﻿1
00:00:01,011 --> 00:00:14,556
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

2
00:00:37,287 --> 00:00:40,666
ද රීමේරීඩ් එම්ප්‍රස්

3
00:00:46,129 --> 00:00:51,927
ද රීමේරීඩ් එම්ප්‍රස්

4
00:02:27,439 --> 00:02:29,608
ඔයා බටහිර රාජ්‍යයේ ඉන්න කැමති වෙයි කියලා මට විශ්වාසයි.

5
00:02:29,691 --> 00:02:30,859
ඔයාව සාදරයෙන් පිළිගන්නවා.

6
00:02:51,713 --> 00:02:55,342
මෙතැන ඉඳන් ඉස්සරහට,
මම මැතිනියගේ රථය එක්ක එකතු වෙන්නම්.

7
00:03:07,521 --> 00:03:09,231
එයා දැන් රජතුමා නිසා වෙන්න ඇති,

8
00:03:09,314 --> 00:03:10,816
ඒත් එයා කවදාටත් වඩා ගොඩක් කඩවසම් පාටයි.

9
00:03:17,197 --> 00:03:18,198
මොකක්ද?

10
00:03:18,281 --> 00:03:19,908
ඔයා අද ගොඩක් සතුටින් නේද ඉන්නේ.

11
00:03:21,284 --> 00:03:22,285
මම බලන්න කොහොමද?

12
00:03:24,413 --> 00:03:26,164
ගොඩක් කඩවසම්, මායි ලෝඩ්.

13
00:03:52,649 --> 00:03:55,110
මාළිගාවෙන් තාමත් කිසිම
ආරංචියක් ආවේ නෑ.

14
00:03:55,819 --> 00:03:57,571
අනේ මන්දා එහේ මොනවා වෙනවාද කියලා?

15
00:03:57,654 --> 00:03:59,406
සමහරවිට ලොකු ප්‍රශ්නයක් වෙලා ඇති.

16
00:04:01,825 --> 00:04:03,201
මාළිගාවෙන් අමුත්තෙක් ඇවිත් ඉන්නවා.

17
00:04:11,209 --> 00:04:12,794
ඔයා ඇයි තනියම මෙහෙට ආවේ?

18
00:04:13,378 --> 00:04:15,630
මට රහසින් කතා කරන්න ඕනේ නිසයි
මම තනියම ආවේ.

19
00:04:23,513 --> 00:04:26,475
මම නැති බව අයට තේරෙන්න පුළුවන්,
ඒ නිසා මට වැඩි වෙලාවක් නෑ.

20
00:04:27,058 --> 00:04:29,060
කොහෙද අර ලේ රතු මුදුව තියෙන්නේ?
ඔයා ඒක හොයාගත්තද?

21
00:04:29,811 --> 00:04:30,812
මට ඒක දැනගන්න ඕනේ.

22
00:04:31,521 --> 00:04:33,940
ලොටෙෂූ කියන විදිහට නම්,
ඒක තියෙන්නේ කොසෙයාර් ළඟ.

23
00:04:34,024 --> 00:04:35,734
ඒත් මට ඒක ස්ථිර කරගන්න බැරි වුණා.

24
00:04:35,817 --> 00:04:38,612
රජතුමාගේ ආරක්ෂකයෝ කොසෙයාර් ගැන
මහ ලොකු අවධානයකින් හිටියේ,

25
00:04:38,695 --> 00:04:40,655
ඒ නිසා එයා ළඟටවත් යන්න බැරි වුණා.

26
00:04:44,993 --> 00:04:47,120
මම වෙන බොරු එකක් හොයන්නද?

27
00:04:47,204 --> 00:04:48,789
නැත්නම් ඒ වගේම එකක් හදවන්නද?

28
00:04:49,331 --> 00:04:51,792
නෑ, රජතුමා ගොඩක් ආභරණ ගන්න කෙනෙක්.

29
00:04:51,875 --> 00:04:53,710
එයාට බොරු එකක් එකපාරටම අහුවෙයි.

30
00:04:58,173 --> 00:04:59,341
මම ඒක බලාගන්නම්.

31
00:05:03,553 --> 00:05:05,388
මට දැන් ලොටෙෂූව හොයාගන්න පුළුවන් කොහෙන්ද?

32
00:05:05,472 --> 00:05:07,015
එයාව අර එළියේ තියෙන කාමරේ වහලා තියෙන්නේ.

33
00:05:07,098 --> 00:05:11,269
අපිට ඒ කාලකණ්ණියා ගැන මොකද කරන්නේ කියලා
තීරණය කරන්න වෙනවා.

34
00:05:11,353 --> 00:05:13,146
අපිට එයාව මෙහෙ හැමදාම වහලා තියන්න බෑනේ.

35
00:05:13,730 --> 00:05:15,690
එයාව නිදහස් කළොත් ලොකු අනතුරක් වුණත්.

36
00:05:26,910 --> 00:05:27,994
මම…

37
00:05:32,666 --> 00:05:34,042
ඔටුන්න හිමි කරගන්නවා.

38
00:05:46,513 --> 00:05:47,889
මොකක්?

39
00:05:49,015 --> 00:05:51,768
මම, ඒ කියන්නේ රාෂ්ටා,
රජතුමාගේ අලුත් බිරිඳ වෙනවා.

40
00:05:54,020 --> 00:05:56,064
රජතුමා දික්කසාද වෙන්නයි ලෑස්ති වෙන්නේ.

41
00:05:56,773 --> 00:05:59,150
ඊළඟට අධිරාජිනිය වෙන්නේ රාෂ්ටා.

42
00:06:02,237 --> 00:06:03,446
දෙවියනේ.

43
00:06:03,947 --> 00:06:05,490
අනේ දෙවියනේ!

44
00:06:08,451 --> 00:06:11,454
මේ ගැන කාටවත්ම එක වචනයක්වත් කියන්න එපා.

45
00:06:12,247 --> 00:06:14,124
වැඩකටයුතු පටන්ගන්න කල්ම එපා.

46
00:06:15,250 --> 00:06:18,336
ඔයා කාටහරි එක වචනයක් හරි කිව්වොත්,
හැමදේම පාළු වෙලා යයි.

47
00:06:18,920 --> 00:06:21,131
රජතුමා හැමදේම ඉක්මන් කරනවා.

48
00:06:21,715 --> 00:06:25,010
දික්කසාදේ සිද්ධ වෙයි,
නේවියර් අධිරාජිනිය අයින් වෙයි.

49
00:06:25,760 --> 00:06:27,762
ඊටපස්සේ එයා රාෂ්ටාව ඒ තැනින් තියයි

50
00:06:28,346 --> 00:06:31,099
එතකොට ළමයා රාජකීය උරුමක්කාරයෙක් විදිහට
කසාදෙන් පස්සේ උපදින නිසා.

51
00:06:34,269 --> 00:06:35,437
ඉතින්, එතකොට, අනා…

52
00:06:35,520 --> 00:06:37,022
අනේ, දැන් අපිට මොකද කරන්න ඕනේ?

53
00:06:39,357 --> 00:06:40,692
ලොටෙෂූ ගැන බලාගන්න.

54
00:06:42,027 --> 00:06:43,737
එයා මගේ ඇඟට කඩා පැනලා ඉන්නේ

55
00:06:43,820 --> 00:06:45,780
මාව සුරලා ගන්න බලන්.

56
00:06:45,864 --> 00:06:47,866
මේකෙන් වැඩේ තවත් ගොඩක් අමාරු වෙයි.

57
00:06:48,950 --> 00:06:49,993
එයා මාව හූරාගෙන කයි…

58
00:06:50,994 --> 00:06:52,037
හූරාගෙන කයි…

59
00:06:53,163 --> 00:06:55,624
මට දෙන්න කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැති වෙනකන්ම
එයා මාව හූරාගෙන කයි.

60
00:06:57,208 --> 00:06:58,501
අදහස් කරපු දේ කෙළින් කියන්න.

61
00:07:00,003 --> 00:07:01,004
එයා මැරෙන්න ඕනේ.

62
00:07:02,922 --> 00:07:04,382
එතකොට ඔයාගේ පුතා?

63
00:07:12,265 --> 00:07:13,350
එයාට…

64
00:07:14,351 --> 00:07:15,518
ජීවත් වෙලා ඉන්න බෑ.

65
00:07:18,605 --> 00:07:20,398
ඒ ළමයගේ තාත්තටත් බෑ.

66
00:07:22,609 --> 00:07:23,735
හොඳම දේ තමයි…

67
00:07:25,445 --> 00:07:28,156
එයාලා ඔක්කොමලවම නැති කරලා
අලුතෙන්ම වැඩේ පටන් ගන්න එක.

68
00:07:30,450 --> 00:07:32,369
සීය අද ඒවිද දන්නේ නෑ.

69
00:07:32,952 --> 00:07:34,371
එයා ඇයි මට කතා කළේ නැත්තේ?

70
00:07:35,163 --> 00:07:36,831
ඔයා දවසින් දවස තවත් රාෂ්ටා වගේම වෙනවා.

71
00:07:39,626 --> 00:07:40,627
ඒ කියන්නේ ඒ එන්නේ සීයා වෙන්න ඕනේ.

72
00:07:41,211 --> 00:07:42,420
යමු ගිහින් බලමු.

73
00:08:11,700 --> 00:08:13,993
තව පාරක් ආවා නේද, අ?

74
00:08:26,589 --> 00:08:28,341
අනේ, ඔයා හරිම හුරුබුහුටියි.

75
00:08:28,425 --> 00:08:29,843
අනේ!

76
00:08:29,926 --> 00:08:31,136
එන්න යන්න.

77
00:08:45,900 --> 00:08:49,571
<i>"මේ ලෝකේ නොතිබිය යුතු දේවල්</i>
<i>නැති වෙලා ගියා."</i>

78
00:09:30,445 --> 00:09:32,113
මේක තමයි දික්කසාද ඇප්ලිකේෂන් එක.

79
00:09:34,657 --> 00:09:35,658
නොරයූ.

80
00:09:37,077 --> 00:09:38,328
මේක ලියන්න.

81
00:09:38,411 --> 00:09:41,664
"පළමුවෙන්ම, කොසේර් ලිල්ඩර් ට්‍රෝවි,
ඒ කියන්නේ අධිරාජිනියගේ අයියා,

82
00:09:41,748 --> 00:09:44,375
"රාෂ්ටාව තල්ලු කරලා අධිරාජයාගේ දරුවව
මරන්න හැදුවා,

83
00:09:44,459 --> 00:09:46,503
"එයා බඩින් ඉද්දිම බිමට වට්ටලා.

84
00:09:46,586 --> 00:09:48,463
"දෙවනුව, රහස් එළිදරව් කරගන්න ඕනේ හින්දා

85
00:09:48,546 --> 00:09:50,757
"අධිරාජයාගේ පෙම්වතිය වන රාෂ්ටාගේ,

86
00:09:50,840 --> 00:09:53,718
"අධිරාජිනිය එයාගේ අයියා ලවා අහිංසක මනුස්සයෙක්ව හිරකරගෙන වද දුන්නා

87
00:09:53,802 --> 00:09:55,553
"එයාගෙන් බොරු කටඋත්තර ගන්න.

88
00:09:55,637 --> 00:09:56,638
"මේ සිද්ධියට ගෑවිලා ඉන්න

89
00:09:56,721 --> 00:09:58,890
"අධිරාජිනිය ගැන සලකලා බලද්දි,

90
00:09:58,973 --> 00:10:02,852
"එයා කිසිම කණගාටුවක් දැක්වුවේ නෑ වගේම ඉපදෙන්න ඉන්න දරුවා එක්ක කෙළින්ම වෛරයෙන් හිටියා.

91
00:10:02,936 --> 00:10:04,145
-"තුන්වෙනුව--"
-අනේ කරුණාකරලා!

92
00:10:04,229 --> 00:10:06,523
රජතුමනි, ඔයා මේ ගැන
අධිරාජිනිය එක්ක කතා කරන්නම ඕනේ.

93
00:10:06,606 --> 00:10:08,483
ඔයා එකපාරටම මේ වගේ දෙයක් කළොත්,

94
00:10:08,566 --> 00:10:11,820
අධිරාජිනියට ඒකෙන් ගොඩක් හිත රිදෙයි, එයා ගොඩක් කම්පනය වෙයි.

95
00:10:11,903 --> 00:10:13,196
ලොකුම රිස්ක් එක තමයි, ලාන්ටේ,

96
00:10:13,780 --> 00:10:16,449
අධිරාජිනිය මේ දික්කසාදය නවත්තන්න හදන්න පුළුවන් එක.

97
00:10:20,453 --> 00:10:24,124
දරුවා ලැබෙන්න කලින්ම
මේ දෙවෙනි කසාදය සිද්ධ වෙන්න ඕනේ.

98
00:10:24,207 --> 00:10:27,127
දැන් මට උරුමක්කාරයෙක් ඉන්න නිසා මගේ රාජවංශය ආරක්ෂා කරගන්න ඕනේ.

99
00:10:28,128 --> 00:10:29,921
අපිට නිකන් කාලය නාස්ති කර කර ඉන්න වෙලාවක් නෑ.

100
00:10:30,004 --> 00:10:31,506
මේ නඩුව තවත් ඇදෙන්න දෙන්න බෑ.

101
00:10:31,589 --> 00:10:35,301
එයාව ඉක්මනින්ම පරද්දන්න ඕන කරන
හැම සාක්ෂියක්ම අපිට තියෙනවද කියලා බලන්න ඕනේ.

102
00:10:36,386 --> 00:10:37,887
පුළුවන් තරම් වාර්තා ඔක්කොම එකතු කරන්න.

103
00:10:37,971 --> 00:10:40,640
සාක්ෂිකාරයන්ගෙන් පෞද්ගලික
ප්‍රකාශත් ලබාගන්න.

104
00:10:40,723 --> 00:10:42,642
ඒ කටඋත්තර පැහැදිලිව සටහන් කරගන්න.

105
00:10:42,725 --> 00:10:44,144
එහෙමයි, රජතුමනි.

106
00:11:06,374 --> 00:11:07,709
මම රිවර්ටි ඩියුක්තුමාව හඳුන්වා දෙන්නම්.

107
00:11:08,293 --> 00:11:10,044
රිවර්ටි ඩියුක්තුමා, ඔයාව හමුවීම සතුටක්.

108
00:11:10,128 --> 00:11:13,006
ඔයාව හමුවීමට ලැබීම ලොකු ගෞරවයක්, රජතුමනි.

109
00:11:15,508 --> 00:11:16,759
මේ අමාරෙස් මාර්කස්තුමා.

110
00:11:16,843 --> 00:11:18,970
ඔයාගේ වත්ත ගැන ආරංචිය හැමතැනම පැතිරිලා තියෙන්නේ.

111
00:11:19,470 --> 00:11:21,389
ඒක හරිම ලස්සනයි කියලා මට ආරංචියි.

112
00:11:21,472 --> 00:11:22,891
ඒක හරිම නිශ්ශබ්ද, හිතට නිදහස් තැනක් වෙන්න ඇති.

113
00:11:22,974 --> 00:11:24,225
ඔයා ඒක දැනගත්තේ කොහොමද?

114
00:11:24,309 --> 00:11:26,019
අනිවාර්යයෙන්ම ඇවිත් යන්න එන්න.

115
00:11:28,479 --> 00:11:30,607
ඔයා කොහොමද ඒ වගේ දෙයක් පවා දන්නේ?

116
00:11:40,074 --> 00:11:42,160
මියගිය රජතුමාගේ බිරිඳ,
ක්‍රිස්ටා මැතිනිය, රජතුමනි.

117
00:11:48,249 --> 00:11:50,126
මගේ කනගාටුව මම කියනවා.

118
00:11:51,586 --> 00:11:53,379
අපුව බලන්න ආපු එකට ගොඩක් ස්තූතියි.

119
00:11:53,463 --> 00:11:54,505
මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා.

120
00:12:05,600 --> 00:12:06,851
සිමෙන්සියා ඩියුක්තුමා.

121
00:12:07,644 --> 00:12:10,188
අපි සාකච්ඡා සම්මේලනයේදී හමු වුණා නේද.

122
00:12:10,813 --> 00:12:13,066
ඔයා කියපු බුද්ධිමත් කතා මට තාමත් හොඳට මතකයි.

123
00:12:13,149 --> 00:12:14,359
ඔයා අපේ හිත් දිනාගත්තා.

124
00:12:14,442 --> 00:12:15,860
මහ පුදුම කරුණාවන්තකමක් ඒක.

125
00:12:16,819 --> 00:12:18,655
රජතුමා මේ වෙලාවේ ඉන්නේ ගොඩක් දුකින්.

126
00:12:19,239 --> 00:12:22,575
එයා අත්දැකීම් නැති කෙනෙක් වෙන්න පුළුවන්,
ඉස්සරහට වෙන දේවලට ලෑස්ති නැතුව ඇති.

127
00:12:25,411 --> 00:12:29,249
ඒත් අපේ ජ්‍යෙෂ්ඨ මණ්ඩලය
එයාව හොඳින් මෙහෙයවාවි.

128
00:12:32,585 --> 00:12:33,795
සෙමෙන්සියා ඩියුක්තුමා.

129
00:12:34,587 --> 00:12:35,964
මම විනීතව ඒකට එකඟ වෙන්නේ නෑ.

130
00:12:37,507 --> 00:12:40,885
පෙරදිග අධිරාජ්‍යයට හයින්රි රජතුමාගේ
දක්ෂතා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.

131
00:12:48,309 --> 00:12:49,310
ම්ම්-හ්ම්.

132
00:12:55,900 --> 00:12:58,486
ඔයාගේ අභිෂේක උත්සවයට මට ආරාධනා කළාට,

133
00:12:58,569 --> 00:13:00,488
මගේ ස්තූතිය පිරිනමන්න ඕනේ.

134
00:13:06,995 --> 00:13:09,455
පෙරදිග අධිරාජ්‍යයේ ළඟදී තිබුණු
නව වසර සැමරුමේදී,

135
00:13:09,539 --> 00:13:11,499
හයින්රි රජතුමා ඒකට සහභාගි වුණා,

136
00:13:11,582 --> 00:13:14,085
එයා හරිම දක්ෂ පාලකයෙක් කියලා පෙන්නුවා.

137
00:13:14,836 --> 00:13:15,837
ඒ විතරක් නෙමෙයි…

138
00:13:16,587 --> 00:13:18,089
එයා මට පෙන්නුවා සැබෑ යහළුකම කියන්නේ මොකක්ද කියලා.

139
00:13:19,590 --> 00:13:22,635
අපේ රාජ්‍යයන් දෙක අතර වෙළඳාම

140
00:13:22,719 --> 00:13:25,138
ගොඩක් වැඩි වෙයි කියලා මට වාර්තා ලැබිලා තියෙනවා.

141
00:13:25,221 --> 00:13:26,472
මේ ගිවිසුම් ඇති වුණේ…

142
00:13:27,473 --> 00:13:30,018
ඔයාලගේ රජතුමාගේ තියෙන දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසයි.

143
00:13:30,727 --> 00:13:33,229
අපේ අනාගතය දෙගොල්ලන්ගේම යහපත උදෙසා එකට බැඳිලා තියෙන්නේ…

144
00:13:35,023 --> 00:13:37,150
ඔයාලගේ රජතුමා අපේ වැදගත් සහකරුවෙක් විදිහට ඉන්නවා.

145
00:13:42,905 --> 00:13:46,117
ඔයා පෙරදිගදී ක්‍රියාත්මක කරපු අලුත් වෙළඳ ප්‍රතිපත්ති ඔක්කොම

146
00:13:46,200 --> 00:13:48,494
දැන් අපේ රාජ්‍යයේත් ක්‍රියාත්මක වෙනවා.

147
00:13:48,578 --> 00:13:49,954
කරුණාකරලා මේක මතක තියාගන්න.

148
00:13:50,038 --> 00:13:53,916
නේවියර් අධිරාජිනිය, අපේ රාජ්‍යයේ හැමෝම ඔයාට ගොඩක් ගරු කරනවා.

149
00:15:00,066 --> 00:15:01,400
ඔයාටත් නින්ද යන්නේ නැද්ද?

150
00:15:07,031 --> 00:15:08,699
ඇයි ඔයා ඔච්චර කල්පනා කරන්නේ?

151
00:15:09,283 --> 00:15:10,743
ඔයා මොනවා ගැනද මේ කල්පනා කරන්නේ?

152
00:15:11,619 --> 00:15:14,205
ඔයාට ඔයාගේ ඔටුනු පැළඳීමේ උත්සවය ගැන බයක් තියෙනවද?

153
00:15:14,288 --> 00:15:15,581
මම පොරොන්දු වෙනවා ඔටුන්න ඔයාට ගාණට හරියයි.

154
00:15:18,709 --> 00:15:20,336
මම නම් ගොඩක් බය වුණේ ඔයා ගැන.

155
00:15:22,130 --> 00:15:23,714
ඔයාට ගොඩක් අමාරු වෙන්න ඇති

156
00:15:23,798 --> 00:15:25,967
රෂ්ටාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා
ආරංචි වුණ වෙලාවේ ඉදලා.

157
00:15:26,509 --> 00:15:28,219
මම බැලුවේ ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා.

158
00:15:29,178 --> 00:15:31,097
මම හිතනවා ඒක ඔයාට ලොකු රිදවීමක් වුණේ නෑ කියලා.

159
00:15:31,180 --> 00:15:33,599
නැත්නම් ඒකෙන් දෙශපාලනමය වශයෙන්
ලොකු ගැටලුවක් ඇති වෙයිද කියලා.

160
00:15:34,725 --> 00:15:36,894
රාජ සභාවක හැටි

161
00:15:36,978 --> 00:15:38,312
ඔහොම තමයි.

162
00:15:44,152 --> 00:15:45,695
මම වැඩිපුර හිතුවා වැඩියිද?

163
00:15:48,698 --> 00:15:49,949
සෝවියෙෂූ...

164
00:15:50,950 --> 00:15:52,577
අපිට දික්කසාද වෙන්න කියනවා

165
00:15:53,995 --> 00:15:56,164
එයා බලන්නේ රෂ්ටාව බිරිඳ කරගන්න.

166
00:15:58,124 --> 00:16:00,626
මම එයාලා කතා වෙනවා හොරෙන් අහගෙනයි හිටියේ.

167
00:16:00,710 --> 00:16:01,836
<i>ඔයා මොකක්ද ඒ කිව්වේ, දික්කසාදයක්?</i>

168
00:16:03,880 --> 00:16:05,339
ඔව්, ඒකම තමයි.

169
00:16:07,508 --> 00:16:09,427
ඉතින් ඊළඟට මොකද වෙන්න යන්නේ?

170
00:16:10,887 --> 00:16:12,847
මම හදන්නේ අගමෙහෙසියගෙන් දික්කසාද වෙන්න.

171
00:16:13,514 --> 00:16:15,224
<i>මගේ මහත්තයාගේ කටහඬේ...</i>

172
00:16:15,725 --> 00:16:17,685
මාරම ආදරයක් තිබුණේ,

173
00:16:19,812 --> 00:16:22,064
රෂ්ටාත් සතුටින් පිරිලා හිටියේ.

174
00:16:58,017 --> 00:17:00,061
ඔයාව මුණගැහුණු එක ගැන මට ගොඩක් සතුටුයි.

175
00:17:02,480 --> 00:17:03,648
මට ඔයාව ගොඩක් මතක් වුණා.

176
00:17:06,067 --> 00:17:07,485
ඒ නිසයි මම මෙහෙට ආවේ.

177
00:18:41,287 --> 00:18:42,330
බොහොම ස්තූතියි.

178
00:18:42,413 --> 00:18:43,873
මම ඒ ඔටුන්න පළඳින්නේ නෑ.

179
00:19:09,607 --> 00:19:11,233
හැම සුළඟක්ම උපදින්නේ බටහිරින්.

180
00:19:11,317 --> 00:19:13,569
ඒවා පටන් ගන්නේ අපේ මිටියාවත් සහ කඳුවලින්.

181
00:19:13,653 --> 00:19:15,237
අපේ රාජධානිය තමයි ඒ හැමදේකම ආරම්භය.

182
00:19:16,697 --> 00:19:17,698
මතක තියාගන්න,

183
00:19:17,782 --> 00:19:19,992
ඒ සුළඟ තමයි අපේ ජීවිතයේ ප්‍රධානම ශක්තිය,

184
00:19:20,076 --> 00:19:21,494
හැම දේශයක් හරහාම හමාගෙන යන.

185
00:19:22,244 --> 00:19:24,538
ඒකෙන් මුළු ලෝකයටම පණක් සහ හුස්මක් ලැබෙනවා.

186
00:19:26,832 --> 00:19:28,584
තුන්වෙනි වෝල්ටන් රජතුමා, ඒ කියන්නේ මගේ ලොකු අයියා,

187
00:19:28,668 --> 00:19:30,211
එයාගේ හීනය තාමත් ජීවත් වෙනවා.

188
00:19:30,294 --> 00:19:32,588
එයාට ඕන වුණා බටහිර රාජධානියේ තියෙන උතුම් අදහස්
හැමෝම අතරේ බෙදාගන්න

189
00:19:32,672 --> 00:19:34,006
අර සුළඟ වගේම.

190
00:19:35,966 --> 00:19:36,967
දැන්...

191
00:19:38,135 --> 00:19:40,846
මම එයාගේ ඒ මහ ලොකු හීනය භාර අරන්
ඒක සැබෑ කරනවා.

192
00:19:43,557 --> 00:19:45,810
සුළඟ හමාගෙන යාවි
පොරොන්දුවල අලුත් පණත් අරගෙන.

193
00:19:47,103 --> 00:19:49,188
වෙනසක සුළඟ හැමතැනටම පැතිරිලා යාවි.

194
00:19:50,398 --> 00:19:51,941
ඒවායින් ඒ උතුම් සත්‍යය අරන් යාවි

195
00:19:52,024 --> 00:19:53,943
හැම මනුස්සයෙක්ම ඉපදෙන්නේ සමානව කියන දේ.

196
00:19:54,026 --> 00:19:57,279
අපි ඉපදෙන්නේ නිදහස් මිනිස්සු විදිහට, අපේ දරුවන්ගේ එකමුතු ශක්තිය

197
00:19:57,363 --> 00:19:58,823
මහ ලොකු බලයක්.

198
00:19:59,824 --> 00:20:01,117
ඒ දවස වැඩි ඈතක නෙමෙයි.

199
00:20:01,742 --> 00:20:03,160
අන්න ඒ දවසට,

200
00:20:03,244 --> 00:20:05,204
අපේ රාජධානිය අලුතින් උපදිනවා අපිට බලාගන්න පුළුවන් වේවි

201
00:20:05,788 --> 00:20:08,040
අධිරාජ්‍යයක් විදිහට.

202
00:20:09,083 --> 00:20:10,793
මමත් ඔයත් එක්ක එතන ඉන්නවා.

203
00:20:12,211 --> 00:20:13,754
අපි හැමෝම එකට ඉඳියිද?

204
00:20:16,507 --> 00:20:18,718
බස්නාහිර රාජධානියට ජය වේවා!

205
00:20:18,801 --> 00:20:20,845
හෙන්රි රජතුමාට ජය වේවා!

206
00:20:31,272 --> 00:20:32,314
මම දිවුරනවා…

207
00:20:33,315 --> 00:20:35,067
ඒ හීනය ඇත්තක් වෙනවාමයි.

208
00:20:36,694 --> 00:20:38,195
වැරදෙන්නේ නෑ.

209
00:20:39,363 --> 00:20:41,198
හෙන්රි රජතුමාට ජය වේවා,

210
00:20:41,282 --> 00:20:42,324
මගේ රජතුමාට!

211
00:20:42,408 --> 00:20:45,494
හෙන්රි රජතුමාට ජය වේවා, මගේ රජතුමාට!

212
00:20:45,578 --> 00:20:49,039
හෙන්රි රජතුමාට ජය වේවා, මගේ රජතුමාට!

213
00:20:50,499 --> 00:20:52,376
හෙන්රි රජතුමාට ජය වේවා, මගේ රජතුමාට!

214
00:20:52,460 --> 00:20:56,255
හෙන්රි රජතුමාට ජය වේවා, මගේ රජතුමාට!

215
00:20:56,338 --> 00:20:59,467
හෙන්රි රජතුමාට ජය වේවා, මගේ රජතුමාට!

216
00:21:03,763 --> 00:21:06,390
ඔයා පල්ලෙහා ඉන්න සෙනඟට ආචාර කළොත්
මම ගොඩක් සතුටු වෙනවා.

217
00:21:08,309 --> 00:21:11,854
ඔයා වහන්සේට පුළුවන් නම්
අපේ සෙනඟ ඇත්තටම ගොඩක් සතුටු වෙයි.

218
00:21:11,937 --> 00:21:13,397
ඒකෙන් රජතුමාට ඔයාගේ තියෙන සහයෝගය පෙනෙයි.

219
00:21:32,958 --> 00:21:34,335
ඔයාට ඒක හුරු වෙයි.

220
00:22:08,786 --> 00:22:09,787
නේවියර්…

221
00:22:22,341 --> 00:22:23,759
රජ කෙනෙක්ට බිසවක් ඉන්න ඕනේ.

222
00:22:36,188 --> 00:22:37,773
නේවියර්, මට ඔයාව කසාද බඳින්න ඕනේ.

223
00:23:21,191 --> 00:23:22,234
හා, හෙන්රි.

224
00:23:24,153 --> 00:23:25,654
මම ඔයාගේ බිසව වෙන්නම්.

225
00:23:48,844 --> 00:23:50,387
ඔයාට මාව සම්බන්ධ කරගන්න පුළුවන්…

226
00:23:50,471 --> 00:23:51,680
මොනවා හරි ඕනේ වුණොත්.

227
00:23:55,184 --> 00:23:56,185
මම ඔයාට ලියුම් එවන්නම්.

228
00:23:56,268 --> 00:23:57,603
ම්ම්.

229
00:24:11,617 --> 00:24:13,118
මේ පැත්තෙන්.

230
00:24:18,165 --> 00:24:19,166
අනේ!

231
00:24:20,542 --> 00:24:21,835
ඒ දෙන්නා…

232
00:24:21,919 --> 00:24:24,004
හරිම ලස්සන අඹුසැමි යුවලක් වුණා.

233
00:24:25,798 --> 00:24:26,840
සර්?

234
00:24:28,175 --> 00:24:29,468
ඒ දෙන්නා පොඩි කාලේ,

235
00:24:30,135 --> 00:24:32,429
හිටපු ලස්සනම ළමයි දෙන්නා.

236
00:24:35,265 --> 00:24:39,687
<i>ගොඩක්ම සීතල, අඳුරු තැනකට වුණත්</i>
<i>ආලෝකය ලැබෙන්න දෙන්න.</i>

237
00:24:40,270 --> 00:24:41,897
අපේ මේ දෙන්නට

238
00:24:41,981 --> 00:24:44,566
මේ අධිරාජ්‍යයේ ශක්තිමත්ම කුළුණු දෙක වෙන්න දෙන්න,

239
00:24:44,650 --> 00:24:47,987
හැමදාම ඒකේ ආදරණීය හදවතේම
ඉන්න දෙන්න.

240
00:24:55,452 --> 00:24:57,371
නේවියර්ගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා මම පතනවා.

241
00:25:01,250 --> 00:25:03,210
ඇගේ මහත් ප්‍රඥාව

242
00:25:03,293 --> 00:25:04,628
රටට යන පාරක් වෙන්න දෙන්න.

243
00:25:05,796 --> 00:25:07,589
ඒක ආරක්ෂා කරන්න මට හයිය දෙන්න.

244
00:25:08,340 --> 00:25:09,591
අපි දෙන්නා එකෙක් වෙමු…

245
00:25:10,634 --> 00:25:13,637
හැමදාටම එකිනෙකා ළඟින් ඉන්න ලැබීම ගැන
ආඩම්බර වෙමු.

246
00:25:30,112 --> 00:25:32,656
ඒ දෙන්නා කවදාවත් වෙන් වෙලා ඉඳලා නෑ,

247
00:25:32,740 --> 00:25:35,242
පොඩි කාලේ ඉදන් එක මොහොතකටවත්.

248
00:25:36,827 --> 00:25:39,288
ඒක දෙවියන්ගේ තීරණයක් වගේමයි හැමතිස්සෙම තිබුණේ.

249
00:25:41,665 --> 00:25:42,791
යුද්ධය…

250
00:25:42,875 --> 00:25:44,168
ගැටුම්…

251
00:25:45,002 --> 00:25:46,879
ඒ අය ඒ කළුවර කාලේදී අපිට උදව් කළා,

252
00:25:46,962 --> 00:25:49,173
අපි හැමෝම එකතු කරලා,
අපිට ඊට වඩා හොඳ අනාගතයක් හදලා දුන්නා.

253
00:25:50,924 --> 00:25:52,676
ඒ අය එකතු වෙලා වැඩ කළා.

254
00:25:54,553 --> 00:25:56,138
මේ මහ ලොකු රාජ්‍යය ගොඩනැඟුවේ...

255
00:25:56,764 --> 00:25:58,265
එක්කෙනෙක් වගේ.

256
00:26:03,604 --> 00:26:06,482
ඒත්... දැන් වෙන් වෙන්න හදනවා.

257
00:26:10,360 --> 00:26:12,279
මට හිතෙන්නේ මං හින්දා ඒ අයට වරදක් වුණාදෝ කියලයි.

258
00:26:34,426 --> 00:26:35,427
අනේ...

259
00:26:40,224 --> 00:26:41,642
මම ළඟ ඉස්සර පොතක් තිබුණා.

260
00:26:42,893 --> 00:26:45,062
මම පොඩි කාලේ මගේ අම්මා ඒක මට කියවලා තියෙනවා.

261
00:26:46,021 --> 00:26:47,689
අපේ දරුවා මේ පොතට ගොඩක් ආස වෙයි.

262
00:26:48,774 --> 00:26:50,734
මම දැන් ඒක කියෙව්වොත්
ඒකට ඒක මතක් වෙයි කියලා ඔයා හිතනවාද?

263
00:26:51,819 --> 00:26:52,945
අනිවාර්යයෙන්ම.

264
00:26:54,029 --> 00:26:56,490
දරුවා කොහොමත් මං වගේම ගොඩක් බුද්ධිමත් වෙයි,

265
00:26:56,573 --> 00:26:57,950
ඒ නිසා ඒක හරියයි.

266
00:27:05,040 --> 00:27:07,084
මම ඔයාට කිව්වා නේද ඒ රතු මුදුව
නිතරම දාගෙන ඉන්න කියලා.

267
00:27:09,837 --> 00:27:10,921
ඇත්තම කතාව...

268
00:27:11,964 --> 00:27:13,173
ඒක මෙහෙ නෑ.

269
00:27:13,257 --> 00:27:14,341
මගේ වැඩකාර කෙල්ලගෙන් ඒක නැති වුණා.

270
00:27:15,425 --> 00:27:16,468
ඇත්තටම?

271
00:27:17,261 --> 00:27:18,262
ඒ කවුරුගෙන්ද?

272
00:27:19,555 --> 00:27:21,181
අනේ ඒකට තරහා ගන්න එපා.

273
00:27:21,265 --> 00:27:24,434
දැන් මේ වෙලාවේ,
මට මගේ හිතේ හොඳ අදහස් විතරක් තියාගන්න ඕනේ.

274
00:27:25,185 --> 00:27:26,687
මගේ ඇඟට දැන් සනීපයි,

275
00:27:26,770 --> 00:27:28,897
අනික ඒ කෙල්ල මුළු රෑම ඇඬුවා.

276
00:27:29,731 --> 00:27:31,567
මුදුව නැති වුණ එක ගැන එයාට ලොකු කනගාටුවක් තිබුණේ.

277
00:27:35,279 --> 00:27:37,614
ඔයා ඔච්චර කරුණාවන්ත එක ගැන මට පුදුමත් හිතෙනවා.

278
00:27:43,370 --> 00:27:44,663
මට දරුවා පයින් ගහනවා දැනුණා.

279
00:27:45,163 --> 00:27:47,332
ඒ කියන්නේ
ඔයාගේ දරුවට ඔයාව හම්බවෙන්න ඕනෙ වෙලා.

280
00:27:48,250 --> 00:27:49,751
ඔයාගේ කන මෙතැනින් තියන්න.

281
00:28:12,149 --> 00:28:15,235
දෙපැත්තෙන්ම අහලා බලන්න මට ටික වෙලාවක් යයි.

282
00:28:15,319 --> 00:28:16,653
අධිරාජ්‍යයා කියන දේ විතරක් නෙමෙයි,

283
00:28:16,737 --> 00:28:19,531
මම අධිරාජිනියගේ පැත්තෙනුත්
ඒ ගැන අහන්න කැමතියි.

284
00:28:20,657 --> 00:28:24,912
මට කියන්න ගොඩක් සීරියස් ආරංචියක් තියෙනවා.

285
00:28:27,539 --> 00:28:29,333
ඒක දික්කසාදය ගැන.

286
00:28:29,416 --> 00:28:31,501
අධිරාජ්‍යයා ඉල්ලපු දික්කසාදයක් ගැන.

287
00:28:42,596 --> 00:28:44,056
ඔයා ඒක කලින්ම දැනගෙනද හිටියේ?

288
00:28:45,182 --> 00:28:46,642
මට පුංචි සැකයක් තිබුණා.

289
00:28:47,643 --> 00:28:48,644
මට තේරෙනවා.

290
00:28:48,727 --> 00:28:50,228
ඉතින් මේක කොහොමද වුණේ?

291
00:28:51,355 --> 00:28:53,774
ඔය දෙන්නා හරිම විශේෂයි,
අඩුම තරමේ පිටින් බලද්දිවත්.

292
00:28:55,233 --> 00:28:56,944
ඒත් ඒ සේරම එකපාරටම කඩාගෙන වැටුණා.

293
00:28:57,027 --> 00:28:58,195
ම්ම්.

294
00:28:59,404 --> 00:29:00,405
අධිරාජ්‍යයා

295
00:29:00,489 --> 00:29:03,283
හිතන්නේ ඔයාගේ අයියා කරපු වරද
ගොඩක් බරපතලයි කියලා,

296
00:29:03,367 --> 00:29:07,329
අනික එයා ලැබෙන්න ඉන්න දරුවටත්
මහ ලොකු තර්ජනයක්, තර්ජනාත්මක කෙනෙක් කියලා.

297
00:29:07,412 --> 00:29:09,456
මේ කසාදේ ඉවර වුණත්,

298
00:29:09,998 --> 00:29:12,250
ඒකට හේතුව මගේ අයියා කියන දේ
මම කිසිසේත්ම පිළිගන්නේ නෑ.

299
00:29:13,043 --> 00:29:17,089
ඔය දෙන්නා එකපාරටම මෙච්චර දුරස් වුණේ ඇයි?

300
00:29:18,674 --> 00:29:21,134
මගේ මහත්තයාගේ හිත
වෙන ආදරයකට හිමි වුණ නිසා.

301
00:29:23,512 --> 00:29:24,846
සිද්ධ වුණේ ඔන්න ඕකයි.

302
00:29:25,639 --> 00:29:27,557
හ්ම්-හ්ම්. මම හිතනවා...

303
00:29:30,185 --> 00:29:33,647
මේ නඩුව ගොඩක්ම
වැදගත් නඩුවක් කියලා, ඒත්...

304
00:29:37,192 --> 00:29:38,318
ඔයා මේකට...

305
00:29:40,070 --> 00:29:42,572
නිකන්ම අවනත වෙන්න ඕනේ නෑ.

306
00:29:43,407 --> 00:29:44,741
ඔයාට තේරෙනවා නේද?

307
00:29:53,417 --> 00:29:55,919
මේක නම් මහ විකාරයක්!
එයාලා කොහොමද මෙහෙම කරන්නේ?

308
00:30:00,507 --> 00:30:01,508
මහ රජතුමනි,

309
00:30:01,591 --> 00:30:04,469
උතුමාණන් වහන්සේ හදිසි
මන්ත්‍රණ සභාවක් කැඳවලා තියෙන්නේ.

310
00:30:08,682 --> 00:30:10,225
එයා කරන්න හදන දේ මම දන්නවා.

311
00:30:10,308 --> 00:30:12,644
එයාට ඕනේ මේ දික්කසාදය
ප්‍රසිද්ධියේ වෙන දෙයක් කරන්න.

312
00:30:12,728 --> 00:30:15,147
මහ රජතුමනි, මම වඳිමින් ඉල්ලන්නේ එතනට යන්න එපා.

313
00:30:15,230 --> 00:30:17,941
නෑ, මම ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ. මහ රජතුමනි, යන්න එපා.

314
00:30:18,650 --> 00:30:20,527
මම උසාවියට ගියත් එකයි නැතත් එකයි.

315
00:30:21,319 --> 00:30:22,446
මම නැතත්,

316
00:30:23,905 --> 00:30:25,407
කොහොමත් දික්කසාදය සිද්ධ වෙනවා.

317
00:31:51,159 --> 00:31:53,578
මට ඇත්තටම සමා වෙන්න, නේවියර්.

318
00:31:55,372 --> 00:31:56,373
කොහොම වුණත්--

319
00:31:56,456 --> 00:31:58,125
මට ඔයාගේ කණගාටුවෙන් වැඩක් නෑ.

320
00:31:58,667 --> 00:32:00,377
ඔයා කියන ඒවායේ කිසිම තේරුමක් නෑ.

321
00:32:01,419 --> 00:32:02,879
අනේ ඔය බොරු කියන්න හදන්නවත් එපා.

322
00:32:04,047 --> 00:32:06,216
උසාවි මහේස්ත්‍රාත්වරයාව ඉදිරිපත් කරන්න අවසරයි.

323
00:32:26,486 --> 00:32:27,529
මහත්වරුනි...

324
00:32:29,239 --> 00:32:30,657
නේවියර් අධිරාජිනියයි මමයි...

325
00:32:31,658 --> 00:32:33,243
දික්කසාද වෙනවා.

326
00:32:37,497 --> 00:32:40,250
අනේ රජතුමනි,
දික්කසාද වෙන එක? ඒක හරි නෑ.

327
00:32:40,333 --> 00:32:41,751
අගමැතිතුමා කියන කතාව හරි.

328
00:32:41,835 --> 00:32:43,503
මේක වෙන්න බෑ.

329
00:32:43,587 --> 00:32:45,088
මේ ගැන ආයෙත් හිතලා බලන්න ඕනේ.

330
00:32:47,841 --> 00:32:49,759
- අනේ, අධිරාජ්‍යය ගැන හිතන්න!
- කටවහගන්න.

331
00:32:51,344 --> 00:32:52,596
ඒක තීරණය කරලා ඉවරයි.

332
00:32:55,015 --> 00:32:56,850
නඩු විභාගය පටන් ගන්න ඕනේ…

333
00:32:58,727 --> 00:33:00,687
දවස් පහක

334
00:33:00,770 --> 00:33:01,771
ලෑස්ති වීම්වලට පස්සේ.

335
00:33:23,710 --> 00:33:26,046
<i>"මම කවදාවත් හිතුවේ නෑ</i>
<i>දික්කසාද නඩුව"</i>

336
00:33:26,129 --> 00:33:27,589
<i>"මේ තරම් ඉක්මනට පටන් ගන්නවා කියලා."</i>

337
00:33:31,009 --> 00:33:33,762
<i>"මේ ලියුම ඔයාගේ අතට හම්බවෙනකොට,"</i>

338
00:33:33,845 --> 00:33:36,640
<i>"මම බොහෝ දුරට ඉන්නේ</i>
<i>දික්කසාද උසාවියේ වෙන්න පුළුවන්."</i>

339
00:33:38,683 --> 00:33:42,187
<i>"උසාවියේ විනිසුරුවරයා දෙන තීරණය</i>
<i>මොකක්ද කියලා මට කියන්න බෑ,"</i>

340
00:33:43,230 --> 00:33:45,023
<i>"ඒත් මම තදින්ම ඉන්නයි හිතාගෙන ඉන්නේ."</i>

341
00:33:46,608 --> 00:33:49,319
<i>"මට වැඩිය තනි කමක් නොදැනෙන්න කියලා</i>
<i>ප්‍රාර්ථනා කරන්න."</i>

342
00:34:01,122 --> 00:34:02,332
නඩුව තියෙන්නේ කීයටද?

343
00:34:02,415 --> 00:34:03,708
හෙට දවල් 12ට.

344
00:34:04,334 --> 00:34:05,543
දවල් 12ට.

345
00:34:39,077 --> 00:34:40,453
අද තමයි අපිට තියෙන අන්තිම අවස්ථාව.

346
00:34:40,537 --> 00:34:42,205
ඔක්කොම ඉක්මනට කරලා ඉවර කරන්න.

347
00:34:42,289 --> 00:34:43,790
අපිට මේක කරගන්න බැරි වුණොත්,

348
00:34:43,873 --> 00:34:46,042
මේ මිනිස්සුන්ට යන්න එන්න පාරක් නැති වෙනවා.

349
00:34:46,126 --> 00:34:47,335
හරි මැඩම්.

350
00:34:47,419 --> 00:34:51,172
දැන් අපි වෙන් කරපු බජට් ටික එකතු කරලා
වැඩේ පටන් ගනිමු.

351
00:34:51,256 --> 00:34:54,467
ඉස්කෝල, රෝහල්, අනාථ නිවාසවලට
ඕන කරන සල්ලි වෙන් කරලා තියෙනවද බලන්න,

352
00:34:54,551 --> 00:34:55,885
ඒ වගේම යුද්ධයෙන් වැන්දඹු වුණු අයට දෙන විශ්‍රාම වැටුප් ගැනත් බලන්න.

353
00:34:55,969 --> 00:34:57,304
එහෙමයි, රජතුමනි.

354
00:35:08,064 --> 00:35:09,691
මම අන්තිම එකටත් අත්සන් කළාද?

355
00:35:09,774 --> 00:35:11,192
ඔව්, රජතුමනි.

356
00:35:11,276 --> 00:35:14,154
අත්සන

357
00:35:24,414 --> 00:35:25,957
මම අවධානයෙන් හිටපු නිසා,

358
00:35:27,000 --> 00:35:28,668
මට හරියටම තේරුණේ නෑ

359
00:35:29,628 --> 00:35:30,670
ඔයාලා හැමෝම මෙතැනට වෙලා ඉන්නවා කියලවත්.

360
00:35:41,806 --> 00:35:43,141
මගේ අන්තිම කැමති පත්‍රයට මම අත්සන් කළා…

361
00:35:44,225 --> 00:35:45,518
මේකටත් එක්කම.

362
00:35:46,853 --> 00:35:48,772
මගේ තියෙන හැම දේපලක්ම ඔයාලට හිමි වෙනවා.

363
00:35:49,481 --> 00:35:50,815
ඔයාලා හැමෝම මේ සාම්‍රාජ්‍යය වෙනුවෙන්

364
00:35:50,899 --> 00:35:52,400
පුළුවන් උපරිමයෙන්ම කැප වුණා.

365
00:35:52,484 --> 00:35:54,402
ඒක හැමතිස්සේම ලේසි වුණේ නෑ.

366
00:35:55,362 --> 00:35:56,780
ඒකට වගකියන්න ඕනේ මම.

367
00:35:57,739 --> 00:35:59,240
ඒ හැමදේම අස්සෙත්,

368
00:35:59,324 --> 00:36:00,659
ඔයාලා මට ගොඩක් ආදරේ කළා.

369
00:36:01,534 --> 00:36:03,036
මම ඔයාලට ගොඩක් පින් දෙනවා…

370
00:36:04,621 --> 00:36:07,415
ඔයාලා මං වෙනුවෙන් දක්වපු ඉවසීමටයි
කරුණාවටයි.

371
00:36:09,751 --> 00:36:11,169
ඔයාලා මගේ ජීවිතේට ගොඩක් වටිනවා.

372
00:36:12,128 --> 00:36:14,673
දැන් ඔයාලට කැමති විදිහට
ජීවත් වෙන්න පුළුවන්.

373
00:36:20,929 --> 00:36:22,013
ඔයාලා එක්ක ඉන්න ලැබුණු එක

374
00:36:22,889 --> 00:36:24,057
මට ලොකු ගෞරවයක්.

375
00:36:25,892 --> 00:36:28,645
අපි එකට ගත කරපු කාලය මම හැමදාම ආදරයෙන් මතක් කරනවා.

376
00:36:30,772 --> 00:36:33,066
මම ගොඩක් සතුටින් හිටියා.

377
00:38:19,506 --> 00:38:20,673
මම ඒක කරන්නම්.

378
00:39:55,852 --> 00:39:59,439
සොවීෂු ට්‍රෝවි වික්ටර් අධිරාජ්‍යයාණන් වහන්සේ!

379
00:39:59,522 --> 00:40:02,567
නේවියර් එලී ට්‍රෝවි අධිරාජිනියණන් වහන්සේ!

380
00:41:11,552 --> 00:41:13,388
අපි දැන් සොවීෂු ට්‍රෝවි වික්ටර් අධිරාජ්‍යයා ඉදිරිපත් කරපු

381
00:41:13,471 --> 00:41:17,141
දික්කසාද නඩුව විභාග කරන්නයි හදන්නේ.

382
00:41:17,225 --> 00:41:20,019
නඩුව දැන් ආරම්භ වෙනවා.

383
00:41:22,897 --> 00:41:25,775
දෙපැත්තෙන්ම,

384
00:41:28,236 --> 00:41:29,779
නීතිඥයින්ව තෝරාගෙනද තියෙන්නේ?

385
00:41:29,862 --> 00:41:32,115
මම නීතිඥයා විදිහට මාර්ක්වෙස් ලන්ටේව තෝරාගත්තා.

386
00:41:33,741 --> 00:41:35,618
එයාලගේ සාක්ෂි එච්චරමද?

387
00:41:35,702 --> 00:41:36,703
අනේ දෙවියනේ.

388
00:41:37,620 --> 00:41:40,873
එයාලා කොහොමහරි අධිරාජිනියව විනාශ කරන්නමයි හදන්නේ.

389
00:41:44,752 --> 00:41:45,878
අධිරාජිනියනි…

390
00:41:47,005 --> 00:41:48,756
ඔයාගේ නීතිඥයාව තෝරගන්න.

391
00:41:54,762 --> 00:41:55,847
ගරු ඡජතුමනි…

392
00:41:57,557 --> 00:42:00,226
මම කාවවත් තෝරගන්නේ නැතුව ඉන්න තීරණය කළා.

393
00:42:03,604 --> 00:42:04,605
මම මේ දික්කසාදයට…

394
00:42:06,649 --> 00:42:07,984
විරුද්ධව කතා කරන්නේ නෑ.

395
00:42:12,238 --> 00:42:14,532
ඉක්මන් තීරණ ගන්න එපා!
අනේ අධිරාජිනියනි, එකඟ වෙන්න එපා!

396
00:42:14,615 --> 00:42:15,825
ඔයා මේකට විරුද්ධව සටන් කරන්න ඕනේ, අධිරාජිනියනි.

397
00:42:15,908 --> 00:42:18,411
ඇයි අධිරාජිනියට මේ වගේ අපරාධයක් වෙන්න ඉඩ දෙන්නේ?

398
00:42:18,494 --> 00:42:20,496
ඔයා කියන්නේ මෙතැන වරද තියෙන්නේ අධිරාජ්‍යයාගේ විතරක් කියලද?

399
00:42:20,580 --> 00:42:21,914
හැමෝම නිශ්ශබ්ද වෙන්න.

400
00:42:21,998 --> 00:42:23,499
කෑගහන්න එපා!

401
00:42:24,709 --> 00:42:27,336
නේවියර් අධිරාජිනිය,

402
00:42:28,004 --> 00:42:32,175
එතකොට මේ නිල දික්කසාද ලියවිල්ලට
ඔයා කැමතිද

403
00:42:32,258 --> 00:42:33,718
කිසිම විරුද්ධත්වයක් නැතුව?

404
00:42:35,178 --> 00:42:37,346
මම මේ දික්කසාදයට කැමතියි.

405
00:42:45,980 --> 00:42:47,148
ඒ වගේම මම ඉල්ලනවා...

406
00:43:00,286 --> 00:43:04,749
මගේ දෙවෙනි කසාදයට අවසර දෙන්න කියලා.

407
00:43:04,832 --> 00:43:06,375
දෙවෙනි කසාදය?

408
00:43:06,459 --> 00:43:08,920
මට ඒ ඇහුණේ හරියටමද?

409
00:43:14,342 --> 00:43:15,593
අනේ, අධිරාජිනිය...

410
00:43:16,260 --> 00:43:19,514
ඔයා... ඔයා කිව්වේ ආයෙත් කසාද බඳින්න ඕනේ කියලද?

411
00:43:20,932 --> 00:43:23,267
ගරු ඡජතුමනි, මට ඉස්සරහට එන්න අවසරද?

412
00:43:38,616 --> 00:43:39,784
මම මෙතන ඉන්නවා.

413
00:44:18,906 --> 00:44:20,575
ඔයාව තනි කළාට සමාවෙන්න.

414
00:44:28,583 --> 00:44:30,209
මම දෙවෙනියට කසාද බඳින්නේ මෙයාව.

415
00:44:39,927 --> 00:44:41,846
හයින්රි රජ්ජුරුවෝ වෙන මම මෙහෙට ආවේ...

416
00:44:43,181 --> 00:44:44,557
නේවියර් තරුණිය වෙනුවෙන්.

417
00:44:44,640 --> 00:44:46,184
එයාව මගේ අගමෙහෙසිය කරගන්න එකයි මගේ කැමැත්ත.

418
00:44:47,643 --> 00:44:49,270
මේක එකපාරටම වුණ දෙයක් බව මම දන්නවා,

419
00:44:49,353 --> 00:44:50,771
ඒත් තියෙන තත්ත්වය ගැන හිතලා,

420
00:44:50,855 --> 00:44:52,481
කරුණාකරලා අපේ දෙවෙනි කසාදයට අවසර දීලා

421
00:44:52,565 --> 00:44:54,275
ඒකට ඔයාලගේ ආශීර්වාදයත් ලබාදෙන්න.

422
00:44:57,195 --> 00:44:58,196
මම ඇත්තටම,

423
00:44:59,030 --> 00:45:00,531
ගොඩක් ආදරයෙන් ඉල්ලලා සිටිනවා.

424
00:45:45,284 --> 00:45:48,746
සෝවියේෂූ ට්‍රොවී වික්ටර් අධිරාජ්‍යා
මේ උසාවියට ඉදිරිපත් කළ දික්කසාදය...

425
00:45:48,829 --> 00:45:50,373
දැන් තහවුරු වුණා...

426
00:45:55,086 --> 00:45:56,671
ඒකට අවසර ලැබෙනවා.

427
00:45:59,423 --> 00:46:01,300
මේ දික්කසාදය අවසන් වීමත් එක්කම,

428
00:46:01,384 --> 00:46:03,594
නේවියර් එලී ට්‍රොවීට

429
00:46:03,678 --> 00:46:08,099
දැන් පෙරදිග අධිරාජ්‍යයේ අධිරාජිනී තනතුර අහිමි වෙනවා.

430
00:46:08,182 --> 00:46:10,268
ඒ හින්දා, එයාගේ දෙවෙනි කසාද ඉල්ලීමට

431
00:46:10,351 --> 00:46:14,647
හයින්රි රජතුමා එක්ක එක්වීමට අවසර ලැබෙනවා.

432
00:46:43,050 --> 00:46:44,468
මම මේකට ඉඩ තියන්නේ නෑ.

433
00:46:54,895 --> 00:46:56,731
මට මේක වෙන්න දෙන්න බෑ.

434
00:46:57,612 --> 00:47:15,614
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

435
00:47:16,125 --> 00:47:21,922
දෙවෙනි කසාදයේ අධිරාජිනිය

436
00:47:22,924 --> 00:47:35,926
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

