1
00:02:21,017 --> 00:02:46,017
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:02:53,041 --> 00:02:55,499
2010
නාග්පූර්, මහාරාෂ්ට්‍ර

3
00:02:58,916 --> 00:03:00,583
තේ? කෑම?

4
00:03:02,041 --> 00:03:04,875
තේ? තේ?

5
00:03:05,125 --> 00:03:06,540
උණු උණු තේ?

6
00:03:06,541 --> 00:03:07,791
තේ? තේ?

7
00:03:08,750 --> 00:03:10,208
තේ? තේ?

8
00:03:10,916 --> 00:03:12,333
තේ ඕනෙද?

9
00:03:12,458 --> 00:03:13,582
තේ ඕනෙද?

10
00:03:13,583 --> 00:03:15,333
ඔය බෑග් එක දෙන්න. මම මෙතනින් තියන්නම්.

11
00:03:15,625 --> 00:03:17,082
අයියේ... මට මෙතන වාඩි වෙන්න ඕනේ.

12
00:03:17,083 --> 00:03:18,165
බෑ. එතනින් වාඩි වෙන්න.

13
00:03:18,166 --> 00:03:19,541
මට මෙතනමයි වාඩි වෙන්න ඕනේ.

14
00:03:20,500 --> 00:03:22,207
මේක මගේ සීට් එක. ඔයා එතනින් වාඩි වෙන්න.

15
00:03:22,208 --> 00:03:23,165
උම්මා...

16
00:03:23,166 --> 00:03:24,416
ළමයි! බිස්කට් ඕනෙද?

17
00:03:24,958 --> 00:03:26,082
බිස්කට් ඕනෙද?

18
00:03:26,083 --> 00:03:27,250
රුපියල් දහයයි.

19
00:03:32,458 --> 00:03:33,833
මට මෙතන වාඩි වෙන්න ඕනේ.

20
00:03:34,000 --> 00:03:35,458
ඔයා එතනින් වාඩි වෙන්න.

21
00:03:45,250 --> 00:03:46,291
ටිකට්?

22
00:03:47,750 --> 00:03:48,708
ටිකට්?

23
00:03:51,333 --> 00:03:52,666
ඔයා ගාව තියෙනවා නේද?

24
00:04:00,000 --> 00:04:02,500
- මෙයාගේ ටිකට් එක?
- මෙයාට තවම අවුරුදු පහක් නෑ.

25
00:04:02,666 --> 00:04:04,499
පහකට වඩා පේනවනේ.

26
00:04:04,500 --> 00:04:05,749
නෑ. තවම පහක් නෑ.

27
00:04:05,750 --> 00:04:07,707
නෑ, නෑ. අනිවාර්යයෙන්ම පහකට වැඩියි.

28
00:04:07,708 --> 00:04:09,041
නෑ, එහෙම නෑ.

29
00:04:22,833 --> 00:04:24,083
පාතු...

30
00:04:24,500 --> 00:04:26,582
උම්මා... පාතු!

31
00:04:26,583 --> 00:04:28,416
පාතු... කෝ අපේ දුව?

32
00:04:28,666 --> 00:04:29,790
මගේ පැටියා!

33
00:04:29,791 --> 00:04:31,125
පාතු!

34
00:04:31,791 --> 00:04:32,874
පාතු!

35
00:04:32,875 --> 00:04:35,000
මගේ දුවව දැක්කද?

36
00:04:36,375 --> 00:04:37,958
මගේ දුවව දැක්කද?

37
00:04:38,916 --> 00:04:40,125
පාතු?

38
00:04:40,916 --> 00:04:42,125
මගේ දුවේ...

39
00:04:42,375 --> 00:04:44,166
පාතු!

40
00:05:07,291 --> 00:05:11,915
පළවෙනි කොටස
අජීබ් රහ්මාන් - පරිවාස නිලධාරී

41
00:05:37,541 --> 00:05:40,208
ගිය සතියේ කියපු නෝට්ස් ටික
ගේන්න අමතක කරන්න එපා.

42
00:05:40,333 --> 00:05:42,499
<i>- මම අමතක කරන්නේ නෑ!</i>
- මට ඒ ටික අද ඉවර කරන්න ඕනේ.

43
00:05:42,500 --> 00:05:43,791
<i>හරි, මම ගේන්නම්.</i>

44
00:05:45,041 --> 00:05:46,791
පොඩ්ඩක් ඉන්න... පොලිස්කාරයා නැගිට්ටා.

45
00:05:47,000 --> 00:05:48,500
<i>- එහෙනම් තියන්න.</i>
- හරි.

46
00:05:52,583 --> 00:05:53,624
මොකද වුණේ?

47
00:05:53,625 --> 00:05:55,374
අද හරි කම්මැලි පාටයිනේ?

48
00:05:55,375 --> 00:05:56,875
අද ස්ටේෂන් යන්නේ නැද්ද?

49
00:05:58,916 --> 00:06:00,500
මොකද? සනීප නැද්ද?

50
00:06:01,333 --> 00:06:02,708
හරියට නින්ද ගියේ නෑ.

51
00:06:05,458 --> 00:06:06,583
මට හිතෙනවා...

52
00:06:06,708 --> 00:06:08,415
ඔයා පාතුව හීනෙන් දැක්කා නේද?

53
00:06:11,166 --> 00:06:12,915
මේක අලුත් දෙයක් නෙවෙයි අජීබ්.

54
00:06:12,916 --> 00:06:14,166
දැන් කොච්චර කල්ද?

55
00:06:14,500 --> 00:06:16,583
එයා කොහේ හරි සතුටින් ඇති.

56
00:06:21,291 --> 00:06:23,250
අපි එහෙම හිතමු.

57
00:06:25,708 --> 00:06:28,000
මේවා ගැන හිතලා උදේ පාන්දරම
මූඩ් ගහන්න එපා.

58
00:06:28,666 --> 00:06:30,790
ඉක්මනට ලෑස්ති වෙන්න.

59
00:06:30,791 --> 00:06:32,291
අද ඔයාට පරේඩ් එකක් තියෙනවා නේද?

60
00:06:36,333 --> 00:06:37,499
ආ, මේ අහන්නකෝ,

61
00:06:37,500 --> 00:06:39,957
මට අද ටිකක් පරක්කු වෙනවා.
මාව බුක්ස්ටෝල් එක ගාවින් ගන්නවද?

62
00:06:39,958 --> 00:06:41,624
මගේ ඩියුටි ඉවරවෙලා ආවට කමක් නැද්ද?

63
00:06:41,625 --> 00:06:43,415
එනවද නැත්නම් පුරුදු
විදිහට මාව රස්තියාදු කරනවද?

64
00:06:43,416 --> 00:06:44,624
මොන විකාර ප්‍රශ්නයක්ද ඒ?

65
00:06:44,625 --> 00:06:46,165
මම කවදාහරි ඔයාව රස්තියාදු කරලා තියෙනවද?

66
00:06:46,166 --> 00:06:47,208
හ්ම්...

67
00:06:47,416 --> 00:06:48,708
මට දැන් ඕවා පුරුදුයි.

68
00:07:00,125 --> 00:07:02,375
ඔව් සර්.
අපි මෙහේ පරේඩ් එකට ලෑස්ති වෙනවා.

69
00:07:02,583 --> 00:07:03,875
දැන් සර්ට කොහොමද?

70
00:07:04,083 --> 00:07:05,165
එහෙමද?

71
00:07:05,166 --> 00:07:06,207
ඉක්මනට සනීප වෙන්න සර්.

72
00:07:06,208 --> 00:07:08,165
මට හැමදේම ඉස්සෙල්ලාම
දැනගන්න ලැබෙන්නේ ඔයාගෙන්.

73
00:07:08,166 --> 00:07:09,457
SHO සර් තමා කතා කළේ.

74
00:07:09,458 --> 00:07:11,333
ඩොක්ටර් එයාට මාසෙක රෙස්ට් එකක් දීලා.

75
00:07:11,625 --> 00:07:15,333
මට හිතෙන්නේ කවුරුහරි මේක
හිතාමතාම කරලා.

76
00:07:15,625 --> 00:07:17,416
නෑ, එහෙම වෙන්න විදියක් නෑ.

77
00:07:17,625 --> 00:07:19,790
වෙලාවට ඉස්සරහින් වාහනයක් ආවේ නෑ.

78
00:07:19,791 --> 00:07:22,833
මාසෙකට මේ ස්ටේෂන් එකේ වැඩ බලන්නේ
තලස්සේරි SHO සර්.

79
00:07:24,625 --> 00:07:26,082
ලීලම්මා, ඉක්මන් කරන්න.

80
00:07:26,083 --> 00:07:27,125
හරි සර්.

81
00:07:27,958 --> 00:07:29,416
අන්තිම වාහනෙත් ආවා!

82
00:07:29,541 --> 00:07:30,666
හරි, කමක් නෑ.

83
00:07:30,916 --> 00:07:33,124
ඊයේ ඔයා කියපු ටේලර්...

84
00:07:33,125 --> 00:07:34,582
එයා මාර වැඩකාරයා.

85
00:07:34,583 --> 00:07:36,875
ඊයේ මහපු බ්ලවුස් එක
නියමෙටම තියෙනවා.

86
00:07:37,000 --> 00:07:38,624
මම කිව්වේ එයා හොඳයි කියලා?

87
00:07:38,625 --> 00:07:40,416
ආ, ඔයා මෙයා ගැනද කිව්වේ?

88
00:07:40,833 --> 00:07:42,499
හැබැයි එයාගේ ගාණ නම් සැරයි.

89
00:07:48,208 --> 00:07:49,416
මම දැන් එන්නම්.

90
00:07:49,875 --> 00:07:51,750
නෑ, මම පරක්කු වෙන්නේ නෑ.

91
00:07:52,541 --> 00:07:53,749
අජීබ් සර් ඇවිත්.

92
00:07:53,750 --> 00:07:55,333
පරේඩ් එකට ලෑස්ති වෙමු.

93
00:07:57,916 --> 00:07:59,749
අජීබ්, සිකුරාදාට පරේඩ්
තියෙනවා කියලා ඔයා දන්නවනේ.

94
00:07:59,750 --> 00:08:01,665
අපි පරක්කු වුණොත්,
කොන්ස්ටබල්ලා ඒකෙන් ආදර්ශයක් ගනියි නේද?

95
00:08:01,666 --> 00:08:03,165
- සොරි සර්.
- කෝ ඔයාගේ තොප්පිය?

96
00:08:03,166 --> 00:08:04,958
- මම දැන්ම ගිහින් අරන් එන්නම්.
- ගිහින් අරන් එන්න.

97
00:08:05,458 --> 00:08:06,457
පරේඩ් එක ගැන කියනවනම්--

98
00:08:06,458 --> 00:08:07,791
සර්, මම ගිහින් එන්නද?

99
00:08:07,916 --> 00:08:09,665
ඔව්. හොස්පිටල් එකට ගිහින්
ආපු ගමන්ම එන්න.

100
00:08:09,666 --> 00:08:10,957
හරි සර්.

101
00:08:16,083 --> 00:08:17,291
පරේඩ්.

102
00:08:17,708 --> 00:08:18,750
ඇටෙන්ෂන්!

103
00:08:20,125 --> 00:08:21,583
ඔෆිසර්ස්, ෆෝල් අවුට්.

104
00:08:26,500 --> 00:08:27,500
පරේඩ්.

105
00:08:27,708 --> 00:08:29,375
ස්ටෑන්ඩ් ඇට් ඊස්.

106
00:08:30,583 --> 00:08:32,874
සර්, ට්‍රැෆික් ඩියුටි ඉන්න අයව
යවන්න ඕනේ නේද?

107
00:08:32,875 --> 00:08:33,958
අපි යවමු.

108
00:08:34,166 --> 00:08:36,625
ඩ්‍රෙසින්ග් බයි ද රයිට්.

109
00:08:38,375 --> 00:08:39,624
ඒක හරියට කරන්න සුනිල්.

110
00:08:39,625 --> 00:08:40,750
ඈස් යූ ආර්.

111
00:08:40,875 --> 00:08:43,500
ඩ්‍රෙසින්ග් බයි ද රයිට්.

112
00:08:56,958 --> 00:08:58,458
<i>- ෆාතිමා, ෂෆීක්.</i>
- අපිට කතා කරනවා.

113
00:09:01,791 --> 00:09:02,833
<i>ඇතුළට එන්න.</i>

114
00:09:05,916 --> 00:09:07,040
කතා කළේ නැද්ද?

115
00:09:07,041 --> 00:09:08,707
ඔයා ටෙස්ට් එකට කලින්
එන්න එපැයි?

116
00:09:08,708 --> 00:09:10,125
ආ, එහෙනම් ඉවරද?

117
00:09:10,250 --> 00:09:12,166
ඉවරයි. ඔයා කොහෙද හිටියේ?

118
00:09:13,083 --> 00:09:17,125
බයික් එකේ යන්න බැරි නිසා,
මම කාර් එක ගන්න ගෙදර ගියා.

119
00:09:17,416 --> 00:09:19,375
ඇත්තමයි. ඒකයි පරක්කු වුණේ මගේ රත්තරන්.

120
00:09:19,958 --> 00:09:21,915
අනේ දෙවියනේ මේ පාරවත් පොසිටිව් වෙන්න.

121
00:09:21,916 --> 00:09:22,957
මොලී ජෝයි.

122
00:09:22,958 --> 00:09:24,500
- කතා කළා. යමු.
- හරි.

123
00:09:29,500 --> 00:09:33,875
සාමාන්‍යයෙන් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ
සාර්ථක වෙන්න 90%ක ඉඩක් තියෙනවා.

124
00:09:35,500 --> 00:09:36,625
ඒත්...

125
00:09:37,875 --> 00:09:39,041
මට කණගාටුයි.

126
00:09:39,250 --> 00:09:41,290
ඔයාගේ ටෙස්ට් රිසල්ට් පොසිටිව් නෑ.

127
00:09:44,666 --> 00:09:48,916
ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

128
00:09:49,750 --> 00:09:51,500
වයසත් එක හේතුවක්.

129
00:09:51,666 --> 00:09:53,916
ඒත් සමහර වෙලාවට
මේක පොසිටිව් වෙන්නත් පුළුවන්.

130
00:09:55,708 --> 00:09:56,958
කලබල වෙන්න එපා.

131
00:09:57,208 --> 00:09:59,000
අපි ට්‍රීට්මන්ට් දිගටම කරමු.

132
00:09:59,250 --> 00:10:01,083
මාස තුනක් බලමු.

133
00:10:01,583 --> 00:10:03,750
එයාගේ හීමොග්ලොබින් ලෙවල් එක ටිකක් අඩුයි.

134
00:10:04,041 --> 00:10:06,250
විටමින් ඩී අඩුවකුත් තියෙනවා.

135
00:10:06,791 --> 00:10:09,416
කොහොමහරි මම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්.

136
00:10:10,083 --> 00:10:11,332
ඒ ටික බොන්න.

137
00:10:11,333 --> 00:10:13,624
අපි බලමුකෝ.
ඊළඟ චෙකප් එකේදි මම ඔයාලව හම්බවෙන්නම්.

138
00:10:13,625 --> 00:10:15,083
- හරි ඩොක්ටර්.
- එහෙනම් ගිහින් එන්න.

139
00:10:33,125 --> 00:10:34,874
ලෝන්ඩ්‍රි එකෙන් රෙදි ටික ගත්තද?

140
00:10:34,875 --> 00:10:36,791
අයියෝ, මට ඒක අමතක වුණානේ.

141
00:10:37,208 --> 00:10:38,999
ඔයාට හැමදේම අමතක වෙනවනේ!

142
00:10:39,000 --> 00:10:41,082
හප්පන්න එපා! රිදෙනවා!

143
00:10:41,083 --> 00:10:42,457
අපිට ඒක ගන්න තියෙනවා නේද?

144
00:10:42,458 --> 00:10:43,833
අපි යන ගමන් ගමු.

145
00:10:44,000 --> 00:10:45,374
අනේ දෙවියනේ...

146
00:10:45,375 --> 00:10:48,083
පොඩි දේටත් මෙයා මට වද දෙන හැටි!

147
00:10:48,833 --> 00:10:50,040
සර්...

148
00:10:50,041 --> 00:10:51,833
අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා.

149
00:10:52,166 --> 00:10:54,083
පුතෙකුයි දුවෙකුයි.

150
00:10:54,708 --> 00:10:56,540
අපේ දුව ඉන්නේ භෝපාල්වල.

151
00:10:56,541 --> 00:10:57,833
එයාගේ මහත්තයා එක්ක.

152
00:10:58,958 --> 00:11:01,333
පහුගිය මාස කීපයේ ඉඳන්,

153
00:11:02,083 --> 00:11:05,708
අපේ පුතා ගේ විකුණන්න කියලා
අපිට බල කරනවා.

154
00:11:06,708 --> 00:11:08,416
ඊයේ මේ ප්‍රශ්නෙට,

155
00:11:08,875 --> 00:11:11,624
මෙයාට ගැහුවා සර්.

156
00:11:14,416 --> 00:11:17,000
සර්, අපි ඒ ගේ වික්කොත්
කොහේ යන්නද?

157
00:11:17,541 --> 00:11:19,791
අනේ එයාට කතා කරලා බලන්න සර්.

158
00:11:21,916 --> 00:11:23,208
බය වෙන්න එපා.

159
00:11:23,375 --> 00:11:24,583
අපි මේක විසඳමු.

160
00:11:25,583 --> 00:11:26,791
මධු සර්...

161
00:11:27,791 --> 00:11:28,874
මධු සර්...

162
00:11:28,875 --> 00:11:30,750
මගේ නම මධු.

163
00:11:31,500 --> 00:11:33,000
ඔව්...

164
00:11:33,625 --> 00:11:35,540
පොඩ්ඩක් ඉන්න, කොහොමද හින්දියෙන්
'මම පස්සේ ගන්නම්' කියන්නේ?

165
00:11:35,541 --> 00:11:37,625
- කවුද දන්නේ!
- ඔයා දන්නෙත් නැද්ද?

166
00:11:39,333 --> 00:11:43,291
මම... ටිකකින් කෝල් කරන්නම්.

167
00:11:43,541 --> 00:11:44,582
මොන මගුලක්ද...

168
00:11:44,583 --> 00:11:45,666
මගේ...

169
00:11:46,041 --> 00:11:48,041
පොලිස් ස්ටේෂන් එක... එළියේ තියෙන්නේ...

170
00:11:48,583 --> 00:11:49,791
මධු සර්.

171
00:11:50,041 --> 00:11:51,540
- ෆෝන් එක දෙන්න.
- සොරි සර්.

172
00:11:51,541 --> 00:11:53,000
එයාලගෙන් ලියවිල්ලක් ගන්න.

173
00:11:53,375 --> 00:11:54,375
මම මේක බලාගන්නම්.

174
00:11:54,875 --> 00:11:56,041
- මාත් එක්ක එන්න.
- හලෝ.

175
00:11:56,291 --> 00:11:58,291
මම SI කතා කරන්නේ. කියන්න.

176
00:11:59,291 --> 00:12:01,832
මනෝජ්,
මෙයාලගේ පැමිණිල්ල ලියලා ගන්න, හරිද?

177
00:12:01,833 --> 00:12:02,874
නම්බර් එක ලියාගන්න.

178
00:12:02,875 --> 00:12:03,916
බෙල්ලූරු?

179
00:12:06,000 --> 00:12:07,500
පිච්චිච්ච මිනියක්...

180
00:12:10,000 --> 00:12:10,999
මිනිහෙක් අතුරුදහන්.

181
00:12:11,000 --> 00:12:12,208
කේස් නම්බර් එක කියන්න.

182
00:12:12,875 --> 00:12:13,915
හරි.

183
00:12:13,916 --> 00:12:15,208
83/23.

184
00:12:15,333 --> 00:12:16,458
වයස?

185
00:12:21,666 --> 00:12:22,916
ධර්මදොම්?

186
00:12:24,833 --> 00:12:27,832
හරි. අපිට මොනවාහරි විස්තරයක් ලැබුණොත්
කතා කරන්නම්.

187
00:12:27,833 --> 00:12:28,916
හරි.

188
00:12:29,625 --> 00:12:30,790
- මධු සර්...
- ඔව් සර්.

189
00:12:30,791 --> 00:12:33,249
දැන් මෙහේ මලයාලි අයට වඩා ඉන්නේ
වෙන ප්‍රාන්තවල අය.

190
00:12:33,250 --> 00:12:35,583
දැන්වත් හින්දි ටිකක් ඉගෙන ගත්තේ නැත්නම්
ඔයාට අමාරු වෙයි.

191
00:12:36,458 --> 00:12:37,540
රංජිත්...

192
00:12:37,541 --> 00:12:39,582
- අර කේස් එකේ විස්තර ටික හොයලා බලන්න.
- හරි සර්.

193
00:12:39,583 --> 00:12:41,040
- සර්.
- වාහනේ ගන්න.

194
00:12:41,041 --> 00:12:42,083
සර්.

195
00:12:43,625 --> 00:12:45,375
- සර්, ඔයාගේ වැඩ ඉවරද?
- ඔව් සර්.

196
00:12:45,583 --> 00:12:47,416
එහෙනම් මෙයාලව අර වාහනෙට නග්ගන්න උදව් කරන්න.

197
00:12:47,875 --> 00:12:49,416
එයාලා ඔයාව ගෙදරට බස්සයි, හරිද?

198
00:12:49,666 --> 00:12:50,791
හරි.

199
00:13:03,625 --> 00:13:05,457
කවදාවත් වෙලාවට එන්න එපා, හරිද?

200
00:13:05,458 --> 00:13:07,249
මම එන්න හදනකොටම
මොකක්දෝ වැඩක් සෙට් වුණා.

201
00:13:07,250 --> 00:13:08,666
හැමදාම ඔහොමමනේ?

202
00:13:08,875 --> 00:13:11,166
නගින්න. ගෙදර ගිහින් රණ්ඩු වෙමු.

203
00:13:19,750 --> 00:13:21,749
- මේ මහ රෑ කොහෙද ගියේ?
- නිකන් රවුමක් දාන්න සර්.

204
00:13:21,750 --> 00:13:23,207
- බයික් එකේ මොනවද තියෙන්නේ?
- මුකුත් නෑ.

205
00:13:23,208 --> 00:13:25,290
- කෝ පේපර්ස්?
- මං ගාව තියෙනවා සර්.

206
00:13:25,291 --> 00:13:26,915
- තමුසේ කංසා ගැහුවද ඕයි?
- නෑ සර්, මම බොන්නේ නෑ.

207
00:13:26,916 --> 00:13:28,415
- තමුසේ බිව්වද?
- නෑ සර්.

208
00:13:28,416 --> 00:13:29,915
- ඇත්තමද කියන්නේ?
- සමහරවිට.

209
00:13:29,916 --> 00:13:31,125
ලයිසන් එක පෙන්නනවා.

210
00:13:31,333 --> 00:13:33,665
- ඒක සර්, මට අමතක වුණා...
- ගිහින් ඕක SI ට කියනවා.

211
00:13:33,666 --> 00:13:34,999
- යනවා.
- අනේ සර්...

212
00:13:35,000 --> 00:13:36,125
යනවා ඕයි යන්න!

213
00:13:37,000 --> 00:13:38,083
ජෝයි සර්...

214
00:13:38,833 --> 00:13:40,124
සර්!

215
00:13:40,125 --> 00:13:41,541
නිදි කුම්භකරණයා වගේ!

216
00:13:43,000 --> 00:13:44,166
මොකද රංජිත්?

217
00:13:44,416 --> 00:13:46,082
සර්, මුන් බීලත් නෑ.

218
00:13:46,083 --> 00:13:47,582
ඒත් මුන්ගේ මොකක්දෝ අවුලක් තියෙනවා.

219
00:13:47,583 --> 00:13:49,083
- තමුසෙලා මොනවද කරන්නේ?
- මුකුත් නෑ...

220
00:13:49,208 --> 00:13:51,457
එහෙනම් ගෙදරට වෙලා ඉන්න එපැයි?
කොහෙද ගියේ?

221
00:13:51,458 --> 00:13:53,290
තේ එකක් බොන්න එළියට බැස්සේ සර්.

222
00:13:53,291 --> 00:13:54,415
තමුසෙලා මොනවද කරන්නේ?

223
00:13:54,416 --> 00:13:56,083
සර්... මෙයා චිත්‍රපට නළුවෙක්.

224
00:13:56,791 --> 00:13:58,166
- ඔව් සර්.
- කවුද, මෙයාද?

225
00:13:59,250 --> 00:14:01,332
- මොන ෆිල්ම් එකේද?
- "ධුරන්ධම්".

226
00:14:01,333 --> 00:14:03,415
එහෙම ෆිල්ම් එකක් නෑනේ සර්.

227
00:14:03,416 --> 00:14:04,624
ඒක තවම රිලීස් වුණේ නෑ සර්.

228
00:14:04,625 --> 00:14:06,958
රිලීස් වුණාට පස්සේ නළුවෙක් කියලා
කියාගන්නවාකෝ?

229
00:14:07,375 --> 00:14:08,457
ඒක මීට වඩා හොඳයි.

230
00:14:08,458 --> 00:14:10,916
කොහොමහරි, මේක මහා විනාශයක් වෙන්න කලින්
මෙතනින් යනවා.

231
00:14:11,041 --> 00:14:12,624
මුන්ගේ නම්බර් එකයි විස්තරයි අරන්
යන්න දෙනවා.

232
00:14:12,625 --> 00:14:13,583
හරි සර්.

233
00:14:35,041 --> 00:14:36,708
හලෝ, මේක පොලිස් ස්ටේෂන් එක.

234
00:14:37,208 --> 00:14:38,374
කොහෙද?

235
00:14:38,375 --> 00:14:40,374
<i>හොඳට හුස්ම පිට කරලා</i>

236
00:14:40,375 --> 00:14:42,791
<i>- මුළු ඇඟම ඉස්සරහට නමන්න.</i>
- අයියෝ...

237
00:14:43,125 --> 00:14:45,708
<i>තව සැරයක්,
තව ටිකක් ඉස්සරහට නමන්න.</i>

238
00:14:47,208 --> 00:14:49,458
මම ට්‍රයි කරනවා... මම ට්‍රයි කරනවා...
මේ බඩ නිසානේ.

239
00:14:50,750 --> 00:14:52,582
මේක ටිකක් අඩු වුණාම මට කරන්න පුළුවන්.

240
00:14:52,583 --> 00:14:54,707
- මම දැන් ඇවිදින්න පටන් ගත්තා.
<i>- තව ටිකක්.</i>

241
00:14:54,708 --> 00:14:55,832
මම කරන්නම්...

242
00:14:57,250 --> 00:14:58,708
වෙලාවට බෙල් එක ගැහුවේ!

243
00:14:59,166 --> 00:15:01,291
ටීචර්, ස්ටේෂන් එකෙන්.
මම හෙට කරන්නම්.

244
00:15:03,291 --> 00:15:04,707
සර්, අපිට ඉන්ෆොමේෂන් එකක් ආවා.

245
00:15:04,708 --> 00:15:07,708
කොඩුවල්ලිවල අතහැරලා දාපු ළිඳක මිනියක්
තියෙනවා කියලා කෝල් එකක් ආවා.

246
00:15:07,916 --> 00:15:09,124
මිනියක්?

247
00:15:09,125 --> 00:15:10,916
- ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද?
- දන්නේ නෑ සර්.

248
00:15:11,125 --> 00:15:13,333
- ලොකේෂන් එක තියෙනවද?
- ඔව් සර්.

249
00:15:13,500 --> 00:15:14,916
ස්ටේෂන් එකේ දැන් කවුද ඉන්නේ?

250
00:15:15,041 --> 00:15:16,832
නයිට් ඩියුටි හිටපු අය විතරයි ඉන්නේ.

251
00:15:16,833 --> 00:15:19,707
ඉන්න කෙනෙක්ව අරන්
එතනට යන්න.

252
00:15:19,708 --> 00:15:20,665
හරි සර්.

253
00:15:20,666 --> 00:15:22,499
එතනට ගියාම මට කතා කරලා
විස්තරේ කියන්න.

254
00:15:22,500 --> 00:15:24,165
මම ඩේලි රිපෝටින් ඉවර වුණාම
එන්නම්.

255
00:15:24,166 --> 00:15:25,375
හරි සර්.

256
00:15:25,708 --> 00:15:26,832
මොන වගේ දවසක්ද මේ පටන් ගත්තේ!

257
00:15:26,833 --> 00:15:28,582
උදේ පාන්දරම කාගේ මූණ දැක්කද මන්දා.

258
00:15:28,583 --> 00:15:29,916
ටීචර්ගේ මූණ වෙන්න ඇති.
වෙන කාගෙද?

259
00:15:30,166 --> 00:15:32,207
දෙවෙනි කොටස
ශෝභා - වින්දිතයා

260
00:15:40,458 --> 00:15:42,000
මෙතන සෙනඟ පිරිලා.

261
00:15:42,125 --> 00:15:43,333
අපි එයාලව අයින් කරන්නම් සර්.

262
00:15:55,333 --> 00:15:56,458
අයින් වෙන්න.

263
00:15:57,416 --> 00:15:58,665
පිටිපස්සට යන්න.

264
00:15:58,666 --> 00:15:59,957
ඔක්කොමලා අයින් වෙන්න.

265
00:15:59,958 --> 00:16:01,165
- අයින් වෙන්න.
- යන්න, යන්න!

266
00:16:01,166 --> 00:16:03,082
- සර්ට යන්න ඉඩ දෙන්න.
- යන්න!

267
00:16:03,083 --> 00:16:04,083
සර්.

268
00:16:13,166 --> 00:16:14,415
ඔක්කොමලා පිටිපස්සට යන්න.

269
00:16:14,416 --> 00:16:16,207
කරුණාකරලා ඔක්කොමලා පිටිපස්සට යන්න.

270
00:16:16,208 --> 00:16:17,332
මම...

271
00:16:17,333 --> 00:16:18,624
මම නන්දකුමාර් සර්ට කතා කරන්නම්.

272
00:16:18,625 --> 00:16:19,625
හරි.

273
00:16:19,958 --> 00:16:21,666
දවස් දෙක තුනක් වෙලා වගේ.

274
00:16:30,375 --> 00:16:31,458
යන්න.

275
00:16:36,500 --> 00:16:38,040
සර්, මිනිය තියෙන්නේ ළිඳේ.

276
00:16:38,041 --> 00:16:38,999
ඉතින්?

277
00:16:39,000 --> 00:16:39,999
ඒක ගොඩක් ගැඹුරුයි.

278
00:16:40,000 --> 00:16:41,874
- ෆයර් ෆෝස් එකට කිව්වද?
- තවම නෑ සර්.

279
00:16:41,875 --> 00:16:43,249
එහෙනම් තමුසේ බැහැලා ඒක උඩට අරන් එනවා!

280
00:16:43,250 --> 00:16:44,165
සර්...

281
00:16:44,166 --> 00:16:46,624
- ෆයර් ෆෝස් එකට කතා කරනවා. ඉක්මනට.
<i>- හරි සර්.</i>

282
00:16:46,625 --> 00:16:48,665
තමුසෙට මේ සාමාන්‍ය දේවල්වත් තේරෙන්නේ නැද්ද?

283
00:16:48,666 --> 00:16:50,333
අජීබ්, මොළේ පාවිච්චි කරනවා.
ඕන දේ කරනවා.

284
00:16:50,750 --> 00:16:51,999
ෆොටෝග්‍රැෆර්ටත් කතා කරනවා.

285
00:16:52,000 --> 00:16:53,666
හරි සර්.
මම දැන්ම කතා කරන්නම්.

286
00:16:55,375 --> 00:16:56,707
<i>P20 මොබයිල් කන්ට්‍රෝල් රූම්.</i>

287
00:16:56,708 --> 00:16:58,000
ධර්මදොම් පොලිස් ස්ටේෂන් එකෙන්.

288
00:16:58,125 --> 00:16:59,332
ගුඩ් මෝනින් සර්.

289
00:16:59,333 --> 00:17:00,416
ඕවර්.

290
00:17:00,875 --> 00:17:03,208
සර්, කේස් දාහතක් රිපෝට් වෙලා තියෙනවා.

291
00:17:03,625 --> 00:17:05,291
සුඕ මෝටෝ කේස් හතරක් අරන් තියෙනවා.

292
00:17:05,833 --> 00:17:07,583
185 යටතේ කේස් හයක් රෙජිස්ටර් කරලා තියෙනවා.

293
00:17:09,750 --> 00:17:12,250
<i>ඔයාලට පේනවා ඇති,
අපි ඉන්නේ සිද්ධිය වුණ තැන.</i>

294
00:17:13,458 --> 00:17:17,458
<i>මේක සියදිවි නසාගැනීමක්ද නැත්නම් අනතුරක්ද කියලා
අපි ඉක්මනටම හොයාගන්නවා.</i>

295
00:17:18,708 --> 00:17:19,665
- සර්.
- හායි, සර්.

296
00:17:19,666 --> 00:17:20,957
මේ ගෑනු කෙනෙක්ගේ මිනියක්.

297
00:17:20,958 --> 00:17:22,208
හොඳටම නරක් වෙලා තියෙන්නේ.

298
00:17:26,500 --> 00:17:28,333
යන්න... යන්න...

299
00:17:39,041 --> 00:17:40,374
මීඩියා, අයිනට යන්න.

300
00:17:40,375 --> 00:17:41,708
පිටිපස්සට යන්න!

301
00:17:42,208 --> 00:17:43,833
කරුණාකරලා පිටිපස්සට යන්න.

302
00:17:51,500 --> 00:17:53,666
වට වෙන්න එපා.
පස්සට යන්න.

303
00:17:59,250 --> 00:18:00,290
ඕක අල්ලගන්න.

304
00:18:00,291 --> 00:18:01,625
ඇහෙන්නේ නැද්ද?

305
00:18:07,875 --> 00:18:10,207
- ඕක තද කරන්න... පොඩ්ඩක් ඉන්න...
- යන්න, යන්න.

306
00:18:10,208 --> 00:18:11,875
- පස්සට යන්න!
- පස්සට යන්න...

307
00:18:39,416 --> 00:18:40,583
- සර්...
- හරි සර්.

308
00:18:46,916 --> 00:18:48,708
සර්... ඔයාට අවුලක් නෑ නේද?

309
00:18:48,916 --> 00:18:50,500
- මට අවුලක් නෑ, අවුලක් නෑ...
- මෙන්න...

310
00:18:52,333 --> 00:18:54,040
ඒ ඔයාගේ පළවෙනි පාර නිසා සර්.

311
00:18:54,041 --> 00:18:55,624
ගණන් ගන්න එපා, ඕක පුරුදු වෙයි.

312
00:18:55,625 --> 00:18:57,874
සර්, මේක ගෑනු මිනියක් නිසා,
අපිට ගෑනු ඔෆිසර්ස්ලා ඕනේ වෙයි.

313
00:18:57,875 --> 00:18:59,750
එයාලා නන්දකුමාර් සර් එක්ක එනවා සර්.

314
00:19:03,916 --> 00:19:04,999
ඔක්කොමලා පස්සට යන්න.

315
00:19:05,000 --> 00:19:06,791
ඉන්ක්වෙස්ට් එකට ආවරණයක් ඕනේ වෙයි නේද?

316
00:19:07,583 --> 00:19:10,124
සෙනඟව අයින් කරලා
වටේට වාහන ටික නවත්තන්න.

317
00:19:10,125 --> 00:19:11,708
හරි සර්.
ඔක්කොමලා, පස්සට යන්න!

318
00:19:11,916 --> 00:19:13,750
සර්, ෆොටෝග්‍රැෆර්ට කතා කරන්න පුළුවන්ද?

319
00:19:18,083 --> 00:19:19,457
අයින් වෙන්න.

320
00:19:19,458 --> 00:19:21,791
තල්ලු කරන්න එපා... යන්න... දිගටම යන්න.

321
00:19:22,166 --> 00:19:23,499
අර පැත්තට යන්න.

322
00:19:23,500 --> 00:19:25,375
ඔක්කොමලා අයිනට.

323
00:19:27,000 --> 00:19:28,915
- මොකද වෙන්නේ අජීබ්?
- අපි ෆොටෝග්‍රැෆර්ට කතා කළා.

324
00:19:28,916 --> 00:19:29,999
එයා ඉක්මනට එයි.

325
00:19:30,000 --> 00:19:32,625
මේ ගෑනු මිනියක් සර්.
දවස් ගාණක් පරණයි වගේ.

326
00:19:33,666 --> 00:19:34,832
පිටිපස්සට වෙලා ඉන්න.

327
00:19:34,833 --> 00:19:36,541
මේ පැත්තට එන්න එපා.

328
00:19:36,750 --> 00:19:39,125
අම්මෝ ගඳ...

329
00:19:39,500 --> 00:19:40,625
යන්න.

330
00:19:45,208 --> 00:19:48,083
වට වෙලා ඉන්න එපා.
යන්න යන්න.

331
00:19:48,583 --> 00:19:50,415
- කොහෙද හිටියේ?
- 'සේව්-ද-ඩේට්' ෂූට් එකක් තිබ්බා සර්.

332
00:19:50,416 --> 00:19:51,500
යන්න.

333
00:19:53,041 --> 00:19:54,166
ආයුබෝවන් සර්.

334
00:19:54,416 --> 00:19:55,666
ඉක්මන් කරන්න. ෆොටෝස් ටික ගන්න.

335
00:19:55,833 --> 00:19:57,082
සර්, ඇම්බියුලන්ස් එක ළඟම ඇති.

336
00:19:57,083 --> 00:19:58,291
සර්, අපි යනවා.

337
00:19:58,541 --> 00:19:59,832
වැඩේ ඉවරයි.

338
00:19:59,833 --> 00:20:01,291
- හරි සර්. ගිහින් එන්නම්.
- හරි එහෙනම්.

339
00:20:04,416 --> 00:20:06,083
ජෝස්, පළල ගන්න.

340
00:20:07,208 --> 00:20:09,082
ජෝයි දිහා බලන්න.
එයා වැඩේ දන්නවා.

341
00:20:09,083 --> 00:20:10,124
සර්.

342
00:20:10,125 --> 00:20:11,375
බලලා ඉගෙනගන්නවා.

343
00:20:11,500 --> 00:20:13,291
ලියාගන්න.
ස්කෙච් එකකුත් අඳින්න.

344
00:20:14,083 --> 00:20:15,250
දැන් දිග ගන්න.

345
00:20:16,625 --> 00:20:17,958
ඈතින් අල්ලගන්න.

346
00:20:18,541 --> 00:20:20,250
දැන් ඔළුව පැත්ත.

347
00:20:20,916 --> 00:20:22,082
ඒකේ ෆොටෝ එකක් ගන්න.

348
00:20:22,083 --> 00:20:23,166
හරි සර්.

349
00:20:36,375 --> 00:20:38,583
අයින් වෙන්න.
දොර වහන්න.

350
00:20:47,041 --> 00:20:48,957
ඇති අජීබ්.
දැන් ගොඩක් වෙලානේ.

351
00:20:48,958 --> 00:20:50,665
ඔයා ආපු වෙලාවේ ඉඳන්
ඕකමයි කරන්නේ.

352
00:20:50,666 --> 00:20:51,875
ඕක නවත්තන්නකෝ.

353
00:20:54,041 --> 00:20:55,290
කොච්චර හේදුවත්,

354
00:20:55,291 --> 00:20:56,583
ගඳ යන්නේ නෑනේ.

355
00:20:56,958 --> 00:20:58,083
කෝ බලන්න.

356
00:20:59,375 --> 00:21:00,583
නේද?

357
00:21:00,791 --> 00:21:02,500
නෑ... මුකුත් නෑ.

358
00:21:02,791 --> 00:21:04,541
ඔයාට හිතෙන හැටි.
කිසි ගඳක් නෑ.

359
00:21:06,708 --> 00:21:07,916
දැන් ඒ කවුද?

360
00:21:08,208 --> 00:21:09,416
මම බලන්නම්.

361
00:21:15,208 --> 00:21:16,375
ආ, බලන්නකෝ ඇවිත් ඉන්න කෙනා!

362
00:21:16,666 --> 00:21:17,915
ඇතුළට එන්න...

363
00:21:17,916 --> 00:21:19,416
මොකද මේ මහ රෑ?

364
00:21:19,583 --> 00:21:21,208
ඔයාලට දෙයක් ගෙනාවා.
දෙන්නකෝ ඒක.

365
00:21:21,541 --> 00:21:23,457
- මොනවද මේ?
- බිරියානි.

366
00:21:23,458 --> 00:21:25,041
මම මේ පුරසාරම් දොඩනවා නෙවෙයි...

367
00:21:25,166 --> 00:21:28,125
මෙයා වගේ බිරියානි හදන්න
කාටවත් බෑ.

368
00:21:28,416 --> 00:21:29,583
මෙයාගේ බොරු වර්ණනා.

369
00:21:30,166 --> 00:21:31,207
මෙන්න.

370
00:21:31,208 --> 00:21:34,040
අයියෝ, අපි රෑට කෑම හැදුවානේ.

371
00:21:34,041 --> 00:21:35,749
කමක් නෑ.
හෙට කන්නකෝ.

372
00:21:35,750 --> 00:21:37,708
හැබැයි 'මොලීගේ' බිරියානි එක නම් කන්නම ඕනේ.

373
00:21:38,250 --> 00:21:39,749
උප්පා කෑවද?

374
00:21:39,750 --> 00:21:41,750
එයාට බෙහෙත් බොන්න තියෙන නිසා,
කලින්ම කෑවා.

375
00:21:42,208 --> 00:21:43,916
සර්... ඔයාට 'මොලී' බිරියානි!

376
00:21:45,041 --> 00:21:46,374
ඇයි හිටගෙන?
වාඩි වෙන්නකෝ.

377
00:21:46,375 --> 00:21:47,833
අපි බිරියානි ටිකක් ගෙනාවා.

378
00:21:48,416 --> 00:21:49,541
මාර සුවඳයිනේ.

379
00:21:52,416 --> 00:21:54,333
මට එපා...
මට දැන් මුකුත් කන්න බෑ.

380
00:21:56,291 --> 00:21:57,332
මෙයාට මොකද වුණේ?

381
00:21:57,333 --> 00:22:00,040
අහන්න එපා. ස්ටේෂන් එකේ ඉඳන් ආපු
වෙලාවේ ඉඳන් මෙහෙමයි.

382
00:22:00,041 --> 00:22:01,082
තේ එකක්වත් බිව්වේ නෑ.

383
00:22:01,083 --> 00:22:02,291
- අප්පටසිරි...
- ආ...

384
00:22:02,416 --> 00:22:04,040
- දැන් තමා මට තේරුණේ.
<i>- හලෝ සර්?</i>

385
00:22:04,041 --> 00:22:05,582
ටිකකින් ඕක හරියයි.

386
00:22:05,583 --> 00:22:07,333
කල් යද්දි, එයාට ඕක පුරුදු වෙයි.

387
00:22:08,041 --> 00:22:09,166
අපි යමුද?

388
00:22:09,291 --> 00:22:10,833
- හරි එහෙනම්, ගුඩ් නයිට්.
- බායි.

389
00:22:11,125 --> 00:22:12,416
ආ, හරි.

390
00:22:13,291 --> 00:22:14,916
කමක් නෑ සර්.
මම දැන්ම එන්නම්.

391
00:22:16,791 --> 00:22:18,374
මට ස්ටේෂන් එකට යන්න වෙනවා.

392
00:22:18,375 --> 00:22:19,582
මොනවා? ඔයා දැන් යනවද?

393
00:22:19,583 --> 00:22:21,040
ඔයාට නිවාඩුවක් ඇත්තෙම නැද්ද?

394
00:22:21,041 --> 00:22:22,500
පරිවාස SI කෙනෙක්ට කොහෙන්ද නිවාඩු.

395
00:22:23,083 --> 00:22:24,374
මට ලෙමන් ටී එකක් හදලා දෙන්න පුළුවන්ද?

396
00:22:24,375 --> 00:22:25,708
- හරි.
- මම ලෑස්ති වෙලා එන්නම්.

397
00:22:40,625 --> 00:22:41,750
අජීබ්...

398
00:22:41,958 --> 00:22:43,583
කවුරුවත් තාම මිනිය අඳුරගෙන නෑ.

399
00:22:44,083 --> 00:22:45,790
මේක ගෑනු මිනියක් නිසා,

400
00:22:45,791 --> 00:22:48,166
අපිට නිකන්ම වගන්ති 174 යටතේ ෆයිල් කරලා
කේස් එක ක්ලෝස් කරන්න බෑ.

401
00:22:48,833 --> 00:22:50,499
මරණ පරීක්ෂණෙන් පස්සේ ඩොක්ටර් මොකද කිව්වේ?

402
00:22:50,500 --> 00:22:52,416
සර්, ඉන්ක්වෙස්ට් රිපෝට් එකට අනුව,
වතුරෙ ගිලිලා තමා මැරිලා තියෙන්නේ.

403
00:22:52,875 --> 00:22:55,583
පොරබදපු හෝ ලිංගික අතවරයක
ලකුණු මිනියේ නෑ.

404
00:22:56,458 --> 00:22:58,958
බැලූ බැල්මටම, මේක සියදිවි නසාගැනීමක් වගේ.

405
00:23:00,291 --> 00:23:02,832
ගොඩක් දුරට කවුරුවත් මෙයාව
හොයාගෙන එන එකක් නෑ.

406
00:23:02,833 --> 00:23:05,166
එහෙම වුණත්,
කවුරුහරි මිනිය අඳුරගන්න එපැයි?

407
00:23:08,625 --> 00:23:09,791
මේ මොන භාෂාවද?

408
00:23:11,375 --> 00:23:12,374
තෙළිඟුද?

409
00:23:12,375 --> 00:23:13,416
ඒ කන්නඩ සර්.

410
00:23:13,625 --> 00:23:16,665
අපිට මෑතකදි අතුරුදහන් වුණ
ගෑනු අයගේ කේස් ඔක්කොම චෙක් කරන්න වෙනවා

411
00:23:16,666 --> 00:23:18,249
අපේ දිස්ත්‍රික්කේ රිපෝට් වෙච්ච.

412
00:23:18,250 --> 00:23:19,250
සර්.

413
00:23:19,416 --> 00:23:21,375
හෙට, ඒ පැත්තේ ගිහින්
හොයලා බලන්න.

414
00:23:21,750 --> 00:23:24,874
ඩියුටි තියෙන විදිහට ජෝයිව හරි
වෙන කෙනෙක්ව හරි එක්කන් යන්න.

415
00:23:24,875 --> 00:23:25,875
හරි සර්.

416
00:23:29,291 --> 00:23:31,583
මම දිස්ත්‍රික්කේ අතුරුදහන් වුණ කාන්තාවන්ගේ
කේස් චෙක් කළා,

417
00:23:31,875 --> 00:23:33,666
මේකට මැච් වෙන මුකුත් නෑ.

418
00:23:34,708 --> 00:23:38,375
මෙහේ ගොඩක් දෙමළ, බෙංගාලි,
කන්නඩ අය ජීවත් වෙනවා.

419
00:23:39,083 --> 00:23:41,583
එයාලගේ අතුරුදහන් වීම්
ගොඩක් වෙලාවට රිපෝට් වෙන්නේ නෑ.

420
00:23:42,916 --> 00:23:46,333
පැමිණිලිකාරයෝ නැති නිසා,
එයා අහිකුණ්ඨක කෙනෙක් වෙන්නත් පුළුවන්.

421
00:23:47,250 --> 00:23:49,333
එයාගේ අතේ තිබ්බ ටැටූ එක දැක්කේ නැද්ද?

422
00:23:50,083 --> 00:23:52,166
අනික, මේ අහිකුණ්ඨක අය ඉන්න පැත්තක් නේද?

423
00:23:53,125 --> 00:23:56,208
මම හිතුවා වටෙන් පිටෙන් අහන්න,
ඒත් පේන්න කවුරුවත් නෑ.

424
00:23:59,666 --> 00:24:00,915
වාහනේ නවත්තන්න සර්.

425
00:24:00,916 --> 00:24:02,750
උස්තාද්, පොඩ්ඩක් මෙහෙට එන්නකෝ.

426
00:24:04,625 --> 00:24:05,999
අපි ධර්මදොම් පොලිස් ස්ටේෂන් එකෙන්.

427
00:24:06,000 --> 00:24:06,999
මොකක්ද කාරණේ සර්?

428
00:24:07,000 --> 00:24:08,125
ඔයා ඉන්නේ මේ ළඟද?

429
00:24:08,291 --> 00:24:10,624
ඔව්, මෙතන ඉඳන් කිලෝමීටර් භාගයක් වගේ දුරින්.

430
00:24:10,625 --> 00:24:11,582
උස්තාද්...

431
00:24:11,583 --> 00:24:13,457
ඔයා දන්නවද මේ අවට ඉන්න අහිකුණ්ඨක අයව

432
00:24:13,458 --> 00:24:16,124
නැත්නම් වෙන පළාත්වලින් ඇවිත් වැඩ කරන අයව?

433
00:24:16,125 --> 00:24:17,415
මම එයාලව පෞද්ගලිකව දන්නේ නෑ.

434
00:24:17,416 --> 00:24:19,082
මම උදේ යාඥාවට පල්ලියට යනකොට,

435
00:24:19,083 --> 00:24:20,415
මට එයාලගේ සද්දේ ඇහෙනවා.

436
00:24:20,416 --> 00:24:23,208
රෑට එනකොට, එයාලගේ ළමයි සෙල්ලම් කරනවා
මම දැකලා තියෙනවා.

437
00:24:24,041 --> 00:24:25,000
හරි එහෙනම්.

438
00:24:25,208 --> 00:24:26,208
හරි සර්.

439
00:24:27,541 --> 00:24:28,666
අපි යමු.

440
00:24:33,916 --> 00:24:35,958
පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය.

441
00:24:36,250 --> 00:24:37,375
කොලස්සේරි.

442
00:24:39,416 --> 00:24:42,250
සර්, පෝලියෝ වැක්සීන් එක දීලා ඉවර වුණාම තමා
ලිස්ට් එක ලෑස්ති වෙන්නේ.

443
00:24:42,416 --> 00:24:44,791
දැනට අපි දැනුවත් කිරීමේ වැඩසටහන්
කරගෙන යනවා.

444
00:24:45,166 --> 00:24:48,625
ආශා සේවිකාවෝ සහ පෙරපාසල් (අංගන්වාඩි) කාර්ය මණ්ඩලේ
අය තමා ඒ කොටස කරන්නේ.

445
00:24:48,791 --> 00:24:49,624
හරි.

446
00:24:49,625 --> 00:24:50,833
විනාඩියක් ඉන්න සර්.

447
00:24:51,208 --> 00:24:52,207
ප්‍රමීලා...

448
00:24:52,208 --> 00:24:53,333
ඔව්?

449
00:24:53,791 --> 00:24:54,875
මම දැන්ම එන්නම්.

450
00:24:55,916 --> 00:24:58,083
ප්‍රමීලා, මේ අපේ ස්ටේෂන් එකේ SI.

451
00:24:58,750 --> 00:24:59,915
මොකක්ද වෙන්න ඕනේ සර්?

452
00:24:59,916 --> 00:25:02,207
ඔයාලා මේ පැත්තේ ඉන්න
හැමෝගෙම විස්තර එකතු කරනවද

453
00:25:02,208 --> 00:25:03,749
පෝලියෝ වැඩසටහන යටතේ?

454
00:25:03,750 --> 00:25:04,790
ඔව් සර්.

455
00:25:04,791 --> 00:25:07,249
දැනට, අපි එකතු කරන්නේ
ළමයි ඉන්න අයගේ විස්තර.

456
00:25:07,250 --> 00:25:09,375
වෙන ප්‍රාන්තවලින් ආපු අයගේ විස්තර ගන්නවද?

457
00:25:09,500 --> 00:25:10,874
අපි එයාලගෙත් විස්තර ගන්නවා.

458
00:25:10,875 --> 00:25:12,208
මට ඒ විස්තර ටික ඕනේ.

459
00:25:17,541 --> 00:25:18,625
මෙන්න තියෙනවා සර්.

460
00:25:19,041 --> 00:25:22,083
මේ ලිස්ට් එකේ ඉන්න ගොඩක් අය ඉන්නේ
කොඩුවල්ලි පැත්තේ.

461
00:25:22,416 --> 00:25:23,790
ඔක්කොම විස්තර මේකේ තියෙනවා.

462
00:25:23,791 --> 00:25:24,915
හරි.

463
00:25:32,083 --> 00:25:33,375
- හරි. තෑන්ක්ස්.
- හරි සර්.

464
00:25:42,666 --> 00:25:44,083
ඔයාගේ CI ට දැන් කොහොමද?

465
00:25:44,375 --> 00:25:47,083
අත සනීප වෙනකන්
රෙස්ට් කරන්න වෙයි කිව්වා.

466
00:25:47,416 --> 00:25:49,540
- අර 174 කේස් එකට මොකද වුණේ?
- තාම හොයනවා සර්.

467
00:25:49,541 --> 00:25:52,124
එයාලා අහිකුණ්ඨක අය නිසා,
අපිට තාම ලොකු විස්තරයක් හම්බුණේ නෑ.

468
00:25:52,125 --> 00:25:54,249
මට මෙහේ දැනටමත් ඇතිවෙන්න ඔළුවෙ කැක්කුම් තියෙනවා.

469
00:25:54,250 --> 00:25:55,333
ඔයා ඒක දන්නවා නේද?

470
00:25:55,500 --> 00:25:57,000
ඔයා ඉන්නේ පරිවාස කාලෙක නේද?

471
00:25:57,166 --> 00:25:58,124
ඔව් සර්.

472
00:25:58,125 --> 00:26:00,207
නන්දකුමාර්, එහෙනම් මෙයාට මේක බලාගන්න දෙන්න.

473
00:26:00,208 --> 00:26:01,124
සර්.

474
00:26:01,125 --> 00:26:02,249
ඔයා නිකන් අධීක්ෂණය කරන්න.

475
00:26:02,250 --> 00:26:03,207
සර්.

476
00:26:03,208 --> 00:26:05,374
අත්සන් කරන්න හරි ඇපෲව් කරන්න හරි තියෙනවා නම්,
මට කියන්න.

477
00:26:05,375 --> 00:26:06,416
- හරි සර්.
- හරි.

478
00:26:16,791 --> 00:26:18,290
ඔයා ගොඩක් වෙලා බලන් හිටියද සර්?

479
00:26:18,291 --> 00:26:19,583
නෑ, මම දැන් ආවේ.

480
00:26:29,166 --> 00:26:30,249
ජෝයි සර්...

481
00:26:30,250 --> 00:26:32,333
ඔයා මේ පැත්ත කවර් කළොත්,
මම අනිත් ටික බලාගන්නම්.

482
00:26:34,750 --> 00:26:38,000
ළඟදි මෙහේ මැරුණු අහිකුණ්ඨක ගෑනු කෙනා ගැන
ඔයා මොනවාහරි දන්නවද?

483
00:26:38,166 --> 00:26:39,582
ඔයා මෙහේ ඉන්න ඇවිත් කොච්චර කල්ද?

484
00:26:39,583 --> 00:26:40,749
අවුරුදු තුනයි.

485
00:26:40,750 --> 00:26:42,124
කර්ණාටක පැත්තෙන් ආපු අය මෙහේ ඉන්නවද?

486
00:26:42,125 --> 00:26:43,791
- දන්නේ නෑ සර්.
- ඔයා මොනවද කරන්නේ?

487
00:26:44,166 --> 00:26:45,249
ඔයා මොනවද කරන්නේ?

488
00:26:45,250 --> 00:26:46,666
මම කුලී වැඩ කරන්නේ.

489
00:26:46,791 --> 00:26:49,250
කොන්ස්ට්‍රක්ෂන් වැඩ කරන කන්නඩ අය
මෙහේ ඉන්නවද?

490
00:26:49,375 --> 00:26:51,458
ඔයා ඉන්නේ මෙහෙද? කවදා ඉඳන්ද?

491
00:26:51,708 --> 00:26:52,915
එයාලා අතන ඉන්නේ.

492
00:26:52,916 --> 00:26:54,166
ආ, එහෙමද?

493
00:26:54,375 --> 00:26:55,416
සර්.

494
00:26:57,916 --> 00:26:59,541
සර්, එයාලා ඉන්නේ මෙතන.

495
00:27:02,250 --> 00:27:03,333
හලෝ.

496
00:27:05,375 --> 00:27:07,082
මම මේ ළඟ ස්ටේෂන් එකේ SI.

497
00:27:07,083 --> 00:27:08,082
මගේ නම අජීබ්.

498
00:27:08,083 --> 00:27:09,082
ඔයාගේ නම මොකක්ද?

499
00:27:09,083 --> 00:27:10,250
දුර්ගා.

500
00:27:10,708 --> 00:27:12,333
ඔයා මෙහේ ඉන්න ඇවිත් කොච්චර කල්ද?

501
00:27:12,875 --> 00:27:14,625
මාස හයක් විතර වෙනවා සර්.

502
00:27:15,083 --> 00:27:16,250
ඔයාගේ ගම කොහෙද?

503
00:27:17,291 --> 00:27:18,625
විරාජ්පේට්.

504
00:27:19,500 --> 00:27:21,791
ළඟදි මෙහේ ගෑනු කෙනෙක්ගේ මිනියක් හම්බුණා කියලා
ඔයා දන්නවද?

505
00:27:21,916 --> 00:27:24,208
හැමෝම ඒක ගැන කතා වෙනවා මට ඇහුණා සර්.

506
00:27:24,791 --> 00:27:26,707
හැමෝම ඒ ගැන කතා වුණා,
එතකොට තමා මම දැනගත්තේ.

507
00:27:26,708 --> 00:27:28,124
ඔයා එයාව දන්නවද?

508
00:27:28,125 --> 00:27:29,166
නෑ සර්.

509
00:27:29,416 --> 00:27:31,165
මිනිය හම්බුණ තැන වටේ

510
00:27:31,166 --> 00:27:32,791
ඔයා එදා කැරකෙනවා මම දැක්කා.

511
00:27:33,083 --> 00:27:34,165
අපිට ඇත්ත කියන්න.

512
00:27:34,166 --> 00:27:35,791
ඔයා මැරුණු ගෑනු කෙනාව දන්නේ නැද්ද?

513
00:27:36,333 --> 00:27:37,500
නෑ සර්.

514
00:27:37,625 --> 00:27:39,333
ඇයි ඔයා බොරු කියන්නේ?

515
00:27:39,500 --> 00:27:43,708
ඇත්තම කතාව මේකයි සර්...
මගේ නංගිට ඩුබායිවල ජොබ් එකක් සෙට් වුණා.

516
00:27:43,875 --> 00:27:45,500
මෙහේ හැමෝම කිව්වා

517
00:27:45,791 --> 00:27:48,666
පොලිස් කේස් එකක් වැටුණොත්,
වීසා ගන්න අමාරු වෙයි කියලා.

518
00:27:49,041 --> 00:27:50,457
ඒ බයට තමා...

519
00:27:50,458 --> 00:27:52,207
ඇත්ත කියනවා,

520
00:27:52,208 --> 00:27:54,166
නැත්නම් මම ඔයාට ඩුබායි පෙන්නන්නම්.

521
00:27:55,458 --> 00:27:56,707
එයාගේ නම මොකක්ද?

522
00:27:56,708 --> 00:27:58,291
- ශෝභා.
- ශෝභා?

523
00:27:59,750 --> 00:28:01,083
ඔයා එයාව දන්නේ කොහොමද?

524
00:28:01,208 --> 00:28:04,582
මම කොන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ වැඩට ගියාම තමා
එයාව හම්බුණේ.

525
00:28:04,583 --> 00:28:06,125
ශෝභා හිටියේ කොහෙද කියලා ඔයා දන්නවද?

526
00:28:07,750 --> 00:28:08,790
මම දන්නේ නෑ සර්.

527
00:28:08,791 --> 00:28:10,500
එයා ගැන තව මොනවද ඔයා දන්නේ?

528
00:28:11,666 --> 00:28:14,791
ශෝභාට ළමයි දෙන්නෙක් ඉන්නවා.

529
00:28:15,208 --> 00:28:19,125
එයා එයාලව එක පාරක් අපේ වැඩ කරන තැනට ගෙනාවාම
මම දැක්කා.

530
00:28:19,666 --> 00:28:21,915
අනික, එයා එක පාරක් කිව්වා

531
00:28:21,916 --> 00:28:25,374
එයාගේ මහත්තයා ටුම්කුර් කිට්ටුව කොහේ හරි
වැඩ කරනවා කියලා.

532
00:28:25,375 --> 00:28:27,541
ඔයා එයාගේ හරි එයාගේ මහත්තයාගේ හරි
ෆෝන් නම්බර් එක දන්නවද?

533
00:28:30,333 --> 00:28:31,458
නෑ සර්.

534
00:28:31,708 --> 00:28:32,916
මෙන්න...

535
00:28:33,208 --> 00:28:34,458
අපිට...

536
00:28:35,083 --> 00:28:37,040
ඔයාලට මීට වඩා දේවල් දැනගන්න ඕනේ නම්,

537
00:28:37,041 --> 00:28:38,999
අපිට ජොබ් හොයලා දෙන ඒජන්ට් කෙනෙක් ඉන්නවා.

538
00:28:39,000 --> 00:28:40,165
ෂිබු සෙට්ටන්.

539
00:28:40,166 --> 00:28:41,207
කවුද? ආ?

540
00:28:41,208 --> 00:28:42,208
ෂිබු සෙට්ටන්.

541
00:28:42,500 --> 00:28:44,708
අපිට දැන් මේ 'ෂිබු සෙට්ටන්ව'
කොහෙන්ද හොයාගන්න පුළුවන්?

542
00:28:44,875 --> 00:28:48,415
සර්, බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව අලුතින්
බිල්ඩින් එකක් හදනවා.

543
00:28:48,416 --> 00:28:49,958
එයා එතන ඇති.

544
00:28:50,333 --> 00:28:52,500
ඔයා බොරු කියනවා කියලා අපිට අහු වුණොත්,

545
00:28:52,750 --> 00:28:54,915
ඔයාව ස්ටේෂන් එකට ගෙන්නනවා.

546
00:28:54,916 --> 00:28:56,083
තේරුණාද?

547
00:28:58,416 --> 00:28:59,458
තව එක දෙයක්.

548
00:29:01,166 --> 00:29:03,041
මේ ටැටූ එකේ ගහලා තියෙන්නේ
මොකක්ද කියලා ඔයා දන්නවද?

549
00:29:05,000 --> 00:29:06,041
කියවන්න.

550
00:29:06,333 --> 00:29:07,375
රාජු.

551
00:29:12,625 --> 00:29:14,458
සර් නම් එයාව හොඳටම බය කළා.

552
00:29:14,708 --> 00:29:16,625
මේ රස්සාවේ අපි ඉස්සරහට යන්නේ ඔහොම තමා.

553
00:29:29,291 --> 00:29:31,083
මේ කවුද කියලා ඔයාට අඳුරගන්න පුළුවන්ද ෂිබු?

554
00:29:31,458 --> 00:29:33,583
ශෝභා වගේ සර්.

555
00:29:34,541 --> 00:29:36,125
ඔයා එයාව දන්නේ කොහොමද?

556
00:29:36,375 --> 00:29:38,415
එයා සයිට් එකට වැඩට ආවා සර්.

557
00:29:38,416 --> 00:29:39,915
අන්තිමට ඔයා එයාව දැක්කේ කවද්ද?

558
00:29:39,916 --> 00:29:41,416
දවස් 10කට විතර කලින් වෙන්න ඇති සර්.

559
00:29:41,666 --> 00:29:45,499
හරියටම දවස් 10යි කියලා ඔයා කොහොමද
ෂුවර් කරලා කියන්නේ?

560
00:29:45,500 --> 00:29:48,833
අපි මේ සයිට් එකේ වැඩ පටන් අරන්
සතියයි සර් වෙන්නේ.

561
00:29:49,208 --> 00:29:51,791
එයා අන්තිමට වැඩට ආවේ
අපේ කලින් සයිට් එකට.

562
00:29:53,875 --> 00:29:55,290
එයාට මොකද වුණේ සර්?

563
00:29:55,291 --> 00:29:56,832
ඔයා ගාව ශෝභාගේ ෆෝන් නම්බර් එක තියෙනවද?

564
00:29:56,833 --> 00:29:58,124
ශෝභාට ෆෝන් එකක් නෑ සර්.

565
00:29:58,125 --> 00:30:00,207
එහෙනම් ඔයා කොහොමද එයාට වැඩට කතා කරන්නේ?

566
00:30:00,208 --> 00:30:02,250
එයා සාමාන්‍යයෙන් උදේට සයිට් එකට එනවා.

567
00:30:02,625 --> 00:30:05,375
වැඩ තියෙන දවස්වලට, එයා වැඩ ඉවර කරලා,
පඩියත් අරන් යනවා.

568
00:30:05,583 --> 00:30:08,125
ඒ නිසා එයාලට කෝල් කරන්න ඕනේ වෙන්නේ නෑ සර්.

569
00:30:09,375 --> 00:30:12,708
මුලින්ම එයාව වැඩට එක්කන් ආවේ
එයාගේ මහත්තයා.

570
00:30:12,833 --> 00:30:13,957
ඔයා එයාව දන්නවද?

571
00:30:13,958 --> 00:30:15,249
මම එයාව හරියට දන්නේ නෑ සර්.

572
00:30:15,250 --> 00:30:16,500
එයා මොනවද කරන්නේ?

573
00:30:16,708 --> 00:30:19,375
එයා මට කිව්වා
ෆිල්ම්ස්වල මොකක්දෝ වැඩක් කරනවා කියලා සර්.

574
00:30:19,500 --> 00:30:20,582
ෆිල්ම්ස්වල?

575
00:30:20,583 --> 00:30:21,958
මට හරියටම මතක නෑ.

576
00:30:22,875 --> 00:30:24,458
එයා චිත්‍රපට නළුවෙක් වෙන්න පුළුවන්ද?

577
00:30:28,500 --> 00:30:30,666
එයාගේ අතේ තියෙන මේ ටැටූ එක ඔයා දැකලා තියෙනවද?

578
00:30:31,916 --> 00:30:33,290
මම දැක්කේ නෑ.

579
00:30:33,291 --> 00:30:34,916
මේකේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද?

580
00:30:36,083 --> 00:30:37,500
මේ මොන භාෂාවද සර්?

581
00:30:40,375 --> 00:30:41,916
ශෝභාගේ ගෙදර තියෙන්නේ කොහෙද?

582
00:30:42,166 --> 00:30:45,958
කොඩුවල්ලිවලින් ටිකක් බටහිරට වෙන්න
රේල් පාරක් තියෙනවා.

583
00:30:46,541 --> 00:30:49,083
එයා ඉන්නේ ඒක පහු කරාම තියෙන
මුඩුබිම් පැත්තක.

584
00:30:49,875 --> 00:30:51,416
ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරලා මට දෙන්න.

585
00:30:58,750 --> 00:31:00,500
අන්තිමට ඩයල් කරපු නම්බර් එක මගේ.

586
00:31:00,625 --> 00:31:01,957
මට මොනවාහරි ඕනේ වුණොත් මම කතා කරන්නම්.

587
00:31:01,958 --> 00:31:03,041
හරි සර්.

588
00:31:07,416 --> 00:31:08,500
සර්...

589
00:31:09,750 --> 00:31:11,915
එයාගේ මහත්තයාගේ නම රාජු.

590
00:31:38,416 --> 00:31:40,832
මිනිය හම්බුණ ළිඳ තියෙන්නෙත්
මේ කිට්ටුවම නේද?

591
00:31:40,833 --> 00:31:42,083
ඔව්, ඒක ළඟම තියෙන්නේ.

592
00:32:07,750 --> 00:32:10,833
දුර්ගා කිව්වා නේද ශෝභාට ළමයි දෙන්නෙක් හිටියා කියලා?

593
00:32:12,083 --> 00:32:14,333
ඒත් එයාලගේ බඩු මුට්ටුවක්වත් ඇඳුමක්වත්
මෙහේ පේන්න නෑනේ.

594
00:32:40,500 --> 00:32:41,833
<i>පාතු, මගේ දුවේ!</i>

595
00:32:43,250 --> 00:32:45,208
<i>පාතු!</i>

596
00:33:03,791 --> 00:33:04,916
සර්...

597
00:33:05,666 --> 00:33:07,625
බලන්න, මට ෆොටෝ එකක් හම්බුණා.

598
00:33:15,208 --> 00:33:16,583
ඒකේ ළමයිනුත් ඉන්නවා.

599
00:33:18,333 --> 00:33:20,041
එහෙනම් මේ ඉන්නේ ශෝභා වෙන්න ඇති.

600
00:33:32,708 --> 00:33:33,874
මෝහන් සර්...

601
00:33:33,875 --> 00:33:35,958
පෝස්ට්මෝටම් රිපෝට් එක ගන්න
කොච්චර කල් යයිද?

602
00:33:36,083 --> 00:33:37,749
සර්, රිපෝට් එක හැදෙන්නේ එදාමයි.

603
00:33:37,750 --> 00:33:39,958
ගොඩක් වෙලාවට පරක්කු වෙන්නේ
ටයිප් කරන්න ගියාම.

604
00:33:40,375 --> 00:33:42,582
සාමාන්‍ය කේස්වලදි නම්
අපිට සති 2-3කින් හම්බෙනවා.

605
00:33:42,583 --> 00:33:45,083
අපි පස්සෙන්ම හිටියොත්,
සතියකින් වගේ දෙයි.

606
00:33:47,083 --> 00:33:49,124
අර අහිකුණ්ඨක ගෑනු කෙනාගේ කේස් එක ගැනද?

607
00:33:49,125 --> 00:33:49,999
ඔව්, ඒක තමා.

608
00:33:50,000 --> 00:33:52,082
අනේ සර්,
ඒක පස්සේ ගිහින් වැඩක් නෑ.

609
00:33:52,083 --> 00:33:54,457
මේ කේස් එකට පැමිණිලිකාරයොවත්
සාක්ෂිකාරයොවත් නෑනේ.

610
00:33:54,458 --> 00:33:56,999
ඒවා තියෙන කේස්වලවත්
පේපර් වර්ක් ඉවරකරගන්න බෑ අපිට.

611
00:33:57,000 --> 00:33:58,125
- ඉතින් මේවා ගැන කතා කරලා වැඩක් නෑ.
- හරි.

612
00:33:59,208 --> 00:34:02,207
සර්, කවුද කෙනෙක් ඇවිත් ඉන්නවා.
නම ෂිබු.

613
00:34:02,208 --> 00:34:03,666
- ආ, එයාට එන්න කියන්න.
- ඇතුළට එන්න.

614
00:34:05,958 --> 00:34:07,416
- සර්...
- ආ, එන්න එන්න.

615
00:34:09,041 --> 00:34:10,125
වාඩි වෙන්න.

616
00:34:13,041 --> 00:34:14,416
මට කතා කළේ ඇයි සර්?

617
00:34:16,458 --> 00:34:17,958
මේක බලලා කියන්න මේ කවුද කියලා.

618
00:34:19,333 --> 00:34:20,666
මේ ශෝභානේ සර්.

619
00:34:23,125 --> 00:34:24,291
එතකොට, මේ කවුද?

620
00:34:26,583 --> 00:34:28,958
මෙයා චිත්‍රපට නළුවෙක් නේද සර්?

621
00:34:29,250 --> 00:34:31,333
එයා නෙවෙයි,
එයා එක්ක ඉන්න අනිත් අය කවුද?

622
00:34:31,958 --> 00:34:33,375
ඒ ශෝභාගේ පවුලේ අය සර්.

623
00:34:33,583 --> 00:34:35,458
ඒ කියන්නේ ශෝභාගේ මහත්තයයි ළමයිනුයි.
හරිද?

624
00:34:35,625 --> 00:34:36,625
ඔව් සර්.

625
00:34:38,416 --> 00:34:39,958
එහෙනම් මේ ඔයා කිව්ව රාජුද?

626
00:34:40,125 --> 00:34:41,125
ඔව්.

627
00:34:43,958 --> 00:34:45,416
හරි, ඔයාට යන්න පුළුවන්.

628
00:34:46,125 --> 00:34:48,041
- ඕනේ වුණොත් මම ආයේ කතා කරන්නම්.
- හරි සර්.

629
00:34:51,291 --> 00:34:53,583
මිනිය ශෝභාගේ කියලා කන්ෆර්ම් වුණ එකේ,

630
00:34:54,250 --> 00:34:55,541
එයාගේ පවුලේ අයට මොකද වුණේ?

631
00:34:55,666 --> 00:34:56,707
වෙන නෑදෑයෝ ඉන්නවද?

632
00:34:56,708 --> 00:34:57,915
සර්, එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා.

633
00:34:57,916 --> 00:34:59,125
දැනට එයාලා අතුරුදහන් වෙලා.

634
00:34:59,375 --> 00:35:01,250
අනික එයාගේ මහත්තයා
ෆිල්ම්ස්වල මොකක්දෝ වැඩක් කරනවලු.

635
00:35:01,375 --> 00:35:02,999
එයා කලාතුරකින් තමා එන්නේ.

636
00:35:03,000 --> 00:35:04,415
එයාගේ නම රාජු, නේද?

637
00:35:04,416 --> 00:35:05,458
ඔව් සර්.

638
00:35:05,833 --> 00:35:07,165
එයාට දැනුම් දෙන්න ඕනේ නේද?

639
00:35:07,166 --> 00:35:08,832
අපි ගාව එයාගේ ඇඩ්‍රස් එකක්
හරි නම්බර් එකක් හරි තියෙනවද?

640
00:35:08,833 --> 00:35:12,207
කවුරුවත් එයාව දැකලා ගොඩක් කල් වෙනවා සර්.

641
00:35:12,208 --> 00:35:14,082
එයාලා එකට හිටියා වගේ පේන්නේ නෑ.

642
00:35:14,083 --> 00:35:16,999
ශෝභාගේ ගේ සර්ච් කරද්දි
අපිට ෆොටෝ එකක් හම්බුණා.

643
00:35:17,000 --> 00:35:18,250
පවුලේ ෆොටෝ එකක්.

644
00:35:23,458 --> 00:35:25,166
ඒකේ ස්ටුඩියෝ එකේ විස්තර තියෙනවා.

645
00:35:27,375 --> 00:35:29,375
හොඳයි. එහෙනම් මෙහෙම කරන්න.

646
00:35:29,625 --> 00:35:30,833
එහෙට යන්න.

647
00:35:31,041 --> 00:35:32,915
- එයාව හම්බුණොත්, මෙහෙට එක්කන් එන්න.
- සර්.

648
00:35:32,916 --> 00:35:34,957
එයාට මොනවද කියන්න තියෙන්නේ කියලා බලමු.

649
00:35:34,958 --> 00:35:37,332
අපිට ඉක්මනට මිනිය මෝචරියෙන්
අයින් කරන්නත් ඕනේ.

650
00:35:37,333 --> 00:35:38,416
ඔව් සර්.

651
00:35:39,958 --> 00:35:42,082
ඔයා යන්නේ වෙන ප්‍රාන්තෙකට.
රිස්ක් එකක් ගන්න එපා.

652
00:35:42,083 --> 00:35:43,832
එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්වත් එක්කන් යන්න.

653
00:35:43,833 --> 00:35:45,040
මම ජෝයි සර්ව එක්කන් යන්නම් සර්.

654
00:35:45,041 --> 00:35:46,332
ආ? මාව?

655
00:35:46,333 --> 00:35:47,666
ඔව්, ඒක හරි.

656
00:35:48,333 --> 00:35:49,750
- වාහනේ ස්ටාර්ට් කරන්න.
- ඒත්... මම...

657
00:35:52,666 --> 00:35:53,666
සර්...

658
00:35:54,166 --> 00:35:57,083
අපිට පෝස්ට්මෝටම් රිපෝට් එක ඉක්මනට
ගන්න පුළුවන් වුණා නම් ලොකු දෙයක්.

659
00:35:57,708 --> 00:36:00,499
මෙඩිකල් කොලේජ් එකේ ඉන්න කෙනා...
එයාගේ නම මොකක්ද?

660
00:36:00,500 --> 00:36:01,499
ඇන්ටනි.

661
00:36:01,500 --> 00:36:02,749
ඔව්. ඇන්ටනි.

662
00:36:02,750 --> 00:36:03,958
මම එයාට කතා කරලා කියන්නම්.

663
00:36:04,083 --> 00:36:05,125
හරි සර්.

664
00:36:09,375 --> 00:36:11,916
ඇත්තටම මාව මේකට පටලගන්න
ඕනේ වුණාද?

665
00:36:12,041 --> 00:36:14,207
සර්, ඔයාට කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද.

666
00:36:14,208 --> 00:36:15,541
අපි යමු සර්.

667
00:36:16,041 --> 00:36:18,583
ඉතින් අපි කොහොමද යන්නේ?
කෝච්චියක් බුක් කරමුද?

668
00:36:18,875 --> 00:36:20,582
ඕනේ නෑ, අපිට බස් එකේ යන්න බැරිද?

669
00:36:20,583 --> 00:36:22,332
මනුස්සයෝ, ඒක ලොකු වටයක් නේද?

670
00:36:22,333 --> 00:36:23,749
අපිට බස් 2-3ක් මාරු කරන්න වෙයි.

671
00:36:23,750 --> 00:36:25,457
කමක් නෑ,
යන ගමන් වටපිටාවත් බලාගෙන යන්න පුළුවන්නේ.

672
00:36:25,458 --> 00:36:26,749
- සර්ට තේ ඕනෙද?
- ඔව්.

673
00:36:26,750 --> 00:36:28,250
- ටිකක් කහටට හදන්න.
- දෙකක්ම හදන්න.

674
00:36:29,083 --> 00:36:31,457
තුන්වෙනි කොටස
රාජු - සැමියා

675
00:37:22,541 --> 00:37:23,583
හරි.

676
00:37:26,458 --> 00:37:27,499
එයාලා මොනවද කිව්වේ සර්?

677
00:37:27,500 --> 00:37:29,583
අපිට උදව් කරන්න පොලිස්කාරයෝ දෙන්නෙක්ව
එවන්නම් කිව්වා.

678
00:37:44,125 --> 00:37:46,125
මේ ෆොටෝ එක ගත්තේ මෙහෙන්ද?

679
00:37:47,250 --> 00:37:48,291
ඔව් සර්.

680
00:37:48,416 --> 00:37:49,750
ඔයා මෙයාලව දන්නවද?

681
00:37:51,166 --> 00:37:53,416
මෙහෙමයි... පෞද්ගලිකව නම් දන්නේ නෑ.

682
00:37:54,125 --> 00:37:56,915
මෙයාලා චිත්‍රහල්ලිවලින් වෙන්න ඇති.

683
00:37:56,916 --> 00:38:00,250
ගොඩක් වෙලාවට ඒ පැත්තේ අය තමා
මෙහෙට ඇවිත් පවුලේ ෆොටෝස් ගන්නේ.

684
00:38:01,041 --> 00:38:02,125
මොකද සර්?

685
00:38:03,666 --> 00:38:05,000
එයාලට අඳුරගන්න බෑලු සර්.

686
00:38:05,208 --> 00:38:06,791
එයාලා චිත්‍රහල්ලි ගමේ වෙන්න ඇතිලු.

687
00:38:08,083 --> 00:38:09,750
අහන්න මේ මනුස්සයාව දන්නවද කියලා.

688
00:38:10,958 --> 00:38:12,250
ඔයා මෙයාව දන්නවද?

689
00:38:12,583 --> 00:38:14,915
මේ අපේ කිච්චා සුදීප්නේ සර්.

690
00:38:14,916 --> 00:38:16,375
නෑ, නෑ, නෑ.

691
00:38:16,541 --> 00:38:18,375
මම අහන්නේ ඔයා මේ මනුස්සයාව
දන්නවද කියලා. මෙන්න මෙයාව.

692
00:38:20,333 --> 00:38:21,500
නෑ සර්.

693
00:38:22,541 --> 00:38:23,666
හරි.

694
00:38:30,041 --> 00:38:31,332
අර එයා කිව්ව ගම,

695
00:38:31,333 --> 00:38:32,708
චිත්‍රහල්ලි... ඒක කොච්චර දුරද?

696
00:38:32,833 --> 00:38:35,625
මෙතන ඉඳන් දළ වශයෙන්
කිලෝමීටර් 3ක් විතර ඇති.

697
00:38:47,333 --> 00:38:52,124
<i>♪ වෙල් යායේ නිල් පාට මායිම ළඟ ♪</i>

698
00:38:52,125 --> 00:38:56,541
<i>♪ ඉර මුදුන් වෙද්දි එන රන්වන් එළියෙන් ♪</i>

699
00:39:01,750 --> 00:39:06,250
<i>♪ වෙල් යායේ නිල් පාට මායිම ළඟ ♪</i>

700
00:39:06,541 --> 00:39:10,957
<i>♪ ඉර මුදුන් වෙද්දි එන රන්වන් එළියෙන් ♪</i>

701
00:39:10,958 --> 00:39:15,708
<i>♪ තනියම ඇවිදන් ගියත්, මට ළං වෙන්න බෑ වගේ ♪</i>

702
00:39:16,083 --> 00:39:20,500
<i>♪ අඹ ගහ යට තියෙන ඒ පුංචි හෙවණට ♪</i>

703
00:39:20,916 --> 00:39:25,375
<i>♪ ඇවිත් මගේ ළඟින් වාඩි වෙන්නේ නැද්ද? ♪</i>

704
00:39:25,708 --> 00:39:30,166
අපි ආදරෙන් වචනයක් දෙකක් කතා කරමු

705
00:39:36,833 --> 00:39:38,375
මාර සීතලයි නේද සර්?

706
00:39:41,541 --> 00:39:42,708
- විවේක් සර්.
- ඔව් සර්.

707
00:39:44,083 --> 00:39:46,250
අර මනුස්සයාට මේ ෆොටෝ එක පෙන්නන්නකෝ.

708
00:39:46,375 --> 00:39:48,624
සර්... ගින්දර ටිකක් දෙනවද?

709
00:39:48,625 --> 00:39:50,415
අර තේ හදන කෙනාගෙන් අහලා බලන්න.

710
00:39:50,416 --> 00:39:52,583
මේ ෆොටෝ එකේ ඉන්න කාවහරි අඳුරනවද?

711
00:40:19,125 --> 00:40:20,165
ඔයා මේ මනුස්සයාව දන්නවද?

712
00:40:20,166 --> 00:40:21,874
- සර්, එයාලා යනවා.
- මේ අපේ--

713
00:40:21,875 --> 00:40:23,250
එහෙමද? දෙන්න ඕක.

714
00:40:23,666 --> 00:40:24,750
රාජු.

715
00:40:39,458 --> 00:40:41,416
මගේ මුතුන්මිත්තෝ හිටියේ තමිල්නාඩුවේ සර්.

716
00:40:42,833 --> 00:40:44,582
ජීවත් වෙන්න විදිහක් හොයාගෙන,

717
00:40:44,583 --> 00:40:49,333
අපි පවුල පිටින්ම
කර්ණාටකවල දේවනහල්ලිවලට ආවා.

718
00:40:50,208 --> 00:40:51,833
අපේ පරම්පරාවේ රස්සාව තමා

719
00:40:52,125 --> 00:40:53,541
බෝනික්කොයි සෙල්ලම් බඩුයි හදන එක.

720
00:40:55,083 --> 00:40:58,290
අපි වගේ ගොඩක් අය එහේ හිටියා.

721
00:40:58,291 --> 00:41:00,041
ඒ හැමෝම ඇවිත් හිටියේ තමිල්නාඩුවෙන්.

722
00:41:00,375 --> 00:41:02,665
ඒ හැමෝගෙම පරම්පරාවේ රස්සාව වුණේ ඒක.

723
00:41:07,708 --> 00:41:10,541
මම ගිහින් වතුර බෝතල් දෙකක් අරන් එන්නම්.

724
00:41:11,291 --> 00:41:12,958
- මෙයා දිහා ඇහැගහගෙන ඉන්න.
- හරි.

725
00:41:17,125 --> 00:41:19,250
ඔයා ශෝභාව බැඳලා දැන් කොච්චර කල්ද?

726
00:41:19,541 --> 00:41:20,541
අවුරුදු දහයයි.

727
00:41:23,458 --> 00:41:24,750
ඔයාට එයාව මුලින්ම හම්බුණේ කොහේදිද?

728
00:41:31,208 --> 00:41:32,583
අවුරුදු කීපයකට කලින්,

729
00:41:33,125 --> 00:41:35,791
අපේ ගමට ලොකු ගංවතුරක් ආවා.

730
00:41:36,916 --> 00:41:37,916
ඒකෙන් පස්සේ,

731
00:41:38,166 --> 00:41:39,541
අපේ වගේ පවුල් කීපයක්

732
00:41:39,916 --> 00:41:41,375
බයිඩකොට්ටාවලට පදිංචියට ගියා.

733
00:41:43,791 --> 00:41:47,333
<i>බයිඩකොට්ටාවලට යන බස් එකකදි තමා</i>

734
00:41:48,083 --> 00:41:50,208
<i>මම මුලින්ම ශෝභාව දැක්කේ.</i>

735
00:41:55,750 --> 00:41:56,874
<i>ඊට පස්සේ,</i>

736
00:41:56,875 --> 00:41:58,915
<i>අපේ ගමේදි අපි නිතරම වගේ මුණගැහුණා...</i>

737
00:41:58,916 --> 00:42:03,125
<i>පන්සලේදි, මාකට් එකේදි, තව හැමතැනදිම.</i>

738
00:42:13,083 --> 00:42:14,291
අපි බැන්දා.

739
00:42:15,625 --> 00:42:17,000
අපිට ළමයි දෙන්නෙක් හිටියා.

740
00:42:31,000 --> 00:42:32,458
ශෝභා, ඔක්කොම ලෑස්තිද?

741
00:42:32,791 --> 00:42:33,875
ඉක්මන් කරන්න.

742
00:42:34,666 --> 00:42:35,666
යමු.

743
00:42:37,208 --> 00:42:38,875
<i>වැස්ස නැති නිසා,</i>

744
00:42:39,000 --> 00:42:41,958
<i>අපිට අපේ රස්සාව කරගෙන යන්න බැරි වුණා.
අපි අනාථ වුණා.</i>

745
00:42:42,541 --> 00:42:45,583
කවුරුවත් අපේ බෝනික්කෝ ගන්න කැමති වුණේ නෑ සර්.

746
00:42:46,625 --> 00:42:48,166
අපේ බිස්නස් එක කඩාගෙන වැටෙන්න ගත්තා.

747
00:42:48,958 --> 00:42:50,541
අපි දුප්පත්කමේ පතුලටම වැටුණා.

748
00:42:51,291 --> 00:42:52,708
අපිට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ

749
00:42:52,958 --> 00:42:54,625
ඒ නිසා අපි වෙන රස්සාවක් හොයාගන්න තීරණය කළා.

750
00:42:55,250 --> 00:42:58,541
අපි බයිඩකොට්ටාවල ඉඳන් චිත්‍රහල්ලිවලට ආවා.

751
00:43:01,125 --> 00:43:03,541
එහේදි තමා මට ගනේෂන්ව හම්බුණේ.

752
00:43:04,500 --> 00:43:05,708
කවුද මේ ගනේෂන්?

753
00:43:06,166 --> 00:43:08,583
එයා ශෝභාගේ ඈතින් නෑදෑ වෙන කෙනෙක්.

754
00:43:09,666 --> 00:43:12,166
එයා තමා අපිට ඉන්න තැනක් හොයලා දුන්නේ.

755
00:43:13,250 --> 00:43:15,749
ගනේෂන් මට රස්සාවකුත් හොයලා දුන්නා

756
00:43:15,750 --> 00:43:18,291
එයා අඳුරන ආර්ට් ඩිරෙක්ටර්
කෙනෙක් මාර්ගෙන් ෆිල්ම්ස්වල.

757
00:43:51,666 --> 00:43:52,875
වතුර ඕනෙද?

758
00:44:04,041 --> 00:44:05,291
හරි, දිගටම කියන්න.

759
00:44:06,708 --> 00:44:09,125
මම පාන්දරම වැඩට යනවා

760
00:44:09,750 --> 00:44:11,250
ගෙදර එන්නේ මහ රෑ වෙලා සර්.

761
00:44:13,083 --> 00:44:15,916
මට මගේ ළමයින්ව දකින්න
ලැබෙන්නේ සතියකට සැරයයි.

762
00:44:17,541 --> 00:44:19,500
අපේ සතුටින් හිටපු පවුලේ

763
00:44:20,666 --> 00:44:22,207
හිමිහිට පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න ගත්තා

764
00:44:22,208 --> 00:44:24,000
පස්සේ ඒවා ලොකු ප්‍රශ්න බවට පත් වුණා.

765
00:44:25,708 --> 00:44:27,415
මට බොන පුරුද්දක් තියෙනවා.

766
00:44:27,416 --> 00:44:28,750
මට ඒක පේනවා.

767
00:44:30,708 --> 00:44:33,166
ගනේෂන් අපේ පවුලේ කෙනෙක් වගේ හිටියේ.

768
00:44:33,958 --> 00:44:36,083
එයා මගේ ළමයින්ට ගොඩක් ආදරෙයි.

769
00:44:37,875 --> 00:44:38,916
මෙතනින් නවත්තන්න.

770
00:44:42,250 --> 00:44:44,208
- පරිස්සමෙන් යන්න.
- පරිස්සමෙන් පලයන් මචං.

771
00:44:48,625 --> 00:44:49,916
හොඳට හැදෙනවා.

772
00:45:04,625 --> 00:45:05,791
ඊට පස්සේ දවසක් රෑ,

773
00:45:06,583 --> 00:45:07,583
මම...

774
00:45:09,750 --> 00:45:11,333
වැඩ ඇරිලා ගෙදර එද්දි.

775
00:45:57,291 --> 00:45:58,333
<i>ඕක නවත්තන්න.</i>

776
00:46:35,208 --> 00:46:36,416
එයාට වතුර ටිකක් දෙන්න සර්.

777
00:46:39,250 --> 00:46:40,374
ඒයි!

778
00:46:40,375 --> 00:46:41,500
අඬන්න එපා.

779
00:46:41,708 --> 00:46:42,916
කමක් නෑ... බොන්න.

780
00:46:52,708 --> 00:46:53,750
මට කවදාවත් ඕනේ වුණේ නෑ

781
00:46:53,958 --> 00:46:55,833
ආයෙත් එයාව අපේ ජීවිතවල දකින්න.

782
00:46:56,291 --> 00:46:58,291
ඒ නිසා මම එයාගෙන් ඈත් වෙන්න තීරණය කළා.

783
00:46:58,833 --> 00:47:00,333
මගේ ගෑනු ළමයයි, ළමයිනුයි, මමයි

784
00:47:02,083 --> 00:47:03,250
කොඩුවල්ලිවලට ගියා.

785
00:47:30,000 --> 00:47:31,000
ඒත්...

786
00:47:33,458 --> 00:47:34,500
එයා...

787
00:47:36,000 --> 00:47:37,665
අපි පස්සෙන් එහෙටත් ආවා සර්.

788
00:47:40,166 --> 00:47:41,582
ඔයාට කොහේ හරි යන්න ඕනේ කිව්වා නේද.

789
00:47:41,583 --> 00:47:42,790
ඒත් මම දැන් කොහොම යන්නද?

790
00:47:42,791 --> 00:47:44,000
දැන් පරක්කු වෙනවා.

791
00:47:57,500 --> 00:47:58,791
මට තවත්...

792
00:47:59,666 --> 00:48:01,416
අවමානයක් දරාගන්න බැරි වුණා සර්...

793
00:48:02,250 --> 00:48:03,708
ඒ නිසා මම මගේ ළමයින්ව අරගෙන

794
00:48:05,500 --> 00:48:07,166
ආපහු මගේ ගමට ආවා.

795
00:48:12,125 --> 00:48:13,291
මට පෙන්නන්න...

796
00:48:36,291 --> 00:48:37,333
සර්...

797
00:48:49,500 --> 00:48:50,958
සර්...

798
00:48:55,041 --> 00:48:56,041
රාජු...

799
00:48:59,916 --> 00:49:01,625
මේ ශෝභාමයි කියලා ඔයාට ෂුවර්ද?

800
00:49:01,958 --> 00:49:03,082
සර්...

801
00:49:03,083 --> 00:49:04,791
මේ මගේ ශෝභා සර්...

802
00:49:04,916 --> 00:49:06,207
- ඕක වහන්න.
- මගේ ශෝභා...

803
00:49:06,208 --> 00:49:08,500
එයා මාව දාලා ගියා සර්...

804
00:49:09,250 --> 00:49:10,541
- අපි එළියට යමු.
- සර්...

805
00:49:10,791 --> 00:49:12,500
නැගිටින්න... අපි එළියට ගිහින් කතා කරමු.

806
00:49:14,208 --> 00:49:15,290
සර්...

807
00:49:15,291 --> 00:49:16,541
එන්න... අඬන්න එපා.

808
00:49:17,333 --> 00:49:18,416
එළියට ගිහින් කතා කරමු.

809
00:49:18,541 --> 00:49:19,541
එන්න...

810
00:49:23,875 --> 00:49:25,958
රාජු, ඔයා අන්තිමට ශෝභාව දැක්කේ කවද්ද?

811
00:49:26,583 --> 00:49:28,207
මම එයාව අන්තිමට දැක්කේ

812
00:49:28,208 --> 00:49:30,291
මම ළමයිනුත් එක්ක මගේ ගමට යන්න පිටත් වෙද්දි.

813
00:49:30,791 --> 00:49:33,375
ශෝභා සියදිවි නසාගත්තේ ඇයි කියලා ඔයා දන්නවද?

814
00:49:33,583 --> 00:49:35,250
අර කාලකණ්ණියා නිසා වෙන්න ඇති.

815
00:49:35,625 --> 00:49:37,375
ඌ එයාව අතහැරලා දාන්න ඇති.

816
00:49:38,583 --> 00:49:39,958
ඔයාගේ ළමයි කොහෙද?

817
00:49:40,208 --> 00:49:41,583
මගේ අක්කාගේ ගෙදර.

818
00:49:41,875 --> 00:49:43,541
- ඒ කොහෙද?
- බෙල්ලූරු.

819
00:49:46,500 --> 00:49:48,458
"අපි වෙනම ජීවත් වුණ නිසා

820
00:49:48,708 --> 00:49:51,541
ඒ වගේම මට මිනිය මගේ ගමට

821
00:49:51,791 --> 00:49:53,374
අරගෙන යන්න වුවමනාවක් නැති නිසා,

822
00:49:53,375 --> 00:49:55,707
මම ඉල්ලනවා මෙහේදිම මිනිය ආදාහනය කරන්න

823
00:49:55,708 --> 00:49:57,166
අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා."

824
00:49:57,583 --> 00:49:59,791
ඔයා ඕක කියවලා එකඟ වෙනවා
නම්, මෙතනින් අත්සන් කරන්න.

825
00:50:00,083 --> 00:50:01,124
මෙන්න.

826
00:50:19,083 --> 00:50:20,083
හරි සර්.

827
00:50:20,791 --> 00:50:21,874
- ගිහින් එන්නම් සර්.
- හරි.

828
00:50:21,875 --> 00:50:22,875
එන්න.

829
00:50:26,291 --> 00:50:27,416
සර්.

830
00:50:29,291 --> 00:50:30,415
මොකද වෙන්නේ අජීබ්?

831
00:50:30,416 --> 00:50:32,500
එයා මිනිය ශෝභාගේ කියලා අඳුරගත්තා සර්.

832
00:50:32,916 --> 00:50:34,540
එයාට මිනිය ගෙදර අරන් යන්න ඕනේ නෑලු.

833
00:50:34,541 --> 00:50:36,375
ළමයි එයාව මේ විදිහට දකිනවට එයා කැමති නෑලු.

834
00:50:40,250 --> 00:50:42,291
ආපහු යන්න ඔයා ගාව සල්ලි තියෙනවද?

835
00:50:43,666 --> 00:50:45,875
එයා කෙලින්ම මේකට සම්බන්ධ
නෑ කියලා ඔයාට ෂුවර්ද?

836
00:50:46,250 --> 00:50:48,375
දැනට නම්, අපිට එයාට
විරුද්ධව කිසිම සාක්ෂියක් නෑ.

837
00:50:48,958 --> 00:50:50,707
රාජු කිව්වා එයා ළමයි එක්ක යද්දි,

838
00:50:50,708 --> 00:50:52,583
අර අනිත් මනුස්සයා එයා එක්කම හිටියා කියලා නේද?

839
00:50:53,333 --> 00:50:54,832
- එයාගේ නම මොකක්ද?
- ගනේෂන්.

840
00:50:54,833 --> 00:50:56,333
එයා ඉන්න තැනක් හොයාගන්න.

841
00:50:56,791 --> 00:50:58,916
මේකට එයාගේ තියෙන සම්බන්ධය
මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ.

842
00:50:59,125 --> 00:51:00,125
හරි සර්.

843
00:51:00,833 --> 00:51:01,915
කමක් නෑ සර්.

844
00:51:01,916 --> 00:51:03,083
මට පුළුවන්.

845
00:51:03,541 --> 00:51:05,250
සර්, මම කොහොමහරි යන්නම්.

846
00:51:05,583 --> 00:51:06,624
තියාගන්න.

847
00:51:06,625 --> 00:51:07,750
ඕනේ නෑ සර්.

848
00:51:08,041 --> 00:51:09,666
- ඇයි සර්?
- තියාගන්න.

849
00:51:09,791 --> 00:51:11,790
කොහොමහරි, මහත්තයා මිනිය අඳුරගත්ත නිසා,

850
00:51:11,791 --> 00:51:13,375
අපිට ආදාහන කටයුතු කරන්න පුළුවන්.

851
00:51:13,666 --> 00:51:15,707
- ඔයා පේපර්ස්වල එයාගේ අත්සන ගත්තද?
- ඔව්.

852
00:51:15,708 --> 00:51:18,291
එයා ගාව ආදාර් කාඩ් එකක් හරි
රේෂන් කාඩ් එකක් හරි තියෙනවද?

853
00:51:20,291 --> 00:51:22,458
ඇඩ්‍රස් එකක්වත් නැති මනුස්සයෙක්
ගාව මොන ඩොකියුමන්ට්ස් තියෙන්නද, නේද?

854
00:51:22,791 --> 00:51:25,458
එහෙනම් පොදු සුසාන භූමියේ වැඩකටයුතු ලෑස්ති කරන්න.

855
00:51:25,833 --> 00:51:26,833
හරි සර්.

856
00:51:29,750 --> 00:51:30,791
රාජු.

857
00:51:31,125 --> 00:51:33,708
ගනේෂන් ගැන මොනවාහරි තොරතුරක් ලැබුණොත්,

858
00:51:34,000 --> 00:51:35,166
අනිවාර්යයෙන්ම අපිට දැනුම් දෙන්න.

859
00:51:36,125 --> 00:51:37,125
හරි සර්.

860
00:51:37,250 --> 00:51:38,250
යන්න.

861
00:51:59,166 --> 00:52:01,166
ඔයා ගසල් අහ අහද පාඩම් කරන්නේ?

862
00:52:01,625 --> 00:52:02,665
ඔව්.

863
00:52:02,666 --> 00:52:04,666
එයාගේ සින්දුවල අමුතුම මූඩ් එකක් තියෙනවා.

864
00:52:05,083 --> 00:52:07,207
මම පාඩම් කරන හැමදේම
ඉක්මනට ඔළුවට යනවා.

865
00:52:07,208 --> 00:52:08,875
IAS විභාගෙට ලෑස්ති වෙන ඔක්කොම අය මෙහෙමද?

866
00:52:09,000 --> 00:52:10,333
ඔව්, අපි ඔක්කොම එහෙම තමා.

867
00:52:11,125 --> 00:52:12,125
ඇවිදින්න.

868
00:52:12,291 --> 00:52:14,124
අද කොහොමද ඉක්මනට ආවේ?

869
00:52:14,125 --> 00:52:15,790
මම ඩියුටි ගිහින් ආවා විතරයි නේද?

870
00:52:15,791 --> 00:52:17,374
- උප්පාගේ රිපෝට්ස් ආවද?
- ඔව්.

871
00:52:17,375 --> 00:52:20,000
ඩොක්ටර් කිව්වා තත්ත්වේ හොඳයි කියලා.

872
00:52:20,208 --> 00:52:21,415
ඔයාගේ අම්මලා කවද්ද එන්නේ?

873
00:52:21,416 --> 00:52:23,165
එයාලා කිව්වා තව දවස් කීපයක් ඉන්නවා කියලා

874
00:52:23,166 --> 00:52:24,291
මගේ නංගිට බබා හම්බුණාට පස්සේ.

875
00:52:24,541 --> 00:52:26,166
එයාලා කොහොමත් මෙහේ ඇවිත් මොනවා කරන්නද?

876
00:52:26,666 --> 00:52:28,750
පේන විදිහට එයාලා එන්නේ
ලබන මාසේ තමා.

877
00:52:29,083 --> 00:52:30,125
මම මේ...

878
00:52:30,250 --> 00:52:32,083
වොෂ් එකක් දාලා එළියට යනවා.

879
00:52:32,416 --> 00:52:34,124
මට වැඩ වගයක් කරගන්න තියෙනවා.

880
00:52:34,125 --> 00:52:35,165
එනවද?

881
00:52:35,166 --> 00:52:37,583
නෑ... මට මගේ නෝට්ස් ටික ඉවර කරන්න ඕනේ.

882
00:52:38,708 --> 00:52:40,791
හරි.

883
00:52:41,166 --> 00:52:42,166
තේ එකක්?

884
00:52:42,583 --> 00:52:43,749
ඔයා හදනවා නම්, බොනවා.

885
00:52:43,750 --> 00:52:44,750
එහෙනම් මම හදන්නම්.

886
00:52:54,500 --> 00:52:56,957
- හායි සර්.
- අලුත් පරිවාස SI නේද?

887
00:52:56,958 --> 00:52:59,000
- ඔව් සර්.
- ශිවකුමාර් මට ඔයා ගැන කිව්වා. වාඩි වෙන්න.

888
00:53:04,375 --> 00:53:05,791
රිපෝට් එකට අනුව නම්,

889
00:53:06,708 --> 00:53:08,790
මරණෙට හේතුව වෙලා තියෙන්නේ පෙනහලුවල හිරවීමක්

890
00:53:08,791 --> 00:53:10,749
ළිඳේ තිබ්බ වතුරයි මඩයි නිසා වුණ.

891
00:53:10,750 --> 00:53:11,958
- හරි.
- ඒත්...

892
00:53:12,125 --> 00:53:13,332
මේක අනතුරකින් වුණ දෙයක් වෙන්න නම්...

893
00:53:13,333 --> 00:53:14,333
මම අදහස් කළේ...

894
00:53:14,458 --> 00:53:17,083
මට හිතෙන්නේ නෑ එයා සිහියෙන් ඉද්දි
ළිඳට වැටුණා කියලා.

895
00:53:17,833 --> 00:53:18,958
ඔයා එහෙම කියන්නේ ඇයි සර්?

896
00:53:19,208 --> 00:53:20,290
මෙහෙමයි...

897
00:53:20,291 --> 00:53:22,166
කෙනෙක් ළිඳකට වැටෙනකොට,

898
00:53:22,625 --> 00:53:24,208
එයාව තල්ලු කළත්,

899
00:53:24,416 --> 00:53:25,707
සිහියෙන් ඉන්නවා නම්,

900
00:53:25,708 --> 00:53:27,791
එයාලගේ ඇඟ ඉබේටම හුස්ම ගන්න උත්සාහ කරනවා.

901
00:53:28,291 --> 00:53:29,165
හරි.

902
00:53:29,166 --> 00:53:30,208
එහෙම වුණා නම්,

903
00:53:30,333 --> 00:53:31,333
පෙනහලුවල...

904
00:53:33,250 --> 00:53:36,083
මීට වඩා ගොඩක් වතුර තියෙන්න ඕනේ.

905
00:53:36,333 --> 00:53:38,957
ඒත් මෙතන,
වතුර ප්‍රමාණය ගොඩක් සාමාන්‍යයි.

906
00:53:38,958 --> 00:53:39,999
- සර්?
- රිපෝට් එක ගන්න.

907
00:53:40,000 --> 00:53:41,125
හරි සර්.

908
00:53:42,083 --> 00:53:45,375
එයාගේ ඔළුවෙ පිටිපස්සෙත්
තුවාලයක් තියෙනවා.

909
00:53:45,708 --> 00:53:47,040
සමහරවිට ළිඳට වැටෙනකොට

910
00:53:47,041 --> 00:53:48,291
ඔළුව කොහේ හරි වැදෙන්න ඇති.

911
00:53:48,541 --> 00:53:50,000
එහෙමත් නැත්නම් කවුරුහරි

912
00:53:50,291 --> 00:53:51,291
පිටිපස්සෙන් ගහන්න ඇති.

913
00:53:51,666 --> 00:53:52,791
එහෙම වුණා නම්,

914
00:53:52,958 --> 00:53:54,374
එයා ළිඳට වැටෙන්න කලින්

915
00:53:54,375 --> 00:53:56,625
කවුරුහරි එයාට පහරදෙන්න ඇති.

916
00:53:58,625 --> 00:54:00,416
සර් කියන්නේ
මේක මිනීමැරුමක් වෙන්න පුළුවන් කියලද?

917
00:54:01,166 --> 00:54:02,165
මෙහෙමයි...

918
00:54:02,166 --> 00:54:04,583
මම කියන්නේ එහෙම වෙන්නත් පුළුවන් කියලා විතරයි.

919
00:54:05,125 --> 00:54:08,541
ඉතුරු ටික පොලිසියෙන් හොයාගන්න ඕනේ.

920
00:54:09,458 --> 00:54:11,082
මෙන්න රිපෝට් එක.
ඔක්කොම මේකේ තියෙනවා.

921
00:54:34,833 --> 00:54:35,874
නන්දකුමාර් සර් කොහෙද?

922
00:54:35,875 --> 00:54:37,500
එයා ඇමතිතුමාගේ එස්කෝට් එකට ගියා.

923
00:54:40,083 --> 00:54:41,124
පොඩ්ඩක් ඉන්න.

924
00:54:41,125 --> 00:54:42,166
සර් ඔයාලට කතා කරයි.

925
00:54:44,666 --> 00:54:47,291
<i>මේ වෙලාවේ මේ අංකයට සම්බන්ධ වෙන්න බෑ.</i>

926
00:55:04,250 --> 00:55:07,040
<i>මේ වෙලාවේ මේ අංකයට සම්බන්ධ වෙන්න බෑ.</i>

927
00:55:07,041 --> 00:55:08,916
<i>කරුණාකරලා පස්සේ කතා කරන්න.</i>

928
00:55:11,166 --> 00:55:12,166
සර්.

929
00:55:13,750 --> 00:55:15,083
ඔයාව හම්බවෙන්න කට්ටියක් ඇවිත්.

930
00:55:15,750 --> 00:55:17,083
පොඩ්ඩක් ඉන්න කියන්න.

931
00:55:17,250 --> 00:55:18,332
ඒත් සර්...

932
00:55:18,333 --> 00:55:20,666
එයාලා කියන්නේ අර අතහැරලා දාපු ළිඳෙන් හම්බුණ

933
00:55:20,833 --> 00:55:22,458
ගෑනු කෙනාගේ නෑදෑයෝ කියලා.

934
00:55:22,708 --> 00:55:23,749
ඇතුළට එවන්න.

935
00:55:23,750 --> 00:55:24,875
හරි... ඇතුළට එන්න.

936
00:55:26,291 --> 00:55:27,291
ඇතුළට යන්න.

937
00:55:28,625 --> 00:55:30,666
- ආයුබෝවන් සර්.
- ආයුබෝවන් සර්.

938
00:55:31,333 --> 00:55:32,333
ආයුබෝවන් සර්.

939
00:55:32,666 --> 00:55:33,666
මොකක් ගැනද?

940
00:55:33,791 --> 00:55:35,291
සර්, මගේ නම නන්ජප්පා.

941
00:55:35,458 --> 00:55:37,790
අපි පත්තරේ දැක්කා ශෝභාගේ මහත්තයා,

942
00:55:37,791 --> 00:55:40,666
රාජු මෙහෙට ඇවිත් ගියා කියලා.

943
00:55:41,291 --> 00:55:43,125
ඔව්. රාජු කලින් ඇවිත් ගියා.

944
00:55:43,250 --> 00:55:45,666
සර්, මේ රාජුගේ අම්මා.

945
00:55:48,583 --> 00:55:49,916
මේ එයාගේ නංගි.

946
00:55:50,041 --> 00:55:51,208
මේ මගේ මල්ලි.

947
00:55:51,666 --> 00:55:52,708
මහත්තයා...

948
00:55:52,875 --> 00:55:54,625
අපි දැනටමත් මිනිය ආදාහනය කළා.

949
00:55:54,791 --> 00:55:56,332
අපි ආවේ ඒකට නෙවෙයි සර්.

950
00:55:56,333 --> 00:55:58,333
අපිට අවුරුද්දකට වැඩියි රාජු ගැන ආරංචියක් නෑ.

951
00:55:58,625 --> 00:55:59,665
එයා කොහේ හිටියත්,

952
00:55:59,666 --> 00:56:01,708
අවුරුද්දකට දෙපාරක්වත් ගමට එනවා.

953
00:56:02,000 --> 00:56:03,332
එයා ඇවිත් අම්මව බලලා,

954
00:56:03,333 --> 00:56:04,999
පන්සලේ උත්සවෙටත් ඉඳලා තමා යන්නේ.

955
00:56:05,000 --> 00:56:06,749
ඒත් දැන් අවුරුද්දකට වැඩියි

956
00:56:06,750 --> 00:56:08,290
එයා අන්තිමට ගමට ඇවිත්.

957
00:56:08,291 --> 00:56:09,540
ඒ කොහොමද?

958
00:56:09,541 --> 00:56:11,457
මාස තුනකට කලින් රාජු ඇවිත්

959
00:56:11,458 --> 00:56:13,083
එයාගේ ළමයින්ව ඔයාලගේ ගෙදර දාලා ගියේ නැද්ද?

960
00:56:13,208 --> 00:56:14,208
නෑ සර්.

961
00:56:14,375 --> 00:56:16,958
මම එයාගේ ළමයින්ව අන්තිමට
දැක්කෙත් අවුරුද්දකට කලින්.

962
00:56:17,791 --> 00:56:20,207
ඔයාලා ඇරෙන්න රාජුට වෙන සහෝදරයෝ ඉන්නවද?

963
00:56:20,208 --> 00:56:21,208
නෑ සර්.

964
00:56:23,500 --> 00:56:25,250
ඔයාලා ඉන්නේ බෙල්ලූරුවල නේද?

965
00:56:25,666 --> 00:56:27,000
නෑ සර්. චිත්‍රහල්ලිවල.

966
00:56:27,250 --> 00:56:29,000
බෙල්ලූරු කියන්නේ කැලෑ පැත්තක් සර්.

967
00:56:29,333 --> 00:56:32,083
රාජු ආවා කියලා අපි බොරු කිව්වේ නෑ සර්.

968
00:56:32,875 --> 00:56:33,915
බලන්න.

969
00:56:41,500 --> 00:56:42,541
මොකක්ද?

970
00:56:42,708 --> 00:56:44,166
මේ ඉන්නේ රාජු නෙවෙයි සර්.

971
00:56:46,458 --> 00:56:47,582
එහෙනම්?

972
00:56:47,583 --> 00:56:48,665
මේ භුවනේෂ්.

973
00:56:48,666 --> 00:56:50,458
ශෝභාගේ ඈතින් නෑදෑ වෙන කෙනෙක්.

974
00:56:57,041 --> 00:56:58,916
මේ ඉන්නේ ශෝභා එයාගේ ළමයි එක්ක නේද?

975
00:57:00,541 --> 00:57:02,166
එතකොට එයා ළඟින් ඉන්නේ රාජු නේද?

976
00:57:02,458 --> 00:57:04,125
ඒ ඉන්නේ ශෝභාවයි එයාගේ ළමයිනුයි.

977
00:57:04,250 --> 00:57:07,000
ඒත් එයාලා එක්ක හිටගෙන ඉන්නේ රාජු නෙවෙයි.
ඒ භුවනේෂ්.

978
00:57:07,958 --> 00:57:09,958
තමුසෙලා කොහොමද පොලිසියට ඇවිත්
බොරු කියන්නේ?

979
00:57:10,083 --> 00:57:12,375
නෑ සර්. අපි මේ ඇත්ත කියන්නේ.

980
00:57:17,583 --> 00:57:18,791
මෝඩ හැත්ත!

981
00:57:19,083 --> 00:57:21,249
තමුසෙලා පොලිස්කාරයෝ විදිහට
මෙතන මොනවද ඕයි කරන්නේ?

982
00:57:21,250 --> 00:57:22,250
ආ?

983
00:57:22,375 --> 00:57:23,874
මේක දැන් 174 කේස් එකක් නෙවෙයි.

984
00:57:23,875 --> 00:57:24,957
මේක මිනීමැරුමක්.

985
00:57:24,958 --> 00:57:26,458
සැකකාරයෙක් වෙන්න පුළුවන් එකෙක්

986
00:57:26,708 --> 00:57:28,374
මෙහෙට ඇවිත් අඬලා රඟපාලා යද්දි,

987
00:57:28,375 --> 00:57:29,624
උගේ බැක්ග්‍රවුන්ඩ් එකවත් චෙක් කරන්නේ නැතුව

988
00:57:29,625 --> 00:57:31,333
තමුසෙලා ඌට යන්න දුන්නද?

989
00:57:31,500 --> 00:57:33,750
නිකන් මගේ දිහා බලන් ඉන්නවා නෙවෙයි.

990
00:57:34,416 --> 00:57:35,665
මම තමුසෙලාට පැහැදිලිවම කිව්වා

991
00:57:35,666 --> 00:57:37,708
මේ දෙන්නා දිහා ඇහැගහගෙන ඉන්න කියලා.

992
00:57:37,958 --> 00:57:40,415
ඒත් සර්, අපිට ඌට විරුද්ධව
මුකුත් සාක්ෂි තිබ්බේ නෑනේ.

993
00:57:40,416 --> 00:57:41,750
ඔව් ඉතින් කොහෙන් තියෙන්නද.

994
00:57:42,000 --> 00:57:43,957
තමුසෙලා හිතන් ඉන්නේ සාක්ෂි
තමුසෙලාව හොයාගෙන එයි කියලද?

995
00:57:43,958 --> 00:57:46,583
සස්පෙන්ඩ් කළාම තමුසෙලාට පුළුවන්
මේවා ලොක්කන්ට පැහැදිලි කරලා දෙන්න.

996
00:57:47,500 --> 00:57:49,250
තමුසෙට සර්විස් එකේ අවුරුදු
කීයක් එක්ස්පීරියන්ස් තියෙනවද?

997
00:57:49,958 --> 00:57:51,165
විසි හතරයි.

998
00:57:51,166 --> 00:57:52,500
හ්ම්... විසි හතරයි!

999
00:57:52,625 --> 00:57:53,875
මොකටද?

1000
00:57:55,708 --> 00:57:57,374
තමුසෙගේ පරණ රස්සාව අමතක
වෙලා නැතුව ඇති කියලා හිතනවා.

1001
00:57:57,375 --> 00:57:59,416
- නෑ සර්.
- එහෙනම් ඒකෙ දූවිලි පිහදාගන්නවා.

1002
00:57:59,708 --> 00:58:02,291
මේ යන විදිහට, පරිවාස කාලේ ඉවර වෙන්නත් කලින්
තමුසෙට තොප්පිය නැතිවෙයි.

1003
00:58:03,958 --> 00:58:05,832
මම පැය 24ක් දෙනවා.

1004
00:58:05,833 --> 00:58:07,832
ඒ වෙද්දි සැකකාරයාව මගේ ඉස්සරහට ගෙනාවේ නැත්නම්,

1005
00:58:07,833 --> 00:58:09,540
මම වගබලාගන්නවා තමුසෙලා
ඔක්කොටම ඒකට විඳවන්න.

1006
00:58:09,541 --> 00:58:10,541
මම මේ සිරාවට කියන්නේ.

1007
00:58:10,875 --> 00:58:11,916
දැන් යනවා.

1008
00:59:23,791 --> 00:59:25,208
ඒයි, උඹ!

1009
00:59:27,375 --> 00:59:28,708
ඔතනම හිටපන්!

1010
01:01:29,416 --> 01:01:30,541
ඉතින්...

1011
01:01:30,708 --> 01:01:31,833
අපි මෙයාව අරන් යමුද?

1012
01:01:40,958 --> 01:01:42,083
<i>ඔව් සර්.</i>

1013
01:01:42,916 --> 01:01:44,125
<i>මම රාජු නෙවෙයි.</i>

1014
01:01:44,416 --> 01:01:45,541
<i>මම භුවනේෂ්.</i>

1015
01:01:46,208 --> 01:01:50,458
හතරවෙනි කොටස
රාජු/ භුවනේෂ් - සැකකරු

1016
01:01:52,750 --> 01:01:54,875
ශෝභා මගේ ඈතින් නෑදෑ වෙන කෙනෙක්.

1017
01:01:55,916 --> 01:01:57,125
පොඩි කාලේ ඉඳන්,

1018
01:01:57,833 --> 01:01:58,958
ශෝභායි මායි...

1019
01:01:59,166 --> 01:02:01,125
එකිනෙකාට ආදරේ කළා.

1020
01:02:01,875 --> 01:02:02,875
ඒත්...

1021
01:02:03,208 --> 01:02:04,500
එයාගේ පවුලේ අය ඒකට විරුද්ධ වුණා.

1022
01:02:05,000 --> 01:02:08,416
ඒ නිසා එයාලා එයාව රාජුට බන්දලා දුන්නා.

1023
01:02:09,458 --> 01:02:10,458
දවසක්,

1024
01:02:11,208 --> 01:02:13,625
මට ශෝභාගේ අම්මාගෙන් ලියුමක් ආවා.

1025
01:02:14,333 --> 01:02:15,625
රාජුට රස්සාවක් තිබ්බේ නෑ,

1026
01:02:16,416 --> 01:02:18,000
එයාලා ගොඩක් දුක් වින්දා.

1027
01:02:18,583 --> 01:02:19,583
ඒ නිසා,

1028
01:02:20,083 --> 01:02:21,708
මම රාජුටයි ශෝභාටයි

1029
01:02:21,958 --> 01:02:23,166
චිත්‍රහල්ලිවලට එන්න කිව්වා.

1030
01:02:23,375 --> 01:02:24,500
ඒයි!

1031
01:02:24,750 --> 01:02:26,166
මා දිහා බලපන්.

1032
01:02:28,250 --> 01:02:29,458
උඹ දැන් තනියම නෙවෙයි ඉන්නේ.

1033
01:02:30,250 --> 01:02:31,625
උඹට ගෑනියෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා.

1034
01:02:31,875 --> 01:02:33,500
ඒත් උඹ කරන්නේම බොන එක විතරයි.

1035
01:02:33,708 --> 01:02:34,916
උඹ දිගටම මෙහෙම හිටියොත්...

1036
01:02:35,041 --> 01:02:36,208
පිස්සෙක් වගේ...

1037
01:02:38,916 --> 01:02:41,333
දිගටම පිස්සෙක් වගේ හිටියොත්,
උඹ ඔක්කොම විනාශ කරගනියි.

1038
01:02:41,541 --> 01:02:42,666
මම උඹට මේ අවවාද කරන්නේ!

1039
01:02:47,041 --> 01:02:49,750
මීනු, එන්න. මොනවාහරි කන්න ඕනෙද?

1040
01:02:52,875 --> 01:02:53,875
මෙන්න.

1041
01:02:56,291 --> 01:02:57,458
රසද?

1042
01:03:14,500 --> 01:03:15,541
මොකක්ද?

1043
01:03:16,000 --> 01:03:17,540
මේක තමා ඔයාලට ඉන්න හම්බෙන මාලිගාව.

1044
01:03:17,541 --> 01:03:18,541
හොඳද?

1045
01:03:50,500 --> 01:03:51,540
මීනු...

1046
01:03:51,541 --> 01:03:52,750
ඔයා කැමතිද?

1047
01:04:14,875 --> 01:04:16,541
ඒයි, බලලා! පරිස්සමෙන්!

1048
01:04:17,166 --> 01:04:19,666
මම කීපාරක් කිව්වද
දවල් දවාලේ බොන්න එපා කියලා?

1049
01:04:20,291 --> 01:04:21,457
ඇයි ඔයා මෙහෙම?

1050
01:04:21,458 --> 01:04:23,541
ඔයාට තේරෙන්නේ නැද්ද
ඔයා මේ කරන විනාසේ?

1051
01:04:26,375 --> 01:04:27,500
ඒයි...

1052
01:04:28,166 --> 01:04:29,708
ඔහොම... හිමින්... පරිස්සමෙන්...

1053
01:04:30,416 --> 01:04:31,666
හාන්සි වෙන්න... එන්න...

1054
01:04:33,208 --> 01:04:34,458
මේක නම් හරියන්නේ නෑ.

1055
01:05:15,458 --> 01:05:19,916
<i>♪ මගේ ආදරේ රත්තරන් වගේද බලන්න ♪</i>

1056
01:05:20,291 --> 01:05:24,541
<i>♪ ඔයාගේ හදවත ඇත්තම උරගලක් වුණා ♪</i>

1057
01:05:25,041 --> 01:05:29,500
<i>♪ මගේ ආදරේ රත්තරන් වගේද බලන්න ♪</i>

1058
01:05:29,833 --> 01:05:34,208
<i>♪ ඔයාගේ හදවත ඇත්තම උරගලක් වුණා ♪</i>

1059
01:05:34,708 --> 01:05:38,958
<i>♪ අපේම කියලා ලෝකයක් හදාගන්න හිතන් ♪</i>

1060
01:05:39,416 --> 01:05:44,458
<i>♪ ඔයා රිදී සඳ එළියේ විවේක ගන්න අත්තක් වුණා ♪</i>

1061
01:05:46,708 --> 01:05:51,166
<i>♪ මෙහේ, පිච්ච මල් සුවඳ පිරුණු දකුණු මිදුලේ ♪</i>

1062
01:05:51,458 --> 01:05:55,750
<i>♪ සදාකාලයක් වගේ,
මම ඔයා එනකන් බලන් හිටියා ♪</i>

1063
01:05:56,250 --> 01:06:00,708
<i>♪ මෙහේ, පිච්ච මල් සුවඳ පිරුණු දකුණු මිදුලේ ♪</i>

1064
01:06:01,083 --> 01:06:05,375
<i>♪ සදාකාලයක් වගේ,
මම ඔයා එනකන් බලන් හිටියා ♪</i>

1065
01:06:10,666 --> 01:06:15,083
<i>♪ ඉර මුදුන් වෙද්දි එන රන්වන් එළියෙන් ♪</i>

1066
01:06:15,416 --> 01:06:19,791
<i>♪ වෙල් යායේ නිල් පාට මායිම ළඟ ♪</i>

1067
01:06:20,333 --> 01:06:24,708
<i>♪ ඉර මුදුන් වෙද්දි එන රන්වන් එළියෙන් ♪</i>

1068
01:06:25,125 --> 01:06:29,375
<i>♪ වෙල් යායේ නිල් පාට මායිම ළඟ ♪</i>

1069
01:06:29,541 --> 01:06:34,249
<i>♪ තනියම ඇවිදන් ගියත්, මට ළං වෙන්න බෑ වගේ ♪</i>

1070
01:06:34,250 --> 01:06:35,249
ඇයි මෙච්චර ගොඩක් ගත්තේ?

1071
01:06:35,250 --> 01:06:37,415
<i>♪ අඹ ගහ යට තියෙන ඒ පුංචි හෙවණට ♪</i>

1072
01:06:37,416 --> 01:06:38,832
ඒයි, පරිස්සමෙන්. ඔයාට පුළුවන්ද?

1073
01:06:38,833 --> 01:06:40,250
ඔයා හිතන්නේ මේක මට බර වැඩියි කියලද?

1074
01:06:40,416 --> 01:06:43,875
<i>♪ ඇවිත් මගේ ළඟින් ටිකක් වෙලා ඉන්න ♪</i>

1075
01:06:44,291 --> 01:06:48,583
<i>♪ අපි ආදරෙන් වචනයක් දෙකක් කතා කරමු ♪</i>

1076
01:06:49,166 --> 01:06:53,458
<i>♪ ඇවිත් මගේ ළඟින් ටිකක් වෙලා ඉන්න ♪</i>

1077
01:06:53,916 --> 01:06:56,665
<i>♪ අපි ආදරෙන් වචනයක් දෙකක් කතා කරමු ♪</i>

1078
01:06:56,666 --> 01:06:58,000
මොකක්ද?

1079
01:07:00,208 --> 01:07:01,958
බලන්න මම ඔයාට මොනවද ගෙනාවේ කියලා!

1080
01:07:18,208 --> 01:07:19,208
ඔයා කැමතිද?

1081
01:07:22,750 --> 01:07:23,958
ඔයා දන්නවද...

1082
01:07:24,166 --> 01:07:26,000
ජනප්‍රිය නිළියෝ ඔක්කොම පාවිච්චි කරන්නේ මේක.

1083
01:07:29,125 --> 01:07:30,541
ගාණ සැර ඇති.

1084
01:07:32,208 --> 01:07:33,791
ඇයි ඔයා මා දිහා ඔහොම බලන් ඉන්නේ?

1085
01:07:34,041 --> 01:07:35,166
මම බලන්න නරකද?

1086
01:07:39,708 --> 01:07:41,083
මට ඔයා දිහා බලන්න බැරිද?

1087
01:07:44,208 --> 01:07:45,250
මට කියන්න...

1088
01:09:16,833 --> 01:09:17,957
මොකද වුණේ?

1089
01:09:17,958 --> 01:09:19,291
කවුරුහරි මෙහේ හිටියා වගේ.

1090
01:09:26,916 --> 01:09:28,207
<i>ඊට පස්සේ,</i>

1091
01:09:28,208 --> 01:09:29,333
<i>රාජුව...</i>

1092
01:09:30,208 --> 01:09:31,375
<i>ආයේ කවදාවත් දැක්කේ නෑ.</i>

1093
01:09:31,875 --> 01:09:33,041
කවුරුවත් දන්නේ නෑ

1094
01:09:33,333 --> 01:09:34,541
ඇත්තටම හේතුව මොකක්ද කියලා

1095
01:09:35,333 --> 01:09:36,500
ඇයි එයා

1096
01:09:37,333 --> 01:09:39,165
ඔහොම ගෙදරින් ගියේ කියලා.

1097
01:09:39,166 --> 01:09:40,291
අද වෙනකන්.

1098
01:09:44,041 --> 01:09:45,041
ඊට පස්සේ,

1099
01:09:46,250 --> 01:09:47,458
ශෝභායි මායි

1100
01:09:48,041 --> 01:09:49,750
කාටවත් කියන්නේ නැතුව

1101
01:09:50,541 --> 01:09:51,707
කොඩුවල්ලිවලට ගියා සර්.

1102
01:10:07,583 --> 01:10:08,625
දේවා...

1103
01:10:09,208 --> 01:10:10,375
යන්න කලින් කාලා යන්න.

1104
01:10:10,958 --> 01:10:12,208
මට එපා.

1105
01:10:12,625 --> 01:10:13,666
දේවා...

1106
01:10:16,000 --> 01:10:18,458
මම කිව්වා කන්න කියලා.
ඒත් ඔයා අහන්නේ නෑ.

1107
01:10:20,958 --> 01:10:22,790
මෙහෙට එන්න එපා. යන්න.

1108
01:10:22,791 --> 01:10:24,540
මෙතනින් යන්න! යන්න!

1109
01:10:25,458 --> 01:10:26,708
යන්න.

1110
01:10:26,833 --> 01:10:27,916
සර්.

1111
01:10:28,041 --> 01:10:29,166
IP ලයින් එකේ ඉන්නවා සර්.

1112
01:10:29,833 --> 01:10:32,333
ඇයි උඹලා කොඩුවල්ලිවලටම ගියේ?

1113
01:10:33,250 --> 01:10:34,624
අපේ සාමය නැති කරන්න.

1114
01:10:34,625 --> 01:10:35,625
වෙන මොනවටද?

1115
01:10:36,333 --> 01:10:37,666
මම මෙහෙට ආවා

1116
01:10:38,000 --> 01:10:39,291
අවුරුදු ගාණකට කලින් ෂූට් එකකට.

1117
01:10:39,583 --> 01:10:40,583
ආ.

1118
01:10:41,166 --> 01:10:43,208
එහෙනම් ඇයි උඹ නම රාජු කියලා වෙනස් කරගත්තේ?

1119
01:10:43,500 --> 01:10:44,833
ශෝභා තමා මට එහෙම කරන්න කිව්වේ.

1120
01:10:45,458 --> 01:10:46,540
එයා කිව්වා එතකොට තමා

1121
01:10:46,541 --> 01:10:47,915
මෙහේ මිනිස්සු පිළිගන්නේ

1122
01:10:47,916 --> 01:10:49,500
අපි ස්වාමිපුරුෂයයි බිරිඳයි කියලා.

1123
01:10:52,083 --> 01:10:55,125
ඉතින් උඹ කිව්වා උඹලා දෙන්නා
මෙහේ සතුටින් හිටියා කියලා.

1124
01:10:55,916 --> 01:10:57,833
එහෙනම් කොහොමද ඒක මිනීමැරුමකින් ඉවර වුණේ?

1125
01:11:11,250 --> 01:11:12,875
ඔයා කිව්වේ හෙට එන්නේ කියලා නේද.

1126
01:11:13,000 --> 01:11:13,999
වැස්සනේ.

1127
01:11:14,000 --> 01:11:15,208
ෂූට් එක කැන්සල් වුණා.

1128
01:11:15,416 --> 01:11:17,040
ආයේ පටන් ගන්නේ වැස්ස පෑව්වට පස්සේ.

1129
01:11:17,041 --> 01:11:18,082
එහෙමද?

1130
01:11:18,083 --> 01:11:19,333
මෙන්න, මේවා ළමයින්ට දෙන්න.

1131
01:11:19,916 --> 01:11:21,875
මට හොඳටම බඩගිනියි. කෑම බෙදන්න.

1132
01:11:30,125 --> 01:11:31,125
මීනු.

1133
01:11:31,583 --> 01:11:32,583
මීනු, මගේ පැටියෝ...

1134
01:11:32,750 --> 01:11:34,583
බලන්න මම ඔයාට මොනවද ගෙනාවේ කියලා.

1135
01:11:35,625 --> 01:11:36,875
ළමයි කොහෙද?

1136
01:11:39,041 --> 01:11:40,458
ඒයි, මම අහන්නේ ළමයි කොහෙද කියලා.

1137
01:11:40,958 --> 01:11:41,958
කෑම...

1138
01:11:42,500 --> 01:11:43,625
ලෑස්තියි.

1139
01:11:44,333 --> 01:11:45,500
- ඇවිත් කන්න--
- ඒයි!

1140
01:11:46,791 --> 01:11:48,124
මම ළමයි ගැන අහනකොට

1141
01:11:48,125 --> 01:11:49,708
උඹ කෑම ගැන කියවනවා?

1142
01:11:50,791 --> 01:11:52,208
උන් කොහෙද?

1143
01:11:52,958 --> 01:11:54,333
ඔයා ඇයි ඔච්චර කෑගහන්නේ?

1144
01:11:54,583 --> 01:11:55,665
නිකන්...

1145
01:11:55,666 --> 01:11:56,833
ඔයාගේම ළමයි වගේ.

1146
01:11:57,250 --> 01:11:59,582
උන් මගේ ලේ නෙවෙයි වෙන්න පුළුවන්,

1147
01:11:59,583 --> 01:12:01,416
ඒත් මම උන්ව හැදුවේ මගේම ළමයි වගේ.

1148
01:12:01,791 --> 01:12:02,791
ඉතින් මොකක්ද?

1149
01:12:03,000 --> 01:12:04,000
ඉතින් මොකක්ද?!

1150
01:12:04,833 --> 01:12:06,916
මට කියපන් ළමයි කොහෙද කියලා!

1151
01:12:07,541 --> 01:12:08,541
මට ඇත්ත කියපන්.

1152
01:12:09,750 --> 01:12:10,958
උඹ උන්ට මොකද කළේ?

1153
01:12:11,791 --> 01:12:13,958
එයාලගේ තාත්තා ඇවිත් එයාලව අරන් ගියා.

1154
01:12:14,166 --> 01:12:15,208
එයාලගේ තාත්තා?!

1155
01:12:15,708 --> 01:12:16,832
මොන තාත්තාද?

1156
01:12:16,833 --> 01:12:18,500
එයාලා ගියාම ඔයාට මොකද?

1157
01:12:20,791 --> 01:12:22,083
මම තාම මෙහේ ඉන්නවා නේද?

1158
01:12:23,833 --> 01:12:25,500
සමහරවිට එයාලා ගිය එක හොඳයි.

1159
01:12:26,125 --> 01:12:28,166
එයාලා අපිට අමතර බරක් විතරයි.

1160
01:12:28,625 --> 01:12:29,791
අමතර බරක්?

1161
01:12:33,000 --> 01:12:34,583
උඹ ඔය වගේ පහත් තැනකට
වැටෙයි කියලා මම හිතුවේ නෑ.

1162
01:12:34,791 --> 01:12:36,374
උඹ උඹේම ළමයින්ට බරක් කිව්වා.

1163
01:12:36,375 --> 01:12:38,125
මට තවත් තත්පරයක්වත් උඹත් එක්ක ඉන්න බෑ...

1164
01:12:44,666 --> 01:12:45,666
ශෝභා...

1165
01:12:48,041 --> 01:12:49,041
ඒයි...

1166
01:12:58,041 --> 01:12:59,041
ශෝභා...

1167
01:14:46,500 --> 01:14:49,458
<i>අපරාධ නඩු විධාන සංග්‍රහයේ
167 වැනි වගන්තිය යටතේ,</i>

1168
01:14:50,041 --> 01:14:55,040
<i>මේ උසාවිය සැකකාර භුවනේෂ් කුමාර් නොහොත් භුවනේෂ්ව,</i>

1169
01:14:55,041 --> 01:14:57,707
<i>දවස් දාහතරකට රිමාන්ඩ් කරනවා.</i>

1170
01:14:57,708 --> 01:14:59,040
ශෝභා මිනීමැරුම් නඩුව

1171
01:14:59,041 --> 01:15:00,790
එයාම පාපොච්චාරණය කරපු එක එක අතකට හොඳයි.

1172
01:15:00,791 --> 01:15:02,790
නැත්නම් අපිට මේක
මහා වදයක් වෙනවා.

1173
01:15:02,791 --> 01:15:03,833
ඇත්ත සර්.

1174
01:15:04,541 --> 01:15:06,666
ඒත් රාජුයි ළමයිනුයි
තාම අතුරුදහන් සර්.

1175
01:15:06,875 --> 01:15:08,666
ඌ කිව්වා රාජු ළමයින්ව එක්කන් ගියා කියලා නේද?

1176
01:15:09,166 --> 01:15:11,582
අනික උන් අතුරුදහන් වුණේ
අපේ ස්ටේෂන් සීමාව ඇතුළේ නෙවෙයිනේ.

1177
01:15:11,583 --> 01:15:13,165
පැමිණිල්ලකුත් නෑනේ.

1178
01:15:13,166 --> 01:15:15,333
සර්, අපි දන්නේ භුවනේෂ් කියපු දේ විතරයි.

1179
01:15:15,458 --> 01:15:16,790
ඉස්සෙල්ලා පැමිණිල්ලක් එන්න දෙන්නකෝ.

1180
01:15:16,791 --> 01:15:17,790
අපි එතකොට ඒක බලාගමු.

1181
01:15:17,791 --> 01:15:19,833
ඇයි නිකන් ප්‍රශ්න දාගන්නේ?

1182
01:15:20,000 --> 01:15:21,040
හරි සර්.

1183
01:15:21,041 --> 01:15:22,041
හරි එහෙනම්.

1184
01:15:32,750 --> 01:15:34,291
සමහර වෙලාවට අපි කේස් එකක් විසඳුවාම,

1185
01:15:34,791 --> 01:15:38,458
ලොක්කෝ අපිව අගය කරනකොට
මාර සතුටක් දැනෙන්නේ.

1186
01:15:39,333 --> 01:15:41,625
ඒත් වැඩේ අනිත් පැත්තට ගියොත්,

1187
01:15:41,875 --> 01:15:44,458
උන්ගේ කටින් පිටවෙන දේවල් ඇහුවාම...

1188
01:15:44,583 --> 01:15:46,333
කන් අඩි පුපුරනවා.

1189
01:15:51,666 --> 01:15:53,500
ඔයා මොනවා ගැනද කල්පනා කරන්නේ සර්?

1190
01:15:54,000 --> 01:15:55,000
මම නිකන්...

1191
01:15:55,458 --> 01:15:57,250
රාජුයි ළමයිනුයි ගැන කල්පනා කළේ.

1192
01:15:57,916 --> 01:15:59,666
සර්, ඔයා තාම ඒකෙමද එල්ලිලා ඉන්නේ?

1193
01:15:59,958 --> 01:16:01,708
මම ඔයාට උපදෙස් දෙනවා නෙවෙයි, ඒත්...

1194
01:16:02,083 --> 01:16:04,291
ඔයා අලුත් නිසායි ගැම්මෙන් ඉන්න නිසායි,

1195
01:16:04,500 --> 01:16:06,916
හැමදේම පස්සේ ඕනෙවට වඩා යන්න එපා.

1196
01:16:07,250 --> 01:16:09,291
ඒක පස්සේ ලොකු වදයක් වෙයි.

1197
01:16:09,875 --> 01:16:13,582
අර ලොක්කන්ට වඩා සාධාරණ වෙන්න ගිහින් වැඩක් නෑ.

1198
01:16:13,583 --> 01:16:14,625
ජෝයි... නවත්තන්න.

1199
01:16:15,000 --> 01:16:16,082
ආ, සොරි.

1200
01:16:16,083 --> 01:16:17,916
ජෝයි සර් නම් අද ෆුල් ෆෝම් එකේ ඉන්නේ.

1201
01:16:18,083 --> 01:16:19,415
නෑ, එහෙම මුකුත් නෑ.

1202
01:16:19,416 --> 01:16:20,540
ජෝයි, දැන් ඇති.

1203
01:16:20,541 --> 01:16:22,332
මම බලන් හිටියේ.
ඔයා දැන් ලිමිට් පනිනවා.

1204
01:16:22,333 --> 01:16:23,416
ලිමිට්?

1205
01:16:23,750 --> 01:16:25,624
අද අජීබ් සර්ගේ ට්‍රීට් එක.

1206
01:16:25,625 --> 01:16:27,416
- ඇහුණාද?
- ආ, එහෙමද?

1207
01:16:36,208 --> 01:16:38,333
හලෝ, මේ ධර්මදොම් පොලිස් ස්ටේෂන් එක.

1208
01:16:38,750 --> 01:16:40,083
කාටද කතා කරන්නේ? ගෝවා?

1209
01:16:40,708 --> 01:16:42,375
ඔව්... ඔව් සර්.

1210
01:16:42,708 --> 01:16:44,665
මෙහේ කේස් රෙජිස්ටර් කරලා නෑ.

1211
01:16:44,666 --> 01:16:45,874
මධු සර්...

1212
01:16:45,875 --> 01:16:47,708
- සර්... මේක ඉංග්‍රීසියෙන්.
- ඔයාට දාඩියත් දාලා.

1213
01:16:48,166 --> 01:16:49,958
හලෝ, මම ස්ටේෂන් එකේ SI කතා කරන්නේ.

1214
01:16:50,916 --> 01:16:52,583
ඔව්, මට කේස් එකේ විස්තර ටික දෙන්න.

1215
01:16:56,708 --> 01:16:58,250
ඇඩ්‍රස් එකත් දෙනවද?

1216
01:17:02,291 --> 01:17:03,333
හරි.

1217
01:17:05,208 --> 01:17:06,290
හරි.

1218
01:17:06,291 --> 01:17:07,332
අපි ඒ ඇඩ්‍රස් එකට යන්නම්.

1219
01:17:07,333 --> 01:17:09,333
එතන කවුරුහරි හිටියොත්,
අපි ආයේ කෝල් කරන්නම්.

1220
01:17:11,208 --> 01:17:14,332
මේ ඇඩ්‍රස් එකට ගිහින්
ඒ මිනිස්සුන්ව ස්ටේෂන් එකට අරන් එන්න.

1221
01:17:14,333 --> 01:17:15,290
හරි සර්.

1222
01:17:15,291 --> 01:17:17,582
එන ගමන්ම,
හොඳ ඉංග්‍රීසි ටියුටර් කෙනෙක්වත් හොයාගන්න.

1223
01:17:17,583 --> 01:17:19,625
මේ පාරත් සර් හිටපු එක
ලොකු දෙයක් සර්.

1224
01:17:19,833 --> 01:17:22,375
ගිය පාර කර්ණාටකවලින් හින්දි.

1225
01:17:22,500 --> 01:17:24,500
දැන් ගෝවාවලින් ඉංග්‍රීසි.

1226
01:17:24,625 --> 01:17:26,041
ඊළඟට කවුරු කෝල් කරයිද දන්නේ නෑ.

1227
01:17:33,333 --> 01:17:34,958
තවත් කෝල්ස් එපා!

1228
01:17:35,416 --> 01:17:37,958
<i>ගිය පාර කර්ණාටකවලින් හින්දි.</i>

1229
01:17:38,083 --> 01:17:40,499
<i>දැන් ගෝවාවලින් ඉංග්‍රීසි.</i>

1230
01:17:45,208 --> 01:17:46,540
- සර්?
- ඔව් සර්.

1231
01:17:46,541 --> 01:17:48,040
අර කර්ණාටකවලින් ආපු කෝල්ස්...

1232
01:17:48,041 --> 01:17:49,041
අර හින්දි එකද?

1233
01:17:49,208 --> 01:17:50,458
ඒකේ විස්තර ටික ගන්න පුළුවන්ද?

1234
01:17:57,500 --> 01:17:58,500
මෙන්න සර්.

1235
01:18:08,250 --> 01:18:09,416
එයා කියපු අර ගම...

1236
01:18:09,541 --> 01:18:10,541
කොච්චර දුරද?

1237
01:18:11,750 --> 01:18:12,958
ඔයාගේ ළමයි කොහෙද?

1238
01:18:13,458 --> 01:18:14,708
මගේ අක්කාගේ ගෙදර.

1239
01:18:15,083 --> 01:18:16,750
- ඒ කොහෙද?
- බෙල්ලූරු.

1240
01:18:17,166 --> 01:18:18,583
නෑ සර්. චිත්‍රහල්ලි.

1241
01:18:18,750 --> 01:18:20,500
බෙල්ලූරු කියන්නේ කැලෑ පැත්තක් සර්.

1242
01:18:34,500 --> 01:18:38,541
පස්වෙනි කොටස
රන්තල් - සාක්ෂිකරු

1243
01:18:41,833 --> 01:18:43,375
- හලෝ අජීබ් සර්.
- හලෝ විවේක්.

1244
01:18:43,500 --> 01:18:44,500
මොකද වෙන්නේ සර්?

1245
01:18:44,750 --> 01:18:46,291
- කොහොමද ඔයාට?
- හොඳයි විවේක්.

1246
01:18:46,625 --> 01:18:48,458
- මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ.
- සර්.

1247
01:18:48,750 --> 01:18:50,207
මේ බෙල්ලූරු කියන තැන.

1248
01:18:50,208 --> 01:18:51,708
අපි ගිය තැනට කිට්ටුව නේද තියෙන්නේ?

1249
01:18:51,916 --> 01:18:54,708
මෙතන ඉඳන් කිලෝමීටර් 25ක් විතර දුරයි.

1250
01:18:54,958 --> 01:18:56,207
- හරි.
- දළ වශයෙන්...

1251
01:18:56,208 --> 01:18:57,750
ඒත් ඒවා කැලෑ පැති සර්.

1252
01:18:58,541 --> 01:18:59,625
මොකද වුණේ සර්?

1253
01:18:59,916 --> 01:19:02,082
හරි...
ඒක ඔයාලගේ ස්ටේෂන් ලිමිට් එකේම නේද තියෙන්නේ?

1254
01:19:02,083 --> 01:19:03,083
නෑ නෑ සර්.

1255
01:19:03,625 --> 01:19:05,708
ඒත් එහේ ඉන්න SI මගේ හොඳ යාළුවෙක්.

1256
01:19:05,958 --> 01:19:07,374
හරි, එහෙනම් එයාට අපිට උදව් කරන්න පුළුවන්ද?

1257
01:19:07,375 --> 01:19:09,208
ඔව්, ඔයාට ඕනේ මොනවද කියලා
මට කියන්න.

1258
01:19:09,333 --> 01:19:10,707
<i>- එයා ඒක කරයි.</i>
- හරි හරි.

1259
01:19:10,708 --> 01:19:12,207
මම ඔයාට කේස් නම්බර් එකක් එවන්නම්

1260
01:19:12,208 --> 01:19:14,000
ඒ ස්ටේෂන් එකේ රෙජිස්ටර් වුණ.

1261
01:19:14,250 --> 01:19:16,290
ඒකේ ඔක්කොම විස්තර ටික
මට අරන් දෙන්න පුළුවන්ද?

1262
01:19:16,291 --> 01:19:17,583
අනිවාර්යයෙන්ම, මම ඒක කරන්නම්.

1263
01:19:17,875 --> 01:19:19,624
හරි, මම දැන්ම විස්තර ටික එවන්නම්.

1264
01:19:19,625 --> 01:19:20,666
<i>- හරි සර්.</i>
- හරි.

1265
01:19:28,750 --> 01:19:29,874
අජීබ් සර්...

1266
01:19:29,875 --> 01:19:31,666
ඔයා අලුත් දෙයකට අත ගහලා වගේ?

1267
01:19:31,791 --> 01:19:33,000
නෑ, එහෙම මුකුත් නෑ සර්.

1268
01:19:34,791 --> 01:19:36,291
මම දවස් දෙකක නිවාඩුවක් ගන්නවා.

1269
01:19:36,666 --> 01:19:37,957
මට ගමනක් යන්න තියෙනවා.

1270
01:19:37,958 --> 01:19:39,708
- කොහෙද?
- මම ආවාම කියන්නම්.

1271
01:19:44,375 --> 01:19:45,375
රහසක්, ආ?

1272
01:19:52,333 --> 01:19:54,540
<i>අඳුරගන්න බැරි මිනියක් හම්බුණා</i>

1273
01:19:54,541 --> 01:19:55,749
<i>අපේ සීමාව ඇතුළේ</i>

1274
01:19:55,750 --> 01:19:56,791
<i>අපේ රේන්ජර්ස්ලාට.</i>

1275
01:19:58,000 --> 01:20:00,625
<i>අපිට හම්බුණ එකම සාක්ෂිය තමා</i>

1276
01:20:01,291 --> 01:20:03,375
<i>මිනිය ළඟ තිබ්බ මේ ලාම්පුව.</i>

1277
01:20:04,833 --> 01:20:06,040
<i>අපිට ධර්මදොම් කියලා</i>

1278
01:20:06,041 --> 01:20:07,208
<i>ලාම්පුව යට ගහලා තියෙනවා හම්බුණා</i>

1279
01:20:07,458 --> 01:20:08,499
<i>ඒ නිසයි</i>

1280
01:20:08,500 --> 01:20:10,583
<i>මේ කේස් එක ඔයාලගේ ස්ටේෂන් එකට දැම්මේ.</i>

1281
01:20:11,125 --> 01:20:12,790
<i>ලාම්පුවේ යට කොටස</i>

1282
01:20:12,791 --> 01:20:15,416
<i>ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබ්බේ නෑ.</i>

1283
01:20:16,000 --> 01:20:17,583
<i>අපි විශ්වාස කරනවා මැරුණු කෙනා</i>

1284
01:20:17,708 --> 01:20:19,541
<i>ඔයාලගේ පැත්තට අයිති කෙනෙක් කියලා.</i>

1285
01:20:20,458 --> 01:20:22,750
<i>අපි සැක කරන්නේ මේක සියදිවි නසාගැනීමක් කියලා.</i>

1286
01:20:23,375 --> 01:20:27,208
<i>අපි ඔයාලට ෆොරෙන්සික් සහ
කෙමිකල් ඇනලයිසිස් රිපෝට්ස් මේල් කළා</i>

1287
01:20:27,583 --> 01:20:29,458
වැඩිදුර විමර්ශනය සඳහා.

1288
01:20:30,375 --> 01:20:31,916
මේ ලාම්පුව ගත්තේ මෙහෙන්ද?

1289
01:20:34,708 --> 01:20:35,957
මේක...

1290
01:20:35,958 --> 01:20:37,583
- ඔව්, මේක අපේ කඩෙන්.
- මොකක්?

1291
01:20:37,833 --> 01:20:39,040
මේක ගත්තේ මෙහෙන් සර්.

1292
01:20:39,041 --> 01:20:40,332
ඔයා කොහොමද එච්චර ෂුවර් කරන්නේ?

1293
01:20:40,333 --> 01:20:42,333
මේ යට තියෙන ස්ටිකර් එක අපේ.

1294
01:20:42,458 --> 01:20:43,666
- මේකද?
- ඔව්.

1295
01:20:44,416 --> 01:20:45,582
මතකද අර ෆිල්ම් කෲ එක

1296
01:20:45,583 --> 01:20:48,541
කාලෙකට කලින් මේවා විස්සක් ගත්ත?

1297
01:20:48,916 --> 01:20:51,957
එයාලා කිව්වා ඒක සින්දුවක් ෂූට් කරන්න කියලා
වගේම විශේෂයෙන්ම මේ පාටම ඉල්ලුවා.

1298
01:20:51,958 --> 01:20:52,999
ඔයාට මතක නැද්ද?

1299
01:20:53,000 --> 01:20:54,957
මේ ලාම්පු සාමාන්‍යයෙන්
මේ පාටින් එන්නේ නෑ.

1300
01:20:54,958 --> 01:20:56,790
ඒකයි... මට මතක් වුණේ ඒකයි.

1301
01:20:56,791 --> 01:20:57,791
හරි.

1302
01:20:58,333 --> 01:21:00,915
ඔයා ගාව එයාලගේ නම්බර් එක හරි
ඇඩ්‍රස් එක හරි තියෙනවද?

1303
01:21:00,916 --> 01:21:02,165
ඇති. මම බලන්නම්.

1304
01:21:05,500 --> 01:21:07,333
මෙන්න එදා ආපු මනුස්සයාගේ
නම්බර් එක.

1305
01:21:07,500 --> 01:21:08,707
ඔයාට ෂුවර්ද මේකමයි කියලා?

1306
01:21:08,708 --> 01:21:09,708
මට ෂුවර්.

1307
01:21:50,875 --> 01:21:53,333
අපිට භුවනේෂ්ව කස්ටඩි එකට ගන්න
රික්වෙස්ට් එකක් දෙන්න වෙනවා සර්.

1308
01:22:08,958 --> 01:22:09,958
ඔයා දන්නවද...

1309
01:22:10,125 --> 01:22:12,708
ඔයා ෆිල්ම්ස්වල
ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න නරකයි.

1310
01:22:12,958 --> 01:22:14,375
ඔයා රචකයෙක් වෙන්න තිබ්බේ.

1311
01:22:14,583 --> 01:22:15,583
මම හරි නේද, අජීබ්?

1312
01:22:16,208 --> 01:22:17,583
ඔයාගේ කතාවේ අඩුවක් තියෙනවා

1313
01:22:18,125 --> 01:22:19,833
කෑලි කීපයක්.

1314
01:22:20,833 --> 01:22:22,250
ඔයාගේ කටඋත්තරේට අනුව,

1315
01:22:22,666 --> 01:22:26,083
ඔයා තරහෙන් ශෝභාට ගැහුවා
ළමයින්ට රාජු එක්ක යන්න දුන්නට.

1316
01:22:26,625 --> 01:22:29,125
එයා වැටිලා, ඔළුව වැදිලා
ඒ පහරින් මැරුණා.

1317
01:22:29,333 --> 01:22:30,666
- හරිද?
- ම්...

1318
01:22:31,416 --> 01:22:33,207
ඒත් කොහොමද ඇත්තටම නැති කෙනෙක්

1319
01:22:33,208 --> 01:22:34,625
ළමයින්ව අරන් යන්නේ, සර්?

1320
01:22:36,041 --> 01:22:37,041
ඉතින්, එයාගේ කතාවේ,

1321
01:22:37,166 --> 01:22:38,166
ඕනෙ දෙයක් වෙන්න පුළුවන්.

1322
01:22:40,291 --> 01:22:41,749
කියපන්, භුවනේෂ්.

1323
01:22:41,750 --> 01:22:42,750
රාජු කොහෙද?

1324
01:22:43,083 --> 01:22:44,083
කවුද සර්?

1325
01:22:44,791 --> 01:22:46,833
උඹේ ඩුප්ලිකේට් එක... රාජු.

1326
01:22:47,791 --> 01:22:48,791
තේරුණේ නැද්ද?

1327
01:22:49,083 --> 01:22:50,957
ආ, ඒක අනිත් පැත්ත.

1328
01:22:50,958 --> 01:22:52,291
උඹ එයාගේ ඩුප්ලිකේට් එක.

1329
01:22:52,625 --> 01:22:53,624
සර්...

1330
01:22:53,625 --> 01:22:55,249
මම මුකුත් දන්නේ නෑ සර්.

1331
01:22:55,250 --> 01:22:56,958
උඹේ අතට මොකද වුණේ භුවනේෂ්?

1332
01:23:05,291 --> 01:23:06,666
උඹට මේ සින්දුව මතකද?

1333
01:23:14,916 --> 01:23:15,916
නෑ සර්.

1334
01:23:16,125 --> 01:23:17,125
නැද්ද?

1335
01:23:21,458 --> 01:23:22,458
මේක?

1336
01:23:24,000 --> 01:23:25,000
තාමත් මතක නැද්ද?

1337
01:23:26,750 --> 01:23:27,750
බලපන්.

1338
01:23:28,250 --> 01:23:29,250
මෙහෙ බලපන්.

1339
01:23:30,208 --> 01:23:31,208
මේක ගැන මොකද කියන්නේ?

1340
01:23:31,500 --> 01:23:33,625
සර්, මට ඇත්තටම මුකුත් මතක නෑ.

1341
01:23:33,791 --> 01:23:35,250
මතක නෑ, නේද?

1342
01:23:38,166 --> 01:23:39,333
ඒක අවාසනාවක් නේද සර්?

1343
01:23:40,541 --> 01:23:41,583
සාමාන්‍යයෙන්...

1344
01:23:41,750 --> 01:23:42,790
අජීබ්...

1345
01:23:42,791 --> 01:23:44,457
ඇයි ඔයා මුට ඔක්කොම පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ?

1346
01:23:44,458 --> 01:23:45,916
සමහරවිට ඒකෙන් මතකය අලුත් වෙයි.

1347
01:23:46,250 --> 01:23:48,791
උඹ කොඩුවල්ලිවලට ආවේ ෆිල්ම් ෂූට් එකකට.

1348
01:23:49,958 --> 01:23:51,416
දැන් ඒ කොටස ඇත්ත.

1349
01:23:53,125 --> 01:23:54,625
ඉතින්, අපි එතනින් පටන් ගමු.

1350
01:24:24,416 --> 01:24:26,500
<i>♪ එයාලා ඔක්කොම දැනගන්න අඬා වැලපෙනවා ♪</i>

1351
01:24:26,750 --> 01:24:29,415
<i>♪ කවුද මේ ලස්සන අභිරහස? ♪</i>

1352
01:24:29,416 --> 01:24:31,708
<i>♪ කොල්ලනේ, ඇස් පිනවාගන්න ♪</i>

1353
01:24:32,041 --> 01:24:34,500
<i>♪ මම තමා ඔයාලගේ උපරිම ෆැන්ටසිය ♪</i>

1354
01:24:34,625 --> 01:24:37,249
<i>♪ මට මෙතන එක පිරිමියෙක් පෙන්නන්න ♪</i>

1355
01:24:37,250 --> 01:24:39,874
<i>♪ මගේ එක ස්පර්ශයකට ආසා නැති? ♪</i>

1356
01:24:39,875 --> 01:24:42,499
<i>♪ ඒත් මම කෑදර අත්වලට අහු වෙන්නේ නෑ ♪</i>

1357
01:24:42,500 --> 01:24:45,124
<i>♪ පෝලිමට ඇවිත් මම බබළනවා බලන්න ♪</i>

1358
01:24:45,125 --> 01:24:46,874
<i>♪ හැමෝටම කරකැවිල්ල වගේ ♪</i>

1359
01:24:46,875 --> 01:24:48,916
<i>♪ මගේ මත්කරවන මායාවට ♪</i>

1360
01:24:50,250 --> 01:24:52,791
<i>♪ මම රත්තරන්, පැටියෝ, පිරිසිදුයි, නිදොස් ♪</i>

1361
01:24:52,916 --> 01:24:55,250
<i>♪ ඔයාට කවදාවත් ගන්න බැරි වටිනාම නිධානය ♪</i>

1362
01:24:55,500 --> 01:24:57,958
<i>♪ මම රත්තරන්, පැටියෝ, පිරිසිදුයි, නිදොස් ♪</i>

1363
01:24:58,125 --> 01:25:00,624
<i>♪ ඔයාට කවදාවත් ගන්න බැරි වටිනාම නිධානය ♪</i>

1364
01:25:00,625 --> 01:25:03,000
<i>♪ රත්තරන්, පිරිසිදු රත්තරන් ♪</i>

1365
01:25:03,375 --> 01:25:05,625
<i>♪ ඔයා තමා වටිනාම රත්තරන් ♪</i>

1366
01:25:05,958 --> 01:25:08,208
<i>♪ රත්තරන්, පිරිසිදු රත්තරන් ♪</i>

1367
01:25:08,541 --> 01:25:10,750
<i>♪ ඔයා තමා වටිනාම රත්තරන් ♪</i>

1368
01:25:39,875 --> 01:25:42,125
<i>♪ රත්තරන්, පිරිසිදු රත්තරන් ♪</i>

1369
01:25:47,958 --> 01:25:50,458
<i>♪ මේ ලස්සන දිහා එක පාරක් බැලුවොත් ♪</i>

1370
01:25:50,708 --> 01:25:53,041
<i>♪ නගරේ රජා වුණත් දුවගෙන එනවා ♪</i>

1371
01:25:53,208 --> 01:25:55,666
<i>♪ එක හාදුවක් ඉල්ලලා අඬා වැලපෙනවා ♪</i>

1372
01:25:55,958 --> 01:25:58,250
<i>♪ එයා මට එයාගේ රැජින විදිහට ඔටුනු පැළඳුවා ♪</i>

1373
01:25:58,458 --> 01:26:01,500
<i>♪ ආ, දැන් කෙල්ලෙක් මොකද කරන්න ඕනේ? ♪</i>

1374
01:26:03,541 --> 01:26:06,291
<i>♪ මගේ තොල්වලට ලැජ්ජයි, කතා කරගන්න බෑ ♪</i>

1375
01:26:08,083 --> 01:26:09,874
<i>♪ මම එයාට බෑ කියන්නද? ♪</i>

1376
01:26:09,875 --> 01:26:10,915
<i>♪ නිකන් අතහැරලා දාන්න! ♪</i>

1377
01:26:10,916 --> 01:26:12,165
<i>♪ නැත්නම් මම එයාට හා කියන්නද? ♪</i>

1378
01:26:12,166 --> 01:26:13,416
<i>♪ නිකන් අතහැරලා දාන්න! ♪</i>

1379
01:26:13,958 --> 01:26:16,875
<i>♪ දැන් ඇහෙන්නේ
ආදරේ තනුව විතරයි ♪</i>

1380
01:26:18,958 --> 01:26:21,166
<i>♪ මම රත්තරන්, පැටියෝ, පිරිසිදුයි, නිදොස් ♪</i>

1381
01:26:21,625 --> 01:26:23,958
<i>♪ ඔයාට කවදාවත් ගන්න බැරි වටිනාම නිධානය ♪</i>

1382
01:26:24,208 --> 01:26:26,458
<i>♪ මම රත්තරන්, පැටියෝ, පිරිසිදුයි, නිදොස් ♪</i>

1383
01:26:26,833 --> 01:26:29,333
<i>♪ ඔයාට කවදාවත් ගන්න බැරි වටිනාම නිධානය ♪</i>

1384
01:26:29,458 --> 01:26:31,625
<i>♪ රත්තරන්, පිරිසිදු රත්තරන් ♪</i>

1385
01:26:32,041 --> 01:26:34,291
<i>♪ ඔයා තමා වටිනාම රත්තරන් ♪</i>

1386
01:26:34,625 --> 01:26:36,875
<i>♪ රත්තරන්, පිරිසිදු රත්තරන් ♪</i>

1387
01:26:37,291 --> 01:26:39,541
<i>♪ ඔයා තමා වටිනාම රත්තරන් ♪</i>

1388
01:26:39,833 --> 01:26:42,000
<i>♪ රත්තරන්, පිරිසිදු රත්තරන් ♪</i>

1389
01:26:42,458 --> 01:26:44,708
<i>♪ ඔයා තමා වටිනාම රත්තරන් ♪</i>

1390
01:26:45,041 --> 01:26:47,333
<i>♪ රත්තරන්, පිරිසිදු රත්තරන් ♪</i>

1391
01:26:47,666 --> 01:26:49,958
<i>♪ ඔයා තමා වටිනාම රත්තරන් ♪</i>

1392
01:26:50,958 --> 01:26:52,124
කට්!

1393
01:26:52,125 --> 01:26:53,208
පැකප්!

1394
01:27:01,583 --> 01:27:03,582
උඹ අර ෆිල්ම් ලොකේෂන් එකෙන්
ගත්ත ලාම්පුව...

1395
01:27:03,583 --> 01:27:04,833
උඹේ ප්‍රියතම ලාම්පුව.

1396
01:27:05,500 --> 01:27:06,666
දැන් මතකද?

1397
01:27:10,000 --> 01:27:11,250
උඹේ ඒ වටිනා ලාම්පුව...

1398
01:27:11,416 --> 01:27:15,040
කොහොමද ඒක පිච්චිච්ච
පිරිමි මිනියක් ළඟට ගියේ

1399
01:27:15,041 --> 01:27:17,583
වයස හතළිස් පහක විතර
බෙල්ලූරු රක්ෂිත වනාන්තරේ?

1400
01:27:18,166 --> 01:27:19,500
මම දන්නේ නෑ සර්.

1401
01:27:19,750 --> 01:27:21,000
උඹ මුකුත් දන්නේ නෑ, ආ?

1402
01:27:21,250 --> 01:27:22,124
නෑ සර්.

1403
01:27:22,125 --> 01:27:23,332
උඹට මුකුත් මතක නැද්ද?

1404
01:27:23,333 --> 01:27:24,333
නෑ.

1405
01:27:24,541 --> 01:27:25,999
ෆොරෙන්සික් රිපෝට් එකට අනුව,

1406
01:27:26,000 --> 01:27:28,583
ලාම්පුවේ තිබ්බ කෙමිකල් එකම
මිනියෙත් තිබිලා තියෙනවා.

1407
01:27:29,541 --> 01:27:31,707
ඉතින්, ඒක අහම්බෙන් එතනට ගියා නෙවෙයි.

1408
01:27:31,708 --> 01:27:33,125
මම මුකුත් කළේ නෑ සර්.

1409
01:27:33,541 --> 01:27:35,750
මම දිවුරනවා,
සර් ඔය කියන දෙයක් මම දන්නේ නෑ.

1410
01:27:35,875 --> 01:27:37,790
මේක දැනටමත් කන්ෆර්ම් වෙලා තියෙන්නේ

1411
01:27:37,791 --> 01:27:39,708
උඹ වැඩ කරපු ෆිල්ම් එකේ
පාවිච්චි කරපු ලාම්පුවක් කියලා.

1412
01:27:40,333 --> 01:27:41,457
අනික,

1413
01:27:41,458 --> 01:27:43,333
උඹේ ෆෝන් එකේ CDR එකෙන් ඔප්පු වෙනවා

1414
01:27:43,500 --> 01:27:45,541
ශෝභාව මරපු දවසේ
උඹ මේ පැත්තේ හිටියා කියලා.

1415
01:27:46,458 --> 01:27:47,875
අනික අවුරුද්දකට කලින්,

1416
01:27:48,083 --> 01:27:50,415
ඔය ෆෝන් එකම ඇක්ටිව් වෙලා තියෙනවා
බෙල්ලූරු ටවර් රේන්ජ් එකේ

1417
01:27:50,416 --> 01:27:52,208
මේ මිනිය හම්බුණ තැන කිට්ටුව.

1418
01:27:54,250 --> 01:27:55,250
දැන් කියපන්.

1419
01:27:56,458 --> 01:27:58,500
එදා උඹ මරලා පිච්චුවේ කාවද?

1420
01:28:00,833 --> 01:28:03,041
උඹට තාම මතක නැති නිසා
මම කියන්නද?

1421
01:28:04,375 --> 01:28:05,374
ඒ රාජු නේද?

1422
01:28:39,750 --> 01:28:41,000
මොකද වුණේ?

1423
01:28:58,500 --> 01:28:59,916
මම ඔයාට කිව්වේ නැද්ද?

1424
01:29:00,375 --> 01:29:02,500
ඊයේ රෑ කවුරුහරි කැරකෙනවා මම දැක්කා.

1425
01:29:03,208 --> 01:29:04,458
ඒ වෙන කවුරුවත් නෙවෙයි.

1426
01:29:05,250 --> 01:29:06,250
ඒ එයා.

1427
01:29:06,541 --> 01:29:08,333
විකාර කියවන්න එපා.

1428
01:29:08,666 --> 01:29:09,874
ඔයාට එහෙම හිතෙන්න ඇති.

1429
01:29:09,875 --> 01:29:11,541
අනේ... මාව විශ්වාස කරන්න.

1430
01:29:11,833 --> 01:29:13,791
සාමාන්‍යයෙන්, එයා වැඩට යන්න කලින්,

1431
01:29:14,041 --> 01:29:15,708
හැමතිස්සෙම මට කියලා යන්නේ.

1432
01:29:16,250 --> 01:29:18,583
ඒත් අද එයා වචනයක්වත් නොකියා ගියා.

1433
01:29:21,791 --> 01:29:23,708
එයා ගැන හිතද්දි මට බය හිතෙනවා.

1434
01:29:24,875 --> 01:29:26,291
එයා අනිවාර්යයෙන්ම මාව මරයි.

1435
01:29:28,666 --> 01:29:29,833
මුකුත් වෙන්නේ නෑ.

1436
01:29:29,958 --> 01:29:31,000
බය වෙන්න එපා.

1437
01:29:31,500 --> 01:29:32,500
මම ඒක බලාගන්නම්.

1438
01:29:40,041 --> 01:29:41,124
ඒයි, ශෝභා.

1439
01:29:41,125 --> 01:29:42,125
ඉන්නවා.

1440
01:30:09,875 --> 01:30:11,500
<i>මැරියන්, කාලකණ්ණි බල්ලා!</i>

1441
01:30:16,916 --> 01:30:18,666
<i>මම උඹව මරනවා...</i>

1442
01:30:19,958 --> 01:30:21,666
උඹ මොකක්ද උඹ ගැන හිතන් ඉන්නේ?

1443
01:30:22,750 --> 01:30:24,541
<i>උඹ හිතන් ඉන්නේ උඹ ලෝක රූමතිය කියලද?</i>

1444
01:30:27,083 --> 01:30:28,875
<i>ජරා බල්ලා!</i>

1445
01:31:04,791 --> 01:31:05,833
වරෙන්.

1446
01:31:14,208 --> 01:31:15,416
මම වතුර ටිකක් ගේන්නම්.

1447
01:31:19,291 --> 01:31:21,041
මට වතුර ටිකක් ඕනේ.

1448
01:31:22,500 --> 01:31:23,500
වීදුරු දෙකකුත් එක්ක.

1449
01:32:30,708 --> 01:32:31,708
ඒයි...

1450
01:32:31,958 --> 01:32:33,791
උඹලා දෙන්නා අතරේ මොකක්ද වෙන්නේ, ආ?

1451
01:32:37,250 --> 01:32:38,458
ශෝභා මගේ ගෑනි.

1452
01:32:39,875 --> 01:32:41,250
එයා බඳින්න කලිනුත්

1453
01:32:41,541 --> 01:32:42,583
දැනුත්.

1454
01:32:45,041 --> 01:32:47,458
එයා ටික කාලයක් උඹත් එක්ක හිටියා කියලා
මට ගාණක් නෑ.

1455
01:36:10,958 --> 01:36:12,041
මේක අල්ලගනින්.

1456
01:37:04,375 --> 01:37:05,625
ඒයි, පස්සට පලයන්!

1457
01:37:25,875 --> 01:37:27,125
උඹ කිව්වා

1458
01:37:27,333 --> 01:37:32,083
උඹ ශෝභාව මැරුවේ
එයා ළමයින්ට රාජු එක්ක යන්න දුන්න නිසා කියලා.

1459
01:37:32,541 --> 01:37:34,750
ඒත් අපි දන්නවා ඒක නෙවෙයි ඇත්ත කියලා.

1460
01:37:35,583 --> 01:37:38,708
ශෝභාව මරන්න උඹේ ඇත්තම හේතුව මොකක්ද?

1461
01:37:40,041 --> 01:37:43,458
ශෝභා මට වද දුන්නා...

1462
01:37:43,833 --> 01:37:46,000
එයාව මගේ ගමට එක්කන් ගිහින්
පවුලක් විදිහට ජීවත් වෙන්න කියලා.

1463
01:37:47,000 --> 01:37:48,208
මට ඒකට කැමති වෙන්න බැරි වුණා.

1464
01:37:49,500 --> 01:37:53,083
අපි ඒක ගැන ලොකු රණ්ඩුවක් දාගත්තා.

1465
01:37:54,250 --> 01:37:56,208
ඇයි ඔයාට ඔයාගේ ගමට යන්න බැරි?

1466
01:37:56,833 --> 01:37:59,708
ඔයාට වෙන ගෑනියෙකුයි ළමයෙකුයි හිටියා කියලා
මට ගාණක් නෑ.

1467
01:38:01,458 --> 01:38:05,333
මට ඕනේ ලෝකයා ඉස්සරහා
ඔයාගේ ගෑනි විදිහට ජීවත් වෙන්න විතරයි.

1468
01:38:08,625 --> 01:38:10,625
මම ඔයා වෙනුවෙන් හැමදේම අතහැරියා.

1469
01:38:12,833 --> 01:38:15,541
ඔයාට සතුටින් ජීවත් වෙන්න
පුළුවන් කියලා හිතන්න එපා

1470
01:38:15,750 --> 01:38:17,166
මාව මෙහේ දුක් විඳින්න දාලා.

1471
01:38:19,291 --> 01:38:21,875
මටත් මගේ ආඩම්බරයයි ගෞරවයයි තියෙනවා.

1472
01:38:25,500 --> 01:38:28,583
ඔයා හිතනවා නම් මාව රවට්ටන්න පුළුවන් කියලා,

1473
01:38:28,750 --> 01:38:30,541
මම ඔයාට ලේසියෙන් යන්න දෙන්නේ නෑ.

1474
01:38:31,375 --> 01:38:35,290
මම මුළු ලෝකෙටම කියනවා
ඔයා රාජුට කරපු දේ.

1475
01:39:08,041 --> 01:39:09,375
මම පවක් කළා සර්!

1476
01:39:10,583 --> 01:39:12,290
මම පවක් කළා සර්!

1477
01:39:12,291 --> 01:39:14,000
මම පව් කළා!

1478
01:39:19,541 --> 01:39:20,791
අර ළමයින්ට මොකද වුණේ?

1479
01:39:22,208 --> 01:39:23,832
ඌ උන්වත් පුච්චලා මරන්න ඇති.

1480
01:39:23,833 --> 01:39:26,000
සර්... නෑ සර්...

1481
01:39:26,375 --> 01:39:27,832
මම උන්ට මුකුත් කළේ නෑ සර්.

1482
01:39:27,833 --> 01:39:29,415
එහෙනම්? අර ළමයි කොහෙද?

1483
01:39:29,416 --> 01:39:31,875
මම මුකුත් දන්නේ නෑ සර්.

1484
01:39:33,125 --> 01:39:34,624
මම උන්ට මුකුත් කළේ නෑ සර්.

1485
01:39:34,625 --> 01:39:36,791
මම දිවුරනවා උන් කොහෙද කියලා මම දන්නේ නෑ සර්.

1486
01:39:39,333 --> 01:39:40,832
මම තෝව පාගලා මරනවා!

1487
01:39:40,833 --> 01:39:43,375
සර්... සර්... සර්...

1488
01:39:43,875 --> 01:39:45,166
උඹ ඇත්ත කියනවා නම් හොඳයි.

1489
01:39:46,583 --> 01:39:47,707
උඹ අර ළමයින්ට මොකද කළේ?

1490
01:39:47,708 --> 01:39:48,999
මම මුකුත් කළේ නෑ සර්!

1491
01:39:49,000 --> 01:39:51,082
- උඹ උන්ව මැරුවද?
- නෑ සර්! නෑ සර්!

1492
01:39:51,083 --> 01:39:52,457
නැත්නම් කාටහරි වික්කාද?

1493
01:39:52,458 --> 01:39:54,707
නෑ සර්! මම මුකුත් කළේ නෑ සර්!

1494
01:39:54,708 --> 01:39:56,083
එහෙනම් ඒ ළමයි කොහෙද?

1495
01:39:56,458 --> 01:39:57,791
මම කියන්නම් සර්...

1496
01:39:58,000 --> 01:39:59,165
මම කියන්නම්...

1497
01:39:59,166 --> 01:40:01,000
ඒ ළමයි කොහෙද කාලකණ්ණියෝ?

1498
01:40:01,250 --> 01:40:03,290
මම කියන්නම් සර්...
මම ළමයින්ට කරදරයක් කළේ නෑ සර්...

1499
01:40:03,291 --> 01:40:04,458
මම මුකුත් කළේ නෑ සර්...

1500
01:41:13,250 --> 01:41:14,458
අප්පා...

1501
01:41:16,833 --> 01:41:18,666
මට බඩගිනියි අප්පා...

1502
01:41:37,000 --> 01:41:38,000
කන්න.

1503
01:41:40,625 --> 01:41:41,875
අම්මා?

1504
01:41:42,416 --> 01:41:43,416
අම්මා?

1505
01:41:44,333 --> 01:41:46,333
අම්මා එළියට ගියා.

1506
01:41:52,708 --> 01:41:54,333
මට අම්මව බලන්න ඕනේ.

1507
01:41:54,875 --> 01:41:56,040
ඔයාට අම්මව බලන්න ඕනෙද?

1508
01:41:56,041 --> 01:41:57,166
හරි.

1509
01:41:58,125 --> 01:41:59,583
ඔයාලට අම්මා ගාවට යන්න ඕනෙද?

1510
01:42:01,083 --> 01:42:02,208
මේක කන්න.

1511
01:42:04,083 --> 01:42:05,250
අපි ඔයාලගේ අම්මා ගාවට යමු.

1512
01:42:08,500 --> 01:42:10,958
මම හිතුවා ළමයින්ව මාත් එක්ක එක්කන් යන්න.

1513
01:42:11,916 --> 01:42:13,000
ඒත්...

1514
01:42:13,625 --> 01:42:15,833
මගේ ගමේ මට වෙන පවුලක් ඉන්න නිසා,

1515
01:42:17,125 --> 01:42:18,208
මම තීරණය කළා

1516
01:42:18,750 --> 01:42:21,333
එයාලව අනාථ නිවාසෙකට දාන්න.

1517
01:42:30,416 --> 01:42:34,000
මම ළමයින්ව අනාථ නිවාස දෙක තුනකටම
අරන් ගියා සර්.

1518
01:42:35,125 --> 01:42:36,208
ඒත්,

1519
01:42:36,458 --> 01:42:38,458
ඒ එකකින්වත් ළමයින්ව බාරගත්තේ නෑ.

1520
01:42:40,208 --> 01:42:41,291
අන්තිමට...

1521
01:43:52,083 --> 01:43:54,000
ඒයි... නංගිව බලාගන්නවා, හරිද?

1522
01:43:55,541 --> 01:43:57,665
මම කන්න මොනවාහරි අරන් එන්නම්.

1523
01:43:57,666 --> 01:43:58,916
හරි අප්පා.

1524
01:44:18,708 --> 01:44:20,875
අප්පා...

1525
01:44:23,250 --> 01:44:24,416
අප්පා!

1526
01:44:44,416 --> 01:44:45,833
එයා කියපු හැමදේම ඇත්ත.

1527
01:44:47,333 --> 01:44:48,875
මම අනාථ නිවාසවලින් හොයලා බැලුවා.

1528
01:44:49,666 --> 01:44:51,708
එයා ළමයින්ව එහෙට අරන් ගිහින් තියෙනවා.

1529
01:44:52,458 --> 01:44:54,500
මෙතන ඉඳන් මුම්බායිවලට ස්ටේෂන් කීයක් තියෙනවද?

1530
01:44:54,666 --> 01:44:56,291
ළමයි කොහෙන් බහින්න ඇත්ද?

1531
01:44:57,041 --> 01:44:58,708
අපි මොකද කරන්නේ නන්දකුමාර්?

1532
01:44:59,083 --> 01:45:00,833
වැඩේ ලේසි වෙන එකක් නෑ සර්.

1533
01:45:02,458 --> 01:45:03,791
අපි ගාව එයාලගේ ෆොටෝ එකක් තියෙනවා නේද?

1534
01:45:04,000 --> 01:45:06,124
ශෝභාගේ ගෙදරින් හම්බුණ
ෆොටෝ එකක් තියෙනවා සර්.

1535
01:45:06,125 --> 01:45:07,666
ඒත් ඒක ටිකක් පරණයි වගේ.

1536
01:45:07,916 --> 01:45:09,333
පරණ වුණත් කමක් නෑ.

1537
01:45:09,625 --> 01:45:10,665
මෙහෙම කරන්න.

1538
01:45:10,666 --> 01:45:12,375
මේ විස්තර ඔක්කොම ස්ටේෂන්වලට මේල් කරන්න.

1539
01:45:12,625 --> 01:45:14,166
අපිට මොනවාහරි තොරතුරක් ලැබෙයිද බලමු.

1540
01:45:14,458 --> 01:45:15,750
අපි එහෙම කරන්නම් සර්.

1541
01:45:17,125 --> 01:45:19,249
දෙවෙනි අපරාධය වුණේ
කර්ණාටකවල වුණත්,

1542
01:45:19,250 --> 01:45:22,083
පාපොච්චාරණය කළේ මෙහේදි නිසා,
මේ කේස් එක අපේ වගකීමක්.

1543
01:45:22,416 --> 01:45:24,540
අපරාධය වුණ ස්ටේෂන් එකත් එක්ක
නිල වශයෙන් සම්බන්ධ වෙන්න.

1544
01:45:24,541 --> 01:45:25,499
හරි.

1545
01:45:25,500 --> 01:45:27,665
ඒ විස්තර එකතු කරලා, FIR එකක් ෆයිල් කරලා,
කේස් එක රෙජිස්ටර් කරන්න.

1546
01:45:27,666 --> 01:45:28,708
හරි සර්.

1547
01:45:38,041 --> 01:45:39,040
නියමයි.

1548
01:45:39,041 --> 01:45:40,790
- හොඳට කළා.
- තෑන්ක්ස් සර්.

1549
01:45:40,791 --> 01:45:41,999
ඔයාගේ පරිවාස කාලේ ඉවර වෙන්නේ කවද්ද?

1550
01:45:42,000 --> 01:45:43,124
අනිද්දා.

1551
01:45:43,125 --> 01:45:45,415
අපේ ස්ටේෂන් එකට දක්ෂ ඔෆිසර් කෙනෙක්
නැතිවෙන්නයි යන්නේ, නේද ජෝයි?

1552
01:45:45,416 --> 01:45:46,541
ඒක ඇත්ත සර්.

1553
01:45:46,750 --> 01:45:47,707
සර්.

1554
01:45:47,708 --> 01:45:49,124
මට 5ට එස්කෝට් ඩියුටි එකක් තියෙනවා.

1555
01:45:49,125 --> 01:45:50,415
මයික් 8 එකට නේද?

1556
01:45:50,416 --> 01:45:51,500
- එහෙනම් ඔයා යන්න.
- හරි.

1557
01:45:52,333 --> 01:45:53,333
හරි.

1558
01:45:59,333 --> 01:46:00,583
- රෑට කෑවද?
- ඔව්.

1559
01:46:04,750 --> 01:46:05,875
අර කේස් එක ඉවරද?

1560
01:46:06,416 --> 01:46:07,458
ඔව්.

1561
01:46:07,666 --> 01:46:09,166
අපි අද ඒක ක්ලෝස් කළා.

1562
01:46:13,166 --> 01:46:15,041
ඒක පටන් ගත්තේ සියදිවි නසාගැනීමක් විදිහට.

1563
01:46:15,208 --> 01:46:16,958
දැන් ඒක ද්විත්ව මිනීමැරුමක් වෙලා.

1564
01:46:17,875 --> 01:46:20,499
පහුගිය දවස් දෙකේම අපි දිගටම
එයාගෙන් ප්‍රශ්න කළා.

1565
01:46:20,500 --> 01:46:21,875
ඇත්තද? ඊට පස්සේ?

1566
01:46:23,875 --> 01:46:25,166
අපි හිතුවා වගේමයි.

1567
01:46:25,583 --> 01:46:26,957
ශෝභාව විතරක් නෙවෙයි,

1568
01:46:26,958 --> 01:46:28,375
එයා ශෝභාගේ මහත්තයාවත් මරලා.

1569
01:46:30,625 --> 01:46:32,125
එතකොට ශෝභාගේ ළමයින්ට මොකද වුණේ?

1570
01:46:32,500 --> 01:46:34,749
එයා රෑ කෝච්චියකට ඒ ළමයින්ව නග්ගලා
අතහැරලා දාලා.

1571
01:46:36,208 --> 01:46:37,416
දෙවියනේ!

1572
01:46:38,000 --> 01:46:39,208
මාර කුරිරුයිනේ!

1573
01:46:54,458 --> 01:46:55,625
අජීබ් සර්...

1574
01:46:55,916 --> 01:46:57,083
ඔයා නිදාගන්නේ නැද්ද?

1575
01:46:57,291 --> 01:46:58,500
මට නින්ද ගියේ නෑ.

1576
01:46:59,250 --> 01:47:00,708
අනික, ඇතුළේ මාර රස්නෙයි.

1577
01:47:06,791 --> 01:47:08,250
නින්ද යන්නේ නෑ නේද?

1578
01:47:10,625 --> 01:47:13,833
ළමයි නැති අය ඒ දුක දරාගෙන ඉන්නවා.

1579
01:47:14,458 --> 01:47:19,083
ඒත් මෙහේ, මොකෙක්දෝ කාලකණ්ණියෙක් ළමයින්ව
පූස් පැටව් වගේ අතහැරලා දානවා.

1580
01:47:22,583 --> 01:47:25,666
ඒ ළමයි දැන් මොන තත්ත්වෙක ඉන්නවද කවුද දන්නේ.

1581
01:47:27,541 --> 01:47:29,458
මම මේක අහනවාට තරහා වෙන්න එපා.

1582
01:47:30,000 --> 01:47:31,750
කේස් එක ඉවර වේගෙන එද්දි,

1583
01:47:32,250 --> 01:47:34,625
ඔයා ටිකක් අප්සෙට් එකේ ඉන්නවා මම දැක්කා.

1584
01:47:35,333 --> 01:47:36,625
මොකක්හරි...

1585
01:47:37,041 --> 01:47:38,541
ප්‍රශ්නයක්ද?

1586
01:47:40,500 --> 01:47:43,000
මගේ පරිවාස කාලේ හෙටින් ඉවරයි ජෝයි සර්.

1587
01:47:44,958 --> 01:47:46,750
මට තාම පෝස්ටින් ලෙටර් එකක් ආවේ නෑ.

1588
01:47:48,083 --> 01:47:49,666
ඒත් ඒක කොහේ වුණත්,

1589
01:47:50,166 --> 01:47:53,166
යන්න කලින් මට ඒ ළමයින්ව හොයාගන්න බැරි වුණා
කියන එක මට ලොකු දුකක්.

1590
01:47:54,250 --> 01:47:56,291
ඒත් අපි කොහේ කියලා එයාලව හොයන්නද?

1591
01:47:58,833 --> 01:48:01,583
මම තීරණය කළා මගේ විදිහට එයාලව හොයන්න සර්.

1592
01:48:02,125 --> 01:48:03,625
ජොයින් වෙන්න කලින් මට සතියක නිවාඩුවක් තියෙනවා.

1593
01:48:05,083 --> 01:48:07,833
මෙහේ තියෙන මගේ වැඩ ඔක්කොම
සතියකින් ඉවර වෙයි.

1594
01:48:08,291 --> 01:48:09,916
ඊට පස්සේ අපි දෙන්නම එකට යමුද?

1595
01:48:10,375 --> 01:48:12,000
දැන් ගොඩක් පරක්කු වැඩියි සර්.

1596
01:48:12,750 --> 01:48:13,916
මම ට්‍රයි එකක් දෙන්නම්.

1597
01:48:14,708 --> 01:48:15,832
ගිහින් නිදාගන්න සර්.

1598
01:48:15,833 --> 01:48:18,375
- ඔයා ඇතුළට එන්නේ නැද්ද?
- නෑ. මම නිකන් එළියට ආවේ.

1599
01:48:22,791 --> 01:48:23,874
<i>උම්මා...</i>

1600
01:48:23,875 --> 01:48:25,083
පාතු!

1601
01:48:28,666 --> 01:48:30,041
පාතු, මගේ දුවේ...

1602
01:48:31,416 --> 01:48:32,666
<i>පාතු!</i>

1603
01:48:33,208 --> 01:48:37,458
හයවෙනි කොටස
මීනු සහ දේවා - අතුරුදහන් වූ දරුවන්

1604
01:49:55,500 --> 01:49:56,958
ඔයාට හෙටම යන්න ඕනෙද අජීබ්?

1605
01:50:01,041 --> 01:50:02,125
කෝච්චියෙන්ද?

1606
01:50:02,458 --> 01:50:03,791
ඔයාට ඇත්තටම ඕක කරන්නම ඕනෙද?

1607
01:50:04,500 --> 01:50:06,125
මට බයක් දැනෙනවා.

1608
01:50:09,291 --> 01:50:11,208
බය වෙලා හිටියා කියලා වැඩක් නෑ.

1609
01:50:13,958 --> 01:50:16,833
පාතුව අපෙන් ඈත් කළේ
කෝච්චියක් නෙවෙයි.

1610
01:50:21,708 --> 01:50:22,957
මම හෙට ගියේ නැත්නම්,

1611
01:50:22,958 --> 01:50:25,375
සමහරවිට මේ ළමයින්ටත්
ඒ ඉරණමම අත්වෙයි.

1612
01:50:27,958 --> 01:50:29,291
ඔයා කවද්ද ආයේ එන්නේ?

1613
01:50:30,958 --> 01:50:31,958
මම දන්නේ නෑ.

1614
01:50:41,500 --> 01:50:45,832
<i>♪ පාර අහිමි වූ ඔබ ♪</i>

1615
01:50:45,833 --> 01:50:49,083
<i>♪ සිහිපත් කර යාඥාවක් කරන්න ♪</i>

1616
01:50:49,875 --> 01:50:53,915
<i>♪ රෑට, දෆ් වාදනයේ රිද්මයට ♪</i>

1617
01:50:53,916 --> 01:50:57,165
<i>♪ රාත්‍රියේ සඳ එළියට දියවී යන්න ♪</i>

1618
01:50:57,166 --> 01:51:12,875
<i>♪ අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත
මුහම්මද් යනු අල්ලාහ්ගේ දුතයාණන්ය ♪</i>

1619
01:51:13,375 --> 01:51:17,540
<i>♪ සියලු ලෝකයන්ගේ උත්තරීතර මැවුම්කරුණෙනි ♪</i>

1620
01:51:17,541 --> 01:51:21,124
<i>♪ ඔබ පමණයි නමස්කාරයට සුදුසු ♪</i>

1621
01:51:21,125 --> 01:51:24,707
<i>♪ සාගරයේ ගැඹුර දකින
වෙරළ තීරයන් ♪</i>

1622
01:51:24,708 --> 01:51:27,583
<i>♪ සුළඟට ඇදහිල්ලේ ප්‍රකාශය
ගායනා කළා ♪</i>

1623
01:51:29,416 --> 01:51:33,415
<i>♪ ඔබ මේ ලෝකයේත්
මරණින් මතු ලෝකයේත් ස්වාමියාණන්ය ♪</i>

1624
01:51:33,416 --> 01:51:37,125
<i>♪ ඉර හැමදාම ඒ බව ප්‍රකාශ කරන්නට
පායා එනවා ♪</i>

1625
01:51:37,416 --> 01:51:41,165
<i>♪ මුළු සාගරයම තීන්ත කළත්,
ඔබේ ශුද්ධ වූ වදන් ලියන්නට එය මදි ♪</i>

1626
01:51:41,166 --> 01:51:45,083
<i>♪ රළ පෙළ රහසින් කීවා ♪</i>

1627
01:52:17,416 --> 01:52:25,415
<i>♪ අහස් තලයෙන් එහා ඉන්නා
මධ්‍යම රාත්‍රියේ තරු වගේ ♪</i>

1628
01:52:25,416 --> 01:52:29,165
<i>♪ ආත්මයේ අඳුරුතම ගැඹුරේ,
ඔබේ ප්‍රශංසා ♪</i>

1629
01:52:29,166 --> 01:52:33,124
<i>♪ රිදී ආලෝක කිරණ වගේ විසිරී තියෙනවා ♪</i>

1630
01:52:33,125 --> 01:52:49,166
<i>♪ මුහම්මද් නබිනායකතුමාට ශාන්තිය අත්වේවා
සාමය සහ ආශිර්වාදය ලැබේවා ♪</i>

1631
01:52:49,416 --> 01:52:53,415
<i>♪ ඔබ මේ ලෝකයේත්
මරණින් මතු ලෝකයේත් ස්වාමියාණන්ය ♪</i>

1632
01:52:53,416 --> 01:52:57,165
<i>♪ ඉර හැමදාම ඒ බව ප්‍රකාශ කරන්නට
පායා එනවා ♪</i>

1633
01:52:57,166 --> 01:53:01,457
<i>♪ මුළු සාගරයම තීන්ත කළත්,
ඔබේ ශුද්ධ වූ වදන් ලියන්නට එය මදි ♪</i>

1634
01:53:01,458 --> 01:53:05,165
<i>♪ රළ පෙළ රහසින් කීවා ♪</i>

1635
01:53:05,166 --> 01:53:09,499
<i>♪ සියලු ලෝකයන්ගේ මැවුම්කරුණෙනි ♪</i>

1636
01:53:09,500 --> 01:53:13,124
<i>♪ ඔබ පමණයි නමස්කාරයට සුදුසු ♪</i>

1637
01:53:13,125 --> 01:53:16,624
<i>♪ සාගරයේ ගැඹුර දකින
වෙරළ තීරයන් ♪</i>

1638
01:53:16,625 --> 01:53:19,500
<i>♪ සුළඟට ඇදහිල්ලේ ප්‍රකාශය
ගායනා කළා ♪</i>

1639
01:53:21,416 --> 01:53:25,415
<i>♪ ඔබ මේ ලෝකයේත්
මරණින් මතු ලෝකයේත් ස්වාමියාණන්ය ♪</i>

1640
01:53:25,416 --> 01:53:29,166
<i>♪ ඉර හැමදාම ඒ බව ප්‍රකාශ කරන්නට
පායා එනවා ♪</i>

1641
01:53:29,416 --> 01:53:33,457
<i>♪ මුළු සාගරයම තීන්ත කළත්,
ඔබේ ශුද්ධ වූ වදන් ලියන්නට එය මදි ♪</i>

1642
01:53:33,458 --> 01:53:37,041
<i>♪ රළ පෙළ රහසින් කීවා ♪</i>

1643
01:53:37,166 --> 01:53:38,500
සර්ට සීනි නැතුවද?

1644
01:53:42,333 --> 01:53:43,625
රස්නෙයි.

1645
01:53:45,416 --> 01:53:47,375
පුළුවන් හැම තැනම මම හෙව්වා.

1646
01:53:47,708 --> 01:53:51,166
මෙහේ ඉඳන් බොම්බායට යනකන් කිසිම ස්ටේෂන් එකකදි
කවුරුවත් මේ ළමයින්ව දැකලා නෑ.

1647
01:53:51,708 --> 01:53:54,541
ඒ ෆොටෝ එක පරණ නිසා

1648
01:53:54,833 --> 01:53:56,375
කාටවත් එයාලව අඳුරගන්න
බැරි වුණාද දන්නේ නෑ නේද?

1649
01:53:57,000 --> 01:53:58,250
එහෙම වෙන්න බෑ.

1650
01:53:58,708 --> 01:54:00,666
එයාලා ගොඩක් පොඩි ළමයි දෙන්නෙක්.

1651
01:54:01,125 --> 01:54:02,665
අනික, පොඩි කෙනා ගෑනු ළමයෙක්.

1652
01:54:02,666 --> 01:54:04,915
කවුරුහරි දැක්කා නම් අනිවාර්යයෙන්ම මතක හිටිනවා.

1653
01:54:04,916 --> 01:54:06,083
මතකත් හිටිනවා.

1654
01:54:08,791 --> 01:54:10,332
ඒ අස්සේ, බොරු ඔත්තු සීයක් විතර

1655
01:54:10,333 --> 01:54:12,333
මිනිස්සු එයාලව අතන මෙතන දැක්කා කියලා.

1656
01:54:12,791 --> 01:54:14,250
- ඔව්, ඔව්.
- මට දැන් හොඳටම ඇතිවෙලා.

1657
01:54:16,416 --> 01:54:18,208
එයාලා කොහේ හිටියත්,
පරිස්සමින් ඉන්නවා නම් එච්චරයි.

1658
01:54:22,291 --> 01:54:23,333
මම දැන්ම එන්නම් සර්.

1659
01:54:30,000 --> 01:54:31,083
හලෝ?

1660
01:54:33,291 --> 01:54:34,541
ඔව්, මම SI අජීබ් කතා කරන්නේ.

1661
01:54:38,333 --> 01:54:39,540
හරි.

1662
01:54:39,541 --> 01:54:42,000
ඔයාගේ අම්මලාට ආපහු එන්න කාලේ හරි නේද ෂානා?

1663
01:54:42,125 --> 01:54:43,874
මම එයාලට කතා නොකරා නෙවෙයි සර්.

1664
01:54:43,875 --> 01:54:46,625
එයාලා කියන්නේ එයාගේ පෝස්ටින් එක හම්බුණාම
එන්නම් කියලා.

1665
01:54:48,791 --> 01:54:49,874
ඒ කෝල් එක ආවේ මුම්බායිවලින්.

1666
01:54:49,875 --> 01:54:51,165
මුම්බායිවලින්?

1667
01:54:51,166 --> 01:54:54,208
ධාරාවි ස්ටේෂන් එකේ ඉන්ස්පෙක්ටර් කීර්ති දේශ්පාණ්ඩේ.

1668
01:54:54,416 --> 01:54:57,666
මම ළමයින්ගේ ෆොටෝසුයි විස්තරයි
කීප දෙනෙක්ටම යැව්වා.

1669
01:54:58,250 --> 01:54:59,957
එයා කිව්වා මේ විස්තරවලට ගැළපෙන ළමයි දෙන්නෙක්

1670
01:54:59,958 --> 01:55:01,583
ධාරාවිවල තියෙන ෂෙල්ටර් එකකට ගෙනාවා කියලා.

1671
01:55:02,583 --> 01:55:06,375
ඒ වගේ අනාථ ළමයින්ට රැකවරණය දෙන කණ්ඩායමක්
එහේ ඉන්නවා.

1672
01:55:06,916 --> 01:55:09,625
ඒත් එයා කිව්වා එයාලව ගොඩක් කල්
එතන තියන් ඉන්න එක භයානකයි කියලා.

1673
01:55:10,083 --> 01:55:12,374
අපි හොයන ළමයිමයි කියලා එයාලට ෂුවර්ද?

1674
01:55:12,375 --> 01:55:14,458
එයා ගාව කන්ෆර්ම් කරන්න ෆොටෝ එකක් නෑ.

1675
01:55:14,625 --> 01:55:17,333
එයාට ඕනේ අපි එහෙට ගිහින්, කන්ෆර්ම් කරලා
එයාලව අරන් එනවට.

1676
01:55:17,958 --> 01:55:19,875
ඉතින් අපි මොකද කරන්නේ? අපි යමුද?

1677
01:55:21,250 --> 01:55:23,208
මට ලොකු බලාපොරොත්තුවක් නෑ ජෝයි සර්.

1678
01:55:23,916 --> 01:55:25,666
අනික, මේක පස්සේ දුවලා මට දැන් මහන්සියි.

1679
01:55:27,250 --> 01:55:28,457
මට දැන් ඇතිවෙලා.

1680
01:55:28,458 --> 01:55:29,666
අජීබ් සර්,

1681
01:55:29,833 --> 01:55:33,000
අපි අන්තිම පාරටත් උත්සාහ කරලා බලමුද?

1682
01:55:34,750 --> 01:55:36,832
මේ පාර මාත් ඔයා එක්ක එන්නම්.

1683
01:55:42,000 --> 01:55:44,583
බැරිවෙලාවත් ඒ අර ළමයිම වුණොත්,

1684
01:55:45,291 --> 01:55:48,250
අපි අපේ මුළු ජීවිත කාලෙම
ඒ ගැන දුක් වෙයි.

1685
01:55:49,333 --> 01:55:50,458
ඒක...

1686
01:55:51,041 --> 01:55:52,750
මට දරාගන්න බැරි වෙයි අජීබ් සර්.

1687
01:56:31,875 --> 01:56:32,958
මම දැන් යනවා.

1688
01:56:47,083 --> 01:56:49,624
ඔයා මෙහේ තත්ත්වේ දැක්කා නේද?

1689
01:56:49,625 --> 01:56:51,874
ඇත්තටම, ඔයාලා දවස් දෙකකට කලින්
එන්න තිබ්බේ.

1690
01:56:51,875 --> 01:56:54,625
අපි මේ ගැන DCP ට දැනුම් දුන්නා.

1691
01:56:55,041 --> 01:56:56,625
මැඩම් ඉක්මනටම එයි.

1692
01:56:56,916 --> 01:56:58,749
එයා ඔයාලා දෙන්නා එක්ක කතා කරයි.

1693
01:56:58,750 --> 01:56:59,790
හරි සර්.

1694
01:56:59,791 --> 01:57:01,333
ඊට පස්සේ මොනවද කරන්න පුළුවන් කියලා බලමු.

1695
01:57:01,500 --> 01:57:03,375
මැඩම් කවද්ද එන්නේ?

1696
01:57:05,208 --> 01:57:06,208
ජායි හින්ද් මැඩම්.

1697
01:57:08,750 --> 01:57:09,999
- අජීබ් රහ්මාන්?
- ඔව් මැඩම්.

1698
01:57:10,000 --> 01:57:11,000
ඇතුළට එන්න.

1699
01:57:11,166 --> 01:57:12,916
- ඔය ෆයිල් එක ඇතුළට ගේන්න.
- හරි මැඩම්.

1700
01:57:13,333 --> 01:57:14,499
එයා අපිට ඇතුළට එන්න කියනවා.

1701
01:57:14,500 --> 01:57:15,541
තෑන්ක්ස් සර්.

1702
01:57:17,500 --> 01:57:18,583
වාඩි වෙන්න.

1703
01:57:20,208 --> 01:57:21,415
තේද කෝපිද?

1704
01:57:21,416 --> 01:57:22,500
එපා මැඩම්. තෑන්ක්ස්.

1705
01:57:23,916 --> 01:57:24,999
මැඩම්?

1706
01:57:25,000 --> 01:57:26,791
- තේ එකක් ගේන්න.
- දැන්ම ගේන්නම් මැඩම්.

1707
01:57:29,375 --> 01:57:30,416
ඉතින්, කියන්න.

1708
01:57:31,458 --> 01:57:33,125
මේ ළමයි එක්ක ඔයාලගේ තියෙන සම්බන්ධය මොකක්ද?

1709
01:57:33,583 --> 01:57:37,207
මැඩම්, එයාලගේ අම්මාව මැරුවේ
අපේ ස්ටේෂන් සීමාව ඇතුළේ.

1710
01:57:37,208 --> 01:57:40,041
අනික... එදා ඉඳන් මේ ළමයි
අතුරුදහන් වෙලා.

1711
01:57:40,333 --> 01:57:43,208
ඔයාලා ආවේ රාජකාරි වැඩකටද?

1712
01:57:44,666 --> 01:57:46,875
හරියටම එහෙම නෙවෙයි මැඩම්.

1713
01:57:47,375 --> 01:57:49,708
ඒත් මේකත් අපේ රාජකාරියේ
කොටසක් කියලා අපි විශ්වාස කරනවා.

1714
01:57:50,625 --> 01:57:52,540
අපිට අර ළමයි ගැන හිතන එක
නවත්තගන්න බැරි වුණා මැඩම්.

1715
01:57:52,541 --> 01:57:53,916
- මැඩම්.
- ඕක මට දෙන්න.

1716
01:57:57,958 --> 01:57:59,250
ප්‍රශ්නේ කියන්නේ,

1717
01:58:00,125 --> 01:58:02,874
මේ ළමයි දැන් ඉන්නේ ධාරාවි කිට්ටුව
තියෙන ෂෙල්ටර් එකක.

1718
01:58:02,875 --> 01:58:03,790
හරි.

1719
01:58:03,791 --> 01:58:06,958
කෝච්චි සුද්ද කරන එකෙක් මේ ළමයින්ව අල්ලගෙන
මැරයන්ට විකුණලා.

1720
01:58:07,166 --> 01:58:09,375
අර කාලකණ්ණියාටත් කුට්ටියක් හම්බෙන්න ඇති.

1721
01:58:10,250 --> 01:58:11,540
ප්‍රශ්නේ මේකයි,

1722
01:58:11,541 --> 01:58:14,124
මේ ෂෙල්ටර් එක රන් කරන මිනිස්සු
ගොඩක් භයානකයි.

1723
01:58:14,125 --> 01:58:15,625
එයාලට ලොකු කනෙක්ෂන්ස් තියෙනවා.

1724
01:58:16,458 --> 01:58:18,750
එයාලව වික්කේ කාටද කියලා අපි දන්නේ නෑ.

1725
01:58:21,458 --> 01:58:24,125
මම එදා කතා කරපු වෙලාවේ
ඔයාලා ආවේ නැත්තේ ඇයි?

1726
01:58:25,333 --> 01:58:27,166
මට මුකුත්ම තේරුණේ නෑ!

1727
01:58:28,750 --> 01:58:30,500
එයා කියන්නේ අපි පරක්කුයි කියලා.

1728
01:58:31,583 --> 01:58:33,750
එයාලා ළමයින්ව කාටහරි විකුණලා ඇතිලු.

1729
01:58:36,291 --> 01:58:38,708
මැඩම්, මේ ළමයින්ව හොයාගන්න එක
අපිට ගොඩක් වැදගත්.

1730
01:58:40,083 --> 01:58:42,625
ඔයාගේ උදව්වක් නැතුව අපිට ඒක
ලේසි වෙන එකක් නෑ.

1731
01:58:43,291 --> 01:58:44,500
මට තේරෙනවා අජීබ්.

1732
01:58:45,250 --> 01:58:47,499
ඒ ළමයි ඔය කියන ෂෙල්ටර් එකේ ඉන්නවා නම්,

1733
01:58:47,500 --> 01:58:49,915
මට පුළුවන් උපරිමයෙන් මම උදව් කරන්නම්.

1734
01:58:49,916 --> 01:58:50,874
හරිද?

1735
01:58:50,875 --> 01:58:51,707
හරි.

1736
01:58:51,708 --> 01:58:53,333
මම මගේ හොඳම කෙනාව මේකට දාන්නම්.

1737
01:58:56,083 --> 01:58:57,708
- ඒ අපේ ස්ටේෂන් එකෙන්.
- හරි.

1738
01:59:03,375 --> 01:59:04,708
මැඩම්, මම දෙයක් අහන්නද?

1739
01:59:05,000 --> 01:59:06,041
අහන්න.

1740
01:59:06,291 --> 01:59:09,250
මේ හැමදේම ඔයාගේ ඇස් ඉස්සරහම වෙනවා කියලා
දැන දැනත්,

1741
01:59:09,458 --> 01:59:11,291
ඇයි ඔයා මේවා නවත්තන්න මුකුත් කරලා නැත්තේ?

1742
01:59:17,583 --> 01:59:18,624
අජීබ්...

1743
01:59:18,625 --> 01:59:21,541
ෆෝස් එකට බැඳුණාට පස්සේ,
මට ඉක්මනටම දෙයක් තේරුණා.

1744
01:59:22,041 --> 01:59:23,832
කලබල වුණාට වැඩක් නෑ.

1745
01:59:23,833 --> 01:59:24,833
හරි.

1746
01:59:25,250 --> 01:59:27,083
බැලන්ස් එක ගොඩක් වැදගත්.

1747
01:59:28,250 --> 01:59:29,957
ඔයාට සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නම්,

1748
01:59:29,958 --> 01:59:31,958
ඔයා ඒක ඇතුළේ ඉඳන් වැඩ කරන්න ඕනේ.

1749
01:59:33,375 --> 01:59:34,790
එහෙම කළේ නැත්නම්,

1750
01:59:34,791 --> 01:59:36,791
ඔයාට හම්බෙන්නේ සස්පෙන්ෂන් සහ ට්‍රාන්ස්ෆර් විතරයි.

1751
01:59:37,708 --> 01:59:38,750
බොන්න.

1752
01:59:44,083 --> 01:59:45,958
මේ ලෝකේ කැරපොත්තෝ ගොඩක් ඉන්නවා.

1753
01:59:46,625 --> 01:59:48,333
ඔයාට උන්ව සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ.

1754
01:59:48,666 --> 01:59:50,165
ඒත් ඔයාට සීමාවක් අඳින්න පුළුවන්,

1755
01:59:50,166 --> 01:59:52,041
මගේ බලප්‍රදේශය ඇතුළේ මම කළෙත් ඒකයි.

1756
01:59:52,500 --> 01:59:54,500
මම එයාලට ඒ සීමාව පනින්න දුන්නේ නෑ.

1757
01:59:56,250 --> 01:59:57,832
ඒත් ඒක කරන්න, සමහර වෙලාවට...

1758
01:59:57,833 --> 02:00:00,833
ඔයාට ඇස් කන් පියාගෙන වැඩ කරන්න වෙනවා.

1759
02:00:01,125 --> 02:00:03,458
එතකොට, ලොකු පින්තූරේ දිහා බලද්දි
හැමදේම හොඳින් තියෙනවා.

1760
02:00:03,708 --> 02:00:06,750
අජීබ්, ඔයා වගේ ඔෆිසර්ස්ලා

1761
02:00:07,041 --> 02:00:09,000
ෆෝස් එක ඇතුළේ මනුස්සකම රකිනවා
කියලා දැනගන්න එකත් සතුටක්.

1762
02:00:11,000 --> 02:00:12,375
මේ ඉන්නේ SI පේඩ්නේකර්.

1763
02:00:15,375 --> 02:00:16,750
- හලෝ.
- හායි.

1764
02:00:16,958 --> 02:00:18,165
එයා ඔයාලා එක්ක එයි.

1765
02:00:18,166 --> 02:00:19,582
ඔයාගේ හැම උදව්වකටම ගොඩක් ස්තූතියි මැඩම්.

1766
02:00:19,583 --> 02:00:21,083
- සුබ පැතුම්.
- තෑන්ක්ස්.

1767
02:00:21,500 --> 02:00:22,666
ඔයාව හම්බෙන්න ලැබුණ එක ලොකු දෙයක්.

1768
02:00:39,916 --> 02:00:41,374
- මෙතන නවත්තන්න. අපි දැන් එන්නම්.
- හරි සර්.

1769
02:00:41,375 --> 02:00:42,791
- ඉස්සරහින් නවත්තන්න.
- හරි සර්.

1770
02:00:43,833 --> 02:00:45,583
- මේකද තැන?
- ඔව්. මේ තමා හරිය.

1771
02:00:45,791 --> 02:00:46,999
අපිට තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා.

1772
02:00:47,000 --> 02:00:48,165
එන්න. මම පෙන්නන්නම්.

1773
02:00:48,166 --> 02:00:49,540
මේක ටිකක් සංවේදී පැත්තක්.

1774
02:00:49,541 --> 02:00:50,624
මේ තමා...

1775
02:00:50,625 --> 02:00:51,958
මුම්බායිවල ධාරාවි.

1776
02:01:59,708 --> 02:02:01,041
ඒයි, සලීම් උඩ ඉන්නවද?

1777
02:02:01,166 --> 02:02:02,208
ඔව්, එයා කෑම කනවා.

1778
02:02:19,291 --> 02:02:20,708
මෝඩයා, තෝ මේකටද තේ කියන්නේ?

1779
02:02:23,041 --> 02:02:24,166
කවුද ඒ?

1780
02:02:45,916 --> 02:02:48,125
පේඩ්නේකර් සර්, ඔක්කොම හොඳින් නේද?

1781
02:02:49,458 --> 02:02:51,540
මේ දුප්පතාගේ ගෙදරට එකපාරටම ආවේ මොකද?

1782
02:02:51,541 --> 02:02:52,583
කාලකණ්ණියා...

1783
02:02:53,125 --> 02:02:54,416
උඹේ රඟපෑම නවත්තපන්.

1784
02:02:55,208 --> 02:02:56,415
කේරළෙන් ආපු ළමයි දෙන්නා?

1785
02:02:56,416 --> 02:02:57,958
මේ ඔෆිසර්ස්ලා ඇවිත් ඉන්නේ එයාලව අරන් යන්න.

1786
02:02:58,125 --> 02:03:00,332
බලපන්, මට වැඩ ගොඩක් තියෙනවා.
උන්ට ඉක්මනට කතා කරපන්.

1787
02:03:00,333 --> 02:03:01,457
මොකක්ද සර්?

1788
02:03:01,458 --> 02:03:02,958
ඇයි මට වද දෙන්නේ?

1789
02:03:03,375 --> 02:03:06,040
අපි ඔයාගේ බලප්‍රදේශයේ මුකුත් කරන්නේ නෑනේ.
ඉතින් මොකක්ද ප්‍රශ්නේ?

1790
02:03:06,041 --> 02:03:08,082
අපි අතරේ තියෙන ගිවිසුමට ගරු කරන්න සර්.

1791
02:03:08,083 --> 02:03:09,999
මෙහේ කේරළෙන් ආපු කිසිම ළමයෙක් නෑ.

1792
02:03:10,000 --> 02:03:11,290
කරුණාකරලා යන්න සර්.

1793
02:03:11,291 --> 02:03:13,332
ඔයාලට මෙහෙන් මුකුත් හම්බෙන්නේ නෑ.
කාලේ නාස්ති කරන්න එපා.

1794
02:03:13,333 --> 02:03:14,333
කාලකණ්ණියා.

1795
02:03:14,833 --> 02:03:16,291
මැඩම්ට ඉන්ෆොමේෂන් තියෙනවා.

1796
02:03:16,708 --> 02:03:18,083
ඒකයි එයා මෙයාලව මෙහෙට එව්වේ.

1797
02:03:18,416 --> 02:03:19,582
මම යන්නද?

1798
02:03:19,583 --> 02:03:20,750
ගිහින් එයාටත් මේකම කියන්නද?

1799
02:03:20,875 --> 02:03:23,208
අපි එක දෙයක් කරමු, උඹ මාත් එක්ක වරෙන්.
ගිහින් උඹම එයාට කියපන්.

1800
02:03:24,083 --> 02:03:25,458
ඒයි ගෝටියා.

1801
02:03:26,458 --> 02:03:27,541
ඔව් බොස්.

1802
02:03:30,541 --> 02:03:31,875
කන්තාවාඩිවල තියෙන ෂෙල්ටර් එක.

1803
02:03:32,291 --> 02:03:33,832
ළමයින්ව දාලා ඉන්න තැන.

1804
02:03:33,833 --> 02:03:34,833
හරි.

1805
02:03:35,166 --> 02:03:37,250
මෙයාලව එතනට එක්කන් ගිහින් පෙන්නපන්.
මෙයාලා සෑහීමකට පත් වෙයිනේ.

1806
02:03:37,833 --> 02:03:38,958
දැන්ම පලයන්.

1807
02:03:39,166 --> 02:03:40,250
එන්න සර්.

1808
02:03:41,625 --> 02:03:42,708
එන්න.

1809
02:03:48,291 --> 02:03:50,374
කෝ උඹේ ජැකී චෑන්?
ළඟදි දැක්කේ නෑනේ.

1810
02:03:50,375 --> 02:03:52,249
- සර් දන්නේ නැද්ද?
- මොකක්?

1811
02:03:52,250 --> 02:03:54,082
මාස තුනකට කලින්, ජැකී කෙල්ලෙක්ව ඉස්සුවා

1812
02:03:54,083 --> 02:03:55,707
සාවන්ත්ගේ ඒරියා එකෙන්...

1813
02:03:55,708 --> 02:03:56,624
ඊට පස්සේ?

1814
02:03:56,625 --> 02:03:57,665
ඊට පස්සේ මොකද?

1815
02:03:57,666 --> 02:03:59,625
සාවන්ත්ගේ මිනිස්සු ජැකීව ජුහුවලදි හිර කළා.

1816
02:04:00,208 --> 02:04:02,583
ඒත් ජැකී උන්ට හොඳටම ගැහුවා.

1817
02:04:02,791 --> 02:04:04,999
දවස් දෙකකට පස්සේ, ජැකීව අතුරුදහන් වුණා.

1818
02:04:05,000 --> 02:04:06,040
මොනවද බං මේ කියන්නේ?

1819
02:04:06,041 --> 02:04:07,332
ඔව් සර්...

1820
02:04:07,333 --> 02:04:09,500
- උඹලා ඌව හෙව්වේ නැද්ද?
- කොහේ කියලා හොයන්නද?

1821
02:04:10,208 --> 02:04:12,082
සාවන්ත් ඌව ඉවරයක් කරන්න ඇති.

1822
02:04:12,083 --> 02:04:13,124
එතකොට අර කෙල්ල?

1823
02:04:13,125 --> 02:04:16,665
චයිනා අංකල් ඒ කෙල්ලවයි තව ළමයි කීප දෙනෙක්වයි
කුරියර් කළා.

1824
02:04:16,666 --> 02:04:17,875
බොම්බායෙන් පිටට.

1825
02:04:19,041 --> 02:04:20,041
කවද්ද?

1826
02:04:20,166 --> 02:04:21,957
ඊයේ හරි පෙරේදා හරි වගේ.

1827
02:04:35,208 --> 02:04:36,250
පලයන් යන්න!

1828
02:04:49,500 --> 02:04:51,000
මොකද වුණේ? ළමයි කොහෙද?

1829
02:04:51,125 --> 02:04:52,666
- එයාලා ඇතුළේ ඉන්නේ සර්.
- ඉතින්?

1830
02:04:54,583 --> 02:04:56,625
සර්... මගේ අත් හිරිවැටිලා...

1831
02:05:03,541 --> 02:05:04,750
කාලකණ්ණියා!

1832
02:05:05,125 --> 02:05:06,541
මුට මාර හයියක්නේ තියෙන්නේ, ආ?

1833
02:05:06,750 --> 02:05:07,833
මේක තියාගන්න.

1834
02:05:08,083 --> 02:05:09,500
ශික්, උඹලා නම් කවදාවත් හැදෙන්නේ නෑ.

1835
02:05:09,625 --> 02:05:10,625
සර්...

1836
02:05:12,208 --> 02:05:13,291
දැන් යනවා.

1837
02:05:14,291 --> 02:05:15,666
හරි සර්. එන්න.

1838
02:05:15,791 --> 02:05:17,457
ඇතුළට ගිහින් බලන්න ළමයි ඉන්නවද කියලා.

1839
02:05:17,458 --> 02:05:18,625
මම මෙතන ඉන්නම්.

1840
02:05:59,416 --> 02:06:00,582
ඒයි...

1841
02:06:00,583 --> 02:06:01,833
නැගිටින්න ළමයි.

1842
02:06:02,791 --> 02:06:04,457
ඔක්කොමලා නැගිටින්න.

1843
02:06:04,458 --> 02:06:05,750
නැගිටින්න, නැගිටින්න.

1844
02:06:07,875 --> 02:06:09,625
නැගිටපන්.

1845
02:06:10,291 --> 02:06:12,666
ඒයි වීරයා, උඹට විශේෂ ආරාධනාවක් ඕනෙද?
නැගිටපන්.

1846
02:06:12,791 --> 02:06:14,208
මගේ කකුල තුවාල වෙලා.

1847
02:06:16,000 --> 02:06:17,333
බලන්න සර්.

1848
02:07:34,583 --> 02:07:36,749
<i>ටිකක් කන්නකෝ පැටියෝ.</i>

1849
02:07:36,750 --> 02:07:38,541
<i>ඔයා කෑවොත් විතරයි හොඳ ළමයෙක් වෙන්නේ.</i>

1850
02:07:39,208 --> 02:07:41,208
<i>අයියේ, මට එපා.</i>

1851
02:07:45,583 --> 02:07:46,916
<i>එක කටක් කන්නකෝ.</i>

1852
02:07:47,250 --> 02:07:49,000
<i>මට බඩගිනි නෑ අයියේ.</i>

1853
02:08:03,708 --> 02:08:04,790
කන්න.

1854
02:08:04,791 --> 02:08:06,166
මට එපා...

1855
02:08:44,625 --> 02:08:46,041
ඔයාගේ නම මොකක්ද පැටියෝ?

1856
02:08:46,416 --> 02:08:47,833
මීනු.

1857
02:08:50,250 --> 02:08:51,333
ආ?

1858
02:08:51,708 --> 02:08:52,749
මීනු.

1859
02:09:00,958 --> 02:09:02,208
දේවා.

1860
02:09:23,166 --> 02:09:24,541
අම්මා...

1861
02:09:27,666 --> 02:09:29,000
අම්මා...

1862
02:09:31,041 --> 02:09:38,375
<i>♪ මගේ ආත්මයේ ඔන්චිල්ලාවේ ඔයා හිමින් වාඩි වුණොත් ♪</i>

1863
02:09:38,958 --> 02:09:46,625
<i>♪ මම ඔයාව පද්දන්නම් ♪</i>

1864
02:09:48,416 --> 02:09:55,666
<i>♪ අසීමිත කරුණාව වහින ඒ මොහොතේ ♪</i>

1865
02:09:56,708 --> 02:10:04,333
<i>♪ ඔයාගේ ආදරේ දියවෙලා,
මාත් ඒ එක්කම පැද්දෙන්නම් ♪</i>

1866
02:11:01,791 --> 02:11:07,082
<i>♪ අඳුරේ, පිනි පිරුණු සඳ එළිය යට ♪</i>

1867
02:11:07,083 --> 02:11:12,374
<i>♪ සීතලට වෙව්ලන ළපටි කොළයක් වගේ ♪</i>

1868
02:11:12,375 --> 02:11:17,790
<i>♪ ඇයි මේ පිපෙන්න හදන ළපටි දල්ල ♪</i>

1869
02:11:17,791 --> 02:11:22,958
<i>♪ කඩලා රෑ අඳුරට විසි කළේ? ♪</i>

1870
02:11:23,125 --> 02:11:28,208
<i>♪ කඩලා රෑ අඳුරට විසි කළේ? ♪</i>

1871
02:11:31,125 --> 02:11:36,250
<i>♪ මගේ ආත්මයේ ඔන්චිල්ලාවේ ඔයා හිමින් වාඩි වුණොත් ♪</i>

1872
02:11:36,416 --> 02:11:41,833
<i>♪ මම ඔයාව පද්දන්නම් ♪</i>

1873
02:11:42,666 --> 02:11:45,375
<i>අද කේරළ පොලිසියට ආඩම්බර දවසක්.</i>

1874
02:11:45,791 --> 02:11:48,166
<i>මේකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ අජීබ්ට.</i>

1875
02:11:48,541 --> 02:11:50,666
<i>මේක අපි ඔක්කොම අතහැරලා දාපු කේස් එකක්.</i>

1876
02:11:51,125 --> 02:11:53,875
<i>අද මේ ළමයි අපිත් එක්ක මෙතන ඉන්නවා නම්,</i>

1877
02:11:54,458 --> 02:11:58,625
<i>ඒකට හේතුව අජීබ් සහ
ජෝයි ගත්ත උත්සාහය විතරයි.</i>

1878
02:11:59,333 --> 02:12:03,083
<i>එයාලගේ අධිෂ්ඨානයට කේරළ පොලිසියේ
උත්තමාචාරය.</i>

1879
02:12:33,666 --> 02:12:35,999
මුම්බායිවලින් බේරගත්තට පස්සේ, මේ ළමයි දැන්

1880
02:12:36,000 --> 02:12:38,082
එයාලගේ අධ්‍යාපන කටයුතු කරගෙන
ජීවිතේ අලුතින් පටන් අරන් තියෙන්නේ

1881
02:12:38,083 --> 02:12:40,332
විමර්ශන නිලධාරී අන්ෂාද්
මහත්මයාගේ රැකවරණය යටතේ.

1882
02:12:40,333 --> 02:12:42,082
කේරළ පොලිස් ඉතිහාසයේ රන්
අකුරින් ලියැවෙන පරිච්ඡේදයක්.

1883
02:12:42,083 --> 02:12:43,125
අපේ උත්තමාචාරය!

1884
02:13:07,083 --> 02:13:08,999
ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ සහ

1885
02:13:09,000 --> 02:13:10,665
කාන්තා හා ළමා කටයුතු
අමාත්‍යාංශයේ නිල දත්තවලට අනුව

1886
02:13:10,666 --> 02:13:13,124
2020 වසරේදී, ඉන්දියාව පුරා
ළමුන් 43,515ක් අතුරුදහන් වී ඇත.

1887
02:13:13,125 --> 02:13:14,624
එයින් බේරාගෙන ඇත්තේ 38,113ක් පමණි.

1888
02:13:14,625 --> 02:13:16,916
ඇඟ කිලිපොළා යන ඇත්ත නම්... ළමුන්
5,400කට වඩා තවමත් අතුරුදහන්ව ඇත.

1889
02:14:28,375 --> 02:14:33,540
<i>♪ මගේ ආත්මයේ ඔන්චිල්ලාවේ ඔයා හිමින් වාඩි වුණොත් ♪</i>

1890
02:14:33,541 --> 02:14:38,708
<i>♪ මම ඔයාව පද්දන්නම් ♪</i>

1891
02:14:39,041 --> 02:14:43,999
<i>♪ අසීමිත කරුණාව වහින ඒ මොහොතේ ♪</i>

1892
02:14:44,000 --> 02:14:50,208
<i>♪ ඔයාගේ ආදරේ දියවෙලා,
මාත් ඒ එක්කම පැද්දෙන්නම් ♪</i>

1893
02:15:21,750 --> 02:15:27,040
<i>♪ අඳුරේ, පිනි පිරුණු සඳ එළිය යට ♪</i>

1894
02:15:27,041 --> 02:15:32,290
<i>♪ සීතලට වෙව්ලන ළපටි කොළයක් වගේ ♪</i>

1895
02:15:32,291 --> 02:15:37,749
<i>♪ ඇයි මේ පිපෙන්න හදන ළපටි දල්ල ♪</i>

1896
02:15:37,750 --> 02:15:42,916
<i>♪ කඩලා රෑ අඳුරට විසි කළේ? ♪</i>

1897
02:15:43,083 --> 02:15:48,000
<i>♪ කඩලා රෑ අඳුරට විසි කළේ? ♪</i>

1898
02:15:51,083 --> 02:15:56,166
<i>♪ මගේ ආත්මයේ ඔන්චිල්ලාවේ ඔයා හිමින් වාඩි වුණොත් ♪</i>

1899
02:15:56,333 --> 02:16:01,416
<i>♪ මම ඔයාව පද්දන්නම් ♪</i>

1900
02:16:01,440 --> 02:16:26,440
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

