිවුණා කිව්වා නේද.

503
00:53:19,520 --> 00:53:21,240
ඒක අනිත් ගමේ සමිතියේ
තියෙනවා.

504
00:53:21,360 --> 00:53:23,320
බෝට්ටුවේ පොත පෙන්නලා
ඒක එයාලගෙන් ගන්න.

505
00:53:23,440 --> 00:53:25,040
මම අපේ සමිතියෙන්
ලියුමක් දෙන්නම්.

506
00:53:25,160 --> 00:53:27,040
ඒක එයාලට පෙන්නන්න.
- හරි.

507
00:53:27,280 --> 00:53:30,200
සෙල්වම්!

508
00:53:30,360 --> 00:53:32,240
එයාගේ වැරැද්ද නිසා එයාට වැඩට යන්න එපා කියලා
දැන් සති දෙකක් වෙනවා.

509
00:53:32,360 --> 00:53:34,600
...ඒක එයා කරපු වැරැද්දක් නිසා.

510
00:53:34,800 --> 00:53:36,720
ඒත් එයාට පවුලක් ඉන්නවා.

511
00:53:36,840 --> 00:53:40,200
සමිතියේ අරමුදලෙන්,
අපි එයාටත් කොටසක් දෙනවා.

512
00:53:41,520 --> 00:53:43,120
රැස්වීමෙන් පස්සේ ඒක මගෙන් ගන්න.
- හරි.

513
00:53:43,240 --> 00:53:44,680
වාඩිවෙන්න.

514
00:53:44,800 --> 00:53:46,320
හෙට ඉඳන්
ඔයාට මාළු අල්ලන්න යන්න පුළුවන්.

515
00:53:46,520 --> 00:53:50,640
ඔයා ආයෙත් ඒ වැරැද්දම කළොත්,
අපි ඔයාට මාළු අල්ලන එක තහනම් කරනවා.

516
00:53:50,760 --> 00:53:54,200
ඒ වගේම අපි ඔයාගේ බෝට්ටුව
ආපහු සමිතියට ගන්නවා.

517
00:53:54,320 --> 00:53:57,080
ඊටපස්සේ ඔයාට කවදාවත්
මාළු අල්ලන්න යන්න හිතන්නවත් බෑ. තේරුණාද?

518
00:53:57,200 --> 00:53:59,120
අපි අද රැස්වුණේ
මේ කාරණාවට,...

519
00:53:59,240 --> 00:54:01,280
...සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දවස්වලට
අපි මුහුදු යන්නේ නෑ.

520
00:54:01,400 --> 00:54:04,680
මේ පාරත් එහෙමමයි.
කවුරුත් මාළු අල්ලන්න යන්නේ නෑ.

521
00:54:05,440 --> 00:54:07,040
අපි කොහොමද දැනට
මාළු අල්ලන එක නවත්තන්නේ?

522
00:54:07,160 --> 00:54:08,760
ගිය දවස් ටිකේම
අපිට මාළු අහුවුණේ ගොඩක් අඩුවෙන්.

523
00:54:08,880 --> 00:54:11,720
අපිට භූමිතෙල් වලට සල්ලි පාඩු වෙනවා.
කවුරුහරි ඒ ගැන ඇහුවද?

524
00:54:11,840 --> 00:54:14,040
නෑ නේද?

525
00:54:14,160 --> 00:54:19,280
අපිට ආපහු මාළු අහුවෙන්න පටන් අරන්.
ඉතින්, අපිට පුළුවන් වෙලාවට විතරයි හම්බ කරන්න පුළුවන්.

526
00:54:19,800 --> 00:54:23,160
පොඩ්ඩක් හිතලා බලන්න.
- ඒයි, උඹ මොනවද මේ කියන්නේ?

527
00:54:24,920 --> 00:54:27,360
අපි ඇත්ත කතා කරන්න ඕනේ.
ප්‍රශ්නේ තියෙන්නේ කවුරුත් කතා කරන්නේ නැති එකයි.

528
00:54:27,480 --> 00:54:29,040
ඒකයි මම කතා කරන්නේ.

529
00:54:29,160 --> 00:54:30,920
ඔව් නම් 'ඔව්' කියන්න.
නැත්නම් 'නෑ' කියන්න කියන්න.

530
00:54:33,080 --> 00:54:34,880
කොහොම වුණත්, අවුරුදු ගාණක් තිස්සේ...

531
00:54:35,000 --> 00:54:37,880
...අපි ඒ දවස්වලට
මාළු අල්ලන්න යන එක නැවැත්තුවා.

532
00:54:38,120 --> 00:54:40,720
ඔයා දැන් ඒක වෙනස් කළොත්,
ඒක හැමදාටම එහෙමම වෙයි.

533
00:54:40,840 --> 00:54:43,360
අපේ සම්ප්‍රදායන් වෙනස් කළාම වෙන දේ
අපි හැමෝම දන්නවා.

534
00:54:43,480 --> 00:54:46,600
වැඩිහිටියෝ හැමෝම මෙතන ඉන්නවා.
ඒ ගැන හිතලා බලන්න.

535
00:54:47,000 --> 00:54:49,240
මොකක්ද මේ? එයා කියන්නේ
උඹ තාම පොඩි එකෙක් කියලා.

536
00:54:50,960 --> 00:54:52,560
උඹේ දාහ උඹට ඕන විදිහකට
හම්බ කරගනින්.

537
00:54:52,680 --> 00:54:54,320
ඒත් අපි එහෙම නෑ.

538
00:54:54,440 --> 00:54:56,080
උඹ මිනිස්සුත් එක්ක කතා කරන්න
දන්නේ නැද්ද?

539
00:54:56,200 --> 00:54:58,240
මෙතනින් පලයන් යන්න.

540
00:54:59,440 --> 00:55:01,920
මුන්ට යන්න කියන්න.
- යන්න.

541
00:55:02,040 --> 00:55:06,040
එයා තාම පොඩි එකෙක්.
එයා මීට වඩා දන්නේ නෑ.

542
00:55:06,160 --> 00:55:08,280
එයාට සමාව දෙන්න.
- වාඩිවෙන්න.

543
00:55:08,400 --> 00:55:10,760
ඇන්තනී කියන දේ හරි.
අපි සම්ප්‍රදාය වෙනස් කරන්න හොඳ නෑ.

544
00:55:11,760 --> 00:55:13,800
ඒ දවස්වලට,
හැමෝම මාළු අල්ලන එක නවත්වන්න ඕනේ.

545
00:55:13,920 --> 00:55:17,440
මේක තමයි අන්තිම තීරණය,
මම හරි නේද?

546
00:55:19,760 --> 00:55:22,600
ඔව්.

547
00:55:35,920 --> 00:55:38,320
ඇයි උඹේ තාත්තා
උඹත් එක්ක තරහ වුණේ?

548
00:55:38,440 --> 00:55:40,720
එයා වෙන කෙනෙක් වෙනුවෙන්
තමන්ගේම පුතාට ගහනවා.

549
00:55:41,760 --> 00:55:44,760
එයා හැමතිස්සෙම හිනාවෙලා ඉන්නේ.

550
00:55:46,560 --> 00:55:50,160
එයා වැඩිහිටියෙක්ට කතා කළේ
අගෞරවයෙන්.

551
00:55:50,280 --> 00:55:52,000
කවුරුත් සද්ද නැතුව ඉන්නේ නෑ.

552
00:55:52,120 --> 00:55:54,760
එයා කතා කළේ අපි වෙනුවෙන්.

553
00:55:56,440 --> 00:55:57,880
ඒයි!

554
00:56:00,240 --> 00:56:02,080
අපි මේකට මොනවාහරි
කරන්න ඕනේ.

555
00:56:02,200 --> 00:56:04,320
මේක අමතක කරන්න බෑ.

556
00:56:07,160 --> 00:56:08,920
මම සද්ද නැතුව හිටියේ
උඹේ තාත්තා නිසයි.

557
00:56:09,040 --> 00:56:12,240
වෙන කවුරුහරි වුණා නම්.....
- උඹ මොනවද කරන්නේ?

558
00:56:12,360 --> 00:56:16,800
එයා මේ වගේ හැසිරෙන්නේ උඹ නිසයි.
කටවහගෙන පැත්තකට වෙලා හිටපන්.

559
00:56:21,680 --> 00:56:25,200
ඒයි, යමන්!
- පුඩ්ඩුමුඩි, එයාව අවුස්සන්න එපා.

560
00:56:25,360 --> 00:56:27,160
ඒයි!

561
00:56:27,400 --> 00:56:29,440
ඒයි, යමන්.

562
00:56:30,120 --> 00:56:32,360
වරෙන්, මම කියන්නම්.

563
00:56:34,080 --> 00:56:35,760
මුඩි, කොහෙද යන්නේ?

564
00:56:36,720 --> 00:56:38,160
උඹ අපිව කොහෙද එක්කන් යන්නේ?

565
00:56:39,840 --> 00:56:42,480
වරෙන්.

566
00:56:47,960 --> 00:56:49,720
එයාගේ බෝට්ටුවට නැගපන්.
- ඒක අපේ වැඩ කරන බෝට්ටුවනේ.

567
00:56:49,840 --> 00:56:52,880
මම මෙතන නිදාගන්නවා.
ගෙදර යනකොට මට කතා කරපන්.

568
00:56:57,120 --> 00:57:01,280
පුඩ්ඩුමුඩි, උඹ කොහෙද යන්නේ?
- එයාගේ බෝට්ටුවට නැගපන්.

569
00:57:01,560 --> 00:57:05,160
ඒක රස්සාව කරලා ජීවත් වෙන්න තියෙන එක.
උඹ මේ වගේ දේවල් කරන්න හොඳ නෑ.

570
00:57:05,280 --> 00:57:07,200
ඔතනින් පලයන්.

571
00:57:09,200 --> 00:57:11,360
පුඩ්ඩුමුඩි, මෝඩ වැඩ කරන්න එපා.
පල්ලෙහාට බැහැපන්.

572
00:57:12,120 --> 00:57:14,200
එයා නිසා අශෝක්
හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත්වුණා.

573
00:57:14,320 --> 00:57:17,760
එයාට දැනෙන වේදනාව උඹට තේරෙනවද?
මම එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා.

574
00:57:17,880 --> 00:57:21,320
ඒයි, මෝඩයා වගේ හැසිරෙන්න එපා.
පල්ලෙහාට බැහැපන්.

575
00:57:21,600 --> 00:57:23,200
මීටපස්සේ, එයාට අපිව
ලැජ්ජ කරන්න බෑ.

576
00:57:23,320 --> 00:57:25,560
දැන් ඉඳන්, එයාගේ රස්සාව කඩාගෙන වැටෙන හැටි
බලන් ඉඳපන්කෝ.

577
00:57:25,960 --> 00:57:28,160
ඇන්තනී මේ ගැන දැනගත්තොත්,
එයා මොනවා කරයිද කියලා මට හිතාගන්නවත් බෑ.

578
00:57:28,280 --> 00:57:30,800
බෝට්ටුවෙන් බැහැපන්.
- පලයන් යන්න!

579
00:57:30,960 --> 00:57:33,680
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.
- ඒයි, පුඩ්ඩුමුඩි!

580
00:57:35,080 --> 00:57:37,360
අශෝක්, මූට කියපන්.

581
00:57:45,960 --> 00:57:47,520
ඇන්තනී අයියා මෙහේ ඉන්නවා.

582
00:58:03,080 --> 00:58:05,400
ඒයි, පුඩ්ඩුමුඩි!

583
01:00:11,440 --> 01:00:13,800
කැරොලයින්!
- අයියේ?

584
01:00:14,080 --> 01:00:16,960
මොන මගුලක්ද ඔයා මේ කරන්නේ?

585
01:00:17,440 --> 01:00:20,920
ඒයි, ඇයි ඔයා එයාට ගැහුවේ?
- එයාගේ ඉගෙනගන්න එක නවත්තමු.

586
01:00:21,040 --> 01:00:22,640
මම කලිනුත් ඔයාට කිව්වා.

587
01:00:22,760 --> 01:00:24,560
ඔයා හැමතිස්සෙම එයාට
පොඩි ළමයෙක්ට වගේ සලකනවා.

588
01:00:24,680 --> 01:00:27,200
ඒත් එයා හැසිරෙන්නේ සීමාවෙන් පිට.

589
01:00:28,080 --> 01:00:30,880
ජර්මනියේ ඉන්න අර මිනිහත් එක්ක
එයාගේ කසාදේ ලෑස්ති කරපන්.

590
01:00:36,040 --> 01:00:38,800
ඒ කවුද?
- අර, අශෝක්.

591
01:00:39,040 --> 01:00:41,480
කිංස්ලිගේ පුතා.

592
01:00:42,920 --> 01:00:44,440
එයාට මොකද?
- එයා බේබද්දෙක්.

593
01:00:44,560 --> 01:00:46,480
එයා දන්නේ බොන්නයි
රණ්ඩු කරන්නයි විතරයි.

594
01:00:47,080 --> 01:00:49,560
මම ඒක ගැන නෙවෙයි අහන්නේ.
එයාගේ රස්සාව ගැන මොකද කියන්නේ?

595
01:00:49,680 --> 01:00:53,200
එයා රන්ජන්ගේ තැන භාරව ඉන්නේ.
එයා මාළු අල්ලන්න දක්ෂයි.

596
01:00:53,320 --> 01:00:56,160
එයාගේ වැඩ වල
කිසිම වැරැද්දක් නෑ.

597
01:00:59,440 --> 01:01:01,440
ඔයා එයාට කැමතිද?

598
01:01:06,240 --> 01:01:09,000
ඔයා මට වඩා එයාට කැමතිද?

599
01:01:09,440 --> 01:01:12,800
ඇයි ඔයා එයාගෙන් අහන්නේ?
- අපි එයාව අපේ භාරයේ තියාගත්තා.

600
01:01:13,360 --> 01:01:15,920
එයා මුහුදෙන් එහාට ගියොත්,...

601
01:01:16,040 --> 01:01:19,240
...අපි දන්නේ නෑ එයා කොහොම ඉන්නවද
අර මිනිහා එයාව බලාගන්නවද කියලා.

602
01:01:19,600 --> 01:01:22,320
අපිට එයාව දකින්නවත්
මෙහේ සැනසිල්ලේ ඉන්නවත් බෑ.

603
01:01:22,440 --> 01:01:24,080
එතකොට, එයා බේබද්දෙක්ව
බඳිනවට ඔයා කැමතිද?

604
01:01:24,200 --> 01:01:26,200
මේ ගමේ බොන්නේ නැත්තේ කවුද?

605
01:01:26,320 --> 01:01:29,000
එයා තමන්ගේ වැඩේට දක්ෂ නම්,
අපිට එයාට රස්සාවක් දෙන්න පුළුවන්,...

606
01:01:29,120 --> 01:01:32,200
...එයාව කසාද බන්දලා දීලා
එයා එයාව බලාගන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්.

607
01:01:34,440 --> 01:01:38,440
මම ඔයාට එක දෙයක් කියන්නම්.
එයා අපේ කුමාරි.

608
01:01:39,160 --> 01:01:43,480
අපිට එයාව පිට යවන්න බෑ.
එයා ඉන්න ඕනේ මගේ භාරයේ.

609
01:01:44,680 --> 01:01:47,240
තේරුණාද?
- ඔයාගේ කැමැත්තක්.

610
01:01:49,160 --> 01:01:51,040
ඇන්තනී ඒ ගැන සම්මතීට
කිව්වද කියලා මම දන්නේ නෑ.

611
01:01:51,160 --> 01:01:53,080
එයා කියයිද? එයා එහෙම කළොත්.....
- ඒයි, මුඩි!

612
01:01:53,200 --> 01:01:55,800
අපි කරපු දේ නිසා,
වෙන ඕනම ධීවරයෙක් වුණා නම්...

613
01:01:55,920 --> 01:01:57,560
...අපිට කෑගහයි.

614
01:01:57,680 --> 01:01:59,320
මේ ඔක්කොම
මේ පුඩ්ඩුමුඩි නිසා.

615
01:02:01,240 --> 01:02:05,560
එයා අපි මාළු අල්ලන එක නැවැත්තුවොත්,
කවුරුත් අපිට ගරු කරන එකක් නෑ.

616
01:02:06,720 --> 01:02:08,240
මේ ඔක්කොම වුණේ
අරක්කු නිසා.

617
01:02:08,360 --> 01:02:10,200
බාස්කරන් මාමා මේ ගැන දැනගත්තොත්.....

618
01:02:10,480 --> 01:02:12,040
ඒයි, මෝඩයා!

619
01:02:15,760 --> 01:02:18,000
හරි, බයවෙන්න එපා.
මම ඒක බලාගන්නම්.

620
01:02:18,120 --> 01:02:20,280
හරි.

621
01:02:26,960 --> 01:02:29,040
සම්මතී, මේක වුණේ
අපි බීලා හිටිය නිසයි.

622
01:02:29,160 --> 01:02:30,720
උඹලා බීලා හිටියා නම්,...

623
01:02:30,840 --> 01:02:32,760
...උඹලා ඉස්සරහා ඉන්නේ කවුද කියලවත්
දන්නේ නැද්ද?

624
01:02:34,280 --> 01:02:37,000
උඹලා බීලා ඉන්නකොට,
උඹලා හිතන්නේ උඹලා චණ්ඩියෝ කියලද?

625
01:02:38,240 --> 01:02:43,120
මේ ඔක්කොම රස්සාවෙන් ඈත් කරලා තියපන්.
පරිස්සමෙන්.

626
01:02:43,280 --> 01:02:45,320
සම්මතී.....
- මම හිතන්නේ එයා කියලා නෑ.

627
01:02:46,400 --> 01:02:48,000
ඇන්තනී මොනවද කිව්වේ?

628
01:02:48,120 --> 01:02:51,480
එයා වැඩට යනකොට,
උඹ එයාගේ ඉස්සරහට පැනලා.

629
01:02:51,840 --> 01:02:55,760
හබල වැරදීමකින් උඹේ ඇඟේ වැදිලා.
අනික උඹ බීලා ඉඳලා තියෙන්නේ.

630
01:02:55,880 --> 01:02:59,560
පොඩි එකෙක්ට ගැහුවා කියලා
එයාට දුක හිතිලා.

631
01:03:03,880 --> 01:03:06,200
මට උඹේ හැසිරීම
තේරෙන්නේ නෑ.

632
01:03:06,640 --> 01:03:08,320
එයා හොඳ මනුස්සයෙක්.

633
01:03:08,480 --> 01:03:11,120
අපි එයාට කරපු දේවල් වලින් පස්සේ
වෙන කෙනෙක් මෙහෙම කරයිද?

634
01:03:11,240 --> 01:03:12,920
මම උඹලට කිව්වා
ඕක කරන්න එපා කියලා.

635
01:03:13,040 --> 01:03:15,400
පුඩ්ඩුමුඩි, මේ ඔක්කොම උඹ නිසයි.
- ගහපන් මූට.

636
01:03:15,520 --> 01:03:17,880
පලයන් යන්න!

637
01:03:44,520 --> 01:03:48,120
ඔයා මට කතා කළේ
තනියම හම්බවෙන්නද?

638
01:03:48,880 --> 01:03:51,000
ඒකත්,
ඔයාගේ තාත්තාගේ බෝට්ටුවේද?

639
01:03:54,760 --> 01:03:58,640
මොකද සුදූ?
මොකක්ද අවුල? ඇයි මේ මූණ එල්ලගෙන?

640
01:03:59,520 --> 01:04:02,040
ගුටි කන්න තිබුණේ ඔයා,
ඒත් එයාලා ගැහුවේ මට.

641
01:04:02,160 --> 01:04:04,160
ඒ ඔයාගේ අයියද?
මම ඌට පාඩමක් උගන්වන්නම්.....

642
01:04:04,280 --> 01:04:07,920
ඔයා දැන් ඌට ගහලා
කසාදෙත් නැති කරගන්නද යන්නේ?

643
01:04:08,080 --> 01:04:11,360
කසාදයක්? ඔයාටද?
- ඔව්.

644
01:04:13,880 --> 01:04:16,800
හරි.

645
01:04:16,920 --> 01:04:18,760
එහෙනම් අපි පැනලා යමු.

646
01:04:19,680 --> 01:04:22,200
මගේ මාමා ඉන්නේ වන්නියේ.

647
01:04:22,320 --> 01:04:24,840
අපි එහෙට ගිහින්
සතියකින් ආපහු එමු.

648
01:04:25,840 --> 01:04:28,280
අපි ආපහු එනකොට,
ඔයාගේ තාත්තා අපිව බාරගනීවිද?

649
01:04:32,240 --> 01:04:35,320
එයා බාරගත්තේ නැතත්,
මම ඔයාව බලාගන්නම්.

650
01:04:37,960 --> 01:04:40,440
අපි පැනලා ගිහින් කසාද බැන්දොත්,
අපි තනියම ජීවත් වෙන්න ඕනේ.

651
01:04:45,520 --> 01:04:48,960
එතකොට මගේ කසාදෙට
මොකද වෙන්නේ?

652
01:04:50,920 --> 01:04:52,720
ඉතින් ඔයා මට මෙහෙට කතා කළේ
මේක කියන්න විතරයි.

653
01:04:55,600 --> 01:04:58,840
කොහොම වුණත්, ඔයා ඔයාගේ තාත්තාගේ
කැමැත්තට විරුද්ධව යන්නේ නෑනේ.

654
01:05:00,440 --> 01:05:02,040
හරි, යන්න.

655
01:05:04,880 --> 01:05:07,520
මම ගියොත්,
කසාදෙට මොකද වෙන්නේ?

656
01:05:10,320 --> 01:05:14,080
ඔයාගේ තාත්තා තෝරපු කෙනාව
කසාද බඳින්න.

657
01:05:14,840 --> 01:05:17,040
ගිහින් එයාව බඳින්න.

658
01:05:20,520 --> 01:05:22,840
මගේ තාත්තා මට කිව්වේ ඔයාව බඳින්න කියලා.

659
01:06:01,680 --> 01:06:03,640
මොකද වුණේ.
ඇයි පරක්කු?

660
01:06:03,760 --> 01:06:06,440
මට වැඩක් තිබුණා.

661
01:06:08,520 --> 01:06:10,760
අම්මේ, මම බඩු ටිකක් ගෙනාවා.

662
01:06:10,880 --> 01:06:12,640
ඒවා අස් කරලා තියන්න.

663
01:06:21,080 --> 01:06:25,920
තාත්තේ, වනිලාගේ ඉස්කෝලේ
දෙමාපිය රැස්වීමක් තියෙනවා.

664
01:06:27,040 --> 01:06:28,720
අපිට යන්න තියෙනවා.....

665
01:06:28,840 --> 01:06:30,960
අම්මේ!

666
01:06:31,800 --> 01:06:34,360
අම්මේ!

667
01:06:35,640 --> 01:06:37,560
අම්මේ!

668
01:07:07,880 --> 01:07:10,960
අපි ලේ චෙක් කළා, ඩොක්ටර්.
- රිපෝට් ටික ලෑස්ති කරන්න.

669
01:07:11,080 --> 01:07:12,760
හරි.

670
01:07:14,440 --> 01:07:16,560
එයා එක්ක කවුද ආවේ?
- නෝනාගේ මහත්තයා ඇවිත් ඉන්නවා.

671
01:07:16,680 --> 01:07:19,280
එයාට එන්න කියන්න.
- හරි, ඩොක්ටර්.

672
01:07:23,080 --> 01:07:25,480
නාලිනීගේ මහත්තයාද?

673
01:07:25,600 --> 01:07:27,240
ඔයාටත් චෙක්-අප් එකකට යන්න තියෙනවා.
මාත් එක්ක එන්න.

674
01:08:16,960 --> 01:08:19,800
හලෝ, ඔව්.
ප්‍රධාන වෛද්‍යතුමාද?

675
01:08:21,880 --> 01:08:23,800
පුළුවන් නම් රිපෝට් ටික
චෙක් කරන්න. මම ඉක්මනට එන්නම්.

676
01:08:27,560 --> 01:08:30,600
ඔයාට ළමයි ඉන්නවද?

677
01:08:32,520 --> 01:08:35,279
මට දුවෙක් ඉන්නවා.

678
01:08:35,400 --> 01:08:37,199
ඔයාට පුළුවන්ද ඔයාගේ දුවව
මෙහෙට එක්කන් එන්න?

679
01:08:38,440 --> 01:08:42,279
මම ආවේ මගේ නෝනව ඇතුළත් කරන්න.
මම ඔක්කොම පරීක්ෂණ කළා.

680
01:08:43,040 --> 01:08:44,640
දැන් ඔයා මගේ දුව ගැන
අහනවා.

681
01:08:44,760 --> 01:08:46,600
මොකද වෙන්නේ?
- මේක ඔයාගේම හොඳටයි කියන්නේ.

682
01:08:46,720 --> 01:08:48,440
ගිහින් එයාව මෙහෙට එක්කන් එන්න.

683
01:08:48,920 --> 01:08:50,480
යන්න.

684
01:08:55,120 --> 01:08:58,680
තාත්තේ, අපි කොහෙද යන්නේ?
- එන්න, මම කියන්නම්.

685
01:09:32,080 --> 01:09:34,480
අම්මේ, තාත්තා කෝ?

686
01:09:34,600 --> 01:09:36,279
තාත්තා ගියා ඩොක්ටර්ව හම්බවෙන්න.

687
01:09:44,080 --> 01:09:47,160
මම ලේ රිපෝට් ටික බැලුවා.

688
01:09:48,160 --> 01:09:50,720
ඔයාගේ ලේ රිපෝට් එක නෝමල්.

689
01:09:50,960 --> 01:09:56,680
ඒත් ඔයාගේ නෝනාගෙයි
දුවගෙයි ලේ රිපෝට් වල...

690
01:09:56,800 --> 01:09:59,239
...පොඩි අවුලක් තියෙනවා.

691
01:10:01,520 --> 01:10:04,680
මම හිතන්නේ මේක.....
- සමාවෙන්න, ඩොක්ටර්.

692
01:10:04,800 --> 01:10:07,239
මම ලෙඩෙක් එක්ක ඉන්නේ.
විනාඩියක් දෙන්න.

693
01:10:07,360 --> 01:10:09,440
සමාවෙන්න.

694
01:10:09,600 --> 01:10:14,800
මම හිතන්නේ මේක
පවුලෙන් එන කොලෙස්ටරෝල් රෝගයක් (familial hypocholesterolemia).

695
01:10:16,480 --> 01:10:19,360
ඒ වගේ තමයි පේන්නේ.
- මට තේරෙන්නේ නෑ, ඩොක්ටර්.

696
01:10:21,560 --> 01:10:24,920
මේක ජාන වලින්
බෝවෙන රෝගයක්.

697
01:10:25,040 --> 01:10:26,920
මේක කලාතුරකින් හැදෙන රෝගයක්.

698
01:10:30,640 --> 01:10:34,680
හදිසි හෘදයාබාධයක් එන්න
ලොකු අවදානමක් තියෙනවා.

699
01:10:39,120 --> 01:10:40,680
ඒත් කමක් නෑ.

700
01:10:40,800 --> 01:10:44,640
මම මේ රිපෝට් ටික
ප්‍රධාන වෛද්‍යතුමාට යවන්නම්.

701
01:10:44,760 --> 01:10:48,400
මම එයාගේ අදහස අරගෙන
ඔයාට කියන්නම්.

702
01:10:51,880 --> 01:10:55,600
දැනට,
මේ දීලා තියෙන බෙහෙත් ටික ගන්න.

703
01:10:57,160 --> 01:11:00,520
හෙට ඇවිත් මාව හම්බවෙන්න.

704
01:11:08,960 --> 01:11:12,239
තාත්තේ!
- ඇයි, සුදූ.

705
01:11:12,360 --> 01:11:16,760
මට ඔයාවයි අම්මවයි බලාගන්න පුළුවන් වෙන්නේ
මම ඩොක්ටර් කෙනෙක් වුණොත් විතරයි.

706
01:11:17,040 --> 01:11:20,199
එහෙනම් ඇයි ඔයා
මාව ඉස්කෝලෙන් අස් කළේ?

707
01:11:20,320 --> 01:11:22,199
අම්මට ඩෙංගු උණ.

708
01:11:22,360 --> 01:11:24,920
ඒකයි එයාලා අපිවත් චෙක් කළේ.

709
01:11:25,880 --> 01:11:28,000
ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ,
එයාලා කිව්වා අපිට සනීප වෙයි කියලා.

710
01:11:29,320 --> 01:11:35,320
ඒ නිසා මෙතැන් ඉඳන්, වෙන කාවෙන්වත්
කිසිම ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න එපා.

711
01:11:35,920 --> 01:11:41,120
මම ඩොක්ටර් කෙනෙක් වුණාම,
මම ඔයාලට ඉන්ජෙක්ෂන් ගහන්නම්.

712
01:11:42,160 --> 01:11:43,720
හරි සුදූ.

713
01:11:48,680 --> 01:11:51,279
අඬන්න එපා,
හැමදේම හරියයි.

714
01:12:00,000 --> 01:12:01,800
මොකක්ද ප්‍රශ්නේ?

715
01:12:01,920 --> 01:12:05,400
අපේ පුතා රුමේනියානු දේශ සීමාව
පනිනකොට,...

716
01:12:05,520 --> 01:12:08,560
...පොලීසියෙන් එයාව අල්ලගෙන.
ඒජන්ට් අපිට කතා කළා.

717
01:12:09,000 --> 01:12:12,160
අපි අපේ රත්තරන් බඩු විකුණලා,
ඉතුරු කරපු සල්ලි ඔක්කොම අරගෙන...

718
01:12:12,279 --> 01:12:16,360
...ලක්ෂ 20ක් එයාට යැව්වා.
දැන් අපි එයා කෝල් කරනකම් බලන් ඉන්නවා.

719
01:12:16,600 --> 01:12:19,360
එයාට මුකුත් වෙන එකක් නෑ.
බයවෙන්න එපා.

720
01:12:20,880 --> 01:12:23,720
හරි. ඇයි මේ පැත්තේ?

721
01:12:25,239 --> 01:12:27,760
මට හෙට වැඩට යන්න තියෙනවා.

722
01:12:27,880 --> 01:12:32,400
මොකක්?
- මට හදිසියට සල්ලි වගයක් ඕනේ.

723
01:12:36,040 --> 01:12:37,880
ලොකු ගාණක්ද?

724
01:12:41,000 --> 01:12:42,720
හරි.

725
01:14:39,600 --> 01:14:42,600
ඔහොම නෙවෙයි.
මුඩි, බෝට්ටුව උස්සන්න උදව් කරපන්.

726
01:14:43,360 --> 01:14:45,440
උලක්කා, අදින්න!
- ඕක ඔතනින් තියපන්.

727
01:14:45,640 --> 01:14:47,560
පරිස්සමෙන්.
- මෙහෙට වරෙන්.

728
01:14:47,680 --> 01:14:49,840
ඒයි, පරිස්සමෙන් මාළු ටික ගනින්.
- ඇන්තනී!

729
01:14:58,520 --> 01:15:01,960
අයියේ, අද මගේ එන්ගේජ්මන්ට් එක.

730
01:15:02,080 --> 01:15:04,520
ඔයාට පුළුවන්ද මාර්කට් එකට ගිහින්
මාළු ටික විකුණන්න?

731
01:15:06,720 --> 01:15:09,040
මාමේ, අපි යමු.

732
01:15:14,360 --> 01:15:16,040
ඒයි, නවත්තපන්.

733
01:15:25,320 --> 01:15:27,560
ඇයි මෙතන වෙළෙන්දෝ නැත්තේ?
- මෙහේ මාළු නෑ.

734
01:15:27,680 --> 01:15:29,920
විකුණන අය ඔක්කොම අනිත් මාර්කට් එකේ.
මෙහේ ගණන් අඩුයි.

735
01:15:30,080 --> 01:15:33,120
ඒකයි මේක හිස්.
ඉතින්, ඔයා මොකද කරන්නේ?

736
01:15:33,960 --> 01:15:36,640
හරි, මාළු ඔක්කොම ගන්න.

737
01:15:51,360 --> 01:15:54,239
කිලෝ එකක් කීයද?
- රුපියල් 1000යි.

738
01:15:55,199 --> 01:15:57,880
දැන් පරක්කුත් වෙලා,
ඒ නිසා මම 900කට දෙන්නම්.

739
01:15:58,040 --> 01:16:00,960
ඔයාට කිලෝ එකක් 500කට දෙන්න පුළුවන්ද?
- 500කට?

740
01:16:01,080 --> 01:16:03,480
අනිත් මාර්කට් එකෙත් ලාබයි.

741
01:16:03,600 --> 01:16:05,880
පැත්තකට වෙන්න.
- එහෙනම් ගිහින් ඒ මාර්කට් එකෙන් ගන්නවා.

742
01:16:06,440 --> 01:16:07,880
1000ක් වටින මාළුවෙක් මුන්ට ඕනෙලු
500කට ගන්න.

743
01:16:08,000 --> 01:16:11,920
ඔයා ඔතන මාළු තියාගෙන හිටියට
කවුරුත් එන එකක් නෑ.

744
01:16:12,040 --> 01:16:13,560
ඔයාට ඕවා ආයෙත්
මුහුදටම විසි කරන්නයි වෙන්නේ.

745
01:16:13,680 --> 01:16:15,840
කිලෝ 600ක් මම කොහොමද
කිලෝ එක 500 ගානේ දෙන්නේ?

746
01:16:15,960 --> 01:16:18,840
ඒ ගානට වික්කොත්
අපිට පාඩුයි.

747
01:16:19,720 --> 01:16:22,800
මාළු අල්ලපු නැති එක
ඊට වඩා හොඳයි.

748
01:17:03,239 --> 01:17:05,840
ඒක හරියට වාසනාවක් වගේ.

749
01:17:05,960 --> 01:17:09,000
පහුගිය අවුරුදු හතරම මම මහන්සි වුණේ
අශෝක්ගේ ආදරේ වෙනුවෙන්.

750
01:17:09,239 --> 01:17:14,239
දැන් මට මගේ එක වෙනුවෙන් කාලය දෙන්න පුළුවන්.
- එයා අර පස්වෙනියා එක්කත් ගියා!

751
01:17:14,360 --> 01:17:16,360
තලයාට්ටි, මගෙන් මරුම් කන්නේ
නැතුව ඉඳපන්!

752
01:17:16,480 --> 01:17:18,199
ඒත් ඒකයි ඇත්ත.

753
01:17:21,440 --> 01:17:23,040
මොකද ප්‍රශ්නේ?

754
01:17:23,160 --> 01:17:26,320
උඹ වෙනදා ගොඩක් කියවනවනේ,
ඒත් අද සද්ද නෑ.

755
01:17:30,199 --> 01:17:33,080
මම කරපු දේ ගැන
මම කල්පනා කළා.

756
01:17:33,199 --> 01:17:35,239
එයාට හොඳ හදවතක් තියෙනවා.

757
01:17:35,800 --> 01:17:38,120
කවුද? බාස්කරන්ද?

758
01:17:39,320 --> 01:17:43,120
ඇන්තනී.
- දැන් උඹට තේරුණාද?

759
01:17:46,199 --> 01:17:50,760
මම ඒ ගැන ඇහුවා.
ඇයි එයා ලොකු වැඩ කරන එක නැවැත්තුවේ?

760
01:17:51,480 --> 01:17:54,440
කෙනෙක් හැමදේම දන්නවා නම්,...

761
01:17:54,560 --> 01:17:58,440
...ඒත් එයා ඒක කරන්නේ නැත්නම්,...

762
01:17:59,840 --> 01:18:02,480
...ඒකෙන් පේන්නේ එයා වෙන දේකට
වඩාත් ආදරෙයි කියන එකයි.

763
01:18:04,440 --> 01:18:06,279
ඇන්තනී.

764
01:18:06,400 --> 01:18:09,199
එයා සම්මතීට කිව්වේ
එක වචනයයි.

765
01:18:14,040 --> 01:18:18,160
"සේගර් දක්ෂ ධීවරයෙක්.
ඒ වැඩේ සේගර්ට දෙන්න."

766
01:18:18,279 --> 01:18:21,120
එයා කියපු දේ නිසයි
මම අද මෙතන ඉන්නේ.

767
01:18:21,760 --> 01:18:23,840
ඇයි එයාගේ රස්සාව උඹට දුන්නේ?

768
01:18:33,560 --> 01:18:36,080
සිත්තු, මේ සැරේ
කච්චතිව් ධීවරයෝ...

769
01:18:36,199 --> 01:18:38,040
...කතා කරන්න ඕනේ අපි ගැන විතරයි.

770
01:18:38,440 --> 01:18:41,480
ඇන්තනී, මුළු කච්චතිව්ම
කතා කරන්නේ උඹ ගැන විතරයි.

771
01:18:57,800 --> 01:19:01,120
ඒයි, ඒ බෝට්ටුවක්ද?
- ඒයි, මොකක්ද ඒ?

772
01:19:01,239 --> 01:19:03,800
ඒක ඉන්දියන් බෝට්ටුවක් වගේ.
- ළඟට යමු.

773
01:19:04,120 --> 01:19:05,520
ඒක සම්පූර්ණයෙන්ම ගිලිලා වගේ පේන්නේ.

774
01:19:05,640 --> 01:19:07,640
ඒයි, කවුද කියලා බලපන්.

775
01:19:13,400 --> 01:19:16,279
මෙහෙට, මම මෙයාව උස්සන්නම්.

776
01:19:18,760 --> 01:19:20,520
ඒයි! කවුද මේ?
- මම දන්නේ නෑ.

777
01:19:20,640 --> 01:19:22,040
සිත්තු, වෙරළ පැත්තට ගනිමු.

778
01:19:26,000 --> 01:19:28,080
ෆාදර්, අපි මාළු අල්ලන්න
කච්චතිව් ගියා.

779
01:19:28,199 --> 01:19:32,120
ඉන්දියන් බෝට්ටුවක් ගිලෙනවා අපි දැක්කා.
වෙන කවුරුත් එතන හිටියේ නෑ.

780
01:19:32,239 --> 01:19:34,160
මම දැක්කේ මේ කෙල්ලව විතරයි.

781
01:19:34,279 --> 01:19:35,920
මොනවා කරන්නද කියලා දන්නේ නැති නිසා
අපි සම්මතීගෙන් ඇහුවා.

782
01:19:36,600 --> 01:19:39,720
අයියා කිව්වා
එයාව ඔයා ළඟට ගෙනියන්න කියලා.

783
01:19:40,080 --> 01:19:43,600
දරුවෝ, ඔයා කවුද?
මොකක්ද ඔයාගේ නම?

784
01:19:47,080 --> 01:19:49,279
මම ඔයාගෙන් අහන්නේ,
ඔයා කොහේ ඉඳන්ද එන්නේ?

785
01:19:49,640 --> 01:19:51,600
මට උත්තර දෙන්න!

786
01:19:55,520 --> 01:19:58,080
ෆාදර්, අපි හෙට ආයෙත්
කච්චතිව් යනවා.

787
01:19:58,239 --> 01:20:02,680
අපි ඒ ගැන හොයලා බලලා
මොනවාහරි දැනගත්තොත් කියන්නම්.

788
01:20:03,279 --> 01:20:05,840
බායි ෆාදර්.
සම්මතී, පස්සේ හම්බවෙමු.

789
01:20:05,960 --> 01:20:07,520
අපි යමු.

790
01:20:42,120 --> 01:20:44,840
අපි භූමිතෙල් ගහලා
බඩු ඔක්කොම ගත්තා.

791
01:20:44,960 --> 01:20:47,160
එයාලා එයාලගේ බෝට්ටු වලට ගියා.
මම දැන් යනවා.

792
01:20:47,279 --> 01:20:48,840
හරි, පරිස්සමෙන්.

793
01:20:48,960 --> 01:20:52,560
මෙන්න, මේක එයාට දෙන්න.
- අපි මුහුදෙන් හොයාගත්ත කෙල්ලටද?

794
01:20:52,680 --> 01:20:56,320
ඇයි? එයාට නමක් නැද්ද?

795
01:21:04,160 --> 01:21:05,840
මෙන්න.

796
01:21:08,040 --> 01:21:11,120
ඔයාගේ නම මොකක්ද?
- නාලිනී.

797
01:21:33,640 --> 01:21:35,800
ඊයේ කෑම කොහොමද?

798
01:21:35,920 --> 01:21:38,920
මගේ අක්කා ඉව්වේ.
අද එයා ඉස්සෝ කරියක් හැදුවා.

799
01:21:39,040 --> 01:21:41,040
කන්න. මට දැන් යන්න ඕනේ.

800
01:21:43,920 --> 01:21:45,880
ඇන්තනී!
- ෆාදර්?

801
01:21:47,279 --> 01:21:51,520
මම වටෙන් ගොඩෙන් ඇහුවා,
කවුරුත් එයා ගැන මුකුත් දන්නේ නෑ.

802
01:21:52,080 --> 01:21:55,120
උඹට කවදාවත් එයා ගැන
මුකුත් හොයාගන්න වෙන්නේ නෑ.

803
01:21:55,239 --> 01:21:57,400
එයා අපිට මුකුත් කියන්නෙත් නෑ.

804
01:21:57,520 --> 01:22:00,400
එයා උඹත් එක්ක ඇරෙන්න
වෙන කාත් එක්කවත් කතා කරන්නේ නෑ.

805
01:22:00,520 --> 01:22:03,960
එයාව ආපහු යවන අදහස අතහරින්න.
- අපි එයාට මොකද කරන්නේ?

806
01:22:04,520 --> 01:22:07,640
උඹ හැමතිස්සෙම මුහුදේ.

807
01:22:07,760 --> 01:22:10,239
මුහුදු අම්මා එයාව උඹටයි දුන්නේ.

808
01:22:15,560 --> 01:22:18,600
ජීවිතය හරියට බෝට්ටුවක් වගේ.

809
01:22:19,480 --> 01:22:23,840
ඒක ගිලුණම,
හැමදේම ඉවරයි.

810
01:22:26,080 --> 01:22:31,279
මට නම්, මගේ බෝට්ටුව ගිලෙනකොට,...

811
01:22:31,400 --> 01:22:33,840
...මට හැමදේම නැතිවුණා.

812
01:22:35,320 --> 01:22:38,640
මගේ පවුල මට නැතිවුණා.

813
01:22:40,239 --> 01:22:44,880
එයාලා තාම ජීවතුන් අතරද කියලවත්
මම දන්නේ නෑ.

814
01:22:47,239 --> 01:22:50,000
තත්පරයක් ඇතුළත,
එක්කෙනෙක් මාව බේරගත්තා.

815
01:22:50,120 --> 01:22:53,440
මුකුත් නොදැන,
මම මෙහේ ඉන්නවා.

816
01:22:54,400 --> 01:22:58,640
මගේ නෑදෑයෝ කිව්වොත්,
ඒ පල්ලියේ ෆාදර්,...

817
01:22:58,760 --> 01:23:01,760
...මේ පරවියෝ,...

818
01:23:01,880 --> 01:23:03,920
...ඊටත් වඩා,...

819
01:23:04,040 --> 01:23:05,800
...ඇන්තනී.

820
01:23:10,760 --> 01:23:16,520
කවුරුහරි මගේ සැලැස්ම ගැන
ඇහුවොත්,...

821
01:23:17,400 --> 01:23:20,320
...මම දන්නේ නෑ මොනවා කියන්නද කියලා.

822
01:23:23,760 --> 01:23:26,520
මමත් හරියට ඔයා වගේමයි.

823
01:23:26,640 --> 01:23:29,480
එයාලා මට කියන්නේ දක්ෂ ධීවරයෙක් කියලා.

824
01:23:30,600 --> 01:23:33,120
ඒත් මාස ගාණක් මුහුදේ ඉඳලා,...

825
01:23:33,239 --> 01:23:37,000
...මම ගොඩබිමට ආවාම,
මට තේරෙනවා මට කවුරුත් නෑ කියලා.

826
01:23:39,440 --> 01:23:42,440
මුහුදු අම්මා ඔයාව මට දුන්නා කියලා
ෆාදර් මට කිව්වා.

827
01:23:42,600 --> 01:23:46,680
මම කවදාවත් ඒක විශ්වාස කළේ නෑ.
ඒත් දැන්, මට තේරෙනවා.

828
01:23:49,840 --> 01:23:53,920
අපිව එකතු කරපු මුහුදු අම්මා පල්ලා
මම දිවුරනවා,...

829
01:23:54,040 --> 01:23:56,400
...ඔයා මාව කසාද බඳිනවද?

830
01:23:58,960 --> 01:24:03,160
අපි දෙන්නා එකිනෙකා වෙනුවෙන් ඉඳීවි,
අපිට වෙන කවුරුත් ඕනේ නෑ.

831
01:24:07,440 --> 01:24:10,400
ඔයා ඉල්ලපු ආදරේ
හැමදාටම තියේවි.

832
01:24:26,400 --> 01:24:30,680
මුහුදේ ජීවත් වෙන එක නවත්තන්න.
දැන් ඔයාට සහකාරියක් ඉන්නවා.

833
01:24:30,800 --> 01:24:32,840
එයාව අමතක කරන්න එපා.
- හරි, ෆාදර්.

834
01:25:02,720 --> 01:25:06,560
ආයෙත් මුහුදේ යන්න එපා.
- ඇයි?

835
01:25:06,680 --> 01:25:09,040
ඔයාට තනියම ඉන්න බයද?

836
01:25:09,160 --> 01:25:11,239
ඔයාව නැතිවෙයි කියලා මට බයයි.

837
01:25:13,920 --> 01:25:17,279
වෙන රස්සාවක් කරන්න බැරිද?

838
01:25:21,360 --> 01:25:24,400
මුහුදු ජීවිතේ ඔයා අතහරින්නේ නෑ කියලා
මම දන්නවා.

839
01:25:26,920 --> 01:25:30,000
ඒත් ඔයාට මොනවාහරි
වුණොත්?

840
01:25:31,040 --> 01:25:34,960
මට ආයෙත් කිසිම දෙයක්
නැතිකරගන්න ඕනේ නෑ.

841
01:25:39,400 --> 01:25:42,199
හරි, මම පස්සේ කතා කරන්නම්.
බායි.

842
01:25:45,360 --> 01:25:47,880
කියන්න, අලුත් මනමාලයා?

843
01:25:51,080 --> 01:25:56,640
ලොකු වැඩ සේගර්ට කරන්න දෙමු.
එයා විශ්වාසවන්තයි.

844
01:25:58,720 --> 01:26:00,680
එයා දක්ෂ ධීවරයෙක්.

845
01:26:01,680 --> 01:26:04,239
ඔයාට එයාව විශ්වාස කරන්න පුළුවන්.
- ඇයි ඒ?

846
01:26:04,360 --> 01:26:06,520
ඔයා කොහෙද යන්නේ?

847
01:26:12,720 --> 01:26:16,400
මම පොඩි බෝට්ටුවෙන්
මාළු අල්ලන්න යන්නම්.

848
01:26:16,720 --> 01:26:21,120
උදේට, මම ඔයාට පංගුවක් දෙන්නම්.
- මට පංගුවක් මොකටද?

849
01:26:22,960 --> 01:26:26,160
ඔයාට ඒ බෝට්ටුව තියාගන්න පුළුවන්.

850
01:26:27,120 --> 01:26:29,680
මේ තරම් කල්
ඔයා මට ගෙව්වානේ.

851
01:26:33,120 --> 01:26:35,640
අඩුම තරමේ පංගුව දෙන්නවත්
මම මෙහෙට එන්නම්.

852
01:26:38,560 --> 01:26:41,520
කමක් නෑ, ඒක ඔයාගේ වැඩක්.

853
01:26:56,720 --> 01:27:00,760
ඔයා ගැනම හිතලා,
නැවත නැවතත්...

854
01:27:01,320 --> 01:27:05,320
මට නින්දත් අහිමි වෙලා,
මගේ රත්තරන්...

855
01:27:10,520 --> 01:27:14,560
ඔයා ගැනම හිතලා,
නැවත නැවතත්...

856
01:27:15,120 --> 01:27:19,160
මට නින්දත් අහිමි වෙලා,
මගේ රත්තරන්...

857
01:27:19,760 --> 01:27:23,800
හැමදාම උදේ ඇහැරුණාම,
මම දවස් ගනිනවා...

858
01:27:24,360 --> 01:27:28,400
වැඩ කරනකොටත්,
මට මතක් වෙන්නේ ඔයාව...

859
01:27:28,960 --> 01:27:33,040
මෙහෙම බලන් ඉද්දි,
කාලය ගෙවිලා යනවා...

860
01:27:33,560 --> 01:27:37,640
ඔයා ගැනම හිතලා,
නැවත නැවතත්...

861
01:27:38,160 --> 01:27:42,800
මට නින්දත් අහිමි වෙලා,
මගේ ආදරේ...

862
01:27:58,279 --> 01:28:00,320
ඇයි පරක්කු වුණේ?

863
01:28:00,960 --> 01:28:03,480
රාජුයි මමයි පොඩ්ඩක් බිව්වා.
ඌට හොඳටම වැඩිවුණා.

864
01:28:03,600 --> 01:28:06,480
ඉතින් මට ඌව ගිහින් දාන්න වුණා.

865
01:28:07,960 --> 01:28:09,840
ඔයාට කොහොමද?

866
01:28:10,120 --> 01:28:12,160
මම වැඩිය බිව්වේ නෑ.

867
01:28:25,360 --> 01:28:30,640
ගෑණියෙක් විදිහට
මේ ලෝකෙට ආවට පස්සේ...

868
01:28:34,640 --> 01:28:40,360
හිතේ තියෙන අදහස්
එළියට කියන්න බෑ...

869
01:28:42,960 --> 01:28:47,279
අපි කවුරු වෙලා ඉපදුණත්,
ඒකෙන් කමක් නෑ...

870
01:28:47,400 --> 01:28:51,800
ඇස් වලින් කතා කරනවා නම්,
ඒක තේරුම් ගන්න මදිද...

871
01:28:51,920 --> 01:28:56,480
ගමේ අය කතා කරයි,
කතා හැදෙයි නොයෙක් විදිහට...

872
01:28:56,600 --> 01:29:00,960
ඒ හැමදේම නිහඬ කරන්න
කවුද ඉන්නේ...

873
01:29:01,080 --> 01:29:05,040
කැමැත්ත දිනාගන්නවා...

874
01:29:05,720 --> 01:29:09,680
ලස්සනට දේවල් ලබාගන්නවා...

875
01:29:10,279 --> 01:29:16,239
ඒක ඔයාගෙයි මගෙයි වෙයි,
ඉතින් ඊටපස්සේ මොකද...

876
01:29:17,320 --> 01:29:21,320
ඔයා ගැනම හිතලා,
නැවත නැවතත්...

877
01:29:21,840 --> 01:29:26,520
මට නින්දත් අහිමි වෙලා, මගේ ආදරේ...

878
01:29:35,199 --> 01:29:37,199
තාත්තේ!

879
01:29:38,640 --> 01:29:42,320
මම ළඟපාත ඉන්නම්.
ඉර බහින්න කලින් මම එන්නම්, හරිද?

880
01:29:51,320 --> 01:29:54,840
එයා ආදරේ කරන කෙල්ල වෙනුවෙන්,
එයා වෙනස් වුණා...

881
01:29:54,960 --> 01:29:56,800
...දැන් එයා එයාගේම ජීවිතයක් ගත කරනවා.

882
01:29:58,360 --> 01:30:02,680
එයාට මාළු අල්ලන්න බෑ කියලා හිතන්න එපා.
මේ ඔක්කොම එයාගේ නෝනා වෙනුවෙන්.

883
01:30:05,239 --> 01:30:07,800
අවුරුදු හතරක් කෙල්ලෙක්ට ආදරය කරලා...

884
01:30:07,920 --> 01:30:09,880
...එයාව බඳින එක
ලොකු දෙයක් නෙවෙයි.

885
01:30:13,000 --> 01:30:15,160
අවුරුදු 40කට පස්සෙත්,...

886
01:30:15,279 --> 01:30:17,480
...ඒ ආදරේම දෙන එක
තමයි වැදගත් වෙන්නේ.

887
01:30:23,040 --> 01:30:26,320
බාස්කර් වෙඩින් එකේ
ඔක්කොම වියදම් බලාගනීවි.

888
01:30:26,560 --> 01:30:28,320
දැන් උඹට
මාමණ්ඩියට වැඩ කරන්න පුළුවන්.

889
01:30:28,440 --> 01:30:30,960
එහෙම මුකුත් නෑ අයියේ.

890
01:30:31,080 --> 01:30:34,239
මම සම්මතීවවත් රස්සාවවත්
දාලා යන්නේ නෑ.

891
01:30:34,440 --> 01:30:37,120
උඹ වගේ ගොඩක් එවුන් මට හම්බවෙලා තියෙනවා.
හරි.

892
01:30:40,199 --> 01:30:42,960
ඇන්තනී අයියේ! අයියේ!
- ඇන්තනී!

893
01:30:43,080 --> 01:30:45,800
ඇන්තනී!

894
01:30:48,760 --> 01:30:51,360
ඇන්තනී!

895
01:30:52,600 --> 01:30:54,920
ඇයි බං මෙහේ?

896
01:30:55,040 --> 01:30:57,000
ඇයි උඹ අඬන්නේ?

897
01:30:59,120 --> 01:31:01,760
මොකද වුණේ? ඒයි, මට කියපන්.

898
01:31:03,279 --> 01:31:04,960
ඇන්තනී!

899
01:31:05,080 --> 01:31:07,400
මම එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා.

900
01:31:08,040 --> 01:31:09,840
මොකද වුණේ? මොකක්ද අවුල?

901
01:31:09,960 --> 01:31:12,880
එයාලා කතා කරන්නේ මට තේරෙන්නේ නැති
භාෂාවකින්.

902
01:31:13,000 --> 01:31:15,640
ඒයි, අඬන්න එපා බං.

903
01:31:15,960 --> 01:31:19,239
එයාලා කියනවා ඒකට ගොඩක් සල්ලි යයි කියලා.

904
01:31:19,360 --> 01:31:23,279
මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා.
- බයවෙන්න එපා.

905
01:31:24,040 --> 01:31:25,960
අපි ඒක බලාගන්නම්.

906
01:31:26,080 --> 01:31:28,160
හරි, අඬන්න එපා.

907
01:31:28,279 --> 01:31:29,760
අඬන්න එපා.

908
01:31:29,880 --> 01:31:33,520
බයවෙන්න එපා.
අපි ඒක බලාගන්නම්.

909
01:31:34,000 --> 01:31:36,199
උඹේ හොඳ හිතට
හැමදේම හරියයි.

910
01:31:36,320 --> 01:31:38,440
අඬන්න එපා. නැගිටපන්.

911
01:31:38,560 --> 01:31:41,440
අපි ගෙදර යමු.

912
01:31:41,800 --> 01:31:45,480
යමන්. නැගිටපන්.

913
01:31:45,600 --> 01:31:48,239
උඹේ නෝනා උඹ එනකම් බලන් ඉන්නවා ඇති.
යමන්.

914
01:31:50,279 --> 01:31:52,160
බයවෙන්න එපා.

915
01:32:01,880 --> 01:32:03,960
එන්න.

916
01:32:10,640 --> 01:32:13,160
පරිස්සමෙන්.

917
01:32:15,680 --> 01:32:18,120
හාන්සි වෙන්න.

918
01:33:09,720 --> 01:33:12,640
ගිහින් තාත්තගෙන් අහන්න
මොනවාහරි ඕනෙද කියලා.

919
01:33:29,199 --> 01:33:34,640
තාත්තේ, ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දන්නවා.
මේක ගන්න.

920
01:33:34,760 --> 01:33:38,400
ඔයාට අපිට කියන්න බැරිනම්,
අඩුම තරමේ ගිහින් අම්මටවත් කියන්න.

921
01:33:39,239 --> 01:33:44,480
ඔයා මට කිව්වනේ අම්මාගෙන් ඉල්ලන
ඕනම දෙයක් දෙනවා කියලා.

922
01:33:45,000 --> 01:33:46,600
මේක ගන්න.

923
01:33:46,720 --> 01:33:48,800
යන්න.

924
01:34:26,520 --> 01:34:28,040
අවසාන රිපෝට් ඇවිත් තියෙන්නේ.

925
01:34:28,160 --> 01:34:30,560
ඔයාගේ නෝනාටයි දරුවාටයි...

926
01:34:30,680 --> 01:34:33,680
...පවුලෙන් එන කොලෙස්ටරෝල් රෝගය තියෙනවා (familial hypocholesterolemia).

927
01:34:37,040 --> 01:34:40,360
මේක දෙවෙනි කාණ්ඩයේ,
සමජාතීය තත්වය තමයි බලපාලා තියෙන්නේ.

928
01:34:43,560 --> 01:34:46,680
ඔයාගේ නෝනාගේ පවුලේ අය කොහෙද?

929
01:34:47,199 --> 01:34:49,279
මම ඇරෙන්න එයාට වෙන කවුරුත් නෑ
ඩොක්ටර්.

930
01:34:51,040 --> 01:34:52,880
හරි.

931
01:34:53,000 --> 01:34:55,920
මේක ජාන වලින්
බෝවෙන රෝගයක්.

932
01:34:56,560 --> 01:35:00,560
සමාවෙන්න. මේක ජාන වලින්
පරම්පරාවට යන රෝගයක්.

933
01:35:00,720 --> 01:35:03,480
මේ ලෙඩේ ඇවිත් තියෙන්නේ
ඔයාගේ නෝනාගේ අම්මාගෙන් හරි ආච්චිගෙන් හරි.

934
01:35:04,040 --> 01:35:06,920
මේක හැදෙන්නේ
ලක්ෂයකින් එක්කෙනෙකුට විතරයි.

935
01:35:07,160 --> 01:35:10,440
පරීක්ෂා කරනකම් මේකේ
කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නෑ.

936
01:35:10,680 --> 01:35:13,040
හෘදයාබාධයක් හැදෙන්න තියෙන අවදානම
20 ගුණයකට වඩා වැඩියි...

937
01:35:13,160 --> 01:35:17,239
...සාමාන්‍ය කෙනෙකුට වඩා.

938
01:35:20,239 --> 01:35:23,160
මේ තත්වෙට සම්පූර්ණයෙන් ප්‍රතිකාර කරන්න බෑ.

939
01:35:25,640 --> 01:35:29,600
ඒත් අපිට ප්‍රතිකාර සහ ඉන්ජෙක්ෂන් වලින්
මේක පාලනය කරලා තියාගන්න පුළුවන්.

940
01:35:30,880 --> 01:35:33,880
ඒකට ඔයාට
කොළඹ යන්න වෙනවා.

941
01:35:36,239 --> 01:35:40,320
එක ඉන්ජෙක්ෂන් එකකට යනවා...

942
01:35:40,680 --> 01:35:43,880
...රුපියල් ලක්ෂ 10ක් 20ක් විතර...

943
01:35:44,000 --> 01:35:45,880
...සතියකට.

944
01:35:46,480 --> 01:35:51,000
හිත හයිය කරගෙන
සල්ලි හොයාගන්න බලන්න.

945
01:35:51,800 --> 01:35:56,400
එහෙම නැත්නම් එයාලගේ ජීවිතේ ඉතුරු කාලේ
සතුටින් තියන්න.

946
01:36:23,880 --> 01:36:26,760
අම්මේ!

947
01:36:55,840 --> 01:36:57,400
ඒකේ තේරුම මොකක්ද?

948
01:36:57,520 --> 01:36:59,120
තිරුක්කුරල්.

949
01:37:00,520 --> 01:37:02,320
ඒකෙන් කියන්නේ.....
- ඒකෙන් කියන්නේ මොකක්ද අම්මේ?

950
01:37:02,440 --> 01:37:06,400
අපේ හදවත් වල තියෙන ආදරේ
අපිට හංගන්න බෑ.

951
01:37:06,520 --> 01:37:10,680
අපි අමාරුවක වැටුණාම,
ඒක කඳුළු විදිහට ගලනවා.

952
01:37:26,800 --> 01:37:28,840
තාත්තේ!

953
01:37:32,480 --> 01:37:34,239
රෑට එළියට එන්න එපා.

954
01:37:34,360 --> 01:37:36,680
මේ හරියේ විෂ තියෙන සත්තු
ගොඩක් ඉන්නවා.

955
01:37:36,800 --> 01:37:38,199
හරි තාත්තේ.

956
01:39:39,280 --> 01:39:41,840
තාත්තේ!

957
01:39:44,640 --> 01:39:47,360
ඔයා දවස් දෙකකින්
අපිත් එක්ක කතා කළේ නෑ.

958
01:39:51,000 --> 01:39:53,520
අපි තාම කෑවෙත් නෑ.

959
01:39:56,400 --> 01:39:58,920
අපි එකට කන්න
ඔයා එනකම් බලන් හිටියා.

960
01:40:07,560 --> 01:40:09,960
අතින් මොනවාහරි වැරැද්දක් වුණා නම්,
අපිට සමාවෙන්න.

961
01:40:14,640 --> 01:40:19,120
ඒත් මොකක් වුණත්,
ඒ ගැන වැඩිය හිතන්න එපා.

962
01:40:31,840 --> 01:40:34,720
අපි කාටවත් කරදරයක් කළේ නෑනේ.

963
01:40:35,720 --> 01:40:39,040
හැමදේම හරියාවි.

964
01:40:44,960 --> 01:40:48,600
ඒත් අපිත් එක්ක කතා නොකර
ඉන්න එපා.

965
01:41:19,680 --> 01:41:22,880
එයාලගේ ජීවිතේ ඉතුරු කාලේ
සතුටින් තියන්න.

966
01:41:27,880 --> 01:41:29,920
එදා මම එයාට
එහෙම කතා කරනකොට,...

967
01:41:30,040 --> 01:41:31,640
...ඔයාලා ඔක්කොම මාව එළියට දැම්මා.

968
01:41:32,600 --> 01:41:34,280
ඒත් අද, පව් අසරණයා,...

969
01:41:34,400 --> 01:41:36,520
...එයාගේ නෝනාටයි දුවටයි
දරුණු ලෙඩක් හැදිලා දුක් විඳිනවා.

970
01:41:37,560 --> 01:41:40,640
ප්‍රතිකාර වලටත් ගොඩක් වියදම්.

971
01:41:43,200 --> 01:41:46,120
එයාට කරගන්න දෙයක් නෑ.

972
01:41:46,240 --> 01:41:47,840
එයා හොඳටම අසරණ වෙලා.

973
01:41:48,840 --> 01:41:51,280
ඔයාලා කිව්වා එයා ගමටයි සමිතියටයි
ගොඩක් දේවල් කළා කියලා.

974
01:41:52,280 --> 01:41:54,760
දැන් අපේ වාරේ
එයාට උදව් කරන්න.

975
01:41:56,520 --> 01:42:00,080
අපි පස්සේ නෙවෙයි
දැන් එයාට උදව් කරන්න ඕනේ.

976
01:42:00,200 --> 01:42:02,600
ඉතින්, අපි මොකද කරන්නේ?

977
01:42:02,840 --> 01:42:04,320
ඒයි, පොඩ්ඩක් ඉන්න.

978
01:42:04,680 --> 01:42:08,120
අශෝක්, උඹ කියපන්.
- අපි හෙට මාළු අල්ලන්න යමු.

979
01:42:09,360 --> 01:42:12,000
අපි හොයන සල්ලි ඔක්කොම
ඇන්තනීට දෙන්න ඕනේ.

980
01:42:13,880 --> 01:42:15,880
එයා කියන දේ හරි.

981
01:42:16,000 --> 01:42:18,040
අපි උදව් කරන්න ඕනේ.

982
01:42:18,160 --> 01:42:21,040
අපිට එයාව නිකන් දුක් විඳින්න දෙන්න බෑ.

983
01:42:21,920 --> 01:42:25,560
ඇන්තනී වෙනුවෙන්,
අපි මාළු අල්ලන්න යමු.

984
01:42:25,760 --> 01:42:28,160
අපි එයාට උදව් කරන්න ඕනේ.
අපි බලමු කොහොමද කරන්නේ කියලා.

985
01:42:29,640 --> 01:42:31,680
කොල්ලෝ කියන දේ හරි.

986
01:42:31,800 --> 01:42:36,280
අපිට පාඩු වුණත් ලාභ වුණත්,
මේ ඔක්කොම ඇන්තනී වෙනුවෙන්.

987
01:43:12,800 --> 01:43:15,760
අහස ගොඩක් දුරට විහිදිලා...

988
01:43:15,880 --> 01:43:19,440
දුප්පතුන්ගේ හදවත වගේ...

989
01:43:22,800 --> 01:43:25,720
මුහුද නිමක් නැතුව පැතිරිලා...

990
01:43:25,840 --> 01:43:29,640
දුකින් පිරුණු
පැලක් වගේ...

991
01:43:32,320 --> 01:43:35,560
රැල්ලේ ඝෝෂාව...

992
01:43:35,680 --> 01:43:38,720
දුෂ්කරතාවයේ භාෂාව කතා කරමින්
නැගෙනවා...

993
01:43:38,960 --> 01:43:42,120
ජීවිතය ගෙවිලා ගිහින්...

994
01:43:43,080 --> 01:43:46,120
තාත්තේ, කවුද මේ?

995
01:43:46,720 --> 01:43:50,880
එයා තමයි
හැමෝම සතුටු කරපු කෙනා.

996
01:43:52,400 --> 01:43:55,000
අහස ගොඩක් දුරට විහිදිලා...

997
01:43:55,120 --> 01:43:58,760
දුප්පතුන්ගේ හදවත වගේ...

998
01:44:34,920 --> 01:44:37,640
වෙරළේ තියෙන ගෙයක්...

999
01:44:37,760 --> 01:44:41,080
ඒක කොවුල් කූඩුවක්...

1000
01:44:41,480 --> 01:44:47,000
රැල්ලේ සද්දෙයි කොවුල් නාදයයි
එකට කැටිවෙන තැන...

1001
01:44:48,080 --> 01:44:53,840
ධීවරයා මුතු අරගෙන එයිද...

1002
01:44:54,680 --> 01:45:00,400
කිමිදුම්කරුවා මාළු අරගෙන එයිද...

1003
01:45:01,240 --> 01:45:06,240
කවදාවත් පායන් නැති
උදාව දිහා බලන්...

1004
01:45:07,600 --> 01:45:12,760
රෑ කරුවල නැති වුණත්...

1005
01:45:14,240 --> 01:45:19,280
අපිට තාමත්
දවස උදාවෙන්නේ නෑ...

1006
01:45:20,960 --> 01:45:23,840
අහස ගොඩක් දුරට විහිදිලා...

1007
01:45:23,960 --> 01:45:27,680
දුප්පතුන්ගේ හදවත වගේ...

1008
01:45:41,080 --> 01:45:46,240
අපි මහන්සි නොබලා වැඩ කරමු...

1009
01:45:47,280 --> 01:45:52,720
සීමාවක් නැතුව ආදරය කරමු...

1010
01:45:53,880 --> 01:45:56,800
රැළි අතරේ දැල් දානවා...

1011
01:45:57,080 --> 01:46:00,280
ලැබෙන දෙයින් ජීවත් වෙනවා..

1012
01:46:00,400 --> 01:46:03,720
හිතේ දුක් කරදර තිබුණත්...

1013
01:46:03,840 --> 01:46:06,760
අපි එකට ඉන්නවා..

1014
01:46:06,880 --> 01:46:11,760
මම ඔයාගේමයි...

1015
01:46:13,240 --> 01:46:19,040
දෙවියන් ඔයාව මට දීලා...

1016
01:46:19,880 --> 01:46:25,360
අපි මේ ලෝකේ
ජීවත් වෙලා නැගිටිමු...

1017
01:46:27,080 --> 01:46:30,200
අහස ගොඩක් දුරට විහිදිලා...

1018
01:46:30,320 --> 01:46:34,800
දුප්පතුන්ගේ හදවත වගේ...

1019
01:46:36,760 --> 01:46:40,040
මුහුද නිමක් නැතුව පැතිරිලා...

1020
01:46:40,160 --> 01:46:43,600
දුකින් පිරුණු
පැලක් වගේ...

1021
01:47:02,000 --> 01:47:04,000
වටිනා සාක්ෂිකරුවන්,...

1022
01:47:04,120 --> 01:47:07,800
...එයාලගේ කැමැත්ත දීලා,
එයාට කතා කළා.

1023
01:47:08,040 --> 01:47:12,200
දෙවියන් වහන්සේ තමන්ගේම පුත්‍රයාව
එයාලා වෙනුවෙන් එව්වා.

1024
01:47:18,880 --> 01:47:22,360
අපේ සංස්කෘතියේ,
අපි ගොඩක් වෙලාවට උන්වහන්සේව හඳුන්වන්නේ...

1025
01:47:22,480 --> 01:47:26,280
...'ස්වාමීන් වහන්සේ' හෝ 'දෙවියන් වහන්සේ' විදිහට.

1026
01:47:26,480 --> 01:47:30,560
දෙවියන් වහන්සේ දිහා බලලා,
ඊශ්‍රායෙල් සෙනඟ.....

1027
01:47:30,680 --> 01:47:32,080
ආදරණීය පුත්‍රයා...

1028
01:47:32,200 --> 01:47:37,760
...පාපයෙන් ඔවුන්ව මුදවාගන්නා වුණා.
උන්වහන්සේ ඔවුන්ට ගැලවීම ගෙනාවා.

1029
01:47:37,880 --> 01:47:40,800
උන්වහන්සේ අලුත් ජීවිතයක් ලබාගත්තා.

1030
01:48:11,280 --> 01:48:13,720
ඊටපස්සේ ජේසුස් වහන්සේ ඔවුන්ට මෙහෙම කිව්වා.

1031
01:48:13,840 --> 01:48:17,720
"අද රෑ, ඔයාලා හැමෝම
මා නිසා පැකිළෙයි.

1032
01:48:17,960 --> 01:48:19,720
මම එඬේරාට පහර දෙන්නෙමි...

1033
01:48:19,840 --> 01:48:21,800
...එවිට රැළේ බැටළුවෝ
විසිරී යන්නෝය."

1034
01:48:42,040 --> 01:48:43,920
එයා නිදාගත්තද?

1035
01:48:47,840 --> 01:48:49,720
මට හිතෙන්නේ එයාට නින්ද ගිහින්.

1036
01:48:50,000 --> 01:48:53,160
හරි,
මම ආයෙත් මාළු අල්ලන්න යන්නම්.

1037
01:48:56,960 --> 01:48:58,800
අම්මේ!

1038
01:48:58,920 --> 01:49:01,160
ඒයි!

1039
01:49:03,960 --> 01:49:05,600
නිලා!

1040
01:49:07,800 --> 01:49:09,680
නිලා!

1041
01:49:12,760 --> 01:49:14,960
නිදිද මගේ පැටියෝ?

1042
01:49:17,200 --> 01:49:18,920
මා දිහා බලන්නකෝ.

1043
01:49:19,360 --> 01:49:21,360
සුදූ!

1044
01:49:21,480 --> 01:49:24,200
මම ඔයාව මුහුදේ එක්කන් යන්නම්.

1045
01:49:24,400 --> 01:49:26,560
අම්මා මුකුත් කියන එකක් නෑ.

1046
01:49:28,760 --> 01:49:30,880
අම්මේ!

1047
01:49:47,040 --> 01:49:49,040
ඇයි ඔයා මට කිව්වේ නැත්තේ?

1048
01:50:13,040 --> 01:50:15,320
ඇයි ඔයා මට කිව්වේ නැත්තේ?

1049
01:50:15,880 --> 01:50:19,720
එයා කොච්චර දුක් වින්දද කියලා ඔයා දන්නවද?
- අනේ මට සමාවෙන්න.

1050
01:50:19,920 --> 01:50:23,040
ඔයා දැනගන්නවට මම කැමති වුණේ නෑ.

1051
01:50:29,120 --> 01:50:31,320
මට සමාවෙන්න.

1052
01:50:37,000 --> 01:50:39,760
නිලා, මගේ පැටියෝ!

1053
01:50:50,400 --> 01:50:52,640
තාත්තේ!

1054
01:50:52,920 --> 01:50:54,320
මාත් ඔයත් එක්ක එන්නද?

1055
01:50:54,440 --> 01:50:56,600
අම්මා ඔයාට ගහයි.

1056
01:51:28,080 --> 01:51:30,080
අම්මා ළඟට යමු.

1057
01:52:02,880 --> 01:52:04,960
ඇන්තනී අයියේ!
ඇතුළට ගිහින් බලන්න.

1058
01:52:08,960 --> 01:52:10,840
ඇන්තනී අයියේ!

1059
01:52:13,800 --> 01:52:15,320
මොකද වුණේ?

1060
01:52:15,440 --> 01:52:18,000
ගෙදර කවුරුත් නෑනේ.
- කවුරුත් නැද්ද?

1061
01:52:22,720 --> 01:52:24,160
සමහරවිට
පල්ලියට යන්න ඇති.

1062
01:52:24,320 --> 01:52:26,760
ඒත් එයාගේ සයිකලේ තාම මෙහේ තියෙනවා.

1063
01:52:40,880 --> 01:52:43,640
උලක්කා, බෝට්ටුව ගනින්.
මාමාටත් එන්න කියපන්.

1064
01:52:56,600 --> 01:53:02,600
වෙරළේ තියෙන ගෙයක්
කොවුල් කූඩුවක් වගේ...

1065
01:53:03,160 --> 01:53:08,600
රැල්ලේ සද්දෙයි කොවුල් නාදයයි
එකට කැටිවෙන තැන...

1066
01:53:09,880 --> 01:53:15,640
ධීවරයා මුතු
අරගෙන එයිද...

1067
01:53:16,280 --> 01:53:22,240
කිමිදුම්කරුවා මාළු අරගෙන එයිද...

1068
01:53:22,880 --> 01:53:28,040
කවදාවත් පායන් නැති
උදාව දිහා බලන්...

1069
01:53:29,000 --> 01:53:33,760
රෑ කරුවල
නැති වුණත්...

1070
01:53:35,760 --> 01:53:41,160
අපිට තාමත්
දවස උදාවෙන්නේ නෑ...

1071
01:53:42,440 --> 01:53:44,960
අශෝක්, උඹ ඉස්සෙල්ලා පලයන්.
- ඒයි, බෝට්ටුවට නැගපන්.

1072
01:53:45,120 --> 01:53:47,960
ඒයි, ඉක්මනට වරෙන්!
- යමන් යන්න!

1073
01:53:49,080 --> 01:53:51,360
අපි අම්මවත් එක්කන් එන්න තිබුණේ.

1074
01:53:51,640 --> 01:53:54,520
මාත් ආසයි,
ඒත් අම්මා එන්න කැමති නෑ.

1075
01:53:54,640 --> 01:53:56,800
ඒ ඇයි තාත්තේ?
- මුකුත් නෑ සුදූ.

1076
01:53:56,920 --> 01:54:01,960
ඔයාගේ අම්මයි මගේ අම්මයි අතරේ
පොඩි ගනුදෙනුවක් තියෙනවා.

1077
01:54:15,760 --> 01:54:21,640
අපි මහන්සි නොබලා වැඩ කරමු...

1078
01:54:22,240 --> 01:54:28,160
සීමාවක් නැතුව ආදරය කරමු...

1079
01:54:28,880 --> 01:54:31,680
රැළි අතරේ දැල් දානවා...

1080
01:54:31,920 --> 01:54:34,840
ලැබෙන දෙයින් ජීවත් වෙනවා...

1081
01:54:35,480 --> 01:54:39,360
ඇන්තනී අයියේ!
එයාලා මෙහේ ඇති!

1082
01:54:39,840 --> 01:54:41,760
අයියේ!

1083
01:54:41,920 --> 01:54:46,640
මම ඔයාගේමයි...

1084
01:54:47,960 --> 01:54:53,160
දෙවියන් ඔයාව මට දීලා...

1085
01:54:54,800 --> 01:54:58,000
ඒයි, අතනට පලයන්!

1086
01:55:08,400 --> 01:55:12,640
හැමතැනම බලපන්!
- උඹට දැක්කද?

1087
01:55:13,040 --> 01:55:14,840
එයාලව හොයපන්.

1088
01:55:15,520 --> 01:55:17,400
අතනට පලයන්, උලක්කා!

1089
01:55:22,680 --> 01:55:24,880
මෙතන කවුරුත් නෑ!

1090
01:55:25,600 --> 01:55:27,840
මෙතන ගොඩක් ගැඹුරුයි බං.

1091
01:55:28,440 --> 01:55:31,080
අතන හොයපන්, උලක්කා.
- මෙතන කවුරුත් නෑ.

1092
01:55:31,560 --> 01:55:34,480
මෙතන කවුරුත් නෑ.
අතන හොයපන්, උලක්කා.

1093
01:55:35,000 --> 01:55:37,680
ඇන්තනීව හොයාගන්න නෑ.

1094
01:55:37,880 --> 01:55:40,840
අපිට මුකුත් පේන්නේ නෑ.
- මෙතන කවුරුත් නෑ.

1095
01:55:40,960 --> 01:55:45,520
මෙතන ගොඩක් ගැඹුරුයි.

1096
01:55:45,640 --> 01:55:48,800
එයා කොහොමද මුහුද ගැන
මේ තරම් දන්නේ?

1097
01:56:19,960 --> 01:56:22,520
හැම අවුරුද්දකම,
ඇන්තනීගේ සමරු දිනයේදී,...

1098
01:56:22,640 --> 01:56:28,600
...ගමේ අය එකතු වෙලා දුප්පතුන් සහ
රෝගීන් වෙනුවෙන් අරමුදලක් එකතු කරනවා.

1099
01:56:29,120 --> 01:56:32,160
අපි මේ අවුරුද්දෙත්
ඒ සම්ප්‍රදායම කරගෙන යනවා.

1100
01:56:32,720 --> 01:56:37,160
ඇන්තනීවයි එයාගේ පවුලේ අයවයි
හැමදාම අපේ හදවත් වල තියේවි.

1101
01:56:37,280 --> 01:56:38,800
ආමෙන්.

1102
01:56:39,480 --> 01:56:42,440
මගේ අම්මා,
මුහුදු අම්මා...

1103
01:56:42,560 --> 01:56:45,200
අපිට ලැබුණු මේ ශරීරයත්
ඔයාගෙන්මයි...

1104
01:56:48,800 --> 01:56:51,320
මගේ අම්මා,
මුහුදු අම්මා...

1105
01:56:51,440 --> 01:56:54,720
අපිට ලැබුණු මේ ශරීරයත්
ඔයාගෙන්මයි...

1106
01:56:54,960 --> 01:56:57,600
කවදාවත් ඉවර නොවන ණයක්...

1107
01:56:57,720 --> 01:57:00,760
මේක තමයි ඒක ගෙවන්න ඕනේ වෙලාව...

1108
01:57:00,880 --> 01:57:03,800
අපේ වෙව්ලන හදවත් වල...

1109
01:57:03,920 --> 01:57:06,920
අපේ ණය බර ඔයා උසුලනවා...

1110
01:57:07,040 --> 01:57:12,080
අපි හැම බරක්ම
ඔයාගේ දෙපාමුලින් තිබ්බා...

1111
01:57:13,240 --> 01:57:16,920
මගේ අම්මා,
මුහුදු අම්මා...

1112
01:57:18,960 --> 01:57:21,720
අපේ මේ මුළු ජීවිතයම...

1113
01:57:21,840 --> 01:57:24,840
රඳා පවතින්නේ
ඔයාගේ ඇස්වල තියෙන දයාව මතයි...

1114
01:57:24,960 --> 01:57:27,840
ඉස්සරහට එන හැම ආත්මෙකම...

1115
01:57:27,960 --> 01:57:31,480
ඔයාට වඳින්න අපිට
වරම් ලබා දෙන්න...

1116
01:57:31,504 --> 01:57:41,504
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>
