1
00:01:04,332 --> 00:01:07,290
සිල්ලා පරිෂද් බාලිකා උසස් පාසල,
සිලේරු, අල්ලූරි සීතාරාම රාජු දිස්ත්‍රික්කය

2
00:01:31,000 --> 00:01:32,875
මැඩම්! මැඩම්! අනේ මැඩම්.

3
00:01:33,707 --> 00:01:35,625
මැඩම්! එපා මැඩම්!

4
00:01:36,500 --> 00:01:38,290
ආයුබෝවන් ස්තූතියි

5
00:01:47,082 --> 00:01:50,040
මම හොඳට ගෙවපු ප්‍රයිවට් ජොබ් එකක්
අතහැරලා දැම්මේ,

6
00:01:50,707 --> 00:01:54,750
මේ තරම් දුරක් දූවිලි පිරුණු රජයේ බස් එකක ආවේ

7
00:01:55,082 --> 00:01:58,832
තමුසෙලාට උගන්වන්නමයි,
ඒකට තමුසෙලා ගත්ත ලකුණුද මේ?!

8
00:02:02,125 --> 00:02:03,125
අත දිග අරිනවා.

9
00:02:03,665 --> 00:02:04,665
ගහන්න එපා මැඩම්.

10
00:02:05,165 --> 00:02:06,165
මෙහෙ බලනවා.

11
00:02:07,207 --> 00:02:08,207
මෙහෙ බලනවා!

12
00:02:15,665 --> 00:02:18,832
හවස වෙන්න කලින් හෙලවුණොත් තමුසෙ ඉවරයි!

13
00:02:27,250 --> 00:02:28,790
මැඩම් කිව්ව විදියට ඔයාට පාඩම් කරන්න තිබුණේ.

14
00:02:29,290 --> 00:02:30,290
ඔයා කවදාවත් අහන්නේ නෑනේ!

15
00:02:32,165 --> 00:02:34,500
ඒයි, ඇතුළට යනවා! දැන්ම!

16
00:03:08,582 --> 00:03:09,902
ලකුණු අඩුයි කියලා තමුසෙ ළමයින්ව මරන්නද හදන්නේ?

17
00:03:10,915 --> 00:03:13,125
තමුසෙ වගේ ගුරුවරු අධ්‍යාපනයටත් ලොකු තර්ජනයක්.

18
00:03:13,875 --> 00:03:16,290
මම තමුසෙව අවුරුද්දකට වැඩ තහනම් කරනවා.
එළියට බහිනවා!

19
00:03:46,957 --> 00:03:47,957
අයියේ

20
00:03:50,665 --> 00:03:53,082
කෝවිල හන්දිය ළඟදි හෝන් ගහන්න එපා අයියේ.

21
00:03:53,250 --> 00:03:54,915
ත්‍රිනාද්ගේ දුවට උණ හැදිලා නිදි.

22
00:03:55,125 --> 00:03:57,332
- දකුණට හරවලා ගම වටෙන් යන්න.
- හරි. එහෙම කරන්නම්.

23
00:04:04,125 --> 00:04:06,125
නවත්තන්න අයියේ! අයිනකට ගන්න!

24
00:04:07,915 --> 00:04:10,665
- කෝවිල හන්දිය ළඟ හෝන් ගහන්න එපා.
- ඒ මොකද?

25
00:04:10,750 --> 00:04:12,415
ත්‍රිනාද්ගේ දුවට උණ හැදිලා නිදි.

26
00:04:12,665 --> 00:04:14,207
දකුණට දාලා ගම වටෙන් යන්න.

27
00:04:14,457 --> 00:04:16,790
- මට කියන්න තමුසෙ කවුද ඕයි?
- අනේ මං කියන දේ අහන්නකෝ!

28
00:04:17,250 --> 00:04:19,915
අයියේ, එයාට හෝන් ගහන්න එපා කියන්නකෝ.
හෝන් ගහන්න එපා අයියේ.

29
00:04:20,000 --> 00:04:23,040
- ඒයි, අහකට යනවා!
- අනේ අයියේ! අයියේ! අයියේ!

30
00:04:23,750 --> 00:04:26,290
අනේ අයියේ! හෝන් ගහන්න එපා අයියේ!

31
00:04:26,790 --> 00:04:28,290
එයා ඇහැරෙයි.

32
00:04:38,875 --> 00:04:41,540
අයියේ! අනේ හෝන් ගහන්න එපා!

33
00:04:42,040 --> 00:04:43,040
අනේ මං කියන දේ අහන්නකෝ!

34
00:04:43,833 --> 00:04:46,415
තමුසෙට තේරෙන්නේ නැද්ද?
මම මේ තමුසෙටයි කතා කරන්නේ!

35
00:05:02,000 --> 00:05:03,083
ඒයි, කවුද තමුසෙ?

36
00:05:06,208 --> 00:05:07,208
ඒයි!

37
00:05:18,625 --> 00:05:21,665
ඒයි! මම කෙනෙක්ව එවලා කිව්වා නේද

38
00:05:22,000 --> 00:05:24,875
මගේ දුවට උණ හැදිලා, ඒ නිසා
හෝන් ගහන්න එපා කියලා?

39
00:05:26,375 --> 00:05:29,375
පොල්ලූරු පහු වෙනකල් ආයේ හෝන් ගහන්න බෑ.

40
00:05:30,250 --> 00:05:31,250
යනවා!

41
00:05:33,500 --> 00:05:36,790
ආච්චි, ඔයා උකු චට්නි දුන්නේ නෑ කියලා
මගේ දුව මට දොස් කිව්වා.

42
00:05:36,875 --> 00:05:39,540
- මම දැම්මේ උකු චට්නි තමයි පුතා.
- එහෙම දැම්මා නේද?

43
00:05:39,665 --> 00:05:40,665
ඔව්.

44
00:05:42,665 --> 00:05:44,500
- ඒයි සූරි! මේක ගෙදරට ගිහින් දීපන්.
- අයියේ?

45
00:05:44,958 --> 00:05:48,125
ඒ වගේම, දොන්කරායි සීනු ෆෝන් එක හදලා ඉවරද?

46
00:05:48,208 --> 00:05:51,250
- එයා ඒක අද දෙයි අයියේ.
- ගිහින් අරන් වරෙන්. එයා ඇහැරුණාම හොයයි.

47
00:05:51,333 --> 00:05:53,458
කෑවත්, මට වද දුන්නත්, එයාට ෆෝන් එක ඕනෙමයි!

48
00:05:53,540 --> 00:05:54,540
- හරිද? පලයන්.
- හරි.

49
00:05:54,875 --> 00:05:56,000
- ඒයි සූරි.
- අයියේ?

50
00:05:56,625 --> 00:05:59,625
මම සිලේරු යනවා මනම්මාට නාස් කරාබු ගන්න.

51
00:06:01,165 --> 00:06:03,333
- කාවේරිට කියන්න එපා.
- හරි අයියේ.

52
00:06:24,415 --> 00:06:25,415
මේක කොහොමද?

53
00:06:25,583 --> 00:06:27,708
ඒ මගේ තාත්තා, ත්‍රිනාද් රාම කාසු.

54
00:06:28,458 --> 00:06:32,708
මගේ තාත්තත් තමන්ගේ දුවට පණ වගේ
ආදරේ කරන මිලියන ගාණක් තාත්තලාගෙන් කෙනෙක්.

55
00:06:32,790 --> 00:06:34,250
මේක පොඩි වැඩියි වගේ.

56
00:06:34,708 --> 00:06:36,875
- මගේ දුවට තියෙන්නේ චූටි, ලස්සන නහයක්.
- එහෙමද.

57
00:06:37,165 --> 00:06:38,375
- මේක පැක් කරන්නකෝ.
- හරි.

58
00:06:39,000 --> 00:06:41,083
මේ මගේ තාත්තගේ කතාව.

59
00:06:42,000 --> 00:06:43,833
මේ අපේ ගම, පොල්ලූරු.

60
00:06:43,915 --> 00:06:44,790
අවුරුද්දකට කලින්

61
00:06:44,875 --> 00:06:47,750
වේල්ල අයිනේ තියෙන අයියප්පා ස්වාමි කෝවිල

62
00:06:47,833 --> 00:06:49,500
අපේ ගමේ කෙළවරේ තියෙන හරිම පූජනීය තැනක්.

63
00:06:49,583 --> 00:06:53,540
හැම තැනින්ම බැතිමතුන් මෙහෙට එනවා
අයියප්පා දෙවියන්ට වඳින්න.

64
00:06:53,625 --> 00:06:55,458
ස්වාමියේ ශරණම් -අයියප්පා ශරණම්

65
00:06:55,540 --> 00:06:57,333
මේ ඉන්නේ අපේ ගුරු ස්වාමි, ගෝපරාජු.

66
00:06:57,540 --> 00:06:59,625
එයා අයියප්පා ව්‍රතය
වතාවල් හතළිහක්ම රැකලා තියෙනවා.

67
00:07:00,083 --> 00:07:03,333
බැතිමතුන් විශ්වාස කරන්නේ එයාගෙන්
පූජනීය ඉරුමුඩි මල්ල ලබාගෙන

68
00:07:03,415 --> 00:07:06,540
ශබරිමල වන්දනාවට ගියාම
හැම කරදරයක්ම ඉවර වෙනවා කියලයි.

69
00:07:06,625 --> 00:07:08,875
ස්වාමියේ අයියප්පෝ!

70
00:07:09,083 --> 00:07:11,833
ඒ මගේ අම්මා, කාවේරි, මම තමයි මණිකණ්ඨ.

71
00:07:12,375 --> 00:07:14,083
ඒත් කෝ මගේ තාත්තා?

72
00:07:14,583 --> 00:07:20,875
ස්වාමියේ

73
00:07:21,000 --> 00:07:23,290
- ශරණම් අයියප්පා!
- ශරණම් අයියප්පා!

74
00:07:23,500 --> 00:07:25,583
ශරණම් අයියප්පා!

75
00:07:26,415 --> 00:07:29,040
මල්ල බැඳගන්න -අපි යන්නේ ශබරිමලයටයි

76
00:07:29,125 --> 00:07:31,583
ගල් මුල් පවා -යටිපතුලට මල් වගේ දැනෙයි

77
00:07:31,665 --> 00:07:34,125
ස්වාමියේ ශරණම් -අයියප්පා ශරණම්

78
00:07:34,208 --> 00:07:37,000
අයියප්පා ශරණම් -ස්වාමියේ ශරණම්

79
00:07:37,083 --> 00:07:39,500
මණ්ඩල ව්‍රතය සම්පූර්ණයි

80
00:07:39,790 --> 00:07:42,250
හිත පිරෙන්නේ පුදුම භක්තියකින්

81
00:07:42,625 --> 00:07:47,708
ශබරි කඳු පෙළ අඬගහනවා
එන්න, අපි මණිකණ්ඨ දෙවිඳු සොයා යමු

82
00:07:47,790 --> 00:07:49,665
බැඳගන්න, බැඳගන්න

83
00:07:49,958 --> 00:07:52,665
ඒයි, ඉරුමුඩි මල්ල බැඳගන්න

84
00:07:53,125 --> 00:07:58,540
භක්තියෙන් ඉරුමුඩි මල්ල බැඳගෙන
නඟින්න පූජනීය ශබරිමල කන්ද

85
00:08:03,415 --> 00:08:09,125
භක්තියෙන් ඉරුමුඩි මල්ල බැඳගෙන
නඟින්න පූජනීය ශබරිමල කන්ද

86
00:08:19,750 --> 00:08:25,083
ස්වාමියේ අයියප්පෝ අයියප්පෝ ස්වාමියේ

87
00:08:25,165 --> 00:08:30,500
ස්වාමියේ අයියප්පෝ අයියප්පෝ ස්වාමියේ

88
00:08:51,750 --> 00:08:54,416
කුරුම්බයක් අපි අරන් ආවා -අයියප්පෝ

89
00:08:54,500 --> 00:08:57,082
පූජනීය එළඟිතෙල් පුරවලා -අයියප්පෝ

90
00:08:57,166 --> 00:08:59,791
කපුරු පහනින් සුවඳ පුදමින් -අයියප්පෝ

91
00:08:59,875 --> 00:09:01,957
සතුටු සිතින් ඉරුමුඩි බඳිමු -අයියප්පෝ

92
00:09:02,041 --> 00:09:05,082
ඔබව දරාගෙන යෑමම මහත් ආශිර්වාදයක්
ඔබගේ කරුණාවෙන් භක්තිමත් ප්‍රබෝධයක් දැනේවි

93
00:09:05,166 --> 00:09:07,750
දෙවිඳුට ප්‍රශංසා කර හඬ නගන්න
එන්න කන්නි ස්වාමි, සතුටින් ගයන්න

94
00:09:07,832 --> 00:09:09,875
බැඳගන්න, බැඳගන්න

95
00:09:10,125 --> 00:09:12,750
ඉරුමුඩි මල්ල බැඳගන්න

96
00:09:13,082 --> 00:09:18,457
භක්තියෙන් ඉරුමුඩි මල්ල බැඳගෙන
නඟින්න පූජනීය ශබරිමල කන්ද

97
00:09:23,375 --> 00:09:29,207
භක්තියෙන් ඉරුමුඩි මල්ල බැඳගෙන
නඟින්න පූජනීය ශබරිමල කන්ද

98
00:09:39,832 --> 00:09:45,082
අයියප්පා අයියප්පා -අප රකින අයියප්පා දෙවිඳුනේ

99
00:09:45,166 --> 00:09:51,082
-අයියප්පෝ අයියප්පෝ
-අප මුදවාලන දෙවිඳුනේ, ඔබට වඳිමු

100
00:09:53,750 --> 00:09:55,500
පලතුරු ටික ගන්න.

101
00:09:57,916 --> 00:10:00,416
ගයලා ගයලා උගුර රිදෙනවා ඇති.
උණු වතුර ටිකක් බොන්න ස්වාමි.

102
00:10:01,125 --> 00:10:06,416
ස්වාමියේ අයියප්පෝ අයියප්පෝ ස්වාමියේ

103
00:10:06,500 --> 00:10:09,625
ස්වාමියේ අයියප්පෝ -ගිහින් එන්නම් ස්වාමි.

104
00:10:09,832 --> 00:10:11,707
අයියප්පෝ ස්වාමියේ -ස්වාමි, පරිස්සමින් යන්න.

105
00:10:11,791 --> 00:10:13,832
ස්වාමියේ අයියප්පෝ -ස්වාමියේ ශරණම්

106
00:10:13,916 --> 00:10:16,250
අයියප්පෝ ස්වාමියේ -ගිහින් හොඳින් පරිස්සමින් එන්න.

107
00:10:16,582 --> 00:10:21,166
ස්වාමියේ අයියප්පෝ අයියප්පෝ ස්වාමියේ

108
00:10:21,250 --> 00:10:23,541
ස්වාමියේ අයියප්පෝ -මල්ල බැඳගන්න

109
00:10:23,625 --> 00:10:25,707
අයියප්පෝ ස්වාමියේ -අපි යන්නේ ශබරිමලයටයි

110
00:10:25,832 --> 00:10:27,707
ස්වාමියේ අයියප්පෝ -භක්තියෙන් ඉරුමුඩි මල්ල බැඳගෙන

111
00:10:27,791 --> 00:10:28,808
අයියප්පෝ ස්වාමියේ -නඟින්න පූජනීය ශබරිමල කන්ද

112
00:10:28,832 --> 00:10:32,375
- ස්වාමියේ…
- භක්තියෙන් ඉරුමුඩි මල්ල බැඳගෙන

113
00:10:32,457 --> 00:10:34,832
- ස්වාමියේ…
- නඟින්න පූජනීය ශබරිමල කන්ද

114
00:10:35,000 --> 00:10:36,582
ශරණම් අයියප්පා!

115
00:10:37,916 --> 00:10:41,125
අපේ බැතිමතුන් ශබරිමල ගිහින්
ආපහු එන දවස තමයි අද.

116
00:10:41,582 --> 00:10:43,707
අම්මා නම් ඉන්නේ හොඳටම කලබලෙන්.

117
00:10:44,041 --> 00:10:47,625
මොකද, අද ඉඳන් මගේ තාත්තා
වෙනස්ම කෙනෙක් වෙන්න යන නිසා.

118
00:10:47,707 --> 00:10:51,207
ශිවාලයම් - පොල්ලූරු

119
00:10:51,582 --> 00:10:53,707
- ස්වාමි, මෙහෙට එන්න!
- ස්වාමි ශරණම්.

120
00:10:57,332 --> 00:11:00,000
- අයියේ.
- යමු. වරෙන්.

121
00:11:00,291 --> 00:11:01,707
ෂොට් එකක් දාගන්න දිව පෙරලෙනවා සූරි.

122
00:11:01,916 --> 00:11:03,041
දැන් ගොඩක් කල්නේ.

123
00:11:04,082 --> 00:11:07,166
අම්මෝ! කල්ප කාලෙකින්නේ බං!

124
00:11:07,832 --> 00:11:10,041
- සූරි, තෝ මේක ඇරියේ නැත්තේ මොකද?!
- මෙන්න අයියේ.

125
00:11:11,582 --> 00:11:12,666
දැන් හුඟක් කල්නේ.

126
00:11:19,832 --> 00:11:21,416
ආහ්, මරු!

127
00:11:23,582 --> 00:11:26,041
පණ ආවා වගේ දැනෙනවා බං!
දවස් හතලිස් එකකට පස්සේ.

128
00:11:26,832 --> 00:11:27,832
- ශා! මෙහාට දීපන්!
- මෙන්න අයියේ.

129
00:11:30,291 --> 00:11:31,832
- සල්ලි දුන්නද?
- ඔව්.

130
00:11:31,916 --> 00:11:33,666
- භූෂන්, අරහෙ බලපන්.
- මොකද?

131
00:11:35,082 --> 00:11:37,250
ත්‍රිනාද් දැන්ම බොන්න පටන් අරන්.

132
00:11:37,332 --> 00:11:39,916
ආයේ ව්‍රතය ගන්නකල්ම වෙරි මරගාතේ තමයි,
අර බේබද්දා!

133
00:11:40,000 --> 00:11:41,500
ඌට ගුරු ස්වාමිගෙත් සපෝට් එක තියෙනවනේ.

134
00:11:44,750 --> 00:11:48,000
- අම්මෝ ඇති යාන්තම්! පණ ආවා වගේ!
- තමුසෙට නම් බීමට තියෙන්නේ පුදුම පෙරේතකමක්.

135
00:11:48,250 --> 00:11:50,457
හැම අවුරුද්දෙම දවස් හතලිස් එකක්
නොබී ඉන්නේ කොහොමද මන්දා?

136
00:11:50,625 --> 00:11:51,916
මම ඔක්කොම කරන්නේ මගේ මනම්මා වෙනුවෙන්.

137
00:11:52,332 --> 00:11:53,875
- ඒයි සූරි! උඹ වැඩේ කරගෙන පලයන්!
- හරි අයියේ.

138
00:11:54,166 --> 00:11:55,375
ඒයි, අපිව ඩෑම් එක ළඟදි මුණගැහියන්!

139
00:11:55,457 --> 00:11:56,791
- හරි.
- ඒයි! කොහෙද යන්නේ?

140
00:11:56,916 --> 00:11:58,416
- අපිටත් දීපන්.
- වක්කරපන් බං!

141
00:11:58,500 --> 00:12:00,660
- හිටපන්! මුලින් මස් ටික කාපන්.
- වක්කරපන්, වක්කරපන්... මටත් එකක් දාපන්!

142
00:12:00,957 --> 00:12:04,750
- ගුරු ස්වාමි, වන්දනාව කොහොමද?
- හරිම හොඳින් සිද්ධ වුණා! ගමේ මොකද අලුත් තොරතුරු?

143
00:12:05,000 --> 00:12:06,832
අපේ ගමයි දොන්කරායි ගමයි අතරේ
මාර ගෝරියක් ගියානේ.

144
00:12:06,916 --> 00:12:08,541
- ඔයා දන්නේ නැද්ද?
- මොකක්ද වුණේ?

145
00:12:13,250 --> 00:12:14,416
මේ ගැන ත්‍රිනාද් දන්නවද?

146
00:12:14,750 --> 00:12:18,832
ගමේ ඕපාදූප තාත්තට කිව්වොත් නම්
මම තමුසෙගෙ හම ගහනවා!

147
00:12:20,082 --> 00:12:21,082
මනම්මා!

148
00:12:22,666 --> 00:12:25,332
- තාත්තී!
- එන්න! එන්න, එන්න!

149
00:12:25,416 --> 00:12:28,082
මගේ රත්තරං දෝණි! මගේ පැටියෝ!

150
00:12:30,207 --> 00:12:32,625
ත්‍රිනාද්, ඔයා බස් එකෙන් බැස්ස ගමන්මද බීගත්තේ?

151
00:12:32,832 --> 00:12:33,707
ඇත්තම කියන්න.

152
00:12:33,791 --> 00:12:36,666
කාවේරි, මම හොඳ එකා හින්දා
පොල්ලූරු එනකල්ම ඉවසුවා.

153
00:12:36,750 --> 00:12:38,666
අනිත් සෙට් එක නම් කේරලයේ ඉඳන්ම බොන්න ගත්තා!

154
00:12:40,041 --> 00:12:40,916
මනම්මා!

155
00:12:41,041 --> 00:12:42,875
ඉස්කෝලේ ඇතුළෙදි වුණත්, -එළියෙදි වුණත්,

156
00:12:42,957 --> 00:12:44,375
ගමේ මේ පැත්තේ වුණත්, -අනිත් පැත්තේ වුණත්,

157
00:12:44,457 --> 00:12:46,457
- ඔය ඉවුරේ මේ පැත්තේ වුණත්...
- ගඟෙන් එගොඩ වුණත්

158
00:12:46,541 --> 00:12:48,582
දැකපු ඕනම දෙයක්, -තාත්තට කියන්න ඕනෙ!

159
00:12:48,666 --> 00:12:50,666
- මනම්මා!
- මොකද?!

160
00:12:51,291 --> 00:12:54,541
අපේ ගමයි දොන්කරායි අතරේ මාර වලියක් ගියා තාත්තේ.

161
00:12:54,625 --> 00:12:57,207
- සිරාවටම?
- ත්‍රිනාද්, ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.

162
00:12:57,291 --> 00:12:59,250
කබඩි මැච් එක වෙලාවේ වෙච්ච පොඩි ගැටුමක් විතරයි.

163
00:12:59,666 --> 00:13:00,666
මේ මොකක්ද ගුරු ස්වාමි?

164
00:13:00,957 --> 00:13:02,666
මගේ දුව කියන්නේ ලොකු වලියක් කියලා,

165
00:13:02,750 --> 00:13:05,082
- ඔයා කියන්නේ පොඩි කේස් එකක් කියලනේ.
- මම පස්සේ තමුසෙව බලාගන්නම්.

166
00:13:07,125 --> 00:13:08,166
වෙච්ච දේ කියන්න දෝණි.

167
00:13:09,375 --> 00:13:11,791
පොල්ලූරු ටීම් එක ලකුණු විස්සකින් ඉස්සරහින්.

168
00:13:12,375 --> 00:13:15,207
- දොන්කරායි ලකුණු පහක් පස්සෙන්!
- කාව්‍යා, අල්ලගනින් එයාව!

169
00:13:15,332 --> 00:13:16,332
කබඩි, කබඩි, කබඩි

170
00:13:16,416 --> 00:13:18,875
- පොල්ලූරුට තවත් ලකුණක්!
- කබඩි, කබඩි, කබඩි

171
00:13:20,750 --> 00:13:23,207
දොන්කරායි කෙල්ලන්ගේ පණ බැහැලද?

172
00:13:23,541 --> 00:13:26,582
- දෙන්නම එක පාරටම අවුට් වුණා!
- මේ පාරත් කප් එක පොල්ලූරු ගනියිද?

173
00:13:27,625 --> 00:13:28,916
කොහෙද අප්පා අර නාගුලු ඉන්නේ?

174
00:13:38,125 --> 00:13:39,875
නොමිලේ පානීය ජලය ලබා දෙන ස්ථානය

175
00:13:43,625 --> 00:13:45,875
ඒයි, සෙල්ලම් කළා ඇති. මෙතනින් යනවා යන්න.

176
00:13:45,957 --> 00:13:47,082
අපි ඇයි යන්නේ?

177
00:13:47,500 --> 00:13:51,000
ඒයි! ඕකිගෙ යට ඇඳුම ගලවපන්.
බලමු එතකොට සෙල්ලම් කරන හැටි.

178
00:13:51,707 --> 00:13:54,250
ඇදපන්! ඇදපන්!

179
00:13:55,582 --> 00:13:57,250
තමුසෙලාට කොන්දක් නැද්ද ඕයි?

180
00:13:57,457 --> 00:13:59,957
මොකක්ද? මම කිව්වා නේද මෙතනින් පලයන් කියලා?

181
00:14:00,166 --> 00:14:02,207
-වරෙන්, මාත් එක්ක කබඩි ගහපන්
-අනේ මාව අතහරින්න.

182
00:14:08,500 --> 00:14:10,207
ගහපන්කෝ දැන්, කබඩි.

183
00:14:10,332 --> 00:14:11,332
ඇදපන් ඕක!

184
00:14:18,125 --> 00:14:19,250
- මේ කාලකණ්ණි...
- ත්‍රිනාද්

185
00:14:19,332 --> 00:14:20,916
- අහන්නකෝ!
- තව දවස් දෙකක් ඉවසන්න

186
00:14:21,582 --> 00:14:23,582
දැනටමත් ප්‍රමාද වැඩියි ගුරු ස්වාමි.

187
00:14:24,291 --> 00:14:25,750
ත්‍රිනාද්. එපා.

188
00:14:26,125 --> 00:14:27,500
ස්වාමි ශරණම්.

189
00:14:33,291 --> 00:14:36,875
එර්රාජි අයියේ, පොල්ලූරු කෙල්ලො අයින් වෙච්ච එකේ
දැන් කප් එක ඔයාගෙම තමයි!

190
00:14:37,000 --> 00:14:38,666
මොන කප් එකක්ද ඕයි, පිස්සු නැතුව ඉන්නවා!

191
00:14:38,916 --> 00:14:41,875
පොල්ලූරුයි අපේ දොන්කරායි අතරෙයි
පරණ දේශපාලන තරහක් තියෙන්නේ.

192
00:14:42,207 --> 00:14:45,875
ඒකයි අපි චාන්ස් එකක් හම්බවෙන හැම වෙලාවෙම
උන්ට ගහන්නේ.

193
00:14:46,332 --> 00:14:48,625
අනික අපේ නාගුලු
කවදාවත් පරාජය බාරගන්න එකෙක් නෙවෙයි.

194
00:15:06,291 --> 00:15:07,457
ඒයි! ඒයි!

195
00:15:07,707 --> 00:15:08,791
ඒයි, අත ඇරපන්!

196
00:15:08,916 --> 00:15:11,500
- ඒ මොකක්ද ඒ?
- එර්රාජි අයියේ! ත්‍රිනාද් අරහෙ නාගුලුට ගහනවා!

197
00:15:11,582 --> 00:15:13,125
- ඒයි!
- ඒයි!

198
00:15:13,957 --> 00:15:15,291
- ඒයි, ඌව නවත්තපන්!
- අත ඇරපන් එයාව.

199
00:15:15,375 --> 00:15:17,707
- කවුරුහරි ඌව නවත්තපන්කෝ.
- ටෙන්ට් එක කඩාගෙන වරෙල්ලා බං!

200
00:15:17,916 --> 00:15:20,125
ඌව අතහරින්න එපා! ගහපල්ලා!

201
00:15:21,375 --> 00:15:22,666
ඌව ඉවරයක් කරලා දාපන්!

202
00:15:22,750 --> 00:15:25,291
ඒයි! අද ත්‍රිනාද් මැරුම් කන්නේ මගේ පුතාගේ අතින්!

203
00:15:25,375 --> 00:15:27,332
- අනිවාර්යයෙන්!
- ඒයි, ගහපන් ඌට!

204
00:15:28,166 --> 00:15:31,666
තෝ අපේ ගමට ඇවිත් අපේ උන්ට
අත උස්සන්න තරම් හයියක් ගත්තද පරයෝ?

205
00:15:31,750 --> 00:15:34,707
බලපන්! නාගුලු මෙතන ඉන්නවා! නාගුලු!

206
00:15:37,832 --> 00:15:40,166
ඌව අතහරින්න එපා! මරපන් ඌව!

207
00:15:51,750 --> 00:15:53,666
- ඒයි!
- ගහපන් ඌට!

208
00:15:54,750 --> 00:15:55,750
ඉවරයක්ම කරලා දාපන්!

209
00:15:56,041 --> 00:15:58,500
තෝ මගේ ගමට ඇවිත් මට ගහනවා?!
තෝ අද ඉවරයි!

210
00:16:00,332 --> 00:16:01,375
නැගිටපල්ලා බං! ඌව ඉවරයක් කරපල්ලා!

211
00:16:12,250 --> 00:16:16,291
ඒයි! වරෙන්කෝ කාලකණ්ණියා! වරෙන්! වරෙන්.

212
00:16:16,375 --> 00:16:17,375
ඒයි!

213
00:16:20,457 --> 00:16:23,332
- ඒයි නාගුලු, නැගිටපන්! ඒයි!
- ඒයි! තෝ

214
00:16:24,375 --> 00:16:25,375
ඒයි!

215
00:16:32,666 --> 00:16:36,082
ඒයි ත්‍රිනාද්! ඌව අතඇරියොත් හොඳයි, නැත්නම් හොඳකින් බේරෙන්න බෑ!
මම තමුසෙට අනතුරු අඟවන්නේ!

216
00:16:36,250 --> 00:16:39,166
ඒයි ත්‍රිනාද්! මම තමුසෙටයි කතා කරන්නේ!
තමුසෙ කවුරු කියලද හිතාගෙන ඉන්නේ?!

217
00:16:39,375 --> 00:16:40,582
ඒයි අත ඇරපන්! අත ඇරපන්කෝ!

218
00:16:40,750 --> 00:16:42,500
මම අනේ කියලා ඉල්ලන්නේ, ඌව අත ඇරපන්!

219
00:16:44,916 --> 00:16:46,666
ත්‍රිනාද්, අනේ... ඌව අතහරින්න!

220
00:16:47,207 --> 00:16:49,875
- ත්‍රිනාද්! අනේ එපා!
- ගලවපන් කමිසය!

221
00:16:50,000 --> 00:16:51,457
- ගලවපන්!
- ගලවපන් තොගෙ කමිසය!

222
00:16:51,625 --> 00:16:52,625
- ගලවපන්!
- ගලවපන්!

223
00:16:53,582 --> 00:16:56,250
- කලිසමත්! ගලවපන් තොගෙ කලිසම!
- ඒයි, ගලවපන් පුතේ!

224
00:16:58,166 --> 00:17:01,791
ගෑනුන්ගේ ඇඳුම් ගලවන්න මිනිස්සුන්ට සල්ලි ගෙවනවද
තෝ, පර බල්ලා?

225
00:17:01,916 --> 00:17:03,582
- ගලවපන්! හෙළුවෙන් හිටපන්!
- ගලවපන් පුතේ!

226
00:17:05,333 --> 00:17:08,415
එර්රාජි, මට තියෙනවා එක දුර්වලකමක්.

227
00:17:08,625 --> 00:17:13,040
හැම කෙල්ලෙක්ගෙන්ම මගේ දුවව පේන
අමුතුම දුර්වලකමක්.

228
00:17:14,125 --> 00:17:15,250
ඒකත් එක්ක සෙල්ලම් කරන්න එපා.

229
00:17:16,208 --> 00:17:17,500
ඒයි නාගුලු!

230
00:17:17,583 --> 00:17:20,415
තෝ ආයේ කවදාහරි පොල්ලූරු කෙල්ලෙක්ගේ ඇඟට අත තිබ්බොත්

231
00:17:20,665 --> 00:17:22,708
තෝව පණපිටින් පුච්චලා ගිජුලිහිණියන්ට කන්න දානවා!

232
00:17:22,958 --> 00:17:24,750
- ජරා බල්ලා!
- ත්‍රිනාද්, ඌව අතහරින්න.

233
00:17:25,875 --> 00:17:27,250
ස්වාමි ශරණම්.

234
00:17:28,958 --> 00:17:29,958
මම ඌව මරනවා.

235
00:17:38,165 --> 00:17:41,875
- මොකක්ද මේ? මම තව කොච්චර වෙලා බලන් ඉන්නද?
- එයා තව විනාඩි දහයකින් මෙහෙට එයි.

236
00:17:42,000 --> 00:17:43,833
කෙසෙල් කැන් ටික පටවනවද,
නැත්නම් මම වෙන තැනකින් ගන්නද?

237
00:17:44,000 --> 00:17:45,540
මගේ මහත්තයා හරිම හැඟීම්බර මනුස්සයෙක්.

238
00:17:45,708 --> 00:17:48,625
එයාට ඕනෙ අපේ පළවෙනි අස්වැන්නේ පළමු කැණ
දුවගේ අතින්ම කපන්නයි.

239
00:17:48,708 --> 00:17:49,708
තව විනාඩි දහයයි.

240
00:17:49,790 --> 00:17:52,375
ඒයි සූරි! කෝ මේ තාත්තයි දුවයි දෙන්නා?

241
00:17:56,625 --> 00:17:58,790
දෝණි! මොනවා හරි ගඳක් දැනෙනවද?

242
00:17:59,165 --> 00:18:00,290
නෑ නේද? එහෙනම් යමු.

243
00:18:00,458 --> 00:18:03,500
මණ්ඩල් පරිෂද් ප්‍රාථමික විද්‍යාලය

244
00:18:04,665 --> 00:18:05,790
පොඩ්ඩක් ඉන්න! නවත්තන්න!

245
00:18:06,625 --> 00:18:09,708
ඇයි මාස්ටර් මණිකණ්ඨට ඉස්කෝලේ එන්න එපා කිව්වේ?

246
00:18:09,790 --> 00:18:12,125
මම එයාට කිව්වා, "ගුණන වගුව නැතුව
ගණන් හදන්න බෑ!" කියලා.

247
00:18:12,208 --> 00:18:14,915
එයා අහනවා, "මට ගාණ හදන්න පුළුවන් නම්
ගුණන වගුවෙන් මොකටද මාස්ටර්?" කියලා.

248
00:18:15,250 --> 00:18:17,125
මම කිව්වේ ඒක වැරදියි කියලයි. මම කිව්ව එක වැරදිද?

249
00:18:17,500 --> 00:18:19,083
එයා එහෙම නෙවෙයි තාත්තේ කිව්වේ.

250
00:18:19,415 --> 00:18:24,415
ඇස් දෙකත් ලොකු කරගෙන, බය කරලා
මගේ හම ගහනවා කියලා කෑගැහුවා.

251
00:18:24,625 --> 00:18:26,958
ළමයෙකුට කතා කරන විදියද සර් ඒක?
ඒක හරි නෑනේ.

252
00:18:27,083 --> 00:18:30,165
එයාට තේරෙන්නේ නැත්නම්, ඉවසීමෙන්
ආදරෙන් කියලා දෙන්න එපැයි.

253
00:18:30,583 --> 00:18:32,583
තමුසෙ මගේ දුවගේ හම ගහනවා කියලා
තර්ජනය කරන්න තරම් එඩිතර වුණාද?

254
00:18:33,915 --> 00:18:36,833
ළමයින්ට උගන්වන ගුරුවරයෙක් හින්දා
මම තමුසෙට අත උස්සන්නේ නැතුව අතහරිනවා.

255
00:18:37,040 --> 00:18:38,665
තේරුණාද? බහිනවා වාහනෙන්.

256
00:18:40,750 --> 00:18:44,583
දෝණි, මාස්ටර්ට වැඳලා සමාව දුන්නා කියලා කියන්න.

257
00:18:48,083 --> 00:18:49,083
සමාව දුන්නා!

258
00:18:49,333 --> 00:18:51,625
- සමාව දෙන්නේ මෙහෙමද?
- පොල්ලූරු විදිය තමයි ඔය!

259
00:18:51,708 --> 00:18:53,915
යමු දෝණි. දැන් තමුසෙට යන්න පුළුවන්.

260
00:18:57,208 --> 00:18:58,833
- මනම්මා!
- අන්න මගේ කෙල්ල!

261
00:19:00,208 --> 00:19:01,750
- ශා!
- කාවේරි!

262
00:19:01,915 --> 00:19:03,415
- දැනටමත් පටන් අරන්ද?
- ඇයි මෙච්චර පරක්කු?

263
00:19:03,500 --> 00:19:04,750
අපි මෙච්චර වෙලා බලන් හිටියා!

264
00:19:05,125 --> 00:19:06,625
- කාවේරි! අපි පරක්කුද?
- ගායත්‍රී!

265
00:19:06,708 --> 00:19:09,250
නෑ ලක්ෂ්මම්මා. මෙයා ආයෙත්
ඕනවට වඩා බොන්න අරන් ගුරු ස්වාමි.

266
00:19:09,333 --> 00:19:11,040
- කවුද, මමද?
- එහෙනම් වෙන කවුද? මමද?

267
00:19:11,125 --> 00:19:13,875
මම ව්‍රතය තිබ්බ දවස් හතලිස් එකේ
අරක්කු බිඳක්වත් බිව්වද?

268
00:19:13,958 --> 00:19:15,333
ඒක අගය කරන්න ඕනෙ. ඇයි ඕවා කියවන්නේ?

269
00:19:15,415 --> 00:19:17,750
ඔයා ව්‍රතය රකින දවස් හතලිස් එක විතරයි
මට සැනසීමක් තියෙන්නේ.

270
00:19:18,208 --> 00:19:21,000
- ලක්ෂ්මම්මා, ඔයත් එයාට අවවාද කරන්නේ නැද්ද?
- බීම නවත්තන්න පුතා.

271
00:19:21,250 --> 00:19:23,665
ඒයි සූරි, පළවෙනි අස්වැන්නේ කෙසෙල් කැණ
ගුරු ස්වාමිට දීපන්.

272
00:19:23,750 --> 00:19:24,891
- හරි අයියේ, දෙන්නම්.
- දැන් මට ඕකෙන් ඇති වැඩේ මොකක්ද?

273
00:19:24,915 --> 00:19:25,833
ඒ මොකද ගුරු ස්වාමි?

274
00:19:25,915 --> 00:19:27,000
- පළවෙනි අස්වැන්න අපි තියාගන්නේ.
- සූරි!

275
00:19:27,083 --> 00:19:27,958
පළමු කැණ ලැබෙන්නේ ඔයාට.

276
00:19:28,040 --> 00:19:29,665
- මට බයිසිකල් පදින්න කියලා දෙන්නකෝ...
- එහෙම නේද ස්වාමි?

277
00:19:29,833 --> 00:19:31,208
- අනිවාර්යයෙන්. කියලා දෙන්නම්.
- ස්වාමි ශරණම්!

278
00:19:31,833 --> 00:19:33,915
ගුරු ස්වාමි, අද තමයි අපේ විවාහ සංවත්සරය.

279
00:19:34,708 --> 00:19:35,708
එන්න.

280
00:19:36,333 --> 00:19:37,625
බොහෝ කාලයක් යහතින් ජීවත් වෙන්න.

281
00:19:37,875 --> 00:19:40,208
ඒයි ත්‍රිනාද්, එයා නම් ඉන්නේ අවුලෙන් වගේ බං.

282
00:19:40,415 --> 00:19:42,958
සිලේරු ගිහින් බඩු බාලා,
බොන්නේ නැතුව සිහියෙන් ගෙදර වරෙන්.

283
00:19:43,208 --> 00:19:45,415
- තේරුණාද? අපි එහෙනම් යන්නම්.
- අපි ගිහින් එන්නම් පුතා.

284
00:19:45,790 --> 00:19:47,708
මණි, ඉස්කෝලේ යන්න වෙලාව හරි. මම යන්නම්.

285
00:19:47,790 --> 00:19:51,165
අක්කේ, මායි තාත්තයි මේ ඉරිදට
ෆිල්ම් එකක් බලන්න සිලේරු යනවා.

286
00:19:51,250 --> 00:19:52,250
එනවද යන්න?

287
00:19:52,500 --> 00:19:54,625
අපේ තාත්තා නම් කැමති වෙන එකක් නෑ නංගී. තව දවසක යමු.

288
00:19:54,708 --> 00:19:56,500
- යමු දුවේ.
- අක්කා හැමදාම මොකක් හරි නිදහසට කරුණක් කියනවා.

289
00:19:56,708 --> 00:19:58,708
- පරිස්සමින් යන්න ගායත්‍රී.
- ගිහින් එන්නම් නංගී.

290
00:19:58,790 --> 00:19:59,790
හරි මාමේ!

291
00:20:00,540 --> 00:20:01,415
ටාටා අක්කේ.

292
00:20:01,500 --> 00:20:03,415
- බායි.
- කාවේරි, අදද අපේ වෙඩින් ඇනිවසරි එක?

293
00:20:03,540 --> 00:20:04,458
ඇයි මට නොකිව්වේ?!

294
00:20:04,540 --> 00:20:07,165
- ඔයා මට කියන්න ඉඩක් දුන්නද!
- මම අද නොබී සිහියෙන් ගෙදර එන්නම්.

295
00:20:09,540 --> 00:20:11,375
- මට නම් විශ්වාස නෑ.
- දිවුරලා කියන්නේ මම එනවා!

296
00:20:11,458 --> 00:20:12,915
ඔය මූසල නයිටිය අඳින්නේ නැතුව,

297
00:20:13,000 --> 00:20:16,833
මම ආසම කොළ පාට සාරියයි,
කහ පාට හැට්ටෙයි ඇඳලා ලෑස්ති වෙන්න.

298
00:20:33,165 --> 00:20:34,333
යන්න! ගිහින් ගන්න!

299
00:20:44,625 --> 00:20:46,625
යලාලෝ, යලාලෝ!

300
00:20:46,708 --> 00:20:48,583
සඳ පායන රෑ පුරා නොනිමි කතාන්දර!

301
00:20:48,665 --> 00:20:50,500
- ත්‍රිනාද්!
- බලන්නකෝ. එයා මේක කොහෙට දැම්මද මන්දා?

302
00:20:50,583 --> 00:20:51,915
- මම දන්නේ නෑ.
- නෑ

303
00:20:52,000 --> 00:20:55,375
-මිදුල පිරෙන්නේ රහස් කතාවලින්
-අද සෙනසුරාදා ත්‍රිනාද්. බොන්න එපා!

304
00:20:55,958 --> 00:20:58,500
අම්මාගෙන් හංගපු රහස් කතා -ත්‍රිනාද්! අහන්නකෝ!

305
00:20:58,583 --> 00:21:00,915
- කොහෙද තාත්තේ?
- මෙතන නෑ. අරහෙ බලන්න.

306
00:21:01,290 --> 00:21:03,040
ලෝකෙටම පේන්න -දොර අරින්න.

307
00:21:03,125 --> 00:21:05,208
- තාත්තේ!
- පිවිතුරු ආදරේ පිරුණු තැනක්!

308
00:21:05,290 --> 00:21:06,708
ත්‍රිනාද්, මම එපා කිව්වා නේද! බොන්න එපා!

309
00:21:06,790 --> 00:21:09,250
-කඳුකරයට බැඳිලා
-මම කිව්වේ, දොර අරින්න කියලා.

310
00:21:09,333 --> 00:21:11,750
-කැලෑවමයි අපේ නිවහන
-ඔයා කවදාවත් හැදෙන්නේ නැද්ද?

311
00:21:11,915 --> 00:21:14,500
-දුප්පත්කම අපේ ආත්මය නොසලකයි
-ඔයාට මොකද වුණේ? ඉන්න

312
00:21:14,583 --> 00:21:16,208
- අපේ ලෝකය අපි තුළමයි!
- කාවේරි, එයාව වතුරට දාන්න එපා.

313
00:21:16,290 --> 00:21:18,083
- එයාට උණ හැදෙයි.
- යලා, යාලෝ!

314
00:21:18,165 --> 00:21:23,415
යාලෝ, මහා මන්දිරවල මොනවා තියෙන්නද?
යාලෝ, රත්තරන් ගොඩවල්වල මොනවා තියෙන්නද?

315
00:21:23,500 --> 00:21:26,583
සැබෑ ආදරෙන් අපේ හිත් පිරිලා -තාත්තේ!

316
00:21:26,915 --> 00:21:29,040
කෙත්වතු මැදින් ගලා යන දිය දහරා වගේ!

317
00:21:29,125 --> 00:21:31,458
ශතවර්ෂ ගණන් ගෙවී යාවි

318
00:21:31,583 --> 00:21:34,125
මේ ලෝකේ තියෙන හැම සතුටක්ම අපිට තියෙනවා!

319
00:21:34,208 --> 00:21:37,958
- ඒයි!
- තව මොනවද අපිට ඕනෙ?

320
00:21:58,665 --> 00:22:01,750
හැමදාම ගෑනිට ගහන බේබද්දා?
අන්න ඌ තමයි තාත්තේ.

321
00:22:03,250 --> 00:22:06,208
තෝ ගෑනිට අත උස්සන්න තරම් එඩිතර වුණාද?

322
00:22:06,290 --> 00:22:07,290
මම තෝව මරනවා!

323
00:22:09,125 --> 00:22:13,500
තොටිල්ලක නැළවුණු සුන්දර ළමා කාලය

324
00:22:14,415 --> 00:22:19,625
ශතවර්ෂ ගණනාවක ප්‍රීතියක් රැගෙන එයි!

325
00:22:19,708 --> 00:22:24,208
ජීවිතය සුන්දර සෙල්ලමක් වගේ නැටවෙයි

326
00:22:24,708 --> 00:22:26,458
- මම එපා කිව්වා නේද?
- ඔබ සූදානම් නම්

327
00:22:26,540 --> 00:22:29,040
- කවුද තමුසෙලා?
- ආශිර්වාදයක් එක් කරයි

328
00:22:29,125 --> 00:22:30,458
- සෑම හෝරාවකම ආශිර්වාදයක්!
- තමුසෙලා මොන ගමේද?

329
00:22:30,540 --> 00:22:35,250
ඇසිපියක් වගේ ඔබව රකිමින්

330
00:22:35,333 --> 00:22:41,083
ඇසිපිය හෙළන මොහොතකටවත් මේ ආත්මය වෙන් වේවිද?

331
00:22:41,165 --> 00:22:45,915
මේ මහපොළොවේ අපේ කාලය කෙටියි

332
00:22:46,040 --> 00:22:51,290
ඒත් මේ සෙනෙහසේ බැඳීම සදාකාලිකයි!

333
00:22:51,375 --> 00:22:53,125
යලා, යාලෝ!

334
00:22:53,208 --> 00:22:58,375
යාලෝ, මහා මන්දිරවල මොනවා තියෙන්නද?
යාලෝ, රත්තරන් ගොඩවල්වල මොනවා තියෙන්නද?

335
00:22:58,458 --> 00:23:01,708
සැබෑ ආදරෙන් අපේ හිත් පිරිලා

336
00:23:02,000 --> 00:23:06,333
කෙත්වතු මැදින් ගලා යන දිය දහරා වගේ!
ශතවර්ෂ ගණන් ගෙවී යාවි

337
00:23:06,458 --> 00:23:13,000
මේ ලෝකේ තියෙන හැම සතුටක්ම අපිට තියෙනවා!
තව මොනවද අපිට ඕනෙ?

338
00:23:15,375 --> 00:23:16,540
ස්වාමියේ ශරණම් අයියප්පා

339
00:23:16,625 --> 00:23:17,625
මණිකණ්ඨ

340
00:23:18,458 --> 00:23:19,665
මොනවද බලන්නේ? ගිහින් ඒවා අයින් කරන්න.

341
00:23:36,625 --> 00:23:37,625
තමුසෙට වෙරිද?

342
00:23:37,875 --> 00:23:39,833
- අහකට යනවා.
- එන්න. වාඩිවෙන්න.

343
00:23:48,000 --> 00:23:48,875
තාත්තේ, තව එකක්.

344
00:23:48,958 --> 00:23:50,391
- මේ, තව වීදුරු කීයක් බොන්නද හදන්නේ?
- ඇයි හැම දේටම බාල්දි පෙරලන්නේ? එයාට බොන්න දෙන්න.

345
00:23:50,415 --> 00:23:52,125
- එයාට හෙම්බිරිස්සාවයි කැස්සයි හැදෙයි.
- යලාලෝ, යලාලෝ!

346
00:23:52,208 --> 00:23:55,333
සඳ පායන රෑ පුරා නොනිමි කතාන්දර!

347
00:23:55,665 --> 00:24:00,750
යලාලෝ, යලාලෝ! මිදුල පිරෙන්නේ රහස් කතාවලින්!

348
00:24:01,583 --> 00:24:04,165
-අම්මාගෙන් හංගපු රහස් කතා
-මේ, කැමති එකක් තෝරගන්න.

349
00:24:04,250 --> 00:24:06,500
තාත්තාගේ ගමනේ තියෙන්නේ රාජකීය පෞරුෂයක්

350
00:24:06,833 --> 00:24:11,540
ලෝකෙටම පේන්න පිවිතුරු ආදරේ පිරුණු තැනක්!

351
00:24:12,250 --> 00:24:17,165
කඳුකරයට බැඳිලා කැලෑවමයි අපේ නිවහන

352
00:24:17,458 --> 00:24:21,875
දුප්පත්කම අපේ ආත්මය නොසලකයි
අපේ ලෝකය අපි තුළමයි!

353
00:24:21,958 --> 00:24:23,250
යලා, යාලෝ!

354
00:24:23,333 --> 00:24:25,165
- මනම්මා, මෙහෙ බලන්නකෝ.
- මාර ලස්සනයි!

355
00:24:26,625 --> 00:24:29,125
- අක්කත් එකක් ගන්නකෝ.
- ගායත්‍රී, ගන්න ළමයෝ!

356
00:24:29,208 --> 00:24:32,290
-සැබෑ ආදරෙන් අපේ හිත් පිරිලා
-මට අර එක දෙන්න.

357
00:24:32,665 --> 00:24:34,540
- ගායත්‍රී!
- කෙත්වතු මැදින් ගලා යන දිය දහරා වගේ!

358
00:24:34,625 --> 00:24:36,958
ශතවර්ෂ ගණන් ගෙවී යාවි -චුරිදාරයක් ගන්න දුවේ.

359
00:24:37,040 --> 00:24:39,833
මේ ලෝකේ තියෙන හැම සතුටක්ම අපිට තියෙනවා!

360
00:24:39,958 --> 00:24:43,583
තාත්තේ! අදත් පරක්කුද?
මම ඔයත් එක්ක කතා කරන්නේ නෑ, යන්න යන්න!

361
00:24:44,790 --> 00:24:46,500
මෙන්න එනවා මනම්මා. මම එනවා.

362
00:24:55,875 --> 00:24:56,915
තව කටක් කන්න දෝණි.

363
00:24:57,750 --> 00:24:58,750
ඔන්න හරි!

364
00:25:00,125 --> 00:25:02,375
තාත්තා අහගෙනද ඉන්නේ?

365
00:25:11,583 --> 00:25:14,415
ඒයි, මැරිච්ච කිකිළියන්ව අයින් කළාද?

366
00:25:14,540 --> 00:25:16,333
- ඔව් සර්, මම අයින් කළා.
- මෙහෙට වරෙන්.

367
00:25:22,833 --> 00:25:24,915
- කෝ අනිත් කොල්ලෝ?
- උන් හෙට එයි සර්!

368
00:25:25,000 --> 00:25:26,500
ජොබ් එකට ඇවිත් දවස් දහයෙන්ම නිවාඩු ගන්නවද?

369
00:25:27,000 --> 00:25:28,875
මෙන්න පඩිය. හෙට ඉඳන් වැඩට එන්න කියපන්!

370
00:25:28,958 --> 00:25:29,958
එහෙම කරන්නම් සර්!

371
00:25:51,750 --> 00:25:53,500
මූව දැන් පාලනය කරන්න බැරි තරම් බං.

372
00:25:54,165 --> 00:25:55,833
ඌට ඉක්මනටම කෙල්ලෙක් හොයලා බන්දන්න ඕනෙ.

373
00:26:03,333 --> 00:26:06,208
අයියේ! බස් එක ඇවිත්.

374
00:26:07,290 --> 00:26:09,083
- විභාගේ කොහොමද අක්කේ?
- හොඳට කළා.

375
00:26:10,290 --> 00:26:13,540
සෞජී, මගේ දහයේ පන්තියේ විභාගෙන් පස්සේ
මගේ පොත් ටික ඔයාට ඕනෙ කිව්වා නේද?

376
00:26:13,625 --> 00:26:14,625
ඔව් අක්කේ.

377
00:26:16,040 --> 00:26:17,250
- මෙන්න ගන්න.
- ස්තූතියි අක්කේ.

378
00:26:17,333 --> 00:26:19,540
- අක්කා මොන කොලේජ් එකටද යන්නේ?
- මම කොලේජ් යන්නේ නෑ.

379
00:26:19,625 --> 00:26:21,665
- මම කසාද බැඳලා පිටවෙලා යනවා.
- කසාද බඳිනවා?!

380
00:26:26,083 --> 00:26:29,208
සිලේරු - දොන්කරායි

381
00:26:29,290 --> 00:26:31,500
පල්ලෙ වෙලුගු

382
00:26:32,665 --> 00:26:34,250
ඔයාලා හැමෝම වෙඩින් එකට එන්නම ඕනෙ ගායත්‍රී!

383
00:26:34,333 --> 00:26:36,415
- අනිවාර්යයෙන් අක්කේ. කවුද මනමාලයා?
- මගේ මස්සිනා!

384
00:26:36,500 --> 00:26:37,375
එතකොට ඔයාගේ ඉගෙනීම් කටයුතු?

385
00:26:37,458 --> 00:26:39,458
කසාද බැන්දට පස්සේ ඉගෙන ගන්නවා.
ඒකේ මොකක්ද තියෙන වැරැද්ද?

386
00:26:39,540 --> 00:26:40,958
බයිසිකලේ හුළං බැහැලා.

387
00:26:44,790 --> 00:26:46,625
තමුසෙලාද බයිසිකල්වල හුළං ඇරියේ?

388
00:26:49,583 --> 00:26:52,458
ආයේ මෙහෙම දෙයක් කළොත්,
මම අපේ ගමේ වැඩිහිටියන්ට කියනවා!

389
00:26:54,250 --> 00:26:55,250
උඹ ඕකිට කැමතිද?

390
00:26:55,708 --> 00:26:58,125
මේ, උඹ මොනවද මේ කියවන්නේ?

391
00:26:58,958 --> 00:27:00,415
තමුසෙලාට මොළයක් නැද්ද ඕයි?

392
00:27:04,125 --> 00:27:06,083
- අක්කේ! රණ්ඩු වෙන්න එපා.
- ඕක අතහරින්න අක්කේ.

393
00:27:06,290 --> 00:27:08,083
- අපි යන්නම්.
- හා එහෙනම්. පරිස්සමින් යන්න.

394
00:27:21,665 --> 00:27:22,540
පොල්ලූරු

395
00:27:22,625 --> 00:27:24,000
අපේ ගමට බස් එකක් එන්නේ කවදාද මන්දා.

396
00:27:24,790 --> 00:27:26,583
ඇයි ගායත්‍රීලයි අනිත් කට්ටියයි
බයිසිකල් තල්ලු කරගෙන එන්නේ?

397
00:27:27,500 --> 00:27:28,500
තාත්තේ!

398
00:27:30,458 --> 00:27:32,833
අපිට දොන්කරායි හෝල්ට් එකෙන් බහින්නවත් බෑ තාත්තේ.

399
00:27:33,040 --> 00:27:35,250
අර කාලකණ්ණි ඔක්කොම එතන රස්තියාදු වෙනවා.

400
00:27:35,415 --> 00:27:38,540
බයිසිකල්වල හුළං ඇරලා,
අපේ පස්සෙන් ඇවිත් කරදර කරනවා.

401
00:27:45,250 --> 00:27:49,000
ත්‍රිනාද් එනවා. එයා ඊයේ එර්රාජිගේ පුතාටත් ගැහුවා.

402
00:27:49,333 --> 00:27:51,625
මේක ගැන එයා දැනගත්තොත් තව ලොකු වලියක් යයි.

403
00:27:51,708 --> 00:27:53,375
- මෙහෙ බලන්න ගායත්‍රී!
- ඔව් තාත්තේ.

404
00:27:53,458 --> 00:27:55,165
මේ ගැන ත්‍රිනාද්ට කියන්න එපා.

405
00:27:57,915 --> 00:27:58,958
කොහෙද යන්නේ ත්‍රිනාද්?

406
00:28:01,125 --> 00:28:03,750
මනම්මාට මිරිස් වඩේ කන්න ඕනෙ කිව්වා,
ඒකයි දොන්කරායි යන්නේ.

407
00:28:04,208 --> 00:28:05,540
ඇයි? අපේ ඒවා වඩේ නෙවෙයිද?

408
00:28:05,750 --> 00:28:07,915
වඩේ බදින්න ඕනෙ කෑම තෙලෙන්,
එන්ජින් ඔයිල්වලින් නෙවෙයි.

409
00:28:08,165 --> 00:28:09,665
කන්න ඕනෙද මනම්මා?

410
00:28:10,500 --> 00:28:11,665
ඔයාලගේ කෑමවල තත්ත්වේ ඔහොම තමයි.

411
00:28:12,208 --> 00:28:13,208
ඇයි ත්‍රිනාද්?

412
00:28:13,250 --> 00:28:15,415
නිකන් වඩේ කන්න දුවව මෙච්චර දුරක් එක්කන් යනවා

413
00:28:15,583 --> 00:28:17,208
ඇයි දුවව උසස් පාසලට යවන්න බැරි?

414
00:28:17,290 --> 00:28:19,250
මගේ දුවට ලොකු ඉස්කෝලෙකට යන්න නම්,

415
00:28:19,333 --> 00:28:21,875
අපේ ගමට බස් එකක් තියෙන්න ඕනෙ...
නැත්නම් මෙහෙ ඉස්කෝලයක් තියෙන්න ඕනෙ.

416
00:28:21,958 --> 00:28:24,665
ඔය ගල් පාරවල් දිගේ බයිසිකල් පැදලා
එයා දුක් විඳින්න ඕනෙ නෑ.

417
00:28:33,125 --> 00:28:34,915
හුළං බැහැලානේ. මොකද වුණේ පුතේ?

418
00:28:35,958 --> 00:28:37,958
මේ! ඒක නිකන් දෙයක් බං.

419
00:28:38,290 --> 00:28:40,875
දැන් පෑවිල්ල කාලෙනේ, රස්නෙට ටියුබ්වල හුළං බැහැලා.

420
00:28:41,333 --> 00:28:43,625
- බයිසිකල් තුනේම එක පාරටම හුළං බහින්නේ කොහොමද?
- ඔව්නේ.

421
00:28:44,540 --> 00:28:45,915
උඹේ දුව නම් මාර කපටියි බං.

422
00:28:46,625 --> 00:28:48,790
මගේ දුවගේ හිතට ප්‍රශ්නයක් ආවොත්,

423
00:28:48,875 --> 00:28:50,708
උත්තරේ හොයාගන්නකල්ම එයා අතහරින්නේ නෑ.

424
00:28:52,375 --> 00:28:55,000
- හරි, රස්නෙ නිසානේ එහෙම වුණේ?
- ඔව් මාමේ, එච්චරයි.

425
00:28:55,083 --> 00:28:56,750
- එච්චරද? වෙන මුකුත් නෑනේ?
- ඔව්.

426
00:28:56,958 --> 00:28:57,958
හරි. යමු දෝණි.

427
00:28:58,040 --> 00:28:59,040
හා.

428
00:29:01,458 --> 00:29:02,458
බායි.

429
00:29:03,790 --> 00:29:06,333
භූෂන් ටිෆින් සෙන්ටර්

430
00:29:06,415 --> 00:29:07,415
දුවලා යන්න.

431
00:29:12,750 --> 00:29:15,040
අපේ ගමේ ගෑනු ළමයි
ලොකු අමාරුවක වැටිලා ඉන්නේ ගුරු ස්වාමි.

432
00:29:15,415 --> 00:29:18,083
ඔයා මන්ත්‍රී බුජ්ජි එක්ක කතා කළොත්,
විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි.

433
00:29:20,125 --> 00:29:22,083
- ජය වේවා...
- මන්ත්‍රී බුජ්ජි තුමාට!

434
00:29:22,165 --> 00:29:23,708
- සුබ පැතුම්!
- මන්ත්‍රීතුමා ඇවිත්.

435
00:29:23,790 --> 00:29:25,125
ගුරු ස්වාමි! මන්ත්‍රීතුමා මෙහෙට එනවා.

436
00:29:25,208 --> 00:29:26,290
සුබ උපන්දිනයක් වේවා සර්.

437
00:29:26,375 --> 00:29:27,833
- සුබ උපන්දිනයක් වේවා සර්.
- ස්තූතියි. ස්තූතියි.

438
00:29:28,083 --> 00:29:29,083
මන්ත්‍රීතුමා.

439
00:29:29,790 --> 00:29:30,833
ස්තූතියි.

440
00:29:30,915 --> 00:29:32,915
- ගුරු ස්වාමි!
- සුබ පැතුම් සර්.

441
00:29:33,583 --> 00:29:35,040
- කොහොමද ඉතින්?
- හොඳින් ඉන්නවා.

442
00:29:35,375 --> 00:29:37,040
- දීර්ඝායුෂ ලැබේවා!
- ස්තූතියි.

443
00:29:37,708 --> 00:29:40,915
උපන්දිනය දවසේ ඔයාගේ ආශිර්වාදය ලැබුණානේ.
ඊළඟ ඡන්දෙත් මම අනිවාර්යයෙන්ම දිනනවා!

444
00:29:41,165 --> 00:29:42,583
- ස්වාමි ශරණම්!
- බුජ්ජි මහත්තයා

445
00:29:43,375 --> 00:29:45,165
වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.

446
00:29:48,083 --> 00:29:49,083
ගන්න.

447
00:29:51,458 --> 00:29:53,583
බුජ්ජි මහත්තයා, ඔයා දැනටමත් දන්නවනේ

448
00:29:53,833 --> 00:29:56,500
පොල්ලූරුවල තියෙන්නේ ප්‍රාථමික පාසලක් විතරයි.

449
00:29:56,833 --> 00:29:59,665
උසස් පාසල් යන්න ළමයින්ට
මේ තරම් දුර සිලේරුවලට එන්න වෙලා.

450
00:30:00,290 --> 00:30:01,915
බස් එක යන්නෙත් දොන්කරායි වෙනකල් විතරයි.

451
00:30:02,250 --> 00:30:07,333
ඊටපස්සේ ගෑනු ළමයි දූවිලි පාරේ
කිලෝමීටර් හතරක් බයිසිකල් පැදලා දුක් විඳිනවා.

452
00:30:07,415 --> 00:30:10,540
මම ඔයාලගේ ගමට උසස් පාසලක් අනුමත කරගන්න
ගොඩක් උත්සාහ කළා ගුරු ස්වාමි.

453
00:30:11,415 --> 00:30:12,915
මට තනියම ඒක කරන්න බෑනේ?

454
00:30:14,665 --> 00:30:18,333
හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන්.
මම බස් එක ගමටම එන විදියට හදලා දෙන්නම්.

455
00:30:19,833 --> 00:30:22,665
- මොකද කියන්නේ මධූ? අපිට ඒක කරන්න පුළුවන් නේද?
- ඔව් සර්. අපිට පුළුවන්.

456
00:30:24,790 --> 00:30:26,458
- දැන් සතුටුයිද?
- ඔව්.

457
00:30:27,125 --> 00:30:28,000
සතුටුයිද?

458
00:30:28,083 --> 00:30:29,250
- අපිට හරිම සතුටුයි සර්.
- ඔව් සර්.

459
00:30:30,958 --> 00:30:33,290
අයියප්පා කෝවිලේ තීන්ත ගාන එක ගැනත්
ඔයා කිව්වා නේද?

460
00:30:33,500 --> 00:30:35,750
කාර්තික මාසේ පටන් ගත්තම අපි තීන්ත ගාමු.

461
00:30:36,125 --> 00:30:37,208
- මධූ?
- සර්!

462
00:30:40,208 --> 00:30:41,540
- මේක තියාගන්න.
- කමක් නෑ බුජ්ජි මහත්තයා.

463
00:30:41,625 --> 00:30:44,000
දෙවියන්ගේ වැඩ පරක්කු කරන්න එපා. ගන්න.

464
00:30:44,625 --> 00:30:47,083
- ස්වාමියේ ශරණම් අයියප්පා.
- ශරණම් අයියප්පා.

465
00:30:50,540 --> 00:30:52,915
- කාවේරි, අර පැත්ත පොඩ්ඩක් බලන්න.
- සූරි ඒක බලාගනියි.

466
00:30:53,583 --> 00:30:56,208
කෑම නම් නියමයි. මොකක්ද විශේෂේ?

467
00:30:56,458 --> 00:30:57,500
- ඔයා එහා ගමේද?
- ඔව්.

468
00:30:57,583 --> 00:31:00,040
අපේ දුව විභාගේ පාස් වුණා -ඉංජිනේරුද? දොස්තරද?

469
00:31:00,290 --> 00:31:02,083
- පහේ පන්තිය. කන්නකෝ.
- ඈ?

470
00:31:03,583 --> 00:31:05,663
පස්වන ශ්‍රේණිය සමත් වූ මගේ ආදරණීය මණිකණ්ඨ දියණියට
මගේ උණුසුම් සුබ පැතුම්!

471
00:31:05,708 --> 00:31:06,790
ඇති, ඇති.

472
00:31:07,165 --> 00:31:09,040
ගෑනු ළමයි හොඳට කන්න ඕනෙ. කන්න.

473
00:31:11,540 --> 00:31:13,500
- තව සාම්බාර් ටිකක් බෙදන්නද මාස්ටර්?
- ඇති දුවේ.

474
00:31:13,583 --> 00:31:15,625
- ඇති, ඇති.
- කන්නකෝ මාස්ටර්.

475
00:31:15,708 --> 00:31:17,583
- අන්න එයා ඉන්නවා.
- මොකද බං? කාපන්.

476
00:31:17,875 --> 00:31:18,958
අපිට මුකුත් නැද්ද?

477
00:31:19,083 --> 00:31:20,790
අයියෝ! තේරුණා.

478
00:31:21,708 --> 00:31:23,958
- පලයන්. ඉක්මනට වරෙන්.
- යමු.

479
00:31:25,625 --> 00:31:28,040
- කාවේරි!
- ලක්ෂ්මම්මා, එන්න ඇතුළට.

480
00:31:28,165 --> 00:31:29,375
මේ, ඇයි මෙච්චර පරක්කු?

481
00:31:29,665 --> 00:31:32,083
- මොකක්ද මේ සේරම දුවේ?
- ඔය ඉන්නේ, එයගෙන්ම අහන්න.

482
00:31:32,665 --> 00:31:34,875
මගේ චූටි කෙල්ල පහේ පන්තිය පාස් වුණා.
අරහෙ බලන්නකෝ.

483
00:31:35,083 --> 00:31:37,583
- ශා! මාර ලොකු දෙයක්නේ බං.
- ඔව් ඉතින්!

484
00:31:37,665 --> 00:31:40,915
- එන්න!
- හැම රිසාල්ට් එකකටම මෙහෙම පාටි දුන්නොත්,

485
00:31:41,000 --> 00:31:44,165
- ඉතුරු අක්කර දෙකත් විකුණන්න තමයි වෙන්නේ.
- ඒ මගේ දුවනේ, මගේ කැමැත්ත.

486
00:31:45,040 --> 00:31:46,790
වාඩිවෙන්න ගුරු ස්වාමි. මම කෑම බෙදන්නම්.

487
00:31:46,875 --> 00:31:48,250
- එන්න දුවේ.
- ගුරු ස්වාමිට නමස්කාර වේවා.

488
00:31:49,625 --> 00:31:52,208
- පොඩ්ඩක් මෙහෙට වරෙන්කෝ.
- මොකද බං?

489
00:31:53,833 --> 00:31:56,583
- එපා බං. ඒක කැතයිනේ.
- ෂොට් දෙකයි. වරෙන්කෝ.

490
00:31:57,290 --> 00:31:58,290
ඒයි!

491
00:31:59,208 --> 00:32:00,208
චියර්ස්!

492
00:32:12,915 --> 00:32:13,915
ත්‍රිනාද්?

493
00:32:15,083 --> 00:32:17,250
උඹේ දුවට උඹ මෙච්චරම
පිස්සු වැටිලා ඉන්නේ ඇයි බං?

494
00:32:18,083 --> 00:32:19,375
ඔයාට මතකද ගුරු ස්වාමි?

495
00:32:19,625 --> 00:32:23,083
කාවේරි ගෙදරටත් විරුද්ධ වෙලා බැන්දේ
මා වගේ මැරයෙක්ව.

496
00:32:23,583 --> 00:32:26,500
බැඳලා අවුරුදු හතරක් යනකල්
අපිට ළමයි නොලැබෙද්දී,

497
00:32:26,665 --> 00:32:28,458
එයා කොච්චර නම් නින්දා අපහාස වින්දද

498
00:32:29,375 --> 00:32:32,625
ඒත් එයා කවදාවත් ඒ ගැන මැසිවිලි කිව්වේ නෑ,
මට ඒ දුක පෙන්නුවෙත් නෑ.

499
00:32:34,208 --> 00:32:37,500
ඒ මදිවට කවුරුහරි මට වචනයක් හරි කිව්වොත්,

500
00:32:37,583 --> 00:32:38,875
එයා මගේ පැත්ත අරන් රණ්ඩු වෙනවා.

501
00:32:39,833 --> 00:32:40,875
ඒත් ස්වාමි

502
00:32:42,083 --> 00:32:45,208
දරුවෙක් නැති දුක
එයාගේ ඇස්වලින් දකින හැම වෙලාවකම

503
00:32:47,583 --> 00:32:49,500
මගේ පපුවට ඉදිකට්ටකින් අනිනවා වගේ දැනුණා ස්වාමි.

504
00:32:51,583 --> 00:32:53,083
අන්න ඒ වෙලාවෙයි ඔයා මට උපදෙස් දුන්නේ.

505
00:32:53,833 --> 00:32:55,915
ස්වාමි ව්‍රතය තිබ්බොත්
මගේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා කියලා.

506
00:32:56,415 --> 00:32:59,165
මම ශබරිමලයට ගිහින් දෙවියන්ට කන්නලව් කළා.

507
00:32:59,540 --> 00:33:01,250
මගේ රත්තරං දුව ඉපදුණා.

508
00:33:01,583 --> 00:33:02,915
ස්වාමි ශරණම්!

509
00:33:03,790 --> 00:33:06,625
අයියප්පා දෙවියන්ම මගේ දුව වෙලා ඉපදුණා කියලා
විශ්වාස කරලා

510
00:33:07,083 --> 00:33:08,790
මම එයාට මණිකණ්ඨ කියලා නම තිබ්බා.

511
00:33:11,000 --> 00:33:14,790
මම එයා වෙනුවෙන් කරන හැම දේම
දෙවියන්ට කරන පූජාවක් වගේ ස්වාමි.

512
00:33:14,875 --> 00:33:18,665
කෝවිලක දෙවියෝ වගේ
ගෑනු ළමයෙක්ව ගෙදරටම තියාගන්න බෑ.

513
00:33:18,750 --> 00:33:21,708
එයාව ඉස්කෝලෙටයි කොලේජ් එකටයි යවන්න ඕනෙ.

514
00:33:22,000 --> 00:33:23,625
ඊටපස්සේ තව ගෙදරකට දීග දෙන්නත් ඕනෙ.

515
00:33:24,165 --> 00:33:25,415
කොහෙ යවන්නද?

516
00:33:25,875 --> 00:33:28,500
ඕනෙ වුණොත් මම එයාව මෙහෙම තියාගෙන
ආයෙත් පහේ පන්තියටම දානවා.

517
00:33:29,625 --> 00:33:32,540
මේ! මෙහාට හැරෙන්න. හැරෙන්න!

518
00:33:33,875 --> 00:33:35,208
අන්තිමේදී අපේ පොල්ලූරුවලට බස් එකක් ලැබුණා!

519
00:33:37,040 --> 00:33:38,708
මන්ත්‍රීතුමා ඊයේ මට පොරොන්දු වුණා.

520
00:33:39,375 --> 00:33:42,000
අපේ කෙල්ලන්ට ආයේ බයිසිකල් පදින්න ඕනෙ නෑ.

521
00:33:42,125 --> 00:33:43,125
උන්ට බස් එකේ යන්න පුළුවන්.

522
00:33:44,040 --> 00:33:45,958
බස් එකේ ප්‍රශ්නෙත් අන්තිමේදී විසඳුණා.

523
00:33:46,500 --> 00:33:48,458
මේ, මොකද අවුල?

524
00:33:48,665 --> 00:33:50,540
උඹේ දුව බස් එකේ ඉස්කෝලේ යයි.

525
00:33:51,833 --> 00:33:54,000
- කැමති වෙයන්.
- හා කියපන්කෝ බං!

526
00:33:54,415 --> 00:33:55,625
හා කියන්න ත්‍රිනාද්.

527
00:33:56,500 --> 00:33:57,500
හා කියන්නකෝ.

528
00:34:27,208 --> 00:34:30,958
සර්! සර්! සර්! මිනියක්! මිනියක් මෙතන!

529
00:34:31,291 --> 00:34:33,250
අනේ අනූෂා... මගේ කෙල්ලේ

530
00:34:34,166 --> 00:34:35,958
උදේ පාන්දරම මිනියක් දැක්කේ.

531
00:34:36,041 --> 00:34:37,041
මොන මූසල කමක්ද මන්දා!

532
00:34:37,875 --> 00:34:39,500
වහ බීලා කියලා ආරංචි වුණේ.

533
00:34:41,875 --> 00:34:43,041
අනේ මන්දෝ!

534
00:34:53,166 --> 00:34:56,666
බැන්දට පස්සේ ඉගෙන ගන්න පුළුවන් කියලා
මම කිව්වා නේද?

535
00:34:56,750 --> 00:34:58,083
ඒක හින්දා වෙන්න බෑ.

536
00:34:58,416 --> 00:34:59,916
කවුරුහරි එක්ක ලව් එකක් තිබිලා ඇති.

537
00:35:00,125 --> 00:35:02,875
කසාදයක් ලෑස්ති කරද්දී වහ බීලා මැරෙන්න ඇති.

538
00:35:03,833 --> 00:35:05,291
අනූෂා එහෙම කෙල්ලෙක් නෙවෙයි.

539
00:35:05,625 --> 00:35:07,708
- එයා හොඳට ඉගෙන ගත්ත ළමයෙක්.
- ආහ්!

540
00:35:07,833 --> 00:35:10,333
එයා ඔයාට කියයිද ඕවා? තරුණ කාලෙනේ!

541
00:35:10,708 --> 00:35:11,708
යමු යමු.

542
00:35:12,458 --> 00:35:13,458
මේ, අහකට වෙනවා.

543
00:35:13,833 --> 00:35:16,583
එර්රාජි අයියේ, මේකට නාගුලුගේ සම්බන්ධයක් නෑ නේද?

544
00:35:16,666 --> 00:35:19,666
කට වහපන් කාලකණ්ණියා.
මම ඌව දැකලත් මාස ගාණක් වෙනවා.

545
00:35:19,833 --> 00:35:22,708
ත්‍රිනාද් ඌව නෝන්ඩි කළාට පස්සේ,
ඌ කොහේ පැනලා ගියාද මන්දා.

546
00:35:27,791 --> 00:35:31,250
අපි තවත් ජීවත් වෙලා මොකටද?

547
00:35:32,666 --> 00:35:35,833
අනූෂා, ඔයා අපිව දාලා ගියානේ

548
00:35:35,916 --> 00:35:37,125
මගේ දරුවෝ!

549
00:35:40,625 --> 00:35:42,833
ඔයා නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ?

550
00:35:43,625 --> 00:35:45,708
මාස දෙකකට පසු

551
00:35:49,500 --> 00:35:52,833
- ගුරු ස්වාමි? දැන් සතුටුයිද?
- ගොඩක් සතුටුයි බුජ්ජි මහත්තයා.

552
00:35:53,958 --> 00:35:55,333
ඔයාලා හැමෝම හොඳට ඉගෙනගෙන

553
00:35:55,416 --> 00:35:57,250
- ලොකු තැන්වලට යන්න ඕනෙ.
- හරි සර්!

554
00:35:57,333 --> 00:35:59,125
- අපි අපේ කෙල්ලන්ට හොඳට උගන්වන්න ඕනෙ.
- හරි සර්!

555
00:35:59,208 --> 00:36:02,208
දැන් ඔයාලා ඉන්නේ ලොකු ඉස්කෝලේ.
දඟලන්න ගියොත් එළියට දායි.

556
00:36:02,750 --> 00:36:06,208
- මේ, දැන් ඕවා මොකටද?
- දැන් පටන් ගන්න එපා.

557
00:36:06,458 --> 00:36:09,083
මනම්මා, ඔයා මම නැතුව මෙච්චර දුරක් යන්නේ
පළවෙනි වතාවට.

558
00:36:09,166 --> 00:36:12,750
- බය වෙන්න එපා.
- ඔයාට බයයි නේද?

559
00:36:13,708 --> 00:36:14,708
හරි.

560
00:36:14,833 --> 00:36:16,625
- ඉස්කෝලේ ඇතුළෙදි...
- නැත්නම් එළියෙදි

561
00:36:16,708 --> 00:36:18,250
- ගම ඇතුළෙදි...
- නැත්නම් එළියෙදි

562
00:36:18,333 --> 00:36:19,833
- ගඟේ මේ පැත්තෙදි...
- නැත්නම් අනිත් පැත්තෙදි.

563
00:36:19,916 --> 00:36:21,750
- දකින ඕනම දෙයක්...
- තියෙන විදියටම තාත්තට කියන්න ඕනෙ.

564
00:36:21,833 --> 00:36:23,041
මගේ රත්තරං කෙල්ල.

565
00:36:23,250 --> 00:36:26,208
- මේ ත්‍රිනාද්, ඉක්මන් කරපන්!
- හරි හරි, මේ එනවා.

566
00:36:26,416 --> 00:36:27,416
මෙන්න, මේක ගන්න.

567
00:36:28,708 --> 00:36:29,750
ගායත්‍රී ළඟින් වාඩිවෙන්න.

568
00:36:29,833 --> 00:36:31,375
- හා, බායි අම්මේ!
- මනම්මා, පරිස්සමින් යන්න!

569
00:36:32,166 --> 00:36:33,250
අක්කා ළඟින් වාඩිවෙලා අත අල්ලගන්න.

570
00:36:33,333 --> 00:36:34,333
- හා තාත්තේ!
- ගායත්‍රී දුවේ!

571
00:36:34,375 --> 00:36:35,250
- නංගිව බලාගන්න.
- හොඳින් ඉන්න.

572
00:36:35,333 --> 00:36:36,416
- මම එයාව බලාගන්නම් මාමේ.
- හරි.

573
00:36:36,583 --> 00:36:38,791
මනම්මා, බය වෙන්න එපා. ගායත්‍රී ඉන්නවනේ.

574
00:36:38,875 --> 00:36:40,916
-මනම්මා, වෙලාවට කෑම කන්න,
-මාමේ, ගිහින් එන්නම්.

575
00:36:41,000 --> 00:36:42,208
- නැත්නම් පණ නැති වෙයි.
- හා තාත්තේ.

576
00:36:42,291 --> 00:36:43,750
පරිස්සමින් දුවේ.

577
00:36:43,833 --> 00:36:45,333
- බායි තාත්තේ!
- බායි මාමේ!

578
00:36:48,125 --> 00:36:49,458
- මම යන්නම් ගුරු ස්වාමි.
- මේ ත්‍රිනාද්

579
00:36:49,541 --> 00:36:51,083
- බුජ්ජි මහත්තයා.
- සුබ පැතුම් සර්.

580
00:36:51,166 --> 00:36:53,708
මේ තමයි ත්‍රිනාද්.
එයා අයියප්පා ගීතිකා නියමෙට කියනවා.

581
00:36:54,541 --> 00:36:56,583
එහෙමද? මම ඊළඟ පාර එයාගේ සිංදු අහන්නම්කෝ.

582
00:36:56,875 --> 00:36:58,958
- සූරි, ඉක්මන් කරපන්! කෙසෙල් කැණ අරන් වරෙන්.
- හරි අයියේ.

583
00:36:59,208 --> 00:37:00,208
වරෙන්!

584
00:37:01,083 --> 00:37:05,791
මම කාගෙන් හරි දෙවියන්ව දැක්කොත්,
මම එයාට පූජනීය කෙසෙල් කැණක් පූජා කරනවා.

585
00:37:05,916 --> 00:37:08,250
තමුසෙ මාව දෙවියෙක් කරන්න හදන්නේ ඇයි?

586
00:37:08,875 --> 00:37:10,666
දෙවියන් එක්ක වැඩ කරද්දී පරිස්සමින් ඉන්න එක හොඳයි.

587
00:37:10,791 --> 00:37:12,416
- ස්වාමියේ ශරණම් අයියප්පා.
- ස්වාමි ශරණම්.

588
00:37:12,916 --> 00:37:15,000
- මේ, ඩිකියට දාපන්.
- මම එහෙනම් ගිහින් එන්නම් ගුරු ස්වාමි.

589
00:37:15,083 --> 00:37:17,125
- ඩිකියට දාන්න.
- යමු.

590
00:37:20,583 --> 00:37:22,833
අක්කේ, මේක හරිම ලස්සනයි.

591
00:37:23,500 --> 00:37:24,916
මම මේකට ආසයි.

592
00:37:25,958 --> 00:37:27,833
- මම ඇත්තටම මේකට ආසයි.
- එහෙමද?

593
00:37:30,000 --> 00:37:33,916
මණි, දැන් පන්තියට වෙලාව හරි.
ඔයාගේ ක්ලාස් එක තියෙන්නේ අන්න එතන.

594
00:37:34,000 --> 00:37:37,208
- මම ලන්ච් එකට මුණගැහෙන්නම්, හරිද?
- හා! බායි අක්කේ!

595
00:37:37,333 --> 00:37:38,500
- බායි!
- බායි!

596
00:37:43,500 --> 00:37:45,666
- උඹ අද එයාව දැක්කද? සිරාවටම?
- ඔව්.

597
00:37:52,916 --> 00:37:57,458
මගේ වැඩ තහනම් කරලා තිබුණ කාලේ
තමුසෙලාට ආතල් ගන්න පුළුවන් කියලා හිතුවද?

598
00:37:59,041 --> 00:38:02,625
කාටවත් මාව මෙතනින් එළවන්න බෑ.

599
00:38:03,416 --> 00:38:04,416
වාඩිවෙනවා.

600
00:38:06,833 --> 00:38:11,041
දහයේ පන්තියට ආපු එකට කලින්ම සුබ පතනවා.

601
00:38:11,875 --> 00:38:13,333
නවයේ පන්තියේ ලකුණු අනුව,

602
00:38:13,416 --> 00:38:16,333
දහයේ පන්තියේ ඉහළින්ම පාස් වෙන්න ඕනෙ
ළමයින්ව මම තෝරගත්තා

603
00:38:16,875 --> 00:38:18,458
විශේෂ පන්තිය වෙනුවෙන්.

604
00:38:20,291 --> 00:38:21,541
සෞජන්‍යා

605
00:38:24,750 --> 00:38:25,833
ගායත්‍රී

606
00:38:28,708 --> 00:38:29,708
හොඳයි!

607
00:38:31,541 --> 00:38:34,166
මම ඔයාලා හැමෝම ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ.

608
00:38:36,666 --> 00:38:38,083
හොඳට පාඩම් කළේ නැත්නම්

609
00:38:39,000 --> 00:38:41,833
වෙන දේ දන්නවා නේද?

610
00:38:49,791 --> 00:38:50,833
මැඩම්! මැඩම්!

611
00:38:53,000 --> 00:38:56,666
මැඩම්, අපි විශේෂ පන්තියේ හිටියොත්

612
00:38:56,791 --> 00:38:58,666
අපිට පොල්ලූරු බස් එක මිස් වෙනවා.

613
00:38:59,125 --> 00:39:00,166
තමුසෙට ඉගෙන ගන්න ඕනෙ නැද්ද?

614
00:39:00,791 --> 00:39:01,958
එහෙම නෙවෙයි මැඩම්.

615
00:39:02,083 --> 00:39:03,666
- බාබු...
- ඔව් මැඩම්!

616
00:39:05,500 --> 00:39:08,000
විශේෂ පන්තිය ඉවර වෙලා එයාව ගෙදරට ඇරලවන්න.

617
00:39:08,791 --> 00:39:09,791
හරි මැඩම්.

618
00:39:13,916 --> 00:39:16,708
බය වෙන්න එපා. මම ඔයාව ගෙදරට ගිහින් දාන්නම්.

619
00:39:20,666 --> 00:39:24,916
මා දෙස බලා හිඳින කණ්ණාඩියට මට බොරු කරන්න බෑ

620
00:39:25,166 --> 00:39:28,416
- අක්කේ, සින්දුවක් කියන්නකෝ.
- මණිකණ්ඨ, මාව අදින්න එපා.

621
00:39:29,208 --> 00:39:30,208
ඇයි?

622
00:39:30,416 --> 00:39:32,083
- ඔසප් වෙලා.
- ඒ කිව්වේ මොකක්ද?

623
00:39:32,583 --> 00:39:34,916
ඔයා ලොකු ළමයෙක් වුණාම තේරෙයි.

624
00:39:35,375 --> 00:39:37,541
ලොකු ළමයෙක් වෙනවා කියන්නේ මොකක්ද?

625
00:39:38,333 --> 00:39:40,958
මම කියලා දෙන්නද, පොඩි නංගෝ?

626
00:39:43,708 --> 00:39:44,833
මේ, හිටපන්!

627
00:39:46,875 --> 00:39:49,375
බලපන් මේ මල දිහා

628
00:39:49,458 --> 00:39:51,083
- ඔය වගේම තමයි ඔයත්...
- ඒයි!

629
00:39:51,625 --> 00:39:54,000
- මම හැමෝටම කියනවා!
- තෝ කාට කියන්නද?

630
00:39:54,625 --> 00:39:56,000
තොගෙ යාළුවා මැරුණා නේද?

631
00:39:56,750 --> 00:39:58,083
ඒකි නම් මාර කෑල්ල!

632
00:39:58,375 --> 00:39:59,916
අපරාදේ කිසි දෙයක් විඳින්න කලින්ම ඒකි මැරිලා ගියා.

633
00:40:00,833 --> 00:40:02,750
තෝත් ඒකි වගේ වෙන්න හදන්න එපා, හරිද?

634
00:40:03,875 --> 00:40:05,958
මූ මගේ මල්ලි.

635
00:40:07,083 --> 00:40:08,541
මූ උඹට මාර කැමතියි.

636
00:40:10,416 --> 00:40:11,416
දීපන් ඕකිට.

637
00:40:12,500 --> 00:40:13,833
- ගනින්!
- ගනින් ඕක!

638
00:40:16,125 --> 00:40:18,500
- ගන්නකෝ අක්කේ.
- ඈ?

639
00:40:19,125 --> 00:40:20,458
අක්කේ, ගන්නකෝ ඕක!

640
00:40:24,958 --> 00:40:26,875
හෙට මූට කැමතියි කියන්න ඕනෙ. හරිද?

641
00:40:27,958 --> 00:40:28,958
යමන්.

642
00:40:36,750 --> 00:40:37,750
අක්කේ?

643
00:40:38,708 --> 00:40:40,083
අඬන්න එපා අක්කේ.

644
00:40:41,791 --> 00:40:42,791
තාත්තේ!

645
00:40:43,416 --> 00:40:44,416
තාත්තේ!

646
00:40:46,583 --> 00:40:49,958
අර කාලකණ්ණි හැම තැනම ඉන්නවා තාත්තේ!

647
00:40:51,458 --> 00:40:52,458
මොකද වුණේ දුවේ?

648
00:40:52,833 --> 00:40:55,250
එදා හෝල්ට් එකේ හිටියා,
අද බස් එක ඇතුළෙත් හිටියා.

649
00:40:55,583 --> 00:40:57,041
උන් පුදුම කැත කතා කිව්වේ තාත්තේ.

650
00:40:57,791 --> 00:40:59,500
කටින් පිට කරන්නවත් බැරි ජරා කුණුහරුප.

651
00:41:00,291 --> 00:41:01,666
උන්ට නිකන් ඉන්න දෙන්න එපා තාත්තේ.

652
00:41:01,833 --> 00:41:03,916
යමු ගිහින් උන්ට විරුද්ධව
පොලීසියේ ඇන්ට්‍රියක් දාමු.

653
00:41:04,666 --> 00:41:05,833
පොලීසි යන්න?!

654
00:41:09,083 --> 00:41:12,666
ඇන්ට්‍රියක් දැම්මොත් මේක ගම පුරාම
ඕපාදූපයක් වෙයි දුවේ!

655
00:41:14,791 --> 00:41:17,708
ළමයි ලොකු වෙද්දී ගෙදර තියෙන ආරක්‍ෂාව
එළියේ නෑ දුවේ.

656
00:41:18,250 --> 00:41:20,750
කතා කරන්න ගිහින් ප්‍රශ්න ලොකු කරගන්නවට වඩා,

657
00:41:21,750 --> 00:41:25,583
ටික කාලයක් සද්ද නැතුව හිටියොත්,
ඕවා නිකන්ම යටපත් වෙලා යයි.

658
00:41:26,583 --> 00:41:29,250
අපි බයේ නිහඬව ඉන්න ඕනෙද තාත්තේ?

659
00:41:31,416 --> 00:41:32,416
තේරුම් ගන්න බලන්න දුවේ.

660
00:41:33,166 --> 00:41:36,583
ගෑනු ළමයෙකුගේ අනාගතයට
බය කියන්නේ ලොකුම ආරක්‍ෂාවක්.

661
00:41:38,041 --> 00:41:39,625
- මනම්මා!
- තාත්තේ?

662
00:41:40,125 --> 00:41:41,750
ඉස්කෝලේ බස් එකට නැගපු වෙලාවේ ඉඳන්

663
00:41:42,208 --> 00:41:45,375
ආපහු ගෙදරට එනකල්ම වෙච්ච හැම දේම
තාත්තට කියන්න.

664
00:41:46,333 --> 00:41:48,166
මනම්මා! නිදාගන්න.

665
00:41:48,791 --> 00:41:51,625
- අලුත් ඉස්කෝලේ හරිම ෂෝක්.
- හොඳයි!

666
00:41:52,250 --> 00:41:55,541
- මම හැමෝම එක්ක යාළු වුණා.
- ඒක හොඳයි.

667
00:41:56,125 --> 00:41:58,666
ඒත් ආපහු එනකොට බස් එකේදී

668
00:42:08,875 --> 00:42:10,041
මොකද වුණේ දෝණි?

669
00:42:17,208 --> 00:42:20,416
හරිම දුකයි. ගායත්‍රී අක්කා ගොඩක් ඇඬුවා.

670
00:42:20,833 --> 00:42:21,833
උන්ගේ පෙනුම කොහොමද?

671
00:42:23,500 --> 00:42:28,500
එක්කෙනෙකුට තියෙන්නේ බළල් ඇස්,
අනිත් එක්කෙනාගේ නහයේ කැපුම් පාරක් තියෙනවා,

672
00:42:28,875 --> 00:42:32,833
තව එක්කෙනෙකුට ඉස්සරහට ආපු දත් තියෙනවා,
අනිත් කෙනාගේ පෙනුම හරි අමුතුයි තාත්තේ.

673
00:42:33,333 --> 00:42:35,875
කාවේරි, මම එනකල්
අපේ චූටි කෙල්ල ළඟින් නිදාගන්න.

674
00:42:36,375 --> 00:42:39,541
එපා ත්‍රිනාද්. අපි දන්නේ නෑ උන් කවුද කියලා.
මං කියන දේ අහන්න! ත්‍රිනාද්!

675
00:42:42,333 --> 00:42:43,500
ස්වාමි ශරණම්.

676
00:42:44,791 --> 00:42:47,541
- ඒයි සූරි! කවුද මේ කොල්ලෝ?
- උන් මේ පැත්තේ උන් නෙවෙයි අයියේ.

677
00:42:48,041 --> 00:42:52,208
මේ ළඟකදී ඉඳන් කැලේ පැත්තේ තමයි කැරකෙන්නේ.
දවස පුරාම ගංජා ගහලා ඉන්නේ.

678
00:42:52,500 --> 00:42:54,833
උන් නිසා මිනිස්සු මේ පාරේ යන්නත් බයයි.

679
00:42:56,583 --> 00:42:57,583
අයියේ, මෙන්න.

680
00:43:05,916 --> 00:43:06,916
අන්න එතන අයියේ.

681
00:43:42,875 --> 00:43:45,500
ඒයි සූරි. මොකද වුණේ?

682
00:43:46,166 --> 00:43:49,416
නැගිටපන්! වරෙන්, නැගිටපන්!
කියපන් මොකද වුණේ කියලා!

683
00:43:55,166 --> 00:43:56,166
ඒයි!

684
00:44:07,916 --> 00:44:09,208
- අල්ලගනින් ඌව!
- ඒයි!

685
00:44:19,375 --> 00:44:24,000
එක්කෙනෙකුට තියෙන්නේ බළල් ඇස්,
අනිත් එක්කෙනාගේ නහයේ කැපුම් පාරක් තියෙනවා,

686
00:44:26,083 --> 00:44:30,791
තව එක්කෙනෙකුට ඉස්සරහට ආපු දත් තියෙනවා,
අනිත් කෙනාගේ පෙනුම හරි අමුතුයි තාත්තේ.

687
00:44:31,416 --> 00:44:32,416
ඒයි!

688
00:45:14,708 --> 00:45:15,708
ඒයි!

689
00:45:16,833 --> 00:45:17,833
දෙයියනේ!

690
00:45:43,708 --> 00:45:46,375
තොපි කවුද පරයනේ? කොහෙන්ද ආවේ?

691
00:45:46,916 --> 00:45:48,583
කාලකණ්ණියනේ, තොපි කොහෙන්ද ආවේ?

692
00:45:48,875 --> 00:45:52,083
මොන මඟුලක්ද තොපි මෙතන කරන්නේ?

693
00:45:54,041 --> 00:45:56,125
තොපි බස් එකේදී සෙල්ලම් දැම්මේ
කාටද කියලා දන්නවද?

694
00:45:56,875 --> 00:45:59,208
ඒ මගේ දූවරු බල්ලනේ!

695
00:46:00,625 --> 00:46:01,666
ඒයි!

696
00:46:02,708 --> 00:46:04,500
මට තියෙනවා එක දුර්වලකමක්.

697
00:46:09,375 --> 00:46:11,125
ස්වාමි ශරණම්.

698
00:46:13,333 --> 00:46:14,333
යමු.

699
00:46:16,958 --> 00:46:20,166
මම ඊයේ සම්පූර්ණ ලෝඩ් එකම එව්වා සත්‍යනාරායන මහත්තයා.
බය වෙන්න එපා.

700
00:46:20,958 --> 00:46:24,083
හරි! හරි! අනිවාර්යයෙන්ම. එහෙනම් තියන්නම්.

701
00:46:25,125 --> 00:46:26,500
- මේ ත්‍රිනාද්!
- එන්න ගුරු ස්වාමි.

702
00:46:26,583 --> 00:46:28,041
- ගායත්‍රී, වාඩිවෙන්න.
- එන්න ගුරු ස්වාමි.

703
00:46:28,166 --> 00:46:29,916
තමුසෙ දොන්කරායි කැලේදි අර කොල්ලන්ට ගැහුවද?

704
00:46:31,166 --> 00:46:33,916
තමුසෙ දන්නවද උන් කොච්චර භයානකද කියලා?

705
00:46:36,791 --> 00:46:40,458
බස් එකේදී ගායත්‍රීව උන්ගේ ඇහැ ගැටුණු එකටත්
මම දැනටමත් බයේ ඉන්නේ.

706
00:46:40,958 --> 00:46:42,250
දැන් තමුසෙ උන්ට ගහලත් තියෙනවා.

707
00:46:42,875 --> 00:46:44,125
මොනවා හරි වුණොත් එහෙම?

708
00:46:44,500 --> 00:46:45,708
කිසි දෙයක් නොවෙන්නයි මම එහෙම කළේ ස්වාමි.

709
00:46:46,375 --> 00:46:49,166
උන් කෙල්ලන්ගේ ඇඟට අත තිබ්බට පස්සේ
අපි කොහොමද නිකන් ඉන්නේ ගුරු ස්වාමි?

710
00:46:49,416 --> 00:46:52,375
අනේ නිකන් ඉන්නවා! "ස්වාමි ශරණම්" කිව්ව ගමන්
ඔයා මෙයාට සමාව දෙනවනේ!

711
00:46:53,208 --> 00:46:55,333
තමුසෙ මේ ගැන දැනගත්තේ කොහොමද?

712
00:47:03,375 --> 00:47:06,375
තමුසෙද මේ ගමේ ඉන්න හැම කෙල්ලගෙම භාරකාරයා?

713
00:47:07,291 --> 00:47:09,166
හෙට ගායත්‍රීට මොනවා හරි වුණොත්,
තමුසෙද ඒකට වගකියන්නේ?

714
00:47:09,250 --> 00:47:10,875
ඔයා කොහොමද එහෙම කියන්නේ ගුරු ස්වාමි?

715
00:47:11,541 --> 00:47:15,500
අනික උන් කරදර කළේ ගායත්‍රීට.
දුක් වින්දේ මගේ දුව.

716
00:47:16,041 --> 00:47:17,875
වලි දාගන්න තමුසෙ කවුද?

717
00:47:19,833 --> 00:47:21,416
ඔයා කොහොමද මාව පිටස්තරයෙක් වගේ සලකන්නේ?

718
00:47:21,875 --> 00:47:24,333
මණිකණ්ඨ මගේ බාල දුව, ගායත්‍රී මගේ ලොකු දුව.

719
00:47:24,791 --> 00:47:27,166
මගේ දූවරුන්ට ඇහැක් හරි ඇල්ලුවොත්,
මම උන්ව මරනවා.

720
00:47:27,583 --> 00:47:30,083
දූවරු ඉන්නකොට ඉවසීමයි සංයමයයි තියෙන්න ඕනෙ.

721
00:47:30,333 --> 00:47:31,708
ඉවසීමයි සංයමයයි?

722
00:47:32,166 --> 00:47:35,625
ගෑනු ළමයෙක් ගෙදරින් එළියට බැහැපු වෙලාවේ ඉඳන්
ආපහු එනකල්,

723
00:47:35,750 --> 00:47:39,875
වාචික හෝ කායික හිංසනයක් නැතුව
එයා ආරක්ෂිතව එයි කියලා ෂුවර් කරන්න පුළුවන්ද?

724
00:47:41,541 --> 00:47:43,291
එදා කබඩි මැච් එකේදී නාගුලු,

725
00:47:43,625 --> 00:47:44,750
ඊයේ අර කාලකණ්ණි ටික.

726
00:47:45,250 --> 00:47:49,333
අපේ කෙල්ලන්ට අත තිබ්බොත් දෙපළු කරනවා කියලා
උන්ගේ හිතට බයක් එන්නේ නැත්නම්,

727
00:47:49,458 --> 00:47:51,416
අපිට අපේ දූවරුන්ව බේරගන්න බෑ ගුරු ස්වාමි.

728
00:47:52,541 --> 00:47:55,500
අනික අපේ දූවරු අතරේ වෙනස්කම් කරන්නේ ඇයි
ගුරු ස්වාමි?

729
00:47:56,208 --> 00:47:58,375
මම කවදාවත් ඔයාට වෙනසක්
කරලා තියෙනවද ගායත්‍රී?

730
00:48:10,291 --> 00:48:11,291
මේ.

731
00:48:11,875 --> 00:48:16,250
ඔයා තමයි අපේ ධෛර්යය. ඔයා නැතුව අපි අසරණයි.

732
00:48:17,708 --> 00:48:21,541
හරි, අයියප්පා දෙවියෝ හැමදේම බලාගනියි.

733
00:48:23,166 --> 00:48:24,791
මම ආයේ කවදාවත් වෙනස්කම් කරන්නේ නෑ.

734
00:48:26,875 --> 00:48:28,416
නෑ බං, එහෙම කරන්නේ නෑ.

735
00:48:30,708 --> 00:48:34,625
ගායත්‍රී, ආයේ කවුරුහරි දඟලන්න ආවොත්
තලලා දාන්න. හරිද?

736
00:48:35,541 --> 00:48:37,125
මම බලාගන්නම් තාත්තේ!

737
00:48:37,541 --> 00:48:39,833
තාත්තා වගේම තමයි දුවත්!

738
00:48:40,916 --> 00:48:41,916
ආ, ත්‍රිනාද්.

739
00:48:42,208 --> 00:48:44,833
දහයේ පන්තියේ හොඳම ළමයින්ගේ ලැයිස්තුවේ
ගායත්‍රීගේ නමත් තියෙනවා.

740
00:48:45,375 --> 00:48:47,291
විශේෂ පන්තිවලට ටීචර් එයාව තෝරගෙන.

741
00:48:47,458 --> 00:48:52,041
ගායත්‍රී හරිම උනන්දු ළමයෙක් ගුරු ස්වාමි.
එයා ගොඩක් ඉහළටම යයි.

742
00:48:58,000 --> 00:49:00,291
- මගේ පැටියෝ!
- තාත්තේ!

743
00:49:02,166 --> 00:49:03,500
- යමුද?
- තාත්තේ!

744
00:49:03,875 --> 00:49:06,416
- ගායත්‍රී අක්කට බායි කියලා යමුද?
- එහෙමද?

745
00:49:07,333 --> 00:49:10,625
සර්, දහයේ පන්තියේ ඉන්න
ගායත්‍රීට පොඩ්ඩක් කතා කරනවද?

746
00:49:10,750 --> 00:49:12,500
- එයා විශේෂ පන්තියට ගියානේ.
- ආ, ඇත්තනේ!

747
00:49:12,791 --> 00:49:14,458
එයා විශේෂ පන්තියේනේ. අපි යමුද?

748
00:49:14,750 --> 00:49:15,666
- එන්න!
- තාත්තේ!

749
00:49:15,750 --> 00:49:17,125
- කියන්න දෝණි.
- රෝස් මිල්ක්?

750
00:49:17,250 --> 00:49:18,416
හා, යමු එහෙනම්.

751
00:49:20,083 --> 00:49:21,750
බිස්නස් නම් ඒ හැටි හොඳ නෑ ත්‍රිනාද්.

752
00:49:21,833 --> 00:49:24,541
බිස්නස් එක හරියට කළොත් හැමදේම
හරි යයි සත්‍යනාරායන මහත්තයා.

753
00:49:24,625 --> 00:49:26,708
අපි මහන්සි වෙන්න ඕනෙ.
මහන්සි නොවී කිසි දෙයක් ලැබෙන්නේ නෑනේ.

754
00:49:28,125 --> 00:49:30,208
කාවේරි මේ ගැන හරිම සැලකිලිමත්, දන්නවද?

755
00:49:30,291 --> 00:49:31,291
තමුසෙ නම් මාර වාසනාවන්තයි.

756
00:49:31,625 --> 00:49:34,583
- සෞජි අක්කේ, හායි!
- මණිකණ්ඨ?

757
00:49:36,083 --> 00:49:38,791
ඔයා ගායත්‍රී අක්කා එක්ක
විශේෂ පන්තියට ගියේ නැද්ද?

758
00:49:42,416 --> 00:49:43,708
මම ඉස්කෝලෙන් අයින් වුණා.

759
00:49:44,583 --> 00:49:47,708
බස් එකේදී කරදර කරපු අර කාලකණ්ණින්ට
බය වෙලාද?

760
00:49:48,458 --> 00:49:50,333
මගේ තාත්තා උන්ට හොඳටම ගැහුවා.

761
00:49:51,666 --> 00:49:53,000
බය වෙන්න එපා අක්කේ.

762
00:49:55,416 --> 00:49:56,708
රෝස් මිල්ක් එකක් බොනවද?

763
00:50:03,333 --> 00:50:04,333
මෙන්න!

764
00:50:04,750 --> 00:50:06,041
- වෙළඳපොළ මිල...
- තාත්තේ!

765
00:50:06,291 --> 00:50:08,458
- මොකද දෝණි?
- සෞජි අක්කටත් රෝස් මිල්ක් එකක් ඕනෙ.

766
00:50:08,583 --> 00:50:09,625
- සෞජි අක්කට?!
- ඔව්!

767
00:50:11,541 --> 00:50:12,541
අන්න එයා ඉන්නවා!

768
00:50:19,833 --> 00:50:23,958
- තාත්තේ, ගායත්‍රී අක්කව හම්බවෙලා යමුද?
- පරක්කු වෙයිනේ දෝණි.

769
00:50:26,125 --> 00:50:29,625
- ෆිල්ම් එකක් බලන්න යමුද?
- ෆිල්ම් එකක්? හා යමු එහෙනම්.

770
00:50:36,666 --> 00:50:37,666
මැඩම්?

771
00:50:39,416 --> 00:50:40,958
කෝ සෞජන්‍යා ඇතුළු අනිත් අය?

772
00:50:42,041 --> 00:50:44,375
ඇයි, එයා නැත්නම් තමුසෙ එන්නේ නැද්ද?

773
00:50:46,166 --> 00:50:49,583
කොහොමත් මගේ සම්පූර්ණ අවධානය තියෙන්නේ
තමුසෙ ගැන විතරයි ගායත්‍රී.

774
00:50:50,458 --> 00:50:52,916
තමුසෙ ඉංග්‍රීසිවලට හරිම දුර්වලයි.

775
00:50:53,625 --> 00:50:56,125
ගිහින් නාගෙන එනවා.
ඊටපස්සේ අපි පන්තිය පටන් ගමු.

776
00:50:57,125 --> 00:51:01,041
- කමක් නෑ මැඩම්.
- පාඩම් කරන්න කලින් ඇඟපත හෝදගන්න ඕනෙ.

777
00:51:18,666 --> 00:51:19,666
වාඩිවෙනවා.

778
00:51:20,583 --> 00:51:21,583
ඔතන නෙවෙයි.

779
00:51:28,916 --> 00:51:31,541
තමුසෙට තියෙන්නේ ලස්සන හමේ පාටක්, ගායත්‍රී.

780
00:51:34,916 --> 00:51:37,125
තමුසෙ ඉගෙන ගන්න හරිම ආසයි නේද?

781
00:51:40,000 --> 00:51:42,416
මම හිතන විදියේ හොඳම ළමයා වෙන්න නම්,

782
00:51:43,958 --> 00:51:45,833
තමුසෙට මීට වඩා ගොඩක් අවධානය දෙන්න වෙනවා.

783
00:51:47,375 --> 00:51:48,625
හිත වෙනතකට යොමු වෙන්න දෙන්න බෑ.

784
00:51:52,833 --> 00:51:53,833
ඒකට

785
00:51:56,083 --> 00:51:57,375
භාවනා කරන්න ඕනෙ.

786
00:52:01,916 --> 00:52:02,916
භාවනාව.

787
00:52:04,416 --> 00:52:06,458
- තමුසෙ දන්නේ නැද්ද?
- නෑ

788
00:52:08,583 --> 00:52:09,958
ඇස් දෙක පියාගන්නවා.

789
00:52:12,625 --> 00:52:13,625
මැඩම්!

790
00:52:16,666 --> 00:52:18,083
- බාබු...
- ඔව් මැඩම්!

791
00:52:18,500 --> 00:52:20,375
මැඩම්, මාව අතහරින්න! එපා මැඩම්!

792
00:52:20,458 --> 00:52:21,833
- ගායත්‍රී! අහනවා!
- මම අපේ අම්මලට කියනවා!

793
00:52:21,916 --> 00:52:23,208
- ඇයි කෑගහන්නේ?
- ඕකිගෙ අත් දෙක අල්ලගනින්.

794
00:52:23,291 --> 00:52:24,291
- මැඩම් කියන දේ අහපන්!
- එපා!

795
00:52:24,333 --> 00:52:25,958
හොඳින් කියද්දී අහන්නේ නැද්ද?

796
00:52:26,125 --> 00:52:28,125
මාව අතහරින්න මැඩම්! මම ගෙදරට කියනවා!

797
00:52:28,250 --> 00:52:31,125
- මාව අතහරින්න! එපා!
- මේ! මේ! මං කියන දේ අහනවා!

798
00:52:33,041 --> 00:52:34,791
මම කියන විදියට හිටියේ නැත්නම්,

799
00:52:35,500 --> 00:52:37,375
තමුසෙට විභාග ප්‍රවේශ පත්‍රය නොලැබෙන්න
මම වැඩ සලස්වනවා.

800
00:52:38,000 --> 00:52:40,333
තේරුණාද තමුසෙට? තේරුණාද?

801
00:52:42,291 --> 00:52:44,583
එපා මැඩම්. අනේ මැඩම්.

802
00:52:52,875 --> 00:52:53,875
කවුද ඒ?

803
00:52:54,583 --> 00:52:55,583
දන්නේ නෑ මැඩම්.

804
00:52:59,375 --> 00:53:02,625
කවුරුහරි ඇවිත්.
සද්දයක් හරි දැම්මොත් මරනවා තෝව.

805
00:53:13,625 --> 00:53:16,500
- කටින් ගඳක් එනවද? හා කමක් නෑ, වරෙන්.
- නෑ තාත්තේ.

806
00:53:18,625 --> 00:53:19,666
නමස්කාර මැඩම්.

807
00:53:20,125 --> 00:53:22,541
මගේ නම ත්‍රිනාද්. මම ගායත්‍රීගේ මාමා.

808
00:53:24,625 --> 00:53:26,541
විශේෂ පන්තිවලට ගායත්‍රීව
තෝරගත්තා කියලා ආරංචි වුණා.

809
00:53:27,375 --> 00:53:30,250
දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ
ඔයා වගේ ගුරුවරුන් නිසයි.

810
00:53:31,458 --> 00:53:33,791
පන්තිය ඉවර නම්,
මම ගායත්‍රීව ගෙදර එක්කන් යන්නම්.

811
00:53:34,333 --> 00:53:35,541
ඔව්, පන්තිය ඉවරයි.

812
00:53:36,583 --> 00:53:37,583
ගායත්‍රී!

813
00:53:46,666 --> 00:53:48,458
ගායත්‍රී දිස්ත්‍රික්කයෙන්ම පළවෙනියා වෙන්න ඕනෙ.

814
00:53:50,333 --> 00:53:52,541
යමු ගායත්‍රී. යමු.

815
00:53:54,000 --> 00:53:55,000
ගායත්‍රී

816
00:53:57,041 --> 00:53:58,041
පරිස්සමින්.

817
00:54:08,791 --> 00:54:11,000
කවුද ඒ මනුස්සයා? කෙළින්ම ගේ ඇතුළටම ආවනේ.

818
00:54:11,208 --> 00:54:12,625
ගායත්‍රී එයාට කියයිද?

819
00:54:12,750 --> 00:54:14,625
නෑ මැඩම්.
ඒකිට ඉගෙන ගන්න තියෙන්නේ පුදුම උනන්දුවක්.

820
00:54:15,041 --> 00:54:17,375
විභාග ප්‍රවේශ පත්‍රය දෙන්නේ නෑ කියලා බය කළානේ.
ඒකි කියන එකක් නෑ.

821
00:54:18,166 --> 00:54:21,000
මෙහෙ වෙන දේවල් කවුරුහරි දැනගත්තොත් අපි ඉවරයි.

822
00:54:51,666 --> 00:54:53,041
මැඩම්ට දාඩිය දාලා තියෙන්නේ ඇයි?

823
00:54:55,750 --> 00:54:57,541
ඔයා මේ ළමයි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.

824
00:54:58,208 --> 00:55:01,625
දැන් තමයි මතක් වුණේ. කෙසෙල් කැණක් දෙන්න අමතක වුණා.
පොඩ්ඩක් ඉන්න.

825
00:55:07,166 --> 00:55:08,666
මේක ඇතුළෙන් තියාගන්න. එහෙනම් මම ගිහින් එන්නම්.

826
00:55:16,791 --> 00:55:17,791
ගායත්‍රී!

827
00:55:19,500 --> 00:55:20,916
ඇස් දෙක පියාගන්නවා.

828
00:55:23,458 --> 00:55:24,458
මැඩම්!

829
00:55:28,291 --> 00:55:31,000
ගෑනු ළමයෙකුගේ අනාගතයට
බය කියන්නේ ලොකුම ආරක්‍ෂාවක්.

830
00:55:34,083 --> 00:55:37,500
ගායත්‍රී, ආයේ කවුරුහරි දඟලන්න ආවොත්
තලලා දාන්න. හරිද?

831
00:55:48,208 --> 00:55:50,541
මේ මහ රෑ කොහෙද යන්නේ ගායත්‍රී?

832
00:55:50,625 --> 00:55:53,083
- ත්‍රිනාද් මාමාගේ ගෙදරට.
- එයා අරක්කු තැබෑරුම ළඟ ත්‍රීවීල් එකේ ඉන්නවා.

833
00:55:57,583 --> 00:55:58,458
මාමේ.

834
00:55:58,541 --> 00:56:00,250
ටීචර් අපි හිතපු විදියේ කෙනෙක් නෙවෙයි.

835
00:56:00,333 --> 00:56:02,875
- ඇත්තටම ඒ ගෙදරදී...
- මගේ ආදරණීය ගායත්‍රී දුවේ

836
00:56:03,458 --> 00:56:05,375
ඔයා මුළු දිස්ත්‍රික්කයෙන්ම පළවෙනියා වෙන්න ඕනෙ.

837
00:56:05,458 --> 00:56:07,958
ඔයා තමයි අපේ සරස්වතී දේවිය, මගේ දුවේ.

838
00:56:08,125 --> 00:56:10,375
- හොඳට පාඩම් කරන්න...
- අනේ නෑ! මාමේ!

839
00:56:10,458 --> 00:56:13,416
ඔයා මනම්මාට හැමදේම කියලා දෙන්න ඕනෙ.

840
00:56:13,541 --> 00:56:16,875
හොඳට ඉගෙනගෙන ගොඩක් ඉහළට යන්න දුවේ.

841
00:56:17,166 --> 00:56:20,750
අපි හැමෝටම... ආඩම්බරයක් වෙන්න.

842
00:56:33,750 --> 00:56:37,541
- මේ, නවත්තන්න. කොහෙද මේ යන්නේ?
- අපි ඔක්කොම දොන්කරායි සැනකෙළියට යනවා.

843
00:56:37,791 --> 00:56:39,416
ඇයි? පොල්ලූරුවල බීපු ඒවා තමුසෙට මදි වුණාද?

844
00:56:39,625 --> 00:56:41,875
- මම තමුසෙට දෙන්නේ නෑ.
- මාලේ දැම්මම මම කොහොමත් ඕවා නවත්තනවනේ.

845
00:56:42,000 --> 00:56:42,875
අනේ, ටිකක් දෙන්නකෝ.

846
00:56:43,000 --> 00:56:45,000
හැමතිස්සෙම බීගෙන ඇවිත්
නිකන් තියෙන රණ්ඩු පටලවගන්නවා.

847
00:56:45,500 --> 00:56:47,500
ඔයා ආපහු එනකල් මට කිසිම සැනසීමක් නෑ.

848
00:56:47,625 --> 00:56:51,083
- අන්න ඒකනේ! මම ෂොට් දෙකයි දාන්නේ!
- බෑ! මම දෙන්නේ නෑ! අතහරින්න!

849
00:56:51,166 --> 00:56:52,916
- දෙන්නකෝ!
- ත්‍රිනාද්!

850
00:56:58,166 --> 00:57:02,583
මාලේ දැම්මට පස්සේ දවස් හතළිස් එකක් නොබී ඉන්න එක
මතක් වෙද්දිත් මගේ පපුව හෝස් ගාලා යනවා.

851
00:57:02,666 --> 00:57:05,625
- ඒ කියන්නේ දවස් හතළිස් එකේම කොටස අදම බොන්නද හදන්නේ?
- ඔව්, ඒ වගේ තමයි.

852
00:57:20,666 --> 00:57:23,791
මේ කාර්තික මාසේ පුරාම උඹේ සිංදු
මුළු පොල්ලූරුව පුරාම රැව්පිළිරැව් දෙන්න ඕනෙ.

853
00:57:23,875 --> 00:57:24,875
- අනිවාර්යයෙන්ම.
- ඔව්.

854
00:57:26,125 --> 00:57:28,291
- ත්‍රිනාද්! ත්‍රිනාද්!
- උඹත් සිංදු කියන්න ඕනෙ සූරි.

855
00:57:28,833 --> 00:57:32,041
- එන්න ස්වාමි. ෂොට් එකක් දාගන්න.
- මේ! මම දැන් නාගුලුව දැක්කා.

856
00:57:33,875 --> 00:57:35,458
ඌ දැන් තමයි ඇවිත් තියෙන්නේ වගේ.

857
00:57:36,750 --> 00:57:39,750
ඌට මොනවා කරන්නද ස්වාමි?
බය නැතුව ඉන්න. බොන්නකෝ මේක.

858
00:57:40,166 --> 00:57:42,500
වෙන දවසක නම් උඹේ ඇඟටවත් අත තියන්න
බැරි බව ඌ දන්නවා.

859
00:57:43,000 --> 00:57:45,708
ඒකයි උඹ මාලේ දාගන්න ඔන්න මෙන්න තියෙද්දිම
ඌ ඇවිත් තියෙන්නේ.

860
00:57:47,541 --> 00:57:49,000
අනික ඌ විතරක් නෙවෙයි

861
00:57:49,958 --> 00:57:53,416
දොන්කරායි කැලේදි උඹෙන් ගුටි කාපු
අර කොල්ලො ටිකත් ඇවිත් ඉන්නවා.

862
00:57:58,458 --> 00:58:01,541
ගිය අවුරුද්දේ චින්තූර් පොළේදි
උඹෙන් ගුටි කාපු උනුත් ඉන්නවා.

863
00:58:02,958 --> 00:58:03,958
මාව අතහරින්න!

864
00:58:12,458 --> 00:58:14,625
උඹෙන් රිදවාගත්ත හැම එකාම

865
00:58:15,000 --> 00:58:17,500
හෙට උඹ කළු ඇඳුම් ඇඳගත්ත හැටියෙම,

866
00:58:18,375 --> 00:58:20,958
පළිගන්න බලාගෙන විෂ ඝෝර සර්පයෝ වගේ
උන් ඇදෙනවා සිකුරුයි.

867
00:58:25,416 --> 00:58:27,291
උඹ ව්‍රතය ගත්තට පස්සේ,

868
00:58:27,750 --> 00:58:29,791
භක්තියටම කැපවෙලා ඉන්න හින්දා
ආයේ රණ්ඩු කරන්න යන්නේ නෑනේ.

869
00:58:31,833 --> 00:58:33,375
මට නම් මාර බයයි බං.

870
00:58:39,750 --> 00:58:41,625
මම උන්ට අභයදාන පණිවිඩයක් යවනවා.

871
00:58:56,166 --> 00:59:00,666
අසා දැනගනිව්! මේ පොල්ලූරු වැසි
ත්‍රිනාද් රාම් කාසුගේ අභයදාන පණිවිඩයයි.

872
00:59:00,833 --> 00:59:05,750
අද රෑට පොල්ලූරු නුග ගහ යට
එයා තනියම බලාගෙන ඉන්නවා!

873
00:59:06,541 --> 00:59:10,083
එයාගේ හතුරෝ, තරඟකාරයෝ සහ වලිකාරයෝ ඔක්කොම
ඉදිරියට ඇවිත්,

874
00:59:10,250 --> 00:59:13,541
එයාගේ දවස් හතළිස් එකේ ව්‍රතය කාලේ
මේ ගමට පය තියන්නේ නෑ කියලා,

875
00:59:13,625 --> 00:59:16,625
එයාගේ මිනිස්සුන්ට අත තියන්නේ නෑ කියලා දිවුරලා,
සමාව ඉල්ලාපල්ලා!

876
00:59:16,875 --> 00:59:19,083
එයා ව්‍රතය රකින අතරේ කවුරුහරි
කචල් එකක් දාන්න හැදුවොත්,

877
00:59:19,166 --> 00:59:21,625
උන්ගේ බෙලි කපලා තල් ගස්වල එල්ලනවා!

878
00:59:21,708 --> 00:59:23,541
අන්න ඒකයි එයාගේ අභයදාන පණිවිඩය!

879
00:59:35,583 --> 00:59:36,583
කවුද තමුසෙලා?

880
00:59:36,916 --> 00:59:40,125
චින්තූර් සැනකෙළියේදී කෙල්ලෙකුට විහිළු කළා කියලා
ඔයා අපිට ගැහුවා සර්.

881
00:59:42,500 --> 00:59:43,833
අපි ආවේ සමාව ඉල්ලන්න.

882
00:59:44,500 --> 00:59:46,416
මගේ ව්‍රතය කාලේ තොපි
පොල්ලූරුවලට පය තියන්නේ නෑ නේද?

883
00:59:48,625 --> 00:59:49,625
පලයල්ලා.

884
00:59:55,416 --> 00:59:57,666
- එතකොට තොපි?
- ඔයා කෝවිල ළඟදි අපිට ගැහුවා.

885
00:59:58,416 --> 01:00:00,916
- පරිස්සමින් හිටපල්ලා. පලයල්ලා.
- හරි අයියේ!

886
01:00:13,333 --> 01:00:16,708
- අපි ආවේ සමාව ඉල්ලන්න.
- මට නෙවෙයි, අරූට කියපල්ලා.

887
01:00:19,791 --> 01:00:22,041
අපි ඔයාගේ ගම පැත්තෙවත්,
ගෑනු ඉන්න පැත්තෙවත් එන්නේ නෑ.

888
01:00:24,625 --> 01:00:27,458
ඊළඟ පාර මම ගහලා විතරක් නිකන් ඉන්නේ නෑ.
මරනවා තොපිව.

889
01:00:55,916 --> 01:00:58,583
- එර්රාජි ඇවිත්.
- අර කාලකණ්ණියා අන්තිමේදී ආවා.

890
01:00:59,000 --> 01:01:00,000
ත්‍රිනාද්

891
01:01:00,500 --> 01:01:02,291
මම මුළු හදවතින්ම සමාව ඉල්ලනවා.

892
01:01:02,916 --> 01:01:05,708
තමුසෙගේ ව්‍රතය කාලෙත්, ඊටපස්සෙත්
අපි තමුසෙගේ පාරටවත් එන්නේ නෑ.

893
01:01:06,291 --> 01:01:08,666
- කෝ නාගුලු?
- ඌ මොඩයෙක්නේ බං.

894
01:01:08,875 --> 01:01:10,125
තමුසෙ කළේ ඌට හොඳ පාඩමක්.

895
01:01:10,208 --> 01:01:12,916
ඌට ලැජ්ජාව වැඩි කමටම, තාත්තා වෙන මටවත්
වචනයක් නොකියා යන්න ගියා.

896
01:01:14,958 --> 01:01:17,250
- ඌ ඇවිත් තනියම සමාව ඉල්ලන්න ඕනෙ.
- ඕනෙ නම්,

897
01:01:17,333 --> 01:01:19,166
- මම තමුසෙගේ දුවගේ නාමෙ...
- මේ, පස්සට වෙයන්!

898
01:01:23,416 --> 01:01:26,375
අනිද්දා උදේ මම මාලේ දාගන්න කලින්,

899
01:01:26,541 --> 01:01:28,625
තොගෙ පුතා මෙහෙට ඇවිත් සමාව ඉල්ලුවොත් හොඳයි.

900
01:01:28,958 --> 01:01:29,958
නැත්නම්

901
01:01:30,041 --> 01:01:31,250
ස්වාමි ශරණම්!

902
01:01:32,000 --> 01:01:34,958
එහෙම කියන්න එපා. ඌ ඉන්න තැනක්
මම ඇත්තටම දන්නේ නෑ ත්‍රිනාද්.

903
01:01:35,083 --> 01:01:37,291
මම තමුසෙන් සමාව ඉල්ලුවනේ.

904
01:01:37,708 --> 01:01:39,416
ඌට අතක් තියන්න එපා, හරිද?

905
01:01:39,625 --> 01:01:41,333
ඔන්න ගුරු ස්වාමි. මගේ යුතුකම මම කළා.

906
01:01:41,500 --> 01:01:42,958
- හරි.
- කාර් එක ස්ටාර්ට් කරපන්.

907
01:01:44,416 --> 01:01:47,541
එයා සමාව ගත්තනේ. එයාගේ පුතා ගමේ ඉන්න බව
එයා දන්නවා කියලා මම හිතන්නේ නෑ.

908
01:01:47,791 --> 01:01:50,750
මේ, මෙතනින් ඕක නවත්තමු.
රණ්ඩු පටලවගන්න එපා.

909
01:01:51,083 --> 01:01:53,041
මං කියන දේ අහපන්. මේ!

910
01:01:54,458 --> 01:01:57,625
- ත්‍රිනාද්, එයා සමාව ඉල්ලුවා නේද?
- එර්රාජි මේ නාඩගමක් නටන්නේ

911
01:01:57,708 --> 01:01:59,958
- පුතාව හංගගෙන ගුරු ස්වාමි.
- ඔහොම කරන්න එපා.

912
01:02:00,041 --> 01:02:02,333
උඹට හොඳටම වෙරි. මං කියන දේ අහපන්!

913
01:02:02,541 --> 01:02:04,041
උඹ තව දවස් දෙකකින් පූජනීය මාලේ දාගන්නවා.

914
01:02:04,125 --> 01:02:06,333
මේක හරි නෑ. ඌව අතඇරලා දාපන්.

915
01:02:06,791 --> 01:02:09,208
මේ ත්‍රිනාද්! මං කියන දේ අහපන්. ඔහොම කරන්න එපා.

916
01:02:09,916 --> 01:02:13,041
ඌ හුස්ම ගන්නකල්
මට සැනසීමෙන් මාලේ දාගෙන ඉන්න බෑ.

917
01:02:13,541 --> 01:02:14,833
මනම්මාව ගෙදර එක්කන් පලයන්.

918
01:02:16,208 --> 01:02:17,208
ත්‍රිනාද්!

919
01:02:37,458 --> 01:02:38,500
පොඩ්ඩක් ඉන්න. නවත්තන්න.

920
01:02:40,541 --> 01:02:41,666
දැන් මොකද වුණේ?

921
01:02:42,166 --> 01:02:44,500
කවුරුහරි මිනියක් ගැටගහලා කානුවට දාලා.

922
01:02:45,416 --> 01:02:46,791
මේ පාර මොන අසරණ කෙල්ලෙක්ද දන්නේ නෑ?

923
01:02:53,333 --> 01:02:54,666
මැරිච්ච බල්ලෙක් වගේ ගඳ ගහනවා.

924
01:02:55,375 --> 01:02:56,416
කවුරුහරි ඕක අරින්නකෝ!

925
01:03:05,541 --> 01:03:06,541
අරින්න.

926
01:03:16,916 --> 01:03:17,916
කෙල්ලෙක්ද?

927
01:03:19,500 --> 01:03:22,000
- කවුද ඒ?
- නාගුලු සර්.

928
01:03:33,041 --> 01:03:34,041
ඒයි!

929
01:03:35,291 --> 01:03:37,000
ඒයි, නාගුලු!

930
01:03:37,666 --> 01:03:39,416
ඒයි, නාගුලු!

931
01:03:43,083 --> 01:03:45,708
මම තෝව මෙහෙ කැරකෙන්න එපා කියලා බය කළානේ.

932
01:03:46,500 --> 01:03:48,916
තෝ ඇයි මං කියපු දේ ඇහුවේ නැත්තේ නාගුලු?

933
01:03:50,375 --> 01:03:53,833
ත්‍රිනාද් නිකන් නෙවෙයි තර්ජනය කරලා තියෙන්නේ.
ඌ මගේ කොල්ලව මරලා දාලා!

934
01:03:57,625 --> 01:04:01,000
එයා හොඳටම බීලා කැත්තක් වැනුවා.
ඔයා ඇයි එයාව නැවැත්තුවේ නැත්තේ ගුරු ස්වාමි?

935
01:04:01,791 --> 01:04:03,875
මම බැලුවා දුවේ. ඒත් එයා ඇහුවේ නෑනේ.

936
01:04:05,458 --> 01:04:07,041
එයා ජීවතුන් අතරද මැරිලද කියලවත් මම දන්නේ නෑ.

937
01:04:07,583 --> 01:04:10,041
- දැන්...
- ත්‍රිනාද්! එළියට වරෙන්!

938
01:04:10,125 --> 01:04:13,250
- ත්‍රිනාද්! එළියට වරෙන්!
- ත්‍රිනාද්! එළියට වරෙන්!

939
01:04:14,083 --> 01:04:15,083
මෙතනම ඉන්න.

940
01:04:15,208 --> 01:04:16,250
වරෙන් එළියට!

941
01:04:16,666 --> 01:04:19,500
ගුරු ස්වාමි, ත්‍රිනාද්ව එළියට අරන් එනවා.

942
01:04:20,000 --> 01:04:21,958
ඌ මගේ පුතාව මරලා

943
01:04:22,791 --> 01:04:24,416
දැන් ඌ කොහේ රස්තියාදු වෙනවද?

944
01:04:25,041 --> 01:04:26,291
කෝ ත්‍රිනාද්?

945
01:04:27,208 --> 01:04:28,208
එර්රාජි.

946
01:04:28,916 --> 01:04:31,458
ත්‍රිනාද්ට කේන්ති ගියාම රණ්ඩු කරගන්නවා තමයි,

947
01:04:31,750 --> 01:04:33,500
ඒත් මිනී මරන්න තරම් ඌ මෝඩයෙක් නෙවෙයි.

948
01:04:33,791 --> 01:04:36,375
මාලේ දාගන්න කලින් දවසේ ඌ හැසිරෙන විදිය
තමුසෙලා හැමෝම දන්නවනේ.

949
01:04:36,750 --> 01:04:41,375
මගේ පුතාව බේරලා දීපන් කියලා
මම දොහොත් මුදුන් දීලා ඌගෙන් වැඳලා ඉල්ලුවා!

950
01:04:41,875 --> 01:04:44,875
- කොහෙද යකෝ ඌ ඉන්නේ? කොහෙද?
- නෑ මම කිව්වේ

951
01:04:45,541 --> 01:04:47,000
- කොහෙද ඕයි ඌ ඉන්නේ?
- අම්මේ!

952
01:04:47,083 --> 01:04:48,458
- ඊයේ රෑ ඉඳන් එයා ආපහු ආවේ නෑ!
- කියපිය!

953
01:04:48,583 --> 01:04:49,916
- මං කියන දේ අහන්නකෝ!
- කියපිය කොහෙද කියලා!

954
01:04:50,041 --> 01:04:52,458
- එයා ගියේ කොහෙද කියලවත් අපි දන්නේ නෑ.
- කෝ ඌ?

955
01:04:59,791 --> 01:05:01,125
ඒයි!

956
01:05:06,583 --> 01:05:07,833
ඒයි!

957
01:05:08,500 --> 01:05:09,958
මේ ත්‍රිනාද්

958
01:05:10,208 --> 01:05:12,666
තෝ මගේ පුතාව මරාගත්තා!

959
01:05:14,750 --> 01:05:15,875
මේ එර්රාජි.

960
01:05:16,416 --> 01:05:20,416
මම තොගෙ පුතාව මැරුවා නම්,
මුලින්ම ඇවිත් තොට කියන්නේ මම.

961
01:05:20,625 --> 01:05:22,625
මම ඌව මරන්න තමයි හිතාගෙන හිටියේ.

962
01:05:23,958 --> 01:05:25,416
ඒත් මට කලින් කවුරුහරි ඌව ඉවරයක් කරලා!

963
01:05:28,250 --> 01:05:30,166
මට දුක එකම එක දේකටයි

964
01:05:30,875 --> 01:05:33,333
ඌගේ පණ මගේම අතින්
නැති කරන්න බැරි වෙච්ච එකට.

965
01:05:33,416 --> 01:05:35,291
- ඒයි!
- ඒයි!

966
01:05:35,625 --> 01:05:36,833
තෝ කාටද සද්ද දාන්නේ?

967
01:05:36,916 --> 01:05:38,666
- මේ! ත්‍රිනාද් නවත්තපන්!
- නවත්තපන්.

968
01:05:38,750 --> 01:05:40,416
- තොපි සේරමව කපලා දානවා!
- ත්‍රිනාද්!

969
01:05:40,500 --> 01:05:41,625
- නවත්තපන්...
- නවත්තපන්!

970
01:05:41,708 --> 01:05:44,708
- මුලින්ම තෝව මරනවා යකෝ!
- මේ මේ. නවත්තපන්!

971
01:05:47,500 --> 01:05:49,041
මට මගේ පුතාව නැති වුණා!

972
01:05:50,500 --> 01:05:52,875
ඒ වේදනාව තේරෙන්නේ
පුතෙක් නැති වෙච්ච තාත්තෙකුට විතරයි.

973
01:05:53,416 --> 01:05:55,625
තොගෙ ව්‍රතය ඉවර වුණාම අපි මේක බලාගමු.

974
01:05:58,083 --> 01:05:59,791
අපි එතකොට කතා කරගමු.

975
01:06:01,625 --> 01:06:02,625
යමන්!

976
01:06:03,791 --> 01:06:05,000
- යමන්.
- රණ්ඩු වෙන්න එපා!

977
01:06:05,083 --> 01:06:06,683
- අනේ මම වඳින්නම්, යන්න මෙතනින්.
- ආයේ මෙහෙට ආවොත් එහෙම

978
01:06:06,708 --> 01:06:09,166
- නැත්නම් ත්‍රිනාද්ගේ ගෙදර පැත්තට ආවොත්, තොපි ඉවරයි!
- මේ භාර්ගවා!

979
01:06:09,250 --> 01:06:10,958
- ඒයි!
- එර්රාජි!

980
01:06:11,041 --> 01:06:12,666
- අනේ යන්නකෝ මෙතනින්!
- නවත්තපන්!

981
01:06:12,750 --> 01:06:14,875
- අපි පස්සේ ඕකුන්ව බලාගමු.
- පලයව් යන්න කාලකණ්ණියනේ!

982
01:06:14,958 --> 01:06:17,083
- දැන්ම පලයන්. යනවා!
- අහකට පලයන්!

983
01:06:24,208 --> 01:06:26,125
ඔයා ඇයි මං දිහා ඔහොම බලන්නේ ගුරු ස්වාමි?

984
01:06:26,625 --> 01:06:29,875
මම නාගුලුව මැරුවා කියලා
ඔයත් හිතනවා නම් කියන්න එපා.

985
01:06:30,875 --> 01:06:31,875
ඈ?

986
01:06:33,833 --> 01:06:36,708
මම ඊයේ රෑ කැත්තකුත් අරන් කැලේට ගියා තමයි.

987
01:06:37,041 --> 01:06:39,875
නාගුලු දොන්කරායි කැලේ හැංගිලා ඉන්නවා කියලා
මට ආරංචි වුණා.

988
01:06:42,958 --> 01:06:44,041
ඒයි නාගුලු!

989
01:06:45,458 --> 01:06:48,458
නාගුලු! තෝ මෙහෙ ඉන්නවා කියලා මම දන්නවා. වරෙන් එළියට!

990
01:07:03,791 --> 01:07:05,458
තෝ ඇයි ආපහු ආවේ? කියපන්.

991
01:07:05,583 --> 01:07:07,625
තෝයි තොගෙ තාත්තයි මොකක්ද කරන්න හදන්නේ?

992
01:07:07,750 --> 01:07:09,958
කියපන් බයගුල්ලා. මරනවා තෝව! කියපන්.

993
01:07:10,083 --> 01:07:11,666
කියපන්. කියපිය!

994
01:07:15,250 --> 01:07:16,416
වරෙන්, වරෙන්, වරෙන්!

995
01:07:16,625 --> 01:07:18,125
තෝ අද ඉවරයි.

996
01:07:18,208 --> 01:07:20,041
වරෙන්. පුළුවන් නම් වරෙන්!

997
01:07:21,666 --> 01:07:23,416
- වරෙන්කෝ ගහන්න!
- ඒයි!

998
01:07:25,041 --> 01:07:26,833
වරෙන්කෝ ගහන්න!

999
01:07:31,125 --> 01:07:32,125
තෝ

1000
01:07:34,458 --> 01:07:37,000
තෝ මම කවුරු කියලද හිතුවේ? මම නාගුලු යකෝ!

1001
01:07:37,583 --> 01:07:38,583
බලපන් මං දිහා.

1002
01:07:40,083 --> 01:07:41,375
මම ආවේ තෝව මරන්න.

1003
01:07:41,541 --> 01:07:45,750
මට ඕනෙ වුණේ තොගෙ ව්‍රතය ඉවර වුණාම මරන්නයි!
ඒත් ගමේ උන් මට බයගුල්ලා කියයි.

1004
01:07:45,916 --> 01:07:48,250
ඒක නිසා මම තෝව දැන්ම මරනවා!

1005
01:07:52,916 --> 01:07:54,875
ඒයි! කවුද තෝ? අතඇරපන් පිහිය!

1006
01:07:55,000 --> 01:07:56,833
- අතඇරපන්. දැන්ම.
- ඒයි!

1007
01:07:57,333 --> 01:07:59,291
- ඒයි! කවුද තෝ?
- ඒයි!

1008
01:08:00,833 --> 01:08:02,166
මේ, මාව අතඇරපන්.

1009
01:08:02,500 --> 01:08:05,000
අතගනින් ඕකෙන්. මම ඌව මරනවා.

1010
01:08:06,041 --> 01:08:07,375
ඒයි!

1011
01:08:10,833 --> 01:08:13,166
කවුද බං තෝ? මාව අතඇරපන්.

1012
01:08:13,333 --> 01:08:15,916
මාව මරන්න එපා! අනේ එපා.

1013
01:08:18,791 --> 01:08:19,791
ඒයි!

1014
01:08:22,041 --> 01:08:24,457
මට එයාව පැහැදිලිව පෙනුනේ නෑ.

1015
01:08:28,707 --> 01:08:29,707
ගුරු ස්වාමි

1016
01:08:30,332 --> 01:08:33,166
අපේ ගමේ මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙනවා.

1017
01:08:33,457 --> 01:08:34,457
මොකක් හරි අමුත්තක් තියෙනවා.

1018
01:08:35,250 --> 01:08:36,416
මම කැලේ ඇතුළට ගියා.

1019
01:08:37,041 --> 01:08:40,500
- මට නාගුලුව හම්බවුණාට පස්සේ...
- මේ මොකක්ද ගුරු ස්වාමි?

1020
01:08:42,000 --> 01:08:44,582
හැම අවුරුද්දෙම මෙයා මාලේ දාගන්න කලින්
මම මෙහෙම දුක් විඳින්න ඕනෙද?

1021
01:08:47,541 --> 01:08:51,000
තමුසෙගේ දුව දිහා බලනවා.
එයා කොච්චර බය වෙලාද කියලා බලනවා!

1022
01:08:57,041 --> 01:09:00,041
මෙයාට මොනවා හරි අනතුරක් වුණොත්
අපි මොකද කරන්නේ ගුරු ස්වාමි?

1023
01:09:03,082 --> 01:09:06,041
එහෙනම් තව බීලා මැරෙනවා! මේ, ඇතුළට එනවා!

1024
01:09:12,250 --> 01:09:13,250
මනම්මා

1025
01:09:44,957 --> 01:09:45,957
මනම්මා

1026
01:09:46,875 --> 01:09:49,957
මම ඊයේ රෑ කැත්තකුත් අරන් කැලේට ගියා තමයි.

1027
01:09:50,332 --> 01:09:52,250
මගේ අදහස තිබුණේ ඌව මරන්න.

1028
01:09:52,375 --> 01:09:55,541
ඒ වෙලාවේ මූණ වහගත්ත කවුරුහරි එතනට ආවා.

1029
01:09:55,625 --> 01:09:58,707
- ඊටපස්සේ...
- බීම නවත්තන්න තාත්තේ.

1030
01:10:02,332 --> 01:10:05,375
මම හෙට මාලේ දාගන්නවනේ. කොහොමත් ආයේ බොන්නේ නෑ.

1031
01:10:05,916 --> 01:10:07,916
ආයේ කවදාවත් බොන්න එපා තාත්තේ.

1032
01:10:10,666 --> 01:10:13,750
බිව්වේ නැත්නම් මගේ අත් වෙවුලන්න ගන්නවා මනම්මා.

1033
01:10:14,291 --> 01:10:15,707
මම ඔයාගේ අත් අල්ලගන්නම්.

1034
01:10:16,582 --> 01:10:18,000
මගේ හිතට කිසි සැනසීමක් නෑ.

1035
01:10:18,250 --> 01:10:20,582
- මට නින්ද යන්නේ නෑ.
- මම සින්දුවක් කියලා නිදි කරවන්නම් තාත්තේ.

1036
01:10:25,916 --> 01:10:29,082
ඔයා කවදාවත් මගෙන් මෙහෙම ඉල්ලලා නෑනේ. ඇයි අද?

1037
01:10:30,375 --> 01:10:33,541
බිව්වම තාත්තා සතුටින් ඉන්නවා කියලා මම හිතුවේ.

1038
01:10:34,207 --> 01:10:36,332
ඒත් ඔයා සතුටින් නෙවෙයි ඉන්නේ.

1039
01:10:38,666 --> 01:10:41,291
තාත්තා ඉන්න විදිය දැක්කම මට බය හිතෙනවා.

1040
01:10:50,832 --> 01:10:51,875
හා මනම්මා.

1041
01:10:52,707 --> 01:10:55,707
මම ඔයා වෙනුවෙන් බීම නවත්තන්නම්.
දිවුරලා කියන්නේ, ආයේ කවදාවත් බොන්නේ නෑ.

1042
01:11:08,582 --> 01:11:10,541
ඔයාගේ තාත්තා, ත්‍රිනාද් රාම කාසු

1043
01:11:10,666 --> 01:11:14,457
පරණ කෙනා දැන් නෑ.
මෙතැන් පටන් හැමදේම වෙනස් වෙනවා.

1044
01:11:21,916 --> 01:11:23,957
ස්වාමියේ ශරණම් අයියප්පා!

1045
01:11:24,041 --> 01:11:25,916
ස්වාමියේ ශරණම් අයියප්පා!

1046
01:11:26,125 --> 01:11:28,916
අයියප්පා! අයියප්පා!

1047
01:11:29,125 --> 01:11:32,041
අයියප්පා! අයියප්පා!

1048
01:11:32,125 --> 01:11:35,041
අයියප්පා! අයියප්පා!

1049
01:11:35,125 --> 01:11:37,957
අයියප්පා! අයියප්පා!

1050
01:11:38,082 --> 01:11:43,082
ස්වාමියේ ශරණම් අයියප්පා

1051
01:11:55,916 --> 01:11:58,041
පින්බර කාර්තික මාසයේ පහන් තරුව පායනවා දෙවිඳුනේ

1052
01:11:58,125 --> 01:12:00,250
සීතල දිය නෑමෙන් ආත්මය පිබිදේවා

1053
01:12:00,332 --> 01:12:02,457
සීතල මහපොළොව මත සැතපුණත් මම

1054
01:12:02,541 --> 01:12:04,916
හිතට දැනෙන්නේ පුදුම ආරක්‍ෂාවක්

1055
01:12:05,457 --> 01:12:09,332
ලෞකික බර හැමදේම අතහැර දමා
අපගේ දෙවිඳුන්ට වඳින්න

1056
01:12:09,750 --> 01:12:13,916
දෙවිඳු නාමය ගයමින් සිත සනසා
හිතේ තියෙන කුණාටු දිනන්න

1057
01:12:34,957 --> 01:12:36,666
සැමට අහර දෙන දෙවිඳුනේ!

1058
01:12:36,750 --> 01:12:38,457
ශරණම් අයියප්පා!

1059
01:12:47,666 --> 01:12:49,750
අපේ සංග්‍රහය බාරගන්න ස්වාමි.

1060
01:12:49,832 --> 01:12:53,375
ඔබගේ පූජනීය නාමය මට දීලා
අයියප්පා හා මාව එකක් කළා

1061
01:12:53,625 --> 01:12:57,582
"ඔබමයි මම" කියා රහසින් මුමුණා
දෙවිඳුන්ගේම තැන මට දුන්නා

1062
01:12:57,957 --> 01:13:02,082
හිත්වල වෛරය දුරු කරලා
හැමෝවම පූජනීය එකමුතුවකින් බැන්දා

1063
01:13:02,332 --> 01:13:06,457
අන්ධකාරයේ ගිලී තිබුණු ලෝකයේ
ඉදිරියට යන මඟ මට පෙන්වා දුන්නා

1064
01:13:06,582 --> 01:13:10,791
මම රකින මේ පූජනීය ව්‍රතය
බාහිර හතුරෙකුට එරෙහි යුද්ධයක් නෙවෙයි

1065
01:13:10,916 --> 01:13:14,832
ඒක මගේම හිත එක්ක කරන සටනක්

1066
01:13:15,291 --> 01:13:19,582
මම රකින මේ පූජනීය ව්‍රතය
බාහිර හතුරෙකුට එරෙහි යුද්ධයක් නෙවෙයි

1067
01:13:19,666 --> 01:13:23,250
ඒක මගේම හිත එක්ක කරන සටනක්

1068
01:13:23,332 --> 01:13:27,707
කඳුකර දිය දහරක් සේ පිවිතුරුයි
ළමා සිඟිත්තෙකුගේ අහිංසකකම සේ මොළොක්ය

1069
01:13:27,791 --> 01:13:32,457
පපුව මත පූජනීය මාලය දරාගෙන
නිහඬ යැදුමක් මුමුණමින් මම පෙරට යමි

1070
01:13:40,582 --> 01:13:42,791
පින්බර කාර්තික මාසයේ පහන් තරුව පායනවා දෙවිඳුනේ

1071
01:13:42,875 --> 01:13:44,957
සීතල දිය නෑමෙන් ආත්මය පිබිදේවා

1072
01:13:45,041 --> 01:13:47,166
සීතල මහපොළොව මත සැතපුණත් මම

1073
01:13:47,250 --> 01:13:49,791
හිතට දැනෙන්නේ පුදුම ආරක්‍ෂාවක්

1074
01:13:50,125 --> 01:13:54,000
ලෞකික බර හැමදේම අතහැර දමා
අපගේ දෙවිඳුන්ට වඳින්න

1075
01:13:54,500 --> 01:13:58,625
දෙවිඳු නාමය ගයමින් සිත සනසා
හිතේ තියෙන කුණාටු දිනන්න

1076
01:14:10,957 --> 01:14:11,957
ස්වාමි!

1077
01:14:12,416 --> 01:14:15,500
- කඩේ මෙතනින් අයින් කරගන්න.
- ඒත් ඔයාලා විකුණන්න පුළුවන් කිව්වනේ.

1078
01:14:15,582 --> 01:14:17,375
ඒ කලින්. දැන් මේ පූජනීය ව්‍රත කාලේ.

1079
01:14:17,500 --> 01:14:18,500
කඩේ වහන්න.

1080
01:14:25,291 --> 01:14:29,416
දෙවියන් මට හඬගැසුවා
මා තුළ වූ නිහැඬියාව එයට පිළිතුරු දුන්නා

1081
01:14:29,625 --> 01:14:33,750
මගේ ස්වාමිගේ ඇරයුම හදවතටම දැනුණා

1082
01:14:33,916 --> 01:14:38,082
මේ බැඳීම කොතරම් පැරණිදැයි කවුද දන්නේ
පෙර ආත්මයක මොන ආශිර්වාදයක්දෝ

1083
01:14:38,332 --> 01:14:42,250
මා මෙලොවට බිහිකළ දියණිය මට ආලෝකය පෙන්වා දුන්නා

1084
01:14:42,582 --> 01:14:46,875
උදා හිරුගේ පළමු කිරණ
අලුත් බලාපොරොත්තුවක් ගෙනෙන්නා සේ

1085
01:14:47,000 --> 01:14:51,041
විඩාවට පත් මගේ හදවත සනසාලයි

1086
01:14:51,291 --> 01:14:55,375
උදා හිරුගේ පළමු කිරණ
අලුත් බලාපොරොත්තුවක් ගෙනෙන්නා සේ

1087
01:14:55,625 --> 01:14:59,291
විඩාවට පත් මගේ හදවත සනසාලයි

1088
01:14:59,375 --> 01:15:03,666
සඳ එළිය බබළමින් මාව තුරුළු කරගනියි

1089
01:15:03,750 --> 01:15:05,916
මගේ හදවත මල් මාලයකින් සරසන විට

1090
01:15:06,000 --> 01:15:08,416
-නිහඬ සංගීතයක මා අතරමං වෙයි
-ස්වාමි, මොකක්ද ප්‍රශ්නය?

1091
01:15:16,750 --> 01:15:19,250
පින්බර කාර්තික මාසයේ පහන් තරුව පායනවා දෙවිඳුනේ

1092
01:15:19,375 --> 01:15:21,541
- මනම්මා, ඇතුළෙන් එළඟිතෙල් ටික අරන් එන්න.
- හා අම්මේ!

1093
01:15:21,625 --> 01:15:23,666
සීතල මහපොළොව මත සැතපුණත් මම

1094
01:15:23,791 --> 01:15:26,250
ඇති ස්වාමි.

1095
01:15:26,457 --> 01:15:27,625
- කන්න ස්වාමි.
- ස්වාමි.

1096
01:15:27,832 --> 01:15:29,957
- බලන්නකෝ දැන් අපේ ස්වාමි දිහා.
- කන්න.

1097
01:15:30,541 --> 01:15:34,541
ශරණ ගී ගයමින් මම ගමන් යමි -ත්‍රිනාද් ස්වාමි

1098
01:15:43,375 --> 01:15:45,457
ස්වාමි ශරණම් අයියප්පා ශරණම්

1099
01:15:45,541 --> 01:15:47,707
ස්වාමි ශරණම් අයියප්පා ශරණම්

1100
01:15:47,791 --> 01:15:49,875
ස්වාමි ශරණම් අයියප්පා ශරණම්

1101
01:15:49,957 --> 01:15:52,000
ස්වාමි ශරණම් අයියප්පා ශරණම්

1102
01:15:52,082 --> 01:15:54,250
ස්වාමි ශරණම් අයියප්පා ශරණම්

1103
01:15:54,332 --> 01:15:56,457
ස්වාමි ශරණම් අයියප්පා ශරණම්

1104
01:15:56,541 --> 01:15:58,000
- ස්වාමිවරුනි!
- ඔව්.

1105
01:15:58,207 --> 01:16:02,625
මේ ව්‍රතය ඉවර වුණාට පස්සේ බීම නවත්තනවා කියලා
තාත්තා මට පොරොන්දු වුණා.

1106
01:16:02,707 --> 01:16:03,791
- ශා!
- ස්වාමි.

1107
01:16:03,957 --> 01:16:06,041
- ඔයත් බීම නැවැත්තුවොත් තමයි හොඳ.
- ගන්න ස්වාමි.

1108
01:16:06,125 --> 01:16:07,832
බලමුකෝ තාත්තා ඇත්තටම නවත්තයිද කියලා.

1109
01:16:08,041 --> 01:16:09,500
- ස්වාමි ශරණම්!
- ස්වාමි ශරණම්!

1110
01:16:10,875 --> 01:16:11,875
ගායත්‍රී අක්කේ!

1111
01:16:14,041 --> 01:16:15,041
අක්කේ?

1112
01:16:16,416 --> 01:16:19,500
මොකද වුණේ? ඔයා අපේ ගෙදර එන එක නැවැත්තුවානේ.

1113
01:16:20,457 --> 01:16:22,666
මම විශේෂ පන්තියට යනවනේ, මතකද?
මට එහෙ ඉන්න වුණා.

1114
01:16:23,125 --> 01:16:24,125
අම්මා!

1115
01:16:25,041 --> 01:16:27,750
කොහොමද දුවේ ඔයාට? ඇයි මේ ඇස් රතු වෙලා?

1116
01:16:28,291 --> 01:16:29,291
මුකුත් නෑ මාමේ.

1117
01:16:29,832 --> 01:16:32,082
මම නිකන් කිව්වේ ඔයා
දිස්ත්‍රික්කයෙන්ම පළවෙනියා වෙන්න ඕනෙ කියලා.

1118
01:16:32,332 --> 01:16:33,916
ඒකට මෙච්චර මහන්සි වෙන්න එපා.

1119
01:16:34,041 --> 01:16:36,332
පාස් වුණත් ෆේල් වුණත්,
ඔයා තමයි මට හැමදාම අංක එක.

1120
01:16:36,500 --> 01:16:39,082
ස්වාමි! ගායත්‍රීට එහෙදි කරදරයක් එහෙම නෑ නේද?

1121
01:16:39,332 --> 01:16:41,332
- කොහෙත්ම නෑ.
- නැතුව නැතුව.

1122
01:16:41,500 --> 01:16:43,750
මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා නම්,
එයා මුලින්ම කියන්නේ මටනේ.

1123
01:16:44,832 --> 01:16:48,250
දැන් පරක්කු වෙනවා. යන්න දුවේ.
එහෙ අය ඔයා එනකල් බලන් ඇති.

1124
01:16:56,082 --> 01:16:57,750
- ස්වාමි!
- අම්මා!

1125
01:17:00,541 --> 01:17:05,000
අවුරුද්ද පුරාම ඔයා මෙහෙම නොබී
හිටියා නම් කොච්චර හොඳද.

1126
01:17:05,541 --> 01:17:06,541
මම එහෙම කරන්නම්.

1127
01:17:09,541 --> 01:17:12,457
මම මනම්මාට පොරොන්දු වුණා.
කොච්චර අමාරු වුණත් මම ඒක රකිනවා.

1128
01:17:20,125 --> 01:17:22,375
සිලේරු - පොල්ලූරු

1129
01:17:32,582 --> 01:17:33,791
- සෞජි අක්කේ?
- ඈ?

1130
01:17:34,875 --> 01:17:37,291
එදා කඩේ ළඟදි වචනයක්වත් නොකියා
ඇයි ඔයා යන්න ගියේ?

1131
01:17:38,916 --> 01:17:40,000
කියන්නකෝ අක්කේ.

1132
01:17:40,625 --> 01:17:42,416
ඇයි ඔයා ඉස්කෝලෙන් අයින් වුණේ?

1133
01:17:43,541 --> 01:17:46,832
සෞජී, ඔයාට මගේ දහයේ පන්තියේ
පොත් ටික ඕනෙ කිව්වා නේද?

1134
01:17:46,916 --> 01:17:47,916
ඔව් අක්කේ.

1135
01:17:49,207 --> 01:17:50,207
මෙන්න.

1136
01:17:51,250 --> 01:17:54,416
එදා අනූෂා මට දීපු පොත් අස්සේ
සඟවලා තිබුණු ලියුම් කෑල්ලක් මට හම්බවුණා.

1137
01:17:56,916 --> 01:17:59,666
මම ඒක ඇරලා බලද්දී, ඒක
අනූෂා මට ලියපු ලියුමක්.

1138
01:17:59,957 --> 01:18:00,957
සෞජන්‍යා!

1139
01:18:01,125 --> 01:18:03,457
ටීචර්ගේ ගෙදර ඇතුළේ භයානක දේවල් සිද්ධ වෙනවා.

1140
01:18:03,791 --> 01:18:06,207
ඔයාව විශේෂ පන්තියට තෝරගත්තොත්,

1141
01:18:06,416 --> 01:18:07,582
මොන දේ වුණත් යන්න එපා!

1142
01:18:07,957 --> 01:18:09,541
මම එහෙදි ගොඩක් දුක් වින්දා.

1143
01:18:09,957 --> 01:18:12,832
ඒ නිසයි මම කසාද බැඳලා මේ පළාතෙන්ම යන්නේ.

1144
01:18:13,082 --> 01:18:15,250
මම මේක කිව්වා කියලා කාටවත් කියන්න එපා.

1145
01:18:15,625 --> 01:18:18,125
අනේ ඒ ටීචර්ගෙන් ඈත්වෙලා ඉන්න.

1146
01:18:22,082 --> 01:18:23,666
උන් අනූෂාව මරන්න ඇති.

1147
01:18:25,041 --> 01:18:26,916
ඒ ගෙදර මොකක් හරි නොහොබිනා දෙයක් වෙනවා මණිකණ්ඨ.

1148
01:18:27,625 --> 01:18:29,207
උන් ගායත්‍රීවත් මරයි!

1149
01:18:30,082 --> 01:18:31,332
එයාට ඉස්කෝලෙන් අයින් වෙන්න කියන්න.

1150
01:18:33,457 --> 01:18:36,416
අනික මම මේක කිව්වා කියලා
කවදාවත් කාටවත් කියන්න එපා.

1151
01:18:43,707 --> 01:18:47,041
- තාත්තේ! ස්වාමි!
- මණි, ඔයා ආවද?

1152
01:18:47,291 --> 01:18:50,500
එයා නෑ මෙහෙ. තාත්තා දොන්කරායි ගියා පඩි පූජාවට.

1153
01:18:53,125 --> 01:18:54,875
මේ! දැන් ඇයි තාත්තට කෝල් කරන්නේ?

1154
01:18:57,375 --> 01:18:58,582
මේ පාර මොන අවුලක්ද?

1155
01:19:00,457 --> 01:19:02,250
- ෆෝන් එක මෙහාට දෙනවා.
- අම්මේ!

1156
01:19:02,707 --> 01:19:04,250
කියන්න. මොකක්ද ප්‍රශ්නය?

1157
01:19:05,541 --> 01:19:06,707
මම කියන්නේ තාත්තට විතරයි.

1158
01:19:07,500 --> 01:19:08,582
උඹ මොනවද මේ කියන්නේ සහෝදරයා?

1159
01:19:08,666 --> 01:19:09,976
උඹ මට කියන්නේ මාලේ දාගත්ත ස්වාමිවරුන්ව මරන්නද?

1160
01:19:10,000 --> 01:19:12,250
මේක කලින් දැනගත්තා නම් මම
ඔන්ගෝල් ඉඳන් මෙච්චර දුර එන්නේ නෑ!

1161
01:19:12,332 --> 01:19:13,332
ඒයි!

1162
01:19:15,625 --> 01:19:17,041
පුතෙක් නැති වෙච්ච දුක පපුව පලලා යනවා බං.

1163
01:19:17,707 --> 01:19:19,707
ඒ දුකට හරි වැරැද්දක් පේන්නේ නෑ සහෝදරයා.

1164
01:19:24,250 --> 01:19:25,250
කෝ උන්?

1165
01:19:31,207 --> 01:19:35,041
දෙවි කරුණා ලත් විදුරු දුනුවායා
බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ

1166
01:19:36,125 --> 01:19:40,000
දෙවි කරුණා ලත් විදුරු දුනුවායා
බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ

1167
01:19:41,041 --> 01:19:44,750
උන්වහන්සේ වැඩමවයි පූජනීය රන් දෙව්දෝලාවට

1168
01:19:44,832 --> 01:19:46,375
බබළන දෙව්දෝලාවට

1169
01:20:00,541 --> 01:20:03,291
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1170
01:20:03,375 --> 01:20:05,750
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1171
01:20:05,832 --> 01:20:08,250
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1172
01:20:08,332 --> 01:20:10,457
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1173
01:20:10,541 --> 01:20:13,082
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1174
01:20:13,166 --> 01:20:15,666
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1175
01:20:15,750 --> 01:20:18,166
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1176
01:20:18,250 --> 01:20:20,625
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1177
01:20:20,707 --> 01:20:23,125
-දෙවි කරුණා ලත් විදුරු දුනුවායා
-පූජනීය දෝලාවට වැඩමවයි!

1178
01:20:23,207 --> 01:20:25,582
-බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ
-පූජනීය දෝලාවට වැඩමවයි!

1179
01:20:25,666 --> 01:20:28,000
-දෙවි කරුණා ලත් විදුරු දුනුවායා
-පූජනීය දෝලාවට වැඩමවයි!

1180
01:20:28,082 --> 01:20:30,582
-බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ
-පූජනීය දෝලාවට වැඩමවයි!

1181
01:20:31,875 --> 01:20:34,291
පන්දලම් පුරවරයේ දරුවාණන් පම්බා නදියේ මුරදේවතා

1182
01:20:34,375 --> 01:20:36,875
විෂ්ණු සහ ශිව දෙවිඳුන්ගේ පුත් දෝලාවට වැඩමවයි!

1183
01:20:36,957 --> 01:20:39,166
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1184
01:20:39,250 --> 01:20:41,666
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1185
01:20:41,750 --> 01:20:44,125
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1186
01:20:44,207 --> 01:20:46,625
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1187
01:21:01,541 --> 01:21:03,875
-ගණපති දෙවිඳුගේ සොහොයුරාණන්
-පූජනීය දෝලාවට වැඩමවයි!

1188
01:21:03,957 --> 01:21:06,416
-ෂන්මුඛ දෙවිඳුගේ සොහොයුරාණන්
-පූජනීය දෝලාවට වැඩමවයි!

1189
01:21:06,500 --> 01:21:08,875
-ගණපති දෙවිඳුගේ සොහොයුරාණන්
-පූජනීය දෝලාවට වැඩමවයි!

1190
01:21:08,957 --> 01:21:11,332
-ෂන්මුඛ දෙවිඳුගේ සොහොයුරාණන්
-පූජනීය දෝලාවට වැඩමවයි!

1191
01:21:12,666 --> 01:21:15,125
එරුමේලි පුර වාසය කරන
පූජනීය වන අරණේ වසන දෙවිඳු

1192
01:21:15,207 --> 01:21:17,582
හරි සහ හර දෙවිඳුන්ගේ පුත් දෝලාවට වැඩමවයි

1193
01:21:17,666 --> 01:21:20,000
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1194
01:21:20,082 --> 01:21:22,457
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1195
01:21:22,582 --> 01:21:24,957
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1196
01:21:25,041 --> 01:21:27,457
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1197
01:21:47,291 --> 01:21:49,707
මහිෂී යක්ෂණිය නැසූ දෙවිඳුන් -දෝලාවට වැඩමවයි!

1198
01:21:49,791 --> 01:21:52,166
මහා ඇතු පිට නැගි සමිඳුන් -දෝලාවට වැඩමවයි!

1199
01:21:52,250 --> 01:21:54,666
මහිෂී යක්ෂණිය නැසූ දෙවිඳුන් -දෝලාවට වැඩමවයි!

1200
01:21:54,750 --> 01:21:57,166
මහා ඇතු පිට නැගි සමිඳුන් -දෝලාවට වැඩමවයි!

1201
01:21:58,416 --> 01:22:00,875
කරිමල වාසය කරන නීලිමල වාසය කරන දෙවිඳු

1202
01:22:00,957 --> 01:22:03,291
හරි සහ හර දෙවිඳුන්ගේ පුත් දෝලාවට වැඩමවයි

1203
01:22:03,375 --> 01:22:05,791
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1204
01:22:05,875 --> 01:22:08,250
බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ පූජනීය දෝලාවට වැඩමවයි!

1205
01:22:08,332 --> 01:22:10,750
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1206
01:22:10,832 --> 01:22:13,207
බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ පූජනීය දෝලාවට වැඩමවයි!

1207
01:22:13,291 --> 01:22:18,082
බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ පූජනීය දෝලාවට වැඩමවයි!

1208
01:22:18,166 --> 01:22:23,041
බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ පූජනීය දෝලාවට වැඩමවයි!

1209
01:22:23,125 --> 01:22:25,500
ස්වාමියේ අයියප්පෝ!

1210
01:22:26,416 --> 01:22:29,375
ත්‍රිනාද් ස්වාමි!
එර්රාජිගේ මිනිස්සු අපේ සෙනඟ අස්සට රිංගලා!

1211
01:22:30,750 --> 01:22:31,750
අන්න ඌ ඉන්නවා!

1212
01:22:32,041 --> 01:22:33,082
එන්න ස්වාමි, ඉක්මනට.

1213
01:22:33,375 --> 01:22:35,207
අයියප්පෝ ස්වාමියේ

1214
01:22:35,291 --> 01:22:36,207
අල්ලගත්තා ඌව.

1215
01:22:36,291 --> 01:22:38,750
ස්වාමියේ ශරණම් අයියප්පා!

1216
01:22:40,082 --> 01:22:41,332
එන්න ස්වාමි, යමු.

1217
01:22:42,832 --> 01:22:43,832
අයින් වෙනවා!

1218
01:22:52,166 --> 01:22:53,166
යමු ස්වාමි.

1219
01:22:54,750 --> 01:22:56,166
නෙදකින්! උන් පැනගත්තා!

1220
01:23:09,541 --> 01:23:10,541
ස්වාමි!

1221
01:23:11,750 --> 01:23:13,750
- උන් එනවා ස්වාමි.
- ස්වාමිවරුනි!

1222
01:23:14,916 --> 01:23:16,332
ඇයි ඔයාලා බය වෙන්නේ?

1223
01:23:16,625 --> 01:23:17,916
අපිට අයියප්පා දෙවියෝ ඉන්නවා!

1224
01:23:18,291 --> 01:23:20,707
ස්වාමියේ

1225
01:23:21,707 --> 01:23:24,000
ශරණම් අයියප්පා!

1226
01:23:28,082 --> 01:23:30,457
ස්වාමි, උන් ආයුධත් අරන් එන්නේ.

1227
01:23:30,875 --> 01:23:31,791
ත්‍රිනාද් ස්වාමි!

1228
01:23:31,875 --> 01:23:33,582
උන් ළඟටම එනවා. ඉක්මන් කරන්න!

1229
01:23:34,875 --> 01:23:39,375
උන්වහන්සේ වැඩමවයි පූජනීය රන් දෙව්දෝලාවට

1230
01:23:39,625 --> 01:23:42,625
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1231
01:23:42,707 --> 01:23:45,250
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1232
01:23:45,416 --> 01:23:47,375
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1233
01:23:48,500 --> 01:23:51,707
ගුරු ස්වාමි, බය වෙන්න එපා. කිසි දෙයක් වෙන්නේ නෑ.

1234
01:23:51,791 --> 01:23:55,000
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1235
01:23:55,166 --> 01:23:57,041
අයියප්පා!

1236
01:23:57,125 --> 01:23:59,957
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1237
01:24:00,250 --> 01:24:02,666
-දෙවි කරුණා ලත් විදුරු දුනුවායා
-පූජනීය දෝලාවට වැඩමවයි!

1238
01:24:02,750 --> 01:24:05,041
-බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ
-පූජනීය දෝලාවට වැඩමවයි!

1239
01:24:05,125 --> 01:24:07,750
-දෙවි කරුණා ලත් විදුරු දුනුවායා
-පූජනීය දෝලාවට වැඩමවයි!

1240
01:24:07,832 --> 01:24:09,957
-බලවත් මණිකණ්ඨ දෙවිඳුනේ
-පූජනීය දෝලාවට වැඩමවයි!

1241
01:24:10,291 --> 01:24:13,000
ස්වාමියේ

1242
01:24:13,082 --> 01:24:16,541
පන්දලම් පුරවරයේ දරුවාණන් පම්බා නදියේ මුරදේවතා

1243
01:24:16,832 --> 01:24:18,832
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1244
01:24:18,957 --> 01:24:21,332
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1245
01:24:21,541 --> 01:24:24,082
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1246
01:24:24,207 --> 01:24:26,582
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1247
01:24:42,875 --> 01:24:45,082
ස්වාමියේ

1248
01:24:45,207 --> 01:24:47,125
අයියප්පා!

1249
01:24:48,166 --> 01:24:50,750
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1250
01:24:50,832 --> 01:24:53,166
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1251
01:24:53,250 --> 01:24:55,582
පිච්ච මලින් සහ රනින් සැදුණු දෝලාව

1252
01:24:55,666 --> 01:24:58,416
මණිකණ්ඨ දෙවිඳු වැඩමවයි පූජනීය දෝලාවට

1253
01:25:01,125 --> 01:25:02,125
යටකරගෙන පලයන්!

1254
01:25:11,957 --> 01:25:14,416
පලයන්! යටකරපන් උන්ව!

1255
01:25:15,666 --> 01:25:18,666
මේ කැලේ පහු වුණාම පොල්ලූරු.
අනපන්! හප්පපන් ඌව!

1256
01:25:18,750 --> 01:25:20,416
මට විභූති ටිකක් දෙන්න!

1257
01:25:20,582 --> 01:25:21,582
ස්වාමි, මෙන්න!

1258
01:25:34,332 --> 01:25:36,291
- ස්වාමි ශරණම්!
- ස්වාමි ශරණම්!

1259
01:25:40,457 --> 01:25:42,000
පොල්ලූරු

1260
01:25:52,250 --> 01:25:55,291
ස්වාමි, කාවේරිට මුකුත් කියන්න එපා. එයා බය වෙයි.

1261
01:25:56,750 --> 01:25:57,750
අනේ!

1262
01:25:58,457 --> 01:25:59,457
තාත්තේ!

1263
01:26:00,000 --> 01:26:02,250
- මනම්මා!
- මණිකණ්ඨ, මගේ රත්තරං දුවේ!

1264
01:26:05,082 --> 01:26:07,791
- පොඩ්ඩක් ඉන්න ස්වාමි.
- මනම්මාට මොකද වුණේ?

1265
01:26:08,916 --> 01:26:10,250
ඔයාගේ දුව ලොකු ළමයෙක් වෙලා.

1266
01:26:15,166 --> 01:26:16,416
ඒක සතුටු ආරංචියක්නේ ස්වාමි.

1267
01:26:18,791 --> 01:26:19,875
- මගේ මණිකණ්ඨ දුවේ!
- ස්වාමි.

1268
01:26:21,332 --> 01:26:24,082
දුවව නාවන දවස වෙනකල්
ඔයාට ගේ ඇතුළට යන්න බෑ.

1269
01:26:24,707 --> 01:26:25,707
එයාව දකින්නත් බෑ.

1270
01:26:28,666 --> 01:26:29,750
ස්වාමි!

1271
01:26:30,916 --> 01:26:32,332
මොකද මේ?

1272
01:26:34,082 --> 01:26:36,332
දුවව දකින්න බැරි වෙන හින්දද ඔය?

1273
01:26:37,041 --> 01:26:38,332
ඒ වෙනුවට ව්‍රතය කඩන්නද හදන්නේ?

1274
01:26:39,041 --> 01:26:40,041
නෑ ගුරු ස්වාමි.

1275
01:26:40,332 --> 01:26:43,791
මේ හැමදේම මගේ මනම්මා වෙනුවෙන්නේ.
මම කෝවිලේ නිදාගන්නම්.

1276
01:26:44,582 --> 01:26:47,416
- හරි. මම ලක්ෂ්මීව උදව්වට එවන්නම්.
- හරි, ගුරු ස්වාමි.

1277
01:26:49,707 --> 01:26:52,125
ස්වාමි! මම එයාව බලාගන්නම්.

1278
01:27:06,416 --> 01:27:07,707
ස්වාමි, ඔයාගෙ ෆෝන් එක කොහේද?

1279
01:27:08,166 --> 01:27:10,375
ඔයාගෙ දුව ඔයාට කතා කරන්න
ගොඩක් සැරයක් උත්සාහ කළා.

1280
01:27:11,041 --> 01:27:13,166
ඒක කැඩුනා. මම හදන්න දුන්නා.

1281
01:27:13,875 --> 01:27:14,875
ඒක නෙවෙයි

1282
01:27:16,166 --> 01:27:17,166
මනම්මාට දැන් කොහොමද?

1283
01:27:18,125 --> 01:27:20,207
එයා ඔයාට කතා කර කර ඇඬුවා.

1284
01:27:21,541 --> 01:27:22,875
එයාට ඔයාට මොකක්ද කියන්න ඕනෙ වුණා.

1285
01:27:23,957 --> 01:27:27,750
මම පස්සෙ කියන්න පුළුවන් කියලා,
එයාව නිදි කරවලා තමයි ආවෙ.

1286
01:27:28,750 --> 01:27:31,582
එයා ඇයි ඒ විදියට කෑගැහුවෙ?
එයාට ගොඩක් අමාරු වෙන්න ඇති.

1287
01:27:34,250 --> 01:27:36,416
ඒක හැම කෙල්ලෙක්ටම සාමාන්‍ය දෙයක්, ස්වාමි.

1288
01:27:39,250 --> 01:27:40,916
ඔයාට ඇඬෙනවද?

1289
01:27:43,125 --> 01:27:45,332
හැම මාසෙකම දවස් තුනක්,

1290
01:27:46,000 --> 01:27:49,000
ඔය ගෑනු ළමයි විඳින දුක මම දකිනවා.

1291
01:27:49,832 --> 01:27:52,957
මගෙ චූටි දුවටත් ඒ වේදනාව විඳින්න වෙනවද?

1292
01:27:54,707 --> 01:27:55,707
ස්වාමි

1293
01:27:56,832 --> 01:27:58,000
මගෙ දිහා බලන්න.

1294
01:28:00,750 --> 01:28:01,750
දැන් නෙවෙයි.

1295
01:28:02,500 --> 01:28:05,000
එයාගෙ කොටහළු උත්සවය වෙනකල් පොඩ්ඩක් ඉවසන්නකො.

1296
01:28:06,375 --> 01:28:07,625
එයාගෙ ඇඟේ කහයි සඳුනුයි ගාලා,

1297
01:28:07,707 --> 01:28:09,082
සේද ළමා සාරියක් අන්දවලා,

1298
01:28:09,500 --> 01:28:13,416
රැජිනක් වගේ තියලා ආදරෙයි ආශිර්වාදයි දෙනකොට,

1299
01:28:14,625 --> 01:28:15,625
ඔයාට එතකොට තේරෙයි.

1300
01:28:21,332 --> 01:28:22,832
අපි එයාගෙ නහය විදිමු.

1301
01:28:23,500 --> 01:28:26,416
එයා තාම පොඩි වැඩියි.
වේදනාව දරාගන්න පුළුවන් වුණාම කරමු.

1302
01:28:26,500 --> 01:28:28,166
රත්තරන් මිලත් වැඩි වෙනවා, ස්වාමි.

1303
01:28:28,332 --> 01:28:31,207
ඕනෙ නම් මම ඉඩම හරි විකුණනවා.
උත්සවය ගන්න හැටි බලන්නකො.

1304
01:28:31,332 --> 01:28:35,250
ඔයා එහෙම කරයි. දුව වෙනුවෙන් ඕනෙ දෙයක්
කරන බව මම දන්නවා.

1305
01:28:39,666 --> 01:28:41,541
මම කියන දේ කළේ නැත්නම්,

1306
01:28:41,875 --> 01:28:43,750
ඔයාට හෝල් ටිකට් එක නොලැබෙන්න මම බලාගන්නම්.

1307
01:28:49,082 --> 01:28:50,082
අක්කේ

1308
01:28:55,082 --> 01:28:57,166
මේ දවස්වල ගායත්‍රී වෙනස් විදියට හැසිරෙන්නෙ.

1309
01:28:57,707 --> 01:28:59,000
- ඒ ඇයි?
- මම දන්නෙ නැහැ.

1310
01:28:59,250 --> 01:29:00,500
විශේෂ පන්තියෙන් පස්සෙ,

1311
01:29:00,582 --> 01:29:03,332
කා එක්කවත් කතා නොකර
කාමරේට වෙලා දොර වහගන්නවා.

1312
01:29:04,041 --> 01:29:05,500
කෑමක් නින්දක්වත් හරියට නැහැ.

1313
01:29:06,082 --> 01:29:08,916
දසවෙනි වසරෙ විභාගෙ නිසා එයා බය වෙලා වෙන්න ඇති.

1314
01:29:10,125 --> 01:29:11,125
ඒක නෙවෙයි,

1315
01:29:11,416 --> 01:29:13,916
මනම්මාට කොහොමද? එයා කලබල වෙලා නැහැනෙ?

1316
01:29:14,082 --> 01:29:17,041
ඊයෙ ඉඳන් ගායත්‍රීව හම්බවෙන්න ඕනෙ කියලා
එයා මට කරදර කරනවා.

1317
01:29:17,750 --> 01:29:18,750
එහෙමද?

1318
01:29:19,291 --> 01:29:22,625
හරි කාවේරි. ගායත්‍රී කැමති නම්,
මම හවසට එයාව එවන්නම්.

1319
01:29:24,625 --> 01:29:26,500
මනම්මා… ඔයාට කොහොමද?

1320
01:29:26,750 --> 01:29:28,916
අම්මා කියන දේ අහන්න. පරිස්සමෙන් ඉන්න.

1321
01:29:29,916 --> 01:29:30,791
මම ආයෙ එන්නම්, කාවේරි.

1322
01:29:30,875 --> 01:29:32,082
හරි, ලක්ෂ්මම්මා.

1323
01:29:33,916 --> 01:29:35,750
- මම කෑම බෙදන්නම්. වාඩිවෙන්න.
- අම්මා!

1324
01:29:36,625 --> 01:29:38,375
මාව තාත්තා ළඟට එක්කන් යන්න.

1325
01:29:39,207 --> 01:29:41,457
මේ වෙලාවෙ තාත්තාව හම්බවෙන්න හොඳ නැහැ, දුවේ.

1326
01:29:41,750 --> 01:29:45,082
- එයා තව දවස් දෙකකින් එයි.
- බැහැ! මාව දැන්ම එක්කන් යන්න!

1327
01:29:45,500 --> 01:29:46,500
මනම්මා!

1328
01:29:47,125 --> 01:29:49,707
මම තාත්තාව ඈතින් ඉඳන් බලන්නම්, අම්මා.

1329
01:29:53,875 --> 01:29:56,125
මෙන්න අද පූජාවට ඕනෙ වෙන ද්‍රව්‍ය ලැයිස්තුව.

1330
01:29:56,500 --> 01:29:57,375
- ස්වාමි…
- ඔව්.

1331
01:29:57,457 --> 01:29:59,166
පූජාවට මන්ත්‍රීතුමාටත් ආරාධනා කරන්න.

1332
01:29:59,250 --> 01:30:00,416
- හරි, ගුරු ස්වාමි!
- හිමින් යන්න, මනම්මා.

1333
01:30:01,750 --> 01:30:04,082
- තාත්තා! තාත්තා!
- ඉන්න.

1334
01:30:04,457 --> 01:30:05,750
මනම්මා, ඉන්න. දුවන්න එපා.

1335
01:30:05,832 --> 01:30:06,875
- ස්වාමි!
- තාත්තා!

1336
01:30:13,125 --> 01:30:14,125
- ත්‍රිමූර්තුලු.
- සර්.

1337
01:30:14,166 --> 01:30:16,082
කාගෙවත් විශ්‍රාම වැටුප් හරි
දීමනා හරි නතර වෙන්න බැහැ.

1338
01:30:16,166 --> 01:30:17,375
- හරි, සර්.
- හැම ගමකටම යන්න.

1339
01:30:17,500 --> 01:30:19,000
- මම ආවම මමම හොයලා බලන්නම්.
- ස්වාමි!

1340
01:30:19,125 --> 01:30:20,416
- හරි, සර්.
- නමස්කාරය, ස්වාමි.

1341
01:30:21,625 --> 01:30:23,582
මොකෝ මේ පැත්තෙ, ත්‍රිනාද් ස්වාමි?

1342
01:30:23,707 --> 01:30:25,791
අද රෑට පොල්ලූරු කෝවිලේ පූජාවක් තියෙනවා.

1343
01:30:26,166 --> 01:30:28,082
ඔයාට ආරාධනා කරන්න කියලා ගුරු ස්වාමි මාව එව්වා.

1344
01:30:28,332 --> 01:30:31,166
හදිසි වැඩකට මම බෙජවාඩා යනවා.
දවස් දෙකක් මම මෙහෙ නැහැ.

1345
01:30:31,666 --> 01:30:33,000
මම ඉරුමුඩි පූජාව වෙලාවට එන්නම්.

1346
01:30:33,416 --> 01:30:34,832
- ස්වාමි…
- ඔව්?

1347
01:30:36,416 --> 01:30:38,082
මගෙ දුව ලොකු ළමයෙක් වුණා.

1348
01:30:38,457 --> 01:30:40,082
ස්වාමියේ ශරණම් අයියප්පා.

1349
01:30:41,000 --> 01:30:42,541
ඔයා අනිවාර්යයෙන්ම ඒ උත්සවයට එන්න ඕනෙ.

1350
01:30:43,125 --> 01:30:45,416
මම මැඩම්වත් එක්කගෙන ඇවිත් ආශිර්වාද කරන්නම්.

1351
01:30:45,582 --> 01:30:47,750
- සතුටුයිද?
- ගොඩක් සතුටුයි, ස්වාමි.

1352
01:31:06,457 --> 01:31:07,457
පෙට්‍රල් ඉවරයි.

1353
01:31:07,541 --> 01:31:09,666
මම ළඟම තියෙන ගමෙන් අරන් එන්නම්.
ඔයා මෙතනින්ම ඉන්න.

1354
01:31:10,082 --> 01:31:11,832
- බාබු.
- මොකද?

1355
01:31:12,250 --> 01:31:14,541
මට තනියම මෙහෙ ඉන්න බයයි.

1356
01:31:14,916 --> 01:31:15,916
මම ඉක්මනට එනවා කිව්වා නේද?

1357
01:31:22,750 --> 01:31:24,041
මගෙ අතේ සල්ලි නැහැ.

1358
01:31:24,832 --> 01:31:27,457
මට ඒ කුකුළු ගොවිපළේ
දවස් දහයක්වත් වැඩ කරන්න වෙයි

1359
01:31:36,250 --> 01:31:38,041
අයියේ, මට චූ බරයි.

1360
01:31:40,707 --> 01:31:43,250
- කාගෙද ඒ බයික් එක?
- බීපු එකෙක් දාලා ගිහින් වගේ.

1361
01:31:47,625 --> 01:31:48,832
- අයියේ!
- ආ?

1362
01:32:02,707 --> 01:32:06,916
- ශ්‍රී ස්වාමියේ…
- ශරණම් අයියප්පා!

1363
01:32:07,207 --> 01:32:11,332
- හරිහර පුත්‍ර…
- ශරණම් අයියප්පා!

1364
01:32:20,332 --> 01:32:22,541
ත්‍රිනාද් ස්වාමි, මෙන්න ගන්න.

1365
01:32:24,791 --> 01:32:28,250
- ජීවිත රැකදෙන දෙවියනේ…
- ශරණම් අයියප්පා!

1366
01:32:28,332 --> 01:32:31,791
- තිරිමේලි ධර්ම ශාස්තෘ…
- ශරණම් අයියප්පා!

1367
01:32:31,875 --> 01:32:34,791
- කරිමල දෙවියනේ…
- ශරණම් අයියප්පා!

1368
01:32:34,916 --> 01:32:38,041
- නීලිමල වාසය කරන දෙවියනේ…
- ශරණම් අයියප්පා!

1369
01:32:40,625 --> 01:32:42,250
ගායත්‍රී තාම ගෙදර ආවෙ නැහැ, ස්වාමි.

1370
01:32:42,541 --> 01:32:45,500
දැන් දහයත් පහුවෙලා. මට බය හිතෙනවා.

1371
01:32:53,416 --> 01:32:54,707
- බාබු ස්වාමි!
- ඔව්, ස්වාමි.

1372
01:32:54,875 --> 01:32:56,250
ගායත්‍රී තාම ගෙදර ඇවිත් නැහැ.

1373
01:32:56,582 --> 01:32:57,582
තාම පන්තිය ඉවර නැද්ද? ආ?

1374
01:32:57,832 --> 01:32:59,666
අද විශේෂ පන්තියක් තිබ්බෙ නැහැ, ස්වාමි.

1375
01:32:59,916 --> 01:33:01,166
ටීචර් ගමේත් නැහැ.

1376
01:33:01,457 --> 01:33:03,082
එයා ඉස්කෝලෙ ඉඳන් කෙළින්ම ගෙදර එන්න ඇති.

1377
01:33:08,041 --> 01:33:09,957
එයා කිව්වෙ අද කිසිම
විශේෂ පන්තියක් තිබ්බෙ නැහැ කියලා.

1378
01:33:10,541 --> 01:33:11,750
මොනවා වෙලා ඇතිද, ස්වාමි?

1379
01:33:12,625 --> 01:33:14,541
සමහරවිට යාළුවෙක්ගෙ ගෙදර යන්න ඇති.

1380
01:33:27,291 --> 01:33:29,582
ගුරු ස්වාමි, දැන් රෑ දොළහටත් ළඟයි.

1381
01:33:29,875 --> 01:33:32,041
- අපි පොලිසියට පැමිණිල්ලක් දාමුද?
- පොලිසියට?

1382
01:33:32,125 --> 01:33:34,291
මට හිතෙන්නෙ මේකට අර දොන්කරායි
එවුන් සම්බන්ධයි, ස්වාමි.

1383
01:33:34,707 --> 01:33:38,666
- මොකක්ද මේ පරක්කුව? ගිහින් හොයමු!
- එන්න. අපි හොයලා බලමු.

1384
01:33:45,957 --> 01:33:47,375
මොකක්ද මේ වෙන්නෙ, ස්වාමි?

1385
01:34:16,416 --> 01:34:21,041
- ස්වාමියේ…
- ශරණම් අයියප්පා!

1386
01:34:27,000 --> 01:34:29,500
ගායත්‍රී තාම ඉස්කෝලෙ ඉඳන්
ගෙදර ආවෙ නැහැ, ස්වාමි!

1387
01:34:29,791 --> 01:34:31,875
- මුළු ගමම එයාව හොයන්න ගිහින්.
- එන්න, ස්වාමි.

1388
01:34:59,666 --> 01:35:00,666
කවුරුහරි ඉන්නවද මෙහෙ?

1389
01:35:02,832 --> 01:35:04,291
- ස්වාමි, වටපිට බලන්න.
- හරි, ස්වාමි.

1390
01:35:14,207 --> 01:35:15,791
ස්වාමි, කවුරුහරි දැක්කද?

1391
01:35:15,875 --> 01:35:17,291
ස්වාමි, මෙහෙ කවුරුත් නැහැ.

1392
01:35:17,957 --> 01:35:19,916
ගුරු ස්වාමි! ගුරු ස්වාමි!

1393
01:35:21,875 --> 01:35:22,875
ගුරු ස්වාමි!

1394
01:35:22,916 --> 01:35:25,750
වේල්ල ළඟ නුග ගහ ගාව පඳුරුවල තිබිලා
ගැහැණු ළමයෙක්ගෙ මිනියක් හම්බවෙලා.

1395
01:35:27,375 --> 01:35:28,832
දර කඩන්න ගිය අය තමයි අපිට කිව්වෙ.

1396
01:35:33,375 --> 01:35:34,416
ඒයි, අර පැත්තෙද?

1397
01:35:34,707 --> 01:35:35,707
මෙන්න මෙහෙ!

1398
01:35:36,000 --> 01:35:38,332
- එන්න ඉක්මනට!
- යමු.

1399
01:35:47,041 --> 01:35:48,250
අර පඳුරු අස්සෙ, ගුරු ස්වාමි.

1400
01:36:01,166 --> 01:36:02,166
ගුරු ස්වාමි

1401
01:36:04,082 --> 01:36:05,916
අපේ ගායත්‍රී නම් වෙන්න බැහැ.

1402
01:36:06,750 --> 01:36:08,541
කවුද කියලා බලනකල් දන්නෙ නැහැනෙ.

1403
01:36:09,707 --> 01:36:10,832
බය නැතුව බලන්න.

1404
01:36:17,250 --> 01:36:18,332
අනේ දෙයියනේ!

1405
01:36:34,375 --> 01:36:37,125
ගුරු ස්වාමි… මේ අපේ ගායත්‍රී නෙවෙයි නේද?

1406
01:36:37,500 --> 01:36:39,041
ගුරු ස්වාමි… මේ ගායත්‍රී නෙවෙයි නේද?

1407
01:36:42,000 --> 01:36:43,582
මේ මණිකණ්ඨ, පුතේ.

1408
01:36:45,082 --> 01:36:47,750
- ආ?
- මනම්මා

1409
01:38:07,125 --> 01:38:08,125
ගුරු ස්වාමි!

1410
01:38:10,832 --> 01:38:13,332
කවුද ඒ? අපේ ගායත්‍රී නෙවෙයි නේද?

1411
01:38:14,582 --> 01:38:16,082
මම පහළට එනවා, ස්වාමි.

1412
01:38:21,082 --> 01:38:22,582
ස්වාමි, මේ ගායත්‍රී නෙවෙයි නේද?

1413
01:38:24,375 --> 01:38:26,791
ඇයි හැමෝම ගොළු වෙලා වගේ බලාගෙන ඉන්නෙ?

1414
01:38:34,291 --> 01:38:35,291
කවුද ස්වාමි ඒ?

1415
01:38:36,207 --> 01:38:39,332
මේ අපේ ගායත්‍රී නෙවෙයි නේද?
එයා හොඳින් ඉන්නවා නේද?

1416
01:38:42,832 --> 01:38:44,000
ඇයි කතා නැත්තෙ, ස්වාමි?

1417
01:38:49,375 --> 01:38:52,375
අම්මේ, මේ ගායත්‍රී නෙවෙයි නේද? කියන්නකො!

1418
01:38:58,125 --> 01:39:00,082
අපේ… මනම්මා.

1419
01:39:18,500 --> 01:39:19,875
මේ මනම්මා!

1420
01:39:40,582 --> 01:39:41,582
ත්‍රිනාද්!

1421
01:40:05,500 --> 01:40:07,625
ස්වාමි, ගායත්‍රී ගෙදර ඇවිත්.

1422
01:40:08,250 --> 01:40:10,666
ඊයෙ හවස එයා පන්ති කාමරේ කලන්තෙ දාලා වැටිලා,

1423
01:40:10,832 --> 01:40:13,957
මුරකාරයා දැක්කෙ නැතුව කාමරේ වහලා.
දැන් එයාට හොඳයි.

1424
01:40:22,250 --> 01:40:24,875
ගුරු ස්වාමි… දැන් මේ බාරය කැඩුවොත්,

1425
01:40:25,207 --> 01:40:27,957
හෙට තියෙන ඉරුමුඩි පූජාව නතර කරන්න වෙනවා.

1426
01:40:28,541 --> 01:40:29,707
අපි මොකද කරන්නෙ?

1427
01:40:30,750 --> 01:40:32,791
එතන ළමයෙක් මැරිලා ඉන්නවා.

1428
01:40:34,957 --> 01:40:37,332
ඒ දෙමව්පියන්ව සනසන්නෙ කවුද?

1429
01:40:38,916 --> 01:40:40,250
මට සමාවෙන්න, ස්වාමි.

1430
01:40:42,207 --> 01:40:44,500
වෙන කොහෙන්හරි තව ගුරු ස්වාමි කෙනෙක්ව ගෙන්නගන්න.

1431
01:41:04,582 --> 01:41:08,082
එයාට ඔයාට මොකක්ද කියන්න ඕනෙ වුණා.
එයා ඔයාට කතා කර කර හිටියෙ.

1432
01:41:09,000 --> 01:41:12,625
එයාට ඔයාට මොකක්ද කියන්න ඕනෙ වුණා.
එයා ඔයාට කතා කර කර හිටියෙ.

1433
01:41:19,207 --> 01:41:21,082
අයියා ඉන්නෙ කෝවිල හන්දියෙ.

1434
01:41:26,625 --> 01:41:27,625
ත්‍රිනාද්

1435
01:41:28,707 --> 01:41:31,500
- ඔයා මොකද කරන්නෙ?
- කාවේරි, මනම්මා ඇහැරිලාද?

1436
01:41:33,166 --> 01:41:35,916
මනම්මා දැන් අපි ළඟ නැහැ.

1437
01:41:36,791 --> 01:41:39,375
- අවසාන කටයුතු…
- ඔයා මොනවද මේ කියවන්නෙ, කාවේරි?

1438
01:41:39,750 --> 01:41:40,957
නරක හීනයක්වත් දැක්කද?

1439
01:41:41,291 --> 01:41:43,707
එයා මට කතා කර කරම
නිදාගත්තා කියලා නේද ඔයා කිව්වෙ?

1440
01:41:44,166 --> 01:41:46,582
අහිංසක දරුවා, මට මොනවා
කියන්න හදන්න ඇතිද මන්දා.

1441
01:41:47,166 --> 01:41:49,832
මම එයා ළඟ හිටියෙ නැහැනෙ.
එයා ඇහැරුණාම මට කියයි.

1442
01:41:52,582 --> 01:41:53,582
ගුරු ස්වාමි

1443
01:41:54,207 --> 01:41:57,500
එළිවෙන්න කලින් අවසන් කටයුතු කරන්න ඕනෙ.
නැත්නම් ගමට අපලයි.

1444
01:41:57,625 --> 01:42:00,291
ඔයා අවසර දෙනවා නම්,
අපි වැඩකටයුතු පටන් ගන්නම්.

1445
01:42:00,375 --> 01:42:03,375
මගෙ දුව නිදි කියලා මම කිව්වා නේද?
කවුරුත් එයා ළඟට යන්න එපා.

1446
01:42:03,750 --> 01:42:05,375
ගුරු ස්වාමි, හැමෝටම යන්න කියන්න.

1447
01:42:05,875 --> 01:42:09,291
- මේ සූරි, මෙහෙ වරෙන්. මෙහෙ වරෙන්!
- අයියේ?

1448
01:42:09,957 --> 01:42:13,207
මේ, අවටින් කිසිම සද්දයක් මට ඇහෙන්න බැහැ.

1449
01:42:13,291 --> 01:42:14,332
තේරුණාද? පලයන්.

1450
01:42:19,207 --> 01:42:20,207
අයියේ!

1451
01:42:20,791 --> 01:42:23,250
මල්ලි, කෝවිල හන්දිය ගාවදි හෝන් ගහන්න එපා.

1452
01:42:23,500 --> 01:42:25,666
- ඒක කියන්න තමුසෙ කවුද?
- අයියේ

1453
01:42:27,832 --> 01:42:28,916
ඒයි! තමුසෙ කවුද ඕයි?

1454
01:42:30,332 --> 01:42:32,291
මම කෙනෙක්ව එවලා කිව්වා නේද,

1455
01:42:32,750 --> 01:42:35,666
මගෙ දුවට උණ හැදිලා ඉන්නෙ,
හෝන් ගහන්න එපා කියලා?

1456
01:42:36,750 --> 01:42:38,041
- තමුසෙලා කොහෙන්ද?
- චින්තූර් වලින්, සර්.

1457
01:42:38,416 --> 01:42:40,166
- පොල්ලූරුවලට ආවෙ මොකටද?
- අපි ආවෙ වැලි ගෙනියන්න.

1458
01:42:40,791 --> 01:42:41,791
වාහනේ ලියකියවිලි පෙන්නනවා.

1459
01:42:49,832 --> 01:42:52,750
- සූරි! එක වාහනයක්වත් මෙහෙන් යන්න දෙන්න එපා.
- හරි අයියේ!

1460
01:42:52,832 --> 01:42:54,750
ගමට එන ඕනෙම අලුත් කෙනෙක් ගැන,

1461
01:42:54,916 --> 01:42:56,707
ඒ කවුද, මොකටද ආවෙ කියලා මට දැනගන්න ඕනෙ.

1462
01:42:56,791 --> 01:42:57,791
තේරුණා අයියේ.

1463
01:43:04,582 --> 01:43:07,541
මේ අප්පු, ත්‍රිනාද් මාව හොයනවා ඇති.

1464
01:43:07,666 --> 01:43:08,750
එළියට යන්න එපා.

1465
01:43:09,250 --> 01:43:11,666
ටවුන් එකේ තියෙන අපේ බාර් එක වහලා
මෙහෙන් මාරු වෙයන්.

1466
01:43:14,791 --> 01:43:17,041
මම දවස් තුනකට පස්සෙ
එළියට ඇවිත් උඹට කතා කරන්නම්.

1467
01:43:51,666 --> 01:43:54,625
මේ එර්රාජි! එර්රාජි!

1468
01:44:06,500 --> 01:44:08,166
එර්රාජි වයින් ෂොප්

1469
01:44:10,916 --> 01:44:13,832
එර්රාජිද? එයා දවස් දෙකකින්
ටවුන් එක පැත්තෙ දකින්න නැහැ.

1470
01:44:15,291 --> 01:44:18,457
මොන අපරාධයක්ද!
පොඩි කෙල්ලෙක්ටවත් අනුකම්පා කරලා නැහැ.

1471
01:44:18,916 --> 01:44:20,916
මේක කරපු එකාට නම් හොඳක් වෙන්නෙ නැහැ!

1472
01:45:11,916 --> 01:45:13,291
මාව දැකලා ඇයි දිව්වෙ?

1473
01:45:14,375 --> 01:45:16,416
- කියපන්!
- අපි ගායත්‍රීට කරදරයක් කළේ නැහැ.

1474
01:45:18,332 --> 01:45:19,332
ගායත්‍රී?

1475
01:45:19,791 --> 01:45:22,791
උඹලා එයාට මොනවා කරන්නද හැදුවෙ? කියපන්!

1476
01:45:22,875 --> 01:45:26,207
එදා රෑ… ගායත්‍රී පාලම උඩ තනියම හිටපු නිසා
අපි එයා ළඟට ගියා.

1477
01:45:30,707 --> 01:45:33,875
ඒ වෙලාවෙම සුදු කාර් එකක් නතර කළා.
ඒ ආවෙ මන්ත්‍රීතුමා.

1478
01:45:34,457 --> 01:45:36,332
කවුද උඹලා? මෙහෙ මොකද කරන්නෙ?

1479
01:45:38,416 --> 01:45:40,916
ගායත්‍රී! ඔයා මොකද මෙහෙ කරන්නෙ?

1480
01:45:41,250 --> 01:45:43,875
බාබු පෙට්‍රල් ගේන්න ගියා, සර්.

1481
01:45:44,750 --> 01:45:47,000
මේ කලුවරේ කෙල්ලෙක්ව තනියම දාලා යන්නෙ කොහොමද?

1482
01:45:47,666 --> 01:45:48,666
මෙහාට එන්න.

1483
01:45:48,916 --> 01:45:52,041
ගායත්‍රීව ගෙදරට ගිහින් දාන්නම් කියලා
එයාව කාර් එකේ දාගෙන ගියා.

1484
01:45:52,666 --> 01:45:54,791
අපි මුකුත් කළේ නැහැ. ඇත්තටම කළේ නැහැ!

1485
01:45:56,791 --> 01:45:57,791
මන්ත්‍රීතුමා?

1486
01:45:58,207 --> 01:46:00,125
ඔයාට ආරාධනා කරන්න කියලා ගුරු ස්වාමි මාව එව්වා.

1487
01:46:00,666 --> 01:46:03,000
හදිසි වැඩකට මම බෙජවාඩා යනවා.

1488
01:46:03,916 --> 01:46:05,457
දවස් දෙකක් මම මෙහෙ නැහැ.

1489
01:46:06,207 --> 01:46:08,000
මම ඉරුමුඩි පූජාව වෙලාවට එන්නම්.

1490
01:46:11,707 --> 01:46:13,916
එයා ගමේ ඉන්නෙ නැත්නම්,

1491
01:46:14,375 --> 01:46:16,791
මන්ත්‍රීතුමා එදා ගායත්‍රීව කාර් එකේ දාගත්තෙ ඇයි?

1492
01:46:26,791 --> 01:46:27,791
මොකද වුණේ, අයියේ?

1493
01:46:28,582 --> 01:46:29,582
ආරංචියක් ලැබුණද?

1494
01:46:31,541 --> 01:46:32,541
ෆෝන් එක හැදුවා, අයියේ.

1495
01:46:33,250 --> 01:46:34,791
අක්කට කෝල් එකක් ගන්න.

1496
01:46:35,916 --> 01:46:39,707
අයියා මෙහෙම ඉන්නවා දකිද්දි මට බයයි.
ටිකක් බීලා හිතේ තියෙන දුක අඬලා දාන්න.

1497
01:46:45,207 --> 01:46:46,875
මම අක්කා ළඟින් ඉන්නම්.

1498
01:46:54,457 --> 01:46:56,457
තාත්තේ, ඔයා කවද්ද ගෙදර එන්නෙ?

1499
01:46:57,166 --> 01:46:59,666
ඔයා නැතුව මට නින්ද යන්නෙ නැහැ.

1500
01:47:00,916 --> 01:47:04,332
මට මේ කාමරේ තනියම ඉන්න බැහැ.

1501
01:47:05,082 --> 01:47:06,791
අනේ ගෙදර එන්න, තාත්තේ.

1502
01:47:13,916 --> 01:47:14,916
තාත්තා!

1503
01:47:23,832 --> 01:47:24,832
තාත්තා!

1504
01:48:04,875 --> 01:48:05,916
ඔයා කොහේද ඉන්නෙ?

1505
01:48:06,500 --> 01:48:07,500
ගුරු ස්වාමි.

1506
01:48:08,375 --> 01:48:09,832
මට හොඳටම බඩගිනියි, ගුරු ස්වාමි.

1507
01:48:10,541 --> 01:48:12,375
වේල්ල ගාවට මට මොනවාහරි
කන්න අරන් එන්න පුළුවන්ද?

1508
01:48:18,791 --> 01:48:19,791
මම එනවා.

1509
01:48:22,291 --> 01:48:24,000
මම ඔයාව හැමතැනම හෙව්වා.

1510
01:48:31,916 --> 01:48:34,957
දුවගෙ මිනිය ගෙදර තියාගෙන,
ඔයා කෑම ගැන හිතනවද?

1511
01:48:35,875 --> 01:48:37,416
ඔයාට තියෙන්නෙ ගල් හිතක්, ත්‍රිනාද්.

1512
01:48:40,166 --> 01:48:42,625
අහිංසක කාවේරි ගැන මට දුකයි.

1513
01:48:43,625 --> 01:48:45,166
එයා වතුර පොදක්වත් බීලා නැහැ.

1514
01:49:09,957 --> 01:49:12,875
මගෙ දුව මට හැමදේම කිව්වා, ගුරු ස්වාමි.

1515
01:49:14,082 --> 01:49:15,125
එයා මොනවද කිව්වෙ?

1516
01:49:24,832 --> 01:49:26,916
තාත්තා. ගුරු ස්වාමි මාමා

1517
01:49:27,582 --> 01:49:29,000
එයා මාව මරන්න හදනවා, තාත්තේ.

1518
01:49:29,500 --> 01:49:30,625
එයා මාව මරන්න හදනවා.

1519
01:49:39,375 --> 01:49:43,082
අන්තිම වතාවට මගෙ නෝනවත්
ගායත්‍රීවත් බලන්න මට ඉඩදෙන්න.

1520
01:50:01,041 --> 01:50:03,375
තමුසෙ මගෙ දුවට මොකක්ද කළේ, ගෝපරාජු?

1521
01:50:05,041 --> 01:50:07,166
- ස්වාමියේ!
- එදා භජන් පූජාව වෙලාවෙ,

1522
01:50:07,582 --> 01:50:09,041
- මට ආපු කෝල් එක නෝනගෙන් නෙවෙයි.
- ශරණම් අයියප්පා!

1523
01:50:13,957 --> 01:50:16,291
- ස්වාමි?
- මම, මන්ත්‍රීතුමා.

1524
01:50:17,000 --> 01:50:18,750
දැන්ම ටීචර්ගේ ගෙදරට එන්න.

1525
01:50:20,082 --> 01:50:21,332
මම ඉන්නෙ පූජාවෙ, ස්වාමි.

1526
01:50:21,750 --> 01:50:24,250
හදිසි වැඩක්! ඉක්මනට එන්න.

1527
01:50:24,957 --> 01:50:25,957
හරි!

1528
01:50:26,750 --> 01:50:30,707
මන්ත්‍රීතුමාට මාව ටීචර්ගේ ගෙදරට ඕනෙ මොකටද කියලා
හිත හිතාම මම ඉක්මනට එහෙ ගියා.

1529
01:50:32,457 --> 01:50:33,457
බුජ්ජි මහත්තයා?

1530
01:50:38,000 --> 01:50:39,000
ගායත්‍රී, දුවේ?

1531
01:50:40,457 --> 01:50:41,457
ගායත්‍රී!

1532
01:50:42,791 --> 01:50:45,541
- තාත්තා!
- මොකද වුණේ, දුවේ?

1533
01:50:52,791 --> 01:50:56,791
බුජ්ජි මහත්තයා, මගෙ දුවට මොකද වුණේ? ටීචර්!

1534
01:50:57,125 --> 01:50:59,875
දැන් අහන්න ලැබෙන දේට
ඔයාට පිළිකුල් හිතෙයි, ගුරු ස්වාමි.

1535
01:51:00,625 --> 01:51:02,332
හැබැයි දැන් ඇත්ත කියන්න වෙලාව හරි.

1536
01:51:05,082 --> 01:51:06,750
මට දුර්වලකමක් තියෙනවා.

1537
01:51:07,416 --> 01:51:08,625
ඉස්කෝලෙ යන ගෑනු ළමයි ගැන.

1538
01:51:17,125 --> 01:51:19,375
මට ඔයාගෙ දුව ගැනත් එහෙම ආසාවක් ඇතිවුණා.

1539
01:51:20,916 --> 01:51:24,875
මම අලුත් කෙල්ලෙක්ව හොයාගන්න
සාමාන්‍ය විදියට ඉස්කෝලෙ පරීක්ෂාවට ගියා.

1540
01:51:25,291 --> 01:51:27,250
- එහෙනම් ගිහින් එන්න, ළමයි!
- බායි, සර්.

1541
01:51:27,332 --> 01:51:29,500
- සර්! සර්! සර්!
- ඔව්?

1542
01:51:30,541 --> 01:51:33,041
ගමට බස් එකක් ලෑස්ති කරලා දුන්නට
ගොඩක් ස්තූතියි, සර්.

1543
01:51:33,166 --> 01:51:35,791
- මම ඔයාව කොහේදිහරි දැකලා තියෙනවා නේද?
- ඒ ගායත්‍රී.

1544
01:51:36,457 --> 01:51:38,875
අද රෑ "විශේෂ පන්තිය" තියෙන්නෙ එයා එක්ක.

1545
01:51:39,500 --> 01:51:42,332
ඔයා මේ ඉස්කෝලෙ ඉන්නකල්,
මම ගොඩක් සතුටින් ඉඳියි.

1546
01:51:42,750 --> 01:51:45,416
මගෙ වැඩ තහනම අයින් කළාට ස්තූතියි.

1547
01:51:46,500 --> 01:51:51,250
ඉස්කෝලෙ අලුත් ගොඩනැගිල්ලෙ ප්‍රතිපාදන වලින්
ඔයාට සියයට තිහක කොමිස් එකක් ලැබෙයි.

1548
01:51:54,791 --> 01:51:56,082
- බාබු!
- මැඩම්.

1549
01:51:56,291 --> 01:51:57,416
- මාව අතහරින්න, මැඩම්!
- ගායත්‍රී!

1550
01:51:57,500 --> 01:51:59,541
- මම කියන දේ අහන්න.
- අතහරින්න! මම දෙමව්පියන්ට කියනවා!

1551
01:51:59,666 --> 01:52:01,500
මම කියන දේ කළේ නැත්නම්,

1552
01:52:02,207 --> 01:52:04,000
ඔයාට හෝල් ටිකට් එක නොලැබෙන්න මම බලාගන්නම්.

1553
01:52:04,582 --> 01:52:06,041
එයාව බය කරන්න එපා, ටීචර්.

1554
01:52:10,000 --> 01:52:13,457
ටීචර්, පොඩි ළමයෙක්ට මෙහෙම කරන්නෙ කොහොමද?

1555
01:52:14,832 --> 01:52:18,332
ඒ වෙලාවෙම ත්‍රිනාද් ටීචර්ගේ ගෙදරට ආවා.

1556
01:52:18,707 --> 01:52:19,582
කවුද ඒ?

1557
01:52:19,666 --> 01:52:24,750
මම ඇතුළෙ ඉන්න බව එයා දැනගෙන හිටියෙ නැහැ.
ගායත්‍රීත් එයාට කිව්වෙ නැහැ.

1558
01:52:29,957 --> 01:52:32,500
පුරුදු විදියටම, මම එයා එක්ක ටික වෙලාවක් ඉඳලා

1559
01:52:32,625 --> 01:52:33,832
එයාව ආපහු යැව්වා.

1560
01:52:35,250 --> 01:52:37,291
හැබැයි මට පාරෙදි ආයෙත් එයාව හම්බවුණා.

1561
01:52:38,625 --> 01:52:41,791
කවුද උඹලා? මෙහෙ මොකද කරන්නෙ?

1562
01:52:42,875 --> 01:52:45,332
ගායත්‍රී, දුවේ. මෙහාට එන්න.

1563
01:52:55,041 --> 01:52:56,375
ඒ වෙලාවෙම තමයි,

1564
01:52:57,332 --> 01:52:59,291
මුළු දේම අවුල් ජාලයක් වුණේ, ගුරු ස්වාමි.

1565
01:53:00,791 --> 01:53:02,707
මණිකණ්ඨ, එපා.

1566
01:53:03,375 --> 01:53:05,082
- මට බයයි.
- එන්න අක්කේ.

1567
01:53:05,207 --> 01:53:07,041
අපි ගායත්‍රීව මෙහෙන් එක්කන් යමු.

1568
01:53:08,000 --> 01:53:10,416
- මණිකණ්ඨ, ඉන්න. මම කියන දේ අහන්න.
- එන්න අක්කේ යන්න.

1569
01:53:11,125 --> 01:53:12,125
මණිකණ්ඨ!

1570
01:53:19,875 --> 01:53:22,082
- එක පාරක්. තව එකම එක පාරක්.
- අනේ සර්! මාව අතහරින්න!

1571
01:53:23,500 --> 01:53:24,500
ඒයි!

1572
01:53:28,332 --> 01:53:29,832
මණිකණ්ඨ, ඉක්මන් කරන්න.

1573
01:53:30,582 --> 01:53:32,291
ඒයි! ඒයි! ඒයි! නතර වෙයව්!

1574
01:53:34,041 --> 01:53:36,707
- ඒයි, කවුද ඒ?
- ඒ ත්‍රිනාද්ගේ දුව, සර්.

1575
01:53:36,791 --> 01:53:38,582
- එයා තාත්තට හැමදේම කියයි.
- අල්ලගනින් එයාව!

1576
01:53:45,625 --> 01:53:49,207
මණිකණ්ඨ එයාගෙ තාත්තට
හැමදේම කිව්වොත් මොකද වෙන්නෙ?

1577
01:53:50,457 --> 01:53:52,625
මගෙ අවුරුදු තිහක දේශපාලන ජීවිතේම
විනාශ වෙලා යයි.

1578
01:53:52,707 --> 01:53:55,457
ඒයි! තෝ තිරිසනෙක්!

1579
01:53:57,332 --> 01:53:59,041
මගෙ දුව තාම පොඩි කෙල්ලෙක්!

1580
01:54:00,416 --> 01:54:04,957
- ඔයා කොහොමද එයාගෙ ජීවිතේ මේ විදියට විනාශ කරන්නෙ?
- ගුරු ස්වාමි!

1581
01:54:07,791 --> 01:54:09,957
ඔයා මේක වැරදියට තේරුම් අරන් තියෙන්නෙ.

1582
01:54:11,291 --> 01:54:13,957
මම දැනට කොච්චර කෙල්ලෝ එක්කද ඉඳලා ඇති.

1583
01:54:15,375 --> 01:54:19,166
මට ඇහුම්කන් නොදුන් හතරදෙනාවම විතරයි මම මැරුවේ.

1584
01:54:22,416 --> 01:54:25,416
ප්‍රශ්නයක් තියෙනවද?
ඒක ඔයාගෙම තියාගන්න. කාටවත් කියන්න එපා.

1585
01:54:27,875 --> 01:54:29,541
මගේ ලිස්ට් එකේ ඊළඟ කෙල්ල

1586
01:54:31,375 --> 01:54:35,082
එරාජිගේ දුව. මගේ අදහස්... නාගුලුගේ නංගි.

1587
01:54:36,957 --> 01:54:39,750
ඇය වනේදී අයියට මුණගැහිලා හැමදේම කිව්වා.

1588
01:54:40,875 --> 01:54:44,041
- මම එයාගේ නංගිත් එක්ක සෙට් වෙනවා කියලා එයා දැනගත්තා.
- ටීචර්, පිටතට එන්න.

1589
01:54:44,875 --> 01:54:48,041
නාගුලු ටීචර්ට මුහුණ දීලා
තර්ජනය කරාම මම හරිම තරහ ගියා.

1590
01:54:48,916 --> 01:54:53,416
ඒකයි මම එයාව මරන්න දීලා
ත්‍රිනාද්ට චෝදනාව දාන්න හැදුවේ.

1591
01:54:58,957 --> 01:55:00,582
ගායත්‍රී අනිත් අයගේ වගේ නෙමෙයි.
ඇය හොඳ කෙල්ලක්.

1592
01:55:00,791 --> 01:55:03,791
මම හිතාගෙන හිටියේ ඇයව යවන්න,
මේ අවුල වෙනකන්. ටීචර්, එයාට කියන්න.

1593
01:55:07,291 --> 01:55:08,291
ගුරු ස්වාමි.

1594
01:55:08,957 --> 01:55:11,832
ඕකේ ගොඩක් හිතන්න යන්නෙපා, මානිකාන්තව මෙහෙ ගේන්න.

1595
01:55:13,500 --> 01:55:16,541
අපි ඇයට තදින් අනතුරු අඟවලා ගෙදර යවමු.

1596
01:55:17,750 --> 01:55:19,500
ඇයි ගුරු ස්වාමි, ඔයා පැකිලෙන්නේ?

1597
01:55:22,832 --> 01:55:26,416
එක ක්ලික් එකකින් ඔයාගේ දුවගේ ජීවිතේ විනාශ වෙනවා.

1598
01:55:39,875 --> 01:55:43,000
ලක්ෂ්මම්මා! ලක්ෂ්මම්මා!

1599
01:55:44,457 --> 01:55:47,166
- මොකද්ද?
- මනම්මට බඩේ රිදෙනවා.

1600
01:55:47,332 --> 01:55:49,457
- ඔයාගේ ළඟ උළුහාල් තියෙනවද?
- ඔව්, මම ගෙනත් දෙන්නම්.

1601
01:55:49,791 --> 01:55:50,791
ගායත්‍රී කොහෙද?

1602
01:55:53,250 --> 01:55:54,250
අන්කල්!

1603
01:55:56,041 --> 01:55:57,916
ඒ එම්එල්ඒ හොඳ මනුස්සයෙක් නෙමෙයි, අන්කල්.

1604
01:55:58,041 --> 01:56:00,707
ඒගොල්ලෝ ටීචර්ගේ ගෙදර ගායත්‍රීව හිංසා කරනවා.

1605
01:56:00,875 --> 01:56:02,291
සෝව්ජිත් මමත් ඒක අපේ ඇහින්ම දැක්කා.

1606
01:56:03,666 --> 01:56:05,832
- ඒක ඇත්තද?
- ඔව්.

1607
01:56:06,125 --> 01:56:08,791
එන්න, අපි ගිහින් ගායත්‍රීව අරගෙන එමු.

1608
01:56:17,291 --> 01:56:20,207
අන්කල්, ඇයි මෙතන නැවතුවේ?

1609
01:56:21,916 --> 01:56:23,541
ඔයාගේ පොරොන්දුව කැඩුවද?

1610
01:56:51,916 --> 01:56:54,500
ඔයා දැක්ක දේ කාටහරි කිව්වද, දුවේ?

1611
01:56:56,541 --> 01:56:57,541
එයා කිව්වේ නෑ, සර්.

1612
01:56:58,416 --> 01:57:00,207
එයා එකක්වත් කියන්නේ නෑ. මම පොරොන්දු වෙනවා.

1613
01:57:00,707 --> 01:57:02,332
මට එයාව විශ්වාස නෑ, ගුරු ස්වාමි.

1614
01:57:02,416 --> 01:57:05,582
ඔයාට ඕන නම්, මම එයාට පොරොන්දු කරවන්නම්, සර්. දුවේ!

1615
01:57:06,791 --> 01:57:10,000
ගායත්‍රීට වුණ දේ ගැන ඔයාගේ තාත්තට කියන්න එපා.

1616
01:57:10,957 --> 01:57:14,332
- මම එයාට කියනවා, අන්කල්!
- එයා කියයි, ගුරු ස්වාමි.

1617
01:57:15,207 --> 01:57:18,332
මොකද ඔයාව හදාගත්ත විදිහ එයාගේ තාත්තගෙන් වෙනස්.

1618
01:57:20,291 --> 01:57:22,957
මම පිටතින් ඉන්නම්. එයාව ඉවර කරන්න.

1619
01:57:31,582 --> 01:57:32,582
සර්

1620
01:57:42,750 --> 01:57:43,875
මට මේක කරන්න බෑ.

1621
01:57:44,875 --> 01:57:47,166
මට එයාව මටම මරන්න පුළුවන්, ගුරු ස්වාමි.

1622
01:57:48,291 --> 01:57:50,916
ඒත් එතකොට මම වැරැද්දේ පැටලෙනවා,
ඔයා නම් නිදහසේ ඉන්නවා.

1623
01:57:52,250 --> 01:57:53,791
රාත්‍රියේ මට නින්දක් නෑ.

1624
01:57:56,082 --> 01:57:57,666
ඔයාට වෙන විකල්පයක් නෑ, ගුරු ස්වාමි.

1625
01:57:58,791 --> 01:58:01,332
එයාගේ දුවද, ඔයාගේ දුවද?

1626
01:58:13,457 --> 01:58:15,457
මොකද වුණේ, අන්කල්?

1627
01:58:16,291 --> 01:58:17,291
දුවේ.

1628
01:58:17,541 --> 01:58:22,875
ගායත්‍රීගේ අසභ්‍ය වීඩියෝ ඒගොල්ලන් ළඟ තියෙනවා.

1629
01:58:23,875 --> 01:58:25,041
ඒ වීඩියෝ ලීක් වුණොත්

1630
01:58:26,457 --> 01:58:30,625
එයාගේ ගෞරවය විතරක් නෙමෙයි,
අපේ ජීවිතත් නැති වෙනවා.

1631
01:58:31,791 --> 01:58:35,332
- ඔයාගේ තාත්තට කියන්න එපා.
- මම කියනවා, අන්කල්.

1632
01:58:36,041 --> 01:58:40,166
එයා ගැනත් ඒ ටීචර් ගැනත්
මම තාත්තට හැමදේම කියනවා.

1633
01:58:41,207 --> 01:58:42,625
අහෝ ගායත්‍රී!

1634
01:58:43,291 --> 01:58:46,166
එයා ගොඩක් බය වුණා, කාටවත් කියන්නවත් බැරි වුණා.

1635
01:58:46,541 --> 01:58:50,082
- ඒත් මම නම් අනිවාර්යයෙන් තාත්තට කියනවා.
- එපා, ප්ලීස්!

1636
01:58:50,791 --> 01:58:54,125
- මට ඇහුම්කන් දෙන්න, තාත්තට කියන්න එපා.
- මම කියනවා.

1637
01:58:54,332 --> 01:58:57,957
- මම ඔයාගේ පාවහන් ළඟ ඇඬලා ඉල්ලනවා. කියන්න එපා!
- මම කියනවා, අන්කල්.

1638
01:58:58,041 --> 01:58:59,582
- ප්ලීස් එපා.
- මම කියනවා.

1639
01:59:00,500 --> 01:59:04,750
මගේ දුවගේ ජීවිතේ විනාශ වෙනවා.
ප්ලීස් එයාට කියන්න එපා.

1640
01:59:04,832 --> 01:59:06,957
- මම තාත්තට කියනවා! මම...
- කියන්න එපා දුවේ. ප්ලීස් එපා.

1641
01:59:07,250 --> 01:59:08,375
- එපා!
- මම කියනවා

1642
01:59:31,000 --> 01:59:32,375
මට වෙන විකල්පයක් තිබුණේ නෑ

1643
01:59:33,707 --> 01:59:35,207
මගේ දුවගේ තත්ත්වේ හිතලා

1644
01:59:36,666 --> 01:59:39,250
මම ඔයාගේ දුවව මගේම දුවක් වගේ
ආදරේ කළා, ගෝපරාජු.

1645
01:59:40,082 --> 01:59:42,250
ඒත් ඔයා නම් කළේ නෑ.

1646
01:59:42,625 --> 01:59:43,832
මම ඇයි කරන්න ඕනේ?

1647
01:59:44,666 --> 01:59:45,666
මම ඇයි කරන්න ඕනේ?

1648
01:59:47,082 --> 01:59:50,291
ඔයා එයාව දුවක් වගේවත් හදාගත්තද?

1649
01:59:51,750 --> 01:59:55,957
"තාත්තට හැමදේම කියන්න!" කියලා
කාලයක් පුරාම කියලා ඔයාම එයාව නරක් කළා.

1650
01:59:56,625 --> 01:59:57,625
ඕයි!

1651
01:59:58,291 --> 02:00:00,791
මම මගෙ දුවට කටවහගෙන ඉන්න
කියලා දීලා එයාව බේරගත්තා.

1652
02:00:02,125 --> 02:00:04,707
හැබැයි තමුසෙ දුවට කතා කරන්න කියලා දීලා
එයාව මරවගත්තා.

1653
02:00:08,375 --> 02:00:11,332
ගැහැණු ළමයෙක්ව හදද්දි, පොඩි බයක් තියෙන්න ඕනෙ.

1654
02:00:12,957 --> 02:00:14,791
තමුසෙටවත් ඒකිටවත් ඒ බය තිබ්බෙ නැහැ!

1655
02:00:16,416 --> 02:00:17,416
ඒකයි

1656
02:00:18,625 --> 02:00:19,875
ඒකිට ජීවිතෙන් වන්දි ගෙවන්න වුණේ.

1657
02:00:25,166 --> 02:00:27,707
ගම් ගණන්වල මිනිස්සු
මගෙ කකුල් දෙක ළඟ වැඳ වැටෙනවා.

1658
02:00:29,000 --> 02:00:30,832
ඒත් මම තමුසෙගෙ දුවගෙ කකුල් දෙක අල්ලලා වැන්දා!

1659
02:00:33,916 --> 02:00:35,207
ඒකි මගෙ කීම ඇහුවෙ නැහැ.

1660
02:00:39,625 --> 02:00:41,582
මම ඒකිගෙ බෙල්ල මිරිකලා මරද්දිත්,

1661
02:00:42,500 --> 02:00:46,332
ඒකි කිව්වෙ එකම දේ.
"මම තාත්තට කියනවා! තාත්තට කියනවා! මම"

1662
02:00:50,500 --> 02:00:51,500
මේ, ත්‍රිනාද්

1663
02:01:05,791 --> 02:01:09,541
දැන් ඉවරයි. තව පොඩ්ඩක් ඉවසපන්.

1664
02:01:10,791 --> 02:01:14,957
දුවෙක්ව හදනවා කියන්නෙ හිතට
බය දාන එක නෙවෙයි, ගෝපරාජු.

1665
02:01:15,625 --> 02:01:18,041
බය නැතුව කෙලින් කතා කරන්න හයිය දෙන එක.

1666
02:01:25,707 --> 02:01:26,707
තාත්තා!

1667
02:01:27,166 --> 02:01:30,082
ගුරු ස්වාමි මාමා මාව මරන්න හදනවා.

1668
02:01:30,500 --> 02:01:31,625
එයා මාව මරනවා!

1669
02:02:07,916 --> 02:02:08,916
කාවේරි!

1670
02:02:11,291 --> 02:02:12,291
කාවේරි!

1671
02:02:24,875 --> 02:02:27,000
එයාලා ඔයාගෙ දුවව ෆ්‍රීසර් එකක දාලා!

1672
02:02:28,457 --> 02:02:29,875
මට මේක තවත් බලාගෙන ඉන්න බැහැ.

1673
02:02:31,416 --> 02:02:34,500
එයා දිහා බලන්නකො. අතහැරලා දාපු මිනියක් වගෙ

1674
02:02:38,457 --> 02:02:39,707
තව එකම එක රෑයි, කාවේරි.

1675
02:02:40,500 --> 02:02:41,750
මට කරන්න තව අන්තිම වැඩක් තියෙනවා.

1676
02:02:42,207 --> 02:02:43,207
ඒක ඉවර වුණාම,

1677
02:02:43,750 --> 02:02:47,291
හෙට උදේට මම මගෙ දුවගෙ
නැවුම් නෑමේ චාරිත්‍රය කරනවා.

1678
02:02:48,791 --> 02:02:50,291
නාවන චාරිත්‍රය?

1679
02:02:51,250 --> 02:02:52,250
ඔයා මම ගැන දන්නවනෙ.

1680
02:02:52,957 --> 02:02:56,250
දුව වෙනුවෙන් කරන හැමදේම
මම කරන්නෙ දෙවියන්ට වගේ.

1681
02:03:45,125 --> 02:03:47,041
මේ මහ රෑ මොකද, ටීචර්?

1682
02:03:47,625 --> 02:03:49,000
ඔයා සෞජන්‍යාව දන්නවනෙ?

1683
02:03:49,332 --> 02:03:51,500
- ඔව්.
- එයා දැන් ඉන්නෙ මාත් එක්ක.

1684
02:03:51,791 --> 02:03:52,791
ඔයාට එන්න ඕනෙද?

1685
02:03:56,707 --> 02:03:57,957
ඇයි නැත්තෙ?

1686
02:04:30,916 --> 02:04:31,916
මාමේ!

1687
02:04:37,332 --> 02:04:38,332
මාමේ!

1688
02:04:44,666 --> 02:04:45,666
මාමේ!

1689
02:04:46,500 --> 02:04:47,500
මාමේ!

1690
02:04:47,582 --> 02:04:48,957
- ගායත්‍රී!
- ඒයි!

1691
02:04:50,332 --> 02:04:53,791
කෙසෙල් විකුණන හිඟන්නෙක්ට
මෙච්චර කපටි වෙන්න පුළුවන් නම්,

1692
02:04:53,875 --> 02:04:55,707
මා වගේ මන්ත්‍රී කෙනෙක්ට මොනවා කරන්න පුළුවන්ද හිතපන්!

1693
02:04:56,082 --> 02:04:57,250
තමුසෙගෙ ප්‍රශ්නෙ මොකක්ද?

1694
02:04:57,791 --> 02:05:01,166
අනික, තමුසෙ දැන් මැරුණොත්,
ඒකිගෙ අවසන් කටයුතු කරන්නෙ කවුද?

1695
02:05:02,916 --> 02:05:06,625
තමුසෙව කෑලි කෑලි වලට කපන්න කලින්,
මම තමුසෙට කරන දේ බලාගනින්.

1696
02:05:07,457 --> 02:05:08,457
මාමේ!

1697
02:05:13,832 --> 02:05:14,832
ගායත්‍රී!

1698
02:05:27,750 --> 02:05:28,750
මාමේ!

1699
02:05:42,416 --> 02:05:43,625
ඒයි, නවත්තපන් එයාව!

1700
02:05:56,832 --> 02:05:57,832
මාමේ!

1701
02:06:07,625 --> 02:06:09,416
මාමේ, සෞජි

1702
02:06:26,457 --> 02:06:28,500
සෞජන්‍යා, නැගිටින්න.

1703
02:06:30,416 --> 02:06:31,416
මාමේ!

1704
02:06:54,207 --> 02:06:56,416
මධු, ඕකව පණපිටින් එළියට යන්න දෙන්න එපා.
මරපන් ඕකව!

1705
02:07:30,500 --> 02:07:32,207
- ඒයි!
- ඒයි!

1706
02:07:32,332 --> 02:07:34,250
තව එක අඩියක් තිබ්බොත් මම මේකිව මරනවා!

1707
02:07:34,375 --> 02:07:36,457
ඒයි, පස්සට වෙයව්! දැන්ම!

1708
02:07:37,250 --> 02:07:38,250
ඕකට යන්න දෙන්න එපා, දුවේ!

1709
02:07:39,957 --> 02:07:43,250
- පස්සට පලයව්, නැත්නම් මම බෙල්ල කපනවා!
- ඕකට පැනලා යන්න දෙන්න එපා, දුවේ!

1710
02:07:44,750 --> 02:07:48,582
ළමයි ලොකු වුණාම අම්මලා තාත්තලාවත්
අතක් උස්සන්නෙ නැහැ.

1711
02:07:49,625 --> 02:07:53,041
හැබැයි මේ තිරිසනාට ඕනෙ වුණේ
උඹලව ගොදුරු කරගන්න.

1712
02:07:56,291 --> 02:07:59,082
මූව මරලා උඹලගෙ බය සදහටම නැති කරගන්නවද,

1713
02:07:59,832 --> 02:08:02,250
නැත්නම් ජීවිත කාලෙම බයෙන් ජීවත් වෙනවද?

1714
02:08:14,916 --> 02:08:17,625
මැරියන්! මැරිලම පලයන්! අපාගත වෙයන්!

1715
02:08:23,957 --> 02:08:27,041
ගායත්‍රී! ගායත්‍රී!

1716
02:08:27,125 --> 02:08:28,416
- මාමේ!
- ගායත්‍රී!

1717
02:08:29,832 --> 02:08:30,832
තෝ!

1718
02:08:30,916 --> 02:08:33,166
තමුසෙ ඇත්තටම මන්ත්‍රී කෙනෙක්ව මරන්නද හදන්නෙ?

1719
02:08:34,041 --> 02:08:35,332
වෙන දේ ගැන තමුසෙට තේරෙනවද?

1720
02:08:35,707 --> 02:08:37,707
හෙට, මගෙ මිනිස්සු තමුසෙගෙ ගම වටලයි.

1721
02:08:38,500 --> 02:08:39,582
පොලිසියෙන් තමුසෙලාව දඩයම් කරයි.

1722
02:08:39,791 --> 02:08:43,125
තමුසෙලගෙ පවුල්, මිනිස්සු, තමුසෙලා…
එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නෙ නැහැ!

1723
02:08:43,582 --> 02:08:46,291
මුළු ගමම සොහොන් බිමක් වෙයි!
තමුසෙට ඕනෙ ඒකද, ආ?

1724
02:08:48,541 --> 02:08:50,041
ඇයි නැවතුණේ?

1725
02:08:50,707 --> 02:08:51,916
දැන් බය හිතුණද?

1726
02:08:53,457 --> 02:08:56,416
උන් දැනගන්නෙ තමුසෙගෙ
කපපු ඔළුව හම්බවුණොත් විතරයි.

1727
02:09:09,375 --> 02:09:10,375
ටීචර්!

1728
02:09:11,791 --> 02:09:12,791
මොකද වුණේ, ටීචර්?

1729
02:09:17,957 --> 02:09:19,875
අයියෝ, දෙයියනේ!

1730
02:09:28,916 --> 02:09:31,875
ගුරුවරයෙක් කියන්නෙ දෙමව්පියන්ට දෙවැනි කෙනෙක්.

1731
02:09:32,416 --> 02:09:35,332
ළමයි ඔයා ළඟට එන්නෙ දෙමව්පියන්ටවත්
කියන්න බැරි දුක් අරගෙන.

1732
02:09:35,666 --> 02:09:38,041
හැබැයි ඔයා කළේ එයාලව ගොදුරු කරගත්ත එක.

1733
02:09:38,582 --> 02:09:41,916
ඔයාගෙ හෙවණැල්ලවත්
ගැහැණු ළමයෙක්ට වැටෙන්න හොඳ නැහැ!

1734
02:10:24,500 --> 02:10:25,957
මණිකණ්ඨ, මගෙ රත්තරන් දුවේ.

1735
02:10:26,375 --> 02:10:28,166
ඔයාගෙ තාත්තා ඇවිත් ඉන්නෙ.

1736
02:10:28,500 --> 02:10:30,582
තාත්තා දිහා බලන්නකො, දුවේ.

1737
02:10:36,082 --> 02:10:37,707
මණිකණ්ඨ, මගෙ දුවේ.

1738
02:11:40,166 --> 02:11:41,166
ත්‍රිනාද්.

1739
02:12:51,916 --> 02:12:58,332
මනම්මා මගෙ පණ වගේ වටින මැණික

1740
02:12:59,582 --> 02:13:05,916
මායම්මා අපේ අත රැඳුණු රත්තරන්

1741
02:13:07,000 --> 02:13:11,625
ඔයාගෙ හඬ තාමත් මේ හුළඟ අස්සෙන් ඇහෙනවා

1742
02:13:12,166 --> 02:13:16,541
ඔයාගෙ බලාපොරොත්තු තාමත් අපේ හුස්ම අස්සෙ තියෙනවා

1743
02:13:17,207 --> 02:13:21,582
ඔයාගෙ නම මේ පාරවල්වල සදහටම ලියවිලා තියෙනවා

1744
02:13:22,250 --> 02:13:26,666
ඔයාව ආයෙ ගෙදර ගේන්න අපි මොනවද කරන්න ඕනෙ?

1745
02:13:37,332 --> 02:13:41,750
පුංචි කුරුල්ලෝ, ඔයා පියාඹලා ගියේ කොයි කූඩුවටද?

1746
02:13:42,125 --> 02:13:47,250
අද, ඔයාගෙ ගීතය හැම ගහකම අතු අග රැව්දෙනවා.

1747
02:13:47,416 --> 02:13:51,916
මගෙ රත්තරනේ, ඔයා පිපුණෙ කොයි ගෙදරකද?

1748
02:13:52,207 --> 02:13:55,707
බලන්න, ඔයාගෙ මල් හැම අත්තකම පිපිලා තියෙනවා.

1749
02:13:55,791 --> 02:13:58,000
එයා ලෝකෙ හැමදේටම වඩා දුවට ආදරය කළා.

1750
02:13:59,000 --> 02:14:00,375
එයා එකපාරටම තාත්තව දාලා ගියා.

1751
02:14:01,666 --> 02:14:02,832
එයා කොහෙවත් ගියේ නැහැ.

1752
02:14:04,500 --> 02:14:11,000
මගෙ දුවගෙ… වගේම මෙතන ඉන්න
හැම කෙල්ලෙක්ගෙම අනාගතය ඇතුළෙ,

1753
02:14:11,832 --> 02:14:15,332
- නාරායන! නාරායන!
- මණිකණ්ඨ!

1754
02:14:15,416 --> 02:14:17,875
- නාරායන! නාරායන!
- මණිකණ්ඨ!

1755
02:14:40,666 --> 02:14:42,707
කාලයේ කතාවේ හැම හැරවුමකදීම

1756
02:14:43,125 --> 02:14:47,541
ඉතිහාසයේ පිටු අතර මතකයේ තුරුලෙහි

1757
02:14:48,082 --> 02:14:50,291
අපි ඔයාව සදාකල් මතක තබාගන්නවා

1758
02:14:50,625 --> 02:14:52,750
ඉරණම විසින් ලියූ කතාව තුළ

1759
02:14:53,291 --> 02:14:55,707
මේක අවසාන පරිච්ඡේදය නෙවෙයි -තාත්තා!

1760
02:14:55,791 --> 02:14:58,250
යළි නැගී සිටින සටන තුළ

1761
02:14:58,332 --> 02:15:00,332
පළමු පියවර ඇරඹෙන්නේ මෙතැනිනි

1762
02:15:00,832 --> 02:15:05,291
හැම කාසියකටම පැති දෙකක් තියෙනවා
මගෙ ආදරණීය දුවේ

1763
02:15:05,750 --> 02:15:10,332
හැබැයි සත්‍යයට කවදාවත් දෙවැනි පැත්තක් තිබිලා නැහැ

1764
02:15:10,957 --> 02:15:15,500
මේ පිය හදවතින් උපන් මගෙ ආදරණීය දරුවා

1765
02:15:15,875 --> 02:15:18,082
මේ සාක්ෂිය පවතින්නේ -මණි!

1766
02:15:18,166 --> 02:15:20,207
ඔබේ ධෛර්යයේ සාක්ෂිය ලෙසයි -මණිකණ්ඨ!

1767
02:15:20,291 --> 02:15:22,832
- මණිකණ්ඨ!
- මණි!

1768
02:15:23,832 --> 02:15:24,832
මණි!

1769
02:15:25,082 --> 02:15:29,582
දිව්‍ය ලෝකයේ අමරණීයයි

1770
02:15:30,332 --> 02:15:34,625
ඔබ ගිය මඟේ කළ සටන

1771
02:15:35,332 --> 02:15:39,666
දිව්‍ය ලෝකයේ අමරණීයයි

1772
02:15:41,125 --> 02:15:45,457
පුංචි කුරුල්ලෝ, ඔයා පියාඹලා ගියේ කොයි කූඩුවටද?

1773
02:15:45,875 --> 02:15:50,791
අද, ඔයාගෙ ගීතය හැම ගහකම අතු අග රැව්දෙනවා

1774
02:15:51,291 --> 02:15:55,750
මගෙ රත්තරනේ, ඔයා පිපුණෙ කොයි ගෙදරකද?

1775
02:15:56,000 --> 02:16:00,707
බලන්න, ඔයාගෙ මල් හැම අත්තකම පිපිලා තියෙනවා

1776
02:16:10,666 --> 02:16:13,416
කාර්තික මාස තුනකට පසු

1777
02:16:30,666 --> 02:16:31,666
නමස්කාරය, මෑණියනි!

1778
02:16:32,875 --> 02:16:34,040
ගුරු ස්වාමි ත්‍රිනාද් ගෙදර ඉන්නවද?

1779
02:16:35,040 --> 02:16:36,165
එයා ඉන්නෙ කෝවිලේ, ස්වාමි.

1780
02:16:39,208 --> 02:16:41,833
ඕම් ශ්‍රී ස්වාමියේ ශරණම් අයියප්පා!

1781
02:16:41,958 --> 02:16:44,290
හරි සහ හර පුත්‍රයාණෙනි! ශරණම් අයියප්පා!

1782
02:16:44,583 --> 02:16:47,083
විපත්ති වලදී පිහිටවන,
අයියප්පා දෙවියන්ට ප්‍රණාමය වේවා.

1783
02:16:47,458 --> 02:16:49,790
අසරණයන්ගේ රැකවලාණෙනි,
අයියප්පා දෙවියන්ට ප්‍රණාමය වේවා.

1784
02:16:50,083 --> 02:16:51,790
- ඕම් ශ්‍රී ස්වාමියේ...
- ගුරු ස්වාමි!

1785
02:16:54,665 --> 02:16:56,790
රාජමුන්ඩ්‍රි වලින් කෙනෙක් ඇවිත් ඉන්නවා
ඔයාව හම්බවෙන්න.

1786
02:16:59,915 --> 02:17:02,458
මම පළමු වතාවට මගෙ දුවව
ශබරිමල එක්කන් යනවා.

1787
02:17:02,915 --> 02:17:04,750
ඔයා එයාට ඉරුමුඩිය බැන්දොත්,
ඒක ලොකු ආශිර්වාදයක්.

1788
02:17:08,540 --> 02:17:09,540
කෝ අපේ පුංචි අයියප්පා?

1789
02:17:09,750 --> 02:17:10,833
අම්මා කිව්වද එයාලට?

1790
02:17:10,915 --> 02:17:12,125
- මණිකණ්ඨ, දුවේ.
- ඔව්, මම කිව්වා.

1791
02:17:12,415 --> 02:17:13,833
- එන්න, ස්වාමි?
- මෙහාට එන්න.

1792
02:17:13,958 --> 02:17:14,958
හරි.

1793
02:17:25,665 --> 02:17:27,708
මොකද වුණේ, ගුරු ස්වාමි?

1794
02:17:28,250 --> 02:17:30,125
මේ මම, ඔයාගෙ මනම්මා.

1795
02:17:32,290 --> 02:17:36,250
මං වෙනුවෙන් ඔයා මේ විදියට දුක් විඳින්නෙ කොහොමද?

1796
02:17:37,083 --> 02:17:41,500
මම කවදාවත් ඔයාව දාලා ගියේ නැහැ, තාත්තේ.

1797
02:17:42,583 --> 02:17:44,750
ඔයා රකින මේ බාරය ඇතුළෙ මම ජීවත් වෙනවා.

1798
02:17:45,458 --> 02:17:47,833
ඔයා බඳින හැම ඉරුමුඩියකම මම ඉන්නවා.

1799
02:17:50,375 --> 02:17:53,500
මම ඔයාගෙ ජීවිතේට ආවෙ හේතුවක් ඇතුව.

1800
02:17:54,250 --> 02:17:57,833
නියම වෙලාව ආවම,
මම ආයෙත් ඔයාගෙම දරුවා වෙලා එනවා, ස්වාමි.

1801
02:18:00,250 --> 02:18:03,125
පරක්කු වෙනවා. ඉරුමුඩිය ඔසවන්න!

1802
02:18:04,208 --> 02:18:06,708
අයියප්පා! අයියප්පා!

1803
02:18:06,833 --> 02:18:09,208
අයියප්පා! අයියප්පා!

1804
02:18:09,500 --> 02:18:14,375
අයියප්පෝ! අයියප්පෝ!

1805
02:18:14,458 --> 02:18:16,333
ස්වාමියේ ශරණම් අයියප්පා!

1806
02:18:25,500 --> 02:18:30,625
අයියප්පා! අයියප්පා!

1807
02:18:30,790 --> 02:18:36,040
අයියප්පෝ! අයියප්පෝ!

