﻿1
00:00:32,851 --> 00:00:57,851


2
00:01:04,875 --> 00:01:07,791
මචං, අපි මේ හරි පාරෙද යන්නේ?

3
00:01:09,000 --> 00:01:10,583
GPS එකේ නම් පෙන්නන්නේ මේ පාර.

4
00:01:11,625 --> 00:01:14,041
අර කකුල් දෙක පල්ලෙහාට දාගෙන
හරියට ඉඳගනින්.

5
00:01:14,416 --> 00:01:17,040
අනේ බං, මම මෙච්චර වෙලා
වාහනේ එලෙව්වනේ.

6
00:01:17,041 --> 00:01:18,416
පොඩ්ඩක් නිදහසේ ඉන්න දීපන්කෝ.

7
00:01:18,791 --> 00:01:20,208
ඔව් ඔව්, නැතුව.

8
00:01:21,041 --> 00:01:23,332
මචං, මට මාර කම්මැලියි බං

9
00:01:23,333 --> 00:01:24,875
කොහෙන් හරි තේ එකක් බොමු.

10
00:01:25,166 --> 00:01:27,750
උඹට හිතෙනවද මේ හරියෙන් තේ කඩයක්
හොයාගන්න පුළුවන් වෙයි කියලා?

11
00:01:28,666 --> 00:01:30,500
අපොයි! මොන මගුලක්ද!

12
00:01:55,708 --> 00:01:56,624
ඒයි, මොකද වුණේ?

13
00:01:56,625 --> 00:01:58,041
ඇයි දැන් පාර මැද වාහනේ නැවැත්තුවේ?

14
00:01:59,958 --> 00:02:01,083
ලාහුකේඩා...

15
00:02:04,125 --> 00:02:06,458
මචං, අපි මේ වැරදි පාරක යන්නේ.

16
00:02:08,000 --> 00:02:09,458
උඹේ ෆෝන් එකට සිග්නල් තියෙනවද?

17
00:02:15,833 --> 00:02:16,915
නෑ මචං,

18
00:02:16,916 --> 00:02:18,166
මෙතනත් සිග්නල් නෑ.

19
00:02:34,500 --> 00:02:35,708
මම දෙයක් කියන්නද?

20
00:02:36,916 --> 00:02:37,749
ඔව්, කියපන්

21
00:02:37,750 --> 00:02:38,916
උඹ බය වෙන්නේ නෑ නේද?

22
00:02:40,083 --> 00:02:40,915
උඹ මාත් එක්කමනේ ඉන්නේ

23
00:02:40,916 --> 00:02:41,541
මම මොකටද බය වෙන්නේ?

24
00:02:43,125 --> 00:02:44,458
මේ ගම හොල්මන් ගමක්.

25
00:02:45,916 --> 00:02:46,666
සිරාවට?

26
00:02:47,333 --> 00:02:49,708
උඹ ඔය හින්දි හොල්මන් ෆිල්ම්
බලන එක ටිකක් අඩු කරන්න ඕනේ.

27
00:02:50,500 --> 00:02:52,041
උඹට හැම ගමක්ම පේන්නේ
හොල්මන් ගම් වගේ.

28
00:02:53,083 --> 00:02:54,583
උඹ දන්නවද මේ ගමේ නම?

29
00:02:55,291 --> 00:02:56,208
මොකක්ද නම?

30
00:02:57,416 --> 00:02:58,750
ලාහුකේඩා.

31
00:03:00,958 --> 00:03:02,000
ලාහුකේඩා?

32
00:03:03,166 --> 00:03:04,166
ගූගල් එකේ සර්ච් කරලා බලපන්කෝ

33
00:03:05,458 --> 00:03:07,833
යකෝ, ගූගල් සර්ච් කරන්න පුළුවන් නම්,
අපි මැප් එකම පාවිච්චි කරනවනේ.

34
00:03:09,875 --> 00:03:13,875
මේ ගමේ, හවස් වෙන්න කලින්
හැමෝම ගෙවල්වලට යනවා.

35
00:03:15,125 --> 00:03:15,915
ඇයි ඒ?

36
00:03:15,916 --> 00:03:18,291
හොල්මන් හවසට ඇවිදින්න එනවද?

37
00:03:19,041 --> 00:03:20,958
අනේ මන්දා, උඹට තේරෙන්නේ නෑ.

38
00:03:26,125 --> 00:03:28,125
පොඩ්ඩක් හිටපන්. අපි අරූගෙන් අහමු.

39
00:03:38,958 --> 00:03:42,416
මාමේ! ටවුන් එකට යන
ෂෝට්කට් එක කොහෙන්ද?

40
00:03:44,750 --> 00:03:46,957
මාමේ! මේ ටිකවත් කියන්නකෝ,

41
00:03:46,958 --> 00:03:49,166
මේ පාර ටවුන් එකට යනවද නැද්ද?

42
00:03:54,666 --> 00:03:56,915
පාර නම් එහෙට යනවා...

43
00:03:56,916 --> 00:03:59,083
ඒත් මේ පාරෙන් ගියපු කිසි කෙනෙක්
ආයේ ඇවිත් නෑ.

44
00:04:03,208 --> 00:04:05,833
හරි... මාමේ, මේ කිට්ටුව කොහේ හරි
තේ කඩයක් තියෙනවද?

45
00:04:10,583 --> 00:04:13,958
හවස් වෙන්න කලින් හැමෝම
කඩවල් වහලා යනවා.

46
00:04:16,250 --> 00:04:17,499
කඩවල් වහනවා?

47
00:04:17,500 --> 00:04:18,750
ඒත් ඇයි ඒ මෙච්චර ඉක්මනට?

48
00:04:20,625 --> 00:04:21,625
යන්න, යන්න, මෙතනින් යන්න.

49
00:04:25,458 --> 00:04:26,916
මාර ගමක්නේ ඒක.

50
00:04:27,333 --> 00:04:30,207
මම කිව්වේ, හැමෝම කඩවල් වහලා

51
00:04:30,208 --> 00:04:31,875
හවස් වෙන්න කලින් ගෙවල්වලට යනවා කියලා.

52
00:04:53,041 --> 00:04:53,958
ඒයි!

53
00:04:54,500 --> 00:04:55,666
අර එතන ඉන්න කෙල්ල දිහා බලපන්.

54
00:04:56,041 --> 00:04:56,957
වරෙන්, අපි එයාට ලිෆ්ට් එකක් දෙමු

55
00:04:56,958 --> 00:04:57,958
එයා තනියමනේ ඉන්නේ.

56
00:04:58,083 --> 00:04:58,915
විකාර කියවන්න එපා

57
00:04:58,916 --> 00:04:59,790
මම කාටවත් ලිෆ්ට් දෙන්නේ නෑ.

58
00:04:59,791 --> 00:05:01,165
අපෝ, උඹ නම් මාර බයගුල්ලෙක් බං.

59
00:05:01,166 --> 00:05:02,541
අපි වැරදි දෙයක් කරන්නේ නෑනේ,

60
00:05:02,875 --> 00:05:03,624
එයා තනියම ඉන්නේ,

61
00:05:03,625 --> 00:05:04,666
අපි නිකන් ලිෆ්ට් එකක් දෙන්නේ.

62
00:05:05,416 --> 00:05:06,207
කටවහගෙන හිටපන්,

63
00:05:06,208 --> 00:05:07,250
මම කොහොමටවත් වාහනේ නවත්වන්නේ නෑ.

64
00:05:07,375 --> 00:05:09,166
මචං, අනේ, අපි එක පාරක්වත්
එයා එක්ක කතා කරමු.

65
00:05:10,666 --> 00:05:12,290
කතා කරනවා බොරු

66
00:05:12,291 --> 00:05:13,707
මම එයා දිහා බලන්නෙවත් නෑ.

67
00:05:13,708 --> 00:05:14,832
අනේ බං!

68
00:05:14,833 --> 00:05:16,208
උඹ ඕනෑවට වඩා බය වෙනවා.

69
00:05:16,500 --> 00:05:17,332
මේක විනාඩි දෙකක වැඩක්නේ

70
00:05:17,333 --> 00:05:19,125
බලපන්, උඹ වාහනේ හිටපන්,
මම බැහැලා කතා කරන්නම්.

71
00:05:19,333 --> 00:05:20,665
උඹට කිසි දෙයක් තේරෙන්නේ නැද්ද?

72
00:05:20,666 --> 00:05:21,416
කටවහගෙන හිටපන්,

73
00:05:21,541 --> 00:05:23,000
එයා ඉන්න පැත්තවත් බලන්න එපා.

74
00:05:29,416 --> 00:05:31,041
ඒයි! උඹ ඔච්චර බය වෙලා ඉන්නේ ඇයි?

75
00:05:31,416 --> 00:05:32,458
අපි එයාට ලිෆ්ට් එකක් දෙන්න හැදුවේ!

76
00:05:35,250 --> 00:05:38,375
මේ ගමේ ලිෆ්ට් එකක් දෙනවා කියන්නේ
මරණයට අත වනනවා වගේ වැඩක්.

77
00:05:38,500 --> 00:05:40,208
අනේ පලයන් බං යන්න!
මොන විකාරයක්ද.

78
00:05:40,916 --> 00:05:42,540
උඹ මේ ගමේ කතාව දන්නේ නැද්ද?

79
00:05:42,541 --> 00:05:44,208
නෑ, කියපන්, මොකක්ද කතාව?

80
00:05:45,750 --> 00:05:48,040
අර එතන හිටගෙන හිටපු කෙල්ල...

81
00:05:48,041 --> 00:05:49,166
එයා තනියම නෙවෙයි.

82
00:06:36,041 --> 00:06:37,499
මොකද ප්‍රශ්නේ, මැඩම්?

83
00:06:37,500 --> 00:06:41,166
මෙච්චර පාළු පැත්තක
තනියම ඉන්නේ?

84
00:06:41,708 --> 00:06:43,416
ඔයාට මෙතන බය හිතෙන්නේ නැද්ද?

85
00:06:45,958 --> 00:06:46,833
හලෝ, මැඩම්.

86
00:06:47,791 --> 00:06:49,416
මම ඔයාටයි කතා කරන්නේ.

87
00:06:50,375 --> 00:06:51,166
ඔව්...

88
00:06:52,166 --> 00:06:53,375
ඔයාට ලිෆ්ට් එකක් එහෙම ඕනෙද?

89
00:06:57,541 --> 00:06:59,541
පේන විදියට ඔයා ටවුන් එකට
වගේ යන්නේ.

90
00:06:59,666 --> 00:07:00,916
පාටියකටවත්ද?

91
00:07:28,166 --> 00:07:30,708
පේන විදියට ඔයා බෝයිෆ්‍රෙන්ඩ්
එනකන් ඉන්නේ.

92
00:07:31,666 --> 00:07:33,416
අපෝ, කවුරුවත් මෙහේ එන්නේ නෑ.

93
00:07:38,166 --> 00:07:41,208
ඔය හුළං පෙත්ත කරකව කරකව
මෙතන මොකද කරන්නේ?

94
00:07:41,583 --> 00:07:43,124
මාත් එක්ක වාඩි වෙන්න.

95
00:07:43,125 --> 00:07:45,125
මම ඔයාව ටවුන් එක වටේ
රවුමක් එක්කන් යන්නම්.

96
00:07:45,500 --> 00:07:48,000
ඔයා පාඩුවේ යනවද,
නැත්නම් මම ප්‍රශ්නයක් ඇති කරන්නද?

97
00:07:54,791 --> 00:07:56,374
ඔයාට මෙතන මොන ප්‍රශ්නද ඇති කරන්න පුළුවන්?

98
00:07:56,375 --> 00:07:58,583
වාහනේට නැගලා ඔයාට ඕනේ
ප්‍රශ්නයක් ඇති කරගන්නකෝ.

99
00:10:45,916 --> 00:10:47,250
මොකද වුණේ අයියේ?

100
00:10:48,166 --> 00:10:49,208
වාහනේ පන්චර් වුණා.

101
00:10:49,833 --> 00:10:52,750
මේ කිට්ටුව පන්චර් හදන
කඩයක් තියෙනවද?

102
00:10:58,875 --> 00:11:01,958
මේ කිට්ටුව පන්චර් හදන
කඩයක් නම් නෑ.

103
00:11:02,500 --> 00:11:03,583
මම මේ කොහෙද හිර වුණේ?

104
00:11:07,750 --> 00:11:08,833
මම දැන් මොකද කරන්නේ?

105
00:11:09,833 --> 00:11:11,083
මොකක් හරි විසඳුමක් ඇතිනේ.

106
00:11:14,041 --> 00:11:15,708
මගේ හේනේ ස්පෙයාර් වීල් එකක් තියෙනවා.

107
00:11:17,416 --> 00:11:18,875
ගිහින් බලන්න, සමහරවිට හරියයි.

108
00:11:20,291 --> 00:11:21,916
ඒක නම් ලොකු උදව්වක් අයියේ.

109
00:11:23,750 --> 00:11:24,166
නගින්න.

110
00:12:57,125 --> 00:12:58,291
ඇයි අයියේ මෙතන බයික් එක නැවැත්තුවේ?

111
00:13:01,208 --> 00:13:02,166
අර තියෙන්නේ මගේ හේන.

112
00:13:04,833 --> 00:13:05,958
ඔයාට ස්පෙයාර් වීල් එක ඕනේ නැද්ද?

113
00:13:06,500 --> 00:13:07,375
ඕනේ.

114
00:13:09,125 --> 00:13:10,083
එහෙනම් යමු අයියේ.

115
00:13:19,958 --> 00:13:22,625
[කුරුල්ලන්ගේ නාදය]

116
00:13:39,916 --> 00:13:41,958
අයියේ, මම ඔයාව මීට කලින්
මේ පැත්තේ දැකලා නෑනේ.

117
00:13:42,666 --> 00:13:45,583
ඔව් මල්ලි, මාත් මේ පැත්තට ආවේ
පළවෙනි පාරට.

118
00:13:48,333 --> 00:13:50,541
අයියේ, ඔයා අර කෙල්ලව දන්නවද?

119
00:13:51,375 --> 00:13:52,458
අර එහාට වෙන්න හිටගෙන හිටපු කෙනා.

120
00:13:53,208 --> 00:13:53,875
අපෝ නෑ මල්ලි

121
00:13:54,750 --> 00:13:57,166
මම නිකන් ඇහුවා එයාට
ලිෆ්ට් එකක් ඕනෙද කියලා.

122
00:13:58,750 --> 00:13:59,666
ඉතින් එයා කැමති වුණේ නැද්ද?

123
00:14:00,500 --> 00:14:03,583
එයා කැමති වුණා නම්, මම ඔයා එක්ක
මෙහෙම එන්නේ නෑනේ.

124
00:14:05,041 --> 00:14:06,165
ඔයා කියන කතාවත් හරි අයියේ.

125
00:14:06,166 --> 00:14:10,291
එයා කැමති වුණා නම්, ගමන මීට වඩා
ගොඩක් සුන්දර වෙයි.

126
00:14:13,166 --> 00:14:13,791
ඒ කොහොමද?

127
00:14:14,625 --> 00:14:17,000
මල්ලි, එහෙනම් මම පටන් ගන්නවා...

128
00:14:19,416 --> 00:14:21,208
අයියේ, ඔයා නම් මාර
සෙල්ලක්කාර චරිතයක් වගේ.

129
00:14:21,750 --> 00:14:24,166
අනේ මල්ලි, මම දැන් ජීවිතේ වින්දේ නැත්නම්,
කවදා විඳින්නද?

130
00:14:24,791 --> 00:14:25,458
ඒකත් ඇත්ත.

131
00:14:26,416 --> 00:14:27,583
අයියේ, මේකටත් එක්ක
ඔයාගේ නම මොකක්ද?

132
00:14:28,166 --> 00:14:29,000
මගේ නම?

133
00:14:29,458 --> 00:14:30,166
නවාබ්.

134
00:14:31,125 --> 00:14:31,875
නවාබ්.

135
00:14:32,416 --> 00:14:33,291
මාරයිනේ.

136
00:14:34,333 --> 00:14:37,125
ඔයා කොයි අධිරාජ්‍යයේ නවාබ්ද?

137
00:14:38,791 --> 00:14:42,165
මම කොතන හිටගත්තත්, එතන ඉඳන් තමයි
අධිරාජ්‍යය පටන් ගන්නේ.

138
00:14:42,166 --> 00:14:43,166
නියමයිනේ.

139
00:14:45,416 --> 00:14:46,665
අයියේ, මම දෙයක් අහන්නද?

140
00:14:46,666 --> 00:14:47,415
අහපන් මල්ලි.

141
00:14:47,416 --> 00:14:48,458
ඔයා බැඳලද?

142
00:14:49,333 --> 00:14:50,332
ඔව් මල්ලි,

143
00:14:50,333 --> 00:14:52,166
මට ගෑණියෙකුයි ළමයිනුයි ඉන්නවා.

144
00:14:55,916 --> 00:14:57,416
ඔයාට ගෑණියෙකුයි ළමයිනුයි ඉන්නවා.

145
00:14:58,250 --> 00:15:00,833
ඒත් ඔයා ලිෆ්ට් දීදී වටේ යනවා.

146
00:15:01,416 --> 00:15:04,499
මල්ලි, කොතන හරි අලුත් මලක්
පිපිලා තියෙනවා දැක්කොත්,

147
00:15:04,500 --> 00:15:06,166
බඹරු එතන කැරකෙන්න පටන් ගන්නවා.

148
00:15:10,708 --> 00:15:12,875
අයියේ, ඔයාගේ නම නවාබ් වෙන්න බැහැ.

149
00:15:13,500 --> 00:15:14,958
එහෙනම් මොකක් වෙන්න ඕනෙද?

150
00:15:15,875 --> 00:15:16,625
ඒක "බඹරා" වෙන්න ඕනේ.

151
00:15:17,375 --> 00:15:17,874
බඹරා?

152
00:15:17,875 --> 00:15:18,166
ඔව්.

153
00:15:18,458 --> 00:15:19,083
ඒ කොහොමද?

154
00:15:19,541 --> 00:15:20,791
කොතන හරි කෙල්ලෙක් තනියම ඉන්නවා දැක්කොත්,

155
00:15:21,708 --> 00:15:23,166
බඹරා ඉක්මනට එතනට ඉගිලිලා යනවා!

156
00:15:33,041 --> 00:15:33,875
බඹරා

157
00:15:37,541 --> 00:15:38,375
බඹරා

158
00:15:40,083 --> 00:15:40,916
බඹරා, මාර නම

159
00:16:47,666 --> 00:16:49,208
නවාබ් තුමා...

160
00:16:50,583 --> 00:16:52,166
ඔහ් නවාබ් තුමා...

161
00:16:53,208 --> 00:16:56,041
ඔයාගේ අධිරාජ්‍යය ඔයා එනකන් බලන් ඉන්නවා.

162
00:17:51,666 --> 00:17:52,833
ඊට පස්සේ මොකද වුණේ?

163
00:17:54,750 --> 00:17:56,291
කියපන්කෝ, ඊට පස්සේ මොකද වුණේ?

164
00:17:58,416 --> 00:18:00,833
කතාව තාම පටන් ගත්තා විතරයි.

165
00:18:36,458 --> 00:18:37,749
ඔව්, මැඩම්?

166
00:18:37,750 --> 00:18:39,333
ඔයාට කොහෙටද යන්න ඕනේ?

167
00:18:44,708 --> 00:18:46,166
මාත් ඒ පැත්තට තමයි යන්නේ.

168
00:18:46,583 --> 00:18:47,540
මම ඔයාව බස්සන්නම්,

169
00:18:47,541 --> 00:18:48,625
එන්න, නගින්න

170
00:18:52,708 --> 00:18:55,832
බලන්න මැඩම්,
මේ පාර ඒ තරම් හොඳ නෑ.

171
00:18:55,833 --> 00:18:57,166
සම්පූර්ණයෙන්ම පාළුයි

172
00:18:57,458 --> 00:18:58,625
එන්නකෝ, නගින්න.

173
00:19:02,625 --> 00:19:04,332
ඔයා ඇයි තරහ ගන්නේ?

174
00:19:04,333 --> 00:19:05,832
වාහනේ ඇතුලේ හැමදේම තියෙනවා.

175
00:19:05,833 --> 00:19:07,000
අරක්කු, සෝඩා, හැමදේම.

176
00:19:08,833 --> 00:19:09,666
එන්නකෝ, නගින්න.

177
00:19:11,750 --> 00:19:13,416
ඔයා පාඩුවේ යනවද,
නැත්නම් මම ප්‍රශ්නයක් ඇති කරන්නද?

178
00:19:15,791 --> 00:19:16,916
ඒක ඔයාගේ වැඩක්.

179
00:19:18,083 --> 00:19:19,207
එන්නකෝ

180
00:19:19,208 --> 00:19:20,958
අඩුම තරමේ මට කිස් එකක්වත් දෙන්න.

181
00:20:26,125 --> 00:20:27,375
මොකද වුණේ අයියේ?

182
00:20:27,916 --> 00:20:29,333
වාහනේ පන්චර් වෙලා.

183
00:20:31,041 --> 00:20:32,958
මේ කිට්ටුව ටයර් හදන කෙනෙක් ඉන්නවද?

184
00:20:35,833 --> 00:20:37,833
මෙහේ පන්චර් හදන කඩයක් නෑ.

185
00:20:39,250 --> 00:20:40,500
අපොයි.

186
00:20:41,708 --> 00:20:43,708
මගේ හේනේ ස්පෙයාර් වීල් එකක් තියෙනවා.

187
00:20:45,333 --> 00:20:46,583
ගිහින් බලන්න, සමහරවිට හරියයි.

188
00:20:47,375 --> 00:20:48,874
ඒක නම් ලොකු උදව්වක්

189
00:20:48,875 --> 00:20:50,291
ඔයාට ඒක මට දෙන්න පුළුවන් නම්, අයියේ.

190
00:20:51,291 --> 00:20:51,958
නගින්න.

191
00:21:52,583 --> 00:21:54,000
ඇයි අයියේ මෙතන බයික් එක නැවැත්තුවේ?

192
00:21:55,000 --> 00:21:56,041
අර තියෙන්නේ මගේ හේන.

193
00:21:56,750 --> 00:21:57,250
හරි.

194
00:21:58,875 --> 00:21:59,375
එන්න.

195
00:22:09,083 --> 00:22:11,625
අර කෙල්ල... ඔයාගේ නෑදෑයෙක්ද?

196
00:22:12,083 --> 00:22:13,957
නෑ අයියේ, එයා කොහොමද නෑදෑයෙක් වෙන්නේ?

197
00:22:13,958 --> 00:22:15,250
එයා නිකන් තනියම හිටගෙන හිටියා

198
00:22:15,875 --> 00:22:17,250
මම හිතුවා එයාට ලිෆ්ට් එකක් දෙන්න.

199
00:22:20,625 --> 00:22:23,000
ආහ් අයියේ, එහෙනම් ඔයා කෙල්ලොන්ට
සමාජ සේවයත් කරනවා, නේද?

200
00:22:23,625 --> 00:22:25,125
මොන සමාජ සේවයක්ද මල්ලි?

201
00:22:25,750 --> 00:22:26,832
ගමන ගොඩක් දුරයිනේ,

202
00:22:26,833 --> 00:22:28,166
මම හිතුවා වෙලාව ලේසියෙන්ම
ගෙවිලා යයි කියලා.

203
00:22:28,916 --> 00:22:30,500
කොහොමත්, වාහනේ අරක්කුත් තිබුණා,

204
00:22:30,666 --> 00:22:32,082
කාටද කියන්න පුළුවන් කවදා
මූඩ් එකක් එයිද කියලා.

205
00:22:32,083 --> 00:22:32,458
මාරයිනේ.

206
00:22:33,250 --> 00:22:35,124
ඉතින් අයියේ, ඔයා එළියට බහින්නේ
සේරම ලෑස්ති කරගෙනමයි, නේද?

207
00:22:35,125 --> 00:22:36,082
අනිවාර්යයෙන්ම මල්ලි! කවුද දන්නේ...

208
00:22:36,083 --> 00:22:39,083
...කොහෙන් සුන්දර රෑක් ගත කරන්න
සෙට් වෙයිද කියලා!

209
00:22:41,250 --> 00:22:42,041
අයියේ, ඔයාට බය නැද්ද?

210
00:22:43,541 --> 00:22:44,582
මොකට බය වෙන්නද මල්ලි?

211
00:22:44,583 --> 00:22:44,958
අයියේ...

212
00:22:46,291 --> 00:22:47,958
තනි කෙල්ලෙක් පාරේ හිටගෙන ඉන්නවා.

213
00:22:48,333 --> 00:22:49,541
එයාගේ කට්ටිය ඉස්සරහා බලන් හිටියොත්?

214
00:22:49,875 --> 00:22:51,040
උන් ඔයාව මංකොල්ල කෑවොත්?

215
00:22:51,041 --> 00:22:51,583
ඒක ගැන හිතලා බලන්න.

216
00:22:52,333 --> 00:22:53,332
එහෙනම් මේක තියෙන්නේ මොකට කියලද හිතන්නේ?

217
00:22:53,333 --> 00:22:55,375
මේක තියාගෙන ඉන්නේ දීවාලිට
රතිඤ්ඤා පත්තු කරන්නද?

218
00:22:56,375 --> 00:22:57,125
අප්පටසිරි, අයියේ.

219
00:22:58,250 --> 00:23:01,333
ඔයා ආයුධ ගබඩාවක්ම අරගෙනනේ
යන්නේ, නේද?

220
00:23:01,958 --> 00:23:02,583
අනිවාර්යයෙන්ම!

221
00:23:03,000 --> 00:23:04,915
මම ඔය වගේ මැරයෝ ගොඩක් අයට
ගේම දීලා තියෙනවා මල්ලි.

222
00:23:04,916 --> 00:23:05,541
ඒකත් ඇත්ත.

223
00:23:06,083 --> 00:23:07,916
කෙල්ල ඔයාගේ වාහනේට නැග්ගේ නැති එකමයි
හොඳ අයියේ.

224
00:23:11,000 --> 00:23:12,832
කෙල්ල වාහනේට නැග්ගා නම්...

225
00:23:12,833 --> 00:23:15,166
තුවක්කුව ඇදලා අරන් ඔයා මොනවා කරයිද
කවුද දන්නේ.

226
00:23:16,791 --> 00:23:18,291
එයා එක පාරක් හරි නැග්ගා නම්!

227
00:23:18,666 --> 00:23:21,666
එහෙනම් මම එයාට මොනවා කරයිද
කවුද දන්නේ!

228
00:23:50,958 --> 00:23:51,500
අනේ, අයියේ.

229
00:23:52,875 --> 00:23:53,541
අයියේ.

230
00:23:55,083 --> 00:23:55,958
මට කිස් එකක්වත් දෙන්නකෝ!

231
00:24:33,083 --> 00:24:35,582
ට්‍රක් එකේ බැටරිය බැස්සේ නැත්නම්,

232
00:24:35,583 --> 00:24:38,166
අපි අද අනිවාර්යයෙන්ම වැඩක්
සෙට් කරගන්නවා.

233
00:24:38,666 --> 00:24:39,583
වැඩක්?

234
00:24:39,916 --> 00:24:41,166
අනේ මචං, "වැඩක්" කිව්වේ...

235
00:24:41,916 --> 00:24:43,875
මේ වගේ පාළු පාරවල්වල,
ගොඩක් චාන්ස් සෙට් වෙනවා.

236
00:24:44,166 --> 00:24:44,625
සිරාවට?

237
00:24:44,750 --> 00:24:45,291
අනිවාර්යයෙන්ම.

238
00:24:46,083 --> 00:24:47,333
මේ වගේම පාළු පාරක්...

239
00:24:47,625 --> 00:24:48,625
ඒ වගේම තනි කෙල්ලෙක්.

240
00:24:48,875 --> 00:24:50,165
මම කියන දේ තේරෙනවද මල්ලි?

241
00:24:50,166 --> 00:24:52,458
ආහ්, ඔයා අර එතන හිටගෙන හිටපු
කෙල්ල ගැනද කියන්නේ?

242
00:24:53,875 --> 00:24:55,041
ඔයා හරි.

243
00:24:56,041 --> 00:24:57,666
ඔයාගේ ඇස් මාර තියුණුයිනේ!

244
00:24:58,458 --> 00:24:59,875
මම කියන දේ හොඳට අහගන්න.

245
00:25:00,166 --> 00:25:01,832
දවසක්, බඩු විකුණන කෙල්ලෙක්...

246
00:25:01,833 --> 00:25:03,082
...කෙලින්ම ට්‍රක් එක ඉස්සරහට ආවා.

247
00:25:03,083 --> 00:25:05,415
මම කිව්වා, "ඔයාට බඩු විකුණන්න ඕනේ නම්,

248
00:25:05,416 --> 00:25:07,582
ට්‍රක් එක ඇතුළට ඇවිත් පෙන්නන්න

249
00:25:07,583 --> 00:25:08,790
බඩු ටික!"

250
00:25:08,791 --> 00:25:10,374
එයා ට්‍රක් එකට නැග්ග ගමන්ම,

251
00:25:10,375 --> 00:25:12,875
මම එයාට උපරිම සත්කාරයක් කළා!

252
00:25:15,625 --> 00:25:18,125
එයාට ඒ සත්කාරය ජීවිත කාලෙටම
මතක හිටීවි!

253
00:25:18,333 --> 00:25:19,166
ඒක ඇත්ත.

254
00:25:20,666 --> 00:25:21,875
ඒක මාර බර යකඩ පොල්ලක්නේ.

255
00:25:22,708 --> 00:25:24,458
අපි යන්නේ පාළු පාරවල්වලනේ.

256
00:25:24,791 --> 00:25:26,415
මංකොල්ලයක් කෑවොත් එහෙම?

257
00:25:26,416 --> 00:25:28,125
ආයුධයක් තියෙන්නම ඕනේ මල්ලි!

258
00:25:29,416 --> 00:25:31,208
මම මංකොල්ල කෑවොත්?

259
00:25:31,666 --> 00:25:33,165
ඔයාට අපිව මංකොල්ල කන්න ඕනේ වුණා නම්,

260
00:25:33,166 --> 00:25:34,957
ඔයා ට්‍රක් එක ඇතුලෙදිම අපිව මංකොල්ල කනවා.

261
00:25:34,958 --> 00:25:36,040
මෙතනදි ඔයා මොනවා මංකොල්ල කන්නද?

262
00:25:36,041 --> 00:25:36,791
මගේ ජොකාද?

263
00:25:40,875 --> 00:25:41,499
ඔයා ඒක කනවද?

264
00:25:41,500 --> 00:25:42,208
මේ මොකක්ද?

265
00:25:42,416 --> 00:25:43,166
කලු අබිං.

266
00:25:50,500 --> 00:25:51,583
ඇතුළට අබිං

267
00:25:52,000 --> 00:25:53,208
එළියට ශක්තිය!

268
00:26:21,500 --> 00:26:24,457
මචං, කවුද බං කෙනෙක්ව
ඔච්චර කුරිරු විදියට මරන්නේ?

269
00:26:24,458 --> 00:26:26,457
මචං, ෂුවර් එකටම, මේ යකයි අර කෙල්ලයි

270
00:26:26,458 --> 00:26:27,874
දෙන්නම එකතු වෙලා මේක කරන්නේ.

271
00:26:27,875 --> 00:26:29,582
උන් පාරේ යන හැමෝවම මේ වගේ නවත්තනවා,

272
00:26:29,583 --> 00:26:30,499
උන්ව මරනවා,

273
00:26:30,500 --> 00:26:32,624
ඊට පස්සේ වාහන ටික විකුණලා පැනලා යනවා.

274
00:26:32,625 --> 00:26:33,374
මචං, ෂුවර් එකටම,

275
00:26:33,375 --> 00:26:35,125
උන් මොකක් හරි කල්ලියක උන්.

276
00:26:35,625 --> 00:26:37,707
ඒක කල්ලියක් නෙවෙයි බං

277
00:26:37,708 --> 00:26:39,708
මේක පිටිපස්සේ මීට වඩා ලොකු කතාවක් තියෙනවා.

278
00:26:39,916 --> 00:26:41,083
දැන් මොකක්ද මේ කතාව?

279
00:26:41,541 --> 00:26:42,790
මම කියන්නද?

280
00:26:42,791 --> 00:26:43,915
කියපන්කෝ බං!

281
00:26:43,916 --> 00:26:45,541
උඹ මාර කුතුහලයක්නේ ඇති කරන්නේ.

282
00:27:12,583 --> 00:27:13,583
ඒයි, නංගි...

283
00:27:14,708 --> 00:27:15,291
නංගි?

284
00:27:19,791 --> 00:27:20,541
ඔයාට වතුර ටිකක් බොන්න ඕනෙද?

285
00:27:21,166 --> 00:27:21,791
එපා.

286
00:27:22,416 --> 00:27:24,916
අයියේ, බස් එක එන්න
තව කොච්චර වෙලා යයිද?

287
00:27:29,750 --> 00:27:30,166
මම දන්නේ නෑ.

288
00:27:32,375 --> 00:27:33,125
මම ඔයාට කිව්වා නේද?

289
00:27:34,291 --> 00:27:34,916
ගෙදරට වෙලා ඉන්න කියලා.

290
00:27:36,166 --> 00:27:37,708
මට ගම බලන්න ඕනේ! මට ගම බලන්න ඕනේ!

291
00:27:40,250 --> 00:27:41,375
දැන් ඉතින් බලාගන්නවා.

292
00:27:48,791 --> 00:27:49,333
ඔයාට බඩගිනිද?

293
00:27:49,875 --> 00:27:50,416
හ්ම්.

294
00:27:52,083 --> 00:27:52,458
මටත්.

295
00:27:54,208 --> 00:27:55,250
මෙහේ මුකුත්ම නෑනේ.

296
00:27:56,083 --> 00:27:56,500
තියෙනවා.

297
00:27:57,416 --> 00:27:57,791
මොනවද?

298
00:27:58,333 --> 00:27:58,708
වතුර.

299
00:28:02,291 --> 00:28:03,665
අයියේ, අපි මෙතන හිර වෙලා ඉන්නේ

300
00:28:03,666 --> 00:28:04,750
ඔයාට වතුර ගැන විතරද ගාණක් තියෙන්නේ?

301
00:28:06,291 --> 00:28:07,791
ඔයා නිකන් විහිළු කරනවා.

302
00:29:00,166 --> 00:29:00,750
අයියේ.

303
00:29:01,500 --> 00:29:03,250
ටවුන් එකට යන ෂෝට්කට් එක
මේකද?

304
00:29:05,166 --> 00:29:05,875
මම දන්නේ නෑ මල්ලි.

305
00:29:06,916 --> 00:29:08,333
අපිත් මේ පැත්තට ආවේ
පළවෙනි පාරට.

306
00:29:20,166 --> 00:29:22,833
ඔයාලටත් එහෙට යන්න ඕනේ නම්,
මම ගිහින් බස්සන්නම්.

307
00:29:24,375 --> 00:29:25,208
කමක් නෑ අයියේ.

308
00:29:25,750 --> 00:29:27,166
බස් එකක් එයිනේ,
අපි ඒකේ යන්නම්.

309
00:29:28,666 --> 00:29:29,791
අනේ නගින්න මල්ලි.

310
00:29:30,416 --> 00:29:32,208
ඔයා එක්ක තනි කෙල්ලෙකුත් ඉන්නවනේ.

311
00:29:34,041 --> 00:29:35,166
අනික මම හිතන්නේ නෑ

312
00:29:36,791 --> 00:29:38,708
මේ පැත්තෙන් බස් එකක්
එයි කියලා.

313
00:29:40,083 --> 00:29:41,333
මම ඔයාලව ඉස්සරහින් බස්සන්නම්.

314
00:29:41,916 --> 00:29:43,916
එතනින් ටවුන් එකට යන්න
බස් එකක් ගත්තහැකි.

315
00:29:46,416 --> 00:29:46,833
ආ...

316
00:29:48,166 --> 00:29:48,875
ඒකට කමක් නෑ

317
00:29:49,625 --> 00:29:50,416
බස් එක එයි.

318
00:29:51,708 --> 00:29:52,833
මගේ වයිෆ් ඉන්නෙත් මාත් එක්ක.

319
00:29:53,458 --> 00:29:54,166
බය වෙන්න එපා.

320
00:29:55,750 --> 00:29:57,250
අපිටත් පාර වැරදුණා.

321
00:29:58,041 --> 00:29:59,041
අපි එකටම යමු.

322
00:29:59,458 --> 00:30:00,000
යමු නේද?

323
00:30:04,291 --> 00:30:05,125
නගින්න.

324
00:30:06,666 --> 00:30:07,041
හරි.

325
00:30:07,708 --> 00:30:07,958
එන්න.

326
00:30:18,875 --> 00:30:20,041
වාඩි වෙන්න දුවේ.

327
00:30:20,166 --> 00:30:21,250
පහසුවෙන් වාඩි වෙන්න.

328
00:30:21,875 --> 00:30:25,166
එතකොට අපේ ගමනත්
පාඩුවේ යන්න පුළුවන්.

329
00:31:05,083 --> 00:31:07,166
මේ පැත්තේ බස් වැඩ කරන්නේ
නෑ නේද?

330
00:31:08,041 --> 00:31:09,625
මෙහේ බස්වල හැටි
ඔහොම තමයි මල්ලි.

331
00:31:13,166 --> 00:31:15,208
දුව මොන පන්තියේද
ඉගෙන ගන්නේ?

332
00:31:16,125 --> 00:31:17,583
මම දැන් 10 වසර විභාගෙ කළා විතරයි.

333
00:31:18,916 --> 00:31:19,458
හ්ම්.

334
00:31:21,916 --> 00:31:22,625
අයියේ... ඔයා?

335
00:31:23,583 --> 00:31:24,583
ඔයා මොනවද කරන්නේ?

336
00:31:25,166 --> 00:31:26,375
මල්ලි, මෙහේ තියෙනවා

337
00:31:27,000 --> 00:31:28,291
බෙහෙත් හදන
කම්පැනියක්.

338
00:31:28,666 --> 00:31:29,666
මම එතනයි වැඩ කරන්නේ.

339
00:31:30,250 --> 00:31:32,250
අල්ලපු ගමේ අලුතෙන්
ඩිස්පෙන්සරියක් දැම්මා.

340
00:31:32,958 --> 00:31:34,541
මම මේ ආවේ ඒකට
බෙහෙත් වගයක් දාලා යන්න.

341
00:31:41,333 --> 00:31:42,291
ඔයාලා මොනවද කරන්නේ?

342
00:31:45,541 --> 00:31:46,250
අපි...

343
00:31:48,458 --> 00:31:49,541
මිනිස්සුන්ට ලිෆ්ට් දෙනවා.

344
00:32:39,458 --> 00:32:40,249
මොකද වුණේ අයියේ?

345
00:32:40,250 --> 00:32:41,250
ඇයි වාහනේ නැවැත්තුවේ?

346
00:32:42,916 --> 00:32:44,166
මල්ලි, මට වකුගඩුවල ගල් තියෙනවා.

347
00:32:44,500 --> 00:32:46,708
ඩොක්ටර් කිව්වා මුත්‍රා
තදකරන් ඉන්න එපා කියලා.

348
00:32:47,666 --> 00:32:49,166
මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්.

349
00:32:50,833 --> 00:32:52,166
ඔයාලටත් ඕනේ නම් යන්න.

350
00:33:47,750 --> 00:33:48,958
අයියේ

351
00:33:51,291 --> 00:33:52,916
ඒ කවුද?

352
00:35:12,375 --> 00:35:14,791
අල්ලගනින් ඕකිව!

353
00:35:47,958 --> 00:35:50,791
අල්ලපන්, මේ පැත්තෙන්
ගිහින් අල්ලපන්!

354
00:36:16,458 --> 00:36:20,083
අල්ලගනින් ඔය බැල්ලීව... අල්ලගනින්!

355
00:36:20,666 --> 00:36:22,333
අල්ලගනින්!

356
00:36:32,625 --> 00:36:35,208
ඉස්සරහින් පැනලා අල්ලපන්

357
00:36:54,208 --> 00:36:56,166
ඒයි, පීටී උෂා!

358
00:36:56,625 --> 00:36:58,458
මට ඇදුම තියෙනවා යකෝ.

359
00:36:58,791 --> 00:37:00,458
තව කොච්චර දුරක්
මාව දුවවන්නද හදන්නේ!

360
00:38:42,500 --> 00:38:44,000
චෞදරි, ඒකි මැරුණා...

361
00:38:47,083 --> 00:38:48,666
අපි දැන් මේකිව
මොකද කරන්නේ චෞදරි?

362
00:38:50,166 --> 00:38:51,041
මොනවා කරන්නද?

363
00:38:53,583 --> 00:38:54,625
මෙතනම වළලපන්!

364
00:38:55,875 --> 00:38:56,958
එතකොට අර කොල්ලව මොකද කරන්නේ?

365
00:39:00,041 --> 00:39:02,249
ඌව අච්චාරු දාපන් මට කමක් නෑ!

366
00:39:02,250 --> 00:39:03,791
ඌවත් මෙතනම වළලපන්!

367
00:39:44,666 --> 00:39:48,040
චෞදරි, අපි දැන් මේ
හුළං පෙත්ත මොකද කරන්නේ?

368
00:39:48,041 --> 00:39:49,625
ඕකත් මෙතනම වළලපන්!

369
00:40:16,375 --> 00:40:18,625
හප්පා... ඒ දෙන්නා
අයියයි නංගියිද?

370
00:40:19,458 --> 00:40:20,625
ඒ දෙන්නට වුණ දේ නම්
මහ අපරාධයක්.

371
00:40:21,291 --> 00:40:22,250
උන් දෙන්නවම මැරුවද?

372
00:40:23,500 --> 00:40:25,083
ඒ කියන්නේ ඒ දෙන්නම දැන්
හොල්මන් වෙලාද ඉන්නේ?

373
00:40:26,000 --> 00:40:26,791
මම දන්නේ නෑ බං.

374
00:40:27,666 --> 00:40:28,833
මම මේ කතාව අහලා විතරයි තියෙන්නේ.

375
00:40:30,166 --> 00:40:31,583
මෙහේ මේ මිනීමැරුම්
කරන කවුරු වුණත්,

376
00:40:31,750 --> 00:40:33,291
නැත්නම් ලිෆ්ට් දෙන මිනිස්සුන්ව මරන්නේ,

377
00:40:33,625 --> 00:40:34,625
ඒ දේවල් කරන්නේ අර
අයියයි නංගියියි තමයි.

378
00:40:35,833 --> 00:40:36,458
ඉතින් අයියේ,

379
00:40:36,791 --> 00:40:37,874
අර තුන්දෙනාට මොකද වුණේ

380
00:40:37,875 --> 00:40:39,250
උන් දෙන්නව මරපු?

381
00:40:40,250 --> 00:40:40,916
උන්ටද?

382
00:41:20,458 --> 00:41:21,291
අහපන් චෞදරි.

383
00:41:22,000 --> 00:41:24,666
ඊළඟ පාර, කෙල්ලව
දාගන්නේ මමයි.

384
00:41:36,041 --> 00:41:37,708
ඇයි උඹ ඔහොම බලන් ඉන්නේ?

385
00:41:38,416 --> 00:41:41,083
මගේ මූණ දැක්කම,
කෙල්ලෙක් වාහනේට නගින එකක් නැද්ද?

386
00:41:43,625 --> 00:41:45,875
ඉතින්... කෙල්ල ගාවට ගිහින්
උඹ මොනවද කියන්නේ?

387
00:41:46,875 --> 00:41:47,708
මමද?

388
00:41:47,958 --> 00:41:49,291
මම කියනවා...

389
00:41:49,750 --> 00:41:52,416
"මැඩම්, ලිෆ්ට් එකක් ඕනෙද?"

390
00:41:53,041 --> 00:41:54,375
මාත් යන්නේ ඔය පැත්තටමයි.

391
00:41:55,000 --> 00:41:56,208
ඇයි තනියම හිටගෙන ඉන්නේ?

392
00:41:56,916 --> 00:41:58,708
මම හරිම වැදගත් මනුස්සයෙක්!

393
00:42:04,166 --> 00:42:05,832
උඹ මේ කොල්ලවත් එක්කන් පලයන්

394
00:42:05,833 --> 00:42:07,250
මූව උඹේ ගෑණි කරගනින්!

395
00:42:09,916 --> 00:42:10,666
ඒයි, මේ ඇඳුම් ගලවපන්.

396
00:42:11,500 --> 00:42:13,916
උඹ ඔය ගෑනු ඇඳුම්
ගැලෙව්වේ නැත්නම්...

397
00:42:14,458 --> 00:42:18,583
...මම උඹව උක් හේනට
ඇදන් යනවා!

398
00:42:19,333 --> 00:42:19,915
චෞදරි

399
00:42:19,916 --> 00:42:21,083
අපි එහෙනම් මොන සින්දුවද කියන්නේ?

400
00:42:21,333 --> 00:42:27,041
උක් හේනේ
ජොලියක් දාමු!

401
00:42:29,958 --> 00:42:31,083
ඒයි, කොරා!

402
00:42:31,250 --> 00:42:33,875
උඹම මූව උක් හේනට
එක්කන් පලයන්.

403
00:42:42,083 --> 00:42:42,666
ඒයි...

404
00:42:43,958 --> 00:42:45,000
උඹ කොහෙද යන්නේ?

405
00:42:45,125 --> 00:42:46,208
මම මේ බොකක් දාන්න යන්නේ!

406
00:43:23,375 --> 00:43:24,499
කොරා

407
00:43:24,500 --> 00:43:25,250
අයින් වෙයන්!

408
00:43:55,125 --> 00:43:55,666
ඒයි!

409
00:43:56,291 --> 00:43:56,875
ඒයි!

410
00:43:57,416 --> 00:43:58,000
ඒයි!

411
00:43:58,250 --> 00:43:59,625
ඒයි චෞදරි.

412
00:44:00,125 --> 00:44:00,666
ඒයි!

413
00:44:00,875 --> 00:44:01,541
කොරා!

414
00:44:03,625 --> 00:44:04,791
චෞදරි!

415
00:44:05,791 --> 00:44:06,791
කොරා!

416
00:44:08,833 --> 00:44:10,041
චෞදරි!

417
00:44:12,708 --> 00:44:13,833
කොරා!

418
00:44:44,875 --> 00:44:45,750
ඒයි කොරා!

419
00:44:46,000 --> 00:44:47,083
ගිහින් සීතල වතුර ටිකක් ගෙනෙන්!

420
00:44:47,541 --> 00:44:48,958
උඹ කාටද "කොරා" කියන්නේ?

421
00:44:49,833 --> 00:44:51,166
කොරාට කොරා නොකියා
වෙන මොනවා කියන්නද?

422
00:44:59,666 --> 00:45:01,125
දැන් කියපන්, උඹ මට
මොකක්ද කිව්වේ?

423
00:45:01,541 --> 00:45:02,166
කොරා.

424
00:45:06,250 --> 00:45:07,708
වරෙන්! උඹට තට්ටු පනින්න ඕනෙද?

425
00:45:07,833 --> 00:45:08,790
වරෙන්! වරෙන්!

426
00:45:08,791 --> 00:45:10,249
වරෙන්, අපි තට්ටු පනිමු!

427
00:45:10,250 --> 00:45:11,291
වරෙන්, වරෙන්.

428
00:45:13,625 --> 00:45:14,790
වරෙන්! වරෙන්!

429
00:45:14,791 --> 00:45:17,333
විකාර නැතුව හිටපන්. ගිහින්
සීතල වතුර ටිකක් ගෙනෙන්.

430
00:45:20,958 --> 00:45:22,791
චෞදරි උඹට යන්න දුන්නට,
මම නම් උඹව අතාරින්නේ නෑ.

431
00:49:10,875 --> 00:49:12,291
ඒයි මෝඩයා

432
00:49:12,708 --> 00:49:15,208
උඹ මෙතනම කාලා මෙතනම
චූ කරන්නද යන්නේ? ඉස්සරහට පලයන්!

433
00:52:47,875 --> 00:52:49,041
ඒයි, බබ්ලු.

434
00:52:49,750 --> 00:52:50,916
ඒයි කොරා!

435
00:52:54,625 --> 00:52:57,125
ඒයි සුකා, අනිත් උන් ඔක්කොම
කොහේ මළාද?

436
00:53:03,666 --> 00:53:05,208
මුන් කොහේ මකබෑවුණාද?

437
00:53:07,708 --> 00:53:08,875
ඒයි, කොරා.

438
00:53:10,541 --> 00:53:11,916
අනිත් උන් ඔක්කොම කොහේ මළාද?

439
00:53:32,083 --> 00:53:33,500
මේ කාලකණ්ණි ටික
කොහේ අතුරුදහන් වුණාද?

440
00:54:16,083 --> 00:54:17,250
ඒයි, කොරා.

441
00:54:31,041 --> 00:54:32,583
ඒයි, බබ්ලු.

442
00:54:40,375 --> 00:54:41,708
ඒයි, කොරා.

443
00:55:04,166 --> 00:55:05,166
ඒයි, බබ්ලු.

444
00:55:06,958 --> 00:55:07,916
ඒයි, කොරා

445
00:58:04,125 --> 00:58:05,750
ඔන්න ඕකයි සම්පූර්ණ කතාව.

446
00:58:06,000 --> 00:58:08,291
ඒ කෙල්ලට ලිෆ්ට් එකක් දෙන්න
මෙහෙට ආපු කවුරු වුණත්,

447
00:58:08,791 --> 00:58:11,124
උන් එයාව අල්ලගෙන, මරලා,
එතනම වළලනවා,

448
00:58:11,125 --> 00:58:12,750
ඊට පස්සේ එයාගේ වළ උඩින්
හුළං පෙත්තක් හිටවනවා.

449
00:58:21,250 --> 00:58:21,832
අයියේ?

450
00:58:21,833 --> 00:58:22,458
ඔව්

451
00:58:26,375 --> 00:58:28,083
අපිට නම් බඩුම තමයි!

452
01:00:05,916 --> 01:00:07,625
මොකද වුණේ අයියේ?

453
01:00:09,333 --> 01:00:10,500
ඔයාලට මොනවා හරි උදව්වක් ඕනෙද?

454
01:00:10,524 --> 01:00:35,524


