﻿1
00:00:02,000 --> 00:00:15,000
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

2
00:00:40,850 --> 00:00:47,890
පාරේ ඉන්න නින්ජාවරු

3
00:02:29,480 --> 00:02:32,480
අන්තිමට හම්බුණා.
මූලද්‍රව්‍යවල කඩුව.

4
00:02:32,560 --> 00:02:36,060
මම නම් ඒක කරන්නේ නෑ, මියා කටානා.

5
00:02:39,190 --> 00:02:42,190
ඒ කඩුව අයිති ෂිනෝබිවරුන්ට.

6
00:02:46,350 --> 00:02:50,480
බුද්ධිමත් කෙනෙක් නම් යුද්ධය දිනන්න කලින්
කොල්ල කාපු දේවල් බෙදාගන්නේ නෑ.

7
00:02:58,770 --> 00:03:01,190
ෂිනෝබිවරු 7 දෙනා

8
00:03:01,270 --> 00:03:04,600
හත් දෙනෙක්, ඒක සාධාරණ නෑ.

9
00:03:05,150 --> 00:03:08,980
- එහෙනම් ඔයා තනියම එන්න තිබුණේ නෑ.
- එයා තනියම කියලා කවුද කිව්වේ?

10
00:03:19,980 --> 00:03:22,060
ඔයා මෙතන මොකද කරන්නේ?

11
00:03:22,150 --> 00:03:25,770
- මම ආවේ ඔයාට උදව් කරන්න, අම්මේ.
- මම මොකද කිව්වේ? එළියට වෙලා ඉන්න.

12
00:03:26,270 --> 00:03:27,690
- මම දන්නවා, ඒත්...
- එළියට වෙලා ඉන්න.

13
00:03:27,770 --> 00:03:30,730
- මට ඔයාව ඕන නෑ, මොකද...
- අපි බලාගන්නම්.

14
00:03:33,940 --> 00:03:38,100
සතුරා පටලවා ගැනීම තමයි
ජයග්‍රහණයේ රහස. කඩුව ගනින්.

15
00:04:00,060 --> 00:04:02,100
දිමිත්‍රි, මෙහෙට.

16
00:04:23,190 --> 00:04:24,650
- අම්මේ?
- මෙහෙට.

17
00:04:36,770 --> 00:04:38,480
ඔව්, දුවපන්.

18
00:04:41,140 --> 00:04:45,560
මේක මෙතනින් ඉවර නෑ, මියා කටානා.
තාම ගොඩක් දේවල් වෙන්න තියෙනවා.

19
00:04:45,640 --> 00:04:50,020
මම ඔයාව හොයාගන්නවා. ඔයා ලෝකේ කෙළවරටම
දුවගෙන ගියත් මම ඔයාව හොයාගන්නවා.

20
00:04:55,690 --> 00:05:01,730
සති 12ක්, දවස් 6ක්
සහ පැය 23කට පස්සේ...

21
00:05:21,350 --> 00:05:25,270
කුකුළා කෑගහනවා, සුබ උදෑසනක්.

22
00:05:32,100 --> 00:05:35,270
රෝයි, මම ඔයාට මොකද කිව්වේ?

23
00:05:35,350 --> 00:05:39,270
මිනිස්සුන්ට කෑගහන්න එපා. එන්න.

24
00:05:39,350 --> 00:05:41,940
සමාවෙන්න. තාම පොඩි එකෙක්නේ.

25
00:05:48,730 --> 00:05:51,440
ඔය පල් හොරු ටික මොකද කරන්නේ?

26
00:05:53,060 --> 00:05:55,650
උන්ට අව්ව සැර වැදිලා වගේ.

27
00:05:55,730 --> 00:06:00,190
- නෑ. උන් ව්‍යායාම කරනවා.
- ආයුබෝවන්, අසල්වැසියෝ.

28
00:06:01,690 --> 00:06:05,150
ඔයාලත් ඔය මෝඩ ඇඳුම් කට්ටලයක්ද
ඇඳගෙන ඉන්නේ?

29
00:06:05,230 --> 00:06:09,520
මේක ට්‍රැක් සූට් එකක්. හැමෝම පුහුණු වෙනවා.
ගමේ ක්‍රීඩා උළෙලට.

30
00:06:09,600 --> 00:06:12,480
ඔව්, ඔව්. ගමේ ක්‍රීඩා උළෙල. මම
ඒක දැනගෙන හිටියා.

31
00:06:12,560 --> 00:06:15,600
ඒක තමයි හැම අවුරුද්දෙම මෙහෙ
පැවැත්වෙන ක්‍රීඩා තරගාවලිය.

32
00:06:15,690 --> 00:06:17,520
එතකොට අපිට දැනගන්න පුළුවන් කවුද
වඩාත්ම ශක්තිමත් කියලා,

33
00:06:17,600 --> 00:06:20,560
වඩාත්ම බුද්ධිමත්, දක්ෂ අසල්වැසියෝ
සෑන්ඩ්ස්බරෝ වල ඉන්නේ කවුද කියලා. නේද මයිකල්?

34
00:06:20,650 --> 00:06:23,900
අම්මෝ. ඔය වගේ දේකට මොකටද
ක්‍රීඩා තරගාවලියක් තියන්නේ?

35
00:06:23,980 --> 00:06:26,560
අපි තමයි හොඳම කියලා හැමෝම දන්නවනේ.

36
00:06:26,650 --> 00:06:31,310
- හොඳයි, අනිවාර්යයෙන්ම අපි නම් නෙවෙයි.
- මේ අවුරුද්දේ අපි දිනනවා.

37
00:06:31,980 --> 00:06:35,600
තාත්තේ... මම හිතන්නේ මම මේ පාර
බිලී එක්ක තරගයට සහභාගි වෙන්නම්.

38
00:06:36,730 --> 00:06:39,060
ඒකේ තේරුමක් තියෙනවා.

39
00:06:39,150 --> 00:06:43,690
ඔච්චර කලකිරෙන්න එපා අසල්වැසියෝ.
අපිට අලුත් අසල්වැසියෝ ඇවිත් ඉන්නවා දැක්කද?

40
00:06:43,770 --> 00:06:45,650
ආයුබෝවන්, ගොඩබිම් වැසියෝ.

41
00:06:52,440 --> 00:06:53,850
ඔයා එනවද?

42
00:06:58,020 --> 00:06:59,140
මමත් එනවා, ඉන්න.

43
00:07:04,060 --> 00:07:06,310
උන් හොඳ කල්ලියක් නේද?

44
00:07:16,230 --> 00:07:18,190
ඔයා එනවද? මමයි ඔයයි? එක කණ්ඩායමක්?

45
00:07:19,020 --> 00:07:21,650
අදහසක් නෑ. ගමේ ක්‍රීඩා උළෙලේදී
ඇත්තටම මොනවද කරන්නේ?

46
00:07:21,730 --> 00:07:25,350
කැනන් බෝලයක් ඔළුවෙන් ගහන එකද?
අෂ්ටාංගික මල්ලවපොරද? මුහුදු ඌරන්ගේ රේස් එකද?

47
00:07:25,440 --> 00:07:29,100
නෑ, අනිවාර්යයෙන්ම නෑ.
ඒවා ක්‍රීඩා නෙවෙයි.

48
00:07:29,190 --> 00:07:31,640
ඒවා අනිවාර්යයෙන්ම ක්‍රීඩා. මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රීඩා.

49
00:07:31,730 --> 00:07:36,190
ගමේ ක්‍රීඩා උළෙලට ශක්තිය සහ
උපාය මාර්ග දෙකම ඕන.

50
00:07:36,270 --> 00:07:38,060
ඒ වගේම ප්‍රහේලිකා විසඳන්න
ඔයාගේ මොළයත් පාවිච්චි කරන්න ඕන.

51
00:07:38,140 --> 00:07:40,640
ක්‍රීඩා ගැන හිතනවද? මට දැනටමත් එපා වෙලා.

52
00:07:40,730 --> 00:07:42,600
- මම එහෙම කියනවා අම්මට ඇහෙන්න දෙන්න එපා.
- ඇයි?

53
00:07:42,690 --> 00:07:44,900
- අපි හැම අවුරුද්දෙම මේකට සහභාගි වෙනවා.
- ඇත්තද?

54
00:07:44,980 --> 00:07:46,980
උන් පිස්සු වැටිච්ච උමතුකාරයෝ.

55
00:07:47,650 --> 00:07:51,400
- අපේ අම්මා පරාද වෙන්න හරිම අකමැති කෙනෙක්.
- උන් දැනටමත් තුන් පාරක් දිනලා තියෙනවා.

56
00:07:51,480 --> 00:07:52,850
හතර පාරක්.

57
00:07:54,060 --> 00:07:57,230
මගේ අම්මයි තාත්තයි හැමතිස්සෙම කියන්නේ දිනනවාට වඩා
සහභාගි වෙන එක තමයි වැදගත් කියලා.

58
00:07:57,690 --> 00:07:59,020
ඔව් ඉතින්, උන් එහෙම තමයි කියන්නේ.

59
00:07:59,100 --> 00:08:01,350
කවදාවත් දිනන්න බැරි අය
කියන කතාවක් ඕක.

60
00:08:01,440 --> 00:08:05,190
- මේ පාර අපේ පස්වෙනි ජයග්‍රහණය.
- මම නම් හිතන්නේ නෑ.

61
00:08:06,810 --> 00:08:12,600
මොකද මේ පාර මයිකලුයි මමයි
උඹලවයි උඹේ අම්මවයි කුඩු කරනවා.

62
00:08:12,690 --> 00:08:14,650
එහෙනම්, උඹත් සෙට්ද?

63
00:08:15,850 --> 00:08:18,560
කෝනේලියස්ගේ පළිගැනීමේ වෙලාව ඇවිත්.

64
00:08:18,640 --> 00:08:21,770
මම උඹලට විනාඩි දෙකක කාලයක් දෙන්නම්.
මෙතන ඉඳන්...

65
00:08:23,060 --> 00:08:24,520
...දැන්.

66
00:08:25,190 --> 00:08:26,480
මචංලා, හොර වැඩ කරන්න එපා.

67
00:08:26,560 --> 00:08:28,650
- උඹ මාව දන්නවනේ, නේද?
- හරියටම හරි.

68
00:08:48,270 --> 00:08:52,390
මම උඹලව අල්ලගන්නවා,
තොපි වගේ නිකමෝ.

69
00:08:53,770 --> 00:08:56,690
මගේ කඩුවෙ බර දැනගනින්.

70
00:09:05,940 --> 00:09:07,600
පලයන් යන්න.

71
00:09:07,980 --> 00:09:09,400
තේරුණාද?

72
00:09:16,850 --> 00:09:19,980
- තාත්තේ. අම්මේ.
- මොකද වුණේ?

73
00:09:20,060 --> 00:09:24,810
මට ප්‍රහාරයක් එල්ල වුණා. වැලි කඳු අතරේදී.
නින්ජා කෙනෙක්ගෙන්.

74
00:09:26,270 --> 00:09:30,940
- නින්ජා කෙනෙක්?
- මොකක්? නින්ජාවරු? ප්‍රහාරයක්.

75
00:09:31,020 --> 00:09:34,230
සන්සුන් වෙන්න තාත්තේ. කිසි ප්‍රශ්නයක් නෑ.

76
00:09:35,560 --> 00:09:38,310
බිලීට පිස්සු හැදිලා.

77
00:09:38,400 --> 00:09:43,270
මේක සැන්ඩ්ස්බරෝ, නැගෙනහිර සාගරේ නෙවෙයි.
මෙහෙ නින්ජාවරු නෑ...

78
00:09:43,350 --> 00:09:46,810
වැටෙන්න දීපල්ලා, කොල්ලනේ.

79
00:09:53,600 --> 00:09:55,440
...නින්ජාවරු.

80
00:09:55,520 --> 00:09:58,900
- ක්‍රීකින් ක්‍රැකන්.
- මට තේරෙනවා උඹ කියන දේ.

81
00:09:59,440 --> 00:10:01,770
අන්න බලන්න, අලුත් අසල්වැසියෝ ඇවිත්.

82
00:10:01,850 --> 00:10:06,100
තව මොකුත් කියන්න එපා. මම පළතුරු කූඩයක් අරන් එන්නම්.

83
00:10:10,100 --> 00:10:11,980
- නියමයි.
- ඔව්.

84
00:10:12,060 --> 00:10:15,230
ඌ අතරමං වෙන්න ඇති.
බිලී හැමදාම ඔහොම තමයි.

85
00:10:15,310 --> 00:10:17,770
මයිකල්. අලුත් අසල්වැසියෝ.

86
00:10:18,850 --> 00:10:20,810
මරු.

87
00:10:27,020 --> 00:10:30,520
- හෙක්ටර්...
- මම උන්ව නවත්තන්නම්.

88
00:10:32,600 --> 00:10:34,100
පස්සට පලයන්.

89
00:10:34,770 --> 00:10:36,190
උඹට මොකද වෙලා තියෙන්නේ?

90
00:10:37,730 --> 00:10:41,310
හෙක්ටර්? අපි අලුත් අසල්වැසියන්ව
පිළිගන්නයි හදන්නේ.

91
00:10:41,390 --> 00:10:44,440
අලුත් අසල්වැසියෝ? උන් නින්ජාවරු.

92
00:10:44,520 --> 00:10:48,100
උන්ව පිළිගන්න ඕනේ කඩු,
තුවක්කු සහ කාලතුවක්කු අරගෙන.

93
00:10:49,650 --> 00:10:52,100
මම හිතන්නේ කඩු වලට වඩා
පළතුරු කූඩයක් හොඳයි කියලා.

94
00:10:52,190 --> 00:10:56,650
උඹේ දුව ගැන හිතපන්. අම්මව නැති කරගන්න
එයා තාම පොඩි වැඩියි.

95
00:11:15,230 --> 00:11:16,690
මෙතනින් යන්න.

96
00:11:19,690 --> 00:11:21,600
බිලී, අපේ පැත්තට වෙලා හිටපන්. එන්න.

97
00:11:22,940 --> 00:11:24,600
අපේ පැත්තට වෙලා ඉන්න.

98
00:11:25,730 --> 00:11:28,940
- නින්ජාවරු.
- තාත්තේ, එන්න. හෙක්ටර්...

99
00:11:37,190 --> 00:11:41,020
උන් සාමාන්‍යයට වඩා පිස්සු වැටිලා ඉන්නේ. උන්
බය වෙන්නේ මොකටද කියලා දන්නවද, රෝයි?

100
00:11:41,390 --> 00:11:44,190
අපි බය නෑ.

101
00:11:48,310 --> 00:11:53,850
මේ තියෙන්නේ. පොඩි දෙයක්.
අපේ පැත්තට ඔයාලව පිළිගන්න.

102
00:11:56,690 --> 00:12:01,650
මේක ටිකක් අමුතු දෙයක් වගේ
ඇහෙන්න පුළුවන්, හැබැයි කියනවා...

103
00:12:01,730 --> 00:12:03,100
ඔයාලා නින්ජාවරු කියලා.

104
00:12:22,140 --> 00:12:23,310
ඇත්ත, අපි නින්ජාවරු තමයි.

105
00:12:37,980 --> 00:12:39,560
අපිව පාඩුවේ ඉන්න දෙන්න.

106
00:12:39,940 --> 00:12:42,850
- මේ මම. මයිකල්.
- සහ එලිසබෙත්.

107
00:12:42,940 --> 00:12:44,900
අපේ රහස් වචනේ මොකක්ද?

108
00:12:45,980 --> 00:12:47,480
අපිට රහස් වචන නෑ.

109
00:12:48,190 --> 00:12:51,520
හරි. විනාඩියක් ඉන්න.

110
00:12:58,810 --> 00:12:59,890
එයාලා කී දෙනෙක් ඉන්නවද?

111
00:12:59,980 --> 00:13:04,600
මම දෙන්නෙක් දැක්කා, ඒත් ඒකෙන්
කිසිම දෙයක් කියන්න බෑ. ඔක්කොම එක වගේනේ.

112
00:13:09,100 --> 00:13:10,810
ඔයා මොනවද ඔය බලන්නේ?

113
00:13:11,310 --> 00:13:14,310
අලුත් අසල්වැසියෝ. එයාලා නින්ජාවරු.

114
00:13:16,400 --> 00:13:18,230
ඇයි ඒක එච්චර නරක දෙයක් වෙන්නේ?

115
00:13:19,310 --> 00:13:23,100
දෙයියනේ.
ඔයා ඇත්තටම මෙච්චර මෝඩද?

116
00:13:23,190 --> 00:13:24,270
මම හිතන්නේ එහෙම තමයි.

117
00:13:24,350 --> 00:13:27,730
නින්ජාවරු කියන්නේ හොරෙන් එන,
ලේ පිපාසිත, ජීවිතේට තර්ජනයක්...

118
00:13:27,810 --> 00:13:31,730
- ජීවිතේට තර්ජනයක්?
- ඒ වගේම එයාලව විශ්වාස කරන්නත් බෑ.

119
00:13:31,810 --> 00:13:35,350
- ඔය දේම තමයි මුහුදු කොල්ලෝ ගැනත් කියන්නේ.
- එයාලා ඔයාගේ ඔළුව කපලා දායි.

120
00:13:36,140 --> 00:13:39,440
ඔළුව කපලා දාන්න.

121
00:13:41,400 --> 00:13:42,440
ඒක තමයි එයාට කරපු දේ.

122
00:13:42,520 --> 00:13:46,230
තාත්තේ, ළමයාව බය කරන්න එපා, නිකන්
පැජාමා ඇඳගත්ත හොරු රංචුවක් නිසා

123
00:13:46,310 --> 00:13:49,520
කැප්ටන් තන්ඩර්බියර්ඩ්වයි
එයාගේ කණ්ඩායමයි විනාශ වුණා කියලා.

124
00:13:49,600 --> 00:13:53,350
එදා ඉඳන්, මුහුදු කොල්ලෝයි නින්ජාවරුයි
මාරාන්තික සතුරෝ.

125
00:13:53,440 --> 00:13:56,350
- ඒක වෙලා කොච්චර කල්ද?
- ගොඩක් කල්. නේද?

126
00:13:56,440 --> 00:13:59,520
- අවුරුදු දෙසීයකට විතර කලින්.
- ඉතින්, ඒක දැන් පරණ කතාවක් නේද?

127
00:13:59,600 --> 00:14:01,560
ආ එහෙමද? එහෙනම් ඇයි එයාලගෙන් කෙනෙක්
අද මට පහර දුන්නේ?

128
00:14:01,890 --> 00:14:04,440
මුහුදු කොල්ලෝ සහ නින්ජාවරු,
ඒ කියන්නේ හැමදාම යුද්ධයක්.

129
00:14:04,770 --> 00:14:07,440
ඒකයි එයාලා මෙහෙ පදිංචියට ඇවිත් ඉන්නේ,
අපෙන් පළිගන්න.

130
00:14:07,520 --> 00:14:09,980
දැන් ඉන්නේ එක්කෙනෙක් විතරයි,
හැබැයි ඔයා දැනගන්න කලින්...

131
00:14:10,400 --> 00:14:14,480
මම ඔට්ටුයි එයාලා හොරෙන් හොරෙන්
මොකක් හරි හොර වැඩක් කරනවා ඇති...

132
00:14:14,560 --> 00:14:16,690
ඒ හොරු රංචුව.

133
00:15:42,940 --> 00:15:46,310
පය තියන තැන බලාගෙන. නැත්නම් ඔය
ගස් මුල් වලින් ඔයාට පහර දෙයි.

134
00:15:46,400 --> 00:15:51,230
- හුරේ. මම බය නෑ.
- මම කිව්වද ඔයා බයයි කියලා?

135
00:15:51,310 --> 00:15:53,310
ඒ වගේම බය වෙන්න කිසිම දෙයක් නෑ.

136
00:15:53,810 --> 00:15:57,770
අපි මුහුදු කොල්ලෝ නෙවෙයි, ඉතින් ඇයි අපි
බය වෙන්න ඕනේ...

137
00:15:57,850 --> 00:15:59,150
නින්ජා කෙනෙක්ට?

138
00:16:00,190 --> 00:16:03,480
- ඔයාලා කවුද?
- කවුද? අපිද? කවුරුත් නෙවෙයි.

139
00:16:03,560 --> 00:16:06,980
අපි සාමාන්‍ය අය.
අපි මුහුදු කොල්ලෝ නෙවෙයි.

140
00:16:11,400 --> 00:16:13,940
- මම මයිකල්.
- මම එලිසබෙත්.

141
00:16:16,190 --> 00:16:18,440
මගේ නම යුකා කටානා.

142
00:16:20,730 --> 00:16:22,350
මොකද? මොකක්ද ප්‍රශ්නේ?

143
00:16:28,640 --> 00:16:31,560
- එයා කොහෙද?
- මෙතන.

144
00:16:34,600 --> 00:16:36,270
මම ඔයාට මොකක්ද කිව්වේ?

145
00:16:37,850 --> 00:16:40,940
ඔයා මොනවද මේ කරන්නේ?
බිලී අපේ යාළුවෙක්.

146
00:16:42,730 --> 00:16:47,190
- එයා මුහුදු කොල්ලෙක්.
- ඔව්, එයා මුහුදු කොල්ලෙක් තමයි. ඒත් එයා අපේ යාළුවෙක්.

147
00:16:47,270 --> 00:16:52,150
එහෙම වෙන්න බෑ. මුහුදු කොල්ලෝ හොරෙන් එන,
ලේ පිපාසිත, විශ්වාස කරන්න බැරි අය.

148
00:16:54,140 --> 00:16:57,190
- ඔයා මෙහෙ ආවේ මොකටද?
- ඒක පැහැදිලි නැද්ද?

149
00:16:57,270 --> 00:17:00,940
ඔයා උත්සාහ කළේ මෙතනට රිංගලා
මගේ යාළුවෝ ටික හොරකම් කරගන්න.

150
00:17:04,980 --> 00:17:08,150
ඔව්, ඒක තමයි. දැන් මෙතනින් යන්න.

151
00:17:08,230 --> 00:17:14,190
නින්ජාවරුන්ටම ආවේණික වැඩක් තමයි
මේ හොරෙන් පැනලා යන එක, බයගුල්ලෙක් වගේ.

152
00:17:15,060 --> 00:17:17,190
මොකද ඔයා බයයි, ඒකයි.

153
00:17:17,270 --> 00:17:21,060
- බයයි? ඔයාටද?
- ඔව්.

154
00:17:23,020 --> 00:17:24,890
නැත්නම් ඇයි ඔයා මාව හොරෙන් හොයාගෙන ආවේ?

155
00:17:24,980 --> 00:17:27,600
මොකද මට මේ දෙන්නව ඔයාගෙන්
බේරගන්න ඕන වුණා.

156
00:17:27,690 --> 00:17:29,350
- මම හිතුවේ ඔයා එයාලට පහර දෙන්න හදනවා කියලා.
- නෑ, නෑ, නෑ.

157
00:17:29,440 --> 00:17:31,190
මම තමයි එයාලව ඔයාගෙන්
බේරගන්න ඕන.

158
00:17:31,270 --> 00:17:33,850
අපි අපේ ආරක්ෂාව බලාගන්න දන්නේ නෑ වගේනේ කතා කරන්නේ.

159
00:17:39,310 --> 00:17:41,190
ඇත්තටම ඔයාට ද්වන්ධ සටනක් ඕනෙද?

160
00:17:41,270 --> 00:17:44,850
හරි. හැබැයි මම මුලින්ම දැනගන්න ඕන
මම කාටද මේ පරාජයේ රස පෙන්නන්න යන්නේ කියලා.

161
00:17:45,890 --> 00:17:50,810
බ්ලන්ඩබස්, බිලී බ්ලන්ඩබස්.

162
00:17:50,890 --> 00:17:52,810
මම කවදාවත් පරාද වෙන්නේ නෑ.

163
00:17:52,890 --> 00:17:57,310
යුකා කටානා. ඔයාව හම්බවුණ එක සතුටක්.
අපි පටන් ගමු.

164
00:17:57,640 --> 00:17:59,940
දැන්මද? මේ දැන්මද?

165
00:18:00,770 --> 00:18:02,400
මම ළඟ කඩුවක් නෑ.

166
00:18:04,140 --> 00:18:06,900
ඔයාට පුළුවන් මගේ එක පාවිච්චි කරන්න.

167
00:19:17,400 --> 00:19:20,270
- අලුත් පෑකට් පිහියක්ද?
- ශ්ෂ්. කට වහගන්නවා.

168
00:19:20,350 --> 00:19:22,150
ඔයා ඔයාගේ කට වහගන්නවා.

169
00:19:24,100 --> 00:19:26,520
කඩු මුවහත් කරලා තියෙන්නේ.

170
00:19:26,600 --> 00:19:31,140
මම තාත්තාගේ කකුලට තෙල් ගෑවා විතරයි,
මේක දැන් තට්ටුව උඩට ගෙනියන්න ඕන.

171
00:19:31,230 --> 00:19:33,980
- මට මොනවා හරි අමතක වුණාද?
- බැනර් එක?

172
00:19:34,060 --> 00:19:36,810
අනේ බිලී, බැනර් එකක්ද?

173
00:19:36,900 --> 00:19:40,980
අර බොරු නින්ජාවරු හිතයි අපි
වැඩකට නැති බයගුල්ලෝ කියලා.

174
00:19:41,060 --> 00:19:42,980
බිලී, ඔයාගේ අම්මට පැහැදිලි කරන්න

175
00:19:43,060 --> 00:19:46,650
කොහොමද ඔයා අර හොර නින්ජාවරුන්ව
සෑන්ඩ්ස්බරෝ එකෙන් එළවන්නේ කියලා

176
00:19:46,730 --> 00:19:49,190
සැබෑ මුහුදු කොල්ලකරුවන්ගේ සටනකින්,
මරණය තෙක්ම,

177
00:19:49,270 --> 00:19:53,060
අර නීරස, කම්මැලි බැනර් එකක්
එල්ලනවා වෙනුවට?

178
00:19:55,100 --> 00:19:59,900
'නින්ජාවරුන්ව එළවන්නද?'
නින්ජා කියන්නේ එක 'A' අකුරකින්.

179
00:20:17,060 --> 00:20:19,520
- එයාලා මොනවද ඇහුවේ?
- හැමදාම අහන දේවල් තමයි.

180
00:20:23,560 --> 00:20:26,980
- ඔයා මොනවද කරන්නේ? අවධානයෙන් ඉන්න.
- ඔව්. සොරි අම්මේ.

181
00:20:33,060 --> 00:20:36,270
- ඉතින් ඔයා එයාලට මොනවද කිව්වේ?
- ඕන දේ විතරයි කිව්වේ.

182
00:20:39,020 --> 00:20:40,810
හරිම හොඳයි.

183
00:20:45,650 --> 00:20:48,730
- මම හිතුවේ වැඩේ ඉවරයි කියලා.
- හිතන්න එපා. දේවල් දැනගන්න.

184
00:20:48,810 --> 00:20:51,350
අර මුහුදු කොල්ලකරුවොත් සාධාරණව සටන් කරන්නේ නෑ.

185
00:20:52,850 --> 00:20:54,190
කඩුව.

186
00:20:57,060 --> 00:20:59,140
යුකා? ඔයාගේ කඩුව.

187
00:21:01,020 --> 00:21:04,350
අපිට හෙට පුහුණු වෙන්න බැරිද, කරුණාකරලා?

188
00:21:04,440 --> 00:21:07,980
හෙටද? හරි. ගිහින් නිදාගන්න.

189
00:22:27,850 --> 00:22:29,270
මට ඇහුණා ඔයා කියපු දේ.

190
00:22:29,850 --> 00:22:32,190
ඔය හොරෙන් හොරෙන් යන වැඩේ නවත්තන්න.

191
00:22:35,730 --> 00:22:37,310
ඔයා මෙතන මොකද කරන්නේ?

192
00:22:38,390 --> 00:22:42,020
මම හෙව්වේ මගේ...
ඒක ඔයා ළඟනේ තියෙන්නේ. මගේ කඩුව.

193
00:22:44,310 --> 00:22:47,190
මේක මරු. හරිම සැහැල්ලුයි.

194
00:22:48,730 --> 00:22:49,690
ඒක තියාගන්න.

195
00:22:51,690 --> 00:22:54,480
හැම මුහුදු කොල්ලකරුවෙක්ම
හොරකම් කරන්නේ නෑ කියලා පෙන්නන්න.

196
00:22:55,850 --> 00:22:59,980
- අනික කුණු වුණු මාළු ගඳයි.
- මොකද?

197
00:23:00,060 --> 00:23:02,600
අම්මා හැමතිස්සෙම මුහුදු කොල්ලකරුවන් ගැන
කියන්නේ ඒකයි.

198
00:23:02,690 --> 00:23:06,230
එයාලා කවදාවත් නාන්නේ නැති නිසා එයාලගෙන් කුණු වුණු මාළු සහ වෙඩි බෙහෙත් ගඳ එනවා කියලා.

199
00:23:08,650 --> 00:23:10,520
මට නම් ඒ තරම් ගඳක් දැනෙන්නේ නෑ.

200
00:23:12,940 --> 00:23:16,060
මම නාලා දෙක...

201
00:23:18,690 --> 00:23:20,520
සමහරවිට සති තුනකට කලින් වෙන්න ඇති.

202
00:23:22,440 --> 00:23:23,390
මට යන්න වෙනවා.

203
00:23:23,890 --> 00:23:26,850
- ඔව්.
- එහෙනම්, මම යනවා.

204
00:23:27,940 --> 00:23:28,890
ඔව්.

205
00:23:32,350 --> 00:23:35,100
- යුකා.
- ඇයි?

206
00:23:36,310 --> 00:23:37,650
හරි.

207
00:23:40,440 --> 00:23:42,140
මෝඩයි. මෝඩයි. මෝඩයි.

208
00:23:50,730 --> 00:23:54,270
- හෙක්ටර්?
- ඔව්, මම එනවා.

209
00:23:59,440 --> 00:24:02,560
අපි ඇයි මෙහෙ පදිංචියට ආවේ කියලා මට තාම තේරෙන්නේ නෑ.
ඔයා මුහුදු කොල්ලකරුවන්ට කැමති නෑනේ.

210
00:24:02,650 --> 00:24:05,060
හරියටම හරි. හැම නින්ජා කෙනෙක්ම එයාලට වෛර කරනවා.

211
00:24:05,150 --> 00:24:08,940
ඒ නිසා තමයි කෙන්නුයි ෂිනෝබියි අපව හොයන්නේ නැති
අන්තිම තැන මේක වෙන්නේ.

212
00:24:09,440 --> 00:24:13,230
නින්ජාලව එළවන්න.
සෑන්ඩ්ස්බරෝ වල ඉඩ හදාගන්න.

213
00:24:13,310 --> 00:24:17,230
නින්ජාලව එළවන්න.
සෑන්ඩ්ස්බරෝ වල ඉඩ හදාගන්න.

214
00:24:17,310 --> 00:24:24,520
නින්ජාලව එළවන්න.
සෑන්ඩ්ස්බරෝ වල ඉඩ හදාගන්න.

215
00:24:29,480 --> 00:24:31,600
බෙට්සි? මොකක්ද මේ කලබලේ?

216
00:24:31,690 --> 00:24:35,350
සෑන්ඩ්ස්බරෝ වල ප්‍රශ්නයක් තියෙනවා, අසල්වැසියෝ.
පාරේ පහළ ඉන්න අයත් එක්ක.

217
00:24:35,440 --> 00:24:36,730
නින්ජාලත් එක්කද? ඇයි?

218
00:24:36,810 --> 00:24:39,770
එයාලා ගියා නම් හැමෝටම හොඳයි. ඒකයි මම මේ ලැයිස්තුව හැදුවේ...

219
00:24:39,850 --> 00:24:42,980
නින්ජාලව එළවන්න.
සෑන්ඩ්ස්බරෝ වල ඉඩ හදාගන්න.

220
00:24:43,060 --> 00:24:46,480
- සෑන්ඩ්ස්බරෝ වල රම් (මත්පැන්).
- නෑ තාත්තේ. ඉඩ (Room).

221
00:24:46,560 --> 00:24:49,600
- රම්...
- සෑන්ඩ්ස්බරෝ වල ඉඩ හදාගන්න.

222
00:24:49,690 --> 00:24:53,100
වචනයක තියෙන බලය තදම ඔළු පවා දෙකට බෙදනවා.

223
00:24:53,190 --> 00:24:57,480
මොන තරම් අමුතු උපක්‍රමයක්ද.
උදව් වෙන්න තියෙන්නේ එකම එක ආයුධයක් විතරයි.

224
00:24:58,980 --> 00:25:02,140
මට නින්ජාල ගැන කියන්න එපා.
එයාලව විශ්වාස කරන්න බෑ.

225
00:25:02,230 --> 00:25:03,940
මම ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා, බෙට්සි.

226
00:25:04,020 --> 00:25:06,600
විශේෂයෙන්ම ඔයා මුලින් මෙතනට ආවම
කොහොමද දැනුනේ කියලා දන්න නිසා.

227
00:25:06,690 --> 00:25:08,640
මමත් මුලින් අවිනිශ්චිතව හිටියේ,
මිස්ටර් බ්ලන්ඩබස්,

228
00:25:08,730 --> 00:25:10,060
ඒත් එයාලා මේ වෙනකම් හරිම විනීතව හැසිරුණා.

229
00:25:10,140 --> 00:25:14,060
හරියටම හරි. එයාලා නිහඬ මිනීමරුවෝ කියන එක
වහගන්න කරන රඟපෑමක්.

230
00:25:14,150 --> 00:25:16,270
හෙක්ටර්, ඔයාගේ වචන ටිකක් සැර වැඩියි නේද?

231
00:25:16,350 --> 00:25:18,230
අවශ්‍ය වුණාම, අපි ඒකට ගැලපෙන පියවර ගන්නම්.

232
00:25:18,310 --> 00:25:22,350
- සුබ දහවලක්.
- වල් තල්මසා, ඔහොම හොරෙන් එන්න එපා.

233
00:25:25,060 --> 00:25:27,690
මොන තරම් කලබලයක්ද මේ පාරේ.

234
00:25:27,770 --> 00:25:30,230
මගේ මෑත හැසිරීම ගැන
දහස් වාරයක් සමාව ඉල්ලනවා.

235
00:25:30,310 --> 00:25:32,480
- ඒක ඇත්තටම අවශ්‍ය නෑ.
- ඔව්, ඒක අවශ්‍යයි.

236
00:25:32,560 --> 00:25:37,600
සාමය අස්වනු නෙළාගන්න ඕන කෙනෙක්,
අවිශ්වාසය වපුරන්න හොඳ නෑ. නේද?

237
00:25:37,690 --> 00:25:40,480
ඒක සමාවක් නෙවෙයි, පැහැදිලි කිරීමක්.

238
00:25:40,560 --> 00:25:44,770
යුකායි ඔයාගේ ළමයිනුයි මෙච්චර හොඳින් ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි.

239
00:25:44,850 --> 00:25:46,730
එයා අපේ වැඩවලට අත නොගහ ඉන්න තාක් කල්.

240
00:25:46,810 --> 00:25:50,020
හේයි, ඔයාලට කොල්ලකන්න හරි හොරකම් කරන්න හරි
වෙන තැනක් නැද්ද?

241
00:25:50,900 --> 00:25:52,440
කවුද, අපිද?

242
00:25:52,520 --> 00:25:57,020
ඔයාලට ගිහින් මොනරා ජෝඩුවක් අල්ලන්න බැරිද?

243
00:25:58,730 --> 00:26:01,600
කොහොම වුණත්, මම දැක්කා ඔයා ඔයාගේ වත්තේ වැඩ කරනවා,

244
00:26:01,690 --> 00:26:04,400
මම ළඟ පැළ කිහිපයක් තිබුණා,
ඉතින් මම හිතුවා...

245
00:26:04,480 --> 00:26:05,810
මේ තියෙන්නේ.

246
00:26:06,980 --> 00:26:11,480
ඔය ලස්සන පළතුරු කූඩෙට ස්තූති කරන්න
මට කරන්න පුළුවන් පොඩිම දේ මේක.

247
00:26:15,690 --> 00:26:18,140
කරුණාවන්ත වෙන්න. තෑගි දෙන්න.

248
00:26:18,230 --> 00:26:21,020
මොන තරම් වේ*යක්ද. යුද්ධයක් ඕන නම්, එයාට ඒක ගන්න පුළුවන්.

249
00:26:21,100 --> 00:26:24,390
මමත් ඒකමයි හැමතිස්සෙම කිව්වේ.
ඒත් කොහොමද?

250
00:26:24,480 --> 00:26:28,230
සෑන්ඩ්ස්බරෝ මිනිස්සු ඒ රඟපෑමට අහුවෙලා ඉන්නේ
ඇස් ඇරගෙනමයි.

251
00:26:28,310 --> 00:26:31,640
එයා අපිව අමාරුවේ දාලා ඉන්නේ,
ඒකත් හොඳටම.

252
00:26:33,020 --> 00:26:35,480
සමහරවිට එයාලා එච්චර නරක නැතුව ඇති.

253
00:26:36,600 --> 00:26:38,140
නින්ජාවරු.

254
00:26:38,600 --> 00:26:43,060
අනේ මගේ පොඩි යාළුවා. ඔයා
සෑන්ඩ්ස්බරෝ ළමයි එක්ක වැඩියෙන් ඇසුරු කරනවා.

255
00:26:43,140 --> 00:26:46,350
ඔය නින්ජාවරුන්ගෙන් ඈත් වෙලා ඉන්න.

256
00:26:48,890 --> 00:26:52,020
මේක ඔයා ඇන්දේ? හරිම ලස්සනයි.

257
00:26:53,560 --> 00:26:58,270
ඉතින් සෑන්ඩ්ස්බරෝ වලට සාමය ආවා
වීර මයිකල් බ්‍රිජ්මන් නිසා

258
00:26:58,350 --> 00:27:01,100
සහ හරිම නිර්භීත
එලිසබෙත් ඩඩ්ලි නිසා.

259
00:27:01,190 --> 00:27:03,060
මේක ඇත්තටම වුණාද?

260
00:27:03,140 --> 00:27:08,310
ඒ කාලේ අපි සටන් කළේ
කුරුක් කොර්නේලියස් එක්ක. එයා තමයි...

261
00:27:09,810 --> 00:27:11,440
කාගේ පරම හතුරාද?

262
00:27:11,980 --> 00:27:13,230
මගේ.

263
00:27:14,730 --> 00:27:15,770
අපේ අම්මලා තාත්තලගෙත්.

264
00:27:17,190 --> 00:27:19,230
ඒත් එයාට අපිව පරද්දන්න බැරි වුණා.

265
00:27:19,940 --> 00:27:22,140
ඔයාලා ආයෙත් සටන් කරන්න යන්නේ නෑ නේද?

266
00:27:24,980 --> 00:27:29,690
- අපි ඇයි එහෙම කරන්නේ?
- මම දන්නේ නෑ, ඒත් මුහුදු කොල්ලෝයි නින්ජාවරුයි?

267
00:27:30,190 --> 00:27:32,850
පරම හතුරෝ? සදාකාලික වෛරයන්?

268
00:27:32,940 --> 00:27:36,520
අපි හතුරෝ වෙන්න පුළුවන්.
ඒත් අපිට යාළුවෝ වෙන්න පුළුවන්.

269
00:27:40,060 --> 00:27:42,940
හරියටම හරි.
අපේ අම්මලා තාත්තලා දන්නේ නැති තාක්කල්.

270
00:27:45,770 --> 00:27:49,060
ෂිනෝබිලා අපිට මරණ තර්ජන කළා.
ඒකයි අපි මෙහෙ ආවේ.

271
00:27:49,150 --> 00:27:51,690
කොර්නේලියස් අපේ ගෙදර පුපුරවලා දැම්මා.

272
00:27:51,770 --> 00:27:54,270
සටනකදී විතරයි ඔයාට පුළුවන්
ඔයා ගැනයි ඔයාගේ හතුරා ගැනයි දැනගන්න.

273
00:27:56,560 --> 00:27:59,230
ඒ කොර්නේලියස් කියන කෙනා
හරිම දරුණු හතුරෙක් වගේ.

274
00:27:59,980 --> 00:28:01,940
මම හරිම කම්මැලි කෙනෙක්.

275
00:28:02,020 --> 00:28:05,810
මගේ ගාව කඩු නෑ, පොලු නෑ.
මට උඩ පැනලා පෙරළෙන්නත් බෑ.

276
00:28:05,890 --> 00:28:07,650
මට අඩුම තරමේ පරම හතුරෙක්වත් නෑ.

277
00:28:09,190 --> 00:28:11,480
මම ඔයා එක්ක සටන් කරන්නම්.

278
00:28:12,520 --> 00:28:15,400
ඔයා හරිම හොඳයි. ඒත් ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ.

279
00:28:15,480 --> 00:28:16,890
ඇත්තටම?

280
00:28:16,980 --> 00:28:20,190
ඔය වෛරයන් ගැන ඔය ඔක්කොම කලබල
කාලය කා දාන වැඩක්.

281
00:28:20,270 --> 00:28:23,270
එයාලගේ අම්මලා තාත්තලා එකිනෙකාගේ
අදහස් තේරුම් ගන්න ඕනේ.

282
00:28:23,730 --> 00:28:26,520
- මොකක්ද?
- දැන් ඔයා හරියට ඔයාගේ අම්මා වගේ කතා කරන්නේ.

283
00:28:28,310 --> 00:28:30,600
සමාවෙන්න. මම එහෙම අදහසකින් නෙවෙයි කිව්වේ.

284
00:28:35,020 --> 00:28:36,480
මට අදහසක් ආවා.

285
00:28:38,020 --> 00:28:39,730
මොකක් ගැනද ඔයා කියන්නේ?

286
00:28:39,810 --> 00:28:42,770
මේ වෛරය සදහටම නවත්වන්න
මම සැලැස්මක් හැදුවා.

287
00:28:42,850 --> 00:28:44,400
මොන වගේ සැලැස්මක්ද?

288
00:28:44,480 --> 00:28:48,350
ඒක 'නිර්භීත එලිසබෙත් ඩඩ්ලි' ට
භාර දෙන්න.

289
00:28:48,440 --> 00:28:51,770
සහ වීර මයිකල් බ්‍රිජ්මන්ට.

290
00:28:53,600 --> 00:28:55,850
මට චිකන් සුවඳක් එනවා.

291
00:29:04,020 --> 00:29:05,270
මොන අපරාධයක්ද.

292
00:29:05,350 --> 00:29:06,940
මේක නින්ජාවරුන්ගෙන්.

293
00:29:07,690 --> 00:29:09,650
එයාලට මොනවද ඕනේ?

294
00:29:09,730 --> 00:29:13,230
රාත්‍රී කෑමකටද?
එකිනෙකාව හොඳින් දැනගන්න.

295
00:29:13,770 --> 00:29:16,440
එතකොට සෑන්ඩ්ස්බරෝ වල අයට
දුක් විඳින්න වෙන්නේ නෑ,

296
00:29:16,520 --> 00:29:18,350
අපේ මේ සදාකාලික වෛරය නිසා.

297
00:29:18,440 --> 00:29:20,560
මම යන්නේ නෑ.
මේක අනිවාර්යයෙන්ම උගුලක්.

298
00:29:20,640 --> 00:29:23,480
අපි ඒ සිංහ ගුහාවට යයි කියලා
එයා හිතන්නේ කොහොමද?

299
00:29:23,560 --> 00:29:26,350
- මේක අනිවාර්යයෙන්ම උගුලක්.
- පහර දෙන්න.

300
00:29:26,940 --> 00:29:31,020
මේක මුහුදු කොල්ලන්ගේ ගෙදර නෙවෙයි.
මේක පොදු තැනක්. එලිසබෙත්ගේ තැන.

301
00:29:31,100 --> 00:29:32,480
අපේ ගෙදරද?

302
00:29:32,560 --> 00:29:34,810
තාත්තා තමයි අසල්වැසි ආරක්ෂක කමිටුවේ
සභාපති.

303
00:29:34,900 --> 00:29:36,020
ඒක ඇත්ත, රත්තරනේ.

304
00:29:36,100 --> 00:29:38,850
ඔයා හැමතිස්සෙම කියනවනේ:
"එකට කමු, එකට ඉමු" කියලා.

305
00:29:38,940 --> 00:29:42,020
ඔව්, ඒකත් ඇත්ත. ඔයා හැමතිස්සෙම
කියන දේ තමයි ඒ.

306
00:29:42,100 --> 00:29:46,650
පී.එස්. මේක "ආයුධ ගේන්න බැරි" පාටියක්.

307
00:29:46,730 --> 00:29:52,060
ආයුධ නෑ? මාර වැඩක්නේ.
බිලී, උඹ මොකද හිතන්නේ?

308
00:29:52,140 --> 00:29:56,810
මම හිතන්නේ ඒක පට්ට ප්ලෑන් එකක්.
මේක විනෝදජනක වෙයි.

309
00:29:56,890 --> 00:29:59,560
- මම හිතන්නේ අපි යන්න ඕනේ.
- මම උඹේ අදහස ඇහුවද?

310
00:30:01,060 --> 00:30:05,350
අපි ගියේ නැත්නම් මුළු සැන්ඩ්ස්බරෝම
හිතයි අපි බයයි කියලා.

311
00:30:08,770 --> 00:30:09,810
ඉතින්?

312
00:30:09,890 --> 00:30:11,770
මගේ අම්මයි තාත්තයි හිතාගෙන ඉන්නේ
නින්ජාලා තමයි එයාලව ආරාධනා කළේ කියලා.

313
00:30:11,850 --> 00:30:13,900
මගේ අම්මත් හිතාගෙන ඉන්නේ
එයාව ආරාධනා කළේ ඔයාලා කියලා.

314
00:30:13,980 --> 00:30:16,310
මගේ අම්මත් හිතාගෙන ඉන්නේ මේක එයාගේ අදහසක් කියලා.

315
00:30:25,520 --> 00:30:28,810
හැමදාම වෙන්නේ ඕකම තමයි, රෝයි.

316
00:30:29,230 --> 00:30:34,100
බෙට්සිට පාටියකට යන්න ඕනෙලු,
ඒ නිසා මට ආයෙත් නාන්න වෙනවා.

317
00:30:35,230 --> 00:30:38,150
මම නෑවේ සති දෙකකට කලින්.

318
00:30:38,230 --> 00:30:41,730
- සුබ දහවලක් වේවා.
- ඔය හොරෙන් එන එක නවත්තනවද?

319
00:30:42,810 --> 00:30:45,480
ඒ ඔයානේ.

320
00:30:45,560 --> 00:30:46,850
නිරුවත් විලී.

321
00:30:50,650 --> 00:30:52,270
සුබ දහවලක් වේවා.

322
00:30:58,060 --> 00:30:59,350
ගොඩබිම් වාසියෝ.

323
00:31:00,060 --> 00:31:03,940
- හෙක්ටර්, උඹ එනවද?
- ඔව්.

324
00:31:18,890 --> 00:31:20,850
එයාලව ඇනලා මරපන්.

325
00:31:23,230 --> 00:31:25,520
පළවෙනි, පළවෙනි, පළවෙනි, පළවෙනි.

326
00:31:25,600 --> 00:31:28,310
අපි මේ අවුරුද්දෙත් දිනුවොත්,
මට අලුත් ඇඳුම් අල්මාරියක් ගන්න වෙනවා.

327
00:31:28,400 --> 00:31:30,600
එයාලා දැනටමත් ඇවිල්ලද?

328
00:31:35,230 --> 00:31:38,390
අනිවාර්යයෙන්ම. අපිට වෙලාව බලාගන්න පුළුවන්.

329
00:31:39,440 --> 00:31:41,900
වෙලාව හරි කියලා මම දැනටමත් දන්නවා.

330
00:31:52,230 --> 00:31:56,100
හෙක්ටර්, මොකද උඹේ කකුලට වුණේ? ඔය විදියට
ගමේ ක්‍රීඩා උළෙලට සහභාගි වෙන්න බෑනේ.

331
00:31:56,190 --> 00:31:57,850
මම එහෙම හිතාගෙන හිටියේ නෑ.

332
00:32:04,650 --> 00:32:07,390
අපි හැමෝම එකිනෙකාව හඳුන්වා ගමුද?

333
00:32:07,480 --> 00:32:09,190
අයිස් කඩන්න වගේ.

334
00:32:10,230 --> 00:32:15,020
මියා, කියන්නකෝ: ඔයා කොහේ ඉඳන්ද ආවේ?
කොහොමද මෙහෙට ආවේ?

335
00:32:15,980 --> 00:32:20,520
අතීතය ගැන වැඩිය කතා නොකර ඉන්න එක හොඳයි.
මම අනාගතය ගැන බලන්න කැමතියි.

336
00:32:20,600 --> 00:32:22,270
නින්ජාවෙක්ගේ හැටි තමයි.

337
00:32:22,350 --> 00:32:25,850
ඇත්ත කතාව කවදාවත් කියන්නේ නෑ,
සැබෑ මුහුදු කොල්ලකරුවෙක් වගේ.

338
00:32:25,940 --> 00:32:30,060
ඇත්ත? මුහුදු කොල්ලකරුවෝ? කැප්ටන්
තන්ඩර්බියර්ඩ් වගේ කියලද ඔයා කියන්නේ?

339
00:32:30,150 --> 00:32:33,850
කැප්ටන් තන්ඩර්බියර්ඩ් කියන්නේ වීරයෙක්.

340
00:32:33,940 --> 00:32:36,350
එකෙක්ගේ වීරයා
තව කෙනෙක්ගේ පීඩකයා වෙන්න පුළුවන්.

341
00:32:36,440 --> 00:32:39,190
තව බීම ඕන කෙනෙක් ඉන්නවද?
අයිස් තියෙනවා.

342
00:32:39,270 --> 00:32:42,060
රත්තරනේ, අපේ අමුත්තෝ
තර්ක කරන්න හදනවා නම්...

343
00:32:42,150 --> 00:32:44,520
ඒත් කැප්ටන් තන්ඩර්බියර්ඩ්ට නින්ජාලා
ප්‍රහාරයක් එල්ල කළේ නැද්ද?

344
00:32:44,600 --> 00:32:46,060
අනිවාර්යයෙන්ම නෑ.

345
00:32:47,100 --> 00:32:51,520
වතුර වගේමයි, ඇත්තත් විවිධයි,
ආයෙත් ඒක ඔප්පු වුණා.

346
00:32:51,600 --> 00:32:54,940
අපේ පොදු ඉතිහාසයේ තියෙන
වැදගත්ම කතාවලින් එකක්,

347
00:32:55,020 --> 00:32:56,480
ඒත් එයා දන්නේ නෑනේ
ඇත්තටම වුණේ මොකක්ද කියලා?

348
00:32:56,560 --> 00:32:58,140
එයාගේ නම බිලී.

349
00:33:01,980 --> 00:33:05,480
මූලද්‍රව්‍යවල කඩුව ගැන කතාව ඔයාගේ
ළමා කාලයේ කොටසක්.

350
00:33:05,560 --> 00:33:09,400
පොඩ්ඩක් ඉන්න. ඔයා කියන්නද හදන්නේ
මම මගේ ළමයාව හරියට හදලා නෑ කියලා?

351
00:33:09,480 --> 00:33:11,640
- මම කවදාවත් එහෙම කියන්නේ නෑ.
- නෑ, ඒත් ඔයා අදහස් කළේ ඒක තමයි.

352
00:33:11,730 --> 00:33:14,650
බෙට්සි. මියා. සන්සුන් වෙන්න.

353
00:33:14,730 --> 00:33:18,060
ඒක කොච්චර සංකීර්ණද කියලා අපි හැමෝම දන්නවනේ,
නේද බෙට්සි?

354
00:33:18,140 --> 00:33:19,980
ළමයි ලොකු වෙනකොට ඔය වගේ දේවල් වෙනවා.

355
00:33:20,060 --> 00:33:22,810
එලිසබෙත්වත් සමහර වෙලාවට
හරිම කරදරකාරී වෙන්න පුළුවන්.

356
00:33:22,890 --> 00:33:26,400
- අම්මේ, ඇත්තටම කතා කරන්න.
- ඔන්න ඔය වගේ දේවල් තමයි මම කිව්වේ.

357
00:33:26,480 --> 00:33:31,400
ඒ වගේම මියා, ඔයාට මේක හරිම අමාරු ඇති.
තනියම, සැමියෙක් නැතුව.

358
00:33:31,480 --> 00:33:34,270
යුකායි මමයි දෙන්නා හොඳින් ජීවත් වෙනවා.

359
00:33:34,350 --> 00:33:36,850
එයාගේ තාත්තා මාව දාලා ගියා
එයා ඉපදෙන්නත් කලින්.

360
00:33:36,940 --> 00:33:39,350
ඉතින් එයාගේ තීරණය මගේ තීරණය වුණා.

361
00:33:41,690 --> 00:33:47,730
හරි, කාට හරි මොනවා හරි බොන්න ඕනෙද?
කෝක්, රයිස් වයින්, රම් තියෙනවා...

362
00:33:48,940 --> 00:33:51,650
හරිම වටිනා කතාවක් අසල්වැසියා. මට තව පොඩ්ඩක්
ඕනෙ බොන්න.

363
00:33:51,730 --> 00:33:56,140
එහෙනම් වාඩි වෙන්න. මුළු රෑම මෝඩයෙක් වගේ
ඔහේ හිටගෙන හිටියා.

364
00:34:03,900 --> 00:34:05,310
අනේ, හෙක්ටර්...

365
00:34:06,980 --> 00:34:08,940
පාවාදීමක්.

366
00:34:11,940 --> 00:34:15,980
- ආයුධ ගේන්න එපා කියලා තිබුණේ.
- හෙලෝ. එතකොට ඔය අතේ තියෙන්නේ මොනවද?

367
00:34:16,060 --> 00:34:18,440
හෝ. මෙතන රණ්ඩු වෙන්න එපා. රණ්ඩු වෙන්න එපා.

368
00:34:21,480 --> 00:34:24,350
මේක උගුලක්.
මම කලින්ම කිව්වා වගේම.

369
00:34:24,440 --> 00:34:25,520
මේක උගුලක් නෙවෙයි.

370
00:34:25,600 --> 00:34:28,150
- එයාලා ආයුධ ගෙනාවා.
- ඔයාලත් ගෙනාවනේ.

371
00:34:28,230 --> 00:34:32,270
මොකද ඒ මුහුදු කොල්ලකාරයන්ව විශ්වාස කරන්න බෑ.
අද රෑ ඒක ඔප්පු වුණා.

372
00:34:32,350 --> 00:34:35,520
ඔප්පු වුණේ ඔයාලා කවුරුත්
එකිනෙකාව විශ්වාස කරන්නේ නෑ කියන එක විතරයි.

373
00:34:35,600 --> 00:34:37,810
ඔයාලා හිතන්නේ රණ්ඩු වෙන්න විතරයි.

374
00:34:39,640 --> 00:34:42,400
මට එහෙම වෙන්න සිද්ධ වුණා. මගේ මුළු ජීවිතේම.
මාව ආරක්ෂා කරගන්න.

375
00:34:42,480 --> 00:34:44,440
අපිව ආරක්ෂා කරන්න.

376
00:34:45,770 --> 00:34:50,350
පොඩ්ඩක් ඉන්න, නැවියෝ. මට හිතෙන්නේ නෑ
මම ඔයා කියපු දේ හරියට ඇහුණා කියලා.

377
00:34:50,440 --> 00:34:52,230
ඔයාගේ කන්වල මුහුදු පැලෑටි පිරිලද හෙක්ටර්?

378
00:34:52,560 --> 00:34:55,770
බිලියි සහ එයාගේ යාළුවෝ තමයි
ඒ ආරාධනය එව්වේ.

379
00:34:55,850 --> 00:34:59,980
කැප්ටන් තන්ඩර්බියර්ඩ් එක්ක වුණ දේවල්
වෙලා ගොඩක් කල්. අපි හිතුවේ...

380
00:35:00,400 --> 00:35:04,440
මගේම පුතා මට විරුද්ධව
කැරැල්ලක් පටන් ගන්නවා.

381
00:35:04,520 --> 00:35:05,980
හරි, කැරැල්ලක්...

382
00:35:06,060 --> 00:35:09,190
ඔව්, කැරැල්ලක්. ඔයා ඔයාගේ සීයටත් වඩා
ඔළුව උදම් වෙලා ඉන්නේ.

383
00:35:09,270 --> 00:35:10,980
එයාගේ ඔළුව කපලා දාන්න.

384
00:35:11,980 --> 00:35:15,980
ඔයා මොනවද සැලසුම් කළේ?
එයාලත් එක්ක යාළු වෙන්නද?

385
00:35:17,980 --> 00:35:19,690
ඔච්චර මෝඩයෙක් වෙන්න එපා.

386
00:35:19,770 --> 00:35:23,690
අපි එයාලට වෛර කරනවා. එයාලා අපිට වෛර කරනවා.
දේවල් තියෙනවාට වඩා සංකීර්ණ කරන්න එපා.

387
00:35:23,770 --> 00:35:28,390
ඔයා ඒ කඩුව අරගෙන ආපු එකට
එයාට කරන්න දෙයක් නෑ.

388
00:35:28,480 --> 00:35:29,640
එතකොට දැන් ඒක මගේ වැරැද්දද?

389
00:35:29,730 --> 00:35:31,310
- නෑ.
- නෑ...

390
00:35:31,400 --> 00:35:32,730
- ඔව්.
- ඔව්...

391
00:35:32,810 --> 00:35:35,230
- සමහරවිට.
- දැන් නම් මට ඔක්කොම අහන්න ලැබුණා.

392
00:35:35,310 --> 00:35:39,190
තාත්තා මට පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින්න
හදන එක ගැන මට පුදුම වෙන්න දෙයක් නෑ.

393
00:35:39,270 --> 00:35:41,100
එයාට පිටිපස්සෙන් පිහියෙන් අනින්න.

394
00:35:41,520 --> 00:35:43,020
ඒත් ඔයයි මමයි, බෙට්සි,

395
00:35:46,020 --> 00:35:48,730
අපි යන්න ඕනේ
එකම පාරේ.

396
00:36:25,770 --> 00:36:28,520
ඔයා මොනවද දිහා බලාගෙන ඉන්නේ?

397
00:36:28,600 --> 00:36:30,400
මම මෙතන ඉන්නවා කියලා ඔයා දැනගත්තේ කොහොමද?

398
00:36:31,020 --> 00:36:35,150
නින්ජා කෙනෙක්ට සාපේක්ෂව ඔයා එච්චර නිශ්ශබ්ද නෑ.

399
00:36:35,230 --> 00:36:37,730
ඔයාට රණ්ඩු වෙන්න ඕන නම්,
මම යනවා.

400
00:36:39,440 --> 00:36:40,560
එපා.

401
00:36:46,390 --> 00:36:48,310
ඔයා මෙතන මොකද කරන්නේ?

402
00:36:49,270 --> 00:36:51,850
මම සමහර වෙලාවට මෙතනට එනවා හිතන්න.

403
00:36:52,810 --> 00:36:57,060
ඇත්තද? හිතන මංකොල්ලකාරයෙක්.

404
00:36:58,350 --> 00:37:00,730
මම හිතුවේ ඔයාට සටන් කරන්න ඕන නෑ කියලා.

405
00:37:04,640 --> 00:37:07,480
මගේ තාත්තා ගොඩක් තරහෙන් හිටියේ, ඒ නිසා එයා ගියා.

406
00:37:08,640 --> 00:37:11,270
එයා තාම ආපහු ආවේ නෑ.

407
00:37:11,350 --> 00:37:13,600
මීට කලින් කවදාවත් මෙහෙම වෙලා නෑ.

408
00:37:15,560 --> 00:37:20,230
වාසනාවකට ඔයාට ඒ වගේ ප්‍රශ්නයක් නෑ:
රණ්ඩු වෙන දෙමව්පියෝ.

409
00:37:21,350 --> 00:37:23,600
නෑ, වාසනාවකට නෑ.

410
00:37:23,690 --> 00:37:27,350
මට ඉන්නේ කවදාවත් ගෙදර නැති තාත්තෙක් විතරයි.
ඒක තමයි ගොඩක් හොඳ.

411
00:37:32,020 --> 00:37:34,020
ඒ ඔයාගේ අම්මද?

412
00:37:44,230 --> 00:37:45,400
යමු.

413
00:37:51,520 --> 00:37:53,440
ක්‍රීකින් ක්‍රැකන්.

414
00:38:07,850 --> 00:38:09,900
ආ ඔව්.

415
00:38:33,980 --> 00:38:36,440
තව අඩියක්වත් ඉස්සරහට එන්න එපා, ප*යා.

416
00:38:36,520 --> 00:38:40,390
හැරෙන්න. එතකොට මම පෙන්නන්නම්
ආක්‍රමණිකයන්ට මම මොකද කරන්නේ කියලා.

417
00:38:43,480 --> 00:38:44,440
තුවක්කුවක්ද?

418
00:38:46,100 --> 00:38:49,980
ඔයා දන්නේ නෑ මම කොච්චර කාලයක් මේ මොහොත ගැන හීන මැව්වද කියලා. අන්තිමට, පළිගැනීම.

419
00:38:53,100 --> 00:38:54,440
ඔයා මාව හොයාගත්තේ කොහොමද?

420
00:38:54,520 --> 00:38:58,690
කුණු වුණු ආඳා සහ
ගඳ ගහන සාඩින් මාළු සුවඳ පස්සේ ආවා.

421
00:38:58,770 --> 00:39:01,600
ඔයාගේ කඩුව එළියට අරන්
ඇත්ත මංකොල්ලකාරයෙක් වගේ සටන් කරපන්.

422
00:39:02,350 --> 00:39:03,480
එන්න.

423
00:39:06,100 --> 00:39:13,100
කොර්නේලියස්, මම ආවේ සටන් කරන්න නෙවෙයි.

424
00:39:15,020 --> 00:39:19,230
- මම කියන්නේ ඇත්ත, කොර්නේලියස්.
- ඒක ඔයා කලින් හිතන්න තිබුණා.

425
00:39:30,940 --> 00:39:33,390
මම ඔයාව අල්ලගත්තා,
පරණ මුහුදු බල්ලා.

426
00:40:03,190 --> 00:40:05,480
මට ඔයාගේ උදව් ඕන, කොර්නේලියස්.

427
00:40:06,020 --> 00:40:09,390
ඔයා මගේ උදව් ඉල්ලනවා නම්,
ඔයා ඇත්තටම ලොකු අමාරුවක වැටිලා ඇති.

428
00:40:09,480 --> 00:40:13,520
ඔව්. ඒක නින්ජාවරුන් ගැන.

429
00:40:16,190 --> 00:40:17,810
නින්ජාවරු?

430
00:40:19,980 --> 00:40:21,440
කෑම.

431
00:40:23,810 --> 00:40:25,230
රම්?

432
00:40:25,310 --> 00:40:29,440
ඔයාම ගිහින් ගනින්, මහත්තයෝ.
ඔයාගේ අත්වල කිසිම අවුලක් නෑනේ.

433
00:40:30,350 --> 00:40:32,230
බලන්න කවුද ඉන්නේ කියලා.

434
00:40:32,310 --> 00:40:35,390
මම හිතුවේ ඔයත් ඔයාගේ තාත්තා වගේම
පැනලා ගියා කියලා.

435
00:40:36,690 --> 00:40:39,310
නෑ, මම... මම හිටියේ මයිකල්ගේ ගෙදර.

436
00:40:41,310 --> 00:40:42,520
මයිකල්ගේ ගෙදරද?

437
00:40:43,480 --> 00:40:46,390
- ඔව්.
- හොඳයි.

438
00:40:49,270 --> 00:40:50,730
හොඳයි.

439
00:40:54,940 --> 00:40:59,850
නින්ජාවරු. මම ඒක දැනගෙන හිටියා නම්,
මම කවදාවත් ඔයාට පහර දෙන්නේ නෑ.

440
00:40:59,940 --> 00:41:02,940
ඒක ප*ක් වෙන්න කියලා. ඒක හොඳට තිබුණා නේද?

441
00:41:03,020 --> 00:41:05,480
ඇත්තටම හොඳයි.
ඇත්ත මංකොල්ලකාරයෝ වගේ සටන් කළා.

442
00:41:05,560 --> 00:41:10,350
කෙලින්ම, එළිපිට.
ඒ හොර නින්ජා වැඩ වගේ නෙවෙයි.

443
00:41:12,480 --> 00:41:17,480
ඒත් එයාලා ගාව තියෙන කඩු... මරු. මම පිළිගන්නවා.

444
00:41:17,900 --> 00:41:19,560
ඒක...

445
00:41:19,940 --> 00:41:22,190
මටත් නින්ජාවරු එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙනවා.

446
00:41:24,230 --> 00:41:27,600
ඒ පිජාමා අඳින උන් සැන්ඩ්ස්බරෝ වලට ආපු දවසේ ඉඳන්...

447
00:41:27,690 --> 00:41:29,730
බෙට්සි සහ මම කරන්නේම
රණ්ඩු වෙන එක විතරයි.

448
00:41:32,650 --> 00:41:35,100
ඔයා සහ බෙට්සි? රණ්ඩු වෙනවා?

449
00:41:35,560 --> 00:41:40,190
අපි මංකොල්ලකාරයෝ හරිම තනිකමෙන් ජීවත් වෙන්නේ, හෙක්ටර්.
හැමතිස්සෙම රත්තරන් සහ මැණික් හොයනවා.

450
00:41:40,270 --> 00:41:42,600
- කොල්ලකෑම සහ මංකොල්ලකෑමේ වැඩ.
- ඒක කොච්චර නම් හොඳද.

451
00:41:42,690 --> 00:41:45,190
ඒක ඇත්ත, හැබැයි ජීවිතේදී මම
එක දෙයක් ඉගෙන ගත්තා නම්,

452
00:41:45,270 --> 00:41:48,690
ඒ තමයි සටන් කරන්න ඕනේ තමන්ගේ
සතුරොත් එක්ක විතරයි. කවදාවත් බිරිඳ එක්ක නෙවෙයි.

453
00:41:48,770 --> 00:41:51,980
ඔයා දන්නවනේ බෙට්සි ගැන.
මේක ලේසි වෙන්නේ නෑ.

454
00:41:52,060 --> 00:41:55,770
ඔයායි බෙට්සියි අතර තියෙන දේ
ඕනෑම වස්තුවකට වඩා වටිනවා.

455
00:41:55,850 --> 00:41:58,520
මූලද්‍රව්‍යවල කඩුවටවත්
ඒක පරද්දන්න බැහැ.

456
00:41:58,600 --> 00:42:01,520
නින්ජාවරු දෙන්නෙක් නිසා ඒක විනාශ කරගන්න එපා.

457
00:42:05,560 --> 00:42:10,560
ඔයාගේ වස්තු පෙට්ටිය ආරක්ෂා කරනවා වගේ
ඔයාගේ ආදරයත් ආරක්ෂා කරගන්න.

458
00:42:10,650 --> 00:42:12,770
කඩු සහ පිස්තෝලවලින්.

459
00:42:14,480 --> 00:42:19,730
- ඒක උපමාවක්, හෙක්ටර්.
- හරි, උපමාවක්. මම ඒක දැනන් හිටියා.

460
00:42:22,230 --> 00:42:26,690
ඔයා කියන එකත් ඇත්ත. මගේ ගෙදරට
ආපහු යන්න කාලේ හරි.

461
00:42:26,770 --> 00:42:32,020
මියා කටානා නිසා මගේ සම්බන්ධය
කඩාකප්පල් කරගන්න මම ඉඩ දෙන්නේ නෑ.

462
00:42:35,020 --> 00:42:37,480
උදව් කරාට ස්තූතියි, කොර්නේලියස්.

463
00:42:37,560 --> 00:42:42,730
ඔයා තමයි මට ඉන්න හොඳම පරම සතුරා.

464
00:42:52,770 --> 00:42:54,520
වුවමනායි: මළ හෝ ජීවතුන් අතර

465
00:42:54,600 --> 00:42:56,230
මියා කටානා.

466
00:42:56,810 --> 00:43:03,100
අන්තිමට මම ඔයාව හොයාගත්තා.
සෑන්ඩ්ස්බරෝ වල. හරිම පුදුමයි නේද.

467
00:43:06,060 --> 00:43:07,480
ගල්.

468
00:43:07,980 --> 00:43:09,690
වතුර.

469
00:43:10,020 --> 00:43:11,350
ගල්.

470
00:43:12,190 --> 00:43:13,480
පොළොවේ මුල්.

471
00:43:19,600 --> 00:43:20,560
ආයෙත්.

472
00:43:26,190 --> 00:43:28,310
මට තවත් මේක කරන්න ඕනේ නෑ, අම්මේ.

473
00:43:28,390 --> 00:43:30,850
හරි. විනාඩි පහක විවේකයක්.

474
00:43:31,770 --> 00:43:33,770
මම කියන්නේ ඒක නෙවෙයි.

475
00:43:33,850 --> 00:43:37,690
මට තවත් මේක කරන්න ඕනේ නෑ.
මේක. මේක වැඩ කරන්නේ නෑ.

476
00:43:38,060 --> 00:43:42,230
අපි යන යන තැන සතුරෝ හදාගන්නවා.
මටත් ඕනේ යාළුවෝ ටිකක්.

477
00:43:46,440 --> 00:43:49,440
එහෙනම්, වෙන උපක්‍රමයක්.

478
00:43:49,520 --> 00:43:53,310
ඔයා හිතනවද ආකර්ෂණීය සහ මිත්‍රශීලී විදියට
හැසිරුණාම හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා.

479
00:43:53,390 --> 00:43:59,770
නෑ. උපක්‍රම නෙවෙයි. මිත්‍රශීලී වෙන්න රඟපාන්න ඕනේ නෑ,
ඇත්තටම මිත්‍රශීලී වෙන්න. ඔයාට පුළුවන් නම්.

480
00:44:02,770 --> 00:44:07,940
මිත්‍රත්වය එන්නේ විශ්වාසයෙන් පස්සේ.
විශ්වාසය දිනාගන්න ඕනේ.

481
00:44:11,440 --> 00:44:16,150
ඒ කියන්නේ මොකක්ද?
මට කියන්න, මට දේශනා කරන්නේ නැතුව.

482
00:44:18,850 --> 00:44:23,400
අපි කොච්චර අමාරුවකද ඉන්නේ.
තාත්තත් එක්ක රණ්ඩු වෙලා.

483
00:44:23,480 --> 00:44:25,730
නින්ජාවරු එක්කත් රණ්ඩු වෙලා.

484
00:44:25,810 --> 00:44:28,270
මේකට වඩා අවුල් වෙන්න
තව මොනවා වෙන්නද.

485
00:44:28,350 --> 00:44:32,060
- හරියටම ඉලක්කයට.
- අන්න ඒ ඔයායි යුකයි අතර තියෙන දේ.

486
00:44:35,310 --> 00:44:37,350
ඔයාට ඕන දෙයක් මට කියන්න පුළුවන්, නාවිකයා.
ඔයා ඒක දන්නවනේ, නේද?

487
00:44:37,440 --> 00:44:40,310
- මම දන්නවා.
- ඉතින්, මොනවා හරි තියෙනවා නම්...

488
00:44:41,060 --> 00:44:42,440
කිසිම දෙයක් නෑ.

489
00:44:43,190 --> 00:44:44,480
ඇත්තටම?

490
00:44:44,940 --> 00:44:51,020
ඔයායි යුකයි දෙන්නා කැමතියි කියන එක,
ඒක නිකන්ම නිකන් දෙයක්ද?

491
00:44:51,100 --> 00:44:52,650
අහුවුණා.

492
00:44:53,650 --> 00:44:56,350
අම්මලා ඔය වගේ දේවල් දන්නවා, මචං.

493
00:44:56,940 --> 00:44:59,600
අනිවාර්යයෙන්ම, ඔයාලා දෙන්නා පහන් කණුව ගාව ඉන්නවා දැක්කම.

494
00:45:00,640 --> 00:45:04,270
ඔව්. ආ. අනිත් එක, අර පාරේ ඉන්න ගෑනි ඔයාව දැක්කේ නැති එක ගැන සතුටු වෙන්න,

495
00:45:04,350 --> 00:45:07,980
මොකද මියා කටානා නම් මම වගේ මෙච්චර
සන්සුන්ව ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා.

496
00:45:08,980 --> 00:45:11,850
ඒ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න.

497
00:45:11,940 --> 00:45:14,770
මොකද ඔයාව නැති කරගන්න මට ඕනේ නෑ,
මිරිදිය මාළුවෝ.

498
00:45:15,770 --> 00:45:18,520
යෝහෝ සහ කෝක් බෝතලයක්.

499
00:45:18,600 --> 00:45:20,600
මේ ගැන කට වහගෙන ඉන්න.

500
00:45:20,690 --> 00:45:25,270
- හෙක්ටර්.
- බෙට්සි. බිලී. මම ආවා.

501
00:45:25,350 --> 00:45:27,480
ඔයා එන්න ගොඩක් වෙලා ගත්තා,
හෙක්ටර් හයිරොනිමස් බ්ලන්ඩර්බස්.

502
00:45:27,560 --> 00:45:31,940
- මට හිතන්න දේවල් තිබුණා.
- ඒක ඔයාට රිදෙන්න ඇති.

503
00:45:32,020 --> 00:45:34,270
මම ඔච්චර හිතුවක්කාර වෙන්න නරකයි.

504
00:45:34,350 --> 00:45:38,190
ජීවිතේ මම ඉගෙන ගත්ත එකම දේ,
ඒ තමයි...

505
00:45:38,270 --> 00:45:40,020
මොකක්ද ඒ?

506
00:45:40,100 --> 00:45:45,560
ඔයා සටන් කරන්න ඕනේ ඔයාගේ
සතුරොත් එක්ක විතරයි, කවදාවත් බිරිඳ එක්ක නෙවෙයි.

507
00:45:45,650 --> 00:45:49,400
අපි ළඟ තියෙන දේ ඕනෑම නිධානයකට
වඩා වටිනවා.

508
00:45:49,480 --> 00:45:52,940
මම ඒක දාහක් නින්ජාවරුන්ට
අරන් යන්න දෙන්නේ නෑ.

509
00:45:53,020 --> 00:45:54,440
හෙක්ටර්...

510
00:45:56,020 --> 00:45:57,980
බෙට්සි.

511
00:46:14,140 --> 00:46:17,400
- ඔයා කොහොමද ඒක කරන්නේ?
- මට ඔයාට උගන්නන්න පුළුවන්.

512
00:46:17,480 --> 00:46:18,980
දැන් නම් නෙවෙයි.

513
00:46:19,810 --> 00:46:21,270
මොකද වෙන්නේ?

514
00:46:21,350 --> 00:46:25,770
අපි ප්‍රදීපාගාරේ ඉඳන් මගේ අම්මව දැක්කා
කියලා ඔයාට මතකද?

515
00:46:25,850 --> 00:46:27,270
ඔව්.

516
00:46:27,350 --> 00:46:29,350
එයා අපිවත් දැක්කා.

517
00:46:29,440 --> 00:46:31,690
එයා තාම තාත්තට කියලා නෑ.

518
00:46:31,770 --> 00:46:34,310
තාම. හැබැයි තාත්තා දැනගත්තොත්...

519
00:46:34,690 --> 00:46:38,150
එහෙම නැත්නම් අම්මා. එයාට නම්
පිස්සු හැදෙයි.

520
00:46:38,230 --> 00:46:40,980
එයා ඒක සාධාරණීකරණය කරන්න
මොකක් හරි මෝඩ කියමනක් කියයි.

521
00:46:41,060 --> 00:46:45,060
උදාහරණෙකට: අපි සතුරෝ වෙන්න පුළුවන්.
හැබැයි අපිට යාළුවෝ වෙන්නත් පුළුවන් නේද?

522
00:46:48,560 --> 00:46:52,310
- මගේ අම්මා කවදාවත් එහෙම කියන්නේ නෑ.
- හැබැයි ඔයා කියයි.

523
00:46:57,690 --> 00:46:59,020
දැන් මොකද කරන්නේ?

524
00:47:00,940 --> 00:47:04,100
දැන් නම් මුකුත් නෑ. අපි තව පරිස්සම්
වෙන්න ඕනේ

525
00:47:04,190 --> 00:47:05,440
අපි දෙන්නව එකට දකින්නේ නැති
වෙන්න.

526
00:47:05,520 --> 00:47:09,020
- අපි වැරදි දෙයක් කරන්නේ නෑ.
- නෑ. අපි ඒ විදිහටම ඉමු.

527
00:47:10,520 --> 00:47:11,770
හොරෙන්.

528
00:47:12,600 --> 00:47:16,400
නින්ජාවරු හැමදේම කරන්නේ හොරෙන්.
ඔයා ඒක දන්නවනේ, නේද?

529
00:47:18,230 --> 00:47:20,480
පාරෙන් අයින් වෙන්න.

530
00:47:25,810 --> 00:47:29,810
- බෙට්සි, ඔයා මොකද කරන්නේ?
- මට ඇති වෙලා තියෙන්නේ.

531
00:47:29,900 --> 00:47:32,690
ඔය හොරෙන් බලන එකයි ඔත්තු බලන එකයි.
අපි නින්ජාවරු දෙන්නෙක් වගේ හැසිරෙන්නේ.

532
00:47:32,770 --> 00:47:34,850
හෝ, බැනගන්න එපා.

533
00:47:34,940 --> 00:47:38,310
අපි හැංගිලා ඉන්න යන්නේ නෑ.
අපි එයා එක්ක යාළුවෝ වෙන්න ඕනේ නෑ,

534
00:47:38,390 --> 00:47:41,690
හැබැයි අපිට බැරිද වැඩිහිටියෝ වගේ
සමගියෙන් ඉන්න?

535
00:47:41,770 --> 00:47:44,600
මගේ ඇඟේ තියෙන එකම කොරපොත්තක්වත්
ඒ ගැන හිතන්නේ නෑ.

536
00:47:44,690 --> 00:47:46,480
අපි ආයෙත් ඒක පටන් ගන්නවද?

537
00:47:46,560 --> 00:47:49,310
මම හිතුවේ ඔයාට ඕනේ සතුරොත් එක්ක විතරක්
සටන් කරන්න, බිරිඳ එක්ක නෙවෙයි කියලා.

538
00:47:49,390 --> 00:47:52,730
ඒක ඇත්ත. මට ඕනේ එයා එක්ක පාරේ
බැහැලා සටන් කරන්න.

539
00:47:52,810 --> 00:47:56,810
- හැබැයි මට ඕනේ ඒක නෙවෙයි.
- එහෙනම් ඔයාට ඕනේ මොකක්ද?

540
00:48:19,690 --> 00:48:23,400
- අපිට ඕනේ සටන් විරාමයක්.
- සටන් විරාමයක්?

541
00:48:23,480 --> 00:48:25,690
අපිට එකම පාරේ එකිනෙකාව මරගන්නේ නැතුව
ඉන්න පුළුවන්.

542
00:48:25,770 --> 00:48:28,060
වැඩිහිටියෝ වගේ, නේද?

543
00:48:29,150 --> 00:48:31,270
ඔයාට දිනන්න බෑ.

544
00:48:31,600 --> 00:48:34,310
පරාද වෙන කෙනෙක්ට දිනන්න පුළුවන්
සටන් විරාමයකින් විතරයි.

545
00:48:34,400 --> 00:48:38,060
ආ එහෙමද? ඔයාට කඩුවකින් වෙඩි තියන්නත්
බෑනේ.

546
00:48:38,480 --> 00:48:39,600
ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

547
00:48:41,480 --> 00:48:45,770
- හෙක්ටර්.
- ඔයාව මේ විදිහට දකින්න ලැබීම කොච්චර හොඳද.

548
00:48:45,850 --> 00:48:51,730
අපේ පරණ අලුත් අසල්වැසියෝ
සහ අලුත් අලුත් අසල්වැසියෝ. එකට.

549
00:48:52,150 --> 00:48:54,980
නින්ජාවරු සහ කැප්ටන් ප්‍රික්ල්බියර්ඩ්
අතර තියෙන සදාකාලික වෛරය ගැන

550
00:48:55,060 --> 00:48:56,900
ඒ කතාවෙන් පස්සේ...

551
00:48:56,980 --> 00:48:58,020
තන්ඩබියර්ඩ්.

552
00:48:58,100 --> 00:49:00,190
අන්න ඒක තමයි, බ්ලා බ්ලා බ්ලා,
මම නම් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.

553
00:49:00,560 --> 00:49:04,600
ඔයාලා අපිත් එක්ක එකතු වෙන එක හරිම හොඳයි.
ඔයාලා දැන් ඇත්තටම සැන්ඩ්ස්බරෝ වැසියෝ වෙලා.

554
00:49:04,940 --> 00:49:06,810
හේයි, හේයි, පොඩ්ඩක් ඉන්න.

555
00:49:06,890 --> 00:49:10,270
හරි. මම යනවා.
ඔයාලා කතා කර කර ඉන්න.

556
00:49:14,020 --> 00:49:17,770
අහන්නකෝ, අසල්වැසියෝ ඉස්සරහා අපි මෙහෙම
ගහගන්න එක හරි නෑ.

557
00:49:17,850 --> 00:49:20,770
අනික ගමේ මිනිස්සුන්ව පාවිච්චි කරනවා
තමන්ගේ වැඩේට.

558
00:49:21,190 --> 00:49:23,060
ඒක තමයි දුර්වලකමේ ලොකුම ලක්ෂණය.

559
00:49:23,140 --> 00:49:25,600
ආ එහෙමද? හරි, මම පෙන්නන්නම්කෝ
දුර්වලකම කියන්නේ මොකක්ද කියලා...

560
00:49:25,690 --> 00:49:27,440
ඔයා කියන්නද හදන්නේ අපි දුර්වලයි කියලා?

561
00:49:27,520 --> 00:49:30,560
- මම එහෙම කියන්නේ නෑ.
- නෑ, ඔයා අදහස් කළේ ඒක තමයි.

562
00:49:30,650 --> 00:49:36,140
මම කියන්න හැදුවේ අපේ මේ දීර්ඝ,
දීර්ඝ, දීර්ඝ ඉතිහාසය පුරාවටම,

563
00:49:36,230 --> 00:49:38,640
මුහුදු කොල්ලකරුවෙක් කවදාවත්
නින්ජා කෙනෙක්ව පරාද කරලා නෑ.

564
00:49:39,730 --> 00:49:41,980
එතකොට නින්ජාලා මුහුදු කොල්ලකරුවන්ට වඩා හොඳයිද?

565
00:49:42,060 --> 00:49:45,190
- හැමෝම දන්නවා ඒක.
- ඇත්තද? එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න.

566
00:49:45,270 --> 00:49:47,900
- මම ඔයාට ද්වන්ධ සටනකට අභියෝග කරනවා.
- මම ඒ අභියෝගය බාරගන්නවා.

567
00:49:47,980 --> 00:49:49,480
අන්තිමට.

568
00:49:49,560 --> 00:49:51,190
- අම්මේ. මේ වැඩේ කරන්න එපා.
- තාත්තේ. ඉන්න.

569
00:49:51,270 --> 00:49:53,690
පැත්තකට වෙන්න, බිලී.
මට මේ විදියට සටන් කරන්න බෑ.

570
00:49:53,770 --> 00:49:55,890
ඔයත් එහෙමයි, යුකා.
සුළඟ ඔයාගේ පැත්තට හමනවා නම්...

571
00:49:55,980 --> 00:49:58,310
ඔයා කවදාවත් ඔරුවේ රුවල් වෙනස් කරන්න හොඳ නෑ.

572
00:49:58,390 --> 00:50:04,730
මේක මෝඩ වැඩක්. ඔයාලට ඇත්තටම සටන් කරන්නම ඕන නම්,
ඒක කරගන්න, ඒක කරගන්න...

573
00:50:04,810 --> 00:50:07,150
- ගමේ ක්‍රීඩා උළෙලේදී.
- මොකේදී?

574
00:50:07,230 --> 00:50:11,480
ඒක මේ පිස්සු ගොඩවල් ටිකක් කරන
ක්‍රීඩා තරගයක්, කවුද හොඳම කියලා බලන්න.

575
00:50:11,560 --> 00:50:14,940
මෝඩ වැඩක්. ඒකට තරග ඕන නෑ.
නින්ජාලා තමයි හොඳම, ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ.

576
00:50:15,020 --> 00:50:17,850
- නෑ. මුහුදු කොල්ලකරුවෝ තමයි.
- කට වහගනිල්ලා. දෙන්නම.

577
00:50:17,940 --> 00:50:22,270
මේ කෙට්ටු ළමයි කියන එක ඇත්ත.
අපි ගමේ ක්‍රීඩා උළෙලේදී මේක විසඳගමු.

578
00:50:22,350 --> 00:50:25,940
එතකොට පැහැදිලි වෙයි, එක පාරක්ම,
කවුද හොඳම කියලා.

579
00:50:26,020 --> 00:50:27,520
ඔයාලට බැරි නම් මිසක්.

580
00:50:28,810 --> 00:50:31,350
යුකයි මමයි ඔයාලව හොඳටම නාවනවා.

581
00:50:34,560 --> 00:50:38,020
අපි බලමුකෝ ඒක. එන්න.

582
00:51:04,100 --> 00:51:05,480
මේක හරිම සාර්ථකයි.

583
00:51:06,060 --> 00:51:08,890
නේද? හැබැයි ඔයාගේ අම්මා නැත්නම් මට මේක
කවදාවත් කරගන්න වෙන්නේ නෑ.

584
00:51:08,980 --> 00:51:12,480
- එයා ස්ක්‍රූ ඩ්‍රයිවර් එක පාවිච්චි කරන්න හරි දක්ෂයි.
- ස්පෑනර් එක.

585
00:51:13,060 --> 00:51:14,400
මම කිව්වේ ඒක තමයි.

586
00:51:14,480 --> 00:51:16,640
මට හිතෙන්නේ බිලීට තවදුරටත් මමත් එක්ක
කණ්ඩායමක් වෙන්න ඕන නෑ වගේ.

587
00:51:16,980 --> 00:51:19,730
- ගමේ ක්‍රීඩා උළෙලේදී.
- මොකක්?

588
00:51:21,690 --> 00:51:22,980
දැන් මොකද?

589
00:51:23,060 --> 00:51:26,100
අපිට පුළුවන්ද එකට මේක කරන්න?

590
00:51:26,190 --> 00:51:27,520
ඔයා කියන්නේ...

591
00:51:28,940 --> 00:51:31,100
- පරණ විදියටම?
- ඔව්.

592
00:51:31,640 --> 00:51:35,270
මේ අවුරුද්ද අපේ අවුරුද්ද වෙනවා.
මට ඒක දැනෙනවා.

593
00:51:40,100 --> 00:51:42,230
බ්‍රිජ්මන් කණ්ඩායම.

594
00:51:42,730 --> 00:51:43,770
තව 1 දවසයි

595
00:51:55,600 --> 00:51:59,270
අපි මුහුදු කොල්ලකාර වීරයෝ
අපි බය වෙන්නේ නෑ

596
00:51:59,690 --> 00:52:03,810
-  අපි ඒ නින්ජාලා එක්ක සටන් කරනවා
- තන්ඩබියර්ඩ් කැප්ටන් වගේම

597
00:52:03,900 --> 00:52:08,140
අතීතය මට මඟ පෙන්වනවා
වර්තමානය මට ශක්තිය දෙනවා

598
00:52:08,230 --> 00:52:13,770
සටනට මුහුණ දෙන්න
ඒ මුහුදු කොල්ලකරුවන්ව ඈතින් තියන්න

599
00:52:13,850 --> 00:52:15,980
මොකද අපි දිනනවා

600
00:52:17,520 --> 00:52:21,900
නෑ, අපි දිනනවා

601
00:52:34,900 --> 00:52:38,520
මොකද අපි දිනනවා

602
00:52:38,600 --> 00:52:41,520
නෑ, අපි දිනනවා

603
00:52:42,520 --> 00:52:45,690
නෑ, අපි දිනනවා

604
00:52:46,810 --> 00:52:49,850
අපි දිනනවා

605
00:52:49,940 --> 00:52:53,600
මහත්ම මහත්මියනි,
ගම්මානයේ ක්‍රීඩා උළෙලට සාදරයෙන් පිළිගන්නවා.

606
00:52:53,980 --> 00:52:58,100
පළමු වටය: නිරිතදිග ප්‍රහාරක
පාඨමාලාව දැන් ආරම්භ වෙනවා.

607
00:52:58,480 --> 00:53:02,940
මුලින්ම, සහභාගිවන්නන් ගල් කැටයකින්
ඉලක්කයට විදින්න ඕනේ.

608
00:53:28,810 --> 00:53:30,150
ඒක ප්‍රශ්නයක් නෑ.

609
00:53:36,440 --> 00:53:39,100
නෑ තාත්තේ, එයා මග ඇරියා.
එයාට වැදුණේ නෑ.

610
00:53:42,810 --> 00:53:46,190
අපේ අලුත් අසල්වැසියා,
මියා කටානා, පෙරමුණේ ඉන්නවා.

611
00:53:48,270 --> 00:53:53,650
එයාට පස්සෙන් හතර වතාවක් ගම්මානයේ
ක්‍රීඩා ශූරිය වුණු හැනා ඩඩ්ලි ඉන්නවා.

612
00:53:55,100 --> 00:53:59,640
මෙතැන ඉඳන්, දැල උඩින් ගිහින්,
වැලි කඳු අතරින් කොඩිය අරගෙන,

613
00:53:59,730 --> 00:54:03,440
ඊට පස්සේ ලිස්සන පාර දිගේ පහළට,
අවසාන ඉරට යන්න ඕනේ.

614
00:54:34,230 --> 00:54:38,560
මියා කටානා මුලින්ම කොඩිය අල්ලගත්තා,
ඊට පස්සේ බිලී සහ යුකා,

615
00:54:38,640 --> 00:54:42,230
එයාලට පස්සෙන් හෙක්ටර් බ්ලන්ඩර්බස් එනවා.

616
00:54:48,690 --> 00:54:50,020
කැ* වැඩක්.

617
00:55:06,560 --> 00:55:08,560
අන්න අවසාන ඉර.

618
00:55:09,310 --> 00:55:12,020
මියා කටානා මුලින්ම ඉර පහු කළා.

619
00:55:12,100 --> 00:55:14,140
ඒත් එයාගේ කණ්ඩායමේ අනිත් කෙනා කෝ?

620
00:55:14,230 --> 00:55:19,150
කණ්ඩායමේ දෙන්නම ඉර පහු කළොත් විතරයි
එයාලට ලකුණු ලැබෙන්නේ.

621
00:55:19,230 --> 00:55:23,690
බිලී බ්ලන්ඩර්බස් ආවා, ඒත්
යුකා කටානා තමයි මුලින්ම ලකුණක් ගත්තේ.

622
00:55:29,810 --> 00:55:33,440
හෙක්ටර් බ්ලන්ඩර්බස් තමයි
අන්තිමට ඉර පහු කළේ.

623
00:55:33,520 --> 00:55:34,690
එයාව නැවෙන් එල්ලලා මරපන්.

624
00:55:34,770 --> 00:55:39,350
පළමු වටයේ ජයග්‍රාහකයෝ
මියා සහ යුකා කටානා.

625
00:55:54,310 --> 00:55:58,390
දැන් දෙවැනි වටය:
බකට් අප්.

626
00:55:58,480 --> 00:56:01,190
දෙවැනි වටයද? මෙච්චර ඉක්මනට?

627
00:56:02,230 --> 00:56:06,600
අපි කල් දාන්නද අහන්න ඕනේ,
ඔයාලට හුස්ම ගන්නවත් වෙලාවක් දෙන්න?

628
00:56:12,980 --> 00:56:15,100
මියා කටානා.

629
00:56:15,190 --> 00:56:17,100
ආරම්භක ස්ථානයට.

630
00:56:18,350 --> 00:56:21,940
ඉක්මන් කරපන්, ඉක්මන් කරපන්. එන්න.

631
00:56:22,020 --> 00:56:24,600
සමතුලිත බාල්කයේ කෙළවරේ
බකට් එල්ලලා තියෙනවා,

632
00:56:24,690 --> 00:56:26,600
ඒවා වතුරෙන් පුරවන්න ඕනේ.

633
00:56:26,690 --> 00:56:27,730
නැත්නම් රම් වලින්.

634
00:56:27,810 --> 00:56:30,900
ඒවා හරිම දක්ෂ විදිහට
තියුණු ඊතල පාවිච්චි කරලා සවි කරලා තියෙන්නේ.

635
00:56:30,980 --> 00:56:33,650
කවුද හොඳම කියලා ඉක්මනටම බලාගන්න පුළුවන්.

636
00:56:34,100 --> 00:56:39,640
මුලින්ම ඊතලයකින් බැලූනය පුපුරවන කණ්ඩායම,
මේ වටය දිනනවා.

637
00:56:46,390 --> 00:56:48,650
මොකක් හරි කුණාටුවක් එන්න වගේ.

638
00:57:03,310 --> 00:57:06,770
මම දැක්කා, කැ* වැඩක්.
සම්ප්‍රදායික මුහුදු කොල්ලකාර වැඩ තමයි.

639
00:57:11,810 --> 00:57:16,770
දිගටම කරපන්.
ඔව්, යන්න, දැන්. යන්න යන්න යන්න. ඔව්.

640
00:57:27,650 --> 00:57:29,810
මේ වටයේ ජයග්‍රාහකයෝ,

641
00:57:29,900 --> 00:57:34,140
මගේ දක්ෂ බිරිඳ සහ දුව,
ඩඩ්ලි කණ්ඩායම.

642
00:57:34,230 --> 00:57:36,690
මාරම අපක්ෂපාතී විනිසුරුවෙක්.

643
00:57:41,440 --> 00:57:43,060
ඔයාට ඔක්කොම මතකද?

644
00:57:43,140 --> 00:57:47,270
ෂිනෝබි වෙත. නවත්වන්න.
මියා කටානා හමුවුණා. නවත්වන්න.

645
00:57:47,350 --> 00:57:52,020
ස්ථානය: සැන්ඩ්ස්බරෝ. නවත්වන්න.
මුදල් ත්‍යාගය. නවත්වන්න.

646
00:57:52,100 --> 00:57:53,850
හරිම හොඳයි. දැන් යන්න.

647
00:57:55,560 --> 00:57:58,350
ඇට වර්ග ත්‍යාගයක්. නවත්වන්න.

648
00:57:59,940 --> 00:58:02,890
ඔව්, ඇත්තටම, කෑදර සතා.

649
00:58:04,940 --> 00:58:06,770
හරි එහෙනම්. දැන් යන්න.

650
00:58:13,100 --> 00:58:16,020
අද දවසේ තුන්වැනි සහ අවසාන වටය:
හයර් අප්.

651
00:58:16,100 --> 00:58:19,480
සහභාගි වෙන අයට පෙන්නන්න වෙනවා
එයාලට එකිනෙකා එක්ක තරඟ කරන්න පුළුවන් කියලා,

652
00:58:19,560 --> 00:58:21,020
ඒ වගේම එකට වැඩ කරන්නත් පුළුවන් කියලා.

653
00:58:21,100 --> 00:58:22,560
පරාදයි. පරාදයි.

654
00:58:22,980 --> 00:58:25,650
පළවෙනි කණ්ඩායම: හෙක්ටර් බ්ලන්ඩර්බස්.

655
00:58:27,190 --> 00:58:28,980
සහ රොබට් බ්‍රිජ්මන්.

656
00:58:29,060 --> 00:58:32,190
හේයි, නියමයි නේද අසල්වැසියෝ? පට්ට.

657
00:58:32,270 --> 00:58:36,980
ඊළඟට...
මයිකල්, ඔයා ඉන්නේ එලිසබෙත් එක්ක.

658
00:58:38,100 --> 00:58:42,390
මියා කටානා සහ මිසිස් ඩඩ්ලි.

659
00:58:42,850 --> 00:58:47,480
සහ යූකා කටානා
සහ බිලී බ්ලන්ඩර්බස්.

660
00:58:49,140 --> 00:58:53,890
මොකක්? මම ඒ නින්ජා කෙල්ල එක්ක
කණ්ඩායම් වෙන්නේ නෑ.

661
00:58:53,980 --> 00:58:57,060
මමත් කැමති නෑ අර එතන ඉන්න ජාතිය එක්ක ඉන්න.

662
00:58:57,140 --> 00:58:58,190
අනේ ඩඩ්ලි, ඔහොම කරන්න එපා.

663
00:58:58,270 --> 00:59:01,900
මේක සාධාරණ දිනුම් ඇදීමක්. නීති නම් නීති තමයි,
මිස්ටර් බ්ලන්ඩර්බස්.

664
00:59:01,980 --> 00:59:04,100
පරාද බස්.

665
00:59:04,190 --> 00:59:08,230
හොඳට අහගන්න, මොනවා වුණත්,
ඔයාලා දිනන්න නම් එපා.

666
00:59:08,310 --> 00:59:10,270
අපි ඉස්සරහින් ඉන්නේ.
කොහොම හරි දිනන්න බලන්න.

667
00:59:12,730 --> 00:59:16,890
හැම කණ්ඩායමක්ම කාර් ටයර් පාවිච්චි කරලා
පුළුවන් තරම් උස කුළුණක් හදන්න ඕනේ.

668
00:59:16,980 --> 00:59:20,600
මුලින්ම තමන්ගේ කුළුණ උඩට නැගලා
ෂෙල් එක අල්ලගන්න කණ්ඩායම,

669
00:59:20,690 --> 00:59:21,980
මේ වටේ ජයග්‍රාහකයා වෙනවා.

670
00:59:23,690 --> 00:59:25,730
හෙක්ටර්, ඉක්මන් කරන්න, එන්න.

671
00:59:27,480 --> 00:59:30,560
- මෙන්න.
- මොකද කරන්නේ? ඕක වැඩ කරන්නේ නෑ.

672
00:59:30,650 --> 00:59:33,390
- ඔයාට මීට වඩා හොඳට කරන්න පුළුවන්ද?
- මට මීට වඩා නරක නම් කරන්න බෑ.

673
00:59:35,850 --> 00:59:36,980
අත් පාවිච්චි කරන්න බෑ.

674
00:59:38,190 --> 00:59:39,980
ඉක්මන් කරන්න, මයිකල්.

675
00:59:43,020 --> 00:59:46,190
මම හිතුවේ ඔයාට මීට වඩා හොඳට පුළුවන් කියලා.
අපි දිනනවා.

676
00:59:46,270 --> 00:59:47,480
වැඩි වෙලාවක් නෑ.

677
00:59:50,060 --> 00:59:53,100
- එයාලා හිතාගෙන ඉන්නේ එයාලා අපිට වඩා හොඳයි කියලා.
- ඔයාට ඕනෙද එයාලව දිනන්න දෙන්න?

678
00:59:53,190 --> 00:59:57,310
- කොහෙත්ම නෑ.
- මටත් එහෙමයි. වැඩේ පටන් ගමු.

679
01:00:02,810 --> 01:00:04,480
හෙක්ටර්.

680
01:00:12,400 --> 01:00:14,400
අපිට කවදාවත් එයාලව අල්ලගන්න බැරි වෙයි.

681
01:00:14,480 --> 01:00:17,940
එක විදියක් තියෙනවා...
ඔයාගේ අත් මෙහෙම තියාගන්න.

682
01:00:21,190 --> 01:00:24,190
- ඔහොමම තියාගන්න.
- ඉක්මන් කරන්න එහෙනම්.

683
01:00:41,020 --> 01:00:42,230
මම ඔයාව අල්ලගත්තා.

684
01:00:44,600 --> 01:00:47,890
යූකා කටානා සහ බිලී බ්ලන්ඩර්බස්
මේ වටේ ජයග්‍රාහකයෝ,

685
01:00:47,980 --> 01:00:51,100
ඒ වගේම දෙන්නම තමන්ගේ කණ්ඩායමට ලකුණක් බැගින් දිනාගන්නවා.

686
01:00:51,440 --> 01:00:54,350
පළවෙනි දවස අවසානයේ ලකුණු තත්ත්වය:

687
01:00:54,690 --> 01:00:58,060
ඩඩ්ලි කණ්ඩායමට සහ බ්ලන්ඩර්බස් කණ්ඩායමට
ලකුණු එක බැගින් තියෙනවා.

688
01:00:58,440 --> 01:01:01,100
සහ කටානා කණ්ඩායම
ලකුණු දෙකක් අරන් ඉදිරියෙන් ඉන්නවා.

689
01:01:03,600 --> 01:01:05,400
අපි දැන්ම ගෙදර යනවා.

690
01:01:10,650 --> 01:01:14,190
සෝප්බොක්ස් රේස් එක හෙට පටන් ගන්නවා
උදේ 11 ට.

691
01:01:14,560 --> 01:01:17,350
තවමත් තරඟය කාට වුණත් දිනන්න පුළුවන්.

692
01:01:22,390 --> 01:01:26,150
අම්මපා. මගේ ඔළුවට නම් හොඳ පාරක් වැදුණා.

693
01:01:26,690 --> 01:01:27,900
කවුද දිනුවේ?

694
01:01:27,980 --> 01:01:31,310
පැහැදිලිවම කියන්නම්.
අපි මේ තරඟයෙන් අයින් වෙනවා.

695
01:01:31,690 --> 01:01:32,810
මොකක්?

696
01:01:33,190 --> 01:01:34,650
ඇයි කියලා ඔයා දන්නවනේ.

697
01:01:35,020 --> 01:01:38,440
නෑ, මට තේරෙන්නේ නෑ. අපි වැරැද්දක් කළේ නෑනේ. අපි නිකන් යාළුවෝ විතරයි.

698
01:01:38,520 --> 01:01:40,980
යාළුවෝ. ඔයායි අර මුහුදු කොල්ලකාරයායි?

699
01:01:41,060 --> 01:01:42,690
එයාගේ නම බිලී.

700
01:01:43,940 --> 01:01:48,440
ඔයාට යාළුවෝ ඕනේ කියලා මට තේරෙනවා.
ඒත් ඔයාව ආරක්ෂා කරන එක මගේ වැඩක්.

701
01:01:48,520 --> 01:01:49,600
මගේ යාළුවෝ ගෙනාපුවද?

702
01:01:49,690 --> 01:01:52,400
යාළුවෝයි හතුරෝයි අතරේ
ලොකු සමානකමක් තියෙනවා.

703
01:01:52,480 --> 01:01:55,640
එයාලට ඔයාව රිද්දන්න පුළුවන්
ඔයා එයාලව ළං කරගත්තොත් විතරයි.

704
01:01:55,730 --> 01:02:00,310
ඔයා ඒක දන්නේ කොහොමද?
ඔයා මාවවත් ළං කරගන්නේ නෑනේ.

705
01:02:05,690 --> 01:02:09,100
- ඔයා ඇත්තටම එහෙමද කිව්වේ?
- ඔව්.

706
01:02:09,850 --> 01:02:11,390
ධෛර්යවන්තයි.

707
01:02:11,480 --> 01:02:12,980
එහෙම නැත්නම් මෝඩයි.

708
01:02:13,770 --> 01:02:15,730
මම හිතන්නේ ඒක ධෛර්යවන්ත වැඩක්.

709
01:02:15,810 --> 01:02:19,310
එයාට මාව තේරෙන්නේ නෑ.
මටත් එයා තේරෙන්නේ නෑ.

710
01:02:19,400 --> 01:02:21,730
සමහරවිට ඔයා ඔයාගේ තාත්තා වගේමයි.

711
01:02:21,810 --> 01:02:23,350
ඔව්. සමහරවිට.

712
01:02:24,060 --> 01:02:26,270
ඒත් මට කවදාවත් ඒක දැනගන්න ලැබෙන එකක් නෑ.

713
01:02:26,350 --> 01:02:30,480
මට නොදන්න දේවල් ගොඩක් තියෙනවා.
ඔයා ඒකට හුරු වෙයි.

714
01:02:40,190 --> 01:02:41,310
කොනේලියස්.

715
01:02:41,400 --> 01:02:44,020
ඔයාගේ පරම හතුරා?
මූ මෙතන මොකද කරන්නේ?

716
01:02:44,640 --> 01:02:49,150
දන්නේ නෑ. ඒත් කොනේලියස් ඉන්න තැනක
කැ* වැඩක් වෙනවා. එමු.

717
01:02:49,690 --> 01:02:53,940
- ඔයා මොකද කරන්නේ?
- අම්මලා තාත්තලාට කියනවා. නැත්නම් ඔයාගේ අම්මට.

718
01:02:54,020 --> 01:02:58,230
එයාලා ආවොත් තවත් අවුල් වෙනවා.
අපිම මේක විසඳගන්න එක හොඳයි.

719
01:02:58,310 --> 01:02:59,690
එහෙම නැත්නම් ඔයාට බයද?

720
01:03:00,810 --> 01:03:02,810
නෑ.

721
01:03:03,150 --> 01:03:05,440
එමු. නැත්නම් අපිට මූව මඟ හැරෙයි.

722
01:03:06,940 --> 01:03:11,060
තව එක බෝතලයක් විතරයි

723
01:03:11,140 --> 01:03:13,850
බෝතලේ හිස්

724
01:03:17,770 --> 01:03:22,310
බෝතලේ හිස්, මගේ වීදුරුව පිරිලා

725
01:03:34,230 --> 01:03:35,690
බිලී බ්ලන්ඩබස්.

726
01:03:36,520 --> 01:03:40,020
ආයෙත් ඔයාව දකින්න ලැබීම සතුටක්.

727
01:03:40,390 --> 01:03:44,900
ඔයා අලුත් වැඩ කෑලි ටිකක් ඉගෙනගෙන වගේ.
මියාගෙන් වෙන්න ඇති.

728
01:03:46,600 --> 01:03:50,310
- ඔයා මගේ අම්මව දන්නේ කොහොමද?
- ඔයාගේ අම්මවද?

729
01:03:50,730 --> 01:03:54,690
දන්නේ නෑ. කවුද දන්නේ නැත්තේ
ප්‍රසිද්ධ මියා කටානාව?

730
01:03:54,770 --> 01:03:57,060
මම ඇහුවේ ඔයා එයාව දන්නේ කොහොමද කියලා.

731
01:03:57,140 --> 01:04:01,730
මට එයා එක්ක ටික කාලයක්
වැඩ කරන්න ලැබුණා.

732
01:04:01,810 --> 01:04:03,850
ඔව්. අනිවාර්යයෙන්ම. එයා මුහුදු කොල්ලකරුවන්ට වෛර කරනවා.

733
01:04:03,940 --> 01:04:07,350
ඒක සාමාන්‍ය දෙයක්.
හැමදේම කල්පනා කරලා බැලුවම.

734
01:04:07,440 --> 01:04:10,640
ඌ කියන ඒවා අහන්න එපා.
ඌ හැමතිස්සෙම බොරු කියන්නේ.

735
01:04:10,730 --> 01:04:14,020
ඒක ඇත්තද?
මම අන්තිමට ඔයාට බොරුවක් කිව්වේ කවද්ද?

736
01:04:14,100 --> 01:04:15,810
බලමුකෝ.

737
01:04:15,890 --> 01:04:19,390
"මමත් එක්ක එන්න බිලී.
මම ඔයාට තාත්තෙක් වගේ ඉන්නම්."

738
01:04:19,480 --> 01:04:23,190
ඒත් ඔයාට ඕන වුණේ මගේ අම්මලා තාත්තලා
ඔයා පස්සේ එනවා දකින්න, රණ්ඩුවකට.

739
01:04:23,270 --> 01:04:27,350
හරි. ඒත් මම මේ ගැන බොරු කියන්නේ නෑ.

740
01:04:27,440 --> 01:04:32,230
ඔප්පු කරලා පෙන්නන්න. ඔයාලා හම්බුණේ කොහෙද?
කවද්ද?

741
01:04:32,810 --> 01:04:35,350
ඔයා දන්නවද කතාව
කැප්ටන් තන්ඩර්බියර්ඩ් ගැන?

742
01:04:35,440 --> 01:04:40,150
අනිවාර්යයෙන්. අර විශේෂ කඩුවක් තියෙන
කෙනා නේද?

743
01:04:40,230 --> 01:04:43,310
- මූලද්‍රව්‍යවල කඩුව.
- ඔයා ඉතිහාසය දන්නවා නේද.

744
01:04:43,390 --> 01:04:45,690
අමුතුවෙන් කියන්න ඕන නෑනේ
මේ වගේ ඓතිහාසික කඩුවක්

745
01:04:45,770 --> 01:04:49,690
මගේ වගේ මුහුදු කොල්ලකරුවෙක්ට
ලැබෙන ලොකුම වස්තුවක්.

746
01:04:53,020 --> 01:04:56,770
කාලයක් ගියා, අන්තිමට,
සෝයි පී වල වෙළෙන්දෙක් මාර්ගයෙන්,

747
01:04:56,850 --> 01:05:01,270
මට ඒ සිතියම ලැබුණා.

748
01:05:01,850 --> 01:05:04,270
ඒ සිතියම මාව එක්කන් යන්නේ
ප්‍රසිද්ධ ගුහාවකට...

749
01:05:04,350 --> 01:05:06,480
මොන වගේ ගුහාවක්ද?
ඔයා මොනවද මේ කියවන්නේ?

750
01:05:06,560 --> 01:05:10,060
කැප්ටන් තන්ඩර්බියර්ඩ් එයාගේ කඩුව හංගලා තිබ්බා කියලා කියන ගුහාව.

751
01:05:11,900 --> 01:05:15,940
- අවම වශයෙන්--
- ඒක මගේ අම්මා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

752
01:05:16,020 --> 01:05:17,310
මූ හැමතිස්සෙම මෙච්චර දොඩවනවද?

753
01:05:17,400 --> 01:05:22,020
කඩු සටන්, කොල්ලකෑම් සහ මංකොල්ලකෑම් එක්ක,
ඒකත් මගේ විශේෂ දක්ෂතාවයක්.

754
01:05:29,400 --> 01:05:32,560
ගම්මාන ක්‍රීඩා උළෙලේ දෙවැනි දවසට
ඔයාලව ආයෙත් සාදරයෙන් පිළිගන්නවා.

755
01:05:32,650 --> 01:05:37,350
අපි සෑන්ඩ්ස්බරෝ සෝප්බොක්ස් තරගයට
ලෑස්ති වෙනවා.

756
01:05:37,440 --> 01:05:39,810
ඒත් අපේ නම් නෙවෙයි.

757
01:05:39,900 --> 01:05:42,310
- අපි අයින් වෙනවා.
- සමාවෙන්න?

758
01:05:42,400 --> 01:05:46,230
මේ සමාජ පරීක්ෂණය ඉවරයි.
මට තවදුරටත් යුකා සහ...

759
01:05:46,310 --> 01:05:48,520
බිලී? එයා කොහෙද?

760
01:05:48,900 --> 01:05:51,600
මම හිතුවේ එයා මයිකල්ගේ ගෙදර ඇති කියලා.

761
01:05:51,690 --> 01:05:55,940
බිලී? බය වෙන්න එපා. අද උදේ එයා
යුකා එක්ක යනවා මම දැක්කා.

762
01:05:56,020 --> 01:05:59,390
- යනවා? කොහෙද?
- අපි එයාලව හොයාගමු.

763
01:05:59,480 --> 01:06:00,520
ඔයා යන්නේ නෑ.

764
01:06:04,310 --> 01:06:07,140
ඔයා ගාව සිතියම තිබුණා. ඔයා ගුහාවට යන්න
පිටත් වුණා, ඊට පස්සේ මොකද වුණේ?

765
01:06:07,230 --> 01:06:09,560
මම හිතුවේ මුළු සිතියමම මගේ ගාව තියෙනවා කියලා.

766
01:06:09,650 --> 01:06:11,350
ඒත් සෝයි පී වල වෙළෙන්දා
මහ වංචාකාරයෙක් කියලා පස්සේ දැනගත්තා.

767
01:06:11,730 --> 01:06:13,520
එයා මට විකුණලා තිබුණේ සිතියමෙන් භාගයක් විතරයි.

768
01:06:14,440 --> 01:06:20,310
හොඳ සාකච්ඡාවකින් පස්සේ, එයා අනිත් භාගය
විකුණුවේ කාටද කියලා මට කිව්වා.

769
01:06:20,690 --> 01:06:22,940
ඔයාගේ අම්මට.

770
01:06:27,230 --> 01:06:30,230
බිලී. යුකා.
ඔයාලා කොහෙද ඉන්නේ?

771
01:06:31,020 --> 01:06:33,980
එයාලා මෙතන ඉන්නවා. ප**ක්ද...

772
01:06:38,730 --> 01:06:39,730
මියා.

773
01:06:42,190 --> 01:06:45,480
බෙට්සි. හෙක්ටර්. කාලෙකින්.

774
01:06:48,350 --> 01:06:51,690
එයා කියනවා ඔයාව දන්නවාලු.
පරණ සම්බන්ධයක්ලු.

775
01:06:52,810 --> 01:06:55,190
ඇයි ඔයා ඒ කෙල්ලට බොරු කිව්වේ?

776
01:06:55,270 --> 01:06:57,810
- එයා බොරු කියන්නේ නෑ.
- එයා කියන්නේ ඇත්තද?

777
01:06:59,980 --> 01:07:02,650
මම කියන්නේ ඇත්ත කියලා දැන්
අපි තහවුරු කරගත්ත නිසා,

778
01:07:02,730 --> 01:07:06,560
කවුරුහරි කෙනෙක් මාව නිදහස් කරනවද?
හෙක්ටර්?

779
01:07:08,600 --> 01:07:10,350
බිලී?

780
01:07:18,940 --> 01:07:20,980
එන්න. තව කියන්නකෝ.

781
01:07:21,730 --> 01:07:22,940
ඔයා කොහෙද හිටියේ?

782
01:07:24,100 --> 01:07:28,520
- සෝයි පී වල වෙළෙන්දා.
- සිතියමේ කොටස් දෙක.

783
01:07:28,850 --> 01:07:32,520
මට එයාගේ කොටස ඕන වුණා.
එයාට ඕන වුණේ මගේ කොටස.

784
01:07:32,940 --> 01:07:35,440
ඉතින්, සාමකාමී, සන්සුන් සාකච්ඡාවකින් පස්සේ,

785
01:07:40,980 --> 01:07:44,980
අපි තීරණය කළා එකට වැඩ කරන එක
වඩා හොඳයි කියලා.

786
01:07:46,190 --> 01:07:48,520
ඇත්තම කියනවා නම්, මුලදී අපි
එකිනෙකා විශ්වාස කළේ නෑ.

787
01:07:48,600 --> 01:07:53,850
නින්ජාවරුයි මුහුදු කොල්ලකාරයෝයි. ඒක හරියට
ගින්දරයි වතුරයි වගේ. ඒත් පස්සේ ඒක වෙනස් වුණා.

788
01:07:56,020 --> 01:07:58,730
ඒක හරිම පුදුම සහගතයි.

789
01:07:58,810 --> 01:08:03,020
මුහුදු කොල්ලකාරයෝ සහ නින්ජාවරුන්ව
ඈත් කරපු මූලද්‍රව්‍යවල කඩුව,

790
01:08:03,100 --> 01:08:05,350
අපිව එකතු කළා.

791
01:08:06,400 --> 01:08:10,020
අපි දෙන්නා එකතු වෙලා ගුහාවයි
කඩුවයි හොයාගන්න පුළුවන් වුණා.

792
01:08:13,230 --> 01:08:16,940
ඒත් නපුර හැමතිස්සෙම තෝරගන්නේ
කෙටිම පාර.

793
01:08:17,730 --> 01:08:23,770
ෂිනෝබි කියන නින්ජා කල්ලියත්
කඩුව හොයමින් හිටියා.

794
01:08:23,850 --> 01:08:26,650
රෑ අඳුරේ, එයාලා අපිව
පස්සෙන් පන්නගෙන ආවා.

795
01:08:26,730 --> 01:08:30,560
අපි දෙන්නා එකට සටන් කළා,
මියා සහ මම.

796
01:08:47,640 --> 01:08:49,100
ඒ මොහොතේ ඉඳන් මම දැනගත්තා...

797
01:08:49,190 --> 01:08:53,150
සටන් කරනවා, කොල්ලකනවා සහ මංකොල්ලකනවාට
වඩා එහා ගිය දෙයක් තියෙනවා කියලා.

798
01:08:53,230 --> 01:08:55,520
ඒක ඇත්තද? මොන වගේ දේවල්ද?

799
01:08:55,600 --> 01:08:58,230
ආදරය, හෙක්ටර්. ආදරය.

800
01:08:58,310 --> 01:09:01,850
ඔව්, ඔව්, ආදරය. මම ඒක දැනගෙන හිටියා.

801
01:09:04,350 --> 01:09:10,810
සටන උණුසුම් වෙද්දී, කෙන්
කඩුව අරගෙන පැනගත්තා.

802
01:09:12,190 --> 01:09:13,640
ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.

803
01:09:15,890 --> 01:09:18,650
අපි දෙන්නා එකිනෙකා ළඟ හිටියා,

804
01:09:19,940 --> 01:09:23,730
අපේ ලොකුම වික්‍රමය
තවම ඉස්සරහට තියෙද්දී.

805
01:09:27,520 --> 01:09:28,480
බිලී?

806
01:09:30,560 --> 01:09:33,190
- මේ මොනවද?
- මොකක්ද හිතෙන්නේ, හෙක්ටර්?

807
01:09:33,270 --> 01:09:36,060
ඔයාගේ පුතයි එයාගේ දුවයි
ඇත්තටම එකිනෙකාට කැමතියි.

808
01:09:36,400 --> 01:09:38,270
ඒක ඇත්තද?

809
01:09:42,390 --> 01:09:45,480
ඔව්. ඒක ඇත්ත.

810
01:09:45,560 --> 01:09:48,480
ඒත්... එයා නින්ජා කෙනෙක්.

811
01:09:48,560 --> 01:09:50,190
ඔයාමනේ කිව්වේ මට ඕන කෙනෙක්
ආදරේ කරන්න පුළුවන් කියලා.

812
01:09:50,270 --> 01:09:56,810
ඔව්, ඔව්, ඔව්. ඕන කෙනෙක්, නින්ජා කෙනෙක් ඇරෙන්න.
මම හිතුවේ ඒක පැහැදිලියි කියලා.

813
01:09:56,890 --> 01:09:59,900
මේකෙන් ප්‍රශ්න විතරයි වෙන්නේ.
මේ දෙන්නා දිහා බැලුවම පේනවා.

814
01:09:59,980 --> 01:10:04,600
ටිකක් සද්දේ අඩු කරගන්නවද?
මියාවයි මාවයි හරිම සතුටින් හිටියේ.

815
01:10:07,150 --> 01:10:09,350
ආයෙත් පටන් ගත්තා, පැණි බේරෙන කතා.

816
01:10:09,440 --> 01:10:12,350
ඔයා ඒ කෙල්ලට එච්චරම පිස්සු වැටිලා හිටියා නම්,
ඇයි එයා එක්කම නොහිටියේ?

817
01:10:12,440 --> 01:10:14,350
ඔයා එහෙමද එයාලට කිව්වේ?

818
01:10:15,230 --> 01:10:18,350
ඔයා මාව දාලා ගියා.

819
01:10:18,440 --> 01:10:20,520
මගේ ජීවිතේට ඔයා ආපු විදිහටම
හිතාගන්න බැරි විදිහට,

820
01:10:20,600 --> 01:10:24,690
හරිම හදිසියේම ඔයා අතුරුදහන් වුණා.

821
01:10:24,770 --> 01:10:25,850
ඒත් ඇයි?

822
01:10:25,940 --> 01:10:29,600
ඒක දන්නේ එකම එක කෙනයි,
කෙල්ලේ. ඒ මම නෙවෙයි.

823
01:10:31,350 --> 01:10:34,980
හැමදේම හොඳින් ගියා. හරිම හොඳින්.

824
01:10:37,190 --> 01:10:42,140
ඒත් ගලක් වුණත් ගඟක ගලා යන වතුරට
කාලයක් යද්දී ගෙවෙනවා.

825
01:10:44,600 --> 01:10:46,270
ඒ නිසා මට යන්න වුණා.
ඒත් මම එදා දැනගෙන හිටියේ නෑ...

826
01:10:49,730 --> 01:10:51,400
ඔයා එන ගමන් හිටියා කියලා.

827
01:10:58,100 --> 01:11:00,020
කොනේලියස් තමයි ඔයාගේ තාත්තා.

828
01:11:01,400 --> 01:11:02,770
මොකක්?

829
01:11:07,560 --> 01:11:10,390
එයා මගේ දුවද?

830
01:11:13,690 --> 01:11:15,600
- යුකා...
- මේ හැම කාලෙම...

831
01:11:15,690 --> 01:11:19,480
ඒ කියපු හැම බුද්ධිමත් කතාවක්ම.
ඒ හැම බොරුවක්ම.

832
01:11:19,560 --> 01:11:21,270
ඔයා මට කියන්න තිබුණා.

833
01:12:14,100 --> 01:12:18,270
එයා හැමතිස්සෙම මට කිව්වේ එයා ගියා කියලා.

834
01:12:20,230 --> 01:12:26,060
මගේ තාත්තා අපිව දාලා ගියා කියලා.
අපිව පාවා දුන්නා කියලා.

835
01:12:29,310 --> 01:12:33,770
ඒකෙන් වැඩක් නෑ කියලා,
අපි දෙන්නා එකිනෙකා ළඟ හිටිය නිසා.

836
01:12:34,980 --> 01:12:36,850
ඒත් ඒක ඇත්ත නේද?

837
01:12:38,440 --> 01:12:40,350
අනේ පලයන්. මේ ඉන්නේ කොනේලියස්.

838
01:12:40,440 --> 01:12:44,600
එයා හොඳම හතුරා, කොහොමත්
විශ්වාස කරන්න බැරි කෙනෙක්...

839
01:12:46,310 --> 01:12:48,560
එහෙනම් එයා මගේ අම්මට හොඳ ගැලපෙන කෙනෙක්.

840
01:13:05,150 --> 01:13:08,440
සමහරවිට මට තේරෙන්නේ නෑ
දෙමව්පියෙක් වෙන එක කොහොමද කියලා,

841
01:13:08,520 --> 01:13:10,640
මට තාම මේ දේවල් අලුත්,

842
01:13:10,730 --> 01:13:15,600
ඒත් අපි දෙන්නගෙන් කෙනෙක් ගිහින් කතා කරන්න ඕනේ නේද
අපේ දුව එක්ක... යුකා එක්ක?

843
01:13:15,690 --> 01:13:18,270
අපි දෙන්නගෙන් කෙනෙක් කිව්වම, මම අදහස් කළේ ඔයාව.

844
01:13:18,350 --> 01:13:20,600
ඔයා හරි.

845
01:13:20,980 --> 01:13:24,190
ඔයාට දෙමව්පියෙක් වෙන එක ගැන
කිසිම දෙයක් තේරෙන්නේ නෑ.

846
01:13:27,600 --> 01:13:30,730
එයාලා එනවා. එයාලා එනවා.

847
01:13:33,940 --> 01:13:35,480
ඒ කුරුල්ලා මොනවද ඔය කියවන්නේ?

848
01:13:35,980 --> 01:13:38,190
මම හිතන්නේ ලොකු ඉඩක් තියෙනවා
ඉක්මනින්ම,

849
01:13:38,270 --> 01:13:40,310
අපිට අකමැති කට්ටියක්
එන්න ඉඩ තියෙනවා.

850
01:13:40,390 --> 01:13:41,520
කොනේලියස්.

851
01:13:42,020 --> 01:13:44,350
- මම ෂිනෝබිලාට කිව්වා ඔයා මෙහෙ ඉන්නවා කියලා.
- මොකක්?

852
01:13:44,440 --> 01:13:46,690
එයාලා ඕනෑම වෙලාවක මෙහෙට එන්න පුළුවන්.

853
01:13:49,440 --> 01:13:52,190
ඔයා මාව ෂිනෝබිලාට පාවා දුන්නාද?

854
01:13:52,270 --> 01:13:54,310
මට ඔයා එක්ක තරහක් තිබුණා.

855
01:13:54,390 --> 01:13:57,480
තාමත්ද? මේ අවුරුදු ගාණකට පස්සෙත්?

856
01:13:57,560 --> 01:14:01,890
මම ඒක අමතක කරන්න හැදුවා, හැබැයි මම ටිකක්
පලිගන්න හිතන ජාතියේ කෙනෙක්.

857
01:14:01,980 --> 01:14:03,940
ඒක රස්සාවත් එක්ක එන දෙයක්.
හැබැයි මම මුලින්ම කියන්නම්:

858
01:14:04,020 --> 01:14:09,810
මම දැනගෙන හිටියා නම් ඔයා... යුකා...
මට දුවෙක් ඉන්නවා කියලා, එහෙනම්...

859
01:14:09,900 --> 01:14:14,230
එහෙනම් ඔයා මාව මරන්න කුලී හේවායන්ව එවන්නේ නැද්ද? හරිම සැනසීමක්.

860
01:14:14,310 --> 01:14:17,150
එයාලා හොයන්නේ
මූලද්‍රව්‍යවල කඩුව.

861
01:14:17,230 --> 01:14:20,850
තව මොකක්ද මඟුලක් නිසා,
එයාලා හිතන්නේ ඒක ඔයා ගාව කියලා.

862
01:14:22,690 --> 01:14:24,440
අපිට එයාලව පරද්දන්න පුළුවන්.

863
01:14:25,350 --> 01:14:27,890
මම නම් කැමති ටිකක්
සාමකාමී විදිහකට වැඩේ කරගන්න.

864
01:14:27,980 --> 01:14:31,560
- ඒක තමයි මුල්ම පාර.
- ඔයා මගේ හිනාවටත් රැවටුණා නේද?

865
01:14:50,310 --> 01:14:52,850
- කෙන්.
- මියා කටානා කොහෙද?

866
01:14:52,940 --> 01:14:56,730
මේ අවුරුදු ගාණකට පස්සෙත්, තාමත් ඔයාට
කතා බහක් කරලා ඉන්න බැරිද?

867
01:14:56,810 --> 01:15:00,390
- එයා කොහෙද?
- දන්නේ නෑ. මට වැරදුණා වගේ.

868
01:15:00,480 --> 01:15:04,560
ත්‍යාගය ගැන නම් කණගාටුයි, හැබැයි ඉතින්
ඔහොම තමයි. ඔයාට ආයෙත් යන්න පුළුවන්.

869
01:15:04,650 --> 01:15:07,100
- මූලද්‍රව්‍යවල කඩුව ගැන මොකද?
- මම ඒ ගැන අහලා වත් නෑ.

870
01:15:11,100 --> 01:15:14,930
ඔයා තනියම ඇවිත් මට තර්ජනය කරන එක
එච්චර හොඳ වැඩක් නෙවෙයි කෙන්.

871
01:15:15,310 --> 01:15:17,940
මම තනියම කියලා කවුද කිව්වේ?

872
01:15:31,520 --> 01:15:34,100
මම තනියම කියලා කවුද කිව්වේ?

873
01:15:38,520 --> 01:15:40,730
ඔය කන් පැලෙන නිශ්ශබ්දතාවයද?

874
01:15:49,770 --> 01:15:52,270
බලන්න. එයා ඇවිත් ඉන්නේ. අර ත්‍යාගය දෙන්න.

875
01:15:58,770 --> 01:16:00,390
දුවන්න.

876
01:16:01,150 --> 01:16:02,940
අල්ලගන්න එයාලව.

877
01:16:19,850 --> 01:16:22,770
- හේයි?
- මොකද?

878
01:16:22,850 --> 01:16:23,980
බලන්න.

879
01:16:27,560 --> 01:16:29,730
එන්න.

880
01:16:39,020 --> 01:16:40,850
- ඒ...
- ඔව්.

881
01:16:42,100 --> 01:16:44,020
- ඒ වගේම එයාලා...
- ඔව්.

882
01:16:44,560 --> 01:16:48,020
මම දන්නවා අර මුහුදු බල්ලා
අපේ පරම හතුරා කියලා, හැබැයි...

883
01:16:48,100 --> 01:16:50,850
එයා විතරයි අපිට ඉන්නේ.
අපි එයා ගැන පරිස්සමෙන් ඉන්න ඕනේ.

884
01:16:50,940 --> 01:16:52,520
එයාලා පස්සෙන් යන්න.

885
01:16:53,020 --> 01:16:57,560
ඇති ඇති.
හරි, අපි ගොඩක් වෙලා බලාගෙන හිටියා.

886
01:16:57,650 --> 01:16:59,060
හැමෝම තමන්ගේ තැන්වලට.

887
01:16:59,940 --> 01:17:01,730
ලෑස්ති වෙන්න.

888
01:17:08,810 --> 01:17:10,890
එයාලා යනවා.

889
01:17:22,810 --> 01:17:24,140
- ඔව්.
- එලිසබෙත්.

890
01:17:33,940 --> 01:17:35,520
එන්න මයිකල්.

891
01:17:39,390 --> 01:17:41,270
තරඟකරුවන් දැන්
කෙළින් පාරට එනවා.

892
01:17:46,230 --> 01:17:48,650
- මම දිනනවා.
- මොකක්ද ඒ?

893
01:17:52,350 --> 01:17:54,560
බලාගෙන, පාරේ යන පිස්සා.

894
01:17:55,980 --> 01:17:58,100
- ඒ කෝනේලියස්.
- මොකක්?

895
01:17:58,190 --> 01:18:00,810
- කෝනේලියස්.
- කෝනේලියස්?

896
01:18:08,270 --> 01:18:13,140
ගොඩක් දේවල් සිද්ධ වෙනවා.
කහ කොඩිය. කහ කොඩිය.

897
01:18:37,600 --> 01:18:40,810
- කවුද අර අය?
- බිලීයි යුකයි කොහෙද?

898
01:18:47,810 --> 01:18:49,100
ඔයාගේ අම්මා.

899
01:18:51,480 --> 01:18:53,640
- අම්මා...
- මම ඔයාට ඇත්ත කියන්න තිබුණා.

900
01:18:57,980 --> 01:19:01,850
- හැබැයි මට බැරි වුණා.
- ඔයා. ඔයාට දෙයක් කරන්න බැරි වුණාද?

901
01:19:02,400 --> 01:19:05,440
රහස් තියෙන්නේ
පොත්වල විතරක් නෙවෙයි.

902
01:19:07,850 --> 01:19:11,350
ඔයා යන්න. මට කමක් නෑ.
බිලී.

903
01:19:12,940 --> 01:19:14,650
උදව්වක් ඕනෙද?

904
01:19:16,060 --> 01:19:20,480
හරිම වෙලාවට ආවේ. තමන්ගෙන් පැනලා
ගිහින් වැඩක් නෑ. මම ඒක හොඳටම දන්නවා.

905
01:19:20,560 --> 01:19:23,810
- මම පැනලා ගියේ මගෙන් නෙවෙයි.
- එහෙමද? එහෙනම් කාගෙන්ද?

906
01:19:23,890 --> 01:19:27,060
ෂිනෝබිගෙන්ද? මගෙන්ද?

907
01:19:28,020 --> 01:19:30,650
ඒකත් ඇත්ත. මම දැනගෙන හිටියා මම කොහොමද සටන් කරන්න ඕනේ කියලා...

908
01:19:31,980 --> 01:19:33,310
ඔයා තාමත් ඒක දන්නවා.

909
01:19:35,440 --> 01:19:37,940
ඒත් මට දැනෙන්න ඕනේ කොහොමද කියලා මම දන්නේ නෑ.

910
01:19:41,440 --> 01:19:43,640
ප්‍රහාරයක් එල්ල කරන්න.

911
01:19:46,940 --> 01:19:48,560
- නවතින්න.
- එලිසබෙත්?

912
01:19:48,640 --> 01:19:50,640
මේක නීතිවලට විරුද්ධයි.

913
01:19:55,440 --> 01:19:57,520
- මයිකල්?
- අම්මේ, තාත්තේ.

914
01:20:01,390 --> 01:20:02,810
හෙක්ටර්.

915
01:20:03,940 --> 01:20:09,020
මේක අර මෝඩ ගම්මාන ක්‍රීඩා වලට වඩා
ගොඩක් විනෝදයි.

916
01:20:11,440 --> 01:20:13,440
අසල්වැසියා.
මෙහෙට එන්න.

917
01:20:18,140 --> 01:20:20,350
පල්ලෙහාට වෙන්න.

918
01:20:22,020 --> 01:20:24,640
- අම්මේ, මෙහෙ.
- පැටියෝ, ඔයා මොකද කරන්නේ?

919
01:20:24,730 --> 01:20:27,350
- මගේ යාළුවන්ට උදව් කරනවා.
- පරිස්සමෙන්.

920
01:20:28,020 --> 01:20:29,650
රම්.

921
01:20:37,190 --> 01:20:39,890
ඔයා මට යුකා ගැන කියන්න තිබුණා.

922
01:20:41,100 --> 01:20:44,440
ඔයා තාත්තා කෙනෙක් වෙන්න කැමති වෙයි කියලා මම හිතුවේ නෑ.

923
01:20:44,520 --> 01:20:48,270
ඔයා මගෙන් ඇහුවා නම්,
මට තීරණයක් ගන්න තිබුණා.

924
01:20:54,690 --> 01:20:58,730
අන්න බලන්න. අපි මුලින්ම හම්බ වුණාම
හිටපු විදියමයි.

925
01:21:07,690 --> 01:21:10,980
අපි හොඳ කණ්ඩායමක්.
අපිට ආයෙත් ඒ වගේ වෙන්න පුළුවන්.

926
01:21:11,600 --> 01:21:14,850
තැලුණු මලක් අලුත් බඳුනක දාන එකේ
කිසිම තේරුමක් තියෙනවද?

927
01:21:14,940 --> 01:21:17,230
මට පේන්නේ මල විතරයි.

928
01:21:24,100 --> 01:21:25,270
ඔයා කොහෙද යන්නේ?

929
01:21:30,270 --> 01:21:31,770
දුවන්න.

930
01:21:42,060 --> 01:21:45,520
- හොඳ වැඩක් කළා, බිලී.
- ඉතින් දැන් ඔයා හිතනවද ඒක හරි කියලා?

931
01:21:45,600 --> 01:21:48,480
අන්න බලන්න, බෙට්සි. සැබෑ ආදරේ.

932
01:21:48,560 --> 01:21:51,270
මට ඊටත් වඩා දේවල් පේනවා.

933
01:21:51,810 --> 01:21:55,150
අම්මේ? අම්මේ? එයා කොහෙද?

934
01:21:56,770 --> 01:22:00,980
එයා දුවලා ගියා. මම හිතන්නේ. මාත් එක්ක ඉන්න.
ඔයාගේ තාත්තා එක්ක.

935
01:22:03,810 --> 01:22:06,600
- එයාලා ගොඩක් ඉන්නවා.
- එයාලා අපිව වට කරගෙන එනවා.

936
01:22:06,690 --> 01:22:12,730
යුකා, මම ඔයා ගැන දැනගෙන හිටියා නම්, අපේ...
මම ඔයාව හොයාගෙන එනවා.

937
01:22:15,440 --> 01:22:16,640
කෙන්.

938
01:22:25,770 --> 01:22:29,520
- ඔයාගේ මිනිස්සුන්ව අයින් කරගන්න.
- මම ඇයි එහෙම කරන්නේ?

939
01:22:29,600 --> 01:22:31,310
මොකද ඔයා හොයන දේ මා ළඟ තියෙනවා.

940
01:22:37,100 --> 01:22:40,270
- මූලද්‍රව්‍යවල කඩුව.
- මම දැනගෙන හිටියා.

941
01:22:41,230 --> 01:22:43,850
මේ සටන ඇති, කෙන්.

942
01:22:43,940 --> 01:22:48,310
අපි දිගටම ඇහැට ඇහැ ගැටෙනකම් සටන් කළොත්,
වැඩි කල් යන්න කලින් හැමෝම අන්ධ වෙයි.

943
01:22:48,390 --> 01:22:53,400
මේක වටින්නේ නෑ. එයාලව යන්න දෙන්න,
එතකොට කඩුව ඔයාගේ.

944
01:23:25,940 --> 01:23:27,810
අන්තිමට.

945
01:23:45,980 --> 01:23:48,480
ඒත් අම්මේ, ඔයාගේ මුළු ජීවිතේම කැරකුණේ
ඔය කඩුව වටේනේ.

946
01:23:48,560 --> 01:23:49,940
ඔයා කියන එක ඇත්ත.

947
01:23:52,310 --> 01:23:55,350
ඒත් දැන් ඒක වෙන දෙයක් වටේ
කැරකෙන්න ඕනේ කාලේ.

948
01:24:12,650 --> 01:24:14,140
අපේ කතාව මොකද වෙන්නේ?

949
01:24:15,020 --> 01:24:16,520
අපේ කියලා එකක් තියෙනවද?

950
01:24:16,600 --> 01:24:20,680
තාම නෑ. ඒත් තියෙන්න පුළුවන්.
ඔයාට ඕනේ නම්.

951
01:24:22,600 --> 01:24:24,930
අද අපි හොඳ කණ්ඩායමක් විදියට වැඩ කළා.

952
01:24:26,850 --> 01:24:30,310
සමහරවිට අපේ ලොකුම වික්‍රමය
තවම ඉස්සරහට තියෙනවා ඇති.

953
01:24:30,390 --> 01:24:33,850
ඒත් ඔයායි මමයි,
මේ සැන්ඩ්ස්බරෝ වල?

954
01:24:33,940 --> 01:24:35,560
නෑ.

955
01:24:37,140 --> 01:24:39,440
අපි දෙන්නා එකට යමු.

956
01:24:46,560 --> 01:24:48,520
එකටද?

957
01:24:51,190 --> 01:24:54,480
අපි තුන්දෙනාම.
ඔයාට ඕනෙ නම් එහෙම කරමු.

958
01:24:55,690 --> 01:24:57,940
අපි තුන්දෙනාද?

959
01:24:58,020 --> 01:25:02,480
ඔයා තීරණය කරන්න. මම ගොඩක් කල් ඔයාට
කරන්න ඕන දේවල් ගැන කියලා තියෙනවා.

960
01:25:06,690 --> 01:25:09,690
ඉතින්? ඔයා මොකක්ද කරන්න
හිතාගෙන ඉන්නේ කියලා දන්නවද?

961
01:25:11,520 --> 01:25:13,480
මම හිතන්නේ මම යනවා.

962
01:25:13,560 --> 01:25:15,100
ඇත්තටම?

963
01:25:15,560 --> 01:25:19,810
මම කිව්වේ, ඊයේ වෙනකම් මම දැනන් හිටියේ නෑ
මට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා, දැන්...

964
01:25:20,650 --> 01:25:22,770
ඔයාට මෙහෙ ඉන්නත් පුළුවන්.

965
01:25:26,310 --> 01:25:30,190
අපි මුලින්ම මුණගැහුණු වෙලාවේ,
ඔයා කවදාවත් හිතුවද...

966
01:25:31,640 --> 01:25:33,690
අපි යාළුවෝ වෙයි කියලා?

967
01:25:34,850 --> 01:25:37,440
නෑ. මම හිතපු අන්තිම දේ තමයි ඒක.

968
01:25:38,980 --> 01:25:41,520
ඒත් මම සතුටුයි මම ඔයාට අවස්ථාවක් දුන්න එක ගැන.

969
01:25:41,600 --> 01:25:43,980
ඔයා මට අවස්ථාවක් දුන්නා?

970
01:25:52,650 --> 01:25:57,230
මේක ගන්න. පරිස්සම් කරලා තියාගන්න,
මම ආයෙත් මේක ගන්න එනවා.

971
01:26:07,850 --> 01:26:09,310
මට ඔයාව මතක් වෙයි.

972
01:26:10,770 --> 01:26:12,270
මටත් ඔයාව මතක් වෙයි.

973
01:27:21,230 --> 01:27:24,440
එන්න.
නැවට සාදරයෙන් පිළිගන්නවා.

974
01:27:57,560 --> 01:28:02,060
- අපි හිතුවා ඔයාට යාළුවෙක් ඕන වෙයි කියලා.
- නැත්නම් දෙන්නෙක්.

975
01:28:33,640 --> 01:28:35,520
යුකා වෙනුවෙන්.

976
01:28:36,150 --> 01:28:55,270
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

