﻿1
00:00:01,011 --> 00:00:13,013
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

2
00:00:38,413 --> 00:00:40,666
නැවත විවාහ වුණ අධිරාජිනිය

3
00:01:22,583 --> 00:01:23,917
යමු.

4
00:02:12,674 --> 00:02:16,386
බටහිර රාජධානිය

5
00:03:07,312 --> 00:03:08,355
මගේ රජතුමනි.

6
00:03:26,373 --> 00:03:27,457
ඔන්න ඔබතුමා ආපහු ඇවිල්ලා.

7
00:03:51,731 --> 00:03:53,316
ඔබතුමාව දකිද්දී සතුටුයි, පාලකතුමනි.

8
00:03:56,069 --> 00:03:57,070
හේන්රි...

9
00:03:58,405 --> 00:03:59,614
ඔයාට අමතක වුණාද?

10
00:04:01,324 --> 00:04:03,952
රතු තාප්පවල අල්ලාපු
කොළ පැහැති මරකත ගල්

11
00:04:04,619 --> 00:04:05,871
අපේ මව්බිමේ.

12
00:04:09,207 --> 00:04:10,792
අපිට කවදාවත් එහෙට ආපහු යන්න බෑ.

13
00:04:15,797 --> 00:04:17,382
ඒත්, මට තාමත් ඒක හොඳට පේනවා.

14
00:04:23,346 --> 00:04:25,390
ඒක බටහිර රාජධානියේ අගනුවර වුණා.

15
00:04:45,869 --> 00:04:47,704
<i>මගේ ඔළුවට ඔටුන්න
පලවෙනි වතාවට පැළඳූ මොහොතේ,</i>

16
00:04:47,788 --> 00:04:50,207
<i>මම අධිෂ්ඨාන කරගත්තා
මම කිසිම කරත්තයක නගින්නේ නෑ කියලා</i>

17
00:04:50,290 --> 00:04:52,334
වරා ආයෙත් අපේ කරගන්නකම්.

18
00:04:52,417 --> 00:04:54,836
නැඟෙනහිර සාම්රාජ්‍යයෙන් ඒක දිනාගන්න කල්.

19
00:04:55,796 --> 00:04:57,714
අපි එක හුස්මට ඒක ආපහු අල්ලගන්නවා

20
00:04:58,298 --> 00:04:59,758
ඔයාගේ සෞඛ්‍යය හොඳ අතට හැරුණාම.

21
00:05:00,467 --> 00:05:01,468
හේන්රි...

22
00:05:07,808 --> 00:05:09,059
ඉතා ඉක්මනින්...

23
00:05:11,228 --> 00:05:12,729
ඔයා සිංහාසනයට පත් වෙයි.

24
00:05:14,606 --> 00:05:15,941
අපේ රාජධානිය...
මෙච්චර කල් ශක්තිමත්ව තිබුණා,

25
00:05:16,566 --> 00:05:20,320
රැජිනගේ පවුලේ අයගේ උදව් නිසා.

26
00:05:21,404 --> 00:05:23,240
එයාලගේ උදව් නැති වී ගියොත්...

27
00:05:24,282 --> 00:05:26,201
එතකොට අපේ රටම අවුල් ජාලයක් වෙයි.

28
00:05:26,284 --> 00:05:28,578
ඔයාට මේ සන්ධානය ඉදිරියට ගෙනියන්න වෙයි.

29
00:05:29,329 --> 00:05:30,330
මම කියනවා ඔයාට ඇහෙනවද?

30
00:05:35,877 --> 00:05:37,003
ක්‍රිස්ටා රැජින...

31
00:05:37,963 --> 00:05:39,631
ඒක කරන්න සමහරවිට ඔයාට එයාව විවාහ කරගන්න වෙයි.

32
00:05:50,308 --> 00:05:53,103
අපි පොඩි කාලේදී මම එයාව ඔයාගෙන් ඈත් කළාට මට සමාවෙන්න.

33
00:05:53,186 --> 00:05:54,312
එයා තමයි මගේ ඉරණම වුණේ.

34
00:05:56,273 --> 00:05:57,274
මම සිහිනයක් දැක්කා...

35
00:05:58,191 --> 00:06:00,235
වරා ආයෙත් අල්ලගන්න හීන මැව්වා.

36
00:06:00,819 --> 00:06:02,070
ඒ වගේම ඔයා ඉහළට නඟිනවා දකින්නත්.

37
00:06:02,737 --> 00:06:04,698
අපේ රාජධානියේ සිංහාසනයට කැමැත්තෙන්ම පත්වෙන්න.

38
00:06:07,742 --> 00:06:08,869
ඒක එහෙම වෙන්නේ නැහැ.

39
00:06:09,744 --> 00:06:10,787
මට ගොඩක් සමාවෙන්න.

40
00:06:11,580 --> 00:06:13,790
ඔයාට උරුම වෙලා තියෙන්නේ වේදනාව විතරයි.

41
00:06:14,541 --> 00:06:15,542
මගේ රජතුමනි.

42
00:06:16,084 --> 00:06:17,085
හේන්රි.

43
00:06:20,964 --> 00:06:22,674
මගේ ආදරණීය හේන්රි.

44
00:06:24,593 --> 00:06:26,428
මම හැමදාමත් ඔයාගේ වැඩිමහල් සහෝදරයා වෙලා ඉන්නම්.

45
00:06:35,729 --> 00:06:36,938
ඔව්.

46
00:06:37,522 --> 00:06:38,690
මේක මතක තියාගන්න.

47
00:06:38,773 --> 00:06:40,108
මම ඔයාව බලාගන්නම්.

48
00:06:43,737 --> 00:06:45,780
මම හැමදාටම ඔයාගේ ළඟ ඉන්නම්.

49
00:07:31,826 --> 00:07:34,287
තුන්වෙනි වෝල්ටන්
මේ ලෝකයෙන් සමුගෙන ඇති බැවින්,

50
00:07:34,871 --> 00:07:37,582
මම පරණ යාළුවෙක් නැති වුණා වගේ
මගේ හදවත මට වේදනා දෙනවා.

51
00:07:39,626 --> 00:07:42,921
නැගෙනහිර අධිරාජ්‍යය බටහිර රාජධානියේ ජනතාවගේ

52
00:07:43,004 --> 00:07:45,090
දුක බෙදාගන්නවා කියලා ඔයාට කියන්න ඕනේ.

53
00:07:45,173 --> 00:07:49,302
ඔබතුමාගේ මේ කරුණාවන්ත සහ කාරුණික වචන

54
00:07:49,386 --> 00:07:50,428
මම අනිවාර්යයෙන්ම හයින්රි රජතුමාට පවසන්නම්.

55
00:07:50,512 --> 00:07:52,597
රජතුමාගේ අනුප්‍රාප්තිය.

56
00:07:52,681 --> 00:07:54,015
ඒ වැඩේ හොඳින් සිද්ධ වෙනවා නේද?

57
00:07:54,099 --> 00:07:56,434
තුන්වෙනි වෝල්ටන් රජතුමාගේ මල්ලි,

58
00:07:56,518 --> 00:07:57,519
හයින්රි කුමාරයා දැන් සිහසුනට පත් වෙලා

59
00:07:57,602 --> 00:08:00,563
අවමංගල්‍ය කටයුතු සහ රාජාභිෂේකය වෙනුවෙන් සූදානම් වෙනවා.

60
00:08:01,481 --> 00:08:03,942
බටහිර රජතුමනි, හයින්රි,

61
00:08:04,025 --> 00:08:05,985
මම මගේ... අවංක ආශිර්වාදය පිරිනමනවා.

62
00:08:12,117 --> 00:08:13,952
එතකොට හයින්රි දැන් රජ වෙලා.

63
00:08:14,035 --> 00:08:15,662
මේ මනුස්සයා රාජ සභාවෙන් අයින් වෙලා,

64
00:08:15,745 --> 00:08:18,164
මුළු ජීවිත කාලෙම ඇවිද ඇවිද හිටියේ දේශපාලනයෙන් ඈත් වෙලා.

65
00:08:18,248 --> 00:08:22,085
එයා සිහසුනට පත් වුණත්, ප්‍රභූවරු එයාට ඕන විදිහට වැඩ කරගනීවි.

66
00:08:24,003 --> 00:08:26,256
බටහිර වැඩිහිටි කවුන්සිලය ගැන මොකද ආරංචි?

67
00:08:26,339 --> 00:08:27,549
එයාලගේ බලපෑම තාමත් තියෙනවද?

68
00:08:27,632 --> 00:08:29,592
වැඩිහිටි කවුන්සිලය පාලනය කරන සෙමෙන්සියා ආදිපාදවරයා,

69
00:08:29,676 --> 00:08:31,469
දිවංගත රජතුමා එක්ක බලය බෙදාගෙන හිටියා.

70
00:08:32,053 --> 00:08:34,055
ඒත් හයින්රි රජතුමාගෙන් එයා මොන වගේ

71
00:08:34,139 --> 00:08:35,515
අලුත් සම්බන්ධයක් බලාපොරොත්තු වෙයිද කියලා තාම දන්නේ නෑ.

72
00:08:35,598 --> 00:08:39,018
අලුත් බලය ස්ථාපිත වෙන්න කලින්ම කලබල ඇති වෙයි කියලා මට බයයි.

73
00:08:39,102 --> 00:08:40,645
එයා එක්ක වැඩ කරන එක ලේසි වෙන්නේ නෑ.

74
00:08:40,729 --> 00:08:42,897
එයා හරිම රළු සහ කපටි කෙනෙක්.

75
00:08:43,773 --> 00:08:45,650
ඔයා මොකද හිතන්නේ?

76
00:08:46,526 --> 00:08:48,153
ඔයාලා දෙන්නා... අන්තිම කාලේ

77
00:08:49,279 --> 00:08:50,697
හරිම සමීපව හිටියා නේද.

78
00:08:53,408 --> 00:08:57,120
මේ රාජාභිෂේකයට රටවල් ගොඩක නියෝජිතයෝ එනවා.

79
00:08:57,203 --> 00:08:58,747
නැගෙනහිර අධිරාජ්‍යයේ ගෞරවය වෙනුවෙන්,

80
00:08:58,830 --> 00:09:01,249
අපේ පැත්තෙන් සුදුසු කට්ටියව තෝරගන්න කියලා මම උපදෙස් දෙනවා.

81
00:09:03,334 --> 00:09:06,546
විදේශ ඇමති එක්ක කතා කරලා හරියට නියෝජිත පිරිසක් ලෑස්ති කරන්න.

82
00:09:09,424 --> 00:09:10,717
ආ...

83
00:09:11,718 --> 00:09:13,970
රාෂ්ටාගේ ගැබ්ගැනීමේ උත්සවය...

84
00:09:16,097 --> 00:09:17,182
මම හිතන්නේ...

85
00:09:19,059 --> 00:09:20,351
ඔයා ඒකට සහභාගි වෙන්නේ නැති වෙයි නේද?

86
00:09:23,063 --> 00:09:25,190
ඒක හොඳ දෙයක් කියලා මට හිතෙනවා.

87
00:09:25,899 --> 00:09:29,069
උතුම් කාන්තාවෝ මේ දරුවා වෙනුවෙන් එකතු වෙලා උත්සවයක් ගන්න කැමතියි,

88
00:09:29,152 --> 00:09:30,653
ඒ වගේම ඔයාව දැක්කම එයාලට අපහසුවක් දැනෙන්න පුළුවන්...

89
00:09:32,363 --> 00:09:34,115
ඒ නිසා ඔයා ඒ ගැන හිතන්න.

90
00:09:45,543 --> 00:09:50,507
ආ, එතකොට කොසෙයාර් සර්ගේ තහනම ඔයා කවද්ද අයින් කරන්න හිතාගෙන ඉන්නේ?

91
00:09:50,590 --> 00:09:51,883
එහෙම නැත්නම් එයාට තාමත් තහනම්ද?

92
00:09:52,592 --> 00:09:54,469
ඒක තීරණය වෙන්නේ රාෂ්ටාගේ තත්ත්වය උඩ.

93
00:09:54,552 --> 00:09:56,429
එයාගේ තත්ත්වය නරක අතට හැරුණොත්, එහෙම වෙන්නත් පුළුවන්,

94
00:09:56,513 --> 00:09:57,931
එතකොට එයා ඒකට වගකියන්න ඕනේ.

95
00:09:58,014 --> 00:10:00,308
මම මේ තීරණය ගත්තේ නිකන් නෙමෙයි.

96
00:10:26,292 --> 00:10:28,086
මම ඇනීට කිව්වා ඔත්තු බලන්න කියලා, උතුමාණනි.

97
00:10:28,670 --> 00:10:31,172
එයාට ඕනේ වුණේ රෝස කාමරයෙන් තොරතුරු දැනගන්න.

98
00:10:31,256 --> 00:10:34,843
ආර්ටිනා සර් දැක්කා සැක කටයුතු කෙනෙක් නිතරම රාෂ්ටා මෙනවියව බලන්න එනවා කියලා,

99
00:10:34,926 --> 00:10:36,302
ඒ නිසා මට ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ වුණා.

100
00:10:37,387 --> 00:10:38,596
රාෂ්ටාව බලන්න එනවා?

101
00:10:39,597 --> 00:10:42,433
- ඒ කවුද?
- රාෂ්ටා නෝනාගේ පරණ අයිතිකාරයා.

102
00:10:42,517 --> 00:10:43,768
ලෝටෙෂූ, රජතුමනි.

103
00:10:45,145 --> 00:10:46,896
ඒ මනුස්සයා මෙහෙටත් ඇවිත්ද?

104
00:10:47,480 --> 00:10:49,566
- රජතුමා ඒ ගැන දන්නවද?
- එහෙම පාටක් නම් නෑ.

105
00:10:49,649 --> 00:10:51,359
එච්චරක් විතරක් නෙමෙයි, රජතුමනි.

106
00:10:51,442 --> 00:10:52,777
ඒක රාෂ්ටා ගැන දෙයක්.

107
00:10:53,361 --> 00:10:54,404
එයාගෙන්...

108
00:10:54,487 --> 00:10:56,072
ඒ මනුස්සයා තර්ජනය කරලා සල්ලි කඩාගන්නවා.

109
00:11:01,035 --> 00:11:02,704
මේක තමයි අන්තිම පාර, හරිද?

110
00:11:03,621 --> 00:11:04,664
දැන් මං ළඟ වෙන මුකුත්ම නෑ.

111
00:11:18,386 --> 00:11:21,014
<i>එයාට විරුද්ධව පාවිච්චි කරන්න</i>
<i>ඒ මනුස්සයා ළඟ මොකක් හරි ඇති.</i>

112
00:11:21,097 --> 00:11:22,765
<i>මාත් හිතන්නේ ඒකම තමයි.</i>

113
00:11:24,350 --> 00:11:25,977
ඒත් ඒ මනුස්සයා ළඟ එයාට විරුද්ධව තියෙන්නේ මොනවා වෙන්න ඇත්ද?

114
00:11:28,313 --> 00:11:29,981
ඒක නම් කියන්න අමාරුයි.

115
00:11:30,064 --> 00:11:32,692
එයා අගනුවරට ආවේ ළඟදි කියලයි
මට ආරංචි වුණේ.

116
00:11:35,653 --> 00:11:37,488
ඔබතුමා අණ කරනවා නම්,

117
00:11:37,572 --> 00:11:40,033
මම ලෝටෙෂූ වයිකවුන්ට්ගේ චලනයන් ගැන
හොයලා බලන්නම්.

118
00:11:53,671 --> 00:11:55,215
දෙයියනේ!

119
00:11:55,840 --> 00:11:58,927
අලුත් අවුරුද්දට පස්සේ දැක්ක
ලොකුම පාටිය මේකලු.

120
00:12:07,060 --> 00:12:08,102
<i>මගේ පැටියෝ,</i>

121
00:12:08,811 --> 00:12:10,563
<i>එළියෙන් ඇහෙන සද්දේ ඔයාට ඇහෙනවද?</i>

122
00:12:11,648 --> 00:12:14,901
<i>අර උඩඟු උදවිය ඔක්කොම</i>
<i>ඔයාව බලන්නයි ඇවිත් තියෙන්නේ.</i>

123
00:12:15,485 --> 00:12:17,862
<i>මාව නිකන්ම නිකන් වහලියෙක් කියලා</i>
<i>ගණන් ගත්තේ නැති මිනිස්සු,</i>

124
00:12:17,946 --> 00:12:21,616
<i>දැන් රන් රිදී අරගෙන</i>
<i>පෝලිම් ගැහිලා ඉන්නවා,</i>

125
00:12:21,699 --> 00:12:22,992
<i>ඔයාගේ හිත දිනාගන්න බලමින්.</i>

126
00:12:24,369 --> 00:12:28,414
<i>ඔය මිනිස්සුම දවසක</i>
<i>ඔයාගේ කකුල් දෙක ළඟ දණගහාවි.</i>

127
00:12:37,340 --> 00:12:38,341
ම්ම්.

128
00:12:40,885 --> 00:12:42,095
රජතුමනි.

129
00:12:45,181 --> 00:12:46,599
ඔයාට මහන්සි නැද්ද?

130
00:12:47,100 --> 00:12:48,685
මට අමාරුවක් නෑ.

131
00:12:56,109 --> 00:12:57,527
මුද්ද කෝ?

132
00:12:57,610 --> 00:12:58,611
මුද්ද?

133
00:12:59,153 --> 00:13:00,154
ඔව්.

134
00:13:00,238 --> 00:13:02,782
මම මේ කියන්නේ අර ලේ රතු පාට මුද්ද ගැන.

135
00:13:16,963 --> 00:13:18,339
ආ...

136
00:13:18,423 --> 00:13:21,426
ඇඟිලි ටිකක් ඉදිමිලා තිබුණ නිසා,
මම ඒක ගලවලා තිබ්බා.

137
00:13:23,344 --> 00:13:25,930
ඒක සුව වෙන මුද්දක්.
ඔයා ඒක දාගෙන ඉන්න ඕනේ.

138
00:13:26,889 --> 00:13:28,016
ඒ මුද්ද...

139
00:13:28,099 --> 00:13:29,142
ඒකෙන් ඔයාව සනීපෙන් තියාවි.

140
00:13:30,518 --> 00:13:31,519
ආ, එහෙමද?

141
00:13:31,602 --> 00:13:34,647
මම ඔයාව මුලින්ම දකිද්දි,
ඔයාගේ ඇඟ පුරාම තුවාල කැළැල් තිබුණා.

142
00:13:36,733 --> 00:13:38,109
ඒ මුද්දේ මන්ත්‍ර බලයක් තියෙනවා.

143
00:13:38,609 --> 00:13:40,361
ඒක දාගෙන හිටපු නිසයි ඔයාගේ තුවාල ඉක්මනට සනීප වුණේ.

144
00:13:41,154 --> 00:13:42,822
ඒක පුදුමාකාර වටිනා වස්තුවක්.

145
00:13:42,905 --> 00:13:45,283
රාජකීය පවුලේ අතීතයේ ඉඳන් පැවතෙන
වටිනා හිමිකමක්.

146
00:13:45,366 --> 00:13:46,451
ම්ම්.

147
00:13:50,621 --> 00:13:51,789
අනේ, රජතුමනි...

148
00:14:25,907 --> 00:14:27,366
ඔයාට මොනවාද ඕනේ?

149
00:14:38,586 --> 00:14:39,754
කවුද?

150
00:14:41,422 --> 00:14:42,548
ඇයි?

151
00:14:43,132 --> 00:14:45,676
මාව එවුවේ ඉක්මනින්ම
දෙයක් අරගෙන එන්න කියලා.

152
00:14:46,427 --> 00:14:47,470
මොකක්ද?

153
00:14:48,012 --> 00:14:49,806
අර රතු පාට මැණික් ගල තියෙන මුද්ද.

154
00:14:51,432 --> 00:14:54,018
-ආ…
-මට අණ කළා ඒ මුද්ද ආපහු අරන් එන්න කියලා.

155
00:14:54,102 --> 00:14:55,436
ඒක දැන් නෑ.

156
00:14:56,020 --> 00:14:57,021
මොකක්ද ඒ කිව්වේ?

157
00:14:57,605 --> 00:14:58,606
ඒක විකුණලා වෙන්න ඇති.

158
00:14:59,607 --> 00:15:00,775
අයියෝ!

159
00:15:01,859 --> 00:15:03,444
ඔයා ඒක ඉක්මනටම හොයාගන්න ඕනේ.

160
00:15:03,528 --> 00:15:06,364
ඔයාට ඒ මුද්ද හොයාගන්න බැරි වුණොත්,
අපි ඔක්කොමලවම මරලා දාවි.

161
00:15:06,447 --> 00:15:08,866
අධිරාජ්‍යයා ඒක ගැන අහනවා.

162
00:15:12,120 --> 00:15:13,663
එයා ඒ ගැන දන්නවා කියලද ඔයා කියන්නේ?

163
00:15:13,746 --> 00:15:16,541
එයා රාෂ්ටා මැඩම්ට කියලා තියෙනවා
දැන් ඒක හැමවෙලේම දාගෙන ඉන්න කියලා.

164
00:15:16,624 --> 00:15:19,252
ඔයා ඒක ගත්තා කියලා හෙළි වුණොත්,
එතකොට රාෂ්ටා,

165
00:15:19,335 --> 00:15:21,170
ඔයාවයි මාවයිත්…

166
00:15:21,629 --> 00:15:23,673
අපි ඔක්කොම ඉවරයි. තේරුණාද?

167
00:15:24,924 --> 00:15:25,925
ඔතන ඉන්න, කෙල්ලේ.

168
00:15:26,008 --> 00:15:27,009
මම ඉක්මනට එන්නම්.

169
00:16:35,995 --> 00:16:37,205
ඔයා මොනවා හරි කන්න ඕනේ.

170
00:16:37,288 --> 00:16:38,998
මෙහෙම ගියොත් ඔයා බඩගින්නේ මැරෙයි.

171
00:16:44,545 --> 00:16:46,505
උගස් කඩේ
මේ මාසයේ වෙන්දේසි බඩු ලැයිස්තුව

172
00:16:47,506 --> 00:16:48,633
මොකක්ද මේ?

173
00:16:48,716 --> 00:16:50,218
මේක පාර එහා පැත්තේ තියෙන
වෙන්දේසි පොළෙන් දුන්නේ.

174
00:16:50,301 --> 00:16:52,261
මේ තියෙන්නේ විකුණන්න තියෙන බඩු ලැයිස්තුව.

175
00:16:52,345 --> 00:16:55,806
ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන
දෙයකුත් ඕකේ තියෙනවා.

176
00:16:59,894 --> 00:17:02,688
මේ අධිරාජ්‍යයාගේ මුද්ද නෙමෙයිද?

177
00:17:03,522 --> 00:17:04,732
රතු පාට ගල?

178
00:17:06,609 --> 00:17:08,444
උගස් කඩේ විකුණන්න දාලා තියෙන්නේ?

179
00:17:21,999 --> 00:17:23,209
දොර අරින්න.

180
00:17:23,292 --> 00:17:25,086
ඔයා ඉන්නවද? දොර අරින්න!

181
00:17:26,671 --> 00:17:27,797
ඉක්මනට අරින්න!

182
00:17:27,880 --> 00:17:29,966
අද රෑ නම් මොකක් හරි වෙනසක් තියෙනවා.

183
00:17:30,800 --> 00:17:32,510
අපි දැන් වහලා තියෙන්නේ. ඔයාට--

184
00:17:33,052 --> 00:17:34,470
ඕ… වයිකවුන්ට්.

185
00:17:34,554 --> 00:17:36,806
මට මට ඔයාට වෙන්දේසියට විකුණපු බඩුව ඕනේ.

186
00:17:36,889 --> 00:17:37,890
ඉක්මනට.

187
00:17:37,974 --> 00:17:39,058
අනේ… ඒකයි…

188
00:17:39,684 --> 00:17:41,269
-ඒ කියන්නේ…
-මොකක්ද?

189
00:17:41,936 --> 00:17:42,979
කොහෙද ඒක තියෙන්නේ?

190
00:17:44,230 --> 00:17:45,606
මේකද හොයන්නේ?

191
00:17:47,692 --> 00:17:49,235
ඔයා කතා කරන්න ඕනේ අන්න ඒ මහත්තයා එක්ක.

192
00:17:49,318 --> 00:17:51,612
ආ, ඔයා ඒක විකුණලත් ඉවරයි.

193
00:17:57,743 --> 00:18:00,204
මම තීරණය කළා ඒ මුද්ද විකුණන්නේ නෑ කියලා.

194
00:18:00,288 --> 00:18:02,582
ඒ හින්දා ඔයා ඒක ආපහු දෙන්න ඕනේ.

195
00:18:03,583 --> 00:18:05,501
ගණන් නම් ටිකක් වැඩි වුණා.

196
00:18:07,461 --> 00:18:09,422
අපිට ගනුදෙනුවකට එන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

197
00:18:09,505 --> 00:18:10,506
ගනුදෙනුවක්?

198
00:18:12,425 --> 00:18:13,467
ආ…

199
00:18:14,135 --> 00:18:16,095
ආ, ඔයා පිට කෙනෙක් වෙන්න ඇති.

200
00:18:17,513 --> 00:18:19,348
මම ලොටෙෂු. ඔයාව මුණගැහුණ එක සතුටක්.

201
00:18:20,016 --> 00:18:21,392
ඔයා මේ පැත්තේ කෙනෙක් නම්,

202
00:18:21,475 --> 00:18:23,519
මගේ නම අඩුම තරමේ එක පාරක්වත්
ඔයා අහලා ඇති.

203
00:18:24,687 --> 00:18:26,480
කොහොම වුණත්, ඒක එච්චර වැදගත් නෑ.

204
00:18:26,564 --> 00:18:28,107
මේක හරිම හදිසි වැඩක්.

205
00:18:28,190 --> 00:18:29,442
ඉතින් කොහොමද--

206
00:18:32,695 --> 00:18:34,113
මම ඔයා ගැන දන්නවා.

207
00:18:34,655 --> 00:18:35,656
ඒ වගේම ඔයා...

208
00:18:36,157 --> 00:18:37,533
කොසේර් කියන නම අහලා ඇති.

209
00:18:37,617 --> 00:18:38,951
කොසේර්?

210
00:18:39,869 --> 00:18:40,995
යකඩ හදවතක් තියෙන කෙනාද?

211
00:19:09,231 --> 00:19:11,067
එයාව මරන්න පන්දහසක්.

212
00:19:13,319 --> 00:19:14,403
දහදාහක්...

213
00:19:15,029 --> 00:19:16,280
පණ පිටින් අල්ලගන්නවා නම්.

214
00:19:48,437 --> 00:19:49,438
මේ මුද්ද.

215
00:19:49,522 --> 00:19:52,024
ඒ ගෑනි නේද මේක ඔයාට දුන්නේ?

216
00:19:52,108 --> 00:19:54,568
කවුද ඒ "ගෑනි" කියන්නේ, මහත්තයා?

217
00:19:54,652 --> 00:19:58,197
එයා දැන් අධිරාජ්‍යයාගේ අනියම් බිරිඳ,
ඒත් එයා ඉස්සර ඔයාගේ වහල් කෙල්ලෙක්...

218
00:19:58,614 --> 00:19:59,615
රාෂ්ටා.

219
00:20:00,908 --> 00:20:02,284
ඔයා උත්තර දෙන්නේ නැද්ද?

220
00:20:02,952 --> 00:20:04,161
ඔව්.

221
00:20:04,245 --> 00:20:05,246
ඉතින්...

222
00:20:06,163 --> 00:20:07,707
දැන් ඔයා එයාට බ්ලැක්මේල් කරනවා.

223
00:20:07,790 --> 00:20:11,836
කොහොමද ඔයා ඒක කළේ? එයාට තර්ජනය කළාද?
එයාගේ පහත් අතීතය එළියට දානවා කියලා?

224
00:20:14,380 --> 00:20:16,882
ඔයා එයාගෙන් සල්ලි ගන්නේ
ඒ විදිහටද?

225
00:20:19,385 --> 00:20:20,469
ඔව්.

226
00:20:20,553 --> 00:20:21,554
ඒකයි එහෙම වෙලා තියෙන්නේ.

227
00:20:21,637 --> 00:20:22,847
මගේ ස්වාමීනි.

228
00:20:27,893 --> 00:20:29,270
බොරු කියන එක හොඳ නෑ.

229
00:20:32,189 --> 00:20:34,608
රාෂ්ටා ඉස්සර වහල් කෙල්ලෙක් වුණා කියන එක
රහසක් නෙමෙයි.

230
00:20:34,692 --> 00:20:36,527
අධිරාජ්‍යයා ඒ ගැන දන්නවා.

231
00:20:37,027 --> 00:20:39,029
ඔයා කොහොමද ඒක එයාට විරුද්ධව පාවිච්චි කරන්න හදන්නේ?

232
00:20:40,364 --> 00:20:41,991
ඒක විතරක්ම නෙමෙයි නේද.

233
00:20:42,575 --> 00:20:43,659
එහෙම නේද?

234
00:20:48,164 --> 00:20:51,000
ඔයායි රාෂ්ටයි හංගගෙන ඉන්න
තව රහසක් තියෙනවා

235
00:20:51,083 --> 00:20:54,044
අධිරාජ්‍යයා කොහොමටවත් දැනගන්න
නොවිය යුතු දෙයක්.

236
00:20:55,713 --> 00:20:56,756
මට කියන්න.

237
00:20:59,341 --> 00:21:01,761
ආයෙත් බොරුවක් කිව්වොත්,

238
00:21:02,386 --> 00:21:04,930
මම මේ ඇහැත් උගුල්ලලා දානවා.

239
00:21:06,307 --> 00:21:07,975
හරි, හරි, හරි!

240
00:21:08,058 --> 00:21:10,227
එතන දරුවෙක් ඉන්නවා, හරිද? දරුවෙක්!

241
00:21:10,311 --> 00:21:11,937
එයා දරුවෙක්ව හංගගෙන ඉන්නවා. නවත්තන්න...

242
00:21:13,981 --> 00:21:15,107
මොකක්?

243
00:21:15,775 --> 00:21:16,776
ආයෙත් කියන්න.

244
00:21:18,277 --> 00:21:20,488
රාෂ්ටාට කලින් දරුවෙක් හිටියා.

245
00:21:25,576 --> 00:21:26,577
වෙන්න බෑ.

246
00:21:26,660 --> 00:21:28,621
මේ දරුවාගේ තාත්තා කවුද?

247
00:21:28,704 --> 00:21:32,291
ඒ කෙල්ල... මගේ පුතාව එයාගේ ලස්සනෙන්
මෝහනය කරගත්තා.

248
00:21:37,296 --> 00:21:40,007
රාෂ්ටාට හිටපු දරුවා...

249
00:21:40,758 --> 00:21:41,884
ඔයාගේ මුණුබුරාද?

250
00:21:41,967 --> 00:21:43,844
රාෂ්ටා එයාගේ උදව්වෙන් තමයි වැඩේ කරගත්තේ.

251
00:21:43,928 --> 00:21:45,846
ඒකට මගේ පුතා එයාව බඳින්න ඕනේ කිව්වා.

252
00:21:46,514 --> 00:21:49,850
ඊටස්පස්සේ මම එයාගේ උඩඟුකමට දඬුවම් කළාට පස්සේ එයා පැනලා ගියා.

253
00:21:50,726 --> 00:21:51,852
එතකොට, එයා පැනලා ගියා...

254
00:22:08,160 --> 00:22:10,079
රාෂ්ටා, ඒ කාලකණ්ණි ගෑනි...

255
00:22:19,588 --> 00:22:20,756
කවුද ඒ?

256
00:22:24,051 --> 00:22:25,219
මම ස්වාමීනි.

257
00:22:25,302 --> 00:22:26,428
ආ.

258
00:22:26,512 --> 00:22:27,513
එතකොට කවුද මේ අය?

259
00:22:27,596 --> 00:22:28,931
චාල්ස් තමයි මේ මිනිස්සුන්ව එව්වේ.

260
00:22:29,014 --> 00:22:30,057
චාල්ස්?

261
00:22:38,649 --> 00:22:40,985
ඔයාලා නම් මහා කාලකණ්ණි ටිකක්!

262
00:22:51,537 --> 00:22:54,206
හේයි, කොසෙයාර්! යන්න කලින් මාව නිදහස් කරලා යන්න!

263
00:23:03,007 --> 00:23:04,884
මතක තියාගෙන මේ මුදුව අධිරාජිනියට දෙන්න.

264
00:23:04,967 --> 00:23:06,302
ඒ වගේම අහන්න, ඒක රාෂ්ටා ගැන—

265
00:23:06,385 --> 00:23:07,428
මම හැම දෙයක්ම ඇහුවා.

266
00:23:07,511 --> 00:23:09,430
නියමයි.

267
00:23:36,832 --> 00:23:39,376
ඔයාට මේකට පැටලෙන්න බෑ, නැත්නම් නාවියර් අනතුරක වැටෙයි.

268
00:23:39,460 --> 00:23:41,337
-ස්වාමීනි, ඔබතුමා ගැන කොහොමද?
-ඔබතුමා යන්නම ඕනේ.

269
00:23:41,837 --> 00:23:43,255
ඒක අණක්!

270
00:24:10,407 --> 00:24:12,660
හ්ම්? මොකක්ද මේ? අපි මේ කොහෙද ඉන්නේ?

271
00:24:12,743 --> 00:24:14,244
ඉන්න! ඉන්න!

272
00:24:16,038 --> 00:24:17,039
හේයි, විනාඩියක් ඉන්න!

273
00:24:17,581 --> 00:24:18,582
අපි කොහෙද මේ යන්නේ?

274
00:24:18,666 --> 00:24:20,793
ඔයාලා අපිව කොහෙද මේ ගෙනියන්නේ?

275
00:24:20,876 --> 00:24:22,419
කවුරුහරි මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද?

276
00:24:22,503 --> 00:24:24,046
හේයි, ඉන්න. ඉන්න!

277
00:24:24,129 --> 00:24:25,422
අපි කොහෙද මේ යන්නේ?

278
00:24:42,064 --> 00:24:44,233
ඔයා ඊයේ රෑ ඇස් පියාගත්තෙම නැද්ද?

279
00:24:47,444 --> 00:24:49,321
ඔච්චර ඇල්ලෙන් මොනවද ඔය කියවන්නේ?

280
00:24:49,405 --> 00:24:51,156
රාජධානියේ නගර ලැයිස්තුව,

281
00:24:51,949 --> 00:24:53,701
සෙබළුන් යොදවා ඇති ආකාරය,

282
00:24:53,784 --> 00:24:55,703
සාම්රාජ්යයේ බදු එකතු කිරීමේ විස්තර.

283
00:24:55,786 --> 00:24:57,287
මේකට නම් කෙළවරක් නෑ.

284
00:24:58,455 --> 00:25:01,583
මගේ අයියා අසනීපෙන් ඉඳලත් මේව කළා කියන එක...

285
00:25:04,712 --> 00:25:06,588
ඉතින්, ඔයා දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ...

286
00:25:08,674 --> 00:25:10,509
ක්‍රිස්ටා ආර්යාව ගැන?

287
00:25:16,473 --> 00:25:18,976
ඔයා කිව්වනේ මන්ත්‍රී මණ්ඩලයට විරුද්ධ වෙන්න ප්ලෑන් කරලා තියෙනවා කියලා.

288
00:25:21,145 --> 00:25:23,439
කොහොම හරි වංශවත් අය දැනටමත් පටන් අරන්

289
00:25:23,522 --> 00:25:26,233
ඔය දෙන්නා අතර විවාහය ස්ථිරයි වගේ සලකන්න.

290
00:25:26,817 --> 00:25:28,152
ඔයාට මොකද හිතෙන්නේ?

291
00:25:28,235 --> 00:25:29,236
මම ගැනද?

292
00:25:30,446 --> 00:25:34,992
ඉතින් මගේ ස්වාමීනි, ඔබතුමා ගන්න ඕනෑම තීරණයක් එක්ක මම ඉන්නවා.

293
00:25:36,326 --> 00:25:38,328
මම හැමදාමත් කළා වගේ, අනාගතයටත් එහෙමමයි.

294
00:25:38,412 --> 00:25:41,957
මම අනිත් හැමෝටම විරුද්ධ වෙලා, රාජධානියෙන් පන්නලා දැම්මත්ද?

295
00:25:42,041 --> 00:25:45,085
එහෙනම්, මමත් ඔබතුමාත් එක්කම රාජධානියෙන් යන්නම් ස්වාමීනි.

296
00:25:45,169 --> 00:25:47,504
ඔබතුමා වෙනුවෙන් තම පක්ෂපාතීත්වය පුද කරන,

297
00:25:47,588 --> 00:25:49,882
අවසාන වෙනකම් ඔබතුමා ළඟින්ම ඉන්න එකම කෙනා කවුද?

298
00:25:50,466 --> 00:25:51,550
ඒ මමයි, මැකෙනා.

299
00:25:56,430 --> 00:25:57,848
ඒක හැම දෙටම පොදුයිද?

300
00:25:59,475 --> 00:26:00,601
මගේ එකම කොන්දේසිය...

301
00:26:02,436 --> 00:26:03,854
ඒක නම් නේවියර් වෙන්න බෑ.

302
00:26:04,563 --> 00:26:05,981
එයා නෙමෙයි නම්,

303
00:26:06,607 --> 00:26:08,776
ඔයා කාව කසාද බැඳගත්තත්
මම ඔයාට සහය දෙනවා.

304
00:26:09,443 --> 00:26:10,736
දැන් ඔයා ඒක දන්නවනේ.

305
00:26:11,487 --> 00:26:12,488
මම ඔයා එක්ක ඉන්නවා.

306
00:26:19,745 --> 00:26:20,788
මැකෙන්නා.

307
00:26:22,414 --> 00:26:23,707
කියන්න, රජතුමනි?

308
00:26:24,583 --> 00:26:25,876
ඔයා දන්නවද?

309
00:26:26,919 --> 00:26:28,295
මට එයාව හුඟක් මතක් වෙනවා.

310
00:26:32,841 --> 00:26:34,051
පායන ඉර...

311
00:26:35,594 --> 00:26:37,304
හැන්දෑවේ රෝස පාට අහස...

312
00:26:39,306 --> 00:26:40,599
මම ඇස් අරිද්දී...

313
00:26:41,183 --> 00:26:42,434
ඇස් පියාගත්තාමත්,

314
00:26:43,977 --> 00:26:45,229
හැම මලක්ම.

315
00:26:45,854 --> 00:26:47,314
හඳේ තියෙන ඒ මෘදු එළිය.

316
00:26:49,608 --> 00:26:51,485
මේ ලෝකේ තියෙන ඕනෑම ලස්සන දෙයක්...

317
00:26:53,028 --> 00:26:54,738
මට මතක් කරන්නේ නැවියර්ව.

318
00:26:57,157 --> 00:26:58,992
මට ඒකට මුකුත් කරගන්න බෑ.

319
00:27:00,494 --> 00:27:01,995
හැමතැනම පේන්නේ එයාගෙම රූපේ.

320
00:27:03,122 --> 00:27:04,123
එයාගේ සුවඳ...

321
00:27:58,594 --> 00:27:59,928
මොනවා හරි ආරංචියක් තියෙනවද?

322
00:28:00,470 --> 00:28:02,139
ආටිනා මොනවා හරි පණිවිඩයක් එවලා තියෙනවද?

323
00:28:02,222 --> 00:28:04,433
නෑ. තාම මුකුත් නෑ, රජතුමනි.

324
00:28:15,235 --> 00:28:16,361
කොසෙයාර්ද ඒක කළේ?

325
00:28:16,445 --> 00:28:17,571
ඔව්, රජතුමනි.

326
00:28:17,654 --> 00:28:19,948
එයා ලොටෙෂූ වයිකවුන්ට්තුමාට ගහලා වධ දුන්නා.

327
00:28:20,032 --> 00:28:22,534
ඊටපස්සේ රෂ්ටා මැඩම්ගේ දුර්වලකම මොකක්ද කියලා
කියන්න කියලා බල කළා.

328
00:28:23,201 --> 00:28:24,912
රෂ්ටාගේ දුර්වලකම...

329
00:28:24,995 --> 00:28:26,705
එයාට ඕන වුණේ සාක්ෂි හොයාගන්න,

330
00:28:26,788 --> 00:28:29,833
රෂ්ටා ඇත්තටම ලොටෙෂූ වයිකවුන්ට්තුමාගේ
වහලියක් වෙලා හිටියා කියලා.

331
00:28:29,917 --> 00:28:31,501
රජතුමනි,

332
00:28:31,585 --> 00:28:34,713
එයාට ඕන කරන්නේ ඔයාගේ දරුවගේ නම
කැත කරන්න බව මට හොඳටම පැහැදිලියි.

333
00:28:34,796 --> 00:28:38,884
අම්මගේ අතීත අඩු තත්වය නිසා
තවම ඉපදිලත් නැති දරුවව අසරණ කරන්න.

334
00:28:38,967 --> 00:28:40,594
ඔයාට මේක නිකන්ම අතහරින්න බෑ.

335
00:28:40,677 --> 00:28:42,888
කොසෙයාර් කවදාවත් මේක නවත්තන්නේ නෑ, රජතුමනි.

336
00:28:42,971 --> 00:28:45,682
ඒ මනුස්සයාට ඕන කරන්නේ මොකක්ද කියලා
මට මගේ හිතින්ම තේරෙනවා...

337
00:28:46,642 --> 00:28:48,310
එයාට ඕනේ ඔයාගේ දරුවට අනතුරක් කරන්න.

338
00:28:50,228 --> 00:28:52,397
ඒ කාලකණ්ණියා...

339
00:28:52,481 --> 00:28:53,732
අනේ...

340
00:28:54,441 --> 00:28:56,568
ඔයා ඒ දරුවව ආරක්‍ෂා කරන්නම ඕනේ, රජතුමනි.

341
00:28:57,277 --> 00:29:00,155
මේ දරුවා තව කෙනෙක්ගේ කුසකින් ආවත්,

342
00:29:00,238 --> 00:29:02,199
ඒ දරුවා ඔයාගේම රාජකීය ලේ නේද.

343
00:29:02,282 --> 00:29:03,784
මට හිතාගන්න බැරුව ඉන්නේ...

344
00:29:04,493 --> 00:29:07,996
මේ දරුවා තමයි රජතුමාට ලැබෙන
අන්තිම අවස්ථාවද කියලා

345
00:29:08,914 --> 00:29:10,749
රාජකීය උරුමක්කාරයෙක් ලැබෙන්න තියෙන?

346
00:29:15,420 --> 00:29:16,797
මොකක්ද ඒ කිව්වේ? තේරෙන විදිහට කියන්න.

347
00:29:18,799 --> 00:29:19,967
අගබිසවට...

348
00:29:20,842 --> 00:29:22,803
එයාට දරුවෝ හදන්න බෑ.

349
00:29:29,935 --> 00:29:32,729
මට... සමා වෙන්න.
ඔයා ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද, රජතුමනි?

350
00:29:35,440 --> 00:29:36,817
මේ චෝදනා...

351
00:29:38,777 --> 00:29:40,278
ඔයා ළඟ මොකක් හරි පදනමක් තියෙනවද?

352
00:29:40,362 --> 00:29:42,030
අනේ දෙවියනේ!

353
00:29:44,783 --> 00:29:46,284
ඔයාලා පොඩි කාලෙ,

354
00:29:46,368 --> 00:29:48,120
එක සිද්ධියක් වුණා, රජතුමනි.

355
00:29:48,787 --> 00:29:51,623
කලින් හිටපු අගරැජින
තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණා.

356
00:29:51,707 --> 00:29:52,958
ඔයාලා දෙන්නා සෙල්ලම් කර කර ඉද්දි,

357
00:29:53,041 --> 00:29:55,961
තියාපු කෑම අතරින් කුකීස් හොරෙන් අරන්
කනවා මම අල්ලගත්තා.

358
00:29:56,044 --> 00:29:57,337
ඔයාට මතකද?

359
00:30:00,132 --> 00:30:02,801
ඔයාලා දෙන්නා මොනවා හරි කෑවද?

360
00:30:13,061 --> 00:30:14,187
කුකීස්ද?

361
00:30:14,271 --> 00:30:16,481
කලින් හිටපු රජතුමාගේ කිසිම අන්තඃපුර කාන්තාවකට

362
00:30:16,565 --> 00:30:17,607
ළමයි හම්බුණේ නෑ.

363
00:30:18,316 --> 00:30:20,610
ඒක නිකම්ම වුණ දෙයක් කියලා ඔයා හිතුවද?

364
00:30:21,236 --> 00:30:22,446
නෑ, රජතුමනි.

365
00:30:22,529 --> 00:30:24,740
ඒක කලින් හිටපු අගරැජින
කරපු සැලසුමක්.

366
00:30:24,823 --> 00:30:26,366
මේ අන්තඃපුර කාන්තාවන් අටදෙනාගෙන් හැමෝටම

367
00:30:26,450 --> 00:30:28,785
මේ කුකීස් වලින් එකක් කන්න සිද්ධ වුණා,
රජතුමනි.

368
00:30:30,370 --> 00:30:31,705
ඒකට කිසිම බෙහෙතක් නෑ.

369
00:30:32,247 --> 00:30:33,874
එයා හැමෝවම වඳ කළා.

370
00:30:36,334 --> 00:30:38,420
-මොකක්ද?
-ඔයාට හරියටම ඇහුණා, රජතුමනි.

371
00:30:38,503 --> 00:30:40,464
ඒවා කෑවට පස්සේ,
ළමයි පිළිසිඳගන්න බෑ.

372
00:30:40,547 --> 00:30:43,508
තව කෙනෙක් බඩින් ඉන්නවා නම්,
ඒකෙන් බබා ගබ්සා වෙනවා.

373
00:30:57,314 --> 00:31:00,859
ඇයි ඔයා මේ රහස මෙච්චර කල් හැංගුවේ?

374
00:31:03,403 --> 00:31:05,280
මට ළමයි නැති වුණොත්...

375
00:31:06,323 --> 00:31:09,951
ඔයාගේම පරම්පරාවේ කෙනෙක්ට
රාජ්‍යය අල්ලගන්න ඉඩ ලැබෙයි කියලා හිතුවද?

376
00:31:10,035 --> 00:31:12,704
මහරජතුමනි, ඒක ඇත්තක් නෙමෙයි!
ඔයා කොහොමද මම ගැන එහෙම හිතන්නේ?

377
00:31:13,622 --> 00:31:16,083
මට කවදාවත් බැහැ
මේ වගේ ද්‍රෝහී වැඩක් කරන්න!

378
00:31:17,292 --> 00:31:18,376
ඒකට හේතුව...

379
00:31:18,960 --> 00:31:19,961
පොරොන්දුවක්.

380
00:31:20,045 --> 00:31:22,839
පෙර සිටි අධිරාජිනිය
මගෙන් ඉල්ලුවා මේක මරණය දක්වාම රහසක් විදිහට තියාගන්න කියලා.

381
00:31:22,923 --> 00:31:24,216
මට ඒක කරන්න වුණා.

382
00:31:24,299 --> 00:31:25,926
මට එයාට දුන්න පොරොන්දුව රකින්න වුණා.

383
00:31:32,224 --> 00:31:33,433
පොරොන්දුවක්?

384
00:31:37,145 --> 00:31:39,356
ඒකද ඔයා කියන්නේ?

385
00:31:42,776 --> 00:31:44,277
ඔයාට විනෝදයක් වුණාද

386
00:31:45,153 --> 00:31:49,991
අධිරාජිනියයි මමයි දරුවෙක් ලැබෙන්න කොච්චර නම් දුක් වින්දද කියලා බලාගෙන ඉන්න

387
00:31:50,075 --> 00:31:52,202
ඒ ඔක්කොම පොරොන්දුවක් නිසාද?

388
00:31:52,285 --> 00:31:54,913
මහරජතුමනි, ඔයාට මේකෙන් බලපෑමක් වුණේ නැති එක ගැන මට ලොකු සහනයක්.

389
00:31:54,996 --> 00:31:57,165
මම මේ කියන්නේ ඇත්තටමයි. ඇත්තටමයි.

390
00:31:58,959 --> 00:32:01,711
මට කොහොමද මේ ගැන ඔයාට කියන්න පුළුවන් වෙන්නේ?

391
00:32:02,546 --> 00:32:04,965
අනේ, මේක මගේ හිතට කොච්චර නම් වදයක් වුණාද!

392
00:32:22,941 --> 00:32:24,401
මට ස්ථිරවම කියන්න පුළුවන්

393
00:32:25,527 --> 00:32:28,822
අධිරාජිනියට විතරයි දරුවන් ලැබීමේ අපහසුතාවයක් තිබුණේ කියලා.

394
00:32:30,407 --> 00:32:32,242
රාෂ්ටාගේ ගැබ් ගැනීම...

395
00:32:33,285 --> 00:32:35,328
ඒකෙන් ඔප්පු වෙන්නේ ඒකමයි මහරජතුමනි!

396
00:32:37,205 --> 00:32:38,206
ලාන්ටේ!

397
00:32:42,377 --> 00:32:43,378
මහරජතුමනි?

398
00:32:45,755 --> 00:32:47,549
කොසෙයාර්ව අත්අඩංගුවට ගන්න.

399
00:32:47,632 --> 00:32:51,094
දැන්ම නයිට්වරුන්ව යවලා
එයාව චාල්ස්ගේ ගොවිපළේ හිර කරලා තියන්න.

400
00:32:51,761 --> 00:32:53,597
එයාට මේ විදිහට එහෙ මෙහෙ යන්න දෙන්න බැහැ.

401
00:32:54,306 --> 00:32:56,391
අපිට එයාව සම්පූර්ණයෙන්ම හුදෙකලා කරන්න ඕනේ...

402
00:32:57,184 --> 00:32:58,977
එයාට කා එක්කවත් සම්බන්ධ වෙන්න බැරි වෙන්න.

403
00:33:11,698 --> 00:33:12,782
දැන් යන්න.

404
00:33:48,360 --> 00:33:50,528
<i>ඔයාට කලින් හිටපු කෙනාගේ</i>
<i>කිසිම අනියම් බිරිඳකට</i>

405
00:33:50,612 --> 00:33:51,613
<i>දරුවෝ ලැබුණේ නෑ.</i>

406
00:33:52,572 --> 00:33:55,367
<i>ඒක අහම්බයක් කියලාද ඔයා හිතුවේ?</i>

407
00:33:55,450 --> 00:33:56,534
<i>නෑ, මහරජතුමනි.</i>

408
00:33:56,618 --> 00:33:58,703
<i>ඒක සැලසුම් කළේ</i>
<i>පෙර සිටි අධිරාජිනිය විසින්.</i>

409
00:33:59,829 --> 00:34:01,915
මේකට බෙහෙතක් නෑ.

410
00:34:01,998 --> 00:34:03,583
එයා හැමෝම වඳ කරලා තියෙන්නේ.

411
00:34:11,967 --> 00:34:13,051
වැඩේ ඉවරද?

412
00:34:14,719 --> 00:34:17,013
- ඔයා සමාලෝචනය කරලා ඉවරද?
- ඔව්, මහරජතුමනි.

413
00:34:17,097 --> 00:34:19,683
අපි අතීත පාලන සමයන්හි වාර්තා

414
00:34:19,766 --> 00:34:21,601
සහ රාජකීය නීතිය ගැන තියෙන හැම පොතක්ම හොඳට පරීක්ෂා කළා.

415
00:34:21,685 --> 00:34:25,730
ඒත් අනියම් බිරිඳකට ලැබෙන කිසිම දරුවෙක්ට
අධිරාජ්‍යයේ උරුමක්කාරයා වෙන්න බෑ.

416
00:34:25,814 --> 00:34:27,148
ඒ වගේ දෙයක් මීට කලින් වෙලා නෑ.

417
00:34:27,232 --> 00:34:31,987
අධිරාජිනියගේ දරුවාට විතරයි
අධිරාජ්‍යයේ සිහසුන උරුම වෙන්නේ.

418
00:34:41,496 --> 00:34:44,499
බෝල්ටින් ආදිපාදවරයා විසින් සූදානම් කරන
නියෝජිත ලැයිස්තුව ඔයා දැක්කද?

419
00:34:44,582 --> 00:34:45,583
තාම නෑ.

420
00:34:45,667 --> 00:34:48,336
ඔයා දන්නවනේ, ඒකේ ඉන්නවා
පොහොසත් වෙළෙන්දෝ කිහිප දෙනෙක්ම.

421
00:34:48,420 --> 00:34:50,213
එයාලා බටහිර රාජධානියේ තියෙන දුර්ලභ ඛනිජ වර්ග

422
00:34:50,297 --> 00:34:52,340
අඩුම මිලට ගන්න උත්සාහ කරයි.

423
00:34:52,424 --> 00:34:54,009
මේ තත්ත්වයෙන් වාසි ගන්න.

424
00:34:54,092 --> 00:34:56,511
අහ්, අපිත් වෙළෙන්දෝ ටිකක් එකතු කරගමුද?

425
00:35:02,517 --> 00:35:04,853
ආටිනා මහත්තයා
මාළිගාවට ආපහු ඇවිත්.

426
00:35:04,936 --> 00:35:06,605
එයාට ඔයාව හදිසියෙන්ම මුණගැහෙන්න ඕනේ.

427
00:35:15,113 --> 00:35:16,364
ආටිනා, ඔයාගේ ඇඟෙන් ලේ එනවා!

428
00:35:17,324 --> 00:35:19,075
-වෛද්‍යවරයාව ගෙන්නන්න.
-මහරජාණෙනි...

429
00:35:19,159 --> 00:35:20,535
මට වැදගත් ආරංචියක් තියෙනවා.

430
00:35:21,870 --> 00:35:23,872
කොසෙයාර් මහත්තයා ලොකු අනතුරක ඉන්නේ.

431
00:35:25,040 --> 00:35:26,041
මොකද වුණේ?

432
00:35:26,708 --> 00:35:29,252
මේක ඔයාට දෙන්න කිව්වා.

433
00:35:37,385 --> 00:35:38,887
ඒක රාෂ්ටා ගැන.

434
00:35:38,970 --> 00:35:40,221
එයා දැනටමත් අම්මා කෙනෙක්.

435
00:35:42,265 --> 00:35:44,267
තව ළමයෙක් ඉන්නවද?

436
00:35:44,809 --> 00:35:46,603
ලොටේෂුගේ පුතා තමයි තාත්තා.

437
00:35:46,686 --> 00:35:48,647
එයාලට එකට ළමයෙක් ඉන්නවා.

438
00:35:48,730 --> 00:35:51,191
මේක අලුත උපන් බබෙක්,
මාස පහක් හයක් විතර ඇති.

439
00:36:02,702 --> 00:36:05,205
මහරජාණෙනි, ඔයා ඇයි මේ පැකිලෙන්නේ?

440
00:36:05,288 --> 00:36:09,334
ඇල්බානි පවුලයි රාෂ්ටා මෙනවියයි එකතු වෙලා
මහරජාණන්ව රවට්ටලා තියෙනවා.

441
00:36:09,417 --> 00:36:11,503
ඔයා එයාට ඇත්තම කියන්න ඕනේ.

442
00:36:13,129 --> 00:36:14,798
එතකොට කොසෙයාර් මහත්තයාව බේරගන්න පුළුවන් වෙයි.

443
00:36:19,302 --> 00:36:21,262
එයාගේ නයිට්වරු ආවේ එයාගේ නියෝගයෙන් නම්,

444
00:36:22,222 --> 00:36:23,682
මහරජාණන් ඒක දැනගන්නම ඕනේ.

445
00:36:24,349 --> 00:36:26,476
එයා දැනටමත් හැමදේම දන්නවා ඇති.

446
00:36:30,939 --> 00:36:32,315
මට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ.

447
00:36:33,024 --> 00:36:34,776
මම මහරජාණන් එක්ක කතා කරන්නම්

448
00:36:34,859 --> 00:36:36,236
එතකොට මට මගේ සහෝදරයාව බේරගන්න පුළුවන්.

449
00:37:01,720 --> 00:37:05,557
මහරජාණෙනි, ඔයා කිව්ව විදිහටම මම හැමදේම කළා,
ඒත් මම...

450
00:37:08,226 --> 00:37:09,436
ලැන්ටේ.

451
00:37:10,854 --> 00:37:12,021
ඔව්, මහරජතුමනි?

452
00:37:20,655 --> 00:37:22,031
අගබිසව...

453
00:37:30,206 --> 00:37:31,666
මට එයාගෙන් දික්කසාද වෙන්න ඕනේ.

454
00:37:51,561 --> 00:37:52,729
මහරජතුමනි.

455
00:38:51,162 --> 00:38:52,455
ඔයා මේ මොනවද කියන්නේ?

456
00:38:56,000 --> 00:38:57,377
දික්කසාදයක් කියන්නේ මොකක්ද?

457
00:38:58,545 --> 00:38:59,796
හරියටම ඒක තමයි.

458
00:39:00,797 --> 00:39:02,507
මම අදහස් කළේ අගබිසවගෙන් දික්කසාද වෙන එක ගැන.

459
00:39:03,925 --> 00:39:05,093
ඇයි?

460
00:39:06,010 --> 00:39:07,095
ඉතින්...

461
00:39:07,595 --> 00:39:09,347
ඉතින් ඊළඟට මොකද වෙන්නේ?

462
00:39:22,944 --> 00:39:24,571
ඔයා අගබිසව වෙයි.

463
00:39:30,243 --> 00:39:31,411
ආ...

464
00:39:31,953 --> 00:39:33,997
අගබිසව නම් කැමැත්තෙන් ඉවත් වෙන්නේ නැහැ.

465
00:39:34,873 --> 00:39:37,125
එයා මේ දික්කසාදය ලේසියෙන් බාරගන්නේ නැති බව මම දන්නවා.

466
00:39:38,084 --> 00:39:40,086
එයාගේ පවුලේ අයත් ප්‍රශ්න ඇති කරන්න පුළුවන්.

467
00:39:40,169 --> 00:39:42,630
හ්ම්. මම නම් එහෙම හිතන්නේ නැහැ.

468
00:39:42,714 --> 00:39:44,340
ඉතින්, ඔයා මොකද කරන්නේ?

469
00:39:46,259 --> 00:39:47,427
මම ඒක බලාගන්නම්.

470
00:39:49,178 --> 00:39:50,179
ඒ නිසා ඔයා බය වෙන්න එපා.

471
00:39:53,892 --> 00:39:55,435
මට පුළුවන් දේ මම කරන්නම්.

472
00:39:58,605 --> 00:40:02,317
ඔයා කරන්න ඕනේ ඔයාගේ සෞඛ්‍ය ගැන විතරක් හිතන එක.

473
00:40:04,360 --> 00:40:07,697
මම කියනකම්, අද අපි කතා කරපු දේ අපිට විතරක් තියාගන්න.

474
00:41:17,016 --> 00:41:18,059
ඒක ඇත්තක්ද?

475
00:41:22,814 --> 00:41:24,440
මම අගබිසව වෙන්නද යන්නේ?

476
00:41:36,911 --> 00:41:37,996
රාෂ්ටා!

477
00:41:40,498 --> 00:41:41,624
අගබිසව.

478
00:41:47,338 --> 00:41:49,257
රාෂ්ටා, අලුත් අගබිසව.

479
00:41:50,633 --> 00:41:51,634
රාෂ්ටා...

480
00:41:52,552 --> 00:41:53,553
ඉෂ්කා...

481
00:41:55,054 --> 00:41:56,180
බොටුලින්.

482
00:42:22,957 --> 00:42:25,209
<i>වැන්දඹු රැජිනකට සාමාන්‍යයෙන්</i>
<i>මොකද වෙන්නේ?</i>

483
00:42:25,293 --> 00:42:28,337
එයා මාලිගාවෙන් පිටවෙලා කොම්ප්ෂයර් වල තියෙන වතුයායකට යනවා.

484
00:42:28,421 --> 00:42:29,756
ඒකට නිල නියෝගයක් නැහැ,

485
00:42:29,839 --> 00:42:31,841
ඒත් අපේ වාර්තා වල තියෙන විදිහට මම දැනගත්තේ ඒකයි.

486
00:42:31,924 --> 00:42:33,384
ඒ වාර්තා හොයාගන්න.

487
00:42:33,468 --> 00:42:34,677
හොඳයි, මහරජතුමනි.

488
00:42:40,808 --> 00:42:41,809
හේන්රි.

489
00:42:45,229 --> 00:42:46,898
අපි එකට ඇවිදින්න යමුද?

490
00:42:47,690 --> 00:42:49,025
අපි ඉස්සර වගේම...

491
00:42:49,734 --> 00:42:51,360
අපි පොඩි කාලේ හිටියා වගේ.

492
00:42:54,781 --> 00:42:56,199
අපි පොඩි කාලේ හිටියා වගේද?

493
00:42:56,783 --> 00:42:57,992
ම්ම්.

494
00:42:59,827 --> 00:43:02,246
ඔයා තාමත් මාලිගාවේ ජීවිතයට පුරුදු වුණේ නැද්ද?

495
00:43:02,789 --> 00:43:05,249
මම මෙහෙ ඉපදුණ නිසාද දන්නේ නැහැ,

496
00:43:05,333 --> 00:43:07,001
මාලිගාව මාව ඉක්මනින්ම බාරගත්තා.

497
00:43:07,085 --> 00:43:10,338
ඒත් මිනිස්සු නම් මාව කොහෙත්ම පිළිගන්නේ නැහැ.

498
00:43:11,839 --> 00:43:14,634
වැඩිහිටි මන්ත්‍රණ සභාව නම් ටිකක් දැඩි වෙන්න පුළුවන්.

499
00:43:14,717 --> 00:43:16,344
ඔයා බදු ප්‍රශ්නය ගැන නම්‍යශීලී වුණොත්,

500
00:43:16,427 --> 00:43:18,513
තව ගොඩක් දේවල් ලේසියෙන්ම විසඳගන්න පුළුවන් වෙයි.

501
00:43:18,596 --> 00:43:21,766
ඔයා එයාලත් එක්ක හැප්පෙනකොට හිතලා බලලා වැඩ කරන්න ඕනේ.

502
00:43:21,849 --> 00:43:25,103
ඔයා පරිස්සම් වෙන්න ඕනේ, තාත්තා ඔයාට දාලා ගිය උගුලට අහුවෙන්න එපා.

503
00:43:25,186 --> 00:43:26,562
ඔයා ඉවසීමෙන් ඉන්න ඕනේ...

504
00:43:27,563 --> 00:43:28,898
එතකොට ඔයාටම කියලා පාරක් හදාගන්න පුළුවන්.

505
00:43:30,066 --> 00:43:32,652
අපි ඉස්සර වගේ ඇවිදින්න යමු කියලා ඔයා කිව්වා,

506
00:43:32,735 --> 00:43:34,403
ඒත් මට හිතෙනවා ඒකට වෙනම හේතුවක් තියෙනවා කියලා.

507
00:43:35,279 --> 00:43:36,364
සමහරවිට එහෙම වෙන්න ඇති.

508
00:43:36,447 --> 00:43:38,950
අනික, සමහර වැඩිහිටියෝ අලුත් රජ්ජුරුවන්ගේ උනන්දුව අගය කරනවා.

509
00:43:40,868 --> 00:43:42,537
ඔයා ගොඩක් වෙනස් වෙලා.

510
00:43:43,412 --> 00:43:46,666
තාත්තයි පරණ රජ්ජුරුවොයි අතර බල අරගලය ගොඩක් ලොකුවට තිබුණා.

511
00:43:46,749 --> 00:43:48,000
මමත් ඒ ගැන අහලා තියෙනවා.

512
00:43:48,084 --> 00:43:50,628
මගේ සහෝදරයා ඔයාව විශ්වාස කළා. ඔයාලගේ එකමුතුකම එයාට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

513
00:43:52,421 --> 00:43:54,006
ඔයාටත් මාව පාවිච්චි කරන්න පුළුවන්.

514
00:43:54,632 --> 00:43:56,759
ඔයාගේ හඬට ශක්තියක් වෙන්න මට පුළුවන්.

515
00:43:58,219 --> 00:44:00,179
ඒ අවස්ථාව ඔයාට තියෙනවා.

516
00:44:01,389 --> 00:44:02,431
ක්‍රිස්ටා...

517
00:44:09,730 --> 00:44:11,858
අපේ විවාහය ගැන හැමෝම එක එක දේවල් කියනවා,

518
00:44:11,941 --> 00:44:13,151
ඒත් අපි දෙන්නා එහෙම නෑ.

519
00:44:13,234 --> 00:44:15,444
අපිට තාම ඒ ගැන කතා කරන්න වෙලාවක් ලැබුණේ නැති නිසා.

520
00:44:17,155 --> 00:44:19,115
රාජකීය විවාහ ගොඩක් වෙලාවට වෙන්නේ ඔය විදිහට තමයි.

521
00:44:20,199 --> 00:44:22,368
මේක නිකන් දේශපාලන ගිවිසුමක් විතරයි.

522
00:44:22,451 --> 00:44:23,786
අපේ කැමැත්තට තියෙන්නේ දෙවෙනි තැන.

523
00:44:25,580 --> 00:44:27,999
අපේ එකමුතුකම තමයි ආරක්ෂිතම තේරීම,

524
00:44:28,082 --> 00:44:29,458
ඒ වගේම ඒක දේශපාලනික තීරණයක්.

525
00:44:29,542 --> 00:44:31,377
ඒත් ඔයාට ආදරයක් ඕනේ නැද්ද?

526
00:44:31,460 --> 00:44:34,422
මටත් ඕනේ ජනතාවට සේවය කරන්න, වැඩිහිටි මණ්ඩලයට විතරක් නෙමෙයි.

527
00:44:34,505 --> 00:44:36,674
දේවල් වෙනස් කරන්න පුළුවන් තැනක තමයි අපි ඉන්නේ.

528
00:44:36,757 --> 00:44:38,551
මේ රාජ්‍යයට අලුත් ආරම්භයක් ඕනේ.

529
00:44:39,427 --> 00:44:41,220
අපිට ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ ආරම්භයක්.

530
00:44:41,304 --> 00:44:43,639
රාජකීය විවාහ ගැන ඔයාගේ අදහස හරි.

531
00:44:43,723 --> 00:44:45,308
ඔයා හිතන කවුරුහරි ඉන්නවද?

532
00:44:46,475 --> 00:44:47,476
ඇත්තටම ඉන්නවද?

533
00:44:53,316 --> 00:44:54,650
ඔව්, කවුරුහරි ඉන්නවා.

534
00:44:55,776 --> 00:44:56,986
එයා තමයි ඒ කෙනා.

535
00:45:12,835 --> 00:45:15,421
ඊයේ රෑ හිම වැටුණා කියලා මම අහන්න ලැබුණා,

536
00:45:16,672 --> 00:45:19,383
ඒත් දැන් ආයෙමත් කාලගුණය උණුසුම් වෙලා.

537
00:45:23,888 --> 00:45:25,473
ඔයා මේ ප්‍රශ්නේ ගැන කතා කළාද...

538
00:45:26,057 --> 00:45:28,142
රාෂ්ටා එක්ක? එහෙමත් නැත්නම් රජතුමා එක්ක?

539
00:45:29,143 --> 00:45:30,728
එයා මොකක්ද කිව්වේ?

540
00:45:30,811 --> 00:45:32,605
මම එයා එක්ක කතා කළේ නෑ.

541
00:45:35,691 --> 00:45:36,692
එලිසා කවුන්ටස්...

542
00:45:38,194 --> 00:45:39,403
ඔයා කිව්වනේ රාෂ්ටාට...

543
00:45:40,071 --> 00:45:42,198
හොඳම ගුරුවරුන්ගෙන් උගන්වනවා කියලා?

544
00:45:42,281 --> 00:45:43,491
ඔව්.

545
00:45:43,574 --> 00:45:47,536
රජතුමාම තමයි හැම ගුරුවරයෙක්ම තෝරගත්තේ කියලා මම අහන්න ලැබුණා,

546
00:45:47,620 --> 00:45:48,871
ඒ අතරින් සමහර අය ඔයාගේ අය.

547
00:45:50,373 --> 00:45:54,252
රාෂ්ටාට උගන්වන්නේ උතුමන්ලා හැමෝම ඉගෙන ගන්න දේවල්ම තමයි.

548
00:45:54,335 --> 00:45:57,588
එයාගේ ඉගෙනීම පටන් ගන්නේ මූලික දේවල් වලින්, ඕනෑම උසස් පවුලක ළමයෙක් වගේ.

549
00:45:57,672 --> 00:45:59,715
එයා රාජ්‍ය නිලධාරීන් හැමෝම ගැන මතක තියාගන්න ඕනේ,

550
00:46:00,424 --> 00:46:01,425
ඒ වගේම උතුමන්ලා ගැනත්...

551
00:46:01,968 --> 00:46:04,178
අධිරාජ්‍යයේ ඉතිහාසය සහ පෙළපත් නාමාවලිය ගැන.

552
00:46:04,262 --> 00:46:06,806
මේ අධ්‍යාපනය පටන් ගත්තේ කවදා ඉඳන්ද?

553
00:46:08,015 --> 00:46:09,433
එයා ගැබ් ගත්තට පස්සේ.

554
00:46:10,476 --> 00:46:11,936
එයා ගැබ් ගත්තට පස්සේද?

555
00:46:18,025 --> 00:46:19,527
මහරජතුමනි,

556
00:46:19,610 --> 00:46:21,279
අද රෑ මහරජතුමා එක්ක කෑම වේලක්
තියෙනවා.

557
00:46:21,362 --> 00:46:24,240
ඔයාට මහරජතුමා එක්ක කෑම කන්න තියෙනවා,
හැමදාම වගේ.

558
00:46:24,824 --> 00:46:26,117
මට මොන වගේ ඇඳුමක්ද ලෑස්ති කරන්න ඕනේ?

559
00:46:28,744 --> 00:46:30,037
මට පාට පාට ඇඳුමක් ඕනේ.

560
00:46:30,830 --> 00:46:32,331
-අපි ඒක ලෑස්ති කරන්නම්.
-අපි ඒක ලෑස්ති කරන්නම්.

561
00:46:51,017 --> 00:46:53,686
මගේ සහෝදරයා ඉන්නේ මහරජතුමාගේ
නියෝග මත හිර කරලා.

562
00:46:54,562 --> 00:46:55,813
එයාව නිදහස් කරන්නේ කවදාද?

563
00:47:06,657 --> 00:47:08,701
ඔයාට ඔය දේවල් දැනගන්න ලැබුණේ කොහොමද?

564
00:47:08,784 --> 00:47:11,787
මේ මාලිගාවේ බිත්තිවලටත් කන් තියෙනවා කියලා
ඔයාට අමතක වුණේ කොහොමද?

565
00:47:12,788 --> 00:47:14,623
මම හැමදේම දන්නවා.

566
00:47:15,207 --> 00:47:16,751
මම තමයි අධිරාජිනිය.

567
00:47:20,546 --> 00:47:22,882
ඔයාගේ සහෝදරයා හිර කරලා කියලා
ඔයා දැනගත්තා නම්...

568
00:47:24,216 --> 00:47:27,094
එහෙනම් මම හිතනවා... ඔයා දන්නවා ඇති ඒ ඇයි කියලා.

569
00:47:27,720 --> 00:47:31,640
එයා රාෂ්ටා ගැන ඕපාදූප හොයන්න ගිහින්,
අහිංසක මනුස්සයෙක්ව...

570
00:47:32,350 --> 00:47:33,934
ලේ විලක් කළා.

571
00:47:35,728 --> 00:47:37,480
ඔයා එයාට අහිංසක මනුස්සයෙක් කියනවා.

572
00:47:38,522 --> 00:47:40,232
දැන් මට කියන්න, මහරජතුමනි.

573
00:47:40,316 --> 00:47:43,194
ඔයා ඇහැ ගලවපු ඒ මනුස්සයාද
මේ කියන අහිංසක මනුස්සයා?

574
00:47:43,903 --> 00:47:45,738
ඔයා එයාට පොරොන්දු කරවා ගත්තේ නැද්ද

575
00:47:46,655 --> 00:47:48,616
ආයෙත් කවදාවත් රාෂ්ටා ගැන කතා කරන්නේ නැහැ කියලා?

576
00:47:53,079 --> 00:47:54,413
මම ඔයාට මේ ගැන අනතුරු ඇඟෙව්වා.

577
00:47:56,499 --> 00:47:59,627
මම මගේ නූපන් දරුවාව ඕනෑම වියදමකින්
ආරක්ෂා කරනවා.

578
00:47:59,710 --> 00:48:01,962
රාෂ්ටාට තර්ජනයක් වෙන වෙලාවටත්
මම ඒක කරනවා.

579
00:48:13,891 --> 00:48:15,476
තීරණය අරගෙන ඉවරයි.

580
00:48:16,769 --> 00:48:18,771
කොසෙයාර් ජෙනරාල්ව පිටුවහල් කරනවා.

581
00:48:18,854 --> 00:48:20,147
ඔයා එහෙම කියන්න එපා.

582
00:48:20,856 --> 00:48:22,483
මට තවදුරටත් එයා ගැන විශ්වාසයක් නැහැ.

583
00:48:22,566 --> 00:48:26,070
දැන් ඔයාටවත් එයා පාලනය කරන්න බැරි වෙයි කියලා
මම හිතනවා.

584
00:48:27,613 --> 00:48:30,241
ඒක වෙනස් වෙයි කියලත් මට හිතෙන්නේ නැහැ.

585
00:48:32,660 --> 00:48:34,745
මගේ සහෝදරයා කරපු දේවල් නිකන්ම නිකන්
දේවල් නෙමෙයි.

586
00:48:36,372 --> 00:48:38,249
එයා හොයාගත්තේ මොනවද කියලා ඔයා දන්නවද?

587
00:48:39,041 --> 00:48:42,670
ඔව්! එයා හොයමින් හිටියේ
රාෂ්ටාගේ වහල්භාවය ගැන තියෙන ලියකියවිලි.

588
00:48:43,754 --> 00:48:45,172
එහෙම දේවල් කොහෙවත් නැහැ.

589
00:48:46,132 --> 00:48:48,217
ඔයාට ඇයි එයා ගැන මෙච්චර වෛරයක්?

590
00:48:48,300 --> 00:48:49,760
අසරණ, අහිංසක කෙල්ලෙක්.

591
00:48:49,844 --> 00:48:51,470
එයා හරිම දුක්බර ජීවිතයක් ගත කළේ.

592
00:48:51,554 --> 00:48:54,723
අන්තිමේදී එයා ගෞරවයෙන් සහ නිහතමානීව
නැගී සිටිනවා.

593
00:48:54,807 --> 00:48:58,519
ඒත් ඔයාට ඕනේ එයාගේ ඒ දේ නැති කරලා දාන්න,
ඔයාට හැමදේම තියෙද්දිත්.

594
00:48:58,602 --> 00:49:01,981
ඒ දරුවාට කෑදරකමක්, ආසාවක්,
පසුබිමක් හෝ බලයක් නැහැ.

595
00:49:02,064 --> 00:49:03,691
එයාට ඔයා එක්ක තරඟ කරන්න බැහැ.

596
00:49:03,774 --> 00:49:05,901
ඒත් තාමත් ඔයාට එයා ගැන බයක් තියෙනවා.

597
00:49:05,985 --> 00:49:07,862
ඒ කෙල්ල ඉන්නේ මගේ දරුවාව කුසේ තියාගෙන,

598
00:49:07,945 --> 00:49:11,365
ඔයාලා වගේ බලවත් පවුලක ඉන්න
ඔයයි ඔයාගේ සහෝදරයයි,

599
00:49:12,908 --> 00:49:15,536
එයාගේ නම කැත කරන්න විතරයි හදන්නේ.

600
00:49:45,399 --> 00:49:46,692
මට කෑම කන්න ඕනේ නැහැ.

601
00:49:48,068 --> 00:49:49,528
මට යන්න වෙලාව හරි.

602
00:50:05,252 --> 00:50:06,587
අභිෂේක උත්සවය...

603
00:50:07,963 --> 00:50:09,798
නියෝජිතයා කවුද කියලා මම තීරණය කළා.

604
00:50:13,219 --> 00:50:14,637
මම යනවා.

605
00:50:19,350 --> 00:50:22,520
නැවත විවාහ වුණ අධිරාජිනිය

606
00:50:23,479 --> 00:50:45,481
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

