1
00:02:17,018 --> 00:02:42,018
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:02:59,042 --> 00:03:02,791
<i>ශ්‍රී ලංකාව මේ මුහුණ දෙන්නේ
එහි දරුණුතම ආර්ථික අර්බුදයටයි.</i>

3
00:03:02,792 --> 00:03:04,583
<i>ශ්‍රී ලංකා රජය බංකොලොත් වෙලා.</i>

4
00:03:04,584 --> 00:03:06,291
<i>පාරවල් පුරාම
විරෝධතාකරුවන් පිරිලා.</i>

5
00:03:06,292 --> 00:03:07,916
<i>පෙට්‍රල්. ධාන්‍ය. බෙහෙත්.</i>

6
00:03:07,917 --> 00:03:10,834
<i>හැමදේටම දිග පෝලිම්.</i>

7
00:03:11,084 --> 00:03:12,624
<i>මේ අවුල් ජාලය අස්සේ, රජය</i>

8
00:03:12,625 --> 00:03:15,125
<i>සහ ඔවුන්ගේ පවුල්වල අය පැනලා ගිහින්.</i>

9
00:03:15,667 --> 00:03:19,959
<i>කෝපයට පත් විරෝධතාකරුවන්
ජනාධිපති මන්දිරයට කඩා පනිනවා.</i>

10
00:03:21,334 --> 00:03:23,249
මේ වාර්තාකාරිය
තත්පර 30ක රීල් එකක්,

11
00:03:23,250 --> 00:03:26,209
සම්පූර්ණ OTT එපිසෝඩ් එකක් කරලා.

12
00:03:26,792 --> 00:03:28,292
විනාඩි දහයක් තිස්සේ මේකමයි යන්නේ.

13
00:03:29,917 --> 00:03:30,750
ආන්ටි,

14
00:03:32,000 --> 00:03:33,417
අනේ චැනල් එක මාරු කරන්නකෝ.

15
00:03:37,542 --> 00:03:39,375
රටක්ම බංකොලොත් වෙලා.

16
00:03:40,042 --> 00:03:42,042
ඔයාට විනාඩි දහයක් බලන්න බැරිද?

17
00:03:42,375 --> 00:03:45,375
ඔයාලගේ පරම්පරාවට කිසි ඉවසීමක් නෑ,
හැමදේම ලේසියෙන් ලැබිලා තියෙන්නේ.

18
00:03:45,500 --> 00:03:47,667
හොඳ කාලෙක ඉපදුණු එක
අපේ වැරැද්දක් නෙවෙයිනේ.

19
00:03:48,292 --> 00:03:49,917
අනික, මේ ලංකාවනේ.

20
00:03:50,084 --> 00:03:51,250
ඉන්දියාව බංකොලොත් වෙලා නෑනේ.

21
00:03:53,959 --> 00:03:55,292
එහෙම වුණා.

22
00:03:56,500 --> 00:03:57,417
ඒ තත්ත්වෙටම ආවා.

23
00:03:58,375 --> 00:03:59,167
ඉන්දියාව?

24
00:03:59,417 --> 00:04:00,042
ඉන්දියාව.

25
00:04:00,292 --> 00:04:01,000
අපේ ඉන්දියාවද?

26
00:04:01,292 --> 00:04:02,459
අපේ ඉන්දියාව තමයි.

27
00:04:05,125 --> 00:04:06,042
අනේ මේ!

28
00:04:06,834 --> 00:04:08,709
ඉන්දියාව කියන්නේ හතරවෙනියට
විශාලතම ආර්ථිකය.

29
00:04:14,834 --> 00:04:16,625
ඔයා ජීවත් වෙන ඉන්දියාවයි,

30
00:04:17,209 --> 00:04:19,209
මම හැදී වැඩුණු ඉන්දියාවයි,

31
00:04:19,959 --> 00:04:21,334
කියන්නේ අහසයි පොළොවයි වගේ.

32
00:04:22,875 --> 00:04:28,292
1991ට පෙර සහ පසු ඉන්දියාව,

33
00:04:29,834 --> 00:04:31,084
හරියට වෙනස්ම රටවල් දෙකක් වගේ.

34
00:04:32,975 --> 00:04:35,308
<i>ඉරාකය කුවේටය ආක්‍රමණය
කිරීමත් සමඟ,</i>

35
00:04:35,641 --> 00:04:38,600
<i>ඇමරිකාව යුද්ධයක් ගැන අනතුරු අඟවලා.</i>

36
00:04:38,808 --> 00:04:40,183
<i>යුද්ධයක් ඇති වුණොත්,</i>

37
00:04:40,308 --> 00:04:42,975
<i>තෙල් මිල ඉහළ යන්න පුළුවන්</i>

38
00:04:43,183 --> 00:04:45,308
<i>ඒකෙන් ඉන්දියාවේ උද්ධමනයක් ඇතිවෙයි.</i>

39
00:04:45,808 --> 00:04:48,475
<i>විශේෂඥයන් කියන්නේ රජයට මේක,</i>

40
00:04:48,600 --> 00:04:50,718
<i>පාලනය කරන්න අමාරු වෙයි කියලයි.</i>

41
00:04:52,438 --> 00:04:54,313
සර්, මම ගිහින් පෙට්‍රල් ගහගෙන එන්නම්.

42
00:04:54,561 --> 00:04:54,875
හරි.

43
00:04:54,982 --> 00:04:56,621
තෙල් මිල අඩු කරව්!
ජනතා කෝපයට මුහුණ දීපව්!!!

44
00:04:56,858 --> 00:05:07,692
තෙල් මිල අඩු කරව්!
ජනතා කෝපයට මුහුණ දීපව්!!!

45
00:05:10,551 --> 00:05:12,050
- ආ රාමන් සර්.
- සුබ දවාලක්.

46
00:05:12,051 --> 00:05:13,176
සුබ දවාලක්.

47
00:05:13,509 --> 00:05:16,218
මගේ ලොකර් එක පාවිච්චි කරන්න ඕනේ.

48
00:05:16,384 --> 00:05:17,551
- අස්ගෝන්කර්.
- ඔව් සර්.

49
00:05:19,301 --> 00:05:20,634
සර්ට ලොකර් කාමරේ පෙන්නන්න.

50
00:05:20,759 --> 00:05:21,343
එන්න සර්.

51
00:05:31,012 --> 00:05:33,343
සර්, බිස්නස් එක ඉවරයි.

52
00:05:33,509 --> 00:05:35,676
ණයක් නැතුව මම මහපාරට වැටිලා.

53
00:05:35,843 --> 00:05:37,093
මට තවත් ඔයාට ණය දෙන්න බෑ.

54
00:05:37,718 --> 00:05:38,593
මේකයි මගේ අවවාදය.

55
00:05:38,843 --> 00:05:40,134
රස්සාවක් හොයාගන්න.

56
00:05:40,259 --> 00:05:41,258
රස්සාවක් නෑ සර්.

57
00:05:41,259 --> 00:05:42,801
ඒකයි මම මේ බිස්නස් එක පටන් ගත්තේ.

58
00:05:43,968 --> 00:05:45,593
මගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.

59
00:05:46,426 --> 00:05:47,884
මගේ දරුවට මම මොන අනාගතයක්ද දෙන්නේ?

60
00:05:48,093 --> 00:05:49,550
මට හිඟාකන්න තරම් පහත් වෙන්න බෑ.

61
00:05:49,551 --> 00:05:50,634
මම උපාධිධාරියෙක්.

62
00:05:50,759 --> 00:05:52,050
සර්, කරුණාකරලා යන්න.

63
00:05:52,051 --> 00:05:53,634
ඉන්න, මම තාම කතා කරලා ඉවර නෑ.
සර්, කරුණාකරලා.

64
00:05:53,801 --> 00:05:55,134
- සර්, මොනවා හරි කරන්න.
- මෙයාව අරන් යන්න.

65
00:05:55,801 --> 00:05:57,577
මම අවුරුදු ගාණක ඉඳන් ඔයාව දන්නවා.

66
00:05:57,578 --> 00:06:00,109
සමාවෙන්න සර්.
කරුණාකරලා මෙතන අත්සන් කරන්න.

67
00:06:00,630 --> 00:06:01,485
මම වැඳලා ඉල්ලන්නම් සර්.

68
00:06:09,652 --> 00:06:11,193
රුපියල් 20කට ගහන්න.
නැත්තම් මම මෙතනින් යන්නේ නෑ.

69
00:06:11,194 --> 00:06:12,444
නැත්තම් මම යන්නේ නෑ.

70
00:06:12,569 --> 00:06:13,526
මම ගැහුවා.

71
00:06:13,527 --> 00:06:14,652
- තව මොනවද ඕනේ?
- ගැහුවා?

72
00:06:14,777 --> 00:06:15,901
මේ මැෂින් එක හොර කරලා.

73
00:06:15,902 --> 00:06:17,819
මම මගේ බයික් එක ගැන දන්නවා.

74
00:06:17,986 --> 00:06:19,444
වැඩේ ඉවරයිනේ? ඉස්සරහට යන්න.

75
00:06:19,569 --> 00:06:20,402
තමුසෙට අදාළ නෑනේ. පස්සට වෙනවා.

76
00:06:20,569 --> 00:06:22,526
තමුසෙගේ ටැංකිය පිරිලා. දැන් යනවා.

77
00:06:22,527 --> 00:06:24,985
මගේ ප්‍රශ්නේ විසඳෙනකම්
මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ.

78
00:06:24,986 --> 00:06:25,944
ඒ මොකද?

79
00:06:26,152 --> 00:06:27,417
පස්ස හැරිලා බලනවා!

80
00:06:28,194 --> 00:06:29,652
වාහන පෝලිම දිගටම හැදිලා.

81
00:06:29,819 --> 00:06:32,527
තමුසෙට ඔච්චරම හදිස්සි නම්
වෙන පම්ප් එකකට යනවා.

82
00:06:32,736 --> 00:06:34,860
සර්, මැෂින් එක බොරු කියන්නේ නෑ.

83
00:06:34,861 --> 00:06:36,361
තමුසෙගේ බණ අහන්න මට වෙලාවක් නෑ!

84
00:06:36,694 --> 00:06:38,444
ඕක අතාරින්න. කරුණාකරලා ඉස්සරහට යන්න.

85
00:06:38,861 --> 00:06:40,026
කට පරිස්සම් කරගන්නවා.

86
00:06:40,027 --> 00:06:40,818
මොකක්ද තමුසේ කිව්වේ?

87
00:06:40,819 --> 00:06:41,443
යනවා මෙතනින් යන්න.

88
00:06:41,444 --> 00:06:42,485
ගිහින් වෙන පම්ප් එකක් හොයාගන්නවා.

89
00:06:42,486 --> 00:06:43,236
සන්සුන් වෙන්න.

90
00:06:43,817 --> 00:06:44,567
සන්සුන් වෙන්නකෝ.

91
00:06:44,692 --> 00:06:46,276
ඇයි රණ්ඩු වෙන්නේ?

92
00:06:46,526 --> 00:06:48,334
සර් නගින්න. මම බලාගන්නම්.

93
00:06:49,526 --> 00:06:56,358
දූෂිත පාලකයෝ!
බඩගින්නේ ඉන්න ජාතියක්!

94
00:06:56,359 --> 00:06:58,858
මේ රැලියෙන් පාර බ්ලොක් වුණොත්,
අපි හිරවෙනවා.

95
00:06:58,859 --> 00:06:59,817
මේක රජයේ වාහනයක්.

96
00:06:59,984 --> 00:07:00,817
ඉතින් මොකක්ද?

97
00:07:00,942 --> 00:07:02,942
- තමුසෙයි බොසුයි විශේෂ නෑ. -රඝු.

98
00:07:03,067 --> 00:07:04,775
- අපේ බදු සල්ලි වලින් කාලා,
- රඝු...

99
00:07:04,776 --> 00:07:06,151
- කාර් වල රවුම් ගහනවා.
- නගින්න.

100
00:07:06,692 --> 00:07:07,734
රණ්ඩු වෙන්න එපා.

101
00:07:07,901 --> 00:07:09,691
කාර් එක ගන්නවා.

102
00:07:09,692 --> 00:07:10,900
තමුසේ කාලේ කනවා.

103
00:07:10,901 --> 00:07:13,191
තොපි අපේ ජීවිත විනාශ කළා.

104
00:07:13,192 --> 00:07:14,275
කාර් එකෙන් අත ගන්නවා.

105
00:07:14,276 --> 00:07:16,650
බඩු මිලත් වැඩි කරලා,
සැපට කාර් වල යනවා!

106
00:07:16,651 --> 00:07:19,317
දූෂිත පාලකයෝ!
බඩගින්නේ ඉන්න ජාතියක්!

107
00:07:20,109 --> 00:07:22,275
- මම නෙවෙයි උද්ධමනය වැඩි කළේ!
- එහෙනම් කවුද කළේ?

108
00:07:22,276 --> 00:07:26,484
දූෂිත පාලකයෝ!
බඩගින්නේ ඉන්න ජාතියක්!

109
00:07:26,609 --> 00:07:28,108
මගෙන් අහන්න එපා.

110
00:07:28,109 --> 00:07:30,359
දූෂිත පාලකයෝ!
බඩගින්නේ ඉන්න ජාතියක්!

111
00:07:30,484 --> 00:07:48,026
දූෂිත පාලකයෝ!
බඩගින්නේ ඉන්න ජාතියක්!

112
00:07:49,556 --> 00:07:50,833
රඝු, යමු!

113
00:08:03,942 --> 00:08:08,942
දූෂිත පාලකයෝ!
බඩගින්නේ ඉන්න ජාතියක්!

114
00:08:09,734 --> 00:08:10,567
මෙතනින් යනවා.

115
00:08:10,734 --> 00:08:11,816
නවත්තනවා! එයාව නවත්තන්න.

116
00:08:11,817 --> 00:08:13,734
නවත්තනවා! හලෝ! එයාව නවත්තන්න!

117
00:08:19,859 --> 00:08:20,900
එළියට එන්න එපා.

118
00:08:20,901 --> 00:08:22,066
සර් කරුණාකරලා ඇතුළට වෙලා ඉන්න!

119
00:08:22,067 --> 00:08:24,276
නවත්තපන්! අල්ලගනින් එයාව!

120
00:08:24,526 --> 00:08:26,483
එයාව නවත්තන්න! එයාව නවත්තන්න.

121
00:08:26,484 --> 00:08:27,859
කවුරුහරි එයාව නවත්තන්න!

122
00:09:09,635 --> 00:09:11,384
නෑ, නෑ, ඉස්සෙල්ලා මම කියන දේ අහන්න.

123
00:09:11,385 --> 00:09:13,529
ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ ඔයාට
නිකන්ම පැමිණිලි කරන්න බෑ.

124
00:09:13,530 --> 00:09:15,613
හැමෝටම කාර්යභාරයක් වගේම
වගකීමකුත් තියෙනවා.

125
00:09:15,738 --> 00:09:16,488
ඔයාට නිකන්ම...

126
00:09:16,696 --> 00:09:17,571
ආ, තාත්තා ආවා.

127
00:09:17,696 --> 00:09:19,071
අපි තාත්තගෙත් අදහස අහමු.

128
00:09:21,488 --> 00:09:22,196
ආ, ආවා නේද.

129
00:09:22,446 --> 00:09:26,405
ඔයාගේ දුව ගෙදර
පාර්ලිමේන්තුවක් කරගෙන.

130
00:09:26,821 --> 00:09:29,112
බාලා ආපු වෙලාවේ ඉඳන්
මෙයා එයා එක්ක වාද කරනවා.

131
00:09:29,113 --> 00:09:31,070
ඉතින් මොකක්ද මේ විවාදේ මාතෘකාව...

132
00:09:31,071 --> 00:09:32,488
මාධවී, මට කතා කරන්න පුළුවන්ද?

133
00:09:33,113 --> 00:09:34,946
පහුගිය ආණ්ඩු තුනෙන්ම
මොකක්ද කළේ?

134
00:09:35,071 --> 00:09:37,487
අවි ආයුධ වංචා, මණ්ඩල් අවුල.

135
00:09:37,488 --> 00:09:39,904
අගමැති ශේකර්ගේ සුළුතර ආණ්ඩුව,

136
00:09:39,905 --> 00:09:41,696
කොංග්‍රසයේ සහාය ඇතිව දුවන්නේ.

137
00:09:41,905 --> 00:09:44,904
උද්ධමනයයි තෙල් මිලයි
දිගටම වැඩි වුණොත්,

138
00:09:44,905 --> 00:09:46,780
ඒ හැමදේකම වරද පැටවෙන්නේ රජයට.

139
00:09:47,405 --> 00:09:49,196
සාමාන්‍ය මිනිහට කිසිම බලයක් නෑ.

140
00:09:49,655 --> 00:09:51,612
ආණ්ඩු හැදිලා තියෙන්නෙත්
අපි වගේම මිනිස්සුන්ගෙන්.

141
00:09:51,613 --> 00:09:52,905
එයාලත් ඒ වගේම දුර්වලයි.

142
00:09:53,196 --> 00:09:55,863
බදු ගෙවන්නන්, නිලධාරීන්,
අපි හැමෝම ඉන්නේ එකම සිස්ටම් එකක.

143
00:09:56,655 --> 00:09:58,530
<i>ණයක් නැතුව මම මහපාරට වැටිලා.</i>

144
00:09:58,655 --> 00:09:59,780
<i>මගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.</i>

145
00:09:59,988 --> 00:10:01,500
<i>මගේ දරුවට මම මොන අනාගතයක්ද දෙන්නේ?</i>

146
00:10:19,405 --> 00:10:20,280
හලෝ, රාමන්.

147
00:10:20,738 --> 00:10:22,071
ඩොක්ටර් සිං කතා කරන්නේ.

148
00:10:22,780 --> 00:10:24,196
කරදර කළාට සමාවෙන්න.

149
00:10:25,613 --> 00:10:27,530
ඔව් සර්. සුබ සැන්දෑවක්.

150
00:10:27,780 --> 00:10:29,446
ඔයාට හෙට දිල්ලි එන්න පුළුවන්ද?

151
00:10:29,655 --> 00:10:31,405
මේක ෆෝන් එකෙන් කතා කරන්න බෑ.

152
00:10:31,571 --> 00:10:33,905
හරි සර්. මම එන්නම්.

153
00:10:44,155 --> 00:10:46,071
සර්, කරුණාකරලා. එක පෑනක් ගන්න.

154
00:10:46,196 --> 00:10:47,363
රුපියල් දෙකයි සර්.

155
00:10:47,530 --> 00:10:49,946
සර්, කරුණාකරලා එකක්. රුපියල් දෙකයි.

156
00:10:51,196 --> 00:10:52,113
අනේ ගන්නකෝ සර්.

157
00:10:59,280 --> 00:11:00,405
රුපියල් දහයක්?

158
00:11:01,113 --> 00:11:05,071
රුපියල් දහයක්. මට දෙන්න පුළුවන්
එකයි... දෙකයි...

159
00:11:05,196 --> 00:11:07,613
- තුනයි...
- එපා එපා. ඉතුරු සල්ලි තියාගන්න.

160
00:11:08,113 --> 00:11:09,655
එකක් ගන්නකෝ.

161
00:11:13,988 --> 00:11:14,863
ස්තූතියි.

162
00:11:38,988 --> 00:11:42,321
"සාමාන්‍ය මිනිසාගේ ප්‍රශ්න මැද
ඉන්දියාව ගිනි ගනී"

163
00:11:42,488 --> 00:11:44,791
"අදිති වර්මා විසිනි."

164
00:11:45,571 --> 00:11:47,280
සර්ට ඇතුළට යන්න පුළුවන්.

165
00:11:48,030 --> 00:11:48,833
රාමන්.

166
00:11:50,655 --> 00:11:52,696
ආරංචි වුණා ඔයාට හොඳ
දුරදක්නා නුවණක් තියෙනවා කියලා.

167
00:11:53,254 --> 00:11:56,474
එයා ගිය අවුරුද්දේ කිව්වා,

168
00:11:56,475 --> 00:11:58,821
ඉන්දියාව ආර්ථික අර්බුදයකට
මුහුණ දෙන්න යනවා කියලා.

169
00:12:00,577 --> 00:12:03,571
ඒක දත්ත මත පදනම් වුණු
අනුමානයක් විතරයි.

170
00:12:03,696 --> 00:12:05,988
මම කාටවත් දොස් කිව්වේ නෑ.

171
00:12:06,905 --> 00:12:08,029
ඔයා ප්‍රශ්නේ දැක්කා,

172
00:12:08,030 --> 00:12:09,446
අනිවාර්යයෙන්ම ඔයා ගාව
විසඳුමකුත් තියෙන්න ඇති.

173
00:12:09,946 --> 00:12:14,905
මම 89දි හිටපු අගමැති
ගාන්ධි මහත්තයට දුන්න රිපෝට් එකේ...

174
00:12:15,030 --> 00:12:16,780
ඔයත් එතන හිටියා.

175
00:12:16,905 --> 00:12:19,208
මහ බැංකු අධිපති,
මිස්ටර් බත්‍රා ඉල්ලා අස්වුණා.

176
00:12:20,655 --> 00:12:22,945
නීතියට අනුව, නියෝජ්‍ය අධිපති...

177
00:12:22,946 --> 00:12:25,446
ගාන්ධි මහත්තයා ඔයාගේ නම යෝජනා කළා,

178
00:12:26,071 --> 00:12:27,821
මහ බැංකු අධිපති තනතුරට.

179
00:12:29,030 --> 00:12:31,821
මේ පත්වීම් ලිපියට අත්සන් කරන්න.

180
00:12:50,321 --> 00:12:51,363
ස්තූතියි, සර්.

181
00:13:01,155 --> 00:13:05,321
<i>ඇමරිකාව දැවැන්ත ගුවන් ප්‍රහාර සමඟින්
ඉරාකයට එරෙහිව යුද්ධය අරඹා තිබේ.</i>

182
00:13:05,696 --> 00:13:10,071
<i>ඉන්දියාව සිය කනස්සල්ල පළ කළත්
යුද්ධයෙන් ඈත්ව සිටී.</i>

183
00:13:16,155 --> 00:13:17,321
මොන විකාරයක්ද මේ, පෝපත්?

184
00:13:17,488 --> 00:13:19,905
මගේ නම පරේෂ්, පෝපත් නෙවෙයි.

185
00:13:20,321 --> 00:13:21,280
ඔයා ඉන්ටර්න් කෙනෙක් නේද?

186
00:13:21,821 --> 00:13:22,571
ඔව් මැඩම්.

187
00:13:22,738 --> 00:13:24,113
එහෙනම් ඔයා පෝපත් තමයි.

188
00:13:25,988 --> 00:13:30,363
මම මේක ලියන්න කලින්
හැම විස්තරයක්ම හරියටම බැලුවා.

189
00:13:30,571 --> 00:13:32,738
ඔයා පත්තරයක්ද විකුණන්නේ
නැත්තම් ආර්ථික විද්‍යා පොතක්ද?

190
00:13:33,155 --> 00:13:34,196
කතාව කෝ?

191
00:13:35,530 --> 00:13:37,988
කතාවක් නැති ඇත්තක් කියන්නේ
නිකන්ම ඝෝෂාවක් විතරයි.

192
00:13:38,530 --> 00:13:40,988
උද්ධමනය ගැන ඕන කෙනෙක්ට ලියන්න පුළුවන්.

193
00:13:41,488 --> 00:13:43,738
ඒත් මනුස්සයෙක් ගිනි තියාගන්න එක.

194
00:13:44,738 --> 00:13:45,905
අන්න ඒකයි නියම කතාව.

195
00:13:46,821 --> 00:13:47,696
- හරි මැඩම්.
- එළියට යනවා!

196
00:13:47,863 --> 00:13:48,655
සමාවෙන්න මැඩම්.

197
00:13:49,446 --> 00:13:50,321
ගුඩ් මෝනින් සර්.

198
00:13:50,735 --> 00:13:51,541
හොඳ ළමයා.

199
00:13:56,988 --> 00:13:58,821
ඒ ළමයට පොඩි නිදහසක් දෙන්න.

200
00:13:59,113 --> 00:14:01,946
මේකයි ඇත්ත. බොරුව කොහොමත් විකිණෙනවා.

201
00:14:02,488 --> 00:14:05,196
මම ඇත්ත විකුණන නිසා තමයි
ඔයාගේ පත්තරේ තාම දුවන්නේ.

202
00:14:05,821 --> 00:14:07,570
ඒක නිසා ඔව්, ප්‍රවෘත්තියකට කතාවක් ඕනේ.

203
00:14:07,571 --> 00:14:09,237
මම ඔයාගේ නම ඉහළට යැව්වා.

204
00:14:09,238 --> 00:14:10,530
ඔයාගේ පඩිය වැඩි කරන්න.

205
00:14:11,196 --> 00:14:12,530
ස්තූතියි සර්.

206
00:14:13,196 --> 00:14:15,612
දැන් මට ලොකු නිවුස් එකක් ගෙනත් දෙන්න.

207
00:14:15,613 --> 00:14:18,279
මට විශේෂ පුවතක් ඕනේ.

208
00:14:18,280 --> 00:14:20,446
ඒක දැනටමත් එන ගමන් තියෙන්නේ.

209
00:14:21,405 --> 00:14:23,238
මහ බැංකු අධිපති අස්වෙලා.

210
00:14:23,738 --> 00:14:27,654
නියෝජ්‍ය අධිපතිව පැත්තකට කරලා,
එයාලා රූකඩයක්ව ගේන්න යන්නේ.

211
00:14:27,655 --> 00:14:29,530
කවදාවත් ආර්ථික විද්‍යාව ඉගෙනගෙන නැති,

212
00:14:29,780 --> 00:14:32,196
දැන් එයා තමයිලු රටේ ආර්ථිකේ හදන්නේ.

213
00:14:33,738 --> 00:14:35,125
ඔයාගේ අදහස මොකක්ද, සී.ආර්. සර්?

214
00:14:35,946 --> 00:14:37,863
අලුත් අධිපතිට මේක කරන්න පුළුවන් වෙයිද?

215
00:14:38,321 --> 00:14:39,708
ඔයා එයාව හම්බෙලා තියෙනවා.

216
00:14:40,613 --> 00:14:42,208
එයා දක්ෂ මනුස්සයෙක්.

217
00:14:43,946 --> 00:14:46,280
ප්‍රයෝජනයක් වෙයිද? ඒක ඉස්සරහට බලමු.

218
00:14:46,446 --> 00:14:48,530
එයා ආපු ගමන්ම අපි ප්‍රහාරය පටන් ගමුද?

219
00:14:48,738 --> 00:14:50,375
මෙතන විනෝද වෙන්න කාලයක් නෑ.

220
00:14:51,113 --> 00:14:53,196
එයා කොච්චර ඉක්මනට ඇත්ත තේරුම් ගන්නවද,

221
00:14:53,363 --> 00:14:54,583
ඒක හැමෝටම හොඳයි.

222
00:15:04,113 --> 00:15:05,155
හැමෝම ඉන්නවද?

223
00:15:05,405 --> 00:15:07,070
නෑ සර්. දීපක් තාම ඇවිත් නෑ.

224
00:15:07,071 --> 00:15:08,208
හැමදාම පරක්කුයි.

225
00:15:13,821 --> 00:15:15,363
- සර්! සර්!
- පාටිල්!

226
00:15:15,488 --> 00:15:16,779
- ඔව් සර්.
- ඉක්මන් කරනවා.

227
00:15:16,780 --> 00:15:18,113
හරි, එනවා.

228
00:15:21,196 --> 00:15:22,946
රසකැවිලි, කෑම, තේ,

229
00:15:23,071 --> 00:15:24,405
පිළිගැනීමේ සින්දුව පවා ලෑස්තියි.

230
00:15:24,530 --> 00:15:25,905
- අපේ හැම...
- පාටිල්.

231
00:15:26,196 --> 00:15:27,612
තමුසෙට තියෙන්නේ විනාඩි දෙකයි.

232
00:15:27,613 --> 00:15:29,237
විනාඩියයි තත්පර තිස් දෙකයි.

233
00:15:29,238 --> 00:15:30,238
ඒක මගේ රස්සාව.

234
00:15:36,280 --> 00:15:37,945
ෂර්මා සර්, මට පොඩි උදව්වක් කරන්න.

235
00:15:37,946 --> 00:15:39,155
මොකක්ද?

236
00:15:39,488 --> 00:15:40,655
රුපියල් දහයක්... දහයක්... දහයක්...

237
00:15:41,780 --> 00:15:42,695
අනේ මේ පාටිල්.

238
00:15:42,696 --> 00:15:44,250
මේක ඒකට වෙලාව නෙවෙයි.

239
00:15:45,571 --> 00:15:46,654
මම ඊළඟ පාර දෙන්නම්.

240
00:15:46,655 --> 00:15:47,696
කමක් නෑ.

241
00:16:03,946 --> 00:16:04,987
මොකද වෙන්නේ?

242
00:16:04,988 --> 00:16:06,612
බොත්තම. කෝ බොත්තම?

243
00:16:06,613 --> 00:16:07,363
බොත්තම හොයන්න.

244
00:16:07,488 --> 00:16:08,737
අරින්න, අරින්න!

245
00:16:08,738 --> 00:16:11,280
- මේක ඇරෙන්නේ නෑ.
- කවුරුහරි ඉන්නවද?

246
00:16:11,446 --> 00:16:14,196
බොත්තම ඔබන්න.

247
00:16:14,321 --> 00:16:15,238
ඔව්...

248
00:16:16,071 --> 00:16:16,780
ගුඩ් මෝනින් සර්.

249
00:16:16,905 --> 00:16:18,030
මේකේ තියෙන හොඳ මොකක්ද?

250
00:16:18,238 --> 00:16:19,113
මොනවා හරි කරන්න.

251
00:16:19,280 --> 00:16:20,571
හරි, හරි.

252
00:16:20,780 --> 00:16:21,613
එක තත්පරයක්.

253
00:16:22,405 --> 00:16:24,863
අරින්න.

254
00:16:25,946 --> 00:16:27,071
හරි, එකින් එක.

255
00:16:27,238 --> 00:16:28,571
කලබල වෙන්න එපා.

256
00:16:28,738 --> 00:16:29,654
හරි.

257
00:16:29,655 --> 00:16:31,333
කලබල වෙන්න එපා. හිමීට. බයවෙන්න එපා.

258
00:16:32,321 --> 00:16:32,988
මොකක්ද වෙන්නේ?

259
00:16:36,738 --> 00:16:38,030
වතුර! වතුර ගේන්න.

260
00:16:39,071 --> 00:16:40,613
ඉක්මනට වතුර ගේන්න.

261
00:16:42,238 --> 00:16:44,488
කවුරුහරි සිකියුරිටි එකට කතා කරන්න.

262
00:16:44,613 --> 00:16:45,946
ඉක්මනට මේන්ටෙනන්ස් එකට කතා කරන්න!

263
00:16:46,946 --> 00:16:49,238
හේයි, නිකන් බලන් ඉන්න එපා. එයාට උදව් කරන්න.

264
00:16:49,613 --> 00:16:51,238
උරහිසෙන් අල්ලගන්න.

265
00:16:52,196 --> 00:16:53,280
හිමීට, හිමීට.

266
00:16:53,405 --> 00:16:54,905
එන්න සර්, මේ පැත්තෙන්.

267
00:16:55,071 --> 00:16:56,238
ඔව් සර්, ඔව්.

268
00:16:56,821 --> 00:16:57,666
රාමන් සර්!

269
00:17:02,155 --> 00:17:04,155
සර්, ගුඩ් මෝනින්.

270
00:17:04,446 --> 00:17:05,196
ගුඩ් මෝනින් සර්.

271
00:17:05,321 --> 00:17:07,155
ගුඩ් මෝනින් සර්.

272
00:17:09,530 --> 00:17:10,196
ගුඩ් මෝනින් සර්.

273
00:17:10,363 --> 00:17:12,196
මෝනින්, තව වතුර ටිකක් බොන්න.

274
00:17:13,696 --> 00:17:14,405
ඔව් සර්.

275
00:17:14,905 --> 00:17:18,071
සමාවෙන්න සර්, අපි සැලසුම් කළේ
මේ විදිහට නෙවෙයි.

276
00:17:18,905 --> 00:17:21,208
සර්දාර් පටෙල් අද ජීවතුන් අතර හිටියා නම්,

277
00:17:21,988 --> 00:17:23,404
රටේ තත්ත්වෙ දැකලා,

278
00:17:23,405 --> 00:17:25,375
එයා පණ්ඩිත් නේරුට කියාවි,

279
00:17:26,780 --> 00:17:29,446
"අපි සැලසුම් කළේ මේ
විදිහට නෙවෙයි ජවහර්" කියලා.

280
00:17:33,363 --> 00:17:34,238
හරි සර්.

281
00:17:34,488 --> 00:17:35,530
එහේ තත්ත්වෙ කොහොමද?

282
00:17:35,655 --> 00:17:36,530
ගොඩක් හොඳයි සර්.

283
00:17:40,655 --> 00:17:41,208
සර්...

284
00:17:42,738 --> 00:17:44,446
සෑහෙන්න නගින්න තියෙනවා.

285
00:17:44,655 --> 00:17:47,321
ඔව්, ඔව්. අපිට ගොඩක් දුර යන්න තියෙනවා.

286
00:17:47,488 --> 00:17:49,155
එන්න, අපි යමු.

287
00:17:50,113 --> 00:17:50,833
යමු.

288
00:17:51,446 --> 00:17:52,375
ඒත් සී.ආර් සර්.

289
00:17:59,571 --> 00:18:01,237
රාමන් සර්ට පින්සිද්ධ වෙන්න,

290
00:18:01,238 --> 00:18:04,030
අද අපිට හොඳ ව්‍යායාමයක් ලැබුණා.

291
00:18:05,738 --> 00:18:08,696
සර්, මම හැමෝවම අඳුන්වලා දෙන්නම්.

292
00:18:09,196 --> 00:18:11,738
ඔය විධිමත් දේවල් ඕනේ නෑ ෂර්මා.

293
00:18:12,071 --> 00:18:14,738
වැඩ කරන ගමන් අපි අඳුනගමු.

294
00:18:14,946 --> 00:18:16,333
ඒක නම් ඇත්ත සර්.

295
00:18:17,655 --> 00:18:18,863
අපි වැඩේට බහිමු.

296
00:18:20,363 --> 00:18:22,166
පහුගිය ආණ්ඩු තුනේම,

297
00:18:23,113 --> 00:18:26,625
දුර්වල ප්‍රතිපත්ති සහ ප්‍රායෝගික නැති තීරණ
තමයි අපිව මේ තත්ත්වෙට ගෙනාවේ.

298
00:18:27,238 --> 00:18:28,208
රටක් විදිහට,

299
00:18:28,780 --> 00:18:32,154
අපි උපයනවාට වඩා ගොඩක්
වියදම් කරනවා.

300
00:18:32,155 --> 00:18:32,570
මට සමාවෙන්න.

301
00:18:32,571 --> 00:18:37,488
තත්ත්වෙ හැටියට, සමහරවිට මාසෙකින්
ආණ්ඩුව දුවන්නේ...

302
00:18:44,863 --> 00:18:45,498
සමාවෙන්න.

303
00:18:47,071 --> 00:18:48,280
දිගටම කියන්න, සී.ආර්.

304
00:18:50,488 --> 00:18:53,113
සාමාන්‍ය පාලන කටයුතු පවා
කරගන්න බැරි වෙයි.

305
00:18:53,280 --> 00:18:54,863
අපනයන වර්ධනය අඩුවෙලා.

306
00:18:55,155 --> 00:18:59,613
මැණික් හා ස්වර්ණාභරණ, ඉංජිනේරු,
රසායනික ද්‍රව්‍ය මේ ඔක්කොම කඩා වැටිලා.

307
00:18:59,738 --> 00:19:01,530
රජයේ වියදම් ඉහළ යනවා.

308
00:19:01,696 --> 00:19:03,780
ඒත් ආදායම වැඩි වෙන්නේ නෑ.

309
00:19:03,988 --> 00:19:06,280
ගල්ෆ් යුද්ධය නිසා ඛනිජ තෙල් ආනයනය

310
00:19:06,488 --> 00:19:10,613
ඩොලර් බිලියන 2ක ඉඳන්
බිලියන 5.7 දක්වා වැඩි වෙලා.

311
00:19:10,988 --> 00:19:13,905
අපනයනවලට වඩා ආනයන වැඩි වෙනකොට,

312
00:19:14,030 --> 00:19:15,862
අපේ ජංගම ගිණුමේ හිඟය...

313
00:19:15,863 --> 00:19:19,112
1980-81 කාලේ දළ දේශීය
නිෂ්පාදිතයෙන් 9%ක ඉඳලා

314
00:19:19,113 --> 00:19:22,571
දැන් 12.7% දක්වා වැඩි වෙලා.

315
00:19:22,863 --> 00:19:25,529
දේශීය ණය
දළ දේශීය නිෂ්පාදිතයෙන් 53%ක්.

316
00:19:25,530 --> 00:19:28,154
විදේශ ණය, ඒ කියන්නේ විදේශීය ණය දෙන්නන්,

317
00:19:28,155 --> 00:19:30,280
වාණිජ බැංකු, මූල්‍ය ආයතනවලට ගෙවන්න තියෙන,

318
00:19:30,405 --> 00:19:36,821
සම්පූර්ණ ණය ප්‍රමාණය ආසන්න වශයෙන්
ඩොලර් බිලියන 62ත් 65ත් අතර වෙනවා.

319
00:19:42,738 --> 00:19:46,155
ඔයාගේ මේ සූදානම් වීම
මම ගොඩක් අගය කරනවා, සර්.

320
00:19:46,696 --> 00:19:47,280
ස්තූතියි.

321
00:19:47,405 --> 00:19:49,155
ඔයා මේකත් දන්නවා ඇතිනේ,

322
00:19:49,280 --> 00:19:51,155
අපේ විදේශ විනිමය සංචිත,

323
00:19:51,530 --> 00:19:53,863
ඩොලර් බිලියන 1.2ක් දක්වා පහත වැටිලා.

324
00:19:53,988 --> 00:19:54,958
සමාවෙන්න, මොකක්ද?

325
00:19:55,863 --> 00:19:56,625
මම හරි නේද?

326
00:19:57,780 --> 00:19:59,446
අද වෙනකොට නම්, ඔව් සර්.

327
00:20:00,113 --> 00:20:04,863
ඩොලර් බිලියන 1.2කින්
කොහොමද රටක් දුවන්නේ?

328
00:20:05,071 --> 00:20:05,791
බෑ.

329
00:20:06,321 --> 00:20:09,738
විදේශ විනිමය සංචිත
බිලියනයකට වඩා අඩු වුණොත්.

330
00:20:10,613 --> 00:20:14,529
අපිට තෙල්, ගෑස්, අත්‍යවශ්‍ය දේවල්
ගේන්න බැරි වෙනවා.

331
00:20:14,530 --> 00:20:16,363
ඊටපස්සේ වෙන්නේ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා.

332
00:20:16,696 --> 00:20:18,458
උද්ධමනය කවදාවත් තනියම එන්නේ නෑ.

333
00:20:18,738 --> 00:20:19,988
බඩගින්නත් ඒකත් එක්කම එනවා.

334
00:20:20,196 --> 00:20:22,363
බඩගින්න ජාතියක්ම
අගාධයට තල්ලු කරනවා.

335
00:20:22,488 --> 00:20:24,821
අපරාධ, කැරලි, අරාජිකත්වය.

336
00:20:25,426 --> 00:20:27,593
සමහරවිට සම්පූර්ණයෙන්ම කඩා වැටෙයි.

337
00:20:29,655 --> 00:20:32,946
මේක අහන්න අමාරු දෙයක් වෙන්න පුළුවන්.

338
00:20:34,030 --> 00:20:35,696
ඒත් ඇත්ත තමයි,

339
00:20:36,155 --> 00:20:39,250
ඉන්දියාව බංකොලොත් වෙන්නයි යන්නේ.

340
00:20:39,780 --> 00:20:43,155
ආර්ථිකය සම්පූර්ණයෙන්ම
කඩා වැටෙන්න ඔන්න මෙන්න.

341
00:20:48,321 --> 00:20:53,905
එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි,
හයයි, හතයි, අටයි, නමයයි, දහයයි.

342
00:20:54,405 --> 00:20:56,113
සර්, අලුත් කෙනා.

343
00:20:56,405 --> 00:20:57,405
දැන් නෙවෙයි!

344
00:20:57,530 --> 00:21:00,570
පිළිගැනීමේ සින්දුව එකට පටන් ගමු.
පටන් ගන්න!

345
00:21:00,571 --> 00:21:03,613
“සාදරයෙන් පිළිගනිමු,
මහත් හරසරින් පිළිගනිමු”

346
00:21:03,738 --> 00:21:07,320
“අපි ඔබව පිළිගනිමු”

347
00:21:07,321 --> 00:21:07,987
නෑ, නෑ.

348
00:21:07,988 --> 00:21:13,321
“සාදරයෙන් පිළිගනිමු, මහත් හරසරින් පිළිගනිමු”

349
00:21:13,530 --> 00:21:15,071
“අපි ඔබව පිළිගනිමු”

350
00:21:16,613 --> 00:21:18,321
මහ බැංකුවට සාදරයෙන් පිළිගන්නවා සර්.

351
00:21:18,988 --> 00:21:21,030
එයාව එවලා තියෙන්නේ ඔයා ගැන ඇහැගහගෙන ඉන්න.

352
00:21:21,196 --> 00:21:23,863
ඒත් පළවෙනි දවසෙම එයා අනාගත්තා.

353
00:21:24,488 --> 00:21:26,821
ගාන්ධි මහත්තයා තමයි එයාව යෝජනා කරලා තියෙන්නේ.

354
00:21:31,905 --> 00:21:34,030
එයාලට බිල්ලට දෙන්න කෙනෙක් ඕන වෙලා තිබ්බා.

355
00:21:35,640 --> 00:21:36,333
එක්කෙනෙක්ව හම්බුණා.

356
00:21:50,405 --> 00:21:54,530
සර්, සර්ගේ වොෂ්රූම් එක තියෙන්නේ
කැබින් එක ඇතුළේ.

357
00:21:54,780 --> 00:21:57,155
ආ, මම ඒක දැනගෙන හිටියේ නෑ.

358
00:21:58,655 --> 00:22:01,613
කොහොම වුණත්,
අපි මීටින් එක දිගටම කරමුද?

359
00:22:01,905 --> 00:22:03,946
නෑ ඉස්සෙල්ලා ඒක ඉවර කරලා එන්නකෝ.

360
00:22:34,613 --> 00:22:37,946
සර්, මේ ඉන්නේ අපේ හිටපු අධිපතිවරු.

361
00:22:38,571 --> 00:22:39,905
මට ඒක තේරුණා.

362
00:22:43,363 --> 00:22:47,113
අගමැතියි මුදල් ඇමතියි,

363
00:22:48,155 --> 00:22:50,155
දැනුවත් කරන්න ඕනේ.

364
00:22:50,821 --> 00:22:54,030
ඒත් විසඳුම් නැතුව නෙවෙයි.

365
00:22:55,780 --> 00:22:59,779
සර්, ජාත්‍යන්තර පියවීම් බැංකුව (BIS)
මේකට මැදිහත් වෙන්නේ නෑ.

366
00:22:59,780 --> 00:23:01,112
මොකද ඉන්දියාව ඒකේ සාමාජිකයෙක් නෙවෙයි.

367
00:23:01,113 --> 00:23:05,238
අපේ ආර්ථික දර්ශක දිහා බලලා
අනිත් මහ බැංකු අවදානමක් ගන්නේ නෑ.

368
00:23:07,242 --> 00:23:08,310
විසඳුම්?

369
00:23:09,030 --> 00:23:09,863
සමාවෙන්න සර්.

370
00:23:13,071 --> 00:23:17,695
සර්, මේ තමයි සෝවියට් දේශයට
කතා කරන්න ඕනේ වෙලාව.

371
00:23:17,696 --> 00:23:19,875
එයාලා හැමදාම ඉන්දියාව වෙනුවෙන් හිටියා.

372
00:23:24,363 --> 00:23:26,666
සෝවියට් දේශයටත්
එයාලගෙම ප්‍රශ්න තියෙනවා.

373
00:23:27,280 --> 00:23:30,696
අපි ණයක් ගන්න එක ගැන හිතන්න ඕනේ

374
00:23:31,238 --> 00:23:33,238
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්

375
00:23:33,655 --> 00:23:35,946
IMF එකෙන්.

376
00:23:36,196 --> 00:23:36,916
IMF?

377
00:23:37,280 --> 00:23:39,196
එයාලගේ ණයෙන් ඉන්දියාව

378
00:23:39,321 --> 00:23:41,458
සමාජවාදී රටක ඉඳන් ධනවාදී රටක් වෙනවා.

379
00:23:41,821 --> 00:23:44,362
අපිට විසඳුම් ඕනේ, සී.ආර්.

380
00:23:44,363 --> 00:23:46,362
ඒ තරම් දුර හිතන්න ඕනේ නෑ.

381
00:23:46,363 --> 00:23:49,238
හැමෝම දන්නවා IMF එක
පාලනය කරන්නේ ඇමරිකාව කියලා.

382
00:23:49,363 --> 00:23:51,905
එයාලා බලන්නේ ලාභය මිසක්
සමානාත්මතාවය නෙවෙයි.

383
00:23:52,030 --> 00:23:53,904
අපි එක දෙයක් ගැන අවධානය දෙන්න ඕනේ.

384
00:23:53,905 --> 00:23:56,113
මේ අර්බුදයෙන් අපි
කොහොමද ගොඩ එන්නේ?

385
00:23:56,363 --> 00:23:57,237
ඒක වෙනුවෙන්...

386
00:23:57,238 --> 00:24:00,071
එක අර්බුදයක් නිසා
අපි කවුද කියන එක වෙනස් වෙන්න ඕනෙද?

387
00:24:00,988 --> 00:24:02,958
රටක් විදිහට, අපිට තවමත්
ගෞරවයක් ඉතුරු වෙලා තියෙනවද නැද්ද?

388
00:24:03,280 --> 00:24:03,833
මේක...

389
00:24:05,363 --> 00:24:06,333
මේ තමයි අපි!

390
00:24:06,821 --> 00:24:08,291
ඉන්දියාවේ ජනතාව වන අපි

391
00:24:08,405 --> 00:24:11,863
ඉන්දියාව ස්වෛරී,

392
00:24:12,071 --> 00:24:14,363
සමාජවාදී, ලෞකික, ප්‍රජාතන්ත්‍රවාදී
ජනරජයක් බවට පත් කිරීමට අදිටන් කරගෙන.

393
00:24:14,530 --> 00:24:16,155
ඔයා ඒක කියෙව්වද? සමාජවාදී.

394
00:24:16,280 --> 00:24:19,650
මම සමාජවාදයට විරුද්ධ නෑ, සී.ආර්.

395
00:24:20,363 --> 00:24:22,695
නිදහසින් පස්සේ, අපිට ඒක ඕන වුණා.

396
00:24:22,696 --> 00:24:25,816
කුල භේදයටයි වැඩවසම්
ක්‍රමයටයි විරුද්ධව සටන් කරන්න.

397
00:24:26,655 --> 00:24:29,988
ආර්ථිකයට තල්ලුවක් ඕනේ.

398
00:24:30,530 --> 00:24:32,275
ව්‍යාපාර තමයි වර්ධනයක් ඇති කරන්නේ.

399
00:24:32,571 --> 00:24:34,280
සමානාත්මතාවය උඩ ව්‍යාපාර දියුණු වෙන්නේ නෑ.

400
00:24:34,405 --> 00:24:35,862
ඒවා දියුණු වෙන්නේ තරඟකාරීත්වය උඩ.

401
00:24:35,863 --> 00:24:38,821
අපි ඉන්නේ අපේ තීරණාත්මකම අවස්ථාවේ.

402
00:24:39,155 --> 00:24:39,904
IMF...

403
00:24:39,905 --> 00:24:43,506
රුසියාව. සෝවියට් රුසියාවට විතරයි
තාමත් අපිට උදව් කරන්න පුළුවන්.

404
00:24:45,196 --> 00:24:47,780
මට තානාපති කාර්යාලය එක්ක
කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්.

405
00:24:48,321 --> 00:24:51,833
ඒත් ඔයා දැනටමත් තීරණය කරලා ඉවර නම්,

406
00:24:53,584 --> 00:24:55,363
මම වැරදියි කියලා, එහෙනම්...

407
00:24:55,613 --> 00:24:56,794
සී.ආර්.

408
00:24:59,280 --> 00:25:02,780
කවුද හරි කවුද වැරදි
කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ.

409
00:25:03,530 --> 00:25:06,613
අපිට ඕනේ මේ රට බංකොලොත් වෙන එකෙන් බේරගන්න.

410
00:25:06,738 --> 00:25:07,905
ඉතින් අපි ඉස්සරහට යමු.

411
00:25:08,613 --> 00:25:11,321
හැමදේම ට්‍රයි කරමු. හරි.

412
00:25:16,363 --> 00:25:17,113
එන්න සර්.

413
00:25:17,571 --> 00:25:21,780
අපේ සංඛ්‍යාලේඛන සහ
තොරතුරු කළමනාකරණ අංශය.

414
00:25:22,113 --> 00:25:24,113
මිස්ටර් දීපක් බින්ද්‍රා සහ එයාගේ කණ්ඩායම.

415
00:25:24,238 --> 00:25:25,750
හලෝ සර්. සාදරයෙන් පිළිගන්නවා.

416
00:25:28,488 --> 00:25:29,487
මොකක්ද මේ?

417
00:25:29,488 --> 00:25:32,571
සර්, දිව්‍යා දර්ශකයක් හැදුවා.

418
00:25:33,321 --> 00:25:34,738
හරිම නිර්මාණශීලීයි.

419
00:25:35,321 --> 00:25:36,071
මට පුළුවන්ද?

420
00:25:36,196 --> 00:25:36,988
ඔව් සර්.

421
00:25:39,946 --> 00:25:41,696
දිව්‍යා, කරුණාකරලා පැහැදිලි කරන්න.

422
00:25:41,863 --> 00:25:42,821
ඔව් සර්.

423
00:25:44,238 --> 00:25:48,112
අපේ විදේශ විනිමය සංචිත
ඩොලර් බිලියන 1 පැන්නොත්,

424
00:25:48,113 --> 00:25:50,196
අපි මේ රතු ඉරට උඩින් ඉන්නවා.

425
00:25:50,738 --> 00:25:52,821
බිලියන එකේදී, අපි හරියටම රතු ඉර උඩ ඉන්නේ.

426
00:25:53,280 --> 00:25:56,071
අපි බිලියන එකෙන් පල්ලෙහාට වැටුණොත්...

427
00:25:56,655 --> 00:25:58,738
ඉන්දියාව බංකොලොත් වෙනවා.

428
00:25:58,863 --> 00:25:59,571
සර්...

429
00:26:00,446 --> 00:26:02,071
ඒත් ඒ දවස කවදාවත් එන්න හොඳ නෑ.

430
00:26:02,696 --> 00:26:03,363
සර්...

431
00:26:03,571 --> 00:26:06,780
දැනට, අපි ඉන්නේ
රතු ඉරට පොඩ්ඩක් උඩින්.

432
00:26:07,321 --> 00:26:08,988
ඩොලර් බිලියන 1.2ක.

433
00:26:10,321 --> 00:26:12,905
දේවල් වෙනස් වුණේ නැත්තම්,
මාසයක් ඇතුළත...

434
00:26:17,571 --> 00:26:18,655
සර්, කරුණාකරලා.

435
00:26:45,405 --> 00:26:48,905
සර්, මේ මුදල් කළමනාකරණ අංශයේ සයිරස්.

436
00:26:49,030 --> 00:26:52,363
නෝට්ටු වලට අපිට
සර්ගේ අත්සන ඕනේ.

437
00:26:53,780 --> 00:26:56,655
ඉංග්‍රීසි සහ හින්දි දෙකෙන්ම.

438
00:26:57,196 --> 00:26:58,780
ශෙයික්, ෆොටෝ එකක් ගන්න.

439
00:27:01,238 --> 00:27:02,238
ඉන්න. ඉන්න.

440
00:27:15,655 --> 00:27:20,155
වාව්, අපේ සාක්කුවල තියෙන හැම නෝට්ටුවකම
තියෙන්නේ සර්ගේ අත්සන.

441
00:27:27,530 --> 00:27:29,030
අද ටේබල් ටෙනිස් මැච් එකෙන් පස්සේ,

442
00:27:30,238 --> 00:27:31,280
ඔයා කාගේ පැත්තෙද ඉන්නේ?

443
00:27:31,488 --> 00:27:33,071
රාමන් සර්ගේ පැත්තෙද? නැත්තම් සී.ආර් සර්ගේද?

444
00:27:33,488 --> 00:27:34,613
මට මොකද?

445
00:27:36,821 --> 00:27:37,988
මගේ අයියා ඊයේ කෝල් කළා.

446
00:27:38,321 --> 00:27:40,696
බොස්ටන් වල රස්සාව හරි ගිහින්.

447
00:27:41,071 --> 00:27:42,320
ඒක මරුනේ.

448
00:27:42,321 --> 00:27:43,083
දිව්‍යා මැඩම්.

449
00:27:43,863 --> 00:27:44,488
ඔව්.

450
00:27:44,613 --> 00:27:45,821
අයියෝ!

451
00:27:47,155 --> 00:27:49,738
මැඩම්, මට පොඩි උදව්වක් ඕන වෙලා තිබ්බා.

452
00:27:50,071 --> 00:27:50,570
කීයක්ද?

453
00:27:50,571 --> 00:27:53,196
පහළොවක්... විස්සක්...
ඇත්තටම මට පනහක් ඕනේ.

454
00:27:54,530 --> 00:27:55,071
මම දෙන්නම්.

455
00:27:56,905 --> 00:27:58,238
මං ගාව විස්සයි තියෙන්නේ.

456
00:27:58,405 --> 00:27:59,238
ඒක ඇති.

457
00:28:02,280 --> 00:28:02,946
ස්තූතියි.

458
00:28:03,113 --> 00:28:06,154
කලින් ගත්ත දොළහයි
මේ විස්සයි, මම...

459
00:28:06,155 --> 00:28:07,613
අපි පස්සේ ගණන් හදමු.

460
00:28:07,738 --> 00:28:08,405
ස්තූතියි මැඩම්.

461
00:28:08,821 --> 00:28:10,029
හේයි, හේයි, හේයි!

462
00:28:10,030 --> 00:28:11,488
මොකද මේ කරන්නේ?
සර්, අනේ එපා...

463
00:28:11,780 --> 00:28:14,612
- මොනවද සාක්කුවේ තියෙන්නේ?
- මුකුත් නෑ... මුකුත් නෑ සර්.

464
00:28:14,613 --> 00:28:15,404
මුකුත් නෑ? මට බලන්න දෙන්න.

465
00:28:15,405 --> 00:28:16,530
- මොකක්ද ඒ?
- ඒක මුකුත් නෙවෙයි.

466
00:28:16,821 --> 00:28:17,166
හේයි.

467
00:28:22,363 --> 00:28:23,821
මැඩම්, ඒක මුකුත් නෙවෙයි.

468
00:28:23,946 --> 00:28:26,863
ගෙදර යන ගමන් ගොම වතුර ටිකක්
ගේන්න කියලා වයිෆ් කිව්වා.

469
00:28:27,155 --> 00:28:28,863
ගෙදර පවිත්‍ර කරන්න.

470
00:28:31,321 --> 00:28:32,946
මහ බේබද්දා!

471
00:28:34,738 --> 00:28:35,833
ඔයාගේ සල්ලි අමතක කරන්න.

472
00:28:36,696 --> 00:28:39,113
මගෙන් රුපියල් 200ක් ගත්තා.
කවදාවත් ආපහු දුන්නේ නෑ.

473
00:28:39,238 --> 00:28:40,071
කවදාවත් දෙන එකකුත් නෑ.

474
00:28:40,321 --> 00:28:41,155
එයා දෙයි.

475
00:28:41,363 --> 00:28:44,363
ඔයා වගේ එයා ඇමරිකාවට යන්න
රට දාලා යන්නේ නෑනේ.

476
00:28:45,030 --> 00:28:46,530
මට වචනෙන් ගහන එක නවත්තන්න.

477
00:28:46,655 --> 00:28:48,571
පුළුවන් කාලේ හැමෝවම
මෙහෙන් අරන් යන්න.

478
00:28:48,821 --> 00:28:52,696
නැත්තම් තව අවුරුදු කිහිපයකින් අපිටත් අර
බේබදු පාටිල් වගේ හිඟාකන්න තමයි වෙන්නේ.

479
00:28:53,488 --> 00:28:54,946
මම ඔය තරම් සෘණාත්මකව හිතන්නේ නෑ.

480
00:28:55,238 --> 00:28:57,196
ඔයා අද සී.ආර් සර් කියනවා ඇහුවේ නැද්ද?

481
00:28:58,321 --> 00:28:59,613
රට බංකොලොත් වෙන්නයි යන්නේ.

482
00:29:02,030 --> 00:29:03,571
වැඩේ කියන්නේ,

483
00:29:05,030 --> 00:29:06,821
එයාලා හොඳට සාද දානවා.

484
00:29:08,405 --> 00:29:12,530
ඉන්දියාව කෙලින්ම ප්‍රපාතයකට යනවා කියලා
එයාලට ගාණක්වත් නෑ.

485
00:29:14,303 --> 00:29:15,087
තව දවස් කිහිපයකින්...

486
00:29:17,821 --> 00:29:18,695
බූම්.

487
00:29:18,696 --> 00:29:22,196
ඊයේ, මම ඕනකමින්ම
බටර් චිකන් ටිකක් වැඩිපුර හැදුවා,

488
00:29:22,363 --> 00:29:23,821
ඉතින් අද මැඩම්ම කිව්වා,

489
00:29:24,155 --> 00:29:25,571
“භාරතීටත් ටිකක් ගෙදර අරන් යන්න” කියලා.

490
00:29:27,155 --> 00:29:29,280
අම්මේ, එපා.

491
00:29:29,613 --> 00:29:31,363
මට එයාගේ බටර් චිකන් එපා.

492
00:29:31,530 --> 00:29:33,446
එයාගේ? මමනේ ඒක හැදුවේ.

493
00:29:34,030 --> 00:29:36,113
එයා එයාගේ පුතාටත් කිව්වා,

494
00:29:36,363 --> 00:29:39,696
“භාරතීගෙන් ඉගෙන ගන්න,
එයා කොච්චර පාඩම් කරනවද” කියලා.

495
00:29:40,446 --> 00:29:41,821
මම මුකුත්ම කිව්වේ නෑ, ඇත්තමයි.

496
00:29:42,030 --> 00:29:42,905
මොකටද මුකුත් කියන්නේ?

497
00:29:43,530 --> 00:29:46,530
කොහොමත් එයා තාත්තගේ
සල්ලි වලින් යැපෙයිනේ.

498
00:29:47,155 --> 00:29:48,196
එයා සල්ලි තියෙන
බිස්නස්කාරයෙක් වෙයි, අනිවාර්යයෙන්ම.

499
00:29:51,030 --> 00:29:52,780
ඒත් ඔයා
ISA ඔෆිසර් කෙනෙක් වුණාම...

500
00:29:52,905 --> 00:29:54,696
ඒක IAS.

501
00:29:54,946 --> 00:29:56,238
ඔව්, ඒක තමයි කිව්වේ.

502
00:29:56,530 --> 00:29:59,939
එතකොට එයා ඔයාගේ
රතු ලයිට් දාපු කාර් එකට සැලියුට් ගහයි.

503
00:30:01,613 --> 00:30:03,280
මෙන්න, කටක් කන්න.

504
00:30:10,863 --> 00:30:13,446
ඔයා එතන මොකද කරන්නේ?

505
00:30:13,738 --> 00:30:15,655
මම පිටිපස්සේ ගේට්ටුවෙන් බැස්සේ.

506
00:30:17,155 --> 00:30:20,029
මට මේ අලුත් ගෙදර පාරවල් පැටලෙනවා, වන්දිතා.

507
00:30:20,030 --> 00:30:21,530
හරි, කමක් නෑ. ඇතුළට එන්නකෝ.

508
00:30:22,809 --> 00:30:25,195
අනේ දෙවියනේ, අපේ පරණ
පොඩි ගෙදර මීට වඩා හොඳයි.

509
00:30:25,196 --> 00:30:26,750
ඒක අපේ ගෙදර.

510
00:30:27,280 --> 00:30:29,071
මේක මහ බැංකු අධිපතිගේ ගෙදර.

511
00:30:29,321 --> 00:30:30,362
මම ලෑස්තියි අම්මේ.

512
00:30:30,363 --> 00:30:32,821
ආ, ලස්සනයි. එක විනාඩියක් ඉන්න.

513
00:30:33,196 --> 00:30:35,155
ඔයාලා දෙන්නා කොහේ හරි යනවද?

514
00:30:35,488 --> 00:30:37,155
ඔව්. මමයි, මෙයයි, සත්‍යරාජනුයි.

515
00:30:37,446 --> 00:30:38,613
කවුද සත්‍යරාජන්?

516
00:30:38,978 --> 00:30:39,804
කවුරුත් නෑ නේද?

517
00:30:40,780 --> 00:30:42,280
එහෙනම් වෙන කවුද අපිත් එක්ක එන්නේ?

518
00:30:42,863 --> 00:30:43,446
ඔයා තමයි.

519
00:30:43,613 --> 00:30:46,780
ක්ලබ්හවුස් එකේ ඔයාව පිළිගන්න
පාටි එකක් තියෙනවා.

520
00:30:47,030 --> 00:30:50,291
නියෝජ්‍ය අධිපති සී.ආර්ගේ වයිෆ්, ජයා
තමයි ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ.

521
00:30:50,988 --> 00:30:51,696
අපි යන්න ඕනේ.

522
00:30:51,821 --> 00:30:54,238
ඔෆිස් එකේ පිළිගැනීම
මදි වුණාද?

523
00:30:56,071 --> 00:30:57,280
මම යන්නේ නෑ.

524
00:30:59,821 --> 00:31:00,446
මේක අල්ලගන්න.

525
00:31:00,988 --> 00:31:04,280
සත්‍යරාජන්. එයා එක්ක යන්න.

526
00:31:12,030 --> 00:31:12,613
මොකක්?

527
00:31:15,238 --> 00:31:16,946
නෝනාවරුනි මහත්වරුනි,

528
00:31:17,113 --> 00:31:18,779
රාමන් සර්ව පිළිගත්තාට පස්සේ

529
00:31:18,780 --> 00:31:20,821
අපේ රාත්‍රී කෑම කවුන්ටර
දැන් විවෘතයි.

530
00:31:21,071 --> 00:31:23,112
කරුණාකරලා කෑම වේල භුක්ති විඳින්න.

531
00:31:23,113 --> 00:31:25,113
ඊටපස්සේ,

532
00:31:25,238 --> 00:31:29,029
සෙල්ලම් ටිකකුයි විනෝදෙයි,
ගොඩක් දේවල් තියෙනවා.

533
00:31:29,030 --> 00:31:30,613
හරිද? හරි.

534
00:31:32,238 --> 00:31:32,877
සර්.

535
00:31:34,155 --> 00:31:35,071
ස්තූතියි.

536
00:31:36,071 --> 00:31:37,405
ඒ වික්‍රම්, මගේ පුතා.

537
00:31:38,238 --> 00:31:39,530
- හායි, වික්‍රම්.
- හායි.

538
00:31:40,030 --> 00:31:41,083
ඔයාට කවුරු වෙන්නද ඕනේ?

539
00:31:41,405 --> 00:31:43,196
කපිල් දේව්ද නැත්තම් ගවස්කාර්ද?

540
00:31:43,321 --> 00:31:44,280
සචින් ටෙන්ඩුල්කාර්.

541
00:31:44,405 --> 00:31:46,363
අනේ, ෂෝක්නේ.

542
00:31:47,405 --> 00:31:49,363
එයාට මූල්‍ය දේවල් ගැන උනන්දුවක් නෑ.

543
00:31:49,613 --> 00:31:51,488
සී.ආර්ට ක්‍රීඩා ගැන උනන්දුවක් නෑ.

544
00:31:51,696 --> 00:31:53,988
මට ඒ දෙකම ගැන
උනන්දුවක් නෑ.

545
00:31:56,946 --> 00:31:58,745
මේක කාගේ අදහසක්ද?

546
00:32:00,363 --> 00:32:03,280
ඉන්දියාව බංකොලොත්
වෙන්න ඔන්න මෙන්න.

547
00:32:04,821 --> 00:32:06,655
ඒත් අපි මෙතන පාටි දානවා.

548
00:32:07,113 --> 00:32:10,208
මේ රට අවුරුදු ගාණක ඉඳන්
ඉන්නේ පාටි මූඩ් එකක තමයි සර්.

549
00:32:10,655 --> 00:32:14,863
මේක කොහාටද යන්නේ කියලා
කාටවත් කිසිම අදහසක් නෑ.

550
00:32:15,696 --> 00:32:19,321
අලුත් අධිපති කෙනෙක්ට පිළිගැනීමේ
සාදයක් දෙන එක සම්ප්‍රදායක්.

551
00:32:19,696 --> 00:32:21,405
ඒක කොහෙද ලියලා තියෙන්නේ?

552
00:32:21,613 --> 00:32:23,404
සම්ප්‍රදායක් නෙවෙයි ෂර්මා.

553
00:32:23,405 --> 00:32:24,988
- චාරිත්‍රයක් සර්.
- ආ!

554
00:32:25,571 --> 00:32:27,541
හැමතිස්සෙම පිළිගැනීමේ සාදයක් තියෙනවා.

555
00:32:28,071 --> 00:32:30,905
නැත්තම්, මිනිස්සු
හිතන්න ගනීවි.

556
00:32:31,030 --> 00:32:35,030
මට අධිපති වෙන්න සුදුසුකමක්
තියෙනවද නැද්ද කියලා.

557
00:32:46,071 --> 00:32:47,916
නෝනාවරුනි මහත්වරුනි,

558
00:32:48,071 --> 00:32:51,780
මම ඔයාලට ආරාධනා කරනවා
මියුසිකල් චෙයාර්ස් සෙල්ලම් කරන්න.

559
00:32:51,905 --> 00:32:54,154
ඔයාලා නවතින්නේ
සින්දුව නැවතුණාම විතරයි.

560
00:32:54,155 --> 00:32:55,488
කමෝන්, දුවන්න! දුවන්න!

561
00:32:59,571 --> 00:33:00,862
කමෝන්, සී.ආර් සර්.

562
00:33:00,863 --> 00:33:04,530
දැන්, නියෝජ්‍ය අධිපති සර්ත්
සෙල්ලමට එකතු වෙලා.

563
00:33:06,405 --> 00:33:08,946
කමෝන්. කමෝන්, හැමෝම.

564
00:33:09,071 --> 00:33:12,321
දීපක්ගේ සෙල්ලම ඉවරයි.

565
00:33:16,571 --> 00:33:18,363
කමෝන්, කමෝන්.

566
00:33:20,905 --> 00:33:24,821
දැන් මම අපේ අලුත් අධිපති, රාමන් සර්ට
ආරාධනා කරනවා සෙල්ලමට එකතු වෙන්න.

567
00:33:25,071 --> 00:33:27,820
- රාමන් සර්! රාමන් සර්!
- ඉක්මනට යන්න.

568
00:33:27,821 --> 00:33:28,863
තාත්තේ, අනේ යන්නකෝ.

569
00:33:29,321 --> 00:33:30,113
යන්න.

570
00:33:33,446 --> 00:33:36,738
රාමන් සර්! රාමන් සර්!

571
00:33:46,488 --> 00:33:51,863
අධිපතියි නියෝජ්‍ය අධිපතියි
අතර අවසාන සටන.

572
00:33:53,363 --> 00:33:56,613
දැන්, අවසාන සටන පටන් ගන්නවා.

573
00:33:57,780 --> 00:33:58,791
කමෝන්, සී.ආර් සර්.

574
00:33:59,071 --> 00:34:02,488
චූ-චූ කෝච්චිය,
චූ-චූ කෝච්චිය.

575
00:34:02,821 --> 00:34:07,988
සී.ආර් සර් දිනන්න
ඔන්න මෙන්න.

576
00:34:25,738 --> 00:34:28,946
දිනුවේ, සී.ආර් සර්.

577
00:34:29,071 --> 00:34:30,655
යේ!

578
00:34:31,655 --> 00:34:33,821
පුටුව ඔයාගේ, සී.ආර් සර්.

579
00:34:35,196 --> 00:34:38,030
සී.ආර් සර්ට ජයවේවා.

580
00:34:46,780 --> 00:34:49,571
ඔයා තමයි පැහැදිලිවම දිනුවේ.

581
00:34:50,363 --> 00:34:52,000
ඒත් ඔයා උත්සාහ කළේවත් නෑනේ.

582
00:34:55,613 --> 00:34:58,238
දිනන්න මීට වඩා ලොකු යුද්ධයක් තියෙනවා.

583
00:34:59,405 --> 00:35:01,363
ඒකයි මම මගේ සටන් තෝරගන්නේ.

584
00:35:02,519 --> 00:35:03,500
සර්.

585
00:35:06,821 --> 00:35:08,904
සර්, ඔයා හදිස්සියේම
මේ නිවුස් එක බලන්න ඕනේ.

586
00:35:08,905 --> 00:35:10,863
සෝවියට් දේශයෙන්
ඊළඟ අප්ඩේට් එක.

587
00:35:11,113 --> 00:35:13,821
ජෝර්ජියාව, යුක්රේනය,
සහ උස්බෙකිස්තානය,

588
00:35:13,946 --> 00:35:16,905
ඒ වගේම දැන් කිර්ගිස්තානයත්
නිදහස ප්‍රකාශ කරලා.

589
00:35:17,071 --> 00:35:20,112
සෝවියට් සංගමයේ පිපිරීම්

590
00:35:20,113 --> 00:35:22,655
දවසින් දවස ගැඹුරු වෙනවා.

591
00:35:22,780 --> 00:35:27,321
ඇමරිකානු යුධ ගුවන් යානා අද ඉරාකයේ
තෙල් නිධිවලට දරුණු ලෙස බෝම්බ හෙළුවා.

592
00:35:28,446 --> 00:35:30,591
ඔයාගේ විසඳුමත් හරියන්නේ නෑ,

593
00:35:31,280 --> 00:35:33,655
IMF අපිට සල්ලි දෙන්නේ නෑ.

594
00:35:42,951 --> 00:35:43,520
එයාලා දෙයි.

595
00:35:44,905 --> 00:35:49,238
අපි අගමැතිව
හම්බෙන්න ඕනේ. දැන්මම.

596
00:35:49,780 --> 00:35:50,988
කාලය ඉවර වේගෙන යන්නේ.

597
00:35:53,780 --> 00:35:56,237
වාඩි වෙන්න, වාඩි වෙන්න.
කන්නකෝ.

598
00:35:56,238 --> 00:35:58,780
එයා බාන්ඩුප් වලින් එයාගේ
වයිෆ්ගේ ගෙවල් කිට්ටුවෙන් තැනක් අරන්.

599
00:36:00,863 --> 00:36:02,613
එයා ළඟදීම එහේ පදිංචියට යයි.

600
00:36:07,280 --> 00:36:08,280
ආ, සර්!

601
00:36:12,905 --> 00:36:13,405
සර්.

602
00:36:15,113 --> 00:36:16,113
ඉවර කරන්න.

603
00:36:17,780 --> 00:36:21,196
දීපක් කිව්වා ඔයා හැමදාම
දවල්ට කන්නේ මෙතනින් කියලා.

604
00:36:21,321 --> 00:36:23,487
හැමදාම නෙවෙයි සර්.
සමහර දවස්වලට විතරයි.

605
00:36:23,488 --> 00:36:25,695
මම හැමදේටම ඇහැ ගහගෙන ඉන්නේ.

606
00:36:25,696 --> 00:36:26,987
භූමිකම්පා කලින් දැනගන්න ඒක උදව් වෙනවා.

607
00:36:26,988 --> 00:36:27,530
මොකක්?

608
00:36:27,696 --> 00:36:29,155
සර්... භූමිකම්පාවක් සර්.

609
00:36:29,321 --> 00:36:32,488
ෂර්මා සර් කියන්නේ අපේ
මහ බැංකු ගොඩනැගිල්ලේ ජීවමාන සිතියම.

610
00:36:32,780 --> 00:36:34,987
හැම ෆයිල් එකක්ම, හැම මුල්ලක්ම,
එයා දන්නවා.

611
00:36:34,988 --> 00:36:37,780
නිකන් පරණ සේවකයෙක් විතරයි සර්. එච්චරයි.

612
00:36:38,196 --> 00:36:40,571
හරි. අගමැති එක්ක
මීටින් එක ෆික්ස් කළා.

613
00:36:41,155 --> 00:36:42,030
එතකොට ටිකට් එක...

614
00:36:42,196 --> 00:36:43,488
ඒක හරි සර්.
හරි කියලා හිතාගන්නකෝ.

615
00:36:44,238 --> 00:36:45,363
ඔයා තනියමද යන්නේ?

616
00:36:59,488 --> 00:37:01,155
සී.ආර්, කරුණාකරලා මේක පාස් කරන්නකෝ.

617
00:37:02,696 --> 00:37:03,613
කෝස්ටර් එක.

618
00:37:12,196 --> 00:37:13,400
රාමන්. සී.ආර්.

619
00:37:13,988 --> 00:37:16,488
හදිසි මීටින් එකක්.
මේක බරපතල කාරණයක් වෙන්න ඇති.

620
00:37:16,655 --> 00:37:20,196
සර්, මම අගමැතිතුමාටත්
එන්න කියලා කිව්වා.

621
00:37:20,696 --> 00:37:21,416
කිව්වා?

622
00:37:21,821 --> 00:37:24,238
මම අදහස් කළේ, ඉල්ලීමක් කළා.

623
00:37:24,988 --> 00:37:26,196
අපිට මේක තනියම විසඳගන්න පුළුවන්.

624
00:37:26,696 --> 00:37:28,280
අගමැතිට රට පාලනය කරන්න දෙන්න.

625
00:37:28,613 --> 00:37:29,208
මේ මොකක් ගැනද?

626
00:37:31,655 --> 00:37:33,863
සර්, ඇත්තටම තත්ත්වය තමයි...

627
00:37:37,821 --> 00:37:39,488
රටක් දුවන්නේ,

628
00:37:40,655 --> 00:37:43,030
ඒකට සල්ලි තියෙනවා නම් විතරයි.

629
00:37:45,321 --> 00:37:47,405
ඉන්දියාව බංකොලොත් වෙන්නයි යන්නේ.

630
00:37:48,988 --> 00:37:49,916
එක මාසයයි.

631
00:37:56,321 --> 00:37:57,798
මේක එළියට ගියොත්,

632
00:37:58,571 --> 00:38:01,238
මොකද වෙන්නේ කියලා ඔයාලට තේරෙනවද?

633
00:38:02,780 --> 00:38:06,571
ඉන්දියාවේ විදේශ ශාඛාවල
හෙළි නොකරපු සංචිත තියෙනවා.

634
00:38:07,405 --> 00:38:08,237
අපි ඒවා ගමු.

635
00:38:08,238 --> 00:38:09,446
ඔක්කොම ඉවරයි සර්.

636
00:38:09,946 --> 00:38:12,863
ඉරාක-ඇමරිකා යුද්ධය නිසා
තෙල් මිල අහස උසට ගියා.

637
00:38:13,030 --> 00:38:18,071
SBI එකෙන් ණයට ගත්ත හැම රුපියලක්ම
තෙල් ආනයනය කරන්න වියදම් කළා.

638
00:38:18,196 --> 00:38:19,738
ඔයා ගෙනාවේ ප්‍රශ්න විතරද,

639
00:38:20,488 --> 00:38:21,905
නැත්තම් ඔයා ගාව විසඳුම් තියෙනවද?

640
00:38:23,946 --> 00:38:27,530
ඇමරිකාව හරහා.

641
00:38:28,071 --> 00:38:31,071
අපි IMF ණයක් ඉල්ලමු.

642
00:38:36,613 --> 00:38:39,405
ඇමරිකාව හැමදාම
සහාය දුන්නේ පාකිස්ථානයට.

643
00:38:39,571 --> 00:38:43,946
අපේ මිත්‍ර රටවල් එකඟ කරගන්න එක
කවදාවත් කරන්න බැරි දෙයක්.

644
00:38:44,405 --> 00:38:45,750
සර්, ගෞරවයෙන් කියන්නේ,

645
00:38:46,113 --> 00:38:49,071
කාටවත් ඒත්තු ගන්වන එක
අපේ රස්සාව නෙවෙයි.

646
00:38:49,571 --> 00:38:50,905
ඔයාලා තමයි ආණ්ඩුව.

647
00:38:51,280 --> 00:38:54,571
අපි ආණ්ඩුවේ යටහත්
සේවකයෝ විතරයි.

648
00:38:59,030 --> 00:39:00,738
අපි ආණ්ඩුව කරගෙන යන්නේ
මන්ත්‍රීවරු 64ක්,

649
00:39:01,988 --> 00:39:04,655
සහ කොංග්‍රසයේ සහාය ඇතුව.

650
00:39:06,030 --> 00:39:08,238
මේ ප්‍රශ්නේ නිසා
ආණ්ඩුව පෙරලෙන්න පුළුවන්.

651
00:39:08,613 --> 00:39:13,280
ආණ්ඩු පෙරලෙයි,
තව එකක් හැදෙයි.

652
00:39:15,405 --> 00:39:17,583
ඒත් ඔයා තව රටක්
කොහෙන්ද හොයාගන්නේ?

653
00:39:24,155 --> 00:39:25,321
ඉතින්, මොකක්ද සැලැස්ම?

654
00:39:28,613 --> 00:39:30,362
ස්වාමී, මේවා ඕනේ නෑ.

655
00:39:30,363 --> 00:39:31,696
මේ මගේ පළවෙනි වතාව නෙවෙයි.

656
00:39:32,946 --> 00:39:34,946
අමුත්තා දෙවියෙක්, මිස්ටර් මාෂල්.

657
00:39:35,196 --> 00:39:37,363
අමුත්තා දෙවියෙක්.
කරුණාකරලා, එන්න.

658
00:39:38,196 --> 00:39:40,071
අපිව හම්බෙන්න ආවට
ගොඩක් ස්තූතියි, මිස්ටර් මාෂල්.

659
00:39:40,780 --> 00:39:44,030
අවුරුදු තුනක් වුණත්, මට තාම
පාරේ ඉන්න එළදෙන්නුන්ව පුරුදු නෑ.

660
00:39:46,113 --> 00:39:47,162
ආමන්ඩ් ටිකක් කන්න.

661
00:39:49,196 --> 00:39:52,780
අගමැති ශේකර් ඇමරිකාව එක්ක
සම්බන්ධතා හදාගන්න ගොඩක් උනන්දුයි.

662
00:39:52,988 --> 00:39:56,488
විශ්වාසය ගොඩනැගීමක් විදිහට
අපි ද්විපාර්ශ්වික පියවර කිහිපයක් ගන්න ඕනේ.

663
00:39:56,655 --> 00:39:59,696
ඒත් ඉරාකයට එරෙහි අපේ යුද්ධයේදී
ඉන්දියාව තාම පැත්තක් අරන් නෑ.

664
00:40:00,113 --> 00:40:02,405
දැනට යන යුද්ධයේදී
අපිට ඇමරිකාවට උදව් කරන්න ඕනේ.

665
00:40:02,571 --> 00:40:06,863
ඒත් අපිට IMF එකෙන් ණයක් ඕනේ.

666
00:40:07,071 --> 00:40:09,571
ඉන්දියාවේ ශ්‍රේණිගත කිරීමයි
රුපියලේ තත්ත්වයයි එක්ක,

667
00:40:09,696 --> 00:40:11,696
IMF එක ඒකට එකඟ වෙයි
කියලා මම හිතන්නේ නෑ.

668
00:40:12,015 --> 00:40:14,473
ඒත් ඇමරිකාවට 87%ක
ඡන්ද බලයක් තියෙන නිසා,

669
00:40:15,280 --> 00:40:16,363
IMF එකඟ වෙයි.

670
00:40:16,530 --> 00:40:17,833
ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා.

671
00:40:18,071 --> 00:40:21,363
බාධා කළාට සමාවෙන්න, මිස්ටර් මාෂල්.

672
00:40:21,571 --> 00:40:23,515
අපි ඔයාට ආමන්ඩ් දුන්නා,

673
00:40:24,863 --> 00:40:27,413
ඒත් ඔයා අපිට
රටකජු ඇටයක්වත් දෙන්නේ නැද්ද?

674
00:40:33,571 --> 00:40:34,696
ඔයාගේ ඉල්ලීම මොකක්ද?

675
00:40:34,821 --> 00:40:36,083
ඇමරිකානු ඩොලර් බිලියන දෙකක්.

676
00:40:36,405 --> 00:40:38,280
ඒ වෙනුවෙන් ඔයාලා
අපිට මොනවද දෙන්නේ?

677
00:40:40,738 --> 00:40:42,583
ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා,

678
00:40:42,946 --> 00:40:45,738
පිලිපීනයෙන් තමයි
තෙල් ගහගන්නේ.

679
00:40:46,155 --> 00:40:53,446
ඒත් පිලිපීනය
ඉරාකයට ගොඩක් දුරයි.

680
00:40:53,821 --> 00:40:57,363
බොම්බාය තියෙන්නේ හරියටම මැද.

681
00:40:57,655 --> 00:41:02,238
අන්න ඒකයි ඇමරිකාවට ඕනේ,

682
00:41:02,513 --> 00:41:06,305
ඒක එයාලගේ තෙල් ගහන මධ්‍යස්ථානයක් කරගන්න.

683
00:41:16,946 --> 00:41:18,488
අපිට ඉරාකය එක්ක හොඳ සම්බන්ධකම් තියෙනවා,

684
00:41:18,821 --> 00:41:19,988
ඔයා ඇත්තටම හිතනවද,

685
00:41:20,780 --> 00:41:23,862
ඇමරිකානු යුධ ගුවන් යානා
ඉන්දියාවට ගොඩබස්සලා,

686
00:41:23,863 --> 00:41:27,655
මේ යුද්ධයට උදව් කරනකොට විපක්ෂය,
මාධ්‍ය සහ ජනතාව නිශ්ශබ්දව ඉඳීවි කියලා?

687
00:41:29,738 --> 00:41:30,988
කිසිම ඝෝෂාවක් නැතුව?

688
00:41:31,155 --> 00:41:35,988
කවුරුත් දැනගත්තේ නැත්තම් ඝෝෂාවක් නෑ.

689
00:41:36,696 --> 00:41:42,613
අපි මේක රහසිගත
මෙහෙයුමක් විදිහට කරමු.

690
00:41:49,113 --> 00:41:50,655
හැමෝම එළියට. ප්‍රදේශය හිස් කරන්න.

691
00:41:50,863 --> 00:41:52,655
මේ මුළු කලාපයම දැන්
තියෙන්නේ CRPF පාලනය යටතේ.

692
00:41:52,821 --> 00:41:54,613
මොකද සර් වෙන්නේ?
මොකක් හරි ප්‍රශ්නයක්ද?

693
00:41:54,946 --> 00:41:56,280
තමුසෙගේ වැඩක් බලාගන්නවා. යනවා.

694
00:41:57,321 --> 00:41:58,670
යනවා, මෙතනින් යනවා!

695
00:42:02,571 --> 00:42:04,821
ඔයාට කෝල් එකක්, අදිති මැඩම්.

696
00:42:06,655 --> 00:42:07,195
හලෝ.

697
00:42:07,196 --> 00:42:08,530
මේ ජාවෙඩ්. මම ඉන්නේ එයාපෝට් එකේ.

698
00:42:08,696 --> 00:42:10,238
මෙහේ ලොකු
හමුදා ආරක්ෂාවක් දාලා.

699
00:42:10,530 --> 00:42:11,988
අනිවාර්යයෙන්ම මොකක් හරි වෙනවා.

700
00:42:14,321 --> 00:42:16,071
- අපි යමු, පෝපත්.
- කොහෙද මැඩම්?

701
00:42:17,488 --> 00:42:18,446
අපි පියාඹනවා.

702
00:42:27,030 --> 00:42:28,738
මැඩම්, බලන්න.

703
00:42:42,696 --> 00:42:44,488
හේයි, මෙතන මොකද වෙන්නේ?

704
00:42:46,113 --> 00:42:47,791
මම ජාවෙඩ්ගේ නංගි සර්.

705
00:42:48,571 --> 00:42:50,196
අම්මා කෑම එක එව්වා.

706
00:42:50,405 --> 00:42:52,291
බෑ, මෙතන බෑ. යනවා යන්න.

707
00:42:53,655 --> 00:42:54,958
මෙතන ඉඳන් රන්වේ එක
බලන්න විදිහක් තියෙනවද?

708
00:42:56,946 --> 00:43:00,196
මැඩම්, රන්වේ එක තියෙන්නේ
අර තාප්පෙන් එහා පැත්තේ.

709
00:43:03,780 --> 00:43:04,780
පෝපත්.

710
00:43:06,321 --> 00:43:07,071
ඔව් මැඩම්.

711
00:43:07,280 --> 00:43:08,321
දණ ගහගන්නවා.

712
00:43:19,363 --> 00:43:20,321
මගුලයි!

713
00:43:22,155 --> 00:43:23,821
කැමරාව, මට කැමරාව
දෙනවා! කැමරාව, දීපන්!

714
00:43:35,030 --> 00:43:36,613
අද භාරතීය ටයිම්ස් පත්තරේ!

715
00:43:36,738 --> 00:43:39,113
ඉන්දියාව ගල්ෆ් යුද්ධයේදී ඇමරිකාවට එකතු වෙයි!

716
00:43:39,280 --> 00:43:41,696
ඇමරිකාවට සහාය දෙන්න
ඉන්දියාව යුද්ධයට එකතු වෙයි!

717
00:43:41,863 --> 00:43:48,905
උන් ඇමරිකාව වෙනුවෙන් යුද්ධ කරනවා!
අපි ඒකට ලේ හලනවා!

718
00:43:49,030 --> 00:43:51,071
අපිට මෙහේ පෙට්‍රල් ටිකක්වත් ගන්න නෑ,

719
00:43:51,196 --> 00:43:52,446
ඒත් උන් ඒවා
ඇමරිකාවට නිකන් දෙනවා.

720
00:43:52,571 --> 00:43:57,862
එකයි! දෙකයි! එකයි! දෙකයි!
උන්ව එළවපව්!

721
00:43:57,863 --> 00:43:59,613
අපිට ඉරාකය එක්ක හොඳ සම්බන්ධකම් තිබ්බා.

722
00:43:59,738 --> 00:44:02,445
ඉතින් ඇයි ඇමරිකානු ගුවන් යානාවලට
අපේ භූමියට ගොඩබස්සලා,

723
00:44:02,446 --> 00:44:04,530
මේ යුද්ධයට සහාය දෙන්නේ?

724
00:44:04,655 --> 00:44:08,237
බලන්න, ඒක හදිසි
ගොඩබෑමක්. වෙන මුකුත් නෑ.

725
00:44:08,238 --> 00:44:14,945
එකයි! දෙකයි! එකයි! දෙකයි!
උන්ව එළවපව්!

726
00:44:14,946 --> 00:44:17,987
ඔයාලට හිතුණේ නැද්ද
අපෙන් අහන්නවත්?

727
00:44:17,988 --> 00:44:20,404
ඔයාලට මේ ආණ්ඩුව
තනියම කරගෙන යන්න ඕනේ නම්,

728
00:44:20,405 --> 00:44:21,655
ඉස්සරහට කරගෙන යන්න.

729
00:44:24,655 --> 00:44:26,113
මම මුකුත් දන්නේ නෑ, සිංහා ජී.

730
00:44:26,405 --> 00:44:27,988
තෙල් ගහන එක විතරක් නවත්තන්න.

731
00:44:28,655 --> 00:44:33,321
තෙල් ගහන එක නැවැත්තුවොත්
IMF සල්ලි එන එකත් නවතිනවා.

732
00:44:33,821 --> 00:44:35,655
එහෙම වුණොත්...

733
00:44:36,863 --> 00:44:39,196
වඳුරා ගිලෙනවා.

734
00:44:39,696 --> 00:44:40,821
මට යමක් කියන්න පුළුවන්ද?

735
00:44:41,321 --> 00:44:43,655
වැඩේ කරගන්න
නීති ටිකක් නවමු.

736
00:44:44,155 --> 00:44:44,738
ඒ කියන්නේ?

737
00:44:44,863 --> 00:44:48,238
අපිට ඕඩර් එක ආවේ ෆෝන් එකෙන්.

738
00:44:48,446 --> 00:44:50,155
නිල නියෝගයක් නෙවෙයි.

739
00:44:50,405 --> 00:44:51,945
ඔයාට පිස්සුද?

740
00:44:51,946 --> 00:44:53,945
අපි අතින් වැරැද්දක් වුණොත්...

741
00:44:53,946 --> 00:44:54,821
දිගටම කියන්න, ෂර්මා.

742
00:44:56,363 --> 00:44:57,488
ස්තූතියි සර්.

743
00:45:04,530 --> 00:45:05,655
හලෝ, මිස්ටර් තිවාරි.

744
00:45:05,780 --> 00:45:09,333
ඔයාගේ ෆැක්ස් මැෂින් එක
හෙට වෙනකම් වැඩ කරන්නේ නෑ.

745
00:45:15,780 --> 00:45:16,916
මගේ නියෝග පැහැදිලියි.

746
00:45:18,571 --> 00:45:20,000
මම ඔයාට පෞද්ගලිකවම කතා කළා.

747
00:45:20,905 --> 00:45:22,571
ඒත්, ඊයේ තෙල් ගහන එක
සිද්ධ වෙලා තියෙනවා.

748
00:45:22,946 --> 00:45:24,655
ගුවන්තොටුපල අධිකාරියට,

749
00:45:25,113 --> 00:45:27,155
නියෝගය ලැබෙන්න
පරක්කු වුණා සර්.

750
00:45:27,321 --> 00:45:29,280
ෆැක්ස් ලයින් වැඩ කළේ නෑ.

751
00:45:29,696 --> 00:45:30,916
පණිවිඩය හරියට ගියේ නෑ.

752
00:45:40,220 --> 00:45:41,214
සුබ සැන්දෑවක්, මිස්ටර් මාෂල්.

753
00:45:41,530 --> 00:45:45,363
මිස්ටර් සිංහා, ඉන්දියාවේ සහාය ගැන
ජනාධිපතිතුමා ගොඩක් සතුටු වෙනවා,

754
00:45:45,613 --> 00:45:48,321
ඒ වගේම අපේ සම්බන්ධතාවය
තවත් ශක්තිමත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

755
00:45:49,590 --> 00:45:50,250
ඒත්...

756
00:45:55,363 --> 00:45:56,446
ස්තූතියි, මිස්ටර් මාෂල්.

757
00:45:56,696 --> 00:45:58,071
අපි බලාපොරොත්තු වෙනවා
ඔයාව ඉක්මනින්ම හම්බෙන්න.

758
00:46:03,780 --> 00:46:05,238
IMF ණය අනුමත වුණා!

759
00:46:05,571 --> 00:46:07,988
ඩොලර් මිලියන 775ක්.

760
00:46:19,363 --> 00:46:24,541
අපි තෙල් ගහන එක නැවැත්තුවා.
ඒත් එයාලා ණය අනුමත කළා.

761
00:46:26,905 --> 00:46:32,571
ඒ කියන්නේ එයාලට
ඊට වඩා ලොකු දෙයක් ඕනේ.

762
00:46:34,863 --> 00:46:37,405
ඩොලර් බිලියන 5ක ණයක්
අනුමත කරන්න පුළුවන්.

763
00:46:38,488 --> 00:46:40,821
ඉන්දියාව ප්‍රතිසංස්කරණය කළ
අයවැයක් එක්ක ආවොත්.

764
00:46:44,530 --> 00:46:48,280
එහෙනම් අපි එයාලට එකක් දෙමු, සර්.

765
00:46:51,196 --> 00:46:52,988
දැන් IMF එකද අපිට කියන්නේ,

766
00:46:53,405 --> 00:46:54,820
අපේ රට පාලනය කරන්නේ කොහොමද කියලා?

767
00:46:54,821 --> 00:46:56,905
එයාලගේ "ආර්ථික
ප්‍රතිසංස්කරණ අයවැය" කියන්නේ,

768
00:46:57,196 --> 00:46:58,988
ලෝකෙට අපේ
වෙළඳපොළවල් විවෘත කරන එක.

769
00:46:59,113 --> 00:47:00,530
විදේශීය සමාගම් ගලාගෙන එයි.

770
00:47:00,780 --> 00:47:02,612
අපිත් එක්ක කෙලින්ම තරඟ කරයි.

771
00:47:02,613 --> 00:47:06,530
ඒ තරඟකාරීත්වය නිසා අපේ
ආර්ථිකය තවත් ශක්තිමත් වෙයි සර්.

772
00:47:08,821 --> 00:47:10,113
සම්පූර්ණ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනේ.

773
00:47:10,321 --> 00:47:11,905
රජය පාලනය කරන හැම කර්මාන්තයක්ම.

774
00:47:12,030 --> 00:47:16,571
ඔරලෝසුවල ඉඳන් කාර් වෙනකම් හදන එක
රජයේ වැඩක් නෙවෙයි.

775
00:47:17,613 --> 00:47:20,863
රජය කරන්න ඕනේ පාලනය කරන එක විතරයි.

776
00:47:22,613 --> 00:47:25,696
එතකොට සහනාධාර වලට මොකද වෙන්නේ?

777
00:47:25,821 --> 00:47:28,196
හැමදේම ලාභයි මොකද
රජය ඒවා පාලනය කරන නිසා.

778
00:47:28,405 --> 00:47:30,500
පෞද්ගලික සමාගම්
ආවම බඩු මිල ඉහළ යනවා.

779
00:47:31,863 --> 00:47:33,416
රට වෙනසකට ලෑස්තිද?

780
00:47:34,321 --> 00:47:38,666
සර්, කිරි මුහුද කලඹනකොට,

781
00:47:39,405 --> 00:47:41,041
ඒකෙන් අමෘතය ආවා.

782
00:47:41,708 --> 00:47:44,375
ඒ වගේම වසත් ආවා.

783
00:47:46,821 --> 00:47:48,905
කාටහරි ඒ වස බොන්න වෙනවා.

784
00:47:49,280 --> 00:47:50,625
මම ශිව දෙවියෝ නෙවෙයි.

785
00:47:58,238 --> 00:47:58,875
හරි සර්.

786
00:48:03,613 --> 00:48:04,958
මම කිසිම පොරොන්දුවක් දෙන්නේ නෑ රාමන්.

787
00:48:07,821 --> 00:48:09,416
ඒත් ඔයාගේ
අයවැය යෝජනා මට ගෙනත් දෙන්න.

788
00:48:10,113 --> 00:48:12,041
අපි මිත්‍ර පක්ෂ
එකඟ කරගන්න උත්සාහ කරමු.

789
00:48:12,571 --> 00:48:14,405
මේ ආණ්ඩුව
රැඳිලා ඉන්නේ එයාලගේ සහාය උඩ.

790
00:48:26,071 --> 00:48:28,820
“ලෝකයම උඩු යටිකුරු වෙලා තිබුණේ”

791
00:48:28,821 --> 00:48:31,695
“බ්ලැන්කට් වැස්සක්,
වතුරෙන් යටවෙලා”

792
00:48:31,696 --> 00:48:36,071
"ඒත් දැන් අලුත් කතාවක් පටන් ගන්නවා"

793
00:48:37,321 --> 00:48:40,113
“ලෝකයම උඩු යටිකුරු වෙලා තිබුණේ”

794
00:48:40,238 --> 00:48:42,862
“බ්ලැන්කට් වැස්සක්,
වතුරෙන් යටවෙලා”

795
00:48:42,863 --> 00:48:47,488
"ඒත් දැන් අලුත් කතාවක් පටන් ගන්නවා"

796
00:48:48,613 --> 00:48:53,780
“හැමෝටම හීනයක් වගේ දවස් උදාවෙනවා”

797
00:48:54,280 --> 00:48:59,488
“අපි යුග ගාණක් බලන් හිටපු ඒ දවස්”

798
00:48:59,613 --> 00:49:05,071
“දවල් රිදී වගේ දිලිසෙයි,
රෑ රත්තරන් වගේ බබළයි”

799
00:49:05,238 --> 00:49:10,154
“කවදාවත් නොවුණු දේවල්
දැන් ඇත්තක් වේවි”

800
00:49:10,155 --> 00:49:14,404
“දිලිසෙමින්, බබළමින්,
දීප්තිමත්ව”

801
00:49:14,405 --> 00:49:17,195
“හැම හීනයක්ම ළඟටම ඇවිත්”

802
00:49:17,196 --> 00:49:21,238
“දැන් හැම හදවතක්ම
සතුටින් සින්දු කියනවා”

803
00:49:21,446 --> 00:49:25,320
“දිලිසෙමින්, බබළමින්,
දීප්තිමත්ව”

804
00:49:25,321 --> 00:49:28,112
“හැම හීනයක්ම ළඟටම ඇවිත්”

805
00:49:28,113 --> 00:49:32,613
“දැන් හැම හදවතක්ම සතුටින් සින්දු කියනවා”

806
00:49:55,696 --> 00:50:00,863
"හැම මිදුලකම,
සාමයේ සහ සතුටේ දවස්"

807
00:50:01,321 --> 00:50:06,446
“මුළු ජීවිතයම කරදරවලින් නිදහස් වේවි"

808
00:50:06,946 --> 00:50:12,071
"හැම නගරයක්ම බබළමින් දිලිසේවි"

809
00:50:12,613 --> 00:50:17,821
"හැම ගෙදරකම හිනාවෙමින් සින්දු කියාවි"

810
00:50:17,946 --> 00:50:20,738
“ඔයාගේ දුක අමතක කරලා දාන්න”

811
00:50:21,113 --> 00:50:23,530
“දැන් සතුටේ මෘදු රිද්මයට පැද්දෙන්න”

812
00:50:23,863 --> 00:50:29,030
"ඔයාට ඕනේ නම්,
අහසටම යන්න පුළුවන්"

813
00:50:32,946 --> 00:50:38,280
“හැමෝටම හීනයක් වගේ
දවස් උදාවෙනවා”

814
00:50:38,738 --> 00:50:43,155
“අපි යුග ගාණක් බලන් හිටපු ඒ දවස්”

815
00:50:43,488 --> 00:50:47,155
“දිලිසෙමින්, බබළමින්,
දීප්තිමත්ව”

816
00:50:47,280 --> 00:50:49,987
“හැම හීනයක්ම ළඟටම ඇවිත්”

817
00:50:49,988 --> 00:50:54,488
“දැන් හැම හදවතක්ම සතුටින් සින්දු කියනවා”

818
00:50:54,661 --> 00:50:58,494
“දිලිසෙමින්, බබළමින්,
දීප්තිමත්ව”

819
00:50:58,613 --> 00:51:01,362
“හැම හීනයක්ම ළඟටම ඇවිත්”

820
00:51:01,363 --> 00:51:05,696
“දැන් හැම හදවතක්ම
සතුටින් සින්දු කියනවා”

821
00:51:21,446 --> 00:51:23,820
අපි ජයගන්නවා!

822
00:51:23,821 --> 00:51:26,363
අපි
ජයගන්නවා!

823
00:51:26,488 --> 00:51:30,030
අපි කවදාහරි ජයගන්නවා!

824
00:51:30,405 --> 00:51:33,488
අපි හදන අයවැය ප්‍රතිසංස්කරණ
කිසිම තැනකට යන්නේ නෑ.

825
00:51:33,905 --> 00:51:37,363
එයාලා අතුරු අයවැයක් ගෙනල්ලා
ඒක ඉවරයක් කරලා දායි.

826
00:51:38,030 --> 00:51:39,113
නෑ.

827
00:51:41,113 --> 00:51:44,946
නෑ, නෑ. එයාලට එහෙම කරන්න බෑ.

828
00:51:46,821 --> 00:51:48,695
මුදල් ඇමති පවා ඒක දන්නවා.

829
00:51:48,696 --> 00:51:50,862
ප්‍රතිසංස්කරණ අයවැයක් නැත්තම්,

830
00:51:50,863 --> 00:51:52,905
IMF ණයත් නෑ.
ඒක එච්චර සරලයි.

831
00:51:53,113 --> 00:51:56,571
දේශපාලඥයන්ට, එයාලගේ පුටුවට වඩා
වැදගත් වෙන කිසිම දෙයක් නෑ.

832
00:51:56,696 --> 00:52:00,488
එයාලගේ මිත්‍ර පක්ෂ
IMF ප්‍රතිසංස්කරණවලට කෙලින්ම විරුද්ධ වෙන්න ඇති.

833
00:52:00,738 --> 00:52:03,487
අපි කණ්ඩායම එකතු කරගෙන
ප්ලෑන් B එකක් ගැන හිතමු.

834
00:52:03,488 --> 00:52:05,279
අපි ජයගන්නවා!

835
00:52:05,280 --> 00:52:09,363
අපි කවදාහරි ජයගන්නවා!

836
00:52:09,488 --> 00:52:14,654
මගේ හදවතින්ම, මම ඒක විශ්වාස කරනවා!

837
00:52:14,655 --> 00:52:18,321
අපි කවදාහරි ජයගන්නවා!

838
00:52:19,738 --> 00:52:22,488
සී.ආර්, ගුරුවරයෙක් දවසක් මට කිව්වා.

839
00:52:24,571 --> 00:52:26,571
කවදාවත් ප්ලෑන් B එකක් තියාගන්න එපා,

840
00:52:27,571 --> 00:52:30,905
ඒකෙන් ඔයාගේ ප්ලෑන් A එක අසාර්ථක වෙයි කියලා.

841
00:52:31,196 --> 00:52:33,655
- ඒත්, සර්.
- අපි දිල්ලි යමු. දැන්මම.

842
00:52:33,905 --> 00:52:37,541
අපි අපේ ප්ලෑන් A එක
සාර්ථක කරනවාමයි.

843
00:52:40,821 --> 00:52:42,625
අදිති වර්මා, භාරතීය ටයිම්ස් පත්තරෙන්.

844
00:52:43,113 --> 00:52:45,570
ගාන්ධි මහත්තයගේ ගෙදරින්
ඔත්තුකාරයෝ දෙන්නෙක් අහුවෙනවා,

845
00:52:45,571 --> 00:52:47,530
කොංග්‍රසය ඒක කුමන්ත්‍රණයක් කියනවා.

846
00:52:47,821 --> 00:52:50,738
ඒ ඔක්කොම අස්සේ,
අතුරු අයවැයක් ගේනවා.

847
00:52:50,988 --> 00:52:52,446
මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද?

848
00:52:52,571 --> 00:52:53,863
ඒවා පදනම් විරහිත චෝදනා.

849
00:52:55,030 --> 00:52:57,238
අගමැති ශේකර්
පෞද්ගලික පරීක්ෂණයක් නියම කරලා තියෙනවා.

850
00:52:57,488 --> 00:52:58,780
ඇත්ත එළියට ඒවි.

851
00:52:58,946 --> 00:53:01,780
අතුරු අයවැය කියන්නේ
නිකන්ම තාක්ෂණික කාරණයක් විතරයි.

852
00:53:01,988 --> 00:53:04,154
නැත්තම් ඒක නිකන්ම,

853
00:53:04,155 --> 00:53:06,987
ආණ්ඩුවටයි කොංග්‍රසයටයි
එකඟ වෙන්න බැරි නිසාද.

854
00:53:06,988 --> 00:53:09,780
මාධ්‍යවේදීන්ට හිතෙන හිතෙන විදිහට
කතා ගොතන්න පුළුවන්.

855
00:53:10,113 --> 00:53:11,333
ඊළඟ ප්‍රශ්නය අහන්න.

856
00:53:14,113 --> 00:53:15,000
සමාවෙන්න.

857
00:53:18,238 --> 00:53:21,071
මුදල් ඇමතිතුමා හැම ප්‍රශ්නෙකටම
හොඳට උත්තර දුන්නා.

858
00:53:21,446 --> 00:53:22,988
අපි දැනටමත්
මාධ්‍ය නිවේදනය නිකුත් කරලා තියෙන්නේ.

859
00:53:23,321 --> 00:53:25,113
යන ගමන් කරුණාකරලා
ඒක අරන් යන්න.

860
00:53:25,530 --> 00:53:27,280
මෙතනට ආපු හැමෝටම
ස්තූතියි.

861
00:53:33,071 --> 00:53:35,280
සර්, සර්!

862
00:53:37,321 --> 00:53:39,362
කිසිම මහ බැංකු අධිපති කෙනෙක් මීට කලින්,

863
00:53:39,363 --> 00:53:40,905
මේ තරම් සැරයක් දිල්ලි ඇවිත් නෑ.

864
00:53:41,530 --> 00:53:44,363
ඔයාත් බොම්බායේ ඉඳන් දිල්ලි ඇවිත්ද,
මිස් අදිති?

865
00:53:44,613 --> 00:53:46,905
ඔයා මුදල් ඇමති එක්ක
දැන් මොනවද කතා කළේ?

866
00:53:47,530 --> 00:53:49,405
මේ හදිසි අතුරු අයවැය
පිටිපස්සේ තියෙන්නේ මොකක්ද?

867
00:53:49,863 --> 00:53:51,571
ඔයාට උත්තර ඕනේ නම්,

868
00:53:52,488 --> 00:53:54,780
ගිහින් එතන ඉන්න දේශපාලඥයන්ගෙන් අහන්න.

869
00:53:55,446 --> 00:53:56,826
මට මගේ රස්සාව කරන්න දෙන්න.

870
00:53:57,238 --> 00:53:58,280
මාව හෝටලේට අරන් යන්න.

871
00:54:12,071 --> 00:54:14,030
සර්, දැන් පැය තුනක් ගිහින්.

872
00:54:14,155 --> 00:54:15,821
මම දන්නවා, මම දන්නවා.

873
00:54:20,255 --> 00:54:20,717
හලෝ!

874
00:54:21,071 --> 00:54:22,196
අහන්නකෝ, සුදූ.

875
00:54:22,405 --> 00:54:24,321
ආ, වන්දිතා.

876
00:54:24,488 --> 00:54:27,155
මට මගේ මඟුල් මුද්දේ
රත්තරන් කරාබු කොහේවත් හොයාගන්න නෑ.

877
00:54:27,488 --> 00:54:29,613
මම මෙහේ වැදගත් වැඩක ඉන්නේ.

878
00:54:29,780 --> 00:54:31,030
- ඔයාට ඒවා හම්බුණාද?
- තාම නෑ.

879
00:54:32,113 --> 00:54:34,696
රත්තරන් නැතිවෙන එක
අසුබයි කියලා කියන්නේ.

880
00:54:34,821 --> 00:54:36,904
මම ඔයාට පස්සේ කතා කරන්නම්, හරිද.

881
00:54:36,905 --> 00:54:38,613
මම ආපහු කෝල් එකක් ගන්නම්.

882
00:54:38,738 --> 00:54:39,446
හරි.

883
00:54:43,613 --> 00:54:44,613
වන්දිතා.

884
00:54:46,363 --> 00:54:47,180
ඔව්, සුදූ.

885
00:54:50,405 --> 00:54:51,041
හරි.

886
00:54:56,030 --> 00:54:56,916
සර්...

887
00:54:59,738 --> 00:55:00,655
සුබ සැන්දෑවක්, සර්.

888
00:55:01,196 --> 00:55:05,154
ඔයාට ඕනේ නම් මට පෞද්ගලිකවම
ගාන්ධි මහත්තයා එක්ක කතා කරන්න පුළුවන්.

889
00:55:05,155 --> 00:55:08,695
ප්‍රතිසංස්කරණ අයවැයට අපි එයාගේ
පක්ෂය කොහොමහරි කැමති කරගන්න ඕනේ.

890
00:55:08,696 --> 00:55:10,541
රාමන්, අයවැයක් එන්නේ නෑ.

891
00:55:12,196 --> 00:55:14,208
කොංග්‍රසය එයාලගේ සහාය අයින් කරගෙන.

892
00:55:15,905 --> 00:55:17,363
ආණ්ඩුව කඩා වැටිලා.

893
00:55:18,196 --> 00:55:19,655
අගමැති ශේකර් ඉල්ලා අස්වෙලා.

894
00:55:20,321 --> 00:55:22,571
ඊළඟ ඡන්දය වෙනකම්, එයාගේ ආණ්ඩුව,

895
00:55:23,363 --> 00:55:25,291
භාරකාර ආණ්ඩුවක් විදිහට විතරයි වැඩ කරන්නේ.

896
00:55:26,071 --> 00:55:27,150
මේ නිවුස් එක දැන් හැමතැනම යයි.

897
00:55:33,157 --> 00:55:33,750
සර්...

898
00:55:34,905 --> 00:55:36,862
අපි අන්තිම වතාවට
IMF එකට කෝල් එකක් ගමු.

899
00:55:36,863 --> 00:55:38,612
ඒකෙන් අපිට ඇති තරම් වෙලාව...

900
00:55:38,613 --> 00:55:39,625
රාමන්, ඇහැරෙන්න!

901
00:55:42,363 --> 00:55:44,821
IMF එක පැහැදිලිවම කිව්වා.
ණය ලැබෙන්නේ,

902
00:55:45,446 --> 00:55:48,002
ප්‍රතිසංස්කරණ අයවැයක් එක්ක විතරයි.

903
00:55:49,280 --> 00:55:51,000
දැන් කාටවත්
අයවැයක් ගැන ගාණක් නෑ.

904
00:55:55,988 --> 00:55:57,363
ඔයාගේ කාලයට ස්තූතියි, සර්.

905
00:55:59,863 --> 00:56:01,104
සී.ආර්, අපි යමු.

906
00:56:06,405 --> 00:56:07,113
සර්.

907
00:56:08,321 --> 00:56:09,071
සර්.

908
00:56:09,863 --> 00:56:12,113
සර්. මේ එක පාරට විතරක්.

909
00:56:13,405 --> 00:56:17,405
අපිට බලය පැත්තකින් තියලා
රට ගැන හිතන්න බැරිද?

910
00:56:18,030 --> 00:56:19,780
අපිට ණය ලැබුණේ නැත්තම්,

911
00:56:20,071 --> 00:56:22,821
තව සති තුනකින්,

912
00:56:23,738 --> 00:56:26,363
අපිට බෙහෙත් ගන්නවත්
සල්ලි නැති වෙනවා.

913
00:56:27,655 --> 00:56:28,958
රටක් ඉතුරු වෙන්නේ නෑ.

914
00:56:29,571 --> 00:56:31,613
එතකොට ඔයා ඔය
බලයෙන් මොනවද කරන්නේ, සර්?

915
00:56:36,280 --> 00:56:37,291
මට සමාවෙන්න, රාමන්.

916
00:56:39,071 --> 00:56:40,708
අපි හැමෝම
තත්ත්වයේ සිරකරුවන්.

917
00:56:47,446 --> 00:56:49,083
මගේ හදවත කඩා වැටෙන්නේ,

918
00:56:50,613 --> 00:56:52,571
ඉතිහාසය මේ බංකොලොත් වීම
මතක තියාගනීවි,

919
00:56:55,238 --> 00:56:56,916
අපේ කාලේ වුණු දෙයක් විදිහට.

920
00:57:23,321 --> 00:57:24,571
මම මේ කල්පනා කළේ,

921
00:57:24,905 --> 00:57:26,738
ඔයාගේ ඒ ගුරුවරයා
දැන් කොහෙද ඉන්නේ?

922
00:57:27,738 --> 00:57:32,030
එයා තාමත් එයාගේ "ප්ලෑන් A, ප්ලෑන් B"
න්‍යාය විශ්වාස කරනවද කියලා.

923
00:57:33,363 --> 00:57:35,416
ඔයාගේ සැලැස්ම අසාර්ථක වුණා, සර්.

924
00:57:37,363 --> 00:57:39,613
ඔයා අසාර්ථක වුණා.

925
00:57:41,238 --> 00:57:42,583
මම අසාර්ථක වුණොත්,

926
00:57:44,743 --> 00:57:46,213
මහ බැංකුව අසාර්ථක වෙනවා.

927
00:57:48,446 --> 00:57:50,363
මහ බැංකුව අසාර්ථක වුණොත්,

928
00:57:52,196 --> 00:57:53,380
ඉන්දියාව අසාර්ථක වෙනවා.

929
00:57:56,863 --> 00:57:59,238
මම ඉන්දියාවට අසාර්ථක වෙන්න දෙන්නේ නෑ.

930
00:58:02,071 --> 00:58:04,530
අපි ඉන්දියාවට අසාර්ථක වෙන්න දෙන්නේ නෑ.

931
00:58:45,696 --> 00:58:47,363
භූමිතෙල් රුපියල් හතරයි සත දහයයි?

932
00:58:47,530 --> 00:58:48,154
කවද ඉඳන්ද?

933
00:58:48,155 --> 00:58:49,320
රුපියල් හතරයි?
කොහොමද එකපාරටම හතරට ගියේ?

934
00:58:49,321 --> 00:58:50,863
අනේ අයිතිකාරයා එක්ක කතා කරන්න.

935
00:58:51,030 --> 00:58:52,987
මොකක්? දවසින් ගණන් දෙගුණ වුණාද?

936
00:58:52,988 --> 00:58:54,820
ආණ්ඩුවේ ගණන්.
මම වැඩි කළේ නෑ.

937
00:58:54,821 --> 00:58:56,237
භූමිතෙල් දෙගුණයක් වෙලා!

938
00:58:56,238 --> 00:58:57,445
මේක නම් වෙන්න බෑ.

939
00:58:57,446 --> 00:58:59,446
එයාලට කොහොමද මෙහෙම කරන්න පුළුවන්?

940
00:59:00,071 --> 00:59:01,612
කෑගහන්න එපා.
මම මොනවා කරන්නද?

941
00:59:01,613 --> 00:59:03,779
එක රැයින් මෙහෙම ගණන් වැඩි කළා!

942
00:59:03,780 --> 00:59:05,791
ගන්නවා නම් ගන්න, නැත්තම් යන්න.

943
00:59:07,280 --> 00:59:08,613
අම්මේ. අම්මේ.

944
00:59:10,530 --> 00:59:11,696
කරුණාකරලා, වාඩි වෙන්න.

945
00:59:13,530 --> 00:59:14,405
අම්මේ, වාඩි වෙන්න.

946
00:59:15,071 --> 00:59:15,612
ඔයාට හරි නේද?

947
00:59:15,613 --> 00:59:17,655
ගිහින් අහන්න! ඇයි ගණන් වැඩි වුණේ?

948
00:59:17,780 --> 00:59:19,030
කොහොමද? යන්න.

949
00:59:22,738 --> 00:59:25,363
තමුසේ අපිව සූරගෙන කනවා!

950
00:59:25,530 --> 00:59:26,154
කෑගහන එක නවත්තන්න.

951
00:59:26,155 --> 00:59:27,738
මේක කොහොමද වෙන්නේ?

952
00:59:30,071 --> 00:59:31,655
අපරාධ කරන එක ඊට වඩා හොඳයි.

953
00:59:31,821 --> 00:59:32,905
අඩුම තරමේ පොලිසියෙන්
වෙඩිල්ලක් හරි කන්න පුළුවන්.

954
00:59:33,321 --> 00:59:35,405
බඩගින්නේ මැරෙනවට වඩා ඒක හොඳයි.

955
00:59:35,571 --> 00:59:38,196
ආණ්ඩුව කඩා වැටුණු නිසා
වෙළඳපොළත් කඩා වැටිලා.

956
00:59:38,321 --> 00:59:39,904
මේ මාසේ පඩි නෑ.

957
00:59:39,905 --> 00:59:41,780
පඩියක් නැතුව
අපි කොහොමද ජීවත් වෙන්නේ?

958
00:59:42,780 --> 00:59:45,125
අමුද්‍රව්‍ය ආනයන
වියදම් දිගටම ඉහළ යනවා.

959
00:59:45,571 --> 00:59:46,862
ආණ්ඩුව කඩා වැටිලා.

960
00:59:46,863 --> 00:59:49,583
අපි හිතුවට වඩා
අපිට තියෙන කාලය අඩුයි.

961
00:59:51,196 --> 00:59:52,583
දැන් ඔක්කොම තියෙන්නේ දෙවියන්ගේ අතේ තමයි.

962
00:59:53,082 --> 00:59:53,875
රාහුල්,

963
00:59:55,157 --> 00:59:56,708
රාමන් සර්ට මතක් කිරීමක් ලෑස්ති කරන්න.

964
00:59:57,916 --> 00:59:58,290
හරි.

965
00:59:58,291 --> 00:59:59,166
මට මීටින් එකක් තියෙනවා...

966
00:59:59,416 --> 01:00:01,791
- හේයි!
- අයියෝ. පොඩ්ඩක් ඉන්න.

967
01:00:07,749 --> 01:00:08,541
දීපක්.

968
01:00:10,541 --> 01:00:11,333
ඔයාගේ ලියුම.

969
01:00:12,916 --> 01:00:13,958
වීසා ඉන්ටවිව් එක.

970
01:00:15,458 --> 01:00:16,041
කෝල් එකක් ආවා.

971
01:00:35,874 --> 01:00:37,958
සර්, ඔයා මෙතන ඉන්නවා.

972
01:00:38,416 --> 01:00:41,458
හැමදේකින්ම ඈත් වෙලා.

973
01:00:42,916 --> 01:00:44,624
සමහරවිට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි.

974
01:00:45,583 --> 01:00:46,583
ඔයා කොහොමද මාව හොයාගත්තේ?

975
01:00:47,041 --> 01:00:48,166
සර්, කෝපි.

976
01:00:50,083 --> 01:00:51,041
ස්තූතියි.

977
01:00:52,958 --> 01:00:56,123
මම කවදාවත් කාගෙන්වත් මුකුත් ඉල්ලන්නේ නෑ.

978
01:00:56,124 --> 01:00:57,666
ඒත් දැන් තත්ත්වෙ ටිකක් අමාරුයි.

979
01:00:57,958 --> 01:01:00,916
ඔයාට උදව් කරන්න පුළුවන්
නම්. ගොඩක් නෙවෙයි සර්.

980
01:01:01,458 --> 01:01:02,666
රුපියල් තිහක් හරි හතළිහක් හරි.

981
01:01:13,333 --> 01:01:14,041
ස්තූතියි, සර්.

982
01:01:14,458 --> 01:01:17,124
මම ටිකෙන් ටික
ආපහු දෙන්නම්.

983
01:01:17,374 --> 01:01:18,833
ස්තූතියි. ස්තූතියි, සර්.

984
01:01:23,833 --> 01:01:24,749
ගුඩ් මෝනින්, සර්.

985
01:01:24,874 --> 01:01:26,874
දීපක් සර්, ඔයා ගාව පනහක් තියෙනවද?

986
01:01:26,999 --> 01:01:28,374
සතයක්වත් නෑ. එළියට යනවා.

987
01:01:28,666 --> 01:01:30,041
කවුද ඉල්ලන්නේ?

988
01:01:30,166 --> 01:01:31,166
මමයි දෙන්නේ.

989
01:01:31,874 --> 01:01:33,790
මෙන්න, මේක ගන්න.
මේ සීය ගන්න,

990
01:01:33,791 --> 01:01:34,749
මට පනහක් ආපහු දෙන්න.

991
01:01:34,958 --> 01:01:35,874
එතකොට පනහක් හරි.

992
01:01:36,083 --> 01:01:36,957
තාම එකසිය පනහක් ණයයි.

993
01:01:36,958 --> 01:01:38,208
ඊළඟ පඩියෙන් මම ඒක බේරන්නම්.

994
01:01:42,916 --> 01:01:47,791
අහ්, සර්... ඔයා ගාව දහයක් තියෙනවද?

995
01:01:48,249 --> 01:01:49,248
තමුසෙට පිස්සුද?

996
01:01:49,249 --> 01:01:51,624
ලබන සතියේ මම
දෙන්නම්. මම දෙන්නම් සර්.

997
01:01:53,083 --> 01:01:54,749
කිසි ලැජ්ජාවක් නෑ. කිසිම ලැජ්ජාවක් නෑ.

998
01:02:00,833 --> 01:02:02,541
ගිය මාසේ මම රුපියල් 30ක් ගත්තා.

999
01:02:02,833 --> 01:02:04,208
මේ දහය ඒකෙන්.

1000
01:02:04,374 --> 01:02:05,374
තව විස්සක් ඉතුරුයි.

1001
01:02:05,499 --> 01:02:06,999
මම ඊළඟ පඩියෙන් ඒක බේරන්නම්.

1002
01:02:09,291 --> 01:02:10,791
වාඩි වෙන්න. වාඩි වෙන්න.

1003
01:02:11,208 --> 01:02:13,458
අපිට සල්ලි ඕනේ වගේම වෙලාවත් ඕනේ.

1004
01:02:13,791 --> 01:02:15,541
ඒත් අපිට ඒ දෙකම නෑ.

1005
01:02:16,291 --> 01:02:20,166
මේ ඔෆිස් එකේ කවුරුත් නෑ

1006
01:02:20,833 --> 01:02:22,583
පාටිල් ණයට ගත්තේ නැති.

1007
01:02:22,958 --> 01:02:24,582
මම හිතුවේ අපි මෙතනට ආවේ

1008
01:02:24,583 --> 01:02:26,083
රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්න කියලා.

1009
01:02:26,208 --> 01:02:27,416
අපි ආවේ
අන්න ඒකට තමයි.

1010
01:02:27,833 --> 01:02:30,165
රටක් පාලනය කරන එක,

1011
01:02:30,166 --> 01:02:31,540
ආර්ථිකය කළමනාකරණය කරන එක.

1012
01:02:31,541 --> 01:02:35,541
පවුලක් කියන්නෙත් ආර්ථික ඒකකයක්.
අපිට ඒක අමතක වෙනවා.

1013
01:02:35,916 --> 01:02:38,998
පවුලක් ගොඩදාන්නේ මොකක් හරි,

1014
01:02:38,999 --> 01:02:40,941
ඒ විදිහටම ජාතියක් දුවවන්නත් පුළුවන්.

1015
01:02:42,333 --> 01:02:46,041
බලන්න පාටිල් එයාගේ
ගෙදර දුවවන්නේ කොහොමද කියලා.

1016
01:02:46,291 --> 01:02:47,875
ෂර්මා ජී, ඔයාගේ විස්ස.

1017
01:02:47,999 --> 01:02:49,541
සයිරස් ජී, ඔයාගේ දහය.

1018
01:02:49,791 --> 01:02:50,583
රුපියල් දහයක් දෙන්නකෝ.

1019
01:02:51,458 --> 01:02:53,333
මෙන්න, එදා ගත්ත
ඔයාගේ දහය.

1020
01:02:53,458 --> 01:02:54,958
අද ඉඳන් ඔක්කොම ක්ලියර්.

1021
01:02:55,083 --> 01:02:57,582
ඉස්සෙල්ලා තීරණය කරන්න
ක්ලියර් කරන්න ණයක් තියෙනවද කියලා.

1022
01:02:57,583 --> 01:03:00,416
එක අතකින් ගන්නවා, අනිත් අතින් දෙනවා.

1023
01:03:00,874 --> 01:03:02,791
ගෙදර දුවවන්න නෙවෙයි, සර්.

1024
01:03:03,083 --> 01:03:06,207
බොන්න, සූදු කෙළින්න,
ඔය වගේ දේවල්වලට.

1025
01:03:06,208 --> 01:03:08,248
ඔය තර්ක පැත්තකින් තියන්න, දීපක්.

1026
01:03:08,249 --> 01:03:10,208
සිස්ටම් එක තේරුම් ගන්න.

1027
01:03:11,041 --> 01:03:12,625
දැන් ඉඳන් අපි දේවල් තුනක් කරනවා.

1028
01:03:13,124 --> 01:03:16,083
සමහර ඒවා ගෙවනවා, සමහර ඒවා කල් දානවා,
ඒ වගේම දිගටම සල්ලි හොයනවා.

1029
01:03:16,458 --> 01:03:20,498
සල්ලි හොයන්න, අපි හැම ද්විපාර්ශ්වික
IMF සාමාජිකයෙක්ටම කතා කරනවා.

1030
01:03:20,499 --> 01:03:23,416
ජර්මනිය, ජපානය,
නෙදර්ලන්තය, ප්‍රංශය, ඒ හැමෝටම.

1031
01:03:23,791 --> 01:03:27,150
කලින්, අපි යැපුණේ
එක යාළුවෙක්ගෙන් විතරයි.

1032
01:03:27,666 --> 01:03:28,583
සෝවියට් සංගමය.

1033
01:03:29,166 --> 01:03:32,958
දැන් අපිට ණය දෙන
ඕන කෙනෙක් අපේ යාළුවෙක්.

1034
01:03:33,791 --> 01:03:35,541
සර්, ඔයාගේ කෑම එක මෙතන තියෙනවා.

1035
01:03:36,666 --> 01:03:37,666
ස්තූතියි, පාටිල්.

1036
01:03:37,833 --> 01:03:38,958
ඇයි ස්තූති කරන්නේ සර්?

1037
01:03:39,958 --> 01:03:41,108
ඒක මගේ හැමදාම කරන රස්සාව.

1038
01:03:41,958 --> 01:03:42,458
ඒත්.

1039
01:03:44,374 --> 01:03:44,791
ස්තූතියි.

1040
01:03:47,958 --> 01:03:49,124
අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපි යමු.

1041
01:03:49,416 --> 01:03:50,291
- වැඩට බහින්න.
- ඔව්.

1042
01:03:50,416 --> 01:03:51,458
- කමෝන්, කමෝන්.
- ඔව්.

1043
01:04:03,666 --> 01:04:04,083
සර්?

1044
01:04:04,958 --> 01:04:05,375
ඔව්.

1045
01:04:05,791 --> 01:04:08,291
ද්විපාර්ශ්වික ජාතීන්ගේ,

1046
01:04:08,583 --> 01:04:10,249
වාර්ෂික වසන්ත රැස්වීම
තියෙන්නේ වොෂින්ටන්වල.

1047
01:04:10,499 --> 01:04:12,499
ඔයා පෞද්ගලිකවම ගියොත්,

1048
01:04:13,291 --> 01:04:15,125
අපිට කෙලින්ම
ණය ගැන කතා කරන්න පුළුවන්.

1049
01:04:16,291 --> 01:04:16,875
හරි.

1050
01:04:18,124 --> 01:04:19,208
ස්තූතියි, සී.ආර්.

1051
01:04:21,374 --> 01:04:22,208
මිස්ටර් ෂර්මා.

1052
01:04:23,291 --> 01:04:27,124
ඔයාට මෙතනට එන්න ඕනේ වුණේ නෑ සර්.

1053
01:04:28,416 --> 01:04:30,000
මට වොෂින්ටන් යන්න ඕනේ.

1054
01:04:30,374 --> 01:04:31,665
වාර්ෂික වසන්ත රැස්වීමට.

1055
01:04:31,666 --> 01:04:32,665
ඔයා ඒක දන්නවනේ.

1056
01:04:32,666 --> 01:04:33,333
සර්...

1057
01:04:34,333 --> 01:04:35,207
මට ටිකට් එකක් ඕනේ.

1058
01:04:35,208 --> 01:04:37,248
- ඔව්, ඔව්. හරි සර්.
- ස්තූතියි.

1059
01:04:37,249 --> 01:04:39,900
- ආ, ෂර්මා?
- සර්?

1060
01:04:41,166 --> 01:04:42,166
ඉකොනොමි ක්ලාස්.

1061
01:04:43,708 --> 01:04:45,458
ඒත් ප්‍රොටොකෝල් එක...

1062
01:04:45,749 --> 01:04:46,958
ඒක ගැන කරදර වෙන්න එපා.

1063
01:04:47,249 --> 01:04:50,000
ඒ වගේම හෝටලේ, තරු පහේ ඒවා එපා.

1064
01:04:51,208 --> 01:04:53,791
සාමාන්‍ය එකක්.

1065
01:04:54,416 --> 01:04:57,083
ඒ වගේම ගාණත් අඩු එකක්.

1066
01:04:58,041 --> 01:04:59,333
ස්තූතියි. කරගෙන යන්න.

1067
01:05:05,874 --> 01:05:09,416
ඉන්දියාවේ වටිනාම සම්පත
වෙන්නේ එහි ජනතාවයි.

1068
01:05:09,624 --> 01:05:11,208
ඒ වගේම අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්,

1069
01:05:11,874 --> 01:05:13,625
මිලියන ගණනකගේ මනස

1070
01:05:14,481 --> 01:05:17,167
ඉන්දියාව දියුණුවේ
මාවතට ගෙන යාවි කියලා.

1071
01:05:17,624 --> 01:05:19,291
ඒකට එක උදාහරණයක් තමයි,

1072
01:05:20,133 --> 01:05:23,508
PARAM 8000 සුපිරි පරිගණකය.

1073
01:05:24,166 --> 01:05:25,916
මහ මැතිවරණයෙන් පස්සේ,

1074
01:05:26,124 --> 01:05:30,291
අපි ප්‍රතිසංස්කරණ
අයවැයක් ගේනවා කියලා පොරොන්දු වෙනවා.

1075
01:05:30,499 --> 01:05:31,958
ඔයාලගේ සහාය ලැබුණ ගමන්,

1076
01:05:32,374 --> 01:05:36,500
ඉන්දියාව හැම කන්දක්ම
පැනලා යාවි,

1077
01:05:36,958 --> 01:05:38,375
ඕනෑම ගඟක් තරණය කරාවි,

1078
01:05:39,291 --> 01:05:41,625
අවශ්‍ය ඕනෑම දෙයක් කරාවි,

1079
01:05:42,833 --> 01:05:45,541
එහි ඉරණම වෙනස් කරන්න.

1080
01:05:46,999 --> 01:05:47,625
ස්තූතියි.

1081
01:05:49,249 --> 01:05:50,291
ගුඩ් මෝනින්, මැඩම්.

1082
01:06:06,541 --> 01:06:09,930
සර්, අපිට කියන්නකෝ, කොච්චරක්ද?

1083
01:06:12,166 --> 01:06:13,499
හරි, හරි.

1084
01:06:13,624 --> 01:06:16,625
ඩොලර් මිලියන 200ක්, ජර්මනියෙන්.

1085
01:06:20,541 --> 01:06:23,499
ඩොලර් මිලියන 150ක්, ජපානයෙන්.

1086
01:06:25,874 --> 01:06:29,625
එකතුව ඩොලර් මිලියන 350යි.

1087
01:06:31,916 --> 01:06:36,123
දිව්‍යා, අර වඳුරාගේ සලකුණ
කන්ද උඩට ගෙනියන්න.

1088
01:06:36,124 --> 01:06:37,041
ඔව්, සර්!

1089
01:06:40,041 --> 01:06:44,208
ගිලෙන මිනිහගේ නහය
දැන් තමයි උඩට ආවේ.

1090
01:06:44,958 --> 01:06:46,750
අපි එයාව ගොඩට ගන්න ඕනේ.

1091
01:06:47,124 --> 01:06:49,124
සම්පූර්ණයෙන්ම. සම්පූර්ණයෙන්ම.

1092
01:06:49,291 --> 01:06:52,500
ඒත්, ස්නැක්ස් මගෙන්.

1093
01:06:54,749 --> 01:06:56,165
මැඩම්, කරුණාකරලා පාටිල්ව හොයන්න.

1094
01:06:56,166 --> 01:06:57,499
- සර්...
- පාටිල්!

1095
01:06:58,083 --> 01:06:59,624
විශිෂ්ට වැඩක්!

1096
01:07:03,624 --> 01:07:04,374
ස්තූතියි.

1097
01:07:08,874 --> 01:07:10,416
හේයි, වාඩි වෙන්න, වාඩි වෙන්න. මේක තාම ඉවර නෑ.

1098
01:07:16,124 --> 01:07:18,374
එයා හරියට නටනවා වගේ නේද?

1099
01:07:19,249 --> 01:07:21,333
එයා භරතනාට්‍යම් ඉගෙනගත්තා.

1100
01:07:24,333 --> 01:07:26,208
ඔයාලා දෙන්නා වැඩිය දක්ෂ වෙන්න එපා.

1101
01:07:26,333 --> 01:07:27,499
ඔයා රට ගිහින් ආවේ.

1102
01:07:27,708 --> 01:07:29,583
ඇස්වහ කටවහ යන්න ඕනේ.

1103
01:07:29,874 --> 01:07:31,041
ඒත් ඇයි මගේ ඇස්වහ යවන්නේ?

1104
01:07:33,999 --> 01:07:35,583
එකක් ගත්තම, එකක් නොමිලේ.

1105
01:07:37,249 --> 01:07:39,166
මම නෙවෙයි නොමිලේ දෙන එක.

1106
01:07:40,166 --> 01:07:41,416
අනිවාර්යයෙන්ම නෑ.

1107
01:07:43,916 --> 01:07:45,958
දැන් ඔක්කොම හරි යයි.

1108
01:08:09,374 --> 01:08:11,624
දීපක් සර්, මොකද වුණේ?

1109
01:08:11,833 --> 01:08:12,375
රාමන් සර්...

1110
01:08:12,874 --> 01:08:14,583
එයා දැන් මන්ත්‍රාලයේ
මීටින් එකකට ගියා!

1111
01:08:30,958 --> 01:08:32,208
ගුඩ් මෝනින්, සර්.

1112
01:08:33,083 --> 01:08:34,816
වොෂින්ටන්වල ලොකු වැඩක් කරලා තියෙන්නේ.

1113
01:08:35,291 --> 01:08:36,041
සුබපැතුම්.

1114
01:08:36,833 --> 01:08:39,208
ණයවලින් කොච්චර කල් අපිට
සතුටින් ඉන්න පුළුවන්ද?

1115
01:08:40,041 --> 01:08:42,208
බලන්න, මට මීටින් එකක් තියෙනවා.

1116
01:08:42,333 --> 01:08:43,733
ඉතින්, මට යන්න අවසර දෙන්න.

1117
01:08:46,208 --> 01:08:48,208
ඔයාට හැමදාම ප්‍රශ්න මඟඅරින්න බෑ.

1118
01:08:48,749 --> 01:08:49,250
සර්!

1119
01:08:54,833 --> 01:08:55,666
ඔව්, දීපක්.

1120
01:08:56,041 --> 01:08:59,124
සර්, ගොඩක් හදිසි
දෙයක් වෙලා තියෙනවා.

1121
01:08:59,749 --> 01:09:02,415
දීපක් මට මන්ත්‍රාලයේ මීටින් එකක් තියෙනවා

1122
01:09:02,416 --> 01:09:03,125
සර්.

1123
01:09:08,124 --> 01:09:09,416
වඳුරා අනතුරේ.

1124
01:09:13,166 --> 01:09:14,000
හරි. අපි යමු.

1125
01:09:17,999 --> 01:09:19,083
මිස් වර්මා,

1126
01:09:20,249 --> 01:09:24,125
ඔයා මීට කලින් ප්‍රකාශයක් නැතුවම
ප්‍රවෘත්ති පළ කරලා තියෙනවා.

1127
01:09:25,416 --> 01:09:26,791
ඇයි දැන් අහන්නේ?

1128
01:09:27,958 --> 01:09:28,458
පළ කරන්න.

1129
01:09:29,999 --> 01:09:30,583
සුබපැතුම්.

1130
01:09:38,999 --> 01:09:43,208
අපේ විදේශ විනිමය සංචිත
ඩොලර් බිලියන 0.6 දක්වා බැහැලා.

1131
01:09:43,541 --> 01:09:44,125
කොහොමද?

1132
01:09:44,624 --> 01:09:46,873
ගණන් හදපු එකේ වැරැද්දක් ඇති.
ආයෙත් බලන්න.

1133
01:09:46,874 --> 01:09:48,499
දෙපාරක් බැලුවා.
තුන් පාරක් බැලුවා, සර්.

1134
01:09:49,208 --> 01:09:50,208
අංක හරි.

1135
01:09:55,999 --> 01:09:57,333
සල්ලි ඔක්කොම කොහෙද ගියේ?

1136
01:09:57,499 --> 01:09:58,541
ඡන්දෙට, සර්.

1137
01:09:58,791 --> 01:09:59,583
වියදම් වලට.

1138
01:09:59,833 --> 01:10:02,583
ඩොලරයට සාපේක්ෂව
රුපියල දිගටම කඩා වැටෙනවා.

1139
01:10:02,874 --> 01:10:04,833
අද වැටීම
ගොඩක් දරුණුයි.

1140
01:10:04,999 --> 01:10:07,832
ඩොලර් බිලියන 0.6කින් යන්තම්,

1141
01:10:07,833 --> 01:10:09,833
අත්‍යවශ්‍ය ආනයන සහ
ගෙවීම් පියවාගන්න පුළුවන්.

1142
01:10:09,958 --> 01:10:12,166
ආරක්ෂක ගෙවීම් පරක්කු වෙලා.

1143
01:10:13,083 --> 01:10:15,341
අපිට තෙල් සහ තෙල් නොවන
ආනයන දරාගන්න බෑ.

1144
01:10:16,458 --> 01:10:19,541
ඒ වගේම අන්තිම ණය ගෙවීමත්
දවස් කිහිපයකින් ගෙවන්න තියෙනවා.

1145
01:10:21,166 --> 01:10:22,041
අපි මොකද කරන්නේ?

1146
01:11:08,999 --> 01:11:09,541
සමාවෙන්න!

1147
01:11:12,541 --> 01:11:13,458
මට සමාවෙන්න.

1148
01:11:35,249 --> 01:11:35,916
හලෝ.

1149
01:11:37,458 --> 01:11:37,916
මොකක්!!!

1150
01:11:42,333 --> 01:11:43,583
දෙවියන්ට ස්තූති වේවා.

1151
01:11:43,749 --> 01:11:45,916
කෝල් එක එනකොට
මම හිටියේ ජයා එක්ක.

1152
01:11:46,166 --> 01:11:47,375
වික්‍රම්ට කොහොමද?

1153
01:11:49,916 --> 01:11:51,749
එයාලා කියන්නේ සුළු කම්පනයක් කියලා.

1154
01:11:52,624 --> 01:11:54,458
ඒත් ජයා ගොඩක් බයවෙලා.

1155
01:11:56,365 --> 01:11:56,917
සී.ආර්?

1156
01:11:59,208 --> 01:12:00,083
අර පැත්තේ.

1157
01:12:03,541 --> 01:12:05,750
- මම ගිහින් ජයා එක්ක ඉන්නම්.
- හරි.

1158
01:12:06,958 --> 01:12:07,750
අහන්න...

1159
01:12:08,249 --> 01:12:10,750
මම මාධවීට කිව්වා
පහන දිගටම පත්තු කරලා තියන්න කියලා.

1160
01:12:11,791 --> 01:12:12,541
එයා ඒක කළාද?

1161
01:12:30,833 --> 01:12:32,416
බය වෙන්න දෙයක් නෑ.

1162
01:12:35,124 --> 01:12:36,083
එයාට සනීප වෙයි.

1163
01:12:38,499 --> 01:12:45,166
වන්දිතා කිව්වා
පහන තාම පත්තු වෙනවා කියලා.

1164
01:12:46,166 --> 01:12:50,272
කොහොමහරි එයාගේ විශ්වාසය හෙල්ලෙන්නේ නෑ.

1165
01:12:51,041 --> 01:12:51,750
ස්තූතියි, සර්.

1166
01:12:54,416 --> 01:12:58,624
මම දන්නවා මේක
හරි වෙලාව නෙවෙයි කියලා,

1167
01:13:00,458 --> 01:13:01,541
තැනක් හරි

1168
01:13:04,374 --> 01:13:05,958
ඒත් සී.ආර්,

1169
01:13:07,666 --> 01:13:09,250
මට ඔයාට යමක් කියන්න ඕනේ.

1170
01:13:12,208 --> 01:13:13,333
මම අස්වෙනවා.

1171
01:13:20,583 --> 01:13:21,291
සර්.

1172
01:13:23,208 --> 01:13:24,333
ඔයාට අස්වෙන්න බෑ.

1173
01:13:26,874 --> 01:13:31,749
මම පිළිගන්නවා, මුලදී මම
ඔයාව විශ්වාස කළේ නෑ.

1174
01:13:31,958 --> 01:13:36,041
ඒත් බැහැයි කියලා හිතුණු හැම වෙලාවකම.

1175
01:13:36,999 --> 01:13:39,333
ඔයා ක්‍රමයක් හොයාගත්තා.

1176
01:13:41,958 --> 01:13:43,083
දැන් මම විශ්වාස කරනවා.

1177
01:13:44,958 --> 01:13:47,291
කාටහරි ඉන්දියාව මේ අර්බුදයෙන්
ගොඩගන්න පුළුවන් නම්.

1178
01:13:49,416 --> 01:13:50,333
ඒ ඔයාට විතරයි.

1179
01:13:56,041 --> 01:13:59,833
මට කිසිම විසඳුමක් ඉතුරු වෙලා නෑ.

1180
01:14:02,166 --> 01:14:03,083
ඔක්කොම ඉවරයි.

1181
01:14:03,624 --> 01:14:05,458
කොහොමද ඉවර වෙන්නේ?

1182
01:14:06,749 --> 01:14:08,333
වික්‍රම්ට ඕනේ ක්‍රිකට් ගහන්න.

1183
01:14:09,333 --> 01:14:11,083
මාධවීට ඕනේ
IAS ඔෆිසර් කෙනෙක් වෙන්න.

1184
01:14:12,583 --> 01:14:15,499
ඔයා එයාලට කියනවද ඔක්කොම ඉවරයි කියලා?

1185
01:14:16,166 --> 01:14:18,708
ඔයාගේ බලාපොරොත්තු ඉවරයි,
ඔයාගේ හීන ඉවරයි,

1186
01:14:19,333 --> 01:14:20,541
ඔයාගේ අපේක්ෂාවන් ඉවරයි?

1187
01:14:22,083 --> 01:14:24,458
අධිපති, නියෝජ්‍ය අධිපති,

1188
01:14:25,166 --> 01:14:26,275
ඒවා පස්සේ එන දේවල් සර්.

1189
01:14:28,666 --> 01:14:30,083
මුලින්ම, අපි තාත්තලා.

1190
01:14:32,208 --> 01:14:33,833
ඒ වගේම තාත්තලා අතාරින්නේ නෑ.

1191
01:14:37,041 --> 01:14:39,541
තාත්තලා අතාරින්න හොඳ නෑ.

1192
01:15:21,499 --> 01:15:22,499
ඔයා මොකද කරන්නේ?

1193
01:15:24,124 --> 01:15:26,041
ඇයි මේක මෙතන?

1194
01:15:29,666 --> 01:15:31,166
මේක තමයි මගේ මහ බැංකුව.

1195
01:15:35,999 --> 01:15:39,333
බලන්න, දෙවියන්ගේ පිහිටෙන්
කවදාවත් ඕන වෙන එකක් නෑ.

1196
01:15:39,958 --> 01:15:42,375
පොඩි ප්‍රශ්නෙකට, මේක තියෙනවා.

1197
01:15:43,291 --> 01:15:45,000
ඒ වගේම ලොකු ප්‍රශ්නෙකට,

1198
01:15:45,583 --> 01:15:47,416
මේ මල්ල තියෙනවා.

1199
01:15:48,124 --> 01:15:48,791
ආ ඇත්තද?

1200
01:15:51,489 --> 01:15:52,125
මට පෙන්නන්න.

1201
01:15:55,666 --> 01:15:56,499
අයියෝ!

1202
01:15:57,041 --> 01:15:58,708
පහන කවදාවත්
නිවෙන්න දෙන්න හොඳ නෑ.

1203
01:15:59,041 --> 01:16:01,916
අපි බැංකුවේ තියපු රත්තරන්?
ඒවට මොකද වෙන්නේ?

1204
01:16:03,791 --> 01:16:07,374
ප්‍රශ්නයක් ආවම, මම දුවන්නේ
බැංකුවටද නැත්තම් ඉස්පිරිතාලෙටද?

1205
01:16:08,624 --> 01:16:10,749
නියම ධනය කියන්නේ,

1206
01:16:11,999 --> 01:16:13,458
ඔයාගේ අතේ තියෙන දේටයි.

1207
01:16:16,791 --> 01:16:18,166
ඒ වගේම නියම අධිපති,

1208
01:16:20,083 --> 01:16:20,666
ඔයා තමයි.

1209
01:16:21,541 --> 01:16:24,624
- අනේ, නවත්තන්න!
- අනේ, දෙවියනේ.

1210
01:16:27,666 --> 01:16:28,291
දිගටම කියන්න.

1211
01:16:47,749 --> 01:16:48,791
සර්.

1212
01:16:50,458 --> 01:16:53,374
ෂර්මා, අද පාන්දර,

1213
01:16:53,499 --> 01:16:56,208
බුද්ධිමත් ගෑනු කෙනෙක් මට කිව්වා,

1214
01:16:56,874 --> 01:16:59,750
එකම නියම ධනය වෙන්නේ
ඔයාගේ අතේ තියෙන,

1215
01:17:01,166 --> 01:17:02,333
දේ කියලා.

1216
01:17:02,874 --> 01:17:03,458
ඔව්?

1217
01:17:04,124 --> 01:17:06,000
- සර්ට කෝල් එකක්.
- හරි.

1218
01:17:07,708 --> 01:17:09,108
හලෝ...

1219
01:17:09,541 --> 01:17:12,416
හලෝ තාත්තේ. ඔයාගේ දුව දැන්
නිල වශයෙන් IAS ඔෆිසර් කෙනෙක්.

1220
01:17:12,666 --> 01:17:13,583
අනේ දෙවියනේ.

1221
01:17:14,041 --> 01:17:15,399
ස්තූතියි.

1222
01:17:18,499 --> 01:17:19,333
මගේ පැටියෝ.

1223
01:17:19,874 --> 01:17:21,083
සුබපැතුම්!

1224
01:17:21,208 --> 01:17:23,249
අපේ ගොඩට සාදරයෙන් පිළිගන්නවා!

1225
01:17:26,583 --> 01:17:28,833
පාටිල්, ඔයා කලින්ම දැනගෙන හිටියද?

1226
01:17:29,083 --> 01:17:32,083
අපිට කියන්න මොකද වෙන්නේ කියලා.

1227
01:17:32,249 --> 01:17:34,249
රසකැවිලි, මේ ඔක්කොම.

1228
01:17:36,124 --> 01:17:38,124
IAS ඔෆිසර්ගේ දුව
IAS ඔෆිසර් කෙනෙක් වෙලා.

1229
01:17:38,874 --> 01:17:40,540
සුබපැතුම්, සර්.

1230
01:17:40,541 --> 01:17:43,083
සුබපැතුම්.

1231
01:17:43,499 --> 01:17:45,874
පාටිල්! එන්න,
රසකැවිලි බෙදන්න!

1232
01:17:46,124 --> 01:17:47,707
- මට දියවැඩියාව තිබ්බට මොකද?
ඉක්මන් කරන්න! -සර්.

1233
01:17:47,708 --> 01:17:48,958
ස්තූතියි.

1234
01:17:49,166 --> 01:17:52,666
මේ රසකැවිලි
ඒ දේ වෙනුවෙන් නෙවෙයි.

1235
01:17:54,541 --> 01:17:58,166
ජාගෘති! භාරතී!
මෙහෙට එන්න, මෙහෙට එන්න!

1236
01:18:02,208 --> 01:18:03,458
මෙහෙට එන්න, මෙහෙට එන්න!

1237
01:18:03,999 --> 01:18:07,833
මගේ දුව භාරතී
IAS විභාගයට ලිව්වා.

1238
01:18:08,791 --> 01:18:09,875
එයා පාස් වුණා සර්.

1239
01:18:13,958 --> 01:18:16,874
සර්, මේ ඉන්නේ මගේ
දුව, භාරතී.

1240
01:18:17,208 --> 01:18:18,166
සර්ට වඳින්න.

1241
01:18:19,499 --> 01:18:20,499
දෙවි පිහිටයි.

1242
01:18:20,874 --> 01:18:23,083
හොඳ වැඩක්! හොඳ වැඩක්!

1243
01:18:24,791 --> 01:18:26,374
ඇයි ඔයා අපිට
කලින් කිව්වේ නැත්තේ, පාටිල්?

1244
01:18:27,416 --> 01:18:30,499
පියන් කෙනෙක්ගේ දුවෙක්ට
IAS ඔෆිසර් කෙනෙක් වෙන්න ඕනේ කිව්වාම.

1245
01:18:31,333 --> 01:18:35,666
කාටහරි කිව්වා නම්,
එයාලා හිනාවෙයි සර්.

1246
01:18:36,499 --> 01:18:37,208
ඒකයි මම සද්ද නැතුව හිටියේ.

1247
01:18:37,666 --> 01:18:38,749
ඒත් දැන් එහෙම නෑ.

1248
01:18:38,874 --> 01:18:40,499
දැන් මම ආඩම්බරයෙන් කියනවා,

1249
01:18:41,583 --> 01:18:46,166
භාරතී ශාන්තාරාම් පාටිල්, IAS කියලා.

1250
01:18:53,291 --> 01:18:54,666
මම ඔයාලා හැමෝටම ගොඩක් ණයගැතියි.

1251
01:18:55,416 --> 01:18:59,333
ඔයාලගෙන් ණයට ගත්ත සල්ලිවලින් තමයි
මම මෙයාට ඉගැන්නුවේ.

1252
01:19:12,083 --> 01:19:13,000
සමාවෙන්න, පාටිල්.

1253
01:19:13,833 --> 01:19:14,416
මට ගොඩක් සමාවෙන්න.

1254
01:19:23,249 --> 01:19:25,000
දීපක් සර්, සමාවෙන්නේ මොකටද?

1255
01:19:27,041 --> 01:19:27,583
රසකැවිලි කන්න.

1256
01:19:27,958 --> 01:19:30,166
මම කන්නම්. හැමෝම එකක් ගන්නකෝ.

1257
01:19:31,541 --> 01:19:32,583
හේයි, එන්න, රසකැවිලි කන්න!

1258
01:19:38,999 --> 01:19:40,625
තාත්තලා අතාරින්නේ නෑ.

1259
01:19:41,124 --> 01:19:42,125
ඔයා මොකද කියන්නේ, සී.ආර්?

1260
01:19:42,749 --> 01:19:43,500
සර්...

1261
01:19:46,499 --> 01:19:48,333
සර්, මොකක්ද සැලැස්ම?

1262
01:19:58,374 --> 01:20:00,208
මොකක්ද මේ, රාමන්?

1263
01:20:01,166 --> 01:20:02,708
මහ බැංකුවේ රත්තරන් කියන්නේ ජාතියේ රත්තරන්.

1264
01:20:02,999 --> 01:20:06,000
ජාතියේ රත්තරන් විකුණනවා කියන්නේ
ජාතියම විකුණනවා වගේ වැඩක්.

1265
01:20:07,791 --> 01:20:12,874
ඉන්දියාව කියන්නේ හැමදාම
රත්තරන් කුරුල්ලෙක් සර්.

1266
01:20:13,291 --> 01:20:16,291
දැන් ඒ රත්තරන්ම තමයි අපිව බේරගන්නේ.

1267
01:20:16,916 --> 01:20:18,291
ඒකේ තියෙන වැරැද්ද මොකක්ද සර්?

1268
01:20:18,458 --> 01:20:20,583
අපේ රටේ රත්තරන් කියන්නේ
නිකන්ම ලෝහයක් නෙවෙයි.

1269
01:20:20,791 --> 01:20:22,624
ඒක සෞභාග්‍යයේ සංකේතයක්.

1270
01:20:23,041 --> 01:20:24,083
ධනයට අධිපති දේවතාවියමයි.

1271
01:20:24,874 --> 01:20:28,124
අමාරු වෙලාවට රත්තරන්
උකස් කරන එක සහ විකුණන එක,

1272
01:20:28,708 --> 01:20:32,708
ශතවර්ෂ ගාණක ඉඳන්
අපේ සංස්කෘතියේ තියෙන දෙයක්.

1273
01:20:32,874 --> 01:20:37,416
අපේ අමාරුම වෙලාවේ අපේ
රත්තරන් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තම්.

1274
01:20:37,749 --> 01:20:39,166
ඒක ධනයක් විදිහට සලකන්න පුළුවන්ද?

1275
01:20:39,416 --> 01:20:41,916
අපිට ඇත්තටම රත්තරන්
රටින් පිට යවන්න ඕනෙද?

1276
01:20:42,083 --> 01:20:43,291
අන්න ඒකයි ප්‍රශ්නේ සර්.

1277
01:20:43,458 --> 01:20:46,833
ස්විස් මහ බැංකුව සහ
ලන්ඩන් රාජකීය මහ බැංකුව.

1278
01:20:46,999 --> 01:20:48,833
මේ දෙගොල්ලොම අපිට
ණය දෙන්න කැමතියි.

1279
01:20:48,999 --> 01:20:50,666
ඒත් මේ ආයතන දෙකම ඉල්ලන්නේ,

1280
01:20:50,874 --> 01:20:53,333
රත්තරන් භෞතිකවම එයාලට දෙන්න කියලා.

1281
01:20:59,124 --> 01:21:02,374
අපි කරගෙන යන්නේ
භාරකාර ආණ්ඩුවක්.

1282
01:21:02,791 --> 01:21:05,124
අපිට මේ වගේ ලොකු අවදානමක් ගන්න බෑ.

1283
01:21:05,374 --> 01:21:06,749
මුළු රටම අපිට නින්දා කරයි.

1284
01:21:07,583 --> 01:21:09,108
- කැරලි ඇතිවෙයි.
- සර්.

1285
01:21:10,874 --> 01:21:12,749
මේක තමයි අපේ අන්තිම අවස්ථාව.

1286
01:21:14,833 --> 01:21:16,749
අවුරුදු හතළිස් තුනක්,

1287
01:21:18,374 --> 01:21:19,791
නිදහසින් පස්සේ.

1288
01:21:21,333 --> 01:21:22,916
අපි යුද්ධ හතරක් කළා.

1289
01:21:25,041 --> 01:21:27,124
ඒත් කිසිම සතුරෙක්ට
අපිව කඩන්න බැරි වුණා.

1290
01:21:28,416 --> 01:21:31,749
ඒත් අපි මේ අර්බුදයෙන්
ගොඩ ආවේ නැත්තම් සර්.

1291
01:21:33,749 --> 01:21:35,458
මේ රට ඇතුළෙන්ම කඩාගෙන වැටෙයි.

1292
01:21:37,416 --> 01:21:40,666
අපි සටන් කරන්නේ
ගොඩක් ලොකු සතුරෙක් එක්ක,

1293
01:21:41,874 --> 01:21:43,833
පාකිස්ථානයට හෝ චීනයට වඩා.

1294
01:21:45,833 --> 01:21:50,166
ඒ තමයි බඩගින්න සහ දුප්පත්කම.

1295
01:21:51,864 --> 01:21:52,375
සර්.

1296
01:21:55,291 --> 01:21:56,250
මම ඔයාගෙන් ආයාචනා කරනවා.

1297
01:21:57,624 --> 01:22:00,624
හෙට මේ රට
දියුණු වෙනවා දකින්න නම්,

1298
01:22:03,511 --> 01:22:06,500
අපි අද මේ වස
බොන්නම ඕනේ.

1299
01:22:17,208 --> 01:22:19,526
අපිට බලය ලැබුණා, ඒත් සහාය ලැබුණේ නෑ.

1300
01:22:20,291 --> 01:22:21,833
අධිකාරියක් නැති බලයක්.

1301
01:22:22,705 --> 01:22:26,911
කොහොමත් ඉතිහාසයට මේ
මාස හතේ අගමැතිව අමතක වෙයි.

1302
01:22:27,458 --> 01:22:30,791
ඒත් කවුරුහරි කවදාහරි
මේ පිටු දිහා ආපහු හැරිලා බැලුවොත්,

1303
01:22:31,791 --> 01:22:33,166
සමහරවිට එයාලා දකීවි,

1304
01:22:35,541 --> 01:22:37,166
අපි ඇත්තටම උත්සාහ කළා කියලා.

1305
01:22:40,583 --> 01:22:45,124
අපි තව එක පාරක් උත්සාහ කරමු.

1306
01:22:49,166 --> 01:22:51,708
ස්තූතියි. බොහොම ස්තූතියි සර්.

1307
01:22:54,333 --> 01:22:58,374
අපිට අන්තිමේදී ඉන්දියාව
මේකෙන් ගොඩගන්න පුළුවන්.

1308
01:23:00,083 --> 01:23:03,041
වැරැද්දක් වෙන්න කිසිම ඉඩක් නෑ.

1309
01:23:03,416 --> 01:23:06,624
අපි කාටවත් කියන්නේ නෑ, ගෙදර අයටවත්.

1310
01:23:06,791 --> 01:23:08,166
දවස් කිහිපයක් ඇතුළත,

1311
01:23:08,583 --> 01:23:11,415
පළවෙනි තොගය.
රත්තරන් ටොන් 20ක්,

1312
01:23:11,416 --> 01:23:14,208
ස්විස් මහ බැංකුවට (SCB) යනවා.

1313
01:23:14,333 --> 01:23:16,040
ඊට දවස් දහයකට පස්සේ,

1314
01:23:16,041 --> 01:23:19,750
දෙවෙනි තොගය, ටොන් 46.91ක්,

1315
01:23:20,124 --> 01:23:22,791
ලන්ඩන් රාජකීය
මහ බැංකුවට යනවා.

1316
01:23:23,041 --> 01:23:25,707
ඒත් සර්, අපි යවන
රත්තරන්වල,

1317
01:23:25,708 --> 01:23:27,873
ප්‍රමිතිය සහ බර,

1318
01:23:27,874 --> 01:23:29,708
ඒ මහ බැංකු දෙකේම
අවශ්‍යතාවලට ගැලපුණේ නැත්තම්?

1319
01:23:29,958 --> 01:23:31,583
එයාලා ප්‍රමිතිය ප්‍රතික්ෂේප කළොත්?

1320
01:23:31,791 --> 01:23:32,791
මම දැනටමත් එයාලා එක්ක කතා කළා.

1321
01:23:33,333 --> 01:23:35,083
බැංකු දෙකම එකඟ වුණා,

1322
01:23:35,458 --> 01:23:38,333
මේ රත්තරන් කුට්ටි ලන්ඩන්
ගුඩ් ඩිලිවරි බාර්ස් බවට පත්කරන්න.

1323
01:23:38,491 --> 01:23:38,824
හොඳයි.

1324
01:23:39,583 --> 01:23:43,749
ෂර්මා, ඔයා මෙහෙයුම්, ලොජිස්ටික්ස්
සහ ලියකියවිලි බලාගන්න.

1325
01:23:43,874 --> 01:23:45,833
සී.ආර්, නීතිමය සහ රේගු කටයුතු.

1326
01:23:46,253 --> 01:23:50,336
දීපක්, රත්තරන් ප්‍රවාහනය කරනකොට
ආරක්ෂාව භාරව ඉන්නේ ඔයා.

1327
01:23:50,583 --> 01:23:53,832
ඒ වගේම මතක තියාගන්න,
ඔයාලා ඈත්වෙලා ඉන්න ඕනේ,

1328
01:23:53,833 --> 01:23:56,499
මාධ්‍යයෙන් සහ මාධ්‍යවේදීන්ගෙන්.

1329
01:23:57,083 --> 01:23:57,583
හරිද?

1330
01:23:57,708 --> 01:24:02,083
මට කිසිම විදිහක
ප්‍රවෘත්තියක් එළියට යන්න ඕනේ නෑ.

1331
01:24:03,041 --> 01:24:06,166
<i>මෙය ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ
දැවැන්ත ප්‍රහාරයක් ලෙස හැඳින්වේ.</i>

1332
01:24:06,874 --> 01:24:10,624
<i>දකුණු ඉන්දියාවේ පැවති මැතිවරණ රැලියක් අතරතුර
මෙම පිපිරීම සිදුවී ඇත.</i>

1333
01:24:10,874 --> 01:24:14,249
<i>සිය දේශනයේදී අග්‍රාමාත්‍ය
ශේකර් මහතා ප්‍රකාශ කළේ,</i>

1334
01:24:14,374 --> 01:24:16,082
<i>‘රටට එහි විශිෂ්ටතම පුත්‍රයෙකු
අහිමි වී ඇති බවයි.'</i>

1335
01:24:16,083 --> 01:24:18,666
හේයි, මොකද වෙන්නේ?
ඇයි හැමෝම මෙතනට එකතු වෙලා?

1336
01:24:18,791 --> 01:24:20,499
ගාන්ධි මහත්තයාව ඝාතනය කරලා.

1337
01:24:24,791 --> 01:24:25,666
මොකද වුණේ, ෂර්මා?

1338
01:24:26,333 --> 01:24:28,583
සර්, ගාන්ධි මහත්තයා...

1339
01:24:40,416 --> 01:24:41,499
- හලෝ.
- හලෝ, රාමන්.

1340
01:24:41,833 --> 01:24:43,458
හලෝ සර්. මේ සී.ආර්.

1341
01:24:43,958 --> 01:24:44,791
ඔයා නිවුස් එක ඇහුවද?

1342
01:24:45,458 --> 01:24:46,833
ඔව් සර්. දැන්නම්.

1343
01:24:47,541 --> 01:24:48,541
අපිට මෙහෙයුම
අවලංගු කරන්න වෙනවා.

1344
01:24:49,499 --> 01:24:50,250
කල් දාන්න.

1345
01:24:51,041 --> 01:24:53,208
කල් දාන්න? කවදා වෙනකම්ද?

1346
01:24:53,666 --> 01:24:54,375
දින නියමයක් නැතුව.

1347
01:24:54,958 --> 01:24:56,124
අහ්... ඔව් සර්.

1348
01:25:27,166 --> 01:25:29,083
වන්දිතා! ඔයා මෙතන?

1349
01:25:33,249 --> 01:25:34,543
ඔයා රෑ පුරාම ගෙදර ආවේ නෑනේ.

1350
01:25:37,916 --> 01:25:38,500
කෝපි?

1351
01:25:48,374 --> 01:25:49,749
ප්‍රශ්නේ ලොකුද?

1352
01:25:50,291 --> 01:25:52,000
මම දන්නේ නෑ ප්‍රශ්නේ
ගොඩක් ලොකුද කියලා,

1353
01:25:54,188 --> 01:25:58,313
නැත්තම් අපි ඒකට මුහුණ දෙන්න
තරම් ගොඩක් පොඩිද කියලා.

1354
01:25:59,458 --> 01:26:00,583
ඔයා ක්‍රමයක් හොයාගනීවි.

1355
01:26:03,166 --> 01:26:05,333
ඔයාට කොහෙන්ද
ඔච්චර විශ්වාසයක් එන්නේ?

1356
01:26:06,124 --> 01:26:07,749
ඝන්ශ්‍යාම්දාස් කඩේ මුදලාලිගෙන්.

1357
01:26:08,208 --> 01:26:10,416
ඊයේ එයාගෙන් විශ්වාසය
කිලෝ පහක් ගත්තා.

1358
01:26:10,708 --> 01:26:11,750
දෙකහමාරක් ඔයාට.

1359
01:26:12,583 --> 01:26:13,624
දෙකහමාරක් මට.

1360
01:26:13,916 --> 01:26:15,916
එතකොට මාධවීට?

1361
01:26:16,124 --> 01:26:17,500
එයාට කිසි දෙයක් ඕනේ නෑ.

1362
01:26:18,333 --> 01:26:20,146
දැනටමත් එයා ගාව ඕනෑවටත් වඩා තියෙනවා.

1363
01:26:27,666 --> 01:26:28,999
පව් මාධවී.

1364
01:26:37,708 --> 01:26:38,373
ස්තූතියි.

1365
01:26:39,416 --> 01:26:41,249
ස්තූතියි? ඇයි ඒ?

1366
01:26:41,749 --> 01:26:44,458
මට අමතක වෙලා තිබ්බේ
මට තාමත් හිනාවෙන්න පුළුවන් කියලා.

1367
01:26:54,874 --> 01:26:58,958
සී.ආර්, මම හිතන්නේ ඔයා
දැන්මම දිල්ලි යන්න ඕනේ.

1368
01:26:59,208 --> 01:27:03,083
මුදල් ඇමතිගේ අත්සන් කරපු
අනුමැතිය නැතුව ආපහු එන්න එපා.

1369
01:27:03,708 --> 01:27:04,250
හරි සර්.

1370
01:27:08,541 --> 01:27:12,291
ඉර කවදාවත්
හරි වෙලාව එනකම් බලන් ඉන්නේ නෑ.

1371
01:27:15,249 --> 01:27:17,416
ඒක නිකන්ම පායනවා.

1372
01:27:20,749 --> 01:27:23,166
එතකොට කාලය ඉබේම හැඩගැහෙනවා.

1373
01:27:34,249 --> 01:27:34,833
සර්.

1374
01:27:35,041 --> 01:27:35,832
සී.ආර්.

1375
01:27:35,833 --> 01:27:36,500
ගුඩ් මෝනින්, සර්.

1376
01:27:40,624 --> 01:27:42,291
මම මෙහෙයුම අවලංගු කළා.

1377
01:27:42,708 --> 01:27:44,750
ස්විස් මහ බැංකුවට කතා කරලා
කාලය දික් කරගන්න.

1378
01:27:45,124 --> 01:27:46,375
රාමන් සර්ගේ නියෝග.

1379
01:27:47,749 --> 01:27:49,458
ඒ අනුමැතිය නැතුව
මම යන්නේ නෑ.

1380
01:27:54,833 --> 01:27:56,138
අගමැති ප්‍රතික්ෂේප කළා.

1381
01:27:56,666 --> 01:27:58,458
ගාන්ධි මහත්තයගේ ඝාතනය නිසා,

1382
01:27:58,624 --> 01:28:00,333
මාධ්‍ය සහ ආරක්ෂක අංශ
ඉන්නේ දැඩි අවධානයෙන්.

1383
01:28:00,624 --> 01:28:01,416
අපිට මේක දැන්ම කරන්න බෑ.

1384
01:28:02,541 --> 01:28:03,041
අපි යමු.

1385
01:28:33,541 --> 01:28:35,415
හෙට උදේ 11 මීටින් එක
දවල් කෑමෙන් පස්සට දාන්න.

1386
01:28:35,416 --> 01:28:35,999
ඔව් සර්.

1387
01:28:40,749 --> 01:28:41,708
මේක විහිළුවක්ද, සී.ආර්?

1388
01:28:42,374 --> 01:28:45,791
මගේ වයිෆ් කියන්නේ මට
කිසිම විහිළුවක් තේරෙන්නේ නෑ කියලා.

1389
01:28:52,708 --> 01:28:53,333
ඔව් සර්.

1390
01:29:03,374 --> 01:29:05,166
ඔයා RBI එකේ
නියෝජ්‍ය අධිපති.

1391
01:29:07,166 --> 01:29:08,374
මේක ඇත්තටම ඔයාගේ තත්ත්වෙට ගැලපෙනවද?

1392
01:29:08,749 --> 01:29:12,000
රත්තරන් තොගය වෙලාවට
ස්විස් මහ බැංකුවට ගියේ නැත්තම්.

1393
01:29:12,624 --> 01:29:15,958
ඊටපස්සේ වෙන දේවල්
අපි කාටවත්ම හොඳ වෙන එකක් නෑ.

1394
01:29:16,291 --> 01:29:17,708
මම අත්සන් කරන්නේ නෑ කිව්වොත්?

1395
01:29:18,083 --> 01:29:18,833
මම බලන් ඉන්නවා.

1396
01:29:40,291 --> 01:29:41,776
සර්, පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

1397
01:29:42,249 --> 01:29:44,749
තොගය ගොඩක් ලොකුයි,

1398
01:29:45,166 --> 01:29:49,833
ඕනෑම වාණිජ හෝ
චාටර්ඩ් ගුවන් යානයකට වඩා.

1399
01:29:51,333 --> 01:29:52,666
ඉතින් ප්‍රශ්නේ තමයි,

1400
01:29:53,684 --> 01:29:56,250
අපි කොහොමද රත්තරන් ටොන්
60ක් ගුවනින් අරන් යන්නේ?

1401
01:29:58,583 --> 01:29:59,983
මට උදව් කරන්න පුළුවන් කෙනෙක්ව දන්නවා.

1402
01:30:01,041 --> 01:30:06,041
ගුවන් හමුදාව තමයි අපේ එකම බලාපොරොත්තුව.

1403
01:30:07,041 --> 01:30:08,816
අපේ ගුවන් යානා
ඉන්දියානු ගුවන් සීමාව පැනපු ගමන්ම,

1404
01:30:09,916 --> 01:30:13,500
ඒවට වෙඩි තියලා බිම දාවි.

1405
01:30:13,958 --> 01:30:15,583
අපිට තියෙන්නේ දවස් තුනයි.

1406
01:30:15,833 --> 01:30:20,791
පළවෙනි තොගය ස්විට්සර්ලන්තයට
යවන්න තියෙන්නේ දවස් තුනයි.

1407
01:30:23,249 --> 01:30:25,958
ඔයාට මේක කරන්න
මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම්...

1408
01:30:29,374 --> 01:30:31,500
ඔයා මට මේක දැන් ද කියන්නේ?

1409
01:30:31,833 --> 01:30:34,124
තොගය යන්නේ තව දවස් දෙකකින්.

1410
01:30:34,249 --> 01:30:35,291
මම දන්නවා සර්.

1411
01:30:35,916 --> 01:30:38,250
රත්තරන් යවන්න අපිට
විශේෂ අවසරයක් තියෙනවා.

1412
01:30:38,541 --> 01:30:41,125
ඒත් අතරමඟ
නැවතුමක් තියෙනවා.

1413
01:30:41,374 --> 01:30:44,624
රක්ෂණයක් නැතුව,
අපිට ඒක ගුවනින් යවන්න බෑ.

1414
01:30:44,749 --> 01:30:46,541
- ඒත් මම කලින්ම...
- සර්... සර්...

1415
01:30:47,999 --> 01:30:50,208
කලබල වෙලා වැඩක් නෑ.
අපි මොනවා හරි කරමු.

1416
01:30:50,833 --> 01:30:52,333
බයවෙන්න එපා.

1417
01:30:54,874 --> 01:30:57,166
ෂර්මා, මේ ෆයිල් කන්දේ.

1418
01:30:57,458 --> 01:30:59,125
අපි කොහෙන්ද
රක්ෂණ ලියකියවිලි හොයාගන්නේ?

1419
01:31:07,666 --> 01:31:11,708
ෂර්මා සර් තහවුරු කළා පළවෙනි තොගය
ජූනි 8 වෙනිදා පිටත් වෙනවා කියලා.

1420
01:31:12,708 --> 01:31:13,166
මම දන්නවා.

1421
01:31:16,416 --> 01:31:17,958
මගේ වීසා ඉන්ටවිව් එක ආවා.

1422
01:31:18,666 --> 01:31:20,291
ආ. කවදද?

1423
01:31:22,208 --> 01:31:22,916
ජූනි 8.

1424
01:31:25,708 --> 01:31:26,333
ඉතින්?

1425
01:31:27,249 --> 01:31:28,208
යන්න තියෙන දේ...

1426
01:31:29,899 --> 01:31:30,482
යාවි.

1427
01:31:34,291 --> 01:31:37,333
අපි මේ රත්තරන් වලට රක්ෂණයක් දැම්මද?

1428
01:31:37,458 --> 01:31:39,541
අපි දැම්මා සර්. අනේ, අපි දැම්මා.

1429
01:31:39,833 --> 01:31:41,083
මට අවධානය දෙන්න දෙන්න.

1430
01:32:06,249 --> 01:32:06,916
එන්න සර්.

1431
01:32:16,208 --> 01:32:18,833
මේක මෙහෙම වෙන්න බෑ.

1432
01:32:27,920 --> 01:32:28,250
සර්.

1433
01:32:31,499 --> 01:32:33,333
ඔයා නම් මාරම වැඩකාරයෙක්.

1434
01:32:33,458 --> 01:32:35,375
මම මේ දේවල් ගැන හොඳට දන්නවා සර්.

1435
01:32:36,208 --> 01:32:38,000
ස්විට්සර්ලන්තයයි එංගලන්තයයි දෙකටම මැඩම්.

1436
01:32:38,499 --> 01:32:39,875
ටොන් හැටක් විතර.

1437
01:32:40,333 --> 01:32:42,041
කතාව තහවුරුයි.

1438
01:32:44,064 --> 01:32:45,541
මේ මිනිස්සු
මොන මඟුලක්ද මේ කරන්නේ?

1439
01:32:45,749 --> 01:32:47,207
විස්තර ඔක්කොම මේ පිටුවේ තියෙනවා...

1440
01:32:47,208 --> 01:32:49,083
යන්න. මට ඕන වුණොත් මම කතා කරන්නම්.

1441
01:32:49,374 --> 01:32:50,125
හරි මැඩම්.

1442
01:32:53,874 --> 01:32:54,458
පෝපත්.

1443
01:32:55,624 --> 01:32:56,499
ඔව් මැඩම්?

1444
01:32:56,749 --> 01:32:58,083
අද ඉඳන් ඔයා
පෝපත් නෙවෙයි.

1445
01:32:59,249 --> 01:33:00,458
ඔයා පරේෂ්.

1446
01:33:03,749 --> 01:33:04,500
හරි මැඩම්.

1447
01:33:28,708 --> 01:33:31,291
රාමන්. අපි හෙට වෙනකොට ලෑස්ති වෙනවා.

1448
01:33:32,666 --> 01:33:34,124
සොල්දාදුවන්ගේ පොරොන්දුව.

1449
01:33:40,749 --> 01:33:46,083
අපේ පළවෙනි තොගය ටොන් 20ක්,
යන්නේ ස්විට්සර්ලන්තයට.

1450
01:33:52,583 --> 01:33:58,499
දවස් දහයකට පස්සේ,
දෙවෙනි එක ටොන් 46.91ක්

1451
01:33:58,833 --> 01:34:00,541
ලන්ඩන් වලට යනවා.

1452
01:34:04,499 --> 01:34:07,041
- ගණදෙවියන්ට ජයවේවා.
- ගණදෙවියන්ට ජයවේවා.

1453
01:34:15,874 --> 01:34:19,833
වෑන් තුනක් සේප්පුවෙන් පිටත් වෙනවා.

1454
01:34:20,458 --> 01:34:25,041
ගුවන් තොටුපළට
වෙනස් පාරවල් තුනකින්.

1455
01:34:32,458 --> 01:34:38,333
හැම වෑන් එකකටම
පොලිස් ආරක්ෂකයන් දෙන්නෙක් ඉන්නවා.

1456
01:34:38,958 --> 01:34:43,041
ඒත් මතක තියාගන්න, මේ මුළු
මෙහෙයුමම වෙන්නේ රහසිගතව.

1457
01:34:43,166 --> 01:34:48,166
පොලිස් ආරක්ෂකයන් සාමාන්‍ය ඇඳුමින්,
සාමාන්‍ය වාහනවලින් යන්නේ.

1458
01:34:51,124 --> 01:34:53,707
අපිට පාරේදී කිසිම
අවධානයක් ගන්න බෑ.

1459
01:34:53,708 --> 01:34:56,130
අවධානය දිනාගන්න එක
අපිට දරාගන්න බැරි දෙයක්.

1460
01:34:56,916 --> 01:34:59,979
මේ වෑන් වල,

1461
01:35:00,333 --> 01:35:04,875
ජාතියේ රත්තරන් ටොන් 20ක්
තියෙනවා කියලා කවුරුත් දැනගන්න හොඳ නෑ.

1462
01:35:07,124 --> 01:35:10,833
රාමන්, මේ අපේ අලුත්
වාණිජ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය.

1463
01:35:12,916 --> 01:35:15,915
“හැමතැනම අඳුර
දෛවය එහි තීරණය දෙනවා”

1464
01:35:15,916 --> 01:35:19,540
“ඒත් කාලය කවදාවත්
රැඳෙන්නේ නෑ වෙනස් වෙන්න”

1465
01:35:19,541 --> 01:35:24,498
“අපි කොච්චර කල් මේ
ගිනියම් සුළඟ විඳදරාගන්නද”

1466
01:35:24,499 --> 01:35:26,624
“මිත්‍රයෙනි, දවසක ඒවා වෙනස් වෙන්නම ඕනේ”

1467
01:35:26,791 --> 01:35:28,916
“මෘදු සුළඟකට සහ හොඳ දවස්වලට”

1468
01:35:29,041 --> 01:35:30,707
“අපි කොච්චර පහරවල් කෑවද”

1469
01:35:30,708 --> 01:35:32,332
“අපි කොච්චර පාඩු වින්දද”

1470
01:35:32,333 --> 01:35:35,582
“දැන් කියන්නවත් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ”

1471
01:35:35,583 --> 01:35:37,290
“මොනවා හරි කරන්නම වෙනවා”

1472
01:35:37,291 --> 01:35:38,873
“ඇත්තටම ජීවත් වෙන්න නම්, අපි
මැරෙන්න වුණත් ලෑස්ති වෙන්න ඕනේ”

1473
01:35:38,874 --> 01:35:42,083
“මේකද ජීවත් වෙන විදිහ"

1474
01:35:43,874 --> 01:35:44,498
හලෝ.

1475
01:35:44,499 --> 01:35:46,458
සර්, වෑන් අංක 1 මහිම් වලින් පිටත් වුණා.

1476
01:35:51,458 --> 01:35:53,708
වෑන් අංක 1 මහිම් පහු කළා.

1477
01:35:55,708 --> 01:35:59,040
“ඔයාලත් කල්පනා කරනවා, අපිත් කල්පනා කරනවා”

1478
01:35:59,041 --> 01:36:02,150
“ඇයි අපේ තරුව අඳුරේ නැතිවෙලා තියෙන්නේ”

1479
01:36:02,333 --> 01:36:05,541
“අපිත් කාලයක් රත්තරන් කුරුල්ලෙක් වෙලා හිටියා”

1480
01:36:08,916 --> 01:36:11,998
“අපිත් කාලයක් රත්තරන් කුරුල්ලෙක් වෙලා හිටියා”

1481
01:36:11,999 --> 01:36:13,665
සර්, වෑන් අංක 2
හයිවේ එකේ ස්ථානගත වෙලා ඉන්නේ.

1482
01:36:13,666 --> 01:36:15,374
“කවුද අපිව අහසින් පල්ලෙහාට ඇදලා දැම්මේ”

1483
01:36:15,541 --> 01:36:18,708
“ඔයාලත් කල්පනා කරනවා, අපිත් කල්පනා කරනවා”

1484
01:36:23,124 --> 01:36:24,541
වෑන් අංක 1 ආවා, සර්.

1485
01:36:25,394 --> 01:36:28,621
“එකතු වෙලා, අපි මේ දිවුරුම ගමු”

1486
01:36:28,622 --> 01:36:30,248
“අපි කවදාවත්
ආයෙත් මෙහෙම වෙන්න දෙන්නේ නෑ”

1487
01:36:30,249 --> 01:36:32,498
“අපේ හදවත්වල තියෙන
හැම කැළලක්ම මැකිලා යාවි”

1488
01:36:32,499 --> 01:36:35,041
“රන්වන් දවස් ආයෙත් උදාවෙනවාමයි”

1489
01:36:35,249 --> 01:36:40,082
“අපි කොච්චර කල් මේ
ගිනියම් සුළඟ විඳදරාගන්නද”

1490
01:36:40,083 --> 01:36:41,735
“මිත්‍රයෙනි, දවසක ඒවා වෙනස් වෙන්නම ඕනේ”

1491
01:36:41,736 --> 01:36:44,083
සර්, වෑන් අංක 3ත් ආවා.

1492
01:36:44,291 --> 01:36:45,999
ඒත් කෝ වෑන් අංක 2?

1493
01:36:46,333 --> 01:36:47,957
“අපි කොච්චර පහරවල් කෑවද”

1494
01:36:47,958 --> 01:36:49,623
“අපි කොච්චර පාඩු වින්දද”

1495
01:36:49,624 --> 01:36:52,873
“දැන් කියන්නවත් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ”

1496
01:36:52,874 --> 01:36:54,498
“මොනවා හරි කරන්නම වෙනවා”

1497
01:36:54,499 --> 01:36:56,165
“ඇත්තටම ජීවත් වෙන්න නම්, අපි
මැරෙන්න වුණත් ලෑස්ති වෙන්න ඕනේ”

1498
01:36:56,166 --> 01:36:59,583
“මේකද ජීවත් වෙන විදිහ"

1499
01:37:21,583 --> 01:37:23,082
හේයි! තමුසෙට ඇස් පේන්නේ නැද්ද?

1500
01:37:23,083 --> 01:37:24,541
ඒක මහ ජරා ඕවර්ටේක් එකක්නේ.

1501
01:37:24,666 --> 01:37:26,374
මම කරපු මඟුලේ වැරැද්ද මොකක්ද?

1502
01:37:26,874 --> 01:37:28,166
තමුසේ ඉස්සෙල්ලා බැහැපන්!

1503
01:37:28,583 --> 01:37:30,250
ෂර්මාගේ අප්ඩේට් එක ඇවිත්.

1504
01:37:31,124 --> 01:37:33,500
වෑන් එක හයිවේ එකෙන්
හැරෙව්වා, සර්.

1505
01:37:33,749 --> 01:37:36,040
එහෙනම් ඇයි එයා තාම ආවේ නැත්තේ, සී.ආර්?

1506
01:37:36,041 --> 01:37:38,333
බැහැපන්! තමුසේ ඉස්සෙල්ලා බැහැපන්.

1507
01:37:38,458 --> 01:37:39,999
මම මැරෙන්න ගියේ එතන.

1508
01:37:40,124 --> 01:37:41,415
මම කියන්නේ, බැහැපන්!

1509
01:37:41,416 --> 01:37:44,416
හයිවේ එකෙන් හැරෙව්වට පස්සේ
විනාඩි හතළිහක් ගිහින්, ෂර්මා.

1510
01:37:44,708 --> 01:37:46,208
කොහේ මඟුලකද ඒක තියෙන්නේ?

1511
01:37:46,374 --> 01:37:48,499
හයිවේ එකෙන් හැරෙන තැන තමයි
අපේ අන්තිම චෙක්පොයින්ට් එක වුණේ.

1512
01:37:48,833 --> 01:37:50,499
ඊටපස්සේ විනාඩි පහළොවක්,
විස්සක් විතර ගියාම...

1513
01:37:50,624 --> 01:37:51,498
දැන් මෙහෙට වහිනවා.

1514
01:37:51,499 --> 01:37:52,999
සර්, සර්, බයවෙන්න එපා. බයවෙන්න එපා.

1515
01:37:53,208 --> 01:37:54,915
මම යන ගමන් ඉන්නේ, සර්.

1516
01:37:54,916 --> 01:37:57,333
ඔයාට ඔතන ඉඳන් උදව් කරන්න බෑ.

1517
01:37:57,499 --> 01:37:58,666
අපි ඉන්නේ කිට්ටුව.

1518
01:37:58,874 --> 01:38:00,541
ඔයා ඔහොමම ඉන්න. මම බලාගන්නම්.

1519
01:38:00,708 --> 01:38:01,833
ඉස්සෙල්ලා එළියට වරෙන්, තෝ...

1520
01:38:02,374 --> 01:38:03,582
හේයි, දැන් ඕක නවත්තනවා.

1521
01:38:03,583 --> 01:38:05,415
හේයි! අත ගන්නවා!

1522
01:38:05,416 --> 01:38:07,665
මට අත තියන්න එනවා? පස්සට වෙයන්.

1523
01:38:07,666 --> 01:38:09,748
මේක ටෙම්පෝ ඩ්‍රයිවර්ගේ වැරැද්ද.

1524
01:38:09,749 --> 01:38:11,249
ඇහෙනවද?!
මට පිස්සු නෑ.

1525
01:38:11,791 --> 01:38:12,916
එළියට වරෙන්.

1526
01:38:13,083 --> 01:38:15,958
- එළියට වරෙන්. අද මම...
- නවත්තනවා! නවත්තනවා!

1527
01:38:16,083 --> 01:38:19,498
මල්ලි, මොන පාඩුව වුණත්,
මම ඒක ගෙවන්නම්.

1528
01:38:19,499 --> 01:38:20,165
මට විනාඩි දෙකක් දෙන්නකෝ!

1529
01:38:20,166 --> 01:38:22,499
මේක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි!

1530
01:38:22,666 --> 01:38:25,208
- මගේ ජීවිතේ නැතිවෙන්න ගියා!
- ඔයා බොරුවට කෑගහන්නේ, අනේ.

1531
01:38:25,416 --> 01:38:26,123
ඒක පොඩි සීරිල්ලක් විතරයි.

1532
01:38:26,124 --> 01:38:27,458
සීරිල්ලක්! වීදුරුව කුඩු වෙලා.

1533
01:38:27,624 --> 01:38:28,749
පටවන්න පටන් ගන්න.

1534
01:38:28,958 --> 01:38:29,416
සර්.

1535
01:38:29,708 --> 01:38:30,832
මම ගිහින් බලන්නම්.

1536
01:38:30,833 --> 01:38:31,624
ඒත් සර්...

1537
01:38:31,749 --> 01:38:34,124
පටවන එක පරක්කු වුණොත්,
ෆ්ලයිට් එක පරක්කු වෙනවා.

1538
01:38:34,249 --> 01:38:36,583
අපිට ෆ්ලයිට් ප්ලෑන් එක
වෙනස් කරන්න බෑ.

1539
01:38:36,708 --> 01:38:39,415
හරි මල්ලි, හරි! මම
ඔයාගේ ඔක්කොම පාඩු ගෙවන්නම්.

1540
01:38:39,416 --> 01:38:41,124
මට සල්ලි ගැන කතා කරන්න එපා!

1541
01:38:41,249 --> 01:38:42,583
මේක බලපන්!

1542
01:38:42,708 --> 01:38:45,457
තමුසේ ජීවිතේට
මෙච්චර රත්තරන් දැකලා නෑ.

1543
01:38:45,458 --> 01:38:47,332
තමුසේ දන්නේ නෑ
කා එක්කද හැප්පෙන්නේ කියලා.

1544
01:38:47,333 --> 01:38:49,708
ඕක අතාරින්න.
බලන්න ඔයා කරන ට්‍රැෆික් ජෑම් එක.

1545
01:38:49,833 --> 01:38:52,373
මේ කාර් එක මොකටද?
කළු කරපු වීදුරු.

1546
01:38:52,374 --> 01:38:54,374
තමුසේ හොරබඩු ගෙනියනවද?

1547
01:38:54,624 --> 01:38:57,082
- මොනවද ඔය ඇතුළේ තියෙන්නේ?
පෙන්නනවා. -නෑ. නෑ.

1548
01:38:57,083 --> 01:38:58,083
මොකද වෙන්නේ?

1549
01:38:58,208 --> 01:38:58,998
මොකද වුණේ!

1550
01:38:58,999 --> 01:39:01,123
අපේ කොල්ලන්ට කතා කරපන්! මුළු
පැත්තෙම ඉන්න, හැමෝටම!

1551
01:39:01,124 --> 01:39:04,416
- ඒත් ඇයි? නෑ, නෑ, අනේ.
- එයාලට කතා කරපන්.

1552
01:39:06,708 --> 01:39:08,165
මූට මාර ලොකුකමක්නේ තියෙන්නේ!

1553
01:39:08,166 --> 01:39:09,665
මම තමුසෙට හොඳ පාඩමක් උගන්නන්නම්.

1554
01:39:09,666 --> 01:39:12,082
අයින් වෙනවා. මූව පල්ලෙහාට ගනින්.

1555
01:39:12,083 --> 01:39:13,499
- මම මූව බලාගන්නම්.
- ඔයා හරි.

1556
01:39:13,952 --> 01:39:14,494
ඔයා හරි.

1557
01:39:15,124 --> 01:39:16,749
මූට දඬුවම් කරන්න ඕනේ.

1558
01:39:17,208 --> 01:39:19,291
මූ වැරැද්දක් කළේ.

1559
01:39:20,458 --> 01:39:21,083
ඔයා?

1560
01:39:21,416 --> 01:39:22,541
කට වහගෙන ඉන්නවා.

1561
01:39:23,541 --> 01:39:25,415
මූව පොලිසියට අරන් යමන්.

1562
01:39:25,416 --> 01:39:27,166
මූව පොලිසියට භාර දෙමු.

1563
01:39:27,374 --> 01:39:29,123
- කෝ ඔයාගේ වාහනේ?
- මෙතන, මෙතන!

1564
01:39:29,124 --> 01:39:30,416
අනේ දෙවියනේ!

1565
01:39:30,624 --> 01:39:33,374
නෑ නෑ, තමුසේ වගකීමක් නැති මිනිහෙක්.

1566
01:39:33,583 --> 01:39:35,041
තමුසෙට හොඳ පාඩමක් උගන්නන්න ඕනේ.

1567
01:39:35,333 --> 01:39:37,583
ඔයා ස්කූටරේ ඉස්සරහින් යන්න.

1568
01:39:37,999 --> 01:39:39,623
ඒ වගේම මුගේ වාහනේ පස්සෙන් එයි.

1569
01:39:39,624 --> 01:39:40,498
- හරිද?
- ඔව්, ඔව්.

1570
01:39:40,499 --> 01:39:41,499
අපි යමු.

1571
01:39:41,708 --> 01:39:44,166
ඒත් සර්, මූ පැනලා ගියොත්?

1572
01:39:44,374 --> 01:39:45,458
කොහොම පැනලා යන්නද?

1573
01:39:46,541 --> 01:39:48,166
මම ඔයා එක්ක මෙතන වාඩිවෙන්නම්.

1574
01:39:48,333 --> 01:39:48,707
හරි.

1575
01:39:48,708 --> 01:39:51,915
ඒ වගේම මගේ වාහනේ
එන්නේ අන්තිමටම.

1576
01:39:51,916 --> 01:39:55,041
මුගේ වාහනේ මැද.

1577
01:39:55,624 --> 01:39:59,416
මනුස්සකම තාම තියෙන්නේ
ඔයාලා වගේ අය නිසයි.

1578
01:39:59,666 --> 01:40:01,540
නැත්තම්, ගොඩක් වෙලා ඉඳන්
එයාලා මට කියන්නේ...

1579
01:40:01,541 --> 01:40:03,583
ඇති! සන්සුන් වෙන්න!

1580
01:40:04,249 --> 01:40:07,083
මේකත් හංගගන්න.
රත්තරන් වැඩියි වගේ පේන්නේ.

1581
01:40:07,249 --> 01:40:08,749
- ඔව්, සර්. අපි යමු.
- අපි යමු.

1582
01:40:26,208 --> 01:40:28,541
මෙතනින් වමට, වමට හරවන්න!

1583
01:40:29,291 --> 01:40:30,583
- මෙතනින්?
- ඔව්.

1584
01:40:31,083 --> 01:40:33,541
ඒත් මේ පාර යන්නේ එයාපෝට් එකට...

1585
01:40:33,791 --> 01:40:36,998
එතන ඉන්න පොලිස් නිලධාරියා
මාව අඳුරනවා.

1586
01:40:36,999 --> 01:40:38,708
එහෙනම්, හරි.

1587
01:40:52,001 --> 01:40:52,792
අරින්න. අරින්න.

1588
01:40:55,791 --> 01:40:57,749
ඇතුළට එන්න. ඇතුළට එන්න.

1589
01:40:58,708 --> 01:41:01,540
එන්න, ඉක්මන් කරන්න.
ඉක්මන් කරන්න.

1590
01:41:01,541 --> 01:41:03,708
සර්, මේ එයාපෝට් එකනේ!!

1591
01:41:03,916 --> 01:41:05,374
අපි ඇවිත් තියෙන්නේ වැරදි තැනකට.

1592
01:41:05,499 --> 01:41:07,041
මම දන්නවා, මම දන්නවා.

1593
01:41:07,166 --> 01:41:09,123
- ගොඩක් හානි වෙලා තියෙන්නේ.
- නෑ, මට මේක එපා.

1594
01:41:09,124 --> 01:41:10,540
අපි යන්න හිටියේ
පොලිසියටනේ!

1595
01:41:10,541 --> 01:41:12,416
සර්, අහන්න.

1596
01:41:12,583 --> 01:41:14,291
එයාව බලාගන්න.

1597
01:41:14,458 --> 01:41:15,374
හේයි, මෙහෙට එන්න.

1598
01:41:15,583 --> 01:41:17,041
- මොකක්ද?
- එයා කවුද?

1599
01:41:17,333 --> 01:41:19,333
එයා ඔයාට කොළයක් දුන්නා නේද?
ඒක අනිත් පැත්ත හරවලා බලන්නකෝ තේරෙයි.

1600
01:41:25,249 --> 01:41:26,583
ගාන්ධිජී?

1601
01:41:40,749 --> 01:41:42,833
ඔව්, ඔයාලට පටවන්න පුළුවන්.

1602
01:41:59,874 --> 01:42:01,333
- හලෝ, සර්.
- ඔව්?

1603
01:42:05,083 --> 01:42:06,958
ඔයා අද මගේ ප්‍රශ්නවලට උත්තර දෙනවද?

1604
01:42:09,999 --> 01:42:11,416
මං ගාව ෆොටෝස් තියෙනවා. ඒ ඔක්කොම.

1605
01:42:11,874 --> 01:42:13,000
ඔයාට මේවා බොරු කියන්න බෑ.

1606
01:42:13,624 --> 01:42:15,083
ඔයා මේක පිළිගන්න එකයි හොඳ.

1607
01:42:15,708 --> 01:42:18,583
අර පෙට්ටිවල තියෙන්නේ රත්තරන් කියලා
මගේ ආරංචි මාර්ග තහවුරු කළා.

1608
01:42:19,124 --> 01:42:21,291
ඒ වගේම මම හැම අභ්‍යන්තර
ලියවිල්ලක්ම හෙව්වා.

1609
01:42:21,791 --> 01:42:23,416
ඒක අමාරු වුණා, ඒත් මම හොයාගත්තා.

1610
01:42:24,874 --> 01:42:26,458
ඒ රත්තරන් යන්නේ ස්විට්සර්ලන්තයට.

1611
01:42:27,333 --> 01:42:28,875
අද ස්විට්සර්ලන්තයට, ඊටපස්සේ එංගලන්තයට.

1612
01:42:29,958 --> 01:42:32,416
මහ බැංකුවේ රත්තරන්. රටේ රත්තරන්.

1613
01:42:32,959 --> 01:42:34,460
ඔයාලා මෙතන එකතුවෙලා
මේ රට විකුණනවා.

1614
01:42:37,291 --> 01:42:40,458
මගේ හින්දි දුර්වල වෙන්න පුළුවන්,

1615
01:42:41,041 --> 01:42:43,416
ඒත් මටත් පේනවා,

1616
01:42:44,374 --> 01:42:45,583
විකුණන එකයි බේරගන්න එකයි,

1617
01:42:47,099 --> 01:42:49,083
වෙනස් වෙන්නේ එක අකුරකින් කියලා.

1618
01:42:49,791 --> 01:42:51,958
ඔයා රට බේරගන්නවද?

1619
01:42:52,374 --> 01:42:53,166
මම උත්සාහ කරනවා...

1620
01:42:55,916 --> 01:42:56,500
උත්සාහ කරනවා.

1621
01:43:09,952 --> 01:43:11,250
මේ නෝට්ටුව දිහා බලන්න.

1622
01:43:12,355 --> 01:43:14,480
ඒක කියවන්න. ගන්න. කියවන්න.

1623
01:43:16,249 --> 01:43:22,125
රුපියල් දහයක මුදලක් ගෙවීමට
මම පොරොන්දු වෙනවා.

1624
01:43:22,708 --> 01:43:25,291
මේක නිකන්ම සල්ලි කොළයක් නෙවෙයි, මිස් වර්මා.

1625
01:43:25,666 --> 01:43:27,150
මේක පොරොන්දුවක්.

1626
01:43:27,932 --> 01:43:30,691
ඔයා දුන්න එකක් නෙවෙයි, මම දුන්න එකක්.

1627
01:43:32,333 --> 01:43:34,833
මේ රටේ කෝටි 80ක ජනතාවට.

1628
01:43:37,284 --> 01:43:41,159
ඒ වගේම මම උපරිම උත්සාහ කරනවා
ඒ පොරොන්දුව රකින්න.

1629
01:43:41,659 --> 01:43:43,659
මෙතන මොකද වෙන්නේ,

1630
01:43:43,826 --> 01:43:45,659
ඒක ඇයි වෙන්නේ කියලා?

1631
01:43:45,993 --> 01:43:49,125
මේක හෙට පත්තරේ ගියොත්, මිස් වර්මා.

1632
01:43:50,993 --> 01:43:53,042
ආණ්ඩුව ලොකු පීඩනයකට අහුවෙනවා.

1633
01:43:54,368 --> 01:43:57,875
සමහරවිට අපිට ඊළඟ තොගය
යවන්න බැරි වෙයි.

1634
01:43:59,159 --> 01:44:01,583
ඊටපස්සේ මොකද වෙන්නේ දන්නවද, මිස් වර්මා.

1635
01:44:02,784 --> 01:44:04,826
ඒක පත්තරේක හෙඩ්ලයින් එකක් වෙන එකක් නෑ.

1636
01:44:07,826 --> 01:44:09,451
ඒක මේ රටේ අවසානය වෙයි.

1637
01:44:10,534 --> 01:44:14,909
ඔයා හිතන්නේ දේශපාලඥයොයි නිලධාරිනුයිද
මේ රට කරවන්නේ කියලා?

1638
01:44:16,076 --> 01:44:18,076
මිනිස්සු වෙන අපි. අපි තමයි ජාතිය.

1639
01:44:18,243 --> 01:44:21,243
රට දුවන්නේ හැම මනුස්සයෙක්ම
තමන්ගේ රස්සාව හරියට කරන නිසයි.

1640
01:44:22,743 --> 01:44:24,367
ඒ වගේම මම මගේ රස්සාව කරන එක
නවත්වන්න ඔයාට බෑ.

1641
01:44:24,368 --> 01:44:26,034
කොහොමත්ම බෑ, මිස් වර්මා.

1642
01:44:26,326 --> 01:44:29,534
නෑ, මම කවදාවත් ඔයාගේ
වැඩවලට ඇඟිලි ගහන්නේ නෑ.

1643
01:44:30,243 --> 01:44:35,409
ඒත් මම කියන්න ඕනේ, ඔයාගේ වැඩේ නිසා
මගේ වැඩේට ප්‍රශ්නයක් වෙනවා කියලා.

1644
01:44:35,784 --> 01:44:38,159
ඇත්ත නිසා කාටහරි රිදෙනවා නම්,
එහෙම වෙච්චදෙන්.

1645
01:44:38,868 --> 01:44:39,375
හරි.

1646
01:44:41,409 --> 01:44:43,868
මට ඊටවඩා මුකුත් කියන්න නෑ.

1647
01:44:47,326 --> 01:44:47,958
සුබපැතුම්.

1648
01:44:53,368 --> 01:44:55,951
ඇත්ත සහ බොරුවෙන් එහාට

1649
01:44:57,868 --> 01:44:59,659
එක දෙයක් ඉතුරු වෙයි:

1650
01:45:02,951 --> 01:45:03,750
වගකීම.

1651
01:45:05,659 --> 01:45:06,958
වගකීම.

1652
01:45:10,034 --> 01:45:11,701
මොනවා වුණත්,

1653
01:45:12,868 --> 01:45:14,076
මගේ ක්‍රියාවන් නිසා

1654
01:45:15,909 --> 01:45:17,701
මම ඒකට වගකියනවා.

1655
01:45:19,409 --> 01:45:21,500
මම ඒ ප්‍රතිඵලවලට මුහුණ දෙනවා,

1656
01:45:22,576 --> 01:45:24,708
ඔළුව කෙලින් තියාගෙන.

1657
01:45:27,368 --> 01:45:30,659
ඔයාගේ ක්‍රියාවන් නිසා
මොනවා වුණත්, මිස් වර්මා.

1658
01:45:30,868 --> 01:45:37,618
ඒවට මුහුණ දෙන්න දෙවියන් ඔයාට ශක්තිය
දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

1659
01:45:42,951 --> 01:45:43,826
දෙවි පිහිටයි.

1660
01:46:03,701 --> 01:46:05,534
ඒකේ වීරකමක් නෑ.

1661
01:46:07,743 --> 01:46:10,159
ඉන්දියාවේ රත්තරන් දැන්
ඉන්දියාවේ පොළොවේ නෑ.

1662
01:46:11,659 --> 01:46:13,784
සමහරවිට කවුරුත් කවදාවත්
දැනගන්න එකක් නෑ, සර්.

1663
01:46:14,576 --> 01:46:18,034
අපි මේක කරලා
රට බේරගත්තා.

1664
01:46:19,526 --> 01:46:23,901
එක ප්‍රශ්නයක් ඉතුරුයි.

1665
01:46:36,826 --> 01:46:40,118
මහ බැංකුව ඉන්දියාව විකුණයි...

1666
01:46:40,993 --> 01:46:43,326
ඒ වගේම ඉන්දියාවේ රත්තරන්!

1667
01:46:43,659 --> 01:46:45,826
රත්තරන්? මේක ඇත්තද?

1668
01:46:47,118 --> 01:46:48,659
ඇත්ත නැත්තම් මම මේක ලියයිද?

1669
01:46:50,618 --> 01:46:52,534
වාව්, මේක නම් මාරයි!

1670
01:46:53,118 --> 01:46:55,118
මේක නම් පිස්සු හැදෙන නිවුස් එකක්, අදිති.

1671
01:46:55,326 --> 01:46:57,243
හෙට මුළු රටම හෙල්ලෙයි.

1672
01:46:57,409 --> 01:46:58,493
මේකෙන් ලොකු අවුලක් වෙයි!

1673
01:46:58,743 --> 01:47:01,492
මට කියන්න මේක
අපිට විතරක් ආපු එකක් කියලා.

1674
01:47:01,493 --> 01:47:02,826
සීයයට සීයයක්ම, සර්.

1675
01:47:03,076 --> 01:47:04,784
මම දැන්මම පත්තරේ ගහන එක නවත්වනවා.

1676
01:47:05,493 --> 01:47:06,701
සර්, එක තත්පරයක්. ඉන්න.

1677
01:47:07,076 --> 01:47:08,284
මොකක්ද? ඔයාට මොනවා හරි මඟහැරුණද?

1678
01:47:08,451 --> 01:47:08,993
ඔව්.

1679
01:47:09,201 --> 01:47:10,118
ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.

1680
01:47:10,534 --> 01:47:11,201
ඔව්, සර්.

1681
01:47:21,493 --> 01:47:22,784
ඔයා මොන මඟුලක්ද මේ කරන්නේ?

1682
01:47:23,326 --> 01:47:24,368
මොකද මේ වෙන්නේ?

1683
01:47:24,743 --> 01:47:25,993
සර්, නිවුස් එක පත්තරේ යයි.

1684
01:47:26,368 --> 01:47:27,493
ලොකු පිපිරීමක් වෙයි,

1685
01:47:27,784 --> 01:47:29,368
ලොකු අවුලක් වෙයි. ඒත් හෙට නෙවෙයි.

1686
01:47:29,493 --> 01:47:30,368
ඇයි හෙට නෙවෙයි කියන්නේ?

1687
01:47:30,659 --> 01:47:33,618
මොකද කෙනෙක් කෝටි 80ක
මිනිස්සුන්ට පොරොන්දුවක් දීලා තියෙනවා,

1688
01:47:34,409 --> 01:47:36,659
ඒ වගේම එයා ඒක රකින්න උත්සාහ කරනවා.

1689
01:47:37,409 --> 01:47:39,909
මම ඉස්සෙල්ලා එයාට එයාගේ වැඩේ කරන්න දෙනවා.
ඊටපස්සේ මම මගේ වැඩේ කරනවා.

1690
01:47:40,493 --> 01:47:40,958
ඔයා?

1691
01:47:41,743 --> 01:47:43,284
ඔයා හිතන් ඉන්නේ ඔයා කවුරු කියලද?

1692
01:47:43,618 --> 01:47:48,284
මේ නිවුස් එක හෙට යනවා, මගේ පත්තරේ.

1693
01:47:48,701 --> 01:47:51,408
මට මගේ නිවුස් එක දැන්මම ඕනේ.

1694
01:47:51,409 --> 01:47:52,701
ඒක මගේ නියෝගයක්.

1695
01:47:58,868 --> 01:48:01,909
ඔයා ගෑනු කෙනෙක්ට බලපෑම් කළොත්,
මිස්ටර් දාරුවාලා,

1696
01:48:03,368 --> 01:48:04,701
ලොකු පිපිරීමක් වෙයි,

1697
01:48:05,743 --> 01:48:07,118
ලොකු අපකීර්තියක් වෙයි.

1698
01:48:08,159 --> 01:48:09,326
ඒකෙන් ඔයාට ලොකු පාඩුවක් වෙයි.

1699
01:48:11,909 --> 01:48:13,201
මේකට ඔයාට වන්දි ගෙවන්න වෙයි!

1700
01:48:13,909 --> 01:48:15,667
මම ඇත්තමයි කියන්නේ,
මේකට ඔයාට වන්දි ගෙවන්න වෙයි.

1701
01:48:36,409 --> 01:48:37,243
හේයි, අහන්න.

1702
01:48:37,659 --> 01:48:38,909
ඔව්, එනවා.

1703
01:48:42,118 --> 01:48:42,993
සී.ආර්.

1704
01:48:43,284 --> 01:48:43,993
ආ! සී.ආර්

1705
01:48:45,993 --> 01:48:46,618
හලෝ.

1706
01:48:46,868 --> 01:48:49,993
සර්, භාරතීය ටයිම්ස් පත්තරේ
නිවුස් එක පළ කළේ නෑ.

1707
01:48:50,159 --> 01:48:54,118
ඔව්, ඔව්.
අපි මිස් වර්මාට ස්තූති කරන්න ඕනේ.

1708
01:48:54,326 --> 01:48:58,201
ඒත් සර්, වෙනත් මාර්ගවලින්
තාමත් මේ කතාව ලීක් වෙන්න පුළුවන්.

1709
01:48:58,534 --> 01:49:00,083
ඔව්, ඔයා හරි.

1710
01:49:01,576 --> 01:49:03,333
අපිට තියෙන්නේ එකම එක
විකල්පයයි, සී.ආර්.

1711
01:49:06,618 --> 01:49:09,750
වෙන කිසිම ක්‍රමයක් තිබ්බේ නෑ.

1712
01:49:11,951 --> 01:49:13,868
ඔයා මගේ තැන හිටියා නම්,

1713
01:49:14,576 --> 01:49:15,534
ඔයාත් ඒකම කරයි.

1714
01:49:16,034 --> 01:49:17,451
බයවෙන්න එපා.

1715
01:49:18,618 --> 01:49:20,576
මේක ඕනෑම පක්ෂයකට වඩා ලොකුයි.
මේක තමයි ජාතිය.

1716
01:49:21,909 --> 01:49:23,868
අපේ වෙනස්කම් පස්සේ බලාගමු.

1717
01:49:25,534 --> 01:49:27,118
ඉස්සෙල්ලා, අපි ඉන්දියාව බේරගමු.

1718
01:49:47,243 --> 01:49:52,493
අගමැතිතුමනි, දෙවෙනි තොගයත්
දැන් ලන්ඩන් වලට පිටත් වුණා.

1719
01:49:54,201 --> 01:49:55,042
ස්තූතියි, සර්.

1720
01:49:56,451 --> 01:49:59,417
සර්, ඔයා මේක කියෙව්වද?

1721
01:50:03,951 --> 01:50:06,125
මිස් වර්මා ඉස්සෙල්ලා මට මගේ වැඩේ කරන්න දුන්නා.

1722
01:50:06,868 --> 01:50:09,409
ඊටපස්සේ එයා එයාගේ වැඩේ කළා.

1723
01:50:09,743 --> 01:50:11,450
දක්ෂ ළමයෙක්, නේද?

1724
01:50:11,451 --> 01:50:14,951
මිනිස්සු ලොකුවට කලබල කරයි.

1725
01:50:15,524 --> 01:50:16,208
සී.ආර්.

1726
01:50:18,451 --> 01:50:20,292
අපි කුණාටුවක් එක්ක සටන් කළේ.

1727
01:50:21,534 --> 01:50:23,417
මේක නිකන්ම සුළඟක් විතරයි.

1728
01:50:25,201 --> 01:50:27,409
ඒකත් යන්න යාවි.

1729
01:50:28,201 --> 01:50:29,167
අපි ඒක කළා!

1730
01:50:29,701 --> 01:50:30,493
ඔව්, සර්.

1731
01:50:31,159 --> 01:50:38,492
දැන්වත් ඇහැරියව්! නැඟිටපව්!
අපේ රත්තරන් අපේ රටට ගෙනෙව්!

1732
01:50:38,493 --> 01:50:42,034
වළලු වික්කා, මාල උකස් කළා!
හොරු ආණ්ඩුවක් බිහිවෙලා!

1733
01:50:46,868 --> 01:50:50,076
වළලු වික්කා, මාල උකස් කළා!
හොරු ආණ්ඩුවක් බිහිවෙලා!

1734
01:51:13,743 --> 01:51:16,368
<i>මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂයේ
ජයග්‍රහණයෙන් පසු,</i>

1735
01:51:16,576 --> 01:51:19,993
<i>ශ්‍රී පී.වී. රාඕ මහතා රටේ ඊළඟ
අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වී ඇත.</i>

1736
01:51:20,284 --> 01:51:24,034
<i>අභිනව අග්‍රාමාත්‍යවරයා සිය
කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇත.</i>

1737
01:51:24,243 --> 01:51:27,992
<i>ශ්‍රී චවාන් ස්වදේශ කටයුතු ඇමති ලෙසත්,
ශ්‍රී පවාර් ආරක්ෂක ඇමති ලෙසත්,</i>

1738
01:51:27,993 --> 01:51:31,201
<i>සහ ආචාර්ය සිං මුදල් ඇමති ලෙසත් පත් කර ඇත.</i>

1739
01:51:34,159 --> 01:51:36,451
වැඩේ තවම බාගයයි ඉවර, සර්.

1740
01:51:37,451 --> 01:51:40,076
ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

1741
01:51:40,951 --> 01:51:43,618
අපි ඒක ආපහු උඩට ගත්තා.

1742
01:51:44,159 --> 01:51:45,292
ඒක ඉහළටම ගෙනියන්න නම්,

1743
01:51:46,451 --> 01:51:49,292
අපි අපේම ගෙදර දොරවල් අරින්න ඕනේ.

1744
01:51:50,118 --> 01:51:51,750
ඒක තමයි තියෙන එකම ක්‍රමය.

1745
01:51:52,993 --> 01:51:55,158
අපිට ඉස්සරහට තියෙන අමාරුකම්
මම කොහොමත්ම අවතක්සේරු කරන්නේ නෑ,

1746
01:51:55,159 --> 01:51:58,701
අපි මේ පටන් ගත්ත,

1747
01:51:59,159 --> 01:52:00,583
දිගු සහ දුෂ්කර ගමනේදී.

1748
01:52:01,284 --> 01:52:03,292
ඒත් වික්ටර් හියුගෝ දවසක් කිව්වා වගේ,

1749
01:52:03,868 --> 01:52:08,868
‘කාලය පැමිණි අදහසක් නවත්වන්න
ලෝකේ කිසිම බලවේගයකට බෑ’ කියලා.

1750
01:52:09,618 --> 01:52:13,326
ඉන්දියාව ලෝකයේ ප්‍රධාන
ආර්ථික බලවතෙක් විදිහට නැඟී සිටීම,

1751
01:52:13,701 --> 01:52:17,076
අන්න ඒ වගේ අදහසක්.

1752
01:52:18,034 --> 01:52:20,701
මුළු ලෝකෙටම මේක
පැහැදිලිව ඇහෙන්න දෙන්න.

1753
01:52:21,284 --> 01:52:22,951
ඉන්දියාව දැන් හොඳින් අවදිවෙලා ඉන්නේ.

1754
01:52:23,534 --> 01:52:26,451
අපි ජයගන්නවා. අපි කවදාහරි ජයගන්නවා.

1755
01:52:26,743 --> 01:52:30,743
<i>ආචාර්ය සිංගේ කතාවෙන් සාමාන්‍ය මිනිහට
අලුත් වචන තුනක් ලැබුණා.</i>

1756
01:52:30,909 --> 01:52:33,868
<i>ලිබරල්කරණය.
පෞද්ගලීකරණය. ගෝලීයකරණය.</i>

1757
01:52:34,159 --> 01:52:39,826
<i>මේ ආර්ථික ප්‍රතිසංස්කරණවලින්
ලයිසන් රාජ් ක්‍රමය අවසන් වෙලා,</i>

1758
01:52:40,034 --> 01:52:42,826
<i>ප්‍රධාන අංශ විදේශ ආයෝජනවලට
විවෘත වෙයි කියලා විශේෂඥයෝ කියනවා.</i>

1759
01:52:53,784 --> 01:52:56,825
“එකතු වෙන්න, මේ කතාව අහන්න”

1760
01:52:56,826 --> 01:52:59,742
“හොඳ කාලයක් අපිට උදාවෙනවා”

1761
01:52:59,743 --> 01:53:04,159
“ඒ වගේම හැමෝටම ඒකෙන් කොටසක් ලැබෙනවා”

1762
01:53:05,118 --> 01:53:08,159
“එකතු වෙන්න, මේ කතාව අහන්න”

1763
01:53:08,284 --> 01:53:11,033
“හොඳ කාලයක් අපිට උදාවෙනවා”

1764
01:53:11,034 --> 01:53:15,534
“ඒ වගේම හැමෝටම ඒකෙන් කොටසක් ලැබෙනවා”

1765
01:53:16,659 --> 01:53:21,867
“හැමෝටම හීනයක් වගේ දවස් උදාවෙනවා”

1766
01:53:21,868 --> 01:53:27,534
“අපි යුග ගාණක් බලන් හිටපු ඒ දවස්”

1767
01:53:27,993 --> 01:53:33,201
“දවල් රිදී වගේ දිලිසෙයි,
රෑ රත්තරන් වගේ බබළයි”

1768
01:53:33,576 --> 01:53:38,284
“කවදාවත් නොවුණු දේවල් දැන් ඇත්තක් වේවි”

1769
01:53:38,409 --> 01:53:41,992
“බලන්න, හැමෝගෙම ඉරණම අවදිවෙනවා”

1770
01:53:41,993 --> 01:53:44,867
"හැම හීනයක්ම ළඟටම ඇවිත්"

1771
01:53:44,868 --> 01:53:49,284
“බලන්න, කොච්චර පුදුම සතුටක්ද හැමතැනම”

1772
01:54:04,409 --> 01:54:07,283
මිස් අදිති. ගුඩ් මෝනින්.

1773
01:54:07,284 --> 01:54:08,284
ගුඩ් මෝනින්, සර්.

1774
01:54:08,868 --> 01:54:12,076
මට ඔයාට ස්තූති කරන්න බැරි වුණා.

1775
01:54:12,284 --> 01:54:13,576
මට ස්තූති කරන්නේ මොකටද, සර්?

1776
01:54:13,826 --> 01:54:15,159
මම කළේ මගේ රස්සාව විතරයි.

1777
01:54:15,618 --> 01:54:17,118
ඇත්තටම, මම මේ ඔයාව හම්බෙන්නයි ආවේ.

1778
01:54:17,493 --> 01:54:19,868
මම ආටිකල් එකක් ලියනවා. ඔයා ගැන.

1779
01:54:20,451 --> 01:54:21,292
මම ගැන?

1780
01:54:23,034 --> 01:54:24,993
මම ඒ තරම් වැදගත් කෙනෙක් නෙවෙයි.

1781
01:54:25,326 --> 01:54:27,868
සර්, මාව විශ්වාස කරන්න. ඔයා වැදගත්.

1782
01:54:27,993 --> 01:54:31,368
මම කළේ මගේ රස්සාව විතරයි. එච්චරයි.

1783
01:54:31,701 --> 01:54:33,201
කොහොම වුණත්, පස්සේ හම්බෙමු. හරි.

1784
01:54:35,731 --> 01:54:36,336
සර්.

1785
01:54:42,868 --> 01:54:47,993
“හැමෝටම හීනයක් වගේ දවස් උදාවෙනවා”

1786
01:54:48,493 --> 01:54:53,034
“අපි යුග ගාණක් බලන් හිටපු ඒ දවස්”

1787
01:54:53,326 --> 01:54:56,992
“බලන්න, හැමෝගෙම ඉරණම අවදිවෙනවා”

1788
01:54:56,993 --> 01:54:59,867
"හැම හීනයක්ම ළඟටම ඇවිත්"

1789
01:54:59,868 --> 01:55:04,034
“බලන්න, කොච්චර පුදුම සතුටක්ද හැමතැනම”

1790
01:55:04,493 --> 01:55:08,492
“බලන්න, හැමෝගෙම ඉරණම අවදිවෙනවා”

1791
01:55:08,493 --> 01:55:11,283
"හැම හීනයක්ම ළඟටම ඇවිත්"

1792
01:55:11,284 --> 01:55:15,451
“බලන්න, කොච්චර පුදුම සතුටක්ද හැමතැනම”

1793
01:55:15,743 --> 01:55:19,575
“බලන්න, හැමෝගෙම ඉරණම අවදිවෙනවා”

1794
01:55:19,576 --> 01:55:22,450
"හැම හීනයක්ම ළඟටම ඇවිත්"

1795
01:55:22,451 --> 01:55:26,743
“බලන්න, කොච්චර පුදුම සතුටක්ද හැමතැනම”

1796
01:55:26,767 --> 01:55:55,767
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

