﻿1
00:00:05,499 --> 00:00:25,199
<font color="#05f6ff">Lksubs.com</font>

2
00:00:46,303 --> 00:00:58,003
<font color="#ffee36">සිංහල අදහස සහ උපසිරසි නිපැයුම</font>
<font color="#05f6ff">රුක්ෂාන් ඛාන් (රුකා)</font>

3
00:02:48,630 --> 00:02:50,100
ඔයා ගාව කෑම මුකුත් තියෙනවද?

4
00:02:52,500 --> 00:02:54,070
මට හරිම බඩගිනියි.

5
00:03:16,430 --> 00:03:17,830
කොණ්ඩෙ කඩලා දාගන්න.

6
00:03:20,430 --> 00:03:22,470
ඔයාව කොල්ලෙක් වගෙ පේන්නෙ නෑ.

7
00:03:25,770 --> 00:03:27,170
කොණ්ඩෙ කඩලා දාගන්න.

8
00:03:38,670 --> 00:03:40,230
මං බය නෑ.

9
00:03:41,610 --> 00:03:45,170
මේ කඳුවල සැරිසරපු සංචාරකයො කිව්වෙ
රොබින් හුඩ් කියන වීරයා ගැන.

10
00:03:46,070 --> 00:03:47,800
එයා අසරණයන්ව ආරක්ෂා කරා.

11
00:03:55,570 --> 00:03:57,140
කවුරුවත් අසරණයන්ව ආරක්ෂා කරන්නෙ නෑ.

12
00:03:59,300 --> 00:04:00,770
අනික එයා වීරයෙකුත් නෙවෙයි.

13
00:04:01,000 --> 00:04:03,900
එයා දවසට තුන්වතාවක් වත්
දුප්පත් අයට රිදී කාසි බෙදලා දුන්නා.

14
00:04:03,980 --> 00:04:06,200
එයාට මැරියන් ආර්යාවගෙ ආදරෙත් ලැබුණා.

15
00:04:06,280 --> 00:04:07,660
එහෙම කෙනා වීරයෙක් නෙවෙයිද?

16
00:04:07,740 --> 00:04:10,350
මැරියන් ආර්යාව කියන්නෙ
පරණ එඬේර කතාවක්

17
00:04:10,440 --> 00:04:13,480
කරුමෙට මට වඩා වෙරි ගාතෙන්
හිටපු කතන්දරකාරයෙක් ගොතපු.

18
00:04:14,300 --> 00:04:17,200
ඇය තමයි රොබින් හුඩ්ගෙ 
අසමසම ආදරය.

19
00:04:20,670 --> 00:04:23,510
ඒ වගෙ මිනිහෙක්ට කිසිම
අසමසම ආදරයක් තිබුණේ නෑ.

20
00:04:26,800 --> 00:04:28,120
මං දන්නවා ඔය මනුස්සයව
හම්බුන කෙනෙක්ව,

21
00:04:28,200 --> 00:04:30,120
කැමතිද රහසක් දැනගන්න?

22
00:04:30,970 --> 00:04:32,370
කැමතියි.

23
00:04:33,630 --> 00:04:35,900
එයා තමන්ගෙ ජීවිතේට එක පාරක්වත්
යාඥා කරලා නෑ.

24
00:04:37,400 --> 00:04:42,070
රට පුරාම ඔය පැතිරිලා තියෙන්නෙ
බොරු පිට බොරු තියෙන කතන්දර ටිකක්.

25
00:04:43,500 --> 00:04:45,470
ඌ මිනීමරු මංකොල්ලකාරයෙක්.

26
00:04:46,030 --> 00:04:50,280
එක්කො ෂෙරිෆ් කෙනෙක්ගෙයි තව අය
පෝලිමකගෙයි බෙලි කපපු එකෙක්.

27
00:04:50,370 --> 00:04:52,600
මිනිස්සු කිසි තේරුමක් නැති තැනකත් 
අර්ථයක් දැක්කා.

28
00:04:54,250 --> 00:04:55,910
මිනිහා වීරයෙක් නෙවෙයි.

29
00:04:56,000 --> 00:04:59,520
ඌ කොල්ල කකා මිනීමැරුවෙ ඒකෙන් ලැබුණු සතුටට.
ඊට වඩා දෙයක් නෑ.

30
00:05:04,800 --> 00:05:06,200
ඔයාට හම්බුණ ඒ අය,

31
00:05:08,090 --> 00:05:10,670
එයා තමන් කරපු අපරාධ ගැන
පසුතැවිලි වුණා කියලා කිව්වද?

32
00:05:14,770 --> 00:05:16,900
මට හිතෙන්නෙ එයාට ජීවිතේ
එපා වෙලයි තිබුණේ.

33
00:05:20,230 --> 00:05:23,370
මට කියන්න තියෙන්නෙ ඔයාට කවදහරි 
මේ දුෂ්ට රොබින් හුඩ්ව හම්බුනොත්,

34
00:05:23,450 --> 00:05:27,250
වහාම එතනින් පැනලා ගිහින්, ඔයාට ඉතුරු වෙලා තියෙන
ජීවිතේ බේරගන්න බලන්න.

35
00:07:13,600 --> 00:07:15,190
කවුද ඔයාගෙ නෑදෑයෝ?

36
00:07:17,900 --> 00:07:21,770
විලියම් වේන්රයිට්, පිකරින්ග් නගරේ.

37
00:07:22,830 --> 00:07:24,230
පිකරින්?

38
00:07:26,070 --> 00:07:27,470
තාත්තා?

39
00:07:29,170 --> 00:07:30,570
සීයා?

40
00:07:35,430 --> 00:07:39,830
ඔයා මීට වඩා පිරිසිදු වෙන්න තිබුණා.
එක්කො හුළඟ හැරෙනකම් ඉවසන්න තිබුණා.

41
00:07:42,470 --> 00:07:44,420
එහෙමත් නැත්තම් ඔයාගෙ බර 
පස්ස අඩියට තියන්න තිබුණා.

42
00:07:46,900 --> 00:07:49,870
ඔච්චරයි... ඔයා වැරද්දුවේ එතනයි.

43
00:09:11,070 --> 00:09:12,570
<i>ඒගොල්ලො කියන්නෙ බොරු.</i>

44
00:09:13,830 --> 00:09:15,830
<i>මේ මෝඩ සාමාන්‍ය ජනතාව.</i>

45
00:09:17,300 --> 00:09:20,030
<i>එයාගෙ වීරත්වයයි 
ගුණවත්කමයි ගැන බොරු.</i>

46
00:09:21,870 --> 00:09:23,700
<i>ඒත් ලේ ණය පියවන්නම වෙනවා.</i>

47
00:09:25,070 --> 00:09:28,200
<i>එයාගෙන් බැටකාපු පරම්පරා ගණනාවක
වින්දිතයෝ එයාව හොයාගෙන එනවා.</i>

48
00:09:29,830 --> 00:09:31,300
<i>මොකද ඇත්තම කිව්වොත්,</i>

49
00:09:32,840 --> 00:09:35,310
<i>කවුරුවත්ම මෙච්චර නපුරු,
නීතියෙන් හොයන කෙනෙක් නෑ</i>

50
00:09:35,570 --> 00:09:38,070
<i>මේ මිනීමරු මංකොල්ලකාර 
රොබින් හුඩ්ට වඩා.</i>

51
00:09:39,770 --> 00:09:41,670
<i>ඒවගේම එයාගෙ ලිට්ල් ජෝන්වත්.</i>

52
00:09:45,890 --> 00:09:47,290
තෝමස්ට කතා කරන්න.

53
00:09:48,500 --> 00:09:51,260
එයාව දකුණෙදි එල්ලලා මැරුවා.

54
00:09:51,340 --> 00:09:52,940
විල්?

55
00:09:53,670 --> 00:09:55,100
උන් එයාගෙ බඩබොකු කපලා දැම්මා.

56
00:09:56,830 --> 00:09:58,770
මට අහන්න වෙන කවුරුවත්ම නෑ.

57
00:10:00,670 --> 00:10:02,070
මොකද වුණේ?

58
00:10:04,400 --> 00:10:06,030
මිනිහගෙ නම එඩ්වඩ්.

59
00:10:06,800 --> 00:10:08,200
කවුද එඩ්වඩ් කියන්නෙ?

60
00:10:09,980 --> 00:10:12,900
මීට ග්‍රීෂ්ම ඍතු දහයකට කලින් 
මඟදී තමා මට මිනිහව හම්බුණේ.

61
00:10:13,250 --> 00:10:14,740
එයාගෙ සහෝදරයා මැරිලා,

62
00:10:14,820 --> 00:10:18,040
ඉතිං එයා ගියේ සහෝදරයගෙ ඉඩමේ
ධාන්‍ය ඇට වර්ග වගා කරන්න.

63
00:10:19,800 --> 00:10:21,670
කවුරුත් එඩ්වර්ඩ්ගෙ මූණ දැකලා
තිබුණේ නෑ.

64
00:10:23,190 --> 00:10:24,760
ඉතිං මං මිනිහව මැරුවා.

65
00:10:25,760 --> 00:10:27,230
දැන් මං තමයි එඩ්වඩ්.

66
00:10:28,360 --> 00:10:30,430
මාග්‍රට් කියන්නෙත් හොඳ බිරිඳක්.

67
00:10:30,900 --> 00:10:32,300
හොඳ ගොවිපලක් ඒක.

68
00:10:33,370 --> 00:10:34,770
මොකක්ද වුණේ?

69
00:10:35,960 --> 00:10:38,160
ඒ ඉඩමේ හිටපු පවුලක් මාව අල්ලගත්තා.

70
00:10:38,580 --> 00:10:41,440
ඌ මගේ ගොවිපල අල්ලගෙන, 
මගේ මාග්‍රට්වත් ගත්තා.

71
00:10:41,880 --> 00:10:43,540
ඌ හැදුවෙ මාව මරන්න.

72
00:10:46,780 --> 00:10:48,820
මට තනියම මගෙ දේවල් ආපහු ගන්න බෑ.

73
00:10:48,900 --> 00:10:50,300
ඒවා උඹේ දේවල් නෙවෙයි.

74
00:10:52,270 --> 00:10:53,670
ඒ මගෙ පවුල.

75
00:10:58,580 --> 00:11:00,000
මට ඇතිවෙලා, ජෝන්.

76
00:11:01,570 --> 00:11:02,970
එඩ්වඩ්.

77
00:11:05,270 --> 00:11:06,770
මට ඇතිවෙලා, එඩ්වඩ්.

78
00:11:12,670 --> 00:11:14,570
ඒක දරුණු සටනක් වේවි.

79
00:11:15,230 --> 00:11:16,870
ඉතිහාසගත වෙන විදියේ එකක්.

80
00:11:23,100 --> 00:11:26,060
උන් ශක්තිමත්.
- ඔව්.

81
00:11:26,470 --> 00:11:28,430
උන් පැවතෙන්නෙ පරණ පවුලකින්.

82
00:11:28,850 --> 00:11:30,870
උන් කියන්නෙ උන්ට තියෙන්නෙ
වයිකිංග් ලේ ලු.

83
00:11:32,430 --> 00:11:35,760
කතාවක් තියෙනවා උන්ගෙ ප්‍රධානියා
වලහෙක් එක්ක සටන් කරා කියලා.

84
00:11:37,300 --> 00:11:39,870
ඒක දරුණු සටනක් වේවි, රොබින්.

85
00:11:42,800 --> 00:11:44,300
එතන කී දෙනෙක් ඉන්නවද?

86
00:11:45,400 --> 00:11:47,500
හතරක්... පහක්.

87
00:11:47,970 --> 00:11:49,630
එකතුවෙලා, අපිට උන්ව පැරැද්දුවහැකි.

88
00:11:53,100 --> 00:11:54,500
බොහෝ දුරට අපිට මැරෙන්නත් වෙයි.

89
00:13:28,870 --> 00:13:30,270
රොබින්.

90
00:13:31,830 --> 00:13:33,230
රොබින්.

91
00:13:34,600 --> 00:13:35,810
ෆ්‍රෙඩ්.

92
00:13:38,830 --> 00:13:40,570
මේක හොඳ වික්‍රමයක්.

93
00:13:42,430 --> 00:13:43,830
හොඳ වික්‍රමයක්.

94
00:13:46,800 --> 00:13:49,780
මතකද අපිට කුඹල්කාරයව හම්බුණ වෙලාවෙ

95
00:13:49,860 --> 00:13:53,180
අපි ඌව ඇඳුම් ගලෝලා අතෑරියද
නැත්තම් මැරුවද කියලා?

96
00:13:53,270 --> 00:13:55,020
මං ඒ කතාව කියන්න හදනකොට

97
00:13:55,100 --> 00:13:56,750
කවුරුහරි කිව්වා අපි ඌව
ඇඳුම් ගලෝලා අතෑරියාලු.

98
00:13:57,300 --> 00:13:58,870
මට හරියට මතක නෑ.

99
00:13:59,870 --> 00:14:02,360
උඹ හැමදාම ඒක ලස්සනට කිව්වා, රොබින්.

100
00:14:03,630 --> 00:14:05,370
මොන එහෙකටද අපි ඌව ඇඳුම් 
ගලෝලා අතාරින්නෙ?

101
00:14:06,700 --> 00:14:08,100
මං දන්නෙ නෑ.

102
00:14:10,000 --> 00:14:11,400
අපිට මේ...

103
00:14:12,500 --> 00:14:16,370
අපිට කුඹල් කාරයෙක් හම්බෙලාම නෑ.
- හම්බෙලාම නෑ කිව්වෙ?

104
00:14:16,670 --> 00:14:20,580
එහෙම දෙයක් වෙලා නෑ.
ඕක උඹ කොහෙන්හරි අහපු කතාවක්.

105
00:14:22,470 --> 00:14:25,790
හැබැයි අපිට කුඹල්කාරයෙක්ව
හම්බුනා නං අපි ඌව මරනවා.

106
00:14:25,870 --> 00:14:28,510
ඒක කතාවක් විතරක් නං 
මට මතක හිටිනවා.

107
00:14:29,230 --> 00:14:30,630
ඔව්.

108
00:14:31,030 --> 00:14:32,470
උඹේ බිරිඳ ගැන කියපන්.

109
00:14:35,270 --> 00:14:36,670
මාග්‍රට්.

110
00:14:38,400 --> 00:14:39,830
එයා හොඳ ගෑනු කෙනෙක්.

111
00:14:40,370 --> 00:14:43,300
ඇත්තටම හොඳ ගෑනු කෙනෙක්.

112
00:14:44,170 --> 00:14:45,870
එයා අපි වෙනුවෙන් 
යාඥා කරන්න මට කියලා දෙනවා.

113
00:14:45,960 --> 00:14:47,360
හැඩරුව කොහොමද.

114
00:14:49,170 --> 00:14:50,570
හැඩරුව කොහොමද?

115
00:14:53,230 --> 00:14:54,630
හැඩරුව කොහොමද.

116
00:14:58,900 --> 00:15:03,430
එයාට තියෙන්නෙ රතුපාට කොණ්ඩයක්.

117
00:15:04,100 --> 00:15:05,480
මොන වගෙ රතුපාටද?

118
00:15:05,560 --> 00:15:08,800
හරියට නැවුම් ලේ වගෙ.

119
00:15:08,900 --> 00:15:09,950
ලේ වගෙ? නෑ නෑ.

120
00:15:10,030 --> 00:15:15,200
රතුපාට කිව්වම ලස්සන වෙන්න ඕනෙ,
එයාට ගැලපෙන්න.

121
00:15:19,630 --> 00:15:22,000
බැහැලා යන ඉර වගෙ.

122
00:15:22,830 --> 00:15:25,030
ග්‍රීෂ්ම ඍතුවේ බැහැලා යන ඉර වගේ.

123
00:15:26,370 --> 00:15:28,200
මාග්‍රට් හොඳ බිරිඳක්,

124
00:15:28,870 --> 00:15:32,030
<i>ග්‍රීෂ්ම ඍතුවේ බැහැලා යන ඉර වගේ
රතු පාට කොණ්ඩයක් තියෙන.</i>

125
00:15:33,700 --> 00:15:35,780
<i>එයා මං ගැන හොයලා බලනවා,</i>

126
00:15:36,340 --> 00:15:38,440
<i>මමත් එයා ගැන හොයලා බලනවා.</i>

127
00:15:46,240 --> 00:15:47,270
රොබින්.

128
00:15:47,600 --> 00:15:49,870
කඳුවලින් එහාට විහිදෙන විවෘත 
මාවතක් තියෙනවා...

129
00:15:52,200 --> 00:15:54,690
ජීවිතේ අලුතින්ම පටන් ගන්න 
ඕන තරම් තැන් තියෙනවා.

130
00:15:59,230 --> 00:16:01,300
මගෙ අරමුණ අලුතින් 
පටන් ගන්න එක නෙවෙයි.

131
00:16:06,270 --> 00:16:08,270
<i>මගෙ අරමුණ ගෞරවනීය මරණයක් 
ලබා ගන්න එක.</i>

132
00:17:50,970 --> 00:17:52,490
යනවා! හෙන්ද්‍රි!

133
00:17:53,550 --> 00:17:54,680
නෑ, හෙන්ද්‍රි, දුවන්න!

134
00:17:54,770 --> 00:17:56,100
දුවන්න!

135
00:17:56,180 --> 00:17:57,980
හෙන්ද්‍රි!
- පස්සට වෙනවා, පස්සට.

136
00:17:58,400 --> 00:18:00,430
හෙන්ද්‍රි, අනිත් අය ගාවට යන්න!

137
00:18:00,870 --> 00:18:02,270
එඩ්වඩ්!

138
00:18:03,470 --> 00:18:05,960
එඩ්වඩ්. මගෙ පණ!

139
00:18:07,000 --> 00:18:08,660
ලිට්ල් මාග්‍රට්ව බලාගන්න.

140
00:20:10,800 --> 00:20:11,830
ඔයා ආරක්ෂිතයි.

141
00:20:12,170 --> 00:20:13,570
ඔයා ආරක්ෂිතයි, දුවේ.

142
00:20:17,160 --> 00:20:19,600
අපි යාඥා කරමු.

143
00:20:21,670 --> 00:20:23,070
<i>අහෝ දෙවියනී,</i>

144
00:20:23,170 --> 00:20:24,570
<i>අපේ දෙවියන් වහන්ස.</i>

145
00:20:25,070 --> 00:20:28,830
<i>අපගේ මුළු හදවතින්ම ඔබව ප්‍රාර්ථනා කරන්නට
අපට ආශිර්වාදය ලබා දුන මැනව,</i>

146
00:20:29,270 --> 00:20:30,830
කෝ, දැන් යාඥා කරන්න.

147
00:20:31,200 --> 00:20:34,270
<i>ඔබව සොයා ගැනීමෙන්, 
අපට ඔබ කෙරෙහි ප්‍රේම කළ හැක.</i>

148
00:20:34,430 --> 00:20:35,820
<i>ඔබට ප්‍රේම කිරීම තුළින්</i>

149
00:20:35,900 --> 00:20:39,900
<i>ඔබ අපව මුදාගත් ඒ පාපයන් කෙරෙහි
වෛර කිරීමට අපට ශක්තිය දුන මැනව.</i>

150
00:20:40,070 --> 00:20:43,200
<i>ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම වේවා. 
ආමෙන්.</i>

151
00:20:45,070 --> 00:20:46,470
<i>ආමෙන්.</i>

152
00:20:46,940 --> 00:20:48,340
හොඳයි.

153
00:21:59,700 --> 00:22:00,810
මට සමාවෙන්න.

154
00:22:04,030 --> 00:22:05,470
මට සමාවෙන්න.

155
00:22:06,870 --> 00:22:08,750
මං ඇහැරෙනකොටත්
ඒක මෙහෙමයි තිබුණේ.

156
00:22:11,460 --> 00:22:13,050
මං ඇහැරෙනකොටත්
ඒක මෙහෙමයි තිබුණේ.

157
00:22:14,290 --> 00:22:15,690
සහෝදරයා.

158
00:22:16,370 --> 00:22:17,880
මං ඇහැරෙනකොටත්
ඒක මෙහෙමයි තිබුණේ.

159
00:22:19,310 --> 00:22:20,710
සමාවෙන්න!

160
00:23:57,640 --> 00:23:59,600
<i>අපි දෙවිඳාණන් අභියස හඬා වැලපෙන්නෙමු.</i>

161
00:24:01,250 --> 00:24:05,080
<i>ඔබ වහන්සේ අප කෙරෙහි 
කරුණාව දැක්වුව මැනව...</i>

162
00:24:05,210 --> 00:24:07,230
<i>තවද අපට සමාව ප්‍රදානය කළ මැනව.</i>

163
00:24:07,310 --> 00:24:11,230
<i>අහෝ ස්වර්ගයේ රජාණෙනි,
සදාකාලික දෙවිඳාණෙනි,</i>

164
00:24:11,610 --> 00:24:15,380
<i>අප හදවතින්ම පුදන 
මේ යාඥාවන් පිළිගත මැනව</i>

165
00:24:16,700 --> 00:24:18,620
<i>තවද අපට සමාව දුන මැනව.</i>

166
00:24:18,700 --> 00:24:23,180
<i>රෝගීන්ට, සිරකරුවන්ට පිහිට වුව මැනව.</i>

167
00:24:23,270 --> 00:24:27,170
<i>වැන්දඹුවන්ට, අනාථ දරුවන්ට උපකාර කළ මැනව.</i>

168
00:24:27,790 --> 00:24:30,880
<i>තවද අපට සමාව දුන මැනව.</i>

169
00:24:31,340 --> 00:24:35,530
<i>අපි පව් කර ඔබ වහන්සේගෙන්
ඈත් වී සිටියෙමු</i>

170
00:24:35,610 --> 00:24:41,930
<i>සියල්ලන්ගේම ගැලවුම්කරුවාණෙනි, 
අපව බේරාගනු මැනව.</i>

171
00:24:42,010 --> 00:24:44,150
<i>තවද සමාව දුන මැනව.</i>

172
00:24:44,230 --> 00:24:46,920
<i>පසුතැවිලි වන්නන් කෙරෙහි 
දයාව දැක්වුව මැනව.</i>

173
00:24:47,000 --> 00:24:51,620
<i>අපගේ පාපයේ කැළැල් 
සෝදා හැරිය මැනව.</i>

174
00:24:52,800 --> 00:24:55,000
<i>තවද සමාව දුන මැනව.</i>

175
00:24:56,700 --> 00:24:58,100
<i>ආමෙන්.</i>

176
00:25:52,460 --> 00:25:53,860
ගොඩ්වින්!

177
00:28:01,030 --> 00:28:02,430
අනේ...

178
00:28:33,870 --> 00:28:35,300
මාග්‍රට්? මාග්‍රට්!

179
00:28:35,380 --> 00:28:38,080
නෑ! නෑ!

180
00:28:41,190 --> 00:28:43,840
ජෝන්! එපා!

181
00:28:48,710 --> 00:28:51,370
ලිට්ල් ජෝන්!

182
00:28:58,200 --> 00:29:00,230
මීට සිසිර ඍතු විස්සකට කලින්...

183
00:29:00,690 --> 00:29:04,670
උඹ මගේ සහෝදරයා වෙන,
හැදර්සේජ් වල වෝල්ටර්ව මරලා දැම්මා.

184
00:29:05,720 --> 00:29:10,460
දැන් උඹ මගෙ පුතාවයි පුණුබුරාවයි
දෙන්නවත් මරලා.

185
00:29:11,070 --> 00:29:13,120
ඒකට වන්දියක් විදිහට,

186
00:29:13,200 --> 00:29:19,860
මං උඹෙයි උඹෙ දුවගෙයි
ජීවිතේ බිලිගන්නවා.

187
00:31:54,330 --> 00:31:59,590
නෑ! නෑ! එපා!

188
00:33:09,350 --> 00:33:10,740
රොබින්?

189
00:33:11,670 --> 00:33:15,560
මං අහලා තියෙනවා රහසිගතව
සැඟවුණු ආශ්‍රමයක් ගැන.

190
00:33:16,780 --> 00:33:20,800
එහේ ඉන්නවා කාටවත් මතක නැති තරම් 
කාලෙක ඉඳන් ඉන්න වයසක ප්‍රධාන කන්‍යා සොහොයුරියක්.

191
00:33:21,710 --> 00:33:23,640
එයාට සුව කිරීමේ මායා බලයක් තියෙනවා.

192
00:33:24,570 --> 00:33:26,030
මං උඹව එයා ගාවට ගෙනියන්නම්.

193
00:33:26,430 --> 00:33:28,000
එයා උඹව සනීප කරයි.

194
00:33:29,230 --> 00:33:31,370
අදහාගන්නත් බැරි තරම් කතන්දර
මං අහලා තියෙනවා.

195
00:34:32,220 --> 00:34:35,270
රොබින්, අපිට උඹව දාලා යන්න වෙනවා.

196
00:34:36,470 --> 00:34:37,970
උන් අපිව මරන්න පස්සෙන් ඒවි.

197
00:35:14,780 --> 00:35:16,180
බලන්නකො මේ හිම දිහා.

198
00:35:19,040 --> 00:35:21,170
මෙච්චර කල් පහුවෙලා 
හිම වැටෙන එක නං පුදුමයක්.

199
00:35:25,230 --> 00:35:26,830
ඒත් මේක බිම රැඳිලා තියේවි.

200
00:35:29,990 --> 00:35:31,630
දෙවියන් පස්සෙ අපිට පිහිට වෙනවා.

201
00:36:24,800 --> 00:36:26,500
එක මනුස්සයෙක් ඔයාව
මෙහාට ගෙනාවෙ.

202
00:36:27,630 --> 00:36:30,920
එයා ඔයාගෙ තුවාල ගින්දරින් පුච්චලා වහලා,
ඒ වැඩේ නරකමත් නෑ.

203
00:36:32,700 --> 00:36:34,600
ඔයා මෙහෙ ඉන්නෙ දවස් හයක ඉඳන්.

204
00:36:35,830 --> 00:36:37,800
ඔයාගෙ බඩ හරියෙ තුවාල වෙලා තියෙනවා.

205
00:36:38,640 --> 00:36:41,270
ඉළ ඇටයි කකුලකුයි දරුණු
විදිහට බිඳිලා.

206
00:36:43,230 --> 00:36:45,370
මං කියන දේ ඔයාට තේරෙනවද?

207
00:36:49,430 --> 00:36:50,830
ඔව්.

208
00:36:51,450 --> 00:36:53,380
ඔයා ඉන්නෙ ශාන්ත ක්ලෙමන්ට් ආශ්‍රමයේ.

209
00:36:53,470 --> 00:36:55,030
මේක ඔයාට සුවය ලබන්න හොඳ තැනක්.

210
00:36:56,010 --> 00:36:57,870
මොන නගරෙද මේ?

211
00:36:58,300 --> 00:36:59,800
මෙහෙ නගරයක් නෑ.

212
00:37:01,500 --> 00:37:03,570
ඔයා සෝල්ගෙ කතාව දන්නවද?

213
00:37:05,400 --> 00:37:06,550
මොකක්?

214
00:37:07,090 --> 00:37:09,850
මෙහෙමයි කතාව, 
ඉස්සර සෝල් කියලා මනුස්සයෙක් හිටියා,

215
00:37:10,270 --> 00:37:13,570
දෙවියන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධව
තර්ජන ගර්ජන එල්ල කරපු කෙනෙක්.

216
00:37:14,270 --> 00:37:18,170
එයා ප්‍රධාන පූජකයා ළඟට ගිහින්, ඩිමස්කස් යන්න
තමන්ට අවසර ලියකියවිලි ඉල්ලුවා.

217
00:37:18,310 --> 00:37:22,650
යුදෙව් දේවස්ථානවලට යන්න; ඒ මඟදී මේ දහම අදහන
යම් පිරිමියෙක් හෝ ගැහැනියක් හම්බුණොත්,

218
00:37:22,730 --> 00:37:24,980
එයාලව ගැට ගහලා අරන් එන්නයි...

219
00:37:26,200 --> 00:37:28,200
අපිට කරන්න තියෙන්නෙ එච්චරයි.

220
00:37:29,100 --> 00:37:30,600
බිංදු දෙක තුනයි ඕනෙ.

221
00:37:33,070 --> 00:37:34,970
වැඩිය රිදුණේ නෑ නේද?

222
00:37:36,830 --> 00:37:38,230
රිදුණේ නෑ.

223
00:37:42,570 --> 00:37:44,170
මං සිස්ටර් බ්‍රිජිට්.

224
00:37:45,100 --> 00:37:46,500
ඔයාගෙ නම මොකක්ද?

225
00:37:48,670 --> 00:37:50,070
රැන්ඩොල්ෆ්.

226
00:37:54,370 --> 00:37:56,600
මං ඔයාගෙන් සමාව ඉල්ලන්න 
ඕනේ, රැන්ඩොල්ෆ්.

227
00:37:57,430 --> 00:37:58,870
මොකට සමාවක්ද?

228
00:38:01,210 --> 00:38:03,450
ඔයාට මැරෙන්න දෙන්න කියලා ඔයා 
මගෙන් වැඳ වැඳ ඉල්ලුවා.

229
00:38:04,830 --> 00:38:06,430
හැබැයි මං මැරෙන්න දුන්නෙ නෑ.

230
00:38:08,660 --> 00:38:11,260
ඔයා කිව්වා ඒකලු හරි දේ.
- මං උණ විකාරෙන් කියෙව්වෙ.

231
00:38:13,140 --> 00:38:14,830
දැන් ඔයාගෙ උණ සනීපයි නෙ.

232
00:38:16,400 --> 00:38:17,800
දැන් විවේක ගන්න, රැන්ඩොල්ෆ්.

233
00:38:41,200 --> 00:38:44,200
ඔයාගෙ මුළු ඇඟම තුවාල 
කැළැල් වලින් වැහිලා.

234
00:39:01,270 --> 00:39:04,110
ඔයාගෙන් මේ ආශ්‍රමයේ ඉන්න 
කාටහරි අනතුරක් වෙයිද?

235
00:39:07,500 --> 00:39:08,900
එහෙම වෙන්නෙ නෑ.

236
00:39:19,060 --> 00:39:22,170
ඔයාගෙ පස්සෙන් පන්නගෙන ඇවිත් 
මෙහේ කාටහරි කරදරයක් වෙයිද?

237
00:39:23,800 --> 00:39:25,270
නෑ.

238
00:39:34,400 --> 00:39:37,400
ඔයා එයාලට කිසිම අනතුරක් කරන්නෙ නෑ.

239
00:40:09,500 --> 00:40:11,070
<i>දැන්, ආයෙමත් ඇඳට යන්න.</i>

240
00:40:26,630 --> 00:40:28,120
දැන් ආපහු දොර ගාවට.

241
00:40:56,200 --> 00:40:57,830
දැන් දොර අරින්න.

242
00:41:16,670 --> 00:41:18,500
ඔයා කැමති තරම් දුරකට යන්න.

243
00:43:16,370 --> 00:43:17,800
තාම ඔරුව පදින්න පුළුවන්ද?

244
00:43:20,250 --> 00:43:22,380
බටහිර වෙරළේ බෝට්ටුවක් තියෙනවා.

245
00:43:24,700 --> 00:43:26,100
කමක් නෑ.

246
00:43:27,430 --> 00:43:29,870
ඔයා වතු වැඩවලට උදව් කරනවා නං
ඔයාට මෙහේ නවතින්න පුළුවන්.

247
00:43:30,050 --> 00:43:32,000
මං ගොවියෙක් නෙවෙයි.

248
00:43:32,670 --> 00:43:36,670
එතකොට ඔයා දඩයම් කරන්න දන්නෙත් නැද්ද?
- දඩයම් කරන්න දන්නවා.

249
00:43:37,650 --> 00:43:39,780
මේ දූපතේ දඩයම් කරන්න 
සත්තු නං ඉන්නවා.

250
00:43:40,750 --> 00:43:42,150
හැබැයි නෑ, 
ඔයාට දඩයම් කරන්න බෑ.

251
00:43:42,230 --> 00:43:44,150
ඔයාට දුන්නක් අදින්නවත් පණක් නැහැ.

252
00:43:44,230 --> 00:43:46,620
මට මගෙ දුන්න අදින්න පුළුවන්.
- මෙහ ගොඩක්ම ඉන්නෙ හාවෝ.

253
00:43:46,700 --> 00:43:49,600
උගුල් අටවන්න දන්නවද?
- දන්නවා.

254
00:43:50,980 --> 00:43:55,580
හොඳයි නෙ, හැබැයි හයකට වඩා අටවන්න එපා,
නැත්තම් සත්තුන්ගෙ ගහණය වඳ වෙයි.

255
00:43:55,670 --> 00:43:58,030
උගුල් හයක් අටවගන්න පුළුවන් වෙයිද?

256
00:44:01,670 --> 00:44:03,480
මට උගුල් හයක් ඇටෙව්වහැකි.

257
00:44:05,270 --> 00:44:06,670
හොඳයි.

258
00:44:07,940 --> 00:44:10,880
ඉතුරු වරුවෙ ඔයාට පුළුවන් වතු
වැඩවලට උදව් වෙන්න.

259
00:44:46,960 --> 00:44:48,920
පැනලා යන්නද හදන්නෙ?

260
00:44:52,570 --> 00:44:54,000
ඔයාගෙ කිසි සද්දයක් නෑනේ.

261
00:44:55,590 --> 00:44:57,990
මං සද්දෙ නෑ වගේම 
හෙමින් යන එන කෙනෙක්.

262
00:44:59,170 --> 00:45:02,830
ඔයාගෙත් සද්දෙ නැති වුණාට
හෙමින් වැඩ කරන්න වෙනවා.

263
00:45:02,920 --> 00:45:05,450
ඔයා දැන් ආබාධිතයි.
- ඔහේ ඉතිං ලාදුරු රෝගියෙක් නෙ.

264
00:45:06,700 --> 00:45:10,470
හෙමින් වැඩ කරන එකෙ වරදක් නෑ.
අපි මෙහෙදි ආරක්ෂිතයි.

265
00:45:10,550 --> 00:45:13,060
ඒක නං කියන්න වටින කතාවක්.
ඔහේ ඒ ගැන දන්නවනෙ.

266
00:45:13,140 --> 00:45:15,380
මං ඒක දන්නෙ, ඇය
අපිට ආරක්ෂාව සලසන හින්දා.

267
00:45:15,470 --> 00:45:16,870
ඔහේගෙ කන්‍යා සොහොයුරියද?

268
00:45:18,900 --> 00:45:20,300
එයාත් ඉස්සර අපි වගේමයි.

269
00:45:21,210 --> 00:45:25,170
ලොකු ශෝකයක්,
 දරුණු වේදනාවක් විඳපු කෙනෙක්.

270
00:45:26,030 --> 00:45:27,430
තරුණ කාලෙදීම වැන්දඹුවක් වුණා.

271
00:45:29,170 --> 00:45:30,980
හැබැයි ඒ දුක මැදින් වුණත්,

272
00:45:31,070 --> 00:45:33,100
එයා අපිව සුවපත් කරන්න ශක්තියක් 
හොයාගත්තා.

273
00:45:33,320 --> 00:45:35,590
ඔහේ දිහා බැලුවම නං සුව වෙච්ච
පාටක් පේන්නෙ නෑ.

274
00:45:39,140 --> 00:45:43,270
ප්‍රධාන කන්‍යා සොහොයුරිය වතාවක් මට
ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ගැන කතාවක් කිව්වා.

275
00:45:44,200 --> 00:45:47,030
එයාගෙ කාලේ හිටපු ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා.

276
00:45:47,790 --> 00:45:51,230
හැබැයි දවසක්,
එයාගෙ රජු එයාට එරෙහි වුණා.

277
00:45:51,310 --> 00:45:54,630
මිනිහව වධකාගාරයට දාලා, 
වධ දීලා, මරලා දාන්න නියම කරා.

278
00:45:55,500 --> 00:45:57,200
හැබැයි ඒ අන්ත අසරණකම මැද...

279
00:45:57,830 --> 00:45:59,820
එයාට හැමදේම අහිමි වුණු වෙලාවෙ,

280
00:45:59,900 --> 00:46:03,030
දේවදූතයෙක් ඒ දාර්ශනිකයා ළඟට 
ඇවිත් එයාට කතා කරා.

281
00:46:04,170 --> 00:46:08,680
ඇයගෙන් එයා ඉගෙනගත්තා, 
කිසිම දේක වැදගත්කමක් නෑ කියලා...

282
00:46:08,770 --> 00:46:12,080
මේ මුළු ලෝකෙම දුකෙන් පිරිලා තිබුණත්.

283
00:46:13,100 --> 00:46:15,030
එයාට ඉතුරු වෙලා තිබුණේ 
මරණය විතරක් වුණත්.

284
00:46:16,800 --> 00:46:21,630
මොකද කිසිම කෙනෙකුට අල්ලන්නවත්, උදුරගන්නවත් බැරි
එකම එක දෙයක් එයා ගාව තිබුණා.

285
00:46:23,770 --> 00:46:25,200
එයාට එයාගෙ මනස තිබුණා.

286
00:46:26,800 --> 00:46:28,430
එයාගෙ මනස තුළ,

287
00:46:29,900 --> 00:46:31,300
දෙවියන් වහනසෙ වැඩ හිටියා.

288
00:46:33,900 --> 00:46:36,830
සැනසීම හොයාගන්න කවදාවත්
පරක්කු නෑ.

289
00:46:38,380 --> 00:46:40,270
මොකක්ද ඔහේ කරන්නෙ?

290
00:46:40,350 --> 00:46:42,230
මං හැමදාම ඔරුවෙන් එගොඩට යනවා.

291
00:46:42,600 --> 00:46:46,520
ඔයාගෙ යාළුවාට නං ඔයාව උස්සන් එන්න තරම් හයියක් තිබුණා, 
හැබැයි හැමෝටම එහෙම බෑ, ඉතිං මං කට්ටියව එගොඩ කරනවා.

292
00:46:46,600 --> 00:46:48,960
මාව එගොඩින් දානවද?
- නෑ.

293
00:46:49,040 --> 00:46:51,410
ඔයාට ශක්තිය ආවම ඔයාටම 
පුළුවන් ඔරුව පදින්න.

294
00:46:52,430 --> 00:46:54,130
දැනට, ඔයාගෙ වැඩ ටික බලාගන්න.

295
00:46:54,210 --> 00:46:56,320
උගුල් ඇටවිල්ල මට ආරංචියි.
- මං දඩයම් කරන්නම්.

296
00:46:56,400 --> 00:46:57,800
නෑ, ඔයාට දඩයම් කරන්න බෑ.

297
00:47:02,920 --> 00:47:04,150
ලාදුරුවා.

298
00:47:04,630 --> 00:47:06,800
පස්සෙ අර දාර්ශනිකයට මොකෝ වුණේ?

299
00:47:07,900 --> 00:47:10,600
එයාව වධ දීලා මරලා දැම්මා, 
වෙන මොනවා වෙන්නද.

300
00:47:12,270 --> 00:47:13,670
වෙන මොනවා වෙන්නද.

301
00:49:14,040 --> 00:49:15,540
ඕයි! ඕයි!

302
00:49:16,400 --> 00:49:20,650
ලාදුරු රෝගියා එහා වෙරළේ ඉඳන් කාවදෝ
එක්කං ඇවිත්.

303
00:50:00,500 --> 00:50:01,900
තාත්තා මැරුණා.

304
00:51:17,200 --> 00:51:18,600
කෙල්ලට කොහොමද?

305
00:51:32,070 --> 00:51:34,000
එන්නකො මගෙ ගස් ටික පෙන්නන්න.

306
00:51:44,630 --> 00:51:47,230
මේවා එල්ඩබෙරීස්.

307
00:51:47,470 --> 00:51:49,600
අස්වැන්න ලැබෙන්නෙ ගිම්හාන 
කාලේ අග හරියේදී.

308
00:51:50,270 --> 00:51:52,400
ඔහේ මීට කලින් කවුද කියලා 
ඔහේ දන්නවද?

309
00:51:52,630 --> 00:51:55,630
මට හොඳට ඇහෙන්නෙ මේ පැත්තෙ
ඉඳන් කතා කරොත් තමයි.

310
00:51:58,400 --> 00:52:01,030
පෙයාර්ස්, මං අස්වැන්න නෙළන්නෙ...

311
00:52:03,900 --> 00:52:06,000
මං මීට කලින් කවුරු කියලද හිතන්නෙ?

312
00:52:06,080 --> 00:52:08,830
වැඩිම වුණොත්, 
සල්ලිවලට සටන් කරපු කුලී හේවායෙක්.

313
00:52:09,070 --> 00:52:10,600
වැඩිම වුණොත්, ඒක සහතිකයි.

314
00:52:10,690 --> 00:52:12,830
අපිට අපේම කියලා ක්‍රමයක් තියෙනවා.

315
00:52:13,900 --> 00:52:15,460
ඔයාට අර ගස් වර්ග මතකද?

316
00:52:15,550 --> 00:52:17,970
පෙයාර්සුයි එල්‍ඩබෙරීසුයි.
- නියමයි.

317
00:52:20,840 --> 00:52:22,240
මෙහේ ඉන්න සමහර අය දන්නවා...

318
00:52:23,400 --> 00:52:26,870
ඒත් ප්‍රධාන කන්‍යා සොහොයුරියට අපි මීට
කලින් කවුද කියන එකෙන් වැඩක් නෑ.

319
00:52:28,800 --> 00:52:31,430
ඇපල් අස්වැන්න නෙළන්නෙ සරත් සෘතුවේදී.

320
00:52:32,570 --> 00:52:36,140
එයා... තමන්ට වෙච්ච දේ ගැන
කතා කරලා තියෙනවද?

321
00:52:37,380 --> 00:52:39,350
ප්‍රධාන කන්‍යා සොහොයුරිය දැන් 
අර කෙල්ල ගැන බලනවා.

322
00:52:39,430 --> 00:52:42,170
දැනගන්න ඕනෙ නං
ඔයාම ගිහින් අහන්න.

323
00:52:45,600 --> 00:52:47,000
මොනවද ගස් වර්ග කිව්වෙ?

324
00:52:48,770 --> 00:52:51,370
පෙයාර්ස්, ඇපල්, එල්ඩබෙරීස්.

325
00:52:52,970 --> 00:52:54,370
නියමයි.

326
00:53:06,160 --> 00:53:07,890
මේක තමයි ඔයාගෙ අන්තිම බෙහෙත් කිරිල්ල.

327
00:53:09,370 --> 00:53:11,680
හැබැයි ඔයාගෙ ඇඟ තව
හොඳටම සුව වෙන්න ඕනෙ.

328
00:53:15,070 --> 00:53:16,470
ඔයාට මහන්සි පාටයි.

329
00:53:17,300 --> 00:53:18,700
ඔව්.

330
00:53:19,870 --> 00:53:21,630
හැබැයි මීට කලිනුත් මං මෙහෙම 
මහන්සි වෙලා තියෙනවා.

331
00:53:23,470 --> 00:53:25,100
අර ළමයා නිදාගන්නෙ නෑ.

332
00:53:28,370 --> 00:53:29,770
මොකක්ද එයාට වුණේ?

333
00:53:31,400 --> 00:53:32,830
භයානක දේවල්.

334
00:53:35,970 --> 00:53:38,580
එයා ඔයාට එයාගෙ කතාව කිව්වද?
- නෑ, එයා කතා කරන්නෙ නෑ.

335
00:53:39,120 --> 00:53:41,200
මොකුත් කන්නෙත් නෑ, 
නිදාගන්නෙත් නෑ.

336
00:53:48,830 --> 00:53:50,230
මොකක්ද එයාගෙ නම?

337
00:53:57,840 --> 00:53:59,240
මාග්‍රට්.

338
00:54:02,000 --> 00:54:03,400
කවුද ඒ දරුවා?

339
00:54:05,600 --> 00:54:07,000
මං එයාගෙ තාත්තව හම්බුණා.

340
00:54:07,800 --> 00:54:09,200
ගොවියෙක්.

341
00:54:09,770 --> 00:54:11,170
දැන් එයා මැරිලා.

342
00:54:11,670 --> 00:54:14,070
ඒකනෙ.
- එතකොට අම්මා?

343
00:54:14,500 --> 00:54:17,000
මං හිතන්නෙ මැරිලා.
-  කොහොමද?

344
00:54:17,080 --> 00:54:19,210
දන්නෙ නෑ.
මීට කලින් මැරිලා ඇති.

345
00:54:19,990 --> 00:54:21,390
මරලා?

346
00:54:22,370 --> 00:54:23,770
සමහර විට.

347
00:54:28,830 --> 00:54:30,630
ඔයා හොඳට බොරු කියනවා.

348
00:54:39,770 --> 00:54:41,230
දරුවා ඒක ඇස් දෙකෙන්ම දැක්කද?

349
00:54:43,560 --> 00:54:44,960
දකින්න ඇති.

350
00:54:47,680 --> 00:54:49,690
ඒක පොඩි ළමයෙක්ට දරාගන්න
බැරි තරම් ලොකු දෙයක්.

351
00:54:59,600 --> 00:55:01,520
ඔයාගෙ යාළුවා ගැන කණගාටුයි.

352
00:55:05,570 --> 00:55:06,970
ස්තූතියි.

353
00:55:08,170 --> 00:55:09,830
එයා වෙනුවෙන් මං යාඥා 
කරනවට කැමතිද?

354
00:55:14,430 --> 00:55:15,830
ඔයාගෙ කැමැත්තක්.

355
00:55:19,450 --> 00:55:20,980
එයාගෙ නම මොකක්ද?

356
00:55:25,170 --> 00:55:26,570
එඩ්වඩ්.

357
00:55:28,670 --> 00:55:30,070
එඩ්වඩ්.

358
00:55:33,030 --> 00:55:37,430
<i>නුඹේ සිත් කැලඹෙන්නට නොදෙන්න; දෙවියන් වහන්සේ 
කෙරෙහි අදහාගන්න, මා කෙරෙහිත් අදහාගන්න.</i>

359
00:55:39,070 --> 00:55:42,040
<i>මාගේ පියාණන් වහන්සේගේ 
නිවෙසෙහි වාසස්ථාන බොහෝමයක් තිබෙනවා.</i>

360
00:55:43,300 --> 00:55:45,700
<i>මම ගොස් නුඹලාට ස්ථානයක් 
පිළියෙල කළ පසු,</i>

361
00:55:46,430 --> 00:55:49,070
<i>නැවත විත් නුඹලාව 
මා වෙතටම ගන්නෙමි.</i>

362
00:55:49,970 --> 00:55:53,370
<i>මක්නිසාද මා ඉන්නා තැන නුඹලාත් 
ඉන්නා පිණිස.</i>

363
00:55:55,370 --> 00:55:57,800
<i>මා යන තැනට මාවත 
නුඹලා දන්නහුය.</i>

364
00:56:19,790 --> 00:56:21,190
මාග්‍රට්!
- එයා මට ඇන්නා!

365
00:56:22,390 --> 00:56:23,790
මාග්‍රට්!

366
00:56:26,570 --> 00:56:27,970
සේරම හරි.

367
00:56:29,070 --> 00:56:30,470
මාග්‍රට්.

368
00:56:30,600 --> 00:56:32,960
සේරම හරි, මාග්‍රට්.
සේරම හරි.

369
00:56:36,560 --> 00:56:39,800
එයා මේ දූපත ගැන දන්නෙ නෑ.
මෙහෙ වල් ඌරෝ ඉන්නවා.

370
00:56:42,470 --> 00:56:43,870
මාග්‍රට්! මාග්‍රට්!

371
00:56:45,200 --> 00:56:46,600
මාග්‍රට්! මාග්‍රට්!

372
00:56:48,130 --> 00:56:50,830
මාග්‍රට්! මාග්‍රට්!

373
00:58:36,070 --> 00:58:37,470
ඕයි!

374
00:58:39,560 --> 00:58:40,960
ඕයි!

375
00:58:49,080 --> 00:58:50,480
කෝ දෙන්න.

376
00:59:04,120 --> 00:59:05,200
දෙන්න!

377
00:59:22,400 --> 00:59:24,270
ඔයාට රිද්දපු ඒ මිනිස්සු...

378
00:59:27,430 --> 00:59:29,190
ඔයා මෙහේ ඉන්නවා කියලා දන්නවද?

379
00:59:42,000 --> 00:59:43,400
මොකක්ද මගෙ නම?

380
00:59:49,470 --> 00:59:50,870
මගෙ නම කියන්න.

381
00:59:52,770 --> 00:59:54,170
රැන්ඩොල්ෆ්.

382
00:59:59,640 --> 01:00:00,750
අන්න හරි.

383
01:00:06,300 --> 01:00:07,700
කවුද ලිට්ල් ජෝන් කියන්නෙ?

384
01:00:10,170 --> 01:00:12,900
ඒක කිසි තේරුමක් නැති නමක්,
ආයේ ඒක කියනවා එහෙම නෙවෙයි.

385
01:00:13,600 --> 01:00:17,230
ආයේ ඒ නම කිව්වොත්, රෑට පූසෙක් ඇවිත්
ඔයාගෙ දිව කඩාගෙන යයි.

386
01:00:27,540 --> 01:00:28,560
දැන් සේරම හරි.

387
01:00:31,600 --> 01:00:33,000
දැන් නිදාගන්න.

388
01:00:40,270 --> 01:00:41,760
මං කුණාටුව දිහා බලාගෙන ඉන්නම්.

389
01:00:46,050 --> 01:00:47,980
බයවෙන්න එපා, ඒගොල්ලො දන්නවා.

390
01:00:51,870 --> 01:00:53,270
ඇස් වහගන්න.

391
01:00:58,210 --> 01:00:59,610
ඔයාට නිදාගන්න පුළුවන්.

392
01:01:04,480 --> 01:01:05,880
නිදාගන්න.

393
01:01:44,300 --> 01:01:46,430
ස්තූතියි එයාව ආපහු එක්කං ආවට.

394
01:01:48,800 --> 01:01:50,200
ඒක මහ දෙයක් නෙවෙයි.

395
01:01:55,500 --> 01:01:57,900
ඔයා මේ ආශ්‍රමයේ ඉතිහාසය දන්නවද?

396
01:01:58,380 --> 01:01:59,780
නෑ.

397
01:02:02,100 --> 01:02:07,370
ඉතිහාසයටත් එහා ඈත අතීතෙදී, 
මේක පුරාණ ඩෘයිඩ්ලගෙ ශුද්ධ වූ ස්ථානයක්.

398
01:02:09,300 --> 01:02:11,300
එයාලා ඇදහෙව්වෙ 
අපි නොදන්න දෙවිවරුන්ව.

399
01:02:12,900 --> 01:02:14,960
මේ කැලෑව ඇතුළේ වන්දනාමාන කරා.

400
01:02:15,920 --> 01:02:17,790
පස්සෙ හුඟ කාලෙකට කලින් රෝමවරු ආවා,

401
01:02:17,870 --> 01:02:21,710
එයාලට මෙහෙ තිබුණු අද්භූත මායාව දැනිලා, 
මෙහේ දේවස්ථාන හැදුවා.

402
01:02:23,400 --> 01:02:27,050
ඊටපස්සෙ ආපු මිනිස්සුන්ටත් ඒක දැනිලා,
ඒගොල්ලො වන්දමාන කරන්න මෙහාට ආවා.

403
01:02:28,370 --> 01:02:30,320
එකිනෙකට වෙනස් ගෝත්‍ර,
ගණන් කරන්න බැරි තරම් දෙවිවරු,

404
01:02:30,400 --> 01:02:33,430
ඒ මිනිස්සු එකිනෙකා එක්ක කතා කරන්නෙ
කොහොමද කියලා වත් දැනගෙන හිටියේ නෑ.

405
01:02:34,500 --> 01:02:36,970
ඒත් අපි හැමෝම මේ තැනට ඇදිලා එනවා.

406
01:02:38,890 --> 01:02:41,460
මේ දූපතේ මොකක් හරි මායාවක්
තියෙන කතාව ඔයා විස්වාස කරනවද?

407
01:02:43,670 --> 01:02:45,900
මං විස්වාස කරනවා මේකෙ ලොකු
බලයක් තියෙනවා කියලා.

408
01:02:48,430 --> 01:02:50,800
මං ඒ බලය දැකලා තියෙන්නෙ 
කතන්දර වලින් විතරයි.

409
01:02:53,270 --> 01:02:56,870
මිනිස්සු ලවා දරුණු දේවල් කරවන්න
ඒවගෙන් පුළුවන්.

410
01:02:57,720 --> 01:02:59,240
ඊට පස්සෙ...

411
01:02:59,690 --> 01:03:01,920
දරුණු සිදුවීම් ආයෙමත් කතන්දර වෙනවා...

412
01:03:02,630 --> 01:03:04,030
දිගින් දිගටම.

413
01:03:08,220 --> 01:03:09,280
නෑ.

414
01:03:10,090 --> 01:03:11,950
ඒ කිසිම කතාවක් විස්වාස කරන්න බෑ.

415
01:03:12,430 --> 01:03:14,630
අපිට ඒවා ගැන විස්වාසයක් තියන්න බෑ.

416
01:03:16,800 --> 01:03:19,800
පිහියකින් පාන් කපන්නත් පුළුවන්, 
මස් කපන්නත් පුළුවන්.

417
01:03:21,360 --> 01:03:23,030
ඒක තීරණේ වෙන්නෙ
සමබරතාවය මත.

418
01:03:23,800 --> 01:03:25,470
ඒකට සමබරතාවයේ බලපෑමක් තියෙනවද?

419
01:03:28,030 --> 01:03:30,900
මට හිතෙන්නෙ
සමබරතාවයෙ බලපෑමක් නොතිබුණා නං,

420
01:03:31,430 --> 01:03:33,170
අපි අද මෙතන නෑ.

421
01:03:35,230 --> 01:03:39,170
මේ ලෝකෙ මෙතන පවතින්නෙත් නෑ...

422
01:03:40,600 --> 01:03:42,770
අපි මෙහෙම අදහස් හුවමාරු කරගන්නෙත් නෑ.

423
01:03:43,500 --> 01:03:45,430
කවදහරි ඒ ගැන හිතලා තියෙනවද?

424
01:03:47,270 --> 01:03:51,720
මේ දීර්ඝ කාලයක් තිස්සෙ පවතින
මේ පුදුමාකාර නිවැරදි සමබරතාවය ගැන.

425
01:03:53,030 --> 01:03:56,890
තොල් අතරින් පිටවෙලා, මනස් දෙකකට
තේරුම් ගන්න පුළුවන් යම් නිශ්චිත වචනයක්,

426
01:03:57,140 --> 01:04:00,200
ඕනම වචනයක් නිර්මාණය වෙන්න...

427
01:04:02,030 --> 01:04:04,030
කොයි තරම් සමබරතාවයක් ඕනෙද කියලා.

428
01:04:11,770 --> 01:04:13,170
රැන්ඩොල්ෆ්.

429
01:04:16,870 --> 01:04:18,270
ස්තූතියි.

430
01:05:37,070 --> 01:05:38,470
බඩගිනි නැද්ද?

431
01:05:40,070 --> 01:05:41,190
නෑ?

432
01:06:14,000 --> 01:06:16,030
මං අද හෙටම මැරෙයි.

433
01:06:17,170 --> 01:06:18,570
කොහොමද දන්නෙ?

434
01:06:20,700 --> 01:06:23,170
මට ඒක ඇතුලින් දැනෙනවා.

435
01:06:25,270 --> 01:06:27,000
කොයි විදිහටද දැනෙන්නෙ?

436
01:06:29,000 --> 01:06:30,600
නිකං සැහැල්ලුවක් වගෙ.

437
01:06:42,600 --> 01:06:44,030
අරහේ කවුරුහරි ඉන්නවා.

438
01:06:46,900 --> 01:06:48,770
අද මුහුදු රළ හරිම සැරයි.

439
01:06:52,100 --> 01:06:54,870
කකුල් දෙක ළඟින් පටන් ගන්න. 
පොඩි කැපුම් දාන්න.

440
01:06:55,430 --> 01:06:56,830
හොඳයි, අනිත් එකෙත්.

441
01:06:59,700 --> 01:07:01,100
නෑ.

442
01:07:04,770 --> 01:07:05,840
අන්න හොඳයි.

443
01:07:06,150 --> 01:07:08,070
හරි, දැන් ඉස්සරහ පැත්තෙන් 
පහළට කපන්න.

444
01:07:08,150 --> 01:07:10,150
බඩ මැදින් පහළට කපන්න. හොඳයි.

445
01:07:13,810 --> 01:07:14,900
ඔන්න බලන්න.

446
01:07:15,710 --> 01:07:17,020
මෙන්න මේ විදිහට.

447
01:07:17,110 --> 01:07:19,270
අන්න හරි. 
ඔයා අනිත් එක කරන්න.

448
01:07:20,700 --> 01:07:23,680
අන්න හරි. අන්න හරි. අල්ලගන්න.

449
01:07:59,660 --> 01:08:01,770
<i>ඔයා හරිම නිර්භීත තරුණයෙක්.</i>

450
01:08:03,070 --> 01:08:04,470
ස්තූතියි, සිස්ටර්.

451
01:08:06,100 --> 01:08:07,500
බඩගිනිද ආතර්?

452
01:08:11,070 --> 01:08:12,670
ඔව්, සිස්ටර්.

453
01:08:12,980 --> 01:08:17,830
සේරා අද රෑට ඔයාට හොඳ රාත්‍රී කෑමක්
 ලෑස්ති කරයි. හැරින් මාළු හොද්දක්.

454
01:08:19,890 --> 01:08:21,290
කැමතිද ඒවට?

455
01:08:22,820 --> 01:08:24,660
ඔයා කොහේ ඉඳන්ද එන්නෙ, ආතර්?

456
01:08:28,100 --> 01:08:29,840
මගෙ පවුලේ අයගේ ගොවිපොළ 
තියෙන්නෙ කෙසිවික් වල.

457
01:08:29,920 --> 01:08:31,830
කෙසිවික් පැත්තේ.
- ඔව් මහත්තයා.

458
01:08:31,910 --> 01:08:33,910
රැන්ඩොල්ෆ්.
- රැන්ඩොල්ෆ්.

459
01:08:34,070 --> 01:08:37,720
කෙසිවික් පැත්තෙ.
- ලාදුරු රෝගියා කිව්වා ඔයා ඔයාගෙ ලේලිව හොයනවලු.

460
01:08:37,800 --> 01:08:39,490
ඔව්.
- කවුරුහරි පහර දුන්නද?

461
01:08:41,600 --> 01:08:43,430
ඔව්.
- පාරෙදි ද?

462
01:08:44,850 --> 01:08:45,750
ඔව්.

463
01:08:45,840 --> 01:08:49,100
අපි මෙහෙදි ආරක්ෂිතයි.
- මොන පාරෙදිද?

464
01:08:49,870 --> 01:08:51,870
කෙසිවික් වලට යන පාරෙදි, මහත්තයා.

465
01:08:53,070 --> 01:08:54,670
දෙවියන්ට පිං සිද්ධ වෙන්න,
ඔයා බේරුණා.

466
01:08:54,750 --> 01:08:56,050
මමත් දෙවියන්ට පිං දෙනවා.

467
01:08:56,130 --> 01:08:59,470
ඔච්චර නිර්භීත වුණ එකට, රෑ කෑමෙන් පස්සේ
පැණි දාපු පෙයාර්ස් ටිකක් කන්න කැමතිද?

468
01:09:02,500 --> 01:09:03,900
ස්තූතියි සිස්ටර්.

469
01:09:18,230 --> 01:09:19,630
ලිට්ල් මාග්‍රට්,

470
01:09:21,000 --> 01:09:22,400
ආතර් කියන මනුස්සයව...

471
01:09:22,600 --> 01:09:25,200
ඔයා මේ ආශ්‍රමයට එන්න කලින්
දැකලා තියෙනවද?

472
01:09:28,900 --> 01:09:30,300
මාග්‍රට්.

473
01:09:37,030 --> 01:09:38,430
ඒ මිනිස්සු...

474
01:09:39,170 --> 01:09:40,830
ඔයාගෙ තාත්තට රිද්දපු ඒ මිනිස්සු...

475
01:09:43,230 --> 01:09:44,870
ඔයා උන්ගෙ මූණු දැක්කද?

476
01:09:46,200 --> 01:09:47,700
තාත්තා මට දුවන්න කිව්වා.

477
01:09:58,670 --> 01:10:00,230
තාත්තා යාඥා කරන එක නැවැත්තුවා.

478
01:10:01,800 --> 01:10:03,200
එයා කේන්තියෙන් හිටියේ.

479
01:10:04,570 --> 01:10:06,030
එයා යාඥා කළේ එයාගෙ මනසින්.

480
01:10:09,100 --> 01:10:10,700
මොකක්ද තාත්තගෙ නම?

481
01:10:14,800 --> 01:10:16,200
ඔයාගෙ තාත්තා ඔයාගෙ තාත්තම තමයි.

482
01:10:28,800 --> 01:10:30,200
කෝ මෙහාට ගේන්න.

483
01:10:39,630 --> 01:10:41,800
මේක නං හොඳ නිර්මාණයක්.

484
01:10:47,400 --> 01:10:49,770
පේනවද ඒක මෙතනින් නැවෙනවා.

485
01:10:51,750 --> 01:10:55,250
දැන් මේක සමබර කරන්න වෙනවා,
එතකොටයි එක සමානව නැමෙන්නේ.

486
01:10:55,800 --> 01:10:58,250
ඒකට, මේ හරිය තව ටිකක්
හීනි වෙන්න ඕනෙ.

487
01:10:58,590 --> 01:10:59,990
හරිද?

488
01:11:04,870 --> 01:11:06,630
පුළුවන්ද මට එකක් හදලා දෙන්න?

489
01:11:09,100 --> 01:11:10,600
මං ඔයාට දුන්නක් හදලා දෙන්නම්.

490
01:11:15,140 --> 01:11:16,540
හරි එහෙනම්.

491
01:11:24,500 --> 01:11:28,070
<i>අද මට ලුක්‍රේෂියස් කියන කවියා 
ලියපු කතාවක් මතක් වුණා.</i>

492
01:11:30,230 --> 01:11:32,430
එයා ලිව්වේ පරමාණු කියලා 
හඳුන්වන දේවල් ගැන.

493
01:11:33,860 --> 01:11:37,990
මේ ගස්, මිනිස්සු, ගල් කැට
වෙන් වෙන් කරලා බැලුවොත්,

494
01:11:38,080 --> 01:11:42,670
මේ මුළු විශ්වයේම තියෙන හැමදේම 
හැදිලා තියෙන්නේ තවදුරටත්

495
01:11:42,750 --> 01:11:45,250
බෙදන්න බැරි 
ඒ චූටිම චූටි කොටස්වලින්.

496
01:11:46,700 --> 01:11:51,630
මේ පරමාණු හිස් අවකාශය
 හරහා පාවෙලා යනවා.

497
01:11:54,150 --> 01:11:57,690
වෙලාවකට, කිසිම හේතුවක් නැතුව
ඒවා යන පාර වෙනස් කරගන්නවා.

498
01:12:00,300 --> 01:12:02,700
<i>කෙස් ගහක තරම්වත් නැති ප්‍රමාණෙකින්.</i>

499
01:12:07,170 --> 01:12:11,260
<i>ඒ වගේම ඒ පොඩි පොඩි</i>

500
01:12:11,900 --> 01:12:15,350
<i>අනපේක්ෂිත වෙනස් වීම නිසා 
පරමාණු එකිනෙක</i>

501
01:12:15,430 --> 01:12:17,590
<i>ඡේදනය වෙලා එකිනෙක වෙළෙමින් 
ගමන් නොකළා නං,</i>

502
01:12:21,170 --> 01:12:23,770
<i>මේ අහස පොළොව යට කිසිම දෙයක්
අද පවතින්නෙ නෑ.</i>

503
01:15:08,150 --> 01:15:10,050
නියමයි. හොඳට කරනවා.

504
01:15:10,140 --> 01:15:11,340
හයියෙන්.

505
01:15:11,420 --> 01:15:13,490
අන්න හරි. හොඳයි.

506
01:15:22,240 --> 01:15:23,640
අරක කපන්න.

507
01:15:24,830 --> 01:15:27,170
හොඳයි, අන්න එහෙම.

508
01:15:27,970 --> 01:15:29,370
නියමයි.

509
01:15:31,800 --> 01:15:33,730
ඔයාගෙ දුන්නට වැඩියෙන්ම
ගැලපෙන්නෙ කෝකද?

510
01:15:34,300 --> 01:15:35,700
පොඩ්ඩක් බලමු.

511
01:15:36,570 --> 01:15:37,970
හරි.

512
01:15:38,470 --> 01:15:40,430
ඔය තියෙන්නෙ.
දෙකම හොඳයි.

513
01:15:51,770 --> 01:15:53,070
මාග්‍රට්.

514
01:15:53,150 --> 01:15:55,280
මාග්‍රට්, එන්න සෙල්ලම් කරන්න.

515
01:16:35,440 --> 01:16:36,840
ආතර්.

516
01:16:37,670 --> 01:16:40,570
උගුල් අටවන්න දන්නවද?
- ඔව්.

517
01:16:40,700 --> 01:16:42,970
හොඳයි. මට ශක්තිමත් කෙනෙක්ගෙ
උදව් ඕනෙ.

518
01:16:56,400 --> 01:16:57,970
ඔයාගෙ පවුලේ අයට ඉඩම් තියෙනවද?

519
01:16:59,470 --> 01:17:00,870
ඔව්.

520
01:17:02,570 --> 01:17:04,200
ඔයාලෑ කී දෙනෙක් ඉන්නවද?

521
01:17:06,000 --> 01:17:07,570
අනේ මන්දා.

522
01:17:14,300 --> 01:17:15,700
ඔයා හොඳින්ද?

523
01:17:17,000 --> 01:17:21,170
මං දැන් ඉස්සර වගෙ තරුණ නෑ.

524
01:17:23,630 --> 01:17:25,170
නැගිටගන්න පොඩි උදව්වක් ඕනෙ.

525
01:17:30,000 --> 01:17:31,400
ස්තූතියි.

526
01:17:32,830 --> 01:17:34,930
උන් ඔයාට සෑහෙන දරුණු ප්‍රහාරයක් 
එල්ල කරලා තියෙනවා.

527
01:17:36,800 --> 01:17:38,300
ඔව්.
- කවුද ඒක කළේ?

528
01:17:40,600 --> 01:17:42,000
මිනිහෙක්.

529
01:17:42,400 --> 01:17:45,170
මිනිස්සු කණ්ඩායමක්.
මංකොල්ලකාරයො.

530
01:17:45,250 --> 01:17:47,550
මිනිහෙක්? මංකොල්ලකාරයො?

531
01:17:47,630 --> 01:17:49,700
ඔව්.
- මං ටිකක් බලන්නද?

532
01:17:55,400 --> 01:17:56,800
සෑහෙන ලොකු පාරක්.

533
01:17:58,500 --> 01:18:00,070
බේරුන එකම වාසනාවක්.

534
01:18:00,150 --> 01:18:01,790
ඔයා හරි වාසනාවන්ත ළමයෙක්.
- ඔව්.

535
01:18:01,870 --> 01:18:03,800
ජීවත් වෙන්න ලැබුණු එක ගැන ඔයා 
ස්තුතිවන්ත වෙන්න ඕනෙ.

536
01:18:04,270 --> 01:18:05,300
ඔව්...

537
01:18:05,380 --> 01:18:07,110
පොල්ලකින් ගහපු පාරක්.

538
01:18:14,100 --> 01:18:16,360
ඔළුව ගැලවුණේ නැත්තෙ පිනකට.

539
01:18:21,030 --> 01:18:22,430
රැන්ඩොල්ෆ්!

540
01:18:25,200 --> 01:18:26,600
රැන්ඩොල්ෆ්!

541
01:18:29,310 --> 01:18:30,710
මෝෂේ!

542
01:18:34,230 --> 01:18:36,970
ප්‍රධාන කන්‍යා සොහොයුරිය අඬගහනවා.

543
01:19:18,450 --> 01:19:20,010
ගොඩක් රිදෙනවද?

544
01:19:29,600 --> 01:19:32,270
ඔයාට අර ගස් මතකද?

545
01:19:34,230 --> 01:19:36,510
පෙයාර්ස්, ඇපල්, එල්ඩබෙරීස්.

546
01:19:38,800 --> 01:19:40,050
නියමයි.

547
01:19:50,600 --> 01:19:55,710
දන්නවද, පුංචි මාග්‍රට්ගේ ජීවිතේ
වැදගත්ම කෙනා ඔයා කියලා.

548
01:19:57,770 --> 01:19:59,060
මං වැදගත් කෙනෙක් නෙවෙයි.

549
01:20:11,560 --> 01:20:15,200
ඔයාගෙ ජීවිතේට මුණගැහුණු
ඒ හැම මනුස්සයෙක් ගැනම පොඩ්ඩක් හිතන්න.

550
01:20:18,310 --> 01:20:21,430
අපි ඒ හැමෝටම මොනම ක්‍රමයකින් 
හරි වැදගත් වුණා.

551
01:20:28,580 --> 01:20:32,050
ඔයා දන්නවද ගයි ඔෆ් ගිස්බෝන්...

552
01:20:33,690 --> 01:20:35,120
සහ රොබින් හුඩ්ගේ කතාව?

553
01:20:40,420 --> 01:20:41,590
ඔව්.

554
01:20:46,510 --> 01:20:48,950
ඒගොල්ලො කියනවා ඔයා එයාව මැරුවාලු.

555
01:20:51,020 --> 01:20:52,610
ඔයා ඇත්තටම එයාගෙ ඔළුව 
කපලා දැම්මද?

556
01:20:52,700 --> 01:20:53,900
ඔහේට පැටලිලා, ලාදුරුවෝ.

557
01:20:53,980 --> 01:20:55,790
මං ඕක කාටවත්ම කියන්නෙ නෑ.

558
01:20:58,510 --> 01:21:01,790
ඒත් මරණ මංචකයේ ඉන්න මිනිහෙකුට 
බොරු කියන්න එපා.

559
01:21:04,060 --> 01:21:05,510
ඉතිං...

560
01:21:05,590 --> 01:21:07,620
ඔයා ඇත්තටම එයාගෙ ඔළුව කැපුවද?

561
01:21:11,120 --> 01:21:13,000
ගයි ඔෆ් ගිස්බෝන් කියලා කෙනෙක් 
හිටියේ නෑ.

562
01:21:14,050 --> 01:21:16,500
ඒක පරම්පරාවෙන් පරම්පරාවට ආපු 
තවත් එක කතාවක් විතරයි.

563
01:21:18,910 --> 01:21:20,580
ඒත් මං වෙන මිනිස්සුන්ගෙ ඔළු 
කපලා තියෙනවා.

564
01:21:28,210 --> 01:21:30,410
ඔයාට ඇත්තටම මතක නැද්ද?

565
01:21:32,590 --> 01:21:33,650
නෑ?

566
01:21:34,760 --> 01:21:36,920
ඒ නම ගැන පොඩ්ඩක් හිතන්න.

567
01:21:41,080 --> 01:21:43,900
ගයි ඔෆ් ගිස්බෝන් කියලා 
කෙනෙක් හිටියා.

568
01:21:47,360 --> 01:21:49,450
ඒත් ඔයා එයාගෙ ඔළුව කැපුවේ නෑ.

569
01:21:51,910 --> 01:21:53,720
කැපුවේ එයාගෙ කන විතරයි.

570
01:22:01,400 --> 01:22:02,900
ඔයා කිව්වා...

571
01:22:02,980 --> 01:22:06,500
වෙන ආත්මෙක, ඔයා එයාත් එක්ක 
එකතු වෙලා අඩියක් ගහනවා කියලා.

572
01:22:08,580 --> 01:22:10,150
 මතකද ඒක?

573
01:22:22,040 --> 01:22:24,840
අපි ඒ වෙන ආත්මය හොයාගෙන 
තියෙනවා වගෙ.

574
01:22:32,220 --> 01:22:33,300
දැන්...

575
01:22:33,390 --> 01:22:37,610
මං ඉල්ලන එකම එක දෙයක් තියෙනවා,
ඒක වෙන්න දෙන්නෙපා.

576
01:22:40,240 --> 01:22:44,210
ඔයා මැරෙනකල්ම මේ වතුයාය
ආරක්ෂා කරයි.

577
01:22:47,470 --> 01:22:50,570
ප්‍රධාන කන්‍යා සොහොයුරියට සේවය කරයි...

578
01:22:51,370 --> 01:22:55,070
තව මේ ආශ්‍රමයේ අතීත, අනාගත
හැම මනුස්සයෙක්ටම සේවය කරයි.

579
01:22:59,670 --> 01:23:03,700
ඒත් ඒ කාලේ ඇතුළත කිසිම වෙලාවක,

580
01:23:06,020 --> 01:23:10,620
ඒ ගතවන යහපත්,
සාමකාමී අවුරුදු වලදී...

581
01:23:13,470 --> 01:23:17,270
ඔයා කවුද කියලා කිසිම වෙලාවක 
ඇයට කියන්න එපා.

582
01:23:23,070 --> 01:23:24,470
ඇයි?

583
01:23:26,870 --> 01:23:28,270
මොකද...

584
01:23:29,870 --> 01:23:31,920
ඔයාගෙ මනසේ අඳුරු...

585
01:23:32,000 --> 01:23:35,200
සෙවණැලි අතර තියෙන නමක් ගමක් නැති,
 මුහුණක් නැති ඒ මරණයන්ගෙන් එකක්...

586
01:23:38,070 --> 01:23:40,000
වෙනත් ආත්මෙකදී,

587
01:23:42,640 --> 01:23:44,040
එයාගෙ ආදරණීයයා වුණ නිසා.

588
01:23:52,490 --> 01:23:53,900
මට පොරොන්දු වෙන්න.

589
01:23:58,870 --> 01:24:00,270
රොබින්.

590
01:24:01,770 --> 01:24:03,300
මට පොරොන්දු වෙන්න.

591
01:25:34,870 --> 01:25:36,270
සුභ ගමන්, බ්‍රිජිඩ්.

592
01:25:49,660 --> 01:25:51,060
ආතර්.

593
01:25:53,220 --> 01:25:54,620
එන්න.

594
01:25:57,550 --> 01:25:59,700
එහා වෙරළේ ළමයෙක් ඉන්නවා.

595
01:26:00,980 --> 01:26:02,380
සමහර විට ඒ ඔයාගේ ලේලි වෙන්න ඇති.

596
01:26:04,600 --> 01:26:07,150
ලාදුරුවා කිව්වා ඔයා නැතිවුණ
ලේලිව හොයනවා කියලා.

597
01:26:08,170 --> 01:26:09,200
ඔව්.

598
01:26:10,170 --> 01:26:12,990
ඒ එයා වෙන්න ඇතිද?
- ගිහින් බලමු.

599
01:26:51,870 --> 01:26:54,030
මට නං කවුරුත් ඉන්න වගක් පේන්නෙ නෑ.

600
01:26:55,170 --> 01:26:56,630
ටිකක් බලන් ඉමු.

601
01:26:57,400 --> 01:26:58,970
සමහර විට එයාලා ආපහු එයි.

602
01:27:21,030 --> 01:27:22,430
මොකක්ද ඔයාගෙ නම?

603
01:27:26,280 --> 01:27:27,680
ආතර්.

604
01:27:28,780 --> 01:27:30,920
මට බොරු කියලා කාලේ නාස්ති කරන්න එපා.

605
01:27:31,000 --> 01:27:32,430
මොකක්ද තමුන්ගෙ ඇත්ත නම?

606
01:27:36,940 --> 01:27:38,340
ගොඩ්වින්.

607
01:27:41,400 --> 01:27:43,860
දැන් ඔයා තීරණේ කරන ගමන්
ඉන්නෙ ගොඩ්වින්,

608
01:27:43,940 --> 01:27:46,850
තනියම මේ දේ කරනවද,

609
01:27:47,250 --> 01:27:49,450
නැත්තම් පවුලේ අයට කතා කරනවද කියලා?

610
01:27:52,170 --> 01:27:53,220
මොන දේද?

611
01:27:53,300 --> 01:27:55,740
තමුන් මිනිස්සු කී දෙනෙක්ව 
මැරුවද, ගොඩ්වින්?

612
01:27:56,900 --> 01:28:00,000
ළමයි කී දෙනෙක්ව මරලා තියෙනවද?

613
01:28:05,170 --> 01:28:08,170
මං කොච්චරක් මරලා තියෙනවද කිව්වොත්
ගණන් කරන්නවත් බැරි තරම්.

614
01:28:09,880 --> 01:28:11,770
ඔයා ඉපදෙන්නත් සෑහෙන කාලෙකට
කලින් ඉඳලා,

615
01:28:11,850 --> 01:28:13,650
මං මරපු ඒ මිනිස්සුන්ගේ නෑදෑයෝ,

616
01:28:13,740 --> 01:28:16,730
කාලෙකට කලින් මං මැරුවෙ, 
දැන් මතකවත් නැති තරම්.

617
01:28:16,820 --> 01:28:19,120
ඒ කාලේ එයාලා මට කිසිම වැදගත්කමක් 
තිබුණු අය නෙමෙයි.

618
01:28:20,490 --> 01:28:25,070
ඒත් එයාලගෙ සහෝදරයන්ට, දරුවොන්ට, 
මුණුපුරන්ට, මාව මතකයි.

619
01:28:26,070 --> 01:28:28,140
ඉතිං දැන් මට ඒගොල්ලන්ව මරන්න වෙලා.

620
01:28:28,990 --> 01:28:30,420
ආයේ ආයේත්...

621
01:28:31,630 --> 01:28:35,400
එක එක ස්වරූපවලින්, හරියට සෙවණැලි 
වගේ... ආයෙමත්.

622
01:28:36,770 --> 01:28:38,900
ආයේ ආයෙත්, 
ජීවිතේට ඉවරයක් වෙන්නෙ නෑ.

623
01:28:42,500 --> 01:28:44,300
ඒක සාපයක්, ගොඩ්වින්.

624
01:28:46,210 --> 01:28:50,410
ඒක ඔයාම ඔයා පිට පටවාගත්ත එකක්,
යුතුකමක් විදිහට කළත්.

625
01:28:51,430 --> 01:28:53,970
ඔයාගෙ යුතුකමෙන්
මේ ලෝකෙට වැඩක් නෑ.

626
01:28:54,430 --> 01:28:57,670
මේ ලෝකෙට වැදගත් වෙන්නෙ
ලේ විතරයි...

627
01:28:59,070 --> 01:29:01,300
ඒ වෙනුවට ලෝකෙ අනිත්
අතට දෙන්නෙත් ලේ විතරයි.

628
01:29:04,180 --> 01:29:06,650
ඔයාට ළමයෙක්ව මරන්න ඕනද, ගොඩ්වින්?

629
01:29:09,430 --> 01:29:13,450
පොඩි ගෑනු ළමයෙක්ව මරන වගකීම
ඔයා භාරගන්නවද?

630
01:29:16,610 --> 01:29:17,810
නෑ.

631
01:29:29,780 --> 01:29:31,220
ඔයාගෙ තාත්තා මැරිලද?

632
01:29:32,630 --> 01:29:34,030
මාමලත්?

633
01:29:36,970 --> 01:29:38,900
මං විතරයි ඉතුරුවෙලා ඉන්නෙ.

634
01:29:43,230 --> 01:29:45,030
තව කවුද ජීවත් වෙලා ඉන්නෙ, ගොඩ්වින්?

635
01:29:47,200 --> 01:29:48,600
මගෙ අම්මා.

636
01:29:50,070 --> 01:29:51,470
මගෙ නැන්දලා.

637
01:29:52,700 --> 01:29:54,100
මගෙ නංගිලා.

638
01:29:54,470 --> 01:29:56,230
ඔයාට ගෙදරක් තියෙනවා, ගොඩ්වින්.

639
01:29:58,470 --> 01:30:00,800
ඔව්.
- ගෙදර යන්න.

640
01:30:01,900 --> 01:30:04,670
ගිහින් පවුලේ අයට කියන්න හැම ලේ ණයකම 
වන්දිය ගෙවලා ඉවරයි කියලා.

641
01:30:05,230 --> 01:30:06,970
කවදහරි ඒ හැමෝටම වන්දි 
ගෙවන්න වෙයි.

642
01:30:09,220 --> 01:30:10,620
ඔයාගෙම ඇඳේ නිදාගන්න.

643
01:30:11,570 --> 01:30:15,830
ඔයාගෙ නෑදෑයෝ එක්ක තවදුරටත් බෙදාහදා ගන්න ලැබෙන
ඒ ජීවිතේ ආදරෙන් රැකගන්න.

644
01:30:17,490 --> 01:30:19,460
හැබැයි ඔයා ආයෙ ආවොත්...

645
01:30:20,470 --> 01:30:24,370
මං දැන් ඔයාට දෙන මේ ජීවිතේ
අවස්ථාව ඔයා නාස්ති කරගත්තා වෙනවා,

646
01:30:25,470 --> 01:30:29,270
එහෙම වුණොත් දෙපාරක් නොහිතා
මං ඔයාගෙ බෙල්ල කපලා දානවා.

647
01:30:36,000 --> 01:30:37,400
දැන් යන්න.

648
01:30:39,660 --> 01:30:41,060
හැරිලා බලන්න එපා.

649
01:31:35,620 --> 01:31:37,450
මං හිතුවෙ ඔයා යන්න ගිහින් කියලා.

650
01:31:47,340 --> 01:31:49,210
මං තමයි රොබින්,
අර කැරලිකාරයා.

651
01:31:52,700 --> 01:31:56,470
ඔයා දැනගන්න ඕනෙ 
මං අමනුස්සයෙක් කියලා.

652
01:31:58,700 --> 01:32:00,300
මං ඔය රැන්ඩොල්ෆ් නෙවෙයි.

653
01:32:02,960 --> 01:32:04,630
මමයි අර කැරලිකාර...

654
01:32:05,000 --> 01:32:06,400
රොබින් හුඩ්.

655
01:32:21,700 --> 01:32:23,100
මට සමාවෙන්න.

656
01:34:23,200 --> 01:34:24,970
කියන්න මං කොහොමද පිටවෙන්න
ඕනෙ කියලා.

657
01:34:27,230 --> 01:34:28,800
මං දැන්ම යන්නම්.

658
01:34:36,630 --> 01:34:38,030
ඇඳට එන්න.

659
01:34:57,870 --> 01:34:59,570
බ්‍රිජිඩ්.
- ඇලවෙන්න.

660
01:38:25,100 --> 01:38:27,300
ඔයා මගෙ මනුස්සයව පණපිටින්ම
පුච්චලා මැරුවා.

661
01:38:32,700 --> 01:38:36,480
එයා එතකොටත් මැරිලා කියලා මට හීන පේනවා,
ඒත් ඔයා ඇයි දොර අගුළු දැම්මේ?

662
01:38:41,570 --> 01:38:45,700
අළු ගොඩේ හොයනකොට මට
නිකං ජීවිත කාලයක් වගෙ.

663
01:38:48,820 --> 01:38:50,920
එයාව හෙන පොඩියට පෙනුණේ.

664
01:38:52,760 --> 01:38:56,470
මුල්ලක ගුලිවෙලා, එයාගෙ ඇඟේ
සෑහෙන කොටසක් විනාස වෙලා තිබුණා.

665
01:39:01,030 --> 01:39:04,180
මං කොච්චර හීන දැක්කත්, 
මං දන්නවා එයා පණපිටින් හිටියා කියලා.

666
01:39:08,920 --> 01:39:13,600
මොකද, අන්තිම වෙනකල් එයා අපේ
ළමයින්ව වහගෙන ආරක්ෂා කරගෙන හිටියේ.

667
01:40:01,800 --> 01:40:03,200
රැන්ඩොල්ෆ්.

668
01:40:05,400 --> 01:40:06,870
මේ මම.

669
01:41:00,830 --> 01:41:03,270
<i>මිනිස්සු රොබින් හුඩ් ගැන කතා කරනවා...</i>

670
01:41:08,100 --> 01:41:09,500
<i>කතන්දර කියනවා...</i>

671
01:41:16,070 --> 01:41:17,470
<i>ඒවා ඔක්කොම බොරු.</i>

672
01:41:21,430 --> 01:41:24,190
<i>හුඟ කාලෙකට කලින් මං කියපු බොරු...</i>

673
01:41:25,800 --> 01:41:27,800
<i>ඒකෙන් අර මෝඩයෝ...</i>

674
01:41:29,170 --> 01:41:31,100
<i>මගේ පස්සෙන් අඳුරට ආවා.</i>

675
01:41:40,630 --> 01:41:42,030
<i>රොබින්.</i>

676
01:41:48,000 --> 01:41:50,170
<i>ඒගොල්ලො මොකක්ද 
මේ ඔයාට කරන්නෙ?</i>

677
01:41:55,870 --> 01:41:57,570
<i>බයවෙන්න එපා.</i>

678
01:41:59,800 --> 01:42:02,500
<i>මං ඔයාව මෙතනින් බේරගන්නම්.</i>

679
01:42:04,790 --> 01:42:06,860
<i>මං ලිට්ල් මාග්‍රට්වත් බේරගන්නම්.</i>

680
01:42:08,590 --> 01:42:11,600
<i>අපි එකතුවෙලා අලුත් ජීවිතයක් පටන් ගමු.</i>

681
01:42:12,300 --> 01:42:13,700
එඩ්වඩ්.

682
01:42:17,700 --> 01:42:19,670
උඹේ බිරිඳ ගැන කියපන්.

683
01:42:29,430 --> 01:42:30,830
මගෙ බිරිඳ...

684
01:42:33,580 --> 01:42:34,980
මාග්‍රට්.

685
01:42:38,890 --> 01:42:40,290
මාග්‍රට්.

686
01:42:42,400 --> 01:42:44,630
මගෙ බිරිඳ මාග්‍රට්.

687
01:42:46,900 --> 01:42:48,430
හැඩරුව කොහොමද.

688
01:42:51,170 --> 01:42:52,570
හැඩරුව කොහොමද?

689
01:42:56,770 --> 01:42:58,200
එයාට තිබුණේ රතුපාට...

690
01:43:00,290 --> 01:43:01,690
කොණඩයක්, හරියට...

691
01:43:03,100 --> 01:43:05,100
බැහැලා යන ඉර වගෙ.

692
01:43:08,100 --> 01:43:11,170
ග්‍රීස්ම සෘතුවෙ බැහැලා යන ඉර වගෙ.

693
01:43:18,470 --> 01:43:19,850
රතුපාට හරියට...

694
01:43:19,930 --> 01:43:22,700
ග්‍රීස්ම සෘතුවෙ බැහැලා යන...

695
01:43:23,540 --> 01:43:24,940
ඉර වගෙ.

696
01:43:43,000 --> 01:43:44,030
රොබින්...

697
01:43:50,300 --> 01:43:52,670
තමන්ට ගෞරවණීය මරණයක් 
හොයාගත්තද?

698
01:44:53,170 --> 01:44:55,270
මං මේක ඉවරයක් කරන්න ලෑස්තියි.

699
01:45:02,400 --> 01:45:04,500
මගෙ මේ ජීවිතේ ඔයාට ණයගැතියි.

700
01:45:11,970 --> 01:45:13,470
මේක අමනුෂ්‍ය ක්‍රියාවක් තමයි...

701
01:45:18,030 --> 01:45:20,370
හැබැයි මගෙ මේ ජීවිතේ ඔයාට ණයගැතියි.

702
01:45:20,950 --> 01:45:22,350
ඔයා මට කිසි දෙයක් ණයගැති නෑ.

703
01:45:27,570 --> 01:45:30,100
මං මීට කලින් ජීවිතයක්
 නැති කරලා නෑ.

704
01:45:34,200 --> 01:45:36,830
ඒක නිකං මලක් කඩනවා වගෙ
දෙයක් වෙන්න පුළුවන්.

705
01:45:39,120 --> 01:45:40,790
එහෙම වෙන්න බෑ.

706
01:45:41,500 --> 01:45:43,000
එහෙම වෙන්න විදිහක් නෑ.

707
01:45:44,270 --> 01:45:45,930
ඒත් වෙන්න පුළුවන්.

708
01:45:51,430 --> 01:45:54,030
මං මේ දූපතට එන අයට උදව් කරනවා.

709
01:45:56,930 --> 01:45:58,400
මං එයාලව සුව කරනවා.

710
01:46:02,110 --> 01:46:03,230
කරුණාකරලා.

711
01:46:08,700 --> 01:46:10,200
මාව සුව කරන්න.

712
01:47:05,830 --> 01:47:07,270
ලිට්ල් මාග්‍රට්...

713
01:47:13,070 --> 01:47:15,470
ඔයාගෙ තාත්තගෙ නම ජෝන්.

714
01:47:24,670 --> 01:47:30,060
මං එයාව අඳුරන්නෙ ඔයාගෙ තාත්තා
වෙන්නත් සෑහෙන කාලෙකට කලින්.

715
01:47:36,170 --> 01:47:37,570
මට එයාව මුණ ගැහුනේ...

716
01:47:39,070 --> 01:47:41,200
එක දවසක් පාලමක් උඩදී...

717
01:47:42,600 --> 01:47:44,630
වේගෙන් ගලන ගඟක් උඩ තිබුණ.

718
01:47:47,430 --> 01:47:49,030
එයා හරිම මුරණ්ඩුයි.

719
01:47:51,970 --> 01:47:54,230
කිසිම වෙලාවක යටත් වුණේ නෑ.

720
01:47:56,170 --> 01:47:57,800
කිසිම මිනිහෙක්ට.

721
01:47:58,830 --> 01:48:00,800
අඩුගානේ මටවත්.

722
01:48:03,700 --> 01:48:07,700
ඉතිං අපි ඒ පාලම උඩදි සටන් කරා.

723
01:48:09,710 --> 01:48:12,580
එකිනෙකා මාරුවෙන් මාරුවට ගහගත්තා.

724
01:48:14,770 --> 01:48:17,600
මං එයාගෙ ඔළුව පැත්තට
පාරක් ගැහුවා.

725
01:48:19,900 --> 01:48:22,320
එයා මගෙ බඩට පාරක් ගැහුවා.

726
01:48:23,430 --> 01:48:26,030
මං ඒ පාලම උඩදි වැනිලා...

727
01:48:27,610 --> 01:48:29,010
වතුරට වැටුණා.

728
01:48:30,090 --> 01:48:31,990
එයා මාව පැරැද්දුවා.

729
01:48:36,270 --> 01:48:38,500
මං කොහොම හරි වතුරෙන්
ගොඩට එද්දී,

730
01:48:39,430 --> 01:48:40,830
ඇඟපත හොඳටම තෙමිලයි හිටියේ...

731
01:48:42,750 --> 01:48:44,210
අපි එකිනෙකා එකතුවුණා.

732
01:48:47,570 --> 01:48:51,370
අපි ඔයාගෙ තාත්තට කිව්වෙ
ලිට්ල් ජෝන් කියලා.

733
01:48:53,030 --> 01:48:55,200
අපි සෑහෙන අවුරුදු ගාණක් 
ජීවත් වුණා...

734
01:48:58,400 --> 01:49:01,670
ග්‍රීන්වුඩ් වනාන්තරයේ කැරලිකාරයෝ විදිහට.

735
01:49:05,170 --> 01:49:06,570
ලොකු භෝජන සංග්‍රහයන් පැවැත්තුවා.

736
01:49:09,610 --> 01:49:13,440
අපි අසරණයන්ට රිදී කාසි බෙදලා දුන්නා.

737
01:49:30,570 --> 01:49:32,570
ඒත් ඒ රිදී කාසි අපි හොරකම් කරපුවා.

738
01:49:38,600 --> 01:49:40,000
අපි ඒවා හොරකම් කළේ...

739
01:49:43,270 --> 01:49:44,770
නරක මිනිස්සුන්ගෙන්.

740
01:49:49,400 --> 01:49:50,800
ඔයාට තේරෙනවද?

741
01:49:53,370 --> 01:49:54,770
නරක මිනිස්සුන්ගෙන්.

742
01:50:09,800 --> 01:50:11,200
ඔයාගෙ තාත්තා...

743
01:50:12,460 --> 01:50:14,380
එයාට ඕනෙ වෙයි මං ඔයාට 
මේක කියනවට...

744
01:50:20,260 --> 01:50:22,560
මොකද එයා එච්චරටම ඔයාට
ආදරේ කරා, දුවේ.

745
01:50:26,850 --> 01:50:29,250
ඔයා මේක කිසිම කෙනෙකුට කියන්න එපා.

746
01:50:30,960 --> 01:50:33,460
එකට සෙල්ලම් කරන ළමයින්ටවත්
කියන්න එපා.

747
01:50:34,770 --> 01:50:38,770
කවදාවත් එයාලට ඔයාගෙ තාත්තගෙ
නම කියන්න එපා.

748
01:50:42,770 --> 01:50:45,030
එළියේ නරක මිනිස්සු ඉන්නවා.

749
01:50:47,630 --> 01:50:51,270
ඒගොල්ලො ඔයාගෙ තාත්තා එක්ක 
ඉන්නෙ ලොකු තරහකින්.

750
01:50:55,610 --> 01:50:57,980
ඉතිං එයාලා ඔයා එක්කත්
තරහින් ඉන්නෙ.

751
01:51:02,800 --> 01:51:04,830
ඒ රහස රකින්න පුළුවන්ද?

752
01:51:07,430 --> 01:51:10,030
මට පුළුවන් ඒ රහස රකින්න,
ලිට්ල් මාග්‍රට්.

753
01:51:12,580 --> 01:51:13,980
ඔයාට පුළුවන්ද?

754
01:51:18,090 --> 01:51:19,490
හොඳයි.

755
01:51:22,030 --> 01:51:23,630
දැන්, මගේ ළඟට එන්න.

756
01:51:33,630 --> 01:51:35,030
මේක ගන්න.

757
01:51:36,720 --> 01:51:38,280
ඇයි එයාට ලිට්ල් (පුංචි) කිව්වෙ?

758
01:51:39,050 --> 01:51:40,450
මොකක්ද?

759
01:51:41,450 --> 01:51:43,610
ඇයි මගේ තාත්තට "ලිට්ල්" කිව්වෙ?

760
01:51:49,440 --> 01:51:51,970
මොකද මට එයාව මුණගැහෙද්දි
එයාත් පුංචියි.

761
01:51:53,570 --> 01:51:54,970
ඔයා වගේම.

762
01:52:02,950 --> 01:52:04,350
දුන්නට දාන්න.

763
01:52:27,320 --> 01:52:30,520
ඔයාගෙ කකුලෙන් ඒක නමන්න,
මං කරනවා දැක්කා වගේ.

764
01:52:51,750 --> 01:52:53,150
ජනේලය ගාවට යන්න.

765
01:53:17,430 --> 01:53:18,830
ඊතලයක් ලෑස්ති කරගන්න.

766
01:53:27,430 --> 01:53:32,300
වතුරයි අහසයි එකතු වෙන තැනක
ඉලක්කයක් හොයාගන්න.

767
01:53:37,370 --> 01:53:39,700
ඊතලේ ඔයාගෙ කට මට්ටමට ඇදගන්න.

768
01:53:43,400 --> 01:53:44,800
අල්ලන් ඉන්න.

769
01:53:46,570 --> 01:53:48,830
මං කියන්නම් විදින්න ඕන වෙලාව.

770
01:53:51,830 --> 01:53:53,370
මං ඒ කිව්වම...

771
01:53:54,260 --> 01:53:56,090
ඔයා ඒක අතාරින්නෙ නෑ...

772
01:53:58,770 --> 01:54:01,370
කරන්නෙ අල්ලන් ඉන්න එක
නතර කරන එක විතරයි.

773
01:54:08,590 --> 01:54:10,120
ඉලක්කෙ දිහා බලන් ඉන්න.

774
01:54:13,470 --> 01:54:15,900
ඔයාගෙ ඇඟ නිතරම වගෙ හෙලවේවි.

775
01:54:19,170 --> 01:54:23,630
ඊතලේ විදින්නෙ හරියටම 
කොයි වෙලාවටද කියලා තේරුම් ගන්න.

776
01:54:26,880 --> 01:54:28,750
ඔයාට ඒ රිද්මය තේරුම් යයි.

777
01:54:31,270 --> 01:54:33,700
මං විදින්න කියනකං අල්ලන් ඉන්න...

778
01:54:37,260 --> 01:54:38,860
ඔයා ශක්තිමත්.

779
01:54:40,000 --> 01:54:41,400
දැනෙන්න හරින්න...

780
01:54:43,200 --> 01:54:44,600
ඒ චලනය...

781
01:54:48,030 --> 01:54:49,430
ඒ රිද්මය...

782
01:54:56,430 --> 01:54:57,830
දැන් විදින්න.

783
01:55:05,540 --> 01:55:11,710
<font color="#ffee36">සිංහල අදහස සහ උපසිරසි නිපැයුම</font>
<font color="#05f6ff">රුක්ෂාන් ඛාන් (රුකා)</font>


