1
00:01:02,375 --> 00:01:03,625
මිෂ්ටි.

2
00:01:03,708 --> 00:01:04,916
එන්න, ඉක්මන් කරන්න.

3
00:01:05,000 --> 00:01:06,500
අපිට කෝච්චිය මිස් කරගන්න බෑනේ.

4
00:01:06,583 --> 00:01:09,333
නැත්තම් නිවාඩුවට
ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ.

5
00:01:15,500 --> 00:01:17,041
මගේ චූටි ලිහිණියෝ!

6
00:01:17,125 --> 00:01:18,500
ඔයා හරි ලස්සනයි.

7
00:01:23,083 --> 00:01:26,000
<i>පුංචිම පුංචි ලිහිණියා</i>
<i>ලස්සන චූටි ලිහිණියා</i>

8
00:01:26,083 --> 00:01:29,416
<i>පුංචිම පුංචි ලිහිණියා</i>
<i>ලස්සන චූටි ලිහිණියා</i>

9
00:01:29,500 --> 00:01:32,708
<i>පුංචිම පුංචි ලිහිණියා</i>
<i>ලස්සන චූටි ලිහිණියා</i>

10
00:01:32,791 --> 00:01:34,958
<i>පුංචිම පුංචි ලිහිණියා</i>
<i>ලස්සන චූටි ලිහිණියා</i>

11
00:01:35,041 --> 00:01:35,958
ගියාද?

12
00:01:37,041 --> 00:01:40,708
<i>ගොඩක් දුර පියඹලා</i>

13
00:01:40,791 --> 00:01:44,083
<i>පාර වැරදිලා අතරමං වෙලා</i>

14
00:01:44,166 --> 00:01:45,875
ආ…

15
00:01:49,291 --> 00:01:51,458
අමු අඹ!

16
00:01:51,541 --> 00:01:52,500
අමු අඹ!

17
00:01:53,333 --> 00:01:55,500
තාත්තේ, අමු අඹ.

18
00:01:55,583 --> 00:01:59,000
රත්තරන්, ඔයාට අමු අඹ ඕනෙද?
මං දැන්ම අරන් එන්නම්.

19
00:01:59,083 --> 00:02:01,000
ගොඩක් වෙලා ගන්න එපා. ඉක්මනට එන්න.

20
00:02:01,083 --> 00:02:03,291
ඔව්, මං ඉක්මනට එන්නම්. විනාඩි දෙකයි.

21
00:02:03,375 --> 00:02:05,083
අමු අඹ කන්නයි යන්නේ.

22
00:02:11,250 --> 00:02:12,750
-අම්මේ.
-හ්ම්?

23
00:02:12,833 --> 00:02:15,041
අපි යමු.

24
00:02:16,708 --> 00:02:17,750
අපි යමු.

25
00:02:17,833 --> 00:02:18,833
කෝච්චි කෝච්චි?

26
00:02:20,250 --> 00:02:22,208
<i>චුක් චුක් ගාලා කෝච්චිය යනවා...</i>

27
00:02:22,291 --> 00:02:23,666
මං අරින්නම්.

28
00:02:23,750 --> 00:02:24,916
ඔන්න හරි.

29
00:02:31,708 --> 00:02:32,708
මෙතනින්ම ඉන්න.

30
00:02:32,791 --> 00:02:34,250
කොහේවත් යන්න එපා. හරිද?

31
00:02:34,333 --> 00:02:38,666
මං බාත්රූම් එකේ ඉන්න ගමන්,
අපි ලිහිණි සින්දුව කියමු, හ්ම්?

32
00:02:38,750 --> 00:02:40,583
හැබැයි කලින් ඔයා කියන්න.

33
00:02:40,666 --> 00:02:42,208
හරි, මගේ පුංචි ලිහිණියෝ.

34
00:02:42,291 --> 00:02:43,541
එන්න, අපි පටන් ගමු.

35
00:02:44,666 --> 00:02:47,125
<i>පුංචිම පුංචි ලිහිණියා</i>
<i>ලස්සන චූටි ලිහිණියා</i>

36
00:02:47,208 --> 00:02:49,833
<i>කැලේ අතරමං වෙලා</i>
<i>මේ පුංචි ලිහිණියා</i>

37
00:02:49,916 --> 00:02:51,791
<i>ගොඩක් දුර පියඹලා</i>

38
00:02:51,875 --> 00:02:54,000
<i>පාර වැරදිලා අතරමං වෙලා</i>

39
00:02:54,083 --> 00:02:56,166
<i>අත්තක තනියම</i>

40
00:02:56,250 --> 00:02:58,250
<i>කතා කරන්න යාලුවෙක්වත් නෑ</i>

41
00:02:58,333 --> 00:03:00,666
<i>එතකොට තව කෙනෙක් හිනා වෙවී ආවා</i>

42
00:03:00,750 --> 00:03:03,666
<i>හෝ, හෝ, ලිහිණියා</i>
<i>හෝ, හෝ, ලිහිණියා</i>

43
00:03:03,750 --> 00:03:05,833
<i>උඩටම ඉගිල්ලිලා ගියා</i>

44
00:03:05,916 --> 00:03:08,041
<i>හෙලෝ, ලිහිණියා හෙලෝ, ලිහිණියා</i>

45
00:03:08,125 --> 00:03:10,333
<i>පුංචි යාලුවෝ, කොහේද ගියේ?</i>

46
00:03:10,416 --> 00:03:12,958
<i>…පිටත් වෙන්න සූදානම්...</i>

47
00:03:13,041 --> 00:03:15,791
<i>පුංචි යාලුවෝ, කොහේද ගියේ?</i>

48
00:03:15,875 --> 00:03:17,291
මිෂ්ටි?

49
00:03:17,375 --> 00:03:18,875
<i>...තමන්ගේ බඩු බාහිරාදිය බලාගන්න.</i>

50
00:03:18,958 --> 00:03:20,000
මිෂ්ටි?

51
00:03:34,583 --> 00:03:36,083
මිෂ්ටි. මි--

52
00:03:38,583 --> 00:03:39,458
මිෂ්ටි!

53
00:03:41,083 --> 00:03:43,708
-මිෂ්ටි! මිෂ්ටි!
-ඔයා කොහේද යන්නේ?

54
00:03:44,333 --> 00:03:47,166
-අම්මේ!
-අර ගෑණිව නවත්තන්න! එයා මගේ ළමයව අරන් යනවා.

55
00:03:47,250 --> 00:03:48,708
ඉන්නවා!

56
00:03:48,791 --> 00:03:49,708
මිෂ්ටි!

57
00:03:49,791 --> 00:03:50,875
බලාගෙන! කොහේද යන්නේ?

58
00:03:50,958 --> 00:03:52,791
මිෂ්ටි! මිෂ්ටි! මිෂ්ටි!

59
00:03:54,000 --> 00:03:56,416
අයින් වෙන්න! උදව් කරන්න, කරුණාකරලා!

60
00:03:56,500 --> 00:03:58,375
-මට උදව් කරන්න!
-මිෂ්ටි! කවුරුහරි එයාව නවත්තන්න!

61
00:04:01,166 --> 00:04:02,333
අම්මේ!

62
00:04:06,333 --> 00:04:07,416
මිෂ්ටි!

63
00:04:08,250 --> 00:04:09,250
අම්මේ!

64
00:04:10,041 --> 00:04:11,208
මිෂ්ටි.

65
00:04:11,291 --> 00:04:12,833
අම්මේ.

66
00:04:15,083 --> 00:04:16,208
මිෂ්ටි!

67
00:04:20,291 --> 00:04:21,208
බානි!

68
00:04:22,375 --> 00:04:23,375
මොකද වුණේ?

69
00:04:25,000 --> 00:04:26,375
මොනවා හරි කියන්නකෝ, බානි!

70
00:04:27,375 --> 00:04:28,416
බානි!

71
00:04:29,125 --> 00:04:30,458
මං කියන දේ ඇහෙනවාද, බානි?

72
00:04:31,500 --> 00:04:32,791
මිෂ්ටි කොහේද?

73
00:04:33,916 --> 00:04:34,916
බානි!

74
00:04:48,375 --> 00:04:50,291
හෙමීට, බානි, හෙමීට. ඉන්නකෝ.

75
00:04:50,375 --> 00:04:51,791
-මේ පැත්තෙන්.
-ඔව්.

76
00:04:53,708 --> 00:04:55,791
සර්, කවුරුහරි මගේ දුවව පැහැරගත්තා සර්.

77
00:04:55,875 --> 00:04:57,250
මේ පැත්තෙන්.

78
00:04:57,333 --> 00:04:59,666
-මෙතනින් වාඩි වෙන්න, බානි. මං එයාට කියන්නම්.
-පරිස්සමෙන්, පරිස්සමෙන්.

79
00:04:59,750 --> 00:05:01,791
ගෑණු කෙනෙක් කෝච්චි ස්ටේෂන් එකෙන්
මගේ දුවව පැහැරගත්තා.

80
00:05:01,875 --> 00:05:03,125
කරුණාකරලා මොනවා හරි කරන්න සර්.

81
00:05:03,208 --> 00:05:04,875
-එයාව විස්තර කරන්න පුළුවන්ද?
-බානි.

82
00:05:04,958 --> 00:05:07,000
ඔව්, ඔව්. දම්-දම්-දම්-දම් පාට--

83
00:05:07,083 --> 00:05:08,375
එයා දම් පාට සාරියක් ඇඳන් හිටියේ.

84
00:05:08,458 --> 00:05:09,708
එයා ඔලුව වහගෙන හිටියේ. මං...

85
00:05:09,791 --> 00:05:11,625
-මට එයාගේ මූණ දකින්න ලැබුණේ නෑ.
-ඔයාලා රණ්ඩු වුණාද?

86
00:05:11,708 --> 00:05:14,958
නෑ සර්. අපි මෙහේ ඉන්න අයත් නෙමෙයි.
අපි නිවාඩුවට ගෝමති වලට යන්න හැදුවේ.

87
00:05:15,041 --> 00:05:17,541
මං මගේ දුවට අමු අඹ ගන්න
විනාඩි දෙකකට බැස්සා,

88
00:05:17,625 --> 00:05:18,916
ඒ වෙලාවේ තමයි මේ ඔක්කොම වුණේ.

89
00:05:19,000 --> 00:05:21,083
මං හිටියේ ගොඩක් ඈතින් නිසා
ඒ ගෑණිව අල්ලගන්න බැරි වුණා.

90
00:05:21,166 --> 00:05:23,083
-හරි. විස්තර ගන්න, ඉක්මනට.
-කරුණාකරලා, සර්.

91
00:05:23,166 --> 00:05:24,166
එයාට හැමදේම කියන්න.

92
00:05:24,250 --> 00:05:26,208
-හැබැයි ඊට කලින්, මෙයාලට ප්‍රථමාධාර දෙන්න.
-ඒත්, සර්...

93
00:05:26,291 --> 00:05:28,125
-හරි. පස්සේ.
-සර්, කරුණාකරලා තේරුම් ගන්න.

94
00:05:28,208 --> 00:05:30,333
-මං කියන දේ අහන්න සර්, දැන් පැය දෙකක් වෙනවා...
-අපි ඒ ගැන බලන්නම්.

95
00:05:30,416 --> 00:05:32,041
-කලබල වෙන්න එපා.
-උන් එයාට මොනවා හරි කරයි.

96
00:05:32,125 --> 00:05:33,250
සර්, මං ඔයාට පින් දෙන්නම්.

97
00:05:33,333 --> 00:05:34,708
-සර්, කරුණාකරලා. සර්!
-ගෝකුල්?

98
00:05:35,833 --> 00:05:37,083
අර ඔෆිසර් කොහේද ගියේ?

99
00:05:43,375 --> 00:05:44,708
ඔයාට මොනවා හරි පේනවාද?

100
00:05:45,875 --> 00:05:46,708
නෑ.

101
00:05:47,458 --> 00:05:49,166
නර්ස්, මේ තුවාලේ බැඳලා දෙන්න.

102
00:05:50,000 --> 00:05:51,750
එන්න. මේ පැත්තට.

103
00:05:53,291 --> 00:05:55,083
මේක දරුණු අනතුරක් නිසා වුණ තුවාලයක්.

104
00:05:55,166 --> 00:05:58,333
ඒ වගේම ඇතුළත ලේ ගැලීමක් නිසා

105
00:05:58,416 --> 00:06:00,958
ඇස් දෙකම තාවකාලිකව අන්ධ වෙලා.

106
00:06:01,041 --> 00:06:03,875
විවේක ගෙන බෙහෙත් බිව්වම
එයාට සනීප වෙයි.

107
00:06:03,958 --> 00:06:06,833
හැබැයි ආයෙත් පේන්න
කොච්චර කල් යයිද කියලා හරියටම කියන්න බෑ.

108
00:06:11,666 --> 00:06:12,625
ගෝකුල්.

109
00:06:12,708 --> 00:06:14,458
ගෝකුල්, කරුණාකරලා එයාගෙන් ආයෙත් අහන්නකෝ.

110
00:06:14,541 --> 00:06:15,875
දැන් පැය හයක් වෙනවා, ගෝකුල්.

111
00:06:15,958 --> 00:06:17,833
මගේ දුව කොහේද කියලා කරුණාකරලා එයාලගෙන් අහන්න.

112
00:06:18,875 --> 00:06:20,666
අපි නිකන් බලාගෙන ඉන්නවා විතරයි, ගෝකුල්.

113
00:06:21,625 --> 00:06:22,666
කරුණාකරලා යන්නකෝ.

114
00:06:22,750 --> 00:06:25,000
ඇයි ඔයා එයාලගෙන් ආයෙත් අහන්නේ නැත්තේ?
ඔයා අහගෙනද ඉන්නේ?

115
00:06:25,083 --> 00:06:26,000
සර්, මං කියන දේ අහන්න.

116
00:06:26,791 --> 00:06:29,125
මගේ දුව ගැන පැමිණිල්ලක් දාලා
දැන් පැය හයක් වෙනවා.

117
00:06:29,208 --> 00:06:30,541
-මොනවා හරි ආරංචියක් තියෙනවාද?
-ආ, ඔව්.

118
00:06:30,625 --> 00:06:33,041
අහන්න, ඔයාගේ දුවගේ පින්තූර අපි යවලා තියෙන්නේ

119
00:06:33,125 --> 00:06:34,583
ළඟ පාත තියෙන හැම පොලිසියකටම.

120
00:06:34,666 --> 00:06:37,500
තව පැය කිහිපයකින් අපිට ආරංචියක් එයි.

121
00:06:37,583 --> 00:06:38,833
-ඔයාට මට උදව් කරන්න පුළුවන්ද?
-ගෝකුල්!

122
00:06:39,875 --> 00:06:42,333
ඔයාට බැරිනම් මාව එතනට අරන් යන්න,
මං අහන්නම්.

123
00:06:42,416 --> 00:06:45,291
දැන්... දැන් ගොඩක් වෙලා.
ඇයි එයාලා අපිට මුකුත් කියන්නේ නැත්තේ?

124
00:06:45,375 --> 00:06:47,666
කරුණාකරලා ගිහින් වාඩි වෙන්න.
මං රිපෝට් එකක් ලියනවා.

125
00:06:47,750 --> 00:06:49,500
කරුණාකරලා මේකෙ බරපතලකම
තේරුම් ගන්න.

126
00:06:49,583 --> 00:06:50,541
කරුණාකරලා ගිහින් වාඩි වෙන්න.

127
00:06:50,625 --> 00:06:53,625
ඔහොම ඔලුව උඩ නැගගෙන හිටියා කියලා
ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ, හරිද?

128
00:06:53,708 --> 00:06:55,791
ගිහින් ඔෆිසර්ට කියන්න

129
00:06:55,875 --> 00:06:57,875
ඒ ගෑණි හයවෙනි ප්ලැට්ෆෝම් එකේ දිව්වේ කියලා.

130
00:06:57,958 --> 00:06:59,041
බානි.

131
00:06:59,625 --> 00:07:01,791
-එයාගේ ඔලුවට ගොඩක් තුවාල වෙලා.
-ඇත්තද, සර්?

132
00:07:01,875 --> 00:07:03,541
ටිකකට කලින්, අපි එයාගෙන් ඇහුවා මොකද වුණේ කියලා--

133
00:07:03,625 --> 00:07:05,250
සාමාන්‍යයෙන්, ළමයෙක්ව

134
00:07:05,333 --> 00:07:06,791
පැය 48ක් ඇතුළත හම්බවුණේ නැත්තම්,

135
00:07:06,875 --> 00:07:08,791
ගොඩක් වෙලාවට, කවදාවත් හම්බවෙන්නේ නෑ.

136
00:07:09,416 --> 00:07:10,958
පව් අප්පා.

137
00:07:16,375 --> 00:07:17,208
නෑ.

138
00:07:18,166 --> 00:07:19,250
නෑ, නෑ.

139
00:07:33,291 --> 00:07:36,041
<i>පුංචිම පුංචි ලිහිණියා ලස්සන චූටි ලිහිණියා</i>

140
00:07:37,875 --> 00:07:40,708
<i>ගොඩක් දුර පියඹලා</i>

141
00:07:40,791 --> 00:07:44,375
<i>පාර වැරදිලා අතරමං වෙලා</i>

142
00:07:50,833 --> 00:07:53,208
ජොයිපුරා පොලිසිය

143
00:08:10,500 --> 00:08:11,500
-හේයි?
-ආ.

144
00:08:11,583 --> 00:08:13,250
-ඔයා තාමත් මෙතනද?
-සර්.

145
00:08:13,333 --> 00:08:15,000
දැන් ගොඩක් රෑ වෙලා. කරුණාකරලා ගෙදර යන්න.

146
00:08:15,083 --> 00:08:16,958
-ඔයාලා දෙන්නා කරුණාකරලා යන්න!
-මොකද වෙන්නේ කියලා මට කියන්න, සර්.

147
00:08:17,041 --> 00:08:18,375
සර්?

148
00:08:22,541 --> 00:08:24,208
මගේ දුව, එයා කොහේද ඉන්නේ සර්?

149
00:08:31,875 --> 00:08:33,083
කරුණාකරලා මේක කන්න සර්.

150
00:08:33,166 --> 00:08:34,000
හ්ම්...

151
00:08:34,083 --> 00:08:35,041
කරුණාකරලා මොනවා හරි කන්න.

152
00:08:35,625 --> 00:08:36,500
ස්තූතියි.

153
00:08:38,000 --> 00:08:39,250
මෙන්න, බානි. මොනවා හරි කන්න.

154
00:08:39,875 --> 00:08:41,000
එපා.

155
00:08:41,083 --> 00:08:43,541
<i>ඔයා දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්</i>
<i>මගේ රත්තරන්</i>

156
00:09:01,791 --> 00:09:07,833
<i>ඔයාගේ එක හිනාවකට</i>

157
00:09:13,833 --> 00:09:18,250
<i>මට කැප කරන්න පුළුවන්</i>

158
00:09:18,333 --> 00:09:23,083
<i>මේ මුළු ලෝකෙම</i>

159
00:09:31,291 --> 00:09:33,250
හේයි! මොන ම--

160
00:09:35,250 --> 00:09:37,041
ඔෆිසර් මේ පැත්තට එනවා.
මං එයාට කතා කරන්නම්.

161
00:09:37,125 --> 00:09:38,000
හරි.

162
00:09:38,083 --> 00:09:39,875
පාණ්ඩේ, ඉක්මන් කරන්න. මට තේ එකක් දෙන්න.

163
00:09:40,958 --> 00:09:42,750
-සර්...
-ඉක්මන් කරන්නකෝ.

164
00:09:42,833 --> 00:09:43,750
ඉන්න, ඉන්න, පොඩ්ඩක් ඉන්න.

165
00:09:43,833 --> 00:09:45,375
-මගේ දුව ගැන කිසිම ආරංචියක් නෑ.
-ක්‍රීම් රෝල්.

166
00:09:45,458 --> 00:09:47,875
-ඔයාට සීනියර් ඔෆිසර්ට කතා කරන්න පුළුවන්ද?
-සීනියර් ඔෆිසර්ව අමතක කරන්න.

167
00:09:47,958 --> 00:09:49,875
එයාගෙත් බොස් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. කබීර්.

168
00:09:49,958 --> 00:09:52,333
-දැන් ගිහින් වාඩි වෙන්න.
-කරුණාකරලා මට සීනියර් ඔෆිසර්ට කතා කරන්න දෙන්න.

169
00:09:52,416 --> 00:09:54,166
හරි, හරි. මං එයාට කතා කරන්නම්.

170
00:09:55,916 --> 00:09:58,791
හැමෝම අහගන්න.
කබීර් සර් විශේෂ රැස්වීමක් තියනවා.

171
00:09:58,875 --> 00:10:00,583
සර්...

172
00:10:00,666 --> 00:10:02,416
එපා, ස්තූතියි.
මං තේ බොන්නේ නෑ.

173
00:10:11,791 --> 00:10:14,625
මේ මාසේ ජොයිපුරා වලින්
ළමයෙක්ව පැහැරගත්ත තුන්වෙනි පාර මේක.

174
00:10:16,291 --> 00:10:18,708
මුලින්ම, අවුරුදු හයක ගෑණු ළමයෙක්ව
බස් ස්ටෑන්ඩ් එකකින් පැහැරගත්තා.

175
00:10:34,416 --> 00:10:36,583
-ශාලිනි කොහේද? එයා කොහේද ගියේ?
-ආ?

176
00:10:36,666 --> 00:10:38,000
-මට කියන්න.
-මගේ ළමයා.

177
00:10:38,083 --> 00:10:40,083
-අපේ දුව කොහේද? අපේ දරුවා!
-අපේ දුව!

178
00:10:41,958 --> 00:10:44,125
<i>ඒකත් මහ දවල් මිනිස්සු ඉස්සරහම.</i>

179
00:10:44,958 --> 00:10:48,208
ඊටපස්සේ නගරෙන් පිට,
තව අවුරුදු හයක ළමයෙක්ව පැහැරගත්තා.

180
00:10:50,000 --> 00:10:52,041
-ඔයා කොහේද ඉන්නේ? මං ඔයා එනකන් බලාගෙන හිටියා.
-අම්මේ! අඬනවා.

181
00:10:53,250 --> 00:10:54,875
මට කියන්න, ඔයා පැණිරස කෑවද?

182
00:10:59,000 --> 00:10:59,875
අස්මිතා!

183
00:11:02,375 --> 00:11:03,583
අස්මිතා!

184
00:11:04,375 --> 00:11:05,416
අස්මිතා!

185
00:11:11,458 --> 00:11:12,583
ඒ වගේම ඊයේ,

186
00:11:12,666 --> 00:11:13,958
කෝච්චි ස්ටේෂන් එකෙන්,

187
00:11:14,041 --> 00:11:15,958
තව අවුරුදු පහක ගෑණු ළමයෙක්ව පැහැරගත්තා.

188
00:11:27,000 --> 00:11:28,875
මට දැනගන්න ඕනේ මේ පැහැරගැනීම් ගැන ඔයාලට

189
00:11:28,958 --> 00:11:30,083
හොයාගන්න පුළුවන් වුණේ මොනවාද කියලා?

190
00:11:30,583 --> 00:11:31,625
හ්ම්...

191
00:11:32,375 --> 00:11:33,750
සර්, අපි උපරිමයෙන්ම කරනවා.

192
00:11:34,625 --> 00:11:37,541
ඒ කියන්නේ, යාලුවෝ, පවුලේ අය, හතුරෝ,

193
00:11:37,625 --> 00:11:38,833
අපි හැමෝගෙන්ම ප්‍රශ්න කරනවා.

194
00:11:39,375 --> 00:11:42,416
ඒත් ඇත්තටම සර්, මට තේරුම් ගන්න අමාරුයි

195
00:11:42,500 --> 00:11:47,041
පැහැරගැනීම් කීපයකට ඔයා වගේ සීනියර් ඔෆිසර් කෙනෙක්ව
මෙහේට එව්වේ ඇයි කියලා.

196
00:11:49,083 --> 00:11:52,375
මේක පැහැරගැනීම් කීපයකට එහා ගිය දෙයක්,
මිස්ටර් සහා.

197
00:11:53,083 --> 00:11:56,166
ඔයාට, මේක වෙන වෙනම වුණ
පැහැරගැනීම් තුනක් වෙන්න පුළුවන්,

198
00:11:56,250 --> 00:11:58,625
ඒත් මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි.

199
00:11:58,708 --> 00:12:00,708
මාව මෙහේට එව්වේ අන්න ඒ නිසයි.

200
00:12:17,375 --> 00:12:19,625
මේක ලොකු ළමා අපචාර ජාවාරමක කොටසක්.

201
00:12:20,458 --> 00:12:24,125
2023 දී, ඉන්දියාවේ පැහැරගැනීම් 80,000 කට
වඩා වෙලා තියෙනවා.

202
00:12:24,208 --> 00:12:28,166
ඒකෙන් වැඩි හරියක්ම වුණේ
බාල වයස්කාර ළමයින්ව අපචාර වලට විකුණපු ඒවා.

203
00:12:30,000 --> 00:12:31,250
දැන් මේ ළමයින්ගෙන් ගොඩක් අයව

204
00:12:31,333 --> 00:12:34,291
අරන් ගියේ නැගෙනහිර වෙරළ තීරයෙන්
සහ ඒ අවට ප්‍රදේශවලින්.

205
00:12:36,166 --> 00:12:38,833
මේ පැහැරගැනීම් වලට පොදු දේවල් දෙකක්
තියෙනවා කියලා අපි දන්නවා.

206
00:12:39,625 --> 00:12:41,708
පළවෙනි එක, පැහැරගත්ත
හැම ගෑණු ළමයෙක්ම

207
00:12:41,791 --> 00:12:43,625
වයස අවුරුදු හයට වඩා අඩු අය.

208
00:12:44,375 --> 00:12:48,291
දෙවෙනි එක, එයාලා
අසරණ දුප්පත් පවුල්වල ළමයි.

209
00:12:50,125 --> 00:12:52,833
මේ ළමයින්ට ගණිකා ව්‍යාපාරය ඇතුළේ
ලොකු ඉල්ලුමක් තියෙනවා.

210
00:12:52,916 --> 00:12:56,375
ඒ නිසා උන් මේවා කරන්නේ කොහොමද කියලා
හොයාගන්න එක අපිට ගොඩක් වැදගත්.

211
00:12:56,458 --> 00:12:58,125
උන් වැඩ කරන විදිය මොකක්ද?

212
00:12:58,208 --> 00:13:00,625
උන්ව රටින් පන්නන්නේ කොහොමද, කොහෙන්ද?

213
00:13:03,666 --> 00:13:06,458
දැන් නැගෙනහිර වෙරළ තීරයේ මායිම් ගම්මාන
සහ ඒ අවට ප්‍රදේශ

214
00:13:06,541 --> 00:13:08,750
තමයි අපි මේ පරීක්ෂණයේදී වැඩිපුරම
හොයලා බලන්නේ.

215
00:13:10,708 --> 00:13:12,583
පටන්ගැන්මක් විදියට, අපිට හොඳ තොරතුරු ජාලයක් ඕනේ.

216
00:13:12,666 --> 00:13:14,416
එතකොට විතරයි අපිට පරීක්ෂණ කරන්න පුළුවන් වෙන්නේ.

217
00:13:15,500 --> 00:13:16,916
හ්ම්.

218
00:13:17,000 --> 00:13:17,958
මිස්ටර් කල්ලෝල්.

219
00:13:19,166 --> 00:13:20,958
අනිත් හැම නගරෙකම තියෙන IT අංශ වලින්

220
00:13:21,041 --> 00:13:23,500
එයාලගේ අලුත්ම සෝදිසි කිරීම් වාර්තා
දීලා තියෙනවා.

221
00:13:23,583 --> 00:13:25,791
ඒත් ජොයිපුරා එකෙන් දීලා නෑ.
ඇයි කියලා මට දැනගන්න පුළුවන්ද?

222
00:13:25,875 --> 00:13:26,750
සර්.

223
00:13:27,791 --> 00:13:30,166
එයාලට ගොඩක් ප්‍රබල නෙට්වර්ක් එකක් ඇති.

224
00:13:30,250 --> 00:13:31,791
අපේ වගේ නෙමෙයි.

225
00:13:32,791 --> 00:13:34,625
ඒත්, අපි ඒක හදාගෙන යනවා.

226
00:13:35,708 --> 00:13:36,541
සර්.

227
00:13:36,625 --> 00:13:39,666
ජොයිපුරා වලින් පිටවෙන හැම පාරක්ම
අපි කවර් කරලා තියෙන්නේ.

228
00:13:39,750 --> 00:13:41,583
හරිද?

229
00:13:44,083 --> 00:13:44,916
හොඳයි.

230
00:13:45,791 --> 00:13:47,166
මේ හරියට මාර්ග බාධක දාන්න.

231
00:13:47,250 --> 00:13:50,750
ජොයිපුරා වලින් පිටවෙන හැම පාරක්ම
දැන්ම වහන්න ඕනේ.

232
00:13:50,833 --> 00:13:51,666
තේරුණාද?

233
00:13:52,500 --> 00:13:53,416
ඔයා යන්න, සර්.

234
00:14:00,458 --> 00:14:01,291
ස්තූතියි.

235
00:14:01,833 --> 00:14:03,083
ඔයාලට ඔයාලගේ වැඩ වලට යන්න පුළුවන්.

236
00:14:10,208 --> 00:14:13,250
ජොයිපුරා කියන්නේ කාටත් ලේසියෙන්
අල්ලගන්න පුළුවන් තැනක් නෙමෙයි, සර්.

237
00:14:13,333 --> 00:14:14,500
ඒක මතක තියාගන්න.

238
00:14:20,916 --> 00:14:22,083
ආ, කීයද?

239
00:14:22,166 --> 00:14:23,958
ඔයාට දුව හම්බවුණාට පස්සේ
මට සල්ලි දෙන්න පුළුවන්.

240
00:14:24,041 --> 00:14:25,208
ස්තූතියි.

241
00:14:27,291 --> 00:14:28,583
සර්, මගේ දුව නැතිවෙලා.

242
00:14:29,583 --> 00:14:31,500
-මට ටිකක් දෙන්න.
-එන්න. හේයි.

243
00:14:32,916 --> 00:14:34,083
-පරිස්සමෙන්. මං ඇතුළට යනවා.
-ඔව්.

244
00:14:34,166 --> 00:14:35,541
-සර්.
-ඒ මගේ දුව.

245
00:14:35,625 --> 00:14:37,708
ඔයාලා කවුරුහරි එයාව දැක්කොත්,
කරුණාකරලා මේ නම්බර් එකට කතා කරන්න.

246
00:14:38,916 --> 00:14:39,958
-මෙතනම ඉන්න.
-හරි.

247
00:14:40,041 --> 00:14:42,166
-මගේ දුවව පැහැරගෙන.
-කරුණාකරලා ඉන්න.

248
00:14:42,250 --> 00:14:44,208
කරුණාකරලා මගේ දුව හොයාගන්න උදව් කරන්න.

249
00:14:46,541 --> 00:14:48,166
මේ මගේ දුව. ඔයා එයාව දැක්කාද?

250
00:14:49,666 --> 00:14:52,125
එයාව දැක්කොත්, කරුණාකරලා මේ නම්බර් එකට කතා කරන්න.

251
00:15:01,041 --> 00:15:03,416
ඊයේ කෝච්චි ස්ටේෂන් එකේදී
මගේ දුවව පැහැරගත්තා.

252
00:15:05,958 --> 00:15:08,583
{\an8}අපි එයාව හෙව්වා.
පොලිසියෙනුත් මහ ලොකුවට මුකුත් කරන්නේ නෑ.

253
00:15:08,666 --> 00:15:11,916
{\an8}ඔයාට මොනවා හරි ආරංචි වුණොත්,
කරුණාකරලා මේ නම්බර් එකට කතා කරන්න පුළුවන්ද?

254
00:15:12,000 --> 00:15:15,208
මේ ළඟ NGO එකකුයි
ළමා නිවාසෙකුයි තියෙනවා.

255
00:15:15,291 --> 00:15:16,500
ශිෂුකාල්.

256
00:15:16,583 --> 00:15:18,166
සමහරවිට එයාලට උදව් කරන්න පුළුවන් වෙයි.

257
00:15:22,500 --> 00:15:25,083
-සමාවෙන්න. සමාවෙන්න.
-බානි!

258
00:15:26,250 --> 00:15:27,250
සමාවෙන්න.

259
00:15:27,333 --> 00:15:29,958
මගෙන් වැටුණා. මගෙන් වැටුණා.
මගෙන් වැටුණා.

260
00:15:30,041 --> 00:15:32,166
-මගෙන් වැටුණා. මගෙන් වැටුණා.
-බානි!

261
00:15:32,250 --> 00:15:34,875
-ගෝකුල්, මගෙන් වැටුණා, ගෝකුල්.
-බානි!

262
00:15:34,958 --> 00:15:36,250
උන් එයාව අරන් ගියා.

263
00:15:46,291 --> 00:15:50,000
<i>පැනලා ගියපු, පැහැරගත්ත, නැත්තම් අතුරුදහන් වුණ.</i>

264
00:15:50,083 --> 00:15:53,333
මේ තැන මේ වගේ ළමයි හැමෝගෙම
විස්තර තියෙනවා.

265
00:15:55,208 --> 00:15:57,541
කරුණාකරලා ඔයාගේ දුවගේ පින්තූරයක්
අපිට දීලා යන්න.

266
00:15:58,458 --> 00:16:00,375
මං ඔයාලට පුරවන්න ෆෝම් එකක් දෙන්නම්.

267
00:16:00,458 --> 00:16:02,708
අපිට එයා ගැන හැමදේම දැනගන්න ඕනේ.

268
00:16:02,791 --> 00:16:04,833
කරුණාකරලා මේක හරියටම පුරවන්න, හරිද?

269
00:16:07,333 --> 00:16:08,708
කලබල වෙන්න එපා.

270
00:16:08,791 --> 00:16:11,958
ජොයිපුරා වලට චෞමුඛි දෙවඟනගේ
ආශිර්වාදය තියෙනවා.

271
00:16:12,041 --> 00:16:14,375
ඔයාගේ දුව ආරක්ෂිතව ඔයාලට හම්බවෙයි.

272
00:16:20,541 --> 00:16:22,375
සර්.

273
00:16:22,458 --> 00:16:25,875
කෝච්චි ස්ටේෂන් එකෙයි ටෝල් ගේට් එකෙයි
වැඩ කළේ එක ගේට් එකක් විතරයි.

274
00:16:25,958 --> 00:16:27,666
<i>අනිත් ඒවා වහලා දාලා.</i>

275
00:16:27,750 --> 00:16:30,458
<i>අපේ අනතුරු ඇඟවීමේ වාර්තා වලට අනුව,</i>

276
00:16:30,541 --> 00:16:32,333
<i>අපි හැමතැනම ආරක්ෂාව දැඩි කරලා තියෙන්නේ.</i>

277
00:16:32,416 --> 00:16:34,958
<i>පැය විසිහතරම කැමරා වලින්</i>
<i>බලාගෙන ඉන්නේ.</i>

278
00:16:35,041 --> 00:16:38,708
<i>නගරයෙන් පිටවෙන හැම පාරකම</i>
<i>විශේෂ කාර්ය බලකාය දාලා තියෙන්නේ.</i>

279
00:16:38,791 --> 00:16:42,125
ඒ නිසා මේ ළමයින්ව
ජොයිපුරා වලින් පිටට ගෙනියන්න කොහොමවත්ම බෑ.

280
00:16:42,208 --> 00:16:44,666
කුඩු ගෙනියන්න පාවිච්චි කරන
භූගත මාර්ග ගැන මොකද කියන්නේ?

281
00:16:45,291 --> 00:16:47,333
මං පැහැදිලි කරන්නම්. බලන්න.

282
00:16:48,166 --> 00:16:50,208
ඩ්‍රෝන සහ ජී.පී.ආර්. පාවිච්චි කරලා,

283
00:16:50,291 --> 00:16:54,708
ජොයිපුරා විශේෂ බලකාය ඒ උමං මාර්ග
වහලා දාන්න මෙහෙයුමක් කළා.

284
00:16:54,791 --> 00:16:56,625
ඔයාට වීඩියෝ එකේ පේනවා වගේ,

285
00:16:56,708 --> 00:16:58,583
{\an8}ඒ හැම උමඟක්ම වහලා තියෙන්නේ.

286
00:16:58,666 --> 00:17:03,625
{\an8}වහපු හැම උමඟක්ම
නිල වශයෙන්ම සීල් කරලා තියෙන්නේ.

287
00:17:03,708 --> 00:17:05,041
මැඩම් කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.

288
00:17:06,291 --> 00:17:08,083
මං කියන දේ අහගන්න.

289
00:17:08,166 --> 00:17:10,375
අර ගෑණු ළමයි තියා,

290
00:17:11,208 --> 00:17:13,458
කූඹියෙකුටවත් ජොයිපුරා වලින් පිටවෙන්න බෑ.

291
00:17:13,541 --> 00:17:15,000
මේක ස්ථිරද?

292
00:17:15,083 --> 00:17:16,708
-සර්...
-මං ආයෙත් කියනවා.

293
00:17:17,333 --> 00:17:20,041
කූඹියෙකුටවත් ජොයිපුරා වලින් පිටවෙන්න බෑ.

294
00:17:23,916 --> 00:17:25,916
කෝච්චිය ප්ලැට්ෆෝම් එකේ නැවැත්තුවා.

295
00:17:26,000 --> 00:17:28,250
ගෝකුල් අමු අඹ ගේන්න ගියා.

296
00:17:28,333 --> 00:17:29,875
මිෂ්ටිට බාත්රූම් යන්න ඕනෙ වුණා.

297
00:17:29,958 --> 00:17:30,958
ඊටපස්සේ මං ඇතුළට ගියා.

298
00:17:31,041 --> 00:17:33,833
මං එයාට කිව්වා විනාඩි දෙකක්
එතනින්ම ඉන්න කියලා.

299
00:17:33,916 --> 00:17:35,208
එයා හිටියේ හරියටම එළියේ.

300
00:17:35,291 --> 00:17:37,208
-මං එයාට කිව්වා එයා... එයා...
-බානි.

301
00:17:37,291 --> 00:17:38,375
තේ ටිකක් බොන්න, බානි.

302
00:17:38,458 --> 00:17:40,041
එයා ලිහිණි සින්දුව කියා කියා හිටියේ...

303
00:17:40,125 --> 00:17:42,208
-බානි.
-එයා මාත් එක්ක ලිහිණි සින්දුව කියා කියා හිටියේ.

304
00:17:42,291 --> 00:17:43,125
අපි ඒක කියන ගමන්--

305
00:17:43,208 --> 00:17:44,833
ඔයා මුකුත් නොකා
දැන් දවස් දෙකක් වෙනවා.

306
00:17:44,916 --> 00:17:46,208
අඩුගානේ තේ ටිකක්වත් බොන්න, බානි.

307
00:17:46,291 --> 00:17:48,750
එයා ඒක මට කියා කියා හිටියේ...
මං එයාව ඇතුළට ගන්න තිබුණේ.

308
00:17:48,833 --> 00:17:50,791
මං එහෙම කරන්න හොඳ නෑ...
මං එයාව එළියෙන් තියන්න හොඳ නෑ.

309
00:17:50,875 --> 00:17:52,041
-මං එහෙම කරන්න...
-බානි.

310
00:17:52,125 --> 00:17:54,083
-මං කොහොම එච්චර නොසැලකිලිමත් වුණාද මන්දා.
-බානි!

311
00:17:54,166 --> 00:17:55,125
ඒක මගේ වැරැද්ද. මං එහෙම...

312
00:17:55,208 --> 00:17:56,541
ඔහොම ඉන්න. අපි එයාව හොයාගමු.

313
00:17:56,625 --> 00:17:57,791
කොහොමද කියලා මට කියන්න, ගෝකුල්?

314
00:17:57,875 --> 00:18:00,708
පැය 24 කටත් වඩා ගියා,
අපි තාමත් මෙතනට වෙලා බලන් ඉන්නවා.

315
00:18:00,791 --> 00:18:02,875
ඔයාට මොනවාද කරන්න පුළුවන් වුණේ? ආ?

316
00:18:02,958 --> 00:18:04,916
-මේ දේවල් වලට මට පිස්සු හැදෙයි.
-බානි!

317
00:18:05,000 --> 00:18:06,166
ඔයා මොනවාද කරන්නේ?

318
00:18:06,791 --> 00:18:08,750
ඔයාට මොකද වෙලා තියෙන්නේ?

319
00:18:11,791 --> 00:18:13,708
අපි කොහොමද මිෂ්ටිව හොයාගන්නේ?

320
00:18:13,791 --> 00:18:15,375
අපිට නිකන් මෙහෙම බලාගෙන ඉන්න බෑ.

321
00:18:15,458 --> 00:18:17,625
ඔයා හිතනවාද අර ඔෆිසර්ලා
එයාව හොයාගනියි කියලා?

322
00:18:17,708 --> 00:18:19,500
උන් අපිත් එක්ක කතා කරන්නේවත් නෑ.

323
00:18:20,583 --> 00:18:23,041
මට ඕනේ මගේ දුවව විතරයි.

324
00:18:23,125 --> 00:18:24,791
මට මගේ මිෂ්ටිව ගෙනත් දෙන්න, ගෝකුල්.

325
00:18:24,875 --> 00:18:26,666
-මට මගේ මිෂ්ටිව ගෙනත් දෙන්න!
-මොකක්ද ඒ "මගේ මිෂ්ටි" කියන එකේ තේරුම?

326
00:18:26,750 --> 00:18:28,291
එයා මගෙත් දුව. මං එයාව හොයාගන්නවා!

327
00:18:28,375 --> 00:18:29,916
එහෙනම් ගිහින් එයාව හොයාගෙන එන්න!

328
00:18:30,000 --> 00:18:32,000
මගේ දුවව ආයෙත් මෙතනට ගෙනත් දෙන්න! ආ?

329
00:18:32,875 --> 00:18:34,458
අපිට එයාව පරිස්සම් කරගන්න බැරි වුණා, ගෝකුල්.

330
00:18:35,166 --> 00:18:36,958
ඔයාට ඔයාගේ දුවව පරිස්සම් කරගන්න බැරි වුණා.

331
00:18:38,375 --> 00:18:41,833
එයා කොයි වගේ තත්ත්වෙක ඉන්නවා ඇද්ද,
කොයි වගේ මිනිස්සු එක්ක ඉන්නවා ඇද්ද!

332
00:18:43,166 --> 00:18:46,291
එයා... එයා බලාගෙන ඇති අම්මයි තාත්තයි
ඇවිත් එයාව හොයාගනියි කියලා.

333
00:18:46,375 --> 00:18:48,500
ඒත් බලන්න එයාගේ දෙමාපියන්
නිකන් බලාගෙන ඉන්න හැටි.

334
00:18:52,916 --> 00:18:54,375
මගේ දුවව ආයෙත් ගෙනත් දෙන්න.

335
00:18:54,958 --> 00:18:56,250
මොන දේ කරන්න වුණත්.

336
00:18:56,916 --> 00:18:57,958
මට අදාළ නෑ.

337
00:18:58,041 --> 00:18:59,375
මට මගේ දුවව ගෙනත් දෙන්න.

338
00:19:01,083 --> 00:19:02,208
දැන්ම එයාව ගෙනත් දෙන්න.

339
00:19:02,291 --> 00:19:03,416
මගේ මිෂ්ටිව ගෙනත් දෙන්න.

340
00:19:04,333 --> 00:19:07,291
මගේ මිෂ්ටි...
කරුණාකරලා මගේ මිෂ්ටිව ආයෙත් මට ගෙනත් දෙන්න.

341
00:19:09,000 --> 00:19:10,250
මට මගේ මිෂ්ටිව ඕනේ.

342
00:19:12,583 --> 00:19:14,875
මට මගේ මිෂ්ටිව ඕනේ, ගෝකුල්.

343
00:19:17,625 --> 00:19:19,375
මං දැන් ආයෙත් කෝච්චි ස්ටේෂන් එකට යනවා.

344
00:19:20,750 --> 00:19:23,791
සමහරවිට මේ පාරවත්,
මට මොනවා හරි හොයාගන්න පුළුවන් වෙයි.

345
00:19:24,791 --> 00:19:26,583
ඔයා මං එනකන් මෙතනට වෙලා ඉන්න. මං එන්නම්.

346
00:19:42,708 --> 00:19:43,958
ඔයාට මාව හම්බවෙන්න ඕනෙ වුණාද?

347
00:19:44,833 --> 00:19:45,708
ඔව්.

348
00:19:46,291 --> 00:19:47,541
සංජුක්තා.

349
00:19:47,625 --> 00:19:49,291
අපේ ඔත්තුකාරයෝ අපිට තොරතුරක් දුන්නා.

350
00:19:50,291 --> 00:19:52,125
අපේ තොරතුරු වලට අනුව...

351
00:19:52,958 --> 00:19:53,833
ගුඩ් ඊවිනින්, සර්.

352
00:19:58,833 --> 00:19:59,791
එන්න.

353
00:19:59,875 --> 00:20:01,125
<i>අපේ තොරතුරු වලට අනුව,</i>

354
00:20:02,041 --> 00:20:04,125
මේ අපි කලිනුත් හැප්පුණු කල්ලියක්.

355
00:20:04,833 --> 00:20:05,833
බ්ලැක්හෝල් කල්ලිය.

356
00:20:07,708 --> 00:20:09,041
ඒ වගේම අවුරුදු පහකට කලින් ෆානාපූර් මායිමෙන්

357
00:20:09,125 --> 00:20:11,041
ගෑණු ළමයින්ව රටින් පන්නපු

358
00:20:11,125 --> 00:20:12,583
එකම කල්ලියත් මේකමයි.

359
00:20:12,666 --> 00:20:14,000
හරියටම හරි.

360
00:20:14,083 --> 00:20:15,916
ඒ කාලේ, අපි උන්ව අල්ලන්න හිටියේ.

361
00:20:16,000 --> 00:20:18,916
කෝල් වලින්, බෑන්ක් ට්‍රාන්ස්ෆර්ස් වලින්,
සෝෂල් මීඩියා වලින්.

362
00:20:19,000 --> 00:20:21,541
ඒත් අපි උන් පස්සෙන් එනවා කියලා
උන්ට තේරුණ ගමන්,

363
00:20:22,083 --> 00:20:24,791
උන් ඔක්කොම වහලා දාලා
සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුණා.

364
00:20:24,875 --> 00:20:25,833
අපිට බැරි වුණා--

365
00:20:43,083 --> 00:20:45,583
ඒත් මේ පාර, උන් ගේම ගහන්නේ වෙන විදියකට.

366
00:20:47,458 --> 00:20:49,750
උන් කිසිම ඩිජිටල් සාක්ෂියක් ඉතුරු කරන්නේ නෑ.

367
00:20:50,500 --> 00:20:52,333
අපේ තොරතුරු වලට අනුව,

368
00:20:52,833 --> 00:20:55,333
මේ අසරණ ගෑණු ළමයි ගොඩක්

369
00:20:55,416 --> 00:20:57,625
තව මාසෙකින් එකහමාරකින් රටින් පන්නනවා.

370
00:20:57,708 --> 00:20:58,583
මායිම් ගමකින්.

371
00:20:58,666 --> 00:21:00,708
-සැර කඩල!
-ඒ නිසා ලොකු ඉඩක් තියෙනවා

372
00:21:00,791 --> 00:21:03,125
එතකන් මේ ළමයින්ව හංගගෙන තියාගන්න,

373
00:21:03,750 --> 00:21:06,166
-සමහරවිට මේ අවට ප්‍රදේශවල.
-සැර කඩල!

374
00:21:06,250 --> 00:21:10,291
අපිට හොයාගන්න තියෙන්නේ
ඒ මොන මායිම් ගමෙන්ද කියලා විතරයි.

375
00:21:10,375 --> 00:21:12,375
සැර කඩල!

376
00:21:18,333 --> 00:21:19,791
දත්තා සර්!

377
00:21:19,875 --> 00:21:21,541
සැර කඩල!

378
00:21:22,708 --> 00:21:24,833
ගන්න, නැත්තම් වඳුරෝ අරන් යාවි.

379
00:21:32,625 --> 00:21:34,458
සර්, සැර කඩල.

380
00:21:35,041 --> 00:21:36,500
සැර කඩල!

381
00:21:39,166 --> 00:21:41,000
ගොඩක් පරිස්සම් වෙන්න, සංජුක්තා.

382
00:21:41,833 --> 00:21:44,541
මේ තැන හැම මුල්ලකම සර්පයෝ පිරිලා ඉන්නේ.

383
00:21:49,375 --> 00:21:51,833
ඒ වගේම අපරාධකාරයෝ
යුනිෆෝම් ඇඳගෙන වුණත් ඉන්න පුළුවන්.

384
00:21:58,125 --> 00:22:00,333
දාදා බායි, අලුත් ඔෆිසර් නම් හෙන තදයි.

385
00:22:00,416 --> 00:22:02,208
එයා හැමතැනම ආරක්ෂාව දැඩි කරලා.

386
00:22:02,291 --> 00:22:04,708
ළමයි යවන එක පොඩ්ඩක් කල් දාමුද?

387
00:22:09,458 --> 00:22:12,541
ළමයි තව මාසෙකින් එකහමාරකින් යවනවා.

388
00:22:14,291 --> 00:22:17,416
ප්ලෑන් සීරෝ එකට ලෑස්ති වෙලා ඉන්න.

389
00:22:24,000 --> 00:22:25,208
තේ එකක්.

390
00:22:50,958 --> 00:22:51,875
ලිලියා.

391
00:22:51,958 --> 00:22:54,000
ලිලියා, මගේ පැටියෝ.

392
00:22:54,083 --> 00:22:58,125
මං ඔයාට ඇක්‍රොබැටික් උගන්නන්න පටන්ගද්දි
ඔයාට වයස හයයි.

393
00:22:58,208 --> 00:23:00,625
ඒත් මං ඔයාට කවදාවත් අත්හරින්න ඉගැන්නුවේ නෑ.

394
00:23:00,708 --> 00:23:01,625
ජුනු අම්බා?

395
00:23:04,500 --> 00:23:08,041
පරාජය වුණ අම්මා කෙනෙක්ට මගේ දුව වෙන්න බෑ.

396
00:23:08,833 --> 00:23:10,375
ඒ මගේ ලිලියා නෙමෙයි.

397
00:23:14,583 --> 00:23:15,708
ජුනු අම්බා.

398
00:23:18,791 --> 00:23:21,916
උන් මගේ දුවව මගෙන් අරන් ගියා, ජුනු අම්බා.

399
00:23:23,416 --> 00:23:24,833
උන් එයාව අරන් ගියා.

400
00:23:26,833 --> 00:23:28,875
උන් එයාව අරන් ගියේ
මගේ ඇස් ඉස්සරහදීමයි,

401
00:23:28,958 --> 00:23:30,458
මං එතන අසරණ වෙලා බලන් හිටියා.

402
00:23:33,250 --> 00:23:34,666
ඇයි මගේ මිෂ්ටි?

403
00:23:36,291 --> 00:23:38,625
මගේ දුව, මගේ කුරුළු පැටියා.

404
00:23:44,208 --> 00:23:45,625
උන් එයාව අරන් ගියා.

405
00:23:45,708 --> 00:23:47,416
ජීවිතේ කියන්නේ සිදුවීම් දාමයක්.

406
00:23:48,416 --> 00:23:52,416
අතීතය, වර්තමානය, අනාගතය
මේ ඔක්කොම එකකට එකක් බැඳිලා තියෙන්නේ.

407
00:23:52,500 --> 00:23:54,833
අවුරුදු හතකට කලින්,
ඔයා චක්සුලියපාදෙන් ගියාම

408
00:23:54,916 --> 00:23:57,750
ඔයා නගරෙට ගියේ
සර්කස් පෙන්නන්න,

409
00:23:59,750 --> 00:24:02,791
මගේ මිණිබිරි දුලාරිව,
වගයක් පැහැරගෙන ගියා.

410
00:24:03,583 --> 00:24:06,000
මං අවුරුදු ගාණක් එයාව හෙව්වා,
ඒත් මට එයාව හොයාගන්න බැරි වුණා.

411
00:24:07,458 --> 00:24:10,750
මීට අවුරුදු දෙකකට කලින්,
මට කල්ලියක් ගැන දැනගන්න ලැබුණා...

412
00:24:10,833 --> 00:24:12,625
බ්ලැක්හෝල් කියන කල්ලියක් ගැන.

413
00:24:13,958 --> 00:24:15,833
එයාව පැහැරගත්තේ උන්.

414
00:24:16,750 --> 00:24:20,000
මහා අමාරුවෙන්,
හැමදේම ගළපලා බලලා,

415
00:24:20,083 --> 00:24:21,750
මම මෙහෙට ආවා.

416
00:24:21,833 --> 00:24:23,291
කල්... කල්ලියක්?

417
00:24:24,958 --> 00:24:26,750
මගේ... මගේ මිෂ්ටි.

418
00:24:26,833 --> 00:24:28,166
මගේ මිෂ්ටිවත් අරන් ගියේ...

419
00:24:28,250 --> 00:24:31,375
-කලබල වෙන්න එපා ලිලියා.
-උන් මගේ මිෂ්ටිව අරන් ගියා.

420
00:24:33,041 --> 00:24:34,791
විශ්වාස කරන විදියට සියවස් ගාණකට කලින්,

421
00:24:34,875 --> 00:24:38,041
මෙහේ හිටියා
මග්‍රාසූර් කියලා යක්ෂයෙක්.

422
00:24:38,833 --> 00:24:41,916
ඌ ළමයින්ව පැහැරගෙන
පාතාල ලෝකෙට අරන් ගියා.

423
00:24:43,375 --> 00:24:44,250
ඒ ළමයින්ව බේරගන්න,

424
00:24:44,333 --> 00:24:48,291
මේ බිමේ ඉන්න චෞමුඛි දේවියම
ඒ පාතාල ලෝකෙට ගියා.

425
00:24:50,041 --> 00:24:54,166
ඇය මග්‍රාසූර්ගේ බඩ පලලා
ඒ ළමයින්ව නිදහස් කළා.

426
00:24:54,250 --> 00:24:56,000
-කොහොමද...
-විශ්වාසය තියාගන්න.

427
00:24:57,583 --> 00:24:59,250
-කොහොමද එයා...
-හිත හයිය කරගන්න.

428
00:25:01,333 --> 00:25:03,250
එයා මොන තත්ත්වෙක ඇද්ද?

429
00:25:03,333 --> 00:25:04,333
ලිලියා.

430
00:25:04,416 --> 00:25:07,125
-එයා මොනවා හරි කෑවද දන්නේ නෑ?
-ලිලියා.

431
00:25:08,416 --> 00:25:10,416
මං කියන දේ හොඳට අහගන්න.

432
00:25:12,000 --> 00:25:14,500
අපි ඔයාගේ දුව මිෂ්ටිව හොයාගන්නවා.

433
00:25:14,583 --> 00:25:17,875
පොලීසියේ නිලධාරියෙක් කියනවා
මට ඇහුණා.

434
00:25:17,958 --> 00:25:20,291
එයා කිව්වේ මේ කල්ලිය
කෙල්ලන්ව හංගන් ඉන්නේ

435
00:25:20,375 --> 00:25:22,541
ජෝයිපුරාවෙයි ඒ අවට පැතිවලයි කියලා.

436
00:25:22,625 --> 00:25:25,916
උන් මේ කෙල්ලන්ව සති හතරක් හයකින් විතර
මෙහෙන් පන්නන්නයි හදන්නේ.

437
00:25:26,708 --> 00:25:28,791
ඒ කෙල්ලෝ අතරේ මිෂ්ටිත් ඉන්න පුළුවන්.

438
00:25:30,000 --> 00:25:32,833
ඔයා මෙහේ ඉඳලා
මේ යක්ෂයෝ එක්ක සටන් කරන්න ඕනේ.

439
00:25:39,250 --> 00:25:43,041
මට... මට එක දෙයක් විශ්වාසයි ජුනු අම්බා.

440
00:25:44,666 --> 00:25:48,333
මගේ දුවව ආයේ ලැබෙනකම්,
මං ජෝයිපුරාවෙන් යන්නේ නෑ.

441
00:25:49,875 --> 00:25:52,750
ඒකට,
ඉස්සෙල්ලා ඔයාගේ බය නැතිකරගන්න වෙනවා,

442
00:25:54,291 --> 00:25:56,208
අනෙක මේ නගරේ ගැන හොඳට දැනගන්න වෙනවා.

443
00:25:58,291 --> 00:26:00,125
<i>ඔයාගේ මිෂ්ටිව බේරගන්න නම්,</i>

444
00:26:00,875 --> 00:26:03,458
{\an8}<i>ඔයාට මේ නගරෙම</i>
<i>කොටසක් වෙන්න සිද්ධවෙයි.</i>

445
00:26:04,458 --> 00:26:06,583
{\an8}<i>හරියට දැන් මම වගේ.</i>

446
00:26:37,125 --> 00:26:38,583
හෙලෝ, බානි මැඩම්.

447
00:26:38,666 --> 00:26:40,000
ඔයාගේ රෙදි හෝදන බිල ගෙවන්නකෝ.

448
00:26:40,083 --> 00:26:41,833
මට ඉක්මනට සල්ලි ඕනේ.

449
00:26:42,375 --> 00:26:43,958
හෙට දෙන්නම්. දැන් මට වද දෙන්න එපා.

450
00:26:45,500 --> 00:26:47,041
මමත් ඔයාට ආදරෙයි බානි මැඩම්!

451
00:26:48,750 --> 00:26:49,625
නිශී!

452
00:26:49,708 --> 00:26:50,833
නිශී!

453
00:26:51,583 --> 00:26:53,041
නිශී, හෙමින් යන්න!

454
00:26:53,125 --> 00:26:55,166
පොඩ්ඩක් ඉන්න, ඔයා වැටෙයි.

455
00:26:56,833 --> 00:27:00,500
බානි මැඩම්, මට කියන්න,
ඔයා ආයෙමත් මාව දැක්කේ කොහොමද?

456
00:27:08,666 --> 00:27:11,000
මැඩම්, ඉක්මන් කරන්න. අපි පරක්කු වෙයි.

457
00:27:11,083 --> 00:27:13,041
එන්න මැඩම් එන්න. ඉක්මන් කරන්න.

458
00:27:14,875 --> 00:27:15,750
උඩට.

459
00:27:16,541 --> 00:27:17,708
යටට.

460
00:27:19,750 --> 00:27:20,875
උඩට.

461
00:27:22,125 --> 00:27:23,208
යටට.

462
00:27:28,333 --> 00:27:29,166
නිශා,

463
00:27:29,708 --> 00:27:31,041
ආයෙත් ඔයාගේ සෙල්ලම් පටන් ගත්තද?

464
00:27:31,125 --> 00:27:33,833
සොරි මැඩම්. මම ටොෆිය කෑවා.

465
00:27:33,916 --> 00:27:34,916
සොරි.

466
00:27:43,958 --> 00:27:46,250
වම. දකුණ.

467
00:27:46,333 --> 00:27:48,750
වම. දකුණ.

468
00:27:48,833 --> 00:27:51,833
වම. දකුණ. වම...

469
00:27:55,000 --> 00:27:55,833
නිශා?

470
00:27:56,500 --> 00:27:58,000
නිශා? මොකද වුණේ?

471
00:27:58,083 --> 00:28:00,375
බානි මැඩම්,
මං හිතන්නේ කෑමක් විෂ වෙලා.

472
00:28:00,458 --> 00:28:03,083
මම මෙයාව ජෝයිපුරා මහ රෝහලට
අරන් ගිහින් බෙහෙත් අරන් දෙන්නම්.

473
00:28:03,166 --> 00:28:06,500
ඔයා දන්නවනේ, මින්පස්සේ මෙයාට
කඩකෑම කන්න දෙන්නේ නෑ කියලා.

474
00:28:06,583 --> 00:28:08,458
-එන්න නිශී, අපි යමු.
-මො... මොනවද එයා කෑවේ?

475
00:28:08,541 --> 00:28:10,708
ඔයාට කී පාරක් කියලා තියෙනවද
කඩකෑම කන්න එපා කියලා?

476
00:28:12,416 --> 00:28:14,083
ඔයා කලබල වෙන්න එපා බානි.

477
00:28:14,166 --> 00:28:15,458
නිශාට ඉක්මනටම සනීප වෙයි.

478
00:28:18,041 --> 00:28:20,541
"ආදරේ දැනෙනකොට,
හිත ඉපිලෙනවා."

479
00:28:20,625 --> 00:28:21,875
හෙලෝ, උමා.

480
00:28:26,291 --> 00:28:29,416
ගිය පාර ෆිල්ටර් එක
හරියට මාරු කරලා තිබුණේ නෑ.

481
00:28:29,500 --> 00:28:31,916
ඒකයි මම හිතුවේ ඇවිත්
ඔයාගේ පියුරිෆයර් එක ආයෙත් හදන්න.

482
00:28:33,541 --> 00:28:36,166
ඔයා කම්ප්ලේන් එකක් දැම්මේ නැති වුණත්.

483
00:28:36,250 --> 00:28:37,666
වතුර ටිකක්?

484
00:28:37,750 --> 00:28:39,958
අන්න ඒක තමයි මට හදන්න තියෙන්නේ.

485
00:28:40,041 --> 00:28:42,833
මම මේක කරන්නේ රස්සාවට තියෙන ආදරේට නෙවෙයි,
මගේ අසල්වැසියට තියෙන ආදරේටයි.

486
00:28:50,375 --> 00:28:52,791
හදලා ඉවරද?

487
00:28:57,125 --> 00:28:58,000
බානි,

488
00:28:58,500 --> 00:29:01,250
බාල්දිවලට වතුර පුරවලා
ඔයාගේ කොන්දත් රිදෙනවා ඇති නේද?

489
00:29:03,791 --> 00:29:05,791
මට වැඩට යන්න තියෙනවා.
දැන් පරක්කු වෙලා.

490
00:29:05,875 --> 00:29:07,541
හරි එහෙනම්, අපි පස්සේ හම්බවෙමු.

491
00:29:09,708 --> 00:29:10,791
මමත් ඉක්මනට එන්නම්.

492
00:29:14,000 --> 00:29:17,000
අහන්නකෝ ගෝකුල්. ඔයා යන්නේ
චෙක්පොයින්ට් එක පැත්තට නේද?

493
00:29:17,083 --> 00:29:18,416
මාවත් එතනින් දාගෙන යන්න පුළුවන්ද?

494
00:29:18,500 --> 00:29:20,875
මාසෙකට කලින් කෙල්ලෝ තුන්දෙනෙක්ව ඉස්සුවා.

495
00:29:20,958 --> 00:29:22,625
මුළු නගරෙටම

496
00:29:22,708 --> 00:29:24,083
-සාපයක් වැදිලා වගේ.
-අයි.ඩී. එක?

497
00:29:24,166 --> 00:29:26,083
-මොකක්?
-යන්න.

498
00:29:26,166 --> 00:29:27,125
ඒත් මෙහෙට ආවට පස්සේ,

499
00:29:27,208 --> 00:29:28,916
අලුත් ලොකු මහත්තයා ගොඩක් දේවල් කළා

500
00:29:29,000 --> 00:29:31,791
නගරෙයි ඒ අවටයි
ආරක්ෂාව තර කරන්න, නේද?

501
00:29:31,875 --> 00:29:32,750
ඔව්.

502
00:29:33,833 --> 00:29:35,583
ඩිකිය ඇරලා හොඳට චෙක් කරන්න.

503
00:29:35,666 --> 00:29:38,416
-පොඩ්ඩක් ඉන්න, කොහෙද යන්නේ?
-ඔයාගේ නම මොකක්ද? එයාව යවන්න.

504
00:29:47,166 --> 00:29:49,625
ඩිකිය අරින්න. ඉක්මනට අරින්න.

505
00:29:58,083 --> 00:29:59,583
-උන්ව යවන්න.
-ඔයාට යන්න පුළුවන්.

506
00:30:26,208 --> 00:30:29,250
ජුනු අම්බා, මගේ දුවව ආයේ ලැබෙනකම්,

507
00:30:29,333 --> 00:30:31,666
මං ජෝයිපුරාවෙන් යන්නේ නෑ.

508
00:30:31,750 --> 00:30:34,458
ඒකට,
ඉස්සෙල්ලා ඔයාගේ බය නැතිකරගන්න වෙනවා.

509
00:30:34,541 --> 00:30:37,541
ඔයාට මේ නගරෙම
කොටසක් වෙන්න සිද්ධවෙයි.

510
00:30:38,791 --> 00:30:43,041
තමන්ගේ දරුවව ආරක්ෂා කරගන්න ඕන වුණාම
අම්මා කෙනෙක් තරම් දරුණු වෙන කවුරුත් නෑ.

511
00:30:44,375 --> 00:30:45,541
<i>මතක තියාගන්න.</i>

512
00:30:45,625 --> 00:30:48,666
<i>ඔයා පොඩි කාලේ,</i>
<i>හැමෝම ඔයාගේ සර්කස් වැඩවලට අත්පුඩි ගැහුවා</i>

513
00:30:48,750 --> 00:30:50,958
<i>මොකද ඔයා ඒවා කළේ</i>
<i>ඇස් බැඳගෙන නිසා.</i>

514
00:30:51,041 --> 00:30:52,916
මගේ ලිලියාගේ වැඩ තව ඉවර නෑ!

515
00:30:53,916 --> 00:30:56,083
<i>කන්වලින් දකින්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා.</i>

516
00:31:16,458 --> 00:31:20,750
<i>අන්ධ ගෑනියෙක් මෙච්චර භයානක වෙයි කියලා</i>
<i>කවුරුත් විශ්වාස කරන්නේ නෑ.</i>

517
00:31:33,250 --> 00:31:34,958
<i>ඔයාගේ පෙනීම දැන් ටික ටික හොඳ වේගෙන එනවා.</i>

518
00:31:35,500 --> 00:31:39,208
<i>ඒත් ජෝයිපුරාවේ ඇත්ත තත්ත්වේ දකින්න නම්,</i>
<i>ඔයාට අන්ධ වෙලාම ඉන්න වෙනවා.</i>

519
00:31:48,291 --> 00:31:49,958
<i>අම්මා, </i>ඔයාට මාව හොයාගන්න බැරි වුණා.

520
00:31:50,833 --> 00:31:54,166
ඔයාගේ <i>අම්මා </i>කොහොමහරි ඔයාව හොයාගනී,
මගේ කුරුළු පැටියෝ.

521
00:31:54,250 --> 00:31:55,125
කොහොමහරි.

522
00:32:04,458 --> 00:32:08,000
<i>මතක තියාගන්න,</i>
<i>මේ කිසිම දෙයක් ගෝකුල් දැනගන්න හොඳ නෑ.</i>

523
00:32:08,083 --> 00:32:10,625
<i>බ්ලැක්හෝල් කියන මේ යක්ෂයාගේ</i>
<i>ඇහැක්වත් එයාට වැටුණොත්,</i>

524
00:32:10,708 --> 00:32:12,000
<i>ඒකෙන් එයාගේ ඉවරයක්ම වෙයි.</i>

525
00:32:14,166 --> 00:32:15,666
<i>මහා භාරතයේ,</i>

526
00:32:15,750 --> 00:32:18,833
<i>ගාන්ධාරි තමන්ගේ සැමියා වෙනුවෙන්</i>
<i>ඇස් බැඳගත්තා.</i>

527
00:32:18,916 --> 00:32:21,625
<i>ඔයා ඇස් බැඳගන්නේ</i>
<i>ඒ යක්ෂයාව විනාශ කරන්න,</i>

528
00:32:21,708 --> 00:32:23,250
<i>ඔයාගේ දුව මිෂ්ටි වෙනුවෙන්.</i>

529
00:32:44,166 --> 00:32:45,750
ලොකු දෙයක් වෙන්නයි යන්නේ

530
00:32:45,833 --> 00:32:47,666
දක්කින්පාරා වල තියෙන පරණ ගබඩාවේ.

531
00:32:48,416 --> 00:32:51,291
ඒ පැත්තේ තිබ්බ පොලිස් ආරක්ෂාවත්
දැන් අයින් කරලා.

532
00:32:51,375 --> 00:32:53,875
සමහරවිට කෙල්ලන්ව
එහේ හංගලා ඇති.

533
00:32:53,958 --> 00:32:55,708
අපිට වැඩිය වෙලාවක් නෑ.

534
00:32:55,791 --> 00:32:58,166
-බඩු ටික මීට ටිකකට කලින් ගෙනාවා.
-ඒක හොඳයි.

535
00:32:58,250 --> 00:33:00,416
-හැමදේම හරි නේද?
-ඔව්, අනිවාර්යයෙන්ම.

536
00:33:00,500 --> 00:33:01,375
බලමුකෝ.

537
00:33:01,458 --> 00:33:03,416
දැනටමත් බඩු ටික
වෙන ට්‍රක් එකකට පටවනවා.

538
00:33:03,500 --> 00:33:05,583
ඒක ගැන ඔයා කලබල වෙන්න එපා.
මං බලාගන්නම්.

539
00:33:05,666 --> 00:33:07,708
-මං ගිහින් බලන්නම්. හ්ම්.
-හරි.

540
00:33:08,250 --> 00:33:10,041
ඔව්, මේක ටිකක් දිග...

541
00:33:10,125 --> 00:33:12,833
කලබල වෙන්න එපා.
මම දැනටමත් උන්ට ලොකේෂන් එක යවලා තියෙන්නේ.

542
00:33:32,416 --> 00:33:34,083
ඔව් සර්?

543
00:33:35,083 --> 00:33:36,625
අපි මේ පාරා නගර් වලට යන්නයි හදන්නේ.

544
00:33:39,416 --> 00:33:41,125
මෙහේ ඔක්කොම ලෑස්තියි.

545
00:33:51,333 --> 00:33:52,333
හෙලෝ?

546
00:33:52,416 --> 00:33:53,833
කිසි ප්‍රශ්නයක් නෑ.

547
00:34:29,958 --> 00:34:32,416
අහු වුණා! <i>අම්මාට </i>මාව හොයාගන්න බැරි වුණා.

548
00:34:32,500 --> 00:34:34,458
මගේ කුරුළු පැටියෝ.

549
00:34:42,541 --> 00:34:45,166
මේ කෙල්ලෝ ටික වෙලාවක්
මෙහේ ඉන්න ඇති.

550
00:34:46,416 --> 00:34:49,791
ලිලියා, එන්න අපි යමු. එන්න.

551
00:35:07,708 --> 00:35:10,208
සර්, අපි හිටියේ
දේවිතලගන්ජ් පොලීසියේ.

552
00:35:10,291 --> 00:35:12,041
අපිට ඔත්තුවක් ආවා
පැහැරගත්ත කෙල්ලෙක්ව අරන් යනවා කියලා

553
00:35:12,125 --> 00:35:13,708
සුදු පාට වෑන් එකක.

554
00:35:13,791 --> 00:35:15,291
ඒක ගියේ ජෝයිපුරාව පැත්තට.

555
00:35:15,375 --> 00:35:16,875
අපි ඒ ඔස්සේ
ආපහු යමිනුයි ඉන්නේ.

556
00:35:16,958 --> 00:35:18,166
ඔව්. දත්තා, කතා කරන්න. දත්තා!

557
00:35:18,250 --> 00:35:20,708
<i>සර්, චෞමුඛී හන්දියෙන් වමට දාන්න.</i>

558
00:35:20,791 --> 00:35:22,125
සර්.

559
00:35:23,208 --> 00:35:26,041
හරි. දත්තා.
අපි ෂෝට්කට් එකෙන් යන්නේ.

560
00:35:26,125 --> 00:35:27,666
ඔයා පස්සෙන්ම එන්න.

561
00:35:27,750 --> 00:35:29,166
ආ? දිගටම එන්න. දිගටම එන්න.

562
00:35:33,666 --> 00:35:34,916
සර්. දත්තා සර්.

563
00:35:38,625 --> 00:35:39,875
කෝ කෙල්ල?

564
00:35:40,583 --> 00:35:41,458
සර්...

565
00:35:44,083 --> 00:35:46,750
පැහැරගත්ත කෙල්ලව අරන් ගියේ
මේ වෑන් එකේමයි.

566
00:35:46,833 --> 00:35:49,208
අපේ පස්සෙන් ඇවිත්
ඔයාලා ලුහුබැන්දෙත්

567
00:35:49,291 --> 00:35:51,166
දේවිතලගන්ජ් ඉඳන් ආපු මේ වෑන් එකම නේද?

568
00:35:52,333 --> 00:35:55,208
මේකේ නම්බර් ප්ලේට් එකමයි

569
00:35:55,291 --> 00:35:58,083
විනාඩි 40කට කලින් ජෝයිපුරාවෙන් ගිය
වෑන් එකටත් තිබුණේ.

570
00:35:59,375 --> 00:36:03,208
ඒත් ඇතුළ චෙක් කරාම,
ඒකේ තිබුණේ එළවළු විතරයි.

571
00:36:03,750 --> 00:36:04,791
එළවළු විතරයි.

572
00:36:05,375 --> 00:36:07,833
දවස් දෙකකට කලින්
පැහැරගැනීමක් ගැන පැමිණිල්ලක් දාලා තිබුණා.

573
00:36:07,916 --> 00:36:08,791
ඒක කොහෙන්ද දාලා තිබුණේ?

574
00:36:08,875 --> 00:36:10,791
දවස් දෙකකට කලින් එක ධූපනගර් වලින්.

575
00:36:11,500 --> 00:36:13,625
එතකොට ජෝයිපුරාවට තියෙන දුර--

576
00:36:13,708 --> 00:36:16,291
කිලෝමීටර් 50ක් 55ක් විතර ඇති.

577
00:36:26,333 --> 00:36:28,625
ගිහින් එතන මොකද වෙන්නේ කියලා බලන්න.

578
00:36:33,083 --> 00:36:36,833
ගිය මාසේ ජෝයිපුරාවෙන්
එක කෙල්ලෙක්වත් පැහැරගෙන නෑ.

579
00:36:37,541 --> 00:36:40,583
ඒ වෙනුවට උන් පැහැරගෙන තියෙන්නේ
ඒ අවටින්.

580
00:36:40,666 --> 00:36:41,875
උත්තමානගර්.

581
00:36:43,250 --> 00:36:44,416
ධූපනගර්.

582
00:36:44,500 --> 00:36:45,625
පාකන්ඩ්පූර්.

583
00:36:46,291 --> 00:36:47,458
දේවිතලගන්ජ්.

584
00:36:48,416 --> 00:36:49,416
පද්මබාරි.

585
00:36:50,833 --> 00:36:55,000
කොහොම වුණත් පැහැරගත්ත කෙල්ලෝ ඔක්කොම
අන්තිමට දැකලා තියෙන්නේ ජෝයිපුරාවේ

586
00:36:55,083 --> 00:36:57,791
නැත්නම් ජෝයිපුරාවට මායිම් වෙන ප්‍රදේශවල.

587
00:37:02,375 --> 00:37:04,291
අපේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවුණා.

588
00:37:05,750 --> 00:37:08,125
මේ කල්ලිය වැඩිපුරම සක්‍රීය වෙලා ඉන්නේ
ජෝයිපුරාවේ විතරයි.

589
00:37:10,375 --> 00:37:12,708
ඒ කියන්නේ පැහැරගත්ත කෙල්ලෝ ඔක්කොම

590
00:37:12,791 --> 00:37:15,291
ජෝයිපුරාවෙන් පන්නන්නයි හදන්නේ.

591
00:37:16,916 --> 00:37:19,125
සංජුක්තා...

592
00:37:19,208 --> 00:37:22,875
ජෝයිපුරාවෙන් පිටවෙන පාරවල් ඔක්කොම
වහලා නේද තියෙන්නේ?

593
00:37:23,583 --> 00:37:24,833
ඔව් සර්. ඔක්කොම වහලා තියෙන්නේ.

594
00:37:24,916 --> 00:37:26,500
ඒත් වෙළඳ මාර්ග කීපයක් තියෙනවා

595
00:37:26,583 --> 00:37:28,208
දේවියගේ මංගල්‍යය කාලෙට
විවෘත කරන.

596
00:37:28,291 --> 00:37:32,458
හඳුන්කූරු, පහන්, පිළිම වගේ දේවල්
ගෙනියන්නයි ගේන්නයි.

597
00:37:32,541 --> 00:37:34,750
ඒවා අරිනවා,
හැබැයි ලොකු ආරක්ෂාවක් යටතේ.

598
00:37:35,958 --> 00:37:36,791
හරි.

599
00:37:38,875 --> 00:37:41,916
එහෙනම්, මංගල්‍යයට මුවා වෙලා
උන් මේ කෙල්ලන්ව

600
00:37:42,875 --> 00:37:44,791
ජෝයිපුරාවෙන් පන්නන්න ඉඩ තියෙනවා.

601
00:37:47,000 --> 00:37:50,083
සර්, අපි මේ පාර
මංගල්‍යය කැන්සල් කරමුද?

602
00:37:50,708 --> 00:37:51,750
අපිට එහෙම කරන්න බෑ.

603
00:37:52,625 --> 00:37:56,833
බහුරූපී ප්‍රජාවට රජයෙන්
විශේෂ අයිතිවාසිකම් දීලා තියෙනවා.

604
00:37:56,916 --> 00:37:58,333
අපිට ඒක නවත්තන්න බෑ.

605
00:37:59,166 --> 00:38:00,250
හ්ම්...

606
00:38:00,750 --> 00:38:02,041
එයාට කතා කරන්න. මො... මොකක්ද එයාගේ නම?

607
00:38:02,125 --> 00:38:03,250
සර්, දත්තා මහත්තයා. පොඩ්ඩක් ඉන්න.

608
00:38:03,333 --> 00:38:04,458
දත්තා මහත්තයා!

609
00:38:05,375 --> 00:38:06,291
ඔව් මැඩම්?

610
00:38:06,375 --> 00:38:08,375
විනාඩියකට මෙහෙට එන්නකෝ.

611
00:38:08,958 --> 00:38:10,416
-මැඩම්?
-සර්.

612
00:38:10,500 --> 00:38:13,333
ලබන සතියේ මංගල්‍යයට,
මොනවා වෙයිද වෙළඳ මාර්ග?

613
00:38:13,416 --> 00:38:15,333
සර්, කල්පතරු නගර්,

614
00:38:15,416 --> 00:38:18,500
චෞමුඛි චෞක්,
ඒ වගේම ජෝයිපුරා වරාය.

615
00:38:18,583 --> 00:38:20,208
මේවා තමයි වැදගත්ම පාරවල්.

616
00:38:20,291 --> 00:38:22,375
ඒ පැතිවල පොලිස් ඩියුටි වැටිලා තියෙන්නේ කාටද?

617
00:38:22,458 --> 00:38:23,750
ඇයි, ඒ...

618
00:38:24,708 --> 00:38:25,916
ඔෆිසර් සහාට.

619
00:38:26,000 --> 00:38:29,125
අන්තිම ඩියුටි චාට් එක දෙන්නේ
ලබන සතියේ තමයි.

620
00:38:29,208 --> 00:38:30,666
හරියටම මංගල්‍යයට කලින්.

621
00:38:33,416 --> 00:38:39,041
සතුටුදායක ආරංචිය තමයි ඔයාගේ දෘෂ්ටි ස්නායුවේ
ඉදිමුම සම්පූර්ණයෙන්ම බැහැලා ගිහින් තියෙනවා.

622
00:38:39,125 --> 00:38:42,041
ඒත්,
පෙනීමේ වෙනසක් තියෙනවද?

623
00:38:43,208 --> 00:38:44,041
නෑ.

624
00:38:45,000 --> 00:38:46,791
හරි එහෙනම්.

625
00:38:46,875 --> 00:38:49,041
මම අලුතෙන් බෙහෙත් ටිකක් ලියන්නම්. එන්න.

626
00:38:54,750 --> 00:38:56,666
මම බෙහෙත් වෙනස් කරනවා.

627
00:38:56,750 --> 00:38:59,000
මාසෙකින් විතර,
අපි තව ටෙස්ට් එකක් කරලා බලමු.

628
00:39:00,458 --> 00:39:02,541
මේ තියෙන්නේ ඔයාගේ රිපෝට් ටික.

629
00:39:04,291 --> 00:39:05,458
තෑන්ක් යු ඩොක්ටර්.

630
00:39:09,750 --> 00:39:10,583
සොරි.

631
00:39:13,291 --> 00:39:15,875
නිශා, ඔයා හරිම දඟ වෙලානේ.

632
00:39:15,958 --> 00:39:17,375
අපි ඔයාට ඉන්ජෙක්ෂන් දෙකක් ගහමුද?

633
00:39:17,458 --> 00:39:19,416
උදේට එකයි, රෑට එකයි.

634
00:39:19,500 --> 00:39:21,375
-එතකොට ඔයාගේ අමාරුව හොඳ වෙයි.
-එපා.

635
00:39:22,458 --> 00:39:24,125
-ඕනේ ඕනේ.
-එපා එපා එපා.

636
00:39:24,208 --> 00:39:26,416
මගේ හොඳ කෙල්ලනේ.

637
00:39:26,500 --> 00:39:29,333
මට ඉන්ජෙක්ෂන් ගැහුවොත්, ඔයාටත් ගහන්න වෙනවා.

638
00:39:29,416 --> 00:39:30,666
අහ්, ඇත්තද?

639
00:39:30,750 --> 00:39:32,625
ඒත් මං හොඳ කෙල්ලනේ.

640
00:39:32,708 --> 00:39:35,916
ඒ වුණාට මමී, ඔයාත් සමහර වෙලාවට දඟයිනේ.

641
00:39:36,500 --> 00:39:38,500
-තව ටිකක් කමුද?
-එපා එපා. එපා.

642
00:39:38,583 --> 00:39:40,750
-කාලා ඉවරද?
-ඉවරයි.

643
00:39:40,833 --> 00:39:42,708
හරි. දැන් හාන්සි වෙන්නකෝ.

644
00:39:44,458 --> 00:39:46,458
එදා නම් ඔයාට හෙල්ලෙන්නවත් බැරි වුණා.

645
00:39:46,541 --> 00:39:48,375
"මගේ බඩ රිදෙනවා. මගේ බඩ රිදෙනවා."

646
00:39:48,458 --> 00:39:50,125
මගේ බඩ තමයි රිදුණේ.

647
00:39:50,208 --> 00:39:52,375
මගේ නෙවෙයි, ඔයාගේ බඩ තමයි රිදුණේ.

648
00:39:52,458 --> 00:39:54,750
මගේ නෙවෙයි, ඔයාගේ බඩ.

649
00:39:54,833 --> 00:39:57,250
-නිශා, අද කොහොමද ඔයාට?
-මමී.

650
00:39:57,333 --> 00:39:58,208
දැන් මට හොඳයි.

651
00:39:58,291 --> 00:40:00,750
ගොඩක් හොඳයි. එන්න බලන්න.
හුස්මක් ගන්නකෝ.

652
00:40:01,833 --> 00:40:03,208
ඒයි, මට තේ එකක් ගේන්න.

653
00:40:03,291 --> 00:40:04,291
හරි සර්!

654
00:40:05,583 --> 00:40:06,708
තේ එකක් දෙන්න.

655
00:40:10,666 --> 00:40:11,666
සහා.

656
00:40:12,625 --> 00:40:15,500
මංගල්‍යය කාලෙට,
පිළිම, පහන්,

657
00:40:15,583 --> 00:40:18,375
අත්කම් භාණ්ඩ අරින එක, ඔක්කොම නතර කරනවා.

658
00:40:18,458 --> 00:40:21,708
මේක තමයි මෙහේ ව්‍යාපාරවලට
අමතර කීයක් හරි හොයාගන්න තියෙන කාලේ.

659
00:40:22,375 --> 00:40:25,333
ඇත්තටම බහුරූපී මිනිස්සු තමයි
මේ නගරේ ආදිවාසීන්.

660
00:40:25,416 --> 00:40:27,416
අපි ඔක්කොමලා පිටින් ආපු අය.

661
00:40:28,625 --> 00:40:30,916
ඈත අතීතේ ඉඳන්,
මෙහේ සිරිතක් තිබුණා.

662
00:40:31,000 --> 00:40:34,875
දේවිය සතුටු කරන්න
කෙල්ලන්ව බිල්ලට දෙන එක.

663
00:40:35,541 --> 00:40:38,666
මේක බහුරූපීන්ගේ බිමක්.
උන් එක්ක පැටලෙන්න යන්න එපා.

664
00:40:40,208 --> 00:40:43,291
ජෝයිපුරාවෙන් පිටවෙන පාරවල් ඔක්කොම
වහලා තියෙන්නේ.

665
00:40:44,166 --> 00:40:45,333
අවසරය අවලංගු කරන්න.

666
00:40:45,416 --> 00:40:46,416
දැන්ම.

667
00:40:49,750 --> 00:40:51,416
<i>දාදා බායි, අලුත් ඔෆිසර් වහලා දාලා</i>

668
00:40:51,500 --> 00:40:53,083
<i>වෙළඳ මාර්ග වහාම ක්‍රියාත්මක වෙන විදියට.</i>

669
00:40:53,166 --> 00:40:55,041
එතකොට අපිට බඩු ටික පන්නන්න වෙන්නේ

670
00:40:55,125 --> 00:40:56,500
වෙන නගරෙකින්ද?

671
00:40:57,500 --> 00:41:02,166
බඩු පන්නන්නේ අනිවාර්යයෙන්ම
ජෝයිපුරාවෙන් විතරමයි.

672
00:41:02,250 --> 00:41:06,250
මොකද ජෝයිපුරාව
තමයි නැකතට ගැළපෙන්නේ.

673
00:41:07,250 --> 00:41:10,083
ග්‍රහ තරු හරියට පෙළගැහුණාම...

674
00:41:12,458 --> 00:41:14,791
පාතාල ලෝකෙන් අඬගැහුවාම,

675
00:41:16,833 --> 00:41:20,958
අන්න ඒ වෙලාවට,
කෙල්ලෝ ජෝයිපුරාවෙන් යාවි.

676
00:41:21,041 --> 00:41:26,916
ඔෆිසර්ලා අපි දිහා බලන් ඉද්දිම
උන්ව අතුරුදන් වෙයි.

677
00:41:27,000 --> 00:41:28,833
ප්ලෑන් සීරෝ පාවිච්චි කරලා.

678
00:41:32,083 --> 00:41:34,750
-තාත්තේ! තාත්තේ! තාත්තේ!
-මිෂ්ටි!

679
00:41:34,833 --> 00:41:36,458
තාත්තේ! තාත්තේ!

680
00:41:36,541 --> 00:41:38,125
-මිෂ්ටි!
-තාත්තේ!

681
00:41:38,208 --> 00:41:39,875
මිෂ්ටි! මිෂ්ටි!

682
00:41:56,166 --> 00:41:58,041
<i>පිටින් ගාන බෙහෙත්වලින්</i>

683
00:41:58,125 --> 00:41:59,041
ඇතුළාන්තෙට වැඩ කරන්නේ නෑ.

684
00:41:59,125 --> 00:42:00,750
විශේෂ ඖෂධ ඕනේ වෙනවා

685
00:42:00,833 --> 00:42:02,666
සම්පූර්ණයෙන්ම සුව කරන්න.

686
00:42:02,750 --> 00:42:06,375
ජෝයිපුරාවට පැති දෙකක් තියෙනවා.

687
00:42:06,458 --> 00:42:08,750
එකක් තමයි පියවි ඇහැට පේන දේ.

688
00:42:13,958 --> 00:42:15,000
<i>අනික...</i>

689
00:42:15,750 --> 00:42:17,375
යටින් තියෙන අඳුරු

690
00:42:17,458 --> 00:42:18,375
හැංගුණු පැත්ත.

691
00:42:20,000 --> 00:42:21,416
ඔයාගේ කකුල ටිකක් උස්සන්න.

692
00:42:29,916 --> 00:42:33,458
<i>මේ උමංවලට දිග අතීතයක් තියෙනවා.</i>

693
00:42:34,041 --> 00:42:37,083
{\an8}<i>බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කරපු කැරැල්ල,</i>

694
00:42:37,875 --> 00:42:39,375
<i>මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ පෙරේතකම.</i>

695
00:42:40,333 --> 00:42:41,208
දැන්...

696
00:42:44,416 --> 00:42:49,083
<i>පේන්න තියෙන ජෝයිපුරාව නම්</i>
<i>පොලීසියට බාධක දාලා පාලනය කරන්න පුළුවන්.</i>

697
00:42:49,166 --> 00:42:51,416
<i>ඒත් ඒකට යටින් තියෙන ජෝයිපුරාව...</i>

698
00:42:51,500 --> 00:42:53,500
<i>...නොපෙනෙන ජෝයිපුරාව,</i>

699
00:42:53,583 --> 00:42:56,000
ඒක පාලනය කරන්නේ කොහොමද?

700
00:42:57,875 --> 00:43:00,166
ඒත් JSF එකෙන් මේ උමං වහලා දාලා
සීල් කරලයි තියෙන්නේ.

701
00:43:00,250 --> 00:43:04,083
ආණ්ඩුවේ ලේඛනවල
ඔක්කොම සටහන්වෙලා නෑ.

702
00:43:04,166 --> 00:43:05,708
කවුද දන්නේ,

703
00:43:05,791 --> 00:43:08,791
සමහරවිට කොහේහරි උමගක්
ඇරලා ඇති.

704
00:43:13,000 --> 00:43:14,875
<i>මට මේ ඇරලා තියෙන උමං හොයාගන්න පුළුවන් කොහෙන්ද?</i>

705
00:43:18,125 --> 00:43:20,041
මේ නගරේ පරණ සිතියමක් වගේ.

706
00:43:21,375 --> 00:43:24,416
{\an8}මේ පරණ සිතියමෙන් ඔයාට
ඒ උමං හොයාගන්න පුළුවන් වෙයි.

707
00:43:28,416 --> 00:43:29,583
<i>ඒත්...</i>

708
00:43:29,666 --> 00:43:32,791
{\an8}ඒවා තියෙන තැන් ඔයාටම හොයාගන්න වෙනවා.

709
00:43:41,333 --> 00:43:42,166
හෙලෝ?

710
00:43:43,583 --> 00:43:46,083
මට ඔළුවට තෙල් දාලා මසාජ් එකක් දාගන්න පුළුවන්ද?

711
00:43:33,333 --> 00:43:35,833
ඔව්, හරි සර්.

712
00:43:35,916 --> 00:43:38,250
-මම තෙල් ටික රත් කරගෙන එන්නම්.
-ඔව්, හරි.

713
00:43:39,833 --> 00:43:44,041
{\an8}ලොකු දෙයක් වෙන්න යනවා කියලා

714
00:43:44,541 --> 00:43:46,791
{\an8}කතාවක් යනවා ජොයිපුරාවල,

715
00:43:46,875 --> 00:43:50,333
<i>මේ අඳුරු, භයානක උමං හරහා.</i>

716
00:44:21,166 --> 00:44:24,083
චෞමුඛි දේවිය කැමති වුණොත්,

717
00:44:25,000 --> 00:44:26,500
දේවිය ඔයාට පිහිට වෙයි,

718
00:44:26,583 --> 00:44:28,083
ඔයාට දුවව හොයාගන්න පුළුවන් වෙයි.

719
00:44:46,541 --> 00:44:48,916
සහා බහුරූපියෝ ගැන
මොකක්දෝ කිව්වා.

720
00:44:49,000 --> 00:44:52,708
මේ ගෝත්‍රයේ උන් වෙස්වලාගෙන
නිදහසේ ඇවිදිනවා.

721
00:44:52,791 --> 00:44:54,708
උන් හැමදේම බලන් ඉන්නේ.

722
00:44:54,791 --> 00:44:56,375
ඒත් කාටවත් උන්ව පේන්නේ නෑ.

723
00:45:00,708 --> 00:45:03,291
තොරතුරක් ගන්න නම්
අපිත් උන් එක්ක මුහු වෙන්න ඕනේ.

724
00:45:03,375 --> 00:45:05,208
සංජුක්තා, ඒක බලන්න.

725
00:45:12,083 --> 00:45:15,458
මළමිනී ගැන පැමිණිලි
පොලිසියේ ලියවෙන්නේ නෑ.

726
00:45:15,541 --> 00:45:17,291
සර්, අනේ, අපිට සර්ගේ උදව් ඕනේ.

727
00:45:17,375 --> 00:45:19,250
රෙද්ද! තමුසේ ආයෙත් ආවාද?

728
00:45:19,333 --> 00:45:20,916
අපිට තමුසෙගෙ ළමයගෙ මිනිය හොයාගන්න බෑ.

729
00:45:21,000 --> 00:45:22,916
පණපිටින් ඉන්න ළමයෙක්ව
හොයන එක ඊට වඩා හොඳයි,

730
00:45:23,000 --> 00:45:24,666
තමුසෙගෙ ළමයගෙ මිනිය
හොයනවට වඩා, නේද?

731
00:45:24,750 --> 00:45:27,208
මට තේරෙන්නේ නෑ
මේ ළමයි කොහේ අතුරුදහන් වෙනවද කියලා.

732
00:45:27,291 --> 00:45:28,541
ඒ එක්කම,

733
00:45:28,625 --> 00:45:31,416
ලාල් බාරි කියන තැනකට
මේ ළමයිව අරන් යනවා.

734
00:45:33,000 --> 00:45:34,666
සැර පොරි!

735
00:45:36,083 --> 00:45:37,666
සැර පොරි!

736
00:45:39,041 --> 00:45:41,500
උන් මැරිලාද පණපිටින්ද කියලා
කියන්න බෑ.

737
00:45:41,583 --> 00:45:43,750
<i>පුදුමෙ කියන්නේ,</i>
<i>මේ පැත්තේ හැමෝටම දැනගන්න ඕනේ...</i>

738
00:45:43,833 --> 00:45:45,416
<i>එතන මොකද වෙන්නේ කියලා.</i>

739
00:45:46,708 --> 00:45:49,666
<i>ඔයාට විතරයි ඇතුළට ගිහින්</i>
<i>හොයලා බලන්න පුළුවන්, ලිලියා.</i>

740
00:45:49,750 --> 00:45:51,541
සැර පොරි!

741
00:46:00,875 --> 00:46:01,791
ඔව්?

742
00:46:01,875 --> 00:46:03,250
සරිතා ගෙදර ඉන්නවාද?

743
00:46:03,791 --> 00:46:04,958
කවුරු?

744
00:46:05,041 --> 00:46:06,583
ඔයාට ගෙදර වැරදිලා.

745
00:46:07,958 --> 00:46:09,625
ඔයාට පුළුවන්ද… දෙයියනේ.

746
00:46:13,500 --> 00:46:14,583
තුන්වෙනි පටුමග.

747
00:46:14,666 --> 00:46:15,791
අර පැත්තටද?

748
00:46:15,875 --> 00:46:16,708
ඔව්.

749
00:46:16,791 --> 00:46:18,125
හරි.

750
00:46:34,500 --> 00:46:35,416
සොරි, සොරි.

751
00:46:35,500 --> 00:46:37,375
මම... මම මේ තුන්වෙනි පටුමග
හොයනවා.

752
00:46:37,458 --> 00:46:38,416
ඔයාට පුළුවන්ද...

753
00:46:47,791 --> 00:46:50,916
<i>චූටිම චූටි පුංචි ලිහිණියෝ</i>

754
00:46:51,000 --> 00:46:54,291
<i>කැලේ අතරමං වෙලා, මේ ලිහිණියා</i>

755
00:46:54,375 --> 00:46:57,416
<i>චූටිම චූටි ලිහිණියෝ</i>
<i>ලස්සන පුංචි ලිහිණියෝ</i>

756
00:46:57,500 --> 00:46:59,958
<i>කැලේ අතරමං වෙලා</i>
<i>මේ පුංචි ලිහිණියා</i>

757
00:47:02,458 --> 00:47:03,541
ඔයාට විශ්වාසද?

758
00:47:03,625 --> 00:47:06,458
ඔව්, අපි ඒ අය එක්ක කතා කළා,
ඒත් එකපාරටම කොහොමද එහෙම වුණේ?

759
00:47:06,541 --> 00:47:07,875
හ්ම්, බානි.

760
00:47:07,958 --> 00:47:09,833
රෝහලෙන් දැන් කතා කරලා කිව්වේ...

761
00:47:09,916 --> 00:47:12,958
නිශාගේ තත්ත්වය එකපාරටම
අමාරු වුණා කියලා.

762
00:47:13,625 --> 00:47:14,916
අපිට එයාව නැති වුණා.

763
00:47:25,666 --> 00:47:26,708
ආ, නිශා මිත්‍රා.

764
00:47:26,791 --> 00:47:29,708
සොරි මැඩම්. එයාගේ දෙමව්පියෝ
මිනිය ගෙනියන්න ලියකියවිලි ලෑස්ති කරනවා.

765
00:47:29,791 --> 00:47:31,458
මට ඔයාව ඇතුළට යවන්න බෑ.
තහනම්.

766
00:47:31,541 --> 00:47:34,541
පොඩ්ඩක් අහන්නකෝ. මම එයාගේ ටීචර්.
මට විනාඩි දෙකක් දෙන්න.

767
00:47:34,625 --> 00:47:36,541
මට එයාට පිරිත් පැන් ටිකක් ඉහින්න ඕනේ.

768
00:47:36,625 --> 00:47:39,083
එච්චරයි.
ඊට පස්සේ මම ඉක්මනින්ම යන්නම්.

769
00:47:39,166 --> 00:47:40,916
ආ, මම මෙයාව ඇතුළට එක්කන් යන්නම්.

770
00:47:41,000 --> 00:47:42,958
බානි මැඩම්,
මාත් එක්ක එන්න. මම පාර පෙන්නන්නම්.

771
00:47:43,041 --> 00:47:44,958
හරි, තැන්ක් යු.

772
00:47:45,041 --> 00:47:47,708
මම එයාට කියකිය හිටියේ
මම ඉක්මනින් එනවා කියලා.

773
00:47:47,791 --> 00:47:49,875
මම... මම විනාඩි දෙකකින් එන්නම්.
ගොඩක් වෙලා යන එකක් නෑ.

774
00:47:49,958 --> 00:47:52,416
පරෙස්සමෙන්. වමට. මේ පැත්තෙන්.

775
00:47:53,375 --> 00:47:54,666
නිශා මිත්‍රාගේ මිනිය.

776
00:48:01,000 --> 00:48:01,833
මෙහෙට එන්න.

777
00:48:02,416 --> 00:48:04,166
ඉන්න. මෙතනමයි. මෙන්න.

778
00:48:30,833 --> 00:48:31,958
-බානි මැඩම්.
-හ්ම්?

779
00:48:32,041 --> 00:48:33,125
-නිශා.
-හ්ම්.

780
00:48:40,500 --> 00:48:41,333
බානි මැඩම්...

781
00:48:41,958 --> 00:48:43,291
කරුණාකරලා මිනිය අල්ලන්න එපා.

782
00:48:43,375 --> 00:48:45,041
මෙහෙම පැත්තකින් ඉහින්න.

783
00:48:58,125 --> 00:48:59,166
මට හුස්ම ගන්න බෑ.

784
00:48:59,916 --> 00:49:00,958
මට හුස්ම ගන්න අමාරුයි.

785
00:49:01,791 --> 00:49:04,125
-වතුර ටිකක් දෙනවද?
-ඔව් ඔව්, අනිවාර්යයෙන්.

786
00:49:04,208 --> 00:49:06,625
කලබල වෙන්න එපා බානි මැඩම්. වාඩි වෙන්න. මෙතනින් වාඩි වෙන්න.

787
00:49:07,333 --> 00:49:09,041
ඔයාට ටිකක් විතර ස්ට්‍රෙස් වෙලා.

788
00:49:09,125 --> 00:49:09,958
කරුණාකරලා මෙතනින් වාඩි වෙන්න.

789
00:49:10,041 --> 00:49:12,291
මම තේ එකකුයි බිස්කට් එකකුයි ගේන්නම්. හරිද?

790
00:49:38,541 --> 00:49:39,791
හලෝ, ජුනු අම්බා?

791
00:49:39,875 --> 00:49:43,250
නිශාගේ තත්ත්වය අමාරු වෙලා නෑ.
එයාව පැහැරගෙන.

792
00:49:43,333 --> 00:49:46,541
උන් වෙන කාගෙදෝ මිනියක් පෙන්නලා
එයා මැරිලා කියලා බොරු කියලා.

793
00:49:46,625 --> 00:49:49,250
ඒකෙන් තේරෙනවා ඇයි මේ ළමයින්ගේ මිනී...

794
00:49:49,333 --> 00:49:52,458
පාරා නගර්, මධුපල්ලි,
භද්‍රපූර් වටේ තැන්වලින් හොයාගන්නේ කියලා.

795
00:49:53,291 --> 00:49:56,458
ඒ වගේම මෙහේ පොලිසිය
මිනී ගැන පැමිණිලි බාරගන්නේ නෑ.

796
00:49:56,541 --> 00:50:00,166
මට සහතිකයි නිශා මෙතනමයි ඉන්නේ.

797
00:50:00,250 --> 00:50:01,291
මේ ජොයිපුරා රෝහල ඇතුළේ.

798
00:50:02,000 --> 00:50:03,500
<i>මෙතන මොකක්හරි ලොකු දෙයක් වෙනවා.</i>

799
00:50:03,583 --> 00:50:05,791
<i>අපිට මිෂ්ටි ගැන මොනවාහරි</i>
<i>දැනගන්න පුළුවන් වෙයි.</i>

800
00:50:05,875 --> 00:50:07,583
ඉක්මනින් එන්න, ජුනු අම්බා.

801
00:50:24,333 --> 00:50:26,166
සේරම ඉවරයි.
වෑන් එක ඇවිත් තියෙන්නේ.

802
00:50:26,250 --> 00:50:27,583
-එයාව පරෙස්සමෙන් පල්ලෙහාට ගන්න.
-හරි, හරි.

803
00:50:30,333 --> 00:50:33,250
සුඛිත් සාර්කර්, පැත්තකට වෙන්න.
කරුණාකරලා ඇතුළට එන්න.

804
00:51:22,458 --> 00:51:23,916
ආ, හ්ම්...

805
00:51:24,000 --> 00:51:26,416
මෙහේ ෆාමසිය තියෙන්නේ කොහෙද?

806
00:51:27,500 --> 00:51:28,875
කවුරුත් නැද්ද?

807
00:51:41,541 --> 00:51:43,083
-කවුරුත් නැද්ද?
-ඉන්නවා.

808
00:51:43,791 --> 00:51:46,125
-මෙහේ ෆාමසිය තියෙන්නේ කොහෙද?
-අර පැත්තේ.

809
00:51:47,208 --> 00:51:48,083
අර පැත්තෙද?

810
00:51:48,166 --> 00:51:49,666
අර පැත්තේ, අතන.

811
00:52:48,333 --> 00:52:50,333
<i>සියලුම කාර්ය මණ්ඩලයේ අවධානයට!</i>

812
00:52:50,416 --> 00:52:52,166
<i>මේක කෝඩ් 256.</i>

813
00:53:03,708 --> 00:53:06,875
<i>-රෝහලේ අපජල බටයක් පුපුරලා.</i>
-පොඩ්ඩක් ඉන්න.

814
00:53:06,958 --> 00:53:09,916
<i>රෝහලේ ඉන්න හැමෝගෙන්ම</i>
<i>පරෙස්සම් වෙන ලෙස ඉල්ලා සිටිනවා.</i>

815
00:53:10,000 --> 00:53:12,041
<i>මේක කෝඩ් 256.</i>

816
00:54:57,416 --> 00:54:58,500
දෙයියනේ. එයාට තුවාල වෙලා.

817
00:54:58,583 --> 00:55:00,958
-ඔයා එතනට ගිහින් බලන්න.
-උඹලා දෙන්නා අතෙන්ට ගිහින් බලපල්ලා.

818
00:55:01,041 --> 00:55:02,500
අතන ඉන්නේ කවුද? එයාටත් තුවාල වෙලා!

819
00:55:02,583 --> 00:55:03,416
කොහෙද?

820
00:55:03,500 --> 00:55:04,916
-කවුරුහරි මට උදව් කරනවද?
-බොස්ට කේන්ති යයි.

821
00:55:05,000 --> 00:55:06,166
මූ කොහොමද මෙහාට ආවේ?

822
00:55:07,000 --> 00:55:09,125
ඇඳුම් බෑග් හතරයි,
ළමයි දාපු තුනයි.

823
00:55:09,208 --> 00:55:11,375
ඔව් ඔව්, තේරුණා. කෝඩ් 256 දන්නවනේ?

824
00:55:11,458 --> 00:55:13,875
ඉක්මන් කරපන්.
අපි වෙලාවට ඩිලිවරි එක දෙන්න ඕනේ.

825
00:55:13,958 --> 00:55:15,125
ඉක්මනින් ඕක ගනින්.

826
00:55:19,083 --> 00:55:21,500
හැමදේම අවුල් වෙලා.
ඉක්මනින් මෙතනින් යන්න.

827
00:55:23,916 --> 00:55:24,750
හේයි.

828
00:55:24,833 --> 00:55:25,958
අනිත් බෑග් එක කොහෙද ගියේ?

829
00:55:26,041 --> 00:55:27,583
හලෝ, දැන් යන්න.

830
00:55:27,666 --> 00:55:28,666
ඒක මෙතනමයි තිබ්බේ.

831
00:55:28,750 --> 00:55:29,875
ඉක්මන් කරලා දැන් මෙතනින් යන්න.

832
00:56:42,541 --> 00:56:43,750
ඉක්මන් කරන්න.

833
00:56:45,958 --> 00:56:47,375
රෝහලෙන් පැමිණිලි කරලා.

834
00:56:49,458 --> 00:56:51,458
අපි ඉස්කෝලෙන් උස්සපු ගෑනු ළමයා,

835
00:56:51,541 --> 00:56:53,458
නිශාව, හරියට මැනලා නෑලු.

836
00:56:53,541 --> 00:56:55,958
අපි මාරු කරපු මිනියට වඩා
ඒකි අඟල් හයක් මිටියිලු.

837
00:56:56,041 --> 00:56:58,875
දෙමව්පියෝ ඕක දැනගත්තොත්,
'ප්ලෑන් සීරෝ' එක ඉවරයි.

838
00:57:01,250 --> 00:57:02,750
-ඒක මගේ වැරැද්දක් නෙවෙයි.
-හඬ බාලා කතා කරපන්.

839
00:57:03,375 --> 00:57:05,166
මිනිය ලකුණු කළේ ලාල් බාරිවලදී.

840
00:57:05,791 --> 00:57:07,083
මුකේෂ්ගෙන් තමයි අහන්න ඕනේ.

841
00:57:12,958 --> 00:57:13,791
අඩි හතරයි.

842
00:57:14,791 --> 00:57:17,375
<i>ඌ කිව්වේ අඩි හතරයි කියලා. ඒකට හරියන්න,</i>
<i>අපි ඒ ඉස්කෝලෙන් ගෑනු ළමයෙක් හොයාගෙන,</i>

843
00:57:17,458 --> 00:57:18,375
<i>එයාට ටොෆියක් දුන්නා.</i>

844
00:57:18,458 --> 00:57:21,041
බානි මැඩම්,
මට හිතෙන්නේ එයාට කෑම විෂ වෙලා.

845
00:57:21,125 --> 00:57:24,208
<i>සමහරවිට ඉස්පිරිතාලෙන් හරියට</i>
<i>වැඩේ කරලා නැතුව ඇති. සමහරවිට නම...</i>

846
00:57:24,291 --> 00:57:26,291
<i>බොස් කියන විදිහට,</i>
<i>හැමදේම හරියට වෙලා තියෙනවා.</i>

847
00:57:26,375 --> 00:57:29,083
{\an8}<i>අපි අඩි හතරෙ ගෑනු ළමයගෙ මිනියට</i>
<i>කෙමිකල් එක විදලා තියෙන්නේ.</i>

848
00:57:29,166 --> 00:57:31,583
<i>ඒක සම්පූර්ණයෙන්ම උරාගත්තාම,</i>
<i>කාටවත් එයාව අඳුරගන්න බැරි වෙයි.</i>

849
00:57:33,041 --> 00:57:34,000
දැන් පලයන්.

850
00:57:34,083 --> 00:57:36,291
මේ වටේ රවුමක් දාලා වරෙන්.
ඒ වෙද්දි ඒකිව ලෑස්ති කරලා තියෙයි.

851
00:57:36,375 --> 00:57:39,083
ඒ කියන්නේ බොස්ට තියෙන්නේ
මාර කපටි මොළයක්.

852
00:57:41,833 --> 00:57:43,208
මේ අලුත් ඔෆිසර් අපේ දිහා බලන් ඉද්දි,

853
00:57:43,291 --> 00:57:45,916
අපිට ජොයිපුරාවෙන් එක ගෑනු ළමයෙක්වත්
එළියට ගෙනියන්න බැරි වෙයි.

854
00:57:49,541 --> 00:57:52,000
කවුද කිව්වේ ගෑනු ළමයි
එළියට යනවා කියලා?

855
00:59:01,208 --> 00:59:02,583
යමන්, යමන්.

856
00:59:36,416 --> 00:59:37,916
ගෝබින්ද්, ඉක්මන් කරපන්.

857
00:59:38,000 --> 00:59:39,958
උමා මැඩම්ට ඕනේ හැමදේම
පුළුවන් තරම් ඉක්මනින් කරගන්න.

858
00:59:40,041 --> 00:59:41,125
හ්ම්, හරි.

859
01:00:04,500 --> 01:00:07,458
{\an8}සර්, දේවියගේ මංගල්‍යය
අද පටන්ගත්තා.

860
01:00:07,541 --> 01:00:09,333
{\an8}ඒ වගේම ආරක්ෂාව
ගොඩක් වැඩි කරලා තියෙන්නේ.

861
01:00:09,416 --> 01:00:13,375
{\an8}ප්‍රධාන හන්දිය, ටෝල් එක,
ජොයිපුරා තටාකාංගනයයි, වෙරළෙයි.

862
01:00:14,750 --> 01:00:16,583
{\an8}තමුසේ ගොඩක් විමසිල්ලෙන් ඉන්න ඕනේ.

863
01:00:16,666 --> 01:00:20,250
ඒ වගේම, තමුසේ යොදවලා ඉන්න එවුන්
එක්කත් කතා කරනවා.

864
01:00:20,333 --> 01:00:21,291
හරි, සර්.

865
01:00:40,041 --> 01:00:40,916
සෝමු, ඇතුළට එන්න.

866
01:01:29,958 --> 01:01:31,000
චූර්ණි මැඩම්. චූර්ණි මැඩම්.

867
01:01:31,083 --> 01:01:32,291
චූර්ණි මැඩම්.

868
01:01:32,375 --> 01:01:34,375
-බානි?
-මැඩම්, මම...

869
01:01:34,458 --> 01:01:35,666
ඔයා මෙහේ මොකද කරන්නේ?

870
01:01:35,750 --> 01:01:37,791
-ඔයාට හොඳින් නේද?
-චූර්ණි මැඩම්!

871
01:01:37,875 --> 01:01:40,291
අද රෑ දිය කැපීමේ මංගල්‍යයේ වැඩකටයුතු
හොඳට කෙරීගෙන යනවා.

872
01:01:40,375 --> 01:01:42,791
ආ ඔව්, මම ඔයාගේ ලෝන්ඩ්‍රි බෑග් එක
ඇතුළෙන් තිව්වා.

873
01:01:42,875 --> 01:01:44,291
ගුඩ් මෝනින්, බානි මැඩම්.

874
01:01:44,375 --> 01:01:45,583
ඔයාට අවුලක් නෑනේ?

875
01:01:46,333 --> 01:01:47,708
පරිස්සමෙන්.

876
01:01:47,791 --> 01:01:49,041
ලව් යු, ටූ.

877
01:01:49,125 --> 01:01:51,166
මොකක්ද ප්‍රශ්නේ? කියන්න.

878
01:01:51,250 --> 01:01:53,541
මම පස්සේ එන්නම්.

879
01:01:53,625 --> 01:01:55,583
-ආ?
-මැඩම්, මම පස්සේ එන්නම්.

880
01:01:57,583 --> 01:01:59,083
හැමදේම හොඳින් නේද බානි?

881
01:02:04,958 --> 01:02:07,708
<i>මම හිතුවේ මම හොයන්නේ</i>
<i>ජොයිපුරාවේ යක්ෂයාව කියලා.</i>

882
01:02:11,541 --> 01:02:13,291
<i>ඒත් මම දැනගෙන හිටියේ නෑ</i>

883
01:02:13,375 --> 01:02:15,916
<i>ජොයිපුරාව පුරාම යක්ෂයෝ ඉන්නවා කියලා.</i>

884
01:02:19,375 --> 01:02:21,833
<i>ඇත්තටම කිව්වොත්, ජොයිපුරාව කියන්නෙත් යක්ෂයෙක්.</i>

885
01:02:33,416 --> 01:02:35,875
<i>මේ පරණ සිතියම ඔයාව</i>
<i>ඒ උමං ළඟට අරන් යයි.</i>

886
01:02:35,958 --> 01:02:37,125
<i>කවුද දන්නේ,</i>

887
01:02:37,208 --> 01:02:40,208
කොහේහරි උමගක්
ඇරලා තියෙන්නත් පුළුවන්.

888
01:02:53,083 --> 01:02:54,041
දුවපන්.

889
01:02:55,875 --> 01:02:56,833
බානි.

890
01:03:00,041 --> 01:03:02,916
ඔයා කලින් කොහෙද ගියේ?
අද ඔයාට මොකද වෙලා තියෙන්නේ?

891
01:03:03,000 --> 01:03:06,833
මට ටිකක් සනීප මදි,
ඒකයි ගෑනු ළමයින්ව බලන්න ආයේ ආවේ.

892
01:03:06,916 --> 01:03:09,000
ඒක හොඳයි.

893
01:03:09,083 --> 01:03:11,083
හ්ම්. මෙහෙට එන්න. වාඩි වෙන්න.

894
01:03:11,791 --> 01:03:13,291
මම ඔයාට තේ එකක් හදන් එන්නම්.

895
01:03:15,583 --> 01:03:18,541
<i>චූටිම චූටි ලිහිණියෝ</i>
<i>ලස්සන පුංචි ලිහිණියෝ</i>

896
01:03:18,625 --> 01:03:21,333
<i>කැලේ අතරමං වෙලා</i>
<i>මේ පුංචි ලිහිණියා</i>

897
01:03:21,416 --> 01:03:26,250
<i>ගොඩක් දුරට පියඹලා</i>
<i>එයාට පාර වැරදිලා</i>

898
01:03:26,333 --> 01:03:28,041
<i>තනිවෙලා</i>

899
01:03:28,125 --> 01:03:30,416
<i>අත්තක් උඩ, තනියෙම</i>

900
01:03:30,500 --> 01:03:32,708
<i>යාලුවෙක්වත් නෑ ළඟම</i>

901
01:03:32,791 --> 01:03:36,250
<i>ඊටපස්සේ තවත් කෙනෙක් හිනාවෙවී ආවා</i>

902
01:03:36,333 --> 01:03:37,708
මිෂ්ටි! මි...

903
01:03:53,041 --> 01:03:55,458
මම මේ කවියට මාර ආසයි.
ඒක තමයි මං ආසම එක.

904
01:03:55,541 --> 01:03:56,708
කවුද ඔයාට මේක ඉගැන්නුවේ?

905
01:03:56,791 --> 01:03:57,916
යාලුවෙක්.

906
01:04:04,583 --> 01:04:08,333
ඉතින් කියන්නකෝ.
අද අලුත් යාලුවො කවුරුහරි මෙහෙට ආවාද?

907
01:04:08,416 --> 01:04:09,250
ආ?

908
01:04:09,333 --> 01:04:11,958
නෑ, ආන්ටි. අද අලුත් යාලුවො කවුරුත් ආවේ නෑ.

909
01:04:12,041 --> 01:04:14,083
ඒත් දවස් ගාණකට කලින්,

910
01:04:14,166 --> 01:04:15,791
අපි වෙරළට ගිය වෙලේ,

911
01:04:15,875 --> 01:04:17,625
දක්ෂිණපාර වෙරළට,

912
01:04:17,708 --> 01:04:21,208
මගේ යාලුවා පිංකි
එතන ඉඳන් අපිත් එක්ක ආපහු ආවේ නෑ.

913
01:04:24,375 --> 01:04:30,750
දිය යක්ෂයයි, මාළු කන හොල්මනයි,
එයාව බය කරලා මුහුදට අරන් ගියා.

914
01:04:42,125 --> 01:04:47,208
චූර්ණි මැඩම් අපිට කිව්වෙත්
අපේ අලුත් යාලුවො එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.

915
01:04:47,291 --> 01:04:49,916
එයා කිව්වා ඒ අයට විවේක ගන්න ඕනේ කියලා.

916
01:04:51,916 --> 01:04:54,333
හේයි, ඔයාලට එතනට යන්න තහනම්!

917
01:04:57,708 --> 01:04:59,208
හැංගිමුත්තම් සෙල්ලම් කරමුද?

918
01:04:59,291 --> 01:05:00,291
-ආ?
-ඔව්.

919
01:05:00,375 --> 01:05:03,916
ඔයා 20ට ගණන් කරන්න, හරිද?
මම කොහේහරි හැංගෙන්නම්. එන්න.

920
01:05:04,666 --> 01:05:06,000
මේ පැත්තෙන්. පටන්ගන්න.

921
01:05:07,000 --> 01:05:08,041
එකයි.

922
01:05:10,583 --> 01:05:11,958
දෙකයි.

923
01:05:13,541 --> 01:05:15,583
තුනයි.

924
01:05:17,541 --> 01:05:18,791
හතරයි.

925
01:05:22,125 --> 01:05:23,208
<i>හලෝ, ගෝකුල් මහත්තයාද?</i>

926
01:05:23,291 --> 01:05:26,208
<i>මම කතා කරන්නේ ඉස්කෝලෙන්.</i>
<i>බානි ගෙදර ආවාද?</i>

927
01:05:26,291 --> 01:05:28,708
බානි… තාම නෑ. ඇයි?

928
01:05:28,791 --> 01:05:30,666
<i>එයා නිශාව බලන්න ඉස්පිරිතාලෙට ගියා.</i>

929
01:05:30,750 --> 01:05:33,000
<i>එයා ආපහු ඉස්කෝලෙට ආවේ නෑ,</i>
<i>ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.</i>

930
01:05:33,083 --> 01:05:34,166
එයා කොහේ යන්න ඇත්ද?

931
01:06:11,875 --> 01:06:12,708
බානි!

932
01:06:13,458 --> 01:06:14,916
තේ!

933
01:06:15,000 --> 01:06:16,500
දහඅටයි.

934
01:06:19,250 --> 01:06:20,791
දහනවයයි.

935
01:06:23,375 --> 01:06:24,916
අහු වුණා!

936
01:06:28,208 --> 01:06:30,458
-යමු. එන්න.
-බානි.

937
01:06:31,541 --> 01:06:32,458
චූර්ණි මැඩම්.

938
01:06:33,333 --> 01:06:35,041
අපි හැංගිමුත්තම් සෙල්ලම් කළා.

939
01:06:35,791 --> 01:06:37,250
දැන් මට ගොඩක් සනීපයි.

940
01:06:37,916 --> 01:06:39,791
මම දැන් ගෙදර ගියොත් හොඳයි.

941
01:06:40,500 --> 01:06:41,333
තේ?

942
01:06:43,500 --> 01:06:47,458
මම... මම හෙට එන්නම්.
මම දැන් යන්නම්.

943
01:06:49,416 --> 01:06:50,500
හරි.

944
01:07:11,500 --> 01:07:13,083
මට ලෝන්ඩ්‍රි බෑග් ටික හම්බුණා,

945
01:07:14,375 --> 01:07:15,750
ඒත් ගෑනු ළමයි ඒවයේ හිටියේ නෑ.

946
01:07:15,833 --> 01:07:18,083
එයාලව ඇතුළට ගෙනියනවා දැක්කා ෂුවර්ද?

947
01:07:18,833 --> 01:07:21,041
සෝමේෂ් උන්ව ඇතුළට ගෙනියනවා මම දැක්කා.

948
01:07:21,125 --> 01:07:23,333
රහස් පාරක් තියෙන්නම ඕනේ.

949
01:07:29,750 --> 01:07:31,541
යන්න. එයා ගේට්ටුව ගාව ඉන්නවා.

950
01:07:31,625 --> 01:07:33,208
මම ගිහින් උමා ගැන බලන්නම්.

951
01:07:35,791 --> 01:07:37,416
-මට කෝල් කරන්න.
-හරි.

952
01:07:47,541 --> 01:07:49,583
ඔයා මට ඉක්මනින්ම
ශිෂුකාල් එකට එන්න කිව්වනේ.

953
01:07:49,666 --> 01:07:50,875
මොනවාහරි තොරතුරක් තියෙනවාද?

954
01:07:50,958 --> 01:07:52,833
පස්සේ කතා කරමු.

955
01:08:20,666 --> 01:08:21,708
බහුරූපි?

956
01:08:21,791 --> 01:08:23,416
හ්ම්.

957
01:08:23,500 --> 01:08:25,791
හොඳයි. ළමයි ඉස්සරහා
රඟපාන්න ඔයා කැමතිද?

958
01:08:25,875 --> 01:08:27,291
ආහ්...

959
01:08:27,958 --> 01:08:29,666
-යමුද?
-හ්ම්.

960
01:08:29,750 --> 01:08:31,666
අදම ගෑනු ළමයින්ව එළියට ගන්න ඕනේ.

961
01:08:34,291 --> 01:08:37,250
ඊටපස්සේ, ඔයා දවස් කිහිපයකට හැංගිලා ඉන්න.

962
01:08:37,333 --> 01:08:38,458
හරි.

963
01:08:42,958 --> 01:08:45,458
-බොස් ඔයාට කියයි.
-හරි.

964
01:08:48,250 --> 01:08:50,416
-කොහෙද, කීයටද හම්බෙන්නේ කියලා.
-වෙස්මුහුණු තියෙනවාද?

965
01:08:50,500 --> 01:08:51,791
කොටියා, වලහා නැත්නම් වඳුරාගේ එකක්ද?

966
01:08:51,875 --> 01:08:52,875
-වඳුරා.
-වඳුරා.

967
01:09:05,916 --> 01:09:06,916
දාලා බලන්න ඕනෙද?

968
01:09:11,083 --> 01:09:12,375
ගොඩක් ලස්සනයි.

969
01:09:13,375 --> 01:09:14,541
හරි.

970
01:09:15,791 --> 01:09:17,000
ආ, බානි!

971
01:09:18,000 --> 01:09:19,500
-ඔහ්.
-හායි, උමා.

972
01:09:19,583 --> 01:09:20,541
ඔව්.

973
01:09:26,166 --> 01:09:27,291
-ආ, බානි.
-ඇයි?

974
01:09:27,375 --> 01:09:29,208
හවසට හම්බෙමු,
අපි එකට තේ බොමු.

975
01:09:29,291 --> 01:09:30,208
-ඔව්.
-හරිද?

976
01:09:30,291 --> 01:09:31,291
ඔව්.

977
01:09:33,083 --> 01:09:35,291
බානි මැඩම්, කොහොමද ඔයාට?

978
01:10:16,208 --> 01:10:17,083
සෞරභ්!

979
01:10:21,791 --> 01:10:23,000
හැමදේම හොඳින් නේද?

980
01:10:23,083 --> 01:10:24,708
-ඔව්, හොඳින්.
-හ්ම්.

981
01:10:59,416 --> 01:11:00,416
ගිහින් එතන බලපන්.

982
01:11:16,833 --> 01:11:18,083
අම්බා, අහන්න.

983
01:11:18,166 --> 01:11:21,000
මම ඉන්නේ බිස්වාස් වයර් ෆැක්ටරියේ.
ඉක්මනින් මෙහෙට එන්න.

984
01:12:29,208 --> 01:12:31,625
ලිලියා, ලිලියා, යමු.

985
01:12:59,833 --> 01:13:01,791
බානි, ඔයා නම් ඇත්තටම අන්ධයි.

986
01:13:01,875 --> 01:13:04,416
චූර්ණි මට කලින්ම කිව්වා ඔයාට පේනවා කියලා.

987
01:13:05,458 --> 01:13:07,541
ඉතින් මම ටිකක් හොයලා බැලුවා.

988
01:13:07,625 --> 01:13:09,833
එතකොට මම ඔයා ගැන ගොඩක් දේවල් දැනගත්තා.

989
01:13:09,916 --> 01:13:12,416
ඔයා ගැන ඔයාවත් නොදන්න
දේවල් පවා මම දැනගත්තා.

990
01:13:12,500 --> 01:13:14,666
අර ඔයාගෙ ආදරණීය ජුනු අම්බා.

991
01:13:14,750 --> 01:13:16,041
ඔයාට අම්මා කෙනෙක් වගේ හිටියට.

992
01:13:16,125 --> 01:13:18,375
ඇත්තටම එයා යක්ෂණියක්.

993
01:13:18,458 --> 01:13:22,416
අවුරුදු ගාණකට කලින්, ඔයාගේ ජුනු
එයාගේ සහෝදරයාව විශ්වාස කරලා...

994
01:13:22,500 --> 01:13:26,708
පාරවල්වල සර්කස් පෙන්නන්න
ඔයාලව එයා එක්ක යැව්වා.

995
01:13:28,333 --> 01:13:34,166
ඊටපස්සේ එයාගේ සහෝදරයා, සල්ලිවලට
ඔය ගෑනු ළමයි හතරදෙනාව අපිට වික්කා.

996
01:13:34,875 --> 01:13:36,708
බානි, ඔයත් ඒකෙන් එක්කෙනෙක්.

997
01:13:42,166 --> 01:13:43,500
මාව අතාරිනවා!

998
01:14:19,416 --> 01:14:22,208
-දුවපන්! දුවපන්!
-නැගිටපන්. නැගිටපන්.

999
01:14:22,291 --> 01:14:23,916
පහත් වෙයන්. කට වහපන්.

1000
01:14:24,000 --> 01:14:25,333
-වරෙන්!
-දුවපන්!

1001
01:14:25,416 --> 01:14:26,916
එන්න නෝනා. ඉක්මන්... ඉක්මන් කරන්න.

1002
01:14:27,000 --> 01:14:28,250
දුවන්න!

1003
01:14:28,333 --> 01:14:29,375
එන්න!

1004
01:14:31,083 --> 01:14:33,375
එපා! එපා!

1005
01:14:33,458 --> 01:14:34,958
අපිව අතාරින්න.

1006
01:14:37,166 --> 01:14:38,791
ඒයි, මොන මගුලක්ද!

1007
01:14:40,250 --> 01:14:41,625
ඌ අපේ වෑන් එක අරන් යනවා! යමන්!

1008
01:14:41,708 --> 01:14:43,333
යමන්, යමන්! ඉක්මනට!

1009
01:14:45,750 --> 01:14:48,916
<i>එතකොට තමයි ඔයාගේ මහත්තයා ගෝකුල්ව ඔයාට හම්බුණේ.</i>

1010
01:14:49,000 --> 01:14:51,208
ඔයාගේ වාසනාවට එයා ඔයාව බේරගත්තා.

1011
01:14:51,958 --> 01:14:53,208
ඒත් අපිට නීතියක් තියෙනවා.

1012
01:14:54,291 --> 01:14:56,291
කෙල්ලෙක් වෙනුවට කෙල්ලෙක්.

1013
01:14:56,375 --> 01:14:58,916
ජුනු අම්බාගේ මිනිපිරී,

1014
01:14:59,000 --> 01:15:01,958
ඒ ගෑනු ළමයි හතරදෙනා වෙනුවට
වන්දිය ගෙව්වේ දුලාරි.

1015
01:15:02,041 --> 01:15:03,791
ඒ ගනුදෙනුවට එයාව අරන් ගියා.

1016
01:15:05,750 --> 01:15:06,750
ඒත් මේ...

1017
01:15:06,833 --> 01:15:10,250
ජුනු අම්බා අතහැරියේ නෑ.

1018
01:15:10,333 --> 01:15:12,416
එයාගේ මිනිපිරී වෙනුවට,

1019
01:15:12,500 --> 01:15:14,416
මේ ගෑනි ඔයාගේ දුවව පාවලා දුන්නා.

1020
01:15:15,083 --> 01:15:16,958
ගිය අවුරුද්දේ, චක්සුලියපාදවලදී,

1021
01:15:17,041 --> 01:15:20,500
ඔයාගෙ ආදරණීය ජුනු අම්බා ගනුදෙනුවක් කරලා
අපිට ඔයාගේ ලිපිනය දුන්නා.

1022
01:15:20,583 --> 01:15:24,833
නැත්නම් ඔයයි, ඔයාගේ මහත්තයයි, දුවයි
ඉන්නේ කොහෙද කියලා අපි කොහොමද දන්නේ?

1023
01:15:24,916 --> 01:15:26,541
අපි එයාව ඉස්සුවා.

1024
01:15:26,625 --> 01:15:27,958
ඔව්.

1025
01:15:28,750 --> 01:15:29,791
ඒයි!

1026
01:15:30,708 --> 01:15:32,666
ඔයාද ලිපිනය දුන්නේ?

1027
01:15:32,750 --> 01:15:34,541
ඔයාද උන්ට කිව්වේ?

1028
01:15:38,583 --> 01:15:40,250
මම ගෝකුල්ගේ ලිපිනය විතරයි දුන්නේ.

1029
01:15:40,916 --> 01:15:43,583
මම ගනුදෙනුව කළේ දුලාරි වෙනුවට
ගෝකුල්ව දෙන්නයි.

1030
01:15:43,666 --> 01:15:45,916
මම දැනගෙන හිටියේ නෑ
උන් ඊටවඩා මිෂ්ටිව ගනියි කියලා.

1031
01:15:48,875 --> 01:15:52,166
මිෂ්ටිව අරන් ගියාම,
මම රෑ දවාලක් නැතුව එයාව හෙව්වා.

1032
01:15:52,250 --> 01:15:54,500
මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.
කරුණාකරලා තේරුම් ගන්න ලිලියා.

1033
01:15:54,583 --> 01:15:57,333
-මාත් අම්මා කෙනෙක්.
-ඒයි!

1034
01:15:58,291 --> 01:16:00,375
තමුසෙට අම්මා කෙනෙක් කියලා කියන්න එපා.

1035
01:16:00,458 --> 01:16:02,375
තමුසේ නිකංම නිකං කාලකණ්ණි ගෑනියෙක්.

1036
01:16:28,083 --> 01:16:30,416
<i>ජීවිතේ කියන්නේ සිදුවීම් දාමයක්.</i>

1037
01:16:34,875 --> 01:16:40,250
<i>අතීතය, වර්තමානය, අනාගතය,</i>

1038
01:16:40,333 --> 01:16:42,250
<i>මේ සේරම එකිනෙකට බැඳිලා තියෙන්නේ.</i>

1039
01:16:47,375 --> 01:16:50,291
<i>මගේ ලිලියාගේ වැඩ තාම ඉවර නෑ.</i>

1040
01:16:52,875 --> 01:16:53,708
බානි!

1041
01:16:57,500 --> 01:16:58,791
මොකද වුණේ?

1042
01:17:01,916 --> 01:17:03,416
-ඔයාට හොඳින් නේද?
-අපි මෙතනින් යමු.

1043
01:17:05,750 --> 01:17:06,833
අපි යමු.

1044
01:17:09,916 --> 01:17:11,250
කෙළින්ම ගිහින් දකුණට.

1045
01:17:15,708 --> 01:17:17,458
<i>මටනේ ඇස් පේන්නේ නැත්තේ.</i>

1046
01:17:19,750 --> 01:17:21,625
<i>මට තේරුණේ නෑ ඔයාට පේනවා කියලා.</i>

1047
01:17:24,458 --> 01:17:26,958
තමන්ගේ දරුවා වෙනුවෙන් තාත්තා කෙනෙක්ට
වාර ලක්ෂයක් වුණත් මැරෙන්න පුළුවන්.

1048
01:17:28,541 --> 01:17:30,750
ඒත් මට මගේ දුවව ආරක්ෂා කරගන්න බැරි වුණා.

1049
01:17:32,125 --> 01:17:33,583
මට එයාව බේරගන්න බැරි වුණා.

1050
01:17:35,583 --> 01:17:37,791
ඔයා හිතන්න ඇති,
මේවා ඔයාට කියලා වැඩක් නෑ කියලා.

1051
01:17:37,875 --> 01:17:41,208
ගෝකුල්, මම ඔයාට නොකිව්වේ ඒකෙන්
ඔයාගේ ජීවිතේ අනතුරේ වැටෙන නිසා.

1052
01:17:41,291 --> 01:17:43,416
-උන් ඇවිත් ඔයාට කරදර කරයි කියලා...
-ඔයා මොකක්ද හිතුවේ?

1053
01:17:43,500 --> 01:17:46,458
මම ටෝල් එකට වෙලා දවසම
ටිකට් කඩකඩ නිකං හිටියා කියලද?

1054
01:17:46,541 --> 01:17:47,500
<i>ආ?</i>

1055
01:17:47,583 --> 01:17:50,208
<i>රෑ දවාලක් නැතුව මම කල්පනා කළේ</i>
<i>මිෂ්ටිව ආපහු ගේන්න විදිහක් ගැන.</i>

1056
01:17:51,125 --> 01:17:53,125
<i>මම බ්ලැක්හෝල් කල්ලිය ගැන</i>
<i>හැමදේම හොයාගන්නයි හැදුවේ.</i>

1057
01:18:06,416 --> 01:18:09,416
අපි තමයි අර බහුරූපි මිනිස්සු වගේ
වෙස්වලාගෙන හිටියේ.

1058
01:18:11,250 --> 01:18:14,833
මම හිතුවා... අන්ධ ගෑනු කෙනෙක් වගේ
මම වෙස්වලා ගන්නවා කියලා,

1059
01:18:14,916 --> 01:18:16,708
බ්ලැක්හෝල් කල්ලිය ගැන හොයාගන්න.

1060
01:18:18,000 --> 01:18:20,416
මට ඒක කරගන්නත් පුළුවන් වුණා.

1061
01:18:20,500 --> 01:18:24,166
උමා, චූර්ණි, ගෝබින්ද්,
මේ හැමෝම එකට එකතුවෙලා වැඩ කරන්නේ.

1062
01:18:24,250 --> 01:18:26,833
ඒ වගේම සෝමේෂ්, පැය කිහිපයකට කලින් මම එයාව දැක්කා.

1063
01:18:26,916 --> 01:18:29,208
එයා ගෑනු ළමයින්ගේ නම් වෙනස් කරලා,
වෙස්ගන්වලා,

1064
01:18:29,291 --> 01:18:31,583
ශිෂුකාල් ළමා නිවාසෙට
අරන් ගියා.

1065
01:18:33,333 --> 01:18:35,125
මට තේරෙන්නේ නෑ
උන් කොහොමද ගෑනු ළමයින්ව අරන් යන්නේ කියලා,

1066
01:18:35,208 --> 01:18:37,291
ළමා නිවාසෙ ඇතුළේ ඉඳන් නගරෙන් එළියට.

1067
01:18:43,666 --> 01:18:45,208
මේ උමං හරහා.

1068
01:18:45,291 --> 01:18:48,583
අද රෑ චෞමුඛි දේවියගේ මංගල්‍යයේදී
ලොකු දෙයක් වෙන්න යනවා.

1069
01:18:48,666 --> 01:18:49,958
මම ඉහළ නිලධාරියාට දැනුම් දෙන්න ඕනේ.

1070
01:18:56,291 --> 01:18:58,000
මම එනකල්
කොහේවත් යන්න එපා, හරිද?

1071
01:18:58,083 --> 01:18:59,375
මම දැන් යන්නම්.

1072
01:19:00,666 --> 01:19:04,041
ගෝකුල්, මම බලන් ඉන්නවා.
ඉක්මනින් එන්න.

1073
01:19:13,916 --> 01:19:15,208
මම ගොඩක් ඉක්මනින් එන්නම්.

1074
01:19:34,125 --> 01:19:36,375
{\an8}වරාය අවට ප්‍රදේශවල
හැමෝම විමසිල්ලෙන් ඉන්න.

1075
01:19:36,458 --> 01:19:39,208
මගේ අවසරයක් නැතුව කිසිම බඩුවක්
වරායෙන් එළියට යන්න බෑ, තේරුණාද?

1076
01:19:39,291 --> 01:19:40,291
-හරි සර්.
-හදිසියක් වුණොත්...

1077
01:19:40,375 --> 01:19:41,583
-කබීර් සර්!
-නවතිනවා.

1078
01:19:41,666 --> 01:19:43,541
මට සර්ට වැදගත් දෙයක්
කියන්න තියෙනවා. අනේ.

1079
01:19:47,875 --> 01:19:50,416
සර්, මම හොයලා බලපු විදිහට,
මේ ප්‍රදේශයෙත් උමං තියෙන්න පුළුවන්,

1080
01:19:50,500 --> 01:19:52,083
<i>ශිෂුකාල්වලටයි දක්ෂිණපාරටයි අතරේ.</i>

1081
01:19:53,625 --> 01:19:56,291
ඇයි මේ උමං ගැන
භූගත උමං ලැයිස්තුවේ සඳහන් වෙලා නැත්තේ?

1082
01:19:56,375 --> 01:19:59,625
<i>සර්, මේ රිපෝට් එකේ තියෙන්නේ</i>
<i>වහලා දාපු උමං ගැන විතරයි,</i>

1083
01:20:00,291 --> 01:20:02,708
නගරයෙන් එළියට යන.

1084
01:20:02,791 --> 01:20:06,166
නැත්නම් තර්ජනයක් කියලා
මාක් කරලා තියෙන ඒවා විතරයි.

1085
01:20:06,250 --> 01:20:07,750
හලෝ ඔෆිසර්.

1086
01:20:08,250 --> 01:20:10,416
මට මේ තැන පරික්ෂා කරන්න වරෙන්තුවක් තියෙනවා.

1087
01:20:11,541 --> 01:20:13,041
ජයශ්‍රී, යතුරු ටික ගේන්න.

1088
01:20:13,125 --> 01:20:14,958
ඔයා ගිහින් ළමයි සේරම එක පැත්තකට කරන්න.

1089
01:20:15,041 --> 01:20:16,583
එන්න ළමයි.

1090
01:20:18,625 --> 01:20:20,291
ප්‍රදීප්, දොරවල් අරින්න.

1091
01:20:23,083 --> 01:20:24,500
කාමර සේරම බලන්න.

1092
01:20:24,583 --> 01:20:27,500
මට ඕනේ මේකේ හැම මුල්ලක්ම
හොඳටම පරික්ෂා කරන්න.

1093
01:20:51,041 --> 01:20:52,208
සර්.

1094
01:20:52,291 --> 01:20:53,291
සර්.

1095
01:20:53,375 --> 01:20:55,291
ලේඛනයට අනුව,
ගෑනු ළමයි 30ක් ඉන්න ඕනේ.

1096
01:20:55,375 --> 01:20:57,500
ඒ 30 දෙනාම මෙහේ ඉන්නවා.

1097
01:20:57,583 --> 01:21:00,666
ඒ වගේම, හැංගිච්ච දොරවල්වත්
රහස් උමඟක්වත් නෑ.

1098
01:21:10,208 --> 01:21:11,416
මම පාරේ ඉන්නේ.

1099
01:21:13,791 --> 01:21:14,791
-ප්‍රදීප්.
-ඔව්, සර්.

1100
01:21:14,875 --> 01:21:15,750
-යමු.
-අපි යනවා.

1101
01:21:15,833 --> 01:21:17,125
<i>දැන්ම!</i>

1102
01:21:17,208 --> 01:21:18,500
ඔව් බානි?

1103
01:21:19,666 --> 01:21:21,291
<i>ගෝකුල්.</i>

1104
01:21:21,375 --> 01:21:22,458
ගෝකුල්? හලෝ...

1105
01:21:25,416 --> 01:21:27,500
<i>මේ උමං හරහා,</i>
<i>අද රෑ ලොකු දෙයක් වෙන්න යනවා</i>

1106
01:22:04,333 --> 01:22:06,958
<i>චෞමුඛි දේවියගේ මංගල්‍යයේදී.</i>

1107
01:22:07,041 --> 01:22:08,958
<i>හේයි, ඔයාලට එතනට යන්න තහනම්!</i>

1108
01:22:12,541 --> 01:22:14,875
<i>ප්‍රධාන ජාවාරම් මාර්ග සේරම</i>
<i>වහලා දාලයි තිබුණේ,</i>

1109
01:22:21,250 --> 01:22:23,250
<i>JSF එකේ උමං විරෝධී මෙහෙයුමෙන් පස්සේ.</i>

1110
01:22:23,333 --> 01:22:25,500
<i>චූර්ණි මැඩම්,</i>
<i>අද රෑ දිය කැපීමේ මංගල්‍යයේ වැඩකටයුතු</i>

1111
01:22:28,833 --> 01:22:31,166
<i>හොඳට කෙරීගෙන යනවා.</i>

1112
01:22:31,250 --> 01:22:32,250
-අවදි වන්න, චෞමුඛි මෑණියනි!
-අවදි වන්න!

1113
01:22:49,333 --> 01:22:53,166
ඔව්, මම වැඩකටයුතු බලාගත්තා...

1114
01:23:49,833 --> 01:23:51,166
-සර්, ලොකු සර් ලයින් එකේ.
-ඔයා යන්න.

1115
01:23:51,250 --> 01:23:53,375
සර්?

1116
01:23:54,666 --> 01:23:55,500
<i>අනිත් අයත් එක්ක දැන්මම පිටත් වෙන්න.</i>

1117
01:23:55,583 --> 01:23:57,458
-හරි.
-<i>මම AHTU එක බලාගන්නම්.</i>

1118
01:23:57,541 --> 01:23:59,250
කොපි.

1119
01:23:59,333 --> 01:24:00,166
කොහෙද උඹලා මේ ළමයාව අරන් ගියේ?

1120
01:24:02,416 --> 01:24:03,875
තමුසේ කවුද? කියනවා තමුසේ කවුද?

1121
01:24:03,958 --> 01:24:05,791
-මේ කාගේ ළමයාද, ආ? කියපන්!
-තාත්තේ!

1122
01:24:05,875 --> 01:24:07,750
-ඒ මගේ දුව.
-තාත්තේ!

1123
01:24:07,833 --> 01:24:10,083
අවදි වන්න, චෞමුඛි. අවදි වන්න!

1124
01:24:16,416 --> 01:24:19,583
ප්‍රදේශයේ පොලිසියටයි ඩියුටි වැටිලා තිබුණේ.
උන් කෝ?

1125
01:24:20,750 --> 01:24:23,375
සර්, අපි දක්ෂිණපාර වරායේ
මුර සංචාරයේ හිටියේ.

1126
01:24:24,541 --> 01:24:27,375
ඊටපස්සේ,
එකපාරටම අපිට මෙහෙට එන්න කිව්වා සර්.

1127
01:24:27,458 --> 01:24:29,625
කවුද?

1128
01:24:29,708 --> 01:24:30,708
ඒත් දවස් ගාණකට කලින්,
අපි වෙරළට ගිය වෙලේ,

1129
01:25:45,250 --> 01:25:48,666
දක්ෂිණපාර වෙරළට,

1130
01:25:48,750 --> 01:25:50,041
<i>පිංකි එතන ඉඳන් අපිත් එක්ක ආපහු ආවේ නෑ.</i>

1131
01:25:50,125 --> 01:25:53,125
<i>මේ උමං හරහා,</i>
<i>අද රෑ ලොකු දෙයක් වෙන්න යනවා</i>

1132
01:25:53,791 --> 01:25:56,333
<i>චෞමුඛි දේවියගේ මංගල්‍යයේදී.</i>

1133
01:25:56,416 --> 01:25:58,583
<i>ජොයිපුරාවල තාමත් රහස් මාර්ග තියෙනවා.</i>

1134
01:25:58,666 --> 01:26:01,333
<i>පිංකි එතන ඉඳන් අපිත් එක්ක ආපහු ආවේ නෑ.</i>

1135
01:26:01,416 --> 01:26:03,500
<i>දිය යක්ෂයයි, මාළු කන හොල්මනයි,</i>

1136
01:26:08,416 --> 01:26:12,166
<i>එයාව බය කරලා මුහුදට අරන් ගියා.</i>

1137
01:26:12,250 --> 01:26:15,083
<i>ශතවර්ෂ ගණනාවකට කලින්,</i>

1138
01:26:18,125 --> 01:26:19,916
<i>මග්‍රසුර් කියලා යක්ෂයෙක් මෙහේ හිටියලු.</i>

1139
01:26:20,000 --> 01:26:22,750
<i>ඌ ළමයින්ව පැහැරගෙන</i>
<i>පාතාලයට අරන් ගියාලු.</i>

1140
01:26:24,416 --> 01:26:27,083
<i>උන්ව බේරගන්න, මේ භූමියේ දේවිය වෙන</i>
<i>චෞමුඛි දේවියම</i>

1141
01:26:29,583 --> 01:26:32,833
<i>පාතාලයට වැඩම කළාලු.</i>

1142
01:26:32,916 --> 01:26:34,625
ඔෆිසර් කබීර්.

1143
01:28:03,208 --> 01:28:04,250
මේක ඉල්ලීමක්.

1144
01:28:05,500 --> 01:28:06,375
කරුණාකරලා ආපහු යන්න.

1145
01:28:09,250 --> 01:28:10,416
තමුසේ මේ බොරු කතා ඔක්කොම හැදුවේ,

1146
01:28:12,625 --> 01:28:15,208
බ්ලැක්හෝල් කල්ලියේ වැරදි සේරම
බහුරූපි මිනිස්සුන්ගේ පිටින් යවන්න ඕන නිසා.

1147
01:28:15,291 --> 01:28:18,291
ආ?

1148
01:28:19,250 --> 01:28:20,166
ලව් යු, ටූ.

1149
01:29:27,416 --> 01:29:29,125
ඉක්මන් කරපන්. තව ළමයි දෙන්නයි ඉන්නේ.

1150
01:29:31,916 --> 01:29:34,083
එයාව හරියට අල්ලගනින්. පලයන්.

1151
01:29:41,333 --> 01:29:43,000
පලයන්, පලයන්, පලයන්. ඉක්මනට! දුවපන්!

1152
01:29:43,083 --> 01:29:44,750
අපිට නිශාව හම්බුණා, ගෝකුල්.

1154
01:30:47,458 --> 01:30:49,333
අනිත් කෙල්ලොත් මෙතන ඉන්නවා.

1155
01:30:52,291 --> 01:30:54,250
අපේ මිෂ්ටිත් මෙතන ඇති.

1156
01:30:55,958 --> 01:30:57,083
අපි එයාව හොයමු.

1157
01:31:00,666 --> 01:31:04,000
පොලිසියට කතා කරමු.
ඒගොල්ලො ඇවිත් මේ කෙල්ලන්ව අරන් යාවි.

1158
01:31:05,125 --> 01:31:06,541
එයාලා දැන් ආරක්ෂිතයි.

1159
01:31:06,625 --> 01:31:08,166
මො... මොකක්?

1160
01:31:09,541 --> 01:31:10,500
ආ?

1161
01:31:11,833 --> 01:31:14,000
බානි, මේ කෙල්ලො යන්න ඕන
තැනට යාවි.

1162
01:31:17,833 --> 01:31:18,958
ඇයි?

1163
01:31:26,958 --> 01:31:27,833
ගෝකුල්?

1164
01:31:29,625 --> 01:31:32,083
ඔයාව හම්බෙන්න කලින්,
මම වැඩ කළේ බ්ලැක්හෝල් එකට.

1165
01:31:35,500 --> 01:31:37,333
<i>අනිත් නගරවලට</i>
<i>කෙල්ලන්ව යැව්වා,</i>

1166
01:31:37,416 --> 01:31:40,208
<i>මං මගේ කඩෙන්</i>
<i>ඒගොල්ලන්ට හොර අයිඩී හදලා දුන්නා.</i>

1167
01:31:41,583 --> 01:31:44,666
<i>දවසක් මට එළියට යන්න වුණා</i>
<i>හොර අයිඩී එකක් දෙන්න.</i>

1168
01:31:47,750 --> 01:31:49,916
<i>අන්න එදා තමයි මට තේරුණේ</i>
<i>මම පැටලිලා ඉන්න ජංජාලෙ.</i>

1169
01:31:57,416 --> 01:31:58,541
<i>මම එතනදි ඔයාව දැක්කම…</i>

1170
01:32:01,583 --> 01:32:03,166
<i>මගේ මුළු ලෝකෙම වෙනස් වුණා.</i>

1171
01:32:10,291 --> 01:32:13,750
<i>ඔයාව එතනින් බේරගත්තට පස්සෙ,</i>
<i>මට දැනුණෙ මගේ පව් හේදුවා වගේ.</i>

1172
01:32:14,958 --> 01:32:18,750
මං හිතුවෙ බ්ලැක්හෝල් එක සදහටම මගෑරුණා කියලා,
ඒත් උන් මාව අතෑරියෙ නෑ.

1173
01:32:18,833 --> 01:32:21,958
දුලාරි, ජුනු අම්බා, අපේ මිෂ්ටි,

1174
01:32:22,458 --> 01:32:25,708
<i>ඒ යක්ෂයා එයාලා හැමෝවම බිලිගත්තා.</i>

1175
01:32:26,625 --> 01:32:28,916
<i>උන් ජෝයිපුරාවල ඉඳන් මේවා කරනවා කියලා</i>
<i>මට කිසිම අදහසක් තිබ්බෙ නෑ.</i>

1176
01:32:29,000 --> 01:32:31,041
<i>උන් එතනින් කෙල්ලන්ව කොහොම ගෙනිච්චද</i>
<i>කියලාවත් මම දන්නෙ නෑ.</i>

1177
01:32:31,125 --> 01:32:32,291
-ඔව් බානි?
-හේයි.

1178
01:32:32,375 --> 01:32:34,250
දාදා බායිට ඔයාව හම්බෙන්න ඕනලු.

1179
01:32:34,333 --> 01:32:36,041
<i>උන් මාව උස්සගෙන ආවෙ</i>
<i>ළමා නිවාසෙ ඉඳන්.</i>

1180
01:32:43,291 --> 01:32:44,875
හලෝ.

1181
01:32:47,250 --> 01:32:49,000
ඔයා හොඳටම දන්නවා

1182
01:32:50,000 --> 01:32:52,375
බ්ලැක්හෝල් එක කවදාවත් ඔයාව අතාරින්නෙ නෑ කියලා.

1183
01:32:52,458 --> 01:32:57,708
ඒක හරියට හෙවනැල්ලක් වගේ, ඔයාව නිදහස් කරන්න පුළුවන්
එකම එක දේකට විතරයි.

1184
01:32:57,791 --> 01:32:59,166
මරණය.

1185
01:33:08,666 --> 01:33:10,875
ඔයා අපේ නීති දන්නවනේ.

1186
01:33:12,291 --> 01:33:14,625
කෙල්ලෙක් වෙනුවට තව කෙල්ලෙක්.

1187
01:33:16,375 --> 01:33:18,708
ඔයාට ඕනද ඔයාගෙ දුව මිෂ්ටිව බේරගන්න?

1188
01:33:19,833 --> 01:33:23,750
එහෙනම් අනිත් කෙල්ලන්ව නගරෙන් පිට යවන්න
අපිට උදව් කරන්න.

1189
01:33:25,250 --> 01:33:31,500
කාල චක්‍රය කැරකෙනවා,
කැරකෙනවා, කැරකෙනවා.

1190
01:33:32,750 --> 01:33:36,166
එදා,
ඔයාට ඔයාගෙ මිෂ්ටිව බේරගන්න බැරි වුණා.

1191
01:33:37,541 --> 01:33:40,458
හැබැයි මේ පාර වරද්දගන්න එපා.

1192
01:33:48,833 --> 01:33:51,333
ඔක්කොම තියෙන්නෙ ඔයාගෙ අතේ.

1193
01:34:03,500 --> 01:34:07,083
අපේ මිෂ්ටිව බේරගන්න නම්,
මට ආයේ උන් එක්ක වැඩ කරන්න වෙනවා බානි.

1194
01:34:07,625 --> 01:34:08,958
එක්කෝ මේ කෙල්ලො,

1195
01:34:10,083 --> 01:34:11,375
නැත්නම් අපේ මිෂ්ටි.

1196
01:34:19,125 --> 01:34:21,375
මං මිෂ්ටිට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නෑ.

1197
01:34:49,125 --> 01:34:50,625
මම එයාගෙ තාත්තා, බානි.

1198
01:34:50,708 --> 01:34:53,541
මං කොහොමද මගේම දුවව බිලි දෙන්නෙ?

1199
01:34:53,625 --> 01:34:56,250
එතකොට මං කොහොමද මෙච්චර දුවලා ගොඩක් බිලි දෙන්නෙ?

1200
01:34:57,583 --> 01:34:58,583
මම අම්මා කෙනෙක්.

1201
01:35:12,666 --> 01:35:14,458
අනේ අපේ මිෂ්ටි ගැන හිතන්නකෝ බානි.

1202
01:35:15,083 --> 01:35:16,416
අපේ දුව ගැන හිතන්න.

1203
01:35:16,500 --> 01:35:17,458
දුව?

1204
01:35:17,541 --> 01:35:21,625
දුවලව විකුණන මිනිහෙක්ට
තාත්තා කෙනෙක් කියන්න වටින්නෙ නෑ.

1205
01:35:22,416 --> 01:35:25,250
ඒ නිසා කට වරද්දලවත් මිෂ්ටිට ඔයාගෙ දුව කියන්න එපා.

1206
01:35:40,833 --> 01:35:45,625
<i>ඔයා ඒ ගැන හිතුවෙවත් නෑ</i>

1207
01:35:47,583 --> 01:35:52,125
<i>ඔයා මගෙන් එක පාරක්වත් ඇහුවෙ නෑ</i>

1208
01:35:58,000 --> 01:36:03,500
<i>ඔයා මා දිහා හරිහැටි බැලුවෙවත් නෑ</i>

1209
01:36:08,291 --> 01:36:12,541
<i>ඔයා මාව තනි කළා</i>

1210
01:36:12,625 --> 01:36:16,083
<i>එහෙමම යන්න ගියා</i>

1211
01:36:19,666 --> 01:36:25,666
<i>-මගේ රත්තරනේ</i>
<i>-මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ</i>

1212
01:36:26,291 --> 01:36:29,583
<i>මට ඔයා නැතුව මැරෙන්නත් බෑ</i>

1213
01:36:29,666 --> 01:36:35,750
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1214
01:36:40,250 --> 01:36:44,250
<i>මම පණගැන්වුණේ ඔයා නිසා</i>

1215
01:36:44,333 --> 01:36:49,541
<i>මගේ හදවත බිඳුණේ ඔයා වෙනුවෙන්</i>

1216
01:36:49,625 --> 01:36:56,375
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1217
01:37:35,250 --> 01:37:41,083
<i>ඔයා ඒ ගැන හිතුවෙවත් නෑ</i>

1218
01:37:42,791 --> 01:37:44,166
මිෂ්ටි...

1219
01:37:44,250 --> 01:37:47,541
-ගෝකුල්. ගෝකුල්. ගෝකුල්!
-මිෂ්ටි...

1220
01:37:50,125 --> 01:37:51,958
-ගෝකුල්?
-මිෂ්ටි...

1221
01:38:38,333 --> 01:38:42,458
මම එක පාරක්වත් හිතුවෙ නෑ
ඔයා මෙහෙට පාර හොයාගනීවි කියලා.

1222
01:38:42,541 --> 01:38:43,541
ආ?

1223
01:38:49,250 --> 01:38:51,625
ගෝකුල්, එයාගෙ මිෂ්ටි වෙනුවට,

1224
01:38:53,666 --> 01:38:58,416
වෙන කෙල්ලො ගොඩක්
බිලි දෙන්න ලෑස්ති වෙලා හිටියා.

1225
01:38:59,166 --> 01:39:01,208
මොකද එයා හිටියෙ ලොකු දෙගිඩියාවක.

1226
01:39:02,958 --> 01:39:04,750
එයාට එයාගෙ දුවව තෝරගන්න සිද්ධ වුණා.

1227
01:39:09,166 --> 01:39:12,166
තාත්තා කෙනෙක් විදියට අසරණ වුණාම,
එයා වෙන මොනවා කරන්නද?

1228
01:39:14,666 --> 01:39:15,708
ඒත්...

1229
01:39:17,458 --> 01:39:18,958
එයා දැනගෙන හිටියෙ නෑ

1230
01:39:20,500 --> 01:39:22,708
අනිත් කෙල්ලන්ට වගේම,

1231
01:39:24,750 --> 01:39:27,166
මිෂ්ටිවත් යවන්න හිටියෙ

1232
01:39:27,833 --> 01:39:29,458
මුහුදෙන් එහා ගොඩක් දුරට කියලා.

1233
01:39:31,291 --> 01:39:33,250
ඒ වගේම එයා නොදන්න තව දෙයක් තිබ්බා.

1234
01:39:35,041 --> 01:39:37,375
මේ ඔක්කොම කළාට පස්සෙත්,

1235
01:39:39,166 --> 01:39:40,916
එයාට එයාගෙ දුවව ආයෙ ලැබෙන්නෙ නෑ කියලා.

1236
01:39:45,666 --> 01:39:48,916
අපේ සැලැස්මට අනුව
ග්‍රහයෝ පිහිටලා තියෙන විදියට,

1237
01:39:49,916 --> 01:39:52,083
හැමදේම හරියටම සිද්ධ වෙමිනුයි තිබ්බෙ.

1238
01:39:52,166 --> 01:39:54,333
බහුරූපී මිනිස්සුන්ගෙ වෙස් අරගෙන,

1239
01:39:54,416 --> 01:39:58,750
මුහුද, අඳුරු උමං මැදින්
චෞමුඛීගෙ නගරෙ වෙන ජෝයිපුරාවලට,

1240
01:39:58,833 --> 01:40:03,000
මම ඒ කෙල්ලන්ව අරන්
මග්‍රාසුර් යක්ෂයා වගේ අතුරුදහන් වෙනවා.

1241
01:40:04,916 --> 01:40:06,416
ඒත් එතකොට, ඔයා...

1242
01:40:11,250 --> 01:40:14,791
ඒත් එතකොට, ඔයා ජෝයිපුරාවලට ආවා.

1243
01:40:23,000 --> 01:40:28,250
එදා මම ඔයාට යන්න දුන්නෙ
ඔයා අසරණ අම්මා කෙනෙක් කියලා හිතලා.

1244
01:40:31,666 --> 01:40:34,583
<i>පුංචිම පුංචි ලිහිණියෝ</i>

1245
01:40:35,791 --> 01:40:38,833
<i>හුරතල් පුංචි ලිහිණියෝ</i>

1246
01:40:40,000 --> 01:40:43,333
<i>කැලේ අතරමං වෙලා</i>

1247
01:40:44,250 --> 01:40:47,291
<i>මේ පුංචි ලිහිණියා</i>

1248
01:40:47,375 --> 01:40:51,666
<i>එයාට පාර වැරදිලා අතරමං වුණා</i>

1249
01:40:51,750 --> 01:40:53,541
<i>අතරමං වුණා</i>

1250
01:40:53,625 --> 01:40:56,000
හුස්...

1251
01:41:35,791 --> 01:41:39,500
කෙල්ලො ටික කොහොමත් යාවි.

1252
01:41:39,583 --> 01:41:41,500
එයාලා එක්කම,

1253
01:41:42,000 --> 01:41:45,375
ඔයත්.

1254
01:44:34,333 --> 01:44:36,333
ඔයාගෙ දුව දිහා අන්තිම පාරටත් බලන්න.

1255
01:44:37,416 --> 01:44:40,458
මොකද මේ පාරත්,
ඔයාට එයාව බේරගන්න බැරි වෙනවා.

1256
01:44:43,708 --> 01:44:47,875
ඔයාගෙ දෙවඟනටවත් බැරි වේවි
අර පුංචි කෙල්ලන්ව බේරගන්න.

1257
01:44:47,958 --> 01:44:52,958
බානි, ඔයාගෙ පුංචි ලිහිණියා මිෂ්ටිට
අන්තිම වතාවට සමුදෙන්න.

1258
01:44:53,041 --> 01:44:58,541
<i>පුංචිම පුංචි ලිහිණියෝ, කැලේ අතරමං වෙලා</i>

1259
01:44:59,166 --> 01:45:01,500
පුංචිම පුංචි ලිහිණියෝ...

1260
01:45:02,041 --> 01:45:04,166
ආ, කැලේ අතරමං වෙලා.

1261
01:45:04,875 --> 01:45:06,666
පුංචිම පුංචි ලිහිණියෝ.

1262
01:45:09,833 --> 01:45:13,625
දක්කින්පාරා ගේට්ටුවෙන් පිටත් වෙන්න,
වරාය පිටිපස්සෙ පිවිසුමෙන් මාව හම්බෙන්න.

1263
01:45:23,791 --> 01:45:25,208
අම්මා.

1264
01:45:45,041 --> 01:45:46,625
මේ පාර නම් බෑ.

1265
01:46:39,125 --> 01:46:40,583
අම්මා.

1266
01:46:44,041 --> 01:46:48,000
<i>මගේ දුවේ, මගේ රත්තරනේ</i>

1267
01:46:48,083 --> 01:46:52,125
<i>ඔයා දෙවියන්ගෙ ආශිර්වාදයක්</i>
<i>මගේ රත්තරනේ</i>

1268
01:46:52,208 --> 01:46:56,000
<i>ඔයාගෙ එක හිනාවකට</i>

1269
01:46:56,083 --> 01:47:03,041
<i>මට මුළු ලෝකෙම වුණත් කැප කරන්න පුළුවන්</i>

1270
01:47:05,416 --> 01:47:08,958
<i>මට පුදුමයි ඇයි කියලා</i>

1271
01:47:09,041 --> 01:47:12,666
<i>ඔයා මට සුරංගනා කතා කිව්වෙ නෑ</i>

1272
01:47:14,875 --> 01:47:16,833
<i>ඔයා ඇයි මට පියාඹන්න ඉගැන්නුවෙ</i>

1273
01:47:17,541 --> 01:47:24,541
<i>මේ ලෝකෙ මාව කූඩු කරලා</i>
<i>මගේ තටු කපන්න ඉද්දි</i>

1274
01:47:25,458 --> 01:47:30,583
<i>මට කියන්න අම්මේ</i>

1275
01:47:31,500 --> 01:47:34,791
<i>ඔයා ඇයි මට ඉපදෙන්න දුන්නෙ?</i>

1276
01:47:39,291 --> 01:47:42,791
<i>මගේ දුවේ, මගේ රත්තරනේ</i>

1277
01:47:42,875 --> 01:47:46,916
<i>මට සමාවෙන්න රත්තරනේ</i>

1278
01:47:47,000 --> 01:47:51,041
<i>ඔයා වීදුරු බෝනික්කියක්</i>

1279
01:47:51,125 --> 01:47:57,875
<i>ගල් හිත් තියෙන ලෝකෙක</i>

1280
01:47:59,208 --> 01:48:03,333
<i>සමහර වෙලාවට බලෙන්</i>
<i>සමහර වෙලාවට රැවටිල්ලෙන්</i>

1281
01:48:03,416 --> 01:48:07,291
<i>සමහර වෙලාවට අපිව වෙන් කරනවා</i>
<i>සමහර වෙලාවට අපිව හොරකම් කරනවා</i>

1282
01:48:07,375 --> 01:48:11,416
<i>සමහර වෙලාවට බලෙන්</i>
<i>සමහර වෙලාවට රැවටිල්ලෙන්</i>

1283
01:48:11,500 --> 01:48:15,166
<i>සමහර වෙලාවට අපිව වෙන් කරනවා</i>
<i>සමහර වෙලාවට අපිව හොරකම් කරනවා</i>

1284
01:48:16,500 --> 01:48:23,125
<i>උන් දෙවඟනන්ටවත් සමාවක් දෙන්නෙ නෑ</i>

1285
01:48:24,166 --> 01:48:30,541
<i>මේ ලෝකෙ පිරිලා ඉන්නෙ යක්ෂයෝ</i>

1286
01:48:31,833 --> 01:48:35,958
<i>මගේ දුවේ, මගේ රත්තරනේ</i>

1287
01:48:36,041 --> 01:48:39,583
<i>මේක අම්මා කෙනෙක්ගෙ පොරොන්දුවක්</i>

1288
01:48:40,083 --> 01:48:44,083
<i>මම වග බලාගන්නවා</i>

1289
01:48:44,166 --> 01:48:47,833
<i>මේ ලෝකය</i>

1290
01:48:49,666 --> 01:48:53,833
<i>මෙතැන් ඉඳන් ඔයාට ගැළපෙන විදියට හදන්න</i>

1291
01:49:05,791 --> 01:49:09,750
<i>මගේ දුවේ, මගේ රත්තරනේ</i>

1292
01:49:09,833 --> 01:49:13,916
<i>මගේ සතුටට හේතුව ඔයා</i>

1293
01:49:14,000 --> 01:49:17,875
<i>ඔයාගෙ ඇහෙන් වැටෙන එක කඳුළකට</i>

1294
01:49:17,958 --> 01:49:22,166
<i>මේ ලෝකෙ විනාශ කරලා දාන්න</i>
<i>මගේ ජීවිතේ වුණත් දෙන්න පුළුවන්</i>

1295
01:49:22,250 --> 01:49:26,041
<i>මගේ දුවේ, මගේ රත්තරනේ</i>

1296
01:49:26,125 --> 01:49:30,166
<i>මගේ සතුටට හේතුව ඔයා</i>

1297
01:49:30,250 --> 01:49:34,125
<i>ඔයාගෙ ඇහෙන් වැටෙන එක කඳුළකට</i>

1298
01:49:34,208 --> 01:49:40,625
<i>මේ ලෝකෙ විනාශ කරලා දාන්න</i>
<i>මගේ ජීවිතේ වුණත් දෙන්න පුළුවන්</i>

1299
01:49:57,666 --> 01:50:04,666
<i>ඔයා මට සුරංගනා කතා කිව්වෙ නෑ</i>

1300
01:50:05,291 --> 01:50:09,291
<i>ඔයා ඇයි මට පියාඹන්න ඉගැන්නුවෙ</i>

1301
01:50:09,791 --> 01:50:16,791
<i>මේ ලෝකෙ මාව කූඩු කරලා</i>
<i>මගේ තටු කපන්න ඉද්දි</i>

1302
01:50:17,833 --> 01:50:22,583
<i>මට කියන්න අම්මේ</i>

1303
01:50:23,708 --> 01:50:27,541
<i>ඔයා ඇයි මට ඉපදෙන්න දුන්නෙ?</i>

1304
01:50:31,208 --> 01:50:35,000
<i>මගේ දුවේ, මගේ රත්තරනේ</i>

1305
01:50:35,083 --> 01:50:39,291
<i>මට සමාවෙන්න රත්තරනේ</i>

1306
01:50:39,375 --> 01:50:43,375
<i>ඔයා වීදුරු බෝනික්කියක්</i>

1307
01:50:43,458 --> 01:50:49,125
<i>ගල් හිත් තියෙන ලෝකෙක</i>

1308
01:50:57,833 --> 01:51:01,375
<i>ඔයා ඒ ගැන හිතුවෙවත් නෑ</i>

1309
01:51:01,458 --> 01:51:04,875
<i>ඔයා මගෙන් එක පාරක්වත් ඇහුවෙ නෑ</i>

1310
01:51:04,958 --> 01:51:10,666
<i>ඔයා මා දිහා හරිහැටි බැලුවෙවත් නෑ</i>

1311
01:51:11,958 --> 01:51:15,458
<i>ඔයා නැති අතරේ ගොඩක් දේවල් වුණා</i>

1312
01:51:15,541 --> 01:51:19,041
<i>මං ඔයා වෙනුවෙන් කොච්චර දුක් වුණාද</i>

1313
01:51:19,125 --> 01:51:25,125
<i>ඔයාට වගක්වත් තිබ්බෙ නෑ</i>
<i>එක පාරක්වත් හැරිලා බලන්න</i>

1314
01:51:25,625 --> 01:51:31,791
<i>ඔයා මාව තනි කරලා යන්න ගියා</i>

1315
01:51:31,875 --> 01:51:36,500
<i>-මගේ රත්තරනේ</i>
<i>-මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ</i>

1316
01:51:36,583 --> 01:51:39,333
<i>මට ඔයා නැතුව මැරෙන්නත් බෑ</i>

1317
01:51:39,416 --> 01:51:45,291
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1318
01:51:46,291 --> 01:51:52,958
<i>මම පණගැන්වුණේ ඔයා නිසා</i>
<i>මගේ හදවත බිඳුණේ ඔයා වෙනුවෙන්</i>

1319
01:51:53,041 --> 01:51:59,041
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1320
01:52:27,958 --> 01:52:32,208
<i>මං කොහොමද ඔයාව අමතක කරන්නෙ?</i>
<i>ඔයා මගේ ජීවිතේම කොටසක්</i>

1321
01:52:32,291 --> 01:52:34,875
<i>ඔයා මගේ ඇතුළෙ ඉඳන් හිනා වෙනවා</i>

1322
01:52:34,958 --> 01:52:39,041
<i>මගේ නහරවල දුවන ලේ වගේ</i>
<i>මගේ හැම හුස්මක් ගානෙම</i>

1323
01:52:39,125 --> 01:52:42,041
<i>ඉන්නෙ ඔයා විතරයි</i>

1324
01:52:42,125 --> 01:52:47,000
<i>-මගේ රත්තරනේ</i>
<i>-මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ</i>

1325
01:52:47,083 --> 01:52:50,708
<i>මට ඔයා නැතුව මැරෙන්නත් බෑ</i>

1326
01:52:50,791 --> 01:52:56,083
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1327
01:52:57,333 --> 01:53:00,916
<i>මේ කුරිරු හදවත මට කීකරු නෑ</i>

1328
01:53:01,000 --> 01:53:03,166
<i>ඔයා ඒක කඩලා දැම්මත්</i>

1329
01:53:03,250 --> 01:53:09,583
<i>ඒක ඔයාට යාඥා කරනවා, මගේ රත්තරනේ</i>

1330
01:53:11,375 --> 01:53:14,708
<i>ඒක ඔයාට වෛර කළත්</i>
<i>ඔයාව අමතක කරන්නෙ නෑ</i>

1331
01:53:14,791 --> 01:53:20,958
<i>ඔයාගෙන් ඈත් වෙලා හිටියත්</i>
<i>ඔයාවම අල්ලගෙන ඉන්නවා</i>

1332
01:53:21,041 --> 01:53:24,791
<i>මගේ රත්තරනේ</i>

1333
01:53:25,500 --> 01:53:29,166
<i>අපි ඈත් වෙලා හිටියත්, එකක් වෙන්න ලැබේවා</i>

1334
01:53:29,250 --> 01:53:32,666
<i>අපිට අපිව හම්බෙන්න ලැබේවා</i>

1335
01:53:32,750 --> 01:53:36,041
<i>අපි දෙන්නටම තියෙන්නෙ එකම ප්‍රාර්ථනාවයි</i>

1336
01:53:36,125 --> 01:53:38,791
<i>එකම ප්‍රාර්ථනාවයි</i>

1337
01:53:38,875 --> 01:53:43,458
<i>-මගේ රත්තරනේ</i>
<i>-මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ</i>

1338
01:53:43,541 --> 01:53:47,458
<i>මට ඔයා නැතුව මැරෙන්නත් බෑ</i>

1339
01:53:47,541 --> 01:53:52,375
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1340
01:53:53,625 --> 01:53:59,833
<i>මම පණගැන්වුණේ ඔයා නිසා</i>
<i>මගේ හදවත බිඳුණේ ඔයා වෙනුවෙන්</i>

1341
01:53:59,916 --> 01:54:04,875
<i>-මගේ රත්තරනේ</i>
<i>-මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ</i>

1342
01:54:04,958 --> 01:54:08,333
<i>මට ඔයා නැතුව මැරෙන්නත් බෑ</i>

1343
01:54:08,416 --> 01:54:13,958
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1344
01:54:42,458 --> 01:54:47,000
<i>-මගේ රත්තරනේ</i>
<i>-මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ</i>

1345
01:54:47,083 --> 01:54:50,666
<i>මට ඔයා නැතුව මැරෙන්නත් බෑ</i>

1346
01:54:50,750 --> 01:54:55,833
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1347
01:54:57,000 --> 01:55:03,458
<i>මම පණගැන්වුණේ ඔයා නිසා</i>
<i>මගේ හදවත බිඳුණේ ඔයා වෙනුවෙන්</i>

1348
01:55:03,541 --> 01:55:10,125
<i>-මගේ රත්තරනේ</i>
<i>-කැඩුණට පස්සෙ ආයෙ හදන්න බෑ</i>

1349
01:55:12,041 --> 01:55:15,500
<i>ඔයා ඒ ගැන හිතුවෙවත් නෑ</i>

1350
01:55:15,583 --> 01:55:19,000
<i>ඔයා මගෙන් එක පාරක්වත් ඇහුවෙ නෑ</i>

1351
01:55:19,083 --> 01:55:25,625
<i>ඔයා මා දිහා හරිහැටි බැලුවෙවත් නෑ</i>

