﻿1
00:00:02,000 --> 00:00:13,000
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

2
00:02:04,080 --> 00:02:06,830
දේවදූතයෝ

3
00:02:08,250 --> 00:02:10,120
මගේ දේවදූතයෝ.

4
00:02:11,080 --> 00:02:14,410
ඔයාට කලින් වුණ දේවල් මට ඔයාට කියන්න ඕනේ.

5
00:02:16,040 --> 00:02:18,870
ඔයාගේ තාත්තා ඉන්ද්‍රජාලිකයෙක්.

6
00:02:19,750 --> 00:02:23,080
එයාගේ විශේෂත්වය වුණේ අතුරුදහන් වෙන එක.

7
00:02:25,910 --> 00:02:28,160
අපි දෙන්නා ගොඩක් ආදරේ කළා.

8
00:05:59,500 --> 00:06:01,080
මගේ පැටියෝ.

9
00:06:51,040 --> 00:06:53,370
ඔයා හරිම පුදුමයි, මගේ දේවදූතයෝ.

10
00:06:54,160 --> 00:06:57,620
මට ඔයාව හැමදාම මගේ ළඟින් තියාගන්න පුළුවන් වෙයි.

11
00:06:58,080 --> 00:07:01,080
කාටවත් ඔයාව මගෙන් උදුරගන්න බැරි වෙයි.

12
00:07:10,660 --> 00:07:13,040
ඔයා හරියට කන්න ඉගෙනගන්න ඕනේ.

13
00:07:13,160 --> 00:07:15,370
ඔයා දැන් ලොකු ළමයෙක්.

14
00:07:22,830 --> 00:07:24,910
හරිම හොඳයි, මගේ දේවදූතයෝ.

15
00:07:28,660 --> 00:07:32,080
මේ අකුර කියන්න ඔයාගේ කට හොඳට ඇරගෙන ඉන්න ඕනේ.

16
00:07:33,620 --> 00:07:36,450
ඔයා ඔයාගේ කට රවුම් හැඩයකට හදාගන්න ඕනේ.

17
00:07:36,450 --> 00:07:37,830
මේ වගේ...

18
00:07:39,790 --> 00:07:42,160
Know කියන වචනේ වගේ

19
00:07:44,830 --> 00:07:46,660
දැන් ඒක ලියන්න...

20
00:07:48,200 --> 00:07:50,580
රවුම් හැඩයක්, ඔයාගේ කට වගේම.

21
00:07:52,080 --> 00:07:54,330
හොඳයි, මගේ දේවදූතයෝ.

22
00:07:54,330 --> 00:07:55,660
හරිම හොඳයි.

23
00:07:55,660 --> 00:07:57,450
ඔයා O අකුර ලියන්න හරිම දක්ෂයි.

24
00:07:57,660 --> 00:08:00,330
දැන් S අකුර.

25
00:08:00,660 --> 00:08:03,790
Secret කියන වචනේ වගේ.

26
00:08:04,870 --> 00:08:06,950
ඔයාට වගේම, මගේ දේවදූතයෝ.

27
00:08:07,410 --> 00:08:12,950
අනිත් අය කවදාවත් දැනගන්න හොඳ නෑ ඔයා ඉන්නවා කියලා.

28
00:08:15,580 --> 00:08:19,620
රහසක්

29
00:08:21,620 --> 00:08:22,790
හොඳයි.

30
00:08:23,200 --> 00:08:24,120
හොඳයි.

31
00:08:24,120 --> 00:08:25,830
රහසක්

32
00:08:27,160 --> 00:08:28,700
රහසක්

33
00:08:31,910 --> 00:08:33,580
අම්මේ. බලන්න.

34
00:08:54,160 --> 00:08:55,790
ඔයා හොරකම් කරනවා.

35
00:09:13,700 --> 00:09:18,410
මම පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි මාව පොඩි කැබින් එකකට එක්කගෙන යනවා.

36
00:09:19,750 --> 00:09:23,870
අපි එතනට ගියේ කැලේ මැදින් තියෙන පාරකින්.

37
00:09:25,450 --> 00:09:28,330
මුලින්ම, ගස් දැක්කම මට බය හිතුණා.

38
00:09:29,500 --> 00:09:34,200
මම හිතුවේ මිනිස්සු හැංගිලා ඉන්නවා කියලා

39
00:09:34,830 --> 00:09:36,290
සෙවනැලි අතරේ

40
00:09:36,290 --> 00:09:38,040
ගස් පිටුපසින්.

41
00:09:39,910 --> 00:09:43,290
ඊට පස්සේ, අපි එළිමහන් තැනකට යනවා.

42
00:09:44,620 --> 00:09:47,790
අන්න එතන තමයි ඒ පොඩි කැබින් එක තිබුණේ.

43
00:09:50,250 --> 00:09:52,790
ඒ කැබින් එකට පිටුපසින්

44
00:09:54,410 --> 00:09:56,660
පොඩි වැවක් තිබුණා.

45
00:09:59,200 --> 00:10:01,700
අපි ගොඩක් වෙලාවට එතනට යද්දී පරක්කු වෙනවා,

46
00:10:02,040 --> 00:10:04,660
හිරු බැස යද්දී.

47
00:10:06,660 --> 00:10:09,160
අපි හැමෝම එකතු වෙලා පිහිනන්න යනවා.

48
00:10:09,620 --> 00:10:11,830
වතුර හරිම මෘදුයි.

49
00:10:12,370 --> 00:10:14,330
ඔයා මට උගන්වනවද?

50
00:10:14,450 --> 00:10:16,580
පිහිනන එක හරිම පුදුමයි.

51
00:10:17,370 --> 00:10:19,040
ඔයා පාවෙනවා.

52
00:10:19,250 --> 00:10:22,000
ඔයා වාතයේ පාවෙනවා වගේ.

53
00:10:33,200 --> 00:10:34,620
පිඹින්න.

54
00:10:41,870 --> 00:10:45,080
සුබ උපන්දිනයක්, මගේ දේවදූතියේ.

55
00:11:06,950 --> 00:11:08,620
ඔයා මොකද කරන්නේ?

56
00:11:11,950 --> 00:11:14,160
- එතන මිනිස්සු ඉන්නවා.
- ඔව්.

57
00:11:14,540 --> 00:11:16,540
එයාලා සාමාන්‍ය මිනිස්සු.

58
00:11:19,580 --> 00:11:21,290
ඔයාට කවදාවත් බැරි වෙයි...

59
00:11:21,620 --> 00:11:24,080
ඔයා කවදාවත් එයාලත් එක්ක කතා කරන්න එපා.

60
00:11:24,290 --> 00:11:25,200
ඇයි?

61
00:11:25,200 --> 00:11:27,200
මොකද ඒකෙන් එයාලා බය වෙයි.

62
00:11:28,040 --> 00:11:29,120
ඇයි?

63
00:11:29,790 --> 00:11:34,000
ඔයාට එයාලව පේනවා,
ඒත් එයාලට කවදාවත් ඔයාව පේන්නේ නෑ.

64
00:11:34,620 --> 00:11:37,080
ඒකයි එයාලා ඔයාට බය වෙන්නේ.

65
00:12:11,620 --> 00:12:12,910
අම්මේ?

66
00:12:13,500 --> 00:12:16,000
කැඩපතෙන් ඔයාව දකින එක කොහොමද?

67
00:12:16,160 --> 00:12:17,450
මම දන්නේ නෑ.

68
00:12:18,700 --> 00:12:20,370
ඒක අමාරුයි.

69
00:12:21,660 --> 00:12:24,200
ඒක හරියට වෙන කෙනෙක්ව දකිනවා වගේ.

70
00:12:44,620 --> 00:12:47,540
මට වැව අයිනේ තියෙන කුටිය ගැන තව කියන්න.

71
00:12:48,660 --> 00:12:50,450
පස්සේ, මගේ දේවදූතියේ.

72
00:12:50,450 --> 00:12:52,080
අම්මා මහන්සියි.

73
00:13:24,370 --> 00:13:27,040
අම්මේ, අර පොඩි කෙල්ල ආයෙත් එතන ඉන්නවා.

74
00:13:27,160 --> 00:13:29,120
එයා මේ පැත්ත බලාගෙන ඉන්නේ.

75
00:13:32,540 --> 00:13:33,950
අම්මේ?

76
00:14:59,950 --> 00:15:01,120
සෙවනැල්ල

77
00:15:01,120 --> 00:15:02,290
හිරු

78
00:15:02,950 --> 00:15:04,200
සෙවනැල්ල

79
00:15:04,200 --> 00:15:05,410
හිරු

80
00:15:05,950 --> 00:15:07,040
සීතලයි

81
00:15:07,330 --> 00:15:08,450
උණුසුම්

82
00:15:27,290 --> 00:15:28,620
හෙලෝ

83
00:15:38,870 --> 00:15:42,040
හෙලෝ කියන්නේ නැති එක එච්චර හොඳ වැඩක් නෙවෙයි.

84
00:15:43,910 --> 00:15:44,990
හෙලෝ

85
00:15:45,000 --> 00:15:46,870
මම ඔයාව මීට කලින් දැකලා නෑ.

86
00:15:47,200 --> 00:15:48,490
ඔයාට මාව පේනවද?

87
00:15:48,500 --> 00:15:50,120
මගේ ඇස්වලින් නෙවෙයි.

88
00:15:50,370 --> 00:15:52,910
ඒත් මට ඔයාගේ හඬ ඇහෙනවා, මට ඔයාව දැනෙනවා.

89
00:15:54,330 --> 00:15:56,330
ඔයා පියානෝ වාදනය කරනකොට මම කැමතියි.

90
00:15:56,500 --> 00:15:58,580
මම පියානෝ වාදනය කරන්න දන්නේ නෑ.

91
00:15:58,830 --> 00:16:01,200
මම කරන්නේ එකම ස්වරය නැවත නැවතත් වාදනය කරන එක විතරයි.

92
00:16:01,500 --> 00:16:03,290
මම ඒ ස්වරයට ගොඩක් ආදරෙයි.

93
00:16:06,950 --> 00:16:09,200
මම මැඩලීන්. ඔයාගේ නම මොකක්ද?

94
00:16:09,500 --> 00:16:10,950
මගේ දේවදූතියේ.

95
00:16:12,080 --> 00:16:14,120
- ඒකද ඔයාගේ ඇත්තම නම?
- ඔව්.

96
00:16:14,120 --> 00:16:16,250
අම්මා මට කතා කරන්නේ ඒ නමින්.

97
00:16:17,370 --> 00:16:20,000
- මගේ දේවදූතියේ කියන නම ලස්සනයි.
- ඔව්.

98
00:16:21,370 --> 00:16:23,620
ඔයාට මගේ ළඟට එන්න පුළුවන්ද?

99
00:16:30,830 --> 00:16:32,410
ළඟට එන්න...

100
00:16:36,500 --> 00:16:37,950
ඔයා බයද?

101
00:16:37,950 --> 00:16:39,540
ඔයාගේ අත මට දෙන්න.

102
00:16:49,950 --> 00:16:51,830
ඔයාගේ සම හරිම මෘදුයි.

103
00:16:51,830 --> 00:16:53,160
ඔයාගෙත් එහෙමයි.

104
00:16:59,410 --> 00:17:02,370
මට යන්න වෙනවා, නැත්නම්
අම්මා කලබල වෙන්න පටන් ගනීවි.

105
00:17:04,040 --> 00:17:06,700
ඔයා ආයෙත් මං දිහා බලන්න එන්නම් කියලා පොරොන්දු වෙනවද?

106
00:17:08,910 --> 00:17:10,620
මට යාළුවෝ කවුරුත් නෑ.

107
00:17:10,620 --> 00:17:12,160
මටත් එහෙමයි.

108
00:17:12,500 --> 00:17:14,660
ඔයා මගේ යාළුවා වෙනවද?

109
00:17:15,410 --> 00:17:16,700
ඔව්.

110
00:17:17,290 --> 00:17:18,910
ඔයා හරිම සුවඳයි, මගේ දේවදූතියේ.

111
00:17:18,910 --> 00:17:20,450
මම ඔයා එනකම් බලන් ඉන්නම්.

112
00:18:02,660 --> 00:18:04,040
අම්මේ.

113
00:18:04,830 --> 00:18:06,450
මට යාළුවෙක් ඉන්නවා.

114
00:18:06,950 --> 00:18:08,830
එයාගේ නම මැඩලීන්.

115
00:18:12,660 --> 00:18:15,950
මම නැති වුණාම
ඔයාට මොනවා වෙයිද?

116
00:18:22,950 --> 00:18:27,330
මම අනිත් අයව දකින්න කලින්,
මම ඇත්තටම ඉන්නවද කියලා මම කවදාවත් හිතුවේ නෑ.

117
00:18:28,830 --> 00:18:30,750
මගේ අත ඇත්තටම තියෙනවද?

118
00:18:32,580 --> 00:18:34,870
මැඩලීන්ටත් එයාගේ අත පේන්නේ නෑ.

119
00:18:39,450 --> 00:18:42,790
ඒ වුණාට, මට ඒක පේන නිසා ඒක තියෙනවා කියලා මම දන්නවා.

120
00:18:44,750 --> 00:18:47,660
ඔයා ඉන්නවා කියලා දැනෙන එකෙන් ඔයා ඉන්නවා කියන එක අදහස් වෙනවද?

121
00:18:54,250 --> 00:18:55,620
මැඩලීන්...

122
00:18:56,750 --> 00:18:58,040
ඒ මම.

123
00:19:03,830 --> 00:19:06,660
ඔයා මං දිහා බලන්න ආයේ එන්නේ නැති වෙයි කියලා මම බය වුණා.

124
00:19:07,580 --> 00:19:10,160
මම හැමදාම ජනේලෙන් ඔයාව බලාගෙන හිටියා.

125
00:19:11,790 --> 00:19:14,410
ඔයාගේ මූණ අතගාන්න මට ඉඩ දෙනවද?

126
00:19:14,790 --> 00:19:16,120
හරි.

127
00:19:20,580 --> 00:19:22,290
ඔයා ලස්සනද?

128
00:19:23,450 --> 00:19:24,750
මම දන්නේ නෑ.

129
00:19:25,540 --> 00:19:27,200
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.

130
00:19:27,200 --> 00:19:28,870
ඔයා අනිවාර්යයෙන්ම ලස්සන ඇති.

131
00:19:32,250 --> 00:19:34,080
ඔයා හරිම ලස්සනයි, මැඩලීන්.

132
00:19:34,250 --> 00:19:35,790
ගොඩක් ලස්සනයි.

133
00:19:36,120 --> 00:19:37,160
එක

134
00:19:37,450 --> 00:19:38,580
දෙක

135
00:19:38,580 --> 00:19:39,700
තුන

136
00:19:39,950 --> 00:19:41,120
හතර

137
00:19:41,120 --> 00:19:42,250
පහ

138
00:19:42,370 --> 00:19:43,450
හය

139
00:19:43,750 --> 00:19:44,870
හත

140
00:19:45,200 --> 00:19:46,330
අට

141
00:19:46,540 --> 00:19:47,700
නවය

142
00:19:47,830 --> 00:19:49,080
දහය

143
00:20:16,870 --> 00:20:20,120
ඔයා දක්ෂයි, ඒත් මම කොහොමහරි ඔයාව හොයාගන්නවා.

144
00:20:27,950 --> 00:20:31,200
ඔයාගේ සුවඳ මට ඕනෑම තැනකදී අඳුරගන්න පුළුවන්.

145
00:20:39,290 --> 00:20:41,330
හය, හත,

146
00:20:41,750 --> 00:20:43,910
අට, නවය...

147
00:20:44,330 --> 00:20:45,580
දහය...

148
00:21:23,160 --> 00:21:26,870
හතර, පහ, හය...

149
00:21:27,160 --> 00:21:29,370
හත, අට...

150
00:21:30,120 --> 00:21:31,410
නවය

151
00:21:31,540 --> 00:21:32,910
දහය

152
00:21:36,200 --> 00:21:37,790
ඔයාව හම්බවුණා...

153
00:21:41,160 --> 00:21:42,750
මාව අල්ලගන්න.

154
00:21:50,790 --> 00:21:52,540
මට ආයෙත් හාදුවක් දෙන්න.

155
00:22:11,370 --> 00:22:14,330
ඔයා මං දිහා බලද්දී මට දැනෙන දේ
අත්විඳින්න මම කැමතියි.

156
00:22:16,660 --> 00:22:18,450
මගේ ඇස් දිහා බලන්න.

157
00:22:27,870 --> 00:22:29,910
දැන් වෙන කොහේ හරි බලන්න.

158
00:22:34,410 --> 00:22:35,580
මෙතන.

159
00:22:35,580 --> 00:22:38,250
- ඔයා බලන්නේ මෙතනට.
- ඔව්.

160
00:22:41,330 --> 00:22:43,580
- දැන් මෙතනට.
- ඔව්.

161
00:22:44,540 --> 00:22:46,620
ආයෙත් මගේ ඇස් දිහා බලන්න.

162
00:22:49,290 --> 00:22:50,910
ඔයාට ඒක දැනෙනවද?

163
00:22:51,450 --> 00:22:53,200
මට හිතෙන විදිහට නම්, ඔව්.

164
00:22:54,500 --> 00:22:56,450
ඔයා දිහා බලන් ඉන්න මම හරිම ආසයි.

165
00:22:57,410 --> 00:22:59,450
ඔයාට පේන දේවල් මට කියන්න.

166
00:23:05,870 --> 00:23:08,250
හිරු එළිය වැටුණම ඔයාගේ කොණ්ඩේ රතු පාටයි.

167
00:23:08,370 --> 00:23:09,660
රතු...

168
00:23:10,080 --> 00:23:13,250
ඒත් සමහර තැන්වල ඒ රතු පාට තවත් තදයි.

169
00:23:13,410 --> 00:23:15,620
රතු පාටේ විවිධ වර්ග තියෙනවද?

170
00:23:16,000 --> 00:23:17,250
ඔව්.

171
00:23:17,660 --> 00:23:20,370
රතු පාටක් රතු පාටක් වෙන්නේ මොකක් නිසාද?

172
00:23:20,750 --> 00:23:23,620
පාට දෙකක්ම රතු පාටයි කියලා
ඔයාට කියන්න පුළුවන් වෙන්නේ කොහොමද?

173
00:23:24,120 --> 00:23:25,580
මම දන්නේ නෑ.

174
00:23:25,910 --> 00:23:28,000
සමහරවිට 'රතු' කියන වචනය නිසා වෙන්න ඇති.

175
00:23:28,500 --> 00:23:30,950
මගේ කොණ්ඩේ තව මොනවද ඔයාට පේන්නේ?

176
00:23:31,790 --> 00:23:34,080
සමහර කොටස් විනිවිද පේනවා.

177
00:23:34,450 --> 00:23:36,120
විනිවිද පේනවා කියන්නේ මොකක්ද?

178
00:23:36,120 --> 00:23:38,120
ඒ කියන්නේ එහා පැත්ත පේනවා කියන එක.

179
00:23:38,620 --> 00:23:40,160
එහා පැත්ත පේනවා...

180
00:23:42,040 --> 00:23:44,700
මම ඔයාගේ කොණ්ඩේ අතගාද්දී වගේ.

181
00:23:44,910 --> 00:23:46,700
තව දේවල් ගැන මට කියන්න.

182
00:23:48,040 --> 00:23:49,870
ඔයාගේ ඇහිබැම ලස්සනයි...

183
00:23:51,250 --> 00:23:53,620
ඔයාගේ කම්මුල් පොඩ්ඩක් රෝස පාටයි.

184
00:23:53,620 --> 00:23:54,910
රෝස පාට...

185
00:23:56,330 --> 00:23:59,950
ඔයාගේ කම්මුල්වල රන්වන් පාට මවිල් ගස් කිහිපයක් තියෙනවා.

186
00:24:00,500 --> 00:24:02,750
ඔයා මං දිහා බලද්දී මම ඒකට කැමතියි.

187
00:24:04,410 --> 00:24:06,750
ඒක හරිම මෘදු ආදරණීය ස්පර්ශයක් වගේ.

188
00:24:08,040 --> 00:24:10,250
ඒ එක්කම පොඩි උණුසුමක් දැනෙනවා.

189
00:24:12,410 --> 00:24:13,620
ඔයාට කොහොමද?

190
00:24:13,870 --> 00:24:15,540
ඔයාට මොනවද දැනෙන්නේ?

191
00:24:16,160 --> 00:24:18,700
මට පපුවේ උණුසුමක් දැනෙනවා.

192
00:24:19,910 --> 00:24:21,660
ඒ වගේම බඩේ පොඩි ගැටයක් වගේ දෙයක් දැනෙනවා.

193
00:24:21,660 --> 00:24:24,450
ඔයා කණ්ණාඩියකින් ඔයාව දකිද්දී...

194
00:24:25,660 --> 00:24:27,330
ඒක කොහොමද දැනෙන්නේ?

195
00:24:27,540 --> 00:24:29,370
ඒක කියන්න අමාරුයි.

196
00:24:30,080 --> 00:24:33,160
ඒක ටිකක් වෙන කෙනෙක්ව දකිනවා වගේ.

197
00:24:33,410 --> 00:24:35,660
එතකොට ඒකත් ටිකක් උණුසුම්ද?

198
00:24:37,290 --> 00:24:38,540
නෑ.

199
00:24:39,620 --> 00:24:42,580
ඔයාම ඔයාව දකිද්දී ඒක ඊට වඩා සීතලයි.

200
00:24:45,830 --> 00:24:47,120
අම්මේ?

201
00:24:57,830 --> 00:24:59,080
අම්මේ?

202
00:25:06,950 --> 00:25:08,290
හෙලෝ.

203
00:25:09,750 --> 00:25:11,370
ඔයා මං එක්කද කතා කළේ?

204
00:25:12,700 --> 00:25:15,290
ඒ ඔයාද? ඔයා ආපහු ආවද?

205
00:25:15,580 --> 00:25:17,080
මේ මම, අම්මේ.

206
00:25:17,330 --> 00:25:18,790
මගේ දේවදූතයා.

207
00:25:22,870 --> 00:25:26,500
ඉස්සර, ගොඩක් කාලෙකට කලින්,

208
00:25:28,950 --> 00:25:33,120
ගැඹුරු කැලෑවක තනියම ජීවත් වුණ තරුණ කුමාරයෙක් හිටියා.

209
00:25:34,120 --> 00:25:39,830
එයා තනියම ජීවත් වුණේ එයා ඉස්සර කුමාරයෙක් කියලා හැමෝම අමතක කරලා තිබුණ නිසා.

210
00:25:40,790 --> 00:25:43,080
එයා පවා එයා කුමාරයෙක් කියලා අමතක කරලා තිබුණා.

211
00:25:43,830 --> 00:25:47,370
ඊට පස්සේ දවසක්, දරුණු ශීත සෘතුවක් ආවා.

212
00:25:49,120 --> 00:25:53,040
ඒ ශීත සෘතුව කොච්චර සීතලද කියනවා නම්, හැම රෑකම අන්තිමේදී

213
00:25:54,250 --> 00:25:59,330
පොළොවට වැටිලා තිබුණ කුරුල්ලන්ව මිටි ගණන් අහුලන්න පුළුවන් වුණා,

214
00:25:59,750 --> 00:26:01,370
ඇපල් ගෙඩි වගේ...

215
00:26:01,370 --> 00:26:02,660
ඒත් පිහාටු තියෙන.

216
00:26:04,330 --> 00:26:07,540
ඊට පස්සේ, ඒ ශීත සෘතුවේ මැදදී,

217
00:26:08,290 --> 00:26:11,700
එයාට මුණගැහුණා කැලේ අතරමං වුණ තරුණ කෙල්ලෙක්ව.

218
00:26:16,500 --> 00:26:19,750
එක දවසක් කුමාරිකාවක් වෙලා හිටපු තරුණ කෙල්ලෙක්,

219
00:26:20,250 --> 00:26:22,580
ඒත් එයා කුමාරිකාවක් කියලා එයාත් අමතක කරලා තිබුණා.

220
00:26:57,160 --> 00:27:00,950
වැස්ස නතර වුණාම ඇහෙන සද්දෙට මම හරි ආසයි

221
00:27:01,540 --> 00:27:03,250
පොළොව තෙත් වෙලා තියෙනකොට.

222
00:27:04,410 --> 00:27:07,910
වැස්සට පස්සේ නිශ්ශබ්දතාවය කොච්චර වෙනස්ද කියලා ඔයාට ඇහෙනවද?

223
00:27:10,790 --> 00:27:13,660
ඔයා කවදාවත් ඇත්තටම නිශ්ශබ්දතාවයට ඇහුම්කන් දීලා තියෙනවද?

224
00:27:19,040 --> 00:27:22,750
ඇස් දෙක වහගෙන අහන්න.

225
00:27:47,250 --> 00:27:49,450
මට හොඳ ආරංචියක් තියෙනවා.

226
00:27:50,120 --> 00:27:52,660
මම ඇස් සැත්කමක් කරගන්න යනවා.

227
00:27:52,870 --> 00:27:56,290
ඩොක්ටර්ලා කියනවා මට ආයෙත් පෙනීම ලැබෙන්න
ලොකු ඉඩක් තියෙනවා කියලා.

228
00:27:56,660 --> 00:27:58,910
අන්තිමේදී, මට ඔයාව දකින්න පුළුවන් වෙයි.

229
00:28:01,660 --> 00:28:03,540
ඔයා අඬනවද, මගේ රත්තරන්?

230
00:28:05,370 --> 00:28:08,580
- ඔයා කොච්චර කාලෙකටද යන්නේ?
- මම ඉක්මනින්ම එනවා.

231
00:28:08,750 --> 00:28:10,080
මාස කිහිපයකින්.

232
00:28:11,080 --> 00:28:12,660
ඔයා මං එනකම් ඉන්නවද?

233
00:28:13,620 --> 00:28:15,250
ඔව්, මම ඔයා එනකම් ඉන්නවා.

234
00:28:17,870 --> 00:28:19,330
හැමදාමත්.

235
00:28:20,660 --> 00:28:22,500
ඒක මට ලොකු හයියක්.

236
00:28:22,750 --> 00:28:24,580
ඔයා නිතරම මං ගැන හිතයිද?

237
00:28:24,870 --> 00:28:28,500
හැම දවසකම, හැම විනාඩියකම, හැම තත්පරයකම.

238
00:28:31,080 --> 00:28:32,620
අඬන්න එපා.

239
00:28:33,120 --> 00:28:35,200
අපිට තව සතියක්ම එකට ඉන්න පුළුවන්.

240
00:29:27,540 --> 00:29:29,330
මට පොඩි බයක් දැනෙනවා.

241
00:29:29,700 --> 00:29:32,580
ඔයාට මාව පෙනුනම,
ඔයාට මාව අල්ලන්නේ නැති වුණොත් මොකද කරන්නේ?

242
00:29:32,580 --> 00:29:34,370
මම ඔයාගේ හැමදේකටම ආසයි.

243
00:29:34,790 --> 00:29:36,250
ඔයාගේ කටහඬට.

244
00:29:36,500 --> 00:29:38,000
ඔයාගේ සමට.

245
00:29:38,330 --> 00:29:39,870
ඔයාගේ සුවඳට.

246
00:29:40,790 --> 00:29:42,330
ඔයාගේ රසයට.

247
00:29:43,870 --> 00:29:46,290
මම දන්නවා ඔයාගේ මූණත් මට අල්ලයි කියලා...

248
00:29:46,290 --> 00:29:47,910
ඔයාගේ ඇඟත් එක්කම.

249
00:29:49,790 --> 00:29:52,040
මට ඕනේ අපි මෙහෙමම ඉන්න...

250
00:29:52,370 --> 00:29:53,950
කිසිම දෙයක් නොකියා.

251
00:29:54,950 --> 00:29:56,370
හරිද?

252
00:29:56,910 --> 00:29:58,290
හරි.

253
00:30:22,080 --> 00:30:23,910
දැන් ඔයාගේ ඇස් දෙක වහගන්න.

254
00:30:25,080 --> 00:30:26,500
මම ඔයාට ආදරෙයි.

255
00:30:38,500 --> 00:30:39,950
මම ඔයාට ආදරෙයි.

256
00:32:03,870 --> 00:32:05,330
ලුවීස්?

257
00:32:05,950 --> 00:32:07,660
ඔයාට ලියුමක් ඇවිත්.

258
00:32:23,000 --> 00:32:24,450
දෙසැම්බර් 7

259
00:32:24,450 --> 00:32:25,790
ආදරණීය දේවදූතියේ,

260
00:32:25,790 --> 00:32:27,790
මට ඔයාව ගොඩක් මතක් වෙනවා.

261
00:32:28,950 --> 00:32:30,660
මට තවම ලියන්න බැහැ,

262
00:32:30,790 --> 00:32:33,660
ඒ නිසා මම කරුණාවන්ත නර්ස් කෙනෙක්ගෙන් ඇහුවා...

263
00:32:33,660 --> 00:32:34,620
පෙබරවාරි 22...

264
00:32:34,620 --> 00:32:37,080
මම ඔයා ගැන හිතනවා, ඒකෙන් මට හයියක් ලැබෙනවා.

265
00:32:37,080 --> 00:32:38,080
...මගේ හිතේ හයිය අඩුයි...

266
00:32:38,080 --> 00:32:41,000
සැත්කම් බලාපොරොත්තු වුණාට වඩා කල් යනවා.

267
00:32:41,500 --> 00:32:43,410
සමහර සංකූලතා ඇති වුණා.

268
00:32:43,790 --> 00:32:47,910
ඔයාගෙන් කිසිම ආරංචියක් නැති නිසා,
මම හිතාගන්නවා ඔයා හොඳින් ඉන්නවා කියලා...

269
00:32:47,910 --> 00:32:50,080
ඒකෙන් මට දිගටම ඉස්සරහට යන්න ශක්තියක් ලැබෙනවා.

270
00:32:50,080 --> 00:32:52,620
මගේ දේවදූතියගේ ලස්සන මූණ දකින්න...

271
00:33:09,250 --> 00:33:11,500
ඔයා මට ගොඩක් හොඳයි, මගේ දේවදූතියේ.

272
00:33:13,620 --> 00:33:15,160
ළඟට එන්න.

273
00:33:28,580 --> 00:33:31,040
ඔයාට මතකද ඒ කුටිය?

274
00:33:33,040 --> 00:33:36,750
මට නැති වුණාම ඔයා සැඟවෙන්න ඕනේ එතනයි.

275
00:33:40,410 --> 00:33:42,500
දැන් ඔයාගේ ඇස් දෙක වහගන්න.

276
00:33:43,120 --> 00:33:46,250
අපි පොඩ්ඩක් එකට නිදාගමු.

277
00:34:08,250 --> 00:34:09,620
අම්මේ?

278
00:34:20,700 --> 00:34:22,040
අම්මියේ?

279
00:34:27,410 --> 00:34:28,790
අම්මේ?

280
00:38:46,540 --> 00:38:48,750
දවස් ගෙවිලා ගියා, ඒ විදිහටම.

281
00:38:50,750 --> 00:38:52,450
ඊට පස්සේ සති...

282
00:38:56,950 --> 00:38:58,620
ඊට පස්සේ මාස ගෙවිලා ගියා...

283
00:39:04,040 --> 00:39:05,580
ඊට පස්සේ අවුරුදු...

284
00:39:16,370 --> 00:39:17,500
අන්තිමේදී...

285
00:39:18,750 --> 00:39:20,580
මැඩලීන් ආපහු ආවා.

286
00:42:06,160 --> 00:42:07,540
මගේ දේවදූතියේ,

287
00:42:07,540 --> 00:42:09,080
මම ආපහු ඇවිත්.

288
00:42:09,250 --> 00:42:11,410
ඔයාව හොයාගන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ.

289
00:42:13,410 --> 00:42:15,080
ඔයාට මේ සටහන හම්බවුණොත්

290
00:42:15,750 --> 00:42:17,120
මතු වෙන්න.

291
00:43:45,370 --> 00:43:46,910
පෙබරවාරි 22

292
00:43:48,000 --> 00:43:50,790
මම දැන් පාට පාටින් හීන දකින්න පටන් අරන්.

293
00:43:54,830 --> 00:43:56,830
පහුගිය දවසක, මම ඔයා ගැන හීනයක් දැක්කා.

294
00:43:58,910 --> 00:44:00,540
ඔයා හරිම හැන්ඩ්සම්.

295
00:44:03,160 --> 00:44:05,000
මට ඔයාව ගොඩක් ඕන වුණා.

296
00:45:47,120 --> 00:45:48,790
ආදරණීය මැඩලීන්,

297
00:45:52,000 --> 00:45:55,000
මම ඔයා එනකම් කොච්චර කාලයක් බලාගෙන හිටියද කියනවා නම් දැන් මට බයයි.

298
00:45:59,120 --> 00:46:00,790
මගේ දේවදූතියේ...

299
00:46:10,200 --> 00:46:12,790
අපි ඉස්සර වගේ ආයෙත් හමුවෙනවා නම් මම කැමතියි.

300
00:46:13,370 --> 00:46:16,000
ඔයා ඔයාගේ ඇස් දෙක වහගෙන ඉන්න කැමති වෙයිද?

301
00:46:17,450 --> 00:46:19,120
අඩුම තරමින් එක පාරක්වත්.

302
00:46:41,410 --> 00:46:42,910
මගේ දේවදූතියේ?

303
00:46:43,790 --> 00:46:45,830
- ඔයා එතන ඉන්නවද?
- ඔව්.

304
00:46:47,790 --> 00:46:49,540
ඔයාගේ ඇස් වහගෙනද ඉන්නේ?

305
00:46:49,540 --> 00:46:50,580
ඔව්.

306
00:46:53,790 --> 00:46:54,950
එන්න.

307
00:46:57,290 --> 00:46:58,700
මට මග පෙන්වන්න.

308
00:47:25,120 --> 00:47:26,620
මට ළඟින් ඉන්න.

309
00:47:37,700 --> 00:47:39,660
ඔයාගේ සුවඳ වෙනස් වෙලා.

310
00:47:40,790 --> 00:47:43,120
ඒ සුවඳම තමයි, ඒත් ඒක වෙනස් වෙලා.

311
00:47:46,200 --> 00:47:48,620
ඒක තාමත් මාව කලන්තෙ වගේ කරනවා.

312
00:47:54,500 --> 00:47:56,040
මම එන්නද?

313
00:47:56,830 --> 00:47:58,120
ඔව්.

314
00:48:08,120 --> 00:48:09,620
ඒක හරිම මෘදුයි.

315
00:50:14,580 --> 00:50:18,950
ඔයාට පේන්න පටන් ගත්ත මුල්ම දවස්වල
ඒක කොහොමද කියලා මට කියන්න.

316
00:50:19,910 --> 00:50:22,750
මම හිතාගෙන හිටපු කිසිම දෙයක් ඒ විදිහට තිබුණේ නෑ.

317
00:50:25,040 --> 00:50:28,000
මම හිතුවේ ඔයාට දේවල් වටේටම පේනවා ඇති කියලා.

318
00:50:28,830 --> 00:50:32,410
මූණක් හෝ බඩුවක් අතගානවා වගේ.

319
00:50:34,450 --> 00:50:36,830
ඒත් ඔයාට පේන්නේ ඒකේ එක පැත්තක් විතරයි.

320
00:50:38,330 --> 00:50:42,250
අනිත් පැති ටිකත් දකින්න ඕන නම්
ඔයා ඒක වටේට යන්න ඕනේ.

321
00:50:44,750 --> 00:50:48,500
මම පොඩි කාලේ බෝලයක් විසි කළාම,

322
00:50:49,870 --> 00:50:52,830
ඒක මගේ අතට අහුවෙන්නේ නැති දුරකට ගිය ගමන්ම

323
00:50:53,830 --> 00:50:55,660
ඒක අතුරුදහන් වුණා.

324
00:50:57,330 --> 00:50:59,120
ආයෙත් ඒක ආපහු ආවම

325
00:50:59,290 --> 00:51:01,410
ඒක හරියට මැජික් එකක් වගේ දැනුණා.

326
00:51:04,000 --> 00:51:07,200
පස්සේ මම දැනගත්තා ඒ බෝලය හැමතිස්සෙම එතන තිබුණා කියලා.

327
00:51:08,120 --> 00:51:11,290
මම තේරුම් ගත්තා ඒක මගෙන් වෙනම පැවතුණා කියලා.

328
00:51:14,950 --> 00:51:16,870
මට ඒක අමුතු දෙයක් විදිහට දැනුණා.

329
00:51:19,450 --> 00:51:25,790
එකපාරටම ලෝකය පිරිලා ගියා
තාප්ප සහ දේවල් වලින්...

330
00:51:26,000 --> 00:51:29,000
ඒ දේවල් මට ළඟා වෙන්න බැරි වුණත්
ඒවා දිගටම පැවතුණා.

331
00:51:31,620 --> 00:51:34,000
මට ඒකට හුරු වෙන්න ටික කාලයක් ගියා.

332
00:51:38,660 --> 00:51:40,910
මගේ කාමරේ කණ්ණාඩියක් තිබුණේ නෑ.

333
00:51:42,580 --> 00:51:46,540
ඉතින්, දවසක් මම හොරෙන් කොරිඩෝවට ගියා.

334
00:51:49,500 --> 00:51:51,540
මම ටොයිලට් එක ඇතුළට ගියා

335
00:51:53,250 --> 00:51:55,950
එතකොට පොඩි කෙල්ලෙක් මං දිහා අමුතු විදිහට බලාගෙන හිටියා.

336
00:51:58,080 --> 00:52:02,540
මම එයා ළඟට යද්දී, එයා මං ළඟට ආවා.

337
00:52:04,450 --> 00:52:06,160
මම එයා දිහා බලලා හිනාවුණා.

338
00:52:06,870 --> 00:52:08,660
එයා ආපහු මං දිහා බලලා හිනාවුණා.

339
00:52:14,500 --> 00:52:18,580
එතකොට තමයි මට තේරුණේ ඒ මමමයි කියලා.

340
00:52:30,700 --> 00:52:33,410
මම මාව හිතාගෙන හිටියේ ඒ විදිහට නෙවෙයි.

341
00:52:40,160 --> 00:52:43,580
මට දැනගත්තා බලගතු දෙයක් සිද්ධ වෙනවා කියලා

342
00:52:44,080 --> 00:52:47,450
මිනිස්සු දෙන්නෙක් එකිනෙකාගේ ඇස් දිහා බලද්දී.

343
00:52:52,450 --> 00:52:55,660
අපි පොඩි කාලේ සඟව සඟවා සෙල්ලම් කරපු එක මතකද?

344
00:52:56,120 --> 00:52:58,160
ඔයා හැමතිස්සෙම දිනුවා.

345
00:53:00,120 --> 00:53:04,160
මම හිතාගෙන හිටියේ මම හැංගිලා ඉන්නේ කියලා,
ඒත් ඔයා මට දිනන්න දුන්නා කියලා මට පස්සේ තේරුණා.

346
00:53:04,290 --> 00:53:06,500
ඒත් ඔයා හැමතිස්සෙම මාව හොයාගත්තා.

347
00:53:09,500 --> 00:53:12,410
ඔයාගේ ඉව
සහ ඇසීමේ හැකියාව පුදුම සහගතයි.

348
00:54:12,580 --> 00:54:15,250
- ඔයා ලෑස්තිද?
- ඔව්.

349
00:54:16,040 --> 00:54:17,870
මම ඔයාව මෙහෙයවන්නම්.

350
00:55:37,830 --> 00:55:39,330
ඔයාගේ දකුණු පැත්තට හැරෙන්න.

351
00:55:43,790 --> 00:55:45,120
පරිස්සමෙන්.

352
00:55:55,660 --> 00:55:57,330
අයිනේ වාඩිවෙන්න.

353
00:56:07,910 --> 00:56:10,330
දැන් ඔයාට ඇස් අරින්න පුළුවන්.

354
00:56:18,660 --> 00:56:20,080
හරියට ලස්සනයි.

355
00:56:30,160 --> 00:56:32,950
ඔයාගේ වම් පැත්ත බලන්න, ඒක තමයි මගේ අම්මගේ කැබින් එක.

356
00:56:44,500 --> 00:56:45,500
මගේ ඒජල්?

357
00:56:48,120 --> 00:56:49,910
විත් මගේ ළඟින් වාඩිවෙන්න.

358
00:57:09,830 --> 00:57:13,410
මම ඔයාව පලවෙනි වතාවට දකින්න මේක හොඳ තැනක් කියලා මට හිතෙනවා.

359
00:57:13,750 --> 00:57:15,040
නෑ, දැන් නම් නෑ.

360
00:57:15,040 --> 00:57:16,700
අනේ, මෙතන නම් නෑ.

361
00:57:16,870 --> 00:57:18,950
එහෙනම්, කවදද කියන්න.

362
00:57:21,540 --> 00:57:22,870
අද රෑට.

363
00:57:48,370 --> 00:57:50,290
ඇවිත් මගේ ළඟින් වාඩිවෙන්න.

364
00:58:09,370 --> 00:58:10,700
මැඩලීන්?

365
00:58:14,000 --> 00:58:16,330
මම රන්වන් පාට කෙස් තියෙන කෙනෙක් වුණා නම් ඔයා මට ආදරේ කරයිද?

366
00:58:17,950 --> 00:58:19,040
අනිවාර්යයෙන්ම කරනවා.

367
00:58:21,080 --> 00:58:22,580
ඉතින් මම...

368
00:58:22,750 --> 00:58:24,120
තැඹිලි පාට නම්?

369
00:58:24,660 --> 00:58:25,950
අනිවාර්යයෙන්ම.

370
00:58:27,500 --> 00:58:29,370
මගේ පාටක් නැති වුණොත්?

371
00:58:29,370 --> 00:58:31,200
ඔව්, මම එතකොටත් ඔයාට ආදරේ කරයි.

372
00:58:37,830 --> 00:58:40,330
දැන්, මම මගේ අත ඔයාගේ අත උඩින් තියන්නයි යන්නේ.

373
00:58:40,790 --> 00:58:42,660
එකපාරටම බලන්න එපා.

374
00:58:55,660 --> 00:58:57,410
දැන් බලන්න.

375
00:59:03,870 --> 00:59:05,330
අනේ, නෑ...

376
00:59:45,950 --> 00:59:47,500
මැඩලීන්.

377
00:59:55,870 --> 00:59:57,540
මැඩලීන්, කරුණාකරලා.

378
01:01:27,790 --> 01:01:31,910
මම ඇස් වහගත්තාම මට ඔයාව පේනවා වගේ.

379
01:01:34,450 --> 01:01:37,500
අවශ්‍ය වුණොත්, මම ඇස් වහගෙනම ජීවත් වෙන්නම්.

380
01:02:07,040 --> 01:02:08,540
මගේ ඒජල්?

381
01:02:23,000 --> 01:02:24,580
ඔයා මෙතන ඉන්නවද?

382
01:02:32,410 --> 01:02:34,540
ඔයා මෙතන ඉන්නවා නම්, මාත් එක්ක කතා කරන්න.

383
01:02:48,370 --> 01:02:49,750
මගේ ඒජල්ඩීපීආර්?!

384
01:03:12,660 --> 01:03:17,000
ඔයා තමයි මගේ අම්මාව හැරුණම,

385
01:03:17,450 --> 01:03:19,750
මාව මගේ පැවැත්මක් තියෙනවා කියලා දැනෙන්න සැලැස්වූ පලවෙනි සහ එකම කෙනා.

386
01:03:21,040 --> 01:03:23,790
ඒත් මම දැනගෙන හිටියා ඔයාට පෙනීම ලැබෙන දවසක,

387
01:03:24,200 --> 01:03:26,330
මම ආයෙත් අදෘශ්‍යමාන වෙයි කියලා.

388
01:03:26,580 --> 01:03:28,000
පෙනෙන්නේ නැති කෙනෙක් වෙයි කියලා.

389
01:03:30,080 --> 01:03:31,910
ඔයා මාව පෙනෙන්නේ නැති ගානට ඉද්දි...

390
01:03:32,290 --> 01:03:33,830
ඒක හරිම වේදනාකාරී.

391
01:03:35,660 --> 01:03:38,040
ඊයේ ඔයා කොච්චර දුකින්ද හිටියේ කියලා මම දකිද්දී

392
01:03:39,080 --> 01:03:42,620
මට මාවම අප්‍රිය වුණා, මම කවදාවත් නොසිටියා නම් හොඳයි කියලා හිතුණා.

393
01:03:45,080 --> 01:03:47,580
ඉතින් මම ඔයාගෙන් එක දෙයක් ඉල්ලනවා.

394
01:03:48,540 --> 01:03:51,250
මට ඕනේ ඔයා මා නැතුව සතුටින් ඉන්නවා දකින්න.

395
01:03:52,750 --> 01:03:55,700
ඒකෙන් මට ශක්තියක් ලැබෙයි ඔයා නැතුව සතුටින් ඉන්න.

396
01:03:57,330 --> 01:03:59,370
මම කවදාවත් ඔයාව අමතක කරන්නේ නෑ.

397
01:03:59,830 --> 01:04:01,580
ඒත්, කරුණාකරලා...

398
01:04:02,290 --> 01:04:03,910
මාව අමතක කරලා දාන්න.

399
01:04:04,620 --> 01:04:06,120
ඔයාගේ ඒජල්.

400
01:05:01,080 --> 01:05:02,370
එක

401
01:05:09,580 --> 01:05:10,830
දෙක

402
01:05:21,370 --> 01:05:22,750
තුන

403
01:05:42,370 --> 01:05:43,620
හතර

404
01:05:53,700 --> 01:05:55,040
පහ

405
01:06:03,540 --> 01:06:04,910
හය

406
01:06:26,500 --> 01:06:27,830
හත

407
01:06:41,910 --> 01:06:43,250
අට

408
01:06:48,120 --> 01:06:49,660
මගේ දේවදූතියේ!

409
01:07:07,250 --> 01:07:08,540
නවය

410
01:07:13,250 --> 01:07:15,160
ඔයා මෙතන ඉන්නවා කියලා මම දන්නවා.

411
01:07:19,330 --> 01:07:21,120
මට ඔයා ළඟට එන්න දෙන්න.

412
01:07:24,540 --> 01:07:26,000
අනේ.

413
01:07:36,080 --> 01:07:38,290
මට ඔයාව මගේ ළඟින් දැනෙන්න ඕනේ.

414
01:09:46,910 --> 01:09:48,290
දැන් ඉවරයි.

415
01:09:49,790 --> 01:09:52,580
අපි හැමදාම එකට ඉමු.

416
01:09:53,540 --> 01:09:55,700
ඔයා ඉන්න විදිහටම මම ඔයාට ආදරේ කරනවා.

417
01:09:57,750 --> 01:09:59,830
මගේ ඇස් දිහා හොඳට බලන්න.

418
01:10:02,370 --> 01:10:03,870
ඔයාට ඒක දැනෙනවද?

419
01:10:04,500 --> 01:10:07,120
- මම ඔයා දිහා බලන් ඉන්නවා ඔයාට දැනෙනවද?
- ඔව්.

420
01:10:08,750 --> 01:10:11,040
මටත් ඒක දැනෙනවා, මගේ දේවදූතියේ.

421
01:10:12,500 --> 01:10:13,410
මගේ ඇතුළේ

422
01:10:13,410 --> 01:10:15,790
ඔයා මගේ දිහා බලන් ඉන්නවා මට දැනෙනවා.

423
01:10:16,870 --> 01:10:18,160
ඒක හරිම මෘදුයි.

424
01:10:20,000 --> 01:10:21,330
ඒක හරිම උණුසුම්.

425
01:10:22,750 --> 01:10:24,700
ඔයාගේ සමේ උණුසුම වගේමයි.

426
01:10:25,290 --> 01:10:27,540
මගේ බඩත් උණුසුම් වෙනවා.

427
01:10:29,000 --> 01:10:30,410
මම ඔයාට ආදරෙයි.

428
01:10:32,200 --> 01:10:33,790
මමත්.

429
01:10:36,160 --> 01:10:38,620
අපි මේක කරන්නේ කොහොමද, මැඩලීන්?

430
01:10:40,330 --> 01:10:43,200
මම ඇස් ඇරලා ඔයාව දකින්නේ නැති එකට හුරු වෙන්නම්

431
01:10:44,200 --> 01:10:46,910
ඇස් වහගෙන ඔයාව දකින්නේ නැති එකට වඩා.

432
01:11:27,200 --> 01:11:29,950
අපි දේවල් කරන අලුත් විදිහක් හොයාගමු.

433
01:11:30,120 --> 01:11:32,160
ඒක සාර්ථක වෙනකම්ම.

434
01:11:46,290 --> 01:11:49,200
ඔයාගේ මූණ දකින්න මට ඔයාට මේකප් දාන්න පුළුවන්.

435
01:11:50,370 --> 01:11:52,040
ඔයාගේ ඇස් වහගන්න.

436
01:12:08,910 --> 01:12:10,580
ඒක හරිම අමුතුයි.

437
01:12:22,660 --> 01:12:25,250
ඔයාව ආයෙත් දැනගන්න මම ඉගෙනගන්නම්.

438
01:12:25,580 --> 01:12:27,080
ඉස්සර වගේම.

439
01:13:07,200 --> 01:13:09,330
එයා අදෘශ්‍යමාන නොවී ඉන්නවා නම් හොඳයි.

440
01:13:10,700 --> 01:13:12,660
එහෙම නැත්නම් අදෘශ්‍යමාන වෙලා අන්ධ නොවී ඉන්නවා නම්.

441
01:13:34,370 --> 01:13:38,160
අපිට මැජික් කරලා ජීවත් වෙන්න පුළුවන්.

442
01:13:54,580 --> 01:13:55,950
ඒ වගේම...

443
01:13:56,450 --> 01:13:58,000
අනිත් හැමදේටම වඩා,

444
01:13:58,160 --> 01:14:00,540
මම ඔයාට පිහිනන්න කියලා දෙන්නම්.

445
01:14:02,410 --> 01:14:04,500
පිහිනන එක හරිම අපූරුයි.

446
01:14:06,120 --> 01:14:07,660
ඔයා වතුර උඩ පාවෙනවා.

447
01:14:08,870 --> 01:14:11,620
ඒක හරියට ඔයා වාතයේ පාවෙනවා වගේ.

448
01:14:12,870 --> 01:14:31,620
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

