1
00:02:19,276 --> 00:02:44,276
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:02:51,300 --> 00:02:52,300
ඉක්මන් කරන්න!

3
00:03:09,200 --> 00:03:10,266
වූව්!

4
00:03:10,366 --> 00:03:11,566
එන්න, නෝනලා.

5
00:03:40,900 --> 00:03:46,200
එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි,
හයයි, හතයි, අටයි, නමයයි.

6
00:05:06,966 --> 00:05:08,466
මගුලයි, මිස්ටර් ටිඩ්වෙල්.

7
00:05:10,033 --> 00:05:11,133
මාව හොඳටම බය වුණා.

8
00:05:13,566 --> 00:05:16,066
අර රිංගපු එවුන් මගේ වැට කපලා.

9
00:05:17,366 --> 00:05:18,900
වස්සා පැටලිලා හිටියේ,

10
00:05:19,000 --> 00:05:21,000
ඌයි උගේ අම්මයි
ඔහේගේ පැත්තට පැනලා.

11
00:05:21,066 --> 00:05:23,866
දවස් දෙකකට කලින් ෂෙරිෆ් තෝමස්
ජාවාරම්කාරයෝ වගයක් ඇල්ලුවා.

12
00:05:24,833 --> 00:05:26,400
උන් ගේට්ටු දෙක තුනක්ම
කඩාගෙන ගිහින්

13
00:05:26,500 --> 00:05:27,800
බිල් විල්සන්ගේ ඉඩම පැත්තේ.

14
00:05:27,866 --> 00:05:28,800
ඉතින් කොහේද?

15
00:05:29,666 --> 00:05:31,400
ලෝමා ටෑන්ක් එක ළඟ. අර මායිම හරියේ.

16
00:05:32,666 --> 00:05:34,200
මට හෙට හවස් වෙද්දි
එහේ යන්න පුළුවන් වෙයි.

17
00:05:35,133 --> 00:05:36,100
මම ඔහේට කියන්නම්කෝ.

18
00:05:39,933 --> 00:05:41,600
- මිස්ටර් ටිඩ්වෙල්.
- ම්ම්.

19
00:05:43,333 --> 00:05:45,466
- කොහොමද ඉතින් ජීවිතේ?
- මම හොඳින්.

20
00:06:32,900 --> 00:06:34,733
හූෂ්! පලයන් මෙතනින් යන්න!

21
00:06:36,400 --> 00:06:37,300
පලයන්! යන්න!

22
00:07:27,533 --> 00:07:28,533
ෆාම් ජර්නල් බ්‍රෝඩ්කාස්ට්

23
00:07:28,600 --> 00:07:30,833
මැදිරියේ සිට,

24
00:07:30,900 --> 00:07:32,733
මේ ඇග්ඩේ වැඩසටහනයි.

25
00:07:49,300 --> 00:07:50,933
හෙට ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා,

26
00:07:51,000 --> 00:07:52,466
උෂ්ණත්වය 80 ගණන්වල තියේවි.

27
00:08:10,933 --> 00:08:12,066
කවුද එළියේ ඉන්නේ?

28
00:08:23,766 --> 00:08:25,000
ඕහ්, මගුල.

29
00:08:29,766 --> 00:08:31,766
මගේ ඉඩමෙන් පලයන් යන්න!

30
00:08:53,233 --> 00:08:55,500
හේයි!

31
00:08:56,866 --> 00:08:59,500
මෙතනින් පලයන්. හේයි! හේයි!

32
00:09:04,666 --> 00:09:05,866
කාලකණ්ණියා!

33
00:09:07,166 --> 00:09:08,166
ආයේ නම්...

34
00:09:08,266 --> 00:09:10,633
ආයේ නම් මෙහෙ එන්න එපා.
කාලකණ්ණියා!

35
00:09:13,266 --> 00:09:15,333
මෙතනින් පලයන් යන්න!

36
00:10:34,133 --> 00:10:35,333
ගුඩ් මෝනින්, මිස්ටර් ටිඩ්වෙල්.

37
00:10:36,066 --> 00:10:37,000
කොහොමද ඉතින්?

38
00:10:38,433 --> 00:10:40,333
ඔහේගේ වාහනේ සයිලන්සරේ
බුරුල් වෙලා වගේ.

39
00:10:43,300 --> 00:10:45,433
පරිස්සමෙන් යන්න.

40
00:10:57,600 --> 00:10:58,733
කාර්සන්.

41
00:11:01,500 --> 00:11:02,466
කාර්සන්.

42
00:11:08,866 --> 00:11:09,766
පෝෂියා.

43
00:11:10,633 --> 00:11:11,600
කොහොමද ඔයාට?

44
00:11:14,033 --> 00:11:17,500
ම්... හොඳින්, ස්තූතියි.

45
00:11:18,600 --> 00:11:21,666
- ඔයාලට කොහොමද?
- අපි හොඳින්. ම්...

46
00:11:21,766 --> 00:11:23,833
ඕවන් වැටිලා උකුළු ඇටේ කැඩුණා.

47
00:11:24,966 --> 00:11:26,800
ඒකෙන් එයා සෑහෙන්න දුර්වල වුණා.

48
00:11:27,900 --> 00:11:29,966
දැන්වත් මිනිහා
වල්කම් නොකර ඉඳීවි.

49
00:11:34,533 --> 00:11:36,033
මම, අහ්, මම ගියා...

50
00:11:37,500 --> 00:11:39,100
ගිය සතියේ සුසාන භූමියට.

51
00:11:39,900 --> 00:11:41,666
කැතීව බලන්නත් ගියා.

52
00:11:42,800 --> 00:11:45,700
එතන තිබ්බ වල් ටිකක් ගලවලා
පොඩ්ඩක් සුද්ද කළා.

53
00:11:48,033 --> 00:11:49,100
ඒකට ස්තූතියි.

54
00:11:54,533 --> 00:11:55,800
ඔයාට විකීව මතකයිනේ.

55
00:11:57,733 --> 00:12:00,666
විකී, ඔයාට කාර්සන්ව මතකයිනේ.

56
00:12:04,466 --> 00:12:05,800
පරිස්සමෙන් ඉන්න, කාර්සන්.

57
00:13:16,966 --> 00:13:18,366
ඔයා වාහනේ මංතීරුවෙන්
පිට පැන්නුවා.

58
00:13:19,833 --> 00:13:20,766
කීයක් බිව්වද?

59
00:13:23,000 --> 00:13:26,400
දකුණු පැත්තේ ටේල් ලයිට් එක වැඩ නෑ,
වින්ඩ්ස්ක්‍රීන් එකත් ඉරි තැලිලා.

60
00:13:26,466 --> 00:13:28,666
ටයර් ගෙවිලා. ලයිසන් ඉවරයි.

61
00:13:29,366 --> 00:13:30,766
සීට් බෙල්ට් දාලත් නෑ.

62
00:13:30,866 --> 00:13:32,766
හරියටම කිව්වොත්,
මේකේ සීට් බෙල්ට් නෑ.

63
00:13:35,433 --> 00:13:37,433
වෙන පළාතක නම්,
මේක මේ වෙද්දිත් රාජසන්තක කරලා.

64
00:13:38,700 --> 00:13:41,566
ඔයා ගාව වලංගු ලයිසන් එකක්
තිබ්බොත් මම පුදුම වෙනවා.

65
00:13:42,266 --> 00:13:43,600
ඔයාට ආයෙත් හිරේ යන්න ඕනෙද?

66
00:13:43,700 --> 00:13:46,133
දේශසීමා ආරක්ෂකයෝ කවද ඉඳන්ද
ට්‍රැෆික් රාජකාරි කරන්නේ?

67
00:13:50,400 --> 00:13:52,233
මම කෝල් කරන්න හැදුවා.
ඇයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ?

68
00:13:53,166 --> 00:13:54,600
මට ෆෝන් එකක් නෑ.

69
00:13:54,666 --> 00:13:56,600
ඔයාට ෆෝන් එකක් තියෙනවා.
මමයි ඒක දුන්නේ.

70
00:13:57,200 --> 00:13:58,100
ඒක වැඩ නෑ.

71
00:13:58,666 --> 00:14:00,600
ඔය මගුල ඔන් කරේ නැත්නම්
වැඩ කරන්නේ නෑ තමයි.

72
00:14:03,333 --> 00:14:06,000
රොන්ඩා කිව්වා ඔයා ආයෙත්
ඩොක්ටර් හම්බවෙන්න ගියේ නෑ කියලා.

73
00:14:07,266 --> 00:14:08,433
ආයෙමත්.

74
00:14:09,600 --> 00:14:10,966
මමම එක්කන් ගියේ නැත්නම්,
ආයෙ නම් ඇපොයින්ට්මන්ට් දෙන්නේ නෑ කිව්වා.

75
00:14:11,066 --> 00:14:12,866
ඒක කරන්න බැරි වැඩක් කියලා

76
00:14:12,933 --> 00:14:15,066
අපි දෙන්නම දන්නවා.

77
00:14:15,133 --> 00:14:17,066
ඉතින් අපි දැන්
මොකද කරන්නේ?

78
00:14:18,400 --> 00:14:19,400
මට උත්තරයක් දෙනවද?

79
00:14:19,500 --> 00:14:20,933
- මට ඩොක්ටර් කෙනෙක් ඕනේ නෑ.
- තාත්තේ.

80
00:14:21,666 --> 00:14:23,233
අවුරුදු 70ක් වුණාම
හැමෝටම ඩොක්ටර් කෙනෙක් ඕනේ.

81
00:14:30,500 --> 00:14:31,566
කොහේවත් යන්න එපා.

82
00:14:37,933 --> 00:14:38,833
හාර්ලි කතා කරන්නේ.

83
00:14:38,933 --> 00:14:39,933
ඩොන් කට්ටියක්ව අල්ලගෙන.

84
00:14:40,000 --> 00:14:41,500
එක්කෙනෙකුට වෙඩි වැදිලා වගේ.

85
00:14:41,600 --> 00:14:42,533
මොනවා?

86
00:14:44,266 --> 00:14:46,800
මගුලයි!

87
00:14:47,800 --> 00:14:49,466
- ඒ මොකක්ද?
- මුකුත් නෑ.

88
00:14:51,000 --> 00:14:52,233
මුකුත් නෑ. මම එන ගමන්.

89
00:16:07,600 --> 00:16:08,433
හේයි!

90
00:16:23,900 --> 00:16:24,866
දෙයියනේ.

91
00:16:25,700 --> 00:16:27,266
හරි.
හේයි, හේයි. නැගිටින්න.

92
00:16:28,100 --> 00:16:29,500
හේයි, මෙහෙ එන්න. නැගිටින්න!

93
00:16:29,566 --> 00:16:31,533
නෑ, ඔයාට මෙතන ඉන්න බෑ.

94
00:16:31,600 --> 00:16:33,500
ඔයාට මේක ඇතුළේ ඉන්න බෑ!

95
00:16:33,566 --> 00:16:34,500
එන්න, නැගිටින්න.

96
00:16:35,066 --> 00:16:36,500
එන්න, දෙයියනේ... නැගිටින්න!

97
00:16:36,566 --> 00:16:38,533
නැගිටිනවද? කරුණාකරලා නැගිටින්න.

98
00:16:54,566 --> 00:16:55,933
හේයි, හේයි.

99
00:17:25,366 --> 00:17:26,866
ඔබ ඩුවාල් ප්‍රාන්තයේ...

100
00:17:26,966 --> 00:17:28,800
- හදිසි ඇමතුම් අංශය හා සම්බන්ධ වී ඇත.
- නෑ, මට පැමිණිලි කරන්න ඕනේ...

101
00:17:28,866 --> 00:17:30,033
කරුණාකර රැඳී සිටින්න.

102
00:17:30,133 --> 00:17:31,966
අපගේ නියෝජිතයින්
වෙනත් ඇමතුම් සමඟ කාර්යබහුලයි.

103
00:17:33,066 --> 00:17:35,066
මගුල. මගුලයි.

104
00:17:42,866 --> 00:17:45,900
නෑ, නෑ, නෑ.

105
00:17:49,333 --> 00:17:50,333
ඔයාගේ කකුල දිහා බලන්න.

106
00:17:53,433 --> 00:17:54,866
හෙට, මම යනවා.

107
00:17:54,933 --> 00:17:56,533
ඔයාට උදව් ඕනේ. අයුඩා (උදව්).

108
00:17:56,633 --> 00:17:57,866
සර්, ඔයා ඉන්නවද?

109
00:18:00,900 --> 00:18:02,033
මට පැමිණිලි කරන්න ඕනේ...

110
00:18:08,933 --> 00:18:10,800
ආව්! ආව්, ආව්...

111
00:18:23,133 --> 00:18:24,566
හෙලෝ?

112
00:18:25,366 --> 00:18:26,566
හෙලෝ... අහ්, ඕහ්.

113
00:18:27,766 --> 00:18:30,900
හෙලෝ! හෙලෝ!

114
00:18:31,000 --> 00:18:31,733
හෙලෝ.

115
00:18:32,533 --> 00:18:33,500
ඔයා මට වෙඩි තිබ්බා.

116
00:18:34,766 --> 00:18:36,666
ඔයා වෙඩි...

117
00:18:41,566 --> 00:18:43,233
හෙට මම... මම යනවා.

118
00:18:48,166 --> 00:18:49,433
කරුණාකරලා.

119
00:18:52,266 --> 00:18:54,000
කරුණාකරලා.

120
00:19:17,766 --> 00:19:18,566
තාත්තේ!

121
00:19:19,266 --> 00:19:21,300
තාත්තේ!

122
00:19:28,200 --> 00:19:30,600
- ඔය දොර අරින්න.
- මුන් මෙහේ මොකද කරන්නේ?

123
00:19:31,166 --> 00:19:33,166
ඔයා 911 එකට කෝල් කරලා කට් කළා.

124
00:19:33,966 --> 00:19:35,266
නීල් අද උදේ මට කිව්වා.

125
00:19:36,333 --> 00:19:37,900
මට ඔයාව බලන්න ඕනේ වුණා.

126
00:19:37,966 --> 00:19:40,966
ඔයාට මාව බලන්න විතරක් ඕනේ වුණා නම්,
ඇයි මුන්වත් එක්කන් ආවේ?

127
00:19:43,000 --> 00:19:46,100
ඊයේ රෑ 624 පාරේ හිටපු
නීතිවිරෝධී කට්ටියක්ව අපි ඇල්ලුවා.

128
00:19:46,200 --> 00:19:47,033
මංමුළා වෙලා හිටියේ.

129
00:19:47,600 --> 00:19:49,700
වතුර බොන්න මඩුවකට ගිය වෙලාවේ

130
00:19:49,766 --> 00:19:51,433
කවුරුහරි ඒ අයට වෙඩි තිබ්බා කිව්වා.

131
00:19:52,066 --> 00:19:53,266
ඒකෙන් එක්කෙනෙක්ව අතුරුදහන්.

132
00:19:53,366 --> 00:19:55,166
ඉතින්, ඕකෙයි මගෙයි තියෙන
සම්බන්ධෙ මොකක්ද?

133
00:19:55,233 --> 00:19:56,733
ඔයා 911 එකට කතා කළා.

134
00:19:57,566 --> 00:19:58,700
ඒක වැරදීමකින් වුණේ.

135
00:19:59,566 --> 00:20:01,200
කවුද වැරදීමකින් 911 එකට කතා කරන්නේ?

136
00:20:01,300 --> 00:20:03,200
හේයි, ඔයා මට කිව්වේ
ඔයාගේ ෆෝන් එක වැඩ නෑ කියලා.

137
00:20:03,866 --> 00:20:05,966
තාත්තේ, කෙනෙක් අතුරුදහන් වෙලා.

138
00:20:06,800 --> 00:20:08,833
ඒ කෙනාට වෙඩි වැදිලා නම්,
ඒක ලොකු ප්‍රශ්නයක්.

139
00:20:09,400 --> 00:20:11,600
කෙනෙක් මැරිලා නම්,
ඒක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්.

140
00:20:12,666 --> 00:20:14,100
ඔයා මොනවා හරි දැක්කා නම්,
මේක තමයි කියන්න හොඳම වෙලාව.

141
00:20:14,166 --> 00:20:15,666
මම ඕක ගැන මුකුත්ම දන්නේ නෑ.

142
00:20:19,900 --> 00:20:22,966
ඔයා අකමැති නැත්නම්,
අපි මේ අවට පොඩ්ඩක් බලනවා.

143
00:20:23,966 --> 00:20:27,066
ඒ අතරේ, ඇහැ ගහගෙන ඉන්න.
අපිට උදව් කරන්න.

144
00:20:35,733 --> 00:20:36,600
යමු!

145
00:21:09,433 --> 00:21:11,366
ඕක පැත්තකින් තියන්න. උන් ගියා.

146
00:21:16,133 --> 00:21:17,366
එන්න.

147
00:21:22,200 --> 00:21:23,600
එන්න, එන්න.

148
00:21:27,533 --> 00:21:30,533
එන්න, එන්න. මෙතනින්.

149
00:21:31,300 --> 00:21:33,366
මෙතනින්. මෙතනින්.

150
00:21:36,433 --> 00:21:39,966
යන්න.

151
00:21:43,933 --> 00:21:44,933
දැවෙනවා!

152
00:21:49,500 --> 00:21:50,533
ඒක දනවා.

153
00:21:52,033 --> 00:21:53,533
අනේ දෙවියනේ.

154
00:22:10,800 --> 00:22:11,666
හරි.

155
00:22:12,966 --> 00:22:15,500
දැන් නිකන්... නිකන්...

156
00:22:16,966 --> 00:22:17,933
නිකන් හෙල්ලෙන්නේ නැතුව ඉන්න.

157
00:22:31,166 --> 00:22:32,066
හරි.

158
00:22:34,866 --> 00:22:36,533
ඕහ් නෑ, නෑ, නෑ. හරි.

159
00:22:36,600 --> 00:22:38,066
මේ ඇල්කොහොල්.

160
00:22:38,133 --> 00:22:39,200
පිරිසිදු කරන්න. ලිම්පියාර්.

161
00:22:39,266 --> 00:22:42,566
හෙල්ලෙන්නේ නැතුව ඉන්න.

162
00:22:42,666 --> 00:22:43,500
හරි.

163
00:22:50,900 --> 00:22:52,500
හරි. හරි.

164
00:22:52,566 --> 00:22:53,566
මට ඒකට කරන්න පුළුවන් දෙයක් නෑ.

165
00:22:54,500 --> 00:22:55,466
හරි.

166
00:22:57,033 --> 00:22:57,933
ඔන්න හරි.

167
00:23:11,666 --> 00:23:12,800
ඔයා ඉමිග්‍රේෂන් එකට කියන්න එපා.

168
00:23:15,066 --> 00:23:15,933
ඇයි?

169
00:23:18,700 --> 00:23:19,800
ඒක උන්ට අදාළ නෑ.

170
00:23:21,066 --> 00:23:22,166
අපි කොහෙද ඉන්නේ?

171
00:23:24,700 --> 00:23:28,766
කොයෝටේ කිව්වා අපි ඉන්නේ
සැන් ඇන්ටෝනියෝ ටවුමට කිට්ටුව කියලා.

172
00:23:29,600 --> 00:23:30,700
අපි ඇවිදගෙන යනවා.

173
00:23:31,666 --> 00:23:34,000
ඔයාගේ කොයෝටේ බොරු කියලා තියෙන්නේ.

174
00:23:35,066 --> 00:23:37,333
සැන් ඇන්ටෝනියෝ තියෙන්නේ
මෙහේ ඉඳන් හැතැප්ම සීයක් දුරින්.

175
00:23:41,533 --> 00:23:42,700
ඇවිදින්න බෑ.

176
00:23:48,133 --> 00:23:49,166
බෝඩර් පැට්‍රෝල් එකෙන් උන්ව අල්ලගත්තා.

177
00:23:50,100 --> 00:23:52,133
මගේ පුතා. මිග්‍රා (ඉමිග්‍රේෂන්).

178
00:23:52,933 --> 00:23:53,766
ඔක්කොමලාවම?

179
00:23:54,633 --> 00:23:56,566
- ඔව්.
- හේයි.

180
00:23:58,600 --> 00:24:01,266
ඔයා මට මොකද කරන්නේ?

181
00:24:05,066 --> 00:24:06,100
ඔයා මෙහේ ඉන්න.

182
00:24:07,600 --> 00:24:08,666
ඔයාට ඇවිදින්න පුළුවන් වෙනකන්.

183
00:24:10,400 --> 00:24:11,333
ඊටපස්සේ,

184
00:24:12,366 --> 00:24:13,833
ඔයා මොනවා කරගත්තත් මට කමක් නෑ.

185
00:27:56,133 --> 00:27:56,900
හෙලෝ.

186
00:29:46,400 --> 00:29:47,966
මගේ නම අයිරීන් රොමෙරෝ.

187
00:29:53,600 --> 00:29:55,200
ඔයා මාව බස් ස්ටෑන්ඩ් එකට
එක්කන් යන්න.

188
00:29:57,633 --> 00:30:00,333
මම ඩොලර් 200ක් දෙන්නම්.

189
00:30:05,166 --> 00:30:06,300
ඔයාගේ සල්ලි පෙන්නන්න එපා.

190
00:30:07,266 --> 00:30:08,266
කවුරුහරි ඒක ගනීවි.

191
00:30:11,700 --> 00:30:14,066
ඔයා මාව එක්කන් යන්න,
සැන් ඇන්ටෝනියෝ බස් ස්ටෑන්ඩ් එකට.

192
00:30:14,733 --> 00:30:16,133
මම ඔයාව කොහේවත් එක්කන් යන්නේ නෑ.

193
00:30:16,233 --> 00:30:18,133
ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි
ආපු දිහාටම ආපහු යන එක.

194
00:30:19,900 --> 00:30:21,166
මම යන්නේ කොලරාඩෝ වලට.

195
00:30:21,233 --> 00:30:22,733
ඔයාට කීයටවත්
කොලරාඩෝ වලට යන්න වෙන්නේ නෑ.

196
00:30:28,966 --> 00:30:31,000
මම මාස දෙකක් තිස්සේ
මෙක්සිකෝව පුරාම ඇවිද්දා.

197
00:30:32,400 --> 00:30:33,900
මම කොලරාඩෝ වලට යනවා.

198
00:30:42,466 --> 00:30:43,966
ඩොලර් තුන්සීයක්.

199
00:30:53,533 --> 00:30:55,600
මට ඇවිදින්න බෑ,
මොකද ඔයා මට වෙඩි තිබ්බා.

200
00:30:56,400 --> 00:30:59,233
- මම මොකද කරන්නේ?
- ඔයාගේ කොයෝටේට කියලා එක්කන් යන්න කියන්න.

201
00:31:00,366 --> 00:31:01,433
ඔයා කාලා ඉවරද?

202
00:31:05,533 --> 00:31:06,366
එයා ගියා.

203
00:31:07,033 --> 00:31:09,133
- ඔයා ගන්න.
- නෑ, මම ගන්නේ නෑ.

204
00:31:09,200 --> 00:31:10,500
මම උදව් කරන්නේ නෑ.

205
00:31:15,700 --> 00:31:17,133
ඔයා නරක මිනිහෙක්!

206
00:31:20,333 --> 00:31:21,533
මම සැන් ඇන්ටෝනියෝ වලට පයින් යනවා.

207
00:31:21,633 --> 00:31:24,033
හොඳයි, හයිවේ එක තියෙන්නේ
මේ පැත්තට හැතැප්ම තුනක් ගියාම.

208
00:31:24,633 --> 00:31:26,333
කෙළින්ම උතුරට හැතැප්ම
එකසිය විස්සක් යන්න ඕනේ.

209
00:31:27,633 --> 00:31:28,600
සුභ ගමන්.

210
00:33:03,466 --> 00:33:04,366
ගුඩ් මෝනින්.

211
00:33:07,900 --> 00:33:09,066
ලොකු කුණාටුවක් එනවා වගේ.

212
00:33:10,400 --> 00:33:11,500
අද රෑට හිම වැටෙයි වගේ.

213
00:33:12,500 --> 00:33:13,800
ඔහේ ඉන්නේ පෞද්ගලික ඉඩමක.

214
00:33:15,400 --> 00:33:16,900
සමාවෙන්න, මිස්ටර් ටිඩ්වෙල්.

215
00:33:17,000 --> 00:33:18,700
මේ පාර තියෙන්නේ
පයිප්ප ලයින් එකේ අයිතියට.

216
00:33:20,466 --> 00:33:23,500
හේයි, අර අතුරුදහන් වුණ
නීතිවිරෝධී කෙනා ගැන මොකුත් ආරංචියක් ආවද?

217
00:33:28,800 --> 00:33:29,866
දැන් මැරිලා ඇති.

218
00:33:29,966 --> 00:33:31,800
නැත්නම් චිකාගෝ වල ඇති.

219
00:33:34,633 --> 00:33:37,300
හේයි, හෙන්ඩර්සන් වොෂ් පැත්තේ
ඔහේගේ හරක් එහෙම ඉන්නවද?

220
00:33:37,966 --> 00:33:39,933
ඕහ්, සමහරවිට.

221
00:33:41,033 --> 00:33:42,200
අපේ සෙන්සර් එකක් වැඩ කළා.

222
00:33:45,033 --> 00:33:46,233
ගිහින් බලන්න ඕනේ.

223
00:33:48,533 --> 00:33:49,500
පරිස්සමෙන් යන්න.

224
00:34:43,633 --> 00:34:45,466
මගුලයි!

225
00:34:48,600 --> 00:34:51,100
දෙවියනේ...

226
00:36:09,633 --> 00:36:10,633
ළමයෝ!

227
00:36:14,266 --> 00:36:15,866
ළමයෝ, ඔයා එළියෙද ඉන්නේ?

228
00:36:17,733 --> 00:36:18,633
ළමයෝ!

229
00:36:21,166 --> 00:36:22,833
ළමයෝ, ඔයා එළියෙද ඉන්නේ?

230
00:36:27,100 --> 00:36:28,266
ඔයාට මාව ඇහෙනවද?

231
00:36:35,066 --> 00:36:36,000
ඔයාට මාව ඇහෙනවද?

232
00:36:38,166 --> 00:36:39,066
ළමයෝ?

233
00:36:45,066 --> 00:36:46,066
අනේ දෙවියනේ.

234
00:36:57,933 --> 00:36:58,933
එන්න.

235
00:37:12,433 --> 00:37:14,033
මොන මගුලක්ද මේ වෙන්නේ, කාර්සන්?

236
00:37:15,666 --> 00:37:18,833
මෙයාට කොහොමද වෙඩි වැදුණේ කියලා
මම අහන්නේ නෑ. තුවාලේ හොඳටම පැසවලා.

237
00:37:19,766 --> 00:37:21,666
ඔයා මොනවා කරන්න හදනවද කියලා
මම දන්නේ නෑ.

238
00:37:21,733 --> 00:37:24,000
ඔයාට තනියම මෙයාව බලාගන්න බෑ.

239
00:37:24,066 --> 00:37:25,366
ඒක හරියන්නේ නෑ කියලා අපි දන්නවා.

240
00:37:26,000 --> 00:37:28,733
මෙයාව රෝහලකට අරන් ගිහින්
සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන්න ඕනේ.

241
00:37:28,833 --> 00:37:30,133
මෙයාට ඇන්ටි-බයොටික් ඕනේ.

242
00:37:30,700 --> 00:37:31,633
මම බෙහෙත් ලියලා දෙන්නම්,

243
00:37:31,700 --> 00:37:33,033
ඒත් ඒක ටිකක් අවුල් නේද?

244
00:37:33,866 --> 00:37:36,500
මෙයාගේ ඇඟ හොඳටම දුර්වල වෙලා තියෙන්නේ.

245
00:37:36,600 --> 00:37:38,033
මෙයාගේ දරුවා නැතිවෙන්න
ලොකු ඉඩක් තියෙනවා.

246
00:37:41,000 --> 00:37:42,066
මෙයාට දරුවෙක් හම්බවෙන්න ඉන්නේ.

247
00:37:43,100 --> 00:37:44,300
මාස හතරයි.

248
00:37:45,566 --> 00:37:47,433
අපි මේකට මැදිහත් වෙන්නේ නෑ,
මිස්ටර් ටිඩ්වෙල්,

249
00:37:47,500 --> 00:37:50,700
ඒත් ඔයා මෙයාගේ සහ දරුවාගේ
සෞඛ්‍යය ගැන හිතන්න ඕනේ.

250
00:37:52,033 --> 00:37:53,233
මෙයාට මෙහේ ඉන්න බෑ.

251
00:37:54,266 --> 00:37:56,600
හෙට, ක්ලිනික් එකට අරන් එන්න.

252
00:38:00,700 --> 00:38:02,366
මම අර හරක් ගැන විස්තරේ
පස්සේ කියන්නම්.

253
00:38:54,466 --> 00:38:55,500
මම උදව්වක් කරන්නද?

254
00:38:57,100 --> 00:38:58,466
ඔව්, මම, අහ්...

255
00:39:00,166 --> 00:39:01,966
මම හාර්ලි ටිඩ්වෙල්ව හෙව්වේ.

256
00:39:02,666 --> 00:39:03,700
ඔයා කවුද?

257
00:39:05,566 --> 00:39:07,733
කාර්සන් ටිඩ්වෙල්.

258
00:39:08,500 --> 00:39:09,500
එයාගේ, අහ්...

259
00:39:09,600 --> 00:39:12,300
සමාවෙන්න, මිස්ටර් ටිඩ්වෙල්.
මම නිලධාරී ලෝපෙස්,

260
00:39:12,400 --> 00:39:13,433
හමුවීම සතුටක්.

261
00:39:14,033 --> 00:39:16,566
හාර්ලි මෙහේ නෑ, ඒත් එයා
තව ටිකකින් ඒවි.

262
00:41:22,033 --> 00:41:22,866
බොන්න.

263
00:41:26,933 --> 00:41:28,166
ඇන්ටි-බයොටික්.

264
00:41:29,900 --> 00:41:31,266
බොන්නකෝ.

265
00:41:44,866 --> 00:41:46,633
හොඳයි.

266
00:41:52,900 --> 00:41:54,400
හරි, මෙතන කෑම ටිකක් තියෙනවා.

267
00:41:55,100 --> 00:41:56,833
ඒක කන්න උත්සාහ කරන්න, හරිද?

268
00:41:59,800 --> 00:42:00,966
දරුවා වෙනුවෙන්.

269
00:42:03,533 --> 00:42:04,433
දරුවා.

270
00:45:19,966 --> 00:45:21,400
දරුණු කුණාටු වගේම,

271
00:45:21,466 --> 00:45:23,433
තද වැසිත් ඇතිවෙන්න පටන් අරන්,

272
00:45:23,500 --> 00:45:25,733
මේ තත්ත්වය නැගෙනහිර දෙසට
ගමන් කරාවි.

273
00:45:41,266 --> 00:45:42,333
ඔයාගේ නෝනා.

274
00:45:42,400 --> 00:45:45,000
එයා හරිම ලස්සන කෙනෙක්.

275
00:45:52,566 --> 00:45:54,833
- මොකක්ද?
- ඔයාගේ නෝනා.

276
00:45:56,266 --> 00:45:58,300
මොකක්ද... එයාගේ නම?

277
00:46:01,900 --> 00:46:02,933
කැතී.

278
00:46:06,300 --> 00:46:07,233
කැතරින්.

279
00:46:08,133 --> 00:46:09,300
එයා...

280
00:46:11,966 --> 00:46:14,066
එයාට කාරුණික ඇස් තිබ්බා.

281
00:46:14,933 --> 00:46:16,266
කාරුණික ඇස්.

282
00:46:18,233 --> 00:46:22,366
මට පේනවා ඔයා එයාට
ගොඩක් ආදරේ කළා කියලා.

283
00:46:24,333 --> 00:46:28,833
එයා එන්ෆර්මා? ලෙඩින්ද හිටියේ?

284
00:46:30,233 --> 00:46:31,666
ඔව්, එයා ලෙඩින් හිටියේ.

285
00:46:35,333 --> 00:46:39,300
මේ ගෙදර ඉස්සර ලස්සනට තියෙන්න ඇති.

286
00:46:40,300 --> 00:46:42,833
එයා ඒක ලස්සනට තියාගන්න ඇති.

287
00:46:42,933 --> 00:46:43,766
ලස්සනට.

288
00:46:44,633 --> 00:46:46,000
දැන් නම්...

289
00:46:49,966 --> 00:46:53,100
සත්තු වත්තක් වගේ.

290
00:46:55,900 --> 00:46:59,300
ඔයාගේ පුතා, එයා ඔයාට උදව් කරන්නේ නැද්ද?

291
00:51:43,633 --> 00:51:44,700
මට සමාවෙන්න.

292
00:51:46,033 --> 00:51:47,866
මම මේ කාමරේට එන්න හොඳ නෑ.

293
00:51:49,033 --> 00:51:50,266
එයාව මතක් වෙන එක...

294
00:51:51,066 --> 00:51:52,233
ඔයාට වේදනාවක් දෙනවා.

295
00:51:53,900 --> 00:51:55,066
මටත් එහෙමයි.

296
00:51:58,066 --> 00:51:59,666
මගේ බැඳපු නැති මහත්තයා...

297
00:52:02,866 --> 00:52:04,066
ලාස් පැන්ඩිලාස් (කල්ලි).

298
00:52:07,033 --> 00:52:09,366
එයා සල්ලි දුන්නේ නෑ,
ඉතින් එයාව මැරුවා.

299
00:52:10,700 --> 00:52:12,300
උන් අපේ ගේ ගිනි තිබ්බා.

300
00:52:13,333 --> 00:52:14,366
උන් මාව දාලා ගියා.

301
00:52:15,500 --> 00:52:18,500
උන් හිතුවා... මම මැරිලා කියලා.

302
00:52:21,766 --> 00:52:22,733
හොඳයි...

303
00:52:24,866 --> 00:52:26,233
දැන් ඔයා යන්න ඕනේ වෙලාව.

304
00:52:27,100 --> 00:52:28,266
ඔයාට දැන් තනියම
ඇවිදින්න පුළුවන්.

305
00:52:28,866 --> 00:52:30,133
අනිත් එක ඔයා
දරුවා ගැනත් හිතන්න එපැයි.

306
00:52:30,900 --> 00:52:32,633
දරුවාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනේ.

307
00:52:32,733 --> 00:52:35,400
මම ඔයාව ලරෙඩෝ වලට එක්කන් යන්නම්.

308
00:52:37,666 --> 00:52:39,333
එතනින් ඔයාට
පාලමෙන් එගොඩ වෙන්න පුළුවන්.

309
00:52:39,400 --> 00:52:40,566
ආපහු බෝඩරෙන් එහා පැත්තට.

310
00:52:41,700 --> 00:52:43,066
මම මෙක්සිකෝවට යන්නේ නෑ.

311
00:52:43,866 --> 00:52:45,300
මම කොලරාඩෝ වලට යනවා.

312
00:52:45,366 --> 00:52:47,066
ඔයාට කොලරාඩෝ වලට
යන්න වෙන්නේ නෑ.

313
00:52:47,733 --> 00:52:50,133
කොලරාඩෝ තියෙන්නේ...
හැතැප්ම දාහක් විතර දුරින්.

314
00:52:50,200 --> 00:52:52,200
මම බස් එකක ඩෙන්වර් වලට යනවා.

315
00:52:52,300 --> 00:52:54,033
ඉතින් ඔයා කොහොමද බස් එකට යන්නේ, ආ?

316
00:52:54,133 --> 00:52:55,300
හැමතැනම ඉමිග්‍රේෂන් එකෙන් ඉන්නවා.

317
00:52:58,300 --> 00:52:59,300
හයිවේ එකෙත් උන් ඉන්නවා.

318
00:52:59,400 --> 00:53:00,800
- බස් ස්ටෑන්ඩ් එකෙත් ඉන්නවා.
- මම පයින් යනවා! මම පයින් යනවා!

319
00:53:00,900 --> 00:53:01,766
ඔයා පයින් යන්නද හදන්නේ?

320
00:53:01,833 --> 00:53:03,666
ඔයා ඒක කරලා බලන්න ගිහින්නේ
මැරුම් කන්න ගියේ.

321
00:53:04,800 --> 00:53:06,633
මට මීට වඩා ඔයාට උදව් කරන්න බෑ.

322
00:53:13,233 --> 00:53:14,433
එහෙනම් මම මැරෙයි.

323
00:53:15,066 --> 00:53:17,000
එතකොට ඔයාගේ දරුවා,
ඔයා එයාවත් මරන්නද හදන්නේ.

324
00:53:26,866 --> 00:53:27,900
කවුද මේක කළේ?

325
00:53:39,466 --> 00:53:42,266
මම ගිහින් පොලිසියට කිව්වා,

326
00:53:43,900 --> 00:53:48,233
කල්ලියේ එවුන් මං බඳින්න හිටපු
කෙනාව මැරුවා කියලා.

327
00:53:49,066 --> 00:53:50,366
උන් අපේ ගේ ගිනි තිබ්බා.

328
00:53:50,433 --> 00:53:53,866
ඉතින් පොලිසියෙන් මොකද කිව්වේ, ආ?

329
00:53:55,733 --> 00:53:57,066
එයා කිව්වා, "කලාටේ.

330
00:53:58,100 --> 00:53:59,100
කට වහගන්න.

331
00:54:00,366 --> 00:54:01,500
ඊළඟ වතාවේ,

332
00:54:03,066 --> 00:54:07,333
මේ පිහිය මීට වඩා ගැඹුරට වදීවි කියලා."

333
00:54:17,266 --> 00:54:20,766
මගේ දුව එල් සැල්වදෝරයේ
හැදෙනවට මම කැමති නෑ.

334
00:54:23,666 --> 00:54:27,900
මගේ දුව හැදෙන්න ඕනේ
ඇමරිකාවේ.

335
00:54:31,200 --> 00:54:33,566
එයා ජීවත් වෙලා එයාගේ ජීවිතේ තීරණය කරාවි.

336
00:54:35,733 --> 00:54:38,066
ආපහු යනවට වඩා මම මැරෙන එක හොඳයි.

337
00:54:40,566 --> 00:54:41,566
මම මැරුණොත්...

338
00:54:43,833 --> 00:54:44,933
එයත් මැරේවි.

339
00:55:15,100 --> 00:55:16,233
ඔයාට මොනවා හරි ඕනෙද, හාර්ලි?

340
00:55:17,300 --> 00:55:19,133
මම බියර් එකක් බොන්නම්. ඇයි නැත්තේ?

341
00:55:21,766 --> 00:55:23,000
ස්තූතියි.

342
00:55:30,366 --> 00:55:31,533
අන්න ඒක නම් නියමයි.

343
00:55:32,466 --> 00:55:34,500
ඔව්, සමහර දවස්වලට එහෙම තමයි නේද?

344
00:55:38,266 --> 00:55:39,833
මට ආරංචි වුණා ඔයා ස්ටේෂන් එක පැත්තේ ආවා කියලා.

345
00:55:40,766 --> 00:55:41,666
මොකක්ද වෙන්නේ?

346
00:55:43,633 --> 00:55:47,000
ඔයා වැරදීමකින් 911 ට කෝල් කරනවා,

347
00:55:47,966 --> 00:55:50,466
මගේ ජීවිතේට පළවෙනි වතාවට
මගේ ඔෆිස් එකට එනවා.

348
00:55:52,133 --> 00:55:53,233
මොකක් හරි අවුලක් තියෙනවා.

349
00:55:55,266 --> 00:55:56,633
නිකන් අහල පහළ කෙනෙක් විදියට ආවද?

350
00:55:59,433 --> 00:56:00,300
ම්ම්.

351
00:56:02,533 --> 00:56:03,566
ඔයාගේ මුනුපුරා?

352
00:56:03,666 --> 00:56:05,766
ඕහ්, එයා හොඳින් ඉන්නවා.

353
00:56:05,866 --> 00:56:06,833
ඇහුවට ස්තූතියි.

354
00:56:07,500 --> 00:56:08,600
මේක අහන්නකෝ.

355
00:56:11,466 --> 00:56:15,300
කෝබින් මේ සතිඅන්තයේ
ඉස්කෝලේ ධාවන වාර්තා තුනක්ම කැඩුවා.

356
00:56:15,866 --> 00:56:17,833
මීටර් 100 දිව්වේ තත්පර 12 න්.

357
00:56:19,000 --> 00:56:19,966
පළවෙනි අවුරුද්දේ ළමයෙක් විදියට.

358
00:56:21,300 --> 00:56:23,000
එයා ලස්සන කොල්ලෙක් නේද?

359
00:56:25,866 --> 00:56:28,100
එයාලා හොඳින් ඉන්නවා වගේ.

360
00:56:29,766 --> 00:56:31,433
ඇලිසියාට කෙනෙක්ව හම්බවෙලා.

361
00:56:31,500 --> 00:56:33,600
එයාලා යාළු වෙලා වගේ.
ඒක එයාට හොඳයි.

362
00:56:36,700 --> 00:56:39,266
කොහොම වුණත්, චියර්ස්.

363
00:56:45,766 --> 00:56:49,100
ඕහ්, අහ්, අර වෙඩි වැදුණා කියන ඉමිග්‍රන්ට්,

364
00:56:50,533 --> 00:56:52,200
ඔයා දන්නවා ඇති, නැත්නම් නෑ,
කවුද මගුල දන්නේ.

365
00:56:52,300 --> 00:56:54,000
කොහොමහරි අපිට විස්තර ටිකක් හම්බවුණා.

366
00:56:54,066 --> 00:56:55,333
ඔව්, ඒ ගෑනු කෙනෙක්.

367
00:56:55,400 --> 00:56:57,866
වයස අවුරුදු විසි දෙකයි,
එල් සැල්වදෝරයෙන්.

368
00:56:58,800 --> 00:56:59,633
ප්‍රෙග්නන්ට්.

369
00:57:00,433 --> 00:57:03,633
ICE එකෙන් චිකාගෝ වලදී
එයාගේ යාළුවෙක්ව අල්ලගෙන.

370
00:57:04,200 --> 00:57:06,966
මං හිතන්නේ එයාව දාලා ආපු එකට
ඌට අවුල් යන්න ඇති.

371
00:57:07,966 --> 00:57:09,800
එයාලා ඌගෙන් තව විස්තර අහගනීවි.

372
00:57:09,900 --> 00:57:11,933
ඔව්. අපිට කිසිම හෝඩුවාවක් නැති වුණා.

373
00:57:12,933 --> 00:57:14,466
රේන්ජර්ස්ලා හොයන්න ඕනේ,

374
00:57:14,566 --> 00:57:15,833
ඒත් උන් ඕක ගාණකටවත් ගන්නේ නෑ.

375
00:57:16,500 --> 00:57:20,400
උන්ට ඒක තවත් එක රිංගපු එකෙක්ගේ
මළමිනියක් විතරයි.

376
00:57:27,100 --> 00:57:28,433
තාත්තේ, ඔයා ඇයි මගේ ඔෆිස් එකට ආවේ?

377
00:57:29,533 --> 00:57:32,200
ඔයා මේ ගැන මොනවා හරි දන්නවා.
මට ඒක ඔයාගේ මූණෙන් පේනවා.

378
00:57:45,966 --> 00:57:48,166
තාත්තේ, ඔයාට ඩ්‍රයිව් කරන්න බෑ.

379
00:57:48,266 --> 00:57:49,500
මම ඔයාව ගෙදරට එක්කන් යන්නම්...

380
00:57:50,166 --> 00:57:51,900
හෙට කවුරුහරි ඇවිත්
ට්‍රක් එක අරන් යාවි.

381
00:57:52,600 --> 00:57:53,500
තාත්තේ.

382
00:57:53,600 --> 00:57:55,300
මට ඔය යතුරු දෙන්න.

383
00:57:55,933 --> 00:57:57,500
- අනේ දෙන්න, යතුරු ටික දෙන්න.
- බෑ.

384
00:57:58,300 --> 00:57:59,366
- මට යතුරු දෙනවා!
- බෑ.

385
00:57:59,433 --> 00:58:00,933
ඔයා ඩ්‍රයිව් කරන්නේ නෑ.
ඔයා බීලා ඉන්නේ.

386
00:58:01,033 --> 00:58:03,266
ඔයා සිහියෙන් එලවනවට වඩා හොඳට,
මට බීලා එලවන්න පුළුවන්.

387
00:58:03,366 --> 00:58:05,400
ඒක නම් මාර කතාවක් තමයි.

388
00:58:06,266 --> 00:58:07,900
නෑ, නෑ, නෑ. මම ගත්තා.

389
00:58:08,000 --> 00:58:09,033
- මම ගත්තා.
- නෑ, නෑ.

390
00:58:09,833 --> 00:58:11,600
මගේ යතුරු දෙනවා.

391
00:58:11,700 --> 00:58:12,833
- මම ඒවා ඔයාට දෙන්නේ නෑ.
- යතුරු දෙනවා.

392
00:58:12,900 --> 00:58:13,933
මම ඔයාව ගෙදරට එක්කන් යන්නයි හදන්නේ, හරිද?

393
00:58:14,033 --> 00:58:15,400
- මට මගේ...
- මම ඔයාව ගෙදර එක්කන් යනවා...

394
00:58:15,500 --> 00:58:18,533
දෙවියනේ, ඔයාට හොඳටම වැඩිවෙලා.

395
00:58:19,233 --> 00:58:20,533
එන්න. මම අල්ලගන්නම්.

396
00:58:20,633 --> 00:58:22,566
එපා, මගේ ඇඟට අත තියන්න එපා යකෝ!

397
00:58:25,333 --> 00:58:26,800
ඒක ඔයාට අදාළ නෑ.

398
00:58:29,166 --> 00:58:31,200
- උඹ පොලිසිය නෙවෙයි.
- නෑ, මම ඔයාගේ පුතා.

399
00:58:31,933 --> 00:58:33,733
- මම ඔයාට උදව් කරන්න හදන්නේ.
- යතුරු දියන්.

400
00:58:33,800 --> 00:58:34,966
නෑ, මම ඔයාට කාටවත් මරන්න දෙන්නේ නෑ...

401
00:58:35,066 --> 00:58:36,266
මම ඔයාට කාටවත් මරන්න දෙන්නේ නෑ, හරිද?

402
00:58:36,833 --> 00:58:37,966
ඒක පළවෙනි වතාව නෙවෙයිනේ.

403
00:58:48,733 --> 00:58:50,033
මොකද, මම වැරදිද?

404
00:58:51,400 --> 00:58:52,233
ඔයා එයාව මැරුවා.

405
00:58:54,500 --> 00:58:56,600
ඔව්, එයාගේම ආදරණීය මහත්තයා, හ්ම්?

406
00:59:01,966 --> 00:59:03,200
මොකද, ඒකට ඔයාට කේන්ති යනවද?

407
00:59:04,033 --> 00:59:05,300
ඔයා එයාව මැරුවා!

408
00:59:08,000 --> 00:59:09,766
මොකද? උඹට ගහගන්න ඕනෙද?

409
00:59:09,833 --> 00:59:12,000
මේකද උඹට ඕනේ?
මේකද ඕනේ?

410
00:59:15,000 --> 00:59:16,166
දැන් උඹට මොනවා හරි කියන්න තියෙනවද?

411
00:59:22,066 --> 00:59:23,033
මගුලයි.

412
00:59:26,566 --> 00:59:27,766
මගුලයි!

413
00:59:31,733 --> 00:59:33,900
හරි, පලයන්.

414
00:59:35,100 --> 00:59:36,366
ගිහින් මැරියන්.

415
00:59:36,433 --> 00:59:38,833
උඹේ ඔය කාලකණ්ණි ජීවිතෙත් නැතිකරගෙන,
අපිටත් නිදහසේ ඉන්න දීපන්.

416
00:59:40,066 --> 00:59:41,033
කරුණාකරලා,

417
00:59:41,900 --> 00:59:43,500
යන දිහාවක තනියම පලයන්.

418
01:00:45,400 --> 01:00:47,033
ඕහ්, නෑ, අහකට යන්න. අහකට යන්න.

419
01:00:47,800 --> 01:00:48,700
ඕහ්, මට පාඩුවේ ඉන්න දෙන්න.

420
01:00:49,533 --> 01:00:50,600
යන්න, යන්න, යන්න.

421
01:00:50,700 --> 01:00:52,033
මෙතනින් යන්න,
මෙතනින් යන්න.

422
01:00:52,100 --> 01:00:53,766
යන්න. මට ඔයාට උදව් කරන්න බෑ.

423
01:00:55,833 --> 01:00:57,533
යන්න, මෙතනින් යන්න!

424
01:02:12,366 --> 01:02:13,100
හේයි.

425
01:02:20,766 --> 01:02:23,766
හේයි, ඩෙස්පියර්ටා, නැගිටින්න.

426
01:02:47,066 --> 01:02:49,333
එන්න, එන්න, එන්න, එන්න.

427
01:02:55,233 --> 01:02:56,133
එන්න.

428
01:02:59,733 --> 01:03:00,700
අනේ දෙවියනේ.

429
01:04:06,733 --> 01:04:07,566
ගන්න.

430
01:04:21,633 --> 01:04:22,766
තව බොන්න.

431
01:04:26,900 --> 01:04:27,866
බොන්න.

432
01:07:32,366 --> 01:07:33,300
තව ටිකක් බොනවද?

433
01:07:41,266 --> 01:07:42,133
කැතරින්.

434
01:07:43,066 --> 01:07:44,466
ඕහ්, එයා තේ බොන්න ආසයි.

435
01:07:46,433 --> 01:07:48,433
ඔව්. එක එක ජාතියේ ඒවා එකතු කළා.

436
01:07:50,600 --> 01:07:52,833
කැමොමයිල්, ම්ම්, පෙපර්මින්ට්,

437
01:07:53,933 --> 01:07:55,200
ඩාර්ජිලින්.

438
01:07:56,266 --> 01:07:57,400
ඔක්කොම නම් මතක නෑ.

439
01:07:58,500 --> 01:08:00,733
එයා කිව්වා හැම තේ කෝප්පයක්ම නිකන්, ම්ම්...

440
01:08:01,800 --> 01:08:03,033
නිකන් නිවාඩුවක් වගේ කියලා.

441
01:08:03,966 --> 01:08:06,500
මොකද අපි...
අපි කොහේවත් වැඩිය ගියේ නෑනේ.

442
01:08:09,366 --> 01:08:11,033
ඔයා දන්නවනේ,
ගොවිපළක ජීවිතේ නිකන්...

443
01:08:14,033 --> 01:08:15,100
ඉවරයක් නෑ.

444
01:08:16,766 --> 01:08:18,500
එයා ගොඩක් ඇවිදින්න ආසාවෙන් හිටියේ.

445
01:08:22,566 --> 01:08:23,500
එයා, ම්ම්...

446
01:08:26,533 --> 01:08:29,033
එයා මැරුණේ අර කාමරේ.

447
01:08:32,233 --> 01:08:34,433
ඉතින් හාර්ලිට ඕනේ වුණා, ම්ම්...

448
01:08:34,533 --> 01:08:36,933
එයාව කොහේට හරි දාන්න.

449
01:08:37,400 --> 01:08:43,500
ඔව්, එයා හිතුවා කාටහරි පුළුවන් වෙයි කියලා,
ම්ම්... එයාට උදව් කරන්න.

450
01:08:46,700 --> 01:08:47,533
ඒත්, අහ්...

451
01:08:50,333 --> 01:08:52,500
ඒ ලෙඩේට කිසිම උදව්වක් කරන්න බැරි වුණා.

452
01:08:54,366 --> 01:08:56,533
ඕහ්, එයාලා අපිට කිව්වා, අහ්...

453
01:08:58,733 --> 01:09:00,433
ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි කියලා.

454
01:09:02,900 --> 01:09:06,100
ඒක, අහ්...
තවත් දරුණු වෙනවා විතරයි කියලා.

455
01:09:09,200 --> 01:09:10,200
ඒක එහෙම වුණා.

456
01:09:11,866 --> 01:09:13,266
එයාට ඕනේ වුණා මම...

457
01:09:14,533 --> 01:09:15,500
ම්ම්...

458
01:09:18,066 --> 01:09:19,200
ඒක ඉවරයක් කරන්න උදව් කරනවා දකින්න.

459
01:09:20,000 --> 01:09:20,900
ඉතින්, අහ්...

460
01:09:24,366 --> 01:09:27,366
මම ඒකට ලෑස්ති වෙලා හිටියේ නෑ.

461
01:09:28,066 --> 01:09:29,333
අහ්...

462
01:09:32,100 --> 01:09:33,500
දෙවියනේ, අපි එකට හිටියේ

463
01:09:35,033 --> 01:09:36,766
අපේ මුළු ජීවිත කාලෙම වගේ,

464
01:09:40,600 --> 01:09:42,466
අහ්...
ඉස්කෝලේ යන කාලේ ඉඳන්.

465
01:09:46,466 --> 01:09:48,566
ඉතින් මට නිකන්... මට ඒක කරන්න බැරි වුණා.

466
01:09:50,733 --> 01:09:52,033
මට හිතාගන්නවත් බැරි වුණා

467
01:09:53,733 --> 01:09:55,033
එයා නැතුව මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියලා.

468
01:09:56,766 --> 01:09:58,500
ඉතින් එයා, අහ්... දවසක්...

469
01:10:01,166 --> 01:10:03,033
මම එතන හිටියේ...

470
01:10:05,133 --> 01:10:08,833
මම පුරුදු විදියට එයාට කවන්න හැදුවේ.
ඒ කියන්නේ, එයා...

471
01:10:10,066 --> 01:10:11,966
සති ගාණකින් එයා හෙල්ලුනෙවත් නෑ.

472
01:10:13,000 --> 01:10:17,300
එකපාරටම එයා හැරිලා මගේ දිහා බැලුවා,
ඊටපස්සේ...

473
01:10:19,600 --> 01:10:21,166
එයා එතන හිටියා.

474
01:10:24,566 --> 01:10:25,766
මගේ කැතරින්.

475
01:10:27,833 --> 01:10:31,366
එයා එයාගේ අර පණ නැති
අත අරගෙන...

476
01:10:37,033 --> 01:10:38,266
දෙවියනේ, එයා මට ගැහුවා...

477
01:10:42,233 --> 01:10:43,200
ගොඩක් හයියෙන්.

478
01:10:48,633 --> 01:10:50,500
අන්න එතකොටයි මට අන්තිමේදී තේරුණේ.

479
01:10:53,666 --> 01:10:57,166
එයා... මේ ජීවිතේට... වෛර කළා.

480
01:11:00,533 --> 01:11:01,633
එයාටම වෛර කළා.

481
01:11:05,166 --> 01:11:07,166
හැමදේටම වඩා, එයා මට වෛර කළා.

482
01:11:11,800 --> 01:11:14,466
මම බලෙන්ම එයාව ජීවත් කරවන්න හැදුවා.

483
01:11:15,733 --> 01:11:18,033
ඉතින් මම අර කොට්ටේ අරගෙන...

484
01:11:22,500 --> 01:11:24,100
මම ඒක එයාගේ මූණට තිබ්බා...

485
01:11:31,733 --> 01:11:33,033
ඒක එහෙම්මම තද කරගෙන හිටියා.

486
01:11:37,100 --> 01:11:38,366
ඊටපස්සේ...

487
01:11:41,166 --> 01:11:42,366
මම එහෙම්මම තද කරගෙන හිටියා.

488
01:11:54,133 --> 01:11:55,300
ඊටපස්සේ මම එයා ළඟින් වාඩි වෙලා හිටියා.

489
01:11:56,466 --> 01:11:57,433
එයාගේ...

490
01:11:58,900 --> 01:12:00,300
එයාගේ ඇඟ සීතල වෙනකන්.

491
01:12:03,600 --> 01:12:04,900
ඊටපස්සේ මම පොලිසියට කතා කළා.

492
01:12:08,600 --> 01:12:09,900
එයාලා කිව්වා ඒක මිනීමැරුමක් කියලා.

493
01:12:13,500 --> 01:12:14,966
මං හිතන්නේ ඒක එහෙම තමයි.

494
01:12:23,500 --> 01:12:26,266
මම මේ කියන කිසිම දෙයක් ඔයාට තේරෙන්නේ නෑනේ.

495
01:14:09,533 --> 01:14:10,566
කාර්සන්.

496
01:14:15,300 --> 01:14:18,133
මම ළඟදීම කොලරාඩෝ වලට යනවා.

497
01:14:22,066 --> 01:14:25,766
මගේ නැන්දා, එයා කොයෝටේට කතා කළා.

498
01:14:27,366 --> 01:14:29,100
එයා මාව සැන් ඇන්ටෝනියෝ වලට එක්කන් යාවි.

499
01:14:33,566 --> 01:14:34,600
බස් එකට.

500
01:15:27,966 --> 01:15:29,100
ගුඩ් මෝනින්, මිස්ටර් ටිඩ්වෙල්.

501
01:15:30,000 --> 01:15:31,033
ඔහේගේ හරකව හම්බුණා.

502
01:15:31,933 --> 01:15:33,000
මම ට්‍රේලර් එක අරන් එන්නම්.

503
01:15:33,566 --> 01:15:35,166
ඔහේට ට්‍රේලර් ඕනේ වෙන එකක් නෑ.

504
01:16:02,833 --> 01:16:04,566
හරකා කම්බි වල පැටලිලා කැපිලා.

505
01:16:07,366 --> 01:16:08,300
ලේ ගිහින් මැරිලා.

506
01:16:09,733 --> 01:16:10,766
සර්පයෙක් කාලා.

507
01:16:17,366 --> 01:16:18,200
දැන් ඉවරයි.

508
01:16:29,433 --> 01:16:30,533
හැමදේම හරියාවි.

509
01:16:55,566 --> 01:16:56,566
මම ඇතුළට ආවට කමක් නැද්ද?

510
01:18:09,600 --> 01:18:10,433
මේ මොකක්ද?

511
01:18:11,100 --> 01:18:12,400
චිකාගෝ වලින් රිපෝට් එකක් ආවා

512
01:18:12,466 --> 01:18:14,866
එයාලා අල්ලගත්ත ඉමිග්‍රන්ට් කෙනෙක් කියලා තියෙනවා,
මිනිහෙක් එයාලට වෙඩි තිබ්බා කියලා

513
01:18:14,933 --> 01:18:15,700
එයාලා පැනලා දුවද්දි.

514
01:18:16,300 --> 01:18:18,500
කෙල්ල අතුරුදහන් වුණා.
ඊටපස්සේ මම මෙහෙට ආවා.

515
01:18:19,100 --> 01:18:21,700
ඊටපස්සේ මේක.
මගේ පරණ මෙට්ටෙ ලේ.

516
01:18:22,266 --> 01:18:23,266
සින්ක් එකේ කොණ්ඩ ගස්.

517
01:18:23,933 --> 01:18:27,200
අර මිනිහා කිව්වා මඩුවේ නිල් පාට
කැඩිලැක් එකක් තිබ්බා කියලා.

518
01:18:27,300 --> 01:18:28,366
එයා කොහෙද, තාත්තේ?

519
01:18:29,133 --> 01:18:31,400
ඔයා එයාට වෙඩි තිබ්බා,
එයාට හොඳටම තුවාල වුණා,

520
01:18:31,500 --> 01:18:32,666
ඔයා එයාව මෙහෙට ගෙනාවා.

521
01:18:33,966 --> 01:18:35,433
ඔයා බය වුණා.
හරි, මට ඒක තේරෙනවා.

522
01:18:36,466 --> 01:18:37,366
ඊටපස්සේ මොකද වුණේ?

523
01:18:37,466 --> 01:18:39,300
එයාගේ ලේ ගිහින් එයා මැරුණම,
ඔයා එයාව වළලුවද?

524
01:18:40,533 --> 01:18:41,766
අනේ කියන්න තාත්තේ.
ඔයා මිනියට මොකද කළේ?

525
01:18:41,833 --> 01:18:43,633
- ඔයාට වැරදිලා.
- තාත්තේ.

526
01:18:45,133 --> 01:18:48,400
මම ටොමීගේ දිහාත් බැලුවා,
මිල්ෆෝර්ඩ්ගේ දිහාත් බැලුවා.

527
01:18:48,466 --> 01:18:49,933
මම දන්නවා ඔයා එයාට වෙඩි තිබ්බා කියලා.

528
01:18:51,300 --> 01:18:52,133
එයා කොහෙද?

529
01:18:55,966 --> 01:18:57,933
මේක නිකන්ම නීතිවිරෝධී කෙනෙක්
අතුරුදහන් වුණා වගේ දෙයක් නෙවෙයි.

530
01:18:59,600 --> 01:19:02,000
මේක ඔයා කෙනෙක්ව මරපු එක ගැන
ප්‍රශ්නයක්, හරිද?

531
01:19:02,666 --> 01:19:04,766
මිනීමැරුමක්. එයා කොහෙද?

532
01:19:05,900 --> 01:19:08,466
මොකද, ඔයා එයාවත් අර පරණ හරකා වගේ
පුච්චලා දැම්මද?

533
01:19:08,533 --> 01:19:09,800
මට ඕනේ උඹ මේ ඉඩමෙන් යනවා දකින්න.

534
01:19:09,866 --> 01:19:11,866
මගුල, මේක මගෙත් ගෙදර.
මටත් මෙහේ අයිතියක් තියෙනවා.

535
01:19:12,833 --> 01:19:14,866
අපි දැන්ම මේකේ ඇත්ත නැත්ත හොයාගන්නවා.

536
01:19:24,266 --> 01:19:26,433
අයිරීන්! අයිරීන්!

537
01:19:27,800 --> 01:19:29,133
- දෙවියනේ.
- අයිරීන්!

538
01:19:30,066 --> 01:19:31,800
අයිරීන්!

539
01:19:34,800 --> 01:19:36,433
නෑ, නෑ, නෑ, නෑ!
ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න!

540
01:19:42,166 --> 01:19:43,533
අයිරීන්!

541
01:20:04,700 --> 01:20:06,300
හේයි!

542
01:20:07,000 --> 01:20:07,833
දෙවියනේ.

543
01:20:18,700 --> 01:20:20,266
හරි. සමාවෙන්න, සමාවෙන්න.

544
01:20:20,366 --> 01:20:22,533
හරි. මම අල්ලගත්තා, මම අල්ලගත්තා.

545
01:20:22,600 --> 01:20:24,366
නෑ, මම ආවේ උදව් කරන්න.
බය වෙන්න එපා.

546
01:20:24,433 --> 01:20:25,866
හරිද? හැමදේම හරියාවි.

547
01:20:26,900 --> 01:20:28,900
දෙවියනේ, තාත්තේ! හරි, හරි!

548
01:20:29,000 --> 01:20:31,200
හරි, හරි. ඔයාට මුකුත් වෙන එකක් නෑ.

549
01:20:31,800 --> 01:20:33,800
- අපි එයාව මගේ ට්‍රක් එකට දාන්න ඕනේ.
- නෑ, නෑ, නෑ, නෑ.

550
01:20:33,866 --> 01:20:35,300
- එයා කොහේවත් යන්නේ නෑ.
- තාත්තේ, මෝඩයෙක් වෙන්න එපා.

551
01:20:35,366 --> 01:20:36,700
එයා දිහා බලන්න. එයාට තුවාල වෙලා, හරිද?

552
01:20:36,800 --> 01:20:38,766
- එයාගේ ඔළුව වැදිලා ඇති.
- නෑ, එයා එන්නේ නෑ!

553
01:20:38,833 --> 01:20:39,933
- තාත්තේ.
- හරි.

554
01:20:40,000 --> 01:20:42,000
- එයාට තුවාල වෙලා. තාත්තේ, මං දිහා බලන්න.
- හරි, නෑ. එයා එන්නේ නෑ.

555
01:20:42,100 --> 01:20:44,600
නෑ, එයා යන්නේ-- මං කියන දේ අහන්න!
එයා කොහේවත් යන්නේ නෑ!

556
01:20:44,666 --> 01:20:45,600
එයාට ඇවිදගන්නවත් පණ නෑ.

557
01:20:45,666 --> 01:20:47,000
එයාව හොස්පිට්ල් එකට ගෙනියන්න ඕනේ.

558
01:20:47,100 --> 01:20:49,133
තාත්තේ.

559
01:21:10,866 --> 01:21:12,333
- මිස්ටර් ටිඩ්වෙල්?
- ඔව්.

560
01:21:12,400 --> 01:21:13,633
මම ඩොක්ටර් ලිම්.

561
01:21:16,500 --> 01:21:17,233
හායි.

562
01:21:18,366 --> 01:21:20,000
අයිරීන් අසාධ්‍ය තත්ත්වයෙන් මිදිලා ඉන්නේ.

563
01:21:20,100 --> 01:21:23,000
අපිට දරුවාව බේරගන්න පුළුවන් වුණා,
ඒත් තත්ත්වය තාම අවදානම්.

564
01:21:23,100 --> 01:21:25,533
එයා තවත් මානසිකව හරි ශාරීරිකව හරි

565
01:21:25,633 --> 01:21:26,500
පීඩාවට පත්වෙන එක නවත්තන්න ඕනේ.

566
01:21:27,133 --> 01:21:29,666
අපි එයාව තව දවසක් දෙකක්
හොස්පිට්ල් එකේ තියාගන්නවා.

567
01:21:30,566 --> 01:21:31,600
එයාට යන්න තැනක් තියෙනවද

568
01:21:31,666 --> 01:21:33,600
හොස්පිට්ල් එකෙන් ගියාට පස්සේ විවේක ගන්න?

569
01:21:34,566 --> 01:21:36,500
මැඩම්, අපි එයාව ගෙනියනවා

570
01:21:36,600 --> 01:21:38,133
ඉමිග්‍රේෂන් රැඳවුම් කඳවුරකට.

571
01:21:38,800 --> 01:21:40,400
එයාට එහේ වෛද්‍ය ප්‍රතිකාර ලැබෙයි.

572
01:21:42,533 --> 01:21:43,700
මට එයා එක්ක කතා කරන්න ඕනේ.

573
01:21:58,466 --> 01:21:59,366
මගේ දුව.

574
01:22:01,533 --> 01:22:03,700
ඩොක්ටර් කිව්වා...

575
01:22:05,600 --> 01:22:07,666
එයා බේරුණ එක මිලාග්‍රෝ (ප්‍රාතිහාර්යයක්) කියලා.

576
01:22:10,166 --> 01:22:11,233
එයා මැරුණා නම්,

577
01:22:12,666 --> 01:22:15,900
මගේ ජීවිතෙන් වැඩක් නෑ.

578
01:22:19,600 --> 01:22:20,800
මම ඉමිග්‍රේෂන් එකත් එක්ක යනවා.

579
01:22:23,366 --> 01:22:24,933
උන් ඔයාව ආපහු යැව්වොත්?

580
01:22:26,366 --> 01:22:27,366
උන් ඔයාව මරාවි.

581
01:22:29,200 --> 01:22:32,433
එයා එක්ක එහේ ගිහින් මැරෙන එක ඊටවඩා හොඳයි...

582
01:22:36,066 --> 01:22:39,833
එයා නැතුව මෙහේ ජීවත් වෙනවට වඩා.

583
01:22:43,933 --> 01:22:45,300
ඔයා ඔයාගේ පුතාට කියන්න...

584
01:22:50,600 --> 01:22:51,833
මම එයා එක්ක යනවා කියලා.

585
01:22:55,166 --> 01:22:56,900
මම ඉමිග්‍රේෂන් එකට යනවා.

586
01:23:12,200 --> 01:23:13,266
දැන් මොකද වෙන්නේ?

587
01:23:15,100 --> 01:23:16,833
ගොඩක් දුරට එයා රැකවරණය ඉල්ලාවි.

588
01:23:18,200 --> 01:23:21,033
විනිසුරුට හිතුණොත් එයාට සාධාරණ හේතුවක් තියෙනවා කියලා,
සම්පූර්ණ පරීක්ෂණයක් කරාවි.

589
01:23:21,633 --> 01:23:23,200
විනිසුරු ඒක ප්‍රතික්ෂේප කළොත්, ඉතින්...

590
01:23:23,300 --> 01:23:25,266
එයා ඉන්නේ දේශසීමාවේ ඉඳන්
හැතැප්ම 100ක් ඇතුළත,

591
01:23:25,333 --> 01:23:27,166
මෙහේට ඇවිත් අවුරුදු දෙකකට අඩුයි, ඉතින්,

592
01:23:28,600 --> 01:23:30,433
ඉක්මනින්ම පිටුවහල් කරන්න පුළුවන්.

593
01:23:30,500 --> 01:23:32,100
එයාව වහාම ආපහු රටට යවනවා.

594
01:23:34,100 --> 01:23:35,166
එයා කොහෙද ඉන්නේ...

595
01:23:36,500 --> 01:23:37,566
එයාලා, අහ්...

596
01:23:38,500 --> 01:23:39,666
තීරණයක් ගන්නකන්?

597
01:23:40,666 --> 01:23:45,133
බටහිර ටෙක්සාස් වල රැඳවුම් කඳවුරක.
ඩිලී වල, සමහරවිට ප්‍රාන්තෙන් පිට.

598
01:23:47,266 --> 01:23:51,000
- හිරේ, බඩකුත් තියාගෙන.
- ඒක හිරගෙයක් නෙවෙයි.

599
01:23:51,066 --> 01:23:52,866
එයාට ඕනේ කරන වෛද්‍ය පහසුකම්
එහේ තියෙනවා.

600
01:23:52,933 --> 01:23:55,033
- එයාට ඉන්න හොඳම තැන ඒක.
- මම ඔය තැන් දැකලා තියෙනවා.

601
01:23:55,100 --> 01:23:56,066
ඒක හිරගෙයක්.

602
01:23:58,066 --> 01:23:59,333
එයාට තියෙන චාන්ස් එක මොකක්ද?

603
01:24:01,300 --> 01:24:02,166
රැකවරණය ලැබෙයිද?

604
01:24:02,233 --> 01:24:05,066
එයා ආපහු ගියොත්...
ඔයා දැක්කද එයාගේ පපුවේ තියෙන කැළල?

605
01:24:05,166 --> 01:24:06,866
උන් එයා බඳින්න හිටපු කෙනාව මරලා.

606
01:24:08,433 --> 01:24:09,933
චාන්ස් එක ගොඩක් අඩුයි.

607
01:24:10,766 --> 01:24:14,266
දේශපාලන ප්‍රචණ්ඩත්වයට වඩා
අපරාධවලට ගොදුරු වුණ අයට...

608
01:24:14,933 --> 01:24:16,466
නීතියෙන් නම්, ඒකට සුදුසුකම් ලබන්නේ නෑ.

609
01:24:19,633 --> 01:24:22,000
මේ ඔක්කොම කරන්න තරම්
මේ කෙල්ල ඔයාට කවුද?

610
01:24:23,900 --> 01:24:25,066
එයා ඔයාට කවුද?

611
01:24:26,566 --> 01:24:29,900
නීතිවිරෝධී සංක්‍රමණිකයෙක්ට
රැකවරණය දෙන එක නීතිවිරෝධියි.

612
01:24:31,366 --> 01:24:33,500
"වරදකරු වුණොත් ලැබෙන දඬුවම්වලට
හිරේ යන්න වෙනවා...

613
01:24:33,566 --> 01:24:37,233
අවුරුදු පහකට. ඒ වගේම දඩ ගෙවන්න,
වාහන රාජසන්තක කරන්න...

614
01:24:37,333 --> 01:24:39,200
සහ මේකට පාවිච්චි කරපු දේපල පවා
රාජසන්තක කරන්න පුළුවන්."

615
01:24:39,266 --> 01:24:42,300
ඒ තියෙන්නේ ෆෙඩරල් සංක්‍රමණ සහ
ජාතිකත්ව පනතේ 8 වැනි වගන්තිය.

616
01:24:42,366 --> 01:24:44,300
තාත්තේ, ඔයාට ආයෙත්
හිරේ යන්න ඕනෙද?

617
01:24:50,300 --> 01:24:51,966
අපිට හැමෝම බාරගන්න බෑ.

618
01:24:53,266 --> 01:24:56,033
හොඳයි, අනිත් හැමෝම ගැන නම්
මම දන්නේ නෑ.

619
01:24:58,566 --> 01:24:59,966
මම එයාව දන්නවා.

620
01:27:46,933 --> 01:27:48,266
ගුඩ් මෝනින්, මිස්ටර් ටිඩ්වෙල්.

621
01:27:48,333 --> 01:27:49,300
නියම කාර් එක.

622
01:27:49,400 --> 01:27:51,000
- ම්ම්.
- වීදුරුවට මොකද වුණේ?

623
01:27:51,666 --> 01:27:52,933
ඕහ්, ගලක් වැදුණා.

624
01:27:53,033 --> 01:27:54,966
ඕහ්, ඒක නම් අපරාදේ.

625
01:27:58,100 --> 01:27:59,233
ඒත් ලේසියෙන් හදාගන්න පුළුවන්.

626
01:28:00,133 --> 01:28:01,500
ට්‍රක් එක කෝ?

627
01:28:02,400 --> 01:28:04,400
ඕල්ටනේටරේ කැඩුණා.

628
01:28:08,600 --> 01:28:10,533
හරි එහෙනම්. අපි පස්සේ හම්බවෙමු.

629
01:29:48,466 --> 01:29:50,300
මට මෙච්චර වෙලා ගිය එකට සමාවෙන්න.

630
01:30:07,766 --> 01:30:09,333
- හාර්ලි.
- මං කෝල් ගත්තා.

631
01:30:09,400 --> 01:30:10,833
සමාවෙන්න,
මේක ඉවර කරන්න හැදුවේ.

632
01:30:11,400 --> 01:30:12,866
ඔයාගේ තාත්තා ටිකකට කලින්
චෙක්පොයින්ට් එක පහුකරගෙන ගියා.

633
01:30:12,933 --> 01:30:13,900
පැය භාගෙකට විතර කලින්.

634
01:30:14,866 --> 01:30:16,166
පරණ කැඩිලැක් එකක.

635
01:30:17,000 --> 01:30:18,200
ඒ මගුල දුවන්නෙවත් නෑනේ.

636
01:30:19,033 --> 01:30:20,000
දැන් දුවනවා වගේ.

637
01:30:47,366 --> 01:30:50,000
හේයි. හේයි.

638
01:30:53,266 --> 01:30:54,766
මම ඔයාව කොලරාඩෝ වලට
එක්කන් යන්නයි යන්නේ.

639
01:30:55,500 --> 01:30:56,466
කාර් එක එළියේ තියෙනවා.

640
01:30:59,466 --> 01:31:02,233
මම ඔයාව කොලරාඩෝ වලට එක්කන් යනවා.
අපි දැන්ම යන්න ඕනේ.

641
01:31:03,133 --> 01:31:04,533
හරිද? මේක ඇඳගන්න.

642
01:31:04,633 --> 01:31:07,000
අනික මගේ පුතා,
එයා තව ටිකකින් මෙහෙට ඒවි.

643
01:31:11,633 --> 01:31:13,500
ඩොක්ටර් කිව්වා මට විවේක ගන්න කියලා.

644
01:31:14,100 --> 01:31:17,233
මගේ දුවට නිදහස ඕනේ.

645
01:31:18,133 --> 01:31:20,266
එයා කිව්වා සමහරවිට

646
01:31:21,700 --> 01:31:24,633
මට... මට මෙහේ ඉන්න පුළුවන් වේවි කියලා.

647
01:31:24,733 --> 01:31:28,466
නෑ. ඕහ්, නෑ, එයාලා ඔයාට
මෙහේ ඉන්න දෙන එකක් නෑ.

648
01:31:28,566 --> 01:31:31,100
නෑ, එයාලා අහාවි.

649
01:31:31,833 --> 01:31:33,533
මං-- ඇමරිකාවේ මිනිස්සු,

650
01:31:33,600 --> 01:31:34,866
- මං කියන දේ අහාවි.
- නෑ, නෑ,

651
01:31:34,933 --> 01:31:36,600
උන් ඔයා කියන දේ අහන්නේ නෑ.

652
01:31:37,500 --> 01:31:40,500
මගේ පුතා,
බෝඩර් පැට්‍රෝල්, මිග්‍රා (ඉමිග්‍රේෂන්), හරිද?

653
01:31:41,366 --> 01:31:43,066
එයා කිව්වා, එයා මට කිව්වා.

654
01:31:43,166 --> 01:31:45,200
උන් ඔයාව ආපහු
එල් සැල්වදෝරයට යවාවි,

655
01:31:45,300 --> 01:31:46,300
ඔයාවයි ඔයාගේ දරුවාවයි.

656
01:31:47,366 --> 01:31:48,266
ඔයා මැරේවි.

657
01:31:49,700 --> 01:31:52,200
මම ඔයාව කොලරාඩෝ වලට එක්කන් යන්නම්.

658
01:31:54,666 --> 01:31:58,800
ඒත් අපි යනවා නම්,
අපි දැන්ම යන්න ඕනේ.

659
01:32:17,266 --> 01:32:18,566
කාලකණ්ණියා.

660
01:32:19,200 --> 01:32:21,500
කාලකණ්ණි මගුල!

661
01:32:21,566 --> 01:32:22,633
මම උදව්වක් කරන්නද?

662
01:32:23,233 --> 01:32:24,200
සමාවෙන්න.

663
01:32:25,400 --> 01:32:26,200
සමාවෙන්න.

664
01:32:26,833 --> 01:32:28,333
මේ ලෙඩාව කොහේවත්
ගෙනියන්න එපා කියලයි තිබ්බේ.

665
01:32:29,033 --> 01:32:31,266
කරුණාකරලා, අහ්, සිකියුරිටි එකට කතා කරලා,

666
01:32:31,333 --> 01:32:34,000
එයා තාම මේ බිල්ඩින් එකේ
ඉන්නවද කියලා බලනවද?

667
01:32:36,800 --> 01:32:37,833
දැන් මොකද කරන්නේ?

668
01:32:39,166 --> 01:32:41,633
ස්ටේසිට කතා කරන්න ඕනෙද?
හොයන්න පටන් ගමුද?

669
01:33:01,733 --> 01:33:03,000
මගේ ආදරණීය පුතාට.

670
01:33:04,900 --> 01:33:06,966
ඔයා සමහරවිට මේ ලියුම
නොකියවන්න තීරණය කරාවි,

671
01:33:07,700 --> 01:33:08,833
ඒක ඔයාගේ අයිතියක්.

672
01:33:11,300 --> 01:33:13,033
ඔයා මට කිසිම දෙයක් ණය නෑ.

673
01:33:15,966 --> 01:33:17,733
ඔයා මාව තේරුම් ගනීවි කියලා
මම හිතනවා.

674
01:33:21,133 --> 01:33:24,466
ඔයා මගෙන් ඇහුවා
මේ කෙල්ල මට කවුද කියලා

675
01:33:24,566 --> 01:33:25,900
මම මේ හැමදේම කරන්නේ ඇයි කියලා.

676
01:33:27,466 --> 01:33:31,766
එයා මට කවුරුත් නෙවෙයි,
ඒත් දැන් එයා මට කවුරුහරි වෙලා.

677
01:33:35,266 --> 01:33:36,366
එයා මගේ යාළුවෙක්.

678
01:33:38,333 --> 01:33:40,400
මට එයාව ආපහු
ඒ රටට යවන්න බෑ.

679
01:33:41,200 --> 01:33:42,800
එයාම යන්න තීරණය කළොත් මිසක්.

680
01:33:45,000 --> 01:33:47,900
මට කොහෙත්ම ඕනේ නෑ
ඔයාට අගෞරවයක් කරන්න,

681
01:33:48,000 --> 01:33:50,566
එහෙමත් නැත්නම් මං නිසා
ඔයා අමාරුවේ වැටෙනවට.

682
01:33:51,966 --> 01:33:53,166
ඔයාට කරන්න තියෙන දේ කරන්න.

683
01:33:54,333 --> 01:33:56,000
කතා කරන්න ඕනේ කාටද, එයාට කතා කරන්න.

684
01:33:57,800 --> 01:33:59,300
මම ඒකේ ප්‍රතිවිපාක බාරගන්නම්.

685
01:34:04,400 --> 01:34:06,433
මම අද රෑ ඔයාගේ
පින්තූරයක් දිහා බැලුවා.

686
01:34:07,366 --> 01:34:10,066
ඔයයි මමයි තොප්පි දාගෙන,

687
01:34:10,133 --> 01:34:11,300
ගොවිපළේ වැට ළඟ.

688
01:34:12,066 --> 01:34:13,300
මම ඔයාව වඩාගෙන හිටියේ.

689
01:34:13,900 --> 01:34:17,233
එතකොට ඔයාට අවුරුදු හතරක් විතර ඇති.

690
01:34:18,200 --> 01:34:19,533
අපි යාළුවෝ වගේ හිටියේ.

691
01:34:22,166 --> 01:34:23,700
මම ඔයාට ආදරෙයි, පුතේ.

692
01:34:24,966 --> 01:34:26,533
මට වෙන කවුරුත් එපා ඔයා තරම්.

693
01:34:28,566 --> 01:34:29,833
ඔයා ගැන මට ගොඩක් ආඩම්බරයි.

694
01:34:31,633 --> 01:34:34,166
මට සමාවෙන්න මම කවදාවත් ඒක
ඔයාට පැහැදිලිව පෙන්නුවේ නැති එකට.

695
01:34:36,766 --> 01:34:38,966
මම ඉක්මනින්ම ඔයාව
ආයෙත් දකින්න බලාපොරොත්තු වෙනවා.

696
01:34:40,533 --> 01:34:41,566
මම එහෙම හිතනවා.

697
01:34:42,733 --> 01:34:46,500
මීට ඔයාගේ තාත්තා,
කාර්සන් ටිඩ්වෙල්.

698
01:36:26,266 --> 01:36:30,566
ඇතුළට එන්න.
කරුණාකරලා එන්න. ඇතුළට.

699
01:36:31,833 --> 01:36:32,966
එන්න.

700
01:36:32,990 --> 01:36:57,990
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

