1
00:02:16,101 --> 00:02:41,101
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:02:48,125 --> 00:02:49,791
<b>මුන්ට මේක එපා වෙලා නැද්ද?</b>

3
00:03:02,125 --> 00:03:03,208
<b>මෙන්න ආයෙත් පටන් අරන්!</b>

4
00:03:18,416 --> 00:03:19,416
<b>නූලෙන් බේරුණේ!</b>

5
00:03:32,958 --> 00:03:34,166
<b>අපි වැඩේට බහිමු.</b>

6
00:03:40,458 --> 00:03:41,416
<b>සුබ රාත්‍රියක්, සර්.</b>

7
00:03:53,375 --> 00:03:57,000
<i>♪ අහෝ, මනුෂ්‍යය! ♪</i>

8
00:03:57,208 --> 00:04:00,958
<i>♪ මේ ජීවිතේ අයිති ඔයාටද? ♪</i>

9
00:04:01,541 --> 00:04:05,291
<i>♪ එහෙමත් නැත්තම් මේක අළු ගොඩක් විතරද? ♪</i>

10
00:04:09,916 --> 00:04:13,041
<i>♪ මේ රැයේ... ♪</i>

11
00:04:13,708 --> 00:04:16,416
<i>♪ මේ ඉරණම්කාරී රැයේ ♪</i>

12
00:04:34,291 --> 00:04:37,208
<i>♪ මේ රැයේ... ♪</i>

13
00:04:38,208 --> 00:04:41,666
<i>♪ මේ ඉරණම්කාරී රැයේ! ♪</i>

14
00:04:42,250 --> 00:04:46,500
<i>♪ මේ ජීවිතේ!</i>
<i>තනි කකුලෙන් ඉන්න කොකෙක් වගේ ♪</i>

15
00:04:46,583 --> 00:04:50,708
<i>♪ අවස්ථාවක් හොයමින්, වැනෙනවා ♪</i>

16
00:04:50,791 --> 00:04:53,000
<i>♪ සාක්ෂිකාරයා ඔහුයි... ♪</i>

17
00:04:58,500 --> 00:05:02,708
<i>♪ ඔත්තුකාරයෙක් වෙන අපේ හදවත ♪</i>

18
00:05:02,791 --> 00:05:06,875
<i>♪ මේ ඉරණම්කාරී රැයේ</i>
<i>අපි යන ගමන! ♪</i>

19
00:05:06,958 --> 00:05:11,041
<i>♪ අඳුර පවා ආලෝකයක් වෙනවා ♪</i>

20
00:05:11,083 --> 00:05:14,375
<i>♪ දුක් විඳීම පෙනෙන මානයේ තියෙද්දී... ♪</i>

21
00:05:15,000 --> 00:05:19,125
<i>♪ දවසක් ගොඩක් ලස්සනට තිබ්බ ජීවිතේ ♪</i>

22
00:05:19,166 --> 00:05:23,125
<i>♪ දැන් මැකිලා ගිහින්, පාටත් බොඳ වෙලා ♪</i>

23
00:05:23,250 --> 00:05:26,250
<i>♪ මේ රැයේ... ♪</i>

24
00:05:27,041 --> 00:05:29,666
<i>♪ මේ ඉරණම්කාරී රැයේ ♪</i>

25
00:05:49,583 --> 00:05:53,041
<i>♪ අහෝ, මනුෂ්‍යය! ♪</i>

26
00:05:53,166 --> 00:05:57,083
<i>♪ මේ ජීවිතේ අයිති ඔයාටද? ♪</i>

27
00:05:57,166 --> 00:06:01,708
<i>♪ එහෙමත් නැත්තම් මේක අළු ගොඩක් විතරද? ♪</i>

28
00:06:05,833 --> 00:06:09,041
<i>♪ මේ රැයේ... ♪</i>

29
00:06:09,708 --> 00:06:13,375
<i>♪ මේ ඉරණම්කාරී රැයේ ♪</i>

30
00:06:19,000 --> 00:06:23,875
<i>ගොඩක් දුක් විඳිනකොට</i>
<i>කෙනෙක්ට මරණය ඕනෙ වෙනවා.</i>

31
00:06:24,625 --> 00:06:26,791
<i>ඔයාටත් කවදාහරි එහෙම හිතෙන්න පුළුවන්.</i>

32
00:06:36,875 --> 00:06:39,833
<i>මේ ජීවිතේ මට ගොඩක්</i>
<i>වේදනාවන් සහ පසුතැවීම් දුන්නා.</i>

33
00:06:40,333 --> 00:06:44,250
<i>ඒකයි මම මේ ජීවිතේට ඒ හැටි ආස නැත්තේ.</i>

34
00:06:54,875 --> 00:06:56,500
<b>ඒ ගෙම්බෙක්ද?</b>

35
00:07:52,000 --> 00:07:57,500
<i>මෑතක ඉඳන් මට මැරෙන්නමයි හිතෙන්නේ,</i>
<i>ඒක නවත්තගන්නත් බෑ.</i>

36
00:08:48,750 --> 00:08:52,541
<i>මම ඉස්සර ජීවිතේ ගොඩක් වින්දා!</i>

37
00:08:53,208 --> 00:08:55,416
<i>මම ගොඩක් සතුටින් ජීවත් වෙන්න හීන දැක්කා.</i>

38
00:08:56,166 --> 00:08:58,416
<i>සමහර හීන නිකම්ම</i>
<i>හීන විතරයි නේද?</i>

39
00:08:59,333 --> 00:09:00,916
<i>මගේ හීනෙත් ඒ වගේ.</i>

40
00:09:06,875 --> 00:09:09,250
<i>මේ ලියුම ඔයාට හම්බවෙනකොට...</i>

41
00:09:10,458 --> 00:09:11,875
<i>මම ජීවතුන් අතර ඉන්න එකක් නෑ.</i>

42
00:09:13,041 --> 00:09:14,333
<i>මේක සියදිවි නසාගැනීමක්.</i>

43
00:09:48,083 --> 00:09:49,000
<b>කවුද එතන?</b>

44
00:09:51,208 --> 00:09:52,208
<b>ඒ කවුද?</b>

45
00:10:09,583 --> 00:10:10,583
<b>කවුද එතන?</b>

46
00:11:25,458 --> 00:11:26,291
<b>ගුඩ් නයිට්.</b>

47
00:11:26,333 --> 00:11:27,375
<b>හේයි! තමුසේ කවුද?</b>

48
00:11:28,041 --> 00:11:30,875
<b>සම්පත්! සම්පත්!
තමුසේ කවුද?!</b>

49
00:11:30,916 --> 00:11:32,166
<b>නවතිනවා!
කොහේද ඔය දුවන්නේ?</b>

50
00:11:32,291 --> 00:11:33,333
<b>සම්පත්!</b>

51
00:11:33,625 --> 00:11:34,875
<b>හේයි!
කොහේද ඔය දුවන්නේ?</b>

52
00:11:35,583 --> 00:11:36,625
<b>හේයි!
දුවන එක නවත්තනවා!</b>

53
00:11:37,541 --> 00:11:39,500
<b>-හේයි!
-එපා! පිහිය බිම දානවා.</b>

54
00:11:39,666 --> 00:11:40,875
<b>එහෙම කරන්න එපා!
සම්පත්!</b>

55
00:11:41,041 --> 00:11:41,958
<b>සම්පත්!</b>

56
00:11:43,291 --> 00:11:44,291
<b>සම්පත්!</b>

57
00:11:45,250 --> 00:11:46,208
<b>කොහේ යන්නද හදන්නේ?</b>

58
00:13:10,625 --> 00:13:12,125
<b>මොකද වුණේ මැඩම්?</b>

59
00:13:14,291 --> 00:13:16,416
<b>-සම්පත්...
-ඇයි බය වෙලා වගේ?</b>

60
00:13:26,625 --> 00:13:29,041
<b>මොකද වුණේ? මෙයා කවුද?
ඇයි මෙයා බිම වැටිලා ඉන්නේ?</b>

61
00:13:29,625 --> 00:13:32,083
<b>ආ! මැඩම් මෙයාව මැරුවද?</b>

62
00:13:32,875 --> 00:13:33,875
<b>පොඩ්ඩක් ඉන්න.</b>

63
00:13:34,416 --> 00:13:36,916
<b>-කාටද කෝල් කරන්නේ?
-පොලිසියට මැඩම්.</b>

64
00:13:36,958 --> 00:13:37,916
<b>ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.</b>

65
00:14:12,541 --> 00:14:13,541
<b>සම්පත්?</b>

66
00:14:14,125 --> 00:14:15,125
<b>සම්පත්.</b>

67
00:14:16,041 --> 00:14:17,916
<b>-කියන්න මැඩම්.
-ඔයාට මොනවද ඕනේ?</b>

68
00:14:18,041 --> 00:14:19,833
<b>මුකුත් නෑ.
මැඩම් කලින් මට කතා කළානේ.</b>

69
00:14:20,541 --> 00:14:22,250
<b>පොඩි ප්‍රශ්නයක් වුණා.
ඒකයි කතා කළේ.</b>

70
00:14:22,375 --> 00:14:23,708
<b>කියන්න. මොකක්ද වෙන්න ඕනේ?
මම කරන්නම්.</b>

71
00:14:23,916 --> 00:14:25,791
<b>කමක් නෑ. මම ඒක බලාගත්තා.
ඔයා යන්න.</b>

72
00:14:26,041 --> 00:14:27,500
<b>මැඩම්! ස්කෝර් එක දන්නවද?</b>

73
00:14:27,541 --> 00:14:29,208
<b>ලකුණු 144යි, විකට් තුනක් ගිහින්.</b>

74
00:14:29,250 --> 00:14:30,916
<b>දෝනි තාම ගහනවා.
අපිට තාම ඕවර් 7ක් ඉතුරුයි.</b>

75
00:14:31,500 --> 00:14:33,125
<b>එයා අවුට් වෙන්නේ නැති වෙන්න බලන්න.</b>

76
00:14:33,500 --> 00:14:35,250
<b>මම ඒක බලාගන්නම්.
මැඩම්?</b>

77
00:14:35,541 --> 00:14:36,958
<b>ඇයි බය වෙලා වගේ?</b>

78
00:14:38,083 --> 00:14:40,375
<b>එහෙම මුකුත් නෑ.
ඔයා ගිහින් මැච් එක බලන්න.</b>

79
00:14:40,416 --> 00:14:42,500
<b>හරි මැඩම්. CSK තමයි
අද කප් එක ගෙදර ගෙනියන්නේ!</b>

80
00:15:38,208 --> 00:15:39,208
<b>තමුසෙලා කවුද යකෝ?</b>

81
00:15:41,000 --> 00:15:41,875
<b>තමුසෙලාට මොනවද ඕනේ?</b>

82
00:17:35,250 --> 00:17:37,166
<b>-වොච්මන්!
-ශ්... සද්ද කරන්න එපා!</b>

83
00:17:41,375 --> 00:17:42,583
<b>මොකක්ද?
තමුසේ මොනවද හොයන්නේ?</b>

84
00:17:43,333 --> 00:17:45,500
<b>මගේ නෙබියුලයිසර් එක.</b>

85
00:17:54,333 --> 00:17:56,458
<b>ඇත්ත කියනවා.
කවුද තමුසෙව මෙහෙට එව්වේ?</b>

86
00:17:56,791 --> 00:17:58,208
<b>කවුරුවත් නෑ.</b>

87
00:17:58,625 --> 00:18:01,083
<b>මමමයි ආවේ.</b>

88
00:18:01,166 --> 00:18:02,833
<b>බොරු කියන්න එපා!
තමුසේ ඇයි මෙහෙට ආවේ?</b>

89
00:18:02,916 --> 00:18:05,208
<b>-කවුද තමුසෙව එව්වේ?
-මම දිවුරනවා.</b>

90
00:18:05,250 --> 00:18:06,208
<b>මමමයි මෙහෙට ආවේ.</b>

91
00:18:07,791 --> 00:18:09,625
<b>-මම ආවේ හොරකම් කරන්න.
-මම තමුසෙව විශ්වාස කරන්නේ නෑ.</b>

92
00:18:10,250 --> 00:18:12,000
<b>මම දිවුරනවා!</b>

93
00:18:12,875 --> 00:18:14,958
<b>තමුසේ ආවේ හොරකම් කරන්නද
නැත්නම් මාව මරන්නද?</b>

94
00:18:15,375 --> 00:18:17,208
<b>මම ආවේ හොරකම් කරන්න මැඩම්.
මම දිවුරනවා.</b>

95
00:18:17,458 --> 00:18:19,791
<b>-ඕකම කියවන එක නවත්තනවා!
-නෑ මැඩම්...</b>

96
00:18:20,291 --> 00:18:22,000
<b>ඔයාව මරලා මට මොනවා හම්බවෙන්නද?</b>

97
00:18:22,041 --> 00:18:24,083
<b>ආවේ හොරකම් කරන්න!
ඒ වුණාට කතාව බලනවාකෝ!</b>

98
00:18:24,583 --> 00:18:25,833
<b>එහෙනම් ඇයි පිහියක් අල්ලන් හිටියේ?</b>

99
00:18:27,208 --> 00:18:28,291
<b>මම බය වුණා මැඩම්.</b>

100
00:18:28,625 --> 00:18:31,041
<b>ඒකයි බයට ඔයාව සීරුණේ.</b>

101
00:18:32,166 --> 00:18:36,166
<b>ඔයා මාව මැරුවොත්, හැම ආත්මෙකම
මාව මරපු පව ඔයාට පඩිසන් දෙනවා!</b>

102
00:18:36,208 --> 00:18:38,625
<b>-මොනවාද තමුසේ මේ කියවන්නේ?
-නෑ! මම වෙව්ලනවා!</b>

103
00:18:38,750 --> 00:18:40,583
<b>අනේ ඔය තුවක්කුව බිම දාන්න මැඩම්.</b>

104
00:18:41,125 --> 00:18:43,166
<b>-මට යතුර දෙන්න, මම යන්නම්.
-ඇතුළට යනවා.</b>

105
00:18:43,250 --> 00:18:44,833
<b>-නෑ. මම...
-කියන දේ ඇහෙන්නේ නැද්ද? ඇතුළට යනවා!</b>

106
00:18:45,750 --> 00:18:46,666
<b>යනවා!</b>

107
00:18:47,125 --> 00:18:48,791
<b>ඔයා කියන ඕනම දෙයක් මම අහන්නම්.</b>

108
00:18:48,916 --> 00:18:49,750
<b>අනේ තුවක්කුව බිම දාන්න.</b>

109
00:18:50,666 --> 00:18:51,625
<b>යනවා!</b>

110
00:18:54,916 --> 00:18:55,916
<b>මේසේ ළඟට යනවා.</b>

111
00:19:01,416 --> 00:19:02,791
<b>හේයි! මොනවද හොයන්නේ?</b>

112
00:19:03,166 --> 00:19:04,208
<b>යතුරු ටික මට දෙනවා.</b>

113
00:19:04,625 --> 00:19:05,500
<b>ඕක ගන්නවා.</b>

114
00:19:06,333 --> 00:19:08,250
<b>-මම කොහොමද...
-ඕක උස්සනවා!</b>

115
00:19:11,041 --> 00:19:12,958
<b>හේයි! ෆස්ට් ඒඩ් බොක්ස් එක ගන්නවා.</b>

116
00:19:13,291 --> 00:19:15,500
<b>ඒක තමයි...
මෙන්න.</b>

117
00:19:15,708 --> 00:19:16,916
<b>වොෂ් බේසින් එක ළඟට යනවා.</b>

118
00:19:22,666 --> 00:19:23,916
<b>බැන්ඩේජ් එක දාගන්නවා.</b>

119
00:19:29,875 --> 00:19:31,333
<b>මම මේක කළාම මට යන්න දෙනවා නේද?</b>

120
00:19:35,625 --> 00:19:36,583
<b>හරි.</b>

121
00:19:38,666 --> 00:19:40,916
<b>දෙවියනේ!
මේ මඟුල!</b>

122
00:19:41,666 --> 00:19:44,458
<b>-කෝල් එක ආන්සර් කරනවා.
-මැඩම්...</b>

123
00:19:44,625 --> 00:19:45,916
<b>මම කිව්වානේ ආන්සර් කරන්න කියලා!</b>

124
00:19:48,375 --> 00:19:49,416
<b>ස්පීකර් දානවා.</b>

125
00:19:51,541 --> 00:19:52,500
<b>හලෝ?</b>

126
00:19:52,791 --> 00:19:54,500
<i>ඇයි මගේ කෝල්ස් කට් කරන්නේ?</i>

127
00:19:54,916 --> 00:19:57,000
<i>මොකද?</i>
<i>මාත් එක්ක තරහින්ද?</i>

128
00:19:57,458 --> 00:19:59,208
<i>ඔයා ඇරෙන්න මට වෙන කවුද ඉන්නේ?</i>

129
00:19:59,583 --> 00:20:02,500
<i>-මොනවා හරි කියන්නකෝ.</i>
-ඔයාට කොහොමද?

130
00:20:02,625 --> 00:20:05,375
<i>ඔයා එක්ක කතා කරන්නේ නැතුව</i>
<i>මම කොහොමද හොඳින් ඉන්නේ.</i>

131
00:20:05,583 --> 00:20:08,750
<b>මම කිව්වානේ අද රෑට
මම බිසී කියලා?</b>

132
00:20:09,541 --> 00:20:11,041
-මෝඩයා!
<i>-ඇයි ඔයා ඔච්චර සැර?</i>

133
00:20:11,125 --> 00:20:12,750
<i>-මම ඔයාව කොච්චර මිස් කරනවද දන්නවද?</i>
-දැන් තියන්න.

134
00:20:12,833 --> 00:20:15,791
<i>මොකද අවුල?</i>
<i>දෙන්න ඕන දේ දෙන්නකෝ!</i>

135
00:20:16,000 --> 00:20:17,750
-හේයි!
<i>-කියනවා!</i>

136
00:20:18,083 --> 00:20:19,000
<b>ආයෙත් කියන්න?</b>

137
00:20:19,083 --> 00:20:20,875
<i>-හාදුවක්!</i>
-මේකද හාදු දෙන්න වෙලාව?

138
00:20:21,000 --> 00:20:23,083
<i>හාදු ඕනම වෙලාවක දෙන්න පුළුවන්!</i>

139
00:20:23,458 --> 00:20:25,041
<b>-මෙන්න.
-ඒ කවුද?</b>

140
00:20:25,375 --> 00:20:26,958
<b>-මගේ පෙම්වතිය.
-නම?</b>

141
00:20:27,000 --> 00:20:29,041
<b>-මීනා.
-තමුසේගේ නම මොකක්ද?</b>

142
00:20:29,333 --> 00:20:31,208
<b>-අන්බු.
-ආ?</b>

143
00:20:31,250 --> 00:20:33,500
<b>-මීනා.
-ෆෝන් එක දෙනවා.</b>

144
00:20:33,583 --> 00:20:36,250
<b>-අනේ. අනේ.
-ෆෝන් එක දෙනවා!</b>

145
00:20:38,291 --> 00:20:41,166
<b>මේක ස්මාර්ට් ෆෝන් එකකුත් නෙවෙයි.
කමක් නෑ. ඔයා තියාගන්න!</b>

146
00:20:41,375 --> 00:20:42,458
<b>අනේ මට යන්න දෙන්න මැඩම්.</b>

147
00:20:44,916 --> 00:20:46,791
<b>දොර අරින්න මැඩම්.
මම මෙහෙන් පැනලා යන්නම්.</b>

148
00:20:47,041 --> 00:20:48,833
<b>-තමුසේ දැන් යන්නේ හිරේට!
-හිරේට?</b>

149
00:20:48,958 --> 00:20:52,166
<b>එපා මැඩම්. මම සමාව ගත්තානේ?
අනේ මැඩම්. මම බඳින්න ඉන්නේ.</b>

150
00:20:52,291 --> 00:20:53,791
<b>දැන් කාටද කතා කරන්නේ?</b>

151
00:20:54,041 --> 00:20:55,958
<b>-පොලිසියට.
-මෙන්න! බලන්න මැඩම්!</b>

152
00:20:56,416 --> 00:20:58,291
<b>මම ආවේ ඔයාව මරන්න නෙවෙයි කියලා
මම කිව්වා නේද?</b>

153
00:20:58,541 --> 00:21:00,875
<b>-ඇයි පොලිසියට කතා කරන්නේ?
-මම තමුසෙව විශ්වාස කරන්නේ කොහොමද?</b>

154
00:21:01,375 --> 00:21:04,625
<b>-මම මොකටද බොරු කියන්නේ?
-තමුසේ කොහොමද ඇත්ත කියන්නේ?</b>

155
00:21:05,041 --> 00:21:06,333
<b>මම මොකටද තමුසේ කියන දේවල් අහන්නේ?</b>

156
00:21:07,375 --> 00:21:09,666
<b>අනේ, මම කියන දේ අහන්න.
මගේ ජීවිතේම විනාශ වෙයි!</b>

157
00:21:10,125 --> 00:21:12,166
<b>මම නිකම්ම හොරෙක් විතරයි!
ඒකත් අද දවසට විතරයි.</b>

158
00:21:12,458 --> 00:21:15,708
<b>මම හොරකම් කරන්න ආවේ මගේ සල්ලි ප්‍රශ්න නිසා.
ඔයා මාව අල්ලගත්තානේ!</b>

159
00:21:15,916 --> 00:21:18,125
<b>-මම ආයෙ කීයටවත් මේක කරන්නේ නෑ!
-ඒක හරි.</b>

160
00:21:18,458 --> 00:21:20,125
<b>තමුසෙට ආයෙ කවදාවත් හොරකම් කරන්න බැරි වෙයි!</b>

161
00:21:20,291 --> 00:21:23,375
<b>-මම පොලිසියට කතා කරනවා.
-මාව බය කරන එක නවත්තන්න.</b>

162
00:21:23,500 --> 00:21:24,833
<b>-හලෝ?
-මම කියන දේ අහන්න මැඩම්.</b>

163
00:21:24,916 --> 00:21:26,791
<b>-මම වඳින්නම්!
-හලෝ? පොලිසියෙන්ද?</b>

164
00:21:26,958 --> 00:21:30,416
<b>-පස්සට යනවා!
-මගේ ජීවිතේ නැති වෙයි මැඩම්!</b>

165
00:21:31,000 --> 00:21:34,125
<b>මගේ මීනා මේක දැනගත්තොත්,
එයා වෙඩින් එක නවත්තයි මැඩම්.</b>

166
00:21:34,500 --> 00:21:38,625
<b>මම බලපු කෙල්ලො 38 දෙනාගෙන්
මාව බඳින්න කැමති වුණේ එයා විතරයි.</b>

167
00:21:38,750 --> 00:21:40,458
<b>මට දැනටමත් කසාදෙ පරක්කු වෙලා තියෙන්නේ.</b>

168
00:21:40,791 --> 00:21:44,666
<b>ඔයා මේක පොලිසියට කිව්වොත්,
එයා අනිවාර්යයෙන්ම මාව දාලා යයි.</b>

169
00:21:45,708 --> 00:21:49,208
<b>මම මගේ වෙඩින් කාඩ් එකේ ඔයාව ප්‍රධාන
අමුත්තා විදිහටත් දාන්නම්.</b>

170
00:21:49,250 --> 00:21:51,833
<b>අනේ මැඩම්.
මම වඳින්නම්.</b>

171
00:21:52,791 --> 00:21:54,916
<b>තමුසෙට මෙහෙන් යන්න ඕනෙනම්
මට දෙයක් කරන්න වෙනවා.</b>

172
00:22:00,208 --> 00:22:01,125
<b>කියන්න මැඩම්.</b>

173
00:22:04,833 --> 00:22:05,750
<b>මොකක්ද මේ?</b>

174
00:22:06,416 --> 00:22:07,625
<b>තමුසෙට මිනීමැරුමක් කරන්න වෙනවා.</b>

175
00:22:09,541 --> 00:22:10,541
<b>මිනීමැරුමක්?</b>

176
00:22:13,208 --> 00:22:14,375
<b>මාව මරනවා.</b>

177
00:22:18,250 --> 00:22:19,875
<b>ඔයා මාත් එක්ක සෙල්ලම් කරනවාද?</b>

178
00:22:21,916 --> 00:22:24,625
<b>මම තමුසෙට මගේ තුවක්කුව දුන්නා.
මම සෙල්ලම් කරනවා කියලද හිතන්නේ?</b>

179
00:22:24,958 --> 00:22:27,541
<b>මම මිනීමරුවෙක් නෙවෙයි මැඩම්.</b>

180
00:22:27,583 --> 00:22:30,083
<b>මම නිකම්ම හොරෙක්.
ඒකත් අද දවසට විතරයි.</b>

181
00:22:30,833 --> 00:22:33,000
<b>මම තුවක්කු දැකලා තියෙන්නේ ෆිල්ම්වල විතරයි.</b>

182
00:22:33,041 --> 00:22:35,458
<b>මම මේකක් දැක්කෙත් අදයි.
මට වෙඩි තියන්න බෑ.</b>

183
00:22:35,500 --> 00:22:37,916
<b>අනේ මට යන්න දෙන්න!
මාව මරනවා.</b>

184
00:22:38,000 --> 00:22:39,458
<b>මම යතුර දෙන්නම්.</b>

185
00:22:39,708 --> 00:22:41,541
<b>මැඩම්. මම සාමාන්‍ය මනුස්සයෙක්.</b>

186
00:22:41,666 --> 00:22:44,708
<b>මම සතෙක්වත් මරන්නේ නෑ.
මම කොහොමද ඔයාව මරන්නේ?</b>

187
00:22:44,791 --> 00:22:46,375
<b>අනේ දොර අරින්න.</b>

188
00:22:46,666 --> 00:22:50,125
<b>අනික, මම ඔයාව මැරුවොත්
ඔයා කොහොමද මට යතුර දෙන්නේ?</b>

189
00:22:50,333 --> 00:22:53,875
<b>-එහෙනම්, මම පොලිසියට කතා කරනවා.
-ආ! කතා කරන්න!</b>

190
00:22:54,625 --> 00:22:55,541
<b>කතා කරනවා.</b>

191
00:22:55,791 --> 00:22:57,458
<b>කතා කරන්න.
මම මෙතන ඉන්නම්.</b>

192
00:22:57,500 --> 00:22:59,583
<b>මම බය වෙයි කියලද හිතන්නේ?
කතා කරනවා!</b>

193
00:23:00,125 --> 00:23:01,083
<b>මම ඒකට මූණ දෙන්නම්.</b>

194
00:23:01,666 --> 00:23:04,125
<b>හොරකම් කළාම මාස තුන හතරක්නේ හිරේ ඉන්න වෙන්නේ?</b>

195
00:23:04,250 --> 00:23:06,041
<b>මම ලෑස්ති වෙලා ආවේ.</b>

196
00:23:06,166 --> 00:23:08,000
<b>ඔයා මාව මිනීමරුවෙක් කරන්නද හදන්නේ?</b>

197
00:23:08,208 --> 00:23:10,083
<b>අවුරුදු හත අටක් හිරේ බත් කන්න
මට පිස්සු කියලද හිතන්නේ?</b>

198
00:23:10,208 --> 00:23:12,958
<b>පොලිසියට කතා කරන්න.
කතා කරන්න මැඩම්.</b>

199
00:23:13,291 --> 00:23:14,333
<b>කතා කරනවා!</b>

200
00:23:32,125 --> 00:23:33,166
<b>තමුසේ තාම මෙතනද?</b>

201
00:23:41,750 --> 00:23:43,125
<b>මම කියන දේ අහන්න.</b>

202
00:23:43,500 --> 00:23:44,791
<b>මට උදේට එන්න බෑ.</b>

203
00:24:01,666 --> 00:24:02,791
<b>මම පොලිසියට කතා කළා නම්</b>

204
00:24:02,916 --> 00:24:04,041
<b>එයාලා මෙලහකටත් මෙතන.</b>

205
00:24:05,125 --> 00:24:06,541
<b>සොරි මැඩම්. මට වැරැද්දක් වුණා.</b>

206
00:24:06,833 --> 00:24:08,000
<b>මම දිවුරනවා...</b>

207
00:24:08,125 --> 00:24:09,291
<b>මම දිවුරනවා.</b>

208
00:24:10,000 --> 00:24:11,500
<b>මම දිවුරනවා, මම හොරකම් කරන්නේ නෑ.</b>

209
00:24:11,833 --> 00:24:13,791
<b>දොර අරින්න. අනේ.</b>

210
00:24:13,916 --> 00:24:14,916
<b>මට යන්න දෙන්න.</b>

211
00:24:14,958 --> 00:24:15,833
<b>කට වහගන්නවා!</b>

212
00:24:22,458 --> 00:24:23,500
<b>මැඩම්?</b>

213
00:24:24,500 --> 00:24:25,500
<b>මැඩම්?</b>

214
00:24:26,166 --> 00:24:27,125
<b>උදව් කරන්න!</b>

215
00:24:27,208 --> 00:24:28,041
<b>උදව් කරන්න!</b>

216
00:24:28,083 --> 00:24:29,583
<b>-කට වහගන්නවා. නැත්නම් වෙඩි තියනවා.
-උදව් කරන්න.</b>

217
00:24:29,875 --> 00:24:30,750
<b>උඩට යනවා.</b>

218
00:24:30,916 --> 00:24:31,750
<b>උදව් කරන්න...</b>

219
00:24:32,583 --> 00:24:33,958
<b>උඩට යනවා. යනවා.</b>

220
00:24:34,750 --> 00:24:36,208
<b>මම කියන දේ අහනවා.
යනවා.</b>

221
00:24:44,291 --> 00:24:45,125
<b>මැඩම්...</b>

222
00:24:45,291 --> 00:24:46,625
<b>කියවන එක නවත්තනවා.</b>

223
00:24:46,750 --> 00:24:48,708
<b>ඇයි මාව මේ උඩටයි පල්ලෙහාටයි යවන්නේ?</b>

224
00:24:49,166 --> 00:24:50,791
<b>-මම වෙඩි තියනවා.
-ඔයාමනේ මට ඔයාව මරන්න කිව්වේ.</b>

225
00:24:50,916 --> 00:24:52,875
<b>-ඒත් ඔයාට තමයි හිරේ යන්න වෙන්නේ.
-කට වහගෙන යනවා.</b>

226
00:24:52,916 --> 00:24:53,750
<b>මම යනවා.</b>

227
00:24:54,125 --> 00:24:55,250
<b>-මම යනවා.
-වාඩි වෙනවා.</b>

228
00:24:56,583 --> 00:24:57,500
<b>ඔතනින් වාඩි වෙනවා.</b>

229
00:24:59,500 --> 00:25:00,500
<b>-බලන්න.
-ශ්!</b>

230
00:25:02,875 --> 00:25:03,875
<i>මම පොලිසියට කතා කරනවා.</i>

231
00:25:04,458 --> 00:25:06,000
<b>-ඔයා මොකක්ද හිතන්නේ?
-සද්ද කරන්න එපා.</b>

232
00:25:07,000 --> 00:25:07,833
<b>මම මියුට් කරන්නම්.</b>

233
00:25:09,541 --> 00:25:11,291
<b>මෝඩයා! ඇයි ඕක මියුට් කළේ?</b>

234
00:25:11,708 --> 00:25:13,625
<b>-ඔයානේ කිව්වේ.
-මම කිව්වේ තමුසේගේ කට ගැන.</b>

235
00:25:13,666 --> 00:25:14,541
<b>ආ! දැන් තේරුණා.</b>

236
00:25:14,625 --> 00:25:16,791
<b>වොච්මන්ට තමුසේගේ සද්දේ ඇහුණොත්,
එයා ඇතුළට එයි.</b>

237
00:25:17,083 --> 00:25:20,250
<b>එතකොට කාටවත් තමුසෙව
පොලිසියෙන් බේරන්න බැරි වෙයි.</b>

238
00:25:20,333 --> 00:25:21,250
<b>තේරුණාද?</b>

239
00:25:21,500 --> 00:25:22,958
<b>මම එයා එක්ක කතා කරලා එන්නම්.</b>

240
00:25:23,041 --> 00:25:24,833
<b>ඒ වෙනකම් මාව මරන විදිහක් කල්පනා කරනවා.</b>

241
00:25:25,083 --> 00:25:26,250
<b>නැත්නම්, මම පොලිසියට කතා කරනවා.</b>

242
00:25:27,958 --> 00:25:29,625
<i>කොහොමද බං උඹ එයාව ඇදලා ගත්තේ?</i>

243
00:25:30,083 --> 00:25:31,541
<i>ඉරිසියා කරන්න එපා.</i>

244
00:25:31,583 --> 00:25:35,583
<b>ඇයි මෙයාට පොලිසියටම
කතා කරන්න ඕනේ වෙලා තියෙන්නේ?</b>

245
00:25:35,708 --> 00:25:38,916
<b>අනික මට එයාව මරන විදිහක්
හොයන්නත් කියනවා?</b>

246
00:25:39,958 --> 00:25:41,208
<b>අන්බු!</b>

247
00:25:41,833 --> 00:25:43,791
<b>මම අද හිරේ යනවා.</b>

248
00:25:45,458 --> 00:25:47,208
<b>මීනා! අපේ කසාදෙට මොකද වෙන්නේ?</b>

249
00:25:47,916 --> 00:25:49,375
<b>සම්පත්? ඔතනද ඉන්නේ?</b>

250
00:25:50,500 --> 00:25:51,500
<b>ඇයි කෑගහන්නේ?</b>

251
00:25:51,541 --> 00:25:53,708
<b>මොකක්?! මම කෑගැහුවා?</b>

252
00:25:54,250 --> 00:25:55,875
-ඇයි ඔයා කෑගැහුවේ?
-හේයි...

253
00:25:56,041 --> 00:25:56,958
<b>මම කෑගැහුවේ නෑ.</b>

254
00:25:57,000 --> 00:26:01,458
<b>ඒත් ඔයයි තව කවුරුහරි කෑගහනවා
මට ඇහුණා.</b>

255
00:26:01,875 --> 00:26:04,125
<b>ආ, ඒකද? මම ටීවී බලබල හිටියේ.</b>

256
00:26:04,291 --> 00:26:07,708
<b>කවුද යකෝ මේ මහ රෑ ටීවී එක
ඔච්චර සද්දෙට දාන්නේ?</b>

257
00:26:07,958 --> 00:26:08,916
<b>හරි එහෙනම්.</b>

258
00:26:09,250 --> 00:26:12,458
<b>කොහොම වුණත් ඒක මැඩම්ගේ ටීවී එකනේ.
ඕන තරම් සද්දෙට දාගන්න.</b>

259
00:26:12,625 --> 00:26:14,666
<b>ප්‍රශ්නයක් නෑ. ගුඩ් නයිට්.</b>

260
00:26:15,250 --> 00:26:16,083
<b>ගුඩ් නයිට්.</b>

261
00:26:34,125 --> 00:26:35,666
<b>තමුසේ මොනවා කළත් වැඩක් නෑ අන්බු.</b>

262
00:26:37,333 --> 00:26:39,000
<b>-ඔයා මම කියන දේ අහන්නේම නෑ නේද?
-නෑ.</b>

263
00:26:39,166 --> 00:26:40,916
<b>මට මෙතනින් යන්න ඕනේ.
එච්චරයි.</b>

264
00:26:41,500 --> 00:26:42,750
<b>ඒකට තමුසෙට ක්‍රමයක් තියෙනවා.</b>

265
00:26:42,833 --> 00:26:44,291
<b>ඒක පාවිච්චි කරනවා.</b>

266
00:26:44,416 --> 00:26:45,583
<b>මම මගේ ක්‍රමයක් පාවිච්චි කරන්නම්.</b>

267
00:26:45,916 --> 00:26:47,208
<b>මාව දැක්කාම බිල්ලට දෙන එකෙක් වගේද පේන්නේ?</b>

268
00:26:47,750 --> 00:26:49,666
<b>ඔව්. තමුසේ මගේ ප්ලෑන් එක කෑවා.</b>

269
00:26:51,666 --> 00:26:52,958
<b>-මොන ප්ලෑන් එකද?
-සියදිවි නසාගන්න එක.</b>

270
00:26:53,666 --> 00:26:55,041
<b>මම මැරෙන්නයි හැදුවේ.</b>

271
00:26:55,250 --> 00:26:56,208
<b>ඒත් තමුසේ ඒකට බාධා කළා.</b>

272
00:26:56,291 --> 00:26:57,750
<b>මේකත් ප්ලෑන් එකක්ද?</b>

273
00:26:57,791 --> 00:26:58,708
<b>ඔව්, ඒක ප්ලෑන් එකක්.</b>

274
00:26:59,583 --> 00:27:03,291
<b>-මගේ සියදිවි නසාගැනීමේ ලියුම තාම ලැප්ටොප් එකේ තියෙනවා.
-ඉතින්?</b>

275
00:27:03,541 --> 00:27:04,708
<b>ඔයා මාවත් මේ මඟුලට පටලවන්නද හදන්නේ?</b>

276
00:27:04,958 --> 00:27:05,875
<b>මම යනවා.</b>

277
00:27:06,083 --> 00:27:09,375
<b>මම ගියාට පස්සේ පාඩුවේ මැරෙන්න.
මම පස්සේ ඔයාගේ මිනීවළ බලන්න එන්නම්.</b>

278
00:27:09,708 --> 00:27:11,708
<b>ඒක එච්චර ලේසියි කියලද හිතන්නේ?</b>

279
00:27:12,333 --> 00:27:13,875
<b>මම ටික කාලෙක ඉඳන් මේ ගැන හිතුවා,</b>

280
00:27:14,041 --> 00:27:16,875
<b>අද තමයි අන්තිමට තීරණයක් ගත්තේ.</b>

281
00:27:17,000 --> 00:27:17,916
<b>ආ.</b>

282
00:27:18,583 --> 00:27:22,250
<b>තමුසේ නිසා මගේ වස බෝතලේ බිම වැටුණා.</b>

283
00:27:23,708 --> 00:27:26,958
<b>මට වෙඩි තියාගන්න තරම් ධෛර්යයක් තිබුණේ නෑ.</b>

284
00:27:27,000 --> 00:27:28,875
<b>ඒත් වස බෝතලේ තිබුණේ උඩ තට්ටුවේ.</b>

285
00:27:28,958 --> 00:27:30,291
<b>මම හොරකම් කරන්න ආවේ පල්ලෙහාට.</b>

286
00:27:30,541 --> 00:27:33,208
<b>ඔයා වගකීමෙන් තව බෝතල්
අරන් තියාගන්න තිබුණේ.</b>

287
00:27:33,625 --> 00:27:36,458
<b>අනික ඔයාට ධෛර්යයක් නෑලු නේද?</b>

288
00:27:36,541 --> 00:27:37,583
<b>කාටද මේ බොරු කරන්නේ?</b>

289
00:27:37,708 --> 00:27:40,583
<b>මට වෙඩි තියන්න හදද්දී ඔයාගේ
ඇස්වල තිබ්බ ගින්දර මම දැක්කා.</b>

290
00:27:40,708 --> 00:27:43,500
<b>වෙන කෙනෙක්ව මරන්න
ධෛර්යයක් ඕනේ නෑ.</b>

291
00:27:44,625 --> 00:27:47,458
<b>ඒත් තමන්ටම වෙඩි තියාගන්න
ලොකු හයියක් ඕනේ.</b>

292
00:27:47,500 --> 00:27:49,125
<b>මොන මඟුල් තර්කයක්ද ඒ!</b>

293
00:27:49,250 --> 00:27:50,125
<b>මම යනවා.</b>

294
00:27:59,416 --> 00:28:02,916
<b>මීනාට කියන්නද තමුසේ ඉන්නේ කොහෙද,
මොනවද කරන්නේ කියලා?</b>

295
00:28:04,750 --> 00:28:05,833
<b>එපා.</b>

296
00:28:05,875 --> 00:28:06,791
<b>මැඩම්...</b>

297
00:28:22,291 --> 00:28:24,458
<b>-ඇයි ඔයා මෙහෙම කරන්නේ?
-මම ආයෙත් මේක කියනවා.</b>

298
00:28:25,083 --> 00:28:27,583
<b>-මාව මරනවා නැත්නම් හිරේ යනවා.
-දෙකම එකයිනේ.</b>

299
00:28:28,375 --> 00:28:31,500
<b>මට වෙඩි තියලා තුවක්කුව
මගේ අතේ තියලා යනවා.</b>

300
00:28:31,791 --> 00:28:34,083
<b>මගේ ලියුම තමුසෙව බේරගනීවි.
මොකද කියන්නේ?</b>

301
00:28:37,000 --> 00:28:37,875
<b>හරි. දෙන්න.</b>

302
00:28:40,375 --> 00:28:42,041
<b>මේක දඬුවම් ලැබෙන වරදක්, මැඩම්.</b>

303
00:28:42,333 --> 00:28:44,250
<b>හොරකම් කරන එකත් එහෙමයි.</b>

304
00:28:44,291 --> 00:28:45,625
<b>මට වෙන විකල්පයක් තිබුණේ නෑ.</b>

305
00:28:45,750 --> 00:28:47,708
<b>-මටත් වෙන විකල්පයක් නෑ.
-ඔයාට තියෙනවා.</b>

306
00:28:48,041 --> 00:28:50,583
<b>-අනේ දෙවියනේ!
-වෙඩි තියලා මෙහෙන් යනවා.</b>

307
00:28:52,041 --> 00:28:53,708
<b>මම කනට වෙඩි තිබ්බොත්?</b>

308
00:28:53,791 --> 00:28:54,833
<b>හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා.</b>

309
00:28:54,958 --> 00:28:57,583
<b>මැඩම්, මම වෙව්ලනවා.</b>

310
00:28:57,875 --> 00:28:59,500
<b>මට තිබහයි. වතුර ටිකක් දෙන්න.</b>

311
00:28:59,583 --> 00:29:00,500
<b>මම ඒක බීලා
හරියටම වෙඩි තියන්නම්.</b>

312
00:29:00,708 --> 00:29:01,750
<b>මාව විශ්වාස කරන්න.</b>

313
00:29:02,625 --> 00:29:03,666
<b>මම දිවුරනවා.</b>

314
00:29:22,833 --> 00:29:24,833
<b>-ඒක ගෙනාවේ ජර්මනියෙන්.
-ආ.</b>

315
00:29:25,166 --> 00:29:26,333
<b>ඒක ලස්සනයි.</b>

316
00:29:27,250 --> 00:29:28,708
<b>-ඒක ලක්ෂ හතරයි.
-මොකක්?!</b>

317
00:29:29,166 --> 00:29:30,000
<b>ලක්ෂ හතරක්?</b>

318
00:29:30,208 --> 00:29:31,083
<b>ඔව්.</b>

319
00:29:32,500 --> 00:29:35,416
<b>ඒ සල්ලිවලින් මම
සෙකන්ඩ් හෑන්ඩ් ත්‍රීවීල් තුනක්ම ගන්නවා.</b>

320
00:29:35,541 --> 00:29:38,000
<b>මගේ මහත්තයා පරණ බඩුයි,
කලා නිර්මාණවලටයි ආසයි.</b>

321
00:29:38,291 --> 00:29:39,666
<b>ආ, එයා ආස ඇන්ටිලාටද?</b>

322
00:29:40,250 --> 00:29:44,000
<b>නෑ, මම කිව්වේ එයා පරණ
දේවල් එකතු කරන්න ආසයි කියලා.</b>

323
00:29:44,500 --> 00:29:47,625
<b>ඕකේ ගාණ ඇහුවාම මගේ ඇඟත් පත්තු වෙනවා.
ඕක මට දෙන්නකෝ.</b>

324
00:29:49,250 --> 00:29:50,291
<b>ලක්ෂ හතරක්!</b>

325
00:29:55,125 --> 00:29:55,958
<b>මෙන්න.</b>

326
00:30:00,500 --> 00:30:01,416
<b>හේයි...</b>

327
00:30:02,583 --> 00:30:03,500
<b>මට යතුරු ටික දෙනවා.</b>

328
00:30:04,416 --> 00:30:05,291
<b>තමුසේ කරන්නේ ලොකු වැරැද්දක්.</b>

329
00:30:05,791 --> 00:30:07,166
<b>මම වැරැද්දක් කරන්නේ නෑ.</b>

330
00:30:07,708 --> 00:30:09,875
<b>මගේ යතුරු ටික දෙනවා, නැත්නම්
මම තමුසේගේ බෙල්ල කපනවා.</b>

331
00:30:10,791 --> 00:30:13,291
<b>බෙල්ලක් කපන්න පිහියක් පාවිච්චි කරන්නේ
කොහොමද කියලවත් තමුසේ දන්නවද?</b>

332
00:30:14,541 --> 00:30:16,750
<b>-ඔයාට මේක කලින් කියන්න තිබ්බානේ.
-මම ඔයාව මරන්නේ නෑ, මැඩම්.</b>

333
00:30:17,166 --> 00:30:18,583
<b>මම ඔයාට හිමින් හිමින් වධ දෙනවා.</b>

334
00:30:18,958 --> 00:30:21,166
<b>ඒකට කමක් නෑ. මම කැමතියි
හිමින් හිමින් මැරිලා යන්න.</b>

335
00:30:22,041 --> 00:30:23,541
<b>අනේ! මාව මරන්න එපා.</b>

336
00:30:24,750 --> 00:30:26,000
<b>ඇයි මඟුල තමුසේ මෙහෙම කරන්නේ?</b>

337
00:30:26,791 --> 00:30:27,875
<b>අන්න ඒකයි මම තමුසෙට කියන්නේ.</b>

338
00:30:28,500 --> 00:30:30,000
<b>තුවක්කුව තමයි ලේසිම ක්‍රමේ.</b>

339
00:30:30,125 --> 00:30:31,416
<b>මට ඔයාව මරන්න බෑ.</b>

340
00:30:32,375 --> 00:30:33,291
<b>ඔයාට ඕනේ ඒක නම්, කමක් නෑ.</b>

341
00:30:33,541 --> 00:30:36,333
<b>-මම පොලිසියට කතා කරනවා.
-පොලිසිය ගැන කියලා මාව බය කරන එක නවත්තන්න.</b>

342
00:30:36,375 --> 00:30:37,291
<b>ඕක මට දෙන්නකෝ.</b>

343
00:30:37,500 --> 00:30:38,666
<b>මගේ යතුරු ටික දෙනවා.</b>

344
00:30:38,708 --> 00:30:40,375
<b>-මගේ ෆෝන් එක මට දෙන්න.
-මගේ යතුරු ටික දෙනවා.</b>

345
00:30:40,625 --> 00:30:41,541
<b>මම තමුසෙට පෙන්නන්නම්.</b>

346
00:30:41,958 --> 00:30:42,833
<b>එනවා.</b>

347
00:30:42,916 --> 00:30:44,375
<b>තමුසෙට තමුසෙවම මරාගන්න බයයි.</b>

348
00:30:44,750 --> 00:30:46,416
<b>ඒත් මාව හිරේ යවන්නද හදන්නේ?</b>

349
00:30:49,083 --> 00:30:50,791
<b>මෙයා නම් මාව ඇත්තටම මිනීමරුවෙක් කරයි වගේ.</b>

350
00:30:50,916 --> 00:30:51,791
<b>එනවා.</b>

351
00:30:51,833 --> 00:30:52,750
<b>යනවා.</b>

352
00:30:52,958 --> 00:30:54,375
<b>සම්පත්! උදව් කරන්න!</b>

353
00:30:54,541 --> 00:30:56,291
<b>ඌ මෙලහකටත් නිදි ඇති.</b>

354
00:30:56,625 --> 00:30:57,666
<b>ඌ මොකට ඩියුටි කරනවද මන්දා?</b>

355
00:30:57,791 --> 00:31:00,750
<b>මම කරපු සද්දෙට ඌ මෙලහකටත්
මෙතන ඉන්න ඕනේ.</b>

356
00:31:55,958 --> 00:31:56,833
<b>අන්බු!</b>

357
00:32:00,958 --> 00:32:02,458
<b>තමුසෙට බේරෙන්න බෑ.</b>

358
00:32:02,708 --> 00:32:05,125
<b>මාව මරපු එකට තමුසේ අහුවෙනවා.</b>

359
00:32:05,208 --> 00:32:07,000
<b>තමුසේගේ ඇඟිලි සලකුණු මේ ගෙදර හැමතැනම තියෙනවා.</b>

360
00:32:07,208 --> 00:32:08,166
<b>මම කියන දේ අහනවා.</b>

361
00:32:08,791 --> 00:32:11,083
<b>තමුසේ මොනවා කළත්, බේරෙන්න බෑ.</b>

362
00:32:17,166 --> 00:32:18,041
<b>මැඩම්!</b>

363
00:32:18,666 --> 00:32:19,541
<b>මාව ලිහන්න.</b>

364
00:32:20,041 --> 00:32:22,000
<b>මාව මරන්නේ නැතුව තමුසෙට යන්න බෑ.</b>

365
00:32:22,791 --> 00:32:24,291
<b>සමහරවිට මම ඔයාව මරන එක හොඳයි වගේ.</b>

366
00:32:25,333 --> 00:32:26,250
<b>මැරෙනවා.</b>

367
00:32:26,541 --> 00:32:28,125
<b>ඉක්මන් කරන්න. මැරෙනවා.</b>

368
00:32:28,875 --> 00:32:30,500
<b>-මම ඔයාව මරනවා.
-අනේ.</b>

369
00:32:31,041 --> 00:32:32,500
<b>එපා. එපා, අන්බු.</b>

370
00:32:33,416 --> 00:32:34,541
<b>මට තත්පරෙන් ඔයාව මරන්න පුළුවන්.</b>

371
00:32:35,083 --> 00:32:35,958
<b>මොකද?</b>

372
00:32:39,250 --> 00:32:40,250
<b>මොකද වුණේ?</b>

373
00:32:43,625 --> 00:32:45,000
<b>මැඩම්, මොකද වුණේ?</b>

374
00:33:09,791 --> 00:33:10,708
<b>මොකද වුණේ මැඩම්?</b>

375
00:33:11,416 --> 00:33:12,416
<b>මම ප්‍රෙග්නන්ට්.</b>

376
00:33:14,166 --> 00:33:15,041
<b>මොකක්?!</b>

377
00:33:16,333 --> 00:33:18,958
<b>-මාස තුනයි.
-මේ තත්ත්වෙදිත් ඔයාට මැරෙන්නද ඕනේ.</b>

378
00:33:19,333 --> 00:33:20,875
<b>ඒකෙන් වැඩක් නෑ.</b>

379
00:33:21,916 --> 00:33:24,083
<b>මම කොහොමහරි මැරෙනවා.</b>

380
00:33:24,375 --> 00:33:25,333
<b>මට තේරෙන්නේ නෑ.</b>

381
00:33:27,416 --> 00:33:29,791
<b>වික්‍රම් තමයි මගේ මහත්තයා.</b>

382
00:33:30,416 --> 00:33:33,416
<b>මගේ බඩේ ඉන්න ළමයාගේ තාත්තා එයා.</b>

383
00:33:35,625 --> 00:33:38,708
<b>මගේ තාත්තාට ලොකු අයිටී කම්පැනියක් තියෙනවා.</b>

384
00:33:39,833 --> 00:33:42,125
<b>වික්‍රම් සහ එයාගේ ටීම්
එක හොඳ වැඩක් කරලා තියෙනවා.</b>

385
00:33:42,208 --> 00:33:47,041
<b>පහුගිය මාස හය ඇතුළත අපේ කම්පැනියේ ලාභයයි
කොටස්වල වටිනාකමයි ඉහළ ගිහින් තියෙනවා.</b>

386
00:33:48,125 --> 00:33:50,500
<b>ඒ ඔක්කොම වික්‍රම් සහ ටීම් එක නිසයි.</b>

387
00:33:50,541 --> 00:33:51,666
<b>විශිෂ්ට වැඩක්!</b>

388
00:33:52,166 --> 00:33:53,500
<b>සුබපැතුම්, වික්‍රම්.</b>

389
00:33:54,291 --> 00:33:55,166
<b>නියම වැඩක්.</b>

390
00:33:55,375 --> 00:33:56,583
<b>තව සුබ ආරංචියක් තියෙනවා.</b>

391
00:33:57,208 --> 00:33:58,666
<b>මගේ දුව, අදිති...</b>

392
00:34:00,125 --> 00:34:03,250
<b>මම එයාව අපේ කම්පැනියේ
අලුත් MD විදිහට පිළිගන්නවා.</b>

393
00:34:03,375 --> 00:34:04,375
<b>නියමයි, අදිති.</b>

394
00:34:05,875 --> 00:34:06,750
<b>බොහොම ස්තූතියි, සර්.</b>

395
00:34:23,500 --> 00:34:27,916
<i>♪ ඈ නෙත් කොතරම්
මෘදු ද ♪</i>

396
00:34:28,666 --> 00:34:32,833
<i>♪ ඈ නෙත් කොතරම්
මෘදු ද ♪</i>

397
00:34:34,083 --> 00:34:38,375
<i>♪ ඔබේ බැල්මෙන්
මගේ හිත පියාඹනවා ♪</i>

398
00:34:39,333 --> 00:34:43,416
<i>♪ මගේ හදවතට පියාපත් දුන්නේ
ඈතට පියාඹන්නයි ♪</i>

399
00:34:44,208 --> 00:34:48,500
<i>♪ ඔබ මගේ හදවත පුරවනවා
ඒකේ ගිලෙන්නම ♪</i>

400
00:34:49,208 --> 00:34:53,500
<i>♪ මගේ හීන
ඔබෙන් පිරිලා ♪</i>

401
00:34:54,500 --> 00:34:56,083
<i>♪ මොකක්ද මේ හැඟීම? ♪</i>

402
00:35:07,291 --> 00:35:12,000
<i>♪ ඈ නෙත් කොතරම්
මෘදු ද ♪</i>

403
00:35:12,541 --> 00:35:16,916
<i>♪ ඈ නෙත් කොතරම්
මෘදු ද ♪</i>

404
00:35:40,625 --> 00:35:42,833
<i>♪ මගේ හුස්ම වුණේ ඔහුද? ♪</i>

405
00:35:43,250 --> 00:35:45,541
<i>♪ මේ මිනිහා කොහොමද මගේ හිත හොරකම් කළේ? ♪</i>

406
00:35:45,833 --> 00:35:50,208
<i>♪ මගේ හිතේ කැළඹීමක් ඇති කළේ
ඔහුද? ♪</i>

407
00:35:50,583 --> 00:35:55,250
<i>♪ ඔහු නෙත් කොතරම්
මෘදු ද ♪</i>

408
00:35:56,208 --> 00:35:58,458
<i>♪ ඔබ වෙස්වලාගත් දේවදූතයෙක්ද? ♪</i>

409
00:35:58,666 --> 00:36:01,041
<i>♪ ඒ ඇස්ද
නැත්නම් සඳේ රිදී දූවිලිද? ♪</i>

410
00:36:01,291 --> 00:36:06,000
<i>♪ ඒ ඇඟිලිද
නැත්නම් උණු කරපු සීනි කැටද? ♪</i>

411
00:36:06,458 --> 00:36:11,166
<i>♪ ඔහු අනන්ත අහසද
නැත්නම් හමන සුළඟද? ♪</i>

412
00:36:11,583 --> 00:36:16,291
<i>♪ ඈ වැස්සේ සුවඳද
නැත්නම් සීතල රැයක තනුවක්ද? ♪</i>

413
00:36:16,791 --> 00:36:19,208
<i>♪ ඔබ මගේ ජීවනාලිය වුණා ♪</i>

414
00:36:19,333 --> 00:36:21,708
<i>♪ ඔබ මට ලෝකේ තියෙන ආදරේ ඔක්කොම පෙන්නුවා ♪</i>

415
00:36:21,958 --> 00:36:26,750
<i>♪ අපි අතර තියෙන මේ බැඳීම,
ඇත්තක්ද නැත්නම් මතකයක් විතරක්ද? ♪</i>

416
00:36:26,791 --> 00:36:31,541
<i>♪ -ඔහු නෙත් කොතරම් මෘදු ද ♪
♪ -ඈ නෙත් කොතරම් මෘදු ද ♪</i>

417
00:36:31,833 --> 00:36:36,541
<i>♪ -ඔහු නෙත් කොතරම් මෘදු ද ♪
♪ -ඈ නෙත් කොතරම් මෘදු ද ♪</i>

418
00:36:37,083 --> 00:36:41,500
<i>♪ -ඔහු නෙත් කොතරම් මෘදු ද ♪
♪ -ඈ නෙත් කොතරම් මෘදු ද ♪</i>

419
00:36:42,250 --> 00:36:46,833
<i>♪ -ඔහු නෙත් කොතරම් මෘදු ද ♪
♪ -ඈ නෙත් කොතරම් මෘදු ද ♪</i>

420
00:37:00,750 --> 00:37:02,375
<b>මේ මගේ වාරේ.</b>

421
00:37:02,541 --> 00:37:05,291
<b>හේයි, මේක ට්‍රයි කරන්නකෝ.
ඇයි ඔයා රැජිනව මෙතනට ගේන්නේ නැත්තේ?</b>

422
00:37:05,500 --> 00:37:07,375
<b>-එහෙමද?
-මොකද රැජිනට හැම පැත්තටම යන්න පුළුවන්නේ.</b>

423
00:37:07,500 --> 00:37:09,333
<b>-මගේ රැජින!
-හරි. දැන් ඔයාගේ වාරේ.</b>

424
00:37:09,875 --> 00:37:12,666
<b>-ඉවරයි.
-මම ආයෙත් දින්නා. යේ!</b>

425
00:37:12,833 --> 00:37:14,583
<b>-කොහොම වුණත්. සුබපැතුම්.
-තෑන්ක් යූ.</b>

426
00:37:16,125 --> 00:37:18,791
<b>ඉතින්, වික්‍රම්...
හැමතිස්සෙම දිනන්නේ මමනේ.</b>

427
00:37:18,916 --> 00:37:20,416
<b>ඒත් සතුටින් ඉන්නේ ඔයානේ.</b>

428
00:37:22,500 --> 00:37:23,375
<b>අදිති...</b>

429
00:37:24,750 --> 00:37:27,083
<b>ඔයා දින්නොත්, ඔයා සතුටින්.</b>

430
00:37:27,291 --> 00:37:29,916
<b>ඔයා සතුටින් නම්, මමත් සතුටින්.</b>

431
00:37:30,000 --> 00:37:31,083
<b>අනික මේක නිකම්ම සෙල්ලමක්නේ.</b>

432
00:37:31,166 --> 00:37:32,333
<b>ඒත්, ඔයා...</b>

433
00:37:32,625 --> 00:37:33,541
<b>ඔයා මගේ ජීවිතේ.</b>

434
00:37:33,875 --> 00:37:34,708
<b>වාව්!</b>

435
00:37:34,958 --> 00:37:37,291
<b>සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා කවියෙක් වෙලා!</b>

436
00:37:38,541 --> 00:37:40,000
<b>ඔයා තමයි මගේ ආභාෂය, පැටියෝ.</b>

437
00:37:40,208 --> 00:37:41,083
<b>තෑන්ක් යූ.</b>

438
00:37:41,208 --> 00:37:42,041
<b>පොඩ්ඩක් ඉන්න.</b>

439
00:37:42,083 --> 00:37:42,958
<b>හලෝ?</b>

440
00:37:43,875 --> 00:37:44,750
<b>මොකක්?</b>

441
00:37:46,291 --> 00:37:47,958
<b>-අන්කල්ට--
-මොකද වුණේ?</b>

442
00:37:49,458 --> 00:37:50,833
<b>-මම පස්සේ ගන්නම්.
-තාත්තාට මොකද වෙලා තියෙන්නේ?</b>

443
00:37:51,375 --> 00:37:52,458
<b>ඇක්සිඩන්ට් එකක්.</b>

444
00:37:53,500 --> 00:37:55,125
<b>-සොරි, අදිති.
-තාත්තාට කොහොමද?</b>

445
00:37:56,083 --> 00:37:56,958
<b>තාත්තා නැති වෙලා.</b>

446
00:37:57,791 --> 00:37:59,166
<i>මගේ සතුටත් නැති වෙලා ගියා...</i>

447
00:38:00,208 --> 00:38:01,833
<i>මගේ තාත්තා නැති වුණු දවසේ.</i>

448
00:38:03,083 --> 00:38:04,041
<i>එකපාරටම</i>

449
00:38:04,666 --> 00:38:07,666
<i>වික්‍රම්ගේ හැසිරීම් වෙනස් වුණා.</i>

450
00:38:08,541 --> 00:38:12,500
<i>එයා පොඩි දේටත්
කේන්ති ගන්න පටන් ගත්තා.</i>

451
00:38:13,750 --> 00:38:16,916
<i>මම කියන හැමදේටම එයා විරුද්ධ වෙන්න ගත්තා.</i>

452
00:38:18,166 --> 00:38:22,041
<i>මම අපි ඉස්සර හිටපු විදිහට
ඉන්න ගොඩක් උත්සාහ කළා.</i>

453
00:38:24,041 --> 00:38:24,958
<b>වික්‍රම්!</b>

454
00:38:25,375 --> 00:38:26,541
<b>හැපි ඇනිවසරි!</b>

455
00:38:27,833 --> 00:38:28,916
<b>දැනටමත් අවුරුද්දක් ගියාද?!</b>

456
00:38:29,833 --> 00:38:30,666
<b>මොකක්ද ඒ?</b>

457
00:38:31,625 --> 00:38:32,625
<b>ඔයාට සප්‍රයිස් එකක් තියෙනවා.</b>

458
00:38:32,916 --> 00:38:36,000
<b>ඔයා ආසම ක්ලබ් එකේ
මම පාටියක් ලෑස්ති කළා.</b>

459
00:38:37,833 --> 00:38:38,666
<b>අදිති...</b>

460
00:38:39,083 --> 00:38:40,166
<b>මම ඔයාට එහෙම කරන්න කිව්වද?</b>

461
00:38:41,625 --> 00:38:44,208
<b>ඒක සප්‍රයිස් එකක්නේ, වික්‍රම්.</b>

462
00:38:45,166 --> 00:38:46,166
<b>අදිති...</b>

463
00:38:47,208 --> 00:38:48,333
<b>මට හවස මීටිමක් තියෙනවා.</b>

464
00:38:48,375 --> 00:38:50,708
<b>මට... මට සමාවෙන්න.
මට එන්න වෙන්නේ නෑ.</b>

465
00:38:51,166 --> 00:38:52,041
<b>ඒත්...</b>

466
00:38:52,666 --> 00:38:55,625
<b>ඒත් මම දැනටමත් අපේ
යාළුවන්ටයි නෑදෑයන්ටයි කතා කරලා ඉවරයි.</b>

467
00:38:55,666 --> 00:38:57,500
<b>අහන්න. මමට ගොඩක් වැදගත් මීටිමක් තියෙනවා.</b>

468
00:38:57,666 --> 00:38:59,791
<b>ඒක කැන්සල් කරන්න,
නැත්නම් ඔයාලා ගිහින් එන්ජෝයි කරන්න.</b>

469
00:39:00,166 --> 00:39:02,208
<b>මට පාඩුවේ ඉන්න දෙනවා.
මීටිමට කලින් මගේ මූඩ් එක කන්න එපා.</b>

470
00:39:02,333 --> 00:39:03,166
<b>මම යනවා.</b>

471
00:39:04,500 --> 00:39:06,583
<b>මම හිතුවේ එයා මඟහැරලා ඉන්නේ</b>

472
00:39:07,416 --> 00:39:09,333
<b>එයාට වැඩ ගොඩගැහිලා
තියෙන නිසා කියලා.</b>

473
00:39:10,000 --> 00:39:10,958
<b>ඒත්...</b>

474
00:39:11,541 --> 00:39:12,958
<b>ඒක නෙවෙයි හේතුව.</b>

475
00:39:16,000 --> 00:39:16,833
<b>වික්‍රම්.</b>

476
00:39:17,750 --> 00:39:18,708
<b>කවුද දිව්‍යා කියන්නේ?</b>

477
00:39:19,708 --> 00:39:21,041
<b>දිව්‍යා කියන්නේ අපේ ඔෆිස් එකේ ඇඩ්මින්.</b>

478
00:39:21,791 --> 00:39:22,666
<b>මොකක්ද ඒ අමුතු ප්‍රශ්නේ?</b>

479
00:39:23,041 --> 00:39:24,125
<b>මම අමුතුවට හැසිරෙන්නේ නෑ.</b>

480
00:39:26,458 --> 00:39:27,541
<b>ඔයා තමයි අමුතුවට හැසිරෙන්නේ.</b>

481
00:39:28,083 --> 00:39:29,791
<b>-ඔයා මොකක්ද කියන්නේ?
-මොකක්ද මේ?</b>

482
00:39:30,291 --> 00:39:31,833
<b>ඇයි ඔයා එයා එක්ක චැට් කරන්නේ?</b>

483
00:39:31,916 --> 00:39:32,875
<b>මොකක්ද මේකේ තේරුම?</b>

484
00:39:35,625 --> 00:39:36,791
<b>ඇයි තමුසේ මගේ ෆෝන් එක අල්ලන්නේ?</b>

485
00:39:38,208 --> 00:39:39,583
<b>අපි මේ ගැන හවසට කතා කරමු.</b>

486
00:39:39,666 --> 00:39:40,750
<b>මට දැන් දැනගන්න ඕනේ.</b>

487
00:39:42,083 --> 00:39:43,000
<b>අදිති...</b>

488
00:39:44,208 --> 00:39:45,416
<b>තමුසේ සීමාව පනිනවා.</b>

489
00:39:45,583 --> 00:39:47,750
<b>මට හිතෙන්නේ ඔයා තමයි සීමාව පනින්නේ කියලා.</b>

490
00:39:50,041 --> 00:39:51,000
<b>හරි.</b>

491
00:39:52,000 --> 00:39:53,791
<b>මට මේක හිමින් කියන්නයි ඕනේ වුණේ.</b>

492
00:39:54,291 --> 00:39:55,458
<b>තමුසෙට හදිස්සි නිසා, මම කියන්නම්.</b>

493
00:39:55,750 --> 00:39:57,250
<b>දිව්‍යයි මමයි ආදරෙයි.</b>

494
00:39:58,291 --> 00:40:00,583
<b>අපි සම්බන්ධයක් තියෙනවා,
අපි සතුටින් ඉන්නවා.</b>

495
00:40:01,250 --> 00:40:02,833
<b>අපි ළඟදීම බඳින්න ඉන්නේ.</b>

496
00:40:03,833 --> 00:40:05,458
<b>එහෙනම් ඇයි මාව බැන්දේ?</b>

497
00:40:05,958 --> 00:40:06,833
<b>මෝඩියේ!</b>

498
00:40:07,375 --> 00:40:08,250
<b>සල්ලිවලට තමයි.</b>

499
00:40:09,666 --> 00:40:11,166
<b>ඒක ඇරෙන්න තමුසෙට වෙන මොනවද තියෙන්නේ?</b>

500
00:40:13,125 --> 00:40:13,958
<b>ආ?</b>

501
00:40:14,541 --> 00:40:15,833
<b>මම තමුසෙට යන්න දෙන්නේ නෑ.</b>

502
00:40:16,333 --> 00:40:17,250
<b>ඩාලිං...</b>

503
00:40:17,625 --> 00:40:19,083
<b>මාව නවත්තන්න තමුසේ කවුද?</b>

504
00:40:20,333 --> 00:40:21,666
<b>මගේ පාරෙන් අයින් වෙනවා.</b>

505
00:40:23,416 --> 00:40:26,583
<i>ඒකෙන් පස්සේ, මේ ගෙදර මගේ හිරගෙදර වුණා.</i>

506
00:40:27,541 --> 00:40:31,583
<i>වික්‍රම් මරණය ඇරෙන්න
අනිත් හැමදේකින්ම මට වධ දුන්නා.</i>

507
00:40:38,041 --> 00:40:38,916
<b>හලෝ, කීර්ති?</b>

508
00:40:39,250 --> 00:40:40,125
<b>මම--</b>

509
00:40:42,458 --> 00:40:43,500
<b>තමුසේ කාටද කතා කරන්නේ?</b>

510
00:40:44,250 --> 00:40:45,125
<b>ආ?</b>

511
00:40:45,375 --> 00:40:48,291
<b>මම තමුසෙට කිව්වා නේද
කා එක්කවත් කතා කරන්න එපා කියලා?</b>

512
00:40:48,875 --> 00:40:50,458
<b>කතා කරන්නම ඕනෙනම්, මෙන්න මේකෙන් කතා කරනවා.</b>

513
00:40:50,958 --> 00:40:54,541
<b>තමුසෙට කතා කරන්න පුළුවන් මාත් එක්ක
නැත්නම් වොච්මන් එක්ක විතරයි.</b>

514
00:40:54,791 --> 00:40:57,166
<b>මේකෙන් කතා කරන්න පුළුවන්
අපි දෙන්නට විතරයි.</b>

515
00:40:57,958 --> 00:40:59,541
<b>හරිද? පස්සේ හම්බවෙමු!</b>

516
00:40:59,875 --> 00:41:02,791
<i>වොච්මන් සම්පත් කියන්නේ වික්‍රම්ගේ මිනිහෙක්.</i>

517
00:41:03,291 --> 00:41:06,833
<i>මාව මෙහෙ හිරකරන් ඉන්නවා
කියලා දන්නේ එයා විතරයි.</i>

518
00:41:07,416 --> 00:41:10,625
<i>වික්‍රම් එයාට සල්ලි ගෙවන්නේ ඒකටයි.</i>

519
00:41:10,750 --> 00:41:13,375
<b>එයාගේ අත්සන් විතරක් මදි බං.</b>

520
00:41:13,541 --> 00:41:14,458
<b>එයා මැරෙන්න ඕනේ.</b>

521
00:41:15,125 --> 00:41:16,583
<b>එයාගේ තාත්තා අන්තිම කැමති
පත්‍රය ලියලා තියෙන්නේ එහෙමයි.</b>

522
00:41:16,875 --> 00:41:20,541
<b>බලපන්. එයා මැරෙන්නෙත්
අන්න ඒ අන්තිම කැමති පත්‍රය නිසාමයි.</b>

523
00:41:21,541 --> 00:41:23,500
<b>ඒක හරියන්නේ නෑ.
උඹ මම කියන දේ අහපන්.</b>

524
00:41:24,333 --> 00:41:26,291
<b>මම දවස් දෙකකට බොම්බේ යනවා.</b>

525
00:41:26,833 --> 00:41:29,458
<b>මම එන්න කලින්...
උඹට තේරෙනවා නේද?</b>

526
00:41:31,416 --> 00:41:32,416
<b>පොඩ්ඩක් ඉඳපන් බං.</b>

527
00:41:33,416 --> 00:41:34,916
<b>පොඩ්ඩක් ඉඳපන්. මට
තව කෝල් එකක් එනවා.</b>

528
00:41:38,375 --> 00:41:40,083
<b>හලෝ?
ඔව්, ඇන්ටි.</b>

529
00:41:41,750 --> 00:41:42,625
<b>ඔව්, ඇන්ටි.</b>

530
00:41:43,375 --> 00:41:45,250
<b>එයාගේ තත්ත්වය ටිකක් අමාරුයි ඇන්ටි.</b>

531
00:41:45,333 --> 00:41:47,083
<b>එයා ගොඩක් අසාධ්‍ය තත්ත්වයක ඉන්නේ.</b>

532
00:41:47,666 --> 00:41:49,083
<b>නෑ, ඔයා කරදර වෙන්න එපා.</b>

533
00:41:49,583 --> 00:41:50,583
<b>මම බලාගන්නම්.</b>

534
00:41:50,833 --> 00:41:53,000
<i>ඔක්කොම දොරවල්
එළියෙන් ලොක් කරලා තියෙන්නේ.</i>

535
00:41:53,875 --> 00:41:57,541
<i>ඔයා කඩාගෙන ආපු
දොරත් ඇතුළුව.</i>

536
00:42:03,666 --> 00:42:05,583
<b>වික්‍රම් ඕනම වෙලාවක මාව මරයි.</b>

537
00:42:06,583 --> 00:42:09,000
<b>එයා ඒක සියදිවි නසාගැනීමක්
කියලා ලේසියෙන්ම ඔප්පු කරයි.</b>

538
00:42:09,041 --> 00:42:10,083
<b>එතකොට බබාට මොකද වෙන්නේ?</b>

539
00:42:10,458 --> 00:42:13,750
<b>එයා බබා ගැන දැනගත්තොත්</b>

540
00:42:14,000 --> 00:42:15,208
<b>-එයා එයාවත් මරයි.
-මැඩම්!</b>

541
00:42:15,375 --> 00:42:16,666
<b>ඔයත් කරන්නේ ඒකම නේද?</b>

542
00:42:17,833 --> 00:42:20,041
<b>කොහොමත් එයා මැරෙනවා.</b>

543
00:42:20,416 --> 00:42:21,791
<b>මම ජීවත් වුණේ එයාට ඕනේ විදිහට.</b>

544
00:42:22,208 --> 00:42:26,541
<b>අඩුම තරමේ, මම මැරෙන්නේ මට ඕනේ විදිහටයි.</b>

545
00:42:26,875 --> 00:42:27,750
<b>අනේ.</b>

546
00:42:28,625 --> 00:42:29,916
<b>-මාව මරන්න.
-ඔයාට නැති වෙන්න දෙයක් නෑනේ.</b>

547
00:42:30,125 --> 00:42:31,541
<b>ඔයාට මේ හිරගෙදරින් බේරෙන්න පුළුවන්.</b>

548
00:42:31,708 --> 00:42:33,125
<b>ඒත් මම හිරේ යනවා.</b>

549
00:42:33,291 --> 00:42:35,125
<b>මගේ ඇඟිලි සලකුණු මේ ගෙදර හැමතැනම තියෙනවා.</b>

550
00:42:35,166 --> 00:42:36,041
<b>ඔයාමයි මට කිව්වේ. මතකද?</b>

551
00:42:39,375 --> 00:42:40,625
<b>මුකුත් වෙන්නේ නෑ.</b>

552
00:42:41,458 --> 00:42:43,958
<b>මම ආවේ හොරකම් කරන්න. ඒත් දැන්,
මම ඒ සේරම මකලා දානවා.</b>

553
00:42:45,333 --> 00:42:46,250
<b>මේකද මගේ කරුමේ?</b>

554
00:42:52,416 --> 00:42:53,541
<b>ඒක මෙතන තියෙයිද?</b>

555
00:42:55,125 --> 00:42:56,500
<b>කොහොමහරි පිහදාමුකෝ.</b>

556
00:43:01,750 --> 00:43:03,583
<b>ආයෙත්?</b>

557
00:43:04,333 --> 00:43:06,458
<b>සොරි. මට ඔයාව මරන්න බෑ.</b>

558
00:43:07,291 --> 00:43:10,625
<b>ඔයා කිව්වා නේද ඇඟිලි සලකුණු මැකුවාට පස්සේ
මාව මරනවා කියලා?</b>

559
00:43:10,750 --> 00:43:14,625
<b>ඒ ඇඟිලි සලකුණු තිබ්බොත්
පොලිසියෙන් මාව අල්ලගන්න නිසයි.</b>

560
00:43:14,750 --> 00:43:16,541
<b>ඔයාව මරලා මම
හිරේ ලගින්න ඕනෙද ඔයාට?</b>

561
00:43:16,750 --> 00:43:17,666
<b>වෙන කාටහරි කියලා මරාගන්නවා.</b>

562
00:43:17,750 --> 00:43:20,250
<b>නැත්නම් වස බොනවා හරි එල්ලෙනවා හරි.</b>

563
00:43:20,583 --> 00:43:21,416
<b>මම යනවා.</b>

564
00:43:36,250 --> 00:43:37,125
<b>මැඩම්!</b>

565
00:43:37,916 --> 00:43:38,833
<b>දෙවියනේ, මෙයා එක්ක නම් බෑ.</b>

566
00:43:39,250 --> 00:43:40,416
<b>හේයි... හේයි...</b>

567
00:43:42,041 --> 00:43:43,375
<b>ඔයාට තේරෙන්නේ නැද්ද?</b>

568
00:43:45,791 --> 00:43:47,916
<b>-මට මෙහෙන් යන්න ඕනේ.
-ඉතින්?</b>

569
00:43:48,250 --> 00:43:50,291
<b>ඔයාට මාව හිරේ යවන්නද ඕනේ?</b>

570
00:43:51,333 --> 00:43:54,041
<b>දැන් දොර ඇරලා තියෙන්නේ.
පොලිසියට යන්න.</b>

571
00:43:55,458 --> 00:43:56,375
<b>මොකක්?</b>

572
00:44:00,791 --> 00:44:02,958
<b>මගේ මහත්තයා බලවත් බිස්නස්කාරයෙක්.</b>

573
00:44:03,333 --> 00:44:04,875
<b>එයාට ලොකු කනෙක්ෂන්ස් තියෙනවා.</b>

574
00:44:05,083 --> 00:44:06,375
<b>පොලිසියට මට උදව් කරන්න බෑ.</b>

575
00:44:06,708 --> 00:44:07,791
<b>ඇයි ඔයා ආයෙත් ආවේ?</b>

576
00:44:08,125 --> 00:44:09,041
<b>මම මැරෙනවා.</b>

577
00:44:09,333 --> 00:44:12,166
<b>මම කොහොමද මැඩම් ඔයාට මැරෙන්න දෙන්නේ?</b>

578
00:44:12,208 --> 00:44:13,166
<b>මේක මගේ ජීවිතේ.</b>

579
00:44:13,291 --> 00:44:14,791
<b>මම ජීවත් වෙනවද මැරෙනවද තීරණය කරන්නේ මමයි.</b>

580
00:44:14,833 --> 00:44:16,625
<b>එහෙම බෑ.</b>

581
00:44:16,666 --> 00:44:17,583
<b>අනික මම ඔයාට මැරෙන්න දෙන්නේ නෑ.</b>

582
00:44:18,416 --> 00:44:19,333
<b>මට වෙන විකල්පයක් නෑ.</b>

583
00:44:19,916 --> 00:44:21,041
<b>ඒකයි මම මැරෙන්නේ.</b>

584
00:44:21,583 --> 00:44:22,625
<b>එතකොට ඔයාගේ බබා?</b>

585
00:44:23,250 --> 00:44:25,041
<b>ඉපදෙන්නත් කලින් එයා මැරෙන්න ඕනේ ඇයි?</b>

586
00:44:25,333 --> 00:44:27,083
<b>එයා කරපු වැරැද්ද මොකක්ද?</b>

587
00:44:27,208 --> 00:44:28,750
<b>සියදිවි නසාගන්න එක කවදාවත් විසඳුමක් නෙවෙයි.</b>

588
00:44:29,000 --> 00:44:31,291
<b>ඔයාට තව දවස් දෙකක් තියෙනවා.
ඒ ගැන හිතන්න.</b>

589
00:44:31,916 --> 00:44:33,458
<b>මම පහුගිය මාස හය තිස්සේම
හිතුවේ ඒ ගැන තමයි.</b>

590
00:44:34,041 --> 00:44:35,458
<b>මට තියෙන එකම විසඳුම
සියදිවි නසාගන්න එක විතරයි.</b>

591
00:44:36,333 --> 00:44:37,458
<b>දෙවියනේ!</b>

592
00:44:38,458 --> 00:44:40,625
<b>ඒකෙන් හැමදේම ඉවරයක් වෙයිද?</b>

593
00:44:40,833 --> 00:44:41,916
<b>මේක මගේ කරුමේ.</b>

594
00:44:42,125 --> 00:44:43,291
<b>ඇයි ඔයා මෙහෙට හොරකම් කරන්න ආවේ?</b>

595
00:44:43,541 --> 00:44:44,375
<b>මට උත්තර දෙන්න.</b>

596
00:44:44,750 --> 00:44:48,375
<b>සල්ලි හොයන්න වෙන ක්‍රමයක්
ඔයා දැනන් හිටියේ නැති නිසා නේද?</b>

597
00:44:49,000 --> 00:44:50,250
<b>මම මගේ වැරැද්ද පිළිගන්නවා.</b>

598
00:44:50,583 --> 00:44:52,500
<b>මගේ වැරැද්දට මම හිරේ යයි.</b>

599
00:44:52,541 --> 00:44:54,375
<b>ඒත් ඔයා යන්නේ අහසට.</b>

600
00:44:54,583 --> 00:44:55,916
<b>මේක කොහොමද සාධාරණ වෙන්නේ?</b>

601
00:45:01,166 --> 00:45:04,166
<b>කාලයේ වටිනාකම තේරෙන්නේ</b>

602
00:45:04,500 --> 00:45:07,083
<b>තමන් මරණාසන්නයේ ඉන්නකොටයි.</b>

603
00:45:07,625 --> 00:45:08,750
<b>ඔයා කවදාවත් ඒක දැනගන්න එකක් නෑ.</b>

604
00:45:09,250 --> 00:45:10,208
<b>මම කවදාවත් ඒක දැනගන්න එකක් නෑ?!</b>

605
00:45:11,916 --> 00:45:13,083
<b>මම කවදාවත් ඒක දැනගන්න එකක් නෑ?</b>

606
00:45:15,125 --> 00:45:16,958
<b>මම මෙහෙට හොරකම් කරන්න
ආවේ මගේ කැමැත්තකින් නෙවෙයි.</b>

607
00:45:18,416 --> 00:45:20,333
<b>ඒක මගේ ජීවිතේ බේරගන්න කරන සටනක්.</b>

608
00:45:21,916 --> 00:45:22,750
<b>ඔයාට තේරෙන්නේ නැද්ද?</b>

609
00:45:24,416 --> 00:45:26,416
<b>දෙවියන්ගෙන් ඉල්ලුවාම දෙනවා.</b>

610
00:45:27,875 --> 00:45:29,791
<b>ඒත් මට, එයා මම කවදාවත්
ඉල්ලපු නැති දෙයක් දුන්නා.</b>

611
00:45:32,583 --> 00:45:34,125
<b>මට දරාගන්න බැරි තරම් දෙයක්.</b>

612
00:45:36,333 --> 00:45:38,416
<b>මට පෙනහළු පිළිකාවක් තියෙනවා.</b>

613
00:45:39,958 --> 00:45:40,875
<b>ඔව්.</b>

614
00:45:43,166 --> 00:45:44,750
<b>මට ජීවත් වෙන්න තියෙන්නේ තව මාසයක් විතරයි.</b>

615
00:45:45,125 --> 00:45:46,125
<b>ඔයා දෙයක් දන්නවද?</b>

616
00:45:47,000 --> 00:45:48,833
<b>ඔයා මැරෙන දවස ඔයා දන්නවා නම්</b>

617
00:45:49,541 --> 00:45:51,250
<b>ඔයා ජීවත් වෙන දවස් ටික අපායක් වෙනවා.</b>

618
00:45:52,916 --> 00:45:54,583
<b>මම ඉන්නේ ඒ අපායේ.</b>

619
00:45:56,208 --> 00:45:57,208
<b>මට කියන්න.</b>

620
00:45:58,375 --> 00:46:00,375
<b>මම හැමදාම මැරෙනවා.</b>

621
00:46:01,000 --> 00:46:03,791
<b>මට වඩා මරණය ගැන දන්න වෙන කවුද ඉන්නේ?</b>

622
00:46:05,416 --> 00:46:07,750
<b>දොස්තරලා සහ වෛද්‍ය විද්‍යාව</b>

623
00:46:08,166 --> 00:46:11,041
<b>මගේ මරණයේ දවස තීරණය කළා.</b>

624
00:46:11,166 --> 00:46:12,750
<b>ඒත් මට ජීවත් වෙන්න ඕනේ.</b>

625
00:46:13,166 --> 00:46:14,125
<b>මම වෙනුවෙන්...</b>

626
00:46:15,375 --> 00:46:17,291
<b>මගේ අම්මලා තාත්තලා වෙනුවෙන්,</b>

627
00:46:18,208 --> 00:46:21,250
<b>මාත් එක්ක ජීවත් වෙන්න
ඕනෙ කියන මගේ මීනා වෙනුවෙන්...</b>

628
00:46:22,833 --> 00:46:24,625
<b>මට එයාලා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ.</b>

629
00:46:26,125 --> 00:46:27,666
<b>මගේ දොස්තරලා ඔක්කොම බලාපොරොත්තු අතෑරියා.</b>

630
00:46:28,333 --> 00:46:30,750
<b>ඒත් එක දොස්තර කෙනෙක්, දෙවියෙක් වගේ...</b>

631
00:46:31,500 --> 00:46:35,875
<b>ඔපරේෂන් එකක් කරලා මාව
බේරගන්නම් කියලා පොරොන්දු වුණා.</b>

632
00:46:36,833 --> 00:46:42,000
<b>ඒ බලාපොරොත්තුවෙන්
මම සල්ලි හොයන්න උත්සාහ කරනවා</b>

633
00:46:42,833 --> 00:46:44,666
<b>හොරකම් කරලා, වැරදි පාරේ ගිහින්.</b>

634
00:46:45,458 --> 00:46:46,416
<b>ඒත් ඔයා දිහා බලන්න.</b>

635
00:46:47,083 --> 00:46:48,375
<b>ඔයාගේ කාර්, බංගලාවල් එක්ක...</b>

636
00:46:49,833 --> 00:46:52,708
<b>කම්පැනියක අයිතිකාරියක් වෙලත්,
හැමදේම අතේ තියෙද්දිත්</b>

637
00:46:53,250 --> 00:46:54,791
<b>ඇයි ඔයාට මැරෙන්න ඕනේ වෙලා තියෙන්නේ?</b>

638
00:46:55,250 --> 00:46:56,083
<b>ආ?</b>

639
00:46:56,583 --> 00:46:58,583
<b>මම පොඩි කතාවක් කියන්නද?</b>

640
00:46:58,833 --> 00:47:00,750
<b>1983.</b>

641
00:47:01,000 --> 00:47:02,791
<b>ඉන්දියාව ලෝක කුසලාන මැච් එකකට සහභාගි වුණා.</b>

642
00:47:03,333 --> 00:47:05,333
<b>අපේ ස්කෝර් එක දන්නවද?</b>

643
00:47:05,500 --> 00:47:06,958
<b>ලකුණු 183යි.</b>

644
00:47:07,208 --> 00:47:10,458
<b>ඒක ගැහුවේ බලවත් වෙස්ට් ඉන්ඩීස්ලට විරුද්ධව.</b>

645
00:47:11,291 --> 00:47:12,958
<b>හැමෝම හිතුවේ අපි පැරදුණා කියලා.</b>

646
00:47:13,458 --> 00:47:17,375
<b>ඒත් එක මනුස්සයෙක් තමන්ගේ ටීම් එක විශ්වාස කරලා
ක්‍රීඩකයින්ව පිට්ටනියට ගෙනාවා.</b>

647
00:47:18,125 --> 00:47:19,000
<b>ඒ කවුද දන්නවද?</b>

648
00:47:19,375 --> 00:47:20,291
<b>කපිල් දේව්.</b>

649
00:47:20,708 --> 00:47:22,750
<b>එයා විශ්වාස කළා වගේම,
එයා කප් එක දින්නා.</b>

650
00:47:24,666 --> 00:47:25,625
<b>අන්න ඒ වගේ...</b>

651
00:47:26,375 --> 00:47:27,625
<b>මටත් ජීවත් වෙන්න ඕනේ.</b>

652
00:47:28,291 --> 00:47:29,500
<b>මට ජීවිතේ දිනන්න ඕනේ.</b>

653
00:47:30,416 --> 00:47:31,458
<b>මට ජීවත් වෙන්න ඕනේ.</b>

654
00:47:32,041 --> 00:47:33,208
<b>මට මරණය පරද්දන්න ඕනේ.</b>

655
00:47:34,333 --> 00:47:35,208
<b>මට ජීවත් වෙන්නම ඕනේ.</b>

656
00:47:53,916 --> 00:47:54,791
<b>මේක ගන්න.</b>

657
00:47:55,458 --> 00:47:56,625
<b>ඔයාව බේරගන්න.</b>

658
00:47:56,958 --> 00:47:58,708
<b>අඩුම තරමේ, ඔයාට බේරෙන්න පාරක් තියෙනවා.</b>

659
00:47:59,666 --> 00:48:01,500
<b>ඒත් මට එහෙම නෑ.</b>

660
00:48:02,958 --> 00:48:03,875
<b>ඔයාට තියෙනවා.</b>

661
00:48:04,250 --> 00:48:07,416
<b>ඔයාගේ බබා වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕනේ.</b>

662
00:48:08,666 --> 00:48:10,708
<b>තව දවස් දෙකකින්, එයා...</b>

663
00:48:12,500 --> 00:48:15,291
<b>එයා මැරෙයි. මට ඒක හිතන්නවත් බෑ.</b>

664
00:48:16,000 --> 00:48:17,125
<b>ඒක ඔයාගේ හිතළුවක් විතරයි.</b>

665
00:48:17,916 --> 00:48:20,458
<b>ඔයාගේ අන්තිම හුස්ම යනකම්ම
ඔයා ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ.</b>

666
00:48:20,666 --> 00:48:22,500
<b>බලාපොරොත්තුවක් තියෙනවා
කියලා ඔයා විශ්වාස කරන්න ඕනේ.</b>

667
00:48:22,750 --> 00:48:24,500
<b>තමන්වම මරාගන්න එක කවදාවත් හරි නෑ.</b>

668
00:48:27,833 --> 00:48:30,458
<b>මට අල්ලගන්න කවුරුවත් නෑ.</b>

669
00:48:30,791 --> 00:48:31,625
<b>මම ඔයා වෙනුවෙන් ඉන්නවා මැඩම්.</b>

670
00:48:32,291 --> 00:48:33,666
<b>මම ඔපරේෂන් එකට දිල්ලි යනවා.</b>

671
00:48:34,000 --> 00:48:35,541
<b>ඔයාට ඕනෙනම් මාත් එක්ක එන්න.</b>

672
00:48:35,833 --> 00:48:37,750
<b>ඒකෙන් පස්සේ, ඔයා බලාගනියිනේ, නේද?</b>

673
00:48:39,291 --> 00:48:41,541
<b>වික්‍රම් මේ ගැන දැනගත්තොත්?</b>

674
00:48:42,458 --> 00:48:46,375
<b>ඒ මනුස්සයා ඔයාව සියදිවි
නසාගන්න තැනටම තල්ලු කළා.</b>

675
00:48:47,083 --> 00:48:48,291
<b>මම ඔයා වෙනුවෙන් ඉන්නවා.
බය වෙන්න එපා.</b>

676
00:48:48,458 --> 00:48:52,125
<b>මේ හොරා දැන් මට පහර දෙන්න හැදුවා.
මම කොහොමද එයාව විශ්වාස කරන්නේ?</b>

677
00:48:53,583 --> 00:48:55,125
<b>ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්.</b>

678
00:48:55,625 --> 00:48:58,125
<b>මොකද මගේ අතේ තුවක්කුවක් තියෙද්දිත්
මම ඔයාට වෙඩි තිබ්බේ නෑනේ.</b>

679
00:48:59,125 --> 00:49:00,083
<b>මාව විශ්වාස කරන්න.</b>

680
00:49:02,041 --> 00:49:04,250
<b>හරි. මම මාරු වෙලා එන්නම්.</b>

681
00:49:05,000 --> 00:49:05,875
<b>හරි මැඩම්.</b>

682
00:49:54,500 --> 00:49:55,708
<b>අනේ දෙවියනේ!</b>

683
00:49:57,916 --> 00:49:59,666
<b>සම්පත්! සම්පත්!</b>

684
00:50:00,041 --> 00:50:01,333
<b>ඔයා මොකක්ද මේ කළේ?</b>

685
00:50:01,375 --> 00:50:02,458
<b>ඇයි ඔයා එයාට වෙඩි තිබ්බේ?</b>

686
00:50:02,500 --> 00:50:03,583
<b>අන්බු, අනේ මොනවා හරි කියන්නකෝ!</b>

687
00:50:03,625 --> 00:50:05,041
<b>ඇයි ඔයා එයාව මැරුවේ?</b>

688
00:50:05,291 --> 00:50:08,541
<b>මම එයාට වෙඩි තියලා මැරුවේ නෑ. බලන්න--</b>

689
00:50:08,583 --> 00:50:10,458
<b>ඇයි ඔයා දැන් ෆෝන් එක ගන්නේ?</b>

690
00:50:10,791 --> 00:50:12,500
<b>-කාටද කෝල් කරන්නේ?
-පොලිසියට!</b>

691
00:50:12,791 --> 00:50:16,833
<b>තමුසෙට පිස්සුද? තමුසේ එයාව මරලා,
දැන් පොලිසියටත් කතා කරනවද?</b>

692
00:50:17,041 --> 00:50:18,833
<b>-අනේ නෑ!
-මම කියන්නේ, මම එයාව මැරුවේ නෑ!</b>

693
00:50:18,916 --> 00:50:20,375
<b>මට බොරු කියන්න එපා!</b>

694
00:50:20,416 --> 00:50:22,541
<b>මම දිවුරනවා, මම එයාව මැරුවේ නෑ!</b>

695
00:50:22,583 --> 00:50:24,041
<b>එහෙනම් වෙන කවුද එයාව මරන්න ඇත්තේ?</b>

696
00:50:24,125 --> 00:50:27,375
<b>මෙතන ඉන්නේ අපි විතරයි.
වෙන කවුරු වෙන්නද?</b>

697
00:50:28,125 --> 00:50:32,708
<b>මේක---
එන්න, මම කියන්නම් මොකද වුණේ කියලා.</b>

698
00:50:33,000 --> 00:50:34,541
<b>එන්න, මම කියන්නම්!</b>

699
00:50:35,458 --> 00:50:37,125
<b>මේක කැඩිලා නෑ...</b>

700
00:50:37,208 --> 00:50:38,416
<b>-කොහොමද මේක...
-හේයි!</b>

701
00:50:38,916 --> 00:50:40,083
<b>කවුද ඒ?</b>

702
00:51:12,583 --> 00:51:14,291
<b>එයා මැරුණා. ඒක ඇක්සිඩන්ට් එකක්.</b>

703
00:51:14,541 --> 00:51:16,875
<b>පොලිසිය මේක විශ්වාස කරයි කියලා
ඔයා ඇත්තටම හිතනවාද?</b>

704
00:51:17,041 --> 00:51:18,416
<b>අපි එයාලට ඇත්ත කියන්න ඕනේ.</b>

705
00:51:18,458 --> 00:51:21,250
<b>ආ, එතකොට එයාලා අපිව විශ්වාස කරයි
කියලා ඔයා ඇත්තටම හිතනවාද?</b>

706
00:51:21,291 --> 00:51:23,333
<b>අපි ඇත්ත කිව්වොත්, එයාලා අපිව විශ්වාස කරයි!</b>

707
00:51:25,958 --> 00:51:28,083
<b>සර්, මම තමයි මේ මිනීමැරුම කළේ.</b>

708
00:51:28,458 --> 00:51:31,000
<b>ආ, මේ මිස්ටර් අන්බු නේද? හොඳයි!</b>

709
00:51:31,166 --> 00:51:32,708
<b>ඔයා කියන දේ අපි විශ්වාස කරනවා.</b>

710
00:51:32,791 --> 00:51:35,208
<b>ඔයා වෙලාවටම අපිට කිව්වා.</b>

711
00:51:35,416 --> 00:51:38,041
<b>නැත්නම් අපි ඔයා වගේ හොඳ කෙනෙක්ව
සැක කරන්නත් ඉඩ තිබුණා!</b>

712
00:51:38,291 --> 00:51:41,166
<b>මෝඩයා! තමුසෙව අත්අඩංගුවට ගනීවි.</b>

713
00:51:41,541 --> 00:51:43,000
<b>අනික වැදගත්ම දේ,</b>

714
00:51:43,041 --> 00:51:48,791
<b>-එයාලා අහයි තමුසේ කවුද, ඇයි මෙහෙ ඉන්නේ කියලා!
-එතකොට, මගේ ඔපරේෂන් එක ඉවරද?</b>

715
00:51:49,791 --> 00:51:52,291
<b>මගේ අම්මා. මගේ මීනා?!</b>

716
00:51:52,875 --> 00:51:55,208
<b>තමුසේ එයාට වෙඩි තියන්න කලින්
ඒ ගැන හිතන්න තිබුණා!</b>

717
00:51:55,541 --> 00:51:57,875
<b>එතකොට, පොලිසිය අපි දෙන්නවම
අත්අඩංගුවට ගනීවිද?</b>

718
00:52:00,708 --> 00:52:01,958
<b>අනේ දෙවියනේ!</b>

719
00:52:08,375 --> 00:52:13,375
<b>මැඩම්, ඒක ඇක්සිඩන්ට් එකක්.
පොලිසිය මාව අත්අඩංගුවට ගන්නේ නෑ!</b>

720
00:52:13,750 --> 00:52:15,250
<b>-තමුසේ අනිවාර්යයෙන්ම අහුවෙනවා!
-ඇයි?</b>

721
00:52:15,291 --> 00:52:17,208
<b>තමුසේ විතරක් නෙවෙයි, මාත් අහුවෙනවා!</b>

722
00:52:17,250 --> 00:52:21,500
<b>මේ මිනීමැරුමට තමුසෙව අරන් යයි,
මට මේ හිරගෙදරම හිරවෙලා ඉන්න වෙයි!</b>

723
00:52:21,666 --> 00:52:25,291
<b>දැන් අපි මොකද කරන්නේ මැඩම්?
අනේ මොනවා හරි හිතන්නකෝ!</b>

724
00:52:25,333 --> 00:52:27,416
<b>හේයි! මම මොනවා හිතන්නද?</b>

725
00:52:27,666 --> 00:52:30,625
<b>තමුසේ ආපු වෙලාවේ ඉඳන්
මට හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ!</b>

726
00:52:31,166 --> 00:52:33,375
<b>මේ ඔක්කොම අස්සේ, මම තමුසේ එක්ක
එන්නත් කැමති වුණානේ!</b>

727
00:52:36,791 --> 00:52:37,791
<b>මැඩම්...</b>

728
00:52:38,666 --> 00:52:40,041
<b>අපි මෙහෙම කළොත් මොකද?</b>

729
00:52:42,541 --> 00:52:43,416
<b>මැඩම්...</b>

730
00:52:43,958 --> 00:52:47,125
<b>අපිට මිනිය පිටිපස්සේ වළලන්න පුළුවන්ද?</b>

731
00:52:47,166 --> 00:52:49,583
<b>කවුරුහරි දැක්කොත්, අපි හිරේ යනවා!</b>

732
00:52:51,458 --> 00:52:53,791
<b>ඔව්! අපි අහුවෙනවා.
දැන් අපි හිරවෙලා!</b>

733
00:52:53,875 --> 00:52:56,208
<b>-මොනවා හරි හිතන්න!
-ඉන්න. මම මොනවා හරි හිතන්නම්.</b>

734
00:52:58,500 --> 00:52:59,791
<b>මම දිවුරනවා, මම එයාව මැරුවේ නෑ!</b>

735
00:52:59,958 --> 00:53:01,208
<b>හේයි! සද්ද නැතුව ඉන්නවා.</b>

736
00:53:01,666 --> 00:53:05,000
<b>මම එයාව මැරුවේ නෑ කියලා ඔයා විශ්වාස කරනවා නම්
මම සතුටු වෙන්නම්!</b>

737
00:53:05,250 --> 00:53:06,916
<b>ඒකද දැන් ලොකුම දේ?</b>

738
00:53:09,083 --> 00:53:12,916
<b>තමුසේ ආවාම මම දැක්කේ බේරෙන්න තියෙන අවස්ථාවක්.</b>

739
00:53:13,000 --> 00:53:16,125
<b>ඒත් දැන්, මට ආයෙත් මේ
හිරගෙදරම හිරවුණා වගේ දැනෙන්නේ!</b>

740
00:53:18,291 --> 00:53:18,916
<b>මැඩම්...</b>

741
00:53:19,958 --> 00:53:22,500
<b>අපිට අඩුම ගානේ එයාගේ අවසන්
කටයුතුවත් කරන්න පුළුවන්ද?</b>

742
00:53:22,583 --> 00:53:27,708
<b>නැත්නම්, මගේ ආච්චි කියන විදිහට,
මළගිය ඇත්තෝ අපිට කරදර කරයි!</b>

743
00:53:28,833 --> 00:53:32,208
<b>තමුසේ මේ සීරියස් කියනවා නෙවෙයි කියලා කියනවා,
නැත්නම් මට තවත් කේන්ති යයි!</b>

744
00:53:32,625 --> 00:53:34,166
<b>මම මේ කියන්නේ ඇත්ත.</b>

745
00:53:35,541 --> 00:53:37,500
<b>අපිට අවසන් කටයුතු කරන්න පුළුවන්ද?</b>

746
00:53:37,791 --> 00:53:38,916
<b>තමුසේ ඒක කොහේ කරන්නද හදන්නේ?</b>

747
00:53:39,708 --> 00:53:40,708
<b>මෙතනම තමයි!</b>

748
00:53:41,000 --> 00:53:42,000
<b>ඔයා ළඟ භූමිතෙල් තියෙනවද?</b>

749
00:53:42,083 --> 00:53:43,000
<b>මං ළඟ තියෙනවා!</b>

750
00:53:43,291 --> 00:53:44,041
<b>-අපිට වෙන මොනවද--
-හේයි!</b>

751
00:53:44,083 --> 00:53:45,083
<b>මෙන්න මෙහෙමයි කරන්නේ.</b>

752
00:53:45,125 --> 00:53:47,333
<b>භූමිතෙල් හැමතැනම හලනවා!</b>

753
00:53:47,416 --> 00:53:49,333
<b>වොච්මන්ගේ ඇඟටත් හලනවා!</b>

754
00:53:49,375 --> 00:53:51,541
<b>ඊටපස්සේ, මේ තැනම ගිනි තියලා දානවා. හරිද?</b>

755
00:53:51,958 --> 00:53:53,041
<b>සුපිරි, මැඩම්!</b>

756
00:53:53,125 --> 00:53:54,625
<b>සුපිරි?! මෝඩයා!</b>

757
00:53:55,916 --> 00:53:57,833
<b>එතකොට අපි දෙන්නත් පිච්චෙනවා!</b>

758
00:53:58,541 --> 00:53:59,958
<b>තමුසෙට හොඳ අදහසක්වත් දෙන්න බෑනේ!</b>

759
00:54:00,083 --> 00:54:01,958
<b>ඇයි තමුසේ ඔච්චර මෝඩ?</b>

760
00:54:02,166 --> 00:54:03,125
<b>මැඩම්!</b>

761
00:54:03,458 --> 00:54:07,375
<b>අදහසක් කියන්නේ නිකම්ම සිතුවිල්ලක් විතරයි.</b>

762
00:54:07,541 --> 00:54:10,250
<b>ඒක හොඳද නරකද කියලා මම කොහොමද දන්නේ?</b>

763
00:54:10,291 --> 00:54:15,333
<b>මම මිනී හංගන්න දක්ෂයෙක් කියලා
ඔයා හිතනවාද?</b>

764
00:54:15,583 --> 00:54:19,875
<b>ඔයා මට උදව් කරන්නෙත් නෑ, මට හිතන්න දෙන්නෙත් නෑ,
ඒත් ඔයා මට බනිනවා?</b>

765
00:54:19,916 --> 00:54:24,916
<b>හොඳයි, හිතලා ඔයාට ඕනේ දෙයක් කරගන්නවා.
මම මේකෙන් අයින් වෙනවා!</b>

766
00:54:25,333 --> 00:54:27,166
<b>මැඩම්. මැඩම්.</b>

767
00:54:31,291 --> 00:54:32,583
<b>මැඩම්...</b>

768
00:54:32,666 --> 00:54:35,083
<b>ඔයාට මෙච්චර ඉක්මනට තරහ ගියාද?!</b>

769
00:54:35,458 --> 00:54:39,291
<b>මොනවා වුණත්, අපි ඒක එකට කරමු.</b>

770
00:54:39,458 --> 00:54:44,083
<b>-මම ඇයි එහෙම කරන්නේ? අපි එකතුවෙලාද මිනීමැරුවේ?
-අනේ දෙවියනේ, මමත් ඒක කළේ නෑනේ.</b>

771
00:54:44,625 --> 00:54:46,958
<b>-තමුසේ ඒක ඔප්පු කරන්නේ කොහොමද?
-ඔයා පොලිසියෙන්ද?</b>

772
00:54:47,041 --> 00:54:48,500
<b>ඔයා හැමදේම හොයලා බලනවා නේද?</b>

773
00:54:48,541 --> 00:54:52,000
<b>මම එයාව මැරුවා නම්, මම ඔයාවත්
මරන්නේ නැතුව ඉඳීවිද?</b>

774
00:54:52,416 --> 00:54:54,541
<b>හරි. වැඩිය කතා කරන්න එපා.</b>

775
00:54:54,791 --> 00:54:55,875
<b>මට අදහසක් තියෙනවා.</b>

776
00:54:57,250 --> 00:54:58,958
<b>ඒත් තමුසේ ඒකට කැමති වෙන එකක් නෑ.</b>

777
00:54:59,625 --> 00:55:01,416
<b>කමක් නෑ. ඒක මොකක්ද කියලා කියන්නකෝ.</b>

778
00:55:04,208 --> 00:55:05,750
<b>අපි මෙහෙම කළොත්,</b>

779
00:55:06,416 --> 00:55:08,125
<b>මේ මිනිය ගෙදර කොහේහරි හැංගුවොත්?</b>

780
00:55:09,958 --> 00:55:10,833
<b>අන්න හරි!</b>

781
00:55:11,958 --> 00:55:13,833
<b>ඔයා කවදාවත් මගේ අදහස්වලට කැමති නෑනේ!</b>

782
00:55:14,291 --> 00:55:15,250
<b>නෑ. නෑ.</b>

783
00:55:15,833 --> 00:55:16,833
<b>මේක හොඳ අදහසක්.</b>

784
00:55:17,291 --> 00:55:18,166
<b>ඇත්තද?</b>

785
00:55:18,833 --> 00:55:22,958
<b>ඒත් හංගපු මිනිය හම්බවුණොත්
සැක කරන්නේ මාවයි.</b>

786
00:55:23,166 --> 00:55:24,916
<b>දෙවියන්ට ස්තූති වෙන්න. මම බේරෙනවා.</b>

787
00:55:25,708 --> 00:55:29,208
<b>තමුසෙට එහෙම ලේසියෙන් බේරෙන්න බෑ.
තමුසේගේ ඇඟිලි සලකුණු රිවෝල්වරේ තියෙනවා!</b>

788
00:55:43,583 --> 00:55:44,291
<b>දෙවියන්ට ස්තූති වෙන්න!</b>

789
00:55:46,125 --> 00:55:47,833
<b>බලන්න, මැඩම්. ඇඟිලි සලකුණු නෑ.</b>

790
00:55:49,875 --> 00:55:50,916
<b>මම ඒ ඔක්කොම මැකුවා.</b>

791
00:55:52,041 --> 00:55:53,000
<b>පොඩ්ඩක් ඉන්න...</b>

792
00:55:53,291 --> 00:55:57,041
<b>රිවෝල්වරේ ඇඟිලි සලකුණු නැත්නම්,
ඒකෙ අයිතිකාරයාව සැක කරයි නේද?</b>

793
00:55:57,708 --> 00:55:59,750
<b>ඔව්! ඒත් ඒකෙ අයිතිකාරයා ඔයා නේද?</b>

794
00:56:00,125 --> 00:56:01,000
<b>නෑ.</b>

795
00:56:01,333 --> 00:56:03,166
<b>මේ රිවෝල්වරේ අයිතිකාරයා වික්‍රම්.</b>

796
00:56:03,291 --> 00:56:04,791
<b>සැක කරන්නේ එයාවයි.</b>

797
00:56:05,833 --> 00:56:06,666
<b>නියමයි!</b>

798
00:56:08,000 --> 00:56:11,875
<b>වික්‍රම් අහුවෙන විදිහේ
ප්ලෑන් එකක් අපි හදමු.</b>

799
00:56:12,625 --> 00:56:14,791
<b>අපි පොලිසියටත් ඒක කියමු.</b>

800
00:56:14,916 --> 00:56:18,375
<b>ඊයේ රෑ ඉඳන් අපි මෙහෙ හිටියේ නෑ කියලා
අපි පොලිසියට ඔප්පු කරමු!</b>

801
00:56:19,541 --> 00:56:21,000
<b>-ඊයේ රෑ?
-ඔව්!</b>

802
00:56:21,041 --> 00:56:22,500
<b>මම මෙහෙට ආවේ අදයි!</b>

803
00:56:23,875 --> 00:56:25,375
<b>මම වැදගත් දෙයක් කියන්නම්,</b>

804
00:56:25,458 --> 00:56:27,083
<b>මේක හරියයිද නැද්ද?</b>

805
00:56:28,000 --> 00:56:30,125
<b>වික්‍රම් මගේ ජීවිතේ විනාශ කළා.</b>

806
00:56:30,208 --> 00:56:33,000
<b>මගේ ජීවිතේ බේරගන්න මට තියෙන
එකම අවස්ථාව මේකයි!</b>

807
00:56:33,583 --> 00:56:34,958
<b>අනික...</b>

808
00:56:35,083 --> 00:56:36,208
<b>තමුසේගේ ජීවිතෙත්!</b>

809
00:56:36,333 --> 00:56:39,500
<b>හරි. අපි කොහොමද සාක්ෂියක් හදන්නේ?</b>

810
00:56:40,500 --> 00:56:42,291
<b>අපි ඒ ගැන හිතන්න ඕනේ!</b>

811
00:56:45,125 --> 00:56:47,250
<b>ඔයාගේ මහත්තයා මේකෙන් බේරුණොත්?</b>

812
00:56:48,291 --> 00:56:49,750
<b>නැත්නම්, අපි අහුවෙයි.</b>

813
00:56:50,416 --> 00:56:51,875
<b>ඇයි ඔයා මාවත් මේකට ඇදලා ගන්නේ?</b>

814
00:56:52,166 --> 00:56:53,958
<b>හේයි! මම තමුසෙව බේරගන්නවා.</b>

815
00:56:54,208 --> 00:56:55,375
<b>ඒක තේරුම් ගන්නවා.</b>

816
00:56:55,750 --> 00:57:00,125
<b>අපි මේක එයාගේ පිටින් යැව්වොත්,
අපිට බේරිලා යන්න පුළුවන්.</b>

817
00:57:00,166 --> 00:57:04,375
<b>හරි, ඒත් ඔයාගේ මහත්තයා ඇයි එහෙම කළේ කියලා
එයාලා ඇහුවොත්?</b>

818
00:57:06,750 --> 00:57:08,541
<b>අපි ඒකත් හොයාගමු!</b>

819
00:57:10,125 --> 00:57:11,708
<b>මම මොනවා හරි හිතන්නම්.</b>

820
00:57:13,250 --> 00:57:14,333
<b>මේක අහන්න!</b>

821
00:57:15,041 --> 00:57:18,375
<b>-කියන්න.
-මට තරහ ගන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න!</b>

822
00:57:18,416 --> 00:57:19,458
<b>මම තරහ ගන්නේ නෑ. කියන්නකෝ.</b>

823
00:57:20,333 --> 00:57:21,250
<b>හරි.</b>

824
00:57:21,833 --> 00:57:26,916
<b>ඔයයි වොච්මනුයි අතර කාලෙක ඉඳන්
සම්බන්ධයක් තියෙනවා.</b>

825
00:57:26,958 --> 00:57:28,625
<b>ඔයාගේ මහත්තයාට ඒක දැනගන්න ලැබෙනවා.</b>

826
00:57:28,708 --> 00:57:30,916
<b>නෑ, නෑ.
එයා ඔයාලා දෙන්නවම අතේ මාට්ටු කරගත්තා කියමුකෝ.</b>

827
00:57:31,000 --> 00:57:32,333
<b>-ඉතින් එයා තුවක්කුව අරන්--
-අනේ දෙවියනේ!</b>

828
00:57:32,375 --> 00:57:34,250
<b>දැක්කාද? ඔයාට දැනටමත් තරහ ගිහින්.</b>

829
00:57:34,291 --> 00:57:36,625
<b>ඇති! තමුසේගේ අදහස විකාරයක්.</b>

830
00:57:36,708 --> 00:57:38,250
<b>අදහස් දෙන එක නවත්තනවා!</b>

831
00:57:38,625 --> 00:57:40,708
<b>එහෙනම් ඇයි ඔයාගේ
මහත්තයා වොච්මන්ව මරන්නේ?</b>

832
00:57:42,666 --> 00:57:43,666
<b>කියන්න.</b>

833
00:57:44,458 --> 00:57:46,333
<b>-සල්ලි.
-මොකක්?!</b>

834
00:57:47,083 --> 00:57:52,458
<b>සම්පත්ට වික්‍රම්ගෙයි දිව්‍යාගෙයි හොර සම්බන්ධය
අහුවුණා.</b>

835
00:57:52,708 --> 00:57:57,916
<b>එයා ඒක පාවිච්චි කරලා වික්‍රම්ගෙන් සල්ලි කඩාගත්තා!</b>

836
00:57:58,125 --> 00:58:01,541
<b>කේන්ති ගියපු වික්‍රම් එයාව මැරුවා!</b>

837
00:58:01,583 --> 00:58:05,333
<b>මැඩම්, ඒක මම කලින් කියපු එකේම
රිමික්ස් එකක්නේ.</b>

838
00:58:05,875 --> 00:58:09,500
<b>බලන්න එපා. මැරුණ එකා ඇවිත්
පොලිසියට කියයි කියලද හිතන්නේ?</b>

839
00:58:09,583 --> 00:58:10,708
<b>එයා කියන්නේ නෑනේ, නේද?</b>

840
00:58:10,791 --> 00:58:12,166
<b>එයාලා මේ කතාව විශ්වාස කරන එකක් නෑ.</b>

841
00:58:13,541 --> 00:58:16,166
<b>අපි ඒක හරියට කිව්වොත්,
පොලිසිය අපිව විශ්වාස කරයි!</b>

842
00:58:16,416 --> 00:58:17,583
<b>ඔයා කොහොමද ඒක විශ්වාස කරන්නේ?</b>

843
00:58:17,708 --> 00:58:20,041
<b>වික්‍රම්ට උඩ තට්ටුවේ රහස් කාමරයක් තියෙනවා.</b>

844
00:58:20,666 --> 00:58:25,416
<b>කළු සල්ලිවල ඉඳන් ලියකියවිලි වෙනකම්
හැමදේම එයා හංගන්නේ එතන!</b>

845
00:58:25,458 --> 00:58:27,458
<b>එහෙමද? ඒක කවුද දන්නේ!</b>

846
00:58:27,541 --> 00:58:29,750
<b>ඒ කාමරේ යතුර තියෙන්නේ වික්‍රම් ළඟ විතරයි.</b>

847
00:58:30,000 --> 00:58:34,833
<b>එයාලට මිනිය ඒ කාමරෙන් හම්බවුණොත්,
ප්‍රධාන සැකකාරයා වෙන්නේ වික්‍රම්!</b>

848
00:58:34,916 --> 00:58:38,833
<b>වික්‍රම් ළඟ විතරක් යතුර තියෙනවා නම්,
අපි කොහොමද මිනිය ඇතුළට දාන්නේ?</b>

849
00:58:39,000 --> 00:58:40,125
<b>අපිට යතුර ඕනේ නැද්ද?</b>

850
00:58:40,291 --> 00:58:45,333
<b>හලෝ! ඉබි යතුරු අරින එක
මගේ දක්ෂකමක් නෙවෙයි!</b>

851
00:58:45,541 --> 00:58:48,416
<b>මම කිව්වානේ, මේ මගේ පළවෙනි හොරකම කියලා!</b>

852
00:58:48,625 --> 00:58:51,750
<b>කමක් නෑ! මම නෙවෙයිනේ
එයාව මැරුවේ.</b>

853
00:58:51,791 --> 00:58:53,583
<b>ඔයාට මේක ඇති!</b>

854
00:58:53,666 --> 00:58:55,791
<b>මම සියපාරක් විතර කිව්වා,
මම එයාව මැරුවේ නෑ කියලා!</b>

855
00:58:56,000 --> 00:58:57,666
<b>හරි එහෙනම්! ඇයි තමුසේ ඒක ඔප්පු කරන්නේ නැත්තේ?</b>

856
00:58:57,875 --> 00:59:01,125
<b>ඔප්පු කරන්න? ආ, ඔයාට
ලයිව් පෆෝමන්ස් එකක් ඕනෙද?</b>

857
00:59:01,333 --> 00:59:03,833
<b>-හ්ම්!
-ඉන්න! මට දෙන්න...</b>

858
00:59:05,875 --> 00:59:06,833
<b>කාමරේ කොහෙද තියෙන්නේ?</b>

859
00:59:08,833 --> 00:59:10,916
<b>රහස් කාමරේ තියෙන්නේ මේ රාක්කෙට පිටිපස්සේ!</b>

860
00:59:17,375 --> 00:59:19,041
<b>මේ තියෙන්නේ ඉබි යතුර. දැන්, ඒක අරිනවා.</b>

861
00:59:19,291 --> 00:59:20,291
<b>මම කිව්වේ ඒක අරිනවා!</b>

862
00:59:21,916 --> 00:59:22,833
<b>මේකද?</b>

863
00:59:24,250 --> 00:59:26,625
<b>මැඩම්. මේක කොහොමද අරින්නේ?</b>

864
00:59:27,583 --> 00:59:28,875
<b>එහෙනම් තමුසේ කොහොමද ප්‍රධාන දොර ඇරියේ?</b>

865
00:59:30,041 --> 00:59:31,916
<b>ප්‍රධාන දොර අරින එක ලේසියි.</b>

866
00:59:32,333 --> 00:59:34,541
<b>ඒත් මේක ඊට වඩා වෙනස්.</b>

867
00:59:35,041 --> 00:59:36,083
<b>තමුසෙට පුළුවන්ද බැරිද?</b>

868
00:59:38,750 --> 00:59:40,083
<b>ඉන්න, මම බලන්නම්.</b>

869
00:59:52,000 --> 00:59:54,916
<b>අපි මේ විදිහට ඇරියොත්
ඔයාට මේක වහන්න පුළුවන්ද?</b>

870
00:59:55,041 --> 00:59:56,083
<b>ශ්!</b>

871
00:59:56,416 --> 01:00:00,208
<b>මම තාම මේක ඇරියෙත් නෑ, ඔයා
දැනටමත් අහනවා ඒක වහන්න පුළුවන්ද කියලා.</b>

872
01:00:00,250 --> 01:00:01,833
<b>අපි බලමුකෝ. පොඩ්ඩක් ඉන්න!</b>

873
01:00:07,666 --> 01:00:08,583
<b>ඇරුණා!</b>

874
01:00:08,708 --> 01:00:11,333
<b>තමුසේ කිව්වේ මේක රහස් කාමරයක් කියලා,
ඒත් මේක මෙච්චර ඉක්මනට ඇරුණාද?</b>

875
01:00:16,125 --> 01:00:18,000
<b>මැඩම්, ඇතුළට එන්න.</b>

876
01:00:25,666 --> 01:00:28,541
<b>මිනිය මෙහෙට ගේනවා.</b>

877
01:00:29,875 --> 01:00:31,500
<b>මේකද රහස් කාමරේ?</b>

878
01:00:32,416 --> 01:00:33,791
<b>මැඩම්, ඒ මොකක්ද?</b>

879
01:00:34,833 --> 01:00:37,458
<b>ආ, මෙතනද කළු සල්ලි තියෙන්නේ?</b>

880
01:00:37,500 --> 01:00:40,291
<b>මෝඩයා! පාස්කෝඩ් එක දන්නේ වික්‍රම් විතරයි.</b>

881
01:00:40,333 --> 01:00:43,916
<b>ආ පාස්වර්ඩ් එක! ඉඳලා බලන්නකෝ!</b>

882
01:00:44,291 --> 01:00:45,333
<b>-හේයි!
-මම මේක ක්ලික් කළොත්--</b>

883
01:00:46,291 --> 01:00:50,791
<b>මට හොරකම් කරන්න ඕනේ නෑ,
මට ඉගෙනගන්නයි ඕනේ!</b>

884
01:00:51,291 --> 01:00:52,958
<b>අනේ මාව වැරදියට තේරුම් ගන්න එපා!</b>

885
01:00:53,125 --> 01:00:54,083
<b>ආ, එහෙමද?</b>

886
01:00:54,500 --> 01:00:55,458
<b>මම දන්නවා තමුසේගේ ඉගෙනගැනීම් ගැන.</b>

887
01:00:55,750 --> 01:00:56,666
<b>ගොඩක් හොඳයි!</b>

888
01:00:56,750 --> 01:00:58,250
<b>දැන් ගිහින් මිනිය ගේනවා.</b>

889
01:00:58,333 --> 01:00:59,541
<b>තනියම යන්න?</b>

890
01:00:59,583 --> 01:01:03,000
<b>මට මාවම උස්සගන්න අමාරුයි,
මම කොහොමද මිනියක් උස්සන්නේ?</b>

891
01:01:03,208 --> 01:01:04,500
<b>මම මැරෙන්න බයයි.</b>

892
01:01:05,583 --> 01:01:07,208
<b>එන්න, අපි දෙන්නාම එකතුවෙලා ගේමු.</b>

893
01:01:07,333 --> 01:01:08,916
<b>අනේ මේකට විතරක් මට උදව් කරන්න.</b>

894
01:01:09,458 --> 01:01:10,583
<b>වැඩිය හිතන්න එපා.</b>

895
01:01:10,666 --> 01:01:12,833
<b>මැඩම්, ඉක්මනට එන්න.</b>

896
01:01:13,708 --> 01:01:15,666
<b>බලන්නකෝ මැඩම්, මෙයා මැරිලා තියෙන්නේ
ඇස් දෙකත් ඇරගෙන.</b>

897
01:01:15,708 --> 01:01:19,833
<b>හිතලා බලන්නකෝ මෙයා මැරුණා කියලා දැනගත්තාම
මෙයාගේ පවුලේ අයට දැනෙන දුක.</b>

898
01:01:21,791 --> 01:01:25,166
<b>හලෝ, තමුසේ එයාව මරන්න කලින්
ඒ ගැන හිතන්න තිබ්බා!</b>

899
01:01:25,333 --> 01:01:27,875
<b>මෙයා තාමත් මේ ඇක්සිඩන්ට් එකට මිනීමැරුමක් කියනවා.</b>

900
01:01:32,083 --> 01:01:35,000
<b>මැඩම්, ඔයා මාව දන්නවද?</b>

901
01:01:35,875 --> 01:01:37,666
<b>නැත්නම්, මගේ හිතේ තියෙන දේ ඔයාට තේරෙනවද?</b>

902
01:01:37,875 --> 01:01:40,625
<b>මම මගේ පොඩි කතාවක් කියන්නම්!</b>

903
01:01:41,750 --> 01:01:43,833
<b>මගේ ගෙදර ළඟ ලොකු ගහක් තිබුණා.</b>

904
01:01:44,083 --> 01:01:47,416
<b>කපුටෙක් මීයෙක්ව කටින් අල්ලන්
ඒ ගහේ වහලා හිටියා.</b>

905
01:01:47,541 --> 01:01:52,000
<b>මීයා වේදනාවෙන් කෑගැහුවා.</b>

906
01:01:52,250 --> 01:01:54,250
<b>මම මොකද කළේ දන්නවද?
මම හයියෙන් ගලක් ගැහුවා උන්ට!</b>

907
01:01:55,000 --> 01:01:56,583
<b>මම මීයාගේ ජීවිතේ බේරගත්තා.</b>

908
01:01:56,916 --> 01:01:58,208
<b>මම ඒ තරම් අහිංසකයි!</b>

909
01:01:58,791 --> 01:02:01,125
<b>තමුසේ මම වගේ එකෙක්ටද මිනීමරුවෙක් කියන්නේ?</b>

910
01:02:02,958 --> 01:02:04,083
<b>කපුටාට මොකද වුණේ?</b>

911
01:02:04,125 --> 01:02:05,083
<b>ඌ එතනම මැරුණා.</b>

912
01:02:06,333 --> 01:02:08,750
<b>මට ඔයාගෙන් ඉල්ලීමක් තියෙනවා. ඒක කරනවද?</b>

913
01:02:08,875 --> 01:02:11,125
<b>දැන් ඉඳන් ඔය පොඩි කතා කියන එක නවත්තනවා.</b>

914
01:02:11,250 --> 01:02:13,041
<b>කපුටයි මීයයිලු.
දැන් මිනිය උස්සනවා.</b>

915
01:02:13,416 --> 01:02:14,458
<b>ඔව්, මම උස්සන්නම්.</b>

916
01:02:15,166 --> 01:02:16,416
<b>ඔයත් පොඩ්ඩක් උදව් කරන්න, මැඩම්!</b>

917
01:02:17,000 --> 01:02:18,583
<b>අනේ දෙවියනේ!</b>

918
01:02:19,750 --> 01:02:21,916
<b>මට හිතෙන්නේ මෙයා මළමිනියක් වගේ බරයි.
උස්සන්න!</b>

919
01:02:22,708 --> 01:02:23,583
<b>කකුල අල්ලගන්න.</b>

920
01:02:27,291 --> 01:02:28,208
<b>මාර බරයිනේ!</b>

921
01:02:28,250 --> 01:02:30,541
<b>මෙයා මෙතනම මැරුණා නම්
කොච්චර හොඳද!</b>

922
01:02:30,625 --> 01:02:33,333
<b>මෙයාව අදින එක තමයි ලොකුම අභියෝගය!</b>

923
01:02:33,791 --> 01:02:35,708
<b>මේකටද 'මළ බර' කියන්නේ?</b>

924
01:02:35,875 --> 01:02:37,208
<b>අනේ දෙවියනේ.</b>

925
01:02:39,791 --> 01:02:40,708
<b>මැඩම්...</b>

926
01:02:41,291 --> 01:02:44,041
<b>සල්ලිවලට ආස කරන්නේ
ජීවත් වෙලා ඉන්නකම් විතරයි.</b>

927
01:02:44,083 --> 01:02:47,541
<b>දැන් මෙයා මේ සල්ලි ගොඩක් ළඟ හිටියත්
මෙයාට හෙල්ලෙන්නවත් බෑ.</b>

928
01:02:47,750 --> 01:02:48,708
<b>කිසිම වැඩක් නෑ!</b>

929
01:02:48,916 --> 01:02:50,291
<b>මමත් ඒ වගේම අසරණයි.</b>

930
01:02:50,375 --> 01:02:52,000
<b>අපි දෙන්නාම ඉන්නේ එකම තැනක වගේ!</b>

931
01:02:52,041 --> 01:02:53,041
<b>තමුසේ දොර වහලා එනවා.</b>

932
01:02:53,208 --> 01:02:55,375
<b>මම පල්ලෙහාට ගිහින් ලේ පැල්ලම් ටික පිහදාන්නම්.</b>

933
01:02:55,458 --> 01:02:59,708
<b>ඔයා යන්න, මම අඬලා ඉවරවෙලා
පල්ලෙහාදි ඔයාව හම්බවෙන්නම්.</b>

934
01:03:17,000 --> 01:03:18,041
<i>මම මොකද කරන්නේ?</i>

935
01:03:19,083 --> 01:03:20,166
<b>මොකද වුණේ? දොර වැහුවාද?</b>

936
01:03:20,250 --> 01:03:21,291
<b>මේක දැන් ලොක් කරන්න බෑ.</b>

937
01:03:21,583 --> 01:03:22,791
<b>-ඇයි?
-ඒක කැඩිලා.</b>

938
01:03:22,875 --> 01:03:24,500
<b>-මොකක්?!
-ඒක කැඩිලා!</b>

939
01:03:24,583 --> 01:03:27,083
<b>අනේ නෑ!
දැන් පොලිසිය සැක කරන්නේ මාව විතරයි!</b>

940
01:03:27,125 --> 01:03:28,250
<b>මෝඩයා!</b>

941
01:03:28,750 --> 01:03:29,833
<b>ඇයි තමුසේ ඉබි යතුර කැඩුවේ?</b>

942
01:03:29,916 --> 01:03:31,208
<b>මම කොහොමද ඒක දන්නේ?</b>

943
01:03:31,250 --> 01:03:33,291
<b>මම ඒක ලොක් කරන්න හැදුවේ.
ඒක කැඩුණොත් මම මොනවා කරන්නද?</b>

944
01:03:33,333 --> 01:03:35,000
<b>මම මේ වැඩේට තමුසෙව
විශ්වාස කරන්න හොඳ නෑ.</b>

945
01:03:35,083 --> 01:03:37,333
<b>ඇයි විශ්වාස කළේ? මම හැදුවේ--</b>

946
01:03:39,666 --> 01:03:40,625
<b>ඒ කවුද?</b>

947
01:03:40,875 --> 01:03:43,833
<b>-තමුසේ මෙතනම ඉන්නවා. මම ගිහින් බලන්නම්.
-ඉන්න. මාත් එන්නම්.</b>

948
01:03:49,541 --> 01:03:50,333
<b>පරිස්සමෙන්!</b>

949
01:03:50,375 --> 01:03:52,375
<b>-ඒක ඊළඟ ප්‍රශ්නෙද?
-ඉක්මනට එනවා.</b>

950
01:04:09,166 --> 01:04:11,208
<b>-මැඩම්?
-ශ්!</b>

951
01:04:11,625 --> 01:04:13,000
<b>-ඉන්න!
-හරි! හරි!</b>

952
01:04:17,666 --> 01:04:19,375
<b>-ඒ කවුද?
-පොලිසිය.</b>

953
01:04:19,750 --> 01:04:20,958
<b>පොලිසිය?!</b>

954
01:04:21,250 --> 01:04:23,000
<b>අනේ දෙවියනේ, නෑ!</b>

955
01:04:27,333 --> 01:04:28,250
<b>සර්...</b>

956
01:04:28,875 --> 01:04:30,625
<b>බෙල් එක ගැහුවට කවුරුවත් එන්නේ නෑනේ!</b>

957
01:04:30,791 --> 01:04:32,125
<b>-මැඩම්.
-අපි මොකද කරන්නේ?</b>

958
01:04:32,166 --> 01:04:34,791
හොඳට බලන්න. ඒ <i>ගුර්කා</i> කෙනෙක් වෙන්න ඇති.
එයාට කීයක් හරි දීලා යවන්න.

959
01:04:34,875 --> 01:04:35,833
<b>මෝඩයා! ඒ පොලිසිය.</b>

960
01:04:35,875 --> 01:04:37,833
<b>එහෙනම් එයාලට ගාණක් දෙන්න. එයාලා යයි.</b>

961
01:04:37,958 --> 01:04:39,666
<b>අනේ නෑ!</b>

962
01:04:39,833 --> 01:04:42,958
<b>එයා දැන් මැරුණා විතරයි,
ඒත් පොලිසිය දැනටමත් ඇවිත්!</b>

963
01:04:43,375 --> 01:04:45,458
<b>දැන් අපි දෙන්නාම අතේ මාට්ටු.</b>

964
01:04:45,541 --> 01:04:46,958
<b>මම කොහොමද අහුවෙන්නේ? ඒ ඔයා විතරයි.</b>

965
01:04:49,250 --> 01:04:51,833
<b>-ආ, ඇත්තද? එහෙනම් මම ගිහින් එයාලට ඇත්ත කියන්නම්.
-එපා. මම කියන දේ අහන්න!</b>

966
01:04:51,916 --> 01:04:56,125
<b>-- නෑ, නෑ. මම එයාලට කියනවා.
-මම කියන දේ අහනවා. ඇතුළට යනවා.</b>

967
01:05:15,458 --> 01:05:16,541
<b>මේක ඇතුළට?</b>

968
01:05:17,375 --> 01:05:19,250
<b>මට මේක ඇතුළේ ඉන්න බෑ.
මට ඇදුම තියෙනවා.</b>

969
01:05:19,583 --> 01:05:21,333
<b>ඔයාට ඕනේ මම මේක ඇතුළේ හුස්ම
හිරවෙලා මැරෙනවා බලන්නද?</b>

970
01:05:22,583 --> 01:05:25,208
<b>උන් මොනවා වුණත් මට කමක් නෑ!
උන්ට ඕන තරම් බෙල් ගහන්න දෙන්න!</b>

971
01:05:25,291 --> 01:05:29,958
<b>මම කැමතියි මෙතන මැරෙනවාට වඩා හිරේදි මැරෙන්න.
එන්න, අපි දෙන්නාම හිරේ යමු!</b>

972
01:05:30,333 --> 01:05:32,333
<b>අනේ මේ තත්ත්වය තේරුම් ගන්න, අන්බු.</b>

973
01:05:32,416 --> 01:05:34,875
<b>මම මොකක්ද තේරුම් ගන්න ඕනේ?
මම මැරෙන විදිහද?</b>

974
01:05:34,958 --> 01:05:40,000
<b>මම කියන දේ අහන්න අන්බු. ඔයාට මෙතන ඉන්න වෙන්නේ
පොලිසිය යනකම් විතරයි. අන්බු!</b>

975
01:05:40,125 --> 01:05:41,750
<b>ඔයා මම කියන දේ අහන්නේ නැද්ද?</b>

976
01:06:06,875 --> 01:06:08,708
<b>ඇයි දොර අරින්න මෙච්චර වෙලා ගියේ?</b>

977
01:06:08,750 --> 01:06:13,125
<b>-සර්, මම නිදාගෙන හිටියේ.
-ඔයාගේ ඇස් දැක්කාම නම් එහෙම පේන්නේ නෑ!</b>

978
01:06:14,458 --> 01:06:16,166
<b>පොලිසිය දැක්කාම නින්ද යනවා!</b>

979
01:06:16,583 --> 01:06:20,625
<b>මොකක්ද සර්?
ඇයි මේ මහ රෑ ආවේ?</b>

980
01:06:20,708 --> 01:06:22,333
<b>ඇයි ඔයා ඒකත් කියන්නේ නැත්තේ?</b>

981
01:06:23,208 --> 01:06:24,375
<b>සර්, මට තේරෙන්නේ නෑ.</b>

982
01:06:25,875 --> 01:06:30,750
<b>අපි වාඩිවෙලා මේ ගැන
කතා කළොත් නරකද.</b>

983
01:06:40,500 --> 01:06:41,875
<b>කරුණාකරලා වාඩි වෙන්න.</b>

984
01:06:43,000 --> 01:06:44,083
<b>බය වෙන්න එපා.</b>

985
01:06:51,916 --> 01:06:57,333
<b>අපිට ආරංචියක් ආවා මේ බිල්ඩිමෙන්
වෙඩි සද්දයක් ඇහුණා කියලා!</b>

986
01:07:00,375 --> 01:07:04,250
<b>නෑ, සර්, වෙන්න බෑ.
ඒ ආරංචිය වැරදියි.</b>

987
01:07:04,333 --> 01:07:06,958
<b>ආ, එතකොට ඔයා කියන්නේ
ඒ ආරංචිය වැරදියි කියලද?</b>

988
01:07:11,333 --> 01:07:12,583
<b>මේ ගෙදර කවුද ඉන්නේ?</b>

989
01:07:13,333 --> 01:07:15,166
<b>සර්, මම තනියම ඉන්නේ.</b>

990
01:07:15,541 --> 01:07:16,541
<b>ඔයාගේ මහත්තයා කෝ?</b>

991
01:07:17,166 --> 01:07:19,916
<b>එයා බිස්නස් මීටිමකට මුම්බායි ගිහින්.</b>

992
01:07:22,083 --> 01:07:23,000
<b>ආ...</b>

993
01:07:32,666 --> 01:07:33,875
<b>ඔව්, සර්. ඔව්!</b>

994
01:07:34,041 --> 01:07:35,125
<b>ඔයාලට වොච්මන් කෙනෙක් නැද්ද?</b>

995
01:07:36,208 --> 01:07:37,291
<b>කෝ වොච්මන්?</b>

996
01:07:38,250 --> 01:07:40,000
<b>ආ, සම්පත් ගේට්ටුව ළඟ නැද්ද?</b>

997
01:07:40,125 --> 01:07:42,583
<b>සමහරවිට එයා ළඟ කොහේහරි යන්න ඇති.</b>

998
01:07:42,666 --> 01:07:44,666
<b>එයා සිගරට් බොනවා.</b>

999
01:07:45,083 --> 01:07:46,166
<b>ගිහින් බලන්න!</b>

1000
01:07:46,375 --> 01:07:49,125
<b>අපි මොනවද බලන්න ඕනේ සර්?
වොච්මන් සිගරට් බොනවද කියලාද?</b>

1001
01:07:49,875 --> 01:07:50,833
<b>හේයි...</b>

1002
01:07:51,583 --> 01:07:55,208
<b>ගිහින් බලනවා පල්ලෙහා හරි උඩ තට්ටුවේ හරි
කවුරුහරි ඉන්නවද කියලා.</b>

1003
01:07:55,250 --> 01:07:56,291
<b>හරි, සර්. සොරි, සර්.</b>

1004
01:07:57,458 --> 01:07:59,375
<b>-එන්න.
-හැමතැනම බලනවා.</b>

1005
01:07:59,416 --> 01:08:00,291
<b>-හරි, සර්.
-හරි, සර්.</b>

1006
01:08:07,416 --> 01:08:08,500
<b>මේ කබඩ් එකේ මොනවද තියෙන්නේ?</b>

1007
01:08:09,208 --> 01:08:14,208
<b>සර්, මම හිතන්නේ ඒ කබඩ් එකේ තියෙන්නේ
මගේ මහත්තයාගේ වැදගත් බිස්නස් ලියකියවිලි.</b>

1008
01:08:14,541 --> 01:08:15,500
ඔයා <i>හිතන්නේ</i>?

1009
01:08:17,000 --> 01:08:18,250
<b>මට මේක අරින්න ඕනේ.</b>

1010
01:08:21,291 --> 01:08:23,291
<b>සර්, යතුරු තියෙන්නේ මගේ මහත්තයා ළඟ.</b>

1011
01:08:25,541 --> 01:08:28,083
<b>ඒකට කමක් නෑ, සර්.
ඔයාට ඕක කඩලා අරින්න පුළුවන්.</b>

1012
01:08:28,583 --> 01:08:29,500
<b>ස්තූතියි.</b>

1013
01:08:33,083 --> 01:08:33,916
<b>සර්!</b>

1014
01:08:35,000 --> 01:08:35,875
<b>සර්...</b>

1015
01:08:37,583 --> 01:08:39,208
<b>මට මේ ලාච්චුවෙන් මේ තුවක්කුව හම්බවුණා, සර්.</b>

1016
01:08:39,541 --> 01:08:40,416
<b>ආ!</b>

1017
01:08:41,666 --> 01:08:42,583
<b>හරි.</b>

1018
01:08:42,625 --> 01:08:43,750
<b>අපිට වෙඩි සද්දයක් ඇහුණානේ, නේද?</b>

1019
01:08:49,958 --> 01:08:51,125
<b>මේක කාගේ තුවක්කුවද?</b>

1020
01:08:52,041 --> 01:08:53,333
<b>ඒක මගේ මහත්තයාගේ, සර්.</b>

1021
01:08:53,500 --> 01:08:54,458
<b>තුවක්කුවට ලයිසන් තියෙනවද?</b>

1022
01:08:54,541 --> 01:08:55,666
<b>ඔව්, සර්. තියෙනවා.</b>

1023
01:08:56,166 --> 01:08:57,000
<b>මට පෙන්නන්න.</b>

1024
01:08:57,916 --> 01:09:00,625
<b>පොඩ්ඩක් ඉන්න, සර්.
මම ඒක ගේන්නම්.</b>

1025
01:09:04,583 --> 01:09:06,250
<b>සර්, පිහියක්.</b>

1026
01:09:07,291 --> 01:09:08,916
<b>-ඒක කොහෙද තිබුණේ?
-පඩිපෙළ උඩ, සර්.</b>

1027
01:09:09,666 --> 01:09:10,541
<b>ඒක එයාට දෙන්න.</b>

1028
01:09:18,291 --> 01:09:19,750
<b>ඔයාලා දෙන්නා පල්ලෙහාට ගිහින් ඉන්නවා.</b>

1029
01:09:19,916 --> 01:09:20,833
<b>-ඔව්, සර්.
-හරි, සර්.</b>

1030
01:09:25,166 --> 01:09:26,541
<b>ඔයාගේ අතේ තියෙන ඔය තුවාලේ මොකක්ද?</b>

1031
01:09:28,958 --> 01:09:31,666
<b>එළවළු කපනකොට මගේ අත කැපුණා.</b>

1032
01:09:32,916 --> 01:09:35,416
<b>ඔයා එළවළු කපන්න පාවිච්චි කරන්නේ
මේ පිහියද?</b>

1033
01:09:36,958 --> 01:09:37,791
<b>කමක් නෑ.</b>

1034
01:09:38,833 --> 01:09:40,000
<b>මෙන්න ලයිසන් එක.</b>

1035
01:09:41,583 --> 01:09:42,833
<b>මෙතන අනිවාර්යයෙන්ම මොනවා හරි වෙලා තියෙනවා.</b>

1036
01:09:43,208 --> 01:09:44,250
<b>ඔයා ඒක අපිගෙන් හංගනවා.</b>

1037
01:09:44,833 --> 01:09:45,833
<b>මම කොහොමහරි ඒක හොයාගන්නවා.</b>

1038
01:09:46,208 --> 01:09:47,166
<b>සොරි, මැඩම්.</b>

1039
01:09:47,208 --> 01:09:49,041
<b>මට මේ ඉබි යතුර කඩලා අරින්න වෙනවා.</b>

1040
01:10:30,958 --> 01:10:32,208
<b>පරිස්සමෙන් ඉන්න.</b>

1041
01:10:45,333 --> 01:10:47,666
<b>ඔයා කොහොමද එතනින් එළියට ආවේ?</b>

1042
01:10:47,875 --> 01:10:48,791
<b>මේකෙන්.</b>

1043
01:10:52,625 --> 01:10:55,041
<b>මේක නිසා තමයි මම ඔයා එක්ක හිරවුණෙත්
එයාලගෙන් බේරිලා එන්න පුළුවන් වුණෙත්.</b>

1044
01:11:01,375 --> 01:11:02,625
<b>අන්බු!</b>

1045
01:11:07,041 --> 01:11:09,375
<b>සම්පත්ගේ මළමිනිය කෝ?</b>

1046
01:11:11,625 --> 01:11:13,541
<b>එයා අනිවාර්යයෙන්ම මැරිලා නේද?</b>

1047
01:11:14,250 --> 01:11:15,166
<b>ඔයා හරියට බැලුවාද?</b>

1048
01:11:16,208 --> 01:11:17,833
<b>-මම බැලුවා, අන්බු.
-එහෙනම් කොහොමද?</b>

1049
01:11:20,541 --> 01:11:21,500
<b>මට විශ්වාසයි.</b>

1050
01:11:21,666 --> 01:11:23,500
<b>මේ ගෙදර හොල්මන් තියෙනවා, මැඩම්.</b>

1051
01:11:24,041 --> 01:11:25,125
<b>ඔයා මොනවද මේ කියවන්නේ?</b>

1052
01:11:26,125 --> 01:11:27,708
<b>ඔයා ගොඩක් හොල්මන් ෆිල්ම්
බලලා තියෙනවා වගේ.</b>

1053
01:11:27,833 --> 01:11:30,625
<b>ෆිල්ම් එකක කවුරුහරි මැරුණොත්,
එයා හොල්මනක් වෙලා එනවා.</b>

1054
01:11:30,958 --> 01:11:32,208
<b>-එයා අනිවාර්යයෙන්ම--
-මෝඩයා!</b>

1055
01:11:32,333 --> 01:11:33,541
<b>මෝඩයෙක් වගේ කියවන එක නවත්තනවා.</b>

1056
01:11:34,000 --> 01:11:35,458
<b>සීරියස් හිතන්න.</b>

1057
01:11:38,083 --> 01:11:39,500
මළමිනිය <i>කෝ</i>?

1058
01:11:42,458 --> 01:11:43,416
<b>මළමිනිය නැත්නම්</b>

1059
01:11:44,541 --> 01:11:46,958
<b>අපිත් එක්ක තව කවුරුහරි මෙහෙ ඉන්නවා.</b>

1060
01:11:47,458 --> 01:11:48,375
<b>මට ඒක විශ්වාසයි.</b>

1061
01:11:49,750 --> 01:11:51,458
<b>වෙන්න බෑ.</b>

1062
01:11:52,541 --> 01:11:54,208
<b>මෙහෙ ඔක්කොම දොරවල් ලොක් කරලයි තියෙන්නේ.</b>

1063
01:11:55,125 --> 01:11:56,708
<b>කාටවත් ඇතුළට එන්න බෑ.</b>

1064
01:12:00,708 --> 01:12:02,916
<b>එයා මම වගේම ඇතුළට ආවා නම්?</b>

1065
01:12:04,625 --> 01:12:05,541
<b>ඒක වෙන්න පුළුවන්.</b>

1066
01:12:06,541 --> 01:12:09,083
<b>අපිත් එක්ක වෙන කවුරුහරි මෙහෙ ඉන්නවා නම්...</b>

1067
01:12:09,458 --> 01:12:11,333
<b>එයා අපේ ප්ලෑන් ඔක්කොම දැනගන්න ඇති.</b>

1068
01:12:12,750 --> 01:12:13,791
<b>අපි දැන් මොකද කරන්නේ?</b>

1069
01:12:40,458 --> 01:12:42,416
<b>වෙන කවුරුවත් මෙහෙ නෑ.</b>

1070
01:12:43,791 --> 01:12:46,250
<b>එහෙනම් මළමිනිය කෝ?</b>

1071
01:12:48,083 --> 01:12:50,291
<b>මට තේරෙන්නේ නැත්තෙත් ඒක තමයි.</b>

1072
01:12:50,583 --> 01:12:53,166
<b>දෙවියනේ! මම මෙහෙට ඇවිත්
කරගත්තේ වැරැද්දක්ද?</b>

1073
01:12:54,875 --> 01:12:55,750
<b>මැඩම්.</b>

1074
01:12:55,916 --> 01:12:57,208
<b>අපි දැනට යමු.</b>

1075
01:12:57,541 --> 01:12:58,416
<b>හරිද?</b>

1076
01:12:59,500 --> 01:13:01,541
<b>අපි දැන් ගියොත්,
අපිව අල්ලගනීවි.</b>

1077
01:13:01,625 --> 01:13:03,750
<b>අපි මෙහෙ හිටියොත්
අපිව අල්ලගන්න එකක් නෑ කියලද ඔයා හිතන්නේ?</b>

1078
01:13:03,833 --> 01:13:05,708
<b>වොච්මන් හොරකම් කරලා
මෙහෙන් පැනලා ගියේ නෑ.</b>

1079
01:13:06,125 --> 01:13:07,083
<b>එයා මැරුණා!</b>

1080
01:13:07,125 --> 01:13:07,916
<b>අපි එයාව මැරුවා.</b>

1081
01:13:10,791 --> 01:13:12,125
<b>මම එයාට වෙඩි තිබ්බේ අත්වැරැද්දකින්.</b>

1082
01:13:12,708 --> 01:13:16,041
<b>මැඩම්, පොලිසිය මට ඇත්ත කියන්න කියලා
තර්ජනය කළොත්</b>

1083
01:13:16,125 --> 01:13:17,208
<b>මම ඔයා ගැනත් කියනවා.</b>

1084
01:13:17,708 --> 01:13:18,791
<b>ඒකයි මම ඔයාට කියන්නේ.</b>

1085
01:13:19,458 --> 01:13:22,250
<b>නියපොතු හපන එක නවත්තලා
මාත් එක්ක එන්න.</b>

1086
01:13:22,500 --> 01:13:24,958
<b>ඔයාගේ ඇඟිලි සලකුණු මකලා මාත් එක්ක එන්න.</b>

1087
01:13:25,333 --> 01:13:26,833
<b>වැඩිය හිතන්න එපා.
මම කියන දේ අහන්න.</b>

1088
01:13:36,750 --> 01:13:38,291
<b>ඇයි ඔයා ආයෙත් මෙච්චර සල්ලි දෙන්නේ?</b>

1089
01:13:40,500 --> 01:13:41,458
<b>මේක තියාගන්න.</b>

1090
01:13:42,166 --> 01:13:43,250
<b>මට මෙච්චර සල්ලි ඕනේ නෑ.</b>

1091
01:13:43,875 --> 01:13:46,125
<b>තියාගන්න.
මට විශ්වාසයි ඒක ප්‍රයෝජනවත් වෙයි.</b>

1092
01:13:47,166 --> 01:13:48,250
<b>මට විශ්වාසයි ඒක ප්‍රයෝජනවත් වෙයි.</b>

1093
01:13:48,583 --> 01:13:49,833
<b>ඔයා මාත් එක්ක එන්නේ නැද්ද?</b>

1094
01:13:50,208 --> 01:13:51,666
<b>නෑ, මම එන්නේ නෑ.</b>

1095
01:13:51,958 --> 01:13:52,833
<b>ඇයි?</b>

1096
01:13:53,500 --> 01:13:55,291
<b>ඒක නේද ප්ලෑන් එක වුණේ?</b>

1097
01:13:56,166 --> 01:13:58,250
<b>ඔව්. ඒත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.</b>

1098
01:13:59,833 --> 01:14:02,416
<b>මට ඔයාව මේ ප්‍රශ්නවලට තනියම මූණ දෙන්න දාලා
යන්න බෑ.</b>

1099
01:14:03,250 --> 01:14:04,875
<b>සම්පත්ගේ මළමිනිය තාම හොයාගෙන නෑ.</b>

1100
01:14:05,250 --> 01:14:07,125
<b>අනික පොලිසියට මාව සැකයි.</b>

1101
01:14:07,625 --> 01:14:09,875
<b>මම දැන් ඔයා එක්ක ආවොත්,
ඔයාටත් ප්‍රශ්න ඇති වෙයි.</b>

1102
01:14:09,958 --> 01:14:12,416
<b>මට ඒක තේරෙනවා. ඒත්...</b>

1103
01:14:16,958 --> 01:14:18,083
<b>ඔයා දැන් යන්න.</b>

1104
01:14:18,416 --> 01:14:23,458
<b>මම මෙහේ ප්‍රශ්න විසඳලා
ඔයාව ඉක්මනට හම්බවෙන්නම්.</b>

1105
01:14:26,083 --> 01:14:28,500
<b>නෑ, කමක් නෑ.
අපි එකටම යමු.</b>

1106
01:14:29,583 --> 01:14:31,041
<b>අනේ තේරුම් ගන්න.</b>

1107
01:14:32,250 --> 01:14:33,625
<b>ඔයාට වැඩිය වෙලාවක් නෑ.</b>

1108
01:14:35,416 --> 01:14:37,875
<b>අනේ. මම ගැන වද වෙන්න එපා.</b>

1109
01:14:38,083 --> 01:14:40,208
<b>ඔයා දැන් යන්න.
පරිස්සමෙන්.</b>

1110
01:14:41,166 --> 01:14:42,000
<b>හරි.</b>

1111
01:14:49,791 --> 01:14:50,708
<b>ඒ කවුද?</b>

1112
01:15:00,166 --> 01:15:01,000
<b>කවුද ඒ?</b>

1113
01:15:02,250 --> 01:15:03,166
<b>ඒ වික්‍රම්.</b>

1114
01:15:03,666 --> 01:15:05,000
<b>වික්‍රම්?!</b>

1115
01:15:09,333 --> 01:15:11,958
<b>ඔයා කිව්වා නේද වික්‍රම් ආයෙත් එන්නේ
2 වෙනිදා විතරයි කියලා?</b>

1116
01:15:12,041 --> 01:15:13,291
<b>එයා මට කිව්වේ එහෙමයි.</b>

1117
01:15:13,833 --> 01:15:15,458
<b>දැන් එයා ළඟ තුවක්කුවක් තියෙනවා.</b>

1118
01:15:16,250 --> 01:15:17,375
<b>තුවක්කුවක්?!</b>

1119
01:15:18,250 --> 01:15:22,250
<b>එයා ඔයාව මෙහෙ දැක්කොත්,
එයා ඔයාට වෙඩි තියලා ඊටපස්සේ මටත් වෙඩි තියයි.</b>

1120
01:15:22,958 --> 01:15:25,083
<b>-අපි දැන් මොකද කරන්නේ?
-බේරෙන්න පාරක් තියෙනවා.</b>

1121
01:15:25,541 --> 01:15:28,750
<b>එයා ළඟ තුවක්කුවක් තියෙනවා
අපි ළඟත් තියෙනවා.</b>

1122
01:15:28,791 --> 01:15:31,666
<b>-ඉතින්?
-එයා ඔයාට වෙඩි තියන්න කලින් ඔයා එයාට වෙඩි තියන්න.</b>

1123
01:15:32,166 --> 01:15:33,583
<b>මම ඇයි එයාට වෙඩි තියන්නේ?</b>

1124
01:15:33,833 --> 01:15:35,750
<b>මට එයාට වෙඩි තියන්න ධෛර්යයක් නෑ.</b>

1125
01:15:35,958 --> 01:15:38,791
<b>එයාව මරලා ඔයාට ඔයාව බේරගන්න පුළුවන්.</b>

1126
01:15:38,875 --> 01:15:41,500
<b>-ඒත් ඇයි--
-ඔයා ජීවත් වෙන්න ගොඩක් උත්සාහ කරනවා.</b>

1127
01:15:41,750 --> 01:15:43,083
<b>මේක තමයි ඔයාගේ අන්තිම අවස්ථාව.</b>

1128
01:15:44,500 --> 01:15:46,250
<b>අන්බු, ඔයාට ඉස්සරහට ජීවිතයක් තියෙනවා.</b>

1129
01:15:46,291 --> 01:15:47,125
<b>නෑ, මට බෑ.</b>

1130
01:15:47,208 --> 01:15:48,791
<b>අපි මේක සියදිවි නසාගැනීමක් විදිහට හදමු.</b>

1131
01:15:48,875 --> 01:15:50,583
<b>-නෑ, එපා.
-මේක ගන්න, අන්බු.</b>

1132
01:15:50,708 --> 01:15:53,666
<b>-අහන්න. ඔයා වෙඩි තිබ්බේ නැත්නම්, එයා අපි දෙන්නටම වෙඩි තියයි.
-නෑ, මට මේක කරන්න බෑ.</b>

1133
01:15:53,750 --> 01:15:55,291
<b>මට ඔයාටවත් වෙඩි තියාගන්න බැරි වුණා.</b>

1134
01:15:55,458 --> 01:15:57,750
<b>ඔයාව බේරගන්න
ඔයාට එයාට වෙඩි තියන්න වෙනවා.</b>

1135
01:15:57,833 --> 01:15:59,666
<b>-මම කියන දේ අහන්න, අන්බු. වෙඩි තියන්න.
-නෑ, මට බෑ.</b>

1136
01:15:59,750 --> 01:16:01,500
<b>-වික්‍රම් මෙතන. වෙඩි තියන්න, අන්බු.
-අනේ දෙවියනේ! නෑ!</b>

1137
01:16:01,541 --> 01:16:02,625
<b>වික්‍රම්!</b>

1138
01:16:09,416 --> 01:16:11,166
<b>ඒත් වික්‍රම්ගේ අතේ තුවක්කුවක් නෑනේ.</b>

1139
01:16:11,875 --> 01:16:13,625
<b>මම හිතුවේ එයා ළඟ එකක් තියෙනවා කියලා.</b>

1140
01:16:14,500 --> 01:16:16,625
<b>ඔයා කොහොමද එහෙම හිතුවේ?</b>

1141
01:16:16,791 --> 01:16:18,500
<b>මම ඇත්තටම බය වුණා.</b>

1142
01:16:30,333 --> 01:16:33,625
<b>මම කිසිම හේතුවක් නැතුව කෙනෙක්ව මැරුවා!</b>

1143
01:16:38,791 --> 01:16:39,625
<b>නෑ.</b>

1144
01:16:40,333 --> 01:16:42,250
<b>ඔයා තමයි මාව ඒකට තල්ලු කළේ.</b>

1145
01:16:42,833 --> 01:16:44,416
<b>නැත්නම්, මම ඒක කරන්නේ නෑ.</b>

1146
01:16:48,708 --> 01:16:50,833
<b>ඔයා මාව මෝඩයෙක් කළා!</b>

1147
01:16:51,166 --> 01:16:52,000
<b>හලෝ.</b>

1148
01:16:52,291 --> 01:16:53,208
<b>පොලිසිය.</b>

1149
01:16:53,375 --> 01:16:54,416
<b>මම--</b>

1150
01:17:05,625 --> 01:17:06,625
<b>මෝඩයා.</b>

1151
01:17:11,583 --> 01:17:12,958
<b>ඔයා දැන් මොකක්ද කළේ, මැඩම්?</b>

1152
01:17:13,166 --> 01:17:14,291
<b>හරි. අපි යමු.</b>

1153
01:17:14,625 --> 01:17:15,708
<b>අපිව අල්ලගනීවි.</b>

1154
01:17:17,291 --> 01:17:18,583
<b>මම අහුවෙන්නේ නෑ.</b>

1155
01:17:18,916 --> 01:17:20,041
<b>ඒත් ඔයා අහුවෙනවා.</b>

1156
01:17:24,291 --> 01:17:25,208
<b>ඔයා මොකක්ද කියන්නේ?</b>

1157
01:17:25,750 --> 01:17:26,916
<b>මම ඒක ආයෙත් කියන්නම්.</b>

1158
01:17:30,666 --> 01:17:33,375
<b>ඔව්. ඒ ඔයා.
වික්‍රම් දැන් මැරිලා.</b>

1159
01:17:33,583 --> 01:17:34,750
<b>මට දැන් බය වෙන්න දෙයක් නෑ.</b>

1160
01:17:34,833 --> 01:17:38,666
<b>මම දැන් බය වෙලා ඉන්නේ මිනීමරුවා ඔයා කියලා
පොලිසියට ඔප්පු කරන්නේ කොහොමද කියන එක ගැන විතරයි.</b>

1161
01:17:39,125 --> 01:17:40,041
<b>ඒකත් ලේසියි.</b>

1162
01:17:40,250 --> 01:17:41,250
<b>මම ඒක ලස්සනට කරන්නම්.</b>

1163
01:17:41,291 --> 01:17:44,916
<b>මැඩම්. මම ඔයාට ජීවත් වෙන්න
කොච්චර බලාපොරොත්තුවක් දුන්නාද.</b>

1164
01:17:45,875 --> 01:17:47,333
<b>ඒත් දැන් ඔයාට ඕනේ මගේ ජීවිතේ විනාශ කරන්න.</b>

1165
01:17:47,458 --> 01:17:48,625
<b>මමත් ඔයා වගේමයි.</b>

1166
01:17:49,333 --> 01:17:52,916
<b>මටත් ඕනේ වුණේ සතුටින්
සාර්ථක ජීවිතයක් ගත කරන්න.</b>

1167
01:17:53,166 --> 01:17:57,000
<b>මම ආත්මාර්ථකාමියි, මට අනිත් අය ගැන ගාණක් නෑ.</b>

1168
01:17:57,250 --> 01:17:58,416
<b>ඒක හරි නෑ, මැඩම්.</b>

1169
01:17:59,416 --> 01:18:00,916
<b>ඔයා කරන්නේ ලොකු වැරැද්දක්.</b>

1170
01:18:02,125 --> 01:18:03,125
<b>ලොකු වැරැද්දක්.</b>

1171
01:18:05,416 --> 01:18:08,125
<b>ඔයා මට ගොඩක් වධ දුන්නා.
මම ඔයාට පාඩුවේ ජීවත් වෙන්න දෙන්නේ නෑ.</b>

1172
01:18:10,708 --> 01:18:12,166
<b>ඔයාට මාව මරන්න බෑ.</b>

1173
01:18:14,791 --> 01:18:17,208
<b>මම ජීවත් වෙන්න ඕනම දෙයක් කරනවා.</b>

1174
01:18:20,458 --> 01:18:22,708
<b>-ඇත්තද?
-ඔව්!</b>

1175
01:18:37,083 --> 01:18:39,416
<b>මම මෝඩයෙක් නෙවෙයි, අදිති!</b>

1176
01:18:39,708 --> 01:18:43,750
<b>මට ඔයාට වඩා හොඳ කතාවක් තියෙනවා.</b>

1177
01:18:43,875 --> 01:18:44,875
<b>අහන්න ඕනෙද?</b>

1178
01:18:45,250 --> 01:18:46,958
<b>ඔයා ඔයාගේ මහත්තයා එක්ක රණ්ඩු වුණා.</b>

1179
01:18:47,416 --> 01:18:54,083
<b>එයා ඔයාව මරන්න හැදුවා,
ඒත් ඔයා කොහොමහරි තුවක්කුව අරන් එයාව මැරුවා.</b>

1180
01:18:55,250 --> 01:18:58,250
<b>ඊටපස්සේ මොකද වෙන්නේ කියලා බලන්න ආපු
වොච්මන්වත්ව ඔයා මැරුවා.</b>

1181
01:18:58,958 --> 01:19:00,166
<b>ඒත් වික්‍රම්...</b>

1182
01:19:00,625 --> 01:19:02,333
<b>එයා දැනටමත් පොලිසියට කතා කරලා තිබුණේ.</b>

1183
01:19:02,625 --> 01:19:05,458
<b>ලැජ්ජාවෙන් බේරෙන්න ඔයා
සියදිවි නසාගත්තා.</b>

1184
01:19:05,625 --> 01:19:08,083
<b>ඔයාගේ සියදිවි නසාගැනීමේ
ලියුම තාම ලැප්ටොප් එකේ තියෙනවා.</b>

1185
01:19:08,333 --> 01:19:10,750
<b>අනික කීබෝඩ් එක පුරාම
තියෙන්නේ ඔයාගේ ඇඟිලි සලකුණු.</b>

1186
01:19:12,041 --> 01:19:13,166
<b>කොහොමද මේක?</b>

1187
01:19:13,250 --> 01:19:14,291
<b>ගොඩක් හොඳයිද?</b>

1188
01:19:14,750 --> 01:19:19,708
<b>ඔයා හැමතිස්සෙම මට කිව්වේ ඔයාව මරලා
ඒක සියදිවි නසාගැනීමක් වගේ පෙන්නන්න කියලානේ.</b>

1189
01:19:20,125 --> 01:19:22,500
<b>මම දැන් ඒ ආසාව ඉෂ්ට කරන්නයි යන්නේ.</b>

1190
01:19:22,666 --> 01:19:24,583
<b>ඔයාගේ අන්තිම ආසාව ඉෂ්ට කරනවා!</b>

1191
01:19:25,375 --> 01:19:26,541
<b>-හොඳයි.
-මම කරන්නද?</b>

1192
01:19:26,625 --> 01:19:27,625
<b>මැරියන්!</b>

1193
01:19:28,041 --> 01:19:30,958
<b>මෝඩයා. රිවෝල්වරයක තියෙන්නේ උණ්ඩ හයයි.</b>

1194
01:19:31,291 --> 01:19:32,500
<b>තමුසේ ඒක දන්නේ නැද්ද?</b>

1195
01:19:32,708 --> 01:19:33,583
<b>කෝ, මට වෙඩි තියනවා.</b>

1196
01:19:33,875 --> 01:19:36,416
<b>ඔයාගේ ඇඟිලි සලකුණු තියෙන පිහිය
දැනටමත් තියෙන්නේ පොලිසියේ.</b>

1197
01:19:42,041 --> 01:19:43,791
<b>දැන්, තුවක්කුවෙත් තියෙන්නේ ඔයාගේ ඇඟිලි සලකුණු.</b>

1198
01:19:43,916 --> 01:19:46,750
<b>අන්බු. ඔයාට හැමතිස්සෙම
කියන්න පොඩි කතාවක් තිබුණානේ.</b>

1199
01:19:46,833 --> 01:19:49,458
<b>ඒත් දැන්, මගේ ලොකු කතාව අහන්න.</b>

1200
01:19:59,875 --> 01:20:00,833
<b>දෙනවා.</b>

1201
01:20:01,333 --> 01:20:02,250
<b>ඒක මට දෙනවා.</b>

1202
01:20:21,708 --> 01:20:22,916
<b>හායි, අන්බු.</b>

1203
01:20:24,333 --> 01:20:25,333
<b>මේ ගෞතම්.</b>

1204
01:20:25,583 --> 01:20:26,750
<b>මගේ බෝයිෆ්‍රෙන්ඩ්.</b>

1205
01:20:27,000 --> 01:20:28,041
<b>ගෞතම්...</b>

1206
01:20:28,375 --> 01:20:30,958
<b>මේ අන්බු. අපේ ආරාධනා නැති අමුත්තා.</b>

1207
01:20:31,208 --> 01:20:32,166
<b>හලෝ, අන්බු.</b>

1208
01:20:32,708 --> 01:20:35,958
<b>ගෞතම් තමයි මගේ පෙම්වතා, බෝයිෆ්‍රෙන්ඩ්, මගේ හැමදේම.</b>

1209
01:20:36,208 --> 01:20:38,208
<b>මගේ දරුවාගේ තාත්තාත් එයා තමයි.</b>

1210
01:20:40,208 --> 01:20:44,250
<b>අදිති කරපු නියම වැඩේ ගැන
මට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි.</b>

1211
01:20:44,500 --> 01:20:48,833
<b>ඔව්, ඒක ඇත්ත. පහුගිය මාස හයේදී,
අපේ ලාභයයි කොටස්වල වටිනාකමයි වැඩි වුණා.</b>

1212
01:20:49,541 --> 01:20:51,833
<b>ඒකට හේතුව වුණේ
අදිතියි එයාගේ ටීම් එකයි.</b>

1213
01:20:51,875 --> 01:20:54,291
<b>ඒ නිසා, මම අදිතියි එයාගේ
ටීම් එකයි අගය කරනවා.</b>

1214
01:20:54,750 --> 01:20:56,208
<b>සුබපැතුම්, අදිති!</b>

1215
01:20:56,375 --> 01:20:57,666
<b>නියම වැඩක්!</b>

1216
01:20:58,583 --> 01:20:59,958
<b>තව සුබ ආරංචියක් තියෙනවා.</b>

1217
01:21:00,750 --> 01:21:01,916
<b>මගේ පුතා, වික්‍රම්...</b>

1218
01:21:02,250 --> 01:21:04,125
<b>මෙයා තමයි මේ කම්පැනියේ අලුත් MD.</b>

1219
01:21:04,583 --> 01:21:05,875
<b>සාදරයෙන් පිළිගන්නවා, වික්‍රම්!</b>

1220
01:21:10,625 --> 01:21:15,208
<b>මම ඔයාට කියපු ඔක්කොම ගොතපු කතා.
ඒත් ඒකෙත් ඇත්තක් තිබුණා.</b>

1221
01:21:15,458 --> 01:21:16,958
<b>මම ඒක කිව්වේ වෙනස් විදිහකට විතරයි.</b>

1222
01:21:18,041 --> 01:21:23,250
<b>වික්‍රම් මට ආදරේ කළා,
ඒත් ඊට කලින් මම ගෞතම්ට ආදරේ කළා.</b>

1223
01:21:24,458 --> 01:21:27,208
<b>වික්‍රම්ව මරන්න මම ගහපු ප්ලෑන් එකට
ඔයා නිකරුණේ පැටලුණා.</b>

1224
01:21:27,375 --> 01:21:28,916
<b>මෝඩයෙක් ගෙදරට රිංගුවා.</b>

1225
01:21:29,166 --> 01:21:30,666
<b>බලනකොට ඌ සේරම විනාශ කරයි වගේ.</b>

1226
01:21:30,833 --> 01:21:32,833
<b>-මම දැන් මොකද කරන්නේ?
-ප්ලෑන් එක සරලයි.</b>

1227
01:21:33,500 --> 01:21:37,333
<b>එයා වික්‍රම්ව මැරුවොත්, අපිට ඒ මිනීමැරුම
සියදිවි නසාගැනීමක් වගේ පෙන්නන්න ඕනේ නෑ.</b>

1228
01:21:37,875 --> 01:21:40,166
<b>ඒත් එයා ඇයි වික්‍රම්ව මරන්නේ?</b>

1229
01:21:40,333 --> 01:21:42,416
<b>එයා කවුද කියලා තේරුම් ගන්න බලන්න.</b>

1230
01:21:43,458 --> 01:21:44,916
<b>එයාට සල්ලි ටිකක් දීලා
කැමති කරගන්න.</b>

1231
01:21:46,750 --> 01:21:47,875
<b>එයා කැමති වුණේ නැත්නම්?</b>

1232
01:21:47,916 --> 01:21:50,458
<b>එයා මෝඩයෙක්ද නැත්නම්
හැඟීම්බර මෝඩයෙක්ද කියලා හොයාගන්න.</b>

1233
01:21:50,750 --> 01:21:54,791
<b>එතකොට ඔයා දනීවි එයාව කොහොමද හසුරුවන්නේ කියලා.</b>

1234
01:21:55,208 --> 01:21:57,791
<b>අදිති කියනකොට මට තේරුණේ නෑ
තමුසේ කොච්චර ලොකු මෝඩයෙක්ද කියලා.</b>

1235
01:21:58,541 --> 01:22:01,958
<b>ඒත් තමුසෙව හැබැහින් දැක්කාම,
මට තේරෙනවා එයා කිව්ව දේ හරි කියලා.</b>

1236
01:22:02,208 --> 01:22:05,208
<b>වික්‍රම් මැරුණාට පස්සේ අපි කල්පනා කළේ
වොච්මන්ට මොකද කරන්නේ කියලා.</b>

1237
01:22:05,458 --> 01:22:07,291
<b>ඒත් තමුසේ ඒකත් ලේසි කළා.</b>

1238
01:22:07,375 --> 01:22:09,625
<b>අපි ළඟ තව ගොඩක් සප්‍රයිස් තියෙනවා.</b>

1239
01:22:09,708 --> 01:22:11,208
<b>හිරකූඩුවට වෙලා ඒ ගැන කල්පනා කරනවා.</b>

1240
01:22:14,250 --> 01:22:16,416
<b>පොලිසිය තව පැය භාගෙකින් මෙහෙට එයි. ඉන්නවා.</b>

1241
01:22:19,458 --> 01:22:20,333
<b>මේක ගන්න.</b>

1242
01:22:20,833 --> 01:22:22,125
<b>ඔයාගේ හුස්ම ගැනිල්ල පාලනය කරගන්න.</b>

1243
01:22:22,916 --> 01:22:23,916
<b>අපි යමු, ගෞතම්.</b>

1244
01:22:24,416 --> 01:22:25,416
<b>හලෝ.</b>

1245
01:22:27,541 --> 01:22:31,000
<b>පොලිසිය මෙහෙට ඇවිත් පැය හයක් වෙනවා.</b>

1246
01:22:37,000 --> 01:22:38,041
<b>තමුසෙට තේරෙන්නේ නැද්ද?</b>

1247
01:22:41,750 --> 01:22:42,625
<b>අන්බරසන්.</b>

1248
01:22:44,375 --> 01:22:46,250
<b>අපරාධ අංශයේ ඉන්ස්පෙක්ටර්.</b>

1249
01:22:50,708 --> 01:22:51,791
<b>ගෞතම්.</b>

1250
01:22:52,500 --> 01:22:56,416
<b>ඔයාගේ අදහසින් හොඳ සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන් ඇති.
ඒත් මම හාඩ්වෙයාර් එකක්.</b>

1251
01:22:56,625 --> 01:22:57,708
<b>තේරුණාද?</b>

1252
01:22:59,958 --> 01:23:02,875
<b>අදිති, ඔයා චෙස් සෙල්ලම් කරලා තියෙනවද?</b>

1253
01:23:04,708 --> 01:23:06,500
<b>මුලින් ඔයාට හිතෙයි ඔයා දිනනවා කියලා.</b>

1254
01:23:07,000 --> 01:23:08,375
<b>ඒත් පස්සේ ඔයාට තේරෙයි,</b>

1255
01:23:09,000 --> 01:23:11,625
<b>ඔයා සෙල්ලම් කරලා තියෙන්නේ
වෙන කෙනෙක්ගේ ගේම් එකක් කියලා.</b>

1256
01:23:12,541 --> 01:23:13,833
<b>ෂොක් වුණා, නේද?</b>

1257
01:23:16,583 --> 01:23:19,416
<b>ඔයා හොඳ කතා ලියනවා නේද?</b>

1258
01:23:21,791 --> 01:23:25,208
<b>අපි තමයි ඔයාගේ කතාවේ නළුවෝ වුණේ.</b>

1259
01:23:26,625 --> 01:23:28,625
<b>කොහොමද රඟපෑම?</b>

1260
01:23:32,708 --> 01:23:34,583
<b>මම තව චරිතයක් අඳුන්වලා දෙන්නම්.</b>

1261
01:23:41,958 --> 01:23:43,041
<b>ඒ චරිතේ තමයි...</b>

1262
01:23:44,208 --> 01:23:45,250
<b>වික්‍රම්?</b>

1263
01:23:52,083 --> 01:23:55,666
<b>ඔයා ගේම් එකක් ගහනවා කියලා දැනගෙන,
වික්‍රම් මාව හොයාගෙන ආවා.</b>

1264
01:23:55,833 --> 01:23:58,458
<b>මම ඔයා එක්ක කතා කරන්නේ යාළුවෙක් විදිහට,
පොලිස්කාරයෙක් විදිහට නෙවෙයි.</b>

1265
01:23:59,708 --> 01:24:04,583
<b>ඔයාගේ තාත්තාගේ මරණය
ඔයාට වගේම මටත් ගොඩක් බලපෑවා.</b>

1266
01:24:05,458 --> 01:24:07,083
<b>එයා මට ගෝඩ්ෆාදර් කෙනෙක් වගේ.</b>

1267
01:24:07,625 --> 01:24:08,625
<b>එයා මට සැලකුවේ ඒ විදිහට.</b>

1268
01:24:10,333 --> 01:24:16,583
<b>මේ ඩිජිටල් සාක්ෂිවලින් මට අදිතියිටවත්
එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ටවත් විරුද්ධව මුකුත් කරන්න බෑ.</b>

1269
01:24:20,583 --> 01:24:21,583
<b>එහෙනම් අපි කොහොමද මේක විසඳන්නේ?</b>

1270
01:24:23,250 --> 01:24:26,208
<b>එයාලා මාව මෝඩයෙක් කළා විතරක් නෙවෙයි,
මගේ තාත්තාවත් මැරුවා.</b>

1271
01:24:27,125 --> 01:24:28,583
<b>මට කට පියාගෙන ඉන්න බෑ.</b>

1272
01:24:29,208 --> 01:24:30,500
<b>ඔයාට එහෙම ඉන්න ඕනේ නෑ.</b>

1273
01:24:31,041 --> 01:24:33,625
<b>ඔයා ඇසින් දුටු සාක්ෂිකාරයා වෙන්න ඕනේ.</b>

1274
01:24:35,750 --> 01:24:38,250
<b>-මට තේරෙන්නේ නෑ.
-නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාක්ෂි මත.</b>

1275
01:24:38,583 --> 01:24:39,541
<b>හරිද?</b>

1276
01:24:43,291 --> 01:24:44,541
<b>මට තාම තේරෙන්නේ නෑ.</b>

1277
01:24:49,791 --> 01:24:50,666
<b>වික්‍රම්.</b>

1278
01:24:50,958 --> 01:24:53,833
<b>මම කියන විදිහට විතරක් කරන්න.</b>

1279
01:24:54,208 --> 01:24:57,125
<b>සාක්ෂි එකතු කරගන්න අපි මේක
වෙනස් විදිහකට කරන්න ඕනේ.</b>

1280
01:24:57,958 --> 01:24:58,916
<b>මේක ගන්න.</b>

1281
01:25:06,625 --> 01:25:07,875
<b>බය වුණාද?!</b>

1282
01:25:08,416 --> 01:25:09,958
<b>තුවක්කුව පත්තු වුණා.</b>

1283
01:25:10,916 --> 01:25:13,458
<b>ඒත් ඒක බොරු උණ්ඩයක්.</b>

1284
01:25:14,083 --> 01:25:14,958
<b>මොකද වුණේ?</b>

1285
01:25:15,833 --> 01:25:17,375
<b>ඔයා හිතුවද ගේම් ගහන්න දන්නේ ඔයා විතරයි කියලා?</b>

1286
01:25:20,083 --> 01:25:21,375
<b>ඔයා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව මාරු කළා.</b>

1287
01:25:22,041 --> 01:25:23,291
<b>මම තුවක්කුව මාරු කළා.</b>

1288
01:25:23,458 --> 01:25:26,583
<b>ඔයාගේ හොර සම්බන්ධය ගැන
මම කලින්ම දැනන් හිටියා.</b>

1289
01:25:26,916 --> 01:25:28,291
<b>මම ඔයාව ඇත්තටම විශ්වාස කළා.</b>

1290
01:25:29,833 --> 01:25:31,541
<b>ඇයි ඔයා මාව පාවා දුන්නේ?</b>

1291
01:25:32,166 --> 01:25:34,083
<b>ඔයා ඇත්ත හොයාගත්තා.</b>

1292
01:25:34,666 --> 01:25:36,750
<b>ඇත්තටම, මම ආදරේ කළේ ගෞතම්ට.</b>

1293
01:25:37,041 --> 01:25:38,583
<b>තාමත් එහෙමයි.</b>

1294
01:25:39,208 --> 01:25:41,250
<b>අනික, ඔයාගේ මිනීමැරුම් උත්සාහය ගැනත්.</b>

1295
01:25:41,875 --> 01:25:42,708
<b>කොහොමද?</b>

1296
01:25:44,750 --> 01:25:45,875
<b>සම්පත්.</b>

1297
01:25:52,166 --> 01:25:54,375
<b>ඔයා ඇත්තටම බය වුණා, මැඩම්.</b>

1298
01:25:55,250 --> 01:25:56,208
<b>සුබ ගමන්!</b>

1299
01:25:59,625 --> 01:26:01,458
<b>ඔයාට වැරදුණේ කොතනද කියලා දැනගන්න ඕනෙද?</b>

1300
01:26:02,750 --> 01:26:06,458
<b>සල්ලිවලින් ජීවිතේ ඕනම දෙයක්
සල්ලිවලට ගන්න පුළුවන් කියලා ඔයා හිතුවා.</b>

1301
01:26:07,083 --> 01:26:10,958
<b>ඒත් වොච්මන් සම්පත්
මට පෙන්නුවා පක්ෂපාතීකම කියන්නේ මොකක්ද කියලා.</b>

1302
01:26:12,083 --> 01:26:14,333
<b>ඔයා දන්නවද මගේ තාත්තා
ඔයාව කොච්චර විශ්වාස කළාද කියලා?</b>

1303
01:26:16,583 --> 01:26:17,666
<b>ඒත් ඔයාලා දෙන්නා...</b>

1304
01:26:19,291 --> 01:26:20,916
<b>ඔයාලා දෙන්නාම එයාව මැරුවා.</b>

1305
01:26:21,291 --> 01:26:24,625
<b>තාත්තා මැරුණු දවසේ උදේ 6:10ට
මට කෝල් කළා.</b>

1306
01:26:25,208 --> 01:26:29,250
<b>"මම ඇවිදලා ඉවරයි.
ගෙදර එන ගමන් මම අදිතියිව හම්බවෙන්නම්" එයා කිව්වා.</b>

1307
01:26:30,500 --> 01:26:31,500
<b>හලෝ, අන්කල්.</b>

1308
01:26:33,375 --> 01:26:37,500
<b>සොරි, අන්කල්.
මෙයා කළුවරට පණ බයේ ඉන්නේ.</b>

1309
01:26:37,625 --> 01:26:41,375
<b>ඒ නිසා, ඒ වගේ වෙලාවට මම
හැමතිස්සෙම එයා එක්ක ඉන්නවා.</b>

1310
01:26:42,666 --> 01:26:47,083
<b>ඒ වෙලාවේ එයාගේ හාට්බීට් එකයි නාඩි වැටෙන එකයි
හොඳටම නෝමල් තිබුණේ.</b>

1311
01:26:48,625 --> 01:26:50,958
<b>ඒත් උදේ 6:20ත් 6:29ත් අතර...</b>

1312
01:26:52,500 --> 01:26:54,125
<b>එයාගේ හාට්බීට් එක එකපාරටම වැඩි වුණා.</b>

1313
01:26:56,625 --> 01:26:58,750
<b>ඔයා මට කෝල් කළේ 6:40ට.</b>

1314
01:26:59,375 --> 01:27:03,416
<b>තාත්තා ගෙදර ආවා කියලා
ඔයාගේ ගොතපු කතා ටික කිව්වා.</b>

1315
01:27:04,083 --> 01:27:05,625
<b>ඒත් මට ඔයා ගැන දුකයි, අදිති!</b>

1316
01:27:06,083 --> 01:27:08,750
<b>තාත්තා මැරුණේ 6:35ට.</b>

1317
01:27:09,625 --> 01:27:15,000
<b>ඔයා එයාව හොස්පිට්ල් එකට අරන් ගිහින්
ප්‍රතිකාර කළා කියලා පට්ටපල් බොරුවක් කිව්වා.</b>

1318
01:27:15,666 --> 01:27:17,083
<b>අනික දන්නවද?</b>

1319
01:27:17,458 --> 01:27:20,083
<b>මම ඇත්තටම ඔයාට ස්තූති කරන්න ඕනේ.</b>

1320
01:27:20,250 --> 01:27:21,958
<b>ස්තූතියි.
ඇයි දන්නවද?</b>

1321
01:27:23,125 --> 01:27:25,666
<b>මොකද තාත්තාට ඒ ස්මාර්ට් වොච් එක
තෑගි කළේ ඔයානේ.</b>

1322
01:27:28,458 --> 01:27:31,541
<b>එයාගේ හෙල්ත් ඩේටා ටික මැකුවාම
ඔයා හිතුවා සේරම ඉවරයි කියලා.</b>

1323
01:27:32,500 --> 01:27:35,833
<b>ඒත් ඔයා දැනන් හිටියේ නෑ
ඒක ආයෙත් ගන්න පුළුවන් කියලා.</b>

1324
01:27:36,000 --> 01:27:37,541
<b>ඔයාට වඩා ඒ ඔරලෝසුව ස්මාර්ට්, අදිති.</b>

1325
01:27:37,583 --> 01:27:42,041
<b>ඔයාගේ ෆෝන් එකේ IMEI නම්බර් එකෙන්
අපිට හැමදේම හොයාගන්න පුළුවන් වුණා.</b>

1326
01:27:42,583 --> 01:27:43,875
<b>ඔයා ප්ලෑන් එකක් හැදුවා.</b>

1327
01:27:44,500 --> 01:27:45,916
<b>අපිට තව ප්ලෑන් එකක් තිබුණා.</b>

1328
01:27:47,125 --> 01:27:48,666
<b>ඒත් එයාගේ ප්ලෑන් එක ඊට
වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.</b>

1329
01:27:50,583 --> 01:27:52,541
<b>මෙතන වෙන හැමදේම තියෙන්නේ
මේ බිත්ති හතර ඇතුළේ විතරයි.</b>

1330
01:27:53,208 --> 01:27:54,250
<b>තාම කිසිම සාක්ෂියක් නෑ.</b>

1331
01:27:54,625 --> 01:27:56,041
<b>ඔයා කොහොමද ඒක ඔප්පු කරන්නේ?</b>

1332
01:28:09,666 --> 01:28:13,041
<i>ගෞතම් තමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ්,
පෙම්වතා, මගේ හැමදේම.</i>

1333
01:28:13,208 --> 01:28:15,083
<i>මගේ දරුවාගේ තාත්තාත් එයා තමයි.</i>

1334
01:28:15,333 --> 01:28:19,916
<i>මම ඔයාට කියපු ඔක්කොම ගොතපු කතා.</i>
<i>ඒත් ඒකෙත් ඇත්තක් තිබුණා.</i>

1335
01:28:20,375 --> 01:28:22,041
<i>මම ඒක කිව්වේ වෙනස් විදිහකට විතරයි.</i>

1336
01:28:23,250 --> 01:28:28,625
<i>වික්‍රම් මට ආදරේ කළා,</i>
<i>ඒත් ඊට කලින් මම ගෞතම්ට ආදරේ කළා.</i>

1337
01:28:33,875 --> 01:28:37,666
<b>ඔයා... ඔයා එයාට ආදරේ කළා නම්,
ඇයි මාව බැන්දේ?</b>

1338
01:28:37,833 --> 01:28:38,708
<b>ඇයි?</b>

1339
01:28:38,750 --> 01:28:39,750
<b>සල්ලි.</b>

1340
01:28:40,041 --> 01:28:42,500
<b>මම ඔයාව බැන්දේ සල්ලිවලට.</b>

1341
01:28:44,583 --> 01:28:45,916
<b>ඒත් මම ඔයාට ඇත්තටම ආදරේ කළා.</b>

1342
01:28:46,791 --> 01:28:49,291
<b>ඒක තමයි ඔයාගේ වැරැද්ද.</b>

1343
01:28:50,000 --> 01:28:51,708
<b>මම ඔයාව ඇස් පියාගෙන විශ්වාස කළා.</b>

1344
01:28:51,958 --> 01:28:52,875
<b>ඔව්.</b>

1345
01:28:53,583 --> 01:28:56,541
<b>ඔයාම ඒක දන්නවානේ.
ඔයා මාව ඇස් පියාගෙන විශ්වාස කළා.</b>

1346
01:29:13,958 --> 01:29:14,958
<b>අපි යමුද?</b>

1347
01:29:16,541 --> 01:29:17,583
<b>බොහොම ස්තූතියි, සර්.</b>

1348
01:29:17,708 --> 01:29:19,375
<b>නෑ, නෑ. ඔයාටයි ස්තූති කරන්න ඕනේ, වික්‍රම්.</b>

1349
01:29:19,583 --> 01:29:22,125
<b>අපරාධයක් වෙන්න කලින් ඔයා අපිට දැනුම් දුන්නා.</b>

1350
01:29:22,375 --> 01:29:26,416
<b>පොලිසියේ රාජකාරිය වෙන්නේ අපරාධකාරයාව පස්සේ අල්ලනවාට වඩා
අපරාධයක් වෙන එක නවත්තන එකයි.</b>

1351
01:29:26,583 --> 01:29:27,458
<b>අපි ඒක කළා.</b>

1352
01:29:27,791 --> 01:29:30,625
<b>උදව්වක් ඕනේ වුණොත් ඕනම වෙලාවක මට කතා කරන්න.</b>

1353
01:29:30,666 --> 01:29:33,291
<b>-හරිද?
-අනිවාර්යයෙන්ම, සර්. ආයෙත් ස්තූතියි.</b>

1354
01:29:33,375 --> 01:29:34,333
<b>ගිහින් එන්නම්!</b>

1355
01:30:11,666 --> 01:30:15,333
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්</i>
<i>ඒ නිසා කට වහගන්නවා! ♪</i>

1356
01:30:19,166 --> 01:30:22,916
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්</i>
<i>ඒ නිසා කට වහගන්නවා! ♪</i>

1357
01:30:26,708 --> 01:30:29,625
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්! ♪</i>

1358
01:30:37,916 --> 01:30:41,625
<i>♪ ගෑනියෙක් වෙලා ඉපදුණ එක</i>
<i>අපේ වැරැද්දක් නෙවෙයි ♪</i>

1359
01:30:41,708 --> 01:30:44,916
<i>♪ බැනුම් අහන්න ඕනේ</i>
<i>අපි නෙවෙයි! ♪</i>

1360
01:30:45,333 --> 01:30:48,958
<i>♪ කසාදෙන් පස්සේ,</i>
<i>අපි යටහත් පහත් වෙයි කියලා හිතනවා ♪</i>

1361
01:30:49,166 --> 01:30:51,875
<i>♪ ඒත් අපි දැන් ඔයාලගේ වහල්ලු නෙවෙයි! ♪</i>

1362
01:30:52,416 --> 01:30:55,916
<i>♪ අපි ගෙදරට වෙලා හිටියා, ඔව්</i>
<i>දැන් අපි මොඩර්න්, යේ! ♪</i>

1363
01:30:56,166 --> 01:30:59,958
<i>♪ ආදරේ කළාට කමක් නැද්ද?</i>
<i>ආ, නෑ, බ්‍රේකප් එකක්ද එන්නේ? ♪</i>

1364
01:31:00,125 --> 01:31:03,416
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්! ♪</i>

1365
01:31:03,916 --> 01:31:07,333
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්! මම 'නරකම' කෙල්ලෙක්!</i>
<i>ඒ නිසා කට වහගන්නවා! ♪</i>

1366
01:31:30,166 --> 01:31:33,541
<i>♪ කාලය වෙනස් වෙයි ♪</i>

1367
01:31:33,916 --> 01:31:37,166
<i>♪ ඒත් අපේ තුවාල එහෙමමයි ♪</i>

1368
01:31:37,625 --> 01:31:40,833
<i>♪ කවුරු කතා කළත් ♪</i>

1369
01:31:41,166 --> 01:31:44,708
<i>♪ ගෑනියෙක්ගේ දුක කවදාවත් ඉවර වෙන්නේ නෑ ♪</i>

1370
01:31:48,916 --> 01:31:52,541
<i>♪ නීතිරීති වෙනස් වෙයි ♪</i>

1371
01:31:52,666 --> 01:31:55,916
<i>♪ ඒත් වෙස්මුහුණු එහෙමමයි ♪</i>

1372
01:31:56,416 --> 01:31:59,666
<i>♪ පාරවල් කවදාවත් පේන්නේ නෑ ♪</i>

1373
01:31:59,750 --> 01:32:03,333
<i>♪ අපේ කකුල් බයෙන් ගල් වෙලා තියෙද්දී ♪</i>

1374
01:32:03,833 --> 01:32:07,625
<i>♪ හෙට, හෙට</i>
<i>හොඳ දවස් එනවා ♪</i>

1375
01:32:07,708 --> 01:32:09,458
<i>♪ අපේ කරට මාලයක් වැටුණාම ♪</i>

1376
01:32:09,541 --> 01:32:15,125
<i>♪ ලෝකෙම දැනගනීවි</i>
<i>ගෑනියෙක් දිනලා කියලා! ♪</i>

1377
01:32:15,208 --> 01:32:18,791
<i>♪ ඒත් දැනට, අපි නිකම්ම... ♪</i>

1378
01:32:19,666 --> 01:32:21,791
<i>♪ ගොඩක් නරකයි! ගොඩක් දුකයි! ♪</i>

1379
01:32:22,250 --> 01:32:26,833
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්</i>
<i>ඒ නිසා කට වහගන්නවා! ♪</i>

1380
01:32:30,125 --> 01:32:31,791
<i>♪ ඔයා 'නරකම' කෙල්ලෙක්! ♪</i>

1381
01:32:31,958 --> 01:32:33,750
<i>♪ කට වහගන්නවා, කෙල්ලේ! ♪</i>

1382
01:32:33,875 --> 01:32:35,708
<i>♪ ඔයා 'නරකම' කෙල්ලෙක්! ♪</i>

1383
01:32:35,791 --> 01:32:37,750
<i>♪ ඔයා 'නරකම' කෙල්ලෙක්! ♪</i>

1384
01:32:37,833 --> 01:32:41,500
<i>♪ ලොකුවට ඇවිදන් යනකොට, මගේ යාළුවේ,</i>
<i>ඇයි ඔයාට වදයක්, මේකද අවසානේ? ♪</i>

1385
01:32:41,666 --> 01:32:45,208
<i>♪ ඒක ඔයාට ඇනෙනවද නැත්නම් කිති කැවෙනවද?</i>
<i>ඔයා නිකම්ම අපරාධයක්! ♪</i>

1386
01:32:45,375 --> 01:32:48,541
<i>♪ ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නේ?</i>
<i>ඕනෙනම් වටේම ඉන්න අයගෙන් අහන්න ♪</i>

1387
01:32:48,625 --> 01:32:52,000
<i>♪ නරක කෙල්ලෙක් එයාට ඕනේ විදිහට ජීවත් වෙනවා</i>
<i>මොකද ඒකයි නිදහස කියන්නේ, මචං ♪</i>

1388
01:32:52,541 --> 01:32:54,500
<i>♪ හේයි, කට වහගන්න,</i>
<i>කළේ පෙරළන්න ♪</i>

1389
01:32:54,541 --> 01:32:56,416
<i>♪ ඔයාට මොකද</i>
<i>පිස්සු මෝඩයා! ♪</i>

1390
01:32:56,458 --> 01:33:00,125
<i>♪ ඔයා හරි පොරක් වගේ කතා කරනවා,</i>
<i>ගෑනු අය දෙවිවරු කියලා පෝස්ට් දානවා! ♪</i>

1391
01:33:00,208 --> 01:33:02,041
<i>♪ එක වැරැද්දක් වුණොත්,
අමු කුණුහරුපෙන් බනිනවා! ♪</i>

1392
01:33:02,291 --> 01:33:05,291
<i>♪ සංස්කෘතිය ගැන බණ කියනවා,</i>
<i>ඒත් ඔය බොරුව නවත්තන්න! ♪</i>

1393
01:33:05,583 --> 01:33:07,333
<i>♪ හේයි, ෆේස්බුක් වීරයා! ♪</i>

1394
01:33:07,583 --> 01:33:09,000
<i>♪ අයින් වෙන්න, අයින් වෙන්න ♪</i>

1395
01:33:09,583 --> 01:33:12,583
<i>♪ ඔව්, අපි 'නරකම' තමයි,</i>
<i>ඒ නිසා කට වහගෙන යනවා! ♪</i>

1396
01:33:12,666 --> 01:33:16,833
<i>♪ අපි මේ යුද්ධය ගොඩක් කල් කළා,</i>
<i>දැන්, කාලය වෙනස් වෙලා ♪</i>

1397
01:33:24,583 --> 01:33:27,458
<i>♪ ඔයා 'නරකම' කෙල්ලෙක්! ♪</i>

1398
01:33:28,250 --> 01:33:31,833
<i>♪ ඔයා 'නරකම' කෙල්ලෙක්!</i>
<i>කට වහගන්න කෙල්ලේ!♪</i>

1399
01:33:32,208 --> 01:33:35,958
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්</i>
<i>ඒ නිසා කට වහගන්නවා! ♪</i>

1400
01:33:36,083 --> 01:33:39,708
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්</i>
<i>ඒ නිසා කට වහගන්නවා! ♪</i>

1401
01:33:39,791 --> 01:33:42,041
<i>♪ මම 'නරකම' කෙල්ලෙක්! ♪</i>

1402
01:33:42,541 --> 01:33:44,416
<b>අම්මෝ, මාර ඩාන්ස් එකක්නේ ඒක!</b>

1403
01:33:44,500 --> 01:33:46,500
<b>මචං, කට වහගන්නවා.</b>

1404
01:33:46,524 --> 01:34:07,524
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

