﻿1
00:01:28,392 --> 00:01:48,392


2
00:01:50,416 --> 00:01:55,083
විශ්වයේ කතාව කියවෙන
අසංඛ්‍යාත පිටු අතරින්...

3
00:01:55,500 --> 00:01:58,208
මේ කතාව ලියවිලා තියෙන්නේ
පිටු කිහිපයක විතරයි.

4
00:02:03,125 --> 00:02:06,541
මේක පියවුණු ඇස්වල අඳුර පිටුපස
හැංගිලා තියෙන ආලෝකය ගැන කතාවක්...

5
00:02:06,916 --> 00:02:10,583
ඒ වගේම නිශ්ශබ්දතාවයේදී විතරක්
ඇහෙන තනුවක් ගැන කතාවක්...

6
00:02:11,833 --> 00:02:14,000
මේක නිල් අහසේ
නිදාගෙන ඉන්න තරුවක් ගැන...

7
00:02:14,166 --> 00:02:18,875
ඒ වගේම රාත්‍රියේ කළුවර අහසේ
බබළන තරුවක් ගැන කතාවක්.

8
00:02:20,375 --> 00:02:24,958
ඒකෙන් කියවෙන්නේ ඒ දෙන්නව
එකට බැඳලා තියෙන ආදරය ගැන...

9
00:02:26,625 --> 00:02:31,708
තාරාගේ සහ ආකාශ්ගේ කතාව,
සදාකාලිකවම විශ්වයේ ලියවිලා තියෙනවා.

10
00:05:19,041 --> 00:05:20,166
හේයි!

11
00:05:22,041 --> 00:05:23,333
ඒක මගේ.

12
00:05:24,208 --> 00:05:25,750
හම්බවුණ කෙනාට අයිතියි, නේද?

13
00:05:26,458 --> 00:05:28,000
කාගෙ වුණාම මොකද!

14
00:05:28,875 --> 00:05:29,958
ඇත්තටම කිසිම දෙයක්...

15
00:05:32,458 --> 00:05:33,750
කාටහරි අයිති වෙනවද?

16
00:05:40,291 --> 00:05:41,458
ඉන්දියන් ද?

17
00:05:43,958 --> 00:05:45,208
ඔයාගේ අනන්‍යතාවය.

18
00:05:46,458 --> 00:05:47,666
අනන්‍යතාවය?

19
00:05:48,583 --> 00:05:49,625
හැමෝටම එකක් තියෙනවා.

20
00:05:51,958 --> 00:05:53,291
කෙනෙක්ව අඳුරගන්න

21
00:05:55,458 --> 00:05:57,416
අනන්‍යතාවය වැදගත් වෙන්නේ ඇයි?

22
00:06:01,708 --> 00:06:02,875
මට දැන් තේරුණා.

23
00:06:03,750 --> 00:06:05,041
ඔයාට පිස්සු.

24
00:06:05,833 --> 00:06:07,708
කොහොමහරි, දිගටම හොයන්න

25
00:06:08,208 --> 00:06:09,416
එතකොට අහුලා ගන්න වෙන දෙයක්

26
00:06:09,583 --> 00:06:10,750
ඔයාට හම්බවෙයි!

27
00:06:11,125 --> 00:06:12,291
මම ගියා.

28
00:06:28,291 --> 00:06:29,416
හේයි, පොඩ්ඩක් ඉන්න!

29
00:07:14,250 --> 00:07:17,916
මොකද? ඔයා නාඳුනන කෙනෙක්.

30
00:07:18,000 --> 00:07:20,000
ඇයි මගේ පස්සෙන් එන්නේ?

31
00:07:22,250 --> 00:07:25,083
ඔයා මාව මරන්න හරි මොකක් හරි
කරන්න හිතාගෙන ඉන්නවා නම්...

32
00:07:25,791 --> 00:07:27,458
මම ටයිකොන්ඩෝ බ්ලැක් බෙල්ට් කෙනෙක්.

33
00:07:27,833 --> 00:07:29,250
ට්‍රයි කරන්නවත් එපා.

34
00:07:35,833 --> 00:07:37,541
ඔයා නිසා මගේ කෝච්චියත් මිස් වුණා.

35
00:07:37,708 --> 00:07:39,125
ඊළඟ එක තියෙන්නේ තව පැය 2කින්.

36
00:07:39,541 --> 00:07:41,208
දැන් මට මේ ටික ඔක්කොම පයින් යන්න වෙනවා!

37
00:07:44,291 --> 00:07:46,625
ටිකක් කතා කර කර ගියොත්
ලේසි වෙයි නේද?

38
00:08:00,541 --> 00:08:01,583
මොකක්ද ඔයාගේ නම?

39
00:08:05,208 --> 00:08:06,041
නම?

40
00:08:09,666 --> 00:08:10,791
අනන්‍යතාවය.

41
00:08:11,000 --> 00:08:12,875
කෙනෙක්ව අඳුරගන්න ඒක වැදගත්.

42
00:08:13,458 --> 00:08:15,083
ඔයා කොයි ගුහාවෙන්ද එළියට ආවේ?

43
00:08:15,291 --> 00:08:16,916
ඒකෙ නම ගහපු බෝඩ් එකක් තිබ්බෙ නැද්ද?

44
00:08:23,083 --> 00:08:24,333
ඔයාගේ නම මොකක්ද?

45
00:08:32,541 --> 00:08:33,333
තාරා.

46
00:08:35,791 --> 00:08:36,666
තාරා.

47
00:08:47,875 --> 00:08:48,708
ආකාශ්.

48
00:08:50,833 --> 00:08:51,708
මගේ නම.

49
00:08:52,833 --> 00:08:53,833
දැන්ද මතක් වුණේ?

50
00:08:55,416 --> 00:08:56,750
ඔළුවෙ මොකක්හරි වැදුණද?

51
00:08:57,083 --> 00:08:58,375
මතකය නැති වෙලාද?

52
00:09:00,791 --> 00:09:01,708
දෙවියනේ!

53
00:09:12,958 --> 00:09:14,208
ඔයාත් එක්ක ෆොටෝ එකේ ඉන්නේ කවුද?

54
00:09:18,250 --> 00:09:19,500
ඒ මම කියලා ඔයා කොහොමද දන්නේ?

55
00:09:24,833 --> 00:09:26,000
ඔයාගේ ඇස්.

56
00:09:35,375 --> 00:09:36,583
ආච්චි.

57
00:09:39,458 --> 00:09:40,875
ෆොටෝ එකේ ඉන්නේ මගේ ආච්චි.

58
00:09:48,666 --> 00:09:52,375
ඔයාට එයාව මතක් වෙනවා.
ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද?

59
00:09:58,333 --> 00:10:01,791
ඔයා දන්නවද, මිනිස්සු ආදරය හොයන්නේ...

60
00:10:06,541 --> 00:10:07,875
...ඒකෙන් ලැබෙන සතුට...

61
00:10:09,208 --> 00:10:10,791
...විඳින්න.

62
00:10:15,583 --> 00:10:18,000
ඒත් කාවහරි නැති වුණාම...

63
00:10:19,208 --> 00:10:20,750
ඒකෙන් එයාලව දුකට පත් කරනවා...

64
00:10:21,583 --> 00:10:24,250
ඒ නිසා මිනිස්සු ආදරෙන් ඈත් වෙනවා.

65
00:10:32,041 --> 00:10:33,666
ඒ දේ ඔයාට වෙන්න දෙන්න එපා.

66
00:10:36,916 --> 00:10:38,791
ඔයාගේ ආච්චි ගැන හිතනකොට

67
00:10:40,333 --> 00:10:41,875
එයා ඔයාට දුන්න ඒ සතුට ගැන

68
00:10:42,625 --> 00:10:44,375
විතරක් හිතන්න.

69
00:11:06,333 --> 00:11:09,583
අනේ නෑ! කරුණාකරලා...

70
00:11:09,666 --> 00:11:10,875
දෙවියනේ!

71
00:11:16,583 --> 00:11:17,625
ඔයාගේ ෆෝන් එක.

72
00:11:21,208 --> 00:11:22,916
ඔයා ගාව ෆෝන් එකක් නැද්ද?

73
00:11:28,750 --> 00:11:30,958
මැප් එකක් නැතුව මම කොහොමද
හෝම්ස්ටේ එකට යන්නේ?

74
00:11:40,333 --> 00:11:42,083
තරු වලට පුළුවන් මිනිස්සුන්ට පාර පෙන්නන්න.

75
00:11:43,250 --> 00:11:44,625
ඔයා තාරා (තරුව). ඉතින් ඔයාම පාර හොයාගන්න.

76
00:11:46,208 --> 00:11:48,708
මම මොකක්ද, GPS එකක්ද?

77
00:11:49,291 --> 00:11:50,708
ඔයා දැන් විහිළුත් කරනවද?

78
00:12:01,708 --> 00:12:04,958
ඇත්තම GPS එක තියෙන්නේ ඔයාගේ හදවතේ.

79
00:12:06,041 --> 00:12:09,458
ඒකට ඇහුම්කන් දෙන්න,
ඔයාට ඔයාගේ ගමනාන්තය හොයාගන්න පුළුවන් වෙයි.

80
00:12:14,750 --> 00:12:15,958
උත්සාහ කරලා බලන්න.

81
00:12:17,583 --> 00:12:21,291
ඔයාට වෙන විකල්පයකුත් නෑනේ.

82
00:12:44,708 --> 00:12:47,958
හරි. බලමුකෝ මම කොහෙටද යන්නේ කියලා.

83
00:14:04,791 --> 00:14:05,833
දෙවියනේ!

84
00:14:07,416 --> 00:14:08,833
අපි ඇත්තටම මෙතනට ආවා.

85
00:14:10,791 --> 00:14:12,750
තිබිලා තියෙන්නේ විනාඩි පහක දුරින්!

86
00:14:14,875 --> 00:14:16,375
අපි කොහොමද...

87
00:14:26,375 --> 00:14:27,250
මේ තියෙන්නේ.

88
00:14:29,625 --> 00:14:30,500
තැන්ක් යූ...

89
00:14:31,416 --> 00:14:32,666
...මාව ගෙදරට ඇරලුවාට.

90
00:14:40,625 --> 00:14:43,333
ඇත්තටම, මම බොරු කිව්වේ...

91
00:14:43,541 --> 00:14:44,750
ඔයාව බය කරන්න.

92
00:14:45,125 --> 00:14:46,791
මම ඇත්තටම ටයිකොන්ඩෝ දන්නේ නෑ.

93
00:14:47,875 --> 00:14:50,375
මම ගහගන්න දන්නේ නෑ.

94
00:14:53,250 --> 00:14:54,125
මම දන්නවා.

95
00:15:40,416 --> 00:15:41,833
ඔහ්, ඔයා තාම ඇහැරිලා.

96
00:15:51,416 --> 00:15:55,625
ඔයාට ගොඩක් පරක්කු වුණා, ෆෝන් එකත් ඕෆ්.
මම කොහොමද නිදාගන්නේ?

97
00:15:57,791 --> 00:16:02,000
ඔයා මෙහේ ආගන්තුකයෙක්
ඔයා ගැන වගකීම තියෙන්නේ මට.

98
00:16:02,833 --> 00:16:04,375
මම බය වෙන එක සාධාරණයි.

99
00:16:05,916 --> 00:16:08,791
මට සමාවෙන්න. මගේ කෝච්චිය මිස් වුණා.

100
00:16:10,333 --> 00:16:11,708
මෙතනට එනකම්ම පයින් එන්න වුණා.

101
00:16:13,333 --> 00:16:15,875
ඔයා මුළු දුරම පයින්ද ආවේ?

102
00:16:16,416 --> 00:16:17,541
ඔයාට හෙම්බිරිස්සාව හැදෙන්න තිබුණා.

103
00:16:17,916 --> 00:16:19,291
ඇයි ටැක්සියක් ගත්තේ නැත්තේ?

104
00:16:20,416 --> 00:16:22,000
මම ආවේ ගාණකට සල්ලි තියාගෙන.

105
00:16:22,708 --> 00:16:24,541
අපෝ, මේ ළමයා!

106
00:16:25,791 --> 00:16:28,000
ඊළඟ වතාවේ එහෙම කරන්න එපා.

107
00:16:28,750 --> 00:16:30,500
ඔයාගේ බජට් එක පැන්නොත්...

108
00:16:30,583 --> 00:16:32,416
අපි මෙහෙන් ඒක ඇජස්ට් කරමු.

109
00:16:32,500 --> 00:16:34,041
- හරිද?
- හරි.

110
00:16:35,708 --> 00:16:39,750
ඩේවි ආන්ටි,
අපි දවසක එළියට යමු.

111
00:16:40,375 --> 00:16:41,708
ඔයා ෆ්‍රී වෙලාවක.

112
00:16:42,208 --> 00:16:43,333
මාව අන්දන්නද හදන්නේ?

113
00:16:44,083 --> 00:16:45,708
මම ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නේ නෑ!

114
00:16:45,833 --> 00:16:47,791
එහෙම දෙයක් නෙවෙයි.

115
00:16:48,791 --> 00:16:51,208
මම දන්නවා, නිකන් විහිළුවක් කළේ.

116
00:16:52,041 --> 00:16:54,041
ඔයානේ ට්‍රැවල් කරන්නේ.

117
00:16:54,291 --> 00:16:55,791
ඔයාම දවසක් කියන්නකෝ.

118
00:16:56,416 --> 00:16:58,958
දවසක අපි වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරමු.

119
00:17:06,583 --> 00:17:09,708
තාරා, මම ඔයා දිහා බලන හැම වෙලාවෙම

120
00:17:10,208 --> 00:17:12,458
මට මගේ පරණ කාලේ මතක් වෙනවා.

121
00:17:14,250 --> 00:17:16,375
මාත් ඔය වගේම එකපාරටම...

122
00:17:17,041 --> 00:17:18,541
කූඩුවෙන් පියාඹලා ගියා.

123
00:17:20,625 --> 00:17:22,250
ඔයා මෙහෙ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.

124
00:17:22,708 --> 00:17:23,916
මාත් සතුටු වෙනවා.

125
00:18:15,750 --> 00:18:16,791
ආකාශ්.

126
00:18:49,916 --> 00:18:51,291
තාරා.

127
00:19:13,416 --> 00:19:14,750
එන්න, තාරා.

128
00:19:17,875 --> 00:19:19,625
එන්න, කන්න.

129
00:19:23,000 --> 00:19:24,250
එන්න.

130
00:19:27,833 --> 00:19:30,041
වාව්! 'ආලූ පරාටා'!

131
00:19:46,041 --> 00:19:48,625
මගේ ආච්චිත් මේ වගේම
රසට හැදුවා.

132
00:19:53,375 --> 00:19:57,291
- ඔයා මුලින්ම ස්විට්සර්ලන්තයට ආපු කාලේ...
- අවුරුදු 40කට කලින්.

133
00:19:58,625 --> 00:20:00,750
ඔයාට ගෙදර මතක් වෙලා දුක හිතුණද?

134
00:20:05,125 --> 00:20:09,750
ගෙදර? ඇත්තටම ගෙදර කියන්නේ මොකක්ද?

135
00:20:11,666 --> 00:20:15,333
ඒක හැදිලා තියෙන්නේ බිත්ති වලින්ද,
එහෙමත් නැත්නම් අපේම කියන මිනිස්සුන්ගෙන්ද?

136
00:20:16,541 --> 00:20:18,083
ඒත් ඇත්තටම අපේම අය කවුද?

137
00:20:19,583 --> 00:20:23,208
දවසක හැමෝම දාලා යනවා.

138
00:20:25,333 --> 00:20:26,958
එහෙනම් ගෙදර තියෙන්නේ කොහෙද?

139
00:20:28,000 --> 00:20:29,333
ඇත්තටම ඒක මොකක්ද?

140
00:20:30,625 --> 00:20:34,250
සමහරවිට ඒක කොළ පාටින් පිරුණු කන්දක්...

141
00:20:34,458 --> 00:20:36,208
එහෙමත් නැත්නම් සුළං රැල්ලක්...

142
00:20:36,416 --> 00:20:38,791
වෙන්වීම කියන හැඟීම පවා ගහගෙන යන.

143
00:20:39,416 --> 00:20:42,916
එහෙමත් නැත්නම් ඒක හැමතැනම තියෙනවා
කියන හැඟීමක් වෙන්න ඇති.

144
00:20:44,875 --> 00:20:46,208
මොකක්ද හැමතැනම තියෙන්නේ?

145
00:20:47,125 --> 00:20:48,291
ගෙදර.

146
00:20:49,583 --> 00:20:53,416
කෑම විතරක් නෙමෙයි,
ඔයා කතා කරන්නෙත් මගේ ආච්චි වගේමයි.

147
00:20:57,708 --> 00:21:00,041
ඔයා කොච්චර කාලයක් මේ ගෙදර හිටියද?

148
00:21:00,625 --> 00:21:02,208
විසි පහක්...

149
00:21:02,416 --> 00:21:04,291
මේ වහළෙ යට අවුරුදු විසිපහක්.

150
00:21:04,708 --> 00:21:06,541
ඊට කලින් මම හිටියේ මුරෙන් වල.

151
00:21:06,750 --> 00:21:08,083
ඒක තියෙන්නේ ටිකක් උඩට වෙන්න.

152
00:21:08,625 --> 00:21:09,916
ඔයාගේ පවුලේ අය?

153
00:21:21,750 --> 00:21:23,708
දෙමව්පියන්ගෙන් අහන්නේ නැතුව,

154
00:21:24,208 --> 00:21:26,458
ඔයා වෙන රටකට පැනලා ආවා.

155
00:21:27,041 --> 00:21:28,875
එයාලා බය වෙන එක සාධාරණයි.

156
00:21:51,250 --> 00:21:52,916
ඊයේ රෑ මම කිව්වා වගේ

157
00:21:54,000 --> 00:21:55,583
මාත් හිටියේ ඔයා වගේමයි.

158
00:21:55,708 --> 00:21:59,666
ඔයා එයාලට කතා කළොත්
එයාලගේ හිතට සහනයක් වෙයි.

159
00:22:01,583 --> 00:22:02,708
තව ඕනෙද?

160
00:22:02,833 --> 00:22:05,208
එපා, තැන්ක්ස්.
මට හොඳටම ඇති.

161
00:22:06,083 --> 00:22:07,208
මම යන්නම්.

162
00:22:08,708 --> 00:22:10,458
කවදාවත් 'මම යනවා' කියන්න එපා. ඒක අසුබයි.

163
00:22:11,750 --> 00:22:12,916
'ගිහින් එන්නම්' කියන්න.

164
00:22:14,125 --> 00:22:14,958
ගිහින් එන්නම්.

165
00:22:18,291 --> 00:22:21,375
ඩේවි ආන්ටි, මම අද පරක්කු වෙන්නේ නෑ.

166
00:22:21,625 --> 00:22:22,791
පොරොන්දු වෙනවා.

167
00:22:22,958 --> 00:22:24,708
- හොඳයි.
- බායි.

168
00:22:30,416 --> 00:22:31,791
එයා ෆෝන් එක ආන්සර් කළා නම් හොඳයි.

169
00:22:34,083 --> 00:22:36,041
මම ඉක්මනට වීසා එක ගන්න ට්‍රයි කරනවා.

170
00:22:39,000 --> 00:22:40,833
මම තාරාව හොයාගත්ත ගමන්,

171
00:22:41,750 --> 00:22:43,291
ඇදගෙන හරි ගෙදර ගේනවා.

172
00:22:48,875 --> 00:22:50,833
අපිට එයාට කියන්න පුළුවන් වුණා නම්.

173
00:22:52,000 --> 00:22:54,458
ඇයි අපි එයා ගැන මෙච්චර බය වෙන්නේ කියලා.

174
00:22:57,833 --> 00:22:59,208
එයාට එහේ කරදරයක් නැතුව ඇති.

175
00:24:05,791 --> 00:24:07,208
ඔයා!

176
00:24:12,291 --> 00:24:15,125
- ආයෙමත්?
- පරණ යාළුවා.

177
00:24:18,916 --> 00:24:22,041
ඔයාට ඔයාගේ නමවත් මතක තිබුණේ නෑ...

178
00:24:23,791 --> 00:24:26,875
දැන් එකපාරටම යාළුවොත් මතක් වුණාද?

179
00:24:33,000 --> 00:24:34,583
නම් කොහොමත් වෙනස් වෙනවා...

180
00:24:37,291 --> 00:24:40,250
ඒත් උන්වහන්සේ එහෙම්මමයි.

181
00:24:45,333 --> 00:24:47,666
ඇත්තටම, උන්වහන්සේ ඔයාගෙත් යාළුවෙක් නේද?

182
00:24:51,750 --> 00:24:55,500
දැන් ඔයා කියයි,
බලන්න අපිට පොදු යාළුවෙක් ඉන්නවා කියලා.

183
00:24:55,958 --> 00:24:57,791
ඒ නිසා අපිත් යාළුවෝ වෙන්න ඕනේ කියලා.

184
00:24:58,125 --> 00:25:00,666
- මම ඔය උපක්‍රම දන්නවා.
- අපි යාළුවෝ නෙවෙයිද?

185
00:25:01,583 --> 00:25:03,041
කොහොමද එහෙම වෙන්නේ?

186
00:25:03,416 --> 00:25:04,750
මම ඔයා ගැන මුකුත්ම දන්නේ නෑනේ.

187
00:25:04,958 --> 00:25:06,500
ඔයා කවුද, කොහේ ඉඳන්ද ආවේ,

188
00:25:06,625 --> 00:25:07,791
මොනවද කරන්නේ,

189
00:25:07,875 --> 00:25:10,875
ඇයි හැමදාම එකම ඇඳුම අඳින්නේ කියලා.

190
00:25:11,250 --> 00:25:13,291
ඇයි?

191
00:25:26,541 --> 00:25:28,333
මෙහෙට එන්න.

192
00:25:34,375 --> 00:25:36,083
ළඟට එන්න.

193
00:25:38,416 --> 00:25:40,416
මගේ ඇස් දිහා බලන්න.

194
00:25:44,916 --> 00:25:47,208
දිගටම බලන් ඉන්න.

195
00:26:21,875 --> 00:26:24,250
තාමත් හිතෙනවද මාව අඳුරන්නේ නෑ කියලා?

196
00:26:33,208 --> 00:26:35,208
ඇස් කියන්නේ ආත්මයේ කවුළු.

197
00:26:35,291 --> 00:26:38,000
ඒ දිහා ගැඹුරින් බැලුවොත්
ඕනෑම කෙනෙක් යාළුවෙක් වගේ පේනවා.

198
00:26:38,458 --> 00:26:39,416
හරියට උන්වහන්සේ වගේ.

199
00:26:53,000 --> 00:26:54,250
ඔයා මොකද මේ පැත්තේ?

200
00:26:56,041 --> 00:26:57,541
මේක ටිකක් පරණ පල්ලියක්.

201
00:26:58,791 --> 00:27:01,750
සන්ටා මරියා ඩෙල් සාසෝ.
මම මෙහෙට ආවේ...

202
00:27:04,333 --> 00:27:05,916
...මේක නිසා.

203
00:27:10,125 --> 00:27:12,125
මම මගේ ආච්චිට ගොඩක් ළැදියි.

204
00:27:12,833 --> 00:27:15,666
එයා තරම් මාව කවුරුත් තේරුම් ගත්තේ නෑ,

205
00:27:16,333 --> 00:27:17,375
මගේ දෙමව්පියන්වත්.

206
00:27:18,250 --> 00:27:19,625
එයා තමයි මගේ හොඳම යාළුවා.

207
00:27:20,416 --> 00:27:22,833
මට ඕනෙ වුණ හැම වෙලාවෙම එයා හිටියා.

208
00:27:29,791 --> 00:27:33,416
එයා නැති වුණාට පස්සේ, මම ගොඩක් කඩා වැටුණා.

209
00:27:36,791 --> 00:27:38,458
මම තනි වුණා.

210
00:27:40,291 --> 00:27:42,041
ඒ වෙලාවේ තමයි මට මේ නවකතාව හම්බවුණේ.

211
00:27:43,833 --> 00:27:46,791
මේක හරිම වෙනස් ආදර කතාවක්.

212
00:27:47,416 --> 00:27:49,583
මේකෙ ප්‍රධාන චරිත වලට නම්වත් නෑ.

213
00:27:50,000 --> 00:27:52,250
එයා සහ ඇය, එච්චරයි.

214
00:27:52,708 --> 00:27:54,541
එයාලා ස්විට්සර්ලන්තයේදී මුණගැහිලා

215
00:27:56,500 --> 00:27:59,416
මේ නගරේ ඇවිදින ගමන් ආදරය කරන්න ගන්නවා.

216
00:28:00,750 --> 00:28:02,625
එයාලගේ කතාවේ මොකක්දෝ දෙයක් තියෙනවා...

217
00:28:03,291 --> 00:28:04,458
...ඒ වගේම එයාලගේ කතාබහ වල.

218
00:28:04,791 --> 00:28:06,833
ඒකෙන් මට...

219
00:28:07,000 --> 00:28:08,750
...මගේ තනිකම අඩුවෙලා ගියා.

220
00:28:09,708 --> 00:28:11,291
ඒක මට ජීවත් වෙන්න උදව් වුණා

221
00:28:12,125 --> 00:28:14,875
සතුට කියන්නේ මොකක්ද කියලා
අමතක නොවී තියාගන්න.

222
00:28:17,083 --> 00:28:20,666
ඒ නිසයි මේ පොතට මම මෙච්චර ආදරේ.

223
00:28:22,041 --> 00:28:23,708
මම තීරණය කළා

224
00:28:23,833 --> 00:28:26,416
ස්විට්සර්ලන්තයේ එයාලා ගියපු ගමන යන්න.

225
00:28:26,625 --> 00:28:28,791
මම එයාලා ගිය හැම තැනකටම යනවා.

226
00:28:30,791 --> 00:28:33,041
ඒක තමයි මගේ ප්ලෑන් එක.

227
00:28:33,791 --> 00:28:35,750
මගේ දෙමව්පියන් කවදාවත් මට

228
00:28:35,833 --> 00:28:37,583
තනියම කොහේවත් යන්න දුන්නේ නෑ.

229
00:28:38,000 --> 00:28:39,291
ඉතින්, මම හොරෙන්ම

230
00:28:39,416 --> 00:28:41,375
මගේ ටිකට් සහ වීසා බුක් කළා...

231
00:28:41,500 --> 00:28:43,041
ආච්චි මට දීලා ගියපු සල්ලි වලින්.

232
00:28:50,708 --> 00:28:51,958
ඉතින් දැන් මම මෙහේ.

233
00:28:53,541 --> 00:28:56,375
මේ පල්ලියත් ඒ ගමනේ එක කොටසක්.

234
00:28:57,416 --> 00:29:00,333
ඒ පොතෙත්, එයාලා මෙතනදි හම්බවෙනවා.

235
00:29:03,666 --> 00:29:05,041
මට අදහාගන්නත් බෑ

236
00:29:08,000 --> 00:29:09,500
මම ඇත්තටම මෙතන ඉන්නවා කියලා.

237
00:29:11,333 --> 00:29:13,208
හීනයක් වගේ දැනෙන්නේ.

238
00:29:14,416 --> 00:29:16,125
ජීවිතය කියන්නෙත් හීනයක් තමයි.

239
00:29:18,000 --> 00:29:21,083
අපේ ඇස් ඉස්සරහා දිගටම
ප්ලේ වෙන ෆිල්ම් එකක්.

240
00:29:21,875 --> 00:29:23,458
ආලෝකයෙන් නිර්මාණය වුණ

241
00:29:24,916 --> 00:29:26,250
දෙවියන්ගේ විශ්වීය සිනමාපටය.

242
00:29:28,333 --> 00:29:29,541
ඔයා මොකක්ද කිව්වේ?

243
00:29:30,750 --> 00:29:32,083
මොකක්?

244
00:29:32,541 --> 00:29:33,708
අර අන්තිමට කිව්ව ටික.

245
00:29:37,333 --> 00:29:39,750
ඒ පොතේ එයා ඇයට කියන්නේ

246
00:29:40,583 --> 00:29:41,750
අන්න ඒ ටිකමයි.

247
00:29:43,416 --> 00:29:44,708
ඔයා කොහොමද ඒක...

248
00:29:48,375 --> 00:29:50,416
වචන ගොඩක් තියෙන්න පුළුවන්, තාරා.

249
00:29:51,750 --> 00:29:54,666
ඒත් ඇත්ත තියෙන්නේ එකයි.

250
00:29:56,541 --> 00:29:58,333
ඒ එකම ඇත්තෙන් කතා කරද්දී...

251
00:29:59,541 --> 00:30:01,083
ඒ හැමදේම ඇහෙන්නේ එකම විදිහට.

252
00:30:05,541 --> 00:30:08,208
ඔයා මේ ගමන යන එක ගැන මට සතුටුයි.

253
00:30:12,666 --> 00:30:14,833
දැන් ඉස්සරහට යන්න වෙලාව.

254
00:30:15,250 --> 00:30:16,541
තව ගොඩක් තැන් වලට යන්න තියෙනවා.

255
00:30:24,125 --> 00:30:25,458
ඇත්තටම, ඔයාට මේ පොත කොහෙන්ද හම්බවුණේ?

256
00:30:27,666 --> 00:30:29,333
මම කිව්වනේ, මට කොහේ හරි
වැටිලා තියෙද්දි හම්බවුණේ.

257
00:30:30,416 --> 00:30:31,666
හම්බවුණ කෙනාට අයිතියි, නේද?

258
00:30:32,333 --> 00:30:33,958
කාගෙ වුණාම මොකද!

259
00:30:43,833 --> 00:30:45,000
ඔයාත් මාත් එක්ක එනවද?

260
00:34:11,750 --> 00:34:15,833
ඔහ් වාව්! මේක හරිම ලස්සනයි.

261
00:34:16,500 --> 00:34:18,916
මම අදහස් කළේ මේක විතරක් නෙමෙයි.

262
00:34:19,500 --> 00:34:21,125
මම කිව්වේ මේ මුළු නිර්මාණයම.

263
00:34:21,666 --> 00:34:23,625
හැමදේම එකිනෙකට සම්බන්ධයි වගේ.

264
00:34:24,291 --> 00:34:27,541
මට හිතෙන්නේ මේ හැම පොඩි දෙයක්ම

265
00:34:28,125 --> 00:34:31,083
ලොකු ජිග්සෝ පසල් එකක කොටසක් කියලා.

266
00:34:32,708 --> 00:34:34,416
එකිනෙකට සම්බන්ධ වෙන

267
00:34:35,125 --> 00:34:36,708
එකිනෙක සම්පූර්ණ කරන කොටස්.

268
00:34:38,416 --> 00:34:39,791
කොහෙන්වත් පටන්ගන්නෙත් නැති...

269
00:34:40,583 --> 00:34:41,666
කොතනකින්වත් ඉවරවෙන්නෙත් නැති.

270
00:34:43,041 --> 00:34:46,958
මේ හැමදේම කොහොම නිර්මාණය වුණාද?

271
00:34:48,000 --> 00:34:50,291
මට ප්‍රශ්න ගොඩක් තියෙනවා

272
00:34:51,375 --> 00:34:52,750
ඒත් එකකටවත් උත්තර නෑ.

273
00:34:54,125 --> 00:34:56,291
හැම උත්තරයක්ම තියෙන්නේ ඔයා ඇතුළේ.

274
00:34:57,458 --> 00:34:58,708
ඔයාට තියෙන්නේ ඔයාගේ ඇතුළාන්තය දිහා බලන්න.

275
00:35:04,958 --> 00:35:06,750
ඒත් මට බයයි.

276
00:35:08,375 --> 00:35:09,750
මට හම්බවෙන දේවල්

277
00:35:09,833 --> 00:35:12,125
තනිකම සහ හිස්කම විතරක් වුණොත්?

278
00:35:14,833 --> 00:35:16,500
ඔයා ඇතුළේ ආලෝකයක් තියෙනවා, තාරා.

279
00:35:18,000 --> 00:35:21,125
ආලෝකය තියෙන තැනක,
හිස්කමක් තියෙන්න බෑ.

280
00:35:22,416 --> 00:35:23,958
එතන තියෙන්නේ ආදරය විතරයි.

281
00:35:24,791 --> 00:35:26,333
ආදරය වේදනාවත් ගේනවා.

282
00:35:28,625 --> 00:35:31,833
වේදනාව ගේන්නේ ආදරය නෙමෙයි.
බැඳීමයි.

283
00:35:32,625 --> 00:35:35,708
ආදරය තියෙන තැනක,
අනිවාර්යයෙන්ම බැඳීමක් ඇතිවෙනවා.

284
00:35:36,208 --> 00:35:38,833
ඔයා හිතන විදිහට ආදරය කියන්නේ මොකක්ද?

285
00:35:41,875 --> 00:35:45,333
කෙනෙක් ගැන ගොඩක්
ප්‍රබල හැඟීමක් ඇතිවුණාම...

286
00:35:45,500 --> 00:35:47,250
එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හිතෙන.

287
00:35:47,708 --> 00:35:49,875
මම හිතන්නේ ආදරය කියන්නේ ඒකට.

288
00:35:50,583 --> 00:35:51,541
ඒක එහෙම තමයි

289
00:35:52,375 --> 00:35:53,583
ඒත් ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.

290
00:35:54,416 --> 00:35:57,458
ඒක නිකන්ම හැඟීමක් නෙමෙයි. ඒක බලවේගයක්.

291
00:35:57,875 --> 00:35:59,333
ඒක හැම අංශුවකම තියෙනවා.

292
00:36:02,083 --> 00:36:04,875
ඔයා කිව්වා හැමදේම සම්බන්ධයි වගේ කියලා.

293
00:36:05,416 --> 00:36:06,750
එහෙනම් මොකක්ද ඒ එකම දේ...

294
00:36:07,208 --> 00:36:09,416
මේ හැමදේම එකට බැඳලා තියාගන්න?

295
00:36:12,750 --> 00:36:14,208
ආදරයද?

296
00:36:14,333 --> 00:36:15,333
ඒක හැමතැනම තියෙනවා.

297
00:36:16,416 --> 00:36:17,708
අපි හැදිලා තියෙන්නෙත් ඒකෙන්.

298
00:36:19,208 --> 00:36:21,583
අපි හැඟීම් වලට ආදරය කියලා රැවටෙනවා.

299
00:36:21,875 --> 00:36:23,958
ඒත් ඒකෙන් පෙන්නුම් කරන්නේ
ඒකේ විවිධ පැතිකඩවල් විතරයි.

300
00:36:24,833 --> 00:36:27,875
අම්මා කෙනෙක්ගෙ හදවතක් හරහා යද්දී,
ඒක මව් සෙනෙහසක් වෙනවා.

301
00:36:28,625 --> 00:36:32,250
පෙම්වතෙක්ට, ඒක ආදරයක් වෙනවා.

302
00:36:34,000 --> 00:36:36,333
අපි ඒකට කොන්දේසි දානවා.

303
00:36:37,291 --> 00:36:38,750
අපි බලාපොරොත්තු ඇති කරගන්නවා.

304
00:36:39,708 --> 00:36:41,000
ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවුණාම...

305
00:36:42,125 --> 00:36:43,500
අපිට දුක හිතෙනවා.

306
00:36:44,708 --> 00:36:49,208
ආදරයයි වේදනාවයි වෙන් කරන එක ලේසි නෑ.

307
00:36:49,666 --> 00:36:50,791
ඒක ලේසි නෑ,

308
00:36:51,791 --> 00:36:55,000
ඒත් ඊට වඩා අමාරුයි
ඔයාව ආදරෙන් වෙන් කරන එක.

309
00:36:55,750 --> 00:36:56,875
ඔයා දන්නවද ඇයි කියලා?

310
00:36:58,083 --> 00:36:59,291
මොකද ඔයා...

311
00:36:59,916 --> 00:37:01,541
ආදරය නිසා.

312
00:37:20,791 --> 00:37:25,500
ඔයා දන්නවද, මට කවදාවත්
ඇත්ත යාළුවෝ හිටියේ නෑ.

313
00:37:27,291 --> 00:37:29,625
- හිටියෙම නෑ වගේ.
- ඒ ඇයි?

314
00:37:31,125 --> 00:37:32,125
මම දන්නේ නෑ.

315
00:37:33,416 --> 00:37:35,750
මට කවදාවත් කා එක්කවත්
ඒ වගේ බැඳීමක් දැනිලා නෑ.

316
00:37:37,875 --> 00:37:40,375
සමහරවිට මම...

317
00:37:40,750 --> 00:37:42,375
...අනිත් අයට වඩා ගොඩක් වෙනස් ඇති.

318
00:37:47,416 --> 00:37:48,833
ඒත් දැන් මට හිතෙනවා...

319
00:37:49,416 --> 00:37:50,833
මට යාළුවෙක් ඉන්නවා කියලා.

320
00:37:54,833 --> 00:37:56,375
එදා ඔයා මට බය වෙලා හිටියේ නැද්ද?

321
00:37:57,500 --> 00:37:59,541
මට කිව්වේ නාඳුනන කෙනෙක් කියලා.

322
00:38:00,833 --> 00:38:03,833
මම බය වුණේ නෑ. මම ඇයි ඔයාට බය වෙන්නේ?

323
00:38:03,958 --> 00:38:06,416
මම මිනිස්සුන්ගේ අදහස් අඳුරගන්න
දක්ෂයි, හරිද?

324
00:38:07,750 --> 00:38:09,000
අඳුරගන්න...

325
00:38:09,083 --> 00:38:10,458
අනේ මේ!

326
00:38:10,541 --> 00:38:13,208
මට ආයේ අනන්‍යතාවය ගැන බණ කියන්න එපා!

327
00:38:13,333 --> 00:38:15,458
අදට ඔය දර්ශනේ ඇහුවා ඇති.

328
00:38:15,541 --> 00:38:16,708
හරිද?

329
00:38:16,958 --> 00:38:17,958
හරි.

330
00:38:20,041 --> 00:38:21,833
මට කියන්න,

331
00:38:22,083 --> 00:38:24,000
ඔයාට ගොඩක් සතුටු හිතුණාම

332
00:38:24,416 --> 00:38:25,625
ඔයා මොකද කරන්නේ?

333
00:38:27,375 --> 00:38:30,416
'සතුටු හිතුණාම' කියලා එකක් නෑ.
මම හැමතිස්සෙම සතුටින්.

334
00:38:31,208 --> 00:38:32,416
මොකක්?

335
00:38:33,750 --> 00:38:35,791
කිසිම මනුස්සයෙක් සම්පූර්ණ නෑ.

336
00:38:36,000 --> 00:38:38,750
මිනිස්සුන්ගේ මූඩ් එක වෙනස් වෙනවා.

337
00:38:43,750 --> 00:38:44,791
කොහොමහරි,

338
00:38:45,958 --> 00:38:49,333
මට සතුටු හිතුණාම මම කරන්නේ
මොකක්ද දන්නවද?

339
00:38:49,833 --> 00:38:51,000
මොකක්ද?

340
00:38:51,666 --> 00:38:53,958
මොනවා වුණත් මම අයිස්ක්‍රීම් කනවා!

341
00:38:54,250 --> 00:38:56,375
- අයිස්ක්‍රීම්?
- ඔව්.

342
00:38:56,458 --> 00:38:58,208
ඒක හැමදාම එහෙමයි.

343
00:38:58,666 --> 00:39:00,666
මට සතුටු හිතුණාම

344
00:39:00,958 --> 00:39:03,916
මට අයිස්ක්‍රීම් කන්න ආස හිතෙනවා.

345
00:39:04,083 --> 00:39:06,000
එතකොට මට කොහොමහරි කන්නම ඕනේ.

346
00:39:07,833 --> 00:39:10,083
ඉතින් ඇයි දැන් ඕක කිව්වේ?

347
00:39:12,750 --> 00:39:15,333
මොකද මට...

348
00:39:15,458 --> 00:39:17,500
දැන් අයිස්ක්‍රීම් කන්න ඕනෙ වෙලා!

349
00:39:22,833 --> 00:39:24,250
මම ගිහින් අරන් එන්නම්.

350
00:39:24,875 --> 00:39:27,083
- ඔයාට මොකක්ද ඕනේ?
- එපා.

351
00:39:27,708 --> 00:39:29,666
- ඇයි? ටිකක් කන්නකෝ.
- එපා.

352
00:39:30,916 --> 00:39:32,750
ඔයාගෙ කැමැත්තක්.

353
00:39:35,500 --> 00:39:38,791
මම ඔයාට කිව්වනේ,
මේක නිකන්ම අයිස්ක්‍රීම් නෙමෙයි

354
00:39:39,083 --> 00:39:41,625
මේ මම සතුට පළකරන විදිහ.

355
00:39:42,375 --> 00:39:43,750
ඉතින්?

356
00:39:44,291 --> 00:39:47,375
ඉතින්? සතුට බෙදාගන්න ඕනේ.

357
00:39:47,750 --> 00:39:49,916
ඔයා ඉඩ දෙන්නේ නැත්නම්
මම කොහොමද එහෙම කරන්නේ?

358
00:39:53,583 --> 00:39:54,791
හරි හරි.

359
00:39:55,958 --> 00:39:57,541
අන්න එහෙම එන්න! මේ තියෙන්නේ.

360
00:40:10,500 --> 00:40:13,333
පේන විදිහට ඔයා මීට කලින්
අයිස්ක්‍රීම් කාලාම නෑ වගේ.

361
00:40:14,208 --> 00:40:16,625
මම නිකන්... මේක...

362
00:40:18,416 --> 00:40:19,666
මේක...

363
00:40:20,083 --> 00:40:21,875
ඔයා හරිම කියුට්!

364
00:40:37,083 --> 00:40:39,500
හරි, මම දැන් යන්න ඕනේ.

365
00:40:39,916 --> 00:40:41,458
ආන්ටි බලන් ඉන්නවා ඇති.

366
00:40:43,458 --> 00:40:47,083
හෙට හම්බවෙමු වෙවේ ස්ටේෂන් එක ළඟ
තියෙන පාක් එකේදි.

367
00:40:47,291 --> 00:40:48,666
හරිද? කීයටද?

368
00:40:51,333 --> 00:40:53,958
ඇත්තනේ! ෆෝන් එකකුත් නෑ, ඔරලෝසුවකුත් නෑ.

369
00:40:56,541 --> 00:40:57,791
කලින්ම එන්න.

370
00:40:58,666 --> 00:40:59,833
ඉර පායන්න කලින්.

371
00:41:00,416 --> 00:41:01,625
හරි.

372
00:41:05,083 --> 00:41:06,291
තාරා,

373
00:41:08,333 --> 00:41:09,708
ඔයා නිතරම අයිස්ක්‍රීම් කන්න ඕනේ.

374
00:42:10,208 --> 00:42:11,458
දෙවියනේ, ආන්ටි!

375
00:42:11,708 --> 00:42:12,916
ඔයාට මොකද වුණේ?

376
00:42:14,250 --> 00:42:15,416
ඒක...

377
00:42:39,458 --> 00:42:41,250
- ඔයාට අමාරු නැද්ද?
- නෑ.

378
00:42:42,666 --> 00:42:43,625
මම ඉස්පිරිතාලෙට කතා කරන්නම්.

379
00:42:43,708 --> 00:42:46,333
එපා, කරදර වෙන්න එපා.

380
00:42:46,916 --> 00:42:48,333
මට හොඳයි.

381
00:42:48,458 --> 00:42:49,583
ඒත් ඔයා...

382
00:42:49,833 --> 00:42:51,708
මම හොඳින්, බය වෙන්න එපා.

383
00:42:51,916 --> 00:42:53,000
කලබල වෙන්න එපා.

384
00:42:53,291 --> 00:42:54,875
රිලැක්ස් වෙන්න.

385
00:42:55,416 --> 00:42:57,000
හිමීට නැගිටින්නකෝ.

386
00:42:57,125 --> 00:42:58,416
හරි.

387
00:43:04,458 --> 00:43:06,916
- එන්න, හිමීට.
- තැන්ක් යූ.

388
00:43:08,541 --> 00:43:10,208
- දැන් ටිකක් හොඳද?
- තැන්ක්ස්.

389
00:43:12,000 --> 00:43:13,083
වාඩිවෙන්නකෝ.

390
00:43:15,333 --> 00:43:16,375
දෙවි පිහිටයි.

391
00:43:18,458 --> 00:43:19,791
ඔයාට මොකද වුණේ?

392
00:43:21,750 --> 00:43:23,416
මගේ හදවත

393
00:43:24,500 --> 00:43:26,250
ඒක ගොඩක් දේවල් දරාගෙන ඉන්නේ.

394
00:43:27,416 --> 00:43:28,833
දැන් ඒක ටිකක් දුර්වල වෙලා.

395
00:43:30,416 --> 00:43:33,125
ඒ ලෙඩේට කියන්නේ කාඩියෝමයෝපති කියලා.

396
00:43:33,958 --> 00:43:36,083
සමහර වෙලාවට ඒක අඩපණ වෙනවා.

397
00:43:36,875 --> 00:43:40,916
ඒත් බෙහෙත් බිව්වාම හරියනවා.

398
00:43:42,583 --> 00:43:44,458
මම ඔයාව නිකන්ම බය කළා.

399
00:43:45,916 --> 00:43:47,625
හරි, එන්න...

400
00:43:48,291 --> 00:43:49,666
මාත් එක්ක රෑ කෑම ලෑස්ති කරන්න.

401
00:43:49,958 --> 00:43:53,375
ඔයාට අද මට උදව් කරන්න වෙනවා.
එන්න.

402
00:43:53,458 --> 00:43:55,833
ටිකක් රෙස්ට් කරන්නකෝ, මම පටන්ගන්නම්.

403
00:44:03,291 --> 00:44:06,500
කවුරුහරි එක්ක එකතුවෙලා ඉව්වේ
ගොඩක් කාලෙකින්.

404
00:44:08,875 --> 00:44:11,750
මම ඔයාට රෙස්ට් කරන්න කිව්වනේ.

405
00:44:12,458 --> 00:44:14,458
කමක් නෑ, මම හොඳින්.

406
00:44:15,750 --> 00:44:16,833
තාරා.

407
00:44:18,625 --> 00:44:20,041
ඔයා මුලින්ම අත් හෝදගන්නේ නැද්ද?

408
00:44:26,625 --> 00:44:27,875
ගිහින් ඉස්සෙල්ලා අත් හෝදගන්න.

409
00:44:28,583 --> 00:44:30,791
නෑ, මම හෝදන්නේ නෑ! මට මුකුත් එපා!

410
00:44:32,458 --> 00:44:34,791
ඇයි මේ තරහ ගිහින්?

411
00:44:37,708 --> 00:44:39,500
ඉස්කෝලේ අය මට විහිළු කරනවා.

412
00:44:40,250 --> 00:44:42,333
එයාලා කියනවා මට පිස්සු කියලා.

413
00:44:44,416 --> 00:44:46,291
ඇයි එයාලා එහෙම කියන්නේ?

414
00:44:46,625 --> 00:44:48,458
මොකද එයාලට තේරෙන්නේ නෑ.

415
00:44:48,750 --> 00:44:51,708
ඔයාට ඇරෙන්න වෙන කාටවත් මාව තේරෙන්නේ නෑ.

416
00:44:52,416 --> 00:44:54,916
මම කාටහරි කිව්වාම...

417
00:44:55,000 --> 00:44:58,583
ආලෝකයෙන් හැදුණු සමනලයෝ
මගේ වටේ කැරකෙනවා කියලා...

418
00:44:59,291 --> 00:45:02,416
ඒ වගේම මට සින්දු ඇහෙනවා...

419
00:45:03,083 --> 00:45:04,833
නිශ්ශබ්දතාවයේදී පවා...

420
00:45:05,083 --> 00:45:07,333
මම කණ්ණාඩියෙන් මං දිහා බැලුවාම...

421
00:45:07,666 --> 00:45:09,125
මට හිතෙන්නේ මම වෙන කෙනෙක් කියලා...

422
00:45:10,375 --> 00:45:12,083
මම එයාලට මේ හැමදේම කිව්වාම...

423
00:45:12,791 --> 00:45:14,500
එයාලා මට හිනාවෙනවා.

424
00:45:15,375 --> 00:45:18,541
තාරා, හැමෝටම ඔයාව තේරුම් ගන්න බෑ.

425
00:45:19,000 --> 00:45:22,500
ඒ නිසා සමහර වෙලාවට ඔයාට තනිකමක් දැනෙයි.

426
00:45:22,791 --> 00:45:24,416
ඒත් ඔයා තනිවෙලා නෑ.

427
00:45:25,416 --> 00:45:26,958
ආලෝකය හැමතිස්සෙම ඔයා එක්ක තියෙනවා.

428
00:45:27,375 --> 00:45:29,125
දවසක...

429
00:45:29,250 --> 00:45:31,750
ඔයාට කාවහරි හම්බවෙයි...

430
00:45:31,875 --> 00:45:34,416
ඔයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ව.

431
00:45:35,250 --> 00:45:36,291
ඇත්තටමද?

432
00:45:38,041 --> 00:45:39,041
ඇත්තටමයි.

433
00:46:21,666 --> 00:46:22,875
තාරා,

434
00:46:22,958 --> 00:46:24,250
පොඩ්ඩක් ඉන්න.

435
00:46:24,750 --> 00:46:25,750
මොකද වුණේ?

436
00:46:26,208 --> 00:46:27,125
අවුලක් නෑනේ?

437
00:46:27,791 --> 00:46:28,875
අහන්න,

438
00:46:29,625 --> 00:46:32,791
මට මැදිහත් වෙන්න අයිතියක් නෑ

439
00:46:33,541 --> 00:46:35,916
ඒත් මම කැමතියි ඔයා මීට වඩා
ටිකක් කල්පනාවෙන් වැඩ කරනවා නම්.

440
00:46:36,791 --> 00:46:39,041
ඒ කිව්වේ? මට තේරුණේ නෑ.

441
00:46:40,625 --> 00:46:43,958
ඔයා වීසා ඇප්ලිකේෂන් එකේ කොපියක්
ගෙදර දාලා ඇවිත්.

442
00:46:45,708 --> 00:46:49,000
එහෙමයි ඔයාගේ තාත්තා ඔයාගේ
බුකින් ඩීටේල්ස් හොයාගෙන තියෙන්නේ.

443
00:46:49,791 --> 00:46:51,791
එයා මගේ නම්බර් එක හොයාගෙන මට කතා කළා.

444
00:46:53,458 --> 00:46:55,083
මට එයා එක්ක කතා කරන්න ඕනේ නෑ.

445
00:46:55,500 --> 00:46:58,083
මට සමාවෙන්න තාරා, ඒත් එයා ඉල්ලුවා.

446
00:46:58,375 --> 00:46:59,416
එයාලා තාම ලයින් එකේ ඉන්නවා.

447
00:46:59,583 --> 00:47:00,958
මේක නම් හරි නෑ ආන්ටි.

448
00:47:01,500 --> 00:47:02,583
මට සමාවෙන්න.

449
00:47:05,416 --> 00:47:08,333
තාරා, ඔයා අපේ කෝල්ස් ආන්සර් කරන්නේ නෑනේ.

450
00:47:08,541 --> 00:47:10,333
අපේ මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ.

451
00:47:10,791 --> 00:47:13,083
අපි කොච්චර දුකක් විඳිනවද කියලා
ඔයාට තේරෙන්නේ නෑ.

452
00:47:13,875 --> 00:47:16,000
වුණ දේ වුණා, දුවේ.

453
00:47:16,375 --> 00:47:17,666
තරහ වෙන්න එපා.

454
00:47:17,916 --> 00:47:20,291
අපි තව දවස් කිහිපයකින් එහේ එනවා.

455
00:47:21,000 --> 00:47:22,625
තනියම රස්තියාදු ගහන්න එපා, තාරා.

456
00:47:23,333 --> 00:47:24,500
ඒක අලුත් තැනක්.

457
00:47:24,916 --> 00:47:26,583
ඔයා පරිස්සම් වෙන්න ඕනේ.

458
00:47:27,333 --> 00:47:28,958
මම ඩේවි ට කියලා තියෙන්නේ...

459
00:47:29,083 --> 00:47:30,333
ඔයා එයාට මොනවද කිව්වේ?

460
00:47:30,833 --> 00:47:33,125
මාව මෙහෙත් හිරකරලා තියන්න කියලද?

461
00:47:34,125 --> 00:47:37,458
ඔයාලා කවදාවත් මට නිදහසේ ඉන්න දුන්නේ නෑ.

462
00:47:38,125 --> 00:47:40,791
මගේ ජීවිතේ පළවෙනි වතාවට
මට ඕනෙ දෙයක් මම කළා

463
00:47:41,250 --> 00:47:43,250
ඔයාලා ආයෙමත් මාව නවත්තන්න හදනවා!

464
00:47:44,208 --> 00:47:45,833
මට තවත් හිරවෙලා ඉන්න බෑ.

465
00:47:46,625 --> 00:47:48,250
මට ඔයාලා එක්ක කතා කරන්න ඕනේ නෑ.

466
00:47:54,083 --> 00:47:55,291
ඔයා කිව්ව දේ හරි.

467
00:47:56,500 --> 00:47:59,416
ඔයාට මැදිහත් වෙන්න කිසිම අයිතියක් නෑ.

468
00:48:00,208 --> 00:48:02,000
මම ඔයාගේ හෝම්ස්ටේ එකේ ඉන්න ආගන්තුකයෙක් විතරයි,

469
00:48:02,416 --> 00:48:03,500
ඊට වඩා මුකුත් නෑ.

470
00:48:03,708 --> 00:48:05,291
ඔයාට මේ විදිහට ඉන්න බැරිනම්...

471
00:48:05,375 --> 00:48:06,708
මම වෙන තැනක් හොයාගන්නම්.

472
00:48:27,291 --> 00:48:28,666
මේ ලස්සන දර්ශනේ එක්කත් තරහින්ද?

473
00:48:30,416 --> 00:48:31,916
ඒක ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා...

474
00:48:32,750 --> 00:48:34,000
...ඒත් ඔයා ඒ දිහා බලන්නෙවත් නෑ.

475
00:48:40,000 --> 00:48:43,333
මම තරහින් ඉන්නේ මොකකටද කියලා මම දන්නේ නෑ.

476
00:48:46,333 --> 00:48:47,958
ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද?

477
00:48:50,666 --> 00:48:54,500
මගේ දෙමව්පියෝ මාව කොහේහරි යන එක
නැවැත්තුව හැම වෙලාවෙම

478
00:48:54,958 --> 00:48:57,375
එහෙමත් නැත්නම් මගේ තීරණ පාලනය කළාම

479
00:48:57,833 --> 00:49:01,416
මට ඕනෙ වුණේ නිදහස් වෙන්න විතරයි.

480
00:49:01,958 --> 00:49:03,666
මට ඕනෙ වුණේ මගේ තීරණ මමම අරන්

481
00:49:03,750 --> 00:49:05,708
අලුත් තැන් වලට යන්න.

482
00:49:06,291 --> 00:49:08,333
දැන් මම ඒ දේ කරනවා

483
00:49:08,416 --> 00:49:10,625
මට නිදහසක් දැනෙන්න ඕනෙනේ?

484
00:49:10,958 --> 00:49:12,583
ඒත් මට එහෙම දැනෙන්නේ නෑ!

485
00:49:16,375 --> 00:49:18,666
මට දැනෙන්නේ මම තාමත් හිරවෙලා කියලා

486
00:49:19,625 --> 00:49:21,291
මොකද මට නොහිතා ඉන්න බෑ

487
00:49:22,000 --> 00:49:23,750
මම ආත්මාර්ථකාමීයි කියලා.

488
00:49:24,333 --> 00:49:25,958
මම මගේ දෙමව්පියන්ව රිදවනවා.

489
00:49:26,583 --> 00:49:28,375
එයාලා මට ආදරෙයි

490
00:49:29,458 --> 00:49:31,458
ඒ වගේම මම ගැන බය වෙලා ඉන්නේ.

491
00:49:33,875 --> 00:49:36,750
මට එයාලව රිදවන්න ඕනෙ වුණේ නෑ, ආකාශ්

492
00:49:39,875 --> 00:49:44,416
එතකොට ආදරය? ආදරය අපිව නිදහස් කරනවා නේද?

493
00:49:45,125 --> 00:49:46,958
එහෙනම් ඇයි මට මේ හුස්ම හිරවෙනවා වගේ දැනෙන්නේ?

494
00:49:49,291 --> 00:49:51,000
එයාලට තේරෙන්නේ නෑ.

495
00:49:51,791 --> 00:49:53,416
මම එයාලට කොහොමද කියන්නේ

496
00:49:53,625 --> 00:49:55,625
මේක මට වැදගත් කියලා?

497
00:49:55,708 --> 00:49:58,208
මට ඕනේ මාවම හොයාගන්න.

498
00:49:58,708 --> 00:50:01,958
ඒත් දැන් මම ඉන්නේ වරදකාරී හැඟීමකින්.

499
00:50:04,416 --> 00:50:05,708
මම එහෙනම් මොකක්ද කරන්නේ?

500
00:50:07,041 --> 00:50:09,500
ආදරය ඔයාව නිදහස් කරනවා කියන එක ඇත්ත

501
00:50:11,041 --> 00:50:14,125
ඒත් මනුස්ස ආදරය කියන්නේ හෙවනැල්ලක් විතරයි

502
00:50:14,625 --> 00:50:16,125
ඇත්තම ආදරය කියන්නේ මොකක්ද කියන එකේ.

503
00:50:16,208 --> 00:50:19,166
මිනිස්සු ආත්ම ගාණක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා

504
00:50:19,750 --> 00:50:21,791
වෙනස් වෙන අනන්‍යතාවයන් හරහා

505
00:50:21,958 --> 00:50:24,500
හිතාගන්න බැරි තරම් බරවල් දරාගෙන.

506
00:50:25,666 --> 00:50:27,625
ඉතින් පුදුමයක් නෑ මනුස්ස ආදරය

507
00:50:27,791 --> 00:50:29,541
හැඟීම් වලින් යටපත් වෙන එක ගැන.

508
00:50:30,916 --> 00:50:32,541
ඔයාට මේවා පැටලෙන එක සාමාන්‍යයි.

509
00:50:33,250 --> 00:50:34,750
මේක ලේසි නෑ.

510
00:50:36,291 --> 00:50:37,875
හැමදාම මතක තියාගන්න,

511
00:50:39,458 --> 00:50:43,041
ආදරයයි හැඟීමුයි කියන්නේ දෙකක්.

512
00:50:44,083 --> 00:50:47,083
ආදරය ඔයාට හීන හැබෑ කරගන්න ශක්තිය දෙනවා.

513
00:50:48,375 --> 00:50:49,750
ඒකෙන් ඔයාව හිරකරන්නේ නෑ.

514
00:50:49,958 --> 00:50:52,583
ඔයාගේ දෙමව්පියන්ට ඒක දැන් තේරෙන්නේ නැතිවෙයි

515
00:50:53,000 --> 00:50:55,541
ඒත් ඔයා එයාලව තේරුම් ගත්තොත්

516
00:50:56,791 --> 00:50:58,375
ඔයාට දුක හිතෙන එකක් නෑ.

517
00:50:59,791 --> 00:51:03,458
දවසක එයාලා ඔයාව තේරුම් ගන්නත් පුළුවන්.

518
00:51:04,791 --> 00:51:07,708
මේක දුක් වෙවී ඉන්න වෙලාවක් නෙමෙයි.

519
00:51:09,833 --> 00:51:12,333
ඔයා කොහොමත් කරන්නේ

520
00:51:13,208 --> 00:51:14,666
ඔයාට කරන්න ඕනෙ වුණ දේනේ.

521
00:51:15,916 --> 00:51:17,333
ඉතින් ඒක සතුටින් විඳින්න.

522
00:51:20,250 --> 00:51:22,500
ඔයා කොහොමද මේ දේවල් මෙච්චර හොඳට දන්නේ?

523
00:51:24,750 --> 00:51:25,875
ඔයාටත් තේරෙයි.

524
00:51:27,416 --> 00:51:30,833
ඔයා ඔයාවම අඳුරගත්ත දවසට,
ඔයා හැමදේම දැනගනීවි.

525
00:51:32,583 --> 00:51:34,541
දැනට මම ඔයාව අඳුරගන්නවා.

526
00:51:37,041 --> 00:51:39,416
ඒකත් ඒ වගේම තමයි.
ඔයා මොකද හිතන්නේ?

527
00:51:41,583 --> 00:51:42,708
ඔයයි මායි

528
00:51:45,458 --> 00:51:46,541
වෙනස් කියලාද?

529
00:51:51,916 --> 00:51:56,041
ඔයාට ඒක කියන්න පුළුවන්,
මම දැන් ඒකට තරහ නෑ.

530
00:52:06,333 --> 00:52:07,541
මාලිගාව කොහොමද?

531
00:52:09,458 --> 00:52:11,125
ඔයාගේ විශේෂ තැන...

532
00:52:11,416 --> 00:52:12,875
ඒක ඇත්තටම විශේෂයි.

533
00:52:13,000 --> 00:52:14,625
අනිවාර්යයෙන්ම.

534
00:52:20,500 --> 00:52:22,500
චිලන් මාලිගාව.
ලස්සනයි නේද?

535
00:52:23,833 --> 00:52:25,416
මෙහේ නවතින්න හිතෙනවද?

536
00:52:25,916 --> 00:52:28,291
මට මේක මගේම කරගන්න තිබුණා නම්.

537
00:52:29,083 --> 00:52:30,750
ආසාවල් ගොඩයි!

538
00:52:34,416 --> 00:52:37,500
දෙවියනේ! ඒ මිදුලමයි.

539
00:52:41,416 --> 00:52:43,000
ඒ පොතේ තියෙනවා අවස්ථාවක්

540
00:52:43,375 --> 00:52:44,958
එයාලා දෙන්නා මෙතන ඩාන්ස් කරන.

541
00:52:45,208 --> 00:52:48,208
මම හැමදාම හිතුවා මාත් එහෙම ඩාන්ස් කරනවා කියලා.

542
00:52:48,416 --> 00:52:51,583
මම ඒ බෝල්රූම් ඩාන්ස් වලට ගොඩක් ආසයි,
ඒකත් මෙතනදිම!

543
00:54:28,666 --> 00:54:29,875
තව ආසාවල් තියෙනවද?

544
00:54:36,291 --> 00:54:40,333
දැන් නම් එකක්වත් හිතාගන්න බෑ.

545
00:54:42,250 --> 00:54:44,333
මට වෙන මුකුත් එපා වගේ දැනෙන්නේ.

546
00:54:48,291 --> 00:54:51,833
අපිට හැමදාම මේ වගේ ඉන්න තිබුණා නම්.

547
00:54:59,375 --> 00:55:00,500
ඒ ගැන හිතුවාම,

548
00:55:01,750 --> 00:55:03,583
ඒකත් ආසාවක් නේද!

549
00:55:07,875 --> 00:55:09,000
කාලයක් එයි

550
00:55:10,500 --> 00:55:12,000
මේ ආසාවත් නැති වෙලා යන.

551
00:55:12,291 --> 00:55:13,375
එතකොට කොහොම තියෙයිද?

552
00:55:14,750 --> 00:55:16,250
ඔයාට බලාගන්න පුළුවන් වෙයි.

553
00:55:20,000 --> 00:55:21,583
ඊළඟට කොහෙද?

554
00:55:23,333 --> 00:55:27,708
හෙට වෙන තැනකට, ඊටත් වඩා විශේෂ තැනකට.

555
00:55:32,041 --> 00:55:36,041
එයාලා කියනවා ක්ලයින් ෂෙයිඩෙග් කන්දේ
ලස්සනම පේන්නේ මෙතනට කියලා.

556
00:55:56,583 --> 00:56:00,541
දෙවියනේ! මොකක්ද මේ තැන?

557
00:56:03,583 --> 00:56:06,875
ඒ පොතේ මේ තැන ගැන
ලස්සනට විස්තර කරලා තියෙනවා.

558
00:56:07,833 --> 00:56:11,083
ඒත් මේක ඇත්තටම මෙච්චර ලස්සනයි කියලා
මම හිතුවේ නෑ.

559
00:56:13,375 --> 00:56:15,333
වචන විතරක් ප්‍රමාණවත් වුණා නම්...

560
00:56:16,333 --> 00:56:17,958
මේ නිර්මාණය විස්තර කරන්න,...

561
00:56:21,083 --> 00:56:25,166
සමහරවිට අපිත් මොකක්හරි පොතක පිටු අතර
ජීවත් වෙන චරිත වෙන්න තිබුණා.

562
00:56:26,458 --> 00:56:27,958
ඇත්තටම.

563
00:56:30,375 --> 00:56:32,666
මේකේ තියෙන්නේ ලස්සන විතරක් නෙමෙයි

564
00:56:33,000 --> 00:56:36,708
ඊට වඩා ගැඹුරුයි.
මේ තැනේ මොකක්දෝ දෙයක් තියෙනවා.

565
00:56:39,916 --> 00:56:41,375
ඒක වෙනස්ම හැඟීමක්.

566
00:56:44,000 --> 00:56:45,166
තාරා, ඔයා දන්නවද,

567
00:56:46,875 --> 00:56:48,583
ආලෝකයේ ලෝකයක් තියෙනවා කියලා.

568
00:56:51,458 --> 00:56:53,833
තිරයකින් ඒක වෙන් කරනවා...

569
00:56:55,208 --> 00:56:56,708
මේ ලෝකයෙන්.

570
00:56:59,708 --> 00:57:02,833
සමහර තැන් වල ඒ තිරය ගොඩක් තුනීයි.

571
00:57:08,041 --> 00:57:12,083
පොතේ, එයාලා මෙතනට ආවාම...

572
00:57:13,458 --> 00:57:15,125
එයාලට තේරෙනවා...

573
00:57:18,208 --> 00:57:19,666
එයාලා ආදරෙන් බැඳිලා කියලා.

574
00:57:24,250 --> 00:57:25,541
ඊටපස්සේ...

575
00:57:27,833 --> 00:57:31,500
ටික වෙලාවකින් එයාලා දෙයක් දැනගන්නවා.

576
00:57:31,708 --> 00:57:33,666
එයාලට කවදාවත් එකට ඉන්න බැරි බව.

577
00:57:37,541 --> 00:57:41,000
ඒත් මගේ කතාවේ අවසානයේ...

578
00:57:41,166 --> 00:57:45,083
එයාලා හැමදාම එකට ඉන්නවා.

579
00:57:46,958 --> 00:57:48,500
ඔයාගේ කතාවේ?

580
00:57:50,416 --> 00:57:54,250
මම කිව්වනේ මට මේ පොත කොහේහරි
වැටිලා තියෙද්දි හම්බවුණේ කියලා.

581
00:57:54,791 --> 00:57:58,250
ඒකේ අන්තිම පිටු ටික තිබුණේ නෑ.

582
00:57:59,041 --> 00:58:00,541
ඉතින් ඒකට අවසානයක් නෑ.

583
00:58:01,958 --> 00:58:03,375
ඉතින්, මම හිතුවා...

584
00:58:04,208 --> 00:58:07,125
මම ඒකට මගේම අවසානයක් හිතනවා කියලා.

585
00:58:08,708 --> 00:58:11,500
ඒ අවසානයේදී...

586
00:58:11,750 --> 00:58:14,166
එයාලා හැමදාම එකට ඉන්නවා.

587
00:58:19,875 --> 00:58:21,458
ඔයා කෙනෙක්ට ගොඩක් ගැඹුරින් ආදරය කරනවා නම්...

588
00:58:26,041 --> 00:58:27,625
එයාලා ළඟ හිටියත් දුර හිටියත්
ඒක ප්‍රශ්නයක් නෑ...

589
00:58:31,541 --> 00:58:33,083
මොකද එයාලා හැමදාම ඔයා එක්ක ඉන්නවා.

590
00:58:44,416 --> 00:58:46,208
කොච්චර නිස්කලංක පල්ලියක්ද!

591
00:58:46,958 --> 00:58:48,916
මට යන්න හිතුණෙම නෑ.

592
00:58:51,791 --> 00:58:53,416
ඔයා තාම මට කිව්වේ නෑනේ.

593
00:58:53,875 --> 00:58:55,333
මොකක්ද?

594
00:58:55,416 --> 00:58:57,833
ඇයි පොතේ එයාලට එකට ඉන්න බැරි?

595
00:58:58,791 --> 00:59:01,041
මම කොහොමද ඒක පැහැදිලි කරන්නේ?

596
00:59:01,500 --> 00:59:04,375
මේකයි, මේ කතාවේ ප්‍රධාන චරිතය,
එයා මනුස්සයෙක් නෙමෙයි.

597
00:59:09,125 --> 00:59:10,958
ඔයා මොකක්ද අදහස් කළේ?

598
00:59:11,333 --> 00:59:15,375
මම කිව්වේ, එයා දේවදූතයෙක්.

599
00:59:15,875 --> 00:59:17,583
එයා මේ ලෝකේ කෙනෙක් නෙමෙයි.

600
00:59:28,500 --> 00:59:29,875
දෙවියනේ!

601
00:59:35,916 --> 00:59:38,416
මට ආයෙමත් අයිස්ක්‍රීම් කන්න හිතෙනවා.

602
00:59:43,416 --> 00:59:45,416
අපි යමුද? ළඟ කඩයක් තියෙනවා.

603
00:59:45,625 --> 00:59:47,166
අපි කමු. එන්න.

604
00:59:49,875 --> 00:59:51,166
මොකද වුණේ?

605
00:59:51,375 --> 00:59:53,000
තාමත් එපාද?

606
00:59:53,750 --> 00:59:56,541
ප්‍රශ්නයක් නෑ, මම ඔයාගේ එකත් කන්නම්.

607
00:59:56,708 --> 00:59:57,541
හරිද?

608
01:00:29,458 --> 01:00:31,416
ඔයාට මුකුත් වෙන්නේ නෑ.

609
01:01:58,500 --> 01:01:59,625
මොකද වුණේ?

610
01:02:06,250 --> 01:02:07,416
දැන් මොකක්ද වුණේ?

611
01:02:07,875 --> 01:02:08,875
ඔයා දැන් හොඳින්.

612
01:02:10,500 --> 01:02:11,500
ඔයා හොඳින්.

613
01:02:13,083 --> 01:02:14,000
- නෝනා?
- ඔයා හොඳින්.

614
01:02:14,750 --> 01:02:17,000
නෝනා, ඔයාට අමාරු නැද්ද?

615
01:02:18,125 --> 01:02:20,416
- ආකාශ්!
- ඔයාට මොකද වුණේ?

616
01:02:22,416 --> 01:02:23,500
ඔයා මොකක් දිහාද බලන් ඉන්නේ?

617
01:02:24,833 --> 01:02:26,916
එතන කවුරුත් නෑ, නෝනා.
ඔයාට තුවාලද?

618
01:02:27,500 --> 01:02:29,166
අපි ඉස්පිරිතාලෙකට යන්න ඕනේ.

619
01:02:29,375 --> 01:02:30,500
ඔයාට නැගිටින්න පුළුවන්ද?

620
01:02:30,625 --> 01:02:31,875
ඔයාට නැගිටින්න පුළුවන්ද?

621
01:02:32,416 --> 01:02:33,708
හරි.

622
01:02:34,916 --> 01:02:37,500
ඔයා ඉස්පිරිතාලෙකට යන්න ඕනේ.

623
01:02:39,875 --> 01:02:41,625
නෝනා, ඔයාට ඇවිදින්න පුළුවන්ද?

624
01:03:09,500 --> 01:03:10,791
තාරා?

625
01:03:15,583 --> 01:03:18,583
ආන්ටි, මට සනීප නෑ.

626
01:03:19,250 --> 01:03:22,625
ඔයා උදේ කෑම කන්න.
මට එන්න බැරිවෙයි.

627
01:03:24,416 --> 01:03:28,708
තාරා, මම එහෙම කරන්න හොඳ නෑ.

628
01:03:30,708 --> 01:03:33,375
මම සීමාව පැනලා ඔයාව දුක් කළා.

629
01:03:33,625 --> 01:03:35,500
ඒක නිසා වෙන්න ඇති ඔයා කලබල වෙලා...

630
01:03:35,791 --> 01:03:38,791
අනතුරක් වුණේ.

631
01:03:39,208 --> 01:03:40,875
ඔයාට මුකුත් නොවුණ එක ගැන
දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ.

632
01:03:42,875 --> 01:03:45,375
ඔයාට මොකක්හරි වුණා නම්

633
01:03:46,375 --> 01:03:48,833
මම ජීවිත කාලෙම දුක් වෙයි.

634
01:03:49,958 --> 01:03:51,416
එහෙම කියන්න එපා, ආන්ටි.

635
01:03:52,416 --> 01:03:55,625
ඇත්තටම, මමයි කෑගැහුවේ.

636
01:03:59,583 --> 01:04:01,166
ඉන්න, මම එළියට එන්නම්.

637
01:04:01,375 --> 01:04:03,416
නෑ, ඔයා රෙස්ට් කරන්න.

638
01:04:12,083 --> 01:04:13,666
මම දන්නේ නෑ ඇයි කියලා...

639
01:04:16,250 --> 01:04:18,166
මට හිතෙන්නේ ඔයා මගේම කෙනෙක් වගේ.

640
01:04:19,333 --> 01:04:21,375
හරියට අපේ පරණ බැඳීමක් තියෙනවා වගේ.

641
01:04:23,333 --> 01:04:24,500
එච්චරයි.

642
01:05:16,416 --> 01:05:17,791
ඔයා මොකෙක්ද?

643
01:05:21,666 --> 01:05:23,208
ඒක විස්තර කරන්න අමාරුයි, තාරා.

644
01:05:24,375 --> 01:05:26,333
බොරු කියන්න ලේසියි නේද?

645
01:05:26,416 --> 01:05:28,500
මම කවදාවත් ඔයාට බොරු කිව්වේ නෑ.

646
01:05:29,625 --> 01:05:32,625
- මට කවදාවත් එහෙම කරන්න බෑ.
- ඒත් ඔයා දේවල් හැංගුවා.

647
01:05:35,125 --> 01:05:38,166
- ඒක ඇත්තක් නෙමෙයි, තාරා.
- එහෙනම් ඇත්ත මොකක්ද?

648
01:05:50,250 --> 01:05:51,833
ඔයා හොල්මනක්ද?

649
01:05:55,625 --> 01:05:57,083
එහෙනම් ඔයා කවුද?

650
01:06:02,000 --> 01:06:04,458
මම කවුද කියන එක වැදගත් නෑ...

651
01:06:07,083 --> 01:06:09,583
...ඔයා මාව අඳුරනවා නම්.

652
01:06:17,166 --> 01:06:18,583
ඔයා මේ ලෝකේ කෙනෙක් නෙමෙයි.

653
01:06:21,166 --> 01:06:22,750
හරිද?

654
01:06:25,000 --> 01:06:27,333
ඒත් ඔයා පේන්නේ මනුස්සයෙක් වගේ.

655
01:06:29,416 --> 01:06:32,250
මොකද මමත් කාලයක් මනුස්සයෙක්ව හිටියා.

656
01:06:34,458 --> 01:06:35,916
දළඹුවෙක් එයාගේ බඩගාන ජීවිතේ...

657
01:06:36,125 --> 01:06:39,000
අවසානයට ආවාම,...

658
01:06:39,583 --> 01:06:41,791
...එයා කෝෂයක් ඇතුළේ හැංගෙනවා.

659
01:06:43,125 --> 01:06:45,166
ඊටපස්සේ එයා සමනලයෙක් වෙලා එළියට ඇවිත්

660
01:06:45,458 --> 01:06:47,125
අහසේ පියාඹනවා.

661
01:06:48,666 --> 01:06:52,708
එයා ඇතුළතින් වෙනස් වෙන්නේ නෑ
ඒත් වටපිටාවේ ලෝකය වෙනස් වෙනවා.

662
01:06:54,500 --> 01:06:56,708
අපේ ගමනත් ඒ වගේ තමයි.

663
01:06:59,000 --> 01:07:02,208
තාරා, මේ ලෝකෙන් එහාට
තව ලෝක ගොඩක් තියෙනවා.

664
01:07:02,625 --> 01:07:04,750
ආත්ම ගාණක් මෙහේ ජීවත් වුණාට පස්සේ

665
01:07:05,750 --> 01:07:07,083
කාලයක් එනවා

666
01:07:08,083 --> 01:07:11,500
ඔයාට ඇත්ත හොයාගන්න ලොකු ආසාවක් ඇතිවෙන...

667
01:07:13,333 --> 01:07:15,416
ඒක ඔයාගේ එකම අරමුණ වෙනවා.

668
01:07:17,333 --> 01:07:20,333
සමනලයෙක් වගේ පියාඹලා යන්න
කාලය එනවා.

669
01:07:22,916 --> 01:07:24,041
ඊටපස්සේ?

670
01:07:25,416 --> 01:07:29,333
ඊටපස්සේ අපි මේ මනුස්ස ශරීරය අතෑරලා දාලා

671
01:07:30,416 --> 01:07:32,958
ආලෝකයේ ලෝකයට එකතු වෙනවා

672
01:07:35,250 --> 01:07:37,750
ඒක අපේ වටේටම තියෙනවා...

673
01:07:38,833 --> 01:07:40,541
මේ දැන් මෙතනත් තියෙනවා.

674
01:07:43,500 --> 01:07:47,333
ඔයා කියන්නේ ආලෝකයේ ජීවීන්

675
01:07:49,083 --> 01:07:53,416
අදෘශ්‍යමාන ජීවීන්,
දේවදූතයන් වගේ අය ඇත්තටම ඉන්නවා කියලද?

676
01:07:54,875 --> 01:07:57,000
ඔයාත් කාලයක් මම වගේ මනුස්සයෙක්ද?

677
01:07:58,666 --> 01:08:01,333
ඔයා කවුද?

678
01:08:02,666 --> 01:08:03,916
ඔයා කොහෙද හිටියේ?

679
01:08:08,041 --> 01:08:09,708
මට ඒ ජීවිතේ අන්තිම මොහොත මතකයි

680
01:08:11,166 --> 01:08:13,541
හරියට ඈත හීනයක් වගේ.

681
01:08:44,166 --> 01:08:46,333
මම ආලෝකය වෙනුවෙන් ගොඩක් දුක් වුණා...

682
01:08:48,541 --> 01:08:50,750
...ඒ නිසා මම ඒ ලෝකයේ කොටසක් වුණා.

683
01:08:52,458 --> 01:08:54,583
ඔයා ඇයි ආයෙමත් මෙහෙට ආවේ?

684
01:08:59,041 --> 01:09:01,166
මම දන්නේ නෑ.

685
01:09:01,875 --> 01:09:04,333
මාව මෙහෙට එව්වේ මම තාම දන්නේ නැති
හේතුවකට.

686
01:09:06,375 --> 01:09:10,541
මම එහේ ඉද්දි, මේ ලෝකේ හැමදේම
ගැන මම දැනගෙන හිටියා...

687
01:09:11,416 --> 01:09:14,000
හැම සුළං රැල්ලක්ම,
හැම හිතකම තියෙන හැම සිතුවිල්ලක්ම.

688
01:09:15,250 --> 01:09:19,458
ඒත් මාව ආයෙමත් මෙහෙට එවපු දවසේ,
මට ඒ ඔක්කොම නැති වුණා.

689
01:09:23,875 --> 01:09:26,208
ඊටපස්සේ මට ඔයාව හම්බවුණා.

690
01:09:28,000 --> 01:09:30,041
කාටවත් මාව පෙනුණේ නෑ

691
01:09:31,208 --> 01:09:32,958
ඒත් ඔයාට පෙනුණා.

692
01:09:34,958 --> 01:09:36,708
ඔයාට මගේ කටහඬ ඇහුණා.

693
01:09:37,416 --> 01:09:38,833
ඔයාට මාව අල්ලන්න පුළුවන් වුණා.

694
01:09:41,583 --> 01:09:43,416
මාව මෙහෙට එවපු හේතුව

695
01:09:45,166 --> 01:09:47,083
ඔයාට සම්බන්ධ දෙයක්.

696
01:09:50,250 --> 01:09:52,916
ඒ නිසාද එදා රෑ ඔයා මගේ පස්සෙන් ආවේ?

697
01:09:53,500 --> 01:09:55,333
ඒ හේතුව මොකක් වුණත්...

698
01:09:55,666 --> 01:09:58,333
මම ඒක හොයාගන්න පාවිච්චි කරපු මාර්ගයක් විතරද?

699
01:10:01,208 --> 01:10:05,208
පහුවදා මම ඔයාට මාත් එක්ක එන්න කිව්වා.

700
01:10:05,375 --> 01:10:06,500
ඔයා දන්නවද ඇයි කියලා?

701
01:10:07,416 --> 01:10:10,791
ඇයි මම ඔයා මාත් එක්ක ඉන්නවට කැමති වුණේ?

702
01:10:12,166 --> 01:10:13,750
ඔයාට තේරෙනවද...

703
01:10:15,083 --> 01:10:17,333
දැන් මට ඔයා ගැන තියෙන්නේ
මොන වගේ හැඟීමක්ද කියලා?

704
01:10:19,666 --> 01:10:23,541
දැන් ඔයා කියනවා ඔයා මනුස්සයෙක් නෙමෙයි කියලා!

705
01:10:24,500 --> 01:10:26,083
මම මේකත් එක්ක මොකක්ද කරන්නේ?

706
01:10:27,333 --> 01:10:30,875
ඔයා ඔයාගේ අරමුණ ඉෂ්ට කරගෙන
ඔයාගේ ලෝකෙට ආපහු යයි.

707
01:10:31,500 --> 01:10:32,875
එතකොට මට මොකද වෙන්නේ?

708
01:10:38,666 --> 01:10:40,000
මම මනුස්සයෙක් නෙමෙයි

709
01:10:41,375 --> 01:10:43,416
ඒත් මගේ ආදරය බොරුවක් නෙමෙයි, තාරා.

710
01:10:45,375 --> 01:10:47,500
ඔයාගේ වේදනාව පවා මට දැනෙන්නේ මගේ වගේ.

711
01:10:49,875 --> 01:10:51,166
ඒක කියන්න ලේසියි...

712
01:10:52,375 --> 01:10:54,625
ඒත් තනියම මෙහේ ඉතුරු වෙන්නේ මමයි.

713
01:10:56,458 --> 01:10:57,875
මම හැමදාම හිතුවේ

714
01:10:57,958 --> 01:11:01,958
මගේ කතාවේ අවසානය මමම
ලියයි කියලා. මම වැරදියි.

715
01:11:02,541 --> 01:11:06,416
මට හිතෙන්නේ ඒක අසම්පූර්ණව තියෙයි,
හරියට අර පොත වගේ.

716
01:11:12,416 --> 01:11:14,833
සමහරවිට ඔයාගේ අරමුණ
ඒ පොතට සම්බන්ධ ඇති,...

717
01:11:15,416 --> 01:11:17,416
...මට නෙමෙයි.

718
01:11:19,250 --> 01:11:22,208
සමහරවිට ඒ කතාව ඇත්තටම
තියෙන්නේ අපි ගැන වෙන්න ඇති.

719
01:11:24,375 --> 01:11:26,125
ඒක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ සූරිච් වල.

720
01:11:27,541 --> 01:11:29,125
ඒ නැතිවුණ පිටු ටික හොයාගන්න

721
01:11:30,250 --> 01:11:32,208
එතකොට ඔයාට ඔයාගේ අරමුණ හොයාගන්න පුළුවන් වෙයි.

722
01:11:36,333 --> 01:11:37,625
ඔයාත් මාත් එක්ක එනවද?

723
01:14:55,916 --> 01:14:59,875
ඩේවි ආන්ටි, අපිට කතා කරන්න පුළුවන්ද?

724
01:15:00,166 --> 01:15:01,625
විනාඩියක් ඉන්න, දුවේ.

725
01:15:06,041 --> 01:15:09,250
ඔයා කෙනෙක්ට ගොඩක්
ගැඹුරින් ආදරය කරනවා නම්,...

726
01:15:11,375 --> 01:15:15,958
ඒ වගේම එයාලා කවදාවත් ඔයාගේ
වෙන්නේ නෑ කියලා දන්නවා නම්...

727
01:15:18,416 --> 01:15:20,250
එතකොට ඔයා කොහොමද ඔයාගේ හිත හදාගන්නේ...

728
01:15:22,541 --> 01:15:24,208
එයාලා ඔයාට ගැළපෙන්නේ නෑ කියලා?

729
01:15:28,500 --> 01:15:30,666
ඔයාට මෙහේදි කාවහරි හම්බවුණා.

730
01:15:31,708 --> 01:15:33,416
නේද?

731
01:15:36,625 --> 01:15:38,750
මට එයාව හම්බවුණේ නැත්නම් හොඳයි.

732
01:15:43,000 --> 01:15:44,833
කවුරුහරි දාලා ගියාම

733
01:15:46,375 --> 01:15:48,375
ඔයා කොහොමද එයාලා නැතුව ජීවත් වෙන්නේ?

734
01:15:51,625 --> 01:15:53,625
ඔයා කොහොමද මෙහේ තනියම ජීවත් වෙන්නේ?

735
01:15:56,875 --> 01:15:58,041
අපිට වෙන තේරීමක් තියෙනවද?

736
01:16:00,708 --> 01:16:02,333
අපිට ඉස්සරහට යන්න වෙනවා.

737
01:16:06,541 --> 01:16:08,041
එයාලව අමතක කරන්න පුළුවන්ද?

738
01:16:12,916 --> 01:16:14,166
ඇත්තටම බෑ.

739
01:16:22,166 --> 01:16:23,833
ඒත් මම කවදාවත් එයාට සමාව දෙන්නේ නෑ.

740
01:16:25,875 --> 01:16:29,416
ඔයාට උත්සාහ කරන්න වෙනවා,
ඔයාට තාම කාලය තියෙන නිසා.

741
01:16:33,958 --> 01:16:37,416
නැතිවීමට වඩා පසුතැවීම ගොඩක් වේදනාකාරියි.

742
01:16:40,375 --> 01:16:43,708
අනිත් අයට සමාව දෙන එක ලේසියි

743
01:16:44,083 --> 01:16:45,708
ඒත් තමන්ටම සමාව දෙන එක...

744
01:16:49,791 --> 01:16:52,166
...ගොඩක් අමාරුයි.

745
01:18:12,333 --> 01:18:13,833
ඔයා ඇයි දිගටම ආපහු එන්නේ?

746
01:18:14,916 --> 01:18:16,833
අපේ ගමන් මඟ සම්බන්ධයි, තාරා.

747
01:18:18,791 --> 01:18:20,583
අපි මුණගැහුණේ අහම්බෙන් නෙමෙයි.

748
01:18:22,125 --> 01:18:25,708
අපි එකතුවෙලා මේකට හේතුව හොයාගන්න ඕනේ.

749
01:18:27,708 --> 01:18:31,375
මාව විශ්වාස කරන්න,
අපේ කතාව මීට වඩා ගොඩක් ලොකුයි.

750
01:18:32,166 --> 01:18:33,958
ඔයා මේ වේදනාවෙන් මිදෙන්න ඕනේ, තාරා.

751
01:18:35,916 --> 01:18:38,416
හරි, මම මේක කරන්නම්

752
01:18:39,041 --> 01:18:42,250
එතකොට ඔයාට ඔයාගේ ලෝකෙට ආපහු යන්න පුළුවන්

753
01:18:42,791 --> 01:18:44,208
ඒ වගේම මට පාඩුවේ ඉන්න පුළුවන්.

754
01:18:44,750 --> 01:18:47,458
ඔයා මට දුන්නේ කඳුළු විතරයි.

755
01:18:52,375 --> 01:18:55,583
අපි හෙට සූරිච් වල තියෙන
පබ්ලිෂින් හවුස් එකට ගිහින් බලමු.

756
01:18:57,041 --> 01:18:58,791
අපිට අනිවාර්යයෙන්ම එහෙන්
මොනවාහරි හොයාගන්න පුළුවන් වෙයි.

757
01:19:28,083 --> 01:19:31,416
මේක නිකන් ප්‍රින්ටින් ප්‍රෙස් එකක්.
පේන විදිහට මේක වහලා දාලා.

758
01:19:32,625 --> 01:19:35,041
හාන්ස් පබ්ලිකේෂන්ස් වගේ පේන්නේ නෑ.

759
01:19:35,166 --> 01:19:36,833
මේක වෙන්න බෑ.

760
01:19:45,541 --> 01:19:47,375
එක්ස්කියුස් මී, අංකල්.

761
01:19:47,458 --> 01:19:50,041
අංකල්? මම ඔයාගේ අංකල් නෙමෙයි.

762
01:19:51,416 --> 01:19:54,625
එක්ස්කියුස් මී, ඔයාද

763
01:19:54,833 --> 01:19:56,541
හාන්ස් පබ්ලිකේෂන්ස් එකේ අයිතිකාරයා?

764
01:19:58,333 --> 01:19:59,875
මට ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.

765
01:20:01,541 --> 01:20:03,625
මම ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්

766
01:20:03,875 --> 01:20:05,333
ඔයා මට බොන්න මොනවාහරි අරන් දෙනවා නම්.

767
01:20:17,375 --> 01:20:19,250
ඉතින්, මිස්ටර් වෑග්නර්,

768
01:20:19,416 --> 01:20:21,375
ඔයා ඇයි පබ්ලිෂින් බිස්නස් එක නැවැත්තුවේ?

769
01:20:24,916 --> 01:20:27,000
මට ප්ලෑන් ගොඩක් තිබුණා.

770
01:20:27,208 --> 01:20:30,041
ඒ කතුවරු ඔක්කොම මාව විශ්වාස කළා.

771
01:20:30,333 --> 01:20:31,875
මට එයාලගේ ජීවිත ගොඩදාන්න තිබුණා.

772
01:20:34,541 --> 01:20:36,666
එයාලගේ වචන වල බලය තිබුණේ මගේ අතේ.

773
01:20:37,041 --> 01:20:40,208
ඊටපස්සේ එයා නිසා හැමදේම ඉවර වුණා.

774
01:20:42,583 --> 01:20:44,583
- එයා?
- අර ඉන්දියන් මනුස්සයා.

775
01:20:45,541 --> 01:20:48,791
එයාට තිබුණේ මට කවදාවත් ශබ්ද කරන්න බැරි
අමුතු නමක්.

776
01:20:53,166 --> 01:20:56,625
- බ්‍රහ්මානන්ද.
- ඔව්, ඒක තමයි.

777
01:20:57,375 --> 01:20:59,166
මම කවදාවත් එයා කියන දේ අහන්න හොඳ නෑ.

778
01:21:00,208 --> 01:21:01,708
කොහොමහරි මම ඇහුවා.

779
01:21:02,916 --> 01:21:06,541
එයා එයාගේ අත්පිටපත අරන් ඇවිත්
මට ඒක පබ්ලිෂ් කරන්න කිව්වා.

780
01:21:07,500 --> 01:21:09,500
මට ඒක බෑ කියන්න බැරි වුණා.

781
01:21:11,416 --> 01:21:12,916
ඒක තාමත් මට අමුතුයි වගේ.

782
01:21:15,541 --> 01:21:18,208
මම පබ්ලිෂ් කරන්නේ මොන පොත්ද
කියන එක ගැන ගොඩක් සැලකිලිමත් වුණා.

783
01:21:20,583 --> 01:21:21,791
ඒත් මේ මනුස්සයා ආවා

784
01:21:23,208 --> 01:21:24,791
මම දිගටම එයාට ඕනෙ දේ කළා.

785
01:21:27,083 --> 01:21:30,250
කොහොමහරි ඒක කරද්දි මට හොඳක් දැනුණා.

786
01:21:31,333 --> 01:21:33,083
මට සතුටක් දැනුණා.

787
01:21:33,750 --> 01:21:35,416
ඒත් ඒ ඔක්කොම රැවටීමක්.

788
01:21:35,708 --> 01:21:37,125
පොත් විකිණුනේම නෑ.

789
01:21:37,250 --> 01:21:40,083
මම බලාපොරොත්තු තියාගෙන හිටිය අනිත් පොත් පවා,
ඒ ඔක්කොම ෆේල් වුණා.

790
01:21:40,250 --> 01:21:41,666
හරියට මේ මනුස්සයා

791
01:21:41,833 --> 01:21:44,458
මගේ සතුට ඔක්කොම අරන් ගියා වගේ.

792
01:21:45,250 --> 01:21:47,333
මට ඒක ඇටමිදුළු වලටම දැනෙනවා.

793
01:21:48,375 --> 01:21:51,708
මම ප්‍රින්ටින් ප්‍රෙස් එකක් පටන් ගත්තා
ඒත් ඒකත් වහන්න වුණා.

794
01:21:52,583 --> 01:21:54,041
ඉතින් මම දැන් මෙතන.

795
01:21:55,208 --> 01:21:57,041
ඔයා දන්නවද එයා දැන් කොහෙද ඉන්නේ කියලා?

796
01:21:59,625 --> 01:22:03,250
එයා යද්දි, එයා මට කිව්වා එයා යන්නේ

797
01:22:04,625 --> 01:22:06,125
මෝකෝට් වලට කියලා.

798
01:22:07,500 --> 01:22:09,833
මෝකෝට් වල හරියටම කොහෙද? එයාගෙන්ම අහන්න.

799
01:22:10,125 --> 01:22:12,416
මම හිතන්නේ නෑ එයා දන්නවා කියලා.

800
01:22:23,416 --> 01:22:25,208
ඔයාට පුළුවන්ද මම වෙනුවෙන් එයාට දෙයක් කියන්න?

801
01:22:36,583 --> 01:22:37,833
මිස්ටර් වෑග්නර්,

802
01:22:38,708 --> 01:22:41,583
සමහර වෙලාවට අපෙන් දේවල් නැතිවෙලා යනවා

803
01:22:42,375 --> 01:22:44,083
එතකොට අපිට ගොඩක් තරහ යනවා.

804
01:22:44,541 --> 01:22:47,500
ඒත් එතකොට තමයි
අපිට ඇත්තටම වටින දේවල් නැතිවෙන්නේ.

805
01:22:49,166 --> 01:22:50,791
අපිට අපිවම නැතිවෙනවා.

806
01:22:52,000 --> 01:22:53,375
මම ප්‍රාර්ථනා කරනවා...

807
01:22:54,416 --> 01:22:56,625
දවසක ඔයා ඔයාවම හොයාගනීවි කියලා.

808
01:23:23,708 --> 01:23:26,125
පුදුම ලස්සනක් නේද?

809
01:23:27,416 --> 01:23:29,083
කොච්චර ලස්සන දවසක්ද!

810
01:23:30,416 --> 01:23:32,208
මම මේ සීට් එකේ වාඩිවුණාට කමක් නැද්ද?

811
01:23:37,375 --> 01:23:39,791
නෑ, මම තනියම ඉන්න කැමතියි.

812
01:23:41,875 --> 01:23:43,000
සුබ ගමනක්.

813
01:23:49,541 --> 01:23:53,416
මට පැය ගාණක් මෙතන වාඩිවෙලා
කම්මැලි කමේ ඉන්න ඕනේ නෑ.

814
01:23:53,666 --> 01:23:54,958
මොනවාහරි කියන්නකෝ.

815
01:23:59,166 --> 01:24:00,166
ඔයාට මොනවද අහන්න ඕනේ?

816
01:24:04,958 --> 01:24:06,416
ඔයාගේ ලෝකය කොහොමද?

817
01:24:08,666 --> 01:24:10,208
එහේ ජීවිතේ කොහොමද?

818
01:24:11,000 --> 01:24:12,875
මට ඒකට ජීවිතයක් කියලා කියන්න පුළුවන් නම්.

819
01:24:14,166 --> 01:24:15,958
එහේ හැමදේම හැදිලා තියෙන්නේ ආලෝකයෙන්.

820
01:24:17,625 --> 01:24:20,833
වාතය, කෑම, සල්ලි...

821
01:24:21,208 --> 01:24:23,000
ඒවායින් එහේ කිසිම තේරුමක් නෑ.

822
01:24:24,833 --> 01:24:26,708
කාටහරි මලක් ඕනේ නම්

823
01:24:27,625 --> 01:24:29,916
එයාලට තියෙන්නේ ඒ ගැන හිතන්න විතරයි,
එතකොට ඒක එතන තියෙනවා.

824
01:24:30,916 --> 01:24:33,041
මලක් නෙමෙයි,
මුළු මල් වත්තක්ම මවන්න පුළුවන්...

825
01:24:34,083 --> 01:24:36,416
එක සිතුවිල්ලකින්.
ඒ වගේම එයාලට එපා වුණාම...

826
01:24:37,000 --> 01:24:39,083
එයාලට පුළුවන් ඒ ඔක්කොම නැතිවෙලා යන්න හිතන්න.

827
01:24:40,916 --> 01:24:42,416
- විකාර!
- ඒක ඇත්ත.

828
01:24:44,208 --> 01:24:46,833
මෙහේ, මුහුදේ මාළු ඉන්නවා...

829
01:24:47,375 --> 01:24:48,708
අහසේ කුරුල්ලෝ...

830
01:24:49,416 --> 01:24:51,583
...ඒ වගේම ගොඩබිම මිනිස්සු ඉන්නවා.

831
01:24:51,958 --> 01:24:53,791
ඒ වගේම,
එහේ විවිධ තැන් තියෙනවා.

832
01:24:54,208 --> 01:24:57,083
ඒක සම්පූර්ණ ලෝකයක්, තාරා,
මේකට වඩා ගොඩක් ලොකුයි.

833
01:24:59,916 --> 01:25:03,458
කෙනෙක් මැරුණාට පස්සේ ආයෙමත් ඉපදෙන්න කලින්,

834
01:25:04,083 --> 01:25:06,625
ආත්මය ටික කාලෙකට එහෙට යනවා.

835
01:25:07,958 --> 01:25:09,750
ඊටපස්සේ එයාලගේ ඉවර නොවුණ වැඩ...

836
01:25:10,791 --> 01:25:12,833
ඒ වගේම ආත්ම ගාණක ඉඳන් තියෙන ආසාවල්...

837
01:25:13,166 --> 01:25:15,333
...එයාලව ආයෙමත් මේ ලෝකෙට ඇදලා දානවා.

838
01:25:21,375 --> 01:25:24,083
මොකද වුණේ? ආච්චි?

839
01:25:27,458 --> 01:25:29,208
එයාත් එහෙද ඉන්නේ?

840
01:25:31,875 --> 01:25:32,916
මම දන්නේ නෑ.

841
01:25:34,250 --> 01:25:35,666
ඒත් එයා එහේ ඉන්නවා නම්,

842
01:25:37,416 --> 01:25:39,208
එයාට ඔයාව පේනවා.

843
01:25:40,083 --> 01:25:43,416
හරියට එයා ඔයා එක්කම ඉන්නවා වගේ.

844
01:25:49,583 --> 01:25:51,000
මට කවදාහරි

845
01:25:53,000 --> 01:25:54,208
එයාව ආයෙමත් දකින්න ලැබෙයිද?

846
01:25:55,708 --> 01:25:58,125
අපි හැමෝම ආලෝකය ඇතුළෙදි ආයෙමත් හම්බවෙයි,
දවසක.

847
01:25:59,083 --> 01:26:00,791
එතකොට අපිට හැමදේම මතක් වෙයි.

848
01:26:03,458 --> 01:26:04,750
මේ මොහොත පවා.

849
01:26:52,208 --> 01:26:56,625
එක්ස්කියුස් මී, ඔයා දන්නවද
මේ හරියේ ඉන්න ඉන්දියන් මනුස්සයෙක්ව?

850
01:26:57,125 --> 01:27:00,791
මම හිතන්නේ එයා අරහේ ඉන්නේ.
ඔයාට අර පැත්තෙන් උඩට යන්න පුළුවන්.

851
01:27:31,750 --> 01:27:33,000
- සුබ සැන්දෑවක්.
- ඔව්?

852
01:27:33,416 --> 01:27:34,833
ඔයාද මිස්ටර් බ්‍රහ්මානන්ද?

853
01:27:41,083 --> 01:27:42,541
ඔයා කොහේ ඉඳන්ද ආවේ?

854
01:27:42,625 --> 01:27:43,625
වෙවේ.

855
01:27:45,750 --> 01:27:46,750
ඔයා ඇයි එයාව හොයන්නේ?

856
01:27:47,375 --> 01:27:49,500
මට ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා.

857
01:27:49,916 --> 01:27:53,083
මට ආරංචි වුණා එයා මේ මෝකෝට් වල ඉන්නවා කියලා.

858
01:27:54,250 --> 01:27:56,000
- ඔයාද...
- ඒ මම නෙමෙයි.

859
01:27:58,458 --> 01:27:59,833
ඒත් එයා අනිවාර්යයෙන්ම මොනවාහරි දන්නවා.

860
01:28:04,250 --> 01:28:06,416
ඇතුළට එන්න.

861
01:28:08,000 --> 01:28:09,500
එන්න.

862
01:28:11,375 --> 01:28:13,208
ඇතුළෙන් වාඩිවෙන්න.

863
01:28:31,000 --> 01:28:32,750
මේ තියෙන්නේ නැවුම් පලතුරු යුෂ.

864
01:28:33,791 --> 01:28:36,916
බොන්න, ඔයා මේකට කැමති වෙයි.

865
01:28:46,958 --> 01:28:51,416
ඔයා හොයන කෙනා ඉන්නේ
ඔයා ආපු තැනමයි.

866
01:28:53,416 --> 01:28:55,166
මොකක්?

867
01:28:56,500 --> 01:28:58,041
එතකොට මම...

868
01:28:58,958 --> 01:29:02,250
මම හරියට ඔයාගේ ගමනේ නැවතුම්පොළක් වගේ.

869
01:29:02,958 --> 01:29:06,250
ඔයාගේ ගමනාන්තයට යන්න ඔයාට උදව් කරන එක
මගේ වගකීමක්.

870
01:29:07,666 --> 01:29:09,041
මගේ නම හනුමන්ත්.

871
01:29:10,083 --> 01:29:11,833
ඉතින්, ඔයා උත්තර හොයනවා, නේද?

872
01:29:13,125 --> 01:29:17,041
මට එයාගෙන් අහන්න ප්‍රශ්න වගයක් තියෙනවා. ඔව්.
සමහරවිට ඔයාට පුළුවන් වෙයි මට උදව් කරන්න...

873
01:29:17,166 --> 01:29:20,250
ඔහ්, උත්තර ලැබෙන්නේ උන්වහන්සේගෙන් විතරයි.

874
01:29:20,708 --> 01:29:23,875
තාරා, එයා දැනටමත් ඔයා එනකම් බලන් හිටියේ.

875
01:29:25,375 --> 01:29:27,583
අහන්න එයාලා කොහොමද අඳුරන්නේ කියලා.

876
01:29:30,208 --> 01:29:31,875
ඔයා කොහොමද එයාව අඳුරන්නේ?

877
01:29:38,833 --> 01:29:40,333
අපොයි!

878
01:29:42,083 --> 01:29:45,166
ගොඩක් රෑ වෙලා.
මම දුරේක්ෂය ලෑස්ති කරන්න ඕනේ.

879
01:29:45,833 --> 01:29:47,458
ඒකට ගොඩක් වෙලා යනවා.

880
01:29:47,833 --> 01:29:50,333
මම පටන්ගන්නම්.
ඔයා ඉවර වෙලා එන්න.

881
01:29:50,500 --> 01:29:51,375
හරිද?

882
01:29:51,458 --> 01:29:53,000
මඩුවට එන්න.

883
01:29:53,083 --> 01:29:54,750
- හරිද?
- දුරේක්ෂය?

884
01:30:02,833 --> 01:30:07,041
බ්‍රහස්පති. 'ගුරු' කියලත් කියනවා.

885
01:30:08,625 --> 01:30:09,958
ඒක පෘථිවිය වගේ රවුම්

886
01:30:11,208 --> 01:30:12,583
ඒත් ගොඩක් වෙනස්.

887
01:30:13,791 --> 01:30:15,458
කඳු නෑ, ගොඩබිමක් නෑ, මුකුත්ම නෑ.

888
01:30:16,166 --> 01:30:17,416
ඒක හැදිලා තියෙන්නේ වායු වලින්.

889
01:30:17,875 --> 01:30:20,916
ඝනයි වගේ පෙනුණාට, ඒක ආලෝකය වගේමයි.

890
01:30:21,958 --> 01:30:24,791
තේරුණාද? ඉතින්, ඔයා මොකක්ද ඇහුවේ?

891
01:30:25,750 --> 01:30:28,166
මම කොහොමද එයාව අඳුරන්නේ?

892
01:30:35,833 --> 01:30:37,500
මම මගෙන්ම ඒක අහගත්තා

893
01:30:38,541 --> 01:30:39,875
අපි මුලින්ම හම්බවුණ වෙලාවේ.

894
01:30:41,500 --> 01:30:42,958
මම කොහොමද එයාව අඳුරන්නේ?

895
01:30:44,458 --> 01:30:46,375
මම එයාව හම්බවුණාම,...

896
01:30:47,250 --> 01:30:49,791
මට දැනුණේ මම එයාව අවුරුදු
ගාණක ඉඳන් අඳුරනවා වගේ.

897
01:30:51,041 --> 01:30:52,375
කවදද ඒ?

898
01:30:53,333 --> 01:30:57,041
ඔයා ඒ කාලේ ගොඩක් පොඩි ඇති.

899
01:30:58,000 --> 01:30:59,833
මම හිටියේ හොඳ තත්ත්වෙක නෙමෙයි.

900
01:31:02,791 --> 01:31:04,541
සන්ධ්‍යා නැති වෙලා හිටියේ

901
01:31:05,125 --> 01:31:06,333
පිළිකාවක් නිසා.

902
01:31:07,250 --> 01:31:08,875
සන්ධ්‍යා කියන්නේ...

903
01:31:10,583 --> 01:31:11,958
සන්ධ්‍යා කියන්නේ...

904
01:31:14,500 --> 01:31:17,791
එයා තමයි මගේ මුළු ලෝකෙම.
අර කතාවට කියන්නේ?

905
01:31:19,041 --> 01:31:20,916
ජීවිතේ එකම ආදරේ කියලා!

906
01:31:23,000 --> 01:31:25,833
අපිට මෙහේ ස්විට්සර්ලන්තයේ
පොඩි රෙස්ටොරන්ට් එකක් තිබුණා.

907
01:31:26,750 --> 01:31:28,416
අපි දෙන්නා එකතුවෙලා ඒක කළේ.

908
01:31:30,958 --> 01:31:32,791
ඒක ඔයාට ගොඩක් අමාරු වෙන්න ඇති.

909
01:31:36,958 --> 01:31:40,333
මට හිතුණා, තවත් ජීවත් වෙලා
වැඩක් නෑ කියලා.

910
01:31:42,916 --> 01:31:45,416
මට හිතුණා අර ගඟටම පනින්න

911
01:31:47,583 --> 01:31:50,083
මම සන්ධ්‍යාගේ අළු පා කරපු.

912
01:31:52,125 --> 01:31:54,750
එතකොට අපිට දිගටම එකට ඉන්න පුළුවන් කියලා.

913
01:31:58,000 --> 01:31:59,416
මම හිටියේ ගොඩක් කඩා වැටිලා

914
01:32:00,750 --> 01:32:02,708
දවසක් මම ගඟ අද්දරට වෙලා,
පනින්න හදද්දිම...

915
01:32:03,125 --> 01:32:04,916
එක කටහඬක් මාව නැවැත්තුවා.

916
01:32:08,416 --> 01:32:09,583
ඒ බ්‍රහ්මානන්ද.

917
01:32:12,208 --> 01:32:14,125
එයා ගඟ දිහා බලලා මට මෙහෙම කිව්වා...

918
01:32:16,458 --> 01:32:17,666
හනුමන්ත්,

919
01:32:19,875 --> 01:32:21,541
ඔයා දිගටම පාවෙලා ගියොත්...

920
01:32:25,125 --> 01:32:26,333
කවදද ඔයා නිශ්චල වෙන්නේ?

921
01:32:29,708 --> 01:32:31,000
ඒ කටහඬේ මොකක්දෝ අමුත්තක් තිබුණා.

922
01:32:34,875 --> 01:32:36,958
මම ගඟ අද්දරින් අයින් වුණා.

923
01:32:37,625 --> 01:32:39,375
ඒ වෙනකම් මට දැනිලා තිබුණේ

924
01:32:41,166 --> 01:32:43,625
සන්ධ්‍යා නැතිවුණ එකෙන්
මගේ ජීවිතේම නැවතුණා කියලා.

925
01:32:45,666 --> 01:32:48,375
ඒත් එදා ඒ කටහඬින් මට දැනුණා...

926
01:32:50,708 --> 01:32:52,708
ඇත්තම නිශ්චලතාවය කියන්නේ මොකක්ද කියලා.

927
01:32:55,416 --> 01:32:56,958
එයා යන්න කලින්,

928
01:32:58,750 --> 01:33:00,541
එයා මට වගකීමක් පැවරුවා.

929
01:33:01,750 --> 01:33:03,000
මොන වගකීමක්ද?

930
01:33:05,250 --> 01:33:07,041
අවුරුදු 17කට පස්සේ...

931
01:33:09,416 --> 01:33:11,083
ගෑනු ළමයෙක් එයාව හොයාගෙන එයි කියලා.

932
01:33:13,416 --> 01:33:15,125
මගේ රාජකාරිය තමයි එයාව එයා ගාවට යවන එක.

933
01:33:15,583 --> 01:33:17,000
මම එයාව කොහෙන්ද හොයාගන්නේ?

934
01:33:17,500 --> 01:33:18,875
ළඟදි

935
01:33:19,791 --> 01:33:21,958
ඔයාට නාඳුනන කෙනෙක්ව හම්බවුණා.

936
01:33:23,708 --> 01:33:27,041
ඔයාට ගොඩක් සමීපයි කියලා දැනුණ කෙනෙක්ව.

937
01:33:27,791 --> 01:33:30,458
ඔයා එයාව මුලින්ම හම්බවුණ තැනට යන්න.

938
01:33:31,000 --> 01:33:32,458
ඒ සුළඟ විඳින්න

939
01:33:32,666 --> 01:33:34,458
ඒ පාර දිගේ යන්න.

940
01:33:36,375 --> 01:33:37,958
එතකොට ඔයාට බ්‍රහ්මානන්දව හොයාගන්න පුළුවන් වෙයි.

941
01:33:40,958 --> 01:33:42,125
ඔහ්!

942
01:33:43,416 --> 01:33:44,750
ගොඩක් රෑ වෙලා.

943
01:33:45,458 --> 01:33:47,500
මම තාම රෑ කෑම හැදුවෙත් නෑ.

944
01:33:48,166 --> 01:33:50,458
- මම මොනවාහරි හදන්නම්.
- අහන්න, මම...

945
01:33:50,791 --> 01:33:54,250
ඔයා හිතනවද මේ මහ රෑ
මම ඔයාට යන්න දෙයි කියලා? නෑ.

946
01:33:54,875 --> 01:33:59,500
මම ඔයාට නිදාගන්න කාමරයක් ලෑස්ති කරන්නම්.

947
01:34:00,416 --> 01:34:02,541
සන්ධ්‍යා ගාව ලස්සන ඇඳුම් තිබුණා.

948
01:34:03,166 --> 01:34:04,375
ඔයාට පුළුවන්

949
01:34:05,333 --> 01:34:07,375
ඔයා කැමති එකක් ගන්න.

950
01:34:11,625 --> 01:34:15,416
තාරා, මම ගිහින් උයන්නම්.

951
01:34:16,666 --> 01:34:18,875
තව ටිකක් තරු දිහා බලන් ඉන්න.

952
01:34:20,458 --> 01:34:21,708
හරිද?

953
01:34:26,916 --> 01:34:30,416
ඔයා මොකද හිතන්නේ?
කවුද මේ බ්‍රහ්මානන්ද?

954
01:34:31,625 --> 01:34:33,416
එයා කොහොමද මම ගැන දැනගෙන හිටියේ?

955
01:34:33,750 --> 01:34:35,583
ඔයාගේ ලෝකෙ කෙනෙක් වෙන්න ඇති.

956
01:34:39,416 --> 01:34:41,833
මේ හැමදේකින්ම ඇති වැඩේ මොකක්ද, ආකාශ්?

957
01:34:42,416 --> 01:34:45,416
අපි හැමෝම කිසිම වටිනාකමක්
නැති අය වගේ ඉපදිලා මැරිලා යනවා.

958
01:34:46,041 --> 01:34:48,833
අද අපිත් එක්ක ඉන්න අය
හෙට නැති වෙනවා.

959
01:34:51,833 --> 01:34:54,000
මට මගේ ආච්චිව අන්තිම වතාවටවත්
බලාගන්න බැරි වුණා...

960
01:34:54,416 --> 01:34:57,958
එයාට කතා කරන්නවත්,
ෆෝන් එක ආන්සර් කරන්නවත් බැරි වුණා?

961
01:34:59,416 --> 01:35:01,916
ඇයි සතුට දුකක් බවට පත්වෙන්නේ?

962
01:35:03,458 --> 01:35:05,416
දෙවියන් ඇයි අපිව මැව්වේ?

963
01:35:07,416 --> 01:35:10,375
ඔයා හිතන විදිහට ඇයි එයා අපිව මැව්වේ?

964
01:35:12,416 --> 01:35:14,125
සමහරවිට දෙවියන්ටත් පාළු හිතෙන්න ඇති.

965
01:35:15,375 --> 01:35:16,500
දෙවියන් කියන්නේ මොකක්ද?

966
01:35:18,166 --> 01:35:19,458
සදාකාලිකයි.

967
01:35:20,208 --> 01:35:21,458
සර්වඥයි.

968
01:35:22,416 --> 01:35:23,666
හැමදාම අලුත් වෙන සතුටක්.

969
01:35:24,750 --> 01:35:25,750
උන්වහන්සේ තමයි ආදරය.

970
01:35:26,250 --> 01:35:27,375
උන්වහන්සේ තමයි සතුට.

971
01:35:27,708 --> 01:35:28,833
ඒ වගේම ඒ හැමදේම අනන්තයි.

972
01:35:29,875 --> 01:35:31,166
අනන්ත වූ ආදරය!

973
01:35:31,875 --> 01:35:34,791
උන්වහන්සේට ඒක බෙදාගන්න කෙනෙක් ඕනෙ වුණා.

974
01:35:36,916 --> 01:35:39,416
එහෙනම් ඇයි අපිට දුක දෙන්නේ?

975
01:35:40,833 --> 01:35:44,041
මට කියන්න. ඔයා ලස්සන හීනයක් දකිද්දි,

976
01:35:44,416 --> 01:35:45,708
ඔයාට ඇහැරෙන්න හිතෙනවද?

977
01:35:46,833 --> 01:35:48,208
නෑ, නේද?

978
01:35:48,708 --> 01:35:52,416
ඒත් නරක හීනයක් දැක්කොත්
ඔයා එකපාරටම ඇහැරෙනවා.

979
01:35:54,791 --> 01:35:57,750
ඒ නිසයි දුක කියන දේ වැදගත් වෙන්නේ, තාරා.

980
01:35:58,708 --> 01:36:00,416
වේදනාවෙන් තොරව නිදහසක් නෑ.

981
01:36:03,416 --> 01:36:04,916
මේ නිදහසෙන් ඇති වැඩේ මොකක්ද

982
01:36:05,458 --> 01:36:07,125
මම ආයෙමත් තනිවෙනවා නම්?

983
01:36:07,875 --> 01:36:09,375
ඔයා තනිවෙන්නේ නෑ.

984
01:36:10,750 --> 01:36:12,541
ඔයාට මාව පේන එකක් නෑ

985
01:36:13,458 --> 01:36:15,666
ඒත් මම හැමදාම ඔයා ළඟින් ඉඳීවි.

986
01:36:35,750 --> 01:36:39,750
වෑග්නර් සහ හනුමන්ත්,
ඒ දෙන්නටම හැමදේම නැතිවුණා.

987
01:36:42,166 --> 01:36:44,416
ඒත් එයාලා ගොඩක් වෙනස්.

988
01:36:46,791 --> 01:36:50,541
එක්කෙනෙක් ලෝකෙත් එක්කම තරහින්,
අනිත් කෙනා නිදහස්.

989
01:36:55,708 --> 01:36:57,875
හැමෝටම මේ තේරීම තියෙනවා, තාරා.

990
01:36:58,916 --> 01:37:00,791
අපිට අපේම පාරක් තෝරගන්න පුළුවන්.

991
01:37:03,875 --> 01:37:06,833
ඒක මතක තියාගන්න.

992
01:39:06,000 --> 01:39:07,083
ඕක මට දෙනවද?

993
01:39:37,791 --> 01:39:40,875
මම පොරොන්දු වුණා
මමම මේක හිටවනවා කියලා.

994
01:39:41,458 --> 01:39:44,500
මේකට ලොකු ගමනක් යන්න තියෙනවා.

995
01:39:51,833 --> 01:39:53,250
ගමනක්?

996
01:39:54,125 --> 01:39:55,750
මම හිතන්නේ නෑ ඒ එයා කියලා.

997
01:39:56,166 --> 01:39:58,166
මේ මනුස්සයා නිකන්, ඔයා දන්නවනේ...

998
01:39:58,416 --> 01:40:00,458
ඒකෙන් අපි දෙන්නා සමාන වෙනවා.

999
01:40:04,250 --> 01:40:06,250
ඔයාත් ටිකක්...

1000
01:40:12,708 --> 01:40:14,833
ඔයා කවුද?

1001
01:40:16,250 --> 01:40:18,083
ඔයා කාවද හොයන්නේ?

1002
01:40:22,083 --> 01:40:25,416
මේ පොතේ කර්තෘව. බ්‍රහ්මානන්ද.

1003
01:40:27,875 --> 01:40:31,000
ඔයා මේ පොතට කීයක් දෙනවද

1004
01:40:31,500 --> 01:40:33,375
තරු 5කින්?

1005
01:40:38,958 --> 01:40:42,583
තරු 4කට වඩා දෙනවා නම්,
ඒ මම තමයි.

1006
01:40:45,208 --> 01:40:46,541
දෙවියනේ!

1007
01:40:47,208 --> 01:40:48,708
අන්තිමේදී මාව අඳුරගත්තා!

1008
01:40:49,583 --> 01:40:50,750
ඒ ඔයානේ!

1009
01:40:51,541 --> 01:40:53,416
ඒ මම තමයි.

1010
01:41:02,791 --> 01:41:04,833
මට ප්‍රශ්න වගයක් තියෙනවා.

1011
01:41:07,916 --> 01:41:09,791
ඔයා එයාට ඔක්කොම ප්‍රශ්න අහන්න දෙනවද?

1012
01:41:12,458 --> 01:41:14,458
ඔයාට ආකාශ්ව පේනවද?

1013
01:41:15,208 --> 01:41:17,583
මම මොනවා අහන්නද...

1014
01:41:18,625 --> 01:41:21,750
...හැම හිතකම ඇතිවෙන හැම ප්‍රශ්නයක්ම
කලින්ම දන්න කෙනාගෙන්?

1015
01:41:22,791 --> 01:41:24,875
ඔයා හැමදාම මාව හොයාගන්නවා!

1016
01:41:28,541 --> 01:41:30,333
කොහොම වුණත් පාර පෙන්නන්නේ ඔයානේ.

1017
01:41:33,333 --> 01:41:34,583
පොඩ්ඩක් ඉන්න.

1018
01:41:34,916 --> 01:41:37,208
ඔයාලා ඇයි මේ තේරවිලි වලින් කතා කරන්නේ?

1019
01:41:37,333 --> 01:41:39,166
කිසිම තේරුමක් නෑනේ!

1020
01:41:39,750 --> 01:41:42,916
ඒ වගේම ඔයා!
මම කිව්වා

1021
01:41:43,125 --> 01:41:45,458
එයා අනිවාර්යයෙන්ම ඔයාගේ ලෝකෙ කෙනෙක් කියලා.

1022
01:41:45,708 --> 01:41:47,458
ඔයා මම ගැන සෑහෙන්න දන්නවා.

1023
01:41:51,875 --> 01:41:54,708
ඔව්, ඒ වගේම අනිත් ලෝකය ගැනත්.

1024
01:41:54,958 --> 01:41:58,416
එහෙම වුණත් මට තේරෙන්නේ නැති දේවල් තියෙනවා.

1025
01:41:59,041 --> 01:42:00,541
මට තේරෙන්නේ නෑ.

1026
01:42:00,791 --> 01:42:04,041
ඔයා කොහොමද අවුරුදු ගාණකට
කලින් අපේ කතාව ලිව්වේ?

1027
01:42:04,416 --> 01:42:06,416
මේක මෙහෙම වෙයි කියලා ඔයා කොහොමද දැනගත්තේ?

1028
01:42:07,583 --> 01:42:10,208
ඒ වගේම අර දෙන්නට ඔයාව පෙනුණා

1029
01:42:10,458 --> 01:42:12,625
ඒත් ආකාශ්ව පෙනුණේ නෑ.
ඒ ඇයි?

1030
01:42:12,791 --> 01:42:14,583
මට ආකාශ්ව පේනවා.

1031
01:42:14,833 --> 01:42:17,333
ඇයි මට ඔයාගේ පොත හම්බවුණේ?

1032
01:42:20,083 --> 01:42:22,625
ඔයාට ඔක්කොම උත්තර එකපාරටම ඕනෙද?

1033
01:42:22,958 --> 01:42:27,000
ගූගල් වලටවත් ඔච්චර ඉක්මන් වෙන්න බෑ.

1034
01:42:28,625 --> 01:42:31,083
ඔයා මාර අභිරහසක්නේ හදලා තියෙන්නේ.

1035
01:42:34,250 --> 01:42:36,208
ඔයාට මේ පොත හම්බවුණේ

1036
01:42:36,375 --> 01:42:39,833
ඔයාලා දෙන්නා ආත්ම ගාණක ඉඳන්
අඳුරන නිසා.

1037
01:42:40,125 --> 01:42:43,625
ඔයාලගේ ගමන් මඟ නිතරම එකිනෙක ඡේදනය වෙනවා

1038
01:42:44,125 --> 01:42:46,375
ඒ වගේම එකිනෙකාව සම්පූර්ණ කරනවා.

1039
01:42:47,416 --> 01:42:50,375
ආකාශ් ආයෙමත් මෙහෙට ආවේ

1040
01:42:50,458 --> 01:42:52,541
ඉවර කරන්න බැරි වුණ වැඩක් ඉවර කරන්න.

1041
01:42:52,791 --> 01:42:54,916
ඔයා නැතුව එයාට ඒක කරන්න බෑ.

1042
01:42:56,583 --> 01:42:59,541
ඔයා කොහොමද ඒක දන්නේ?

1043
01:43:00,416 --> 01:43:02,833
ඔයා කවුද?

1044
01:43:03,708 --> 01:43:05,083
තවත් ප්‍රශ්නයක්!

1045
01:43:08,208 --> 01:43:12,750
ඔයාට දැනගන්න ඕනෙද මොකද වෙන්නේ කියලා...

1046
01:43:13,250 --> 01:43:14,500
ඔයා මේ ඔක්කොම උත්තර හොයාගත්තාම?

1047
01:43:18,375 --> 01:43:21,583
ඔයාට දැනගන්න ඕනෙද <i>ඔයා</i> කවුද කියලා?

1048
01:43:23,583 --> 01:43:25,000
ඔයා කවුද?

1049
01:43:36,625 --> 01:43:40,541
මේ ලෝකේ තියෙන හැමදේම

1050
01:43:41,375 --> 01:43:44,416
ඒ වගේම මේකෙන් එහා තියෙන හැම ලෝකයක්ම

1051
01:43:44,583 --> 01:43:47,208
ආලෝකයේ ලෝකය,
සිතුවිලි ලෝකය...

1052
01:43:47,833 --> 01:43:50,416
ඒවා ඇත්තටම මොනවද?

1053
01:43:56,000 --> 01:43:59,083
ඒ ඔක්කොම ඔයා තමයි, තාරා.

1054
01:44:00,375 --> 01:44:02,583
මුළු විශ්වයම තියෙන්නේ ඔයා ඇතුළේ.

1055
01:44:04,416 --> 01:44:06,458
ඔයා කවුද කියලා ඔයාට තේරුම් යන දවසට...

1056
01:44:06,833 --> 01:44:09,708
ඔයාට මාවත් තේරෙයි.

1057
01:44:10,416 --> 01:44:14,041
විශ්වයේ කතාව අසංඛ්‍යාත පිටු ගාණක
ලියවිලා තියෙනවා.

1058
01:44:15,541 --> 01:44:19,916
මේ පොත ඒකෙන් පොඩි කොටසක් විතරයි.

1059
01:44:22,083 --> 01:44:25,250
ඔයා ආවේ ඒකේ අවසානය හොයාගෙන.

1060
01:44:26,000 --> 01:44:28,875
ඒත් අවසානයක් කියලා දෙයක් නෑ.

1061
01:44:29,833 --> 01:44:32,583
ආරම්භයකුත් නෑ, අවසානයකුත් නෑ.

1062
01:44:36,166 --> 01:44:37,791
ඇයි ඔයා මාව ආයෙමත් මෙහෙට එව්වේ?

1063
01:44:37,958 --> 01:44:40,583
මොකද ඔයා කාටහරි පොරොන්දුවක් දීලා තිබුණා.

1064
01:44:41,375 --> 01:44:42,875
ඒ වගේම...

1065
01:44:44,250 --> 01:44:49,041
ඒ කෙනා තාමත් බලන් ඉන්නවා
ඔයා ඒක ඉෂ්ට කරනකම්.

1066
01:44:56,333 --> 01:44:58,041
මම ඉක්මනටම එන්නම්.

1067
01:44:58,250 --> 01:45:00,375
මම පොරොන්දු වෙනවා. ගිහින් එන්නම්.

1068
01:45:11,583 --> 01:45:12,833
යන්න

1069
01:45:16,708 --> 01:45:18,125
ගිහින් ඔයාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න.

1070
01:45:19,708 --> 01:45:23,416
තාරා, අපිට ගොඩක් වෙලා නෑ. අපි යමු.

1071
01:45:27,041 --> 01:45:28,333
කොහෙද?

1072
01:45:29,583 --> 01:45:30,916
එතකොට එයා?

1073
01:45:31,541 --> 01:45:33,875
- ඇත්තටම එයා කවුද?
- තාරා.

1074
01:45:51,166 --> 01:45:54,000
ඔයාට මොනවද මතක් වුණේ? මට කියන්න.

1075
01:46:03,875 --> 01:46:06,375
'අම්මා, ඔයා මොකටද බය වෙන්නේ?'

1076
01:46:06,666 --> 01:46:08,166
'මම හවස වෙද්දි එන්නම්.'

1077
01:46:09,500 --> 01:46:11,375
'මම හැමදාම ඔයා කියන දේ අහනවනේ.'

1078
01:46:11,625 --> 01:46:13,541
'ඔයාට එක පාරක් මම කියන දේ අහන්න බැරිද?'

1079
01:46:14,458 --> 01:46:17,333
'මම කියන්නේ අද මට හොඳක්
දැනෙන්නේ නෑ. යන්න එපා.'

1080
01:46:18,416 --> 01:46:20,958
'ඔයා එක දවසක් වැඩට ගියේ නෑ
කියලා මුකුත් වෙන්නේ නෑනේ.'

1081
01:46:22,833 --> 01:46:25,875
'හරි, මම යන්නේ නෑ.
වැඩේ ගියාදෙන්.'

1082
01:46:26,416 --> 01:46:28,583
'ඔයාගේ ඉව තමයි ගොඩක්ම වැදගත්.'

1083
01:46:28,666 --> 01:46:30,416
'හරිද? මම යන්නේ නෑ.'

1084
01:46:32,000 --> 01:46:33,541
'අහන්නකෝ,'

1085
01:46:33,666 --> 01:46:36,208
'ඔයා ගියේ නැතිවුණාම ලොකු පාඩුවක්
වෙන එකක් නෑ නේද.'

1086
01:46:37,500 --> 01:46:39,000
'අලුත් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා, අම්මා.'

1087
01:46:40,916 --> 01:46:43,916
'ඒත් කමක් නෑ.
ඕනෙ දෙයක් වෙච්චදෙන්.'

1088
01:46:46,791 --> 01:46:49,250
'හරි, ඔයා යන්න.'

1089
01:46:50,125 --> 01:46:51,041
'යන්න, ඇත්තටම.'

1090
01:46:51,208 --> 01:46:52,625
- 'ෂුවර්ද?
- ඔව්.'

1091
01:46:52,750 --> 01:46:56,000
'ඒත් පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න.'

1092
01:46:56,625 --> 01:46:57,583
'හරිද?'

1093
01:46:57,750 --> 01:47:00,000
'මම ඉක්මනටම එන්නම්.'

1094
01:47:00,083 --> 01:47:01,583
'මම පොරොන්දු වෙනවා.'

1095
01:47:03,333 --> 01:47:04,833
'මම එන්නම්, හරිද?'

1096
01:47:04,916 --> 01:47:05,916
- 'මම පොරොන්දු වෙනවා.
- හරි.'

1097
01:47:06,250 --> 01:47:07,083
මම ගිහින් එන්නම්.

1098
01:47:07,166 --> 01:47:10,750
'ඔයා කියන්න ඕනේ ගිහින් එන්නම් කියලා.'

1099
01:47:10,916 --> 01:47:13,458
- 'ගිහින් එන්නම්, අම්මා.
- හරි.'

1100
01:47:47,583 --> 01:47:49,625
මම එයාට පොරොන්දු වුණා මම එනවා කියලා.

1101
01:47:51,333 --> 01:47:53,833
මාව ආයෙමත් එව්වේ
ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න.

1102
01:48:30,875 --> 01:48:31,958
ඩේවි ආන්ටි!

1103
01:48:35,083 --> 01:48:36,416
දෙවියනේ!

1104
01:48:38,250 --> 01:48:39,416
හිමීට නැගිටින්න.

1105
01:48:39,708 --> 01:48:40,708
ඔයා හොඳින්ද?

1106
01:48:40,833 --> 01:48:42,875
හිමීට නැගිටින්න.

1107
01:48:43,416 --> 01:48:44,666
ඔයාගේ බෙහෙත්?

1108
01:48:49,250 --> 01:48:50,333
ඔයාට හරියයි.

1109
01:48:51,416 --> 01:48:52,916
නෑ...

1110
01:48:53,000 --> 01:48:54,500
මෙන්න මේක බොන්න.

1111
01:48:58,041 --> 01:48:59,041
එපා...

1112
01:49:00,833 --> 01:49:01,833
- ඒත්...
- අම්මා,

1113
01:49:03,166 --> 01:49:04,833
මම ඔයා ළඟම ඉන්නවා.

1114
01:49:06,791 --> 01:49:08,208
ආකාශ්!

1115
01:49:18,041 --> 01:49:21,583
ඔව්, ආකාශ් ඇවිත් ඉන්නවා ඔයාව බලන්න.

1116
01:49:23,000 --> 01:49:24,541
එයා ආයෙමත් ඇවිත්.

1117
01:49:28,500 --> 01:49:30,416
එයාට දෙයක් කියන්න තියෙනවා.

1118
01:49:31,500 --> 01:49:34,666
එයා දන්නවා ඔයා

1119
01:49:35,458 --> 01:49:37,041
අවුරුදු 25ක් තිස්සේ මේ බර දරාගෙන හිටියා කියලා.

1120
01:49:38,583 --> 01:49:40,041
ඒත් ඒක ඔයාගේ වරදක් නෙමෙයි.

1121
01:49:40,625 --> 01:49:41,875
ඔයාට දොස් කියන්න බෑ

1122
01:49:42,166 --> 01:49:43,666
වුණ දේට.

1123
01:49:58,916 --> 01:50:00,208
ආකාශ්...

1124
01:50:04,750 --> 01:50:06,958
මට ඔයාව නවත්තගන්න තිබුණා නම්.

1125
01:50:10,541 --> 01:50:12,500
අපිට කිසිම දෙයක් නවත්තන්න බෑ, අම්මා.

1126
01:50:14,916 --> 01:50:16,000
කිසිම දෙයක් බෑ.

1127
01:50:18,083 --> 01:50:19,875
මට එන්න ගොඩක් කල් ගියා.

1128
01:50:21,333 --> 01:50:23,208
මම ඔයාව ගොඩක් කල් බලන් ඉන්න සැලැස්සුවා.

1129
01:50:25,666 --> 01:50:27,500
ඔයා මාත් එක්ක තරහ වෙලත් නෑනේ.

1130
01:50:42,500 --> 01:50:43,458
අම්මා,

1131
01:50:44,625 --> 01:50:46,625
දැන් ආලෝකයට යන්න වෙලාව හරි.

1132
01:50:48,875 --> 01:50:53,250
ඒ ආලෝකය ඇතුළෙදි කිසිම දේකට
අපිව වෙන් කරන්න බෑ.

1133
01:51:47,083 --> 01:51:48,625
දැන් වෙලාව හරිද?

1134
01:52:06,625 --> 01:52:08,125
ඔයා ගියාට පස්සේ

1135
01:52:09,166 --> 01:52:11,250
මම ඔයා එනකම් බලන් ඉන්නවා

1136
01:52:12,291 --> 01:52:13,708
එයා හිටියා වගේම.

1137
01:52:18,166 --> 01:52:20,041
ඔයාට ආයෙමත් එන්නම වෙනවා.

1138
01:52:24,500 --> 01:52:30,416
ඇයි ඔයා හැමදාම ඔයාට ආදරය කරන අයව
දාලා යන්නේ?

1139
01:52:32,708 --> 01:52:34,750
මම මේ පාර ආපහු එන්නේ නෑ.

1140
01:52:37,875 --> 01:52:40,125
මොකද මම ඒ පොරොන්දුව දෙන්නේ නෑ.

1141
01:52:42,833 --> 01:52:44,416
ඔයා මට පොරොන්දු වෙන්න, තාරා...

1142
01:52:45,916 --> 01:52:49,125
ඔයා ඇතුළේ තියෙන ආලෝකයට
හොඳට බබළන්න දෙන්න...

1143
01:52:51,375 --> 01:52:55,416
කිසිම දේකට ඔයාව ඒ ආලෝකයේ ලෝකයට
යන එක නවත්තන්න බැරි වෙන්න.

1144
01:52:57,875 --> 01:52:59,958
මම එහේ ඔයා එනකම් බලන් ඉන්නවා.

1145
01:53:11,916 --> 01:53:13,916
ඒත් මම කොහොමද ඔයාව දකින්නේ...

1146
01:53:17,625 --> 01:53:19,250
මට ඔයාව මතක් වුණාම?

1147
01:53:25,416 --> 01:53:26,541
තාරා,

1148
01:53:28,416 --> 01:53:31,416
ලෝකය ඔයාගේ හිතේ සැකයන් ඇති කරයි

1149
01:53:33,833 --> 01:53:35,166
ඒත් ඔයා ඇත්තටම විශ්වාස කළොත්...

1150
01:53:38,666 --> 01:53:40,458
ඔයාට මාව දැනෙයි.

1151
01:53:46,541 --> 01:53:50,833
ඒ වගේම අර තිරය තුනී තැන් තියෙනවා කිව්වා
මතකද?

1152
01:53:52,833 --> 01:53:55,541
ඔයාගේ ඇස් වල නිශ්චලතාවයෙන් මාව හොයන්න...

1153
01:53:57,708 --> 01:53:59,125
එතකොට ඔයාට මාව හොයාගන්න පුළුවන් වෙයි.

1154
01:54:07,791 --> 01:54:09,166
අනේ යන්න එපා.

1155
01:54:11,250 --> 01:54:13,208
මට ඕනේ ඔයා මගේ වෙන්න.

1156
01:54:19,666 --> 01:54:21,875
ඇයි ඔයාට මගේ වෙන්න බැරි?

1157
01:54:31,458 --> 01:54:34,416
ඇත්තටම කිසිම දෙයක් කාටහරි අයිති වෙනවද?

1158
01:55:35,541 --> 01:55:36,583
අම්මා!

1159
01:55:49,500 --> 01:55:50,541
තාත්තා.

1160
01:55:54,416 --> 01:55:57,291
ආයෙ කවදාවත් මෙහෙම කරන්න එපා, දුවේ.

1161
01:55:58,041 --> 01:55:59,833
ඔයා දන්නේ නෑ අපි කොච්චර බය වුණාද කියලා.

1162
01:56:01,833 --> 01:56:03,333
මම හැමදේම ලෑස්ති කළා.

1163
01:56:03,875 --> 01:56:05,875
හෙට අවමඟුලෙන් පස්සේ අපිට යන්න පුළුවන්.

1164
01:56:10,416 --> 01:56:12,166
මම දැනටමත් ඔයාගේ රිටන් ටිකට් එක
බුක් කරලයි තිබුණේ.

1165
01:56:17,125 --> 01:56:18,208
අම්මා,

1166
01:56:20,208 --> 01:56:22,083
මට කවදාවත් ආයෙ එයාව දකින්න ලැබෙන්නේ නෑ.

1167
01:56:24,125 --> 01:56:27,875
විජේ අනේ, එපා.

1168
01:56:28,583 --> 01:56:30,958
අපිට වෙන විකල්පයක් තියෙනවද?

1169
01:56:32,583 --> 01:56:33,750
ඔයා මොකක්ද අදහස් කළේ?

1170
01:56:34,666 --> 01:56:37,791
ඔයාට පොඩි කාලේ ඉඳන්
මානසික ප්‍රශ්න තිබුණා.

1171
01:56:38,416 --> 01:56:41,583
ඔයා හැමදාම දැක්කේ නැති දේවල්.

1172
01:56:42,083 --> 01:56:44,250
ඇත්තටම නැති මිනිස්සුන්ව.

1173
01:56:45,791 --> 01:56:48,375
දොස්තරලා කිව්වේ ඒක ස්කිසෝෆ්‍රීනියා කියලා.

1174
01:56:49,541 --> 01:56:52,208
ඒ නිසයි අපි කවදාවත් ඔයාව
තනියම කොහේවත් යැව්වේ නැත්තේ.

1175
01:56:53,166 --> 01:56:55,208
අපි හැමදාම බයෙන් හිටියේ

1176
01:56:55,750 --> 01:56:57,500
ඔයාට මොනවාහරි නරකක් වෙයි කියලා.

1177
01:56:57,916 --> 01:57:01,666
ආකාශ් සහ අර කතුවරයා කියන්නේ
ඔයාගේ හිතේ මවාගැනීමක් විතරයි.

1178
01:57:02,375 --> 01:57:04,333
ඒක ඇත්තක් නෙමෙයි, තාරා!

1179
01:57:04,458 --> 01:57:08,000
ඔයාගේ හිත අර පොත පදනම් කරගෙන
කතාවක් ගොතලා.

1180
01:57:11,250 --> 01:57:13,041
ඔයාලට තේරෙන්නේ නෑ!

1181
01:57:14,166 --> 01:57:16,208
ආකාශ් කියන්නේ මායාවක් නෙමෙයි, තාත්තා.

1182
01:57:18,708 --> 01:57:20,541
එයා මෙතනම ඉන්නවා.

1183
01:57:23,041 --> 01:57:24,375
ආකාශ්,

1184
01:57:25,250 --> 01:57:26,666
කරුණාකරලා මෙයාලට පෙන්නන්න

1185
01:57:27,708 --> 01:57:28,750
ඔයා මෙතන ඉන්නවා කියලා.

1186
01:57:33,541 --> 01:57:36,458
ආකාශ්, මට ඕනේ ඔයා

1187
01:57:37,000 --> 01:57:38,375
මට මොකක්හරි සලකුණක් දෙනවට.

1188
01:57:39,041 --> 01:57:41,958
මම දන්නවා ඔයාට මාව ඇහෙනවා කියලා.

1189
01:57:43,791 --> 01:57:45,083
ආකාශ්!

1190
01:57:45,541 --> 01:57:48,041
මට ඕනේ ඔයාව දැනෙන්න,
අනේ ආකාශ්.

1191
01:57:49,500 --> 01:57:51,500
ආකාශ්, ඔයාට මාව ඇහෙනවද?

1192
01:57:52,416 --> 01:57:54,125
ආකාශ් කෙනෙක් කවදාවත් හිටියේ නෑ.

1193
01:57:54,791 --> 01:57:57,875
ඒත් අපි ඉන්නවා, අපි හැමදාම ඉඳීවි.

1194
01:57:58,250 --> 01:57:59,541
මාව අතාරින්න!

1195
01:58:03,416 --> 01:58:04,291
තාරා.

1196
01:58:23,041 --> 01:58:24,166
ආකාශ්...

1197
01:58:25,750 --> 01:58:27,166
ආකාශ්!

1198
01:58:27,791 --> 01:58:29,041
ආකාශ්!

1199
01:58:29,333 --> 01:58:30,625
ආකාශ්...

1200
01:58:41,875 --> 01:58:43,041
මට කියන්න

1201
01:58:44,000 --> 01:58:45,333
ඔයා මෙතන ඉන්නවා කියලා.

1202
01:58:47,791 --> 01:58:49,291
මට ඔයාව දකින්න දෙන්න.

1203
01:58:52,208 --> 01:58:53,541
ඔයා කිව්වා

1204
01:58:54,250 --> 01:58:57,166
මෙතන තිරය තුනීයි කියලා.

1205
01:58:58,458 --> 01:59:01,541
අනේ මට ඔයාව දකින්න දෙන්න.

1206
01:59:01,625 --> 01:59:02,916
මට ඔයාව දකින්න දෙන්න.

1207
01:59:04,541 --> 01:59:06,041
ආකාශ්!

1208
01:59:31,791 --> 01:59:33,416
ඔයාට මාව පේන එකක් නෑ...

1209
01:59:34,791 --> 01:59:36,583
ඒත් මම හැමදාම ඔයා ළඟින් ඉඳීවි.

1210
01:59:40,375 --> 01:59:44,125
ඔයාගේ ඇස් වල නිශ්චලතාවයෙන් මාව හොයන්න,
එතකොට ඔයාට මාව හොයාගන්න පුළුවන් වෙයි.


