1
00:00:05,176 --> 00:00:10,176
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:00:12,200 --> 00:00:15,720
තුනයි, දෙකයි, එකයි. යමු!

3
00:00:31,160 --> 00:00:32,360
මම දින්නා.

4
00:00:32,440 --> 00:00:34,400
අනේ, ආයෙත් කරමුකෝ.

5
00:00:35,600 --> 00:00:36,440
හරි.

6
00:00:37,160 --> 00:00:39,480
මේ පාර නම් මම අනිවාර්යයෙන්ම දිනනවා.

7
00:00:45,480 --> 00:00:49,680
අවුරුදු 20 කට පසු

8
00:01:12,160 --> 00:01:18,280
දුවේ මට කෝල් කරන්න.
මට ඔයා එක්ක කතා කරන්න ඕනේ

9
00:01:33,400 --> 00:01:34,720
මට ඔයා එක්ක කතා කරන්න ඕනේ

10
00:01:34,800 --> 00:01:37,400
ලූසියා, ඔයා පන්තිය වෙලාවෙත්
ෆෝන් එකේද ඉන්නේ?

11
00:01:43,280 --> 00:01:46,800
රූත් දුවේ, මට කෝල් කරන්න. හරිද?

12
00:01:54,800 --> 00:01:57,080
<i>ඇලෙහන්ද්‍රෝ හුවෙල්වා ගැන අලුත්ම තොරතුරු.</i>

13
00:01:57,160 --> 00:02:01,080
<i>ඔක්තෝබර් 23 වෙනිදා අතුරුදහන් වුණු
අවුරුදු නවයක පිරිමි ළමයා.</i>

14
00:02:01,160 --> 00:02:03,960
<i>මියරෙස් වල අසල්වැසියන්ගෙන්
සමන්විත ස්වේච්ඡා කණ්ඩායම්,</i>

15
00:02:04,040 --> 00:02:06,400
<i>සිවිල් ආරක්ෂක බලකාය එක්ක එකතු වෙලා</i>

16
00:02:06,480 --> 00:02:10,040
<i>මෙහෙයුම් දියත් කළත්
තාම කිසිම සාර්ථකත්වයක් නෑ.</i>

17
00:02:10,120 --> 00:02:12,960
<i>බලධාරීන් විශේෂ
දුරකථන අංකයක් හඳුන්වා දීලා තියෙනවා,</i>

18
00:02:13,040 --> 00:02:14,720
<i>ඕනෑම කෙනෙකුට කතා කරලා...</i>

19
00:02:15,320 --> 00:02:17,920
- ඇලෙහන්ද්‍රෝ!
- ඇලෙහන්ද්‍රෝ!

20
00:02:18,000 --> 00:02:20,480
- ඇලෙහන්ද්‍රෝ!
- ඇලෙහන්ද්‍රෝ!

21
00:02:20,560 --> 00:02:23,600
<i>...මේ ගැන නිර්නාමිකව තොරතුරු දෙන්න පුළුවන්.</i>

22
00:02:23,680 --> 00:02:29,080
<i>අංකය තමයි 984 555 6704.</i>

23
00:02:29,160 --> 00:02:31,160
<i>දැන්, අනෙක් ප්‍රවෘත්ති.</i>

24
00:02:31,240 --> 00:02:33,240
<i>පසුගිය කාර්තුවේ රැකියා නියුක්ති අනුපාතය...</i>

25
00:03:13,160 --> 00:03:18,000
සත්‍ය සොයන්නෝ

26
00:04:01,240 --> 00:04:03,200
හේයි, ඔක්කොම හොඳින්ද?

27
00:04:23,200 --> 00:04:24,440
අම්මා:
රූත්, අනේ

28
00:04:24,520 --> 00:04:25,960
මට කෝල් කරන්න. මේක හරි වැදගත්

29
00:04:57,120 --> 00:04:59,000
ලොකු බ්ලැක් කොෆී එකක්
කිරි එක්ක දෙන්න.

30
00:05:11,480 --> 00:05:13,640
- මොකක්ද?
- <i>රූත්...</i>

31
00:05:14,160 --> 00:05:15,280
<i>අම්මා.</i>

32
00:05:15,360 --> 00:05:17,600
- මොකක්?
- <i>අම්මා වැටුණා.</i>

33
00:05:17,680 --> 00:05:19,280
මොකක්? එයාට මොකද වුණේ?

34
00:05:20,680 --> 00:05:22,080
එයා කොහෙදිද වැටුණේ?

35
00:05:23,320 --> 00:05:24,960
<i>අම්මා නැති වුණා, රූත්.</i>

36
00:05:58,480 --> 00:06:03,720
<i>මැඩ්‍රිඩ් බලා යන 817 ගුවන් යානයේ
මගීන් සඳහා අවසන් කැඳවීමයි.</i>

37
00:06:03,800 --> 00:06:06,040
<i>කරුණාකර පිටත්වීමේ දොරටුව වෙත යන්න.</i>

38
00:06:07,760 --> 00:06:09,240
හදිසියි
අතුරුදහන් වී ඇත

39
00:06:15,840 --> 00:06:18,240
<i>එයා හැමදාම හවසට වගේ
බයිසිකලේ අරන් එළියට ගියා,</i>

40
00:06:18,320 --> 00:06:20,640
<i>ඒත් පැය ගාණක් ගියත්
එයා ආපහු ආවේ නෑ.</i>

41
00:06:20,720 --> 00:06:22,800
<i>අනික... එයා තාමත් ආවේ නෑ.</i>

42
00:06:22,880 --> 00:06:26,160
<i>අපි දන්නවා එයා කොහේ හරි ඇති කියලා.
කවුරුහරි එයාව දැක්කොත්, අනේ...</i>

43
00:06:26,240 --> 00:06:28,240
ඒ ළමයා තාම හම්බවුණේ නැත්නම්...

44
00:06:29,800 --> 00:06:32,200
මහ ඛේදවාචකයක්.
මුළු නගරයම කම්පනයට පත්වෙලා.

45
00:06:34,240 --> 00:06:37,720
හැමදාම එයාව හොයන්න යනවා, ඒත්
ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි.

46
00:07:07,320 --> 00:07:08,760
- ස්තූතියි.
- සුළු දෙයක්.

47
00:07:19,120 --> 00:07:20,160
මොකද වුණේ?

48
00:07:25,280 --> 00:07:26,520
අපි හිත හදාගන්න ඕනේ.

49
00:07:29,400 --> 00:07:30,600
විශේෂයෙන්ම මම.

50
00:07:33,960 --> 00:07:35,920
සිවිල් ආරක්ෂක බලකාය
මෙහේ මොකද කරන්නේ?

51
00:07:43,680 --> 00:07:45,680
හරි. ස්තූතියි කාර්ලොස්.

52
00:07:48,240 --> 00:07:50,000
මට සමාවෙන්න, ඒත්...

53
00:07:50,080 --> 00:07:53,960
මේක අවාසනාවන්ත අනතුරක් වුණත්,
වුණු දේ අපිට වාර්තා කරන්න වෙනවා.

54
00:07:55,760 --> 00:07:57,000
ඉතින් මොකද වුණේ?

55
00:07:59,120 --> 00:08:00,960
එයා නානකාමරේ ලිස්සලා වැටිලා.

56
00:08:01,480 --> 00:08:04,480
බලන් ගියාම, එයා බීලයි ඉඳලා තියෙන්නේ.

57
00:08:08,200 --> 00:08:09,280
වෙන්න බෑ.

58
00:08:10,320 --> 00:08:11,640
- මොකක් කිව්වා?
- නෑ.

59
00:08:11,720 --> 00:08:14,480
එයා එහෙම... මගේ අම්මා බොන්නේ නෑ.

60
00:08:14,560 --> 00:08:16,360
එයා මෑතක ඉඳන් බිව්වා.

61
00:08:19,200 --> 00:08:20,600
එයා බිව්වා.

62
00:08:20,680 --> 00:08:24,600
රූත්, පේන විදිහට ඔයාගේ අම්මා,
මධ්‍යම රාත්‍රියේ විතර,

63
00:08:24,680 --> 00:08:27,320
නාන්න කියලා
උඩ තට්ටුවේ නානකාමරේට ගිහින් තියෙනවා.

64
00:08:27,840 --> 00:08:28,960
අපි උඩට යමුද?

65
00:08:29,040 --> 00:08:30,040
හරි.

66
00:08:34,800 --> 00:08:36,760
ඔයාගේ තාත්තා හිටියේ උඩ, අටුවේ.

67
00:08:36,840 --> 00:08:39,960
අම්මා එළියට එන්න පරක්කු වෙනකොට
එයාට ඒක ගැන සැක හිතිලා.

68
00:08:40,040 --> 00:08:43,960
මම කතා කළා, ඒත් එයා උත්තර දුන්නේ නෑ.
වතුර වැටෙන සද්දේ ඇහුණු නිසා...

69
00:08:44,040 --> 00:08:45,960
මට දොර කඩාගෙන යන්න වුණා.

70
00:08:49,960 --> 00:08:52,760
එයා... කිසිම සෙලවීමක් තිබුණේ නෑ.

71
00:08:52,840 --> 00:08:54,480
එයා හුස්ම ගත්තේ නෑ.

72
00:08:54,560 --> 00:08:57,680
අපි හිතන්නේ එයා ලිස්සලා යද්දී,

73
00:08:57,760 --> 00:09:00,120
වීදුරු ආවරණයේ වැදිලා ඒක කැඩිලා ගිහින්.

74
00:09:00,720 --> 00:09:02,680
එයාගේ ඔළුව බිම වැදිලා...

75
00:09:02,760 --> 00:09:05,520
එයා එතනම නැතිවෙලා තියෙනවා.

76
00:09:09,280 --> 00:09:12,000
සමාවෙන්න, දැනට මුකුත් අල්ලන්න බෑ.

77
00:09:12,600 --> 00:09:13,920
සමාවෙන්න, ඒත්...

78
00:09:14,000 --> 00:09:16,440
මගේ අම්මා කවදාවත් දොරවල් ලොක් කළේ නෑ.

79
00:09:16,520 --> 00:09:19,520
එයා ඒකට කැමති වුණේ නෑ.
එයා මටවත් ලොක් කරන්න දුන්නේ නෑ.

80
00:09:19,600 --> 00:09:22,000
මම එහෙම කළාම එයා මට කෑගහනවා.

81
00:09:22,080 --> 00:09:22,920
දුවේ.

82
00:09:24,440 --> 00:09:27,440
මේ අපි කතා කරන්නේ වෙන කවුරුහරි
ගැන වගේ නේද?

83
00:09:28,400 --> 00:09:29,760
රූත්.

84
00:09:30,440 --> 00:09:31,640
මට එයාව අඳුරගන්න බෑ.

85
00:09:32,440 --> 00:09:35,040
ඔයා අවුරුදු දෙකකින් විතර මෙහේ ආවේ නෑනේ.

86
00:09:36,200 --> 00:09:37,960
ඔයා කොහොමද එයාව අඳුරගන්නේ?

87
00:09:46,760 --> 00:09:49,200
- ඉවසන්න.
- ඉවසන්න. අපිට වෙන කරන්න දෙයක් නෑ.

88
00:09:50,200 --> 00:09:51,960
මම මේ ඔයාගේ තාත්තටත් කිව්වේ

89
00:09:52,040 --> 00:09:55,120
අපිට තව ලියකියවිලි වගයක්,
සාමාන්‍ය වැඩ ටිකක් කරන්න තියෙනවා.

90
00:09:55,200 --> 00:09:57,080
ඔයා දන්නවනේ ඉතින්.

91
00:09:57,160 --> 00:09:59,520
ඒත් අපිට විෂවේද වාර්තාව
ලැබුණු ගමන්ම

92
00:09:59,600 --> 00:10:01,720
අනික හැමදේම හරි කියලා තහවුරු වුණාම,

93
00:10:01,800 --> 00:10:06,080
අවමංගල්‍ය කටයුතු වලට
දේහය භාර දෙන්න පුළුවන් වෙයි.

94
00:10:06,160 --> 00:10:07,840
ඒක පුළුවන් තරම් ඉක්මනින් වෙයි
කියලා හිතනවා.

95
00:10:07,920 --> 00:10:10,640
ඒ අතරතුර ඔයාලට මොනවා හරි
ඕනේ වුණොත් මම ඉන්නවා, හරිද?

96
00:10:13,840 --> 00:10:15,160
අපි යමු.

97
00:10:15,240 --> 00:10:17,800
මාටින්, මාව හොයාගන්න ඕනේ තැන
ඔයා දන්නවනේ.

98
00:10:17,880 --> 00:10:19,160
- ආයෙත් ස්තූතියි.
- ඒකට කමක් නෑ.

99
00:10:19,240 --> 00:10:21,240
- සුබ දවාලක්.
- සුබ දවාලක්.

100
00:10:44,680 --> 00:10:47,560
හරි, මොනවා හරි ඕනේ වුණොත්,
මම ඉන්න තැන දන්නවනේ.

101
00:10:50,600 --> 00:10:51,600
තාත්තේ.

102
00:10:56,000 --> 00:10:57,520
ඊයේ මොනවා හරි වුණාද?

103
00:11:00,400 --> 00:11:01,720
ඇයි එහෙම අහන්නේ?

104
00:11:02,800 --> 00:11:04,200
මොකද අම්මා මට කෝල් කළා.

105
00:11:05,600 --> 00:11:06,720
කිහිප සැරයක්ම.

106
00:11:06,800 --> 00:11:10,160
මගේ මූඩ් එක හරි නැති නිසා
මම ආන්සර් කළේ නෑ.

107
00:11:10,240 --> 00:11:13,000
අනික එයා මට මැසේජ් කරලත් තිබුණා.

108
00:11:13,600 --> 00:11:14,600
එයා මොනවද කිව්වේ?

109
00:11:17,680 --> 00:11:18,880
එයාට කතා කරන්න ඕනේ කියලා.

110
00:11:21,160 --> 00:11:22,640
අපි පොඩ්ඩක් රණ්ඩු වුණා.

111
00:11:23,920 --> 00:11:24,920
ඒ ඇයි?

112
00:11:27,600 --> 00:11:29,720
එයා බොනවට මම කැමති වුණේ නැති නිසා.

113
00:11:31,040 --> 00:11:33,680
මට හිතෙන්නේ ඒකයි එයා නානකාමරේට වෙලා
දොර වහගත්තේ.

114
00:11:33,760 --> 00:11:36,920
එතකොට මගෙන් බැනුම් අහන්නේ නැතුව
එයාට දිගටම බොන්න පුළුවන්නේ.

115
00:11:37,920 --> 00:11:39,520
ඒත් එයාගේ වීදුරුව තිබුණේ පල්ලෙහා.

116
00:11:39,600 --> 00:11:40,680
මොකක්?

117
00:11:41,200 --> 00:11:44,480
එයාගේ වීදුරුව. එයා ඒක අරන් ගියේ නෑ.
එයා ඒක පල්ලෙහා දාලා ගියේ.

118
00:11:45,640 --> 00:11:47,840
එයාට ඒක අමතක වෙන්න ඇති. එයා බීලනේ හිටියේ.

119
00:11:48,960 --> 00:11:49,960
ඉතින් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

120
00:11:51,560 --> 00:11:53,200
වැඩක් තියෙනවා. වැඩක් තියෙනවා තාත්තේ.

121
00:11:53,720 --> 00:11:57,520
එයා මට කෝල් කළා, මම ආන්සර් කළේ නෑ.
මට අද එයාට කෝල් කරන්න ඕනෙකම තිබුණා.

122
00:11:57,600 --> 00:12:00,200
මම අද එයාට කෝල් කරන්නයි හිටියේ, ඒත් දැන්...

123
00:12:51,800 --> 00:12:55,280
<i>රූත්, ඔයා ෆෝන් එකෙන් කතා කරන්න
කැමති නෑ කියලා මම දන්නවා.</i>

124
00:12:56,080 --> 00:12:59,760
<i>ඒත් මම කෝල් කරන්නේ හරි මැසේජ් කරන්නේ හරි,
ඒක වැදගත් දෙයක් නිසයි.</i>

125
00:12:59,840 --> 00:13:04,280
<i>බයවෙන්න එපා, මම ඔයාට ළඟදිම ගෙදර එන්න
කියලා කරදර කරන්නේ නෑ.</i>

126
00:13:04,360 --> 00:13:08,800
<i>ෆ්ලයිට් ටිකට් ගණන් කියලා මම දන්නවා.</i>

127
00:13:10,600 --> 00:13:12,360
<i>මේක ඔයාගේ තාත්තා ගැනයි, රූත්.</i>

128
00:13:12,440 --> 00:13:14,720
<i>ඔයාගේ තාත්තා දැන් ඉස්සර හිටපු
කෙනා නෙවෙයි.</i>

129
00:13:15,760 --> 00:13:18,160
<i>ඔයාගේ තාත්තා... එයා දැන් වෙනස්ම කෙනෙක්.</i>

130
00:13:18,240 --> 00:13:19,600
<i>දැන් ටික කාලෙක ඉඳන්.</i>

131
00:13:19,680 --> 00:13:22,640
<i>ඔයා බයවෙයි කියලා
මම ඔයාට කියන්න ගියේ නෑ.</i>

132
00:13:22,720 --> 00:13:24,040
<i>ඒත්...</i>

133
00:13:25,960 --> 00:13:27,040
<i>සමාවෙන්න.</i>

134
00:13:27,560 --> 00:13:30,760
<i>එයා එන සද්දෙ ඇහුණා වගේ දැනුණා.</i>

135
00:13:31,920 --> 00:13:32,920
<i>රූත්.</i>

136
00:13:34,160 --> 00:13:35,320
<i>ඔයාගේ තාත්තා...</i>

137
00:13:35,840 --> 00:13:37,560
<i>ඔයාගේ තාත්තා මාව බය කරනවා.</i>

138
00:13:38,080 --> 00:13:41,880
<i>එයා දවසම අටුවට වෙලා දොර වහගෙන ඉන්නේ.</i>

139
00:13:42,720 --> 00:13:45,040
<i>මට දැන් ඒක පැහැදිලි කරන්න බෑ, ඒත්...</i>

140
00:13:46,040 --> 00:13:48,880
<i>කවදාහරි දවසක එයා මොනවා හරි
පිස්සුවක් කරයි කියලා මට බයයි.</i>

141
00:13:49,760 --> 00:13:51,680
<i>අනේ මට කෝල් කරන්න.</i>

142
00:13:51,760 --> 00:13:52,800
<i>මම ඔයාට ආදරෙයි.</i>

143
00:14:32,160 --> 00:14:35,640
{\an8}සිවිල් ආරක්ෂක බලකාය
ඇතුළුවීම තහනම්

144
00:14:55,520 --> 00:14:56,520
තාත්තේ?

145
00:15:20,480 --> 00:15:21,880
හොඳට නින්ද ගියාද?

146
00:15:23,320 --> 00:15:25,360
පොඩ්ඩක් දියාරුයි.
ඔයා කැමති එහෙමනේ, නේද?

147
00:15:28,360 --> 00:15:30,040
- මෙන්න.
- ස්තූතියි.

148
00:15:32,360 --> 00:15:34,480
වෙන මොනවා හරි ඕනෙද? ජූස් එකක් දෙන්නද?

149
00:15:34,560 --> 00:15:36,680
නෑ, මට එච්චර බඩගිනි නෑ.

150
00:15:37,520 --> 00:15:39,560
මට අද මොනවා හරි උදව්වක් කරන්න පුළුවන්ද?

151
00:15:40,200 --> 00:15:41,600
නෑ, ඕනේ නෑ.

152
00:15:41,680 --> 00:15:45,160
සිවිල් ආරක්ෂක බලකායෙන් අවසර දෙනකන්
අපිට ලොකුවට මුකුත් කරන්න බෑ.

153
00:15:45,240 --> 00:15:46,840
ඔයාට ඕනෙනම් මට බඩු ටික ගේන්න පුළුවන්.

154
00:15:47,640 --> 00:15:49,440
එහෙම නැත්නම් ග්‍රීන් හවුස් එකේ
වැඩ වලට උදව් වෙන්නම්.

155
00:15:49,520 --> 00:15:53,040
මම මෑතක ඉඳන්
ග්‍රීන් හවුස් එක ගැන බැලුවේ නෑ.

156
00:15:55,760 --> 00:15:57,040
ඒ ඇයි?

157
00:15:57,120 --> 00:15:58,640
මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ.

158
00:16:00,400 --> 00:16:02,200
ඔයා විශ්‍රාම අරන්නේ ඉන්නේ, තාත්තේ.

159
00:16:03,320 --> 00:16:06,560
මිනිස්සු විශ්‍රාම ගත්තාම
මිනිස්සු නොවී ඉන්නවද මොකද?

160
00:16:07,320 --> 00:16:08,320
කන්න.

161
00:16:13,040 --> 00:16:15,320
ඊයේ රෑ මට ඔයාගේ අම්මාගේ කටහඬ ඇහුණා.

162
00:16:16,680 --> 00:16:18,000
හීනෙන්ද නැත්නම්...?

163
00:16:18,080 --> 00:16:19,440
නෑ.

164
00:16:19,520 --> 00:16:21,680
ඔයාගේ ෆෝන් එකෙන් වෙන්න ඇති.

165
00:16:23,080 --> 00:16:24,520
එයා ඔයාට මැසේජ් එකක් දාලද?

166
00:16:26,360 --> 00:16:29,480
නෑ. ඒ පරණ වොයිස් මැසේජ් වගයක්.

167
00:16:30,200 --> 00:16:31,400
ඔයාට විශ්වාසද?

168
00:16:32,520 --> 00:16:33,440
ඇයි?

169
00:16:34,200 --> 00:16:37,120
මම ඔයාගේ තාත්තා, දුවේ.
ඔයා මට බොරු කියනකොට මට තේරෙනවා.

170
00:16:37,760 --> 00:16:39,800
මම යම් දෙයක් ගැන කතා කරන්න අකමැති වුණාම

171
00:16:39,880 --> 00:16:41,960
දෙන ඉඟිත් ඔයාට තේරෙනවා නම්
කොච්චර හොඳද.

172
00:16:42,040 --> 00:16:44,000
ඇයි ඔයා මට කියන්නේ නැත්තේ
එයා ඔයාට මොනවද කිව්වේ කියලා?

173
00:16:44,080 --> 00:16:45,560
මොකද ඒක අපි දෙන්නා අතරේ තිබුණු දෙයක් තාත්තේ.

174
00:16:45,640 --> 00:16:47,440
ඔව්, ඒකනේ. පුරුදු විදිහටම.

175
00:16:47,920 --> 00:16:51,160
ඔයාලගේ ලෝකෙට මම එනවට
කැමතිම නෑනේ.

176
00:16:51,760 --> 00:16:54,480
ඔයාලා හැමතිස්සෙම නයි මුගටි වගේ හිටියේ,
ඒත් මම මැද්දට පැන්නොත්,

177
00:16:54,560 --> 00:16:56,960
ඔයාලා දෙන්නා එකතු වෙනවා,
මට කිසිම දෙයක් කරන්න බෑ.

178
00:16:57,040 --> 00:16:59,080
ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.

179
00:16:59,160 --> 00:17:01,200
හරි, ඒක දැන් ඉවරයි දුවේ.

180
00:17:02,560 --> 00:17:05,400
අපිට තවත් රහස් තියාගන්න බෑ.

181
00:17:06,400 --> 00:17:08,960
ඔයාගේ අම්මා දැන් නෑ. ඔයාට තේරෙනවද?

182
00:17:10,960 --> 00:17:11,960
ඔව්, තාත්තේ.

183
00:17:40,960 --> 00:17:42,520
බොහොම ස්තූතියි.

184
00:17:42,600 --> 00:17:43,800
රූත්.

185
00:17:46,960 --> 00:17:49,520
සිවිල් ආරක්ෂක බලකායේ සාජන්ට් කතා කළා.

186
00:17:50,040 --> 00:17:53,360
මරණ පරීක්ෂකගේ වැඩ ඉවරයිලු.
අපිට අම්මාව භාර දෙනවා කිව්වා.

187
00:17:54,320 --> 00:17:56,360
ඒගොල්ලන්ට අමුතු දෙයක් හම්බවෙලාද?

188
00:17:57,760 --> 00:17:59,800
ඒගොල්ලෝ මොනවා හොයාගන්නද?

189
00:17:59,880 --> 00:18:02,200
එයා බීලා වැටුණා. එච්චරයි.

190
00:18:13,320 --> 00:18:14,320
මම උදව්වක් කරන්නද?

191
00:18:14,400 --> 00:18:16,440
ඕනේ නෑ, දුවේ.

192
00:18:18,800 --> 00:18:20,200
තාත්තේ! මම උදව් කරන්නම්.

193
00:18:20,280 --> 00:18:22,320
මට ඔයාගේ උදව් ඕනේ නෑ.

194
00:18:22,400 --> 00:18:23,360
ඕක මට දෙන්න.

195
00:18:24,480 --> 00:18:27,080
ඔයා කැමති වෙලාවක අපි රේස් එකක් යමු.
බලමු කවුද දිනන්නේ කියලා.

196
00:18:27,160 --> 00:18:29,200
වට ගහන එක වඩා හොඳයි නේද?

197
00:18:29,280 --> 00:18:30,840
ඒක සාධාරණ නෑනේ.

198
00:18:31,520 --> 00:18:34,920
දියකිඳුරියක් එක්ක වතුරේ තරග කරන්න
කාටවත් බෑ.

199
00:18:39,920 --> 00:18:42,560
මේ දියකිඳුරියට දැන් ටිකක් පුරුදු නෑ.

200
00:18:46,520 --> 00:18:47,760
ඔයා මොකද කරන්නේ?

201
00:18:48,280 --> 00:18:50,360
මේ කුණු ටික විසි කරනවා.

202
00:18:52,280 --> 00:18:53,800
ඒවා අම්මාගේ ක්‍රීම්.

203
00:18:53,880 --> 00:18:55,160
කුණු.

204
00:18:56,000 --> 00:18:59,200
අනික අර කාලකණ්ණි
මේවට සෑහෙන්න ගාණක් කඩාගන්නවා.

205
00:19:00,760 --> 00:19:03,200
ඔයා මෑතක ඉඳන් ගොඩක් කුණුහරුප
කියනවා නේද?

206
00:19:03,280 --> 00:19:09,080
අර බල්ලෝ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා
උන්ගේ සල්ලිත් ගන්නවා.

207
00:19:11,160 --> 00:19:12,520
අපි මේ කවුරු ගැනද කතා කරන්නේ?

208
00:19:14,520 --> 00:19:16,640
ලොකු ඖෂධ සමාගම්.

209
00:19:17,640 --> 00:19:20,200
උන් ඇමරිකාවේ මොකද කළේ කියලා
ඔයා දන්නවද?

210
00:19:20,280 --> 00:19:22,880
උන් රටෙන් බාගයක්ම
වේදනානාශක වලට ඇබ්බැහි කරලා.

211
00:19:22,960 --> 00:19:25,000
ෆෙන්ටනයිල් ගැන කියන්න දෙයකුත් නෑ.

212
00:19:25,080 --> 00:19:28,720
උන් මිනිස්සුන්ට මත්ද්‍රව්‍ය දීලා, විනාශ කරලා,
සොම්බියෝ ගාණට දාලා තියෙන්නේ.

213
00:19:31,080 --> 00:19:33,560
ඉතින් ඒකයි අම්මාගේ ක්‍රීම් වලිනුයි
තියෙන සම්බන්ධෙ මොකක්ද?

214
00:19:33,640 --> 00:19:35,120
ඒවා හදන්නේ කොහොමද කියලා ඔයා දන්නවද?

215
00:19:35,200 --> 00:19:37,240
ඒවා සත්තුන්ට දීලා පරීක්ෂා කරනවා.

216
00:19:37,960 --> 00:19:38,960
මම දන්නවා.

217
00:19:39,480 --> 00:19:40,680
අනික මිනිස්සුන්ටත්.

218
00:19:42,440 --> 00:19:43,440
මිනිස්සුන්ට?

219
00:19:43,520 --> 00:19:45,000
ළමයින්ට.

220
00:19:45,920 --> 00:19:47,560
ඇලෙහන්ද්‍රෝ වගේ ළමයින්ට.

221
00:19:47,640 --> 00:19:48,640
ඔයාට ආරංචි වුණේ නැද්ද?

222
00:19:50,000 --> 00:19:51,880
ආරංචි නොවී තියෙන්න විදිහක් නෑනේ.

223
00:19:53,360 --> 00:19:55,960
එයා මේ ලෝකෙම නැති ගාණට අතුරුදහන් වෙලා.

224
00:19:56,040 --> 00:19:58,880
අනික ඔයා දන්නවද මෑතකදි මෙහෙට
කවුද ආවේ කියලා?

225
00:19:59,840 --> 00:20:02,640
ලොකු ඇමරිකානු ඖෂධ සමාගමක
මූලස්ථානයක්.

226
00:20:02,720 --> 00:20:03,640
මාර අහම්බයක්නේ.

227
00:20:04,640 --> 00:20:06,920
අහම්බයන් කියලා දේවල් නෑ දුවේ.

228
00:20:08,040 --> 00:20:09,920
මට ඔයාට ලින්ක්ස් එවන්න පුළුවන්.

229
00:20:10,000 --> 00:20:14,400
මේවා ලෝකෙට කියන්න සටන් කරන මිනිස්සුන්ගේ
වීඩියෝ, ලිපි දහස් ගාණක් තියෙනවා.

230
00:20:14,480 --> 00:20:15,720
තාත්තේ.

231
00:20:16,400 --> 00:20:17,400
හරි.

232
00:20:18,280 --> 00:20:20,000
මම ඇයි පුදුම වෙන්නේ කියලා මටම තේරෙන්නේ නෑ.

233
00:20:20,880 --> 00:20:22,720
ඔයා හරියටම ඔයාගේ අම්මා වගේමයි.

234
00:20:30,400 --> 00:20:31,800
හලෝ සාජන්ට්. කොහොමද?

235
00:20:31,880 --> 00:20:34,520
මම රූත්, මාටින්ගේ දුව.

236
00:20:34,600 --> 00:20:38,080
මගේ තාත්තා කිව්වා ඔයා ගාව
මරණ පරීක්ෂකගේ වාර්තාව තියෙනවා කියලා,

237
00:20:38,160 --> 00:20:40,080
අනික ඒකෙ තියෙන්නේ මේක අනතුරක් කියලා.

238
00:20:40,160 --> 00:20:42,360
- <i>ඔව් හරි.</i>
- හරි.

239
00:20:42,440 --> 00:20:46,400
ඉතින්, මම... මම සීමාව පනිනවා නම්
මට කියන්න,

240
00:20:46,480 --> 00:20:51,640
ඒත් මම දැනගන්න කැමතියි පුළුවන්ද කියලා...

241
00:20:51,720 --> 00:20:54,320
මට ඒ වාර්තාව බලන්න.

242
00:20:54,400 --> 00:20:55,640
නැත්නම්...

243
00:20:56,160 --> 00:20:59,440
නැත්නම් ෆොටෝස් හරි මොනවා හරි, මොකද...

244
00:20:59,520 --> 00:21:03,720
ඒ කියන්නේ මට දැනගන්න ඕනේ හරියටම...

245
00:21:04,240 --> 00:21:05,640
මොකද වුණේ කියලා.

246
00:21:05,720 --> 00:21:06,720
අනික...

247
00:21:08,200 --> 00:21:09,200
හලෝ?

248
00:21:09,960 --> 00:21:12,880
<i>ඔයාට වාර්තාවේ කොපියක් බලන්න ඕනෙද?</i>

249
00:21:13,480 --> 00:21:17,440
ඔව්, පුළුවන් නම්. මම කැමතියි.

250
00:21:18,840 --> 00:21:20,320
<i>ප්‍රශ්නයක් නෑ.</i>

251
00:21:20,400 --> 00:21:21,400
හරි.

252
00:21:54,240 --> 00:21:57,200
ඇහැරෙන්න

253
00:21:57,280 --> 00:21:59,120
<i>හරියටම මොකක්ද ඒ ද්‍රව්‍යය?</i>

254
00:21:59,200 --> 00:22:03,360
<i>ඇඩ්‍රිනොක්‍රෝම් කියන්නේ ළමයින්ගේ රුධිරයට
ඇඩ්‍රිනලින් එකතු කිරීමෙන් ලබාගන්නා දෙයක්.</i>

255
00:22:03,440 --> 00:22:05,640
<i>ළමයින්ව පැහැරගන්නවා.</i>

256
00:22:05,720 --> 00:22:09,240
<i>ඊටපස්සේ එයාලව බය කරලා, වධ දීලා,</i>

257
00:22:09,320 --> 00:22:12,240
<i>රුධිරය ඇඩ්‍රිනලින් වලින් පුරවන්න
නොයෙක් කෲර දේවල් වලට ලක් කරනවා.</i>

258
00:22:12,320 --> 00:22:15,320
<i>ඒක ප්‍රභූන්ව තරුණ කරන
මත්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා.</i>

259
00:22:15,400 --> 00:22:17,280
<i>ඇත්තටම කිව්වොත්, සල්ලි තියෙන අයට විතරයි.</i>

260
00:22:17,360 --> 00:22:20,440
<i>අනික කියන විදිහට,
ඒක තවත් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යයක් එක්ක කලවම් කරනවා.</i>

261
00:22:20,520 --> 00:22:22,440
<i>ඔව්. ෆෙන්ටනයිල්.</i>

262
00:22:22,520 --> 00:22:25,120
<i>ෆෙන්ටනයිල් එන්නේ
යුක්රේනයෙන්.</i>

263
00:22:25,200 --> 00:22:26,480
<i>මාර අහම්බයක්නේ.</i>

264
00:22:26,560 --> 00:22:27,880
<i>ඒ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි.</i>

265
00:22:27,960 --> 00:22:30,960
<i>ඇයි අපිට මේ භයානක මාතෘකාව ගැන
වැඩි විස්තර නැත්තේ?</i>

266
00:22:31,040 --> 00:22:33,520
<i>මොකද මාධ්‍ය වලට ඕනේ නෑ
ඇත්ත එළියට එනවා දකින්න.</i>

267
00:22:33,600 --> 00:22:36,480
<i>ඇත්ත දන්නේ අපි වගේ
අතළොස්සක් විතරයි.</i>

268
00:22:58,040 --> 00:22:59,080
මට සමාවෙන්න.

269
00:23:06,640 --> 00:23:07,720
හායි, ආච්චි.

270
00:23:07,800 --> 00:23:09,040
හලෝ දුවේ.

271
00:23:11,720 --> 00:23:13,240
හායි දුවේ. කොහොමද ඉතින්?

272
00:23:17,760 --> 00:23:19,120
හරිම අවාසනාවන්තයි දුවේ.

273
00:23:20,280 --> 00:23:21,640
කොහොමද තාත්තා?

274
00:23:21,720 --> 00:23:24,840
අපි හැමෝම වගේ. කම්පනයෙන් ඉන්නේ.

275
00:23:48,120 --> 00:23:49,520
ස්තූතියි.

276
00:23:50,520 --> 00:23:52,520
මම දවස් දෙකකින් මුකුත් කෑවේ නෑ.

277
00:23:53,640 --> 00:23:56,320
මට මැවී පේනවා ඔයාගේ අම්මා
බිම වැටිලා ඉන්නවා අනික...

278
00:23:57,600 --> 00:24:00,400
මට තේරෙන්නේ නෑ
මේක කොහොම වුණාද කියලා.

279
00:24:01,920 --> 00:24:03,120
ඉතින්, මම දන්නෙත් නෑ.

280
00:24:04,480 --> 00:24:06,480
එයා බිව්වා කියලා ඔයා දැනගෙන හිටියද?

281
00:24:08,000 --> 00:24:08,920
ඔව්.

282
00:24:09,720 --> 00:24:11,680
ඔයාගේ අම්මා මෑතක ඉඳන් හිටියේ
හොඳින් නෙවෙයි.

283
00:24:11,760 --> 00:24:15,560
එයා හිටියේ කනගාටුවෙන්. දුකෙන්.

284
00:24:16,840 --> 00:24:18,320
මම මුකුත්ම දැනගෙන හිටියේ නෑ.

285
00:24:19,440 --> 00:24:23,200
මම දන්නේ නෑ. මට ඔයා එක්ක මේ ගැන
කතා කරන එකත් හරි අමුතුයි.

286
00:24:23,280 --> 00:24:24,840
විශේෂයෙන්ම එයා ගැන
අතීත කාලෙන් කතා කරන එක.

287
00:24:27,400 --> 00:24:28,920
ඒ මගේ තාත්තා නිසාද?

288
00:24:29,000 --> 00:24:30,080
මේ අහන්න, ඔයාගේ තාත්තා...

289
00:24:30,160 --> 00:24:33,600
තාත්තා ගැන නම් කියන්න එපා,
මොකද ඔයාගේ තාත්තා... හැසිරෙන්නේ අමුතු විදිහට.

290
00:24:33,680 --> 00:24:36,040
කවුද දන්නේ. විශ්‍රාම ගත්ත එක වෙන්න ඇති.

291
00:24:36,640 --> 00:24:38,600
ඒක එයාට එච්චර අල්ලලා ගිහින් නෑ වගේ.

292
00:24:38,680 --> 00:24:40,400
අනික වසංගතේ.

293
00:24:40,480 --> 00:24:42,400
ඒක එයාටයි අනිත් හැමෝටමයි අමාරු කාලයක් වුණා.

294
00:24:42,480 --> 00:24:46,520
ඔයා දන්නවද අපිට ඔයාගේ අම්මාව
හොරෙන් එක්කන් යන්න වුණා වැක්සීන් එක ගහන්න?

295
00:24:47,520 --> 00:24:49,080
එයා ගොඩක් බයෙන් හිටියේ.

296
00:24:49,160 --> 00:24:51,960
තාත්තට මාට්ටු වෙයි කියලා එයා බය වුණා.

297
00:24:52,040 --> 00:24:54,920
එයා දන්නේ නෑ තාත්තා මේක
කොහොම බාරගනීවිද කියලා. අපෝ.

298
00:24:57,920 --> 00:24:59,120
ඒත් ඔයා...?

299
00:25:01,320 --> 00:25:03,320
මම දන්නේ නෑ, ඔයා හිතනවද...?

300
00:25:04,400 --> 00:25:07,000
ඔයා හිතනවද එයාලා රණ්ඩු වෙන්න ඇති කියලා,
නැත්නම් එයා සැර කරන්න ඇති කියලා?

301
00:25:07,080 --> 00:25:08,400
සමහරවිට එයා...

302
00:25:08,480 --> 00:25:09,600
මම ඇත්තටම දන්නේ නෑ.

303
00:25:09,680 --> 00:25:14,160
ඔයා දන්නවනේ ඔයාගේ අම්මා මටවත්
වෙන කාටවත් වැඩිය මුකුත් කිව්වේ නෑ කියලා.

304
00:25:38,160 --> 00:25:39,240
මේ තියෙන්නේ.

305
00:25:39,320 --> 00:25:40,680
වාර්තාවේ කොපිය.

306
00:25:41,400 --> 00:25:44,080
අපි එයාව බිම වැටිලා ඉද්දි ගත්තු
ෆොටෝස් වගයකුත් තියෙනවා.

307
00:25:44,160 --> 00:25:46,520
මම ඔයා නම්, මම ඒවා බලන්නේ නෑ.

308
00:26:04,000 --> 00:26:06,120
අධිකරණ වෛද්‍ය වාර්තාව

309
00:26:08,840 --> 00:26:13,000
මරණයට හේතුව: හදිසි අනතුරකින් වැටීමෙන්
හිසට සිදුවූ දරුණු හානිය

310
00:26:57,720 --> 00:26:59,880
රූත්, මට හරි කණගාටුයි.

311
00:27:02,240 --> 00:27:03,840
මගේ බලවත් ශෝකය.

312
00:27:04,960 --> 00:27:06,120
එයා අපිට හරියට වැඩ දුන්නා.

313
00:27:07,200 --> 00:27:08,840
දවසම වට ගස්සවනවා, නේද?

314
00:27:08,920 --> 00:27:11,600
එයා හරිම සැරයි, ඒත් ආදරේ හිතෙන කෙනෙක්.

315
00:27:12,520 --> 00:27:13,680
එයාට ඔයාව ගොඩක් පාළු දැනුණා.

316
00:27:13,760 --> 00:27:15,040
ඒකනේ.

317
00:27:15,720 --> 00:27:18,080
සමාවෙන්න, මගේ තාත්තා අර කතා කරන්නේ
කා එක්කද කියලා දන්නවද?

318
00:27:19,120 --> 00:27:21,360
අර මනුස්සයාද? එයා අර හොයන
කණ්ඩායමේ කෙනෙක්.

319
00:27:23,000 --> 00:27:24,680
මොකක් හොයන කණ්ඩායමේද?

320
00:27:25,200 --> 00:27:27,680
ඔයාට ආරංචි වුණාද දන්නේ නෑ,
ළමයෙක් නැතිවෙලා.

321
00:27:27,760 --> 00:27:31,440
ඉතින් අසල්වැසියෝ එකතු වෙලා
එයාව හොයන්න කණ්ඩායම් හදලා.

322
00:27:31,520 --> 00:27:33,640
අර ඉන්නේ මරියානෝ, අලුත් කොමසාරිස්.

323
00:27:33,720 --> 00:27:35,600
ලුයිස්, රෙපෙයාර් ෂොප් එකේ.

324
00:27:35,680 --> 00:27:38,560
අර ඉන්නේ අල්ෆොන්සෝ, පොලිස් දොස්තර.

325
00:27:39,240 --> 00:27:40,400
මොකක්?

326
00:27:41,360 --> 00:27:42,800
ඔයා දන්නවනේ, අර දොස්තර...

327
00:27:43,880 --> 00:27:44,920
මොකක්ද ඒකට කියන්නේ?

328
00:27:45,000 --> 00:27:45,920
මරණ පරීක්ෂක.

329
00:27:47,080 --> 00:27:48,040
මරණ පරීක්ෂක.

330
00:27:54,240 --> 00:27:56,440
- පොඩ්ඩක් ඉන්න.
- හරි.

331
00:28:11,760 --> 00:28:12,880
"අල්ෆොන්සෝ."

332
00:28:12,960 --> 00:28:16,000
මරණ පරීක්ෂක අල්ෆොන්සෝ ගාර්ෂියා මරින්

333
00:28:25,960 --> 00:28:28,600
ආදරණීය ලූසියා, දෙවියන්ගේ පිහිටයි.

334
00:28:29,320 --> 00:28:31,200
අපිට ඔයාව ගොඩක් පාළු දැනේවි.

335
00:28:31,280 --> 00:28:33,520
විශේෂයෙන්ම ඔයාගේ මහත්තයාටයි දුවටයි.

336
00:28:34,560 --> 00:28:36,040
එයාලා තනිවෙලා නෑ.

337
00:28:36,120 --> 00:28:40,120
එයාලා ආයෙත් ඔයාව හමුවෙනකන්
දෙවියන් වහන්සේ එයාලා එක්ක ඉඳීවි.

338
00:28:41,120 --> 00:28:42,960
විශ්වාසය කියන දේ ගොඩක් වැදගත්

339
00:28:43,760 --> 00:28:45,480
මේ වගේ වෙලාවට.

340
00:28:46,200 --> 00:28:50,160
කවුරුහරි අපි වෙනුවෙන් බලන් ඉන්නවා
කියලා විශ්වාස කරන එක ගොඩක් වැදගත්...

341
00:28:50,240 --> 00:28:53,200
තාත්තේ, අර කණුව ගාව ඉන්න
ගෑනු කෙනා කවුද?

342
00:28:54,840 --> 00:28:56,760
අපිට දෙවියන්ව මතක් වෙන්නේ...

343
00:28:56,840 --> 00:28:58,000
දන්නේ නෑ.

344
00:28:58,920 --> 00:29:00,480
ඒත් අපිට මතක් වෙනවා...

345
00:29:00,560 --> 00:29:03,200
එයා ගෙදරත් හිටියා. මළගෙදර වෙලාවේ.

346
00:29:03,280 --> 00:29:06,520
...විශ්වාස කරන්නේ නැති
අය කොච්චර අසරණද කියලා.

347
00:29:06,600 --> 00:29:09,240
එහෙමත් නැත්නම් බොරු දේවල් අදහන අය.

348
00:29:10,360 --> 00:29:13,280
එහෙමත් නැත්නම් විකාර විශ්වාසයන් පස්සේ ගිහින්
මුලාවට පත්වෙන අය

349
00:29:14,080 --> 00:29:17,120
මොනවා හොයනවද කියලා කවුද දන්නේ.

350
00:29:18,280 --> 00:29:21,200
ඇයි අපිට මේ වගේ විකාර
අහගෙන ඉන්න වෙලා තියෙන්නේ?

351
00:29:22,160 --> 00:29:25,840
බොරු ශාස්තෘවරුන්ට, පන්සලේ වෙළෙන්දන්ට,

352
00:29:25,920 --> 00:29:28,360
සහ බොරුවට අවබෝධය ලබපු මෝඩයන්ට,

353
00:29:28,440 --> 00:29:30,800
දෙවියන් වහන්සේට කියන්න දෙයක් තියෙනවා.

354
00:29:32,080 --> 00:29:33,520
මම තමයි මාර්ගය.

355
00:29:34,480 --> 00:29:35,880
සහ සත්‍යය.

356
00:29:36,400 --> 00:29:37,640
සහ ජීවිතයම.

357
00:30:32,320 --> 00:30:33,720
ඇරෝන්!

358
00:30:34,480 --> 00:30:35,680
ඇරෝන්?

359
00:30:41,200 --> 00:30:42,200
රූත්.

360
00:30:43,960 --> 00:30:45,280
දැක්ක කල්.

361
00:30:45,360 --> 00:30:46,520
ඔව්.

362
00:30:52,480 --> 00:30:54,280
හේයි, ඔයා තාමත් බඩු විකුණනවාද?

363
00:30:54,360 --> 00:30:57,080
මොනවා හරි හොයාගන්න පුළුවන්ද බලන්නම්,
ඒත් ඔයා නිසා විතරයි.

364
00:30:57,160 --> 00:30:58,800
මම දැන් ඕවා කරන්නේ නෑ.

365
00:30:58,880 --> 00:31:00,600
මම දැන් ජීවිතේ ඉස්සරහට ගිහින් ඉන්නේ.

366
00:31:00,680 --> 00:31:02,080
මම දැන් ක්ලීනර් කෙනෙක්.

367
00:31:04,160 --> 00:31:05,160
හරි.

368
00:31:08,600 --> 00:31:09,600
මෙන්න.

369
00:31:10,720 --> 00:31:12,120
ස්තූතියි.

370
00:31:12,200 --> 00:31:14,640
සොරි, මට මළගෙදර එන්න ඕනෙකම තිබුණා.

371
00:31:15,520 --> 00:31:19,680
ඒත් ඔයාගේ අම්මා මට එච්චර කැමති නෑනේ.
ඒක හරි නෑ වගේ හිතුණා.

372
00:31:19,760 --> 00:31:21,080
ඒත් දැන් මට දුකයි ඒ ගැන.

373
00:31:21,680 --> 00:31:23,600
මළගෙවල් වලට යන්නේ මැරුණු අය වෙනුවෙන් නෙවෙයිනේ,

374
00:31:23,680 --> 00:31:25,680
ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන්නේ.

375
00:31:26,280 --> 00:31:29,160
මගේ තාත්තාගේ මළගෙදර ආපු අය ගැන
මට ලොකු කෘතවේදීත්වයක් තිබුණා.

376
00:31:29,240 --> 00:31:30,680
ගණන් ගන්න එපා.

377
00:31:30,760 --> 00:31:33,360
මගේ අම්මා ඔයාට එච්චර කැමැත්තකින්
හිටියෙත් නෑනේ.

378
00:31:34,800 --> 00:31:37,840
එයාගේ දුව පාර වරද්දගත්ත එකට බණින්න
එයාට කවුරුහරි ඕනේ වුණා.

379
00:31:37,920 --> 00:31:41,120
ඔයා මේ මොනවා ගැනද
කියන්නේ? මම පාර වරද්දගෙන නෑ.

380
00:31:41,200 --> 00:31:43,800
ඒත් මගේ ජීවිතේ දැන් කෙළින් ඉරක් වගේ යන්නේ නෑ.

381
00:31:43,880 --> 00:31:45,080
ලස්සන කතාව.

382
00:31:46,040 --> 00:31:47,520
නෑ, සිරාවටම.

383
00:31:47,600 --> 00:31:51,040
ඔයාව ගංජා වලට පුරුදු කරපු කොල්ලට
ඔයාගේ අම්මා වෛර කරපු එක සාධාරණයි.

384
00:31:51,120 --> 00:31:52,200
කොල්ලා?

385
00:31:52,800 --> 00:31:55,560
හරි, සෙක්ස් පාට්නර්. හරිද? සෙක්ස් පාට්නර්.

386
00:31:55,640 --> 00:31:57,720
මම හිතන්නේ නෑ එයා ඒකටවත්
කැමති වෙන්න ඇති කියලා.

387
00:32:01,200 --> 00:32:03,960
ඒත් මෑතක ඉඳන් මට රවාගෙන ඉන්නේ ඔයාගේ තාත්තා.

388
00:32:04,680 --> 00:32:05,720
ඒ ඇයි?

389
00:32:07,920 --> 00:32:11,400
මම දන්නේ නෑ. ඒත් එයා සිවිල් ගාඩ් ඔෆිසර්
කෙනෙක් වෙලා ඉද්දි මීට වඩා හොඳයි.

390
00:32:11,480 --> 00:32:14,600
අපි හම්බවුණාම, එයා මට සෙකියුරිටි ජොබ් එකක්
හරි සෙට් කරන්න හැදුවා.

391
00:32:14,680 --> 00:32:16,520
පොඩි ෂිෆ්ට්, හොඳ පඩියක්.

392
00:32:17,320 --> 00:32:19,200
ඒත් මම සර්ටික්ස් එකේ වැඩට ගියාට පස්සේ...

393
00:32:20,680 --> 00:32:22,360
ඒ අර අලුත් ෆාමසි කම්පැනි එකද?

394
00:32:23,640 --> 00:32:26,880
එයා කතා කරන්නේ නැති එක නෙවෙයි.
එයා මාව මරන්න හදනවා වගේ බලන්නේ.

395
00:32:31,560 --> 00:32:32,560
මොකක්?

396
00:32:35,360 --> 00:32:36,400
මම දන්නේ නෑ.

397
00:32:36,480 --> 00:32:39,200
සමහරවිට මගේ තාත්තාගේ ඇණයක් බුරුල් වෙලා ඇති,

398
00:32:39,280 --> 00:32:41,960
ඒත් දැන් පිස්සු හැදීගෙන එන්නේ මටයි.

399
00:32:44,720 --> 00:32:46,520
එයා මාර අමුතු විදිහට හැසිරෙන්නේ, දන්නවද?

400
00:32:47,520 --> 00:32:48,720
වෙනස් විදිහට.

401
00:32:50,000 --> 00:32:51,000
ඉතින්?

402
00:32:53,400 --> 00:32:55,560
මට මෙහෙමත් හිතුණා...

403
00:32:58,880 --> 00:33:01,240
මමත් දැන් අවුරුදු ගාණකට කලින් හිටපු කෙනා නෙවෙයි.

404
00:33:04,360 --> 00:33:05,320
ඔයා ඒ වගේමයි.

405
00:33:10,600 --> 00:33:11,800
මගුල.

406
00:33:13,960 --> 00:33:14,960
ඒ කොහොමද?

407
00:33:17,520 --> 00:33:19,520
මහා බඩවැලේ පිළිකාවකින් බේරුණු කෙනෙක්.

408
00:33:19,600 --> 00:33:20,680
කොහොමද ඒක?

409
00:33:23,760 --> 00:33:25,560
මම දන්නේ නෑ. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ.

410
00:33:26,840 --> 00:33:29,760
ඔව්, අපි කාලෙකින් කතා කළේ නෑනේ.

411
00:33:29,840 --> 00:33:32,040
මම ඊමේල් එකකින් ඒක කියන්න ගියේ නෑ.

412
00:33:32,640 --> 00:33:37,040
මේ පොඩි බෑග් එක මගේ ජීවිතේ ටිකක්
වෙනස් කළා තමයි, ඒත් කමක් නෑ.

413
00:33:39,360 --> 00:33:42,240
සමහර දවස් වලට මේක ලෝකේ තියෙන
ජරාම දේ වගේ දැනෙනවා.

414
00:33:42,320 --> 00:33:44,160
අනිත් දවස් වලට, මම ඒ ගැන සතුටු වෙනවා.

415
00:33:45,200 --> 00:33:47,840
මොකද ඒකෙන් ඔප්පු වෙනවා මම මැරෙන්නම
ගිහින් බේරුණා කියලා.

416
00:33:48,520 --> 00:33:51,000
ඒක මතක් වෙද්දි මට හැමතිස්සෙම
සතුටු වෙන්න හිතෙනවා.

417
00:33:53,240 --> 00:33:54,240
ආ ඇත්තද?

418
00:34:25,040 --> 00:34:26,040
මොකක්ද?

419
00:34:27,360 --> 00:34:30,880
නිකන් හිතුණා දැන් මේ බෑග් එකත් එක්ක...

420
00:34:32,360 --> 00:34:33,800
මොකක්ද? ඔයාට ඒක කරන්න බැරිද?

421
00:34:33,880 --> 00:34:37,040
මම දන්නේ නෑ. මම ඇත්තටම දන්නේ නෑ.

422
00:34:38,680 --> 00:34:40,960
මේක දාගත්තට පස්සේ මම කා එක්කවත් ඉඳලා නෑ.

423
00:34:41,040 --> 00:34:42,560
ඒ ඇයි?

424
00:34:42,640 --> 00:34:46,240
මට හිතෙන්නේ නෑ දැන් මම ආකර්ෂණීයයි කියලා.

425
00:34:47,000 --> 00:34:48,000
ඇත්තම කිව්වොත්.

426
00:34:48,800 --> 00:34:50,840
ඔයා වෙන කවදාටත් වඩා හොට්.

427
00:34:50,920 --> 00:34:52,000
ඇත්තද?

428
00:35:09,560 --> 00:35:11,240
බලන්නකෝ මේ ලොකු බිල්ඩිම දිහා.

429
00:35:12,400 --> 00:35:13,680
මම වැඩ කරන්නේ මෙතන.

430
00:35:24,280 --> 00:35:26,040
මේක මාර විනෝදජනක රෑක්.

431
00:35:31,000 --> 00:35:33,040
- පරිස්සමෙන්.
- ඔයත්.

432
00:36:17,000 --> 00:36:18,280
ඔයා මොකද කරන්නේ?

433
00:36:19,840 --> 00:36:21,040
ඔයාට පේන්නේ නැද්ද?

434
00:36:23,120 --> 00:36:24,560
මෙච්චර ඉක්මනට?

435
00:36:25,400 --> 00:36:28,800
ඉක්මනට ඉවර කරගත්තොත්,
අපිට ඉක්මනට අපේ පාඩුවේ ඉන්න පුළුවන්.

436
00:36:30,400 --> 00:36:32,400
ඔයාට ඉක්මනට අටුවට රිංගගන්න පුළුවන්, නේද?

437
00:36:42,280 --> 00:36:44,160
ඔයා එහේ මොනවද කරන්නේ තාත්තේ?

438
00:36:47,520 --> 00:36:51,000
මම පොත් කියවනවා. වීඩියෝ
බලනවා. දේවල් හොයලා බලනවා.

439
00:36:52,360 --> 00:36:54,360
හැමෝම කරන්න ඕනේ ඒකයි.

440
00:36:55,960 --> 00:36:58,040
ඉතින් ඒකට දොර වහගෙන ඉන්න ඕනෙද?

441
00:36:58,120 --> 00:37:00,760
මගේ වැඩ වලට මිනිස්සු
ඇඟිලි ගහනවට මම කැමති නෑ.

442
00:37:00,840 --> 00:37:02,480
ඔයත් එහෙමමනේ.

443
00:37:02,560 --> 00:37:05,680
ඔයා මුළු ගෙදරටම ඉබ්බෝ දාන්න සැලැස්සුවා.

444
00:37:05,760 --> 00:37:07,320
"මුළු ගෙදරටම"?

445
00:37:07,400 --> 00:37:08,720
ඔව්.

446
00:37:08,800 --> 00:37:11,800
මම ඒ කාලේ නව යොවුන් වයසේ ළමයෙක් තාත්තේ.
ඔයා වගේ නෙවෙයි.

447
00:37:11,880 --> 00:37:14,280
ඔයා කවදාවත් මට ඔහොම කතා කරලා නෑ.

448
00:37:16,800 --> 00:37:19,360
සමහරවිට ඔයාට ඕනේ වෙලා තිබුණේ
ඒක වෙන්න ඇති, දුවේ.

449
00:37:19,960 --> 00:37:21,280
තිත්ත ඇත්ත ටිකක්.

450
00:37:22,920 --> 00:37:24,200
මට ඔයාව අඳුරගන්න බෑ.

451
00:37:26,680 --> 00:37:28,560
ඒත් ඔයා තාම ඉස්සර වගේමයි.

452
00:37:29,320 --> 00:37:32,280
ඔයාට ඔයාගේ අම්මාගේ මළගෙදරත්
මඟදි දාලා යන්න වුණානේ.

453
00:37:35,120 --> 00:37:36,120
ස්තූතියි.

454
00:37:56,040 --> 00:38:00,200
ඔක්සිකරණ ක්‍රියාවලිය
ඇඩ්‍රිනලින් ⇒ ඇඩ්‍රිනොක්‍රෝම්

455
00:38:19,200 --> 00:38:24,000
රූත්, මම හිතුවා ඔයා අම්මාගේ ෆෝන් එක
තියාගන්න කැමති වෙයි කියලා.

456
00:38:24,080 --> 00:38:25,320
ඒක අලුත් වගේ.

457
00:38:25,400 --> 00:38:27,440
ඔයාගේ එක අලුත් නෑ කියලා පේනවනේ.

458
00:38:29,600 --> 00:38:30,600
ස්තූතියි.

459
00:38:32,120 --> 00:38:34,040
අම්මෝ, මේක ගණන් නේ.

460
00:38:34,120 --> 00:38:34,960
ඔව්.

461
00:38:36,080 --> 00:38:38,600
ඒක එයාට ලොකු ප්‍රශ්නයක් වුණා.

462
00:38:39,120 --> 00:38:41,760
එයා මගෙන් ඇහුවා ඇයි මෙච්චර
සල්ලි වියදම් කළේ කියලා.

463
00:38:42,520 --> 00:38:43,920
එයාට හැමදේම ප්‍රශ්නයක් වුණා.

464
00:38:44,760 --> 00:38:45,960
ඒ කවද ඉඳන්ද?

465
00:38:46,720 --> 00:38:49,560
මුලින්ම, එයා ඔයා එක්ක තරහින් හිටියේ,
ඔයා දාලා ගිය නිසා.

466
00:38:49,640 --> 00:38:51,960
ඔයා ඔයාගේ ඉගෙනීම් ඉවර කළේ නැති නිසා.

467
00:38:52,040 --> 00:38:54,280
ඔයා එළියට වෙලා, දෙවියෝ දන්න දේවල් කරන නිසා.

468
00:38:54,360 --> 00:38:58,160
ඒත් නැති කෙනෙක් එක්ක තරහා වෙලා මොනවා කරන්නද?

469
00:38:59,640 --> 00:39:02,120
එයාගේ ඉස්සරහට හිටිය එකම කෙනා මම විතරයි.

470
00:39:02,200 --> 00:39:05,360
හැමදේටම බණින්න හිටිය එකම කෙනා.

471
00:39:05,440 --> 00:39:08,520
එයා මට බැන්නා ඔයාට මීට වඩා
සැරෙන් හිටියේ නැත්තේ ඇයි කියලා.

472
00:39:09,400 --> 00:39:12,640
වෙන කෙනෙක්ට බණින එක හැමතිස්සෙම ලේසියිනේ.

473
00:39:15,800 --> 00:39:17,520
ඒක හරිම අමාරු කාලයක්.

474
00:39:19,080 --> 00:39:20,760
ඒත් දුක් වෙන්න එපා.

475
00:39:20,840 --> 00:39:22,680
මම දැන් ගොඩක් හොඳින් ඉන්නවා.

476
00:39:24,000 --> 00:39:25,200
මම යනවා.

477
00:39:27,640 --> 00:39:28,520
තාත්තේ.

478
00:39:30,080 --> 00:39:32,960
ඔයා ගාව ෆෝන් එකේ පාස්වර්ඩ් එක තියෙනවද?

479
00:39:33,040 --> 00:39:36,560
ඒක ඕනේ වෙන්නේ නෑ. මම ඊයේ ෆැක්ටරි රීසෙට් කළා.

480
00:39:39,200 --> 00:39:40,960
එතකොට ඒකෙ තිබුණු ඔක්කොම දේවල්?

481
00:39:41,880 --> 00:39:43,480
ඔයාගේ අම්මා මැරිලා ඉන්නේ.

482
00:39:43,560 --> 00:39:46,640
එයාට ඒකෙ තිබුණු දේවල් වලින් මොකටද?

483
00:39:46,720 --> 00:39:48,040
ඔයාට ඒවා මොකටද?

484
00:39:48,640 --> 00:39:50,000
මට?

485
00:39:50,080 --> 00:39:51,120
මට ඕනේ නෑ.

486
00:39:51,200 --> 00:39:52,960
- කමක් නෑ.
- හරි.

487
00:41:32,680 --> 00:41:35,920
ඔයාට පුළුවන්ද මේක ඇතුළේ තිබුණු
මොනවා හරි හොයාගන්න?

488
00:41:36,000 --> 00:41:38,440
ක්ලවුඩ් එකේ තිබුණු දේවල් රිකවර් කරන්න
මම ට්‍රයි එකක් දෙන්නම්.

489
00:41:38,520 --> 00:41:40,840
ඒත් ටවුන් එකේ කඩෙන් මීට වඩා
හොඳට කරයි අනිවාර්යයෙන්ම.

490
00:41:40,920 --> 00:41:43,120
ටවුන් එකේ හැමෝම මගේ තාත්තාව දන්නවා.

491
00:41:44,040 --> 00:41:45,640
ඉතින් මොකද?

492
00:41:48,000 --> 00:41:49,480
රූත්, මොන මගුලක්ද මේ වෙන්නේ?

493
00:41:54,240 --> 00:41:56,760
<i>එයා දවසම අටුවට වෙලා දොර වහගෙන ඉන්නේ.</i>

494
00:41:57,920 --> 00:42:00,560
<i>මට දැන් ඒක පැහැදිලි කරන්න බෑ, ඒත්...</i>

495
00:42:00,640 --> 00:42:03,360
<i>කවදාහරි දවසක එයා මොනවා හරි
පිස්සුවක් කරයි කියලා මට බයයි.</i>

496
00:42:05,920 --> 00:42:10,440
ඔයාගේ තාත්තාගේ වයසේ හැටියට පිස්සුවක් කියන්නේ
ඕනෙම දෙයක් වෙන්න පුළුවන් රූත්. ඕනෙම දෙයක්.

497
00:42:11,880 --> 00:42:13,680
දික්කසාදයක්. නැත්නම්
කන්වර්ටිබල් කාර් එකක් ගන්න එක.

498
00:42:13,760 --> 00:42:15,720
ඒත් එයා කිව්වා එයා බයයි කියලා, ඇරෝන්.

499
00:42:16,320 --> 00:42:18,560
මගේ අම්මා කිසිම දේකට බය වුණේ නෑ.

500
00:42:19,360 --> 00:42:20,440
ඔව්.

501
00:42:20,960 --> 00:42:22,960
ඒත් ඔයා එයාව දැකලා ගොඩක් කල්නේ.

502
00:42:23,040 --> 00:42:25,200
මගුල, මම දන්නවා. ඒත් එයා මගේ අම්මා.

503
00:42:25,280 --> 00:42:27,440
එයා නානකාමරේට ගියෙත් දොර ඇරගෙන.

504
00:42:28,080 --> 00:42:30,960
එයා වහපු දොරවල් වලට කැමති වුණේ නෑ,
රහස් වලට කැමති වුණෙත් නෑ.

505
00:42:31,040 --> 00:42:34,440
අනික මට ෂුවර් එයා කැමති වෙන්න නැතුව ඇති
තාත්තා අටුවට වෙලා දොර වහගන්නවට.

506
00:42:36,800 --> 00:42:39,400
එයා ඒකට ගිහින් මොනවා හරි දැක්කා නම්?

507
00:42:39,480 --> 00:42:41,920
මගේ තාත්තා වෙන කාටවත් පෙන්නන්න අකමැති දෙයක්.

508
00:42:42,000 --> 00:42:44,000
අනික එයාලා රණ්ඩු වෙලා ඒකයි එයා මට කෝල් කළේ.

509
00:42:45,040 --> 00:42:46,560
ඒකයි එයාව මැරුවේ.

510
00:42:48,000 --> 00:42:50,920
පොඩ්ඩක් ඉන්න රූත්. අපි බලමු.

511
00:42:51,000 --> 00:42:52,680
ඔයා සිවිල් ගාඩ් එකට කතා කළාද?

512
00:42:52,760 --> 00:42:55,280
සිවිල් ගාඩ් එකේ ඔක්කොමලා මගේ තාත්තාගේ යාළුවෝ.

513
00:42:55,360 --> 00:42:56,560
ඒ කියන්නේ, මම දන්නේ නෑ.

514
00:42:56,640 --> 00:42:58,200
ඔයා හිතනවද මම මේවා හිතින් මවාගන්නවා කියලා?

515
00:42:58,280 --> 00:43:02,000
නෑ, මම දන්නේ නෑ. මම දන්නේ නෑ රූත්.

516
00:43:04,920 --> 00:43:07,120
ඒකද ඔයා තව දවස් කීපයක් ඉන්නේ?

517
00:43:11,680 --> 00:43:15,080
මට දැනගන්න ඕනේ මම මේ හිතන දේවල්
ඇත්තක් නෙවෙයි කියලා.

518
00:43:16,080 --> 00:43:18,240
- අපි ඇතුළේ.
- ඒකෙ මොනවද තියෙන්නේ?

519
00:43:18,320 --> 00:43:20,480
මේකෙ තියෙනවා ෆොටෝස් 200ක් තියෙනවා කියලා.

520
00:43:21,160 --> 00:43:23,120
ඒක එච්චර ගොඩක් වගේ පේන්නේ නෑ මට නම්.

521
00:43:23,200 --> 00:43:25,200
ඔව්, මේක අලුත් ෆෝන් එකක්.

522
00:43:25,720 --> 00:43:27,680
මම හිතන්නේ එයාට මේක නත්තලට හම්බවෙන්න ඇත්තේ.

523
00:43:28,200 --> 00:43:30,240
මුකුත් නෑ. මෙතන මුකුත් නෑ.

524
00:43:30,320 --> 00:43:32,680
ෆෝල්ඩර් එකක්වත් නැද්ද?

525
00:43:33,280 --> 00:43:35,520
එයා ඔයාට පෙන්නන්න අකමැති වුණු දෙයක්?

526
00:43:35,600 --> 00:43:36,600
ඒ මොකක්ද?

527
00:43:36,680 --> 00:43:39,320
එකක් තියෙනවා. "නමක් නැති".

528
00:43:40,080 --> 00:43:41,280
ඔයාගේ ඇස් වහගන්න.

529
00:43:41,360 --> 00:43:42,400
ඇයි?

530
00:43:42,480 --> 00:43:44,560
- ආරක්ෂාවට.
- මොන ආරක්ෂාවටද?

531
00:43:44,640 --> 00:43:47,800
හිතන්නකෝ ඔයාගේ අම්මාගේ හරි තාත්තාගේ හරි
නිරුවත් ෆොටෝස් තිබුණොත්--

532
00:43:47,880 --> 00:43:48,920
විකාර නොකිය ඉන්න ඇරෝන්.

533
00:43:49,000 --> 00:43:51,640
නැත්නම් දෙන්නගෙම නිරුවත් ෆොටෝස්.
ඔයාට ඒවා බලන්න ඕනේ නෑනේ.

534
00:43:51,720 --> 00:43:54,120
- ඔයා නම් මහ මෝඩයෙක්.
- ඇත්තම කිව්වොත් මටත් ඕනේ නෑ.

535
00:43:54,200 --> 00:43:58,120
ඒත් ඔයාව කසාද බඳින්න මට ඒක කරන්න වෙනවා නම්,
මම ඒක කරන්නම්.

536
00:44:00,400 --> 00:44:02,920
මම විහිළුවක් කළේ. හරි. ඇස් වහගන්නකෝ.

537
00:44:04,200 --> 00:44:06,160
හරි. බලන්න.

538
00:44:07,440 --> 00:44:08,440
මට ඇස් අරින්න පුළුවන්ද?

539
00:44:09,360 --> 00:44:10,760
මේ කවුද?

540
00:44:12,480 --> 00:44:13,720
මගුල.

541
00:44:15,000 --> 00:44:16,720
මගුල. මම දැනගෙන හිටියා.

542
00:44:16,800 --> 00:44:19,120
- මම දැනගෙන හිටියා.
- මොකද වෙන්නේ?

543
00:44:19,200 --> 00:44:21,560
මේ අර මළගෙදරයි අවමංගල්‍යයටයි
දෙකටම ආපු ගෑනු කෙනා.

544
00:44:21,640 --> 00:44:25,880
මම තාත්තගෙන් ඇහුවා එයා කවුද කියලා,
එයා කිව්වා දන්නේ නෑ කියලා.

545
00:44:25,960 --> 00:44:27,680
කවුද යකෝ ඒ?

546
00:44:27,760 --> 00:44:29,120
මම දන්නේ නෑ.

547
00:44:29,200 --> 00:44:31,720
ඒක දන්නේ ඔයාගේ අම්මයි තාත්තයි විතරයි.

548
00:44:31,800 --> 00:44:34,200
ඒත් මටත් දැනගන්න ඕනේ. මම ඒක හොයාගන්නවා.

549
00:44:34,280 --> 00:44:35,760
ඔයා කොහොමද ඒක හොයාගන්නේ?

550
00:44:35,840 --> 00:44:40,200
මම මේ ෆොටෝස් ටික තාත්තට පෙන්නලා
ඇත්ත මොකක්ද කියලා අහගන්නවා.

551
00:44:40,280 --> 00:44:41,720
ඉතින් ඔයා ඒක තනියමද කරන්නේ?

552
00:44:51,160 --> 00:44:53,680
ෂිට්, ඇරෝන්. ඔයා වෑන් එකේ ගංජා ගැහුවද,
සිරාවටම?

553
00:44:53,760 --> 00:44:56,560
මට බය හිතුණා. ඒත් මට මේක
හසුරුවගන්න පුළුවන්, හරිද?

554
00:45:00,160 --> 00:45:01,440
හායි තාත්තේ.

555
00:45:02,080 --> 00:45:03,520
ඔයාට ඇරෝන්ව මතකද?

556
00:45:08,360 --> 00:45:09,800
මම එයාව රෑ කෑමට ඉන්වයිට් කළා.

557
00:45:10,680 --> 00:45:11,520
සුබ සැන්දෑවක්.

558
00:45:13,160 --> 00:45:14,280
නියමයි.

559
00:45:17,120 --> 00:45:19,720
සමාවෙන්න, මම මෑතක ඉඳන් වැඩිය ඉව්වේ නෑ.

560
00:45:20,760 --> 00:45:22,920
මම නිකන් ලේසියට මොනවා හරි හදාගන්නවා.

561
00:45:23,000 --> 00:45:25,560
ගණන් ගන්න එපා මාටින්.
මට නම් මේක මිචෙලින්-ස්ටාර් මට්ටමේ කෑමක්.

562
00:45:25,640 --> 00:45:27,400
ඔයා ගොඩක් කන්නේ කඩ කෑමද?

563
00:45:27,920 --> 00:45:31,120
උදේට මම කුණු සුද්ද කරනවා, රෑට මම ඒවා කනවා.

564
00:45:32,480 --> 00:45:34,360
සමහරවිට ඒකෙන් වෙන්න ඇති පිළිකාව හැදුණේ.

565
00:45:34,440 --> 00:45:35,520
තාත්තේ.

566
00:45:35,600 --> 00:45:38,480
නෑ, ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි.

567
00:45:38,560 --> 00:45:41,920
ඒක දැන් කාලේ හැමදේටම දාන රසායනික ද්‍රව්‍ය නිසා.

568
00:45:42,440 --> 00:45:44,240
අනික එයාලා ඒක කරන්නේ දැනගෙනමයි.

569
00:45:44,320 --> 00:45:47,640
එයාලා ඔයාව ලෙඩ කරලා, ඊටපස්සේ බෙහෙත් විකුණනවා.

570
00:45:48,320 --> 00:45:50,200
ඒ අතරේ, එයාලා මහජන සෞඛ්‍ය සේවය විනාශ කරනවා,

571
00:45:50,280 --> 00:45:52,120
එතකොට අපිට ඒකට සල්ලි ගෙවන්න වෙනවා.

572
00:45:54,880 --> 00:45:55,920
"එයාලා"?

573
00:45:56,880 --> 00:45:58,200
ඔයා වැඩ කරන තැන මිනිස්සු.

574
00:45:59,120 --> 00:46:00,560
මාටින්, මම බිම මොප් කරන කෙනෙක්.

575
00:46:01,800 --> 00:46:03,200
ඔයා වැඩ කරන්නේ මිනීමරුවන්ට.

576
00:46:03,800 --> 00:46:05,840
අනික මිනී පැහැරගන්න අයට.

577
00:46:05,920 --> 00:46:06,880
ඒක අමතක කරන්න එපා.

578
00:46:07,840 --> 00:46:09,520
ඔයා හිතන්නේ මේක විහිළුවක් කියලද?

579
00:46:09,600 --> 00:46:11,520
පොඩ්ඩක් ඉන්න මාටින්, මට මේක තේරුම් ගන්න දෙන්න.

580
00:46:12,640 --> 00:46:15,520
ඔයා හිතන්නේ මගේ පිළිකාවට වගකියන්න ඕනේ
මගේ බොස්ලා කියලද?

581
00:46:15,600 --> 00:46:18,240
ඔයාගේ බොස්ලමද කියලා මම දන්නේ නෑ, ඒත්...

582
00:46:18,760 --> 00:46:20,880
හරි, ඔයා කියන්නේ ලොකු කම්පැනි ගැන.

583
00:46:20,960 --> 00:46:22,560
අනික ආණ්ඩු ගැන.

584
00:46:24,240 --> 00:46:25,480
මාටින්, විකාර නොකිය ඉන්න.

585
00:46:25,560 --> 00:46:27,520
වෙන කවුද එහෙනම් වගකියන්න ඕනේ?

586
00:46:27,600 --> 00:46:30,760
ඉතින්, වෙන කෙනෙක්ට බණින එක හැමතිස්සෙම ලේසියිනේ.

587
00:46:31,480 --> 00:46:33,320
කවුරුහරි මේකට වගකියනවා නම් මම කැමතියි.

588
00:46:33,400 --> 00:46:36,520
පිළිකාව කොහේ හරි තැනක හැදුවා නම්,

589
00:46:36,600 --> 00:46:38,760
අපිට ඔක්කොටම එතනට ගිහින්, ඔක්කොම විනාශ කරලා

590
00:46:38,840 --> 00:46:40,760
ඒ මගුලෙන් බේරෙන්න තිබුණා.

591
00:46:40,840 --> 00:46:42,720
ඒත් ඒක එහෙම වෙන්නේ නෑ, මාටින්.

592
00:46:42,800 --> 00:46:44,080
- ආ, ඇත්තද?
- නෑ.

593
00:46:44,160 --> 00:46:45,360
එහෙනම් ඒක කොහොමද වෙන්නේ?

594
00:46:45,440 --> 00:46:47,040
ඔයාට ඒක හැදුණද? කරුමේ තමයි.

595
00:46:47,120 --> 00:46:49,320
අනික ඒක ආයේ කවදා එයිද කියලා කවුද දන්නේ.

596
00:46:49,920 --> 00:46:52,000
ඉතින් ඔයා ඒ බය ඔක්කොම අරන්, ඒක ගිලගන්නවා.

597
00:46:52,960 --> 00:46:55,000
ඒත් ඔයා ඒක ගිලගන්නේ නෑ.
ඔයා ඒක පත්තු කරනවා, නේද?

598
00:47:00,600 --> 00:47:04,520
ඔයා උරනවා, සෝෆා එකේ වැතිරිලා ඉන්නවා,
මුකුත් කරන්නේ නෑ.

599
00:47:04,600 --> 00:47:06,840
අනික එයාලට ඕනේ දෙයක් කරන්න දෙනවා.

600
00:47:06,920 --> 00:47:08,800
ඉතින් ඔයා මොනවද කරන්නේ, තාත්තේ?

601
00:47:08,880 --> 00:47:12,080
මම ප්‍රශ්න අහනවා. මම හොයලා බලනවා.

602
00:47:12,160 --> 00:47:13,200
මම ඊට වඩා දුර හිතනවා.

603
00:47:15,600 --> 00:47:17,360
ඔයා ඔයාගේ යාළුවා එක්ක කරන්නේ ඒකද?

604
00:47:17,440 --> 00:47:20,360
මළගෙදරදි දන්නේ නෑ කිව්ව
කෙනා එක්ක?

605
00:47:22,040 --> 00:47:25,360
ඔයා දන්නවද තාත්තේ, අම්මාගේ ෆෝන් එකේ
ඔයාලා දෙන්නගේ ෆොටෝස් තිබුණා.

606
00:47:26,360 --> 00:47:28,080
ටවුන් එකේ ඇවිදින ඒවා.

607
00:47:28,600 --> 00:47:29,800
ඔයා මේ මොනවද කරන්නේ දුවේ?

608
00:47:29,880 --> 00:47:32,320
මුකුත් නෑ. මම හොයලා බලනවා.
හරියට ඔයා වගේම.

609
00:47:33,040 --> 00:47:34,040
කවුද එයා?

610
00:47:36,040 --> 00:47:37,480
එයාගේ නම බර්ටා.

611
00:47:39,000 --> 00:47:40,320
එයාගේ නම බර්ටා.

612
00:47:40,800 --> 00:47:41,640
නියමයි.

613
00:47:43,560 --> 00:47:45,840
- කවුද බර්ටා කියන්නේ?
- බර්ටා කියන්නේ යාළුවෙක්.

614
00:47:46,840 --> 00:47:47,680
යාළුවෙක්.

615
00:47:47,760 --> 00:47:51,320
ඔව්, මගේ වයසෙදි වුණත්,
අලුත් යාළුවෝ ඇතිවෙන්න පුළුවන්.

616
00:47:51,400 --> 00:47:55,240
ඒත් ටවුන් එකේ මිනිස්සුන්ට මේවා
වැරදියට පේන්න පුළුවන්.

617
00:47:55,320 --> 00:47:57,200
ඒකයි මම සද්ද නැතුව හිටියේ.

618
00:47:57,800 --> 00:47:59,640
- ඉතින් කොහෙන්ද?
- මොකක්?

619
00:47:59,720 --> 00:48:01,480
කොහෙන්ද? ඔයාට එයාව කොහෙන්ද හම්බවුණේ?

620
00:48:03,000 --> 00:48:04,200
ඉන්ටර්නෙට් එකෙන්.

621
00:48:04,280 --> 00:48:05,160
ටින්ඩර් එකෙන්ද?

622
00:48:06,600 --> 00:48:09,560
නෑ. පර්යේෂණ කරන ෆෝරම් වලින්.

623
00:48:09,640 --> 00:48:11,040
කවුද තාත්තේ ඔය ෆෝරම් වලට යන්නේ?

624
00:48:11,120 --> 00:48:13,680
ඔයා හිතනවාට වඩා ගොඩක් මිනිස්සු යනවා.

625
00:48:13,760 --> 00:48:15,600
- ආ, ඇත්තද?
- ඔව්.

626
00:48:15,680 --> 00:48:18,280
ගොඩක් අය සද්ද නැතුව ඉන්නේ මොකද...

627
00:48:19,240 --> 00:48:20,320
ඒ ඇයි?

628
00:48:21,360 --> 00:48:24,280
මොකද සමහර දේවල් ගැන කතා කරන එක
ලේසි නෑ.

629
00:48:25,440 --> 00:48:27,920
මොකද ඒ නිසා තමන්ගේ මිනිස්සුන්ව
නැතිවෙන්න පුළුවන්.

630
00:48:29,560 --> 00:48:31,360
ඔයාට වුණෙත් ඒකද?

631
00:48:32,880 --> 00:48:34,120
අම්මා එක්ක?

632
00:48:36,320 --> 00:48:37,240
වෙන්න පුළුවන්.

633
00:48:40,760 --> 00:48:42,880
බර්ටාට ගොඩක් අයව නැතිවෙලා තියෙනවා.

634
00:48:43,400 --> 00:48:46,680
එයාගේ මහත්තයා නැතිවුණා.
ළමයිනුත් එයාට අහිමි වුණා.

635
00:48:47,600 --> 00:48:49,600
ඉතින් දැන් එයාට ලොකු තනිකමක් දැනෙනවා.

636
00:48:49,680 --> 00:48:53,320
යාළුවෙක් විදිහට මම එයාගේ තනියම මකනවා,
එයා එක්ක කාලය ගත කරනවා.

637
00:48:53,400 --> 00:48:55,320
මම හදන්නේ යාළුවෙකුට උදව් කරන්න.

638
00:48:55,840 --> 00:48:57,560
ඒක වැරදිද?

639
00:49:11,120 --> 00:49:12,160
ඔයාට මොකද හිතෙන්නේ?

640
00:49:14,000 --> 00:49:16,640
මට තේරෙනවා ඔයා ඇයි මෙහෙම ඉන්නේ කියලා,
ඇත්තටම.

641
00:49:16,720 --> 00:49:22,720
ඒත් එයාගේ ඔළුවේ මොනවා තිබුණත්,
එයා තාම ඉස්සර හිටපු කෙනාමයි.

642
00:49:23,240 --> 00:49:26,560
ඒ කියන්නේ, එයා සිවිල් ගාඩ් කෙනෙක් වුණාට
හොඳ මනුස්සයෙක්.

643
00:49:26,640 --> 00:49:28,480
එයාගේ ඔළුවේ තියෙන ඔය කතාවේ වුණත්,

644
00:49:28,560 --> 00:49:31,800
එයා හිතන් ඉන්නේ එයා තමයි නපුරු ප්‍රභූන්ගෙන්
ළමයින්ව බේරගන්න වීරයා කියලා.

645
00:49:39,640 --> 00:49:43,000
හේයි, මේ කාමරේ දැක්කාම
පරණ දේවල් මතක් වෙනවා.

646
00:49:44,440 --> 00:49:47,280
තාත්තා එහා කාමරේ ඉද්දි මේකේ ඒක කරන එක
මාර එක්සයිටින්ග් නේද.

647
00:49:47,360 --> 00:49:49,440
- ඉස්සර වගේම.
- අනේ, ඇරෝන්.

648
00:49:57,680 --> 00:49:59,600
අගුලක් කඩලා දොරක් අරින්න ඔයා දන්නවද?

649
00:50:01,840 --> 00:50:05,120
මට අටුවට ගිහින් බලන්න ඕනේ
මගේ අම්මා මොනවද දැක්කේ කියලා.

650
00:50:07,440 --> 00:50:08,520
ඉතින් මට ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

651
00:50:09,680 --> 00:50:13,360
ඉබ්බෙක් කඩන්න පුළුවන් වෙන කාවවත්
මම දන්නේ නෑ.

652
00:50:14,280 --> 00:50:15,440
එතකොට මට පුළුවන්ද?

653
00:50:15,960 --> 00:50:18,240
ඇයි? මම ඉස්සර ගංජා විකුණපු නිසාද?

654
00:50:18,320 --> 00:50:22,040
මම දන්නේ නෑ. මම නිකන් බැලුවේ
ඔයාට මට උදව් කරන්න පුළුවන්ද කියලා.

655
00:50:23,680 --> 00:50:25,520
රූත්, මම අපරාධකාරයෙක් නෙවෙයි.

656
00:50:29,280 --> 00:50:33,640
මම දන්නවා ඇරෝන්. මම හිතුවා
ඔයා කාවහරි දන්නවා ඇති කියලා.

657
00:50:33,720 --> 00:50:36,480
ඔයා හිතන්නේ මම මොන වගේ අය
ආශ්‍රය කරනවා කියලද?

658
00:50:37,000 --> 00:50:38,040
ඔයා හිතන්නේ මම කවුරු කියලද?

659
00:50:41,480 --> 00:50:43,480
ඕක අමතක කරන්න රූත්. කමක් නෑ.

660
00:51:19,480 --> 00:51:23,440
<i>මුලින්ම, අපි පරිස්සමෙන්
සිලින්ඩරේ එළියට ගන්නවා.</i>

661
00:51:23,520 --> 00:51:26,800
<i>මේ විදිහට. ක්ලිප්ස් පැටලෙන්නේ
නැති වෙන්න වගබලාගන්න...</i>

662
00:53:16,720 --> 00:53:17,640
<i>හලෝ?</i>

663
00:53:17,720 --> 00:53:20,520
මට සමාවෙන්න ඇරෝන්. මම...

664
00:53:20,600 --> 00:53:23,160
<i>හේයි, ඔයාලා දිහා මගේ බැජ් එක තිබුණද?</i>

665
00:53:23,240 --> 00:53:24,120
ඔයාගේ මොකක්?

666
00:53:24,720 --> 00:53:27,080
<i>ඒකේ මගේ ෆොටෝ එකකුයි බාර්කෝඩ් එකකුයි තියෙනවා.</i>

667
00:53:27,600 --> 00:53:30,120
<i>නිල් පාට පටියකුත් තියෙනවා.
කොහේවත් හොයාගන්න නෑ.</i>

668
00:53:30,200 --> 00:53:31,440
ඔයා ඒක කොහෙද තිබ්බේ?

669
00:53:31,520 --> 00:53:33,240
<i>මම හැමතිස්සෙම ඒක වෑන් එකේ එල්ලලා තියන්නේ.</i>

670
00:53:33,320 --> 00:53:35,880
<i>ඒත් සමහරවිට ඊයේ මට ඒක
ඔයාලගේ ගෙදර දාලා එන්න ඇති.</i>

671
00:53:35,960 --> 00:53:39,040
ඒ බැජ් එකෙන් ඕනෙම කෙනෙක්ට
අර ඖෂධ සමාගමට යන්න පුළුවන්ද?

672
00:53:39,120 --> 00:53:40,360
<i>ඔව්, අනිවාර්යයෙන්ම.</i>

673
00:53:41,920 --> 00:53:44,280
- එහෙමද.
- <i>රූත්, ඔයා මොනවද හිතන්නේ?</i>

674
00:53:44,360 --> 00:53:46,320
- ඒක මාර අමුතුයි නේද?
- <i>ඔයා මොකක්ද අදහස් කරන්නේ?</i>

675
00:53:46,400 --> 00:53:50,440
ඔයා මෙහේ ඇවිත් ඔයාගේ බැජ් එක
නැතිකරගත්ත එක අමුතුයි කියලා හිතෙන්නේ නැද්ද?

676
00:53:50,520 --> 00:53:53,000
- ඔයා වෑන් එක ලොක් කරන්නේ නැතුවද ගියේ?
- <i>ඒක කොහේ හරි ඇති.</i>

677
00:53:53,080 --> 00:53:56,360
<i>බයවෙන්න එපා. මම බලන්නම් ඒකෙ
ඩියුප්ලිකේට් එකක් ගන්න පුළුවන්ද කියලා. බායි.</i>

678
00:54:13,800 --> 00:54:16,840
ලාස් වේගාස්
රජයේ පාසල

679
00:54:23,880 --> 00:54:25,880
මගේ කලින් බිරිඳට සනීප නෑ.

680
00:54:27,760 --> 00:54:31,200
මට තහනම් නියෝගයක් ගන්න වුණා.
එයාලා ඒක දුන්නා.

681
00:54:31,960 --> 00:54:33,120
කිසිම පැකිලීමක් නැතුව.

682
00:54:33,640 --> 00:54:35,160
මොකද එයා භයානකයි.

683
00:54:35,960 --> 00:54:37,160
එයා භයානකයි.

684
00:54:37,960 --> 00:54:39,600
ඒ කොහොමද?

685
00:54:39,680 --> 00:54:41,200
එයාට පිස්සු හැදුණා.

686
00:54:41,280 --> 00:54:42,480
එයා හිටියේ...

687
00:54:43,640 --> 00:54:46,600
එයා මාර හොඳ ගෑනු කෙනෙක්.
එයා නියමයි. එයා...

688
00:54:47,880 --> 00:54:50,080
ඒත් එයාට පිස්සු හැදුණා.

689
00:54:50,720 --> 00:54:51,560
එයා ලෙඩ වුණා.

690
00:54:51,640 --> 00:54:56,960
එයා මාස ගාණක් තිස්සේ දරුණු
විශාදයකින් හිටියා.

691
00:54:57,040 --> 00:54:58,240
ඒක හරිම භයානකයි.

692
00:54:59,040 --> 00:55:00,920
ඊටපස්සේ එයා කාමරේට වෙලා දොර වහගත්තා.

693
00:55:01,000 --> 00:55:03,960
එයා හුදෙකලා වෙලා
විකාර විශ්වාස කරන්න පටන් ගත්තා.

694
00:55:04,040 --> 00:55:06,480
කුරුල්ලෝ කියන්නේ කුරුල්ලෝ නෙවෙයි කිව්වා.

695
00:55:07,160 --> 00:55:08,960
උන් අපි ගැන ඔත්තු බලනවා කිව්වා.

696
00:55:09,040 --> 00:55:13,600
ප්ලේන් වලින් නැනෝ තාක්ෂණික අංශු
ඉහිනවා කිව්වා අපිව පාලනය කරන්න.

697
00:55:13,680 --> 00:55:16,800
එකපාරටම, නරක මිනිස්සු වගයක්
හැමදේම පාලනය කරනවා කිව්වා.

698
00:55:17,520 --> 00:55:21,880
අනික එයාට එයාලව පරද්දන්න ඕනේ වුණා.
එතකොට ලෝකේ තියෙන ඔක්කොම දුක් වේදනා නැතිවෙයි කිව්වා.

699
00:55:23,200 --> 00:55:26,000
ඒකයි එයා අතුරුදහන් වීම් ගැන
ඔච්චර පිස්සුවෙන් වගේ හෙව්වේ.

700
00:55:26,760 --> 00:55:28,480
නැතිවුණු ළමයි ගැන.

701
00:55:28,560 --> 00:55:31,640
මේවා ඔක්කොම විකාර කියලා එයාට තේරුම් කරලා
දෙන්න විදිහක් තිබුණේ නැද්ද?

702
00:55:31,720 --> 00:55:32,680
පුළුවන් වුණා නම් කොච්චර හොඳද.

703
00:55:32,760 --> 00:55:36,080
එයා මගේ ළමයි ගැන පිස්සුවෙන් වගේ
හොයන්න ගත්තා. අපේ ළමයි ගැන.

704
00:55:36,720 --> 00:55:40,840
එයාලා ගෙදර ආවාම, එයා එයාලගේ
ඇඟේ කැමරා තියෙනවද කියලා හෙව්වා.

705
00:55:40,920 --> 00:55:44,760
එයා දවසම හිටියේ ඒ මගුලේ පාලනයක් එක්ක.

706
00:55:46,960 --> 00:55:49,760
එයා තුවක්කු ලයිසන් එක අලුත් කරලා,
ගෙදර හැමතැනම තුවක්කු තියාගත්තා.

707
00:55:49,840 --> 00:55:54,280
අනික, එතනින් නවතින්නේ නැතුව
ඒක තවත් දරුණු වුණා.

708
00:55:54,360 --> 00:55:58,040
මගේ කලින් බිරිඳ, හමුදාවේ ඉද්දි,
පුපුරණ ද්‍රව්‍ය ගැන විශේෂඥයෙක්.

709
00:55:59,520 --> 00:56:03,760
එයා ඕනෙම වෙලාවක මොනවා හරි
පුපුරවලා දායි වගේ හිටියේ.

710
00:56:03,840 --> 00:56:05,720
මම දන්නවා ඒ...

711
00:56:06,600 --> 00:56:09,680
කවදාහරි දවසක මම පත්තරේ
එයාගේ නම දකියි. මම ඒක දන්නවා.

712
00:56:11,840 --> 00:56:14,160
මගේ තාත්තා දැන් වෙනස්ම කෙනෙක් වගේ.

713
00:56:14,880 --> 00:56:17,320
මම මේ කියන්න යන දේ අහන්න අමාරුයි
කියලා මම දන්නවා.

714
00:56:17,840 --> 00:56:19,040
ඒත් එයාගෙන් ඈත් වෙන්න.

715
00:56:19,120 --> 00:56:22,280
පුළුවන් තරම් ඈතට වෙලා ඉන්න.

716
00:57:03,720 --> 00:57:05,000
ඔයා මොකද කරන්නේ?

717
00:57:06,720 --> 00:57:07,920
පුහුණු වෙනවා.

718
00:57:08,600 --> 00:57:09,560
ප්‍රශ්නයක් තියෙනවද?

719
00:57:12,520 --> 00:57:14,320
ඔයා වෙඩි තියනවා මම මීට කලින් දැකලා නෑ.

720
00:57:22,640 --> 00:57:25,560
තුවක්කුව කොහොමද? විශ්‍රාම ගත්තාම
ඒක ආපහු දෙන්න ඕනේ නැද්ද?

721
00:57:26,920 --> 00:57:29,400
ඒක කවදා ඕනේ වෙයිද කියලා කවුද දන්නේ.

722
00:59:33,920 --> 00:59:35,600
සුබ රාත්‍රියක්, රූත්.

723
01:00:10,320 --> 01:00:12,640
ඔයා කා එක්කද කතා කළේ? නරක ආරංචියක්ද?

724
01:00:12,720 --> 01:00:15,600
නෑ. බර්ලින් වල මගේ බොස් එක්ක.

725
01:00:20,000 --> 01:00:20,920
ඔයා කොහෙද යන්නේ?

726
01:00:22,000 --> 01:00:24,600
අපි තාමත් ඇලෙහන්ද්‍රෝව හොයනවා.

727
01:00:25,760 --> 01:00:28,600
මම වැව දිහාට යනවා.
ඔයත් එනවද?

728
01:00:28,680 --> 01:00:30,240
ඔයා පොඩි කාලේ ඒකට හරි ආසයිනේ.

729
01:00:36,000 --> 01:00:37,520
හරි.

730
01:00:44,320 --> 01:00:48,320
අපි මුළු කැලේම පීරුවා,
ඒත් අපිට මුකුත් හම්බවුණේ නෑ.

731
01:00:48,400 --> 01:00:50,520
එයා අතරමං වුණා නම්, එයා වැටුණා නම්,

732
01:00:50,600 --> 01:00:54,080
එහෙමත් නැත්නම් එයා මැරුණා නම්,
අපිට මිනිය හම්බවෙන්න එපැයි.

733
01:00:56,760 --> 01:00:58,560
ඉතින්, අපි මෙහේ මොකද කරන්නේ?

734
01:00:58,640 --> 01:01:00,960
- උමං මාර්ග තියෙනවා.
- උමං මාර්ග?

735
01:01:01,040 --> 01:01:03,400
ඔව්. ඒවාට අවුරුදු සිය ගාණක් පරණයි.

736
01:01:03,480 --> 01:01:08,040
යුද්දෙ කාලේ, මාකුවිස්ලා ඒවා පාවිච්චි කළා
ටවුන් එකේ ඉන්න එයාලගේ පවුල් වල අයව බලන්න යන්න.

737
01:01:08,120 --> 01:01:09,360
බලන්න.

738
01:01:11,040 --> 01:01:12,040
දැක්කද?

739
01:01:12,720 --> 01:01:15,320
ඔයා දන්නවද දැන් අනිත්
පැත්තේ තියෙන්නේ මොකක්ද කියලා?

740
01:01:15,400 --> 01:01:17,720
- මොකක්ද?
- ඖෂධ සමාගම.

741
01:01:21,120 --> 01:01:22,480
හරි.

742
01:01:22,560 --> 01:01:23,640
අපි යමුද?

743
01:01:34,520 --> 01:01:38,520
නෑම තහනම්

744
01:01:51,280 --> 01:01:52,840
දැන් ඇති. හරිද තාත්තේ?

745
01:01:54,520 --> 01:01:57,520
උමං වලට යන පාර තියෙන්නේ වැවේ නම්?

746
01:01:58,560 --> 01:02:00,840
අවුරුදු ගාණකට කලින් අපද්‍රව්‍ය දැම්මා
කියලා එයාලා කිව්වා.

747
01:02:00,920 --> 01:02:03,120
ඒකයි කවුරුවත් නාන්න යන්නේ නැත්තේ.

748
01:02:03,640 --> 01:02:05,280
මිනිස්සු මේක කුණු ගොඩක් විදිහට පාවිච්චි කරන්නේ.

749
01:02:05,360 --> 01:02:09,080
ඒත් මිනිස්සුන්ව වතුරට බහින එක නවත්තන්න
කරපු දෙයක් නම්,

750
01:02:09,160 --> 01:02:10,600
එතකොට එයාලට උමං මාර්ග හොයාගන්න බැරිවෙනවනේ?

751
01:02:13,000 --> 01:02:15,480
මට වෙට්සූට් එකක් අරන් ආයෙ එන්න වෙයි.

752
01:02:15,560 --> 01:02:16,560
ඔයා දන්නවද?

753
01:02:17,080 --> 01:02:18,560
ඒක ඕනේ වෙන එකක් නෑ.

754
01:02:20,200 --> 01:02:21,080
ඔයා මොකද කරන්නේ?

755
01:02:22,200 --> 01:02:24,480
- උමං මාර්ග හොයනවා.
- මොකක්?

756
01:02:25,760 --> 01:02:27,760
මේකේ පිරිලා තියෙන්නේ කුණු!

757
01:02:29,880 --> 01:02:31,520
කොහෙද තාත්තේ උමං මාර්ග තියෙන්නේ?

758
01:02:31,600 --> 01:02:34,080
මේ පැත්තෙද? නැත්නම් අර පැත්තෙද?

759
01:02:36,800 --> 01:02:38,560
ඔයා මොකද කරන්නේ?

760
01:02:38,640 --> 01:02:40,160
ඔයා කරන දේමයි.

761
01:02:40,240 --> 01:02:42,720
ඔයා හැමදාම කරන ඒ පිස්සු වැඩේමයි.

762
01:02:42,800 --> 01:02:44,280
ඒක විහිළුවක් නෙවෙයි, නේද?

763
01:02:53,840 --> 01:02:55,520
මට මුකුත් පේන්නේ නෑ.

764
01:02:57,240 --> 01:02:58,840
සමහරවිට මේ පැත්තෙද?

765
01:03:01,960 --> 01:03:03,000
මොකද වුණේ?

766
01:03:05,200 --> 01:03:06,240
මගුල.

767
01:03:10,160 --> 01:03:12,320
- මගේ කකුල කැපුණා.
- මම ඔයාට කිව්වා.

768
01:03:28,800 --> 01:03:29,800
මාව ගෙදර එක්කන් යන්න.

769
01:03:31,000 --> 01:03:32,040
මොකක්?

770
01:03:32,120 --> 01:03:34,360
ඔයා දන්නවද ඔතන යට කොච්චර
ජරාව තියෙනවද කියලා?

771
01:03:34,440 --> 01:03:37,080
මම දන්නවා. ඒකයි මම ඔයාට යන්න එපා කිව්වේ.

772
01:03:37,160 --> 01:03:39,320
මට තුවාලේ සුද්ද කරන්න ඕනේ,
නැත්නම් පැසවයි.

773
01:03:39,400 --> 01:03:40,760
ඒක මුකුත් නෑ.

774
01:03:40,840 --> 01:03:42,720
මට අතන උඩ පොඩ්ඩක් බලන්න ඕනේ.

775
01:03:42,800 --> 01:03:44,520
ඉක්මන් කරන්න. වහින්නයි යන්නේ.

776
01:03:57,320 --> 01:04:01,480
ඔයාට දැන් වැදගත් වෙන්නේ අර ළමයා ගැන
තියෙන ඔයාගේ ඔය මගුල් පිස්සුව විතරයි.

777
01:04:01,560 --> 01:04:05,040
අපි අම්මාව වළලලා ආවා විතරයි,
ඔයා ආයෙත් පටන් අරන්, රෙද්ද.

778
01:04:05,120 --> 01:04:06,800
මම දන්නේ නෑ, මට හිතෙන්නේ...

779
01:04:06,880 --> 01:04:08,560
අම්මාගේ මරණෙ නිසා ඔයාට මළපැනලා ඉන්නේ

780
01:04:08,640 --> 01:04:10,800
මොකද ඒකෙන් දවස් දෙකකට ඔයාගේ හොයන
වැඩේ නැවතුණු නිසා.

781
01:04:10,880 --> 01:04:13,720
ඔයා මට කියන්නේ මගේ බිරිඳගේ මරණෙ ගැන
මට ගාණක් නෑ කියලද?

782
01:04:14,320 --> 01:04:16,640
ඇයි ඔයා අර ළමයා ගැන ඔච්චර හොයන්නේ?

783
01:04:17,160 --> 01:04:19,040
මොකද? ඔයාට එයාව ඉම්ප්‍රෙස් කරන්න ඕනෙද?

784
01:04:19,120 --> 01:04:20,120
කාවද?

785
01:04:21,280 --> 01:04:22,600
ඔයාගේ යාළුවා, බර්ටාව.

786
01:04:22,680 --> 01:04:25,040
එයාද ඔයාගේ ඔළුව කෑවේ?

787
01:04:25,560 --> 01:04:28,160
මම දන්නේ නෑ. මට කියන්න.
ඔයා එයාට ආදරේද මොකක්ද?

788
01:04:28,680 --> 01:04:31,400
මම මගේ ජීවිතේටම ආදරේ කළේ එක ගෑනු
කෙනෙක්ට විතරයි, ඒ ඔයාගේ අම්මාට.

789
01:04:31,480 --> 01:04:32,720
එයා බිව්වත්.

790
01:04:32,800 --> 01:04:37,280
එකපාරටම එයා ඉරිදා පූජාවට යන
භක්තිවන්තියක් වුණත්.

791
01:04:37,360 --> 01:04:40,920
ඔයාගේ අම්මා ගොඩක් කාලෙක ඉඳන් හොඳින්
හිටියේ නෑ, රූත්. ඔයා ගියාට පස්සේ.

792
01:04:42,720 --> 01:04:45,120
ඒකනේ. දැන් ඒක මගේ වැරැද්ද, නේද?

793
01:04:45,200 --> 01:04:46,960
මම ඇයි ගියේ කියලා ඔයා දන්නවද තාත්තේ?

794
01:04:47,040 --> 01:04:48,960
මොකද මට තවත් ඉවසන්න බැරි වුණා.

795
01:04:49,040 --> 01:04:51,800
මොකද මට පීනන එක නවත්තන්න ඕනේ වුණා,
ඒත් ඔයා මට ඒක කරන්න දුන්නේ නෑ.

796
01:04:51,880 --> 01:04:53,600
අනික මට මගේ ජීවිතේ ජීවත් වෙන්න ඕනේ වුණා.

797
01:04:54,880 --> 01:04:56,760
ඔයාගේ අම්මා ඔයාට පණ වගේ ආදරේ කළා, රූත්.

798
01:04:57,560 --> 01:05:01,440
ඔයා තමයි එයාගේ ජීවිතේ එළිය වුණේ, එකපාරටම
ඔයා එයාව කළුවරේ දාලා ගියා.

799
01:05:01,520 --> 01:05:03,800
එයා බොන්න පුරුදු වුණු එක ගැන
ඔයා තාමත් පුදුම වෙනවද?

800
01:05:06,080 --> 01:05:09,600
සමහරවිට එයා එහෙම කළේ හැමතිස්සෙම කේන්තියෙන්
ඉන්න නාකි මනුස්සයෙක් එක්ක ඉන්න බැරි නිසා වෙන්න ඇති.

801
01:05:09,680 --> 01:05:12,760
තමන්ගේ මගුල් කුමන්ත්‍රණ කතා නිසා
දවසින් දවස පිස්සුවෙන් වගේ හැසිරෙන කෙනෙක් එක්ක.

802
01:05:13,600 --> 01:05:16,880
ඔයා දිහා ඒ විදිහට බලන කෙනෙක්ට ආදරේ කරන එක
කොච්චර අමාරුද කියලා ඔයා දන්නවද?

803
01:05:16,960 --> 01:05:19,760
තමන්ට කිසිම ගෞරවයක් නැති?
තමන්ට කිසිම ආදරයක් නැති කෙනෙක්ට?

804
01:05:19,840 --> 01:05:22,400
එකපාරටම තමන්ගෙන් වැඩකට නැති නාකියෙක්ව
විතරක් දකින කෙනෙක්ට?

805
01:05:30,920 --> 01:05:34,320
මම හිතන්නේ ඔයාගේ ඔළුවේ තියෙන ඔය ලෙඩේටත්
වැරදිකාරයා මම තමයි නේද?

806
01:05:34,400 --> 01:05:38,480
මම සම්පූර්ණයෙන්ම නිරෝගී. කවදාටත් වඩා නිරෝගී.
මම ඇහැරිලා ඉන්නේ.

807
01:05:38,560 --> 01:05:41,800
ඔයයි අනිත් අයයි තමයි කිසිම දෙයක් නොදැන
ජීවත් වෙන්න කැමති.

808
01:05:41,880 --> 01:05:44,720
ඒ ළමයින්ගේ සහ පවුල් වල අයගේ දුක,
වේදනාව නොදැක්කා වගේ ඉන්නවා.

809
01:05:44,800 --> 01:05:48,920
මට ඇති වෙලා. ඔයා ආයෙ ආයෙත් ඔය මගුල්
පිස්සුවට යන එක මට තවත් ඉවසන්න බෑ.

810
01:05:49,000 --> 01:05:50,200
මට පිස්සු නෑ!

811
01:05:50,280 --> 01:05:52,920
ළමයි අතුරුදහන් වෙන වසංගතයක් තිබුණා නම්,

812
01:05:53,000 --> 01:05:55,640
ඒක හැම පත්තරේකම මුල් පිටුවේ
තියෙන්න එපැයි, රෙද්ද!

813
01:05:55,720 --> 01:05:57,520
ඔයා හරිම මෝඩයි, දුවේ.

814
01:05:57,600 --> 01:06:00,920
ලෝකේ දුවන විදිහ ගැන මට දැන් ඔයාට
පැහැදිලි කරලා දෙන්නත් ඕනෙද?

815
01:06:02,320 --> 01:06:06,520
ඊට වඩා නරක දෙයක් හිතනවාට වඩා ඔයා මෝඩයි
කියලා හිතන එක හොඳයි.

816
01:06:08,280 --> 01:06:10,920
ඔයා දැන් මාවත් සැක කරන්න පටන් ගන්නද යන්නේ?

817
01:06:11,000 --> 01:06:14,400
ඒකනේ, ඔයා ඇරෙන්න අනිත් හැමෝටම අල්ලස්
දීලා තියෙන්නේ. නේද තාත්තේ?

818
01:06:14,480 --> 01:06:16,160
ඔයා ඇරෙන්න අනිත් හැමෝම මෝඩයෝ.

819
01:06:16,240 --> 01:06:18,600
ඔයා කණ්ණාඩියෙන් ඔයාගේ මූණ බැලුවද?

820
01:06:18,680 --> 01:06:20,240
ඔයාට පේනවද ඔයාගේ හැටි?

821
01:06:20,320 --> 01:06:22,880
මොකද ඒක බුද්ධිමතෙකුගේ පෙනුමක් නම් නෙවෙයි.

822
01:06:22,960 --> 01:06:24,800
ඔයා අර අවබෝධය ලබපු මනුස්සයෙක් වගේ පේන්නේ නෑ

823
01:06:24,880 --> 01:06:27,440
සත්‍යය දන්න, අනිත් හැමෝම පස්සෙන්
යන්න ඕනේ කෙනෙක් වගේ.

824
01:06:28,040 --> 01:06:31,680
ඔයා අටුවකට වෙලා දොර වහගෙන දෙවියෝ දන්න
මගුලක් කරන නාකියෙක් විතරයි.

825
01:06:31,760 --> 01:06:33,440
ඔයා එච්චරයි, තාත්තේ.

826
01:06:34,520 --> 01:06:36,880
මම අටුවේ මොනවද කරන්නේ කියලා ඔයාට
දැනගන්න ඕනේ නේද?

827
01:06:37,880 --> 01:06:40,640
ඒකද ඔයා ඊයේ දොර කඩන්න හැදුවේ?

828
01:06:42,960 --> 01:06:44,800
ඔයා මං ගැන ඔත්තු බැලුවද?

829
01:06:45,320 --> 01:06:47,160
- නියමයි.
- ඔයා කොහෙද යන්නේ?

830
01:06:47,240 --> 01:06:49,640
- ඔයාට පාර වරදීවි! රූත්!
- මාව අතාරින්න!

831
01:06:51,840 --> 01:06:54,080
- මට පාඩුවේ ඉන්න දෙන්න!
- රූත්!

832
01:06:55,640 --> 01:06:56,600
රූත්.

833
01:06:57,600 --> 01:06:58,440
රූත්!

834
01:06:59,200 --> 01:07:00,040
නවතින්න!

835
01:07:00,640 --> 01:07:01,720
මට පාඩුවේ ඉන්න දෙන්න!

836
01:07:09,000 --> 01:07:09,960
රූත්!

837
01:07:27,160 --> 01:07:30,160
ඔයාට සිහිය නැති වුණා, ඒත් දැන් ඔයාට හොඳයි.

838
01:07:30,240 --> 01:07:34,040
ඔයාට දවස් කීපයක් විවේක ගන්න වෙයි,
නැත්නම් මේ වළලුකරට අමාරු වෙයි.

839
01:07:34,880 --> 01:07:37,080
රිදෙනවා නම්, පැය අටෙන් අටට
වේදනානාශකයක් ගන්න.

840
01:07:37,160 --> 01:07:41,280
අනික ඔයාගේ තාත්තා හදන ඖෂධීය පාන බොන්න.
එයා ඖෂධ පැළෑටි ගැන හොඳට දන්නවා.

841
01:07:41,360 --> 01:07:45,360
ඒත් ප්‍රධාන දේ, විවේක ගන්න. වළලුකර වැරදි
විදිහට සනීප වෙනවට අපි කැමති නෑනේ, හරිද?

842
01:07:48,000 --> 01:07:49,000
හරි.

843
01:09:28,560 --> 01:09:31,520
ගෙදර හැමතැනම තියෙන අර මගුල්
කැමරා වලින් මොනවද කරන්නේ?

844
01:09:32,040 --> 01:09:34,680
ඔයා මං ගැන ඔත්තු බලනවද නැත්නම්
අම්මා ගැන ඔත්තු බැලුවද?

845
01:09:35,200 --> 01:09:38,200
ඔයා මේ මොනවා ගැනද කියන්නේ? මම ඇයි ඔයා ගැන
ඔත්තු බලන්නේ? මෝඩයෙක් වෙන්න එපා.

846
01:09:38,280 --> 01:09:39,760
මෝඩයි. මම දැන් මෝඩයි.

847
01:09:39,840 --> 01:09:41,960
මම ඒවා දැම්මේ ආරක්ෂාවට.

848
01:09:42,040 --> 01:09:45,400
මොකද මම බය වුණා අර මිනිස්සු
අපේ පස්සෙන් එයි කියලා.

849
01:09:45,480 --> 01:09:46,520
දෙවියනේ.

850
01:09:46,600 --> 01:09:50,680
දැක්කද? මම දැනගෙන හිටියා ඔයා මාව විශ්වාස කරන්නේ
නෑ කියලා. ඒකයි මම ඔයාට කිව්වේ නැත්තේ.

851
01:09:50,760 --> 01:09:52,800
කවුද අපේ පස්සෙන් එන්නේ තාත්තේ?

852
01:09:52,880 --> 01:09:55,040
කවුද? අර ඖෂධ සමාගමේ මිනිස්සුද?

853
01:09:55,120 --> 01:09:57,800
අනික දේශපාලඥයෝ. අනික පොලිසිය.

854
01:09:57,880 --> 01:10:01,160
එයාලට ඕනෙම කෙනෙක්ට අල්ලස් දෙන්න පුළුවන්,
අපි හිතන්නෙවත් නැති අයට වුණත්.

855
01:10:01,920 --> 01:10:03,840
ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

856
01:10:03,920 --> 01:10:06,680
එයාලා ළමයින්ට එහෙම කෲර දේවල් කරනවා.

857
01:10:06,760 --> 01:10:10,800
එයාලට කරදරයක් වෙන අපේ ඕනෙම කෙනෙක්ට
ඕනෙම දෙයක් කරන්න එයාලට පුළුවන්.

858
01:10:10,880 --> 01:10:12,760
අනික එයාලා දන්නවා මම එයාලා ගැන හොයනවා කියලා.

859
01:10:12,840 --> 01:10:15,640
ළඟදි දවසක, මම එයාලගේ බිල්ඩිම වටේ හොරෙන්
බලද්දි එයාලට අහු වුණා.

860
01:10:15,720 --> 01:10:18,040
ගාඩ් කෙනෙක් මගෙන් අයිඩෙන්ටිය
ඉල්ලුවා. මම දුන්නේ නෑ.

861
01:10:18,120 --> 01:10:20,760
ඒත් එයාලා දන්නවා මම කවුද, කොහෙද ඉන්නේ කියලා.

862
01:10:24,400 --> 01:10:25,960
ඔයා එහේ මොනවද කළේ තාත්තේ?

863
01:10:27,080 --> 01:10:29,440
උමං මාර්ග ඉවර වෙන්නේ එතනින්.
එයාලගේ බේස්මන්ට් එකෙන්.

864
01:10:29,520 --> 01:10:32,200
මේ අහන්න, මට තවත් මේක අහගෙන ඉන්න බෑ. මට බෑ.

865
01:10:32,280 --> 01:10:34,160
මට මුකුත් නොවුණා වගේ මෙතන ඉඳගෙන

866
01:10:34,240 --> 01:10:36,520
ඔයා කියන ඔය උමං මාර්ග, පැහැරගත්ත
ළමයි ගැන කතා අහගෙන ඉන්න බෑ.

867
01:10:36,600 --> 01:10:37,640
මට මේක දරාගන්න බෑ.

868
01:10:37,720 --> 01:10:40,560
ඔයා මම කියන දේ අහන්නේ
නෑ. එයාලා හරිම භයානකයි.

869
01:10:40,640 --> 01:10:44,000
කාර් එකකින් මගේ පස්සෙන් එන එකම කෙනා
ඔයාගේ යාළුවා විතරයි.

870
01:10:44,080 --> 01:10:45,960
එයා ඔයාව ආරක්ෂා කරනවා, රූත්.

871
01:10:47,480 --> 01:10:48,320
මොකෙන්ද?

872
01:10:48,920 --> 01:10:51,440
එයා ඔයාගේ පස්සෙන් එන්නේ
ඔයා හොඳින්ද කියලා බලන්න.

873
01:10:51,520 --> 01:10:54,240
මගේ දුව වුණු නිසා ඔයාත් දැන් ඉලක්කයක් වෙලා.

874
01:11:00,960 --> 01:11:04,120
අම්මා නැතිවුණු දවසේ රෑ කැමරා රෙකෝඩ් වුණාද?

875
01:11:05,640 --> 01:11:06,640
අනිවාර්යයෙන්ම.

876
01:11:08,040 --> 01:11:09,120
ඉතින් ඒවයේ මොනවද තියෙන්නේ?

877
01:11:09,720 --> 01:11:13,440
ඒවයේ තියෙනවා අම්මා නානකාමරේට යනවා. එච්චරයි.

878
01:11:15,160 --> 01:11:16,560
සිවිල් ආරක්ෂක බලකාය ඒක දන්නවද?

879
01:11:16,640 --> 01:11:18,600
ඔව්. මම එයාලට ඔක්කොම දුන්නා.

880
01:11:18,680 --> 01:11:20,360
මම කරපු පළවෙනි දේ ඒක.

881
01:11:21,240 --> 01:11:23,200
ඉතින්, ඔයා මට කිව්වේ නෑනේ.

882
01:11:23,280 --> 01:11:26,080
මොකද ඔයා මාව විශ්වාස කරන්නේ නැති නිසා. ඒකයි.

883
01:11:31,200 --> 01:11:33,000
- ස්තූතියි.
- සුළු දෙයක්.

884
01:11:34,480 --> 01:11:35,880
මම ඔයාට ඒක පෙන්නන්නම්, හරිද?

885
01:11:36,880 --> 01:11:40,000
මේ වීඩියෝ එකේ තියෙන්නේ ඔයාගේ අම්මා
නානකාමරේට ගියාට පස්සේ.

886
01:11:40,080 --> 01:11:42,680
එයා... නැතිවුණු දවසේ.

887
01:11:42,760 --> 01:11:43,760
ඔව්.

888
01:11:53,880 --> 01:11:55,160
ඒත් මේකේ සද්දේ නෑනේ.

889
01:11:55,240 --> 01:11:56,280
ඔව්, ඇත්තටම නෑ.

890
01:11:56,360 --> 01:11:59,000
මගේ අම්මා උත්තර දුන්නද කියලා අපි දන්නේ නෑනේ.

891
01:12:00,000 --> 01:12:01,840
මගේ තාත්තා නිකන් රඟපානවා නම්?

892
01:12:01,920 --> 01:12:05,560
ඒ කියන්නේ ඔයාගේ තාත්තා කැමරා ගැනත් හිතලා

893
01:12:05,640 --> 01:12:07,680
එයාට සාක්ෂියක් හදාගන්න
පුළුවන් විදිහට ප්ලෑන් එකක් ගහලා

894
01:12:07,760 --> 01:12:10,080
ඔයාගේ අම්මාව කිසිම
අනුකම්පාවක් නැතුව මැරුවා කියන එක.

895
01:12:11,000 --> 01:12:12,200
ඔයා ඒක විශ්වාස කරනවද?

896
01:12:13,040 --> 01:12:17,040
නෑ. ඒත් මගේ අම්මා දොර වහගෙන වැටෙනවා.

897
01:12:17,120 --> 01:12:19,440
- එයා කොහොමද වැටෙන්නේ?
- මත්පැන් නිසා.

898
01:12:20,160 --> 01:12:22,800
මගේ අම්මාට එච්චර බොන්න බෑ.

899
01:12:23,680 --> 01:12:24,680
හරි.

900
01:12:26,480 --> 01:12:28,880
මේ වීඩියෝ එක ඊට දවස් කීපයකට කලින්.

901
01:12:28,960 --> 01:12:31,040
මේකෙන් ඔයා ටිකක් කම්පනය වෙයි.

902
01:12:35,200 --> 01:12:38,120
එදත් එයා හොඳටම බීලා හිටියේ
කියලා පැහැදිලියි.

903
01:12:53,240 --> 01:12:56,720
- අනේ, ඕක ඕෆ් කරන්න.
- ඔව්. අනිවාර්යයෙන්ම. මට සමාවෙන්න.

904
01:12:56,800 --> 01:13:00,680
සමහරවිට මම මේ අදාළ නැති
දේකට ඇඟිලි ගහනවා ඇති.

905
01:13:02,440 --> 01:13:03,680
ගෙදර හැමදේම හොඳින්ද?

906
01:13:06,520 --> 01:13:08,440
ඔයාට ඕනෙම දේකට අපි ඉන්නවා.

907
01:13:11,320 --> 01:13:12,320
හරිද?

908
01:13:17,280 --> 01:13:20,520
ඔය කකුලත් තියාගෙන ඩ්‍රයිව් කරන්න
ඔයාට කොහොම හිතුණද?

909
01:13:21,360 --> 01:13:22,960
දොස්තර කිව්ව දේ ඔයාට ඇහුණේ නැද්ද?

910
01:13:26,160 --> 01:13:28,360
ඔයාට අනතුරක් කරගන්නද ඕනේ?

911
01:13:28,440 --> 01:13:29,680
මට ඔයාවත් නැතිවෙනවා දකින්නද ඕනේ?

912
01:13:30,280 --> 01:13:31,680
මට ඒක දැනගන්න ඕනේ වුණා.

913
01:13:32,440 --> 01:13:33,440
මොනවා දැනගන්නද?

914
01:13:34,280 --> 01:13:37,040
ඔයාගේ අම්මා සිහිය නැතිවෙනකන්
බිව්වා කියලද?

915
01:13:37,120 --> 01:13:38,840
ඒකද ඔයාට දැනගන්න ඕනේ වුණේ?

916
01:13:39,360 --> 01:13:42,280
අන්න ඒකෙන් තමයි මට ඔයාව
බේරගන්න ඕනේ වුණේ දුවේ.

917
01:13:42,360 --> 01:13:43,880
අර වගේ දර්ශන වලින්.

918
01:13:43,960 --> 01:13:45,520
ඔයා ඒවා දැනගන්න ඕනේ නෑ.

919
01:13:45,600 --> 01:13:48,320
ඔයාගේ අම්මාව ඒ විදිහට මතක
තියාගන්නවට මම කැමති නෑ.

920
01:13:48,840 --> 01:13:49,720
මට සමාවෙන්න.

921
01:13:51,080 --> 01:13:55,520
මට පොරොන්දු වෙන්න ඔයා විවේක ගන්නවා,
අනික ඕනවට වඩා හිතන එක නවත්තනවා කියලා.

922
01:13:56,320 --> 01:13:58,520
ඇඟපත හෝදගෙන රිලැක්ස් වෙන්න.

923
01:14:00,200 --> 01:14:02,440
අර ඖෂධ එක බොන්න. ඒකෙන් ඔයාට ගුණයක් වෙයි.

924
01:15:03,240 --> 01:15:05,560
රූත්, ඔයාට මොනවා හරි ඕනෙද?

925
01:15:09,160 --> 01:15:11,160
දුවේ, ඔයා හොඳින්ද?

926
01:15:12,280 --> 01:15:13,880
රූත්, මොනවා හරි කියන්නකෝ.

927
01:15:16,960 --> 01:15:17,960
<i>රූත්?</i>

928
01:15:21,160 --> 01:15:22,880
<i>ඔයා හොඳින්ද? මොකද වුණේ?</i>

929
01:15:36,280 --> 01:15:39,760
ඒක මාරම අමුතුයි. මම හොඳින් හිටියේ.

930
01:15:39,840 --> 01:15:43,200
ඊටපස්සේ මම තාත්තා දීපු අර මගුල්
ඖෂධ එක බිව්වා, මට කරකැවිල්ලක් එන්න ගත්තා.

931
01:15:43,280 --> 01:15:44,800
- ඔයා දන්නවද?
- හරි.

932
01:15:44,880 --> 01:15:47,760
මට මගේ බැලන්ස් එක නැතිවෙන්න ගත්තා.

933
01:15:47,840 --> 01:15:49,960
පැටලෙන්න ගත්තා. අර වීඩියෝ වල මගේ අම්මා වගේ.

934
01:15:50,040 --> 01:15:53,640
ඉතින් මට හිතෙන්න ගත්තා සමහරවිට
මගේ තාත්තා එයාට මොනවා හරි දෙන්න ඇති කියලා.

935
01:15:53,720 --> 01:15:56,720
එයාගේ යාළුවා, අර මරණ පරීක්ෂක,
අර රෙද්දෙ රිපෝට් එකට නොදාපු දෙයක්.

936
01:15:56,800 --> 01:15:58,320
- ඒකයි ඒක ඒකෙ නැත්තේ.
- පොඩ්ඩක් ඉන්න.

937
01:15:58,400 --> 01:16:01,320
පොඩ්ඩක් ඉන්න, මොකද දැන්
මට මුකුත්ම තේරෙන්නේ නෑ.

938
01:16:02,000 --> 01:16:03,640
අනික මම ටිකක් මත්වෙලත් ඉන්නේ.

939
01:16:03,720 --> 01:16:08,160
මම හිතුවේ අර වීඩියෝ එකේ ඔයාගේ තාත්තා දොරට
තට්ටු කරනවා පේනවා, ඒත් ඔයාගේ අම්මා නෑ...

940
01:16:08,240 --> 01:16:09,560
කවුද ඔයාට එහෙම කිව්වේ?

941
01:16:11,000 --> 01:16:13,440
මොකද ඒක පේනවා, ඒත් මුකුත් ඇහෙන්නේ නෑනේ.

942
01:16:13,520 --> 01:16:15,880
සමහරවිට ඒක නිකන් රඟපෑමක් වෙන්න ඇති.

943
01:16:15,960 --> 01:16:17,840
දොරට තට්ටු කරනවා. ඒක කඩාගෙන යනවා.

944
01:16:17,920 --> 01:16:21,440
අනික එයා ඇතුළට ගිහින් එයාට
හෙල්ලෙන්නවත් බෑ කියලා දැක්කාම,

945
01:16:21,520 --> 01:16:23,280
කිසිම අනුකම්පාවක් නැතුව එයාව මැරුවා, තේරුණාද?

946
01:16:23,360 --> 01:16:26,760
රූත්, ඔයා ඔයා කියන දේ අහගෙනද ඉන්නේ?
ඔයා කියන දේ ඔයාටම ඇහෙනවද?

947
01:16:26,840 --> 01:16:30,560
එයා මට මත්ද්‍රව්‍ය දුන්නා.
මට හිටගන්නවත් බැරිවුණා.

948
01:16:30,640 --> 01:16:32,880
මම දන්නේ නෑ. සමහරවිට ඔයා ගංජා බොන්න ඇති.

949
01:16:32,960 --> 01:16:35,920
- මම බිව්වේ නෑ.
- ඔයා වෙන මොනවා හරි ගත්තද?

950
01:16:36,000 --> 01:16:37,240
මුකුත් නෑ.

951
01:16:37,760 --> 01:16:38,920
මම ගත්තා...

952
01:16:39,000 --> 01:16:43,920
මම කකුලට වේදනානාශකයක් ගත්තා,
අනික ස්ටේෂන් එකෙන් මට දීපු මොනවා හරි.

953
01:16:44,000 --> 01:16:45,640
ඉතින්, සමහරවිට ඒක වෙන්න ඇති.

954
01:16:47,680 --> 01:16:49,240
ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ?

955
01:16:50,920 --> 01:16:53,280
ඔයා මගේ තාත්තා එක්ක මොනවද කතා කර කර හිටියේ?

956
01:16:53,360 --> 01:16:54,880
ඔයාලා දෙන්නා කොඳුරනවා මම දැක්කා.

957
01:16:54,960 --> 01:16:58,040
රූත්, ඔයාගේ තාත්තා ඔයා ගැන ගොඩක්
දුකින්, බයෙන් ඉන්නේ. එච්චරයි.

958
01:16:58,120 --> 01:17:00,360
- ඔයාට විශ්වාසද?
- ඔව්.

959
01:17:00,440 --> 01:17:01,800
එයා ඔයාට ජොබ් එකක් දෙන්න හැදුවේ නැද්ද?

960
01:17:02,760 --> 01:17:04,440
මේ අහන්න, ඔය ඇති.

961
01:17:04,520 --> 01:17:06,120
හරි රූත්. එච්චරයි.

962
01:17:06,200 --> 01:17:09,840
ඊළඟ පාර ඔයාගේ තාත්තා ඔයාව මරන්න හදනවා හරි
එයාට පිටසක්වළයෝ පේනවා හරි කියලා හිතුණොත්,

963
01:17:09,920 --> 01:17:11,320
වෙන කාටහරි කෝල් කරන්න, හරිද?

964
01:17:11,400 --> 01:17:13,000
මොකද මට මේක දැන් ඇති වෙලා රූත්.

965
01:17:13,080 --> 01:17:16,160
ඔයාට සෙක්ස් කරන්න ඕනේ වුණාම,

966
01:17:16,240 --> 01:17:17,840
ගංජා ටිකක් ඕනේ වුණාම, නැත්නම් ඉබ්බෙක් කඩාගන්න
ඕනේ වුණාම දුවගෙන ඇවිත් මට දැන් එපා වෙලා.

967
01:17:19,840 --> 01:17:20,840
හරි.

968
01:17:22,400 --> 01:17:25,400
එතකොට මමයි ඔයාගෙන්
ප්‍රයෝජන ගන්නේ, නේද?

969
01:17:26,120 --> 01:17:29,880
ඔයා කරන හැමදේම කරන්නේ කිසිම
බලාපොරොත්තුවක් නැතුව. නේද, ඇරෝන්?

970
01:17:31,280 --> 01:17:34,960
ඔයයි මමයි අතරේ ආයෙත් මොනවා හරි
ඇතිවෙයි කියලා හිතාගෙන නෙවෙයි.

971
01:17:37,160 --> 01:17:38,360
මම යනවා, රූත්.

972
01:18:28,400 --> 01:18:29,400
රූත්.

973
01:18:29,960 --> 01:18:31,280
දොර අරින්න.

974
01:18:32,000 --> 01:18:33,000
රූත්.

975
01:18:34,200 --> 01:18:35,800
ඔයා හොඳින්ද?

976
01:18:35,880 --> 01:18:37,920
මම ඩොක්ටර් වෙලස්කෝට කතා කරන්නද?

977
01:19:21,200 --> 01:19:23,200
2024 පෙබරවාරි 26

978
01:19:27,720 --> 01:19:30,600
අල්ෆොන්සෝ හැමතිස්සෙම අපිව හිනස්සනවා

979
01:20:02,880 --> 01:20:04,680
සිවිල් ආරක්ෂක බලකාය

980
01:20:24,960 --> 01:20:26,760
මම ආවේ සාජන්ට් බැලෙස්ටර් එක්ක කතා කරන්න.

981
01:20:32,240 --> 01:20:33,800
එයා උත්තර දෙන්නේ නෑ. කරුණාකරලා රැඳී ඉන්න.

982
01:20:33,880 --> 01:20:36,160
- මට ඉන්න බෑ. හදිසියක්.
- හේයි!

983
01:20:41,720 --> 01:20:42,720
හේයි!

984
01:20:52,280 --> 01:20:53,280
පොඩ්ඩක් ඉන්න.

985
01:20:54,720 --> 01:20:56,160
ඔයාට මෙතන ඉන්න බෑ.

986
01:21:48,480 --> 01:21:50,880
රූත්! ඔයා මොකද කරන්නේ?

987
01:21:52,520 --> 01:21:53,760
ඔයා මොකද කරන්නේ?

988
01:21:58,560 --> 01:21:59,560
මට සමාවෙන්න.

989
01:22:01,080 --> 01:22:02,680
මට සමාවෙන්න, තාත්තේ.

990
01:22:07,000 --> 01:22:10,120
මට ඔයාගේ අර ඖෂධ පානයක්
හදලා දෙනවද?

991
01:22:11,000 --> 01:22:12,000
අනිවාර්යයෙන්ම.

992
01:23:08,520 --> 01:23:12,400
නොදන්නා අංකයක්

993
01:23:12,480 --> 01:23:14,240
පිළිගන්න

994
01:23:17,160 --> 01:23:20,920
<i>රූත්, මම සාජන්ට් බැලෙස්ටර්.
එයාලා මට කිව්වා ඔයා මාව හම්බවෙන්න ආවා කියලා.</i>

995
01:23:22,400 --> 01:23:23,600
ඔව්.

996
01:23:24,200 --> 01:23:27,160
<i>ඔයා ඔයාගේ තාත්තාව මගේ ඔෆිස් එකේ දකින්න ඇති.</i>

997
01:23:27,760 --> 01:23:29,160
<i>මට හිතෙනවා අපි කතා කරන්න ඕනේ කියලා.</i>

998
01:23:29,240 --> 01:23:30,360
ඇයි?

999
01:23:30,880 --> 01:23:34,480
<i>ඔයාගේ තාත්තා අද උදේ මාව හම්බවෙන්න ආවා
එයා හිතන දේ මට කියන්න...</i>

1000
01:23:35,320 --> 01:23:40,360
<i>ඔයාගේ අම්මාගේ මරණෙට කොහොමහරි
ඔයාගේ සම්බන්ධයක් තියෙනවා කියලා.</i>

1001
01:23:41,160 --> 01:23:43,960
<i>එයා හිතන්නේ ඔයා අර ඖෂධ
සමාගමත් එක්ක සම්බන්ධයි කියලා</i>

1002
01:23:44,040 --> 01:23:49,040
<i>මේ පැත්තේ ශාඛාවක් දාපු, අනික ඔයා
වෙන අය එක්කත් වැඩ කරනවා ඇති කියලා.</i>

1003
01:23:49,920 --> 01:23:52,200
<i>අහම්බයන් කියලා දේවල් නෑ කියලා.</i>

1004
01:23:52,280 --> 01:23:56,240
<i>කොහොම වුණත්. තනිකමෙන් ඉන්න,
ඕනවට වඩා නිදහස් වෙලාව තියෙන කෙනෙක්ගේ විකාර කතා.</i>

1005
01:23:56,960 --> 01:23:58,760
<i>අපි මෑතක ඉඳන් මේවා ගොඩක් දකිනවා.</i>

1006
01:23:59,600 --> 01:24:00,720
අතුරුදහන් වූ ළමයා
වැව පරීක්ෂා කරන්න

1007
01:24:00,800 --> 01:24:02,240
එයාලා වැඩ කරන්නේ උන්ටද?

1008
01:24:02,320 --> 01:24:06,960
<i>මට ඕනේ ඔයා දැනගන්න අපිට, අනික මොළේ
කළඳක් හරි තියෙන ඕනෙම කෙනෙක්ට,</i>

1009
01:24:07,040 --> 01:24:09,840
<i>මේ කේස් එක ඉවරයි,
මේක අපරාධයක් නෙවෙයි කියලා.</i>

1010
01:24:11,480 --> 01:24:12,880
ඒක අනතුරක්.

1011
01:24:13,400 --> 01:24:17,600
<i>හැම සාක්ෂියකින්ම ඔප්පු වෙන්නේ
ඒක අවාසනාවන්ත අනතුරක් කියලා, ඔව්.</i>

1012
01:24:23,240 --> 01:24:24,720
එහෙනම් ඇයි?

1013
01:24:25,400 --> 01:24:26,400
<i>ඇයි මොකක්ද?</i>

1014
01:24:30,400 --> 01:24:33,240
ඇයි ඒ වගේ දේවල් ගොතන්නේ?

1015
01:24:35,040 --> 01:24:40,400
<i>මොකද මම හිතන්නේ තමන් ආදරේ කරන කෙනා
නැතිවුණා කියලා පිළිගන්න එක ගොඩක් අමාරුයි...</i>

1016
01:24:40,480 --> 01:24:42,160
<i>ඒ වගේ මෝඩ විදිහකට.</i>

1017
01:24:49,720 --> 01:24:52,120
වෙන කෙනෙක්ට බණින එක හැමතිස්සෙම ලේසියි.

1018
01:24:55,200 --> 01:24:57,720
<i>මෙච්චර ලොකු වේදනාවක් එක්ක මොනවද
කරන්නේ කියලා තේරුම් ගන්න එක ලේසි නෑ.</i>

1019
01:24:58,400 --> 01:25:03,320
<i>මට හිතෙන්නේ ඒ අදහස් නිසා ඔයාගේ තාත්තාට එයා
විශේෂයි, ප්‍රයෝජනවත් කෙනෙක් කියලා හිතෙනවා ඇති.</i>

1020
01:25:11,000 --> 01:25:16,240
<i>ඒත් මට ඕනේ වුණේ ඔයාට අනතුරු අඟවන්න.
එයාට තියෙන්නේ අන්තවාදියෙක්ගේ විශ්වාසයක්.</i>

1021
01:25:16,320 --> 01:25:18,080
<i>අනික අන්තවාදියෙක් කියන්නේ...</i>

1022
01:25:19,080 --> 01:25:20,880
<i>භයානකම ජාතියේ මනුස්සයෙක්.</i>

1023
01:25:30,360 --> 01:25:32,160
<i>එයා ගැන පරිස්සම් වෙන්න, කරුණාකරලා.</i>

1024
01:25:34,320 --> 01:25:35,160
ස්තූතියි.

1025
01:25:49,040 --> 01:25:50,040
තාත්තේ?

1026
01:25:53,560 --> 01:25:54,520
තාත්තේ.

1027
01:25:55,280 --> 01:25:56,120
මට සමාවෙන්න.

1028
01:25:56,200 --> 01:25:58,560
- හේයි. එයාගෙන් ඈත් වෙලා ඉන්න.
- මට සමාවෙන්න.

1029
01:25:58,640 --> 01:25:59,720
මට නිකන් කතා කරන්න ඕනේ.

1030
01:25:59,800 --> 01:26:01,920
ඔයා එයාව මරන්නයි ගියේ, මගුල.

1031
01:26:02,000 --> 01:26:04,800
මට පැහැදිලි කරන්න දෙන්න. හැමදේම හොඳින්.

1032
01:26:05,920 --> 01:26:06,920
තාත්තේ.

1033
01:26:07,560 --> 01:26:09,160
එයා ඔයාට බයවෙලා. ඔයාට පේන්නේ නැද්ද?

1034
01:26:09,240 --> 01:26:10,680
ඉතින් පුදුමයක් නෑනේ.

1035
01:26:12,200 --> 01:26:14,160
- මගුලක්, තාත්තේ.
- ඔයාගේ අත් දෙක දෙන්න.

1036
01:26:15,960 --> 01:26:18,800
- ඔයාට කතා කරන්න ඕනෙනම්, අත් ගැටගහලා ඉන්න වෙයි.
- මොකක්?

1037
01:26:18,880 --> 01:26:21,800
ඔයා ආයෙත් එයාට පහර දෙයි කියලා
අපිට අවදානමක් ගන්න බෑ.

1038
01:26:21,880 --> 01:26:23,200
තාත්තේ.

1039
01:26:28,520 --> 01:26:30,080
එයා කියන විදිහට කරන්න, දුවේ.

1040
01:26:44,240 --> 01:26:47,320
මම හිතුවේ අම්මාගේ මරණෙට
ඔයාගේ සම්බන්ධයක් තියෙනවා කියලා.

1041
01:26:48,520 --> 01:26:50,640
මට සමාවෙන්න. මට සමාවෙන්න, තාත්තේ.

1042
01:26:50,720 --> 01:26:52,640
මට තේරුණේ නෑ. මම...

1043
01:26:52,720 --> 01:26:54,600
මට ඔයාට රිද්දන්න ඕනේ වුණේ නෑ, ඇත්තටම.

1044
01:26:57,880 --> 01:27:00,000
ඔයා මොනවද කරන්න යන්නේ?

1045
01:27:00,080 --> 01:27:02,360
ඔයා සිවිල් ගාඩ් එකට කතා කරන්නද යන්නේ?

1046
01:27:04,200 --> 01:27:05,200
මොකක්ද ඒ?

1047
01:27:07,120 --> 01:27:09,920
- මගුල!
- මේක ඕනේ නෑනේ.

1048
01:27:13,080 --> 01:27:14,040
මෙහෙට එන්න.

1049
01:27:19,760 --> 01:27:22,840
දැන් අපිට ඔයාගේ දුව ගැන
ප්‍රශ්නයක් තියෙනවා, මාටින්.

1050
01:27:22,920 --> 01:27:25,520
අපි දන්නේ නෑ එයා අටුවේ මොනවද දැක්කේ,
මොනවද දැක්කේ නැත්තේ කියලා.

1051
01:27:28,080 --> 01:27:29,360
අපි දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ.

1052
01:27:30,240 --> 01:27:33,760
අපි උමං මාර්ග වලට යන්න ඕනේ.
අපිට ළමයින්ව හොයාගන්න ඕනේ.

1053
01:27:41,200 --> 01:27:42,560
දැන් කවුද ඒ මගුල ආවේ?

1054
01:27:42,640 --> 01:27:45,160
ඒ දොස්තර. එයා රූත්ව බලන්න එන්න ඇති.

1055
01:27:46,080 --> 01:27:47,520
එයාට යන්න කියන්න.

1056
01:27:47,600 --> 01:27:48,920
ඒ මොකක්ද තාත්තේ?

1057
01:27:49,520 --> 01:27:50,960
ඒ ඇරෝන්ගේ බැජ් එකද?

1058
01:27:55,520 --> 01:27:57,680
තාත්තේ! එපා! තාත්තේ!

1059
01:27:57,760 --> 01:27:59,480
තාත්තේ, අනේ, මාව මෙතන දාලා යන්න එපා!

1060
01:27:59,560 --> 01:28:00,600
කටවහගන්නවා, මගුල.

1061
01:28:00,680 --> 01:28:02,240
- තාත්තේ!
- <i>අපි යමු මේ වචන වලට...</i>

1062
01:28:02,320 --> 01:28:03,560
උදව් කරන්න!

1063
01:28:03,640 --> 01:28:05,080
ඔයා කටවහගෙන ඉන්නවද?

1064
01:28:05,600 --> 01:28:07,080
- තාත්තේ!
- ඔයා කටවහගෙන ඉඳීවි.

1065
01:28:07,160 --> 01:28:12,720
<i>...ඇස්ටූරියන් භාෂාවෙන්.
අනික අද තියෙන ලස්සන වචනේට අකුරු හයක් තියෙනවා.</i>

1066
01:28:13,760 --> 01:28:15,800
<i>ඉන්මා? නැද්ද?</i>

1067
01:28:15,880 --> 01:28:18,400
අපි ටිකක් සන්සුන් වෙමු.

1068
01:28:21,200 --> 01:28:24,200
හේයි, සන්සුන් වෙන්න. මම ඒක බලාගන්නම්.

1069
01:28:24,280 --> 01:28:27,160
<i>ඒ ලස්සන වචනෙන් එච්චර හොඳ
සුවඳක් නම් එන්නේ නෑ.</i>

1070
01:28:28,360 --> 01:28:30,160
මම ඔයා එනකන් කාර් එකේ ඉන්නම්.

1071
01:28:31,680 --> 01:28:33,360
<i>නෑ. රීබවුන්ඩ්.</i>

1072
01:28:46,000 --> 01:28:48,640
තාත්තේ, ඔයා ඇරෝන්ගේ බැජ් එකෙන්
මොනවද කරන්න යන්නේ?

1073
01:28:50,240 --> 01:28:52,280
අම්මා දැක්කේ ඒකද? ඔයා කරන්න යන දේ?

1074
01:28:52,880 --> 01:28:55,520
ඒකද ඔයා එයාගේ ෆෝන් එකේ
තිබුණු ඔක්කොම ඩිලීට් කළේ?

1075
01:28:55,600 --> 01:28:57,400
එයා අටුවටත් ගියා.

1076
01:28:57,480 --> 01:29:01,720
අපි මොනවද කරන්න යන්නේ කියලා එයා දැනගත්තා,
එයාට පිස්සු හැදුණා.

1077
01:29:01,800 --> 01:29:04,400
ඊටපස්සේ, ඔව්, එයා පුරුදු
විදිහට වඩා බොන්න ගත්තා.

1078
01:29:04,480 --> 01:29:07,600
ඒත් මම හිතන්නේ නෑ ඒක අනතුරක් කියලා.

1079
01:29:07,680 --> 01:29:09,480
මම හිතන්නේ කවුරුහරි එයාව මැරුවා.

1080
01:29:10,920 --> 01:29:13,160
ඔයා ඇත්තටම හිතනවද මට ඒකට
සම්බන්ධයක් තියෙනවා කියලා?

1081
01:29:13,240 --> 01:29:16,240
මම දන්නවා ඔයා කවදාවත් ඔයාගේ අම්මාට
මුකුත් කරන්නේ නෑ කියලා.

1082
01:29:16,320 --> 01:29:21,440
ඒත් සමහරවිට එයාලා ඔයාව පාවිච්චි කරලා
මාව පටලවලා මාව අයින් කරන්න හදනවා ඇති.

1083
01:29:21,520 --> 01:29:24,240
මම මුලින් එහෙම හිතුවේ නෑ, ඒත් මේ ඔක්කොම,

1084
01:29:24,320 --> 01:29:29,760
එයාලා මාව බිල්ඩිම වටේ කැරකෙනවා දැක්කට පස්සෙම
ඔයාගේ අම්මාගේ මරණෙ වුණු එක,

1085
01:29:29,840 --> 01:29:31,320
ලොකුම ලොකු අහම්බයක්.

1086
01:29:32,120 --> 01:29:33,080
අම්මා වැටුණා.

1087
01:29:33,800 --> 01:29:36,440
මම දන්නවා ඒක පිළිගන්න අමාරුයි,
ඒත් අපිට වෙන කරන්න දෙයක් නෑ.

1088
01:29:36,520 --> 01:29:40,000
මම දන්නවා ඒක බයහිතෙනවා,
ඒත් කතා ගොතන එකෙන් වැඩක් නෑ.

1089
01:29:40,080 --> 01:29:43,160
මම දොස්තරට කිව්වා ඔයා නිදාගෙන ඉන්නේ,
අද හවස් වෙලා එන්න කියලා.

1090
01:29:43,240 --> 01:29:44,640
එයා ඔයාව ලිහයි.

1091
01:29:49,320 --> 01:29:50,320
තාත්තේ.

1092
01:29:51,440 --> 01:29:52,280
තාත්තේ!

1093
01:29:52,880 --> 01:29:53,880
මගුල.

1094
01:30:11,720 --> 01:30:12,720
මගුල.

1095
01:30:18,080 --> 01:30:19,400
උදව් කරන්න!

1096
01:30:19,920 --> 01:30:21,480
මට උදව් කරන්න, කරුණාකරලා!

1097
01:30:29,880 --> 01:30:33,040
ඇලෙහන්ද්‍රෝ හුවෙල්වා සඳහා සෙවීම් දිගටම

1098
01:30:40,680 --> 01:30:41,880
එයා ඉන්නේ වැවේ.

1099
01:31:35,840 --> 01:31:37,760
ඇරෝන්, අනේ, මම කියන දේ අහන්න.

1100
01:31:38,360 --> 01:31:41,360
<i>මම දන්නවා මම මෑතක ඉඳන්
ගොඩක් විකාර කතා කිව්වා කියලා.</i>

1101
01:31:41,440 --> 01:31:43,920
<i>මම දන්නවා. ඒත් මේක එහෙම නෙවෙයි.</i>

1102
01:31:44,000 --> 01:31:47,880
<i>මගේ තාත්තා ගාව ඔයාගේ බැජ් එක තියෙනවා,
එයා ඒකෙන් බිල්ඩිමට යයි.</i>

1103
01:31:48,680 --> 01:31:49,880
<i>එයා සමහරවිට දැනටමත් ඇතුළේ ඇති.</i>

1104
01:31:49,960 --> 01:31:52,880
<i>අනික එච්චරක් නෙවෙයි. එයා ගාව
තුවක්කුවකුයි පුපුරණ ද්‍රව්‍යයි තියෙනවා.</i>

1105
01:31:52,960 --> 01:31:57,040
<i>එයා එක්ක ඉන්න ගෑනු කෙනා ආමි එකේ හිටියේ,
එයා ඒවා පාවිච්චි කරන්න දන්නවා.</i>

1106
01:31:57,120 --> 01:31:58,400
<i>එයාලා යන්නේ බේස්මන්ට් එකට.</i>

1107
01:31:58,480 --> 01:32:03,280
<i>එයාලා හිතන්නේ රහස් උමං මාර්ග වල හරි
මොකක හරි ළමයි හංගලා ඉන්නවා කියලා.</i>

1108
01:32:03,360 --> 01:32:05,800
<i>එයාලව හොයාගන්න මෙයාලා මොනවා කරයිද
කියලා දෙවියෝ තමයි දන්නේ.</i>

1109
01:32:05,880 --> 01:32:09,360
<i>මම එනගමන්. ඒත් මට වෙලාවට එන්න බැරිවෙයි.</i>

1110
01:32:09,440 --> 01:32:13,000
<i>මට ඕනේ ඔයා මාව විශ්වාස කරනවාට.
අනේ, ඇරෝන්. අනේ.</i>

1111
01:32:14,680 --> 01:32:17,080
...<i>අනික එයා ඒක පාවිච්චි කරයි
බිල්ඩිමට යන්න.</i>

1112
01:32:17,160 --> 01:32:19,080
<i>එයා සමහරවිට දැනටමත් ඇතුළේ ඇති.</i>

1113
01:32:19,160 --> 01:32:22,000
<i>අනික එච්චරක් නෙවෙයි. එයා ගාව
තුවක්කුවකුයි පුපුරණ ද්‍රව්‍යයි තියෙනවා.</i>

1114
01:32:24,360 --> 01:32:25,360
පරිස්සමෙන්.

1115
01:32:37,360 --> 01:32:38,640
ඉන්න.

1116
01:32:41,000 --> 01:32:42,000
අපි යමු.

1117
01:32:52,880 --> 01:32:53,960
මම යන්නම්.

1118
01:33:25,520 --> 01:33:26,480
ඔක්කොම හරි.

1119
01:33:28,400 --> 01:33:29,400
අපි ඒක කරමු.

1120
01:33:53,680 --> 01:33:55,200
නවතින්න. ඔයාට ඇතුළට යන්න බෑ.

1121
01:33:55,280 --> 01:33:57,680
මගේ තාත්තා ඇතුළේ ඉන්නේ. මට ඇතුළට යන්නම ඕනේ.

1122
01:34:16,040 --> 01:34:18,680
ඇරෝන්. හේයි, ඔයා හොඳින්ද?

1123
01:34:28,320 --> 01:34:31,840
අපි ඊළඟ බිත්තිය ට්‍රයි කරමු.
එයාලා ඒක පිටිපස්සේ ඇති.

1124
01:34:41,400 --> 01:34:42,440
තාත්තේ.

1125
01:34:43,120 --> 01:34:45,320
රූත්! ඔයා මෙහේ මොකද කරන්නේ? ගෙදර යන්න.

1126
01:34:45,400 --> 01:34:47,000
නෑ. ඔයා මාත් එක්ක එනවා.

1127
01:34:47,760 --> 01:34:48,880
මට බෑ, දුවේ.

1128
01:34:48,960 --> 01:34:50,200
ළමයා මෙතන නෑ.

1129
01:34:50,280 --> 01:34:52,440
මතකද මගේ කකුල වැවේ තිබුණු
යකඩෙක කැපුණා?

1130
01:34:52,520 --> 01:34:54,760
ඒ ඇලෙහන්ද්‍රෝගේ බයිසිකලේ.

1131
01:34:54,840 --> 01:34:58,040
ළමයා ඉන්නේ එතන. එයා බයිසිකලෙත් එක්කම
ගිලිලා. මට ෂුවර්.

1132
01:34:58,920 --> 01:35:01,880
මගේ අදහස වෙනස් කරන්න
ඔයා ඕනෙම දෙයක් කියයි.

1133
01:35:01,960 --> 01:35:04,720
නෑ, තාත්තේ. ඔයා මාව විශ්වාස කරන්නේ නැත්නම්,
අපිට පොලිසියට යන්න පුළුවන්.

1134
01:35:04,800 --> 01:35:06,800
මට ෂුවර් එයාලා එයාව හොයාගනීවි.
එයා ඉන්නේ වැවේ.

1135
01:35:06,880 --> 01:35:10,680
ඒක ඇත්ත වුණත්, ඒ ඇලෙහන්ද්‍රෝ විතරක් නෙවෙයි.

1136
01:35:10,760 --> 01:35:12,680
ඒ අනිත් ඔක්කොම ළමයි.

1137
01:35:12,760 --> 01:35:15,120
හිටපු අය, අනික ඉස්සරහට එන්න ඉන්න අය.

1138
01:35:15,200 --> 01:35:18,320
ඔයාට පේන්නේ නැද්ද, ඇත්ත එළියට ගෙනල්ලා,
අපිට එයාලව බේරගන්න පුළුවන් කියලා?

1139
01:35:18,400 --> 01:35:21,920
මට ඔයාව තේරෙනවා, ඇත්තටම.
ඒත් ඔයාට කාවවත් බේරගන්න ඕනේ නෑ.

1140
01:35:22,000 --> 01:35:23,760
ඔයාට කිසිම ළමයෙක්ව බේරගන්න ඕනේ නෑ.

1141
01:35:23,840 --> 01:35:27,000
ඔයාට ලෝකේ වෙනස් කරන්න ඕනේ නෑ.
ඔයාට වීරයෙක් වෙන්න ඕනේ නෑ.

1142
01:35:28,280 --> 01:35:30,920
ඔයාට මගේ තාත්තා වෙන එක මදිද?

1143
01:35:31,000 --> 01:35:32,480
මොකද මට ඔයාව ඕනේ.

1144
01:35:34,000 --> 01:35:36,960
අපි යමු. අපි වෙන ප්ලෑන් එකක් ගැන හිතමු.
අපි වෙන දවසක එමු.

1145
01:35:37,040 --> 01:35:39,240
ඔයාට ඕනේ දෙයක්. මම ආයේ ඔයාව දාලා යන්නේ නෑ.

1146
01:35:39,320 --> 01:35:41,280
මම ඔයාගේ ළඟින්ම ඉන්නම්. මම දිවුරනවා.

1147
01:35:41,360 --> 01:35:42,280
මම දිවුරනවා, තාත්තේ.

1148
01:35:44,400 --> 01:35:45,560
මම ඔයාට ආදරෙයි.

1149
01:35:50,560 --> 01:35:53,800
- එපා! තාත්තේ!
- අපි යමු! රූත්!

1150
01:36:44,960 --> 01:36:47,880
<i>අද අපි අවදි වුණේ ඇලෙහන්ද්‍රෝ හුවෙල්වා කියන
දුක්බර ආරංචිය එක්ක,</i>

1151
01:36:47,960 --> 01:36:49,600
<i>මාසෙකට කලින් අතුරුදහන් වුණු පිරිමි ළමයා,</i>

1152
01:36:49,680 --> 01:36:51,880
<i>කාල්ඩස් වැවේ මැරිලා ඉඳලා හොයාගෙන තියෙනවා.</i>

1153
01:36:51,960 --> 01:36:55,120
<i>ඇලෙහන්ද්‍රෝගේ සිරුර හොයාගෙන තියෙන්නේ
අපද්‍රව්‍ය ගොඩක හිරවෙලා තියෙද්දි.</i>

1154
01:36:55,200 --> 01:36:57,960
<i>පසුගිය සතියේ සිදුවුණු මරණ වලට
එකතු වුණු තවත් ඛේදවාචකයක්</i>

1155
01:36:58,040 --> 01:36:59,720
<i>මාටින් ආර්ස් සහ බර්ටා මාටිනෙස්ගේ,</i>

1156
01:36:59,800 --> 01:37:02,520
<i>එයාලා විසින්ම කරපු පිපිරීම් වලින් මියගිය අය</i>

1157
01:37:02,600 --> 01:37:05,000
<i>සර්ටික්ස් ඖෂධ සමාගමේ බේස්මන්ට් එකේ.</i>

1158
01:37:05,080 --> 01:37:07,400
<i>පේන විදිහට, දෙන්නම විශ්වාස කරලා තියෙනවා
බේස්මන්ට් එකේ</i>

1159
01:37:07,480 --> 01:37:12,760
<i>ඇලෙහන්ද්‍රෝ සහ අතුරුදහන් වුණු අනිත් ළමයි ඉන්න
උමං මාර්ග තියෙනවා කියලා.</i>

1160
01:37:12,840 --> 01:37:14,440
<i>මේ කුමන්ත්‍රණ න්‍යාය,</i>

1161
01:37:14,520 --> 01:37:17,520
<i>පසුගිය මාස කිහිපය තුළ,
ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා--</i>

1162
01:37:43,320 --> 01:37:45,400
අවුරුද්දකට පසු

1163
01:38:45,040 --> 01:38:46,040
හලෝ.

1164
01:38:46,560 --> 01:38:48,520
ඔයා මාටින්ගේ දුව, නේද?

1165
01:38:50,840 --> 01:38:52,600
අර ඖෂධ සමාගමේ සිද්ධියට සම්බන්ධ.

1166
01:38:54,440 --> 01:38:56,840
මට දෙයක් කියන්න. එයා මැරිලා නෑ, නේද?

1167
01:38:57,600 --> 01:38:58,560
මොකක්?

1168
01:38:59,280 --> 01:39:02,000
මේ ඔක්කොම එයාට දිගටම පරීක්ෂණ කරන්න
හදපු ආවරණයක්, නේද?

1169
01:39:02,080 --> 01:39:03,760
එතකොට එයාලා එයාව පාඩුවේ ඉන්න දෙනවනේ.

1170
01:39:04,680 --> 01:39:05,960
කාටවත් දැනගන්න බෑ.

1171
01:39:06,040 --> 01:39:09,480
මොකද පොලිසියයි මාධ්‍යයි ඔක්කොම මේකට සම්බන්ධයි.

1172
01:39:09,560 --> 01:39:13,040
පැහැදිලියි එයාලා අර ළමයා යොදාගෙන පරීක්ෂණ
කරලා ඊටපස්සේ එයාව වැවට විසි කළා කියලා.

1173
01:39:14,600 --> 01:39:16,160
ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?

1174
01:39:17,040 --> 01:39:19,120
ඔයාට තේරෙන්නේ නැද්ද ඒ කතාවේ
කිසිම තේරුමක් නෑ කියලා?

1175
01:39:23,400 --> 01:39:24,400
හරි.

1176
01:39:25,200 --> 01:39:28,280
ඔයාට කතා කරන්න බෑ, නේද?
ඒකෙන් ඔයා අනතුරේ වැටෙනවද?

1177
01:39:29,320 --> 01:39:30,680
මට තේරෙනවා.

1178
01:39:30,760 --> 01:39:32,920
ඒත් කවදාහරි දවසක ඇත්ත එළියට ඒවි.

1179
01:39:33,000 --> 01:39:35,600
මට හිතෙනවා ඔයාගේ තාත්තා හැමදේම
එළියට ගෙනාවි කියලා.

1180
01:39:35,680 --> 01:39:38,720
එයා ගොඩක් මිනිස්සුන්ට ලොකු ආදර්ශයක්.

1181
01:39:39,240 --> 01:39:40,680
මම කිව්වා කියලා ඒක එයාට කියන්න.

1182
01:39:43,440 --> 01:39:44,440
නියමයි.

1183
01:40:17,920 --> 01:40:24,920
තවත් බොරු එපා

1184
01:40:26,960 --> 01:40:30,000
{\an8}අපේ ළමයින්ව දැන්ම නිදහස් කරනු

1185
01:40:30,080 --> 01:40:32,920
{\an8}අපිට සත්‍යය ඕනේ

1186
01:40:33,000 --> 01:40:36,880
{\an8}තවත් බොරු එපා. ඇහැරෙන්න!

1187
01:40:36,904 --> 01:41:01,904
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

