1
00:01:45,351 --> 00:02:05,351
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:02:27,375 --> 00:02:28,666
වැස්ස පායන පාටක් නෑ.

3
00:02:29,250 --> 00:02:30,416
අපිට කෝච්චිය මඟහැරෙන්න ඇති.

4
00:02:30,750 --> 00:02:31,666
අපි කාගෙන්ද අහන්නේ?

5
00:02:33,416 --> 00:02:34,666
අපි ස්ටේෂන් මාස්ටර්ගෙන් අහමු.

6
00:02:35,083 --> 00:02:35,958
එන්න.

7
00:02:37,041 --> 00:02:37,916
මෙහෙන්.

8
00:02:41,875 --> 00:02:43,666
-හලෝ සර්.
-මහත්තයා.

9
00:02:44,333 --> 00:02:46,000
අපිට පාන්දර 1:00 කෝච්චිය
මඟහැරුණාද?

10
00:02:46,708 --> 00:02:47,583
මේ කවුද?

11
00:02:47,916 --> 00:02:49,166
කුම්භකර්ණගේ මාමා.

12
00:02:50,041 --> 00:02:51,500
-හලෝ.
-අයියේ, නැගිටින්න.

13
00:02:51,958 --> 00:02:52,833
සර්.

14
00:02:53,125 --> 00:02:55,000
අපිට පාන්දර 1:00 කෝච්චිය
මඟහැරුණාද?

15
00:02:56,250 --> 00:02:58,375
මඟහැරෙන්න කලින්
කෝච්චියක් එන්න එපැයි.

16
00:02:58,500 --> 00:03:00,125
පීලි යටවෙලා තියෙන්නේ.

17
00:03:00,500 --> 00:03:01,750
ඔක්කොම කෝච්චි පරක්කුයි.

18
00:03:02,000 --> 00:03:02,916
කෝච්චිය කීයටද එන්නේ?

19
00:03:03,000 --> 00:03:04,916
ආවම දැනගන්න පුළුවන්.

20
00:03:05,000 --> 00:03:07,666
යමු බං.
මෙයා කතා කරන්නේ මගේ තාත්තා වගේ.

21
00:03:09,000 --> 00:03:09,875
හේයි!

22
00:03:11,666 --> 00:03:12,791
මාර සීතලයි.

23
00:03:14,000 --> 00:03:15,083
-ජස්සි අයියේ.
-ඔව්?

24
00:03:15,666 --> 00:03:17,291
බලන්නකෝ, කවුදෝ ගිනිමැලයක් ගහලා.

25
00:03:17,791 --> 00:03:18,958
-අපි එතනට යමු.
-ඔව්.

26
00:03:19,041 --> 00:03:20,000
-යමු.
-ඔව්.

27
00:03:23,083 --> 00:03:26,208
අංකල්, නමස්කාරම්. මාර සීතලයි.
අපිත් මෙතනින් වාඩිවෙන්නද?

28
00:03:29,708 --> 00:03:31,750
අංකල් මේ පැත්තෙමද?

29
00:03:33,541 --> 00:03:34,791
මෙයා කතා කරන්නේ නෑනේ.

30
00:03:35,291 --> 00:03:37,875
අපි දිල්ලි ඉඳන් ආවේ
යාළුවෙකුගේ වෙඩින් එකකට.

31
00:03:44,208 --> 00:03:47,500
මිනිස්සු කිව්වා අවුරුදු ගාණකට කලින්
මෙහේ කාටවත් බඳින්න බැරි වුණා කියලා.

32
00:03:48,416 --> 00:03:50,833
මනමාලි බඳින දවසෙම
අතුරුදහන් වෙනවලු.

33
00:03:53,250 --> 00:03:55,875
එහෙම වුණු කාලයකුත් තිබුණා.

34
00:03:56,833 --> 00:03:59,083
ඒත් ඒ අවුරුදු ගාණකට කලින්.

35
00:04:05,125 --> 00:04:06,208
වෙලාව කීයද?

36
00:04:06,375 --> 00:04:08,916
තාම හතයි.
බයවෙන්න එපා.

37
00:04:09,041 --> 00:04:10,666
අපි පැයකින් ලක්නව්වලට යයි.

38
00:04:10,833 --> 00:04:13,500
ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 10:30ට.
අපිට ඕන තරම් වෙලා තියෙනවා.

39
00:04:17,166 --> 00:04:18,250
මොකද වෙන්නේ?

40
00:04:18,750 --> 00:04:22,333
ඉස්සරහට යන්න බෑ.
මහ වැස්සට ගහක් කඩාවැටිලා.

41
00:04:24,041 --> 00:04:26,000
ඒත් අපි පැයකින්
ලක්නව් යන්න ඕනේ.

42
00:04:27,208 --> 00:04:29,583
ඔයාලට මේ පාරෙන් යන්න බෑ.

43
00:04:29,875 --> 00:04:31,583
ගස් කීපයක්ම කඩාවැටිලා.

44
00:04:32,125 --> 00:04:33,625
මංගල්පූර් පාරෙන් යන්න.

45
00:04:33,750 --> 00:04:34,625
මංගල්පූර්?

46
00:04:34,875 --> 00:04:36,083
ඔයා මොනවද කල්පනා කරන්නේ?

47
00:04:36,291 --> 00:04:38,333
එයා කියන පාරෙන්ම යමු.

48
00:04:38,833 --> 00:04:40,041
අපිට ෆ්ලයිට් එකකට යන්න තියෙනවා.

49
00:04:40,750 --> 00:04:43,041
ඒත්... ඒක භයානකයි සර්.

50
00:04:43,250 --> 00:04:44,125
මොන භයානකද?

51
00:04:45,208 --> 00:04:48,208
සර්, අලුත බැඳපු ජෝඩුවලට

52
00:04:48,666 --> 00:04:50,250
ඒ පාරෙන් යන එක තහනම්.

53
00:04:50,500 --> 00:04:51,375
ඇයි ඒ?

54
00:04:52,250 --> 00:04:56,291
සර්, මිනිස්සු කියනවා එහේ
යක්ෂයෝ මනමාලියන්ව උස්සනවා කියලා.

55
00:04:56,625 --> 00:04:57,833
මොන විකාරයක්ද.

56
00:04:58,333 --> 00:04:59,666
අපි ඔය වගේ කතා
විශ්වාස කරන්නේ නෑ.

57
00:04:59,791 --> 00:05:00,875
යමු, වාහනේ ස්ටාට් කරන්න.

58
00:05:01,208 --> 00:05:02,875
ඒක කතාවක් නෙවෙයි සර්.

59
00:05:03,041 --> 00:05:04,291
මමත් මංගල්පූර්වලින්මයි.

60
00:05:04,583 --> 00:05:06,708
අන්තිම මනමාලි
අතුරුදහන් වුණේ අවුරුදු 12කට කලින්.

61
00:05:07,208 --> 00:05:08,791
එදා ඉඳන්
කවුරුවත් මෙහේ බැඳලා නෑ,

62
00:05:08,916 --> 00:05:11,625
කිසිම මනමාලියෙක් ඒ පාරෙන් ගිහිල්ලත් නෑ.

63
00:05:11,958 --> 00:05:14,666
තමුසේගේ ඔය කතා හින්දා
අපිට ෆ්ලයිට් එකත් මිස් වෙනවා.

64
00:05:15,041 --> 00:05:16,708
බස් එක හරවගන්නවා,
අපි යමු.

65
00:05:32,625 --> 00:05:33,625
දැන් මොකද වුණේ?

66
00:05:38,333 --> 00:05:39,791
සර්, ටයර් එක හුළං ගිහින්.

67
00:05:40,333 --> 00:05:41,333
දෙවියනේ.

68
00:05:41,416 --> 00:05:42,875
හැමෝටම බහින්න වෙනවා.

69
00:05:43,541 --> 00:05:46,166
ටිකක් විවේක ගන්න.
මම ටයර් එක මාරු කරලා කතා කරන්නම්.

70
00:05:47,250 --> 00:05:48,166
මාරම සීතලයි.

71
00:05:50,750 --> 00:05:51,708
මෙහාට එන්නකෝ.

72
00:05:57,791 --> 00:05:59,416
මෙතනින් වාඩිවෙන්න. මම තේ එකක් අරන් එන්නම්.

73
00:05:59,625 --> 00:06:00,708
-හරි.
-එන්න, වාඩිවෙන්න.

74
00:06:02,541 --> 00:06:04,375
-ශෝල් එකක් දාගන්න.
-හරි.

75
00:06:09,333 --> 00:06:11,083
අද එකපාරටම
සීතල වැඩි වුණා.

76
00:06:11,333 --> 00:06:13,416
කමක් නෑ.
මේ රස්නේ තේ එක බොන්න.

77
00:06:13,833 --> 00:06:14,708
නැන්දම්මා.

78
00:06:14,791 --> 00:06:15,750
අපෝ!

79
00:06:17,416 --> 00:06:18,666
අංකල්, සිග්නල් නෑනේ.

80
00:06:19,666 --> 00:06:21,083
මට හිතෙන්නේ නෑ අපිට ෆ්ලයිට්
එකට යන්න පුළුවන් වෙයි කියලා.

81
00:06:21,791 --> 00:06:23,166
දෙවියනේ.
අපි මේ මොන කරදරේකද වැටුණේ?

82
00:06:24,083 --> 00:06:25,250
-සීතලත් වැඩි වෙනවා.
-තේ එකක්?

83
00:06:25,791 --> 00:06:27,208
ඔව්, ස්තූතියි.

84
00:06:57,208 --> 00:06:58,083
මාත් එක්කම ඉන්න.

85
00:07:38,416 --> 00:07:40,416
ඔයා ඇයි හැමතිස්සෙම කිව්වේ කියලා මට දැන් තේරෙනවා

86
00:07:41,125 --> 00:07:44,291
දුෂ්‍යන්ත් මහාරාජ්ට
කාවවත් හම්බවෙන්න ඕනේ වුණේ නෑ කියලා.

87
00:07:45,500 --> 00:07:46,833
දොස්තරලා කිව්වා

88
00:07:46,916 --> 00:07:49,083
එයාට දරුණු බෝවෙන රෝගයක් තිබුණා කියලා.

89
00:07:50,250 --> 00:07:52,958
එයා දවස් 40ක්
කාමරෙන් එළියට ආවේ නෑ.

90
00:07:54,166 --> 00:07:56,416
අපි අන්තිමට හම්බවුණේ
පෝය දවසේ රෑ.

91
00:07:57,291 --> 00:07:59,125
එයා මාලිගාවට ආවේ
පූජාවට.

92
00:08:00,583 --> 00:08:03,291
එයාට සනීප නෑ කියලා කිව්වා.

93
00:08:03,750 --> 00:08:07,916
එයා දවස් දෙකක් කාමරෙන් එළියට ආවේ නෑ,
කෑමටවත්.

94
00:08:08,500 --> 00:08:11,041
කෑම පිඟාන කාමරේ දොර ගාවින් තිබ්බා.

95
00:08:11,750 --> 00:08:15,000
අද උදේ මම එළියට එනකොටත්,
පිඟාන එතනම තිබුණා.

96
00:08:15,333 --> 00:08:16,875
එතකොටයි මට තේරුණේ එයා...

97
00:08:17,291 --> 00:08:19,791
දුෂ්‍යන්ත් ආචාර්ය
කියන්නේ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.

98
00:08:21,041 --> 00:08:24,333
එයාගේ අන්තිම කාලේ
කවුරුවත් එයා ළඟ හිටියේ නෑ.

99
00:08:25,333 --> 00:08:28,375
මේ සේරම දේපළ අයිති වෙන්න
ලියවිලා තියෙන්නේ කාටද දන්නේ නෑ.

100
00:08:40,666 --> 00:08:43,000
දැන් මම කියන විදිහටම කියන්න.

101
00:08:46,916 --> 00:08:47,791
කියන්න.

102
00:08:51,291 --> 00:08:54,791
මන්ත්‍ර හරියට කියන්න.
කියන්න.

103
00:08:58,875 --> 00:09:01,333
කොහෙන්ද මේ මෝඩයාව හොයාගත්තේ?

104
00:09:01,916 --> 00:09:03,541
කොහෙන්ද මේ මෝඩයාව හොයාගත්තේ?

105
00:09:03,916 --> 00:09:05,083
තමුසේ මට විහිළු කරනවද?

106
00:09:06,250 --> 00:09:08,875
මම විහිළු කරන්නේ නෑ--
ඔයා කිව්වේ ඔයා කියන දේම කියන්න කියලා.

107
00:09:08,958 --> 00:09:09,916
මම ඒකයි කරන්නේ.

108
00:09:11,791 --> 00:09:12,750
මනමාලිට කතා කරන්න.

109
00:09:13,625 --> 00:09:15,750
ශීලා, කරුණාකරලා නෝනාව එක්කන් එන්න.

110
00:09:18,333 --> 00:09:19,250
එයා ආවා.

111
00:09:19,708 --> 00:09:21,541
කවුද මනමාලිව එක්කන් එන්නේ?

112
00:09:22,166 --> 00:09:26,291
චාරිත්‍රවලට මනමාලිව එක්කන් එන්න පුළුවන්
එයාගේ තාත්තට විතරයි.

113
00:09:39,458 --> 00:09:40,750
මාලේ මනමාලිට දෙන්න.

114
00:09:42,958 --> 00:09:45,875
මෝඩයෝ...
මාලේ දකුණු අතින් අල්ලගන්නවා.

115
00:09:45,958 --> 00:09:46,875
දකුණු අතින්, අර්ජුන්.

116
00:09:48,458 --> 00:09:51,166
දැන් ගහට මාලේ දාන්න, ළමයෝ.

117
00:09:57,375 --> 00:09:59,500
දැන් ගහට තිලක තියන්න.

118
00:10:02,000 --> 00:10:03,000
ගහට!

119
00:10:04,083 --> 00:10:05,000
ගහට.

120
00:10:12,708 --> 00:10:13,791
දැන් කඩුව අල්ලගන්න.

121
00:10:15,583 --> 00:10:16,500
කඩුව අතන තියෙන්නේ.

122
00:10:19,500 --> 00:10:20,375
කපන්න.

123
00:10:26,416 --> 00:10:28,875
ගහ කපන්න. ගහ!

124
00:10:29,458 --> 00:10:31,833
එහෙනම් පැහැදිලිව කියන්නකෝ.
මම හැමදාම මේවා කරන්නේ නෑනේ.

125
00:10:32,791 --> 00:10:33,875
ඔයා නම් මාරයි.

126
00:10:34,500 --> 00:10:35,375
කපන්න.

127
00:10:36,208 --> 00:10:38,875
මහාරාජ්, මේකයි
වෙඩින් එක දිගටම කල් යන්නේ.

128
00:10:39,208 --> 00:10:40,458
මුළු පවුලේම දෝෂ තියෙනවා.

129
00:10:43,083 --> 00:10:48,583
දැන් මීරාටයි රාහුල්ටයි... බඳින්න පුළුවන්.

130
00:10:50,000 --> 00:10:56,500
ඒකාදශි දවසේ,
ඒ කියන්නේ කාර්තික් මාසේ 11 වෙනිදා.

131
00:10:56,833 --> 00:11:01,833
ඔයාලගේ විදිහට නම්
නොවැම්බර් 13 වෙනිදා.

132
00:11:09,666 --> 00:11:10,625
තාත්තේ.

133
00:11:10,833 --> 00:11:13,250
මගේ වෙඩින් එක ගන්න තැන
ආයෙත් වෙනස් වුණා.

134
00:11:14,583 --> 00:11:16,333
-දැන් උදයිපූර් නෙවෙයිද?
-නෑ.

135
00:11:16,708 --> 00:11:18,875
මොකද උදයිපූර් මාලිගාව
වටේටම තියෙන්නේ වතුර.

136
00:11:18,958 --> 00:11:21,458
රාහුල්ගේ ආච්චි
වතුරට බයයිලු, ඉතින්...

137
00:11:21,916 --> 00:11:23,958
එයා වතුරට බය නම්,
නාන්නේ නැද්ද?

138
00:11:24,208 --> 00:11:25,125
අර්ජුන්?

139
00:11:25,458 --> 00:11:26,625
ගුජරාට් ෆෝට් එක ගත්තොත්?

140
00:11:27,333 --> 00:11:29,791
වාස්තු හොඳ නෑලු.
ඒකත් කරන්න බෑ.

141
00:11:30,875 --> 00:11:31,750
අන්න හරි.

142
00:11:32,291 --> 00:11:34,125
මම කොහොමත් මේ කසාදෙට විරුද්ධයි.

143
00:11:35,000 --> 00:11:37,666
මම කැමති වුණේ ඔයා රාහුල්ට
ආදරේ කරන නිසා විතරයි.

144
00:11:39,041 --> 00:11:41,875
එයාලට ඕනේ නම්
අපායෙදි වුණත් බැඳගන්න පුළුවන්.

145
00:11:42,208 --> 00:11:43,875
මට කතා කරන්න,
මම ඇවිත් චාරිත්‍ර ටික කරන්නම්.

146
00:11:44,166 --> 00:11:45,125
අනික,

147
00:11:45,708 --> 00:11:47,125
මම හෙට සෙමිනාර් එකකට
සිඩ්නි යනවා.

148
00:11:47,958 --> 00:11:51,458
ඔයාලා දෙන්නා මට කතා කරලා
ප්‍රශ්න අහන්න එපා.

149
00:12:00,250 --> 00:12:01,125
තාත්තේ.

150
00:12:01,958 --> 00:12:02,833
මෙන්න.

151
00:12:07,291 --> 00:12:10,625
ඔයා තාම මට කිව්වේ නෑ
එයා ගැන මොකද තීරණය කළේ කියලා.

152
00:12:11,000 --> 00:12:12,458
"බලන්න, මම දුප්පත් මනුස්සයෙක්."

153
00:12:13,000 --> 00:12:15,333
"මට තියෙන්නේ මේ ගේ විතරයි."

154
00:12:15,541 --> 00:12:17,250
බලන්න, මම දුප්පත් මනුස්සයෙක්.

155
00:12:17,708 --> 00:12:19,291
මට තියෙන්නේ මේ ගේ විතරයි.

156
00:12:19,750 --> 00:12:20,625
හරි.

157
00:12:20,916 --> 00:12:22,875
ඒත් එයාට
ගෙවන්න ණය ගොඩක් තියෙනවා,

158
00:12:22,958 --> 00:12:24,916
මිනිස්සු එයාට විරුද්ධව
නඩුත් දාලා.

159
00:12:25,375 --> 00:12:26,750
"මමද එයාට ණයට ගන්න කිව්වේ?"

160
00:12:27,125 --> 00:12:28,375
මමද එයාට ණයට ගන්න කිව්වේ?

161
00:12:29,250 --> 00:12:31,208
සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගියාට පස්සේ
ළමයි ජීවිතේට...

162
00:12:31,916 --> 00:12:33,000
ප්‍රයෝජනයක් වෙන දේවල් ඉගෙන ගන්නවා.

163
00:12:33,958 --> 00:12:34,833
ඒක නම් අලුත් එකක්.

164
00:12:35,375 --> 00:12:36,291
ඉතින් එයා මොකද කළේ?

165
00:12:36,750 --> 00:12:37,791
එයා ඇනකොන්ඩෙක් අල්ලන්න ගියා.

166
00:12:37,875 --> 00:12:39,458
එයා ටයිකොන්ඩෝ ඉගෙන ගන්න ගියා.

167
00:12:39,541 --> 00:12:40,500
මොනවා හරි.

168
00:12:41,208 --> 00:12:44,291
කවුද තාත්තගේ
සල්ලි වියදම් කරලා ගහගන්න ඉගෙන ගන්නේ?

169
00:12:48,208 --> 00:12:49,083
ඔව්, ඔව්!

170
00:12:49,333 --> 00:12:50,541
අනිවාර්යයෙන්ම, මම එන්නම්.

171
00:12:50,791 --> 00:12:52,791
ෆෝන් එකේ කවුරුවත් නෑ.
ඔයා සේරම ඇහුවා නේද?

172
00:12:53,375 --> 00:12:54,333
නැත්තම් මම ආයෙත් කියන්නද?

173
00:13:02,250 --> 00:13:03,166
අහන්න...

174
00:13:04,083 --> 00:13:05,875
මොනවා වුණත් එයා මගේ පුතානේ.

175
00:13:07,291 --> 00:13:09,666
ඔයාගේ වෙඩින් එක ඉවර වුණාම,
මම එයාට උදව් කරන්නම්.

176
00:13:11,541 --> 00:13:12,791
හැබැයි මේක එයාට කියන්න එපා.

177
00:13:13,416 --> 00:13:14,791
නැත්තම්,
එයා තවත් ණය ගනියි.

178
00:13:16,291 --> 00:13:17,166
ඇයි ඔයා හිනාවෙන්නේ?

179
00:13:19,375 --> 00:13:20,416
-බායි.
-බායි.

180
00:13:21,041 --> 00:13:22,250
-ගුඩ් මෝනින්.
-ගුඩ් මෝනින්.

181
00:13:26,083 --> 00:13:28,583
හැබැයි මම මේක කිව්වා කියලා එයාට කියන්න එපා,
නැත්තම් එයා මාව මරයි, හරිද?

182
00:13:28,833 --> 00:13:30,458
එයා තාමත් මට ආදරෙයිද?

183
00:13:30,708 --> 00:13:32,250
"එයා තාමත් මට ආදරෙයිද?"

184
00:13:32,500 --> 00:13:33,375
එයා ආදරෙයි.

185
00:13:35,458 --> 00:13:38,000
අහන්න, කවුරුහරි මම ගැන ඇහුවොත්,

186
00:13:38,083 --> 00:13:40,333
මම මැරිලා කියලා කියන්න.
ඔයා මොකද කියන්නේ?

187
00:13:40,875 --> 00:13:42,041
මම මැරිලා. අහන්නකෝ.

188
00:13:42,500 --> 00:13:43,375
මෝඩයා.

189
00:13:45,375 --> 00:13:46,250
ඔව්?

190
00:13:46,333 --> 00:13:48,541
මීරා ආචාර්ය මිස්ව
කොහෙන්ද හොයාගන්න පුළුවන් කියලා ඔයා දන්නවද?

191
00:13:49,500 --> 00:13:50,458
ඒ මම තමයි.

192
00:13:51,500 --> 00:13:52,416
මිස් ආචාර්ය.

193
00:13:53,208 --> 00:13:54,708
මගේ නම රිචඩ් ගාඩ්නර්.

194
00:13:55,041 --> 00:13:56,708
ස්මිත් ඇන්ඩ් අසෝසියේට් නීති ආයතනයෙන්.

195
00:13:57,500 --> 00:13:59,375
මට ඔයා එක්ක
විනාඩියක් කතා කරන්න පුළුවන්ද?

196
00:14:00,125 --> 00:14:01,083
මම ඇතුළට එන්නද?

197
00:14:03,041 --> 00:14:04,250
ෂුවර්. එන්න.

198
00:14:04,833 --> 00:14:05,750
ස්තූතියි.

199
00:14:07,500 --> 00:14:10,875
ඔයාගේ සීයලා,
දුෂ්‍යන්ත් ආචාර්ය මහත්තයා,

200
00:14:11,916 --> 00:14:12,791
නැතිවෙලා.

201
00:14:13,500 --> 00:14:14,500
මගේ සීයා?

202
00:14:15,958 --> 00:14:19,291
ඉන්දියාවේ ඉන්න අපේ හවුල්කරුවන්
එයාගේ අන්තිම කැමති පත්‍රය එවලා තියෙනවා.

203
00:14:19,583 --> 00:14:22,333
ඒ මුළු දේපළම
අයිති වෙන්නේ ඔයාට විතරයි.

204
00:14:23,291 --> 00:14:27,791
ඒකේ වටිනාකම රුපියල්
බිලියන පහක් විතර වෙනවා,

205
00:14:28,791 --> 00:14:30,791
ඒ වගේම, පුදුමෙකට වගේ,

206
00:14:31,666 --> 00:14:32,583
මාලිගාවකුත් තියෙනවා

207
00:14:33,166 --> 00:14:34,083
උතුරු ඉන්දියාවේ.

208
00:14:35,708 --> 00:14:37,333
ඔයා ආවේ හරි ගෙදරටමද කියලා ෂුවර්ද?

209
00:14:38,708 --> 00:14:41,750
ඔයාගේ අම්මගේ නම
යශෝධා, හරි නේද?

210
00:14:44,916 --> 00:14:45,791
ඔව්.

211
00:14:45,916 --> 00:14:48,208
ඒ කියන්නේ මම ඇවිත් තියෙන්නේ
හරි තැනට තමයි.

212
00:14:51,833 --> 00:14:52,875
ඔයා විහිළුවක්ද කරන්නේ?

213
00:14:54,166 --> 00:14:55,125
කවුද ඔයාව එව්වේ?

214
00:14:55,500 --> 00:14:56,583
සමාවෙන්න, ඔයා කවුද?

215
00:14:57,750 --> 00:14:58,666
අර්ජුන් ආචාර්ය.

216
00:14:59,083 --> 00:14:59,958
මෙයාගේ මල්ලි.

217
00:15:01,916 --> 00:15:02,791
හරි.

218
00:15:03,666 --> 00:15:04,541
ඉතින්...

219
00:15:05,500 --> 00:15:06,375
මෙන්න.

220
00:15:06,500 --> 00:15:08,041
මේ තියෙන්නේ ඔරිජිනල් ලියවිල්ල.

221
00:15:08,458 --> 00:15:11,083
ඔයාලා දෙන්නා මෙතනින් අත්සන් කරනවද.

222
00:15:24,708 --> 00:15:25,958
තාත්තා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ.

223
00:15:26,791 --> 00:15:27,708
ෆෝන් එක රින්ග් වෙනවා.

224
00:15:29,666 --> 00:15:30,625
හලෝ, තාත්තේ?

225
00:15:31,875 --> 00:15:32,750
රාහුල්?

226
00:15:33,291 --> 00:15:34,250
ඔව්...

227
00:15:35,666 --> 00:15:36,583
හරි.

228
00:15:38,458 --> 00:15:39,375
එහෙමද?

229
00:15:40,333 --> 00:15:41,291
හරි, කමක් නෑ.

230
00:15:44,500 --> 00:15:46,416
මෙදා පාර එයාලා
කපන්න කියන්නේ මොන ගහද?

231
00:15:47,125 --> 00:15:49,666
ආච්චි කියනවා එයාට
වෙන යෝජනා මුකුත් නෑ කියලා.

232
00:15:50,416 --> 00:15:52,416
අපිට කැමති තැනක බැඳගන්න පුළුවන්ලු.

233
00:15:52,791 --> 00:15:56,041
ඒත් අපිට වෙඩින් එකේ දවස වෙනස් කරන්න බෑ
මොකද රාහුල්ට තව නිවාඩු හම්බවෙන්නේ නෑ.

234
00:15:58,250 --> 00:15:59,166
ඒක මරුනේ.

235
00:15:59,583 --> 00:16:01,791
ඔයාගේම මාලිගාවේ වෙඩින් එක ගන්න.
නියමයිනේ.

236
00:16:02,625 --> 00:16:05,958
නෑ, ඒත් අපි තාම ගෝවින්ද් මහාරාජ්ගෙන්
වාස්තු බලවගන්න ඕනේ.

237
00:16:06,208 --> 00:16:09,583
ඇත්තමයි, දවසක මම ඔය මහාරාජ්ට
හරි කවුරුහරි එකාට කනේ පාරක් ගහනවා.

238
00:16:11,875 --> 00:16:13,375
අපි මේක තාත්තට කියමු.

239
00:16:14,208 --> 00:16:15,750
එයාට කතා කරන්න. ආයෙත් කතා කරන්න.

240
00:16:15,875 --> 00:16:17,583
ස්තූතියි.
ඔයාගේ පාස්පෝට් එක බලන්න පුළුවන්ද?

241
00:16:17,791 --> 00:16:18,666
ස්තූතියි.

242
00:16:27,791 --> 00:16:29,500
ක්වොන්ටම් භෞතික විද්‍යාවට ගොඩක් කලින්,

243
00:16:30,083 --> 00:16:32,583
වේදවල ආත්ම ගැන කතා කරලා තියෙනවා.

244
00:16:33,750 --> 00:16:34,750
ආත්මය.

245
00:16:35,375 --> 00:16:38,625
උපමාවක් විදිහට නෙවෙයි,
ඇත්තටම තියෙන දෙයක් විදිහට.

246
00:16:39,250 --> 00:16:40,750
යෝගිවරු විශ්වාස කළා

247
00:16:41,333 --> 00:16:44,125
එයාලගේ ආත්ම ශරීරයෙන්
පිටතට යවන්න පුළුවන් කියලා.

248
00:16:44,666 --> 00:16:46,958
සත්‍යය හොයලා ආපහු එන්න.

249
00:16:47,583 --> 00:16:48,666
පැරණි පොත්වල,

250
00:16:49,000 --> 00:16:50,791
වේදයේ ඉඳන් බයිබලය දක්වාම,

251
00:16:51,666 --> 00:16:54,208
එයාලා කතා කළේ සංක්‍රමණය වෙන ආත්ම ගැන.

252
00:16:54,583 --> 00:16:56,625
උදාහරණයක් විදිහට හූනියම්,

253
00:16:57,166 --> 00:17:00,166
සමහරු මිථ්‍යාවක් කියලා කියන දේ,
ගොඩක් වෙලාවට ක්‍රමවේදයක්,

254
00:17:01,000 --> 00:17:03,333
ආත්මයක් ගෙන්නගන්න හරි පාලනය
කරන්න හරි පාවිච්චි කරන ක්‍රමයක්.

255
00:17:08,375 --> 00:17:09,500
මට ඇත්තටම සමාවෙන්න.

256
00:17:09,916 --> 00:17:11,583
අපි හැමෝටම ස්වභාවයන් දෙකක් තියෙනවා.

257
00:17:12,833 --> 00:17:15,666
මනුස්සයා සහ තිරිසනා.
දවාල සහ රෑ.

258
00:17:16,250 --> 00:17:17,916
සුරදූතයෝ සහ යක්ෂයෝ.

259
00:17:19,000 --> 00:17:20,583
ඒ සමබරතාවය නැති වුණාම,

260
00:17:21,291 --> 00:17:23,125
අඳුරු පැත්ත ඉස්මතු වෙනවා.

261
00:17:24,125 --> 00:17:25,083
ද්විත්ව ස්වභාවය...

262
00:17:26,000 --> 00:17:28,833
මනුස්සයා වෙනස්ම කෙනෙක් බවට පත්වෙනවා.

263
00:17:31,916 --> 00:17:32,791
මල්ලි,

264
00:17:33,666 --> 00:17:37,125
මේකේ ඔයාගේ පාස්පෝට් එක, මගේ බැංකු විස්තර,
අත්සන් කරපු චෙක්පත් තියෙනවා.

265
00:17:38,333 --> 00:17:39,708
දැන් අපි තාත්තා ගැන මොකද කරන්නේ?

266
00:17:40,166 --> 00:17:41,041
එයා ගැන අමතක කරන්න.

267
00:17:41,125 --> 00:17:43,208
එයා රෑට නිදාගන්නවා
දවල්ට බිසී.

268
00:17:43,291 --> 00:17:45,583
ආන්සර් කරන්නේ නැත්තම්
මොකටද ෆෝන් එකක් තියාගන්නේ?

269
00:17:45,833 --> 00:17:47,250
කොහොමත් එයා කියයි,

270
00:17:47,333 --> 00:17:49,166
"ළමයිනේ, ඔයාලා කැමති
තැනක බැඳගන්න."

271
00:17:49,250 --> 00:17:51,083
"මට කියන්න, මම එන්නම්." කියලා.

272
00:17:51,625 --> 00:17:53,416
අපි එහෙමම කරමු. ගිහින් එන්නම්.

273
00:18:09,125 --> 00:18:10,000
සොරි.

274
00:18:24,416 --> 00:18:25,375
ඔයාට අවුලක් නෑනේ?

275
00:18:27,416 --> 00:18:28,375
ඔයාට අවුලක් නෑනේ?

276
00:18:41,916 --> 00:18:44,125
හොඳ වෙලාවට පුතා එතන හිටියේ.

277
00:18:44,250 --> 00:18:46,875
එයා බේරෙන්න ලියවිලා තිබුණේ ඔයාගේ අතින්.

278
00:19:11,708 --> 00:19:13,375
ඔයා ගාව මාර පෞරාණික බඩු තියෙනවානේ.

279
00:19:13,500 --> 00:19:15,666
මේ ලාම්පුව, අර රේඩියෝ එක...

280
00:19:17,041 --> 00:19:18,166
කොහෙන්ද මේවා ගන්නේ?

281
00:19:19,583 --> 00:19:21,458
ශම්භූ බාබු කියලා මනුස්සයෙක් ඉන්නවා.

282
00:19:21,791 --> 00:19:23,000
එයා තමයි මේවා විකුණන්නේ.

283
00:19:23,500 --> 00:19:25,000
-ශම්භූ බාබු?
-ඔව්.

284
00:19:28,291 --> 00:19:30,458
එයා කොහෙන්ද මේවා ගේන්නේ?

285
00:19:30,958 --> 00:19:34,375
ඔයාට ඒකෙන් වැඩක් නෑනේ?
කොහෙන්ද? ඇයි?

286
00:19:36,000 --> 00:19:38,041
උඩ තියෙන මගේ කාමරේ වතුර නෑ.
මොනවා හරි කරන්න.

287
00:19:38,833 --> 00:19:40,583
-කාමරේ බාල්දියක් ඇති.
-ඔව්.

288
00:19:40,708 --> 00:19:42,541
එළියේ වතුර පීප්පයක් තියෙනවා.
ඒක පාවිච්චි කරන්න.

289
00:19:44,375 --> 00:19:46,166
-මට තේ එකක් ගන්න පුළුවන්ද?
-අනිවාර්යයෙන්ම.

290
00:19:46,250 --> 00:19:47,958
එහෙනම් කරුණාකරලා මට තේ එකක් ගේන්න.

291
00:19:48,041 --> 00:19:49,458
-එළියේ වතුර පීප්පයක් තියෙනවා.
-ඔව්.

292
00:19:49,541 --> 00:19:51,250
ඒක කිට්ටුවම තේ කඩයකුත් තියෙනවා.

293
00:19:51,416 --> 00:19:52,458
ගිහින් එතනින් බොන්න.

294
00:19:56,458 --> 00:19:58,458
-නමස්කාරම් ශම්භූ බාබු.
-නමස්කාරම්.

295
00:20:00,208 --> 00:20:03,375
කවුරුහරි ශාන්තාරාම් යාදව්ව දන්නවද?

296
00:20:03,750 --> 00:20:05,791
ආචාර්ය මාලිගාවේ මුරකාරයා?

297
00:20:05,875 --> 00:20:09,166
එයා මැනේජර්, මුරකාරයා නෙවෙයි.

298
00:20:09,791 --> 00:20:11,791
මොකා වුණත්. කවුරුහරි එයාව දන්නවද?

299
00:20:11,875 --> 00:20:13,750
ඔයාට එයාගෙන් මොනවද කෙරෙන්න ඕනේ?

300
00:20:14,291 --> 00:20:16,750
එයා ඊයේ රෑ ස්ටේෂන් එකට ඇවිත්
මාව එක්කන් යන්නයි හිටියේ.

301
00:20:16,833 --> 00:20:18,083
ඒත් ඒ මෝඩයා ආවේ නෑනේ.

302
00:20:18,291 --> 00:20:20,333
මේ ගමේ මෝඩයෝ ගොඩක් ඉන්නවා.
ඔයා මොන මෝඩයා එනකන්ද බලන් ඉන්නේ?

303
00:20:21,083 --> 00:20:22,833
සර්... ඒ මම තමයි.

304
00:20:23,208 --> 00:20:25,000
සර්, මම ශාන්තාරාම්.

305
00:20:25,208 --> 00:20:26,500
පුංචි රජතුමා, මේ ඔයානේ.

306
00:20:27,041 --> 00:20:28,333
ආයුබෝවන් සර්. ආයුබෝවන්.

307
00:20:28,500 --> 00:20:30,708
-එතකොට ඒ ඔයාද?
-ඔව්, මම ශාන්තාරාම්.

308
00:20:31,166 --> 00:20:34,875
මට ඊයේ රෑ ඔයාව එක්කන් යන්න එන්න බැරි වුණා.
මට සමාවෙන්න.

309
00:20:35,041 --> 00:20:36,291
-අපි යමු.
-එන්න.

310
00:20:39,333 --> 00:20:41,000
ඔයා කොච්චර කාලයක් මාලිගාවේ හිටියද?

311
00:20:41,541 --> 00:20:43,708
මට කලින් මගේ තාත්තා තමයි මැනේජර් වෙලා හිටියේ.

312
00:20:44,208 --> 00:20:45,166
එයා නැතිවුණාට පස්සේ,

313
00:20:45,333 --> 00:20:48,833
ඔයාගේ සීයා,
දුෂ්‍යන්ත් මහාරාජ්, මාව පත් කළා.

314
00:20:59,041 --> 00:20:59,916
මහත්තයෝ,

315
00:21:01,041 --> 00:21:02,000
මේකද මගේ මාලිගාව?

316
00:21:02,083 --> 00:21:03,083
නෑ, නෑ.

317
00:21:03,583 --> 00:21:06,083
මේක අපේ පරණම කෝවිල.

318
00:21:06,583 --> 00:21:08,750
ආශිර්වාද ගන්න. ආශිර්වාද ගන්න.

319
00:21:09,125 --> 00:21:11,416
-හර් හර් මහාදේව්
-හර් හර් මහාදේව්.

320
00:21:11,500 --> 00:21:13,958
-මහාදේව්ට ජය වේවා.
-මහාදේව්ට ජය වේවා.

321
00:21:14,041 --> 00:21:16,458
ඊළඟට, මම ඔයාව ඔයාගේ මාලිගාවට එක්කන් යන්නම්.

322
00:21:16,916 --> 00:21:20,041
ඒක දැක්කම ඔයාට පිස්සු හැදෙයි.

323
00:21:20,125 --> 00:21:21,083
එන්න.

324
00:21:21,375 --> 00:21:22,333
මොකද වුණේ?

325
00:21:45,208 --> 00:21:46,333
මේකද මගේ මාලිගාව?

326
00:21:46,625 --> 00:21:47,958
මේක ඔයාගේ නෙවෙයි.

327
00:21:48,333 --> 00:21:51,000
මේක අයිති ආචාර්ය යෝගේන්ද්‍ර ජීට. බලන්න.

328
00:21:51,083 --> 00:21:52,166
යෝගේන්ද්‍ර ආචාර්ය මාලිගාව
1509

329
00:21:52,250 --> 00:21:54,000
මොනවද ලියලා තියෙන්නේ?
කවදද මේක හැදුවේ?

330
00:21:54,458 --> 00:21:55,750
"1509."

331
00:21:59,041 --> 00:22:00,583
කවුද මේ යෝගේන්ද්‍ර ආචාර්ය?

332
00:22:00,666 --> 00:22:03,166
ඔයාගේ මුත්තගේ මුත්තා.

333
00:22:03,250 --> 00:22:05,166
ඒත් දැන් ඒ මුත්තා මැරිලානේ.

334
00:22:05,250 --> 00:22:06,875
ඔව්. දැන් මාලිගාව ඔයාගේ.

335
00:22:07,000 --> 00:22:08,708
මේකද එයා මට දීලා ගිය මාලිගාව?

336
00:22:14,333 --> 00:22:15,708
කවුද මේ ගල මෙතනින් තිබ්බේ?

337
00:22:25,625 --> 00:22:28,291
මගේ සීයලා මෙහේ පාලනය කළාද?

338
00:22:28,375 --> 00:22:29,875
නෑ, එයාලා යකැදුරෝ.

339
00:22:30,875 --> 00:22:32,958
මගේ අතින් අල්ලලා නැගිටින්න.

340
00:22:34,166 --> 00:22:35,541
දෙවියනේ.

341
00:22:35,625 --> 00:22:37,041
මගේ ඇඟට කඩාවැටෙන්න එපා.

342
00:22:37,541 --> 00:22:39,041
යෝගේන්ද්‍ර ආචාර්ය කියන්නේ

343
00:22:39,541 --> 00:22:43,208
පාටලීපුත්‍රයේ පර්සුරාජ් රජ්ජුරුවන්ගේ
මාලිගාවේ හිටපු පණ්ඩිතයෙක්.

344
00:22:44,708 --> 00:22:49,083
රජතුමා මේ මාලිගාව
යෝගේන්ද්‍ර ජීට තෑගි කළා.

345
00:22:49,500 --> 00:22:50,458
දෙවියනේ.

346
00:22:51,166 --> 00:22:55,625
එයා එයාටයි එයාගේ පරම්පරාවටයි
මෙහේ ජීවත් වෙන්න කිව්වා...

347
00:22:56,500 --> 00:23:02,916
නපුරු බලවේගවලින්
මංගල්පූර් බේරගන්න.

348
00:23:03,416 --> 00:23:06,291
දෙවියනේ! ඇයි මට නැගිටින්න බැරි?

349
00:23:08,291 --> 00:23:10,208
මේ පළාතේ මිනිස්සුන්ට වඩා
කතා තියෙනවා.

350
00:23:12,416 --> 00:23:13,333
මොනවද ඔයා කරන්නේ?

351
00:23:13,875 --> 00:23:16,250
-මට නැගිටින්න උදව් කරන්න.
-මම කරන්නම්. ඉස්සෙල්ලා ඕක අතහරින්නකෝ.

352
00:23:16,833 --> 00:23:17,708
දැන් නැගිටින්න.

353
00:23:18,958 --> 00:23:19,833
ඔව්, නැගිටින්න.

354
00:23:20,708 --> 00:23:21,708
ඔයා මාර බරයිනේ.

355
00:23:21,916 --> 00:23:24,083
බලන්න. චෞගුලේගේ කාර් එක.

356
00:23:25,166 --> 00:23:26,208
මේ දවස්වල කොහෙද චෞගුලේ ඉන්නේ?

357
00:23:26,333 --> 00:23:28,125
නෑ, ඒ කාර් කොම්පැණිය.

358
00:23:28,416 --> 00:23:30,041
-ඔයා කියන්නේ ෂෙව්රොලේ ගැන.
-ඔව්, අන්න ඒක.

359
00:23:30,750 --> 00:23:31,625
කාර් එක වැඩද?

360
00:23:31,958 --> 00:23:33,250
නෑ, ඇදගෙන යන්න ඕනේ.

361
00:23:34,541 --> 00:23:36,416
එහෙනම් හෙට ඕකට ගොන්නු දෙන්නෙක් බඳින්න.

362
00:23:36,625 --> 00:23:37,833
මම උඩින් වාඩිවෙලා පදවන් යන්නම්.

363
00:23:38,166 --> 00:23:39,708
-දැන් ඉක්මනට දොර අරින්න.
-හරි.

364
00:23:51,000 --> 00:23:52,208
ඇතුළෙන් නම් අවුලක් නෑ වගේ.

365
00:23:55,541 --> 00:23:56,708
මේ පෞරාණික බඩු...

366
00:23:57,791 --> 00:23:58,958
ගණන් වගේ පේනවා.

367
00:23:59,666 --> 00:24:01,166
ඒත් මෙහේ ලාබ ඇති නේද?

368
00:24:01,375 --> 00:24:02,875
ඔව්, කොහොමත් මේක ගමක්නේ.

369
00:24:03,500 --> 00:24:05,458
කැඩිච්ච මාලිගාවක්...
මේවා මෙහේ සාමාන්‍ය දේවල්.

370
00:24:05,708 --> 00:24:06,958
කවුද ශම්භූ බාබු?

371
00:24:07,458 --> 00:24:08,333
ශම්--

372
00:24:09,083 --> 00:24:10,000
ශම්භූ කවුද?

373
00:24:10,750 --> 00:24:12,250
එයා මහ කාලකණ්ණියෙක්.

374
00:24:12,583 --> 00:24:14,125
එයා තමයි මේ බඩු මේ හරියේ විකුණන්නේ.

375
00:24:14,541 --> 00:24:17,166
මොන මෝඩයාද ඔයාට එහෙම කිව්වේ?

376
00:24:17,333 --> 00:24:21,708
ලැගුම්හලේදී. අර මිටි මැනේජර්,
කළු පාට කෙනා, මට කිව්වා.

377
00:24:21,791 --> 00:24:22,666
ඇන්තනී?

378
00:24:22,750 --> 00:24:25,458
ගමේ අයට ඕනෑවට වඩා නිදහස් වෙලාව තියෙනවා.

379
00:24:25,791 --> 00:24:27,458
ඉතින් කතා හදන එක පුදුමයක් නෙවෙයි.

380
00:24:27,791 --> 00:24:29,833
මම නම් කවදාවත් ඔහොම කෙනෙක් ගැන අහලා නෑ.

381
00:24:30,166 --> 00:24:31,083
එන්න.

382
00:24:33,083 --> 00:24:34,041
ඒ මගේ අම්මා.

383
00:24:38,708 --> 00:24:40,208
රැජින තාම ජීවතුන් අතරද?

384
00:24:41,166 --> 00:24:42,041
නෑ.

385
00:24:42,708 --> 00:24:45,375
මගේ නංගි ඉපදෙනකොට
එයා නැතිවුණා.

386
00:24:45,958 --> 00:24:47,125
එතකොට මට වයස දොළහයි.

387
00:24:48,125 --> 00:24:51,083
අර පුටුවේ වාඩිවෙලා ඉන්න මනුස්සයා කවුද?

388
00:24:51,583 --> 00:24:52,791
ඒ ඔයාගේ සීයා.

389
00:24:53,291 --> 00:24:55,916
ඒත්... එයා මැරුණේ මෙහේද?

390
00:24:56,541 --> 00:24:58,583
නෑ. මේ පැත්තට එන්න.

391
00:24:59,291 --> 00:25:01,875
මෙන්න මේ මනුස්සයා තමයි මැරුණේ.

392
00:25:04,958 --> 00:25:06,083
එහෙනම් අර කවුද?

393
00:25:06,166 --> 00:25:07,166
ඔයාගේ සීයා.

394
00:25:08,083 --> 00:25:09,875
-එතකොට මේ කවුද?
-ඔයාගේ සීයා.

395
00:25:10,375 --> 00:25:11,791
මට සීයලා දෙන්නෙක් ඉන්නවද?

396
00:25:11,875 --> 00:25:13,875
නෑ, ඔයාට ඉන්නේ එක සීයයි.
මැරුණෙත් එයා තමයි.

397
00:25:14,708 --> 00:25:15,625
හේයි!

398
00:25:15,708 --> 00:25:16,958
එහෙනම් එයා ඔයාගේ සීයාද?

399
00:25:17,041 --> 00:25:19,083
ඒ දෙන්නම ඔයාගේ සීයා තමයි සර්.

400
00:25:19,791 --> 00:25:22,416
ඔයා දැන් කිව්වේ මට ඉන්නේ එක සීයයි කියලා.
දැන් කියනවා දෙන්නෙක් ඉන්නවා කියලා.

401
00:25:22,500 --> 00:25:24,458
ඔයාට ඉන්නේ එක සීයයි,
හැබැයි පින්තූර දෙකයි.

402
00:25:25,416 --> 00:25:26,916
එයා මැරෙන්න කලින් හිටියේ මෙහෙමයි.

403
00:25:27,041 --> 00:25:28,500
එයා මැරුණට පස්සේ හිටියේ මෙහෙමයි.

404
00:25:28,708 --> 00:25:31,750
-"මැරුණට පස්සේ"?
-මම කිව්වේ, මැරෙනකොට.

405
00:25:32,208 --> 00:25:33,500
එතකොට එයා මැරුණේ මේ ගෙදරද?

406
00:25:33,791 --> 00:25:35,208
එයා මැරුණේ එයාගේම ගෙදර.

407
00:25:35,416 --> 00:25:37,583
-මේක එයාගේ ගෙදර නෙවෙයිද?
-ඔව්, මේක එයාගේ ගෙදර තමයි.

408
00:25:38,125 --> 00:25:40,250
මෙහේ මිනිස්සු මැරෙන්නේ
වෙන වෙන ගෙවල්වලද?

409
00:25:40,333 --> 00:25:41,708
එක්කෙනෙක් මෙහේ මැරෙනවා, තව කෙනෙක් අරහේ මැරෙනවා?

410
00:25:41,791 --> 00:25:43,583
නෑ, එයා මැරුණේ අර ගෙදර.

411
00:25:43,750 --> 00:25:45,958
-ඒ මනුස්සයා ජීවතුන් අතරද?
-නෑ, එයා මැරිලා.

412
00:25:46,333 --> 00:25:48,250
-එයා කොහෙදිද මැරුණේ?
-එයාගේ ගෙදර.

413
00:25:54,541 --> 00:25:56,583
මම දෙයක් අහන්නම්.
හොඳට අහගන්නවා.

414
00:25:57,083 --> 00:26:00,125
-මේ මනුස්සයා තරුණ කාලේ මෙහේ හිටියා.
-ඔව්.

415
00:26:00,208 --> 00:26:02,750
-එයා වයසට ගියාම, අරහේ හිටියා.
-ඔව්.

416
00:26:02,833 --> 00:26:04,875
-ඒත් මේ දෙන්නම එක්කෙනෙක්.
-ඔව්.

417
00:26:04,958 --> 00:26:06,625
ඒ වගේම දෙන්නම මගේ සීයා.

418
00:26:07,416 --> 00:26:10,083
-ඉතින්--
-එතකොට, මගේ සීයා මැරුණේ අරහේද?

419
00:26:10,166 --> 00:26:11,333
-ඔව්.
-හරි නේද?

420
00:26:11,583 --> 00:26:12,458
ඔව්!

421
00:26:12,916 --> 00:26:15,375
මේ වගේ පොඩි දෙයක් තේරුම් ගන්න
ඔයාට මෙච්චර වෙලා ගියානේ.

422
00:26:15,666 --> 00:26:17,375
තමුසේ මෝඩයෙක්ද?

423
00:26:17,708 --> 00:26:18,583
හරි.

424
00:26:19,625 --> 00:26:20,541
දිගටම කියන්න.

425
00:26:20,791 --> 00:26:24,125
ඔයාගේ සීයා මේ තැන දාලා ගියා

426
00:26:24,500 --> 00:26:27,166
මෙහේට හොල්මන් කරදර ආවට පස්සේ.

427
00:26:27,708 --> 00:26:30,458
එයා ආපහු ආවේ පෝය දවස්වලට
පූජාවක් තියන්න විතරයි.

428
00:26:30,916 --> 00:26:33,791
එයා ඒක කළේ යාඥා කරන කාමරේට වෙලා
දොර වහගෙන.

429
00:26:34,083 --> 00:26:34,958
කෝ ඔයාගේ තොප්පිය?

430
00:26:35,250 --> 00:26:36,125
මගේ තොප්පිය...

431
00:26:36,291 --> 00:26:37,791
ඒක වැඩක් නෑ.
කෝ යාඥා කරන කාමරේ?

432
00:26:37,958 --> 00:26:38,833
මේ තියෙන්නේ.

433
00:26:39,041 --> 00:26:39,958
මේක තමයි.

434
00:26:45,000 --> 00:26:45,875
අරින්න.

435
00:26:46,458 --> 00:26:47,833
මං ගාව යතුර නෑ.

436
00:26:48,625 --> 00:26:51,458
ඇතුළේ මොනවද තියෙන්නේ කියලා
කවුරුවත් දන්නෙත් නෑ.

437
00:26:51,833 --> 00:26:55,291
මොකද පූජාවෙන් පස්සේ,
ඔයාගේ සීයා ඒක ලොක් කරලා

438
00:26:55,375 --> 00:26:56,791
යතුරත් අරන් යනවා.

439
00:26:57,250 --> 00:26:58,208
එන්න.

440
00:26:59,291 --> 00:27:00,875
ඇයි මේ කාමරේ ලොක් කරලා?

441
00:27:00,958 --> 00:27:02,458
හොල්මන් මේක ඇඳුම් මාරු කරන්න පාවිච්චි කරනවද?

442
00:27:02,541 --> 00:27:05,291
නෑ, නෑ, නෑ.
හොල්මන් එතනට එන්නේ නෑ.

443
00:27:05,375 --> 00:27:07,375
එයාලා ඉන්නේ මාලිගාව පිටිපස්සේ
තියෙන කැලේ.

444
00:27:07,583 --> 00:27:09,958
ඒකයි ඒකට පිශාච් වන් (යක්ෂ කැලේ) කියන්නේ.

445
00:27:10,125 --> 00:27:12,083
-පෙෂාබ් (චූ)?
-නෑ, පිශාච්.

446
00:27:12,250 --> 00:27:13,666
එයාලා රෑට මාලිගාවට එනවා.

447
00:27:13,750 --> 00:27:15,750
ඒකයි ඉර බැස්සට පස්සේ
කවුරුවත් මෙහේ එන්නේ නැත්තේ.

448
00:27:15,958 --> 00:27:17,625
ඉස්සෙල්ලාම, ඔය විකාර කතා නවත්තගන්නවා.

449
00:27:18,000 --> 00:27:19,583
මාලිගාව පුරාම දූවිලි පිරිලා.

450
00:27:19,875 --> 00:27:21,041
මේක සුද්ද කරවනවා.

451
00:27:21,416 --> 00:27:23,125
මිනිස්සු ටිකක් ගෙනත්
මේක සුද්ද කරවනවා.

452
00:27:24,541 --> 00:27:26,333
එතකොට ඔයා ඉන්නේ මෙහේද?

453
00:27:26,958 --> 00:27:27,916
ලැගුම්හලේ නෙවෙයිද?

454
00:27:29,500 --> 00:27:31,333
මේ වගේ ලොකු මාලිගාවක් තියෙද්දි
ලැගුම්හලක ඉන්න?

455
00:27:31,416 --> 00:27:32,458
මට පිස්සු නෑ.

456
00:27:34,500 --> 00:27:37,541
මම ඊයේ රෑ එහේ හිටියා.
මකුණෝ මාව කෑවා.

457
00:27:37,625 --> 00:27:39,208
හොඳ වෙලාවට උන් හිටියේ.

458
00:27:39,333 --> 00:27:41,083
නැත්තම් මදුරුවෝ
මාව උස්සන් යනවා.

459
00:27:41,583 --> 00:27:43,708
මම කොහේවත් යන්නේ නෑ.
මම ඉන්නේ මෙහේ.

460
00:27:43,791 --> 00:27:45,625
එහෙම කරන්න එපා සර්.

461
00:27:45,791 --> 00:27:48,333
අවුරුදු ගාණකට කලින්,
මුරකාරයෝ තුන්දෙනෙක් මෙහේ නිදාගත්තා.

462
00:27:48,791 --> 00:27:50,583
එක්කෙනෙක් වහලෙන් පැනලා මැරුණා.

463
00:27:50,666 --> 00:27:51,833
අනිත් දෙන්නට පිස්සු හැදුණා.

464
00:27:53,250 --> 00:27:54,291
මම ඔයාට අනතුරු ඇඟෙව්වා.

465
00:27:54,625 --> 00:27:57,416
දැන් හොල්මන් ඇරෙන්න
කවුරුවත් මෙහේ ඉන්නේ නෑ.

466
00:27:58,791 --> 00:28:01,541
ඔය විකාර නවත්තලා
හොඳට අහගන්නවා.

467
00:28:02,791 --> 00:28:05,833
මුලින්ම, ලැගුම්හලෙන් මගේ බඩු ටික අරන් එනවා.

468
00:28:06,375 --> 00:28:07,250
තේරුණාද?

469
00:28:07,333 --> 00:28:08,208
ඊටපස්සේ...

470
00:28:12,833 --> 00:28:13,708
මොකක්?

471
00:28:14,000 --> 00:28:15,666
තමුසෙට බීරිද නැත්තම් ඇහෙන්නේ නැද්ද?

472
00:28:16,208 --> 00:28:17,333
මම ආයෙත් කියන්නේ නෑ.

473
00:28:17,416 --> 00:28:19,208
ඕනෙ නම් ලියාගන්නවා.

474
00:28:19,291 --> 00:28:20,375
-ඉක්මන් කරනවා.
-හරි.

475
00:28:20,500 --> 00:28:22,333
ලැගුම්හලට ගිහින්
මගේ බඩු ටික අරන් එනවා.

476
00:28:22,583 --> 00:28:23,458
ඊටපස්සේ...

477
00:28:28,250 --> 00:28:29,125
මොකක්?

478
00:28:29,208 --> 00:28:30,750
තමුසේ ඉපදුණේ
බීරි පවුලකද?

479
00:28:31,583 --> 00:28:34,791
මම මේක දහපාරක් විතර කිව්වා.
ඇහෙන්නේ නැද්ද?

480
00:28:35,333 --> 00:28:38,625
ලැගුම්හලට ගිහින්...

481
00:28:39,041 --> 00:28:39,958
ඊටපස්සේ...

482
00:28:43,458 --> 00:28:45,000
-දැන් පැහැදිලිද?
-පැහැදිලිද?

483
00:28:45,083 --> 00:28:45,958
බොහොම හොඳයි.

484
00:28:46,041 --> 00:28:47,458
දැන්, ඉක්මනට ගිහින් ලැගුම්හලෙන්
මගේ ඇඳුම් ටික ගේනවා.

485
00:28:47,541 --> 00:28:48,583
මට අඳින්න වෙන මුකුත් නෑ.

486
00:28:48,916 --> 00:28:50,541
මම නාලා ඉවර වෙන්න කලින්
තමුසේ එන්න ඕනේ.

487
00:28:51,000 --> 00:28:52,458
නැත්තම්,
මම මාලිගාව පුරාම හෙළුවෙන් දුවනවා.

488
00:28:52,541 --> 00:28:53,458
මම කියන දේ අහන්න සර්.

489
00:28:53,708 --> 00:28:54,833
අහන්නකෝ...

490
00:28:55,125 --> 00:28:56,416
මාලිගාවේ ඉන්න එක භයානකයි.

491
00:28:57,625 --> 00:28:58,500
දෙවියනේ.

492
00:29:21,625 --> 00:29:22,541
ඔව්.

493
00:29:23,375 --> 00:29:24,916
දෙකයි, හතරයි, අටයි...

494
00:29:27,500 --> 00:29:28,375
හලෝ අයියේ.

495
00:29:28,458 --> 00:29:30,083
නංගි...

496
00:29:30,666 --> 00:29:33,208
අපිට හම්බවෙලා තියෙන්නේ කොච්චර මාර මාලිගාවක්ද කියලා
ඔයාට හිතාගන්නවත් බැරි වෙයි.

497
00:29:33,291 --> 00:29:36,041
-ඇත්තද?
-බකිංහැම් මාලිගාවට වඩා කාමර දෙකයි අඩු ඇත්තේ.

498
00:29:36,125 --> 00:29:38,833
හැමතැනම දූවිලි පිරිලා තියෙන්නේ,
ඒවා සුද්ද කරන්න ඕනේ.

499
00:29:38,916 --> 00:29:40,375
-මම ඒක කරවන්නම්.
-හරි.

500
00:29:40,458 --> 00:29:42,000
ඔයාලා එනකොට මම සේරම සුද්ද කරවලා තියන්නම්.

501
00:29:42,083 --> 00:29:44,291
හැබැයි වෙඩින් එක ගන්නේ මෙහේ.
ඒක ස්ථිරයි.

502
00:29:44,458 --> 00:29:46,458
-ඔව්.
-ඒත් තාත්තා තාම ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ.

503
00:29:46,541 --> 00:29:47,583
ඒකට කමක් නෑ.

504
00:29:48,041 --> 00:29:49,291
ඔයාලා ඔක්කොම 10 වෙනිදා වෙද්දි මෙහේට එන්න.

505
00:29:49,541 --> 00:29:51,041
-මම වෙඩින් ප්ලෑනර්ට කතා කළා.
-හලෝ?

506
00:29:51,125 --> 00:29:52,000
සේරම දේවල්--

507
00:29:52,083 --> 00:29:53,666
-හලෝ?
-හලෝ? අයියේ...

508
00:29:54,375 --> 00:29:55,833
-හලෝ? හලෝ?
-හලෝ!

509
00:29:56,083 --> 00:29:57,583
නංගි? හලෝ--

510
00:30:41,875 --> 00:30:43,416
කවුද ඒ?

511
00:30:46,083 --> 00:30:46,958
එනවා!

512
00:30:51,750 --> 00:30:54,125
මෙයා පණපිටින්. මෙයා බේරිලා.

513
00:30:54,708 --> 00:30:56,708
මෙයා බේරිලාද?

514
00:30:59,416 --> 00:31:00,291
මොකක්ද?

515
00:31:00,375 --> 00:31:02,000
උදේ පාන්දරම
මොකක්ද මේ සද්දේ?

516
00:31:02,625 --> 00:31:03,500
ඇයි...

517
00:31:03,791 --> 00:31:04,708
හායි.

518
00:31:06,208 --> 00:31:07,083
ඔයා කවුද?

519
00:31:07,166 --> 00:31:08,416
මාව අඳුරගන්න බැරි වුණාද?

520
00:31:09,125 --> 00:31:10,250
අඳුරගත්තා නම්
මම මෙහෙම අහයිද?

521
00:31:10,541 --> 00:31:12,708
-ඔයානේ මට කතා කළේ.
-මම කවදද කතා කළේ?

522
00:31:12,791 --> 00:31:15,500
ජග්දීශ් මානික්චන්ද්
රූප්කමල් කේවල්රමනී

523
00:31:15,583 --> 00:31:18,041
දිල්ලිවල කැරොල් බාග් ඉඳන්.
ඔයාගේ වෙඩින් ප්ලෑනර්.

524
00:31:18,625 --> 00:31:20,583
ඒ ඔයාගේ නම විතරද
නැත්තම් එයාලගෙත් එක්කද?

525
00:31:20,666 --> 00:31:21,583
ඒ මගේ නම විතරයි.

526
00:31:21,791 --> 00:31:25,083
හරි, කමක් නෑ. ඇතුළට එන්න.
හැමෝටම මේක සුද්ද කරන්න කියන්න.

527
00:31:25,166 --> 00:31:26,083
එන්න.

528
00:31:27,250 --> 00:31:30,250
මෝල්ටි, මේසේ පිහදාලා
පිඟන් ටික තියන්න.

529
00:31:30,416 --> 00:31:31,875
එන්න. ඉක්මන් කරන්න.

530
00:31:32,875 --> 00:31:33,916
එයාද කෑම උයන්නේ?

531
00:31:34,250 --> 00:31:37,791
නෑ, එයා අතුගාන කෙනා. මෝල්ටි.

532
00:31:38,333 --> 00:31:40,375
-ඉතින්, මේකද ඔයාගේ මාලිගාව? හොඳයි.
-නෑ,

533
00:31:40,458 --> 00:31:41,833
මේ මාලිගාව අයිති
යෝගේන්ද්‍ර ආචාර්යට--

534
00:31:41,916 --> 00:31:44,208
කටවහගන්නවා. මගුලේ යෝගේන්ද්‍ර ආචාර්ය!
කටවහගන්නවා.

535
00:31:44,916 --> 00:31:48,458
-මේක මගේ. මුන්ට කියනවා.
-ඔව්, මේක දැන් මෙයාගේ.

536
00:31:48,625 --> 00:31:51,000
ඔයා මේක විකුණනවා කියලා මට ආරංචි වුණා. ඇයි ඒ?

537
00:31:51,541 --> 00:31:52,833
මේක මට දෙන්න.

538
00:31:53,125 --> 00:31:55,375
දැන් අලුත් ට්‍රෙන්ඩ් එක
ඩෙස්ටිනේෂන් වෙඩින්නේ.

539
00:31:55,541 --> 00:31:57,666
ඔයාගේ පවුලේ වෙඩින් එකෙන් පස්සේ
මම මේක බලාගන්නම්.

540
00:31:57,875 --> 00:31:58,916
කවුද බඳින්නේ?

541
00:31:59,416 --> 00:32:00,291
මගේ නංගි.

542
00:32:06,875 --> 00:32:07,958
ඇයි මේ හැමෝම දුවන්නේ?

543
00:32:08,583 --> 00:32:10,666
ඔයාගේ නංගි බඳින්නේ මෙහේද?

544
00:32:10,916 --> 00:32:12,958
මම මෙයාව ගෙන්නගත්තේ
මගේ කොණ්ඩේ කපන්න කියලද හිතන්නේ?

545
00:32:13,125 --> 00:32:17,416
අපි ලෝකෙටම අමතක වෙන්නේ නැති
ලොකු වෙඩින් එකක් ගමු.

546
00:32:17,625 --> 00:32:18,541
සර්,

547
00:32:19,208 --> 00:32:21,250
මංගල්පූර්වල කවුරුවත් බඳින්නේ නෑ.

548
00:32:21,333 --> 00:32:22,625
වධුසුර් එයි.

549
00:32:22,708 --> 00:32:24,583
වධුසුර්? කවුද ඒ පිස්සා?

550
00:32:24,833 --> 00:32:26,250
වෙන කාටවත් කතා කරන්න ඕනේ නෑ.

551
00:32:26,333 --> 00:32:28,166
ඔයාගේ බජට් එකටම
මම මේ වෙඩින් එක කරලා දෙන්නම්.

552
00:32:28,250 --> 00:32:29,125
කතාව ඉවරයි.

553
00:32:29,208 --> 00:32:30,333
-ජග්යා, ඔයා වෙඩින් එක බලාගන්න.
-ඔව්.

554
00:32:30,458 --> 00:32:32,208
-වධ්‍යාට කියන්න එයාට ආරාධනා කරලා නෑ කියලා.
-එයා කොහොමත් එයි.

555
00:32:32,708 --> 00:32:33,833
එයා අනිවාර්යයෙන්ම එයි.

556
00:32:34,166 --> 00:32:35,958
වවුල් හමුදාවත් එක්ක.

557
00:32:36,166 --> 00:32:39,333
එයා මිනිස්සු මරලා
මනමාලිව උස්සන් යයි.

558
00:32:39,416 --> 00:32:41,916
මරනවා? නිකන් ගමේ චණ්ඩියෙක් වගේනේ.

559
00:32:42,250 --> 00:32:45,166
බයවෙන්න එපා,
මම දිල්ලිවලින් මගේ කොල්ලන්ට කතා කරන්නම්

560
00:32:45,375 --> 00:32:46,958
බලමුකෝ කවුද මනමාලිව උස්සන්න එන්නේ කියලා.

561
00:32:47,041 --> 00:32:48,666
මනමාලි මගේ නංගි!

562
00:32:48,791 --> 00:32:52,375
ඔයාලා කතා කරන්නේ නිකන්
මිටියක් උස්සන් යනවා වගේනේ.

563
00:32:52,583 --> 00:32:53,708
මේක විහිළුවක් නෙවෙයි.

564
00:32:54,125 --> 00:32:56,208
අවුරුදු ගාණක් තිස්සේ, මනමාලියෝ අතුරුදහන් වෙනවා.

565
00:32:56,500 --> 00:32:58,458
මිනිස්සු ගොඩක් මරලා තියෙනවා.

566
00:32:58,958 --> 00:33:01,625
මම ඒක අහලා තියෙනවා,
මේ මාලිගාව ඒවට සාක්ෂි දරනවා.

567
00:33:01,875 --> 00:33:04,583
ඒකයි ඔයාගේ සීයා
කවදාවත් මෙහේ හිටියේ නැත්තේ.

568
00:33:04,875 --> 00:33:06,000
කවුද මේ වධුසුර්?

569
00:33:07,541 --> 00:33:08,458
එන්න.

570
00:33:09,708 --> 00:33:13,791
මංගල්පූර්වලයි මේ මාලිගාවෙයි
මාර භයානක දේවල් වෙලා තියෙනවා.

571
00:33:14,625 --> 00:33:16,791
ඒකයි මෙහේ මිනිස්සු
වධුසුර්ව විශ්වාස කරන්නේ.

572
00:33:17,875 --> 00:33:18,750
බලන්න...

573
00:33:19,916 --> 00:33:21,375
මේක වුණේ සියවස් ගාණකට කලින්.

574
00:33:21,750 --> 00:33:26,791
ඉන්ද්‍රප්‍රස්ථයේ හිටපු දෙවිවරුන්ගේ පුතෙකුට
යක්ෂ කෙල්ලෙක් ආදරේ කළා.

575
00:33:27,708 --> 00:33:29,208
එයාට ළමයෙක් හම්බවෙන්න හිටියා,

576
00:33:30,083 --> 00:33:34,708
ඒත් දෙවිවරුයි යක්ෂයොයි දෙගොල්ලොම
ඒ ළමයව බාරගන්න කැමති වුණේ නෑ.

577
00:33:35,125 --> 00:33:38,125
ඒත්, එයා ඒ ළමයව ඉපැද්දුවා.

578
00:33:38,625 --> 00:33:39,916
එදා තමයි කලියුගය පටන් ගත්තේ.

579
00:33:40,541 --> 00:33:42,333
දෙවිවරු එයාට පහර දෙනකොට,

580
00:33:42,458 --> 00:33:46,791
තුවාල වුණු ඒ ගෑනු කෙනා අන්ධකාරයේ රජු වුණු
අන්ධකාර්ද ගාවට ගියා.

581
00:33:47,125 --> 00:33:50,375
තමන්ගේ ළමයව අන්ධකාර්දට දීලා,

582
00:33:50,708 --> 00:33:52,083
ඒ අම්මා මැරිලා ගියා.

583
00:33:52,583 --> 00:33:56,458
අන්ධකාර්ද ඒ ළමයව මංගල්වන්වල හැංගුවා,

584
00:33:56,708 --> 00:33:59,708
ලෝකේ එළියෙන් ඈත් කරලා,
එයාගේ වවුල් හමුදාවත් එක්ක.

585
00:34:00,083 --> 00:34:02,166
ඒ යක්ෂයා අඳුරේම ලොකු වුණා,

586
00:34:02,458 --> 00:34:05,041
ශිව දෙවියන් වෙනුවෙන්
දැඩි තපසක් රැක්කා.

587
00:34:05,208 --> 00:34:07,083
එයාගේ ඒ පිස්සුව දැකලා,

588
00:34:07,208 --> 00:34:08,875
දෙවියන් එයා ගැන පැහැදුණා.

589
00:34:08,958 --> 00:34:13,458
ශිව දෙවියන් එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා
එයාට අමරණීයත්වය දුන්නා.

590
00:34:13,833 --> 00:34:17,291
ඒ වගේම කිව්වා
එයාට මැරෙන්න පුළුවන් එයාගේම අතින්

591
00:34:17,416 --> 00:34:20,375
නැත්තම් එයාගේම පරම්පරාවෙන් විතරයි කියලා.

592
00:34:20,583 --> 00:34:24,250
ඊටපස්සේ, ඒ යක්ෂයා
මුළු විශ්වයේම බලවත්ම කෙනා බවට පත්වුණා.

593
00:34:24,500 --> 00:34:26,750
ඒ යක්ෂයා තමයි වධුසුර්.

594
00:34:27,166 --> 00:34:30,916
ඊටපස්සේ, අමාවක දවසක
වධුසුර් දෙවිවරුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා,

595
00:34:31,208 --> 00:34:32,875
එයාගේ වවුල් හමුදාවත් එක්ක.

596
00:34:33,291 --> 00:34:37,833
දෙවිවරුන්ට තේරුණා
අඳුරේදී මෙයාව පරද්දන්න බෑ කියලා,

597
00:34:38,000 --> 00:34:40,625
මෙයාව පරද්දන එක කරන්න බැරි දෙයක් කියලා.

598
00:34:40,916 --> 00:34:45,625
ඒ නිසා එයාලා විෂ්ණු දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා.

599
00:34:46,208 --> 00:34:48,791
විෂ්ණු දෙවියන් වෘක්ෂ්ණි කියන අප්සරාවියට,

600
00:34:48,875 --> 00:34:51,625
අකුණු බලය දීලා
මංගල්වන්වලට යැව්වා.

601
00:34:52,500 --> 00:34:57,000
වධුසුර් එයාව දැක්ක ගමන්ම,
පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගත්තා.

602
00:34:57,666 --> 00:35:01,375
වෘක්ෂ්ණි එයාට කිව්වා බඳින්නේ නැතුව
එයාව අල්ලන්න බෑ කියලා,

603
00:35:02,166 --> 00:35:03,291
එයා ඒකට කැමති වුණා,

604
00:35:03,833 --> 00:35:06,375
එයාගේ සැලසුම ගැන මුකුත් නොදැන.

605
00:35:06,875 --> 00:35:11,500
එයා දැනන් හිටියේ නෑ වෘක්ෂ්ණි
එයාගේ මාලේ අස්සේ කිනිස්සක් හංගන් හිටියා කියලා.

606
00:35:12,125 --> 00:35:13,250
වෙඩින් චාරිත්‍ර අතරතුරේදී,

607
00:35:13,458 --> 00:35:15,625
වෘක්ෂ්ණි එයාගේ අත් දෙකෙන් අල්ලගෙන

608
00:35:15,958 --> 00:35:18,416
ඒ කිනිස්සෙන් එයාගේ බෙල්ලට ඇන්නා.

609
00:35:18,833 --> 00:35:23,083
පුදුම වෙලා, අසරණ වුණු
වධුසුර්ගේ ඇඟ පොළොවට කිඳාබැස්සා.

610
00:35:23,833 --> 00:35:25,916
කැලේ එයාගේ ඇඟ වැටිච්ච තැන,

611
00:35:26,500 --> 00:35:30,500
කළු කුමාර බලවේග අදහන කට්ටියක්
කෝවිලක් හැදුවා,

612
00:35:30,833 --> 00:35:33,750
මෙයාව ආයෙත් පණගන්වන්න හිතාගෙන.

613
00:35:34,041 --> 00:35:35,166
ඒත් ඒක වෙන එක නවත්තන්න,

614
00:35:35,583 --> 00:35:39,250
වෘක්ෂ්ණි කෝවිල ළඟ
ගහක් විදිහට ජීවත් වෙන්න ගත්තා.

615
00:35:39,708 --> 00:35:42,041
තාමත් අකුණු බලය තියෙන
එයාගේ අත්,

616
00:35:42,208 --> 00:35:43,708
කෝවිල ඇතුළටම කිඳාබැස්සා.

617
00:35:44,875 --> 00:35:47,125
වධුසුර්ගේ ශරීරය විනාශ වුණා,

618
00:35:47,583 --> 00:35:51,333
ඒත් එයාගේ ආත්මය පළිගැනීමේ චේතනාවෙන් දැවුණා.

619
00:35:52,083 --> 00:35:54,958
අලුත් මනමාලියක් එයාව පාවා දුන්නා.

620
00:35:55,500 --> 00:36:01,666
ඒකයි එයා මංගල්පූර්වලට එන
හැම අලුත් මනමාලියෙක්වම මරන්න ගත්තේ.

621
00:36:01,916 --> 00:36:05,291
වෙඩින් එක දවසේ රෑට කලින්
එයා එයාලව උස්සනවා.

622
00:36:05,500 --> 00:36:07,291
ඒකයි එයාට වධුසුර් කියන්නේ.

623
00:36:07,666 --> 00:36:08,583
එයා කියන දේ හරිද?

624
00:36:11,583 --> 00:36:13,166
-පොඩ්ඩක් ඉන්න. මම කියන දේ අහන්න.
-ඔව්?

625
00:36:13,375 --> 00:36:15,208
එයා මිනිස්සුන්ට බඳින්න දෙන්නේ නැත්තම්,

626
00:36:15,458 --> 00:36:18,500
එතකොට මංගල්පූර්වල මේ ඉන්න මිනිස්සු
කොහෙන්ද ආවේ?

627
00:36:18,625 --> 00:36:19,666
එයාලා අහසින් කඩාවැටුණද?

628
00:36:19,791 --> 00:36:21,333
නෑ, මිනිස්සු බඳිනවා.

629
00:36:21,416 --> 00:36:22,875
ඒත් එයාලා බඳින්නේ ගංගා නදියෙන් එහා පැත්තේ.

630
00:36:23,333 --> 00:36:25,083
මගේ දුවත් බැන්දේ එහේ.

631
00:36:25,500 --> 00:36:28,041
ඒත් මේ ගමෙන් යන්න බැරි අය,

632
00:36:28,166 --> 00:36:30,833
නැත්තම් යන්න කැමති නැති අය,
මෙහේ ඉන්නවා හැබැයි කවදාවත් බඳින්නේ නෑ.

633
00:36:31,291 --> 00:36:32,875
ඒ කියන්නේ, ලිව්-ඉන් රිලේෂන්ශිප්ද?

634
00:36:33,291 --> 00:36:34,375
හේයි, කටවහගන්නවා.

635
00:36:35,041 --> 00:36:38,125
මේ වධුසුර්ට තනියම
ගඟ පනින්න බැරිද?

636
00:36:38,208 --> 00:36:40,541
ඇයි, එයාට පීනන්න බැරිද,
නැත්තම් පාරුවට දෙන්න සල්ලි නැද්ද?

637
00:36:40,625 --> 00:36:42,458
ගංගා මාතාව තමයි පිරිසිදුම.

638
00:36:42,791 --> 00:36:43,750
ඔයා අහලා නැද්ද?

639
00:36:43,958 --> 00:36:46,125
කිසිම නපුරු බලවේගයකට එයාව අල්ලන්න බෑ.

640
00:36:46,375 --> 00:36:48,125
මිනිස්සු එයාලගේ පව් හෝදගන්නෙත් ගඟෙන්.

641
00:36:48,333 --> 00:36:50,500
මට තේරෙන්නේ නෑ.
මේ තැන ඔච්චර භයානක නම්,

642
00:36:50,583 --> 00:36:51,958
ඇයි මිනිස්සු මෙහේ ජීවත් වෙන්නේ?

643
00:36:52,041 --> 00:36:53,708
මෙහේ පොළොව මාර සාරවත්.

644
00:36:54,166 --> 00:36:55,916
ඇට දැම්මොත් රත්තරන් තමයි ලැබෙන්නේ.

645
00:36:56,125 --> 00:36:58,291
මේ මනුස්සයා ගාව හැමදේටම උත්තර තියෙනවානේ.

646
00:36:58,750 --> 00:37:00,875
-හරි එහෙනම්, මට මේක කියන්න.
-ඔව්?

647
00:37:01,125 --> 00:37:03,250
කෝ වධුසුර්ගේ කෝවිල?

648
00:37:03,541 --> 00:37:04,750
කවුරුවත් දන්නේ නෑ.

649
00:37:05,083 --> 00:37:07,458
එතකොට කෝ අර අප්සරාවිගේ ගහ?

650
00:37:07,541 --> 00:37:08,625
ඒකත් කවුරුවත් දන්නේ නෑ.

651
00:37:08,708 --> 00:37:10,250
මම කියන්නම් කොහෙද කියලා.

652
00:37:11,041 --> 00:37:12,083
ඇත්තටම වුණේ මේකයි ජග්ගු.

653
00:37:12,458 --> 00:37:15,750
මොකක් හරි පිස්සෙක් හැමෝවම බය කරන්න
මේ කතාව බිත්තිවල කොටලා.

654
00:37:15,833 --> 00:37:16,750
අන්න ඒකයි වෙලා තියෙන්නේ.

655
00:37:16,833 --> 00:37:20,250
මම ඔයාට කිව්වේ මිනිස්සු විශ්වාස කරන දේ විතරයි.

656
00:37:20,458 --> 00:37:21,750
ඔයාට කැමති දෙයක් හිතාගන්න පුළුවන්.

657
00:37:21,875 --> 00:37:27,041
ඒත් ගමේ අයවත් මමවත්
ඔයාගේ වෙඩින් එකට උදව් කරන්නේ නෑ.

658
00:37:27,208 --> 00:37:28,083
මම යනවා.

659
00:37:28,458 --> 00:37:29,666
ඔයා කොහොමද මෙහෙම යන්නේ?

660
00:37:30,666 --> 00:37:32,416
මෙන්න මෙහෙම.

661
00:37:32,500 --> 00:37:33,916
මෙන්න ඔයාගේ යතුරු.

662
00:37:34,416 --> 00:37:35,791
-මම යනවා. හරිද?
-ශම්භූ බාබු,

663
00:37:35,875 --> 00:37:37,500
-මම යනවා.
-මාත් එනකන් ඉන්න.

664
00:37:38,708 --> 00:37:39,583
ශම්භූ බාබු?

665
00:37:39,958 --> 00:37:42,166
හේයි, ඉන්නවා. නවතිනවා.

666
00:37:42,458 --> 00:37:43,375
දැන් මොකක්ද?

667
00:37:44,625 --> 00:37:45,916
ඔයා අර හොල්මනේ නම මොකක්ද කිව්වේ?

668
00:37:46,166 --> 00:37:47,125
වසුධරා.

669
00:37:48,333 --> 00:37:49,291
වසුධරා?

670
00:37:49,916 --> 00:37:51,583
ඔයා දන්නවද
මේ වසුධරා කොහෙන්ද ආවේ කියලා?

671
00:37:52,375 --> 00:37:55,666
ඒක ආවේ මේ කාලකණ්ණියාගේ ඔළුවෙන්.
මේ සේරම මේ නාකියාගේ වැඩ.

672
00:37:55,875 --> 00:37:57,625
එයාට ඕනේ නෑ අපි මෙහේ ඉන්නවාට.

673
00:37:58,208 --> 00:37:59,916
ඔයා දන්නවද එයා මොකද කරන්නේ කියලා?

674
00:38:00,291 --> 00:38:02,708
එයා මාලිගාවෙන් පෞරාණික බඩු
හොරෙන් අරන් ගිහින් විකුණනවා

675
00:38:02,791 --> 00:38:04,041
එයාගේම විනෝදෙට.

676
00:38:04,750 --> 00:38:08,000
යනවා, මෙතනින් යනවා.
පලයන් යන්න!

677
00:38:08,208 --> 00:38:11,041
පොලිසියෙන් ඇවිත් ඔයාව ඇල්ලුවම

678
00:38:11,125 --> 00:38:14,375
ඔයාගේ ඉලඇට කැඩුවම,
එතකොට ඔයාට තේරෙයි.

679
00:38:14,500 --> 00:38:15,625
ඔයා කෑගහයි,

680
00:38:15,708 --> 00:38:17,416
"සර්, මම දන්නේ නෑ."

681
00:38:17,500 --> 00:38:19,625
"හොල්මන තමයි හොරකම් කළේ.
හොල්මන තමයි හොරකම් කළේ."

682
00:38:19,708 --> 00:38:20,583
පලයන් යන්න.

683
00:38:20,833 --> 00:38:22,958
එහෙම කරන්න එපා සර්.

684
00:38:23,250 --> 00:38:26,000
මගේ පවුල පරම්පරා ගාණක් තිස්සේ
මේ මාලිගාවට සේවය කළා.

685
00:38:26,083 --> 00:38:29,250
-ඉතින් ඔයාලට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා.
-මම වඳින්නම්.

686
00:38:29,458 --> 00:38:30,500
තමුසෙට පිස්සුද?

687
00:38:30,583 --> 00:38:32,125
-මගේ කකුල අතහරිනවා.
-මම වඳින්නම්--

688
00:38:32,250 --> 00:38:34,250
මට සමාවෙන්න සර්. මට සමාවෙන්න.

689
00:38:34,333 --> 00:38:35,666
ඔයා කියන විදිහටම මම කරන්නම්.

690
00:38:35,750 --> 00:38:37,500
-මම අහන්නම්--
-හරි, කමක් නෑ. කටවහගන්නවා.

691
00:38:37,875 --> 00:38:38,750
එක දෙයක් කරන්න.

692
00:38:39,083 --> 00:38:40,541
හෙට වැඩකරන කට්ටියක් ගෙනත්

693
00:38:40,666 --> 00:38:41,875
මේ තැන සුද්ද කරවනවා.

694
00:38:42,000 --> 00:38:44,083
වෙඩින් එකට කලින්
හැමදේම පිරිසිදුවට තියෙන්න ඕනේ.

695
00:38:44,166 --> 00:38:46,375
මිනිස්සු එයි,
ඒත් රෑට එයාලා දුවලා යයි.

696
00:38:46,458 --> 00:38:48,208
-එතකොට මට බනින්න එපා.
-අපි ඒක පස්සේ බලාගමු.

697
00:38:48,291 --> 00:38:50,041
ඉස්සෙල්ලා ගිහින් අර දුවපු උන්ව
ආපහු එක්කන් එනවා.

698
00:38:50,125 --> 00:38:51,000
-හරි සර්.
-යනවා.

699
00:38:51,083 --> 00:38:52,916
-මට සමාවෙන්න.
-හරි, කමක් නෑ.

700
00:38:55,416 --> 00:39:00,291
එතකොට ඔයා කියන්නේ මගේ නංගිව
වෙඩින් එක දවසේ රෑ යක්ෂයෙක් ඉස්සුවා කියලද?

701
00:39:00,875 --> 00:39:02,916
අපි එහෙම කියන්නේ නෑ නෝනා.

702
00:39:03,291 --> 00:39:04,666
ගමේ අය තමයි එහෙම කියන්නේ.

703
00:39:04,958 --> 00:39:06,625
-ඒක නෙවෙයිද--
-කටවහගන්නවා මිශ්‍රා. යනවා.

704
00:39:07,083 --> 00:39:08,250
අමිත් කුමාර්

705
00:39:08,333 --> 00:39:09,875
අපි පරීක්ෂණයක් කරගෙන යනවා.

706
00:39:10,291 --> 00:39:11,916
අපි ඔක්කොම මළසිරුරු
පශ්චාත් මරණ පරීක්ෂණවලට යැව්වා.

707
00:39:13,541 --> 00:39:14,416
මේක බලන්න.

708
00:39:17,375 --> 00:39:19,125
නියපොතු පාරවල්, හපාකාපු පාරවල්...

709
00:39:19,708 --> 00:39:22,041
වල් සතෙක්ගේ වැඩක් වගේ.

710
00:39:22,416 --> 00:39:24,958
සමහරවිට චීටෙක්, කොටියෙක්,
නැත්තම් වලහෙක් වෙන්නත් පුළුවන්.

711
00:39:25,291 --> 00:39:26,500
මෙහේ සත්තු ගොඩක් ඉන්නවා.

712
00:39:27,125 --> 00:39:29,458
අපිට හම්බවුණේ මළසිරුරු හතරක් විතරයි.

713
00:39:29,541 --> 00:39:31,666
ඔයාගේ මාමාගෙයි නංගිගෙයි මළසිරුරු
ඒ අතරේ නෑ.

714
00:39:31,958 --> 00:39:33,000
එයාලා අතුරුදහන් වෙලා.

715
00:39:36,333 --> 00:39:39,333
මගේ නංගියි මාමයි කොහෙද ඉන්නේ කියලා
ඔයාලට කවදද හරියටම කියන්න පුළුවන් වෙන්නේ?

716
00:39:39,875 --> 00:39:40,791
එයාලා ජීවතුන් අතරද කියලවත්?

717
00:39:41,458 --> 00:39:44,625
බේරුණු මගේ නංගිගේ මහත්තයාගේ පවුලේ අයත්
කියනවා එයාලා මුකුත් දැක්කේ නෑ කියලා.

718
00:39:45,083 --> 00:39:46,250
එතකොට එදා රෑ ඇත්තටම මොකද වුණේ?

719
00:39:46,916 --> 00:39:48,458
නෝනා, අපි ඔයාට කියන්නම්

720
00:39:48,708 --> 00:39:49,750
අපිට දැනගන්න ලැබුණු ගමන්ම.

721
00:39:50,291 --> 00:39:53,750
ඒත් කරුණාකරලා එතකන්
මේ කේස් එක ගැන කතා කරන්න එපා.

722
00:39:54,791 --> 00:39:57,208
පරීක්ෂණයට කිසිම බාධාවක් වෙනවට
අපි කැමති නෑ.

723
00:40:52,708 --> 00:40:53,625
මොකක්?

724
00:40:55,666 --> 00:40:56,666
අතන...

725
00:41:02,500 --> 00:41:03,458
අතන...

726
00:41:05,875 --> 00:41:06,791
හොරා!

727
00:41:07,125 --> 00:41:08,000
හොරා!

728
00:41:08,250 --> 00:41:09,166
හොරා!

729
00:41:12,375 --> 00:41:13,375
ඉන්න...

730
00:41:14,833 --> 00:41:17,083
මෙයා හොරෙක් නෙවෙයි.
මෙයා මගේ බෑණා.

731
00:41:17,416 --> 00:41:19,000
මම මෙයාගේ මාමා,
මෙයා මගේ බෑණා.

732
00:41:20,250 --> 00:41:21,750
ඔයාගේ බෑණා මෙහේ මොකද කරන්නේ?

733
00:41:22,166 --> 00:41:23,083
ඔයා කවදද මෙහේට ආවේ?

734
00:41:23,791 --> 00:41:24,708
පැයකට කලින්.

735
00:41:26,666 --> 00:41:27,583
කෝච්චිය පරක්කු වුණා.

736
00:41:27,708 --> 00:41:29,125
මම දොරට තට්ටු කර කර හිටියා.

737
00:41:29,458 --> 00:41:32,083
ඒත් කවුරුවත් ඇරියේ නෑ.
පස්සේ, මම හැම ජනේලෙටම තට්ටු කළා.

738
00:41:32,375 --> 00:41:33,333
කවුරුවත් ඇහුවේ නෑ.

739
00:41:34,333 --> 00:41:36,666
හොඳ වෙලාවට, එක ජනේලයක් ඇරලා තිබුණා,
මම ඒකෙන් පැන්නා.

740
00:41:37,833 --> 00:41:39,250
එළියේ මිනිස්සු ඉන්නවා.
එයාලට ඇතුළට එන්න දෙන්න,

741
00:41:39,333 --> 00:41:41,000
නැත්තම් එයාලා අයිස්ක්‍රීම් වගේ ගල් වෙයි.

742
00:41:41,166 --> 00:41:42,083
මගේ කොලර් එක අතහරිනවා!

743
00:41:50,708 --> 00:41:51,833
තේ එකකුත් ගේන්න තියෙනවා නම්.

744
00:41:53,666 --> 00:41:54,541
තමුසේ මොකක්ද කිව්වේ?

745
00:41:55,000 --> 00:41:56,791
තමුසෙගේ අප්පා
මෙහේ තේ කඩයක් දාලා තියෙනවද?

746
00:41:57,041 --> 00:41:57,916
ඔය සද්දේ ඇති දැන්.

747
00:41:58,083 --> 00:41:59,500
මම ඉල්ලුවේ තේ එකක්,
නිධානයක් නෙවෙයි.

748
00:42:01,083 --> 00:42:02,875
තමුසේ දන්නවද මම කවුද කියලා?

749
00:42:04,250 --> 00:42:06,708
ඇයි? තමුසේ දන්නේ නැද්ද තමුසේ කවුද කියලා,
මගුලේ වැඩකාරයා?

750
00:42:06,916 --> 00:42:07,791
වැඩකාරයා?

751
00:42:07,916 --> 00:42:09,916
මම තමයි රජා.
රජා, තේරුණාද?

752
00:42:10,000 --> 00:42:12,041
මට කතා කරන්න කලින් නැමියන්,
කාලකණ්ණියා.

753
00:42:12,416 --> 00:42:13,708
-රජා?
-ඔව්.

754
00:42:14,083 --> 00:42:15,791
එහෙනම් කෝ ඔයාගේ ඔටුන්නයි
රාජකීය යෂ්ටියයි?

755
00:42:15,958 --> 00:42:18,250
තමුසෙට ඕනෙද මගේ
රාජකීය යෂ්ටිය බලන්න?

756
00:42:18,458 --> 00:42:20,125
මගේ රාජකීය යෂ්ටිය බලන්න ඕනෙද?

757
00:42:20,250 --> 00:42:21,416
මම මගේ රාජකීය යෂ්ටිය
පෙන්නන්නද?

758
00:42:21,625 --> 00:42:23,083
කාමරේට එනවා,
මම පෙන්නන්නම්.

759
00:42:23,166 --> 00:42:24,166
-එනවා!
-හේයි!

760
00:42:24,375 --> 00:42:25,291
මොකක්ද අවුල?

761
00:42:25,375 --> 00:42:26,958
මේ කාලකණ්ණියට ඕනෙලු
මගේ රාජකීය යෂ්ටිය බලන්න.

762
00:42:27,583 --> 00:42:29,125
මම රජා කියලා මුට
විශ්වාස කරන්න අමාරුයිලු.

763
00:42:29,291 --> 00:42:30,166
මුට කියනවා.

764
00:42:30,250 --> 00:42:32,875
මෙයා තමයි බොස්. අයිතිකාරයා.
ටිකක් ගෞරවයෙන් කතා කරපන්.

765
00:42:33,833 --> 00:42:34,875
එයා හොඳ කොල්ලෙක් සර්.

766
00:42:34,958 --> 00:42:36,541
-ඔයාගේ නම කියන්න.
-සුන්දර්.

767
00:42:39,000 --> 00:42:39,875
කවුද තමුසෙට ඔය නම දැම්මේ?

768
00:42:40,208 --> 00:42:41,083
මගේ තාත්තා.

769
00:42:41,916 --> 00:42:42,791
එයා අන්ධයෙක්ද?

770
00:42:43,208 --> 00:42:45,375
අපි ආදරේට එයාට බල්ලි කියලා කියනවා.

771
00:42:46,000 --> 00:42:47,208
එයා මහා කාලකණ්ණියෙක්.

772
00:42:47,458 --> 00:42:48,666
එයාට කාලකණ්ණියා කියලා කියන්න.

773
00:42:48,750 --> 00:42:49,875
බල්ලි බජ්වා.

774
00:42:49,958 --> 00:42:51,708
මම මුගේ මූණට
කැමති නෑ.

775
00:42:51,791 --> 00:42:53,541
මාමේ, මම මෙහේ ආවේ
මනමාලියෙක් තෝරන්න නෙවෙයි.

776
00:42:53,666 --> 00:42:55,041
මම මගේ රස්සාව කරන්නේ.
මම ඉලෙක්ට්‍රීෂන් කෙනෙක්.

777
00:42:55,125 --> 00:42:57,458
දැක්කද, මූ කතා කරන කැත.

778
00:42:57,708 --> 00:42:58,916
මූට තියෙන්නේ නරියෙක්ගේ මූණක්නේ.

779
00:42:59,000 --> 00:43:02,625
මූණ විතරයි නරියෙක් වගේ,
ඒත් මූට තියෙන්නේ වස්සෙක්ගේ හදවතක්.

780
00:43:02,791 --> 00:43:05,000
බයවෙන්න එපා.
මගේ කට්ටිය වගයක් ඇවිත් ඉන්නේ.

781
00:43:05,083 --> 00:43:06,625
අනිත් අය හෙට එයි.
එන්න.

782
00:43:08,083 --> 00:43:09,791
එයාගේ නම රාගිනී.

783
00:43:09,916 --> 00:43:11,333
එයා මාර රසට උයනවා.

784
00:43:11,625 --> 00:43:12,500
ඒකට කමක් නෑ.

785
00:43:13,125 --> 00:43:17,333
හැබැයි උන්ට කියනවා මාත් එක්ක හරියට හැසිරිලා
මට බොස් කියලා කතා කරන්න කියලා.

786
00:43:17,666 --> 00:43:21,083
මම ස්ටේෂන් එකේදි ඇහුවා
මේ මාලිගාවේ හොල්මන් තියෙනවා කියලා.

787
00:43:21,666 --> 00:43:23,416
කලින් තිබුණේ නෑ.
ඒත් දැන් මෙයා ඉන්නවනේ.

788
00:43:24,041 --> 00:43:25,958
ඔයාට බයක් දැනෙනවා නම්,
මගේ කාමරේ නිදාගන්න පුළුවන්.

789
00:43:26,291 --> 00:43:27,958
මේ මනුස්සයා AKS කෙනෙක්.

790
00:43:28,166 --> 00:43:30,041
-මොකක්ද AKS කියන්නේ?
-ගෑනු පෙරේතයෙක්.

791
00:43:31,291 --> 00:43:34,958
බයවෙන්න එපා සර්.
මම එයාලව කොහෙද නවත්තන්නේ?

792
00:43:35,041 --> 00:43:37,875
මෙහේ කාමර 200ක් තියෙනවා.
ඔයාට ඕන තැනක එයාලව නවත්තන්න පුළුවන්.

793
00:43:38,291 --> 00:43:40,250
මෙහේ ඉඩ මදි නම්,
පිටිපස්සේ ලිඳක් තියෙනවා.

794
00:43:40,333 --> 00:43:41,250
උන්ව ඒකට විසි කරනවා.

795
00:43:41,500 --> 00:43:43,083
තමුසෙලා මට නිදාගන්න දෙන්නේ නෑ.

796
00:43:43,375 --> 00:43:45,416
මම මෙහේ ආපු වෙලාවේ ඉඳන් මට වද දෙනවා.
මට පිස්සු හැදෙනවා.

797
00:43:46,000 --> 00:43:47,625
බොස්ට මොළයක් නැද්ද?

798
00:44:02,250 --> 00:44:05,125
රාගිනී ජී, අද දවල් කෑමට
මොනවද හදන්නේ?

799
00:44:06,041 --> 00:44:07,166
ඔයාට මොනවද කන්න ඕනේ?

800
00:44:07,791 --> 00:44:09,833
-රාබු පරාටා ටිකක් හැදුවොත්?
-ඔව්, සැරට හදන්න.

801
00:44:11,208 --> 00:44:13,708
මේ ජරාව...

802
00:44:18,291 --> 00:44:19,541
මම මේක වතුර ටිකකින් හෝදන්නම්.

803
00:44:25,208 --> 00:44:26,541
ඒක යන්නේ නෑනේ.

804
00:44:40,666 --> 00:44:41,875
සැරට හදන්න.

805
00:44:41,958 --> 00:44:43,666
-හරි.
-ඒකට මිරිස් ටිකකුත් දාන්න.

806
00:44:45,250 --> 00:44:46,416
ඔයා කතා කරන්නේ කෝකියෙක් වගේනේ.

807
00:44:47,416 --> 00:44:48,875
මම හැමදේම පුළුවන් කෙනෙක්.

808
00:44:48,958 --> 00:44:49,875
හරි.

809
00:44:50,625 --> 00:44:53,041
මේ කාලකණ්ණියෝ මේ මාලිගාව
ගණිකා මඩමක් කරලා.

810
00:44:55,041 --> 00:44:57,208
ඒ අල හොද්ද නම්
මගේ හුස්ම හිර කළා.

811
00:45:02,833 --> 00:45:03,750
මෙහාට එනවා.

812
00:45:05,041 --> 00:45:07,708
ඉන්නවා. ඉන්නවා.
ඔතනම ඉන්නවා.

813
00:45:08,250 --> 00:45:09,541
මෙහේ මේ වගේ කැත වැඩවලට
ඉඩ දෙන්නේ නෑ.

814
00:45:09,625 --> 00:45:11,916
ඒක වැරදීමකින් ගෑවුණේ.
මම මේක පිහදාන ගමන් හිටියේ.

815
00:45:12,041 --> 00:45:12,958
මම ගහනවා කනේ පාරක්.

816
00:45:14,125 --> 00:45:15,958
ගෑනියෙක් වෙලත්,
තමුසෙට ලැජ්ජා හිතෙන්න ඕනේ.

817
00:45:16,041 --> 00:45:18,125
ඔය වගේ කැත වැඩක් කරන්න
තමුසෙට ලැජ්ජා හිතුණේ නැද්ද?

818
00:45:18,333 --> 00:45:20,041
එයා මට රාබු පරාටා හදන්න
කියලා දෙන ගමන් හිටියේ.

819
00:45:20,125 --> 00:45:23,416
දෙවියනේ, එයාලා මේ කැත වැඩේට
කියන්නේ රාබු පරාටා හදනවා කියලලු.

820
00:45:24,166 --> 00:45:27,666
මේ වගේ කැත මිනිස්සුන්ව වැඩට ගත්තට
මට සෙරෙප්පුවෙන් ගහන්න ඕනේ.

821
00:45:27,750 --> 00:45:29,791
දන්නවද,
ඔයාගේ සෙරෙප්පුව ගලවලා මට ගහන්න.

822
00:45:29,875 --> 00:45:31,083
මට ගහන්න. මට ගහන්න.

823
00:45:31,333 --> 00:45:32,541
මට ගහන්න. මට ගහන්න!

824
00:45:43,000 --> 00:45:43,916
දෙවියනේ...

825
00:45:48,458 --> 00:45:49,333
සතුටුයිද?

826
00:45:53,750 --> 00:45:55,541
-මගේ කන් දෙක ගැලවෙයි.
-මොකද වෙන්නේ?

827
00:45:55,625 --> 00:45:56,875
ජග්දීශ් ජී...

828
00:45:57,125 --> 00:45:59,708
-ඔයාට මට ගහන්න ඕනෙද?
-හේයි!

829
00:45:59,833 --> 00:46:01,041
-අතහරිනවා. අතහරිනවා.
-හේයි!

830
00:46:05,916 --> 00:46:08,333
-ඉන්න. ඉන්න. මොකද වුණේ?
-මෙයා මගේ කන කඩන්න හැදුවා.

831
00:46:08,541 --> 00:46:09,416
මොකද වුණේ?

832
00:46:09,500 --> 00:46:11,208
-මෙයා මගේ කන කඩන්න හැදුවා.
-මේ ගෙදර වෙඩින් එකක් තියෙනවා.

833
00:46:11,291 --> 00:46:12,833
-ඔව්.
-ගෑනු අමුත්තොත් එන්න ඉන්නවා.

834
00:46:13,000 --> 00:46:14,458
ඔයා දන්නවද
මේ මනුස්සයා මොනවද කර කර හිටියේ කියලා?

835
00:46:14,541 --> 00:46:15,416
එයා මොනවද කර කර හිටියේ?

836
00:46:15,500 --> 00:46:16,833
ඒක ඔයාට කියන්නත්
මට ලැජ්ජයි.

837
00:46:16,916 --> 00:46:18,625
-එහෙනම් මට කියන්න එපා.
-ඒත් මම ඔයාට කියන්නම ඕනේ.

838
00:46:18,708 --> 00:46:19,583
එහෙනම් කියන්න.

839
00:46:19,750 --> 00:46:20,666
ඔයාගේ කන දෙන්න.

840
00:46:21,375 --> 00:46:22,791
පිටිපස්ස නෙවෙයි--
ඔයාගේ කන දෙන්න.

841
00:46:22,875 --> 00:46:23,750
ඔව්.

842
00:46:28,625 --> 00:46:30,083
මෙයා කවදාවත් එහෙම හැසිරෙන්නේ නෑ.

843
00:46:30,208 --> 00:46:32,833
මෙයාට හෙළුවෙන් දුවන්න පුළුවන්.
හැබැයි මෙයා හොඳ කොල්ලෙක්.

844
00:46:33,041 --> 00:46:34,000
කොල්ලෙක්?

845
00:46:34,291 --> 00:46:35,250
මෙයා ලොකු මිනිහෙක්!

846
00:46:35,416 --> 00:46:37,416
මම මෙයාව ආයෙත් මේ වගේ දෙයක් කරනවා
අල්ලගත්තොත්,

847
00:46:37,500 --> 00:46:39,083
මම මෙයාගේ පරාටා එකට
රාබු බස්සනවා.

848
00:46:39,375 --> 00:46:40,291
එයාට ඒක කියන්න.

849
00:46:41,875 --> 00:46:42,833
එන්න මට කිස් එකක් දෙන්න.

850
00:47:03,083 --> 00:47:04,416
මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ

851
00:47:05,583 --> 00:47:08,291
සතෙන් සතේ හොයන එක
කොච්චර අමාරුද කියලා.

852
00:47:52,791 --> 00:47:55,083
සාමාන්‍යයෙන්, මම උදේට හිතන්නේ
කොමෝඩ් එක ගැන.

853
00:47:55,833 --> 00:47:58,208
කොමෝඩ් එක කවදාවත් මට
මේ තරම් ආරාධනා කරලා නෑ.

854
00:47:58,291 --> 00:47:59,583
මම එනවා!

855
00:47:59,958 --> 00:48:01,291
මොකක්ද මේ හදිස්සිය?

856
00:48:01,791 --> 00:48:02,875
එනවා. එනවා.

857
00:48:18,083 --> 00:48:20,916
සීතල කාලෙට මේ වගේ රස්නේ
කොමෝඩ් එකක්ම තමයි ඕනේ.

858
00:48:37,583 --> 00:48:38,500
දෙවියනේ.

859
00:48:42,000 --> 00:48:43,500
ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාලෙට.

860
00:48:43,708 --> 00:48:46,250
ඒක කරවෙලා.
මගේ පිටිපස්ස කරවෙලා.

861
00:49:04,625 --> 00:49:05,958
මොකක්ද මේ කැත වැඩේ?

862
00:49:06,208 --> 00:49:07,125
මේකට කියන්නේ CPR කියලා.

863
00:49:08,125 --> 00:49:09,000
කවුද ඒ?

864
00:49:09,291 --> 00:49:10,541
මේකෙන් ජීවිත බේරෙනවා.

865
00:49:10,875 --> 00:49:11,875
කටවහගන්නවා.

866
00:49:16,916 --> 00:49:17,833
මෙයා නැගිට්ටා.

867
00:49:30,833 --> 00:49:31,708
මොකද වුණේ?

868
00:49:33,000 --> 00:49:34,458
ඔයාට ආයෙත් ජීවිතේ ලැබුණා.

869
00:49:35,083 --> 00:49:36,208
ආයෙත් ජීවිතේ?

870
00:49:39,166 --> 00:49:40,291
ඔයා මැරිලයි හිටියේ!

871
00:49:43,458 --> 00:49:44,333
මැරිලා?

872
00:49:44,416 --> 00:49:45,291
ඔව්.

873
00:49:46,291 --> 00:49:49,375
ඔයා බාත්රූම් එකේ බිම වැටිලා ඉන්නවා
එයාලා දැක්කා.

874
00:49:50,125 --> 00:49:51,583
එයාලගේ සද්දේ ඇහිලා
මම ඇතුළට දුවගෙන එනකොට,

875
00:49:51,666 --> 00:49:54,583
මම දැක්කා ඔයාගේ හාට්බීට් එක
නැවතිලා කියලා.

876
00:49:55,375 --> 00:49:56,375
ඊටපස්සේ මම ට්‍රයි කළා,

877
00:49:57,166 --> 00:49:58,625
එතකොට ඔයාට ආයෙත් පණ ආවා.

878
00:50:00,208 --> 00:50:02,750
ඔයාගේ වෙලාව හොඳයි
මෙයා හරි වෙලාවට ආපු එක.

879
00:50:04,666 --> 00:50:05,875
ඒත් ඔයා කොහොමද මෙහේ ආවේ?

880
00:50:10,000 --> 00:50:12,541
මම මෙහේ ආවේ රාජකාරි වැඩකට.

881
00:50:13,083 --> 00:50:15,791
මට මේ මාලිගාව ගැන දැනගන්න ලැබුණේ
ගමේ අයගෙන්.

882
00:50:16,208 --> 00:50:17,666
එතකොට මට මතක් වුණා

883
00:50:18,041 --> 00:50:20,208
ඔයා කෝච්චියේදී
මාලිගාවක් ගැන මොනවදෝ කිව්වා කියලා.

884
00:50:21,083 --> 00:50:22,750
මට මාරම අප්සෙට්,

885
00:50:23,416 --> 00:50:26,333
මොකද ඔයා මගේ ජීවිතේ බේරලත්
මම ඔයාට ස්තූති කළේ නෑනේ.

886
00:50:26,708 --> 00:50:27,583
ස්තූතියි.

887
00:50:29,208 --> 00:50:30,791
ඔයා මගේ ජීවිතෙත් බේරුවානේ.

888
00:50:31,833 --> 00:50:32,791
ඒකට ස්තූතියි.

889
00:50:33,000 --> 00:50:34,166
දැන් අපි ණය නෑ.

890
00:50:34,458 --> 00:50:35,375
ඔයාගේ නම මොකක්ද?

891
00:50:36,041 --> 00:50:36,916
ප්‍රියා.

892
00:50:37,041 --> 00:50:37,916
ප්‍රියා...

893
00:50:39,875 --> 00:50:41,000
ප්‍රියා ජී, ඔයා මොනවද කරන්නේ?

894
00:50:42,541 --> 00:50:43,458
මම ලේඛිකාවක්.

895
00:50:43,916 --> 00:50:47,458
මම ඉන්දියාවේ පෞරාණික කෝවිල් ගැන
පොතක් ලියනවා.

896
00:50:47,583 --> 00:50:49,791
-අනිවාර්යයෙන්ම.
-මෙහේ මාර කතා තියෙනවානේ.

897
00:50:50,166 --> 00:50:53,208
කෝවිල්, හොල්මන්,
කළු කුමාර බලවේග ගැන...

898
00:50:53,291 --> 00:50:56,083
-මට කියන්න පුළුවන්. මම කතා ගොඩක් දන්නවා.
-එහෙමද?

899
00:50:56,208 --> 00:50:57,333
ඔයා දවස් දෙක තුනක්
මෙහේ ඉන්නවද?

900
00:50:58,000 --> 00:51:01,625
ඔව්, ඒත් මම වැඩකට
සීතාපූර් යනවා.

901
00:51:01,708 --> 00:51:03,166
මගේ බස් එක තියෙන්නේ හවස හතට.

902
00:51:03,291 --> 00:51:04,500
හතට, නේද?

903
00:51:04,583 --> 00:51:06,875
එහෙනම් අපි කාලා ඉවර වෙලා,
මම ඔයාව ගිහින් දාන්නම්?

904
00:51:07,541 --> 00:51:08,458
හරි.

905
00:51:12,250 --> 00:51:13,541
ටිකට්, ටිකට්.

906
00:51:26,125 --> 00:51:29,666
අහන්න. 13 වෙනිදා මගේ නංගිගේ
වෙඩින් එකට එන්න වෙලාවක් වෙන් කරගන්න.

907
00:51:29,750 --> 00:51:31,000
මම ඊට කලින් එන්නම්.

908
00:51:31,208 --> 00:51:32,708
මට යන්න ඕනේ තව තැන් වගයක්
මම දන්නවා.

909
00:51:32,791 --> 00:51:33,708
-හරි.
-බායි.

910
00:51:35,583 --> 00:51:37,333
අනිවාර්යයෙන්ම එන්න. මම මාර සතුටු වෙයි.

911
00:51:37,458 --> 00:51:38,625
ඔයා ඒකට ගොඩක් කැමති වෙයි.

912
00:51:39,833 --> 00:51:40,750
හරි.

913
00:51:41,541 --> 00:51:42,458
හරි, බායි.

914
00:52:25,958 --> 00:52:27,083
කවුද මගේ කලිසම අදින්නේ?

915
00:52:39,166 --> 00:52:40,625
ධෛර්යයක් තියෙනවා නම්
ඉස්සරහට එනවා?

916
00:52:40,791 --> 00:52:42,166
මගුල...

917
00:52:42,625 --> 00:52:43,958
තමුසේ...

918
00:53:14,791 --> 00:53:19,333
එක් පසෙකින් පහන දැවෙයි
අනෙක් පසින් මගේ හදවත දැවෙයි

919
00:53:19,625 --> 00:53:26,500
ඇවිත් ඔබම බලන්න, ප්‍රේමවන්තය

920
00:53:29,083 --> 00:53:33,333
ඔබ යන්නේ කොයි දෙසටද?

921
00:53:33,750 --> 00:53:37,500
එක් පසෙකින් පහන දැවෙයි
අනෙක් පසින් මගේ හදවත දැවෙයි

922
00:53:38,541 --> 00:53:42,500
මූ දිහා බලනවාකෝ. මූ මහ රෑ
සංගීත සංදර්ශනයක් තියෙනවා.

923
00:53:42,583 --> 00:53:43,916
මිනිස්සුන්ව බය කරලා යවන්න.

924
00:53:45,333 --> 00:53:47,208
මම දවසම බූරුවෙක් වගේ වැඩ කරනවා.

925
00:53:47,291 --> 00:53:49,833
මම රෑට නිදාගන්න හැදුවම,
මොකක් හරි මෝඩයෙක් මගේ කකුල් අදින්න ගන්නවා.

926
00:53:49,916 --> 00:53:50,875
මොන මෝඩයාද?

927
00:53:50,958 --> 00:53:52,250
මම දන්නේ නෑ.
මට එයාව පේන්නේ නෑ.

928
00:53:52,333 --> 00:53:54,166
-ඒක විකාරයක්.
-ඒක විකාරයක් නෙවෙයි.

929
00:53:54,375 --> 00:53:57,416
වවුලෝ උඩින් කැරකෙනවා,
වෘකයෝ උඩුබුරනවා.

930
00:53:57,583 --> 00:54:01,125
මට මාර බයක් දැනෙනවා. ඉතින් ඒ සද්දේ ඇහෙන්නේ නැති වෙන්න
මම මේ සින්දුව දාගන්නවා.

931
00:54:01,208 --> 00:54:03,250
කාලකණ්ණියා, සින්දු ඔක්කොම තියෙද්දි,
තමුසේ මේකද තෝරගත්තේ?

932
00:54:03,333 --> 00:54:06,125
"එක් පසෙකින් පහන දැවෙයි,
අනෙක් පසින් මගේ හදවත දැවෙයි."

933
00:54:06,208 --> 00:54:07,333
තමුසෙට මේ සින්දුවම තෝරගන්න වුණානේ.

934
00:54:07,875 --> 00:54:08,833
අනික තමුසේ මොනවද බොන්නේ?

935
00:54:09,500 --> 00:54:12,291
ගමේ පෙරපු ඒවා.
කවුද මේ ලාබ ජරාව බොන්නේ?

936
00:54:12,625 --> 00:54:14,333
මූ ආයෙත් මේක ප්ලේ කළොත්,

937
00:54:14,416 --> 00:54:17,375
මම මුළු බෝතලේම
මූගේ ඇඟට හලලා ගිනි තියනවා.

938
00:54:17,541 --> 00:54:19,458
ඔයාගේ ආදරණීය බෑණගෙන්
ඔයාට ආදරේ හම්බවුණාද?

939
00:54:19,583 --> 00:54:21,750
හම්බවුණාද?
එන්න, අපි නිදාගන්න යමු.

940
00:54:21,958 --> 00:54:23,958
ගිහින් නිදාගෙන මැරියන්!
එනවා!

941
00:54:24,166 --> 00:54:27,833
මුගේ දැවෙන පහනට හෙන ගහන්න.
මූ මට නිදාගන්න දෙන්නේ නෑ.

942
00:55:52,708 --> 00:55:54,833
ඇයි මාලිගාවේ ලියකියවිලි කාලි ගාව තියෙන්නේ?

943
00:55:55,583 --> 00:55:58,833
එයා මැරෙන දවස වෙනකන්ම
එයාව බලාගත්තේ කාලි.

944
00:55:59,666 --> 00:56:02,375
කාලි තමයි එයාගේ අන්තිම කටයුතු පවා කළේ.

945
00:56:03,041 --> 00:56:09,750
ඒකයි ඔයාගේ සීයා මැරෙන්න කලින්
මේ ගේ කාලිට දුන්නේ.

946
00:56:17,041 --> 00:56:17,916
කාලි.

947
00:56:18,833 --> 00:56:20,625
එයාලා නෙවෙයි. අරහේ.
කාලි...

948
00:56:23,291 --> 00:56:24,166
කටවහගන්නවා.

949
00:56:27,208 --> 00:56:29,166
ඔයාගේ සීයා මැරෙන්න කලින්,

950
00:56:29,250 --> 00:56:31,625
මේ ලියකියවිලි ටික ඔයාට දෙන්න කියලා
එයා මට කිව්වා.

951
00:56:32,000 --> 00:56:32,875
මෙන්න, බලන්න.

952
00:56:34,875 --> 00:56:36,875
අහන්න... බල්ලි...

953
00:56:36,958 --> 00:56:38,958
-කාලි. කාලි.
-ඔව්, කාලි.

954
00:56:57,833 --> 00:56:59,791
පුතා, හිමීට.

955
00:57:00,125 --> 00:57:03,083
ඒක අඬන්නවත් රිදෙන්නවත් දෙන්න එපා.

956
00:57:03,458 --> 00:57:06,583
හයියෙන් අතුගාන්න, මෙන්න මෙහෙම.
ඉක්මන් කරන්න.

957
00:57:07,333 --> 00:57:08,833
මූ මේ වැඩ කරන උන්ව
කොහෙන් ගෙනාවද දන්නේ නෑ.

958
00:57:09,250 --> 00:57:12,458
ඔක්කොම නිකම්ම කන උන්,
පොහොසතුන්ව සූරන් කන්න බලන් ඉන්න--

959
00:57:15,583 --> 00:57:16,708
ඔහ්...

960
00:57:17,625 --> 00:57:19,000
රමී.

961
00:57:20,583 --> 00:57:21,500
අහන්න.

962
00:57:22,500 --> 00:57:23,375
කවුද මේ මිනිස්සු?

963
00:57:26,625 --> 00:57:27,875
එයාලා අපිත් එක්ක ඉන්න අය.

964
00:57:34,666 --> 00:57:35,833
හැමෝම එළියට යනවා.

965
00:57:40,000 --> 00:57:40,875
උන් යන්නේ නැද්ද?

966
00:57:41,125 --> 00:57:42,083
ජග්ගු.

967
00:57:42,916 --> 00:57:43,833
ජග්ගු.

968
00:57:46,916 --> 00:57:48,916
වාව්, තව නිදිමතෙක්.

969
00:57:49,041 --> 00:57:51,166
ඇයි ඔයා කෑගහන්නේ?
මොකද වුණේ?

970
00:57:51,250 --> 00:57:53,125
ඔයා මොන වගේ සූදුකාර
වැඩකාරයෝද මෙහේ ගෙනාවේ?

971
00:57:53,291 --> 00:57:54,708
උන් වැඩ කරන වෙලාවේ
කාඩ් ගහනවා.

972
00:57:54,875 --> 00:57:55,833
කවුද සෙල්ලම් කරන්නේ?

973
00:57:56,125 --> 00:57:57,041
අර මිනිස්සු.

974
00:58:02,583 --> 00:58:04,833
වැඩකට නැති හැත්ත,
තොපි මෙතන සූදු කෙළින්නද ආවේ!

975
00:58:05,000 --> 00:58:06,000
තමුසෙලා කොහෙද යන්න හැදුවේ?

976
00:58:06,458 --> 00:58:07,625
ආපහු වැඩට යනවා, ඇතුළට.

977
00:58:07,791 --> 00:58:08,875
බොස් අපිට යන්න කිව්වා.

978
00:58:09,625 --> 00:58:11,250
බොස් ඔයාලට කිව්වා?

979
00:58:11,833 --> 00:58:13,000
දැන් මට තේරෙනවා.

980
00:58:13,833 --> 00:58:16,000
තමුසේ මුන්ට හිමීට වැඩ කරන්න කියලා

981
00:58:16,083 --> 00:58:18,791
සූදු කෙළින්න දෙනවා මේක තව දවස් දෙකක්
ඇදගෙන යන්න, නේද?

982
00:58:18,875 --> 00:58:19,833
ඒ බොස් නෙවෙයි.

983
00:58:20,083 --> 00:58:21,666
ඒත් තමුසේ දැන් කිව්වේ
බොස් කිව්වා කියලා.

984
00:58:22,000 --> 00:58:23,916
-ඒ බොස්.
-මම කවදද එහෙම කිව්වේ?

985
00:58:24,416 --> 00:58:26,458
අර බොස් නෙවෙයි,
මේ බොස්.

986
00:58:26,583 --> 00:58:27,500
මම කවදද එහෙම කිව්වේ?

987
00:58:27,666 --> 00:58:29,625
මම එහෙම කිව්වේ සූදු කෙළපු උන්ට--

988
00:58:32,000 --> 00:58:33,666
සූදු කෙළ කෙළ හිටපු
අර මෝඩයෝ කොහෙද ගියේ?

989
00:58:34,958 --> 00:58:37,083
-උන් කොහෙද ගියේ?
-කවුද මෙතන සූදු කෙළියේ?

990
00:58:37,250 --> 00:58:38,666
-අපි දන්නේ නෑ.
-පොඩ්ඩක් ඉන්න.

991
00:58:38,750 --> 00:58:40,041
ඔය කොණ්ඩේ ගොතපු කෙනා, මෙහාට එනවා.

992
00:58:41,166 --> 00:58:44,583
මිනිස්සු වගයක් මෙතන සිගරට් බොන ගමන්
සූදු කෙළිනවා තමුසේ දැක්කද?

993
00:58:44,666 --> 00:58:45,583
තමුසේ දැක්කද නැද්ද?

994
00:58:47,000 --> 00:58:48,000
මම කාවවත් දැක්කේ නෑ.

995
00:58:48,291 --> 00:58:49,916
-තමුසේ දැක්කේ නැද්ද?
-නෑ.

996
00:58:50,208 --> 00:58:53,291
දෙවියනේ.
මම මුන් වගේ බොරුකාරයෝ, වංචාකාරයෝ දැකලම නෑ.

997
00:58:53,416 --> 00:58:54,791
හැමෝම බොරුකාරයෝ.

998
00:58:55,208 --> 00:58:56,875
දන්නවද, ඇතුළට එනවා.

999
00:58:56,958 --> 00:58:59,416
තමුසෙගේ එකා සෝෆා එකේ නිදාගෙන හිටියා.

1000
00:58:59,500 --> 00:59:01,333
-ඇවිත් බලනවා. එනවා.
-සෝෆා එකේ නිදාගෙන?

1001
00:59:03,166 --> 00:59:04,041
බලනවා.

1002
00:59:04,416 --> 00:59:07,125
මූ විනාඩියකට කලින් එතන නිදාගෙන හිටියා,
දැන් නැගිටලා, ඈනුම් අරිනවා.

1003
00:59:07,208 --> 00:59:08,333
මූ දිහා බලනවා.

1004
00:59:11,458 --> 00:59:12,958
කම්මැලියා.

1005
00:59:13,833 --> 00:59:15,291
කම්මැලියා.

1006
00:59:15,750 --> 00:59:17,208
කම්මැලියා.

1007
00:59:17,500 --> 00:59:18,666
වැඩ කරන වෙලාවේ නිදාගන්න
තමුසෙට කොහෙන්ද ඔච්චර හයියක්?

1008
00:59:19,375 --> 00:59:20,750
මම කවදද නිදාගත්තේ?

1009
00:59:21,250 --> 00:59:22,500
ඊයේ රෑත් මට
නිදාගන්න බැරි වුණා.

1010
00:59:22,625 --> 00:59:25,208
-ඔයා ඇයි එයාට ගහන්නේ?
-ඔයා කිව්වේ එයා නිදාගෙන හිටියා කියලා.

1011
00:59:25,291 --> 00:59:27,208
-මම කිව්වේ නෑ එයා නිදාගෙන හිටියා කියලා.
-එහෙනම්?

1012
00:59:27,458 --> 00:59:29,625
එයා නිදාගෙන හිටියා. මම කිව්වේ එයාව.

1013
00:59:29,958 --> 00:59:31,000
මම කවදද නිදාගත්තේ?

1014
00:59:31,583 --> 00:59:32,791
මම මෙහේ ආවේ ඔයත් එක්ක.

1015
00:59:33,541 --> 00:59:35,625
ඒත් ශාන්තාරාම් මට වැඩ කරන්නේ නෑනේ.

1016
00:59:35,791 --> 00:59:38,208
මම කිව්වේ දැන් ශාන්තාරාම්ව පහුකරන් ගිය
එකා ගැන.

1017
00:59:38,291 --> 00:59:39,250
ඒ ඔයාගේ වැඩකාරයා.

1018
00:59:39,833 --> 00:59:41,750
-කවුද? කොහෙද?
-එයා...

1019
00:59:43,083 --> 00:59:45,250
මාත් එක්ක සෙල්ලම් කරන්න එපා.

1020
00:59:45,583 --> 00:59:46,958
මම මාර කපටියි.

1021
00:59:47,333 --> 00:59:48,208
ඔයාට පේන්නේ නැද්ද?

1022
00:59:48,416 --> 00:59:50,291
මගේ වැඩේ වෙලාවට
ඉවර වුණේ නැත්තම්,

1023
00:59:50,500 --> 00:59:52,791
මම දිවුරනවා තමුසෙට එක
සතයක්වත් දෙන්නේ නෑ කියලා.

1024
00:59:54,083 --> 00:59:55,416
මාව රවට්ටන්න හදනවා.

1025
00:59:57,000 --> 01:00:00,250
-කවුරුහරි එනවා යනවා තමුසේ දැක්කද?
-මම කාවවත් දැක්කේ නෑ.

1026
01:00:27,291 --> 01:00:28,208
යනවා.

1027
01:00:29,333 --> 01:00:30,208
යනවා.

1028
01:00:30,291 --> 01:00:32,125
මගේ පාරෙන් අයින් වෙනවා.

1029
01:01:02,833 --> 01:01:03,750
ජග්දීශ්!

1030
01:01:05,875 --> 01:01:06,791
-මොකද වුණේ?
-ජග්දීශ්!

1031
01:01:06,875 --> 01:01:10,291
-මොකක්ද අවුල?
-ඔයාගේ බෑණා කැත වැඩ කරනවා.

1032
01:01:10,583 --> 01:01:13,125
-එයා මොනවද කර කර හිටියේ?
-එයා ආයෙත් රාබු පරාටා හදනවා.

1033
01:01:13,208 --> 01:01:15,166
රාබු පරාටා?
කර්ඩ් එක්කද නැත්තම් අච්චාරු එක්කද?

1034
01:01:15,250 --> 01:01:18,583
විහිළු කරන එක නවත්තන්න. ඒ කාලකණ්ණියා
ඇස්වලින් බිරියානි කකා හිටියේ.

1035
01:01:18,666 --> 01:01:20,750
කනවා...?
නෑ, එයාට එහෙම කරන්න බෑ.

1036
01:01:20,833 --> 01:01:22,208
එයා බොරු කියන්නේ!

1037
01:01:22,625 --> 01:01:24,208
එයා ගෑනුත් එක්ක කැත විදිහට හැසිරෙනවා.

1038
01:01:24,291 --> 01:01:25,833
මනමාලයාගේ ආච්චිත්
තව දවස් කීපයකින් මෙහේ එනවා.

1039
01:01:25,916 --> 01:01:28,541
එයා එයා එක්කත් කැත විදිහට හැසිරුණොත්?
පලයන් යන්න.

1040
01:01:28,875 --> 01:01:29,958
ඔයා හිතන්නේ ඔයාට මාව
අස් කරන්න පුළුවන් කියලද?

1041
01:01:30,375 --> 01:01:31,583
-මමම යනවා.
-හේයි.

1042
01:01:32,250 --> 01:01:36,833
එයා මට සලකන්නේ පන්සලේ සීනුවට වගේ,
දවාලයි රෑයි දෙකේම මාව හොලවනවා.

1043
01:01:37,000 --> 01:01:37,875
ඔයා එයා එක්ක බලාගන්න.

1044
01:01:37,958 --> 01:01:40,416
බල්ලි, නවතින්න. ඉන්න.

1045
01:01:41,458 --> 01:01:43,125
අපිට මෙයාව අස් කරන්න බෑ.

1046
01:01:43,375 --> 01:01:45,916
මෙයා මුළු බිල්ඩිමේම
වයර් ගලවලා තියෙන්නේ.

1047
01:01:46,125 --> 01:01:48,125
මොන වයර් එක කොහෙටද යන්නේ
කියලා දන්නේ මෙයා විතරයි.

1048
01:01:48,875 --> 01:01:51,625
මෙයා දවසක් ලයිට් කණුවකින්
බිමට වැටුණා.

1049
01:01:51,833 --> 01:01:53,750
ඒකයි මෙයාගේ ඔළුවේ තියෙන
කරන්ට් එක දැන් දුර්වල.

1050
01:01:53,958 --> 01:01:56,333
ඔව්, ඒත් ඒ කරන්ට් එක
වෙන කොහෙන්දෝ පිටවෙනවානේ.

1051
01:01:56,416 --> 01:02:00,166
නෑ, මම දැක්කා.
මෙයා ආපු වෙලාවේ ඉඳන් ඔයා මෙයාට කැමති නෑ.

1052
01:02:00,333 --> 01:02:02,625
ඒකෙන් කියවෙන්නේ නෑ
මෙයා ගෑනු පෙරේතයෙක් කියලා.

1053
01:02:03,250 --> 01:02:04,708
-ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද?
-මම කරන්නේ නෑ.

1054
01:02:04,791 --> 01:02:06,041
-ඔයා කරන්නේ නැද්ද?
-නෑ, මම කරන්නේ නෑ.

1055
01:02:06,125 --> 01:02:09,291
මගේ ඇස් දෙකෙන් දැක්කේ නැති
කිසිම දෙයක් මම විශ්වාස කරන්නේ නෑ.

1056
01:02:09,375 --> 01:02:10,666
-ඔයා ඩුබායි දැකලා තියෙනවද?
-නෑ.

1057
01:02:10,750 --> 01:02:11,791
ඒත් ඩුබායි කියලා රටක් තියෙනවා නේද?

1058
01:02:14,291 --> 01:02:17,125
කාලකණ්ණියා. මම ඔයාගේ පැත්ත ගත්තම,
ඔයා මට හිනාවෙනවා.

1059
01:02:17,375 --> 01:02:20,416
මේ කෘමියා කොච්චර ජරා එකෙක්ද
කියලා මම ඔප්පු කරලා පෙන්නන්නම්.

1060
01:02:22,625 --> 01:02:26,250
-මූ රජෙක්ද නැත්තම් හොරෙක්ද?
-යනවා, ගිහින් වැඩ කරනවා.

1061
01:02:33,000 --> 01:02:36,000
මාර පෝලිමක්නේ.
මේක තැපැල් කන්තෝරුවක්ද නැත්තම් තියටර් එකක්ද?

1062
01:02:38,500 --> 01:02:39,666
-එක දෙයක් කරන්න.
-ඔව්.

1063
01:02:39,875 --> 01:02:41,375
-දිල්ලිවලට කතා කරන්න.
-ඔව්.

1064
01:02:42,333 --> 01:02:44,541
මල්කාරයටයි ඩෙකරේටර්ටයි කතා කරලා
හොඳම ගාණකට කතා කරගන්න.

1065
01:02:44,625 --> 01:02:46,958
ඔයාට හිතෙන හිතෙන ගණන් ගෙවන්න එපා.

1066
01:02:47,041 --> 01:02:48,166
බයවෙන්න එපා. මම ඉන්නවානේ.

1067
01:02:58,041 --> 01:02:58,958
හලෝ.

1068
01:03:00,666 --> 01:03:02,000
ඔයා කොහොමද මාව දැක්කේ?

1069
01:03:02,250 --> 01:03:03,958
මම ඈත තියා ඔයාව දැකලා
ඒ ඔයා කියලා හිතුවා.

1070
01:03:04,208 --> 01:03:05,458
ළඟට ආවම තමයි ෂුවර් වුණේ.

1071
01:03:05,750 --> 01:03:06,750
ඔයා මෙහේ මොකද කරන්නේ?

1072
01:03:06,833 --> 01:03:10,083
මගේ නංගිගේ වෙඩින් එකේ වැඩ.
මට කෝල්ස් ගොඩක් ගන්න තිබුණා.

1073
01:03:10,250 --> 01:03:15,291
ගෙදර ෆෝන් එකෙන් දිල්ලිවලට ගන්න බෑ,
මගේ ෆෝන් එකේ සිග්නලුත් අවුල්.

1074
01:03:15,375 --> 01:03:16,541
එතකොට වෙඩින් එක ෆික්ස් කළාද?

1075
01:03:17,583 --> 01:03:19,541
ඔයාට පිස්සුද?
මම ඔයාට කිව්වානේ.

1076
01:03:19,625 --> 01:03:21,583
ඔව්, ඔව්, මම--

1077
01:03:21,666 --> 01:03:24,000
-"ඔව්, ඔව්."
-ඉතින්...

1078
01:03:24,458 --> 01:03:25,916
ඒත් හැමෝම කියනවා

1079
01:03:26,000 --> 01:03:27,916
-ඔයාලා මංගල්පූර්වලදි බඳින්න හොඳ නෑ කියලා.
-කවුද කියන්නේ?

1080
01:03:28,000 --> 01:03:29,041
හැමෝම කියනවා.

1081
01:03:29,208 --> 01:03:30,416
එහෙනම් ඔයා ඇයි බල කරන්නේ?

1082
01:03:30,750 --> 01:03:33,291
ඔයා ලේඛිකාවක් වෙලත්
තාමත් මේ දේවල් විශ්වාස කරනවා.

1083
01:03:33,375 --> 01:03:34,666
ඔයා ලේඛිකාවක් විදිහට කතා විශ්වාස කරනවා.

1084
01:03:34,750 --> 01:03:36,625
-ඔයාට පිස්සු හැදිලද?
-මේ කතා ඇත්ත වෙන්න පුළුවන්.

1085
01:03:36,791 --> 01:03:38,875
එතකොට ඔයා හිතන්නේ නැද්ද හොල්මන් ඉන්නවා කියලා?

1086
01:03:39,041 --> 01:03:41,583
විකාර, හොල්මන් කියන්නේ ඇත්තක් නෙවෙයි.
"හොල්මන් ඉන්නවා."

1087
01:03:41,833 --> 01:03:44,333
මේ වධුසුර්, කෝවිල,
අප්සරාවිගේ ගහ--

1088
01:03:45,041 --> 01:03:46,000
ඔයා ඒවා දැකලා තියෙනවද?

1089
01:03:46,625 --> 01:03:49,791
මම වධුසුර්ගේ කෝවිල ගැන
අහ අහ හිටියේ.

1090
01:03:49,875 --> 01:03:50,750
ඉතින්?

1091
01:03:50,833 --> 01:03:54,125
-කවුරුවත් ඒක දැකලා නැද්ද?
-මොකද එහෙම එකක් නෑ.

1092
01:03:54,666 --> 01:03:57,416
මම 150,000කට වඩා එක රුපියලක්වත් දෙන්නේ නෑ.

1093
01:03:57,500 --> 01:03:58,375
තේරුණාද?

1094
01:03:59,333 --> 01:04:00,250
අර්ජුන්!

1095
01:04:02,666 --> 01:04:03,583
පස්සේ හම්බවෙමු.

1096
01:04:05,583 --> 01:04:06,583
අර්ජුන්! අර්ජුන්!

1097
01:04:06,708 --> 01:04:08,875
-මට මාර ලාබෙට වැඩේ කරගන්න පුළුවන් වුණා.
-ඇත්තද?

1098
01:04:08,958 --> 01:04:10,291
-කීයටද?
-300,000යි.

1099
01:04:10,583 --> 01:04:12,375
-හේයි! 300,000ක්?!
-300,000යි!

1100
01:04:13,000 --> 01:04:14,541
-මල්වලට 300,000ක්?
-ඔව්.

1101
01:04:15,250 --> 01:04:17,375
මගේ නංගිගේ වෙඩින් එකට
මම මගේ මාලිගාව විකුණන්නද?

1102
01:04:17,458 --> 01:04:19,083
අර මෝඩයා ලක්ෂ පහක් ඉල්ලුවා.

1103
01:04:19,166 --> 01:04:21,666
මම කිව්වා ලක්ෂ තුනක් දෙන්නම් කියලා.

1104
01:04:21,791 --> 01:04:26,583
ගන්නවා නම් ගන්නවා නැත්තම් නිකන් ඉන්නවා.
ඇඩ්වාන්ස් එක අරන් පලයන් යන්න කිව්වා.

1105
01:04:26,666 --> 01:04:28,541
එයා කැමති වුණා.
ඒ මෝඩයා කැමති වුණා.

1106
01:04:31,916 --> 01:04:32,875
වෙලාව කීයද මල්ලි?

1107
01:04:33,000 --> 01:04:35,458
වෙලාව මාර නරකයි කොල්ලෝ.
පලයන් යන්න, නැත්තම් මම තෝව විනාශ කරනවා.

1108
01:05:07,208 --> 01:05:09,666
ඔව් බොස්, මගේ වැඩේ මොකක්ද?

1109
01:05:28,833 --> 01:05:32,250
-ජග්ගු, එන්න, මම පෙන්නන්නම්.
-මොකක්ද?

1110
01:05:32,333 --> 01:05:33,958
ඔයාගේ බෑණා මොනවද කරන්නේ කියලා
ඔයාට දැනගන්න ඕනෙද?

1111
01:05:34,416 --> 01:05:35,291
එන්න.

1112
01:05:35,500 --> 01:05:36,791
ඉක්මනට සෙරෙප්පු දෙක දාගන්න.

1113
01:05:40,083 --> 01:05:41,666
-එයා කොහෙද ගියේ?
-කවුද?

1114
01:05:41,875 --> 01:05:42,958
ඔයාගේ බෑණා.

1115
01:05:45,791 --> 01:05:47,041
එන්න...

1116
01:06:00,625 --> 01:06:02,750
අද රෑ මම මේ කාලකණ්ණියාව අතේ මාට්ටු කරගන්නවා.

1117
01:06:09,250 --> 01:06:10,750
මෙයා මහ රෑ
කොහෙද මේ යන්නේ?

1118
01:06:12,208 --> 01:06:13,416
ඇත්තටම මෙහේ හොල්මන් ඉන්නවද?

1119
01:06:13,500 --> 01:06:15,375
ඔව්, එකෙක් ඔයා ඉස්සරහා ඉන්නවා.

1120
01:06:15,541 --> 01:06:16,875
මේ ගෑනු පෙරේත හොල්මන.

1121
01:06:25,916 --> 01:06:28,291
සර්, මෙහේ හොල්මන් ඉන්නවද?

1122
01:06:28,583 --> 01:06:31,000
මම දන්නේ නෑ පුතා.
මම මැරුණේ ඊයේ.

1123
01:06:31,875 --> 01:06:33,750
හේයි, තමුසේ තනියම
මොන විකාරයක්ද ඔය කියවන්නේ?

1124
01:06:33,833 --> 01:06:34,708
එනවා!

1125
01:06:36,000 --> 01:06:39,208
නෑ, මම මෙයාගෙන් ඇහුවේ--

1126
01:06:43,500 --> 01:06:44,500
එයා කොහෙද ගියේ?

1127
01:07:09,458 --> 01:07:10,375
එයා නැවතුණා.

1128
01:07:35,958 --> 01:07:36,875
ඔයා මොනවද බලන්නේ?

1129
01:07:43,291 --> 01:07:46,458
ඒ තියෙන්නේ වධුසුර්ගේ කෝවිලේ කොත.

1130
01:07:51,333 --> 01:07:53,416
වධුසුර් ඉන්නේ ඒක යට.

1131
01:08:00,875 --> 01:08:03,125
අර තියෙන්නේ වෘක්ෂ්ණි ගහ.

1132
01:08:09,291 --> 01:08:10,958
දැන් අපේ බොස් එයි.

1133
01:08:11,250 --> 01:08:12,791
මම තමයි තමුසෙගේ බොස්.

1134
01:08:17,916 --> 01:08:18,916
මම කොහෙද ඉන්නේ?

1135
01:08:20,041 --> 01:08:21,208
මේ මොන තැනක්ද?

1136
01:08:26,250 --> 01:08:27,583
දුවනවා!

1137
01:08:33,833 --> 01:08:35,166
උදව් කරන්න, උදව් කරන්න!

1138
01:08:39,875 --> 01:08:40,916
දුවනවා.

1139
01:08:41,250 --> 01:08:42,541
උදව් කරන්න...

1140
01:08:56,208 --> 01:08:57,583
මම තමයි තමුසෙගේ බොස්.

1141
01:08:57,958 --> 01:08:59,291
තොට හෙන ගහපන්!

1142
01:09:00,375 --> 01:09:01,291
ජග්ගු.

1143
01:09:02,708 --> 01:09:03,583
ජග්ගු.

1144
01:09:06,291 --> 01:09:07,291
ජග්ගු!

1145
01:09:10,666 --> 01:09:11,625
බොස්.

1146
01:09:12,250 --> 01:09:14,583
ජග්දීශ් සර්ව නැතිවෙලා.
මම හැමතැනම හෙව්වා.

1147
01:09:15,125 --> 01:09:17,958
එයාගේ කාමරේ ලයිට් තාමත් දාලා,
එයාගේ කාර් එකත් තාම එළියේ තියෙනවා.

1148
01:09:18,458 --> 01:09:19,541
ඔයා ළිඳ බැලුවද?

1149
01:09:21,291 --> 01:09:22,875
කටවහගන්නවා, ගෙම්බා.

1150
01:09:23,166 --> 01:09:26,625
එයා ඇඳුම් මාරු කරනකොට
තමුසේ යතුරු හිලෙන් බැලුවා නේද?

1151
01:09:26,708 --> 01:09:27,583
අපෝ නෑ.

1152
01:09:28,541 --> 01:09:30,541
මට ආයෙත් ගහන්න
මොකක්ද අලුත් නිදහසට කරුණ?

1153
01:09:30,750 --> 01:09:31,625
ඔව්, බොස්.

1154
01:09:31,708 --> 01:09:34,791
ඊයේ රෑ කවුරුහරි මගේ දොර අරිනවා වගේ
මට දැනුණා.

1155
01:09:34,916 --> 01:09:37,375
ඒ මේ තිරිසනා.
මේ සතා.

1156
01:09:38,125 --> 01:09:39,041
මම අහන්නම්,

1157
01:09:39,208 --> 01:09:40,750
කෝවිල ගැන ඔයාට කිව්වේ කවුද?

1158
01:09:41,291 --> 01:09:42,166
මොන කෝවිලද?

1159
01:09:42,291 --> 01:09:44,291
මොන කෝවිලද?
මාත් එක්ක සෙල්ලම් කරන්න එපා.

1160
01:09:44,375 --> 01:09:47,416
මට අන්තිමට මතක මම මගේ කාමරේ
නිදාගන්න ගියා විතරයි,

1161
01:09:47,625 --> 01:09:50,000
ඊටපස්සේ මම ඇහැරුණේ
කැලේදී තමුසෙලා දෙන්නා ඉස්සරහා.

1162
01:09:50,250 --> 01:09:51,458
තමුසෙලා ඇයි මාව එතනට එක්කන් ගියේ?

1163
01:09:51,541 --> 01:09:55,291
ආහ්, එතකොට කැලේ ගැන මතකයි,
ඒත් තමුසේ ගත්ත ආතල් එක මතක නෑ.

1164
01:09:55,375 --> 01:09:57,541
නෑ, ඔයා දුවන්න කිව්වා,
මම දිව්වා.

1165
01:09:58,083 --> 01:09:59,708
කවුද ඔයාට වධුසුර් ගැන කිව්වේ?

1166
01:09:59,916 --> 01:10:01,375
-වධුසුර්, කවුද?
-ඔයාගේ මාමා.

1167
01:10:01,458 --> 01:10:02,791
ඔයා වධුසුර්ව දන්නේ නැද්ද?

1168
01:10:03,125 --> 01:10:06,000
මම දන්නවා. මේ ගෙදර හොල්මන් කරන
හොල්මන, නේද?

1169
01:10:06,500 --> 01:10:07,416
කවුද ඔයාට කිව්වේ?

1170
01:10:07,541 --> 01:10:08,708
ශම්භූ බාබු.

1171
01:10:09,250 --> 01:10:11,458
මට විතරක් නෙවෙයි,
එයා ගොඩක් අයට කිව්වා

1172
01:10:11,541 --> 01:10:13,250
මේ තැන හොල්මන් තියෙනවා කියලා,
අපි පරිස්සම් වෙන්න ඕනේ කියලා.

1173
01:10:14,208 --> 01:10:15,083
ෆෝන් එක රින්ග් වෙනවා. ආන්සර් කරන්න.

1174
01:10:18,000 --> 01:10:20,250
ඔයා මොනවද කරන්නේ?
යනවා, පලයන් යන්න.

1175
01:10:21,541 --> 01:10:22,875
මම තමුසෙට වෙනම කියන්න ඕනෙද?
යනවා.

1176
01:10:27,250 --> 01:10:29,500
මට හිතෙන්නේ අර නාකියා
වෙඩින් එක කඩන්නයි ප්ලෑන් කරන්නේ.

1177
01:10:29,583 --> 01:10:31,291
බොස්. බොස්.

1178
01:10:31,458 --> 01:10:32,958
-කෑගහන්න එපා. මොකද වුණේ?
-බොස්.

1179
01:10:33,416 --> 01:10:34,541
පොලිසියෙන් කතා කළා.

1180
01:10:34,625 --> 01:10:37,250
ගම කෙළවරේ තියෙන කාණුවක
හිඟන්නෙක් හිටියලු

1181
01:10:37,333 --> 01:10:39,416
අපි කියපු විස්තරවලට ගැළපෙන.

1182
01:10:39,541 --> 01:10:40,500
එයාලා එයාව මෙහේට ගේනවා.

1183
01:10:41,041 --> 01:10:43,625
මට ආරංචි වුණා ජග්දීශ් අතුරුදහන් වෙලා කියලා.

1184
01:10:43,958 --> 01:10:45,666
වධුසුර් තමයි එයාව උස්සන්න ඇත්තේ.

1185
01:10:45,916 --> 01:10:48,250
එයා හැමෝවම එකින් එකා උස්සයි.

1186
01:10:51,333 --> 01:10:52,416
ඔයා වධුසුර්ව දැකලා තියෙනවද?

1187
01:10:53,000 --> 01:10:53,875
නෑ.

1188
01:10:54,375 --> 01:10:56,125
මම කියන්නම් එයා මොනවද කරන්නේ කියලා.

1189
01:10:57,125 --> 01:11:01,416
මුලින්ම, එයා මිනිහෙකුගේ කකුල් දෙකෙන් අල්ලලා
ඒවා ගලවනවා.

1190
01:11:01,916 --> 01:11:04,833
ඊටපස්සේ එයා කකුල් දෙක
මැටි උඳුනකට විසි කරනවා.

1191
01:11:05,125 --> 01:11:09,125
රෝස්ට් කළාට පස්සේ,
එයා ඒවා පේස්ට් එකක් වගේ අඹරනවා.

1192
01:11:09,333 --> 01:11:11,541
ඊටපස්සේ එයා ඒ පේස්ට් එක
ටූත්පේස්ට් වගේ පාවිච්චි කරනවා.

1193
01:11:12,500 --> 01:11:13,958
ඔයා දන්නවද වධුසුර් කියන්නේ කවුද කියලා?

1194
01:11:14,583 --> 01:11:15,791
මම තමයි වධුසුර්!

1195
01:11:17,250 --> 01:11:20,833
ඉන්නවා, මම තමුසෙගේ ඔක්කොම කතා ඉවර කරන්නම්.

1196
01:11:20,916 --> 01:11:21,833
හිටපන්, කාලකණ්ණියා.

1197
01:11:21,958 --> 01:11:23,041
කෝ මගේ කඩුව?

1198
01:11:23,708 --> 01:11:26,666
නවතින්න, නාකියෝ,
ඔයා කොහෙද යන්නේ?

1199
01:11:27,166 --> 01:11:28,625
හිටපන්, මම තොට පෙන්නන්නම්.

1200
01:11:28,708 --> 01:11:31,875
මම තොගේ දිව ඇදලා අරන්
බල්ලන්ට කන්න දෙනවා.

1201
01:11:31,958 --> 01:11:34,583
-තෝ ආයෙත් කවදාවත් වධුසුර් කියලා කියන එකක් නෑ.
-මම ඔයාට කිව්වා නේද?

1202
01:11:34,666 --> 01:11:37,000
-මට සෙරෙප්පුවෙන් ගහන්න ඕනේ
-මම ඔයාට කිව්වා නේද.

1203
01:11:37,083 --> 01:11:39,541
-තමුසේ වගේ පාදඩයෙක්ට මෙහේ ඉන්න දුන්නට.
-මම ඔයාට කිව්වා නේද.

1204
01:11:40,458 --> 01:11:41,625
නවතින්න, නාකියෝ.

1205
01:11:49,250 --> 01:11:52,291
-අංකල්ව හම්බවුණා.
-කාලකණ්ණි බෑණා...

1206
01:11:52,958 --> 01:11:54,833
ඇයි තමුසේ දුවන්නේ?

1207
01:11:55,000 --> 01:11:57,041
මහ රෑ කැලේ
මොනවද කර කර හිටියේ?

1208
01:12:04,041 --> 01:12:08,625
ආයෙත් මේ මාලිගාවේ වධුසුර් ගැන කතා කළොත්,
තමුසෙට මගෙන් බේරෙන්න හම්බවෙන්නේ නෑ.

1209
01:12:08,708 --> 01:12:10,083
වධුසුර් මගේ මාමා නෙවෙයි.

1210
01:12:10,250 --> 01:12:12,041
-එයා මෙහේ ඉන්නවා.
-ආයෙත් කියනවා.

1211
01:12:12,375 --> 01:12:14,416
-එයා මෙහේ ඉන්නවා.
-ආයෙත් කියපන්.

1212
01:12:14,500 --> 01:12:16,791
එයා මෙහේ ඉන්නවා. එයා මෙහේ ඉන්නවා.

1213
01:12:17,583 --> 01:12:19,458
එයා මෙහේ ඉන්නවා.

1214
01:12:20,333 --> 01:12:21,833
-මගේ කකුල හිරවුණා.
-එයා මෙහේ ඉන්නවා.

1215
01:12:23,541 --> 01:12:24,416
ඉන්නවා...

1216
01:12:28,041 --> 01:12:28,958
මෙහාට එනවා.

1217
01:12:35,791 --> 01:12:38,125
මේ නාකියාට ඕනේ නෑ
මගේ නංගිගේ වෙඩින් එක කෙරෙනවට.

1218
01:12:38,541 --> 01:12:43,125
මම එයාට කිව්වා
සමහරු මේ මාලිගාවේ ඉඳලා මැරුණා,

1219
01:12:43,333 --> 01:12:44,458
තව සමහරුන්ට පිස්සු හැදුණා කියලා.

1220
01:12:44,583 --> 01:12:46,208
මුටත් පිස්සු හැදිලා.

1221
01:12:46,291 --> 01:12:47,625
තමුසෙටයි පිස්සු.

1222
01:12:47,750 --> 01:12:50,166
තෝ ආයෙත් මේකට පය තිබ්බොත්,

1223
01:12:50,250 --> 01:12:51,791
මම තොගේ කකුල් දෙක ගලවලා
මැටි උඳුනට දානවා.

1224
01:12:51,875 --> 01:12:52,833
පලයන්. පලයන් යන්න.

1225
01:12:52,916 --> 01:12:54,541
-මම යනවා, මම යනවා.
-පලයන් යන්න!

1226
01:12:54,625 --> 01:12:56,750
තෝ කතා කළත් මම එන්නේ නෑ.

1227
01:12:56,833 --> 01:12:58,541
-මම යනවා.
-මේකත් අරන් පලයන්.

1228
01:12:58,625 --> 01:13:00,500
-තොගේ බෑග් එක ගනින්.
-තොට--

1229
01:13:00,625 --> 01:13:02,250
තොට පස්සේ තේරෙයි.

1230
01:13:02,333 --> 01:13:05,333
-හරි, මට කමක් නෑ.
-තොට තේරෙයි, තේරෙයි.

1231
01:13:07,000 --> 01:13:09,958
මෙතන මැරුණු කපුටෙක් ඉන්නවා,
කවුරුවත් මේක අස් කරන්නේ නෑනේ.

1232
01:13:10,250 --> 01:13:11,125
අයින් කරනවා ඕක!

1233
01:13:11,958 --> 01:13:12,833
විසි කරනවා ඕක!

1234
01:13:16,375 --> 01:13:19,958
මේ තරම් කලබලයක් තියෙද්දිත්,
කවුද මේ තට්ටයා නිදාගන්නේ?

1235
01:13:21,750 --> 01:13:22,625
එයා කවුද?

1236
01:13:22,708 --> 01:13:24,791
ඒ මගේ මාමා, අපේ බොස්.

1237
01:13:25,000 --> 01:13:26,416
මාමේ!

1238
01:13:26,791 --> 01:13:28,208
මාමේ. මෙයා මැරිලද?

1239
01:13:29,666 --> 01:13:30,541
මාමේ?

1240
01:13:30,625 --> 01:13:31,500
ඇත්තටම?

1241
01:13:33,416 --> 01:13:34,625
මටත් ඒ කෝවිල බලන්න ඕනේ.

1242
01:13:35,000 --> 01:13:35,916
මාව එක්කන් යනවද?

1243
01:13:36,125 --> 01:13:39,791
ඉන්දියාවේ කතා හැංගිලා තියෙන
කෝවිල් ගොඩක් තියෙනවා.

1244
01:13:40,125 --> 01:13:41,666
මේකටත් කතාවක් ඇති.

1245
01:13:41,750 --> 01:13:43,000
එහෙනම් ඇයි කවුරුවත් මේක දැකලා නැත්තේ?

1246
01:13:43,416 --> 01:13:44,875
මොකද ඒක තියෙන්නේ මහ කැලේක.

1247
01:13:45,000 --> 01:13:45,875
එතකොට වවුලෝ?

1248
01:13:46,208 --> 01:13:50,375
උන් අපේ ඔළුවට උඩින් කැරකුණේ
අර මෝඩ ජග්ගුවා කෑගහපු නිසා.

1249
01:13:50,458 --> 01:13:51,958
ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ?

1250
01:13:52,333 --> 01:13:53,875
මේ තැන හරි නෑ, අර්ජුන්.

1251
01:13:54,250 --> 01:13:56,500
ඔයාගේ නංගිගේ වෙඩින් එක වෙන කොහේ හරි ගන්න.

1252
01:13:56,791 --> 01:13:57,666
යන්න යන්න.

1253
01:13:57,791 --> 01:13:58,791
-යන්න?
-ඔව්.

1254
01:13:59,291 --> 01:14:03,333
ඇත්තටම නැති හොල්මන් කතා වගයකට
මගේ උරුමයයි දේපළයි අතහරින්නද?

1255
01:14:03,416 --> 01:14:05,166
-ඒවා ඇත්තටම නෑනේ?
-නැද්ද?

1256
01:14:05,291 --> 01:14:06,333
-නෑ, ඒවා නෑ.
-සීයයට සීයක්ම?

1257
01:14:06,416 --> 01:14:09,000
-සීයයට සීයක්ම නෑ.
-මම හොල්මනක් වුණොත්?

1258
01:14:11,625 --> 01:14:13,500
එහෙනම් මම ගොඩක් සතුටු වෙයි.

1259
01:14:14,250 --> 01:14:18,666
මගේ කලින් හිටපු මනුස්ස ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා තුන්දෙනා
මාව දාලා ගියා ප්‍රශ්න නිසා.

1260
01:14:18,833 --> 01:14:21,500
ඒත් ඔයා හොල්මනක්නේ,
ඔයා කවදාවත් මාව දාලා යන එකක් නෑ.

1261
01:14:21,708 --> 01:14:24,916
ඔයා මගේ කර උඩ වාඩි වෙයි,
මම හැමදාම ඔයාව උස්සන් යයි.

1262
01:14:25,041 --> 01:14:26,750
මම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයි.

1263
01:14:28,041 --> 01:14:29,625
ඒත් ඔයාට මගේ වයිෆ් වෙන්න පුළුවන්.

1264
01:14:33,541 --> 01:14:34,458
ඔයා මාව බඳිනවද?

1265
01:14:36,375 --> 01:14:39,416
මම කවදාවත් මේ වගේ කියුට් හොල්මනක් දැකලා නෑ.

1266
01:14:41,958 --> 01:14:43,875
ඔයා හැමතිස්සෙම මේ වගේ විහිළු කරනවද?

1267
01:14:43,958 --> 01:14:45,333
එයා හිනාවුණා, එයා හිනාවුණා.

1268
01:14:46,458 --> 01:14:48,833
මේක නිකන්ම විහිළුවක් නෙවෙයි.
දෛවය තමයි අපිව එකතු කළේ.

1269
01:14:50,125 --> 01:14:53,166
ඒත් මම අහලා තියෙනවා මෙහේ බැන්දට පස්සේ
මනමාලියෝ අතුරුදහන් වෙනවා කියලා.

1270
01:14:53,458 --> 01:14:55,125
මත් අතුරුදහන් වෙයි.
ඒකට කමක් නැද්ද?

1271
01:14:55,208 --> 01:14:57,000
ඔයා කොහොමද අතුරුදහන් වෙන්නේ?

1272
01:14:57,541 --> 01:15:00,166
මේ හොල්මන හිතන් ඉන්නේ එයා කවුරු කියලද?
මම මගේ නංගිගේ වෙඩින් එක මෙහේම ගන්නවා.

1273
01:15:00,250 --> 01:15:01,708
බලන් ඉන්නකෝ, එයා අතුරුදහන් වෙන්නේ නෑ.

1274
01:15:01,833 --> 01:15:05,791
එතකොට ඔයා මාව විශ්වාස කරනවද?
එතකොට ඔයා මගේ යෝජනාවට කැමති වෙනවද?

1275
01:15:06,416 --> 01:15:07,333
අපි බලමුකෝ.

1276
01:15:08,125 --> 01:15:10,833
එන්න, මම ඔයාට කෝවිල පෙන්නන්නම්.

1277
01:15:11,666 --> 01:15:13,458
ඔයා මගේ ආදරේ විශ්වාස කරන්නේ නෑ, නේද?

1278
01:15:15,375 --> 01:15:16,291
එහෙම නෙවෙයි.

1279
01:15:16,416 --> 01:15:19,750
ඒක මගේ හදවතින්ම එනකොට
ඔයාට තේරෙයි.

1280
01:15:20,791 --> 01:15:21,875
මොකක්ද ඒ සද්දේ?

1281
01:15:23,333 --> 01:15:25,875
ඒක මගේ වැරැද්දක් නෙවෙයි

1282
01:15:25,958 --> 01:15:32,083
මගේ හදවත තියෙන්න ඕනේ තැන ඔයා ජීවත් වෙන එක

1283
01:15:32,333 --> 01:15:36,666
මට මගේ මූණ කවදාවත් පේන්නේ නෑ

1284
01:15:37,166 --> 01:15:42,500
මම කණ්ණාඩියෙන් බලනකොට

1285
01:15:45,250 --> 01:15:51,958
මගේ කතා හැමතිස්සෙම පටන් ගන්නේ ඔයාගේ නමින්

1286
01:15:53,500 --> 01:15:56,875
ඔයා මට ඒ තරම්ම වටිනවා

1287
01:15:57,666 --> 01:16:00,500
ඔයා තමයි මගේ හදවතේ සැනසීම

1288
01:16:01,875 --> 01:16:05,750
මට චෝදනාවක් තියෙනවා

1289
01:16:06,083 --> 01:16:08,916
ඇයි තමන් ඇත්තටම ආදරේ කරන කෙනා

1290
01:16:10,208 --> 01:16:13,125
තමන්ට අයිති වෙන්නේ නැත්තේ

1291
01:16:14,333 --> 01:16:16,958
හැම ආත්මෙකදිම?

1292
01:16:17,041 --> 01:16:19,333
ඒක මගේ වැරැද්දක් නෙවෙයි

1293
01:16:19,416 --> 01:16:25,166
මගේ හදවත තියෙන්න ඕනේ තැන ඔයා ජීවත් වෙන එක

1294
01:16:25,375 --> 01:16:29,500
මට මගේ මූණ කවදාවත් පේන්නේ නෑ

1295
01:16:29,791 --> 01:16:33,500
මම කණ්ණාඩියෙන් බලනකොට

1296
01:16:33,708 --> 01:16:38,708
මට පේන්නේ ඔයාවයි, ආදරේ

1297
01:16:38,875 --> 01:16:42,000
හැම දසුනකදිම මට පේන්නේ ඔයාවයි

1298
01:16:42,083 --> 01:16:47,083
මට පේන්නේ ඔයාවයි, ආදරේ

1299
01:16:47,250 --> 01:16:50,333
තරු අතරෙත් මට පේන්නේ ඔයාවයි

1300
01:16:50,416 --> 01:16:53,833
මට පේන්නේ ඔයාවයි

1301
01:17:08,708 --> 01:17:12,625
කෙටි වුණත් දිග වුණත්

1302
01:17:12,833 --> 01:17:15,916
මේ ගමන මොකක් වුණත්

1303
01:17:16,958 --> 01:17:23,666
ඒක හැමදාම එක වගේ තියෙන්නේ නෑ

1304
01:17:23,750 --> 01:17:27,833
ආදරේ කියන්නේ මැජික් එකක්, මගේ ආදරේ

1305
01:17:27,958 --> 01:17:31,958
ඔයාට ඒක සල්ලිවලට ගන්න බෑ

1306
01:17:32,125 --> 01:17:36,208
ඔයා ලක්ෂයකට එකයි

1307
01:17:36,291 --> 01:17:40,416
දහස් ගාණක් මැද වුණත් මට පේන්නේ ඔයාවයි

1308
01:17:40,500 --> 01:17:45,416
මට පේන්නේ ඔයාවයි, ආදරේ

1309
01:17:45,666 --> 01:17:48,750
හැම දසුනකදිම මට පේන්නේ ඔයාවයි

1310
01:17:48,833 --> 01:17:53,958
මට පේන්නේ ඔයාවයි, ආදරේ

1311
01:17:54,041 --> 01:17:57,125
තරු අතරෙත් මට පේන්නේ ඔයාවයි

1312
01:17:57,208 --> 01:18:00,041
මට පේන්නේ ඔයාවයි

1313
01:18:20,833 --> 01:18:22,291
එන්න. පරිස්සමෙන්.

1314
01:18:23,375 --> 01:18:25,166
මේ තියෙන්නේ අප්සරාවිගේ ගහ.

1315
01:18:34,041 --> 01:18:36,375
අර තියෙන්නේ කෝවිලේ කොත.

1316
01:18:40,291 --> 01:18:44,791
අර පිස්සු බල්ලි මට කිව්ව
වධුසුර් කෝවිල තියෙන්නේ මේක යට.

1317
01:18:45,875 --> 01:18:47,375
මෙච්චර පොඩි කෝවිලක්...

1318
01:18:48,333 --> 01:18:49,750
මේ තරම් ලොකු ගහක්.

1319
01:18:51,125 --> 01:18:52,750
කතා හැදෙන්නේ ඔහොම තමයි.

1320
01:18:53,833 --> 01:18:55,458
ඔයා ඒක ලියනකොට,

1321
01:18:55,583 --> 01:18:57,000
මටත් ස්තූති කරන්න අමතක කරන්න එපා.

1322
01:18:59,833 --> 01:19:01,625
මට හිතෙන්නේ ඇතුළට යන්න පාරක් තියෙනවා.

1323
01:19:37,791 --> 01:19:38,708
අර්ජුන්.

1324
01:19:49,583 --> 01:19:51,916
මට හිතෙන්නේ ඇතුළේ මොනවා හරි තියෙනවා.

1325
01:19:52,833 --> 01:19:53,708
ඇයි?

1326
01:19:55,875 --> 01:19:58,500
මොකද වවුලෝ දවල්ට
මේ වගේ පියාඹන්නේ නෑ.

1327
01:20:00,916 --> 01:20:01,958
බලන්න, දැන් උන් ගොඩක් ඉන්නවා.

1328
01:20:13,458 --> 01:20:15,416
මම අහලා තියෙනවා වධුසුර්
එළියට එන්නේ අඳුරේ කියලා.

1329
01:20:16,041 --> 01:20:17,916
අපි එළිය තියෙන පැත්තට යන්න ඕනේ.

1330
01:20:18,000 --> 01:20:20,750
එන්න, අර්ජුන්, අපි යමු.

1331
01:20:21,791 --> 01:20:22,750
අර්ජුන්.

1332
01:21:15,541 --> 01:21:17,375
සර්, මෙන්න පේන්ට් එකේ බිල.
රුපියල් 30,000යි.

1333
01:21:18,750 --> 01:21:19,666
අහනවා,

1334
01:21:20,041 --> 01:21:24,708
ඔය තුන නවය කරලා
රුපියල් 90,000කට අලුත් බිලක් හදනවා.

1335
01:21:25,166 --> 01:21:26,791
-මම ඒක 900,000ක් කරන්නද?
-අහනවා.

1336
01:21:27,166 --> 01:21:29,625
මෝඩකමයි වංචාකාරකමයි අතර
වෙනසක් තියෙනවා.

1337
01:21:30,250 --> 01:21:31,958
තමුසේ වංචාකාරයෙක් වෙන්න ඕනේ.

1338
01:21:33,125 --> 01:21:34,000
සර්...

1339
01:21:34,083 --> 01:21:36,375
-මේකත්. මේක තමයි මගේ අන්තිම බිල.
-සර්...

1340
01:21:38,708 --> 01:21:41,791
මට පේන්ට් එකට සල්ලි ටිකක් ඕනේ.

1341
01:21:41,916 --> 01:21:43,708
-කීයක්ද?
-400,000ක්.

1342
01:21:44,208 --> 01:21:45,416
තමුසේ මුළු ගමටම
පේන්ට් කරන්නද හදන්නේ?

1343
01:21:45,666 --> 01:21:47,583
මේක ලොකු මාලිගාවක්නේ සර්.

1344
01:21:47,791 --> 01:21:49,958
පේන්ට් එක හොඳම කොලිටි එකෙන් තියෙන්න එපැයි.

1345
01:21:50,333 --> 01:21:51,250
ඒකයි.

1346
01:21:54,291 --> 01:21:55,625
-මෙන්න.
-මාමේ.

1347
01:21:56,958 --> 01:21:59,125
ජෙනරේටර් එක වැඩ කරන්න
මට මේ බඩු ටික ඕනේ.

1348
01:21:59,250 --> 01:22:00,125
ඔයා එයාගේ මාමා.

1349
01:22:00,208 --> 01:22:02,041
අනික විදුලිබල මණ්ඩලෙන්
කාටහරි කතා කරන්න.

1350
01:22:02,750 --> 01:22:04,583
මේ ගෙදර වැඩ කරන්නේ
එක පවර් ලයින් එකක් විතරයි.

1351
01:22:04,666 --> 01:22:06,500
අනිත් කනෙක්ෂන් ඔක්කොම කපලා තියෙන්නේ.

1352
01:22:06,833 --> 01:22:08,291
මිනිස්සු ඇයි මේකට මාලිගාවක්
කියන්නේ කියලා මට හිතාගන්න බෑ.

1353
01:22:08,375 --> 01:22:10,083
ඇයි මේක නටඹුනක් කියලා ප්‍රකාශ කරන්නේ නැත්තේ?

1354
01:22:10,166 --> 01:22:11,666
මේකෙන් මට ඔළුවේ කැක්කුමක් එනවා.

1355
01:22:15,541 --> 01:22:17,625
පේන්ට් කරන එකාට කියනවා රුපියල් 6,000කට අඩුවෙන්
වැඩේ ඉවර කරන්න කියලා.

1356
01:22:17,750 --> 01:22:19,500
-ඌ මට කනේ පාරක් ගහයි.
-ඉවසගෙන ඉඳපන්.

1357
01:22:38,291 --> 01:22:39,166
කියන්න...

1358
01:22:39,375 --> 01:22:40,291
අර්ජුන්, මේ මම.

1359
01:22:42,083 --> 01:22:43,125
මම මීරාගේ ඊමේල් එක දැක්කා.

1360
01:22:44,208 --> 01:22:45,541
ඔයාලා දෙන්නට පිස්සු හැදිලද?

1361
01:22:46,458 --> 01:22:47,333
ඔයාලා ඇයි එහේ ගියේ?

1362
01:22:48,208 --> 01:22:50,416
මේ වගේ මෝඩ වැඩක් කරන්න කලින්
ඔයාලා මගෙන් අහන්න තිබුණා.

1363
01:22:50,500 --> 01:22:51,541
මොන මෝඩ වැඩක්ද?

1364
01:22:51,625 --> 01:22:53,500
ඔයාට අපිත් එක්ක කතා කරන්න වෙලාවක් නෑනේ.

1365
01:22:54,000 --> 01:22:55,541
ඔයා කිව්වා වගේ,
"ඔයාලට ඕන දෙයක් කරන්න."

1366
01:22:55,625 --> 01:22:57,541
"මම වෙඩින් එකේ චාරිත්‍රවලට එන්නම්."
ඒ ඔයාගේ වචන නේද?

1367
01:22:58,625 --> 01:23:01,208
අනික ඔයා අපිගෙන්
රහස් ගොඩක් හංගලා තියෙනවා.

1368
01:23:02,125 --> 01:23:03,750
මේක පැහැදිලි කරන්න වෙලාව නෙවෙයි, අර්ජුන්.

1369
01:23:05,083 --> 01:23:07,666
අර්ජුන්, මම එහේට එනවා, අනික--
කෝ මීරා?

1370
01:23:08,041 --> 01:23:09,000
එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.

1371
01:23:09,083 --> 01:23:10,375
මොකද එයා ෆ්ලයිට් එකේ ඉන්නේ.

1372
01:23:11,041 --> 01:23:13,375
එයා මැසේජ් එකක් දැම්මා
ලෑන්ඩ් කරපු ගමන් කතා කරන්නම් කියලා.

1373
01:23:15,166 --> 01:23:16,833
එයාට ඔය මාලිගාවේදී බඳින්න බෑ.

1374
01:23:18,083 --> 01:23:19,083
බඳින්න බෑ?

1375
01:23:19,708 --> 01:23:20,583
ඇයි?

1376
01:23:21,000 --> 01:23:22,791
මම කියන දේ විතරක් කරන්න.

1377
01:23:23,666 --> 01:23:26,541
අමුත්තෝ දැනටමත් මෙහේට එන ගමන් ඉන්නේ.
එයාලා එන්න පටන් ගනියි.

1378
01:23:26,708 --> 01:23:28,291
හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ.

1379
01:23:28,583 --> 01:23:30,208
අපි දැන් කොහොමද
වෙඩින් එක ගන්න තැන වෙනස් කරන්නේ?

1380
01:23:31,208 --> 01:23:32,791
ඔයාට තේරෙන්නේ නෑ, අර්ජුන්.

1381
01:23:33,125 --> 01:23:34,000
ඔයා...

1382
01:23:34,416 --> 01:23:35,333
මම කියන දේ අහන්න.

1383
01:23:35,958 --> 01:23:36,916
ගංගාපූර්වලට යන්න.

1384
01:23:37,750 --> 01:23:38,791
එහේ ආශ්‍රමයක් තියෙනවා.

1385
01:23:39,291 --> 01:23:40,625
ගුරු ගෝපාල්දාස් ආශ්‍රමය.

1386
01:23:41,750 --> 01:23:45,750
එතනට ගිහින්, එයාලගේ ප්‍රධාන...
එයාලගේ ප්‍රධාන පූජකතුමාව හම්බවෙන්න.

1387
01:23:47,333 --> 01:23:50,708
එයා බෑ කිව්වොත්,
මේ වෙඩින් එක එහේ කරන්න බෑ.

1388
01:23:50,958 --> 01:23:51,916
මොනම හේතුවක් නිසාවත්.

1389
01:23:54,458 --> 01:23:55,416
කවුද මේ ප්‍රධාන පූජකතුමා?

1390
01:23:57,250 --> 01:23:58,125
වශිස්ට් ගුරු ජී.

1391
01:24:09,125 --> 01:24:10,875
වධුසුර් කියන්නේ නිකන්ම කතාවක් නෙවෙයි.

1392
01:24:11,875 --> 01:24:15,958
අථර්වවේදයේ පවා මේ වගේ
යක්ෂ ආත්ම ගැන සඳහන් වෙනවා.

1393
01:24:16,291 --> 01:24:18,500
කැලේ ජීවත් වෙන අදුර ගෝත්‍රය

1394
01:24:19,083 --> 01:24:23,583
අවුරුදු ගාණක් තිස්සේ මනමාලියෝ 13 දෙනෙක්ව
බිලි දීලා

1395
01:24:23,666 --> 01:24:27,958
එයාලගේ ලේ පාවිච්චි කරලා
වධුසුර්ව පණගන්වන්න උත්සාහ කරනවා.

1396
01:24:28,583 --> 01:24:32,625
එයාලව නවත්තන්න, පෘථිවිරාජ් රජතුමා
ඔයාගේ මුත්තට උපදෙස් දුන්නා,

1397
01:24:33,375 --> 01:24:35,916
ඒ ශ්‍රේෂ්ඨ යකැදුරා, යෝගේන්ද්‍ර ආචාර්යට.

1398
01:24:36,791 --> 01:24:41,000
එයා එයාගේ යකැදුරු බලය පාවිච්චි කරලා
අදුර ගෝත්‍රයේ වැඩ නැවැත්තුවා.

1399
01:24:41,625 --> 01:24:43,166
ඒත් ඒ ඔක්කොම අතීතයේ දේවල්.

1400
01:24:43,625 --> 01:24:46,791
වෙඩින් එක එහේ කරන එකේ
කිසිම ප්‍රශ්නයක් තියෙයි කියලා මම හිතන්නේ නෑ.

1401
01:24:47,375 --> 01:24:50,416
මොකද මම ඔයාගේ සීයව හම්බවුණු වෙලාවේ,

1402
01:24:50,791 --> 01:24:52,875
දුෂ්‍යන්ත් ආචාර්ය ජීව,
මාස හයකට කලින් මෙතනදිම

1403
01:24:52,958 --> 01:24:54,916
වේද සාකච්ඡාවකට,

1404
01:24:56,250 --> 01:25:00,333
එයා කිව්වා වධුසුර්ව
ආයෙත් පණගන්වන්න බෑ කියලා

1405
01:25:01,125 --> 01:25:02,666
ඒ වගේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව
එහේ බඳින්න පුළුවන් කියලා.

1406
01:25:03,166 --> 01:25:05,208
මට එන්න පුළුවන් ග්‍රහණයෙන් පස්සේ විතරයි.

1407
01:25:05,291 --> 01:25:08,875
එතකන්, මම මගේ ගෝලයා,
පණ්ඩිත් රාම් ශාස්ත්‍රීව යවන්නම්,

1408
01:25:09,416 --> 01:25:10,791
ආචාර්ය මාලිගාවට.

1409
01:25:11,208 --> 01:25:13,750
එයා එහේ ගිහින් එහේ තියෙන ශක්තිය පරීක්ෂා කරයි

1410
01:25:14,166 --> 01:25:16,666
මොනවා හරි නපුරු බලවේගයක්
තියෙනවද කියලා බලන්න.

1411
01:25:17,625 --> 01:25:19,791
එයාට එහෙම මොනවා හරි දැනුණොත්,

1412
01:25:21,125 --> 01:25:22,541
මම ඔයාට කියන්නම් මොනවද කරන්න ඕනේ කියලා.

1413
01:25:29,208 --> 01:25:30,166
නමස්කාරම්.

1414
01:25:30,375 --> 01:25:31,791
අර්ජුන් ආචාර්ය ගෙදර ඉන්නවද?

1415
01:25:37,833 --> 01:25:41,500
මට මේ ගෙදර හැම මුල්ලකින්ම
පස් මිටක් ඕනේ.

1416
01:25:42,208 --> 01:25:44,333
ඒවා මේකට දාලා දෙන්න.

1417
01:25:44,458 --> 01:25:45,333
හරි.

1418
01:26:13,833 --> 01:26:14,750
ඇතුළේ මොනවද තියෙන්නේ?

1419
01:26:16,083 --> 01:26:17,000
මම දන්නේ නෑ.

1420
01:26:17,125 --> 01:26:20,208
ඒකේ අමුතු ලොක් එකක් තියෙනවා,
යතුර කොහෙද කියලා කවුරුවත් දන්නෙත් නෑ.

1421
01:26:46,416 --> 01:26:47,416
මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.

1422
01:26:48,791 --> 01:26:50,291
මම මේ ගැන ඉක්මනටම
ගුරු ජීට දැනුම් දෙන්න ඕනේ.

1423
01:26:53,291 --> 01:26:54,250
පස්.

1424
01:26:58,166 --> 01:27:00,375
මේ ගෙදර ලයිට් ඔක්කොම දාන්න.

1425
01:27:01,208 --> 01:27:02,916
අනික අර කාමරේ ඉස්සරහා
එක පහනක් තියන්න.

1426
01:27:03,500 --> 01:27:06,916
ඉතුරු පහන් ටික
මේ ගෙදර හැම දොරක් ඉස්සරහාම තියන්න.

1427
01:27:07,916 --> 01:27:10,791
මතක තියාගන්න, උදේ වෙනකන්
මේ පහන් නිවෙන්න දෙන්න එපා.

1428
01:27:11,458 --> 01:27:12,875
මම ඒ වෙද්දි ගුරු ජීව මෙහේට එක්කන් එන්නම්.

1429
01:27:13,333 --> 01:27:17,166
අනික මතක තියාගන්න, මේ නපුරු බලවේග
එයාලගේ බලය ගන්නේ අඳුරෙන්.

1430
01:27:18,166 --> 01:27:20,000
ඉර බහින්න කලින් මම මංගල්පූර්වලින් යන්න ඕනේ.

1431
01:27:20,208 --> 01:27:22,500
කරුණාකරලා, මාව
කෝච්චි ස්ටේෂන් එකට ගිහින් දාන්න.

1432
01:27:23,041 --> 01:27:23,916
එන්න.

1433
01:29:16,250 --> 01:29:18,541
ළඟපාත කෝවිලක් තියෙනවද?

1434
01:29:19,833 --> 01:29:21,583
ඉස්සරහා ශිව කෝවිලක් තියෙනවා.

1435
01:29:22,708 --> 01:29:24,666
අපි කෝවිල ඇතුළට ගිහින් හැංගෙන්න ඕනේ.

1436
01:29:25,000 --> 01:29:27,458
අපේ ජීවිතවලට මෙතන අනතුරක් තියෙනවා.
අපි යමු.

1437
01:29:55,083 --> 01:29:56,041
ඉක්මන් කරන්න.

1438
01:29:58,833 --> 01:29:59,750
පරිස්සමෙන්.

1439
01:30:06,083 --> 01:30:07,583
මෙන්න, නැගිටින්න. නැගිටින්න.

1440
01:30:46,041 --> 01:30:46,916
එන්න.

1441
01:30:48,083 --> 01:30:48,958
නැගිටින්න.

1442
01:30:50,541 --> 01:30:51,750
කෝවිල ඇතුළට එන්න.

1443
01:31:46,208 --> 01:31:47,666
පියානෝව ඉබේම ප්ලේ වෙනවද?

1444
01:31:51,166 --> 01:31:53,458
වසුධරා! මගේ පස්සෙන් එන්න එපා.

1445
01:31:53,916 --> 01:31:56,125
මගේ පස්සෙන් එන්න එපා. මම අනතුරු අඟවනවා!

1446
01:31:56,416 --> 01:31:59,000
බලන්න, මම වෙඩින් ප්ලෑන් කරනවා විතරයි.
මම බඳින්නේ නෑ.

1447
01:31:59,166 --> 01:32:00,833
මමවත්, මගේ දෙමව්පියෝවත්,

1448
01:32:00,916 --> 01:32:03,125
මගේ ආච්චිලා සීයලාවත්
කවදාවත් බැඳලා නෑ.

1449
01:32:03,416 --> 01:32:06,000
මම ඉපදුණෙත් කසාදෙන් පිට.

1450
01:32:14,708 --> 01:32:16,583
ඒක ආයෙත් වෙනවා...

1451
01:32:19,000 --> 01:32:20,416
මට පාඩුවේ ඉන්න දෙන්න.

1452
01:32:31,916 --> 01:32:33,750
වුණු දේ හරිම කනගාටුදායකයි.

1453
01:32:34,458 --> 01:32:37,625
ඒත් සැර සුළඟයි වැස්සයි එක්ක
මේ වගේ අනතුරු වෙන්න පුළුවන්.

1454
01:32:38,250 --> 01:32:39,333
බයවෙන්න එපා.

1455
01:32:40,541 --> 01:32:42,125
අපි ආශ්‍රමයට දැනුම් දුන්නා.

1456
01:36:41,166 --> 01:36:42,208
ඇයි ඔයා කාර් එකේ නිදාගන්නේ?

1457
01:36:42,708 --> 01:36:43,666
මොකක් හරි අවුලක්ද?

1458
01:36:46,708 --> 01:36:49,208
මම ඔයා ගැන දන්නේ නෑ,
ඒත් මම ලැගුම්හලකට යනවා.

1459
01:36:49,583 --> 01:36:51,541
මේ තැන මොකක් හරි අවුලක් තියෙනවා.

1460
01:36:52,333 --> 01:36:56,708
මම මෙහේ ආපු වෙලාවේ ඉඳන්
මොකක් හරි මගුල් හොල්මනක් මගේ පස්සෙන් එනවා.

1461
01:36:56,791 --> 01:36:58,125
මගේ පිටිපස්සේ තියෙන විශේෂත්වය මොකක්ද?

1462
01:36:58,666 --> 01:37:00,500
රෑ පුරාම අමුතු සද්ද ඇහෙනවා.

1463
01:37:00,833 --> 01:37:02,916
දොරවල්වලට ගහන සද්ද එහෙමත් ඇහෙනවා.

1464
01:37:04,458 --> 01:37:06,000
අර ශාන්තාරාම් කිව්ව දේ හරි.

1465
01:37:12,000 --> 01:37:13,833
කොහෙන්ද මේ ලේ ආවේ?
මොකද වුණේ?

1466
01:37:15,083 --> 01:37:15,958
ජග්ගු,

1467
01:37:16,541 --> 01:37:17,625
වෙඩින් එක කැන්සල් කරන්න.

1468
01:37:30,250 --> 01:37:31,583
-හලෝ.
-තාත්තේ.

1469
01:37:31,875 --> 01:37:34,458
ඔයා කිව්ව දේ හරි.
අපිට වෙඩින් එක මෙහේ ගන්න බෑ.

1470
01:37:34,625 --> 01:37:36,333
මෙහේ ලොකු අවුලක් තියෙනවා.

1471
01:37:37,958 --> 01:37:39,375
ඒ තැනට ශාප වෙලා තියෙන්නේ, අර්ජුන්.

1472
01:37:40,750 --> 01:37:43,625
මට ඕනේ වුණේ නෑ ඔයාලා දෙන්නා
කවදාවත් මේ තැන ගැන දැනගන්නවට.

1473
01:37:45,416 --> 01:37:50,416
ඔයා කොහොමද මේක මීරාටයි රාහුල්ගේ පවුලේ අයටයි
පැහැදිලි කරන්නේ?

1474
01:37:51,250 --> 01:37:52,458
මම ප්ලෑන් එකක් හිතුවා, තාත්තේ.

1475
01:37:54,000 --> 01:37:55,208
ගොඩක් පරිස්සම් වෙන්න, අර්ජුන්.

1476
01:37:56,541 --> 01:38:01,958
වාස්තුයි කේන්දරයි ගැන ආවම
මේ මිනිස්සු ගොඩක් කලබල වෙනවා.

1477
01:38:03,166 --> 01:38:05,333
මේ රහස එළියට ආවොත්,
හැමදේම විනාශ වෙයි.

1478
01:38:05,791 --> 01:38:08,541
බයවෙන්න එපා, තාත්තේ. මම...
මම ඒක බලාගන්නම්.

1479
01:38:11,666 --> 01:38:12,916
මම හවසට එහේ එන්නම්.

1480
01:38:13,208 --> 01:38:14,250
ඔයා ගංගාපූර්වලට ආපු ගමන්ම,

1481
01:38:14,333 --> 01:38:16,500
මට ඔයාව ආශ්‍රමයට එක්කන් යන්න වෙනවා
ගුරු ජීව හම්බවෙන්න.

1482
01:38:24,000 --> 01:38:25,375
හලෝ, මීරා.

1483
01:38:26,000 --> 01:38:27,333
මම ඔයාට කතා කරන්නමයි හිටියේ.

1484
01:38:28,125 --> 01:38:29,083
මට නරක ආරංචියක් කියන්න තියෙනවා.

1485
01:38:29,541 --> 01:38:30,625
අපිට වෙඩින් එක මෙහේ ගන්න බෑ.

1486
01:38:31,333 --> 01:38:32,375
ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

1487
01:38:32,625 --> 01:38:36,000
ලොකු කුණාටුවක් ඇවිත් තියෙන්නේ.
පාරවල් ඔක්කොම වැහිලා.

1488
01:38:36,291 --> 01:38:38,500
කෝච්චිත් ආපහු හරවලා යවනවා.

1489
01:38:38,583 --> 01:38:40,000
මුළු පළාතම අවුල් වෙලා.

1490
01:38:40,250 --> 01:38:42,333
ඔයාගේ වයසක නැන්දම්මා
ලිස්සලා වැටිලා මැරෙන්නත් පුළුවන්.

1491
01:38:42,791 --> 01:38:44,083
මේකෙන් මටත් මාර දුකයි.

1492
01:38:44,500 --> 01:38:46,708
මම මේ දවස් ටිකේම මෙහේ ඉඳන්
ඔක්කොම ලෑස්ති කළා.

1493
01:38:47,333 --> 01:38:48,208
ඒකට කමක් නෑ.

1494
01:38:48,291 --> 01:38:50,166
අපි ඒ නැකතටම
වෙන කොහේ හරි වෙඩින් එක ලෑස්ති කරමු.

1495
01:38:50,250 --> 01:38:51,541
නැත්තම් අපි වෙන නැකතක් හොයාගමු.

1496
01:38:51,958 --> 01:38:53,583
අයියේ, ඔයා දන්නවානේ රාහුල්ට වෙලාවක් නෑ කියලා.

1497
01:38:53,666 --> 01:38:55,583
ඔයා කියන දේ මට හරියට ඇහෙන්නේ නෑ, මීරා.

1498
01:38:55,666 --> 01:38:59,916
කුණාටුවක් ඇවිත් තියෙන්නේ--
ගස් කඩාවැටෙනවා, ජනෙල් හෙලවෙනවා...

1499
01:39:00,041 --> 01:39:01,250
අපි ලොකු කරදරේක ඉන්නේ.

1500
01:39:02,625 --> 01:39:04,041
ඒ මගේ නංගි.

1501
01:39:04,250 --> 01:39:08,083
අහන්න... අර කණුව අල්ලගන්නවා!
නැත්තම් ඒක පෙරළෙයි.

1502
01:39:08,500 --> 01:39:09,875
අයියේ, ඔයා මොනවද කරන්නේ?

1503
01:39:10,375 --> 01:39:13,416
අඬන්න එපා, නංගි.
හැමදේම හරියයි. මම ඒක බලාගන්නම්.

1504
01:39:13,708 --> 01:39:15,250
මිස්ටර් අර්ජුන් ආචාර්ය!

1505
01:39:15,333 --> 01:39:17,000
කෑගහන්න එපා, මම කෝල් එකක ඉන්නේ.

1506
01:39:27,291 --> 01:39:28,208
ඔයා කවදද මෙහේ ආවේ?

1507
01:39:28,958 --> 01:39:30,166
මොකක්ද මේ නාඩගම?

1508
01:39:34,958 --> 01:39:38,333
නංගි බයවුණා! නංගි බයවුණා!
නංගි බයවුණා!

1509
01:39:38,458 --> 01:39:40,416
ඔයා මොකද හිතුවේ?
මම ඔයාගේ වෙඩින් එක කැන්සල් කරයි කියලද?

1510
01:39:40,500 --> 01:39:43,125
ඔයාට පිස්සුද?
බලන්නකෝ මම මේ තැන කොහොම ලස්සන කරලා තියෙනවද කියලා.

1511
01:39:43,208 --> 01:39:45,708
බලන්න, පිච්ච මල් තියෙනවා.

1512
01:39:45,791 --> 01:39:49,208
අනික වද මලුත් තියෙනවා.
මෝඩයා...

1513
01:39:49,291 --> 01:39:51,958
-බලන්නකෝ මම ආරාධනා කරපු අමුත්තෝ දිහා.
-එයාලා මෙහේ ආවේ මාත් එක්ක.

1514
01:39:52,041 --> 01:39:53,333
ඔයා එක්ක?

1515
01:39:53,416 --> 01:39:57,166
-හරි. හලෝ, පුතා.
-වෙඩින් එක තියෙනවද නැද්ද?

1516
01:39:57,916 --> 01:39:58,875
ඔව්, තියෙනවා.

1517
01:39:59,375 --> 01:40:01,583
"තියෙනවා" කියලා කියන්නේ එහෙම නෙවෙයි.
මෙන්න මෙහෙමයි.

1518
01:40:01,666 --> 01:40:03,833
මගේ බෙල්ල උළුක්කු වෙලා.
මම ඔයාට කිව්වානේ වෙඩින් එක තියෙනවා කියලා.

1519
01:40:03,916 --> 01:40:06,083
ඒත් ඔයා කිව්වා මේ වෙඩින් එක කරන්න බෑ කියලා.

1520
01:40:06,291 --> 01:40:07,333
-කවදද?
-ඊයේ.

1521
01:40:07,416 --> 01:40:08,583
-අයියේ...
-ඔහ්...

1522
01:40:10,250 --> 01:40:11,333
මෙයාට පිස්සු.

1523
01:40:11,583 --> 01:40:15,416
මම එයාට එකක් කිව්වම, එයාට ඇහෙන්නේ වෙන එකක්,
ඊටපස්සේ කරන්නේ ඒකේ අනිත් පැත්ත.

1524
01:40:15,500 --> 01:40:17,875
-අනික එයා--
-ඒත් වෙඩින් එක මෙහේ කරන්න බෑ.

1525
01:40:18,208 --> 01:40:19,083
ඇයි බැරි?

1526
01:40:19,166 --> 01:40:20,791
මේක මාර අමුතු ගෙදරක්.

1527
01:40:20,875 --> 01:40:22,666
-මිනිස්සු කෑගහනවා.
-මම කෑගහනවා.

1528
01:40:22,750 --> 01:40:24,750
-මගේ පිටිපස්ස කරවුණා.
-මම තමයි ඒක කරකළේ.

1529
01:40:24,833 --> 01:40:26,708
-වධුසුර් එයි--
-වධුත් සසුරුත් (මනමාලියි මාමණ්ඩියි) දැනටමත් මෙහේ ඉන්නේ.

1530
01:40:26,791 --> 01:40:28,833
මෙයා වධු (මනමාලි), කවුද සසුර් (මාමණ්ඩි)?
අන්න හරි.

1531
01:40:29,375 --> 01:40:30,541
ප්‍රශ්නේ විසඳුණානේ?
එන්න.

1532
01:40:30,666 --> 01:40:33,041
ගෝවින්ද් මහාරාජ්ගේ
අනාවැකිය ඇත්ත වුණා.

1533
01:40:33,250 --> 01:40:34,958
එයා මගේ කේන්දරේ බලලා කිව්වා,

1534
01:40:35,416 --> 01:40:40,375
"කෛකේයි, දවසක ඔයා
රැජිනක් විදිහට ලොකු මාලිගාවක මැරෙයි" කියලා.

1535
01:40:42,208 --> 01:40:43,875
ඒ අනාවැකිය තව දවස් දෙකකින් ඇත්ත වෙයි.

1536
01:40:43,958 --> 01:40:45,708
කටවහගන්න.
මට ඔයා එක්ක කතා කරන්න ඕනේ.

1537
01:40:45,791 --> 01:40:47,125
මොකක් වුණත්, මෙතනම කියන්න.

1538
01:40:49,583 --> 01:40:50,458
හරි.

1539
01:40:53,083 --> 01:40:55,708
-ඔයා ඇයි හැමතිස්සෙම ඔයාගේ තීරණේ වෙනස් කරන්නේ?
-අතහරින්න.

1540
01:40:55,791 --> 01:40:56,958
ඔයා ඇයි වෙඩින් එක
මෙහේම ගන්න හදන්නේ?

1541
01:40:57,041 --> 01:40:59,458
අමුත්තොත් මෙහේට ඇවිත් ඉන්න එකේ
මම වෙඩින් එක ගන්න එපාද?

1542
01:40:59,625 --> 01:41:00,875
දැන් හොල්මනට මොකද වුණේ?

1543
01:41:02,166 --> 01:41:04,583
-දැන් හොල්මනට මොකද වුණේ?
-හොල්මනට හෙන ගහන්න--

1544
01:41:06,666 --> 01:41:09,208
ඔයා ඉන්නේ ලැගුම්හලකනේ.
ඒකෙන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

1545
01:41:09,375 --> 01:41:10,541
මේ ලෑස්ති කරලා තියෙන්නේ
වෙඩින් එක වෙනකන් විතරයි.

1546
01:41:10,625 --> 01:41:12,250
වෙඩින් එක ඉවර වුණාම,
ඔයාටත් යන්න පුළුවන්.

1547
01:41:12,333 --> 01:41:14,583
එතකන් ඔයා කටවහගෙන ඉන්න.
මම හැමදේම බලාගන්නම්.

1548
01:41:14,666 --> 01:41:15,583
-මම ඉන්නම්.
-මාමේ!

1549
01:41:15,833 --> 01:41:19,125
ජෙනරේටර් එක හැදුවා.
දැන් මේ ගෙදරට කවදාවත් කරන්ට් එක නැතිවෙන්නේ නෑ.

1550
01:41:20,041 --> 01:41:21,125
-ඔක්කොම හරිද?
-ඔක්කොම හරි.

1551
01:41:21,208 --> 01:41:22,125
කිසිම ප්‍රශ්නයක් නෑනේ?

1552
01:41:22,208 --> 01:41:23,458
-මෙයාව එළියට දානවා.
-ඇයි?

1553
01:41:24,375 --> 01:41:25,875
මොකද ගෙදර ගෑනු අය ඉන්නවා!

1554
01:41:26,000 --> 01:41:28,666
මට ඕනේ නෑ මේ ගෑනු පෙරේතයා මෙහේ ඉන්නවට.
මෙයාව එළියට දානවා.

1555
01:41:36,541 --> 01:41:37,500
අර්ජුන්.

1556
01:41:42,416 --> 01:41:43,875
ඔයා මට කිව්ව දේවල්වලින්,

1557
01:41:44,583 --> 01:41:48,500
මට තේරෙනවා
වධුසුර් කවදාවත් මෙහෙන් ගිහින් නෑ කියලා.

1558
01:41:49,791 --> 01:41:51,416
එයා තවත් බලවත් වෙලා.

1559
01:41:51,833 --> 01:41:53,750
මේක මාර අවුල් දෙයක්

1560
01:41:53,833 --> 01:41:56,041
මොකද මේ වගේ දෙයක් කවදාවත් වෙලා නෑ

1561
01:41:56,125 --> 01:41:58,083
දුෂ්‍යන්ත් ගුරු ජී
මංගල්පූර්වලදී මැරෙනකන්.

1562
01:41:58,708 --> 01:42:01,291
ඒකෙන් කියවෙන්නේ කවුරුහරි එයාව
ආයෙත් පණගන්වලා කියලා.

1563
01:42:02,208 --> 01:42:03,125
අපි දැන් මොකද කරන්නේ?

1564
01:42:08,958 --> 01:42:10,916
වෙඩින් එක මේ ගෙදරම
කරන්න ඕනෙද?

1565
01:42:12,125 --> 01:42:14,875
මනමාලයාගේ කේන්දර බලන කෙනා කියලා තියෙනවා

1566
01:42:15,250 --> 01:42:16,833
වෙඩින් එක
මේ ගෙදර කරේ නැත්තම්,

1567
01:42:17,250 --> 01:42:18,583
ඒක වෙන කොහේවත් කරන්න බෑ කියලා.

1568
01:42:19,416 --> 01:42:20,750
එහෙනම් තියෙන්නේ එක විසඳුමයි.

1569
01:42:21,083 --> 01:42:23,291
ඔයා නැකත වෙනස් කරන්න ඕනේ.

1570
01:42:23,375 --> 01:42:26,000
දවල් 12 වෙද්දි වෙඩින් එක ඉවර කරන්න,

1571
01:42:26,375 --> 01:42:31,833
අලුත බැඳපු ජෝඩුව ඉර බහින්න කලින්
ගංගා නදියෙන් එගොඩ වෙන්න ඕනේ.

1572
01:42:32,333 --> 01:42:38,291
වැදගත්ම දේ තමයි, අපි මෙතන කතා කරපු කිසිම දෙයක්
මේ බිත්තිවලින් එළියට යන්න බෑ.

1573
01:42:39,083 --> 01:42:42,125
අනික මනමාලයාගේ පවුලේ අයට
මේ ගැන දැනගන්න තියන්න එපා.

1574
01:42:43,333 --> 01:42:46,958
නැත්තම්,
එයාලා හිතයි මේ පවුලට ශාප වෙලා කියලා.

1575
01:42:47,958 --> 01:42:51,875
චාරිත්‍ර ඉවර වෙනකන් කිසිම නරකක් වෙන්නේ නෑ.
මේක මගේ පොරොන්දුව.

1576
01:42:52,791 --> 01:42:55,916
ඒත් ඔයා ඔයාගේ සීයාගේ
යාඥා කරන කාමරේ අරින්න ඕනේ.

1577
01:42:56,416 --> 01:42:58,791
ඉක්මනටම යතුර හොයාගන්න.

1578
01:42:59,916 --> 01:43:01,541
ගුරු ජී, යතුරු එයාගේ ගෙදර ඇති.

1579
01:43:04,208 --> 01:43:05,083
ආශිර්වාද කරන්න.

1580
01:43:05,500 --> 01:43:06,625
දෙවි පිහිටයි.

1581
01:43:10,958 --> 01:43:12,875
ගුරු ජී, ඔයා ඔයාගේ අත යට
මොනවද හංගන්නේ?

1582
01:43:13,833 --> 01:43:15,958
කවඩි දොළහක් මරණයේ ගෙදර තියෙනවා.

1583
01:43:17,250 --> 01:43:18,375
ඒ කියන්නේ...

1584
01:43:19,541 --> 01:43:22,041
මනමාලියෝ දොළොස් දෙනෙක්ව බිලි දීලා.

1585
01:43:23,750 --> 01:43:28,083
තව එක බිල්ලයි
ඊටපස්සේ වධුසුර් පණගැන්වෙනවා.

1586
01:43:28,750 --> 01:43:30,625
මේ ප්‍රශ්න කුණ්ඩලියට අනුව,

1587
01:43:31,125 --> 01:43:34,166
මේ පවුලේ මරණයක් හරි දෙකක් හරි
අනිවාර්යයෙන්ම වෙනවා.

1588
01:43:34,708 --> 01:43:38,166
මේ අනාවැකියෙන් බේරෙන එක කරන්න බැරි දෙයක්.

1589
01:43:48,500 --> 01:43:50,000
මෙතන ඉන්න.
මම ගිහින් යතුරු අරන් එන්නම්.

1590
01:43:57,000 --> 01:43:57,958
කවුරුහරි ඉන්නවද?

1591
01:43:59,000 --> 01:43:59,875
කවුද ඒ?

1592
01:43:59,958 --> 01:44:01,791
මේ මම, අර්ජුන් ආචාර්ය.

1593
01:44:02,125 --> 01:44:03,000
හලෝ.

1594
01:44:04,625 --> 01:44:06,833
-මම...
-ඔයාට මොනවද ඕනේ?

1595
01:44:07,166 --> 01:44:09,833
මට මගේ සීයාගේ යාඥා කරන කාමරේ
යතුරු ටික ඕනේ.

1596
01:44:11,291 --> 01:44:12,916
මෙහේ යතුරු නෑ.

1597
01:44:13,208 --> 01:44:14,750
මං ගාව තිබුණු ඔක්කොම මම ඔයාට දුන්නා.

1598
01:44:15,208 --> 01:44:19,625
කරුණාකරලා අහන්නකෝ...
මට උදව් කරන්න පුළුවන්ද?

1599
01:44:19,916 --> 01:44:22,833
සමහරවිට ඒවා උඩ තට්ටුවේ
කබඩ් එකක හරි පෙට්ටියක හරි ඇති.

1600
01:44:22,916 --> 01:44:25,958
සීයා පූජාව කළාට පස්සේ
යතුරු ආපහු මෙහේට ගෙනාවා.

1601
01:44:26,666 --> 01:44:27,916
මම කිව්වානේ නෑ කියලා.

1602
01:44:29,083 --> 01:44:30,416
මහත්තයෝ, ඔයාට තේරෙන්නේ නෑ.

1603
01:44:30,916 --> 01:44:33,416
මෙහේ යතුරක් නෑ!

1604
01:44:33,875 --> 01:44:34,750
පලයන් යන්න.

1605
01:44:39,500 --> 01:44:40,958
මට යතුර දෙන එකේ
ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

1606
01:45:44,791 --> 01:45:46,083
එයාව අතහරිනවා...

1607
01:45:47,125 --> 01:45:48,166
අනික එළියට පලයන්.

1608
01:45:51,083 --> 01:45:52,000
ඔයා කවුද?

1609
01:45:56,083 --> 01:45:57,000
අර්ජුන්?

1610
01:45:58,000 --> 01:45:58,958
අර්ජුන්, මොකද වුණේ?

1611
01:45:59,500 --> 01:46:00,416
අර්ජුන්!

1612
01:46:08,208 --> 01:46:09,500
මම කිව්වානේ...

1613
01:46:10,333 --> 01:46:11,416
එළියට යන්න කියලා.

1614
01:46:12,625 --> 01:46:13,583
ගුරු ජී?

1615
01:46:18,708 --> 01:46:19,750
ඔයා පණපිටින්ද?

1616
01:46:22,250 --> 01:46:25,083
මම මෙතන ඉන්නේ
ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න නෙවෙයි.

1617
01:46:26,875 --> 01:46:28,458
එතකොට ඔයාගේ මරණය නිකන්ම රඟපෑමක්ද?

1618
01:46:29,333 --> 01:46:32,041
ඊළඟ පාර මට වරදින්නේ නෑ, වාසුදේව්.

1619
01:46:33,750 --> 01:46:38,791
මගේ පුතාගේ ජීවිතේට වඩා
මට වටින වෙන කිසිම දෙයක් නෑ.

1620
01:46:42,083 --> 01:46:43,000
පුතා?

1621
01:46:46,375 --> 01:46:47,291
එන්න, අර්ජුන්.

1622
01:46:49,250 --> 01:46:50,208
පලයන් යන්න!

1623
01:46:51,083 --> 01:46:53,416
අපි යමු, අර්ජුන්. අපි යමු.

1624
01:46:53,791 --> 01:46:55,250
අපි යමු, අර්ජුන්. අර්ජුන්!

1625
01:47:06,791 --> 01:47:08,291
ඇයි ඔයා මට උත්තර දෙන්නේ නැත්තේ?

1626
01:47:09,458 --> 01:47:10,666
සීයා පණපිටින් ඉන්නවා,

1627
01:47:10,916 --> 01:47:13,125
ඔයා එයාට ගුරු ජී කියලා කතා කළා.

1628
01:47:13,208 --> 01:47:14,916
මොකද වෙන්නේ කියලා
මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ.

1629
01:47:16,875 --> 01:47:19,166
මම මගේ වයිෆ්ට පොරොන්දු වුණා...

1630
01:47:22,000 --> 01:47:27,750
එයාගේ ශාපලත් අතීතය ගැන ළමයින්ට
කවදාවත් දැනගන්න තියන්නේ නෑ කියලා.

1631
01:47:29,416 --> 01:47:35,000
වෙඩින් එක ඉවර වුණු ගමන්ම මම
මේ තැන සදහටම දාලා යන්න හිටියේ.

1632
01:47:36,708 --> 01:47:39,208
අර්ජුන්ට ඇත්ත දැනගන්න
වෙලාව ඇවිත් තියෙන්නේ.

1633
01:47:40,166 --> 01:47:43,458
ඔයා මට කිව්ව හැමදේම එයාට කියන්න.

1634
01:47:45,125 --> 01:47:46,083
මොන ඇත්තද?

1635
01:47:51,625 --> 01:47:54,041
මම ඔයාගේ තාත්තා නෙවෙයි, අර්ජුන්.

1636
01:47:56,250 --> 01:47:57,166
මොකක්?

1637
01:48:00,458 --> 01:48:04,291
මාධව් සහ මම දුෂ්‍යන්ත් ගුරු ජීගේ
ගෝලයෝ වෙලා හිටියා.

1638
01:48:06,625 --> 01:48:09,625
මාධව් කියන්නේ එයාගේ පුතා.

1639
01:48:10,916 --> 01:48:16,791
ඒ කාලේ, මංගල්පූර් කියන්නේ
සංස්කෘතියේ සහ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය.

1640
01:48:18,041 --> 01:48:20,833
වේද, උපනිෂද්, සංගීතය සහ නැටුම් ඉගෙන ගන්න
රට වටෙන්ම

1641
01:48:21,083 --> 01:48:24,375
මිනිස්සු මෙහේට ආවා.

1642
01:48:26,041 --> 01:48:30,250
අපි හැමෝම ඉගෙන ගත්තේ
ගුරු ගෝපාල්දාස් ආශ්‍රමයේ.

1643
01:48:43,416 --> 01:48:44,291
වාසුදේව්.

1644
01:48:44,583 --> 01:48:45,458
ඔව්, ගුරු ජී.

1645
01:48:45,750 --> 01:48:46,666
මෙන්න ගන්න.

1646
01:48:48,875 --> 01:48:52,166
මතක තියාගන්න,
මේ සීතා මාතාවගේ මාලය.

1647
01:48:52,375 --> 01:48:53,791
කවුරුහරි ඒක පෑගුවොත්.

1648
01:48:54,250 --> 01:48:55,500
ඒක එළියෙන්,
දොරට උඩින් තියෙන වහලෙන් තියන්න.

1649
01:48:55,666 --> 01:48:56,583
හරි, ගුරු ජී.

1650
01:49:10,041 --> 01:49:12,166
යශෝධා, ජිතේන්ද්‍ර බන්දෝපාධ්‍යායගේ දුව,

1651
01:49:12,250 --> 01:49:14,250
කල්කටාවේ ඉන්න ගුරු ජීගේ යාළුවාගේ,

1652
01:49:15,416 --> 01:49:17,458
ශාස්ත්‍රීය නැටුම් උගන්වන්න මෙහේට ආවා.

1653
01:49:18,875 --> 01:49:21,833
එයා හිටියෙත් අපි හිටපු මාලිගාවේමයි.

1654
01:49:22,833 --> 01:49:24,833
මුලින්ම, අපි යාළුවෝ විතරයි,

1655
01:49:26,250 --> 01:49:27,375
ඒත් කාලයත් එක්ක

1656
01:49:28,291 --> 01:49:31,875
අපේ බැඳීම තවත් වැඩි වුණා.

1657
01:50:06,000 --> 01:50:10,916
ඒත් මට අමතරව තව කෙනෙක් යශෝධාට
කැමතියි කියලා මම දැනන් හිටියේ නෑ.

1658
01:50:33,791 --> 01:50:35,000
මොන විදිහේ ගායනා කිරීමක්ද ඒ?

1659
01:50:36,041 --> 01:50:39,541
මන්ත්‍රයක් කියන හැම වෙලාවෙම,
උච්චාරණය හරියටම තියෙන්න ඕනේ.

1660
01:50:41,416 --> 01:50:43,375
ඒවා නිකන්ම සද්ද නෙවෙයි.

1661
01:50:46,916 --> 01:50:47,875
මේක තමයි හරි උච්චාරණය.

1662
01:50:48,166 --> 01:50:49,083
වාසුදේව් දිහා බලන්න.

1663
01:50:49,916 --> 01:50:50,875
ඔයා එයාගෙන් ඉගෙන ගන්න ඕනේ.

1664
01:50:55,250 --> 01:50:58,333
ඔයාගේ සම්පූර්ණ අවධානය මන්ත්‍රවලට දෙන්න.

1665
01:50:59,083 --> 01:51:02,875
ඔයාට වැරදුණොත් ඒකේ ප්‍රතිවිපාක
කොච්චර දරුණුද කියලා මම පෙන්නන්නම්.

1666
01:51:04,208 --> 01:51:06,500
ඔයා දන්නවද අපේ පවුලේ රාජකාරිය මොකක්ද කියලා?

1667
01:51:07,291 --> 01:51:08,833
වධුසුර් පණගැන්වෙන එක නවත්තන එක.

1668
01:51:11,833 --> 01:51:15,250
සියවස් ගාණකට කලින්, කැලේ ජීවත් වුණු
අදුර ගෝත්‍රය

1669
01:51:16,000 --> 01:51:20,291
මන්ත්‍ර අනිත් පැත්තට කියවලා
වධුසුර්ව අවදි කරන්න උත්සාහ කළා.

1670
01:51:21,375 --> 01:51:23,583
වධුසුර්ව අවදි කරන ඕනම කෙනෙකුගේ

1671
01:51:24,083 --> 01:51:26,000
හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙනවා,

1672
01:51:26,541 --> 01:51:30,083
ඒත් එයාලා සදහටම එයාගේ වහලෙක් වෙනවා.

1673
01:51:30,666 --> 01:51:34,583
අන්න ඒකයි මම ඔයාට කිව්වේ
මන්ත්‍ර වැරදියට කියන්න එපා කියලා.

1674
01:51:44,416 --> 01:51:49,083
මම ශිව දෙවියන්ට නමස්කාර කරනවා

1675
01:51:49,166 --> 01:51:53,708
ඒ කාලේ, අපේ මුතුන්මිත්තෝ
මේ කාමරේ පූජකවරු කීපදෙනෙක්ම තියාගෙන,

1676
01:51:54,125 --> 01:51:57,625
ඉර බහින වෙලාවේ ඉඳන් ඉර
පායනකන් මන්ත්‍ර කියෙව්වා,

1677
01:51:58,208 --> 01:52:00,375
ඒ ශ්ලෝක

1678
01:52:00,833 --> 01:52:04,083
වධුසුර්ගේ සොහොනට ගිහින්
එයාව අවදි වෙන එක නවත්තන්න.

1679
01:52:05,208 --> 01:52:07,041
ඒත් දැන් කාලේ එහෙම කරන්න අමාරුයි,

1680
01:52:07,458 --> 01:52:09,000
අන්න ඒකයි මම මේ යන්ත්‍රය හැදුවේ.

1681
01:52:10,250 --> 01:52:15,333
ඉර බහිනකොට මම මේක දානවා
ඉර පායනකොට මේක ඕෆ් කරනවා.

1682
01:52:16,000 --> 01:52:19,083
මේ මන්ත්‍රවල බලයෙන්
වධුසුර්ගේ ශක්තිය හීන වෙලා යනවා.

1683
01:52:19,666 --> 01:52:23,000
ගුරු ජී, ලෝකේ විනාශ වෙනකන්ම
මේක මෙහෙමම තියෙයිද?

1684
01:52:23,541 --> 01:52:24,458
නෑ.

1685
01:52:24,750 --> 01:52:26,458
වධුසුර් මැරුණු දවසේ ඉඳන්,

1686
01:52:26,875 --> 01:52:31,041
පෝය දවස් 36,000ක් යනකන්
කවුරුවත් එයාව පණගැන්වුවේ නැත්තම්,

1687
01:52:31,416 --> 01:52:33,791
ඊටපස්සේ කවදාවත් එයාව පණගන්වන්න බෑ.

1688
01:52:39,791 --> 01:52:40,958
අපි හම්බවුණු දවසේ,

1689
01:52:41,958 --> 01:52:43,416
ඔයා මට මාලයක් දැම්මා.

1690
01:52:44,416 --> 01:52:45,833
අද, මම ඔයාට මුද්දක් දැම්මා.

1691
01:52:46,958 --> 01:52:50,125
දැන් ඉතුරු වෙලා තියෙන්නේ
මම ඔයාට මාලයක් දාන එකයි

1692
01:52:51,166 --> 01:52:52,541
ඔයා මට මුද්දක් දාන එකයි විතරයි.

1693
01:52:53,583 --> 01:52:54,791
එතකොට අපි බැඳලා ඉවරයි.

1694
01:52:57,750 --> 01:52:58,958
ඊටපස්සේ ආවේ නවරාත්‍රී කාලය.

1695
01:53:00,125 --> 01:53:03,916
මේ උත්සවය මංගල්පූර්වල
හරිම උත්කර්ෂවත් විදිහට සැමරුවා.

1696
01:53:04,708 --> 01:53:07,916
වෘක්ෂ්ණි කොහොමද වධුසුර්ව මැරුවේ කියන කතාව

1697
01:53:08,791 --> 01:53:12,541
හැම පාරකම, හැම අසල්වැසි ගමකම
නාට්‍යයක් විදිහට පෙන්නුවා.

1698
01:53:13,291 --> 01:53:16,291
අපිත් ආශ්‍රමයේදී
මේ නාට්‍යය කළා,

1699
01:53:17,000 --> 01:53:23,208
යශෝධා වෘක්ෂ්ණිටත්
මාධව් වධුසුර්ටත් රඟපෑවා.

1700
01:53:51,375 --> 01:53:55,208
මේ පැටලුණු දෑස් තුළ
වචන ලිහාගන්න බෑ

1701
01:53:55,666 --> 01:53:59,416
මේ පැටලුණු දෑස් තුළ
වචන ලිහාගන්න බෑ

1702
01:53:59,666 --> 01:54:03,750
සුවඳවත් සිහින මැදින් නින්ද පාවී යයි

1703
01:54:03,958 --> 01:54:08,125
සුවඳවත් සිහින මැදින් නින්ද පාවී යයි

1704
01:54:08,541 --> 01:54:12,416
-මගේ ආදරේ බොරුවක් නෙවෙයි...
-මාව විශ්වාස කරන්න, මගේ ආදරේ

1705
01:54:12,791 --> 01:54:16,625
-මගේ ආදරේ බොරුවක් නෙවෙයි...
-මාව විශ්වාස කරන්න, මගේ ආදරේ

1706
01:54:16,708 --> 01:54:20,875
සුවඳවත් සිහින මැදින් නින්ද පාවී යයි

1707
01:54:21,000 --> 01:54:25,291
සුවඳවත් සිහින මැදින් නින්ද පාවී යයි

1708
01:54:25,416 --> 01:54:29,625
මගේ ආදරේ
ඔයා නැතුව මගේ හදවත නොසන්සුන්

1709
01:54:29,708 --> 01:54:33,875
මගේ ආදරේ
ඔයා නැතුව මගේ හදවත නොසන්සුන්

1710
01:54:33,958 --> 01:54:38,041
මගේ ආදරේ...

1711
01:54:47,041 --> 01:54:51,250
මේ මත් කරන දෑස්
මගේ තොල් අතරින් රහස් මුමුණයි

1712
01:54:51,375 --> 01:54:55,541
මේ හදවත බොරු කියයි
ඇයි ඒකට ඇත්ත කියන්න බැරි?

1713
01:55:04,208 --> 01:55:08,416
මේ මත් කරන දෑස්
මගේ තොල් අතරින් රහස් මුමුණයි

1714
01:55:08,500 --> 01:55:12,583
මේ හදවත බොරු කියයි
ඇයි ඒකට ඇත්ත කියන්න බැරි?

1715
01:55:12,750 --> 01:55:16,958
ඔයාගේ පැණිරස වචනවලින්
මගේ හදවත උතුරා යයි

1716
01:55:17,041 --> 01:55:21,000
මේ කිනිස්සක් වගේ තියුණු දෑසින්
මම ගං ඉවුරේ බලන් හිටියා

1717
01:55:21,083 --> 01:55:25,291
මාව තුරුළු කරගන්න
ඇවිත් මගේ හදවතේ ඉන්න, ආදරේ

1718
01:55:25,375 --> 01:55:29,708
මාව තුරුළු කරගන්න
ඇවිත් මගේ හදවතේ ඉන්න, ආදරේ

1719
01:55:29,916 --> 01:55:34,250
මගේ ගැහෙන හදවත
හැමතැනම පාට විසුරුවයි

1720
01:55:34,333 --> 01:55:38,375
මගේ ගැහෙන හදවත
හැමතැනම පාට විසුරුවයි

1721
01:55:38,458 --> 01:55:42,583
ඔයා සඳ වෙන්න
මම ඔයාගේ පෙම්වතා වෙන්නම්, ආදරේ

1722
01:55:42,666 --> 01:55:46,708
මගේ ආදරේ
ඔයා නැතුව මගේ හදවත නොසන්සුන්

1723
01:55:46,791 --> 01:55:51,291
මගේ ආදරේ...

1724
01:55:51,375 --> 01:55:55,000
මේ පැටලුණු දෑස් තුළ
වචන ලිහාගන්න බෑ

1725
01:55:59,166 --> 01:56:03,166
සුවඳවත් සිහින මැදින් නින්ද පාවී යයි

1726
01:56:07,708 --> 01:56:11,416
මේ පැටලුණු දෑස් තුළ
වචන ලිහාගන්න බෑ

1727
01:56:15,791 --> 01:56:19,500
මගේ ආදරේ බොරුවක් නෙවෙයි
මාව විශ්වාස කරන්න, මගේ ආදරේ

1728
01:56:23,666 --> 01:56:25,666
සුවඳවත් සිහින මැදින්

1729
01:56:27,458 --> 01:56:29,791
සුවඳවත් සිහින මැදින්

1730
01:56:31,791 --> 01:56:33,666
-මගේ ආදරේ නෙවෙයි...
-මගේ ආදරේ නෙවෙයි...

1731
01:56:33,750 --> 01:56:35,333
මගේ ආදරේ නෙවෙයි...

1732
01:56:35,500 --> 01:56:36,708
මැදින්...

1733
01:56:37,291 --> 01:56:39,083
-සුවඳවත් සිහින...
-සුවඳවත් සිහින...

1734
01:57:31,375 --> 01:57:34,000
මේ අෂ්ටමි සුබ දවසේ,

1735
01:57:34,666 --> 01:57:37,625
මට ඔයාලා හැමෝටම කියන්න
සතුටුදායක ආරංචියක් තියෙනවා.

1736
01:57:38,583 --> 01:57:40,583
මගේ ප්‍රියතම ගෝලයා, වාසුදේව්,

1737
01:57:41,291 --> 01:57:45,375
සහ මගේ යාළුවා ජිතේන්ද්‍ර බන්දෝපාධ්‍යායගේ දුව
වෙන යශෝධා, මට කිව්වා

1738
01:57:46,208 --> 01:57:48,291
එයාලා ආදරේ කරනවා කියලා.

1739
01:57:50,958 --> 01:57:52,958
මම පවුල් දෙකත් එක්කම කතා කළා,

1740
01:57:53,583 --> 01:57:57,125
අද මම එයාලගේ විවාහය ප්‍රකාශයට පත් කරනවා.

1741
01:58:13,250 --> 01:58:14,500
නෑ...

1742
01:58:29,166 --> 01:58:31,125
වධුසුර්ව අවදි කරන ඕනම කෙනෙකුගේ

1743
01:58:31,916 --> 01:58:34,958
හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙනවා.

1744
01:59:12,250 --> 01:59:13,166
මාධව්!

1745
01:59:22,500 --> 01:59:23,500
ඔයා මෙතන මොනවද කරන්නේ?

1746
01:59:33,666 --> 01:59:34,625
මොකක්ද මේ?

1747
01:59:35,041 --> 01:59:36,958
කවුද මේ යන්ත්‍රය
අනිත් පැත්තට වැඩ කරන්න හැදුවේ?

1748
01:59:37,791 --> 01:59:38,666
මමයි කළේ.

1749
01:59:39,666 --> 01:59:41,541
ඔයා මේ මොකක්ද කළේ, මාධව්?

1750
01:59:42,208 --> 01:59:44,125
ඇයි ඔයා මේ වගේ පවක් කළේ?

1751
01:59:45,666 --> 01:59:48,041
මොකද මට යශෝධාව ඕනේ.

1752
01:59:49,416 --> 01:59:52,000
ඔයා යශෝධාව මගෙන් ඈත් කළා.

1753
01:59:53,041 --> 01:59:55,083
ඔයා එයා ඉස්සරහා මාව අවමානයට ලක් කළා.

1754
01:59:55,791 --> 01:59:59,958
ඔයා හැමතිස්සෙම ඔයාගේ ගෝලයාට විශේෂ සැලකිලි දීලා
ඔයාගේම පුතාව ප්‍රතික්ෂේප කළා.

1755
02:00:01,458 --> 02:00:05,666
යශෝධා මාව දාලා ගියේ ඔයා නිසයි.

1756
02:00:07,125 --> 02:00:08,458
ඒත් එයා මගේ!

1757
02:00:09,541 --> 02:00:12,500
ඔයා මට යශෝධාව දෙන්නේ නැත්තම්,
හරි කමක් නෑ.

1758
02:00:12,958 --> 02:00:14,500
වධුසුර් එයාව මං ගාවට ගෙනෙයි!

1759
02:00:14,833 --> 02:00:16,375
වධුසුර් එයාව මං ගාවට ගෙනෙයි!

1760
02:00:17,333 --> 02:00:21,458
මාධව්, මගේ පුතේ,
ඔයාට ඕන දෙයක් මම දෙන්නම්.

1761
02:00:22,625 --> 02:00:24,083
ඒත් මේ පව්කාර වැඩේ කරන්න එපා.

1762
02:00:24,458 --> 02:00:26,000
වධුසුර්ව අවදි කරන්න එපා.

1763
02:00:27,083 --> 02:00:28,750
මම ඔයාට වඳින්නම්, පුතේ.

1764
02:00:30,208 --> 02:00:31,583
මම වඳින්නම්.

1765
02:00:32,958 --> 02:00:34,583
මේ භයානක දේ කරන්න එපා!

1766
02:00:35,208 --> 02:00:38,958
කරන්න එපා පුතේ! කරන්න එපා!

1767
02:00:43,708 --> 02:00:44,750
මේක ඔයාට.

1768
02:00:47,583 --> 02:00:50,500
දැන්, ඔයා ගුරු පඬුරක් විදිහට
මට මොනවද දෙන්නේ?

1769
02:00:52,291 --> 02:00:54,708
ගුරු ජී, අද මම මේ ඉන්න තැනට
මාව හැඩගැස්සුවේ ඔයා.

1770
02:00:56,083 --> 02:00:58,916
ඔයා ඉල්ලන ඕනම දෙයක්
මම ඔයාගේ දෙපාමුල තියන්නම්.

1771
02:01:00,000 --> 02:01:01,291
එහෙනම් යශෝධාව අමතක කරන්න.

1772
02:01:01,916 --> 02:01:03,333
ඒක තමයි ඔයාගේ ගුරු පඬුර.

1773
02:01:07,750 --> 02:01:08,875
ඔයා මේ මොනවද කියන්නේ, ගුරු ජී?

1774
02:01:11,541 --> 02:01:13,000
මොකද මාධව් එයාට ආදරෙයි.

1775
02:01:17,166 --> 02:01:18,750
ඔයා මට පොරොන්දු වුණා, වාසුදේව්.

1776
02:01:19,000 --> 02:01:20,416
ඔයා දැන් ඒක කැඩුවොත්,

1777
02:01:21,000 --> 02:01:22,500
මම ඔයාට ශාප කරනවා,

1778
02:01:23,833 --> 02:01:25,708
ඔයාට ජීවිතේ කවදාවත් සතුටක් ලැබෙන එකක් නෑ.

1779
02:01:25,791 --> 02:01:26,958
එහෙම කියන්න එපා, ගුරු ජී.

1780
02:01:29,291 --> 02:01:30,208
මම...

1781
02:01:31,833 --> 02:01:34,000
ඔයා කියන ඕනම දෙයක් මම කරන්නම්.

1782
02:01:37,958 --> 02:01:39,250
එහෙනම් මට ඔයාගෙන් තව එක පොරොන්දුවක් ඕනේ.

1783
02:01:40,500 --> 02:01:43,791
කිසිම කෙනෙක් දැනගන්න බෑ,
යශෝධා පවා,

1784
02:01:44,916 --> 02:01:47,125
මම ඔයාගෙන් ඉල්ලපු ගුරු පඬුර මොකක්ද කියලා.

1785
02:01:54,708 --> 02:01:57,291
බලන්න, මොකක් වුණත්, මම ඔයා එක්ක ඉන්නවා.

1786
02:01:57,583 --> 02:01:59,000
මට කියන්න මොකද වුණේ කියලා.

1787
02:02:03,041 --> 02:02:03,916
දේව්...

1788
02:02:04,083 --> 02:02:05,458
දේව්? දේව්ට මොකද වුණේ?

1789
02:02:09,125 --> 02:02:10,791
දේව් හොඳ මනුස්සයෙක් නෙවෙයි, ගුරු ජී.

1790
02:02:12,875 --> 02:02:16,541
එයා කියනවා එයා කසාදය විශ්වාස කරන්නේ නෑ කියලා.

1791
02:02:18,750 --> 02:02:20,625
එයාට ඕනේ වුණේ මගේ ශරීරය විතරයි.

1792
02:02:22,791 --> 02:02:24,625
එයා ඒක මගේ මූණටම කිව්වා.

1793
02:02:24,708 --> 02:02:25,916
ඒක මාරම කැතයි.

1794
02:02:27,125 --> 02:02:28,833
අපි දැන් ඔයාගේ දෙමව්පියන්ට
මොනවද කියන්නේ?

1795
02:02:29,833 --> 02:02:31,583
එයාලා මුළු පවුලත් එක්කම
හෙට එනවා.

1796
02:02:33,791 --> 02:02:38,208
එයා වගේ කෙනෙක්ව බඳිනවට වඩා
මම මැරෙනවා, ගුරු ජී.

1797
02:02:42,333 --> 02:02:43,375
ඔයා දන්නවානේ...

1798
02:02:44,833 --> 02:02:46,791
ඔයාගේ තාත්තගේ තත්ත්වය අමාරුයි කියලා.

1799
02:02:49,000 --> 02:02:52,375
එයාගේ අන්තිම කැමැත්ත ඔයා බඳිනවා දකින එක.

1800
02:02:53,958 --> 02:02:55,333
එයාට මේක දරාගන්න බැරි වෙයි.

1801
02:02:57,666 --> 02:02:59,208
මොනවා හරි කරන්න, ගුරු ජී.

1802
02:03:01,958 --> 02:03:03,250
ඔයා මාධව්ව බඳිනවද?

1803
02:03:12,875 --> 02:03:15,208
යශෝධා මාධව්ව බැන්දා.

1804
02:03:15,541 --> 02:03:18,291
ඒ දවසින් පස්සේ,
ගුරු ජී කවදාවත් ආශ්‍රමයට ආවේ නෑ.

1805
02:03:18,708 --> 02:03:21,416
මමත් මංගල්පූර්වලින් යන්න තීරණය කරලා තිබුණේ.

1806
02:03:22,000 --> 02:03:23,958
මම අන්තිම වතාවට ගුරු ජීව බලන්න ගිය වෙලාවේ,

1807
02:03:24,375 --> 02:03:26,458
එයාගේ ඇස්වල අමුතු බයක් තියෙනවා මම දැක්කා.

1808
02:03:27,291 --> 02:03:32,250
එයා බයවෙලා හිටියේ එයාගේ පුතාව වධුසුර්ගේ පාලනයෙන්
නිදහස් කරගන්න බැරි වුණා කියලා.

1809
02:04:19,250 --> 02:04:21,208
එයාව අතහරින්න, යක්ෂයා.

1810
02:04:26,000 --> 02:04:27,541
මගේ පුතාව අතහරින්න.

1811
02:04:29,625 --> 02:04:31,541
ඒ වෙනුවට මගේ ජීවිතේ ගන්න.

1812
02:04:59,208 --> 02:05:00,958
මාව මෙහෙන් එක්කන් යන්න.

1813
02:05:10,541 --> 02:05:11,541
ඒ රෑ,

1814
02:05:12,458 --> 02:05:13,750
අපි මංගල්පූර්වලින් පැනලා ගියා...

1815
02:05:15,166 --> 02:05:16,416
ආයෙත් කවදාවත් එහේ ගියේ නෑ.

1816
02:05:17,291 --> 02:05:18,250
දවසක්,

1817
02:05:19,416 --> 02:05:21,500
යශෝධා මට කිව්වා එයාට ළමයෙක්
හම්බවෙන්න ඉන්නවා කියලා.

1818
02:05:25,916 --> 02:05:27,375
මම එයාව බැන්දා, අනික...

1819
02:05:28,916 --> 02:05:29,833
මම එයාට පොරොන්දු වුණා...

1820
02:05:32,958 --> 02:05:36,541
මම මේ ළමයව මගේම දරුවෙක්
වගේ හදාගන්නවා කියලා.

1821
02:05:37,916 --> 02:05:39,041
ඒ දරුවා තමයි ඔයා.

1822
02:05:54,250 --> 02:05:58,833
දරුවෙක්ට ජාතක වුණා කියලා
මිනිහෙක් තාත්තෙක් වෙන්නේ නෑ.

1823
02:06:13,625 --> 02:06:15,208
මේක තමයි තාත්තෙක් තමන්ගේ පුතාට තියෙන ආදරේ,

1824
02:06:16,208 --> 02:06:20,166
දුෂ්‍යන්ත් ගුරු ජී කළෙත්
එයාගේ පුතාට තියෙන ආදරේ නිසයි.

1825
02:06:24,375 --> 02:06:29,041
මෙහේ වෙන හැමදේම
එයා ක්‍රියාත්මක කරපු ප්ලෑන් එකක කොටසක්.

1826
02:06:31,708 --> 02:06:33,875
දුෂ්‍යන්ත් ගුරු ජී කියපු හැමදේම...

1827
02:06:34,958 --> 02:06:35,833
ඇත්ත.

1828
02:06:36,833 --> 02:06:37,750
බලන්න.

1829
02:06:40,291 --> 02:06:45,666
මේ කලියුගයේ තියෙන පෝය දවස් 36,000න්,
ඉතුරු වෙලා තියෙන්නේ දෙකක් විතරයි.

1830
02:06:46,000 --> 02:06:50,166
මේ පෝය දවස් දෙක ඇතුළත
වධුසුර්ව පණගැන්වුවේ නැත්තම්,

1831
02:06:50,250 --> 02:06:55,250
දුෂ්‍යන්ත් ගුරු ජීට කවදාවත් එයාගේ පුතාව
මේ ශාපයෙන් නිදහස් කරගන්න බැරි වෙනවා.

1832
02:06:57,833 --> 02:07:01,208
එයා දැනන් හිටියා මංගල්පූර්වල
වෙඩින් ගන්න බෑ කියලා.

1833
02:07:02,041 --> 02:07:06,916
ඒත් එයා මිනිස්සුන්ට කියන්න ගත්තා
මෙහේ වෙඩින් ගන්න පුළුවන් කියලා,

1834
02:07:07,000 --> 02:07:08,541
අනික කිසිම අසුබ දෙයක්
වෙන්නේ නෑ කියලා.

1835
02:07:09,250 --> 02:07:12,666
එයා කොච්චර කිව්වත්
කවුරුවත් කැමති වුණේ නැති නිසා,

1836
02:07:12,750 --> 02:07:17,291
ඔයාව මෙහේට ගෙන්නගන්න
එයා මැරුණා වගේ රඟපෑවා.

1837
02:07:18,250 --> 02:07:20,500
මොකද එයා ඔයා ගැන හැමදේම දැනන් හිටියා,

1838
02:07:21,083 --> 02:07:23,416
ඔයාගේ දුව බඳින්න ඉන්නවා
කියලා පවා.

1839
02:07:23,666 --> 02:07:25,875
එයා මේ දැල වියලා,
ඔයා ඒකටම අහුවුණා.

1840
02:07:27,166 --> 02:07:30,708
මාධව්ට මොන වගේ බලතල තියෙනවද කියලා
මට හරියටම කියන්න බෑ,

1841
02:07:31,958 --> 02:07:34,750
ඒත් එයාව නවත්තන්න පුළුවන් හැමදේම
මම කරනවා.

1842
02:07:38,791 --> 02:07:41,208
අපේ සැලැස්ම වරදින්නේ නෑ.

1843
02:07:42,125 --> 02:07:43,916
වෙඩින් එකට ලෑස්ති කරන්න.

1844
02:07:45,458 --> 02:07:46,750
ගොඩක් ස්තූතියි, ගුරු ජී.

1845
02:07:54,708 --> 02:07:58,708
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
මේ මුද්දේ තියෙන්නේ ඔයාගේ නමයි

1846
02:07:58,833 --> 02:08:03,083
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
මේ මුද්දේ තියෙන්නේ ඔයාගේ නමයි

1847
02:08:03,333 --> 02:08:07,083
මනමාලි හරිම ලස්සනයි

1848
02:08:07,291 --> 02:08:11,083
මනමාලයට සම්පූර්ණයෙන්ම වශී වෙලා

1849
02:08:15,250 --> 02:08:19,041
මනමාලි හරිම ලස්සනයි

1850
02:08:19,333 --> 02:08:22,666
මනමාලයට සම්පූර්ණයෙන්ම වශී වෙලා

1851
02:08:22,750 --> 02:08:24,750
මේ ආශිර්වාදය එන්නේ මගේ හදවතින්මයි

1852
02:08:24,833 --> 02:08:27,000
සතුටේ ඔටුන්නක් සදහටම
ඔබේ හිස මත රැඳේවා

1853
02:08:27,291 --> 02:08:30,916
සඳ සිපගත් ආභරණවලින්
මම මේ දෙන්නව අනතුරුවලින් බේරගත්තා

1854
02:08:31,000 --> 02:08:34,708
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
මේ මුද්දේ තියෙන්නේ ඔයාගේ නමයි

1855
02:08:34,791 --> 02:08:38,750
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
ඔයාගේ නම කියන එක නවත්තන්න බෑ

1856
02:08:38,833 --> 02:08:42,708
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
මේ මුද්දේ තියෙන්නේ ඔයාගේ නමයි

1857
02:08:42,791 --> 02:08:47,333
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
ඔයාගේ නම කියන එක නවත්තන්න බෑ

1858
02:08:56,791 --> 02:09:00,708
ඔයා වෙනුවෙන් මම හැමදේම අතහරින්නම්
ඔයාගේ හදවත දිනාගත්තට පස්සේ මාවම නැතිවෙයි

1859
02:09:00,791 --> 02:09:05,125
කිසිම ඇස්වහක් ඔයාට නොවැදේවා
හැම කරදරයකින්ම ඔයා ආරක්ෂා වේවා

1860
02:09:05,208 --> 02:09:12,125
මනමාලි එයාගේ මනමාලයව හම්බවෙන්න ලෑස්තියි

1861
02:09:13,250 --> 02:09:18,666
සඳ සිපගත් ආභරණවලින්
මම මේ දෙන්නව අනතුරුවලින් බේරගත්තා

1862
02:09:18,750 --> 02:09:20,666
මේ මුද්දේ තියෙන්නේ ඔයාගේ නමයි

1863
02:09:20,750 --> 02:09:24,541
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
ඔයාගේ නම කියන එක නවත්තන්න බෑ

1864
02:09:24,791 --> 02:09:29,041
මනමාලි හරිම ලස්සනයි

1865
02:09:29,291 --> 02:09:32,708
මනමාලයට සම්පූර්ණයෙන්ම වශී වෙලා

1866
02:09:32,791 --> 02:09:34,750
මේ ආශිර්වාදය එන්නේ මගේ හදවතින්මයි

1867
02:09:34,833 --> 02:09:37,208
සතුටේ ඔටුන්නක් සදහටම
ඔබේ හිස මත රැඳේවා

1868
02:09:37,291 --> 02:09:41,458
සඳ සිපගත් ආභරණවලින්
මම මේ දෙන්නව අනතුරුවලින් බේරගත්තා

1869
02:09:41,541 --> 02:09:44,708
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
මේ මුද්දේ තියෙන්නේ ඔයාගේ නමයි

1870
02:09:44,791 --> 02:09:48,750
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
ඔයාගේ නම කියන එක නවත්තන්න බෑ

1871
02:09:48,833 --> 02:09:52,708
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
මේ මුද්දේ තියෙන්නේ ඔයාගේ නමයි

1872
02:09:52,791 --> 02:09:57,333
ඔහ් ලස්සනියේ, ඔහ් ලස්සනියේ
ඔයාගේ නම කියන එක නවත්තන්න බෑ

1873
02:09:58,750 --> 02:10:02,458
මම පැහැදිලිවම කිව්වම වෙඩින් එකට සුබ නැකත
තියෙන්නේ රෑට කියලා,

1874
02:10:02,583 --> 02:10:05,208
එහෙනම් ඇයි ඔයාලා ඒක දවාලට වෙනස් කළේ?

1875
02:10:05,541 --> 02:10:06,875
ඔයාලට කොහෙන්ද එච්චර හයියක්?

1876
02:10:07,416 --> 02:10:11,958
නෑ සර්. අපි කළේ එයාලගේ පවුලේ
ගුරු වශිස්ට් කියපු විදිහටමයි.

1877
02:10:14,250 --> 02:10:16,125
මේක මට කරන ලොකු අපහාසයක්.

1878
02:10:16,541 --> 02:10:17,708
බරපතළ අපහාසයක්.

1879
02:10:18,083 --> 02:10:22,875
මගේ වචනෙට ගරු කරන්නේ නැති ගෙදරක
මම කවදාවත් ඉන්නේ නෑ.

1880
02:10:23,000 --> 02:10:23,875
මම යනවා.

1881
02:10:23,958 --> 02:10:26,000
ඔයාලට ඕන දෙයක්,
ඕන විදිහකට කරගන්නවා.

1882
02:10:26,125 --> 02:10:28,458
සර්, කරුණාකරලා තරහ ගන්න එපා.

1883
02:10:28,666 --> 02:10:29,625
අපිට සමාවෙන්න.

1884
02:10:30,375 --> 02:10:33,625
අපේ ජීවිතවල හැම හොඳ දෙයක්ම
වෙන්නේ ඔයා නිසයි.

1885
02:10:34,083 --> 02:10:37,208
අපි ඔයා කියන විදිහටම කරන්නම්,
නැත්තම් අපි වෙඩින් එක නවත්තනවා.

1886
02:10:45,083 --> 02:10:46,041
මොකක්ද ප්‍රශ්නේ, රාහුල්?

1887
02:10:47,791 --> 02:10:48,875
ඔයාගේ තාත්තගෙන් අහන්න.

1888
02:10:49,583 --> 02:10:50,500
සර්...

1889
02:10:50,708 --> 02:10:51,875
මට මුකුත් අහන්න ඕනේ නෑ!

1890
02:10:52,333 --> 02:10:54,250
කරුණාකරලා, සර්.
මම කියන දේ අහන්නකෝ.

1891
02:10:56,000 --> 02:10:57,750
ඇයි ගුරු වශිස්ට් මේක වෙනස් කළේ--

1892
02:10:57,833 --> 02:11:03,083
තමන්ට "වශිස්ට්" කියලා කියාගත්තා කියලා
එයාලා මහා සෘෂිවරුන්ට සමාන වෙන්නේ නෑ.

1893
02:11:03,583 --> 02:11:06,208
අනික එයා ජ්‍යෝතිෂ්‍යවේදියෙක් නෙවෙයි.
මමයි ජ්‍යෝතිෂ්‍යවේදියා.

1894
02:11:06,583 --> 02:11:09,500
මම මේ නැකත හැදුවේ
ගොඩක් කල්පනාවෙන් බලලයි.

1895
02:11:09,916 --> 02:11:12,708
ඒක තිබුණේ රෑ 8:30ට.

1896
02:11:13,291 --> 02:11:16,791
මම මේ වෙලාව තෝරගත්තේ මනමාලිගෙයි මනමාලයාගෙයි
කේන්දර හොඳට බලලයි.

1897
02:11:17,666 --> 02:11:21,958
ඔයාලා ඒකට කැමති නැත්තම්,
ඔයාගේ දුවට වෙන මනමාලයෙක් හොයාගන්න.

1898
02:11:24,000 --> 02:11:25,458
ඔයාලගේ තීරණේ ඒක නම්,

1899
02:11:26,583 --> 02:11:27,458
හරි කමක් නෑ.

1900
02:11:28,375 --> 02:11:29,791
අපිටත් මේ වෙඩින් එක ඕනේ නෑ.

1901
02:11:30,125 --> 02:11:31,333
මොකක්ද ප්‍රශ්නේ, තාත්තේ?

1902
02:11:31,875 --> 02:11:34,333
ඇයි අපිට එයාලා දීපු නැකතට
බඳින්න බැරි?

1903
02:11:34,833 --> 02:11:37,791
ඔයාට තේරෙන්නේ නැති දේවල්
තේරුම් ගන්න හදන්න එපා.

1904
02:11:38,083 --> 02:11:39,833
මේක අපි හැමෝටම කරන අපහාසයක්.

1905
02:11:40,041 --> 02:11:41,541
රාහුල්, ඔයාගේ බෑග් ලෑස්ති කරගන්න.

1906
02:11:42,000 --> 02:11:42,875
එන්න.

1907
02:11:44,333 --> 02:11:45,250
රාහුල්!

1908
02:11:46,750 --> 02:11:48,916
මම යනවා, අපි... පස්සේ කතා කරමු.

1909
02:11:50,083 --> 02:11:51,083
රාහුල්.

1910
02:11:57,666 --> 02:12:00,125
දැන්වත් මට කියන්න
ඇත්තම ප්‍රශ්නේ මොකක්ද කියලා.

1911
02:12:01,083 --> 02:12:03,708
මේකෙන් මට මොනවා වෙයිද කියලා
ඔයාලා දෙන්නා එක මොහොතක්වත් හිතුවේ නෑ.

1912
02:12:08,750 --> 02:12:11,208
අද වෙනකන් ඔයාලා මං වෙනුවෙන්
කරපු හැමදේටම,

1913
02:12:12,625 --> 02:12:15,000
ඔයාලගේ දුව විදිහට, මට කරන්න පුළුවන්

1914
02:12:15,791 --> 02:12:17,500
එකම දේ රාහුල්ව නොබැඳ ඉන්න එක විතරයි.

1915
02:12:19,375 --> 02:12:22,583
ඒත් මම මේ ආත්මෙදි කවදාවත් බඳින්නේ නෑ.

1916
02:12:46,125 --> 02:12:47,750
අපි එයාලට ඕන දේ කරමු.

1917
02:12:49,083 --> 02:12:50,833
අපිට මීරාව සදහටම නැතිවෙයි, අර්ජුන්.

1918
02:12:50,916 --> 02:12:51,833
කොහොමත් අපිට එයාව නැතිවෙනවානේ.

1919
02:12:53,000 --> 02:12:54,000
වෙන්නේ ඒකම තමයි.

1920
02:12:56,125 --> 02:12:58,083
ඔයා දන්නවානේ එයා කොච්චර මුරණ්ඩුද කියලා.

1921
02:12:58,625 --> 02:12:59,750
ඔයාට මොනවද ඕනේ, අර්ජුන්?

1922
02:13:00,333 --> 02:13:01,250
මම මොනවද කරන්න ඕනේ?

1923
02:13:01,916 --> 02:13:02,916
එයාට බඳින්න දෙන්න.

1924
02:13:03,416 --> 02:13:04,333
අර්ජුන්?

1925
02:13:06,875 --> 02:13:11,541
ඉර බැස්සට පස්සේ වෙඩින් එක ගත්තොත්,
මීරාගේ මරණය ස්ථිරයි.

1926
02:13:16,875 --> 02:13:19,083
මොනවා වුණත්,
මම මගේ නංගිව බේරගන්නවා.

1927
02:13:21,458 --> 02:13:22,416
මම ඔයාට පොරොන්දු වෙනවා.

1928
02:13:41,458 --> 02:13:42,333
හේයි.

1929
02:13:42,416 --> 02:13:44,250
ජෙනරේටර් කාමරේ ඩීසල් තියෙනවද?

1930
02:13:44,375 --> 02:13:47,125
ඔව් සර්. බයවෙන්න එපා.
රාජු ජෙනරේටර් එක ළඟ ඉන්නවා.

1931
02:13:47,208 --> 02:13:50,125
එයාට මුළු රෑම එතන ඉන්න කියන්න.
ජෙනරේටර් එක ඕෆ් වෙන්න දෙන්න එපා.

1932
02:13:50,208 --> 02:13:51,208
-හරි සර්.
-ඔව්.

1933
02:14:47,166 --> 02:14:48,250
දිගටම කියන්න.

1934
02:15:03,666 --> 02:15:06,083
මට හිතෙන්නේ ලොකු කුණාටුවක් එනවා වගේ.

1935
02:15:06,833 --> 02:15:09,625
දෙවියන්ට ස්තූති වෙන්න චාරිත්‍ර ටික ඉවරයි.

1936
02:15:14,416 --> 02:15:15,375
එන්න.

1937
02:15:17,083 --> 02:15:18,208
එන්න, ඉක්මන් කරන්න.

1938
02:15:18,541 --> 02:15:20,666
-ඔයා මාව කොහෙද එක්කන් යන්නේ, අයියේ?
-සද්ද නැතුව එන්නකෝ.

1939
02:15:26,666 --> 02:15:27,541
එන්න.

1940
02:15:28,208 --> 02:15:29,166
මෙතන ඉන්න.

1941
02:15:29,791 --> 02:15:30,833
ඔයා මෙතනම ඉන්න.

1942
02:15:31,416 --> 02:15:33,000
අනික මේ ලයිට් එක ඕෆ් කරන්න එපා.

1943
02:15:33,208 --> 02:15:35,750
මගේ සද්දේ ඇහෙනකන් දොර අරින්න එපා.
තේරුණාද?

1944
02:15:36,125 --> 02:15:38,041
-මෙතනින් හෙලවෙන්න එපා.
-මොකද වෙන්නේ?

1945
02:15:38,125 --> 02:15:39,458
මුකුත් නෑ.
මම පස්සේ ඔක්කොම කියන්නම්.

1946
02:15:39,541 --> 02:15:42,166
හෙලවෙන්න එපා.
මතක තියාගන්න, මේ ලයිට් එක දාලා තියන්න.

1947
02:15:42,875 --> 02:15:45,375
මගේ සද්දේ ඇහෙනකන්
දොර අරින්න එපා!

1948
02:15:53,875 --> 02:15:56,041
අහන්න. හැමෝම හොඳට අහගන්න.

1949
02:15:56,750 --> 02:15:59,250
කරන්ට් එක එනකන්
ඔයාලගේ කාමරවලට වෙලා ඉන්න.

1950
02:15:59,333 --> 02:16:01,208
තේරුණාද?
කවුරුවත් එළියට එන්න එපා.

1951
02:16:01,541 --> 02:16:02,416
-ජග්ගු.
-ඔව්?

1952
02:16:02,500 --> 02:16:04,583
ගිහින් බලන්න ජෙනරේටර් එකට මොකද වුණේ කියලා.
ඉක්මනට.

1953
02:16:04,708 --> 02:16:06,041
-යන්න.
-සුඛි.

1954
02:16:24,708 --> 02:16:26,833
ජග්ගු, මම කියන දේ හොඳට අහගන්න.

1955
02:16:26,916 --> 02:16:29,541
හැමෝගෙම දොරවල් බලලා
ඒවා එළියෙන් ලොක් කරන්න.

1956
02:16:29,750 --> 02:16:32,500
-ඒත්--
-මම කියන දේ විතරක් කරන්න. ඉක්මන් කරන්න. යන්න.

1957
02:16:56,458 --> 02:16:58,250
-කෝ මීරා?
-මීරා එයාගේ කාමරේ ඉන්නවා.

1958
02:16:58,333 --> 02:17:00,291
කරුණාකරලා හැමෝම ඇතුළට යන්න.
හැමතැනම වීදුරු කටු.

1959
02:17:00,375 --> 02:17:02,208
ඔයාලට තුවාල වෙයි.
ඇතුළට යන්න. යන්න.

1960
02:17:09,250 --> 02:17:10,166
මීරා?

1961
02:17:23,166 --> 02:17:24,125
මීරා!

1962
02:17:28,416 --> 02:17:29,958
මගේ පාරෙන් අයින් වෙනවා.

1963
02:17:37,625 --> 02:17:38,541
මීරා.

1964
02:17:40,916 --> 02:17:41,791
මීරා.

1965
02:17:47,208 --> 02:17:48,125
මීරා.

1966
02:17:57,708 --> 02:17:58,625
මීරා!

1967
02:21:58,541 --> 02:21:59,416
මීරා.

1968
02:21:59,750 --> 02:22:00,625
මීරා.

1969
02:22:00,708 --> 02:22:01,833
මීරා? මීරා?

1970
02:26:17,041 --> 02:26:23,916
මම ශිව දෙවියන්ට නමස්කාර කරනවා

1971
02:27:05,750 --> 02:27:08,875
එයාගේ ඔළුව කපලා
එයාගේ තැල්ල මට ගෙනත් දියන්.

1972
02:27:14,500 --> 02:27:16,083
මීරා!

1973
02:27:47,416 --> 02:27:49,166
මාධව්!

1974
02:28:22,041 --> 02:28:24,000
මීරා! මීරා!

1975
02:28:31,333 --> 02:28:33,083
මීරා! මීරා!

1976
02:28:46,833 --> 02:28:48,083
-එයා කවුද?
-අපි යමු.

1977
02:28:48,166 --> 02:28:49,458
-අපි කොහෙද ඉන්නේ?
-සද්ද කරන්න එපා.

1978
02:28:52,416 --> 02:28:53,416
අපි යමු.

1979
02:30:23,000 --> 02:30:23,916
තාත්තේ.

1980
02:30:26,541 --> 02:30:28,583
අර්ජුන්... අර්ජුන්.

1981
02:30:28,916 --> 02:30:29,833
අර්ජුන්.

1982
02:30:33,291 --> 02:30:34,458
එන්න. එන්න.

1983
02:30:35,666 --> 02:30:36,583
මීරා.

1984
02:30:38,833 --> 02:30:41,333
හිමීට. එන්න, දුව.
ඔව්, එන්න.

1985
02:30:50,583 --> 02:30:53,000
එන්න, දුව. එන්න.

1986
02:30:56,000 --> 02:30:56,958
ඔව්, එන්න.

1987
02:30:57,875 --> 02:30:58,875
එන්න.

1988
02:31:02,666 --> 02:31:04,625
-ඔහොම එන්න.
-මෙතන මොකද වෙන්නේ, තාත්තේ?

1989
02:31:05,000 --> 02:31:06,166
මම කොහොමද එතනට ගියේ?

1990
02:31:06,250 --> 02:31:08,833
-මුකුත් වුණේ නෑ, දුව. මුකුත්...
-කොහොමද...?

1991
02:31:08,958 --> 02:31:10,333
හැමදේම හරියයි.

1992
02:31:11,666 --> 02:31:13,916
ඒක නරක හීනයක් කියලා හිතාගන්න.

1993
02:31:17,041 --> 02:31:17,916
අයියේ.

1994
02:31:18,750 --> 02:31:19,708
අහන්නකෝ...

1995
02:31:20,958 --> 02:31:22,583
මම පස්සේ හැමදේම කියන්නම්.

1996
02:31:23,458 --> 02:31:28,583
ඒත් ඔයා දැක්ක දේ කාටවත් කියන්නේ නෑ කියලා
මට පොරොන්දු වෙන්න.

1997
02:31:29,500 --> 02:31:30,458
මට පොරොන්දු වෙන්නකෝ.

1998
02:31:45,833 --> 02:31:46,791
සර්...

1999
02:32:07,625 --> 02:32:11,666
සර්, මේ හැමදේම කරන්න පුළුවන් වුණේ
ඔයාගේ ආශිර්වාදය නිසයි.

2000
02:32:13,041 --> 02:32:14,208
අන්තිමේදී ඔයාට ඒක තේරුණා එහෙනම්.

2001
02:32:14,541 --> 02:32:15,500
මෙයාට බෝනස් එකක් දෙන්න.

2002
02:32:15,583 --> 02:32:16,541
නෑ.

2003
02:32:17,041 --> 02:32:18,541
මම වැඩ කරන්නේ බෝනස්වලට නෙවෙයි.

2004
02:32:19,208 --> 02:32:21,041
මම වැඩ කරන්නේ මිනිස්සුන්ගේ යහපතට විතරයි.

2005
02:32:21,375 --> 02:32:23,958
සර්, අපේ සතුට වෙනුවෙන්
මේක ගන්නකෝ.

2006
02:32:24,041 --> 02:32:25,333
-අපෝ එපා.
-කරුණාකරලා.

2007
02:32:25,416 --> 02:32:29,500
සර්, එයාලා ඔච්චර ආදරෙන් ඉල්ලන එකේ
මේක ගන්නකෝ.

2008
02:32:29,666 --> 02:32:30,833
අපි වෙනුවෙන් බෝනස් එක ගන්න.

2009
02:32:32,333 --> 02:32:33,208
හරි.

2010
02:32:34,750 --> 02:32:37,166
මේක ස්පෙෂල් බෝනස් එකක් වෙන්න ඇති.

2011
02:32:37,250 --> 02:32:38,833
ගොඩක් ස්පෙෂල්. ගොඩක් ස්පෙෂල්.

2012
02:32:42,041 --> 02:32:43,833
ඔයා ඇයි දොර වහන්නේ?

2013
02:32:43,958 --> 02:32:45,333
මට ඕනේ නෑ වෙන කවුරුවත් දකිනවට

2014
02:32:45,416 --> 02:32:47,333
-මම ඔයාට දෙන්න යන ස්පෙෂල් බෝනස් එක.
-පිස්සු හැදෙනවා.

2015
02:32:47,416 --> 02:32:48,666
මොකද උන් ඔක්කොම
ඉරිසියාකාර හැත්තක්.

2016
02:32:49,083 --> 02:32:51,458
ඔයා කවදාහරි ඔයාගේ කේන්දරේ බලලා තියෙනවද?

2017
02:32:51,541 --> 02:32:52,541
ඔව්, මම බලලා තියෙනවා.

2018
02:32:52,625 --> 02:32:56,125
එතකොට කොහේ හරි ලියලා තිබුණද
ඔයාට කනේ පාරක් වදිනවා කියලා?

2019
02:32:56,208 --> 02:32:57,083
නෑ...

2020
02:32:59,750 --> 02:33:00,708
කෙළින් හිටගන්නවා.

2021
02:33:03,916 --> 02:33:04,875
අහගන්නවා,

2022
02:33:05,916 --> 02:33:07,791
කේන්දර හැමතිස්සෙම හරි යන්නේ නෑ.

2023
02:33:08,166 --> 02:33:10,291
ඇයි? මොකද ඒවා ලියන්නේ මිනිස්සු.

2024
02:33:11,041 --> 02:33:14,458
දෙවියන් ලියන දේවල්
ඔයාටවත් මටවත් තේරුම් ගන්න බෑ.

2025
02:33:15,833 --> 02:33:18,541
මේ කනේ පාර ගැන කාටවත් කියන්න එපා.

2026
02:33:19,875 --> 02:33:21,500
දැන් මම කිසිම දේකට බය නෑ

2027
02:33:22,250 --> 02:33:23,625
මොකද වෙඩින් එක ඉවරයිනේ.

2028
02:33:24,291 --> 02:33:25,416
ඔයා කාටහරි කිව්වොත්,

2029
02:33:25,916 --> 02:33:28,458
දිවුරලා කියන්නේ මම තමුසෙව හෙළුවෙන් තියලා ගහනවා.

2030
02:33:29,250 --> 02:33:30,916
මොකක්ද මේ?
තමුසේ ඇයි අඬන්නේ?

2031
02:33:31,250 --> 02:33:33,500
ඇයි අඬන්නේ?
තමුසෙට පිස්සුද?

2032
02:33:34,541 --> 02:33:35,458
හිනාවෙන්න.

2033
02:33:36,083 --> 02:33:39,750
හරි, හිනාවෙන්න. අපි යමු.

2034
02:33:44,333 --> 02:33:46,583
එයාට තියෙන්නේ මාරම විහිළුනේ.

2035
02:33:47,083 --> 02:33:49,500
වාව්. ඔයාට බෝනස් එක හම්බවුණාද?

2036
02:33:51,958 --> 02:33:52,833
මට පෙන්නන්න. පෙන්නන්න.

2037
02:33:52,916 --> 02:33:55,958
සර්, අමතක කරන්න එපා. ඔයා පොරොන්දු වුණා.

2038
02:33:56,041 --> 02:33:57,416
මම එයාට පොරොන්දු වුණා.

2039
02:33:58,500 --> 02:33:59,416
අපි යමු.

2040
02:34:00,416 --> 02:34:01,416
මෝඩයා.

2041
02:34:03,333 --> 02:34:06,083
එතකොට, වධුසුර් ගැන කිව්ව
මුළු කතාවම බොරුවක්, නේද?

2042
02:34:07,416 --> 02:34:09,708
මම කිව්වේ ඕවා නිකන්ම කතා කියලා. දැක්කද?

2043
02:34:10,583 --> 02:34:13,083
හොඳයි. හැමදේම හොඳට සිද්ධ වුණා.

2044
02:34:13,833 --> 02:34:14,791
මමත් අදම යනවා.

2045
02:34:15,250 --> 02:34:16,125
ඔයා කොහෙද යන්නේ?

2046
02:34:16,583 --> 02:34:17,625
ඔයාගේ පොරොන්දුව මතකද?

2047
02:34:18,416 --> 02:34:19,333
මොන පොරොන්දුවද?

2048
02:34:19,916 --> 02:34:21,666
ඔයා මාර කපටියිනේ.

2049
02:34:22,708 --> 02:34:23,791
උත්තරයක් දෙන්නේ නැතුව ඔයාට යන්න බෑ.

2050
02:34:24,625 --> 02:34:25,541
මොන උත්තරයක්ද?

2051
02:34:26,291 --> 02:34:30,000
මතකද මම ඔයාට යෝජනා කළාම?
ඔයා කිව්වා වෙඩින් එකෙන් පස්සේ උත්තරයක් දෙන්නම් කියලා.

2052
02:34:35,958 --> 02:34:36,833
අහන්න,

2053
02:34:37,458 --> 02:34:39,375
මට තවත් ඔයාට බොරු කියන්න ඕනේ නෑ.

2054
02:34:40,666 --> 02:34:41,791
මම ලේඛිකාවක් නෙවෙයි.

2055
02:34:43,416 --> 02:34:46,125
මම මෙහේ ආවේ මගේ නැතිවුණු නංගිව හොයාගෙන.

2056
02:34:47,208 --> 02:34:48,625
මට ඕනේ වුණේ ඇත්ත දැනගන්න

2057
02:34:49,416 --> 02:34:51,208
කාටවත් නොදැනෙන්න.

2058
02:34:52,000 --> 02:34:54,333
එයා මගේ නංගි, චිත්‍රා.

2059
02:34:54,875 --> 02:34:55,833
අපි නිවුන්නු.

2060
02:34:58,208 --> 02:35:02,291
කොහොම වුණාද දන්නේ නෑ,
ඒත් එයාගේ වෙඩින් එක දවසේ එයාව මැරුවා.

2061
02:35:04,000 --> 02:35:05,666
කවුරුවත් එයාගේ මළසිරුර හොයාගත්තේ නෑ.

2062
02:35:08,083 --> 02:35:10,041
සමහරවිට මට කවදාවත් ඇත්ත
දැනගන්න ලැබෙන එකක් නෑ.

2063
02:35:13,250 --> 02:35:14,125
ඒක අමතක කරන්න.

2064
02:35:15,375 --> 02:35:18,583
කොහොම වුණත්,
මම ඔයාට අකමැතියි කියලා කියන්න බෑ,

2065
02:35:20,000 --> 02:35:23,666
ඒත් මම දැනටමත් බැඳලා හිටියේ නැත්තම්
මම ඔයාට හා කියනවා.

2066
02:35:25,500 --> 02:35:26,708
කතා කරමු. බායි.

2067
02:36:11,708 --> 02:36:12,666
අපි යමු.

2068
02:36:15,416 --> 02:36:17,625
මාමේ, අපිට හැමදේම තේරුණා

2069
02:36:18,625 --> 02:36:19,750
එක දෙයක් ඇරෙන්න.

2070
02:36:21,083 --> 02:36:23,541
අර්ජුන්ට විතරක් කොහොමද හොල්මන් පෙනුණේ?

2071
02:36:25,041 --> 02:36:28,875
මොකද අර්ජුන් කරන්ට් එක වැදිලා
එක මොහොතකට ඇත්තටම මැරුණා.

2072
02:36:30,541 --> 02:36:33,625
මැරුණු අයට විතරයි මැරුණු අයව පේන්නේ.

2073
02:36:35,833 --> 02:36:37,333
මේකෙන් පස්සේ හැමෝම ආපහු ලන්ඩන් ගියාද?

2074
02:36:37,958 --> 02:36:38,875
නෑ.

2075
02:36:39,250 --> 02:36:40,666
අර්ජුන් මෙහේ නතර වුණා...

2076
02:36:42,000 --> 02:36:46,333
ශාපලත් එයාගේ තාත්තා,
මාධව් ආචාර්යගේ ආත්මය නිදහස් කරන්න.

2077
02:36:47,083 --> 02:36:48,666
පහුගිය අවුරුදු 24 තිස්සේම,

2078
02:36:49,333 --> 02:36:54,250
එයාගේ තාත්තගේ ආත්ම ශාන්තිය වෙනුවෙන්
එයා හැම අවුරුද්දෙම පූජාවන් කරනවා.

2079
02:36:54,583 --> 02:36:59,458
පුතෙක් විදිහට, එයාට කරන්න පුළුවන් එච්චරයි.

2080
02:36:59,875 --> 02:37:04,041
මාමේ, මේවා ඇත්තටම වුණාද,
නැත්තම් මේකත් නිකන්ම තවත් කතාවක්ද?

2081
02:37:06,250 --> 02:37:08,125
ඔයාලා විශ්වාස කරන දේ තමයි හරි.

2082
02:37:08,791 --> 02:37:09,875
එන්න, කෝච්චිය ආවා.

2083
02:37:10,375 --> 02:37:12,208
-මාමේ, ස්තූතියි.
-ස්තූතියි.

2084
02:37:12,708 --> 02:37:13,583
එන්න.

2085
02:37:13,666 --> 02:37:14,583
අහන්න, ළමයිනේ.

2086
02:37:17,875 --> 02:37:21,125
ජීවිතේ සතුටින් ඉන්න
ඒ වගේම පරිස්සම් වෙන්න.

2087
02:37:21,791 --> 02:37:23,625
ඒත් අමතක කරන්න එපා...

2088
02:37:24,500 --> 02:37:28,125
මේ ලෝකේ එක එක විදිහේ
හොල්මන් ඉන්නවා කියලා.

2089
02:37:28,149 --> 02:37:48,149
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

